මාරවිජය - පංචමාර දමනය.pdf
- කතෘ :
- මුනිදාස වීරකෝන්
- ප්‍රකාශිත වර්ෂය :
- 1957
- මුද්‍රිත වර්ෂය :
- 1957
- පිටු ගණන :
- 252
- බාගත කිරීම් ගණන :
- 1,789
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-02-14
- ගොනුවේ ප්‍රමාණය :
- 44 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මාරවිජය හෙවත් පඤ්චමාර දමනය යනු ශ්‍රී බුද්ධ වර්ෂ 2501 (ක්‍රි.ව. 1957) සම්බුද්ධ ජයන්ති මහෝත්සවය නිමිත්තෙන් කොළඹ පිටකොටුවේ ශ්‍රී සද්ධම්මදාන සමිතිය මගින් ධර්මදානය පිණිස සම්පාදනය කොට ප්‍රකාශයට පත් කරන ලද ග්රන්ථයකි.
මෙම කෘතිය ආචාර්ය මුනිදාස වීරකෝන් මහතා විසින් සම්පාදනය කර ඇති අතර දෙමටගොඩ මහා විශුද්ධාරාම ත්‍රිපිටක විද්‍යාලයේ දෙවිනුවර ඤාණාවාස ස්වාමීන් වහන්සේ විසින් සංශෝධනය කොට ඇත. එකල බෞද්ධ සමාජය තුළ මාරයා සහ පංචමාර සංකල්පය පිළිබඳව පැවති විවිධ මතවාද, සැක-සංකා සහ විවාදාත්මක කරුණු සූත්‍ර ධර්ම හා අටුවා ඇසුරින් විග්රහ කරමින් බෞද්ධ දෘෂ්ටිය පැහැදිලි කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
පිළිගැන්වීම
පිරිහී ගිය ශ්‍රී ලංකා බුද්ධශාසනය මහත් පරිශ්‍රමයෙන් නගාලූ බොධිසත්ව චරිතොප ශොභිත වැලිවිට අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ශ්‍රී නාමයට ද
පිරිහී ගිය සිංහල සංස්කෘතියට හා බෞද්ධ සංස්කෘතියට පුනර්ජීවය දුන් බොධිසත්ව ගුණොපෙත ශ්‍රීමත් අනගාරික ධර්මපාල (පසුව සිරිදෙවමිත්ත ධර්මපාල හිමිපාණන්) තුමන්ගේ ශ්‍රී නාමයට ද:
2501 ශ්‍රී සම්බුද්ධ මංගල්‍ය නිමිත්තෙන් සම්පාදනය කරන ලද මේ “මාරවිජය” ධර්ම ග්‍රන්ථය සම්පාදකයන් විසින් මහත් ගෞරවයෙන් පිළිගන්වනු ලැබේ.
සම්පාදකයන්ගේ හැඳින්වීමයි.
1932 වර්ෂයේ “සිංහල බෞද්ධයා” පත්‍රයෙහි “බෞද්ධ මාමා” නමින් පෙනීසිට “ළමා තීරය” මෙහෙයවූ කර්තෘ මණ්ඩලීය භවතෙකුගෙන් ළමා පාඨකයෙකු විසින් “බොදු මාමේ! මාරයෙක් ඇද්ද? ඔහුගේ තත්වය කෙසේද? යන ප්‍රශ්න දෙක අසා යවන ලදුව එයට පිළිතුරු වශයෙන් “බැතෝ ‘මාරයා’ නමින් පුද්ගලයෙක් නැත. කෙලෙශයෝම “මාරයා” නමින් හඳුන්වනු ලැබේ.’ යන පිළිතුර “බොදු මාමා” නමින් පත්‍රයෙහි පළවී තිබෙනු දුටුවෙමි. ඒ කාලයේ ශිෂ්‍යයෙකුව සිටි මමද මේ පිළිබඳව විවේචනාත්මක ලිපියක් යවමින් “බොදු මාමේ ‘මාරයා’ නමින් සත්වයෙක් නැත්නම් එදා ජයසිරි මහ බෝමුලදී බෝසතුන් සමග සටන් කළේ කවරෙක්ද? යන්න නැවත විමසුවෙමි. එවිට “බොදු මාමා මට “බැතෝ ඔබ තවම ශිෂ්‍යයෙක් වෙහි. මොළේ දියුණුවීමෙන් පසුව අනාගතයේදී ඔබට මේ ප්‍රශ්නයට පිළිතුරු සපයාගතහැකි වෙයි. එබැවින් මාරයා නමින් කෙනෙකු නැතිබව මා කෙසේ කීවත් ඔබගේ ළපටි මොළයට මෙය වටහා දෙනු නොහැකියි” යනුවෙන් පිළිතුරු සපයා තිබුණි. මේ “මාර විජය” නම් ධර්ම පුස්තකය සම්පාදනය කළේ එදා මා සිත තුළ ඇඳිවු හැඟීමක ප්‍රතිඵලයක් වශයෙනි.
