අසංඛෙය්ය චක්රය සන්න සහිත - රතන හිමි 1910.pdf
- කතෘ :
- රතන හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1910
- මුද්රිත වර්ෂය :
- 1910
- පිටු ගණන :
- 8
- බාගත කිරීම් ගණන :
- 1,851
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-01-08
- ගොනුවේ ප්රමාණය :
- 1020 KB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සන්න සහිත අසඞ්ඛෙය්ය චක්රය (Asankheyya Chakraya) යනු පාලි ග්රන්ථවල එන සංඛ්යා නාම - එක, දස, සත, සහස්ස, ලක්ඛ, කෝටි, පකෝටි, නහුත, නින්නහුත, අක්ඛෝභිණී, බින්දු, අබ්බුද, නිරබ්බුද, අහහ, අබබ, අටට, සෝගන්ධික, උප්පල, කුමුද, පුණ්ඩරීක, පදුම, කථාන, මහාකථාන, අසඞ්ඛෙය්ය - සිංහල සන්නයක් සමඟ ඉදිරිපත් කරන කුඩා පොතකි. දශලක්ෂ අසංඛෙය්යය දක්වා අංක 147 කින් යුත් ගණන් ලියන කියන ක්රමය එයින් උගන්වයි.
පණ්ඩිත සැණ, අභිධානප්පදීපිකා අකාරාදි කෝෂය, අභිධම්මත්ථ සංග්රහ සන්නය, පියුම් මල් අකාරාදි කෝෂ සන්නය ආදී පොත් කළ, මීරිගම ප්රදේශයේ දන්ඕවිට අසල වනවාස විද්යාලයාධිපති රතන ස්ථවිරයන් වහන්සේ විසින් මෙය සංග්රහ කරන ලදී. ක්රි. ව. 1910 (බු. ව. 2454) සැප්තැම්බර් 24 දින අත්සන් කළ විඥාපනයේ දැක්වෙන පරිදි, අසංඛෙය්යයෙන් ඔබ්බට වැරදි ලෙස ගණන් දිගු කිරීමේ අඥානකම පෙන්වීමටත්, අතින් අත ලිවීමේ අපහසුව දුරු කිරීමටත්, ළමයින්ට මේ චක්රය හඳුන්වාදීමටත් මෙය ලියන ලදී.
පොතෙහි උද්දේශ අසඞ්ඛෙය්ය චක්රය (පාලි පාඨය හා පදාර්ථය), නිර්දේශ අසඞ්ඛෙය්ය චක්රය (එක් එක් සංඛ්යා නාමයට අදාළ අංක ගණන), ප්රතිනිර්දේශ අසඞ්ඛෙය්ය චක්රය (ස්ථාන 1 සිට 147 දක්වා නාම ලැයිස්තුව), ඉලක්කම් කියවීමේ උදාහරණ, සහ අවසානයේ පාලි ආශීර්වාද ගාථා දහතුනක් අඩංගු වේ.
දන්ඕවිට කඩේ ජී. කේ. හර්මානිස් ප්රධාන ශිෂ්ය සමාගමය විසින් ප්රසිද්ධ කරවන ලද මෙය ශ්රීලඞ්කෝදය යන්ත්රාලයේ මුද්රණය කරන ලදී (ශ්රී බු. ව. 2454, ක්රි. ව. 1910).
විඥාපනය.
දශලක්ෂ අසංඛෙය්ය නම්වූ සංඛ්යා ශබ්දය අවසන් කොට (පාළ්යාගත ක්රමයෙන්) අංක 147 කින් යුත් ගණන් ලියන කියන ක්රමය මේ කුඩා පොතෙන් උගන්වනු ලැබේ. ඉන් මතු අර්ථයක් නූපන් හෙයින් (ශතලක්ෂ අසංඛෙය්යයට ආදෙශ වන) ශබ්දයක්ද නූපන්නේය. පරිඥානැති යමෙක් අසංඛෙය්ය වරක් කොටිය ප්රකොටි අසංඛෙය්යයයි සිතා යොදගෙණ ගියොත් අසංඛෙය්ය ශබ්ද 2 ක් එක්වෙමින් අංක 281 ක්ද, 3 ක් එක්වෙමින් 421 ක්ද, 4 ක් එක්වෙමින් 561 ක්ද, 5 ක් එක්වෙමින් 701 ක්ද යනාදි ක්රමයෙන් නිමනැතිව පිරිපිරී යයි. මේ අඥාණ කමක් බව හගවන පිණිසත් අතින් අත ලිවීමෙ අපහසුව සහ ප්රමාදය දුරුකරණ පිණිසත් සමහර ලමයි මේ චක්රය ඇති බවක්වත් නොදන්නා නිසත්, (වෙන් වසයෙන්) විස්තරව, මේ වනතුරු ප්රසිද්ධ නොකල නිසත් මේ චක්රය මාවිසින් විස්තර කොට ලියන ලද්දේය. මේ සවල්පය (නමුත්) විස්තර කර අර්ථ ඉගෙණගන්නන්ගේ අවබොධයට මග සලස්වාදීම මතු නිරුක්ති ප්රතිසම්භිදාවේ කෙලපැමිණීමට හේතුවේවා,
මෙහි, ඒක, කෝටි, අක්ෂෝභිණී, සෝගන්ධිකාදී පද, දීර්ඝ කොට උච්චාරණය කිරීම හෙවත් ඇදලා කීමද, නෑද හෙවත් හල්නොකර ලිවීමද හරිබව ලමයින්ට තේරුම්කර දියයුතුව තිබේ.
මෙවගට, ශාසනාභිවෘද්ධිකාමීවූ රත්න ස්ථවිරයෝ වෙමහ. Ratna.
මීරිගම ප්රදේශයේ දන්ඕවිට අසල වනවාස විද්යාලයේදීය. 2454 බි: අව: 5=1910 සැ: 24 දිනදීය.
ශාසනාභිවෘද්ධිකාමීවූ රත්න ස්ථවිරයෝ (Ratna), මීරිගම ප්රදේශයේ දන්ඕවිට අසල වනවාස විද්යාලයේදීය. 2454 බි: අව: 5=1910 සැ: 24 දිනදීය.