මන් භූරිදත්ත චරිතාපදානය - මහා බූවා ඤාණ සම්පන්නෝ හිමි.pdf
- කතෘ :
- මහා බූවා ඤාණසම්පන්නො හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2005
- මුද්රිත වර්ෂය :
- 2005
- පිටු ගණන :
- 364
- බාගත කිරීම් ගණන :
- 3,516
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2015-11-04
- ගොනුවේ ප්රමාණය :
- 3.9 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්යාත්මික චරිතාපදානය යනු තායිලන්තයේ ආරණ්ය සේනාසන සම්ප්රදායේ ආදිකර්තෘවරයෙකු වූ අතිපූජ්ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේගේ ජීවිත කථාව හා උන්වහන්සේගේ ආධ්යාත්මික ගමන් මඟ විස්තර කෙරෙන චරිතාපදාන ග්රන්ථයකි.
මෙහි මුල් කෘතිය අතිපූජ්ය ආචාර්ය මහා බූවා ඤාණසම්පන්නෝ හිමියන් විසින් තායි බසින් රචනා කරන ලද අතර, එය භික්ඛු ඩික් සීලරතන හිමියන් විසින් ඉංග්රීසි බසටද, අනතුරුව ආචාර්ය භික්ඛුනී කුසුමා මෙහෙණින් වහන්සේ විසින් සිංහල භාෂාවටද පරිවර්තනය කර ඇත. මෙම මුද්රණය තායිලන්තයේ සිල්පා සියෑම් මුද්රණාලයේ මුද්රණය කොට ධර්ම දානය පිණිස බෙදා හරින ලද්දකි.
ග්රන්ථය ප්රධාන පරිච්ඡේද කිහිපයකින් සමන්විත වන අතර, ධූතාංග සමාදානය, ආරණ්යගත ජීවිතය, වන සතුන් හා අමනුෂ්යයන් මධ්යයේ කළ භාවනා අත්දැකීම්, සහ පිරිනිවන් පෑමෙන් පසු ධාතූන් වහන්සේලා පහළ වීම ආදී කරුණු ඇතුළත් වේ.
පරිවර්තකයාගේ හැඳින්වීම
නවීන තායි බුදු දහමේ අති ශ්රේෂ්ඨ පුද්ගලයා ලෙස පූජනීය ආචාර්ය මන් භූරිදත්ත හිමි ප්රසිද්ධ වී ඇත. උන් වහන්සේගේ ජීවිත කාලයේදී දස අත පැතිරී ගිය ගුණ සමුදාය වූයේ ප්රධාන වශයෙන් උන් වහන්සේ තුළ පැවති අසාමාන්ය ධෛර්ය්යය, තපස සහ තම අනුගාමිකයින් වෙත දැක්වූ ප්රබල විනය ගරුක භාවය වේ. පිරිනිවීමෙන් දැන් වර්ෂ 50ක් පමණ ඉක්ම වී ඇතත් බෞද්ධ ජනතාවගේ ගෞරවනීය පිළිගැනීමේ විශිෂ්ටත්වයක් ඇත. එනම් බුදුරජාණන් වහන්සේගෙ ”ආර්යර්ය පර්යේෂණය තුළින් ජීවිත පරිණාමය වූ අපූර්ව සිද්ධිය මුන්වහන්සේගේ ජීවිත පරිණාමයේ ද දැක ගත හැකි බවය.
ආචාර්ය මන් භික්ෂූන්වහන්සේගේ ජීවිත චරිතය ලිය වී නොතිබුණ නමුත් උන්වහන්සේගේ ළඟින් ඇසුරු කළ ශ්රාවකයන් වහන්සේලාගේ එම චරිතය පිළිබඳ චමත්කාර සිද්ධීන් අලලා උන්වහන්සේගේ පිරිනිවීමෙන් අවුරුදු 20කට පසු මෙම ග්රන්ථය සම්පාදනය කළහ. මෙම ග්රන්ථයේ සුවිශේෂ ජනප්රියතාවය නිසා තායි බෞද්ධයන් තුළ බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයේ සත්යතාවය හා නිර්වාණාවබෝධය කිරීමේ හැකියාව අද දිනත් ඇති බව තහවුරු වී ඇත. අවු. 2500කට ප්රථම දස දහස් සංඛ්යාත රහතුන්වහන්සේලා සිටි බවත් ”මග ඵල” ලබා ගැනීමේ භාග්යය අදටත් වලංගු බවත් තායි බෞද්ධයෝ පිළිගනිති. ආචාර්ය මන් ගේ නිවන් අවබෝධය පිළිබඳ කථා ප්රවෘත්ත මෙම ග්රන්ථයේ අඩංගු වී ඇත. එය ඉතිහාස ප්රවෘත්තියක් හෝ වියලි ගිය අදෘශ්යමාන සත්යයක් නොවේ. එය අප අතට පත් ජීවමාන දායාදයකි. සත්ය තොරතුරකි. දීප්තිමත් ආලෝකයකි. උතුම් නිර්වාණ අවබෝධය පිණිස යමෙක් වෙර වඩා නම් ඔහුට එය ලබා ගත හැකි බව ඔප්පු වී ඇත. බුදු සව්වෝ චීවර ධාරී ආරණ්යක ජීවිත ගත කරන බුද්ධ ධම්ම සංඝ සංකේතයක් පමණක් නොව සමහර බුදු සව්වෝ බුදු දහම අවබෝධ කළ සජීවි උතුමන් බව මෙම පුස්තකයෙන් මනාව පැහැදිලි වේ.
