සුගතෝවාදය - මාතර ඥානාරාම හිමි.pdf

කතෘ :
මාතර ඥානාරාම හිමි
ප්‍රකාශිත වර්ෂය :
2006
මුද්‍රිත වර්ෂය :
2006
පිටු ගණන :
26
බාගත කිරීම් ගණන :
1,929
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-10-17
ගොනුවේ ප්‍රමාණය :
1.9 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 14

සුගතෝවාදය යනු මීතිරිගල නිස්සරණ වන සෙනසුනේ වැඩසිටි කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් යෝගාවචර භික්ෂු පිරිස උදෙසා පවත්වන ලද අගනා කමටහන් ධර්ම දේශනාවක් ඇසුරෙන් සම්පාදිත දේශනා ග්‍රන්ථයකි (මීතිරිගල දේශනා - 01).

මෙහිදී බුද්ධ දේශනාවේ එන “අප්පමාදෙන භික්ඛවේ සම්පාදෙථ, දුල්ලභො බුද්ධොප්පාදො ලොකස්මිං, දුල්ලභො මනුස්සත්තපටි ලාභො...” යන ගාථා පාඨය මාතෘකා කරගනිමින් ලෝකයෙහි දුර්ලභ වූ කරුණු, අප්‍රමාදී පිළිවෙත, ආජීව අෂ්ටමක සීලය, සමාධිය හා විදර්ශනා භාවනා ක්‍රමවේදය අතිශය සරල මෙන්ම ප්‍රායෝගික ආකාරයෙන් විග්‍රහ කෙරේ.

මෙම කෘතිය ලක්ෂ්මී ධර්මපාලි පෙරේරා මහත්මියගේ ධර්ම දානමය අනුග්‍රහයෙන් 2006 වසරේදී ප්‍රථම වරට මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කරන ලද්දකි.

පුණ්‍යානුමෝදනාච

ඔබ අතට පත්වන මෙම ග්‍රන්ථය මීතිරිගල නිස්සරණ වනයේ වැඩ සිට අපවත් වී වදාළ කම්මට්ඨානාචාර්ය අති පූජ්‍ය මාතර ශ්‍රී ඤානාරාමාභිධාන තෙරුන් වහන්සේ විසින් සෙනසුනේ යෝගාවචර පිරිස වෙනුවෙන් කරන ලද කමටහන් ධර්ම දේශනා කීපයකි.

කුමක් හෝ පෙර පිනකට තෙරුන් වහන්සේ විසින් දේශිත උතුම් ධර්ම දේශනයක් ග්‍රන්ථානුසාරයෙන් ඔබතුමන්ලාගේ දෑතට පත්කරලීමිට හැකිවීම ගැන සතුටට පත්වෙමි.

අර්ථය සලකා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන ධර්මකාමී සැමට මෙම ග්‍රන්ථයෙන් මහත්ඵල ප්‍රයෝජන ගතහැකි බව මගේ හැඟීමයි. මෙම ධර්ම දානමය පින්කමට මා පෙළ ගැස්වු මාගේ ආදරණීය නැගණියටත් සදහම් පෙරහැරේ ගමන් කරන කල්‍යාණ මිත්‍ර පිරිසටත් සම්‍යක් ප්‍රාර්ථනා සඵල වී ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණය අවබෝධකර ගැනීමට හැකිවේවායි මෛත්‍රී පූර්වකව ප්‍රාර්ථනය කරමි. තවද මෙයින් ජනිත වන මහා කුසලානිසංස බෙලෙන් මීට වසර පහළොවකට පෙර මිය පරලොව ගිය මාගේ ආදරණීය ස්වාමි පුරුෂයා වන සුමනදාස පෙරේරා මහතා ඇතුළු දෙමව්පියන්ටත් අප නමින් මිය පරලොව ගිය ඥාති හිත මිත්‍රාදීන්ටත් ඒ අයගේ පාරමිතා සඵල කිරීමට හැකිවේවා! එසේම මාගේ සොයුරු සොයුරින් ඇතුළු ඥාතිමිත්‍රාදීන්ටත් දූ දරුවන්ටත් මේ කුසලය හේතුකරගෙන ස්වකීය ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ වී ආයුරාරෝග්‍ය සැප සම්පත් ලැබීමට හේතු වේවායි පතමි.

ලෝ වැසියන් ධර්මයෙන් පෝෂණය වේවා! ලක්ෂ්මී ධර්මපාලි පෙරේරා මිය ඇතුල් කෝට්ටේ 2006.12.05

ලක්ෂ්මී ධර්මපාලි පෙරේරා මිය, ඇතුල් කෝට්ටේ, 2006.12.05