අභිසම්බෝධි අලංකාරය සන්න සහිත 1897.pdf

කතෘ :
සෙංඛණ්ඩශෛල මහා ස්ථවිර
ප්‍රකාශිත වර්ෂය :
1897
මුද්‍රිත වර්ෂය :
1897
පිටු ගණන :
35
බාගත කිරීම් ගණන :
1,114
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-01-02
ගොනුවේ ප්‍රමාණය :
5.6 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 18

අභිසම්බෝධි අලංකාරය සන්න සහිත යනු දීපංකර පාදමූලයේදී නියත විවරණ ලැබීමේ සිට සම්මා සම්බෝධිය දක්වා බෝධිසත්ව චරිතය සංක්ෂේපයෙන් විස්තර කෙරෙන පාලි ගාථා සහ සිංහල සන්නයෙන් සමන්විත සම්භාව්‍ය ග්‍රන්ථයකි.

මෙහි කර්තෘත්වය පිළිබඳ ස්ථිර තොරතුරක් ග්‍රන්ථය තුළ සඳහන් නොවන නමුදු, මුද්‍රණ කාලයට වසර සියයකට පමණ පෙර මහනුවර (සෙංකඩගල) විසූ මහා ස්ථවිර නමක විසින් මෙය රචනා කරන ලද බවට පවතින ජනප්‍රවාදය පෙරවදනෙහි සඳහන් වේ. මෙම මුද්‍රණය සඳහා පැරණි පුස්කොළ පිටපත් කිහිපයක් සංසන්දනය කර ශෝධනය කරවාගෙන ඇත.

පී. ඇස්. ප්‍රේරාවන මහතා විසින් සම්පාදනය කරවා බු.ව. 2441 (ක්‍රි.ව. 1897) දී විද්‍යාසාගර යන්ත්‍රාලයෙහි මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කරන ලද්දකි. අවසානයේ ශුද්ධි පත්‍රයක් ද අන්තර්ගතය.

දැ න් වී ම යි.

“අභිසම්බොධි අලංකාර” නම් මෙම ග්‍රන්ථය අප මහබෝසතානන්ගේ නියතවිවරණශ්‍රී ආදිය පිළිබඳව දීපංකර පාදමූලයෙහි පටන් සම්යක්සම්බොධිය දක්වා සංක්ෂෙප බොධිසත්ව චරිතය කථා ශරීරකොට කරණලද්දෙකි-මෙහි කර්තෘ කවරකලක කොතැන්හි විසූ කෙනෙක්දැයි පොතේ නොපෙනෙන නිසා නිශ්චයකොට කියනොහැකියි. නමුත් මීට අවුරුදු (100) සියයකට පමණ පූර්‍වයෙහි සෙංකඩගලනුවර විසූ ස්ථවිරතුමෙකු විසින් කරණලද්දෙයයි සමහරු කියති. ඒගැන මුඛපරම්පරා කථාවාත්‍රය මුත් ඊට වඩා කියයුතු සාක්ෂියක් නොපෙනේ. එසේදුවත් ඒ කථාවාත්‍රය ඇසුරුකොට ටයිටලය ලිවීමි. කර්තෘ කවුරු නමුත් ග්‍රන්ථය මධුර කොමලවෘතයන්ගෙන් සමලංකෘතකොට කර්ණරසායන පරිද්දෙන් ලිහිල්භාෂාවෙන් කරතිබේ- සන්නයද ගාථාවල අදහස් පහසුවෙන් තේරුම් යන ලෙස ඉතා ලිහිල් පරිද්දෙන් කරතිබීම භාවිතාකරන්නන්ට ඉතාමත් පහසුවකි.

මෙය මුද්‍රණයකරවීමේදී උඩ පහත දෙරටින් පොත් කීපයක් සපයා සංසන්දනයකොට බැලූ නමුත් එකකට එකක් වෙනස්ව සමහරතැන් කියවාගැනීමට පවා දුෂ්කරලෙස කාලාන්තර දොෂයන්ගෙන් ගහණව තුබුණේය.

තවද මෙහි කීපපලක්ම අප අදහසට එකඟනොවනසේ දක්නාලද්දේ නමුත් වැඩිගණනක් පොත්වල තිබුන ලෙසටම යෙදීමු.

මෙය නැවත මුද්‍රණයකරණ කාලයකදී තවදුරටත් ශොධනය කරවාගෙන මුද්‍රණයකරණ බවත් නැවත මුද්‍රණයකරවීමේ බලය මටම තබාගත් බවත් දන්වමි.

මෙහිඟව,
P. S. PERERA.
20/11/97.