බෝධී වන්දනාව - නාඋයනේ අරියධම්ම හිමි.pdf
- කතෘ :
- නාඋයනේ අරියධම්ම හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2009
- මුද්රිත වර්ෂය :
- 2009
- පිටු ගණන :
- 34
- බාගත කිරීම් ගණන :
- 3,907
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-11-19
- ගොනුවේ ප්රමාණය :
- 1.7 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බෝධි වන්දනාව යනු ශ්රී කල්යාණි යෝගාශ්රම සංස්ථාවේ ප්රධාන අනුශාසක ධුරය හෙබවූ අතිපූජ්ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත වන්දනා ගාථා හා උපදෙස් ඇතුළත් දහම් කෘතියකි. පළමු වරට 1999 දීත්, දෙවන වරට 2003 දීත් මුද්රණය වූ මෙම කෘතියේ තෙවැනි මුද්රණය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ජන්ම දිනය (අප්රේල් 24) නිමිති කරගෙන 2009 වසරේදී ධර්ම දානයක් ලෙස මුද්රණය කරවා බෙදාහරින ලද්දකි.
මෙහි ආරම්භක පෙරවදනෙහි බෝධි වන්දනාවේ අර්ථය, අස්වත්ථ වෘක්ෂය බෝධිය නමින් හැඳින්වීමට හේතුව, බෝධි පූජාවේ ආනිශංස මෙන්ම පූජාව පැවැත්වීමේදී සිත පිහිටුවාගත යුතු අයුරු විස්තර කෙරේ. තවද අෂ්ටාංගික ශීලය, තිසරණ සමාදානය සහ විවිධ පූජෝපහාර (මල්, පහන්, සුවඳ දුම්, අෂ්ටපාන, සුවඳ පැන් ආදිය) සිදුකරන ආකාරය හා ඊට අදාළ ගාථා පාඨ මෙම පොතෙහි අන්තර්ගත වේ.
අම්බලන්ගොඩ සක්වා ප්රින්ටර්ස් ආයතනය මඟින් මුද්රණය කර ඇති මෙම කෘතිය බෞද්ධ ජනතාවගේ දෛනික හා විශේෂ බෝධි පූජා පිංකම් සඳහා මනා මාර්ගෝපදේශයක් සපයයි.
පුණ්යානුමෝදනාව
බෝධි වන්දනාව නැමති දහම් පොත කීප වතාවක්ම මුද්රණය කිරීම සතුටට කරුණකි. වන්දනා කිරීම සෑම දෙනා විසින්ම ක්රමවත්ව කළ යුතුය. සද්ධාදි ගුණ වැඩෙන සේ ඉතා ගෞරවයෙන් කළ යුතු අතර, කර්මය සහ කර්ම ඵලය ඇදහිය යුතුය. විශ්වාස කටයුතුය. බෝධි පූජාව, බුද්ධ පූජාව තුලින් ලැබෙන කුසලය නිවන් දකිනා ජාති දක්වාම ඵල විපාක ලැබෙති. මනුෂ්ය සම්පත්තිය, දේව සම්පත්තිය, සක්විති සම්පත්තිය, ශක්ර සම්පත්තිය නිර්වාණ සම්පත්තිය යන උතුම් සම්පත් උදාවේ. එවැනි මහා සම්පත් ලැබෙන පරිදි පූජාව සිද්ධ කටයුතුයි.
මෙම බෝධි වන්දනාව නැමති දහම් පොත අතිපූජනීය මහා කම්මට්ඨානාචාර්ය ත්රිපිටකවේදී ධර්ම කථික හා ශ්රී කල්යාණි යෝගාශ්රම සංස්ථාවේ ප්රධාන අනුශාසක හා යෝගාශ්රමාධිපති අතිපූජනීය නාඋයනේ අරියධම්මාභිධාන මාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදනය කළහ. උන්වහන්සේට ධර්ම දානමය කුසල බලයෙන් ආයුරාරෝග්යාදි සැප විහරණ සැලසේවා ! සියලු පැතුම් සඵල වේවායි ආශීර්වාද කරමි. අපවත්වී වදාළ ශ්රී කල්යාණි යෝගාශ්රම සංස්ථා නිර්මාතෲ රාජකීය පණ්ඩිත මහෝපාධ්යාය අතිපූජනීය කඩවැද්දූව ශ්රී ජිනවංසාභිධාන නායක මාහිමිපාණන් වහන්සේට මේ කුසල් බලයෙන් උතුම් බුදු බව අත්වේවා ! අපවත්වී වදාළ කෝට්ටේ ශ්රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේට මේ පින නිවන් සුව පිණිස හේතුවේවා !
