ශාඛ්යමුණීන්ද්රාවදානය බුද්ධ චරිතය - බළන්ගොඩ ආනන්ද මෛත්රිය හිමි.pdf
- කතෘ :
- බළන්ගොඩ ආනන්ද මෛත්රෙය හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2000
- මුද්රිත වර්ෂය :
- 2000
- පිටු ගණන :
- 438
- බාගත කිරීම් ගණන :
- 5,893
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-12-10
- ගොනුවේ ප්රමාණය :
- 135 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ශාක්යමුනීන්ද්රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය යනු අතිගරු බළන්ගොඩ ආනන්ද මෛත්රෙය මහානායක හිමිපාණන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද අගනා බුද්ධ චරිත ග්රන්ථයකි. උන්වහන්සේගේ ආචාර්යපාදයන් වහන්සේ වූ පූජ්ය දෙණිහේනේ ශීලානන්ද නාහිමියන් වෙත මෙම කෘතිය ගෞරවයෙන් පූජා කර ඇත.
මෙම කෘතියේ ආරම්භයේ බුද්ධ කාලීන දඹදිව ජනපද, නගර සහ ගමන් මාර්ග පිළිබඳ සවිස්තරාත්මක භූගෝලීය සහ ඓතිහාසික හැඳින්වීමක් (ජම්බුද්වීපය, අංග, මගධ, කාශි, කෝශල ආදී රටවල් පිළිබඳ) ඇතුළත් කර තිබේ. අනතුරුව මහාසම්මත රජුගේ පටන් ශාක්ය වංශ කතාව, බෝසත් උත්පත්තිය, ගිහිගෙයි විසීම, අභිනිෂ්ක්රමණය, බුද්ධත්වය, ධර්ම ප්රචාරය සහ මහා පරිනිර්වාණය දක්වා වූ පන්සැටක් පමණ පරිච්ඡේද ඔස්සේ ඓතිහාසික හා ධර්මානුකූල කරුණු මැනවින් විස්තර කෙරේ.
අපවත් වීමට ප්රථම උන්වහන්සේ විසින්ම සංශෝධනය කරන ලද සංශෝධිත මුද්රණය 2000 වර්ෂයේදී ප්රකාශයට පත් කර ඇත.
පිරිනැමීමයි
මේ ‘ශාක්යමුනීන්ද්රාවදාන’ ග්රන්ථය මට දම් සතර උගන්වා වදාළ මූර්තිමත් ගුණකදම්බයක් වූ විනයාචාර්ය්ය ආභිධර්මික දෙණිහේනේ ශීලානන්දාභිධාන මගේ ආචාර්ය්යපාදයන් වහන්සේ ගේ ශ්රී නාමයට ආදරභක්තියෙන් පිරිනැමෙන උපහාරයක් වේවා.
බළන්ගොඩ ආනන්දමෛත්රෙය භික්ෂු
පෙරවදන
බොහෝ පෙර සිට මිනිසාගේ අදහස් උදහස් පැවැසුම් විසින් රැස්වුණු ග්රන්ථ බොහෝයැ. මුල දී කට පාඩමින් ද අකුරු ලිවීම දියුණු වූ පසු පොත් තනා ඒවායේ ලිවීමෙන් ද, මුද්රණ ශිල්පය වැඩුනු පසු මුද්රාපණයෙන් ද ග්රන්ථ පළ කැරිණ. ආගම ධර්ම, ඉතිහාස, දේව සතර, වෙද සතර ආදි නානාවිධ විෂයයන් පිළිබඳ ග්රන්ථ දියුණු වූ හැම රටෙක ම සිය ගණනින් දහස් ගණනින් නැගී ආයේයැ. ඒ රටවලැ පොත්ගුල් පහළ වියැ. පොත් සිය ගණනින් දහස් ගණනින් ඒ පොත් ගුල් පිරිණ. නොයෙක් අංශයෙන් ලෝකාර්ථ චර්ය්යාවෙහි යෙදුණු වීරයන් ගේ චරිත කථා ඒ ගත් අතුරෙහි පාමොක් තැනැ වැජඹිණ.
මේ චරිත කථා අතුරෙහි බුදුරජාණන් වහන්සේ ගේ ජීවිත කථාවට ලැබී ඇත්තේ උසස්ම තැනැය. බෞද්ධයකුට බුද්ධචරිතය මහාවිභා වැ පැනෙනු අරුම නො වේ. තමන් ගත් දෘෂ්ටියෙහි දැඩි ලෙස බැඳීම නිසා බුද්ධධර්මය නාස්තිකවාදයෙකැ යි දෙස් නැගුවෝ පවා බුදුරජුන් ගේ චරිතය ආදර්ශවත් ශ්රේෂ්ඨ එකෙකැයි කීහ. බුදු රජාණන් වහන්සේ ශ්රේෂ්ඨත්වය ප්රතික්ෂේප කළ නො හැකි බ්රහ්මලබ්ධිකයෝ උන් වහන්සේ දෙවියන්ගේ සතුරන් වූ අසුරයන් මුළා කරනු පිණිස, ලොවැ මිනිස් වැ පහළ වූ විෂ්ණු දෙවියෝ (විෂ්ණුහු ගේ නව වන අවතාරය) යැ යි කීහ. බුදු දහමේ ඇතැම් කරුණු නො පිළිගන්නා දැඩි කතෝලික භක්තිමතෙක් වූ බර්තොලමි සේන්ට් හිලෙයර්1 ‘උන් වහන්සේ ගේ ජීවිතය නො කිලිටි ය. වීරත්වය පරාර්ථය පිණිස ආත්ම පරිත්යාගය (සිය සැප නොතකා හැරීම), මෛත්රිය, සද්ගුණ මාධුර්ය්ය යන ගුණවලට ශ්රේෂ්ඨ ආදර්ශය යැ’ යි කී ය. එසේ ම අබෞද්ධ ආචාර්ය්යවරයෙක් වූ බාත් මහතා2 උන්වහන්සේ ‘සංසුන් බව, දක්නවුන් තුළ ගෞරවාන්විත භක්තිය පහළ කරවන තේජස, හැම සතුන් කෙරෙහි පැතිරවු අපරිමිත දයාව සියලු දුඃඛිත සත්ත්වයන් කෙරෙහි පෑ මහා කරුණාව, පරිපූර්ණ ආධ්යාත්මික නිදහස, අගතියෙන් තොර වූ සර්වසාධාරණත්වය යන ගුණයන් ගේ පූර්ණ මූර්තිය යැ’ යි කී ය. සිය වස් ගණනකට පෙරැ පර්සියාවේ (ඉරාණයේ ) වූසූ අබුල් අත හිියා නමැති ඉස්ලාමික ගත් කරු3 ‘මිනිසුන් අතරැ පහළ වූ උත්තම තම තැනැත්තා දකිනු කැමැත්තහු නම්, භික්ෂුක වේශයෙන් සැරි සැරූ රජාණන් දෙස බලන්න. ඒ මිනිසුන් අතරැ සිටි, පරම පවිත්ර උත්තමයාණෝ යැ’ යි කී ය. ඔහුගේ මේ කියුම පිරික්සූ අවුස්ත්රියාවේ බුඩාපෙස්ට් නුවර මහාචාර්ය්ය ගෝල්ඩිසිහර්4 පඬිතුමා ‘අබුල්අතහියා මෙය කීයේ පාංශුකූල චීවරයක් පෙරෙවැ භික්ෂාටනයෙන්
1. “His life is without blemish, he is the finished model of heroism, self-renunciation, the love, sweetness he commands.” Bartholemy Saint Hilaire. 2. “The finished model of calm and sweet majesty, of infinite tenderness for all that breathe and compassion for all that suffer, of perfect moral freedom and exemption from every prejudice.” Barth. 3. “If you desire to see the most noble of mankind, look at the king in beggar’s clothing, it is he whose sanctity is great among men.” Abul Atahiya.
දිවි පවත්වමින් ලෝ වැඩෙහි යෙදුණු බුදුරජාණන් වහන්සේ ගැන ම යැ’ යි පැවැසීය.
