යොගාර්ණවය - කිරිඇල්ලේ ඤාණවිමල හිමි.pdf
- කතෘ :
- මයූරපාද බුද්ධපුත්ර හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1942
- මුද්රිත වර්ෂය :
- 1942
- පිටු ගණන :
- 102
- බාගත කිරීම් ගණන :
- 2,257
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-05-25
- ගොනුවේ ප්රමාණය :
- 26 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
යොගාර්ණවය (ප්රථම භාගය) මයූරපාද පරිවෙණාධිපති බුද්ධපුත්ර ස්ථවිරයන් වහන්සේ විසින් සිංහල භාෂාවෙන් රචිත සිංහල වෛද්ය ග්රන්ථයකි. රත්නපුර මාරපණ ශාස්ත්රොදය පිරිවෙණේ ප්රධානාචාර්ය්ය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිරයන් වහන්සේ විසින් පුස්කොළ පිටපත් පහක් ඇසුරෙන් සංශොධනය කරන ලද මෙය මාරපණ ජේ. ජී. ආර්. ජයසේන මහතා විසින් කොළඹ බොරැල්ලේ ලඞ්කාහිතව විශ්රුත යන්ත්රාලයෙහි මුද්රණය කරවා 2485 (1942) දී ප්රසිද්ධ කරන ලදී.
සංඥාපනයට අනුව, පූජාවලිය ලියූ මයූරපාද හිමියන්ගේ දෙවැනි කෘතිය මෙය වන අතර එය භුවනෛකබාහු රජු සමයෙහි, පූජාවලියට අනතුරුව ලියවිණි. ප්රයොග රත්නාවලිය උන්වහන්සේගේ තෙවැනි කෘතියයි. රොග නිදාන, රොග ලක්ෂණ, යන්ත්ර-මන්ත්ර-ශාන්ති ක්රියා හා බෙහෙත් ආදිය හෙළ බස පමණක් දන්නා ජනයාට තේරුම්ගත හැකි පරිදි මෙහි දැක්වෙන අතර, ආයුර්වේදය අනුගමනය කළ තැන් ඇතත් බොහෝ සෙයින් සිංහල වෙදකම අනුව සකස් වී ඇති බව සංස්කාරක හිමියෝ පවසති.
ග්රන්ථය අධ්යාය 47 කින් යුක්ත වන අතර අධ්යාය 15 ක් (වෛද්යාඞ්ගයේ සිට උන්මාද-අපස්මාර-මූර්ඡා චිකිත්සාව දක්වා) මෙම ප්රථම භාගයට ඇතුළත් ය; ඉතිරි අධ්යාය 32 ද්විතීය භාගයට වෙන් කර ඇත. මුල් පිටපත්වල තිබූ සංස්කෘත ශ්ලොක හා පාඨ මෙහි ඉවත් කර ඇති බව ද සංඥාපනයේ සඳහන් ය. ප්රධාන මාතෘකා:
- වෛද්යාඞ්ග, ද්රව්යගණ චිකිත්සා, අන්නපාන විධි
- කුමාර, ශිරොරොග, අක්ෂිරොග, කර්ණරොග, ඝ්රාණරොග, මුඛරොග චිකිත්සා
- ජ්වර, අතීසාර, රක්තපිත්ත, ක්ෂයරොග චිකිත්සා
- උන්මාද-අපස්මාර-මූර්ඡා චිකිත්සා
- හික්කා-ශ්වාස, කාශ, ප්රමෙහ, වාතව්යාධි, ව්රණ ආදී චිකිත්සා (ද්විතීය භාගය)
සංඥාපනය
මයූරපාද පරිවෙණාධිපති බුද්ධපුත්ර ස්ථවිරයන් වහන්සේ විසින් මීන් 667 වසකට පෙර රජ පැමිණි ශ්රී සඞ්ඝබොධි භුවනෛකබාහු නරෙන්ද්රයන් කල මේ ග්රන්ථය ලියන ලද්දේ ය. ගණවැසි කුලෙහි ජාත මහනෙත්පාමුල සුමඞ්ගල මහ තෙරුන්ගේ සොහොයුරුවූ ද, උන්වහන්සේ වෙතින් ම ධර්ම-ශාස්ත්ර උගත් පඬිවරයෙකුවූ ද මූන්වහන්සේ මයූරපාද නම් පිරිවෙණෙහි අධිපති ව විසූ හෙයින් එ නමින් ම ප්රසිද්ධවූ බැව් සිතියහැක්ක. බු: ව. 883 දී- රජ පැමිණි බුද්ධදාස රජතුමා විසින් අනුරපුර මහවෙහෙර මයූරපාද නමින් පිරිවෙණක් කරවූ බැව් කියා තිබේ. ඉන් පසු මෙනමින් ඇතිවූ පිරිවෙණක් ගැණ පැරණි වංශ කථාවල සඳහන් නොවන නිසා 985 වසකින් පසු මූන්වහන්සේ ද එහි පරිවෙණාධිපති ව විසූසේකැයි සිතීම යුක්ති යුක්ත ය. මූන්වහන්සේගේ ශාස්ත්රඥතාය මැනීමට ලංකාවාසී බොහෝ දෙනෙකුන්ට තිබුනේ පූජාවලිය පමණකි. ඒ බැව් පූජාවලී ශොධකයන්ගේ ප්රස්තාවනාවන් හි සඳහන්වෙයි. එහෙත් ස්වභාෂාව පමණක් දත් සිංහල වර්ගයාගේ නීරොගතාව තකා මේ පඬිවරයා විසින් සිංහල භාෂාවෙන් ලියන ලද ඉතා සාරවත් වෙද පොත් දෙකක පුස්කොළ පිටපත් කීපයක් මේ දක්වා ම නො නැසී ඇත්තේ ය. සිංහල වෛද්ය ශාස්ත්රය හා සිංහල සාහිත්යය පොෂණයට ත් අතිශය ප්රයොජනවත්වූ ඒ පොත් දෙකෙන් එකක් පල කරවීමට හා අනික් එක ගැණ මෙවර කරුණු කීමටත් ඉඩ ලැබීම භාග්යයකි.
මයූරපාද පරිවෙණාධිපතින් වහන්සේගේ කෘති :
1. පූජාවලිය-මූන්වහන්සේගේ ප්රථම කෘතියයි. එය ලියන ලද්දේ ප්රතිරාජ දෙව නම් ඇමැතියාගේ ආරාධනය ලෙස (කලිකාල සාහිත්ය සර්වඥපණ්ඩිත) ii පරාක්රමබාහු නරේන්ද්රයානේ රාජ්යෝදයෙන් තිස්වැන්නෙහි (බු ව. 1809) පලාබත්ගල ප්රතිරාජ (පිරිවෙන්)විහාරයෙහි දීය. මෙය බුද්ධත්වය ප්රාර්ථනා කිරීම් වස් “ඉති පි සො” යනාදි පාඨයෙහි ඇතුලත් “අරහං” යන්න මාතෘකා කොට ලියන ලද්දකි.
2. යොගාර්ණවය-දෙවැනි කෘතිය යි. මෙය ලියන ලද්දේ ඉන් නව වසකින් පසු රජ පැමිණි ; භුවනෛකබාහු රාජ සමයෙහි ය. සත්වයන්ගේ මනොරොග නිවාරණය සඳහා බුදුන්ගේ අතීත් ගුණාදි නෛක තථාගත ගුණයන් ප්රකාශිත ග්රන්ථය (පූජාවලිය)ක් ලියා ඉන් පසු මේ ග්රන්ථය ලියූ බැව් මෙහි ආරම්භයෙහි ලියා තිබෙන හෙයින් පූජාවලියට අනතුරු ව ලියන ලද්දේ මෙය බව පෙණේ.
3. ප්රයොග රත්නාවලිය-ලියන ලද්දේ තුන්වැනි ව යි. මූන්වහන්සේගේ ශාස්ත්රඥතාය මැනගැනීමට ඉවහල් වනුයේ මේ ග්රන්ථය යි. ග්රන්ථාරම්භයෙහි උන්වහන්සේ විසින් ම “සද්ධර්ම නමැති මහා සමුද්රයෙහි බැස චතුවේද නමැති ගංගා තෙරට පැමිණ කාව්ය නමැති ජලයෙන් අභිෂෙක කලාවූ මයූරපාද ස්ථවිරයන් වහන්සේ විසින්”--“මේ ප්රකරණය ලොක සත්වයාගේ දුඃඛ නිවාරණය පිණිස සිංහල භාෂාවෙන් ප්රකාශයට ග්රන්ථාරම්භය කරමින් ‘කෙශාග්රය පටන් පාදාග්රය දක්වා එළි පහළ කෙරෙමි’ යන අදහසින් පලමුකොට ගර්භොත්පත්ති රොගයට ඖෂධ චිකිත්සා කියම්හ”යි යන වාක්යයෙන් හැඟේ. මේ වෙද පොත් දෙකේ ම ඇතුලත් චිකිත්සා ක්රම රොග නිදාන-රොග ලක්ෂණ හා එයට යොග්ය පරිදි යන්ත්ර-මන්ත්ර-හොම් (ශාන්ති ක්රියා) නෑකෑත් හා බෙහෙත් ආදියත් හෙළි බස පමණක් දන්නා ජනයන්ට තේරුම්ගතහැකි පරිදි ලියා තිබේ. කර්තෘගේ අදහස ද එය ම බැව් ග්රන්ථාරම්භයෙහි කිය වේ. සමහර අවස්ථාවල මේ පොත් දෙක ආයුර්වේදය අනුගමනය කර ලියා තිබෙතත් බොහෝ සේ ම සිංහල වෙදකම් අනු ව සකස්කර තිබෙන බැව් පෙණේ.
