බොදු ගිහි පිළිවෙත - බළන්ගොඩ ආනන්ද මෛත්රිය හිමි.pdf
- කතෘ :
- බළන්ගොඩ ආනන්ද මෛත්රිය හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1988
- මුද්රිත වර්ෂය :
- 1988
- පිටු ගණන :
- 20
- බාගත කිරීම් ගණන :
- 3,046
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-10-22
- ගොනුවේ ප්රමාණය :
- 4.9 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බොදු ගිහි පිළිවෙත යනු අග්ගමහා පණ්ඩිත අභිධජ මහාරට්ඨගුරු අතිපූජ්ය බළන්ගොඩ ආනන්ද මෛත්රෙය මහානාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත කුඩා ධර්ම ග්රන්ථයකි. ඉන්ද්රා දේවිකා ගුණසේන මහත්මියගේ ආරාධනයෙන් සරල බසින් මෙය සම්පාදනය කොට ඇත.
බුදුරජාණන් වහන්සේ විසින් නොයෙක් සූත්ර දේශනාවන්හිදී උපාසක උපාසිකාවන් හෙවත් බෞද්ධ ගිහියන්ගේ චර්යාව හා පැවැත්ම කෙබඳු විය යුතුදැයි වදාළ කරුණු මෙහි මනාව පැහැදිලි කර දී තිබේ. උපාසක ලක්ෂණ, උපාසක චණ්ඩාල, උපාසක රත්න ආදී සංකල්ප, පන්සිල් රැකීම, දැහැමි දිවි පැවැත්ම සහ පින් වැඩෙන ක්රියා පිළිබඳව ත්රිපිටක පාඨ ඇසුරින් මෙහි විස්තර කර ඇත.
ශ්රී බුද්ධ වර්ෂ 2532 (ව්යවහාර වර්ෂ 1988) දී නුගේගොඩ මොඩන් පොත් සමාගම මඟින් මෙම ධර්ම දානමය ග්රන්ථය මුද්රණය කරවා ප්රකාශයට පත් කරන ලදී.
සංඥාපනය
මෙය ඉන්ද්රා දේවිකා ගුණසේන මහත්මී විසින් අයදනා ලදු ව කාටත් තේරුම් ගත හැකි ලිහිල් බසින් ලියන ලද කුඩා බණ පොතෙකි. බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවන්හි උපාසක උපාසිකාවන් කෙබඳු විය යුතු ද යන්න හෙළි කිරීම් වශයෙන් වදාළ දහම් කොටස් වල එකතුවෙකි. මෙය කියවා තේරුම් ගැන්ම, මෙය අනුව පිළිපැදීම බෞද්ධයනට සිය ජීවිතය සාර්ථක කර ගැන්මට බොහෝ උපයෝගී වනු ඇත.
බළන්ගොඩ ආනන්දමෛත්රෙය ස්ථවිර
1988. 08. 07.