පූතිමුත්ත භේසජ්ජය - උ ධම්මජිව හිමි.pdf
- කතෘ :
- උඩඊරියගම ධම්මජීව හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2006
- මුද්රිත වර්ෂය :
- 2006
- පිටු ගණන :
- 75
- බාගත කිරීම් ගණන :
- 3,051
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2017-11-08
- ගොනුවේ ප්රමාණය :
- 4.0 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පූති මුත්ත භෙසජ්ජය බුද්ධ බේත යනු බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලා උදෙසා අනුදැන වදාළ සිව්පසයෙන් එකක් වන පූතිමුත්ත භේසජ්ජය (ස්වමුත්ර චිකිත්සාව හෙවත් Urine Therapy) පිළිබඳ ත්රිපිටකය, අටුවා ටීකා මෙන්ම නූතන වෛද්ය පර්යේෂණ ග්රන්ථද ඇසුරු කරමින් සම්පාදනය කරන ලද ධර්මානුකූල හා වෛද්ය විද්යාත්මක ග්රන්ථයකි. මෙය සම්පාදනය කර ඇත්තේ මීතිරිගල නිස්සරණ වන සේනාසනාධිපතිව වැඩවිසූ පූජ්ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි.
මෙහි ප්රස්තාවනාව නා උයන ආරණ්ය සේනාසනාධිපති අතිපූජ්ය නා උයනේ අරියධම්ම මහාස්ථවිරයන් වහන්සේ විසින් සපයා ඇති අතර, විනය මහාවග්ග පාලිය, ගිරිමානන්ද සූත්රය ඇතුළු බෞද්ධ මූලාශ්රයන්හි දැක්වෙන බෙහෙත් ක්රම සහ ස්වමුත්ර චිකිත්සාව භාවිත කළ යුතු ආකාරය, ආහාර විහාර හා මනෝව්යාපාර විධි පිළිබඳවද මෙහි මනාව විස්තර කෙරේ.
මූලික මාතෘකා:
- පූති මුත්ත භෙසජ්ජය
- ගිරිමානන්ද සූත්රය
- පූති මුත්ත භෙසජ්ජය පාවිච්චි කරන ක්රම
- ආහාර විහාර මනෝව්යාපාර විධි
- මුත්රා සඳහා විවිධ නම් සහ ආශ්රිත ඉංග්රීසි ග්රන්ථ
ගෞරවණීය පිළිගැන්වීමයි
මෙම උතුම් බුද්ධ බේත නැමති ග්රන්ථය සම්පාදනය කළ අපගේ ගෞරවණීය අති පූජ්යපාද උඩඊරියගම ධම්මජීව හිමිපාණන් වහන්සේට
නිදුක් නිරෝගී සැපබල ලැබේ ශතවර්ෂාධික කාලයක් ම
සුවසේම දීඝායුෂ වර්ධනය වී සුවසේම පාරමී සපුරා
අපත් ලෝකවාසී සැමටත් දහම් මග,
සුගති මග, නිවන් මගට පමුණුවා
සම්යක් ප්රාර්ථනාවන් සපුරාගෙන
නිර්වානාවබෝධය ලබත්වායි !
අපගේ පැතුමයි
කේ. බෝධිපාල පවුලේ සැම
පෙරවදන
වෙජ්ජූපමො ජිනවරො - ගෙලඤ්ඤාව පුථුජ්ජනා රොගුපමා කිලෙසා ච - සද්ධම්මො පරම ඔසධො
(සංග්රහ ගාථා)
ජිනවර නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසාමාන්ය වෛද්යවරයෙකු වැනිය. පෘථග්ජන ලෝක සත්වයෝ ගිලනුන් වැනිය. එක් දහස් පන්සියයක් පමණ වූ ක්ලේශයෝ රෝගයන් වැනිය. ශ්රී සද්ධර්මය පරම ඖෂධයක් වැනිය යනු ගාථා නිබන්ධනයේ අදහසය.
සර්වඥ දේශිත සූත්රාසූ දහසක් ධර්මස්කන්ධය අති විශේෂ ඖෂධ සම්භාරයක් වැනිය. උස්සුක්කො ලොක සන්නිවාසො ලෝක සත්වයා කෙලෙස් ගින්නෙන් දැවෙමින් තැවෙමින් ආතුර වී ඇත. සර්වඥයන් වහන්සේ ලෝවැසි ආතුර ජනතාව සුවපත් කරන මහා කාරුණික වෛද්යචාරීන් වහන්සේ වෙති.
