විදර්ශනා පරපුර - මාතර ඥාණාරාම හිමි.pdf
- කතෘ :
- මාතර ඥානාරාම හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2012
- මුද්රිත වර්ෂය :
- 2012
- පිටු ගණන :
- 146
- බාගත කිරීම් ගණන :
- 2,499
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-05-25
- ගොනුවේ ප්රමාණය :
- 1.4 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
භාවනා උපදෙස් සහිත විදර්ශනා පරපුර යනු මීතිරිගල නිස්සරණ වන සේනාසනාධිපතිව වැඩවිසූ අතිපූජ්ය මහෝපාධ්යාය මාතර ශ්රී ඥානාරාම මහාස්වාමීන්ද්රයන් වහන්සේ විසින් සම්පාදිත අනගි භාවනා මාර්ගෝපදේශ ග්රන්ථයකි. මෙහි ලක්දිව ඓතිහාසික භාවනා පරපුර පිළිබඳ විමර්ශනයක් මෙන්ම සමථ සහ විදර්ශනා භාවනා වඩන ආකාරය සවිස්තරව විග්රහ කර ඇත.
අතීතයේ පැවති දිඹුලාගල, පලාබද්දල, බඹරගල ආදී විවිධ ආරණ්යවාසී සම්ප්රදායන්ගේ භාවනා ක්රමවේද සහ පැරණි පුස්කොළ පොත් ආශ්රයෙන් ථෙරවාද විපස්සනා මාර්ගය මෙහි සංගෘහිතය. ආනාපානසති, බුද්ධානුස්සති ආදී කමටහන් වැඩීම, සප්ත විශුද්ධිය හා දශවිධ විදර්ශනා ඥාන පිබිදෙන ආකාරය ආධුනික මෙන්ම ප්රවීණ භාවනායෝගීන්ට ද ප්රයෝජනවත් වන පරිදි පැහැදිලි කර දී තිබේ.
මෙම කෘතියේ තෙවන මුද්රණය 2012 වසරේදී මිතිරිගල නිස්සරණ වන සංරක්ෂණ මණ්ඩලය මඟින් ධර්ම දානයක් ලෙස මුද්රණය කර බෙදාහැර ඇත.
පෙරවදන
අපේ ලොකු ස්වාමින්වහන්සේ ගේ “විදර්ශනා පරපුර”, විපස්සනා පරපුරක් මැ යි.
නැවත මුද්රණයට දායකත්වය දැරූ සැමටත් අනුගමනය කරන සැමටත් මෙය සුපිනිසිදු ව මග ඵල නිවන අවබෝධවීම පිණිස හේතු ප්රත්ය වේවා!
මෙයට - මෙතැනි,
උ ධම්මජීව භික්ෂුව.
2012. 06. 06
පුණ්යානුමෝදනාව
අතීතයේ දී අපගෙන් ගිලිහී ගිය භාවනා ක්රමවේදයන් යළි පණ ගන්වමින්, අවධිකරමින්, ජීවිතය පරදුවට තබා ඉතා වෙහෙස මහන්සි වී ශ්රී ලංකාව පුරා විසිරී ඇති පැරණි ආරණ්ය සෙනසුන්වල පුස්කොළ පොත්වල ඇති ථෙරවාද බුදු දහමට අනුකූලව ලියවී ඇති භාවනා ක්රම හා උපදෙස් සහිත ග්රන්ථ ඇසුරෙන් ‘විදර්ශනා පරපුර’ නම් මෙම උදාර ග්රන්ථය නැවත එළිදැක්වීමට ලැබීම වත්මනෙහි පවතින උත්තරීතර ප්රතිපත්ති ශාසනය ආරක්ෂා කර ගනිමින්, රැක බලා ගැනීමට අපටත් දායකත්වය දැරීමට හැකිවීම කොතරම් නම් භාග්යවන්ත ද?
මාතර ශ්රී ඥානාරාම නාහිමියන්ගේ නො පසුබට වීර්ය්යයෙන් මල්ඵල ගැන්වූ ග්රන්ථයකි විදර්ශනා පරපුර.
