බෞද්ධ ගාන්ධාරය - ඉශාන් එච් නදීම්.pdf

කතෘ :
ඉශාන් එච්. නදීම්
ප්‍රකාශිත වර්ෂය :
2003
පිටු ගණන :
106
බාගත කිරීම් ගණන :
2,921
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-06-30
ගොනුවේ ප්‍රමාණය :
14 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 54

බෞද්ධ ගන්ධාරය යනු පකිස්ථානයේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ හා ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ බාහිර මහාචාර්යවරයෙකු වූ ඉශාන් එච්. නදීම් විසින් රචිත ‘Buddhist Gandhara’ නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙය එම්. එස්. ඒ. හුසෙයින් සහ මහාචාර්ය අරුණි විශ්වා අතාවුද විසින් පරිවර්තනය කරන ලදුව, කොළඹ පිහිටි පකිස්ථානු මහා කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහයෙන් යුතුව මුද්‍රණය කර ප්‍රකාශයට පත් කර ඇත. අනතුරුව මහාචාර්ය අනුර වික්‍රමසිංහ විසින් විශේෂඥ පරිශීලනය සිදු කර තිබේ.

මෙම කෘතිය මඟින් පුරාණ ගන්ධාර දේශයේ ඉතිහාසය, බුදුරජාණන් වහන්සේගේ චරිතය හා ඊට අදාළ ජාතක කථා, ගන්ධාර බුද්ධ ප්‍රතිමා සහ චිත්‍ර කලාවේ විකාශනය මෙන්ම ස්තූප ඇතුළු ආගමික වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳ විස්තරාත්මක අධ්‍යයනයක් ඉදිරිපත් කෙරේ.

මෙහි අඩංගු ප්‍රධාන මාතෘකා:

  • ගන්ධාරයේ ඉතිහාසය
  • බුදුරදුන්ගේ ජීවිතය (ඔහුගේ ඉගැන්වීම්, බෞද්ධ ධර්ම ග්‍රන්ථ)
  • බුදුරදුන් පිළිබඳ ජාතක කථා සහ පුරාවෘත්ත
  • ගන්ධාර චිත්‍ර කලාව හා කාල නිර්ණය
  • ගන්ධාර ගෘහ නිර්මාණ ශිල්පය (ස්තූප හා ආගමික ගොඩනැඟිලි)
  • ගෘහ නිර්මාණ ආදර්ශන (තක්ෂිලා, පෙෂාවෝර් සහ ස්වාට් නිම්න ආශ්‍රිත පුරාවිද්‍යා ස්ථාන)

පෙරවදන

ගන්ධාර යුගයේ නටබුන් වලින් ගහනව පැවැති වයඹ දේශසීමා ප්‍රදේශයට මා අනුයුක්ත කරනලද අවස්ථාවේ එහි පැවැති බෞද්ධ අවධිය පිළිබඳ සවිස්තර නුමුත් සරල වශයෙන් හෝ පොතක් බිහිවිය යුතු බව මා සිතතුල තදින් බලපැවැත්විණි. මෙම විෂයට අදාලව තිබූ පොත් බොහෝවිට නොයෙකුත් ප්‍රදර්ශන හෝ ප්‍රදර්ශන සඳහා තිබූ නාමාවලියක ස්වරූපය ගත් ඒවා වූ අතර සම්පූර්ණ විෂයට අදාල ඒවා නොවීය. ගන්ධාර කලා ශිල්පය වෙනුවෙන් තිබූ අනෙකුත් පොත් ස්වල්පයක් වූ අතර ඒවාද දකුණු ආසියාන්තික උපමහාද්වීපය පිළිබඳ යථාර්ථය විදහා දැක්වීමට තිබූ ඒවා විය. එම නිසා මා මෙහි දක්වන තොරතුරු බොහෝවිට මේ ප්‍රදේශයේ පවතින බෞද්ධාගම පිළිබඳවත් ප්‍රදේශය පිළිබඳවත් වනු ඇත. බෞද්ධ කලාව, ගෘහනිර්මාණ ශිල්පය හා මේ ප්‍රදේශයේ ඉතිහාසය කෙටියෙන් දක්වන අතර එය ගිහියකු මෙන්ම විද්වතෙකුද මැනවින් අවබෝධ කරගනු ඇත. මෙම උත්සාහයේදී කෙතරම් දුරට මා සාර්ථක වී ඇද්දැයි තීරණය කිරීම පාඨකයාට භාරකරමි.

මෙම කෘතිය ලිවීමේදී නොයෙකුත් අයුරින් මට උදව්කල මිතුරෝ බොහොමයක් වෙති. මීට ප්‍රථමවාර වලදී මෙන්ම චෞද්රි නියාස් අහමඩ් නිතරම මාව දිරිමත් කල අතර එය මා තුළ වූ ධෛර්යය වැඩි දියුණු කරමින් මෙවැනි සියුම් විෂයක් කෙරෙහි මා සිත යොමු කිරීමට පෙලඹුණි. චෞද්රි අෂ්රාෆ් අහමඩ් මහතාද මට අවශ්‍යව තිබූ වෙනත් පොත්පත්ද සපයා දීමෙන් මෙවැනි වැදගත් කර්තව්‍යයක් නිමාකර ගැනීමට උදව්විය. ඒ ගැන එම දෙපලටම මම ස්තුතිවන්ත වෙමි. ඓතිහාසික නවකථා, සංචාර කථා තිරු රචනා වැනි දේ ලියන ලේඛක ඇම් රෆීක් ඩොගාර් මහතා මාව දිරිමත් කරමින් ඔහුගේ වටිනා කාලය සමහර අංශ පරීක්‍ෂා කිරීමෙන් හා විග්‍රහ කිරීමෙන් මට උපකාරී විය. ගන්ධාර ඓතිහාසික හා කලාත්මක කරුණු ගැන අවබෝධයක් ලබාගන්නා අවස්ථාවලදී ස්ථිර නිගමනයකට පැමිණීමට පෙර කරුණු සාකච්ඡා කිරීමෙන් හා ඒ පිළිබඳ උදව් උපකාර කිරීමෙන්ද කල උපකාරය ගැන ඔහුටද ස්තුති වන්ත වෙමි.

ගන්ධාරය පිළිබඳ කරුණු අවබෝධකර ගැනීමේදී මෙන්ම මීට ප්‍රථම ‘සින්ද්’ පිළිබඳ කරුණු හැදෑරීමේදීත් දුර්ලභ ගණයේ පොත්පත් සපයා දීමෙන් මට උදව් කළ අහ්සාන් අලි මහතාටද මගේ ස්තුතිය හිමිවිය යුතුය.

මගේ පවුලේ අයගෙන් ලැබුණු උදව් ගැන මා මේ අවස්ථාවේ සඳහන් නොකලොත් මා විසින් මාගේ රාජකාරිය පැහැරහැරීමක් වනු ඇත. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කරණතාක් කල් ඉතා ඉවසිලිවන්තව හා කාරුණිකව එම අයගේ පහසුව නොබලා කාලය මිඩංගු කරමින් මා වෙනුවෙන් කැප කිරීමක් සිදුවුණි. එම නිසාම මේ අවස්ථාවේදී, සුරය්යා, අසීම්, ඉරාම් හා ආසෙෆ් මෙන්ම මවුසුමා ශාමා හා කුඩා දරුවන් තිදෙනා වන උජාලා, සෝයා, හා අයෙෂා ටද ස්තුති වන්ත වෙමි.

ඉශාන් එච්. නදීම්
පකිස්ථානයේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ හා
ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ බාහිර මහාචාර්ය