විනය පිටක මහාවග්ග පාලියෙහි භෙසජ්ජක්ඛන්ධකයෙහි විවිධාකාර රෝග සමනය සඳහා ප්රත්යක්ෂ ඖෂධ ක්රමයන් දේශනා කරන ලද්දේ වෛද්ය විද්යාව හදාරා නොව මහා කරුණාවෙහි පිහිටා සර්වඥතා ඥානයෙන් සර්වාකාරයෙන් දැන ලෝකානුකම්පාවෙනි.
සසර දුකින් මිදී කෙලෙස් රෝගුන් නිවා ශාන්ත නිවනින් සැනසෙනු පිණිස සැදැහැයෙන් සසුන් වන් ශ්රමණ ශාක්ය පුත්රයන් සඳහා දේශනා කළ ජීවිතපරිෂ්කාර නම් වූ සිවුපසයද තෘෂ්ණා දෘෂ්ඨි මානාදි උපක්ලේශයන් සමනය වනසේ පරම අල්පේච්ඡතාව පිණිස වදාරා ඇත්තේ ආර්ය්යවංශ ප්රතිපදාව සපිරෙන සේමය.
ආහාරය පිණිස පිණ්ඩපාතය ද, චීවරය පිණිස පංසුකූලය ද සෙනසුන පිණිස රුක්මුල් සෙනසුන ද, ගිලන්පස පිණිස පූතිමුත්ත බෙහෙත ද දේශනා කොට ඇත්තේ සර්වඥයන් වහන්සේ ද ඒ සියල්ල අනුව පවතිමින් ආදර්ශවත් ලෙසිනි.
ඒ මේ ප්රත්ය සතර අතුරෙන් සතරවැනි වූ පූතිමුත්ත භේසජ්ජය ගැන ඉමහත් පරිශ්රමයකින් ගවේශණය කොට සම්පාදනය කරන ලද මීතිරිගල නිස්සරණ වන සේනාසනාධිවාසී පූජ්ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන්වහන්සේගේ සම්පාදකත්වයෙන් නිමැවුණු “බුද්ධ බේත” අතිශයින් සාරවත් අර්ථවත් කෘතියකි. ස්වීය අත්දැකීම් ද ඇතුලත් වීම තවත් විශ්වසනීයකි. මේ සඳහා ඉමහත් පරිශ්රමයක් දැරූ පූජ්ය ධම්මජීව ස්වාමීන් වහන්සේට ලජ්ජී සුපේශල ශික්ෂාකාමී මහා සංඝරත්නයේ කෘතඥතාව සේම ආශිර්වාදයන් විශේෂයෙන් අත්වේවා.
තවද ද්වත්තිංසාකාර ප්රථම ධ්යාන ලාභී අශුභ කර්මස්ථානිකයන්ට මෙහි සඳහන් ස්වමුත්ර භෙසජ්ජය ගත නොහැකි වීම ගැනද සඳහන් කරනුයේ ඒ සඳහාත් ගවේශණය පිණිස ආරාධනයෙනි.
සබ්බේ සත්තා - භවන්තු සුඛිතත්තා”
මෙයට,
මෙතැති
නා උයනේ අරියධම්ම ස්ථවිර
නා උයන ආරණ්යය - පන්සියගම
සම්පාදකගෙන්...
මේ රචනාව ඉදිරියට යෑමට බලාපොරොත්තු වන දිගු ගමනකට ඇත්තටම පෙරවදනක් පමණි. මෙහි සඳහන් මූල ධර්මය සර්වඥ දේශිතයක් බව ඇත්ත නමුත් එය තහවුරු කිරීම සඳහාත්, කියවන්නාට උනන්දුව ඇති කිරීම සඳහාත් උධෘත කොට දක්වා ඇති බොහෝ තොරතුරු ණයට ගත් ඒවාය. නොබෝ කලකින් අපේම නිදසුන් විශාල වශයෙන් එළි දැක්විය හැකිවන බවට සැකයක් නැත. ඒ තරමටම මෙය අත්හදා බලන්නන් ශීඝ්රයෙන් වැඩිවන අතර සියල්ලන්ම ඉතාමත් උනන්දුවෙන් තොරතුරු බෙදා හදා ගැනීමට පෞද්ගලික මට්ටමින් හෝ ඉදිරිපත් වීම හොඳ පෙරනිමිත්තකි. කාටත් සහනයකි.
