යෝගාවචරොපදේශය - මාතර ඥානාරාම හිමි.pdf

කතෘ :
මාතර ඥානාරාම හිමි
ප්‍රකාශිත වර්ෂය :
2018
මුද්‍රිත වර්ෂය :
2018
පිටු ගණන :
53
බාගත කිරීම් ගණන :
2,098
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-10-17
ගොනුවේ ප්‍රමාණය :
2.7 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 27

යෝගාවචරෝපදේශය යනු අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත මාතර සිරි ඥානාරාම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් 1954 සැප්තැම්බර් මස රචනා කරන ලද භාවනානුයෝගී යෝගාවචරයන් උදෙසා වූ මාහැඟි උපදෙස් මාලාවකි.

මෙහි භාවනා මාර්ගයේ ගමන් කරන්නෙකු විසින් සිය සිත පාලනය කරගත යුතු ආකාරය, කෙලෙස් බාධක හා විවිධ අභියෝගයන් මැඩපවත්වන ආකාරය පිළිබඳව කරුණු 60කට අධික කෙටි උපදෙස් ඇතුළත් වේ. මීතිරිගල නිස්සරණ වන සේනාසනාධිපතිව වැඩවිසු අපවත්වී වදාළ මාතර ඥානාරාම මහනාහිමියන්ගේ ගැඹුරු ධර්ම ඥානය හා ප්‍රත්‍යක්ෂ භාවනා අත්දැකීම් කැටි කරමින් මෙම ග්‍රන්ථය සකස් වී ඇත. පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ පෙරවදනක් ද මෙහි අන්තර්ගතය.

මෙම කෘතිය 2018 දෙසැම්බර් මස දෙවන මුද්‍රණය ලෙස මීතිරිගල නිස්සරණ වන සංරක්ෂණ මණ්ඩලය මඟින් ධර්ම දානයක් ලෙස මුද්‍රණය කර බෙදාහරින ලද්දකි.

පෙරවදන

අති පූජනීය මාතර ශ්‍රී ඤාණාරාම මාහිමිපාණන් වහන්සේ විසින් වර්ෂ 1954 සැප්තැම්බර් මස 12 වැනි දින පටන් මාස කීපයක් පුරා රචනා කරන්නට යෙදුණු යෝගාවචරෝපදේශය ඔබ වෙත තිලිණ කරන්නට ලැබීම භාග්‍යයක් කොට සලකමි.

අති පූජනීය මාහිමිපාණන් වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ යෝගාවචරයෙකි. පූජනීය ස්වාමීන් වහන්සේ සතු ගැඹුරු ධර්ම ඥානයත් භාවනාවෙන් ලද ප්‍රත්‍යක්ෂ ඥානයත් යන දෙකම කැටි කොට රචිත මේ මාහැඟි උපදෙස් මාලාව ධර්ම මාර්ගයේ ගමන් කරන්නන්ට ප්‍රබල අත්වැලක් සපයයි.

මුදු මොලොක් ලෙස අප දිරි ගන්වන ස්වාමීන් වහන්සේ, අත් නොහැර ගමන් කළ යුතු දුෂ්කර යෝග කර්මයට පැමිණෙන විවිධ බාධාවන් ජය ගන්නා අයුරු පහදා දෙයි.

මෙම ග්‍රන්ථය සම්පාදනයේදී පරිගණක අක්ෂර සංයෝජනයෙන් සහාය දුන් දීප්ති ජයසිංහ මහත්මියටත් සෝදුපත් කියවීමෙන් සහාය දුන් රාණි රාජපක්ෂ මහත්මියටත් කටයුතු සම්බන්ධීකරණය කළ පූජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමීන් වහන්සේටත් නන් අයුරින් සහාය දුන් අන් සියලුදෙනාටත් මින් ජනිත කුසලය නිවන් අවබෝධය පිණිසම හේතු වේවායි පතමි.

ලක්දිව බුදු සසුන බැබලේවා!

මෛත්‍රියෙනි.

උඩඊරියගම ධම්මජීව හිමි.
නිස්සරණ වනය - මීතිරිගල
2016-12-11