පරලොව සැපත් වෛද්යාචාර්ය ඩී. ඩී. ඉසෙඩ්. ගුණරත්න මහතාට ද එම මහත්මියට ද, සුසිල් ගුණරත්න සහෝදර මහතාටද, කෞශල්යා බුද්ධිමති දියණියට ද ඩබ්. ඩීඩීන් මෙන්ඩිස් මහතාට ද තවත් පරලොව සැපත් මව්පිය ගුරුවර ඥාති මිත්ර සැමටද මේ කුසල සසර ගමන සුවපත් වීම පිණිස ද, නිවන් සුව පිණිස ද හේතුවේවා !
ධර්ම දානමය පිංකම හිමිකරගත් බොරලැස්ගමුව පදිංචි වෛද්යාචාරිනී පුෂ්පා ගුණරත්න මහත්මිය, ඩබ්. ඩී. මෙන්ඩිස් මහතා, රම්යා ගුණරත්න මහත්මිය, මිලින්ද, වරංසි යන දරු දෙපළට ද අසනීපයෙන් සිටින රානි ගුණරත්න මහත්මියට ද රංජිත් ගුණරත්න මහතාට ද රංසිරිනි මහත්මියට ද වයෝ වෘද්ධ මල්ලිකා මහත්මියට ද මෙන්ඩිස් මෑණියන්ට ද හේමා හඳුන්නෙත්ති, ඔල්ගා ගුණරත්න මහත්මිය සහ ලලිත් ගුණරත්න මහතාටද ගුරුවර ඥාතීන්ට ද අධ්යාපනය ලබාදුන් ශිෂ්ය ශිෂ්යාවන්ට ද පවුලේ සැමට ද ධර්ම දානමය කුසල බලයෙන් නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා ! සියලු පැතුම් සඵල වේවා ! සසර ගමන වාසනාවන්ත වේවා ! නිවන් සුව අත්වේවා යි පතමි.
පෙබරවාරි 22 උපන්දින සැමරූ එම්. යූ. ජයසේකර හිටපු විදුහල්පතිතුමාට නිදුක් නීරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවායි පතමි.
දෙවියන් සහිත ලෝකවාසීන්ට ද සෙත ශාන්තිය යහපත සැලසේවා ! සක්වා මුද්රණාලයාධිපතිතුමා ප්රධාන කාර්ය මණ්ඩලයට නිරෝගී සුව ලැබේවා !
මෙයට,
කාරුණික,
කහගොල්ලේ සෝමවංශ හිමි
ශ්රී ගුණවර්ධන යෝගාශ්රමය
ගල්දූව ආරණ්ය සේනාසනය
ගල්දූව - කහව.
2009. 04. 20
පෙරවදන
“බෝධි වුච්චති චතු මග්ගේසු ඤාණං” බෝධි යනු සතර මාර්ග ඥානයයි. “අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ” බෝධි යනු සර්වඥතා ඥානයයි. “පත්තාන බෝධිං වරභූරි මේධසො” බෝධි යනු ශාන්ත නිර්වාණ ධාතුවයි. තවද බෝධි යනු සර්වඥරාජෝත්තමයන් වහන්සේට ද නමකි.
බුද්ධගයා ශුද්ධ භූමියෙහි අස්වත්ථ වෘක්ෂයට පිට දී තථාගතයන් වහන්සේ සතර මාර්ග ඥාන සතර ඵලඥාන බෝධියට ද, සර්වඥතා ඥාන බෝධියට ද ශාන්ත නිර්වාණ ධාතු බෝධියට ද සැපත් වූ බැවින් ඒ අස්වත්ථ වෘක්ෂ රාජයාණන් ද බෝධි නමින් හැඳින්වේ.
බුද්ධ ගයාවේ පිහිටි එම විජය ශ්රී බෝධිරාජයාණන්ගේ පුත්ර නන්දා පරම්පරාවට අයත් වූ සියලු බෝධි වෘක්ෂයෝ පාරිභෝගික වස්තු වශයෙන් පූජනීයයි. එසේ හෙයින් බෝධි පූජාව වෘක්ෂ පූජාවක් හෝ දේව පූජාවක් නොවේ. බෝධි පූජාව බුද්ධ පූජාවකි. ඥාන පූජාවකි. බුද්ධානුස්සති භාවනාවකි.
