ශිලාලේඛන සංග්‍රහය අශෝක ලිපි - වික්‍රමසූරිය 1929.pdf

කතෘ :
ඩී. ඊ. වික්‍රමසූරිය
ප්‍රකාශිත වර්ෂය :
1929
මුද්‍රිත වර්ෂය :
1929
පිටු ගණන :
129
බාගත කිරීම් ගණන :
2,529
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-01-02
ගොනුවේ ප්‍රමාණය :
25 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 65

ශිලාලෙඛන සඞග්‍රහය (අශොක ලිපි) යනු ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් පිහිටුවන ලද ශිලාලිපි, ස්තම්භ ලිපි, ගුහා ලිපි ආදිය සහ වෙනත් පැරණි භාරතීය බෞද්ධ ශිලාලේඛන එක්රැස් කොට සිංහල භාවසන්නයක් හා විස්තරාර්ථ ව්‍යාඛ්‍යානයක් සහිතව බ්‍රහ්මචාරි ඩී. ඊ. වික්‍රමසූරිය මහතා විසින් සම්පාදනය කරන ලද ඓතිහාසික ග්‍රන්ථයකි.

මෙහි අශෝක බ්‍රාහ්මී අක්ෂර මාලාවේ ප්‍රතිරූප හා අක්ෂර කියවීමේ ක්‍රමවේද ඇතුළත් වන අතර, පිප්‍රාවා ධාතු කරඬු ලිපිය, ජේතවන ගඳකිළි ලිපි, සාංචි, ගිර්නාර්, කල්සි, බෛරාට් ආදී ප්‍රදේශවලින් හමු වූ විවිධ ධර්ම ප්‍රඥප්ති සහ ශිලා ලිපි රැසක් සිංහල අර්ථකථන සහිතව විස්තර කර තිබේ. ඉන්දියානු සහ බෞද්ධ ඉතිහාසය හදාරන්නන්ට මෙන්ම පුරාවිද්‍යා ගවේෂකයන්ට ද මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් මූලාශ්‍රයකි.

බුද්ධ වර්ෂ 2472 (ක්‍රි.ව. 1929) දී කොළඹ ස්වදේශ මිත්‍රයා මුද්‍රණාලයේදී (The Swadesa Mitraya Press) මෙම කෘතිය මුද්‍රණය කර ප්‍රකාශයට පත් කර ඇත.

INTRODUCTION.

This book contains almost all the important lithic inscriptions of Asoka, the Great Buddhist Emperor, who reigned in India some two hundred years after the passing away of the Buddha. The Western scholars interested in Indian history have fixed Asoka’s reign from 273 to 232 B. C. His inscriptions engraved on rocks and stone pillars scattered all over India are regarded both by scholars and historians as records of unparalleled importance and interest. In the present volume I have printed practically all the important inscriptions of Asoka with a free rendering into Sinhalese and an explanatory commentary. Besides these, I have included in this book a number of other inscriptions found in different parts of India and connected mainly with the Buddhist activities of the day. I believe this is the first time that these inscriptions have been collected, translated and published with explanatory notes in a form easily accessible to Sinhalese reading public. It is hoped that students of the history of Buddhism and of India will find in these inscriptions much valuable information.

The object of my reproducing some of the inscriptions in Asoka or, as otherwise called, Brahmi script is to enable the student to learn to read them in the original. For the same reason I have given in my Sinhalese introduction, in which I have dealt with the whole subject in an exhaustive manner, a facsimile of the alphabet of Asoka script: A close study of the latter will enable any one to read the original inscriptions with comparative ease.

In the second part of this book, which is now in course of preparation, the writer intends publishing a large number of inscriptions found in different parts of Ceylon. Thus the two volumes when completed will form a collection of historical documents of immense value and importance.

I am aware that there are many mistakes and errors in the following pages and an attempt will be made to rectify them in future editions. I shall feel grateful to my readers if they will be so good as to bring to my notice such errors and imperfections as need, in their opinion, rectifying.

D. E. WICKRAMASOORIYA,
Brahmachari.
“SOMI NIVASA”
Kalutara North;
Colombo,
Ceylon.
February 1, 1929.

සංඥාපනය.