මාරයා හා මාර දූහිතෲන්
එදා බොදු මාමා තුළ ඇතිව තිබූ “මාරයෙක් නැත” යන අදහස අද සමාජයේද පවතී. මතු සමාජයේද ඇතිවනු හැක. එසේම ත්‍රිපිටක ධර්මය පිළිබඳ හසල බුද්ධිමත් ඇතැම් පැවිදි පණ්ඩිතවරයින් තුළද “මාරයෙක් නැත” යන හැඟීම බලපවත්වන බව එබඳු බොහෝ පණ්ඩිතවරයන්ගේ ලියුම්-කියුම් වලින් පෙනේ. පුදුම රහසකි. තථාගත දේශනාව පිළිගනිත් නම් මාරයෙකු පිළිබඳව පමණක් කුමක් නිසා සැක කරත්නාහුද? “මාරයා නොපෙනෙන හෙයින් නැත” යනු ඔවුන්ගේ මතය නම් නොපෙනෙන දෙව්ලොව; බඹලොව; දුගතිය; හා භූතයින් පිළිබඳව තථාගතයන් වහන්සේ වදාළ දේශනා සියල්ලම අසත්‍ය විය යුතුයි. එය එසේ වේද? දිව්යගණයට අයත් වසවත්මර දෙව්පුත් නොපෙනෙන හෙයින් මාරයෙකු නැතැයි කියන්නෝ ඒ දෙව්ගණයටම අයත් ශක්‍රයා ඇතැයි පිළිගන්නාහුද? එසේ නම් ඔව්හු ශක්‍රයා දුටුවාහුද? දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්ත මානුසකෙන යනුවෙන් “මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් මම දකිමි” යයි වදාළ බුද්ධ වචනය පිළිගන්නාහුද? අපට “මරු” නොපෙනෙන පළියට තථාගත වචනය ඉවත දැමිය යුතුද? මාරයෙකු නැතැයි නිගමනය කළහොත් මාරයා නිමිතිකරගෙන තථාගතයන් වහන්සේ වදාළ දේශනා සියල්ලම ඉවත දැමිය යුතුවේයි. කෙලෙස් මරුන් අරමුණු කරගෙන තථාගතයන් වහන්සේ වදාළ දේශනා පිළිබඳ කාගේවත් මතභේදයක් නැති නමුත් සම්බුද්ධත්වයෙන් පසුව වරින් වර නානා ප්‍රකාර “වෙස්” මවාගෙන පැමිණියේ කෙලෙස්මරුද? එසේ නම් සියලු කෙලෙසුන් නසා සම්බුදුවූ බව පිළිගත හැකිද? වසවත් මරු අරමුණු කරගෙන වදාළ තථාගත දේශනා සියල්ල අටුවාචාරීන් වහන්සේලාගේ දේශනා යයි නිගමණය කරමුද? එසේ නම් සෙසු ධර්මද අටුවාචාරීන් වහන්සේලාගේ යයි නිගමනය කිරීම නුසුදුසුද?
මාරයා පිළිබඳව දේශනා කළ ධර්ම කලාපයන් බොරුයයිද නොපිළිගත හැකි යයිද පවසන නූතන ධර්මධරයෝ කිසිකලෙක කවදාවත් සියැසින් තබා සිතෙන්වත් නුදුටුවිරූ ශක්රබ්රහ්මාදීන් පිළිබඳව විශ්වාස කරත්නාහුද? එයටත් වඩා පුදුමය නූතන ප්‍රබුද්ධයන් සම්බුදුරදුන් වෙත පැමිණි මාරදුහිතෲන් තිදෙනා රාග-දෝස-මෝහ යන “පව් මුල් තුන” හැටියට පිළිගැනීමයි. “දිස්වාන තණ්හං අරතිං රගඤ්ච - නාහොසි ඡන්දො අපි මෙථුනස්මිං” ආදී තථාගත දේශනාවෙන් නූතන ප්රබුද්ධ මතය නිරායාසයෙන්ම බිඳ වැටේ. එතරම් ප්‍රණීත තථාගත දේශනාවකට සැක කරන ප්රබුද්ධවෝ බෞද්ධයෝද?