මෙහි සෝදුපත් බලා දුන් පූජ්ය උඩුගම්පල ධම්මරංසි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව සැලසේවා! මේ සඳහා අලුත් උනන්දුවක් ඇති කිරීමට සමත්වන තරමේ පොතක් ලබාදීමට කටයුතු කළ ජයන්ත ප්රනාන්දු මහත්මාට නිරෝගී සුව අත්වේවා! උනන්දුවකින් කටයුතු කළ කමල් ඇඹුල්දෙණිය, අප නිස්සරණ වන සංරක්ෂණ මණ්ඩලයේ සභාපති තුමාටත් තව තවත් සුවකිරීමේ අභිමතාර්ථය සමාධි කරගැනීමට මේ පුණ්ය කර්මය හේතු වේවා. එසේම එම උප සභාපති දිලිප් මහතන්තිල මහත්මා නොමසුරුව පොත්-පත් ආදිය ලබාදීම ආදියෙන් නීතිපතා කරන ඥාණ සංවත්තනික පුණ්ය කර්මයන් ද මෙම රචනයේදීත් මහෝපකාරී වූ බව සිහිපත් කරන්නේ අනුමෝදනා ශීර්ෂයෙනි.
මෙය කියවා අදහස් දැක්වීමට මෙතෙක් ඉදිරිපත් වූ සියලු දෙනාටමත් නිරෝගී සුව සැලසේවා. නොමිලයේ ම ලැබෙන එසේම කිසි කෙනෙකුගේත් අධිකාරී බලයකට යටත් නැති, ස්වාධීන මෙම ක්රමය තුලින් කායික නිරෝගී භාවය නමැති ලාභය සලසාගෙන සැමට වැඩි වැඩියෙන් භාවනා කිරීමට පහසුකම් සැලසේවා. උතුම් බ්රහ්මචරිය ජීවිතයක් තවමත් ලැබී නැති අයට ඒ සඳහා පෙළඹීමට ඇති බාධක දුරු වේවා.
මෙම රචනාව සඳහා උධෘත ලබාගත් පොත් රචනා කළ සියලු දෙනාටම නොයෙක් තුති පුද කරන්නේ ශාසනික ගෞරවයකින් හා කෘතඥතාවයෙන් යුක්තවයි. එහිලා උපකාරී වූ ඉංග්රීසි පොත් හා එම රචකයන්ට අපි මෙහි සිට පිං පමුණුවමු. ඒ සියලු දෙනා විසින් ගතවූ දශක පහ, හය කාලය තුළ ඉටුකළ මෙහෙවර නිසාම අද අපට පැකිළීමකින්, හිරිකිතයකින් තොරව මේ ගැන කථා කිරීමට, ලිවීමට ප්රස්ථාව සැලසී ඇති බව අවංකවම පිළිගනිමු. මේ පිළිබඳව තවමත් විවිධ විවේචන එල්ල විය හැකි බව මුත්රා වල ඇති නොරැස්නා බව පමණට ම සත්යයකි. නමුත් ප්රයෝජනය සලසා ටිකක් අත්හදා බැලුව-හොත් එම නොරැස්නා බව වෙනුවට තමන්ටම අදහා ගැනීමට බැරි තරමට හැබෑ වෙනසක් අත් දකින බවට සැක නැත.
මීට සමාන සංසිද්ධියක් ලෙස දැක්විය හැක්කේ විපස්සනා භාවනාවයි. එයද ප්රත්යුත්පන්න දුක් වූද ආයති සුඛ වූද ධර්ම සමාදානයක් ලෙස සර්වඥයන් වහන්සේ විසින් අනුදැන වදාරණ ලද්දකි. මේ දෙකම විවාත වූයේ බබලයි. වැසුනේ නොම බබලයි. කැමති නම් නිල සම්බාහන ක්රමයත් මෙම ස්ථරයේම ලා සැලකිය හැක. මක් නිසාද යත් අපගේ ප්රෞඪ ඉතිහාසයේ ස්වර්ණමය අවධියේ මේ විපස්සනාවත්, පූතිමුත්තය වැනි ප්රතිකර්මත්, නිල සම්බාහනයත් ප්රකටවම පැවති බවට සාක්ෂි එමොටය. ඒවා ආරණ්ය වාසී බොහෝ විට ඒකචාරී යතිවරයන් වහන්සේලා විසින් සාංදෘෂ්ඨිකව භුක්ති විඳ ඇති අතර බහුල භාවිතයන් වශයෙන් ජන සමාජයට මුසුවුනු තැන් සම්බන්ධ සමහරක් සාක්ෂි අදද අප්රසිද්ධ නොවේ.