යේ යං දුමින්දං යති නන්දනෙන සම්පූජිතං පුජයතේ සපඤ්ඤො සෝ භොගවා හෝති අනීතිකො ච සබ්බත්ථ සෝ හෝති පසත්ථ රූපෝ
ශාක්ය මුනීන්ද්රයන් වහන්සේ විසිනුත් කළගුණ සැලකීම් වශයෙන් අනිමිස ලෝචන පූජාවෙන් පූජා කරන ලද බෝසමිඳුට යමෙක් පූජා සත්කාර කරන්නේ නම් හෙතෙම භෝග සම්පත් ලබයි. නිරෝගී වෙයි. සෑම තැන්හි විශිෂ්ට රූප සම්පත් ලබයි.
උපාසති පදා ගන්ත්වා - යෝ නරෝ බෝධි පාදපං ගන්ධො ච දීප ධූපාදි - නානා පූජාහි සාධුකං සනරෝ නිරාමයෝ හෝති - පච්චක්ඛෙ ච පරත්ථ ච පූජිතෝ මානිතෝ හෝති - දීඝායු බලවා සුඛී තදත්ථං පත්ථයන්තේ න - අත්ථ කාමේන ජන්තුනා උපාසනීයෝ සද්ධාය - නිච්චං සෝ බෝධිපාදපෝ
විජය ශ්රී මහා බෝධි - ශාඛා බෝධි - ඵලරුහ බෝධි යන තුන් බෝධි අතුරෙන් යම්කිසි බෝධීන් වහන්සේ නමක් වෙත සැදැහැයෙන් යමෙක් නිතර පැමිණේ නම් තවද, මල්-පහන්-සුවඳ දුම් - සුවඳ පැන් ආදි නානා පූජාවන් ගෞරවයෙන් සිදු කෙරේ නම් හෙතෙම මෙලොවත් පරලොවත් නිරෝගිමත් වන්නේය. ප්රභූතද මානිතද වන්නේය. දීර්ඝායු ලබන්නේය. කායබල ඥාන බල ලබන්නේය. කායික මානසික සුවයෙන් සුවපත් වන්නේය. එනිසා තම තමාට හිත සුව, කැමති නැණවත් සැමදෙනා විසින් ශ්රද්ධාවෙන් භක්තියෙන් බෝධීන් වහන්සේ වෙත පැමිණීමත්, පූජා සත්කාරත්, කළයුතු වන්නේය යනු ගාථා පෙළේ තේරුමය.
බෝධි පූජා ආරම්භයේදී හැකිතාක් බුද්ධගුණ ආවර්ජනා කොට පටන් ගැනීම ඉමහත් අනුසස් ලැබීමට හේතුවකි. “සිද්ධාර්ථ ගෞතම ශාක්ය මුනින්ද්ර සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ ප්රථම අභිනිහාරයෙහි පටන් බෝධි මණ්ඩලය දක්වා පුරණ ලද අසීමිත බෝධිකාරක ධර්මයන්ගේ ආනුභාව බලයෙන් ද, බෝධි මූලයේදී ප්රතිලාභ කරන ලද නව අරහාදි බුද්ධ ගුණානුභාව බලයෙන් ද, දසබල ඥානානුභාව බලයෙන් ද, චතු විශාරද ඥානානුභාවයෙන් ද චතුපටිසම්භිදා ඥානානුභාවයෙන්ද, චුද්දස බුද්ධ ඥානානුභාවයෙන්ද, සොළස මහා ඥානානුභාවයෙන් ද, අෂ්ඨාරස බුද්ධ ගුණානුභාවයෙන් ද,
එකුන්විසි ප්රත්යවේක්ෂා ඥානානුභාවයෙන් ද, සමත්රිංසත් පාරමිතා ඥානානුභාවයෙන්ද, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම-සත්තිස් සමධර්ම-අටතිස් මංගල ධර්ම සූසාලිස් ඥාන වස්තු සම පණස් උදයව්යය ඥානානුභාවයෙන් ද, තෙසැත්තෑ ඤාණ සත්සැත්තෑ ඥානානුභාවයෙන්ද, සූවිසි කෝටි ලක්ෂවාර සමාපත්ති සංචාරක අර්හත්වඵල වජ්රඥානානුභාවයෙන් ද, අනන්ත නය සමන්නාගත සමන්ත පට්ඨාන මහා ප්රකරණ විෂයාන්තර්ගත ගාම්භීර ඥානානුභාවයෙන් ද,
