බුද්ධ ඇදහිල්ල - කිරිඇල්ලේ ඤාණවිමල හිමි.pdf

කතෘ :
කිරිඇල්ලේ ඤාණවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
1983
මුද්‍රිත වර්ෂය :
1983
පිටු ගණන :
455
බාගත කිරීම් ගණන :
2,408
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-05-25
ගොනුවේ ප්‍රමාණය :
31 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 228

බුද්ධ ඇදහිල්ල යනු පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත ප්‍රායෝගික බෞද්ධ ආගමික වතාවත් සහ ප්‍රතිපත්ති පිළිබඳ අත්පොතකි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ඕලන්ද ආණ්ඩුවෙන් පරිත්‍යාග කරන ලද පැරණි ‘බෞද්ධ ඇදහිල්ල’ නම් පුස්කොළ/කඩදාසි ග්‍රන්ථයේ ආභාසය ද සහිතව, බෞද්ධ සැදැහැවතුන්ගේ දෛනික පූජා සත්කාර, සීල සමාදාන හා භාවනා කටයුතු පහසු කරනු පිණිස මෙම කෘතිය රචනා කර ඇත.

මෙහි නමස්කාර පාඨ, සරණාගමන විවරණ, පන්සිල්, අටසිල්, දසසිල් ආදී ශීල විභාගයන් මෙන්ම බුද්ධානුස්සති, මෛත්‍රී, අසුභ, මරණානුස්සති ආදී භාවනා ක්‍රම, වන්දනා ගාථා සහ විවිධ පූජා විධි ක්‍රමානුකූලව අන්තර්ගත වේ. මෙහි ප්‍රධාන මාතෘකා ඇතුළත් පටුන මෙසේය:

  • සරණාගමනය හා පඤ්ච ශීලය
  • සරණ පිහිටන, කෙලෙසන හා බිඳෙන ක්‍රම
  • අනුශාසනා හා විහාරස්ථානාදියට පැමිණීම
  • ශීල විභාගය (උපොසථ ශීලය, අටසිල්, දස ශීලය ආදිය)
  • භාවනා විභාගය (බුද්ධානුස්සති, කායගතා සති, මෙත්තා, අසුභ, මරණානුස්සති)
  • වන්දනා කිරීමේ ක්‍රම සහ විවිධ පූජාවන්
  • ධර්‍ම විභාගය (ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය, සප්ත ආර්‍ය්‍ය ධනය ආදිය)

මෙම පිටපත 1983 වර්ෂයේ දී කොළඹ සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගම විසින් මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කරන ලද සතර වැනි මුද්‍රණයයි.

ප්‍රස්තාවනා

සංසාර විමුක්තිය සඳහා ගමන් කරන සැදැහැවත් බෞද්ධයන් හට නිර්වාණබෝධය පිණිස සෘජු මාර්‍ගයක් අවශ්‍ය මැයි. ඒ පිණිස පර්‍ය්‍යාප්ති (ධර්‍මය ඉගෙනීම), ප්‍රතිපත්ති (ධර්‍මය අනුව පිළිපැදීම) හා ප්‍රතිවෙධ (සත්‍ය ධර්‍මාවබොධය) යන ත්‍රිවිධ ශාසනානුගත වන පරිදි ක්‍රියා කළ යුතු ය.

සූත්‍ර - විනය - අභිධර්‍ම යන පිටකත්‍රයට අයත් 84000 ක් ධර්‍ම කොට්ඨාස දැන ඉගෙනීමට තරම් ධාරණ ශක්තිය හා ඥාන ශක්තිය ඇති අය අප අතර විරලය. ඒ අඩු පාඩුව පිරිමසාලීම සඳහා ප්‍රමාණවත් ධර්‍ම කොට්ඨාස ඇතුළත් ධර්‍ම ග්‍රන්ථයක් බෞද්ධ වූ හැම දෙනා අත ම නිතර දෙවේලේ සිහි කිරීමට අත් පොතක් වශයෙන් තිබිය යුතු ම ය.

