සිත මිස කය නැති බඹලොව සහ ප්රශ්න උත්තර - නාඋයනේ අරියධම්ම හිමි.pdf
- කතෘ :
- නාඋයනේ අරියධම්ම හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2016
- මුද්රිත වර්ෂය :
- 2016
- පිටු ගණන :
- 52
- බාගත කිරීම් ගණන :
- 4,496
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-11-19
- ගොනුවේ ප්රමාණය :
- 589 KB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අතිපූජ්ය නාඋයනේ අරියධම්ම අනුනායක මාහිමිපාණන් වහන්සේ සමග 2003 මාර්තු මස කඩුගන්නාව සිරි සිදුහත් භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ධර්ම සංග්රහය සම්පාදනය කර ඇත. සිතෙහි නැගෙන ගැටලුවලට උන්වහන්සේ විසින් දෙන ලද ගැඹුරු ධර්මානුකූල පිළිතුරු මෙහි අන්තර්ගත වේ.
පොතෙහි ප්රධාන වශයෙන් කර්මය, පින සහ කුසලය, සතර අපාය සහ දිව්ය ලෝක පිළිබඳ විවරණය කෙරෙන අතර, අරූපාවචර හා අසඤ්ඤසත්ත බ්රහ්ම ලෝක පිළිබඳව ද කරුණු පහදා දෙයි. පොත අවසානයෙහි භාවනාව පිළිබඳ කෙටි විවරණයක් ද ඇතුළත් වේ.
- කර්මය
- පින සහ කුසලය
- අපාය තියෙන්නේ කොහේද?
- දිව්ය ලෝකය
පිළිගැන්වීම
මිසදුටු නියඟයෙන් ඉරිතලා ගිය පුහුදුන් සිත් සතන් සදහම් අමාවැසි වස්වා සිසිල් කර සත් වගට සෙත් සදිනට සියවස් කලක් දිගාසිරිසුව ලබත්වා ! යි පතමින් මේ ධර්ම සංග්රහය, ශ්රී කල්යාණි යෝගාශ්රම සංස්ථාවේ ගරු ප්රධාන අනුශාසක ත්රිපිටකාචාර්ය මහා කම්මට්ඨානාචාර්ය අති පූජ්ය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන් වහන්සේ වෙත සාතිශය ගෞරවයෙන් දෙපා පියුම් නැමඳ පිළිගන්වන්නේ අසීමිත ගුරු බැතියෙනි.
නොපෙනෙන ලොව සැබෑ තතු තත්වූ පරිද්දෙන් කියා දුන් මහා සංඝ පිතෘවරයාණෝ.
ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාවේ ප්රධාන අනුශාසක ත්රිපිටකාචාර්ය කම්මට්ඨාන විශාරද අතිපූජ්ය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන් වහන්සේ පිළිබඳ නොදන්නා බෞද්ධයකු නැත. නාහිමිපාණන් වහන්සේ වනාහි දැනට ලංකාවේ වැඩවෙසෙන සිල්වත් ගුණවත් සුප්රතිපන්නාදී සඟ ගුණයෙන් මොනවට පොහොසත් ත්රිපිටක පාලිය කටපාඩමින් දරමින් පෙළ අටුවා අනුව බුද්ධ වචනයට එකඟව දේශනා පවත්වමින් ජනතාව සුමග යවන දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්ර වූ විශාල අනුගාමික ගිහි පැවිදි පිරිසක් ඇති සංඝ නේතෘන් වහන්සේ නමකි. පැවිද්දෙකු තුළ තිබිය යුතු වූ අප්පිච්ඡතා, සන්තුට්ඨිතා, විරියාරම්භතා යන උසස් ශ්රමණ ගුණ අභ්යන්තරයේ මිස එවන් ගුණ නිරූපණය නොකරන නාහිමි තුමන් වහන්සේ ව්යක්තය, විශාරදය, සුවිනීතය, බහුශ්රුතය, ධර්ම විනයධරය, ධර්මානුධර්ම ප්රතිපන්නය. ශාස්තෘ ශාසනය බෙදා දැක්වීමෙහි, පරිණත දැනුම් ඇති දැකීමෙන් ම ප්රසාදය ඇති වෙන ඇසුරු කිරීමෙන් සගමොක් මග නොවරද්දන කල්යාණ මිත්රයන් වහන්සේ නමකි.
ගල් බොරළු අතර මාණික්ය රත්නයක් මෙන් ද, ගස් අතර සඳුන් ගසක් මෙන් ද, ඇතුන් අතර ගජමුතු සහිත ඇතෙක් මෙන් ද, විරල සත්පුරුෂයන් වහන්සේ නමකි. පැවිද්දේදී අපට ප්රව්රාජ්යාචාර්ය වූයේත්, උපසම්පදාවේදී කර්මාචාර්ය වූයේත්, සාරවත් ගුණ ජීවිතයක් ගත කරන නාහිමිපාණන් වහන්සේමය.
2003.03.17 දින කඩුගන්නාව සිරි සිදුහත් භාවනා අසපුවට නාහිමිපාණන් වහන්සේ වැඩමවාගනු ලැබුවේ ‘’නොපෙනෙන ලොව සැබෑ තතු’’ හෙළිකරගැනීම සඳහාය. එහිදී නාහිමිපාණන් වහන්සේ සමග කළ ධර්ම සාකච්ඡාව මෙසේ ධර්ම ග්රන්ථයක් වශයෙන් ඔබ අතට පත් වේ. කර්මය සතර අපාය යනාදී මාතෘකා ඔස්සේ මෙහි ධර්ම කරුණු විවරණය කෙරෙන අතර භාවනා පිළිබඳව කරුණු ස්වල්පයක් අගට යොදා ඇත්තේ ඉතා සංක්ෂේපයෙනි. ධර්මය නිවැරදිව වටහා ගැනීමට තරම් සම්මාදිට්ඨිය ඇති ශ්රද්ධාවන්ත අන්ත භෞතිකවාදිව නොව ධර්මවාදිව සිතන ගිහි පැවිදි සැමට මේ දහම් ලිපි සරණිය ආලෝකයක්ම වේවා!