සළායතන නිරෝධය - කොස්වත්තේ අරියවිමල හිමි.pdf

කතෘ :
කොස්වත්තේ අරියවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2018
මුද්‍රිත වර්ෂය :
2018
පිටු ගණන :
30
බාගත කිරීම් ගණන :
2,262
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-11-29
ගොනුවේ ප්‍රමාණය :
770 KB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 16

සළායතන නිරෝධය යනු පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනාවක් ඇසුරින් සකස් කර ප්‍රකාශයට පත් කරන ලද ධර්ම ග්‍රන්ථයකි. මෙහි ප්‍රථම මුද්‍රණය 2018 වසරේදී නුගේගොඩ දිනකර මුද්‍රණාලය මඟින් ධර්ම දානයක් ලෙස මුද්‍රණය කර ඇත.

අභ්‍යන්තර හා බාහිර ආයතන, විඤ්ඤාණය, ස්පර්ශය සහ චේතනාමය අභිසංස්කරණ තුළින් ගොඩනැගෙන ලෝකය සහ ඡන්දරාගය පිළිබඳව සූත්‍ර දේශනා ආශ්‍රයෙන් විග්‍රහ කරමින් සළායතනයන්ගේ නිරෝධය හා නිර්වාණාවබෝධය පිණිස යෝනිසෝ මනසිකාරය පවත්වන ආකාරය මෙම කෘතියෙන් පැහැදිලි කර දී ඇත.

පෙරවදන

”තණ්හාක්ඛයාධිමුත්තස්ස අසම්මෝහං ච චේතසා දිස්වා ආයතනුප්පාදං සම්මා චිත්තං විමුච්චති”

තණ්හාව දුරු කිරීමෙහි යෙදුන, මුළාවෙන් සිත මුදා ගැනීමෙහි යෙදුන තැනැත්තාගේ සිත ආයතනුප්පාදය දැක මැනවින් මිදේ. (අං. නි. ඡක්ක නිපාතය, සෝණ සූත්‍රය)

පුද්ගලයා අත්දකින්නේ සළායතික ව විඤ්ඤාණයෙහි පිළිබිඹු වන නාමරූප අත්දැකීම් ලෝකයයි. ඒ, පුද්ගලයා ගේ චේතනාමය අභිසංස්කරණය යි. ඇලීම්, ගැටීම්, රැවටීම් වශයෙන් පුද්ගලයා බැඳෙන්නේ මේ සළායතනිකව සමුදය වන, ලෝකය වන චේතනාමය අභිසංස්කරණය ට යි. තව විදියකින් කිවහොත්, සිදුවන්නේ අජ්ඣත්තික ආයතන හා බාහිර ආයතන එකිනෙකට බැඳීම නොව, ඒ දෙක ප්‍රත්‍යයෙන් සමුදය වන ඡන්දරාගයට පුද්ගල බැඳීමයි. ඡන්දය දුකට මුල බව බුදුරජාණන් වහන්සේ වදාළහ. (ඡන්දෝහි මූලං දුක්ඛස්ස)

මේ සත්‍යයන් අපට වැටහෙන්නේ සාමාන්‍ය සංජානන මට්ටමින් සිතීමෙන් නොවේ. වෙසෙසි නුවණින් (අභිජානන මට්ටමින්) දැකීමෙනි. යෝනිසෝමනසිකාරයෙන් හෙවත් ප්‍රත්‍යයන් ගේ සමුදයට සිත තබා තේරුම් ගැනීමෙනි. ප්‍රත්‍යුත්පන්නයෙහි සමුදය වන ආකාරය නුවණින් දැකීමෙනි. එමගින් නිබ්බිදාවට, විරාගයට, නිරෝධයට මග විවර වේ. මේ පිළිබඳ අවබෝධය පිණිස, මේ දහම් ලියවිල්ල යම් තරමකින් හෝ ධර්මකාමීන්ට ප්‍රයෝජනවත් වේ’ය යනු අප ගේ කල්පනාව යි.

මේ දහම් ප්‍රකාශනය ම’විසින් පවත්වන ලද දම් දෙසුමක් ඇසුරින් සකස් වූවකි. මේ දම් දෙසුම මුද්‍රණද්වාරයෙන් ධර්මකාමීන් අතට පත් කර දීමට අදහස් කළ ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් විසින් දෙසුම පිටපත් කරනු ලැබ, අවශ්‍ය සංස්කරණයන් සිදුකර දෙන ලෙස සිහිපත් කරමින් මා අතට පත් කෙරිණ. මා විසින් දෙසුමේ වාචික අඩු ලුහුඬු සකසා, තවත් අවශ්‍ය සංස්කරණයන් ද සිදුකර දුනි. එතුමිය ඒ දෙසුම, පොත් පිංචක් වශයෙන් මෙසේ සුපින්වත් ඔබ සුරතට පත් කරනු ලැබ ඇත. ඇයට ධර්ම දානමය කුශලය හිමිවේ. ඇයටත්, කියවන ඔබටත් පරම ශාන්ත වූ නිවන් සුවය ලැබේවා. මෙම පොත් පිංච මුද්‍රණ කටයුතු මැනවින් ඉටුකළ නුගේගොඩ දිනකර මුද්‍රණාලයාධිපතිතුමා ඇතුළු සමස්ථ කාර්යය මණ්ඩලයට ද පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පිරිනමමි.

කොස්වත්තේ අරියවිමල හිමි.
ආර්‍ය්‍යනිකේතනය,
261/1,ඩී, පරකන්දෙණිය, ඉඹුල්ගොඩ,
2018