බොජ්ඣංග ධර්ම විභාගය.pdf
- කතෘ :
- මුරුද්දෙනියේ පඤ්ඤානන්ද හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1914
- මුද්රිත වර්ෂය :
- 1914
- පිටු ගණන :
- 78
- බාගත කිරීම් ගණන :
- 2,135
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-02-14
- ගොනුවේ ප්රමාණය :
- 4.1 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බොජ්ඣංග ධර්ම විභාගය යනු සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතර එන සප්ත බොජ්ඣංග ධර්ම පිළිබඳව පාලි අටුවා හා ප්රකරණ ග්රන්ථ ඇසුරෙන් ගැඹුරින් විස්තර කරමින් සම්පාදනය කරන ලද ධර්ම ග්රන්ථයකි.
උඩුනුවර නාරංවල විද්යාරත්නාකර පරිවේණාධිපති මාරස්සන සුනන්ද මහාස්ථවිරයන් වහන්සේගේ ශිෂ්ය මෙන්ම විද්යෝදය පරිවේණාධිපති ත්රිපිටක වාගීශ්වරාචාර්ය ගුණේන්ද්ර මහගොඩ ඥානේශ්වරාභිධාන නායක ස්ථවිරයන්ගේ ධර්මාන්තේවාසික මුරුද්දෙනියේ පඤ්ඤානන්ද ස්වාමිපාදයන් වහන්සේ විසින් මෙම ග්රන්ථය රචනා කර ඇත. ජී. ඇෆ්. මුනසිංහ සහ පී. බී. සෙනෙවිරත්න යන මහතුන්ගේ ආරාධනයෙන් මෙය සම්පාදනය වී තිබේ.
බොජ්ඣංග ධර්මයන්හි අර්ථ විග්රහය, ඒවායේ ප්රභේද, සති සම්බොජ්ඣංගාදී අංග එකිනෙක වැඩෙන අයුරු සහ නිවන් අවබෝධය සඳහා ඒවා උපකාරී වන ආකාරය මෙම ග්රන්ථයෙහි පැහැදිලි කෙරේ. 1914 දී කොළඹ විද්යාභූෂණ යන්ත්රාලයෙහි මෙය මුද්රණය කර ප්රකාශයට පත් කර ඇත.
සංඥාපනය.
බොධියා අඞ්ගං=බොජ්ඣඞ්ගං, යී දැක්වූ හෙයින් බෝධියට (නොහොත්) චතුස්සත්යාවබොධයට අඞ්ග (කරුණු) වූයේ බොජ්ඣඞ්ගනම් අනූනාධිකත්වයෙන් සප්තප්රමාණවූම ඒ බොජ්ඣඞ්ග ධර්මයන්ගේ යම් විභාග කිරීමක් (බෙදීමක්) වීනම් හේ බොජ්ඣඞ්ග ධර්ම විභාග නම්වේ එහෙයින් බොජ්ඣඞ්ග ධර්ම විභාගයනම්වූ මේ ධර්මප්රකරණය වනාහි බොජ්ඣඞ්ග ධර්ම ඥානය ප්රාර්ත්ථනාකරණුවන්ගේ මතඃ ප්රසාදය එලවන පරිදි පාල්යට්ඨකථා ප්රකරණාදින් සාරාත්ථී ග්රහණයකොට සුඛාවබොධවනසේ සිංහල භාෂාවෙන් සංග්රහකරණලදී එබැවින් මෙය භාවිතා කරණුවන්ට බොහෝ පොත් රාශියක් බැලීමෙන් දතයුතුවූ කරුණු රැසක් මේ එකම කුඩා ධර්ම ප්රකරණයෙන් දතහැකිවේ.
බෞද්ධ ජනානුග්රහ පිණිස යොදනලද අසමත් ව්යාපාරය නොසිස් වනසේ සකල බෞද්ධ ජනයාම සමාදර ප්රතිග්රහණයෙන් අයදි මෙය පරිශීලනය කරන්නාහු නම් ලෝකානුකම්පාවෙහි නිරතව ක්රියා නිෂ්පාවණය කරන්නවුන්ට හේ අත්යන්තොපකාරී බැව් කුමට කියම්ද? ශ්රද්ධා බුද්ධි සම්පන්න සකල සජ්ජනයාය මෙය භාවිත බහුලීකෘත වශයෙන් වඩා බොජ්ඣඞ්ග ධර්මාවබොධ කරණයෙන් නිවන් පසක් කිරීමෙහි ප්රොත්සාහි වියයුතු බැව් මතක් කරමු.
මෙවැනි ධර්ම ප්රකරණයක් සංග්රහකොට දුන මැනවැයි ආරාධිත ජී. ඇප්. මුනසිංහ අප්පුහාමි හා සූරියගොඩ පි. බි. සෙනෙවිරත්න යන මහතුන්ගේ ආයාචනාව පිළිගත් උඩුනුවර නාරංවල විද්යාරත්නාකර පරිවෙණාධිපති මාරස්සන සුනන්දාභිධාන මහාස්ථවිර පාදයන්වහන්සේගේ ප්රව්රජ්යානෙත වාසිවූද විද්යොදය පරිවෙණාධිපති ත්රිපිටක වාගීශ්වරාචාර්ය්ය ශ්රී ඥානේශ්වරාභිධාන මහගොඩ නායක ස්ථවිර ස්වාමිපාදයන් වහන්සේගේ ධර්මාන්තෙවාසීවූද මුරුද්දෙනියේ පඤ්ඤානන්ද නමැති මා විසින් ලොකශාසනානුග්රහ ප්රමුඛව සංග්රහ කරණ ලදී.
තවද මෙම සත්කාර්ය්ය කරණයෙහි අග්රාචාර්ය්ය වරයෙක්වූ කොලොන්නාවේ විහාරාධිපති ගෞරවාර්හි සුගුණසාරාභිධාන මහාස්ථවිර ස්වාමිපාදයන් වහන්සේගෙන් යථා ස්ථානයෙහි විශිෂ්ටොපදෙස ලැබුනු බැව් හා මුද්රණයෙහිදි යථාවකාශ වශයෙන් සිද්ධි පත්ර කීපයක් බලාදුන් බවද ගෞරවයෙන් මතක් කරමි.
ඒ ඇර කොලොන්නාවේ විහාරවාසි වරකාපිටියේ රතනපාල ආයුෂ්මතුන් වහන්සේගෙන්ද මීටාධාර ලැබුනු බව ප්රීතියෙන් මතක් කරමි.
නොවරදින සීලි පෘථග් ජනයෙක් නැතිනිසා අපගේ මේ කෘත්යයෙහිද, ප්රමාදත්වමාදින් ජනිත දොෂ ඇතිවිය හැකියි එසේ වීනම් ඒ ශාස්ත්රාගමධාරී පණ්ඩිතවරයෝ ක්ෂමාශීලිව සොධනය කෙරෙත්වා.
මීට, ඇම්. පඤ්ඤානන්ද හිමි.
වර්ෂ 1914 ක්වූ ජූනිමස 16 වෙනි දින නාරංවල විද්යාරත්නාකර පිරිවෙණේදීය.
ඇම්. පඤ්ඤානන්ද හිමි. වර්ෂ 1914 ක්වූ ජූනිමස 16 වෙනි දින නාරංවල විද්යාරත්නාකර පිරිවෙණේදීය.