චතුරාර්ය්‍ය සත්‍යය විභාගය - වැලිවිට සරණංකර හිමි 1927.pdf

කතෘ :
වැලිවිට සරණංකර හිමි
ප්‍රකාශිත වර්ෂය :
1927
මුද්‍රිත වර්ෂය :
1927
පිටු ගණන :
45
බාගත කිරීම් ගණන :
1,849
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-01-08
ගොනුවේ ප්‍රමාණය :
7.5 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 23

චතුරාර්‍ය්‍ය සත්‍ය විභාගය යනු වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සම්පාදිත ධර්ම ග්‍රන්ථයකි. මෙහි මුඛ්‍ය අරමුණ වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද චතුරාර්ය සත්‍යය පිළිබඳ ගැඹුරු ධර්ම කරුණු පාළි පාඨ හා විසුද්ධිමග්ගාදී අටුවා විවරණ ඇසුරින් සවිස්තරව විග්‍රහ කිරීමයි.

දෙවන පිටුවේ දැක්වෙන මාතෘකා ගාථාවට අනුව විභාග, නිබ්බචන, ලක්ඛණාදි, අත්ථුද්ධාර, අනුනාධික, කම, ජාති ආදී නය, විජ්ජාකණ්ඩ, අනේකධාතු ප්‍රභේද උපමා සහ සභාග විසභාග යන ක්‍රමවේද ඔස්සේ දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන සත්‍ය සතරෙහි අර්ථ ප්‍රකාශ කර ඇත.

මෙම මුද්‍රණය හෝමාගම ඩී. සී. වික්‍රමසිංහ අප්පුහාමි විසින් ස්වාමීන් වහන්සේ නමක් ලවා සකස් කරවා ගෙන, කොළඹ විද්‍යාධිප්‍රකාශ යන්ත්‍රාලයෙහි 1927 වර්ෂයේදී මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කරන ලද්දකි.