සරණ ගමන විනිශ්චය - ඤාණාලංකාර හිමි සිරිධම්ම හිමි.pdf

කතෘ :
ඤාණාලංකාර හිමි
ප්‍රකාශිත වර්ෂය :
1912
මුද්‍රිත වර්ෂය :
1912
පිටු ගණන :
40
බාගත කිරීම් ගණන :
1,116
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-11-29
ගොනුවේ ප්‍රමාණය :
5.8 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 21

සරණ ගමන විනිශ්චය යනු තෙරුවන් සරණ යාම සහ සරණාගමනය පිළිබඳ ධර්මානුකූල කරුණු පැහැදිලි කෙරෙන ධර්ම විනිශ්චය ග්‍රන්ථයකි. බුරුම රට වැඩවිසූ ත්‍රිපිටකධාරී ඤාණාලංකාරාභිධජ මහාස්ථවිරයන් වහන්සේ විසින් බුරුම බසින් රචිත මෙම කෘතිය, බුරුමයේ මණ්ඩලේ නුවර වසර පහළොවක් පමණ ධර්මවිනය හදාරා ලංකාවට පැමිණි සිරිධම්ම හිමියන් විසින් සැමට පහසුවෙන් තේරුම්ගත හැකි ලිහිල් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත.

පෙළ සහ අටුවා විනිශ්චයන් ආශ්‍රයෙන් සරණ පිහිටීම, සරණ කැඩීම, සීලය සහ සරණාගමනය අතර වෙනස, විවිධ පුද්ගලයන්ගෙන් සරණ සමාදන් වීම පිළිබඳ නීතිරීති සහ සංඝ සරණ යාමේදී ඇතිවන ගැටලු මෙහි කාණ්ඩ වශයෙන් විග්‍රහ කෙරේ. සබරගමු පළාතේ මාරපන පදිංචි වෛද්‍ය ඇන්. කේ. කුරේ සහ ඩි. ඇම්. අප්පුහාමි යන මහත්වරුන්ගේ අනුග්‍රහයෙන් බු.ව. 2455 (ක්‍රි.ව. 1912) දී කොළඹ ග්‍රන්ථප්‍රකාශ යන්ත්‍රාලයේදී මුද්‍රණය කරවා ඇත.

විඥාපනය.

“සරණ ගමන විනිශ්චය” නම්වූ මෙම කුඩා පොත බුද්ධාගම්කාරයන්ට සරණ ගමනය සබඳ විනිශ්චය හොඳින් දැනගෙණ තෙරුවන් සරණයාම පිණිස යොග්‍ය ලෙස පෙළ අටුවා විනිශ්චයාදි ග්‍රන්ථයන් ඇසුරු කොට ත්‍රිපිටක බුද්ධ ධම්මගෙහි සහ ශබ්දශාස්ත්‍රාදියෙහි අති දක්ෂ බුද්ධිමත්වූ ‘ඤාණාලංකාරාභිධජ’ මහාස්ථවිර ස්වාමිපාදයන් වහන්සේ විසින් බුරුම භාෂාවෙන් ලියන ලද්දකි. මෙබඳු පොත් පත් අප සිංහල භාෂාවෙනුත් සුලභවුවහොත් සැදැහැවත් සිංහලබෞද්ධාගම්කාරයන්ටද අතිශයින් ප්‍රයෝජන ලැබිය හැක්කේ යයි සලකා ගෙණ බුරුමරට මණ්ඩලේ නුවර මහා විසුද්ධාරාමාධිපති ‘විසුද්ධාර කවිධජාධිපති සිරිපවර මහා ධම්මරාජාධි රාජගුරු” යන රාජ දත්තීය ගෞරව නාමෝපලක්ෂිත ත්‍රිපිටකධාරී මහානායක ස්වාමිපාදයන් වහන්සේ ඇසුරු කරමින් පසළොස් වර්ෂයක් පමණ ධර්මවිනය හා ශබ්දශාස්ත්‍රාදිය ඉගෙනගෙණ ආණ්ඩුවේ පාඩම් විභාග කීපයකින්ම සමර්ථව තෑගි ලබාගෙණසිටිය ගණනක් භික්ෂුසාමණේරයන් වහන්සේලාට ධර්මවිනයාදියත් උගන්වමින් වැඩසිට 1912 ක්වූ ජනවාරි මස 14 වෙනි දින ලංකාවට වැඩි සිරිධම්මස්වාමින් වහන්සේ ලවා එම සරණගමන විනිශ්චය උගත් නුගත් කාටත් පාහේ උනන්දුවෙන් තේරෙන පරිදි ලිහිල් සිංහල භාෂාවට පිටපත් කරවාගෙණ සබරගමු පලාතේ මාරපන පදිංචි වෛද්‍ය ඇන්. කේ. කුරේ සහ ඩි. ඇම්. අප්පුහාමි යන අප විසින් බෞද්ධාගම්කාර සැදැහැවතුන්ගේ ප්‍රයෝජනය පිණිස අච්චුගස්වා ප්‍රසිද්ධකරනලදී.

මෙහි වාක්‍යයොජනා ව්‍යාකරණාදිය සබඳ ස්වල්ප දූෂතිබුනත් එබඳු දෙය ශුද්ධකරගෙණ නැවත නැවතත් අර්ථරසය විඳීමට උත්සාහ වඩත්වා.

සබරගමු පලාතේ මාරපන පදිංචි වෛද්‍ය ඇන්. කේ. කුරේ සහ ඩි. ඇම්. අප්පුහාමි