ආධ්යාත්මික සුවය ලබා ගැනීමේ අති උතුම් චේතනාව සාක්ෂාත් කර ගැනීමට නම් අදාළ පිළිවෙත් අනුගමනය කළ යුතුය. බුදුරජාණන් වහන්සේ දෙසූ මධ්යම ප්රතිපදාව අනුගමනය කළ යුතුය. අත්තකිලමථානුයෝගය හෙවත් ශරීරයට දැඩි දුක් දීම බුදුරජාණන් වහන්සේ ප්රතික්ෂේප කළ නමුත් සුවිශේෂ තවුස් ජීවිතයට අදාළ ධූතාංග පිරීම නිසා සම්මා වායාම සපිරෙන බව වදාළ සේක. මධ්යම ප්රතිපදාව යනු සැප පහසු ලැබීමට දුක් මග හැරීමක් නොව, එය මනසේ හට ගන්නා කෙලෙස් හොඳාකාර මර්දනය කරමින් සියලු බාධක මැඩ පවත්වමින් තම ඉලක්කය කරා ගෙන යන සාර්ථක ප්රතිපදාවකි. ආධ්යාත්මික
දියුණුව දැඩි උත්සාහයකින් අනන්ත බාධක හිරිහැර මධ්යයේ සිදු කළ යුතුය. මක්නිසාද යත් තම ආධ්යාත්මික බලවේග, පුරුදු තුළින් කෙලෙසුන් උද්ගතවී තමාටම අභියෝගයක් වන බැවිනි. එබැවින් ආධ්යාත්මික සටන ගෙන යන භටයා තුළ මානසික හා ශාරීරික ශක්තිය තිබිය යුතුය. මැලිකම, තණ්හාව, මානය, උඩඟුකම ආදිය බලවත් බාධක වෙති. මෙවැනි සියුම් කෙලෙස් මර්දනය කිරීමට ධූතාංග රැකීම ඉතා අවශ්ය බව බුදුරජාණන් වහන්සේ දෙසූ සේක. එම තවුස්දම් තුළින් භික්ෂුවකගේ දෛනික ජීවිතය ඉතාම සරල, නිහතමානි, ආත්ම සංයමයකින් යුක්තව කටයුතු කරන ආකාරය දැක ගත හැකිය. තම සිතෙහි හට ගන්නා කෙලෙස් ඉතා තීක්ෂණ ලෙස නිරීක්ෂණය කළ යුතු බව පැහැදිලි වේ. ධූතාංග රැකීමේදී මේ අවශ්යතාවය සපිරේ. එබැවින් ධූතාංග රකින භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ විශේෂ ගෞරවයට පාත්රවිය.
මෙසේ බෞද්ධ භික්ෂුවක් ගිහිගෙය හැර දමා සිවුරු පිරිකර දරමින් පිඬු පිඬු සිඟා යමින් ආරණ්යවාසය ප්රිය කරයි. බෞද්ධ භික්ෂුවකගේ නියම ස්වරූපය ධූතාංග භික්ෂුව තුළින් පිළිබිඹු වේ.
මෙවැනි දුෂ්කර ජීවන රටාවක් අනුගමනය කරමින් භාවනායෝගීව වාසය කරන භික්ෂුව ‘”ධූතාංග කර්මස්ථාන” රකින්නෙකැයි හැඳින්වේ. මෙම ප්රතිපත්තිය තුළින් ලෝභ, ද්වේශ, මෝහය නිසා හට ගන්නා සියුම් කෙලෙස් පවා උදුරා දැමිය හැකිවේ. එහෙයින් සසර පැවැත්ම සිඳී යයි. කර්මස්ථාන යනු භාවනා දියුණු කිරීමයි. ධූතාංග යනු එම භාවනාවට අවශ්ය දුෂ්කර ප්රතිපත්ති වේ. මේ දෙක එකිනෙකට උපකාරක ධර්මයන්ය. විනය නීති රැකීම නිරායාසයෙන්ම සිදුවන බැවින් බෞද්ධ භික්ෂුවකගේ ප්රතිපත්ති රැකීමේ ප්රබල අධිතාලමක් ලෙස ධූතාංග ක්රියාත්මක වේ.
