භෛෂජ්‍යදර්පණය - පෙරේරා.pdf

කතෘ :
පෙරේරා
පිටු ගණන :
94
බාගත කිරීම් ගණන :
3,098
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-01-02
ගොනුවේ ප්‍රමාණය :
13 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 48

භෛෂජ්‍යදර්පණය යනු වෛද්‍ය ශාස්ත්‍රය හදාරන්නන් හා භාවිතා කරන්නන්ගේ පහසුව උදෙසා විවිධ ඖෂධ නාමයන් ශබ්දකෝෂානුකූලව පෙළගස්වා සකස් කරන ලද වටිනා ආයුර්වේද නිඝණ්ඩු ග්‍රන්ථයකි. මෙහි කර්තෘත්වය ජේ. පෙරේරා (J. Perera) මහතා සතු වන අතර, කළුතර අබ්‍රහම් පොන්සේකා වෙදමහතා ලවා ග්‍රන්ථය ශෝධනය කරවා තිබේ.

පොතේ හෝ කෝෂ නිඝණ්ඩුවල එන පාලි, සංස්කෘත සහ දෙමළ ඖෂධ නාමයන් මෙන්ම එකල ව්‍යවහාර වූ සිංහල නාමයන් ද අකාරාදි (අකාරාදී පිළිවෙළට) සකස් කර ඇති හෙයින් ඖෂධ වර්ග පහසුවෙන් හඳුනාගැනීමට මහත් රුකුලක් සපයයි. දෙමළ වචන හඳුනාගැනීම සඳහා විශේෂයෙන් ‘(දෙ)’ සංකේතය යොදා ඇත.

විඥාපනය.

භෛෂජ්‍යදර්පණය නමැති මෙම ප්‍රකරණය වෛද්‍යශාස්ත්‍රය භාවිතා කරණ සියළුදෙනාට පහසුවෙන් භෛෂජ්‍යයන් සැපයේ දැනගන් නාපිණිස පොතෙක් කෝෂ නිඝණ්ඩු පොත් බලා එම පාලි සංස්කෘත දෙමළ නාමයන්ද දැනට ව්‍යවහාර නාමයන්ද එකතුකොට මෙම අකාරාදි පිළිවෙලට සාදා වෛද්‍යශාස්ත්‍රයෙහි දක්ෂ කීර්තිප්‍රදානොතුන්ගේ කල්පනාව එකඟවන පරිද්දෙන් කළුතර අබ්‍රහම් පොන්සේකා වෙදමහත්වයා ලවා ශුද්ධ කරවා පලමුවෙනි වරට අච්චුගස්වන්ට යෙදුනා ඇත. තවද මෙහි යම්නුනදෝෂයක් ඇතුවානම් සත්පුරුෂ පණ්ඩිත ජනයාවිසින් ලෝවැඩසඳහා ශුද්ධ කරනු ලැබේවා.

මෙහි (දෙ) මේ‍යාකාර ලකුනක් කරතිබෙන්නේ දෙමල වචනබව දැනගන්නා පිණිසය. තවද මෙම පොත දෙවනු අච්චුගැසීමේ අයිතිවාශිකම පොත් කර්තෘට අයිතිබව දතයුතු.

J. PERERA.

J. PERERA.