උදාන පාළිය පළමුවෙන් ම ඉංගිලිසියට නගා පළ කළ ආචාර්ය්ය ඩී. එම්. ස්ට්රෝං මහතා ඒ පොතට පෙර වදන ලියනුයේ, ‘මේ පොත මා ඉංගිලිසියට නගා පළ කරනුයේ පාළිභාෂා විෂයයෙහි මගේ ප්රවීණත්වයක් පෙන්වීමට නො වැ ඉන්දියාවේ පැවිදි වෙසින් සැරි සැරූ ලොවැ දුක් ලෙඩින් පෙළෙන්නවුන් සුව පත් කිරීමට ඉදිරි පත් වූ චිකිත්සකයන් අතරැ අග්රතමයාණන් වූ දුකින් පිරුණු මේ භව නැමැති සිර ගෙයින් මිදී සදාතන විශ්රාමය වූ විමුක්තියට(නිවනට) පැමිණෙනු පිණිස දෙවි මිනිස්නට මඟ පෙන්වීමට ලොවැ පහළ වූ ඒ භාග්ය වත් අර්හත් සම්යක් සම්බුද්ධ මහෝත්තම ගෞතමයන් වහන්සේ සිහි කොට කැරෙන ආදර භක්තිමය පූජාවක් වශයෙනි’ යි සඳහන් කෙළේ ය.
මේ ටික පැවැසූයේ අබෞද්ධ උගතුන් පවා බුදුරජාණන් වහන්සේ ගේ චරිතයේ ජ්යෙෂ්ඨත්වය පිළිගෙන තිබෙන සැටි දැක්වීමට ය. අනෙකකු ගේ ‘රෙකමනක්’ අවශ්ය නැත. එලැඹැ සිටි සිහි ඇති ව මුල සිට අගට ම බුද්ධ චරිත කථාව කියන කියවන කාට වුව ද එය ආදි කල්යාණ මධ්යකල්යාණ පර්ය්යවසාන කල්යාණ හෙවත් සියලු ලෙසින් ම කල්යාණ ගුණයෙන් පිරිපුන් එකෙකැ යි වැටහෙනු ඇත. ශීලයෙන් හෝ සමාධියෙන් හෝ ප්රඥායෙන් හෝ බුදුරජුනට වැඩි තරම් කෙනෙක් පෙරත් නො වූහ. මතුත් නො වෙති, දැනුත් නැත. උන් වහන්සේ සකල සද්ගුණ නිධානහ, අසම හ, අසම සම හ.
අසහාය ජගදාචාර්ය්ය වූ අතුල්ය පරාර්ථචාරී වූ සකල සද්ගුණ සමුදායයේ පරම මූර්තිය වූ සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේ ගේ චරිත කථාව ලිවීමෙහිත් එය පුන පුනා කියැවීමෙහිත් මේ ග්රන්ථයෙහි කර්තෲහට ඇති වන ප්රීතිය හා චිත්ත ශාන්තිය අන් මොන ම කෙනකු ගේ චරිතයක් කියැවීමේදී නො ම ලැබේ. සෙස්සනට ද එසේ මැයැ යි අනුමානයෙන් සිතම්හ.
බුද්ධ චරිතය විදහා නොයෙක් භාෂාවලින් රැස්වුණු පොත් අද පළ වැ ඇත. හෙළ බසිනුදු බොහෝ පෙර සිට ම ගද්ය පද්ය දෙකින් ම රචිත වූ බොහෝ ග්රන්ථ ඇත. අපට ද බුද්ධචරිත ග්රන්ථයක් ලියනුවට කොළොඹ තරුණ බෞද්ධ සමිතියෙන් ඇයැදුමෙක් ලැබිණ. ඒ ව්යවහාර වර්ෂයෙන් 1928 වන්නෙහි අප කොළොඹැ අනඳ
4. Professor Goldzihar of Budapest. 4. I publish this translation not with any pretension to proficiency in Pali but as a tribute of love to the memory of the noble Gotama, who .................. stands forth as the most prominent of the world’s physicians, that traversed India in monastic garb the exalted, the holy, the highly illuminated One who came into the world to show to gods and men the way out of the sorrowful prisonhouse of being into the freedom of everlasting Rest, D. M. Strong (preface to the translation of Udana).