ආචාර්ය මන්ගේ උපදේශන මේ තාපස ජීවිතය තුළ ගැබ් වී ඇත. පැවිදි ජීවිතය ආරම්භයේ සිට අවසානය දක්වා උන්වහන්සේ අනුගමනය කළ රූක්ෂ ප්රතිපත්ති තම ගෝල බාලයින්ට පමණක් නොව මුළු මිනිස් සංහතියටම කදිම ආදර්ශයකි. තායිලන්තය තුළ ධූතාංග කර්මස්ථාන ප්රතිපදාව නැවත ලෝකයාට හැඳින්වූ මහා පුරුෂයෙක් ලෙස උන්වහන්සේ පිළිගෙන ඇත. උන්වහන්සේ අනුගමනය කළ මේ ධූතාංග පුරණය අද දක්වා තායිලන්තයේ විශේෂ ගෞරවයකට පාත්රවෙමින් පවතී.
උන්වහන්සේ තුළ අග්ර ගණයේ ගුරුවරයෙකුගේ සහජ හැකියාවක් තිබුණි. උන්වහන්සේගේ උපදේශනය ලැබූ බොහෝ භික්ෂූන්වහන්සේලා උත්තරීතර මනුෂ්ය ධර්ම පූර්ණ කරමින් තමනුත් ලෝකය පිළිගත් ආචාර්යයවරුන් ලෙස නොයෙක් රටවල දක්නට ලැබේ. එය තුළින් ධූතාංග කර්මස්ථාන පුහුණුව ලෝකයේ ප්රචලිත වෙමින් පවතී. උන්වහන්සේගේ අති උතුම් ප්රතිපදාව ජීවිතය
අවසාන කාලයේ බොහෝ අයගේ පිළිගැනීමට පත් විය. එය උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසු තව තවත් විකාශනය වී අද මුළු තායිලන්තයම උන්වහන්සේ ”ජාතික වස්තුවක්” ලෙස පිළිගනිති. විසිවෙනි ශත වර්ෂයේ ජීවත් වූ ආර්යර්ය සංඝ රත්නයක් ලෙස ලොව පුරා පිළිගනිති.
සසර දුක් කෙළවර කිරීමේ අදහසින් උන්වහන්සේ නෛෂ්ක්රමය ගුණය පිරූහ. පා ගමනින් ගමින් ගමට හුදකලාව යමින් කඳු මුදුන් කැලෑ ආදී නිහඬ පරිසරය සොයමින් භවනා මනසිකාරය පූර්ණ කළහ. මුළු ජීවිතයම එලිමහනේ අව් වැසි සීත උෂ්ණ, මැසි මදුරු පරිසරයේ ගෙවී ගියේය. ඒ නිසා පරිසරයේ සුන්දරත්වය බොහෝ අගය කළහ. කඳු හෙල් වන පෙත් ගංගා ගිරි ගුහා උන්වහන්සේගේ ප්රියතම පරිසරයන්ය. කොටි, වලස් ආදී ලොකු කුඩා වන සතුන්ගෙන් පරිසරය ගහණ විය. මිනිස් ජනාවාස ඈතින් පිහිටියේය. උන්වහන්සේ පිණ්ඩපාතයෙන් ජීවත් වූ බැවින් ඉතා දුප්පත් ගැමියන්ගේ භක්ති ආදරයට පාත්ර විය.
ඉතා දුෂ්කර දිවි පෙවෙතක් වුවද ආරණ්යවාසි භික්ෂුවකට එම පරිසරය සුවදායක නිවෙස් විය. පාසැල විය. අත්දැකීම් ලබන පුහුණු මධ්යස්ථානය විය. බුදු දහම නියම ආකාරයටම පිළිපදින විට එය තම ආරක්ෂාව විය. තායිලන්තයේ නොදියුණු ගම්බද කැලෑ පරිසරය 20 වෙනි ශත වර්ෂයේ වුවද ඉතා පැරණි ශිෂ්ටාචාරයකි. එය බුද්ධ කාලීන අවුරුදු 2500කට ප්රථම තිබූ මිනිස් ජීවිතය පිළිබිඹු කරන්නකි.
