බුද්ධ භක්තිය - බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි.pdf

කතෘ :
බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි
ප්‍රකාශිත වර්ෂය :
1988
පිටු ගණන :
436
බාගත කිරීම් ගණන :
2,563
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-12-10
ගොනුවේ ප්‍රමාණය :
67 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 219

බුද්ධ භක්තිය යනු අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත වටිනා බෞද්ධ ග්‍රන්ථයකි. මුලින් 1952 දී පාසල් දරුවන් උදෙසා සම්පාදනය කරන ලද ‘ශිශුබෝධ බුද්ධධර්මය’ පොත් පෙළේ කරුණු කැටි කොට, බණ දහම් පිළිබඳ වැඩිදුර දැනුමක් නොමැති උපාසක උපාසිකාවන් හා දහම් පාසල් ගුරුවරුන් වෙනුවෙන් 1954 දී මෙම කෘතිය මුල්වරට මුද්‍රණය කරන ලදී.

බෝසත් සිරිත, බුද්ධ චරිතය, ධර්ම කරුණු සහ වන්දනා ගාථා ආදිය අන්තර්ගත වන පරිදි ඉතා ලිහිල් බසින් රචිත මෙම පොත මරදානේ එස්. ගොඩගේ සහ සහෝදරයෝ විසින් නැවත මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කර ඇත.

සංඥාපනය

1952 වන වර්ෂයෙහි පාසල්හි දරුවනට බුදුදහම ඉගැන්ම පිණිස පොත් සතක් සැකැසීමු. ශිශුබෝධ බුද්ධධර්මය නමින් ඒවා පිටකොටුවේ ස්වස්තික යන්ත්‍රාලයාධිකාරීන් විසින් පළ කැරුණහ. පසුවැද ඒවායේ ඇති දහම් කොටස් කැටි කොට බණ දහම් අතේ වැඩිදුර දැනුම් නැති උපාසක උපාසිකාවන් ගේ දැනුම් පිණිස ද දහම් පාසල් ඇදුරන් ගේ අත් පොතක් වශයෙන් ද බුද්ධ භක්තිය නමින් එක් පොතක් වශයෙන් පළ කැරැවූමු. එය මුලින් ම පළ වූයේ 1954 දී ය. එය යළිදු පළ වුවහොත් මැනැවැ යි බොහෝ අය ගේ ඉල්ලීම වූයෙන් යළිදු එය පළ කැරැවීමට සිතා ගතිමු. මෙය මරදානේ ගොඩගේ සහ සහෝදරයෝ පළ කැරැවීමට බාරගත්හ. ඒ මහතුනට අපේ ස්තුතිය පිරිනැමේ.

මෙය සැකැසුණේ ලිහිල් බසිනි. එබැවින් සාමාන්‍ය බොදු ජනයාට මෙය කියවා තේරුම් ගැන්ම පහසු ය.

හිතට කරදරයක් දුකක් නොසන්සුන් බවක් ඇති වූ විට මෙය ගෙන කවර පරිච්ඡේදයකින් හෝ පටන් ගෙන කියවන්න. සිතට සැනසීම ලැබේ.

අටසිල් දසසිල් සමාදන් වූ උපාසක උපාසිකාවෝ එදින මෙය මුලසිට කියවත් නම් කෙනකු කියවද්දී තුමූ කන්යොමු කෙරෙත් නම් මෙය ඔවුනට ශ්‍රද්ධාභක්තිය ද දහම් දැනුම ද වැඩෙන්නට හේතුවේ යැයි සිතමු.

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ස්ථවිර
1988.10.10