ඉන්ද්රිය පරෝපරියත්තේ ඥාන ආසයානුසයේ ඥානානුභාවයෙන් ද යමක ප්රාතිහාර්ය ඥාන මහා කරුණා සමාපත්ති ඥානානුභාවයෙන්ද, සර්වඥතා ඥාන අණාවරණ ඥානානුභාව බලයෙන්ද, විජය ශ්රී බෝධි රාජයාණන්ගේ ආනුභාවයෙන්ද, සුවාසූ දහසක් ධර්ම ස්කන්ධනුභාවයෙන්ද, දන්ත ධාතූන් වහන්සේගේ ආනුභාවයෙන්ද, ලලාට ධාතු, ග්රීවා ධාතු, කේශ ධාතු, සෝළස ද්රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලාගේද ආනුභාවයෙන්ද, සත් බුදුවරයන්ගේද, අටවිසි බුදුවරයන් වහන්සේලාගේ ආනුභාවයෙන්ද පන්ලක්ෂ දොළොස් දහසක් සර්වඥයන් වහන්සේලාගේද, ලොව පහළ වී වදාළාවූ අනන්තාපරිමාණ සම්මා සම්බුදු රජාණන්වහන්සේලාගේද අනන්ත බුද්ධ ඥානානුභාව බලයෙන්ද, අනන්ත බුද්ධ ගුණානුභාව බලයෙන්ද, අනන්ත බුද්ධ තේජානුභාව බලයෙන්ද, අනන්ත බුද්ධ ඍද්ධානුභාව බලයෙන්ද, රත්නත්රයේ සතු අසීමිත සූවිසි මහාගුණානුභාව බලයෙන්ද,
අප සැමට සැම කල්හි සෙතක් ශාන්තියක්, සැපතක්, ආරක්ෂාවක්, ආශිර්වාදයක් සැලසේවා. අසනීප, අපල, උපද්රව, අතුරු අන්තරා, ග්රහදෝෂ, මාරක බාධක, සතුරු කරදර, අණවින, කොඩි වින. බන්ධන, ඇස්වහ කටවහ, අලාභ, අයස, නින්දා අපහාස, අභූත චෝදනා, දුක් පීඩා සියල්ල හිරුදුටු අඳුරු සේ විහත විද්වංසනය වේවා. ආරක්ෂාව සෙත ශාන්තිය සැලසේවා. තබන පියවරක් පියවරක් පාසා හෙලන හුස්ම රැල්ලක් පාසා ගෙවන විනාඩියක් පාසා රත්නත්රයේ සූවිසි මහා ගුණයේ අසීමිත ආරක්ෂාව සැලසේවා.
රජුන්ගෙන්, සොරුන්ගෙන්, සතුරන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, වස විසෙන්, අවිආයුධයෙන්, මනුෂ්යයන්ගෙන්, අමනුෂ්යයන්ගෙන්, තිරිසන් ගත සතුන්ගෙන්, සීතලෙන්, උෂ්ණයෙන්, බඩගින්නෙන්, පිපාසයෙන්, මැසි මදුරුවන්ගෙන්, විසකුරු සර්පයන්ගෙන්, වාතෙන්, පිතෙන්, සෙමෙන්, රාගෙන්, ද්වේෂෙන්, මෝහයෙන්, උපපීළක, උපච්ඡේදක අකුශල විපාක වාරයකින්වත් බියක් නැති ගැන්මක් අන්තරාවක් සන්ත්රාසයක් රෝගෝද්ගමනයක් හිංසාවක්, පීඩාවක්, ව්යසනයක්, විපතක් සිහිනෙකින්වත් නොම වේවා ! කාය චිත්ත පීඩාදියෙන් නොම වී කායික මානසික සැනසීම ලැබේවා !