ආචාර්ය මන් ගේ මෙම ජීවන ගමනට පසුබිම වූ සම්ප්රදායික පරිසරය ගැන දැන ගැනීම සුදුසුය. 19-20 වෙනි සියවසේදී තායිලන්තයේ ප්රාන්ත ප්රදේශ අගනුවර පැවති ආණ්ඩු බලයට යටත් නොවීය. ඊට හේතුව විශාල ඝන කැලෑවලින් ගහන වූ නිසාත් පාර තොටවල් නොමැති බැවින් ගමනාගමන දුෂ්කරතා නිසාත්ය. 80%ක් පමණ තායිලන්තය මෙවැනි වල්බිහි වූ මිනිස් වාසයක් නොවූ විශාල ඝන වනාන්තරයන්ය. ඉතා සුළු වශයෙන් ජීවත් වූ ආදී මිනිසා මෙන් මෙහි ප්රාන්තයන්හි ගම්වාසීන් වන සත්වයින් ඝාතනය කරමින් විසූ වැද්දන්ගේ ස්වරූපය විය. ඉතා සුළු ගොවිපලවල් තිබුණි. අධික බිය ගෙන දෙන අලි කොටි ආදීන්ගෙන් බිය පැමිණෙන බැවින් ඔවුන් කුඩා ජනාවාස වලට සීමා වූහ. එක ගමක සිට අනිත් කිට්ටුම ගමට යාමට මහ වනාන්තරය තුළ අඩි පාරවල් ඔස්සේ මුළු දවසක් ගමන් කළ යුතු විය.
මෙම අඩවියේ විසූ මිනිසා ස්වභාව ධර්මයට අනුව තම ගති පැවතුම් පවත්වා ගැනීමේ සම්ප්රදායකට හැඩ ගැසී සිටියහ. අමනුෂ්ය වාසයට වඩා යෝග්යවීම නිසා අලි කොටි වලස් ආදී භයානක සත්ත්වයින් පමණක් නොව භයානක යක්ෂ භූත ආදීන්ගෙන් ද ගහණ විය. විශාල බෙන්ගාල කොටින්ගේ නිජ භූමිය විය. එහි වාසය කළ මිනිසුන්ට පමණක් නොව වනවාසී භික්ෂූන්ට ද මෙම පරිසරය එකසේ බිය එලවන්නක් විය.
එසේ හෙයින් මෙම භයානක වනාන්තරයේ හුදකලා ගමන් කිරීම යනු මහත් ආශ්චර්යයකි. මෙවැනි පරිසරයක ආචාර්ය මන් සහ ධූතාංග භික්ෂූහු සැරිසැරූහ. උන්වහන්සේලාට තිබූ එකම ආයුධය තම භාවනා බලය පමණි. මෙවැනි වනාන්තර කඳු හෙල් එම භික්ෂූන්ට තම අධ්යාත්මයට කිඳා බැස කෙලෙස්වල තත්ත්වය වටහා ගැනීමට කදිම පුහුණු මධ්යස්ථානයක් විය. තමාගේ නැගී එන කෙලෙස් සමග උග්ර සටනක යෙදීමට සිදුවිය.
ආචාර්ය මන් බුදුරජාණන්වහන්සේගේ ධර්මයට අනුව උග්ර තපස් රකිමින් ජීවත් වූ ආකාර, ඇසූ දුටුවන් මවිත කරමින් උන්වහන්සේගේ ආර්යර්ය සඟ ගුණ විදහා දක්වයි. ආර්යර්ය සංඝයාගේ අතීත ප්රවෘත්ති අප පැරණි ධර්ම ග්රන්ථයන්ගෙන් කියවා මවිත වෙමු. ඒ හා සමාන ආචාර්ය මන්ගේ ජීවිත කථාව මුල සිට අග දක්වා චමත්කාරය. බුදු දහමට අනුව තම කෙලෙස් දුරු කිරීමට ගත් ප්රයත්නය මිනිසාට කළ හැකි බව ඔප්පු කිරීමකි. එසේ හෙයින් 2500 අවුරුදු පැරණි මේ බුදු දහම තුළින් මිනිසාගේ සියළු දුක් නසා නිවන් අවබෝධ කිරීමට අදත් හැකි බව පිළිගත යුතුය.