අද යමෙක් මේවා වීවාතව අත්හදා බලයි ද ඔහු නිසා බුද්ධ ශාසනය ද, ධර්මය ද එසේම තමා වශයෙන් එසේ අත්හදා බලන්නා ද බබලනු ඇතී. අද අපට අවශ්යව ඇත්තේ මෙයයි.
ලක්දිව බුදු සසුන බැබලේවා!
උ. ධම්මජීව භික්ෂුව
නිස්සරණ වනය, මීතිරිගල.
11742
ග්රන්ථ සංකේත පිළිබඳව
රචනය විකාශනය වන ආකාරයට ඉදිරිපත් වන ඉංග්රීසි පොත් අංක පිළිවෙලින් 1,2,3,4 ලෙසින් අංකනය කොට ඇත. උධෘත ඉදිරියෙන් එම පොතේ අංකය හා පිටු අංකය ඉහළින් කුඩා ඉලක්කම් වලින් දක්වා ඇත. (උදා: 2-96 යනු, 2. The Golden Fountain. The Complete Guide to Urine Therapy. පොතේ 96 වන පිටුවයි.) සමහර තැන් වල එසේ සංකේත වශයෙන් නොයොදා විස්තරය ද භාවිතා කරන ලද ඉංග්රීසි පොත් පත් වල නම් ද පහත සඳහන් කර ඇත.
English Books Consulted 1. Wonders of Uropathy. Urine Therapy as a Universal Cure - By G. K. Thakkar - 1996 2. The Golden Fountain. The Complete Gude to Urine Therapy - By Coan Van Der Kroon - 1994 3. The Water of Life - By J. W. Armstrong - 1944 4. The Healing Power of Urine Therapy - By Ingeborg Aiimann 1993
සිංහල පොත් සඳහා සංකේත යොදා ඇති අතර එම සංකේතයත් සමග වෙළුම් අංකය හා පිටු අංකය උධෘතය ඉදිරියෙන් වරහන් තුළ දක්වා ඇත. උදා: (අං. නි. 6/196) යනු අංගුත්තර නිකාය හය වන වෙළුම 196 පිට යන්නය. සමහර තැන් වල සංකේත නැතිව කෙලින්ම විස්තර දක්වා ඇත.
සිංහල පොත් සඳහා ග්රන්ථ සංකේත
1. මහා වග්ග පාලි (බුද්ධ ජයන්ති මුද්රණ) - ම. ව. 2. අංගුත්තර නිකාය (බුද්ධ ජයන්ති මුද්රණ) - අ. නි. 3. මජ්ඣිම නිකාය (බුද්ධ ජයන්ති මුද්රණ) - ම. නි. 4. මජ්ඣිම නිකාය අටුවාකථා (හේවා විතාරණ මුද්රණ) - ම. නි. අ. 5. මජ්ඣිම නිකාය ටීකාව (ඡට්ඨ සංගායනා සංයුක්ත තැටිය) - මී. නි. ටී. 6. විනය කර්ම පොත (අතිපූජ්ය රේරුකානේ චන්ද විමල හිමි) - වි. කර්ම 7. භාරත රෝග නිවාරණ ක්රම (පූජ්ය මඩබාවිට විජයසෝම හිමි) - භා. රෝග 8. වෛද්ය ශාස්ත්රයේ ස්වභාවය (මහාචාර්ය්ය ගුණපාල ධර්මසිරි මයා) - වෛ. ස් 9. ආයුර්වේද සමීක්ෂා (දේශීය වෛද්ය අමාත්යාංශයේ ප්රකාශනයෙකි.) - ආ. ස. 10. ආයුර්වේදයේ ජීවන දර්ශනය (අමරසිරි පොන්නම්පෙරුම මයා) - අ. ජී.