ලාභ අලාභ, යස අයස, නින්දා ප්රශංසා, සැප දුක් යන අට ලෝ දහමෙන් කම්පා නොවිමේ චිත්තබලය-චිත්ත සමාධිය-චිත්තේකාග්රතා-චිත්තවශීභාවය-චිත්ත ධෛර්යය-චිත්ත ශක්තිය ලැබේවා. ගුණයෙන්, නුවණින්, ධනයෙන්, ධාන්යයෙන්, යසසෙන්, තේජෝවරයයෙන්, සැපතෙන්, සම්පතින්, ආයු වර්ණ සැප බල ප්රඥාවෙන්, නිත්ය ශීල උපෝස්ථ ශීලයෙන්, සිවුබඹ විහරණ සතර සංග්රහ වස්තුවෙන් දශ පාරමිතා දී බෝසත් ගුණයන්ගෙන් පෙරුම් වැඩෙන පුරසඳ, මඬලක් සේ දිනෙන් දින දියුණුවට පත්වේවා ! සම්යක් ප්රාර්ථනා සියල්ල සිතුමිණි රුවනකින් මෙන් සිතූ පැතූ සේ ද පූර්ණ චන්ද්රයා සේ පිරී ඉතිරී සම්පූර්ණමත් වේවා ! විංශත් ශත වර්ෂාධික කාලයක් අතරක් නැර අපරාජිතව උදාර ලෙස උත්තරීතර ලෙස උත්කෘෂ්ට ලෙස මෙලොව දියුණුවත් පරලොව ජයග්රහණයත් ශාන්ත නිර්වාණාවබෝධයත් පිණිස පාරමී පිරීමේ ශක්තිය, ධෛර්යය, ආරක්ෂාව, ආශිර්වාදය, සතිය, සමාධිය, ප්රඥාණය, ජන්දය, චිත්තය, වීර්යය, විමංසාවද, රත්නත්රයානුභාව බලයෙන් ලැබේවා !
සුවඳ තෙලින් දැල්වන ලද තෙල් පහන් ආලෝකයෙන් ද විදුලි පහන් ආලෝකයෙන් ද පැවැත්වෙන ආලෝක පූජා වේ ආනුභාවයෙන් අකුශල විපාක දුක් අඳුරු දුරු වේවා. කෙලෙස් අඳුරු දුරුවේවා. අවිද්යා අඳුරු දුරු වේවා. ධර්මා ලෝකය ප්රඥා ලෝකය ලැබේවා. සීල, සමාධි, ප්රඥාවෙන් ද සතර සතිපට්ඨානාදි ආලෝකයෙන් ද, ධ්යාන සමාධි සමාපත්ති, අභිඥා විදර්ශනා ඥානාලෝකයෙන්ද, ආලෝකවත්ව, නිවන් මග පාරමී පුරා ගැනීමට ජාති ජාතිත් ආලෝකය ලැබේවා.
සුගන්ධ ධූප පූජාවේ ආනුභාව බලයෙන් බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලාගේ ද අසීමිත සිල් සුවඳ, ගුණ සුවඳ, නැණ සුවඳ, දහම් සුවඳ, නිවන් සුවඳ විඳිමින් ශිලාදි ගුණ සුවඳ විහිදුවමින් නිවන්මග යාමට ජාති ජාතිත් වාසනා වේවා.
මල් පූජාවේ ආනුභාවයෙන් කයින්, වචනින්, සිතින් පිරිසිදු සන්තාන ඇතිව ශ්රද්ධා ශීල ශ්රැත, ත්යාග ඥාන ගුණයෙන් ද දානාදි දශ පාරමිතා ගුණයෙන් ද, සතිපට්ඨානාදි සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන්ද, ධ්යාන සමාපත්ති අභිඥා විපස්සනා ඥානයෙන්ද පිරිසිදු සන්තාන ඇතිව නිවන් මග යාමට ජාති ජාතිත් වාසනා වේවා. මල්දැමි හා විසිතුරු කොඩි පූජාවේ ආනුභාවයෙන් ශ්රද්ධා ශීල ශ්රැත ත්යාග ඥාන ගුණයන්ගෙන්ද, දානාදි දස පාරමිතා වෙන්ද, බෝධිපාක්ෂික ධර්මයන්ගෙන්ද, ධ්යානාදි අධිගමයෙන්ද, උත්තුංග බවට, උසස් බවට ශ්රේෂ්ඨ භාවයට මහේශාක්ය භාවයට පත් වී අපරාජිතව නිවන් මග යාමට හේතු වේවා.
