රුවන්වැලි මහාසෑය සහ චූඩාමානික්ය වර්ණනාව.pdf
- කතෘ :
- රේරුකානේ චන්දවිමල හිමි, නාඋයනේ අරියධම්ම හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2011
- මුද්රිත වර්ෂය :
- 2011
- පිටු ගණන :
- 45
- බාගත කිරීම් ගණන :
- 2,593
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-02-14
- ගොනුවේ ප්රමාණය :
- 31 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
රුවන්වැලි මහා සෑය සහ චූඩාමාණික්ය වර්ණනාව යනු අනුරාධපුර රුවන්වැලි මහා සෑ රජුන්ගේ ඉතිහාසය, ධාතු නිධාන පුණ්යෝත්සවය සහ චූඩාමාණික්යය පිළිබඳ විස්තර ඇතුළත් ධර්ම ශාස්ත්රීය සංග්රහයකි.
අතිපූජ්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් රචිත ‘චූඩාමාණික්ය වර්ණනාව’ සහ ශ්රී කල්යාණී යෝගාශ්රමාධිපති අතිපූජ්ය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ විසින් රචිත ‘රුවන්මැලි මහා සෑය’ ග්රන්ථය ඇසුරින් පූජ්ය කඩවත ගුණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙම කෘතිය සම්පාදනය කර ඇත.
පොකුණුවිට ශ්රී විනයාලංකාරාරාමාධිපති කිරිඔරුවේ ධම්මානන්ද නායක ස්වාමීන්ද්රයන් වහන්සේගේ ආශිර්වාදයෙන් හා පූජ්ය පැල්පොල රාහුල ස්වාමීන් වහන්සේ විසින් රුවන්වැලි සෑ රදුන්ගේ චූඩාමාණික්යය මත පිහිටි රන් කොත පිළිසකර කොට 2011 මාර්තු මස 11 වන දින සිදුකළ ප්රතිෂ්ඨාපන පූජෝත්සවය වෙනුවෙන් ධර්ම දානයක් ලෙස මුද්රණය කර බෙදා දෙන ලද්දකි.