යොගාර්ණවය:මෙය අප අතින් අනුග්රහ ලැබූ පොත ය. මෙහි සඳහන් චිකිත්සා එකක් එකක් පාසා ප්රයොජනවත් ය හදිසි අසනීපයක දී ගෙදර සිටින ජීවකයකු සමාන ය. අභාවයට යන්ව ඉතා ආසන්න අවස්ථාවක පැවති මෙය සංශොධනය සඳහා පුස්කොළ පිටපත් 5ක් සපයාගත්තේ ඉතා අමාරුවෙනි. මෙහි ග්රන්ථාන්තර සංසන්දනය කොපමණ පරීක්ෂාවෙන් කර තිබේ දැයි කියවීමෙන් වැටහී යනවා ඇත. පැරණි පිටපත්වල සමාන ලෙස යෙදෙන සමහර බෙහෙත් ද්රව්යවල නම් වත්මන් වහරෙහි වෙනස් ලෙස යෙදෙතත් තේරුම්ගැණීමට කිසි ම බාධාවක් නැති නිසා පැරණි වචන ම යෙදුවෙමි. මෙය සිංහල සාහිත්යය හා ඉතිහාසය අතිනුත් ඉතා වැදගත් ය. මෙහි සඳහන් රාජමාලාව හා ; භුවනෛකබාහු රජ පැමිණි වර්ෂය ද වෙනස් ය.
මෙකල ‘න-ණ-ල-ළ(හා)අ-ඇ’ ගැණ විශෙෂසැලකිල්ලක් ද තිබුනු බවක් පැරණි පුස්කොළ පිටපත් බැලීමෙන් නො පෙණේ. මෙය සංශොධනය කිරීමේ දි මාරපණ ශාස්ත්රොදය පිරිවෙණේ ආදි ශිෂ්යයෙකු වූ වෛද්යාචාර්ය්ය පී. බී. ජී ජයවීර ( -ඩී. ඇස්. ඒ. සී.) මහතා විසින් මෙහි මූල පිටපත් පරීක්ෂාවෙන් කියවන ලද බැව් කෘතඥතා පූර්වක ව සඳහන් කරමි. ශාස්ත්රොදය පරිවෙණාධ්යක්ෂ ගරු මෙධඞ්කරාභිධාන අප ආචාර්ය්යයන් වහන්සේ ද, බාර්න්ස් රත්වත්තේ මහදිසාපතිතුමන් ද, ශාස්ත්රොදය පිරිවෙණේ ආදි ශිෂ්ය ආයුර්වේද වෛද්යාචාර්ය්ය ඩී. ඇම්. ධර්මාලඞ්කාර මහතා ද, මෙය සංශොධනය සඳහා පුස්කොළ පොත් සපයා දීමෙන් ආධාර කලහ. මෙහි ඉලක්කම් යොදා තිබෙන තැන්වල තිබුන සංස්කෘත ශ්ලොක හා පාඨත් නොයෙදීමෙන් කියවන අයට වැඩි හානියක් නොවන හෙයින් අවශ්යයයි හැඟුනොත් ග්රන්ථාවසානයෙහි යොදන අදහසින් අස් කෙළෙමි. කල බල සහිත අවස්ථාවක මෙහි මුද්රණ වැඩ ආරම්භ කල නමුත් මසක් තුළ අධ්යාය 15 කින් යුත් ප්රථම භාගය ෆෝරම 12 කින් අවසන් කරණ ලදි. ඉතිරි අධ්යාය 32 න් යුත් ද්විතීය භාගය ද ෆෝරම 18 කින් සම්පූර්ණ ව නොබෝ දිනකින් අවසන් වෙනවා ඇත.
සිංහල වෙදකම දියුණු වේවා.
මෙයට, කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිර. (පණ්ඩිත) - 2486/1942 වසක් පුර පසළොස්වක් ලත් ගුරුදින මාරපණ ශාස්ත්රොදය පිරුවන්හි දී ය.