අෂ්ඨපාන ගිලන්පස, චතුමධුර, දැහැත්, බෙහෙත්, ඖෂධ පූජාවේ ආනුභාව බලයෙන් නිවන් දක්නා තුරු බක්කුල මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, මහා කාශ්යප මහරහතන් වහන්සේ, අනඳ මාහිමියන් වහන්සේ, විශාඛා මහ උපාසිකා මාතාව ආදි මහා පිනැතියන් හට මෙන් නිරෝගි ජීවිත වාසනා ඇතිව නිරෝගීව දසපාරමිතා ධ්යානාභිඥාදිය උපදවා පරම නිරෝගි සුවය වන ශාන්ත නිර්වාණ ධාතුව ශාක්ෂාත් කරගැනීම පිණිස හේතුවේවා.
සුවඳ පැන් අභිෂේක පූජාවෙහි ආනුභාව බලයෙන් සුවඳවත් කයක්, සුවඳවත් ජීවිතයක් ඇතිව කායදාහයක්, මානසික දාහයක්, ක්ලේශ දාහයක් නැති නිවුණු සැනසුණු ජීවිත ඇතිව මාරක බාධක අතුරු අන්තරා අභිභවා නිවන් මග යාමේ කාය බලය, ඥාන බලය, පාරමී බලය, පුණ්ය බලය ලැබේවා. වැඬේවා.
ශිලාදි ප්රතිපත්ති පූජාවේ ආනුභාවයෙන් ක්ලේශ මාරාදි පඤ්ච මාර බල බිඳ දමා ශීලයෙන්, සමාධියෙන්, ප්රඥාවෙන්, ප්රතිපත්තියෙන් පෙර පස සඳසේ විරාජමානව නිවන් මග යාමේ ශක්තිය, බලය, ධෛර්යය, වීර්යය, ජාති ජාතිත් ලැබේවා. වැඬේවා. යනාදි පිරිසිදු චිත්ත සංකල්පනා උපදවාගෙනම බෝධි පූජා, බුද්ධ පූජා, ඥාන පූජා පවත්වා ගැනීමෙන් සාන්දෘෂ්ටික වශයෙන් එදිනෙදාම අනුසස් ලබාගත හැකි බව ශාසන ගෞරවයෙන් පිළිගත යුතුවේ.
ශ්රද්ධාවන්ත බෞද්ධ ජනතාවගේ ලොව්තුරා හිතසුව පිණිස මේ බෝධි වන්දනා දහම් පොත නැවත මුද්රණය කරවා ධර්ම දානමය වශයෙන් පිරිනමනුයේ ඩබ්. ඩී. මෙන්ඩිස් මහත්මා, වෛද්යාචාරිනී පුෂ්පා ගුණරත්න මහත්මිය සහ රම්යා ගුණරත්න මහත්මිය ද විසිනි.
මෙම ධර්ම දානමය කුසලයෙන් ජනිත පුණ්ය සම්භාරය පරලෝ සැපත් වෛද්යාචාර්ය ඩී. ඩී. ඉසෙඩ් ගුණරත්න මහත්මා, ඩබ්. ඩීඩින් මෙන්ඩිස් මහත්මා, ටී. එස්. මෙන්ඩිස් ගුණරත්න මාතාව නම්වූ මා පිය තිදෙනා වහන්සේට ද සුසිල් ගුණරත්න නම්වු සොහොයුරාට සහ කොශල්යා බුද්ධිමනි දියණියට අග්ර අමාමහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා ! පරලෝ සැපත් දෙපාර්ශ්වයේම සියලු ගුරුවර, ඥාති, මිත්රාදීන්ටත් සියලු සැමටත් අමාමහ නිවන් සුව අත්වේවා !
මෙම ධර්මදානානිසංස පුණ්යානුභාවයෙන් සහ රත්නත්රයේ අසීමිත සූවිසි මහා ගුණානුභාව බලයෙන් වයෝවෘද්ධ පිංවත් මෙන්ඩිස් මෑණියන්ටත්, සත් ගුණවත් ඩබ්. ඩී. මෙන්ඩිස් මහත්මාටත් එම පුණ්යාත්මී රම්යා ගුණරත්න මහත්මියටත් වරංසි හා මිලින්ද පින්වත් දරුවන් දෙදෙනාටත්, වෛද්යාචාරිනී පුෂ්පා ගුණරත්න මහත්මියටත්, අසනීපයෙන් පසුවන රානි ගුණරත්න මහත්මියටත්, රංජිත් ගුණරත්න, රන්සිරිනි, මල්ලිකා ගුණරත්න, හේමා හඳුන්නෙත්ති, ඔල්ගා ගුණරත්න, ලලිත් ගුණරත්න යන මහත්ම මහත්මියන්ට හා පවුල්වල සැමට විශේෂයෙන් පෙබරවාරි 22 උපන් දිනය සමරන හිටපු විදුහල්පති එම්. යූ. ජයසේකර මහතා ඇතුළු දෙපාර්ශ්වයේම සියලුම සහෝදර, සහෝදරි, ගුරුවර, ඥාති මිත්රාදි සිසු පිරිස සහිත පවුල්වල සැමටත් ආයුරාරෝග්ය සම්පත් හා සම්යක් ප්රාර්ථනා මුදුන්පත් වී දෙලොව ජය අත්වී ශාන්ත නිර්වාණාවබෝධය තෙක් හේතු වාසනා වේවා !