තුනුරුවන් විෂයයෙහි පූජා සත්කාර කිරීම සිල් රැකීම බණකීම-භාවනා කිරීම ආදි ආගමික පුණ්‍ය ක්‍රියාවන්හි යෙදෙන සැදැහැවත් බෞද්ධ පින්වතුන්ගේ ප්‍රයෝජනය සඳහා ප්‍රමාණවත් පොතක් මේ තාක් නොතිබීමේ අඩුපාඩුව මෙයින් සම්පූර්‍ණ වන්නේ ය.

අතීතයේ ද ගිහි - පැවිදි දෙපක්ෂයේ ම ආගමික පිළිපැදීම සඳහා මෙබඳු පොත් තිබුණ බව පෙනේ. එයින් මේ දක්වා අප අතර ශේෂ වී තිබෙන පොත් දෙක ද තවම මුද්‍රණය වී නැත.

එයින් භික්‍ෂූන්වහන්සේලාගේ (ශික්‍ෂා) සංවරණය සඳහා අත් පොතක් වශයෙන් පාවිච්චි කරන ලද සිකකරණිය ඉතිරි වී තිබෙන එකම පොතයි. මෙය එකල ද ප්‍රධාන තැනක් ගෙන තිබුණ බව iv මිහිඳු (ක්‍රි. ව. 956 - 972) රජ තුමා විසින් අනුරපුර මිහින්තලේ පිහිටුවන ලද ශිලා ලිපියෙහි “සිකකරණිහි කියු සෙයින් සිවුර් හැන්දැ පෙරෙවැ” (Epigraphia Zeylānica Vol. I Page 85) යන වාක්‍යයෙන් පෙනේ.

බෞද්ධ ප්‍රතිපත්ති පූරණය සඳහා ගිහි දින චරියාව අනුව ලියන ලද පැරණි පොත් අතුරින් මේතාක් ශේෂව තිබෙන්නේ ද එකකි.

එය කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි. ව. 1747 - 1782) රජතුමාට ඕලන්ද ආණ්ඩුවෙන් පරිත්‍යාග කරනලද සම්පූර්‍ණ හමට බැඳි කඩදාසි පොතක සිංහල චිත්‍ර ශිල්පීන් විසින් සකස් කරන ලද කාලය අනුව වර්‍ණය වෙනස් නොවන දූලි සායමින් ලියන ලද බෞද්ධ ඇදහිල්ලයි.

අලංකාර ලෙස කැටයම් කළ, පොතේ හැඩහුරුකමටම සෑදූ මඤ්ජුසාවක දමා තිබෙන මේ පොතේ ඇතුළත් කරුණු අද ඊයේ ලියන ලද ලේබල් මෙන් පැහැදිලි ය.

සිංහල රාජ්‍යයේ අවසාන භාගයෙහි අභ්‍යන්තර හා විදේශීය ආක්‍රමණ නිසා නොසන්සුන් ජීවිතයක් ගත කරමින් රාජ්‍යපාලනය කළ සිංහල රජවරු පවා එබඳු කරදර මධ්‍යයෙහි ම කොපමණ උනන්දුවකින් ස්වකීය ආගමික පිළිවෙත් පිරුවාහුද යන බව අවුරුදු 200 කට වඩා පැරණි ඒ බෞද්ධ ඇදහිල්ල පොතින් මනා ව හැඟෙන්නේ ය.

බුදු සසුන බැබලේවා!

මෙයට, පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිර 2498 —— ජනවාරි 25 දින, 1955 මාරපණ ශාස්ත්‍රොදය පිරුවෙන්හි දී ය.

පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිර
2498
—— ජනවාරි 25 දින,
1955
මාරපණ ශාස්ත්‍රොදය පිරුවෙන්හි දී ය.