සප්ත විශුද්ධිය හා විදර්ශනා ඥාන - මාතර ඥානාරාම හිමි.pdf
- කතෘ :
- මාතර ඥානාරාම හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2011
- මුද්රිත වර්ෂය :
- 2011
- පිටු ගණන :
- 100
- බාගත කිරීම් ගණන :
- 3,241
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-06-19
- ගොනුවේ ප්රමාණය :
- 4.7 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
යෝගාවචර ජීවිතයට කමටහන් බණ: සප්ත විශුද්ධිය හා විදර්ශනා ඥාන යනු මීතිරිගල නිස්සරණ වන සෙනසුනේ ප්රධාන කර්මස්ථානාචාර්ය මහෝපාධ්යාය අතිපූජ්ය මාතර ශ්රී ඥානාරාම මහා ස්වාමීන්ද්රයන් වහන්සේ විසින් 1978 දී සම්පාදනය කරන ලද අගනා භාවනා උපදෙස් ග්රන්ථයකි.
මීතිරිගල නිස්සරණ වනවාසී භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා උදෙසා උන්වහන්සේ විසින් දේශනා කරන ලද කමටහන් බණ දේශනා පදනම් කරගෙන සකස් කරන ලද මෙම කෘතිය, සප්ත විශුද්ධි මාර්ගය සහ විදර්ශනා ඥාන මනාව පහදා දෙන ප්රායෝගික භාවනා අත්පොතකි.
මෙම මුද්රණය මීතිරිගල නිස්සරණ වන සංරක්ෂණ මණ්ඩලය මගින් බුද්ධ වර්ෂ 2555 (ක්රි.ව. 2011) දී නුගේගොඩ ලිතිර මුද්රණාලය මඟින් මුද්රණය කරවා ධර්ම දානය සඳහා ප්රකාශයට පත් කර ඇත. ග්රන්ථයෙහි පෙරවදන නාඋයනේ අරියධම්ම ස්ථවිරයන් වහන්සේ විසින් සපයා තිබේ.
හැඳින්වීම වර්ෂ 1988
“සප්ත විශුද්ධිය හා විදර්ශනා ඥාන” නමැති මාහැඟි දහම් පොත මීතිරිගනේ නිස්සරණ වනසෙනසුනෙහි ප්රධාන කර්මස්ථානාචාර්ය වූ ද, ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාවේ ප්රධානාචාර්ය වූ ද අති පූජනීය රාජකීය පණ්ඩිත මාතර සිරි ඥානාරාමාභිධාන මහෝපාධ්යාය මාහිමිපාණන් වහන්සේ අතින් 1978 දී සම්පාදනය වූ හස්තසාර හස්තසාර භාවනා ග්රන්ථයකි.
උදාර අධිෂ්ඨානයෙන් යුතු ව භාවනාවෙහි යෙදී සිටින මීතිරිගල නිස්සරණ වනයේ ගරු යෝගාවචරයන් වහන්සේලාට අවවාද - අනුශාසනා වශයෙන් හා කර්මස්ථාන දාන වශයෙන් ද අති පූජනීය අති පූජනීය මහෝපාධ්යාය මාහිමිපාණන් විසින් පිළිවෙලින් කරන ලද අගනා ධර්ම දේශනා පටිගත කරණ ලදුව, ඒ සියල්ල සම්පිණ්ඩනය කොට භාවනාභිලාෂීන්ගේ ප්රයෝජනය පිණිස මෙය මුද්රණය කොට ධර්ම දානයක් වශයෙන් බෙදා දෙන ලද්දේ භාවනාභිලාෂීන්ගේ ප්රයෝජනය පිණිස මෙය මුද්රණය කොට ධර්ම දානයක් වශයෙන් බෙදා දෙන ලද්දේ මීට දශ වර්ෂයකට ඉහත දී ය.
මේ දහම් පොත කියවන කවරකුට වුව ද භාවනාව ගැන බලවත් ශ්රද්ධාවක් හා ධෛර්යයක් උපදිනුයේ එතරම් සරලවත් පැහැදිලිවත් දැක්වෙන භාවනා උපදේශ ඇති හෙයිනි. ප්රථම වරට මෙම පොත මුද්රණය කොට බෙදා දෙන ලද පින්වත් කේ. ටී. ප්රේමදාස මුදලාලි මහත්මයා, පින්වත් බී. එච්. එස්. පීරිස් මහත්මයා සහ එම මහත්මිය, පින්වත් පර්ල් ප්රනාන්දු මහත්මිය යනා දී පින්වතුන් විසින් විශාල පුණ්ය ලාභයක් අත්කර ගන්නා ලද්දේ ධර්මය බෙදා දීම අමෘතය බෙදා දීමක් වන බැවිනි.
සබ්බ දානං ධම්ම දානං ජිනාති ‘සියලු ආමිස දාන අභිබවා ධර්ම දානය ම ජයගන්නේ ය’යි වදාළ උතුම් බුද්ධ වචනය මුදුනෙන් ම පිළිගන්නා වූ පින්වත් හරදාස මවුපිය දෙපළ මෙම ධර්ම දානමය පින්කම සිදු කිරීමට ඉදිරිපත් වූයේ විශේෂ කෘතවේදී කුසල් සිතකිනි.