මේ පොත භාවිතා කරන පුණ්යකාමී සැමටත්, සෝභන ලෙස මුද්රණය කළ සක්වා මුද්රණාලයේ මුද්රණාලයාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් සෙතක්, ශාන්තියක්, ආරක්ෂාවක්, ආරෝග්ය සම්පත්තියත්, රත්නත්රයානුභාව බලයෙන්ම සාක්ෂාත් වේවා.
මෙය අනුමත කොට වදාළ අස්මදාචාර්ය අතිපූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දූව ශ්රී ජිනවංසාභිධාන මහෝපාධ්යාය මාහිමියන් වහන්සේටත් විංශත් ශතවර්ෂාධික කාලයක් දීර්ඝායු ශ්රී අත්වී මතු උතුම් බුදුබවම අත්වේවා !
සබ්බේ සත්තා - භවන්තු සුඛිතත්තා !
මෙතැති, පූජ්ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ
ශ්රී ගුණවර්ධන යෝගාශ්රම මධ්යස්ථානය ගල්දූව - කහව. 2009. 04. 20
මෙතැති,
පූජ්ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ
ශ්රී ගුණවර්ධන යෝගාශ්රම මධ්යස්ථානය
ගල්දූව - කහව.
2009. 04. 20
අපගේ ප්රාර්ථනය
“සබ්බ දානං ධම්ම දානං ජිනාති”
2006 වසරේදී අපගේ මග පෙන්වීම පරිදි මහරගම ගුරු විදුහලේ සිසු පිරිස විසින් මෙම බෝධි වන්දනා පොතේ සකස් කළ ඡායා පිටපතක් උපයෝගි කරගනිමින් විදුහලේ බුදු මැදුරේදී බදාදා උදෑසන බෝධි වන්දනාව සිදු කරන ලදි. ඉංග්රීසි අංශයේ බණ්ඩාර ගුරු මහතා, එම ඡායා පිටපත් තම බිළිඳු පුතුට පිං පිණිස ගුරු සිසු පිරිස අතර බෙදාදෙනු ලැබීය. එමගින් දැල්වුණු මෙම පොත මුද්රණය කිරීමේ බලාපොරොත්තුව සාර්ථක කර ගත හැකිවූයේ අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ ඒ සඳහා අවසර ලබාදුන් හෙයිනි. උන්වහන්සේගේ ජන්ම දිනය නිමිතිකොට (අප්රේල් 24) අප විසින් තෙවෙනි වරට සිදු කරන ධර්ම දානමය පිංකම ලෙස මෙම පොත නැවත මුද්රණය කිරීමට ලැබීම ඉමහත් භාග්යයක් හා වාසනාවක් සේ සලකමු.
පන්දහසක් කල් නිර්මල බුදු දහම මේ ශ්රී ලංකා ධරණී තලය තුළ අවිචින්නව පවත්වා ගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන් අතිපූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දූවේ ශ්රී ජිනවංසාභිධාන නාහිමිපාණන් වහන්සේ ශ්රී ගුණවර්ධන යෝගාශ්රම සංස්ථාව පිහිටුවා වදාළ සේක. උන්වහන්සේගේ දුර දක්නා නුවණින් හා කරුණා මහිමයෙන් බිහිවු මෙම යෝගාශ්රමයෙන් ගිහි පැවිදි දහස් සංඛ්යාත පිංවතුනට පරම ශාන්ත නිවන් මග උදාකර ගැනීමේ භාග්යය උදාවී ඇත්තේය. මෙම ශ්රේෂ්ඨ යතිවරයාණන් වහන්සේගේ ජන්ම දිනය අප්රේල් 01 දිනට යෙදී තිබිණි. අපවත්වීමෙන් පසුවද එදිනට දහස් සංඛ්යාත ගිහි පැවිදි බැතිමතුන් එක්රැස්ව උන්වහන්සේට බුදු බව ප්රාර්ථනා කළහ. අපිදු උන්වහන්සේට මතු අනාගතයේ ප්රාර්ථනා පරිදි ලොව්තුරා බුදුබව ලබත්වා යි මේ ධර්ම දානමය පුණ්යකර්මය අනුමෝදන් කරවමින් ප්රාර්ථනා කරමු.