දසමරසෙන්
මාරයා නැතැයිද “වසවත් මරු නමින් කෙනෙක් බෝසතුන් වෙතට හා බුදුරදුන් වෙතට නොපැමිණියේය”යිද පවසන ඇතැම් අය “කාමාතෙ පඨමා සෙනා දුතියාරතිවුච්චති” යනාදී තථාගත දේශනාව එයට ආයුධයක් කරගෙන ඇත. එහෙත් අග-මුල නොසොයා ප්‍රබුද්ධයන් අල්ලාගත්තේ ඔවුන්ම ඔවුන් කපාගන්නා ආයුධයෙකි. ඒ ඇයිද? වසවත් මරු හා කෙලෙස්මරු එකට අනා කලතා ගොහොරු කරගත් ප්රබුද්ධවෝ එහිම එරී ගියහ. “කාමාතෙ පඨමා සෙනා” ආදී දේශනා ඇතුළත් “පධාන” සූත්‍රයෙහි “සචෙ තානං සබ්බං පඨම සෙනාසෙනං කුඩාගතො - අනුමනෙනාපි පලෙඤ්ඤන අප්පෙය්යනං තම්පිජාති.” ආදීන් වදාළ මුල් දේශනා ප්රබුද්ධයන්ට නොපෙනුනේය. එයද මරු නොපෙනීම වැනි දෙයකි. “එම්බා මාරය! පමත්ත බන්ධු! (පවිටන්ගේ ඤාතිවරය!) නුඹ කියන ගිනි දෙවියා පිදීමවත් යාග හෝම කිරීමවත් මට අවශ්‍ය නැත. එබඳු දෙයින් පලක් ඇති අයට නුඹේ අවවාදය සුදුසුය” යනුවෙන් බෝසතුන් එදා ආමන්ත්‍රණය කොට මාරයාට කී බව “පධාන” සූත්‍රයෙහි විස්තර ලෙස ඇත්තේය. මාරයා එදා බෝසතුන්ට කථා කොට “පින්වත ඔබගේ දුෂ්කර ක්‍රියාව නිසා ඔබ දැන් බොහෝ කෘශවී සිටින්නෙහි ය. එනිසා මේ දුෂ්කර ක්‍රියාව නවතා ගමට ගොස් එහිදී පින් දහම් කරගෙන කලින් කළ ගිනිදෙවියාද පුදන්නේනම් එයින් පල ලැබේ”. යනුවෙන් අවවාද කළ බව “පධාන” සූත්‍ර යෙහි විස්තර වේ. එදා බෝසතුන් කරා ආවේ “කෙලෙශ මාරයා” නම් එදා බෝසතුන්ට තවුස්දම් එපා වී ගම-රට දුෂ්කර ක්‍රියාව හැරදමා ගමට ගොස් ගිනිදෙවියා පුදමින් පින් සිඳුකර ගැනීමට සිතෙන්ට ඇත. නැවතත් ඒ සිත හැරදමා දුෂ්කර ක්‍රියාව පුරණ බවම තීරණය කරගන්ට ඇත. ඒ එසේද? එහෙයින් කාමාදී සේනාවෝම මාරසේනා බව නිශ්චය කළයුතුවේ. තවද කෙලෙශමාරයා විස්තර කළ තැනදී ලොභ-දෝස-මෝහ-මාන-දිට්ඨි-විචිකිච්ඡා-උද්ධච්ච-අහිරික- අනොතතප්ප-ථින-මිද්ධ ඉස්සා-මච්ඡරිය-කුක්කුච්ච-යන තුදුස් අකුශලයන් සංග්‍රහ කරනු ලැබූ “දහස්කෙලෙසයෝ” ඇතුළත් කරණ ලදී. තථාගතයන් වහන්සේ “මරසෙන්” විස්තර කළ තැනදී,
“කාමාශාව-අරති-බඩගින්න හා පිපාසය-ආහාර පාන සෙවීමෙහි ආශාව-ථිනමිද්ධ-භය-සැකය-ගුණමකුබව හා අවවාදයට නොකැමැති දෘඪබව-ලාභ කීර්ති ප්‍රශංසා යස ඉසුරු යන මේවා (තමා උසස් තැන තැබීම හා අනුන්ට අවමන් කිරීම) නම්වූ මරු යෝගාවචරයන් දුබල කරවන්නේ යෝගාවචරයින්ගේ සිතට මෙකී දසමරසෙන් ඇතුල්කරවමින් යෝගාවචරයාගේ සිත වික්ෂෙප (නොසන්සුන්) කරවීමෙනි. නියම චෛතසික බලයෙන් යුත් යෝගාවචරයා මෙකී මාරපාසයන්ට නොරැවටී මනදොළ ඉටුකර ගණී. මාරයා කෙලෙස් හෝ යෝගාවචරයාගේ සිත නොසන්සුන් කරවයි. සන්සුන් වූ සිතට ධ්‍යාන සමාපත්ති - මාර්ග - ඵල යනාදී උත්තරී මනුෂ්‍යධර්ම උපදවනු හැකි නිසයි. මෙබඳුවූ “මාරයා” සම්බන්ධව තථාගතයන් වහන්සේ වදාළ ඉතා ප්‍රසිද්ධ දේශනා තිබියදීත් වසවත් මරු ගැන සැක උපදවන්නේ අවිද්‍යාව බහුල කොට ඇත්තාහුය.
මුනිදාස වීරකෝන්, 1080, නුවරපාර, කැලණිය.