එබැවින් මේ ජීවිත කථාව ලියන්නේ ආචාර්ය මන්ගේ ජීවිත කථාව පමණක් නොව නිවන් මාර්ගය සොයමින් යන පින්වතුන්ට විශාල ආභාෂයක් ඇති කිරීමට ගත් ක්රියා මාර්ගයක් ලෙසය. එබැවින් සියලු අඩංගු කරුණු සම්පූර්ණ තොරතුරු නොවන බව පිළිගත යුතුය. මෙම පුස්තකය තායි භාෂාවෙන් ලියූ ලේඛකයාගේ අරමුණ නිවැරදි ප්රවෘත්ති සැපයීමට වඩා තමා ඇස්දුටු සත්යයන් ප්රකාශ කිරීමය. මෙහි අඩංගු කරුණු සම්යක් සංකල්පනාවට පාත්ර වේවායි මෙම පිළිවෙත් මාර්ගය ආදර්ශයක් වේවා !
ආචාර්ය මන්ගේ ඉගැන්වීම් ක්රම සුවිශේෂ බව මෙම ග්රන්ථයෙන් පැහැදිලි වේ. උන්වහන්සේට අමනුෂ්යයන් සමග සම්බන්ධ වී අදහස් හුවමාරු කිරීමට දක්ෂතාවයක් තිබුණි. නිරන්තරයෙන්ම දෙවිවරු බ්රාහ්මණයන් පමණක් නොව නාග, යක්ෂ, ප්රේත ආදී නොයෙක් අමනුෂ්යයන් සමග ද අපාය තිරිසතුන් සමග ද කථා බහ කළ බව පෙනේ. උන්වහන්සේට දිබ්බ චක්ඛු සහ දිබ්බ සෝතය ඇති බව ඉන් පැහැදිලිය.
විද්යා තාක්ෂණයේ පිළිගත් සිද්ධාන්ත වලට වඩා දියුණු මනසකින් ලැබිය හැකි දැනුම ඉතා වෙනස් වේ. නොයෙක් තරාතිරමේ දෙවිවරු ඇති බවත් ඒ අය ඉතා සියුම් තීක්ෂණ ඉන්ද්රියන් පරිහරණය කරන බවත් මෙම කථා ප්රවෘත්ති අනුසාරයෙන් පෙනේ. මිනිසාගේ ප්රකෘති ඉන්ද්රියන්ට විෂය නොවූ අපට නොපෙනෙන ලෝක
අනන්ත අප්රමාණ ඇති බව සිතිය හැකිය. ඒවා භෞතික මට්ටමෙන් නිරාවරණය නොවේ. මෙසේ අතීන්ද්රිය ශක්තීන් නිසා සම්මුති සත්යය අභිබවා පරමාර්ථ සත්යය අවබෝධ කිරීම පහසු වේ.
මෙවැනි අධිමානුෂික ශක්තීන් උපයෝගී කොට ආචාර්ය මන් බුදු දහම දේශනා කිරීමට මහත් ආයාසයක් ගත් සේක. අමනුෂ්යයන්ගෙන් ගහණ වූ එම පරිසරය තුළ උන්වහන්සේගේ ධර්මය ශ්රවණය කළ මාර්ගය පුහුණු කළ භික්ෂූන්වහන්සේලාට සහ මිනිසුන්ට වඩා අමනුෂ්යයෝ වූහ.
ආචාර්ය මන් මෙවැනි ආශ්චර්යමත් සිද්ධීන් හැඳින්වූයේ ‘”හදවතේ ගුප්ත බලය” යනුවෙනි. අපි ජීවත්වන පරිසරය අපට නිසැකව අවබෝධ වන්නාක් මෙන් අපට නොපෙනෙන නමුත්, එම ලෝක වාසීන්ට අපට මෙන්ම ඔවුන්ගේ පරිසරය සත්යයකි. තායි භාෂාවෙන් ”හදවත” ”මනස” එකම අදහසක් ඇති පද වුවද ”හදවත” යනු මනසට වඩා සංකීර්ණ වේදනා - සඤ්ඤා - සංඛාර තුළින් හැඟීම් ඇති කරවන තත්ත්වයකි. හදවත යනු සියලු ජීවීන්ගේ උසස්ම ඉන්ද්රිය වේ. එබැවින් ධර්මය අවබෝධ කිරීමට ඇතිවන හදවතේ අරගලය උන්වහන්සේ පෙන්වා දෙයි.
මනස හෙවත් චිත්තය යන වචනය උන්වහන්සේ යොදන්නේ ”දැනීම” ගෙන දෙන ඉන්ද්රිය ලෙසය. මෙවැනි වචනවලට ඉංග්රීසි වචන සෙවීම දුෂ්කර බැවින් පාලි වචනය යොදා ඇත.
කර්තෘ - ආචාර්ය මහා බූවා ඤාණ සම්පන්නො
වර්තමාන තායි බෞද්ධයන් අතර ගරු ආචාර්ය මහා බූවා ඤාණස-