අතිපූජ්ය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ ගල්දූව ගුණවර්ධන යෝගාශ්රමයට සම්බන්ධ මිරීගල නිස්සරණ වන සේනාසනය, නිමලව ආරණ්ය සේනාසනය ආදි 170 ක් පමණ වන සෙනසුන් හා මධ්යස්ථානවල වෙසෙන යෝගාවචර භික්ෂූන් වහන්සේලාට අවශ්ය කුදු මහත් සියලු උපදෙස් හා මගපෙන්වීම, ගිහි පිංවතුනට පංති පවත්වමින් සමථ හා විදර්ශනා භාවනා ඉගැන්වීම, දහම් පොත පත ලියා පලකෙරෙමින්, ධර්මදේශනා පවත්වමින් සම්බුදු දහම් ප්රචලිත කිරීම ආදි අති විශාල ශාසනික සේවාවක යෙදී සිටිති.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා මෙසේ උරදී කැපවී කටයුතු කරන ගල්දූව ගුණවර්ධන යෝගාශ්රම සංස්ථාවේ ප්රධාන අනුශාසක ත්රිපිටකාචාර්යී, කම්මට්ඨානාචාර්ය අතිපූජ්ය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේගේ අතින්ම ලියැවුන මෙම ධර්ම ග්රන්ථය උන්වහන්සේට දිගාසිරි පතා මුද්රණය කර පුජා කරමු.
මෙම පොත කියැවීමට ලැබෙන සත්පුරුෂයන්ගෙන් අප කාරුණිකව අයැද සිටින්නේ “පූජ්යපාද නාඋයනේ අරියධම්ම මහා ස්ථවිරයන් වහන්සේ සලසන උදාර ශාසනික මෙහෙවර තව තවත් හොඳින් ඉටු කිරීමට රත්නත්රයේ ගුණ මහිමයෙන් ලෝක පාලක දෙවියන්ගේ අනුග්රහයෙන් හැකිවේවා. උන්වහන්සේට දිඝායුඃ ශ්රී සම්පත් නිරෝගී බව හා උතුම් වූ ලොව්තුරා බුදුබව අත්වේවා”යි යනුවෙන් නිති ප්රාර්ථනා කරන ලෙසයි.
අපගේ පරලෝ සැපත් දෙමාපියන්, සහෝදර, දුහිතෲ ගුරුවර බන්ධුමිත්ර හා සිසු සැමට, සුජීවත්ව සිටින ස්වාමිපුරුෂයා එම මෑණියන්වහන්සේ, මිලින්ද හා වරංසි දරු දෙදෙනා දෙපාර්ශ්වයේ සියලුම ඤාති මිත්රාදීන්ට ආදරබර ගුරුවර, වැඩිහිටි බන්ධු මිත්ර ශිෂ්ය ශිෂ්යාවන් සැමට ද ලෝ සැමටද පින් කැමති දෙවියන්ට ද මේ කුසලය අත්වේවා !
විශේෂයෙන් අප්රේල් 24 උපන්දිනය උදාවන අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ හා පැතුම් පරිදි උතුම් ලොව්තුරා බුදුබව ම ලැබේවා.
එසේම අපට පුණ්යානුමෝදනය සිදුකළ ශ්රී කල්යාණි යෝගාශ්රම සංස්ථා සමලේඛකාධිකාරී කහගොල්ලේ සෝමවංශ මාහිමිපාණන් වහන්සේ හා ගෞරවනීය සංඝරත්නයද මෙම පින අනුමෝදන් වෙත්වා.
සාධු ! සාධු !! සාධු !!!
මෙයට ධර්මයට කැමති,
හිටපු කථිකාචාරිනි,
රම්යා ගුණරත්න
19, තල්ගහවත්ත මාවත,
බොරලැස්ගමුව.