පින්වත් හරදාස මහත්මයා දිනක් භාවනානුයෝගීව සිටිද්දී ඉතා අළුයම් වේලාවක, තමන් කුඩා කාලයේ දී හදා වඩා ගුණ දැනමුතුකම් කියා දී, අධ්යාපනය සහ ආගම ඥානය ද ලබා දී උපකාර වූ උපකාර වූ තමන්ගේ වැඩිහිටි ඥාති පිරිස ජීවමාන ව මෙන් තමා ඉදිරිපිට මැවී පෙනී ගියහ. එය එක් දිනක නොව කීප දිනක් ම එක ලෙස ම ඉහත සඳහන් එකම වේලාවට පෙනී ගිය බැවින් මෙහි යම්කිසි වටිනා ඇතුළතක් ඇති බව තේරුම් ගත් පින්වත් හරදාස මහතා විසින් කළගුණ සැලකීමේ උතුම් පින්කමක් වශයෙන් ඉතාමත් ම වටිනා නිවන දක්වා ම පිහිටි වන මෙවන් ධර්ම දානයක් පිරිනමා ඥාති සංග්රහයක් කිරීමට අධිෂ්ඨාන කරගන්නා ලද්දේ ඥානසම්ප්රයුක්ත වූ කුශල චේතනාවෙනි. උතුම් පින්කමක් වශයෙන් ඉතාමත් ම වටිනා නිවන දක්වා ම පිහිටි වන මෙවන් ධර්ම දානයක් පිරිනමා ඥාති සංග්රහයක් කිරීමට අධිෂ්ඨාන කරගන්නා ලද්දේ ඥානසම්ප්රයුක්ත වූ කුශල චේතනාවෙනි.
අති පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්රී ජිනවංශාභිධාන අස්මදාචාර්ය මාහිමිපාණන් වහන්සේගේ අනුමතය පරිදි මෙම “සප්ත විශුද්ධිය හා විදර්ශනා ඥාන” ග්රන්ථය දෙවැනි වරට මුද්රණය කරවා ධර්ම දානයක් වශයෙන් පිරිනැමීමට තෝරා ගන්නා ලද්දේ දෙවැනි වරට මුද්රණය කරවා ධර්ම දානයක් වශයෙන් පිරිනැමීමට තෝරා ගන්නා ලද්දේ බොහෝ දෙනාට නිවන් මග පෙන්වීමේ වටිනා පින ඉහත සඳහන් ඥාති පිරිසට අනුමෝදන් කරවීම පිණිසමය.
“සෑම දන් අභිබවා ධර්ම දානය ද, සෑම රස අභිබවා ධර්ම රසය ද, සෑම රති අභිබවා ධර්ම රතිය ද, සෑම දුක අභිබවා ශාන්ත නිවන ද ජය ගන්නේය” යි සර්වඥයන් වහන්සේ වදාරා ඇති බැවින් මේ භාවනා පොත පරිශීලනය කරන සැමට ඒ උතුම් ධර්ම දානය, ධර්ම රසය, ධර්ම රතිය හා ශාන්ත නිර්වාණය අත් වේවා යි ඒකාන්ත ව මෛත්රියෙන් යුතුව ප්රාර්ථනය කරමු. එමෙන්ම මේ ධර්ම දානය ප්රදානය කිරීමෙන් අත් වන අත්යුත්තම කුශල සම්භාරය, පින්වත් ඇල්.එච්.ඇල්. හරදාස මහත්මාණන්ගේ පරලෝ සැපත් හරමානිස් සිල්වා වරුසවිතාන සීයාට ද, සව්හාමි වරුසවිතාන, පොඩිහාමි වරුසවිතාන යන නැන්දලාට ද, ඇල්.එච්.ඇල්. නෝරිස් ද සිල්වා සහ ඔමරිහාමි දයාබර මවු පිය දෙදෙනාට ද, දයාබර මවු පිය දෙදෙනාට ද, සත්මතු පරම්පරාව දක්වා ද, ඊටත් එපිට වූ සියලු ඥාති-බන්ධු සමූහයාට ඒකාන්තයෙන් මේ පින් රැස අත් වේවා! ඒ සියලු ඥාති සමූහයා සසර වසනා තුරු නරකාදී සතර අපායෝත්පත්තියෙන්ද, ත්රිවිධ සත්ත්ව විනාශයෙන් ද, අෂ්ට දුෂ්ටක්ෂණයෙන් ද, පඤ්ච අන්තරාවෙන් ද සම්පූර්ණයෙන් අත් මිදෙත්වා! සුගති සම්පත් විඳ ප්රාර්ථනා කරන උතුම් බෝධියකින් ශාන්ති ලක්ෂණ සහිත අමෘත මහා නිර්වාණ සම්පත්තිය ඒකාන්තයෙන් සාක්ෂාත් කෙරෙත්වා!
මේ උතුම් ධර්මදානය කරන පින්වත් හරදාස මවුපිය දෙපළ ඇතුළු දරු පිරිසට ද සියලු ආරක්ෂා සම්පත්තිය සැලසී ධර්ම ප්රාර්ථනා සඵල වීමෙන් ශාන්ත ලෝකෝත්තර නිර්වාණ ධාතු අවබෝධය පිණිස මේ පින හේතු වාසනා වේවා!
මෙයට මෙත්කැති, නාඋයනේ අරියධම්ම ස්ථවිර. ගුණවර්ධන යෝගාශ්රම මධ්යස්ථානය, ගල්දූව - කහව.
මෙයට මෙත්කැති, නාඋයනේ අරියධම්ම ස්ථවිර.
ගුණවර්ධන යෝගාශ්රම මධ්යස්ථානය,
ගල්දූව-කහව.