තිබේ: ප්‍රථමකාලීන මහරජුන් විසින් සමස්ත භාරත දෙශයේ සහ ශ්‍රී ලංකාදීපයේද තත් තත් කාලයන්හි ශිලාලෙඛනයෝ පිහිටුවන ලද්දාහුය. ඒ ශිලාලෙඛන එක්රැස්කොට කරනලද ග්‍රන්ථයද අභෙදොපචාරයෙන් ශිලාලෙඛන සඞ්ග්‍රහ නම්වේ. එසේ හෙයින් මෙම ශිලාලෙඛන සඞ්ග්‍රහය ප්‍රථමකාලීන මහරජුන් විසින් චිරස්ථිතිය පිණිස ගල්වල ලිපිකරවනලද සදෙශොපදෙශ ඉතිහාසය අලංකාර කරන මාණික්‍යරත්න හා සමානය. මෙහි මුල් ශිලාලෙඛනය ශතවර්ෂ විසිපහක් පමණ පැරණිවූ ඉතා අගනා ලිපියකි. එය දඹදිව මධ්‍යදෙශයට අයත් ශාක්‍යජනපදයේ කපිලවස්තු පුරාසන්න මෙකල පිපර්හවා යන නාමය ව්‍යවහාරකරන ස්ථානයේ පුරාණ දාගැබක්තුළ තිබී පුරාවස්තු පරීක්‍ෂක නිලධාරීන් විසින් සොයාගන්නාලද බ්‍රාහ්මි අක්‍ෂර ලිපියකි. ඒ මෙසේයි.