අපට මෙවැනි ධර්ම භාණ්ඩාගාරයක් විවෘත කර දුන් මහොපාධ්යාය අති පූජනීය මාතර ශ්රී ඥානාරාම නාහිමියන්ට මෙයින් ජනිතවන කුසල සම්භාරය අනුමෝදන් වේවා! නිවනින් සැනසීම ලැබේවා! යි මෙත් සිතින් ප්රාර්ථනා කරමු.
වර්තමානයේ, අතීතයේ උගැන්වූ වැඩ අප සවනට අසන්නට ලැබීම තරම් ප්රගුණ කරන ලද කෞෂල්යයෙන් හෙබි, මීතිරිගල වැඩ වසන කම්මට්ඨානාචාර්ය්ය, පූජ්ය උ. ධම්මජීව හිමිපාණන් සහ උ. ධම්මරංසි හිමිපාණන් හට මෙම ධර්ම දානමය කුසලය මේ භවයේ දී ම නිවන් අත්වීම පිණිස හේතු වේවා!
මෙම ධර්ම දානමය කුසලය ජේමිස් වීරරත්න, ජස්ටින් කරුණාදාස පෙරේරා පියවරුන්ට නිර්වාණ ධාතුව සාක්ෂාත් වීම පිණිස හේතු වේවා!
සුජීවත්ව සිටින අපගේ මව්තුමියන් වන, චයලට් වීරරත්න සහ කාන්ති පෙරේරා මැතිවරුන්ටත් ආයුරාරෝග්ය සම්පත්තිය ලැබ නිර්වාණාවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය කුසලය හේතු වේවා!
මෙම ග්රන්ථය මුද්රණය කිරීමට දායක වූ අපගේ සහෝදර සහෝදරියන් සහ හිත මිත්රාදීන් වන, පණ්ඩුක වීරරත්න, උපුල්කා වීරරත්න, නෙළුම් සහ ජයනන්දන, චින්තා සහ අරවින්ද, හසිත සහ මනෝරි පෙරේරා යන අයට ද ඉන්දිකා ඥානසේකර මහත්මිය සහ මහත්මාට ද, ආයුරාරෝග්ය සම්පත්තිය ලැබ නිර්වාණාවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය කුසලය හේතු වේවා!
අප සියලු දෙනාගේ ම ඥාතීන් වන සිසිලියාවතී රණසිංහ, කේ. එස්. වීරරත්න, ගුණදාස ප්රනාන්දු, ලුවීනා හේවගේ, සිසිල් හේවගේ, නීලා කොඩිකාර, අසෝක කොඩිකාර, ගීතා රොද්රිගු, ඩී. ජී. වැලිකල ඇතුළු සියලුම මිය පරලොව ගිය ඥාති සැමටත් මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් වේවා! නිවනින් සැනසීම ලැබේවා!
අපහට ධර්ම මාර්ගය පෙන්වා දුන් අප කල්යාණ මිත්ර කමල් ඇඹුල්දෙණිය සොයුරා සහ සිය පවුලේ සැමට ද මෙම කුසලය අනුමෝදන් වේවා! ප්රාර්ථනා කරන්නා වූ බෝධියකින් වහ වහා නිර්වාණය අවබෝධ වේවා!
සුජීවත්ව සිටින සියලුම ඥාති මිත්රාදීන්ට මෙන්ම මිය පරලොව ගිය ඥාති මිත්රාදීන්ට ද මෙම කුසලය අනුමෝදන් වේවා! නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට හේතු වේවා!
මෙම මහඟු ධර්ම ග්රන්ථය මුද්රණය කිරීමට ලැබීමේ කුසලයෙන් අප හට ධර්ම ඥාන භාවනා ඥාන දියුණු වී උතුම් බෝධි ඥානයන්ගෙන් ශාන්ති ලක්ෂණ නිර්වාණාවබෝධය මේ ගෞතම බුද්ධ ශාසනයේ දී ම ලැබේවා! යි හද පත්ලෙන්ම ප්රාර්ථනා කරමු.
දුමින්ද වීරරත්න
මලින්තා වීරරත්න.
2012-06-06