බුද්ධෝත්පාද ක්ෂණ සම්පත්තිය - නාඋයනේ අරියධම්ම හිමි.pdf

කතෘ :
නාඋයනේ අරියධම්ම හිමි
ප්‍රකාශිත වර්ෂය :
2012
මුද්‍රිත වර්ෂය :
2012
පිටු ගණන :
6
බාගත කිරීම් ගණන :
2,280
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-11-19
ගොනුවේ ප්‍රමාණය :
139 KB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 4

බුද්ධෝත්පාද ක්ෂණ සම්පත්තිය යනු අති පූජ්‍ය නාඋයනේ අරියධම්ම මහා ස්ථවිරයන් වහන්සේ විසින් ධර්ම දේශනාවක් ඇසුරෙන් සම්පාදනය කරන ලද කෙටි දහම් ග්‍රන්ථයකි.

“සුඛො බුද්ධානං උප්පාදො...” යන ගාථා ධර්මය මාතෘකා කරගනිමින්, අතිශය දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය ආත්මභාවයක් ලැබීමේ අගය (ක්ෂණ සම්පත්තිය), පෙර බුදුවරුන්ගේ පහළවීම් හා ආයු ප්‍රමාණ, සහ ලොවට සිදුවන ශාන්තිය හා ධර්මාවබෝධයේ මාර්ගය පිළිබඳව මෙහි විස්තර කෙරේ.

මෙම කෘතිය 2012 වසරේදී වෛද්‍ය ජනක වෛද්‍යසේකර මහතා සහ එම මහත්මියගේ ධර්ම දානයක් ලෙස නුගේගොඩ Lithira Printing Industries ආයතනය මඟින් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කර ඇත.

පෙර වදන

නමෝ තස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස /// “නිබ්බානං පරමං සුඛං”

බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා විසින් මහා කල්ප අසංඛ්‍ය ගණන් අති දීර්ඝ කාලාන්තරයක් තිස්සේ පාරමී ශීර්ෂයෙන් බෝධිපාක්ෂික ධර්මයන් සපුරන ලදුව අත්කර ගන්නා ලද පරම ශ්‍රේෂ්ඨතම සැපය ශාන්ති ලක්ෂණ නිර්වාණ සැපය යයි සර්වඥයන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ ආත්ම ප්‍රත්‍යක්ෂයෙනි.

ශාන්ති ලක්ෂණ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගැනීමේ මාර්ගෝපදේශනය ලැබෙන්නේ සම්යක් සම්බුද්ධ සර්වඥ ශාසනයෙන් පමණකි. එම මාර්ගෝපදේශනය අනුගමනය කළහැකි වනුයේ නුවණැති මනුෂ්‍ය ආත්මභාවයකදි පමණකි. ප්‍රතිරූපදේශ වාසයත් සත් පුරුෂ කල්‍යාණ මිත්‍ර උපසේවනයත් සද්ධර්ම ශ්‍රවණයත් යෝනිසෝමනසිකාරයත්, නිර්වාණ මාර්ගෝපදේශන අනුගමනය පිණිස හේතුවන ප්‍රධානතම ප්‍රත්‍යයෝපනිශ්‍රයකි. එය අති දුර්ලභ ක්ෂණ සම්පත්තියකි.

චින්තාමාණික්‍යයක් ලත් දුගියෙක් වේ නම් ඒ අනර්ඝ වස්තුව ජීවිතය මෙන් ආරක්ෂා කර ගත හොත් ඔහු සක්විති රජ කෙනෙකු මෙන් වාසනා වන්තයෙකි. නොඑසේ නම් ඔහු බරණැස විසූ මහධන සිටු පුත්‍රයා සේ අතිත පරිහානියට පත්වීම අනිවාර්යීය.

වත්මන් කාලයේ බුදුසසුන අඩක් ගෙවී ඇතත් ක්ෂණ සම්පත්තිය සියලු ආකාරයෙන් නෛර්යාණිකව පවත්නේමය. එසේ හෙයින් කුශලවිපාකය ඇති නැණවතුන් විසින් අප්‍රමාදව සම්බුද්ධ ශාසනයෙන් ශාන්ත නිවන් සුව විඳිනු පිණිස නිර්වාණ මාර්ගයෙහි සතතයෙන් යෙදෙත්වා.

“සුඛො බුද්ධානං උප්පාදො” යනාදී බුද්ධ වචනය මාතෘකාවෙන් මා විසින් පැවැත් වූ බුද්ධ ගුණ මාත්‍රයක් දැක්වෙන කෙටි බණ දෙසුම මෙසේ දහම් පොතක් වශයෙන් මුද්‍රණය කරවා ධර්ම දානය වශයෙන් පිරිනමනුයේ පින්වත් ජනක වෛද්‍යසේකර දොස්තර මහත්මයා සහ පින්වත් එම මහත්මීන්ද විසින් ඉමහත් බුද්ධාලම්බන ප්‍රීතියෙනි.

මේ සඳහා කරුණාවෙන් උපදෙස් දෙමින් අනුග්‍රහ කළ පූජ්‍ය ඇගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේටත්, පින්වත් ජනක වෛද්‍යසේකර දොස්තර මහත්මයා සහ එම මහත්මනීටත්, ඒ දෙදෙනාගේ ආදරණීය පුතණුවන්ටත්, අනුමෝදන් වන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සියලු දෙනාටත් බුද්ධාදී රත්නත්‍රයේ අසීමිත සුවිසි මහා ගුණානුභාව බලයෙන් විංශත් ශතවර්ෂාධික කාලයක් ආයුරාරෝග්‍යා දී සැපවිහරණයත් දෙලොව සුව සෙතත් ශාන්ත නිවන් සුවයත් සුවසේ සාක්ෂාත් වේවා.

“සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා”

මෙයට, මෙත්සිතී,
නාඋයනේ අරියධම්ම ස්ථවිර
නාඋයන ආරණ්‍ය සේනාසනය,
පන්සියගම.