ඒ හැර පුරාණ කාසි කීපයක ලියනලද ලිපිද එහිදී සම්භවිය. ඊලඟ පැරණිලිපි ජෙතවන ගඳකිලිය හා සුධර්මා නම් දෙවසභාව සම්බන්ධ ලිපිවෙත්. වෙදිසගිරියේ තිබී සම්භවූ ශාරිපුත්‍ර මොග්ගල්ලායන මහාකච්චායන සොණ යන මහරහතන් වහන්සේලාගේ ධාතුනිධානයන්හි තුබූ ලිපිද මුල්කාලයේ ලිපි නිසා මුලට යොදනලද්දාහ. තදනන්තරව ධර්මාශොක මහරජතුමන් විසින් පිහිටුවනලද විශාල ශිලාලෙඛන අතුරෙන් ස්තම්භලිපි සොළසක්ද ගිරිලිපි සොළසක්ද ඇතුලත් කෙළෙමු. අධිකාර විස්තරකින්යුත් ප්‍රථමභාගයේ අශොකලිපි හැර කණිෂ්ක සොකමල්ල හුපාල මහිපාල සත්‍යපාල අශ්වඝොෂ කුමාරගුප්ත ඉන්ද්‍රගුප්ත යන රජුන්ගේ ලිපිද අන්තර්ගතවෙත්. සමස්ත භාරත දෙශයේ තිබෙන අශොක ශිලාලෙඛන කොටස් අටකට බෙදිය හැකිවෙත්. ඉන් ගුජරාව් ප්‍රදෙශයේ ගිර්නාර් පර්වතයේ ගිරිලිපි දහතුනක්ද හිමවත දකුණෙන් දෙරාදුන් පලාතේ ත්‍රෛකලාසපර්වත ආසන්න කල්සි ග්‍රාමයේ දහතුනක්ද ගන්ධාර දෙශයේ පුරාතන කණිෂ්කරජුගේ අගනුවරවූ පුරුෂපුරයට ආසන්න කපූර්දගිරි පලාතේ සාහබාෂ්ගර්හි තුදුසක්ද පංචාලදෙශයේ හසාරා දිස්ත්‍රික්කයේ මානසෙරා නම් ස්ථානයේ ගල්පර්වත දෙකක තුදුසක්ද කාලිංග දෙශයේ ඔරිසාහි කටක් දිස්ත්‍රික්කයේ ධෞලිහි ගිරිලිපි දෙපසක්ද ගන්ජම් දිස්ත්‍රික්කයේ බෙර්ගම්පුරයේ සිට රූසල් කොණ්ඩාවට යන මහා මාර්ගය අතර පිහිටි අසක නම් නියම්ගම අසල ජෞගධ නම් ස්ථානයේ දෙපසක්ද මහාමන්ධාතු නම් සක්විති මහරජාණන් සමග අපරගොයානයෙන් ආ මිනිසුන්ගේ වාසය හේතුකොටගෙන අපරන්තක නම්වූ දනවට අයත් ඨානා දිස්ත්‍රික්කයේ සෝපාර නම් ස්ථානයේ අටක්ද ඇතුළුව විශාල ගිරිලිපි සූවාසුවක් පළමුවන පද්ධතියට ඇතුළත්වෙත්. ධෞලි සහ ජෞගධ යන දෙපලෙහි අන්‍ය ස්ථානවල නොමැති විශේෂලිපි දෙක තොසලි රාජකුමාරයාට හා රටසීමාරක්‍ෂාකිරීමෙහි නියුක්ත මහ ඇමතියාටත් යවනලද විශේෂලිපි දෙවෙනි කොටසට අයිතිවේ. ඊලඟට මහිෂමණ්ඩලයේ බ්‍රහ්මගිරි සිද්ධපුර ජටාඞ්ගරාමෙශ්වර යන තුන්තැන හා එක්සත් මධ්‍යප්‍රදෙශයේ සස්සරාම් වනවාසප්‍රදෙශයේ මස්කි අමරාවති යන සපලෙහි තිබෙන කුඩා ලිපිද තුන්වෙනි පද්ධතියට ඇතුළත්වේ. ඒවායේ සඳහන් ප්‍රධාන කාරණය නම් අශොකරජු බුදුසමය පිළිගත්බව හා දඹදිවවාසීන් විසින් අදහනුලබන දෙවිවරු මිථ්‍යාබවත් ඔවුන්ගේ චරිත සලකා බලනවිට මනුෂ්‍යයන්ට වඩා කිසියම් උසස් භාවයක් නැති බවත්ය. ඊලඟට සැලකියයුතු ඉතා වැදගත් ශිලාලෙඛනය නම් ගබ්රාලිපියයි. එම ලිපිය මදක් රතුපැහැහුරු දුඹුරුපාට ගලක කොටාතිබේ. රාජපුතානා ප්‍රදෙශයේ බෛරාට් නම් පුරාණ නගරය සමීපයේ කුඩා කඳුමුදුනක මධ්‍යම ප්‍රමාණයේ ගලක කොටාතිබී ක්‍රිස්තු වර්‍ෂ 1837 දී සොයාගන්නාලද මේ ශිලාලෙඛනය දැනට කල්කටාවේ කෞතුකාගාරයේ තැන්පත්කොට තිබේ. මාගධ සංඝයාට නමස්කාරකොට ඉතා වැදගත් ධර්ම කොටස් සතක් සඳහන්කොට ලියා තිබෙන මේ ලිපිය විශේෂ වශයෙන් සැලකියයුතු බැවින් එහි ප්‍රතිරූපය සමග විස්තර අන්තැනක සඳහන් කොට ඇත. මෙය හතරවෙනි කොටසට අයිතිවේ. පස්වෙනි කොටසට බරාබර් ගිරිගුහා ලිපිතුන අන්තර්ගතය. සවෙනිකොටසට ඉතා විශාල අශොකස්තම්භ ලිපි සොළසක්ද සත්වෙනි කොටසට කුඩා ස්තම්භලිපිද අටවැනි කොටසට බුද්ධගයා සාන්චි කොසම්බි ආදි තැන්වල තිබෙන ලිපිද ඇතුලත්කොට අටකොටසකට බෙදා මේ ග්‍රන්ථය සම්පාදනය කෙළෙමු. ගිරිලිපි හා ස්තම්භලිපි අතර එකිනෙකට වෙනස් ලිපි තිස්හතරකි. එනම්: පළමුවන කොටසේ ලිපි තුදුසක්ද දෙවන කොටසේ දෙකක්ද තුන්වන කොටසේ දෙකක්ද සිවුවන කොටසේ එකක්ද පස්වෙනි කොටසේ තුනක්ද සවැනි කොටසේ දෙකක්ද සත්වැනි කොටසේ සතරක්ද අටවැනි කොටසේ තුනක්ද යන ක්‍රමයටයි. මෙහි රූපමෙහෙසිකාව නමින් තිබෙන විශේෂ ලිපියක් හා කොසඹනුවර මහා ඇමතියන්ට යවනලද සන්දෙශ ලිපියක්ද පහත දක්වනුලැබේ.

[...]

අශොක රජුගේ උදාරතර චරිතාවදානය එතුමා විසින් පිහිටුවන ලද ශිලාලිපි කරණකොටගෙන දශදිශාවන්හි දීප්තිමත්ව බබලන්නේය. සමස්ත අග්‍රරාජ්‍යයේ වැසි උස් පහත් සියලු භක්තිකයන් කෙරෙහි එකාකාර කරුණා මෛත්‍රියෙන් යුක්තව ප්‍රජාපාලනයකළ ඒ රජතුමා තිරිසන්ගත සියලු සත්වයන්ටද අභයදානය කෙළේය. තමන්ගේ අග්‍රරාජ්‍යයේ පමණක්නොව ඉන්පිටත් සත්‍ය පුත්‍ර කෙරල පුත්‍ර