පටිච්චසමුප්පාදය සිංහල භාවය - වලානේ ශ්රී විජයනන්ද හිමි.pdf
- කතෘ :
- වලාණේ ශ්රී විජයනන්ද හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1938
- මුද්රිත වර්ෂය :
- 1938
- පිටු ගණන :
- 35
- බාගත කිරීම් ගණන :
- 1,832
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-02-14
- ගොනුවේ ප්රමාණය :
- 22 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පටිච්චසමුප්පාදය සිංහල භාවය (පඤ්චම කාණ්ඩය) යනු පණ්ඩිතාචාර්ය වලානේ ශ්රී විජයනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත පටිච්චසමුප්පාද ධර්ම විවරණ ග්රන්ථ මාලාවේ පස්වන කොටසයි. බේරුවල සිරිනිවාසාභිධාන මහානායක මාහිමියන්ගේ සර්වකර්තෘත්වයෙන් (සවීකතෘත්වයෙන්) සහ ආශිර්වාදයෙන් සම්පාදිත මෙම කෘතිය, අභාවප්රාප්ත ඇන්. ඇලිස් ප්රනාන්දු මහත්මියට පිං පිණිස ඇගේ ස්වාමිපුරුෂ වලානේ ජේ. ජේ. ප්රනාන්දු මහතාගේ මූල්ය දායකත්වයෙන් 1938 මැයි 13 වන දින මුද්රණය කොට ප්රකාශයට පත් කර ඇත.
මෙම පස්වන කාණ්ඩයෙන් විශේෂයෙන් විස්තර කෙරෙන්නේ විඤ්ඤාණ පච්චයා නාමරූපං යන පටිච්චසමුප්පාද අංගයට අදාළව නාම රූප ධර්මයන්ගේ පහළවීම, රූප කලාප විභාගය, කර්මජ-චිත්තජ-උතුජ-ආහාරජ රූප, විවිධ භව හා යෝනිවල සත්ත්වයන්ගේ නාමරූප පහළවන ආකාරය සහ අභිධර්ම ක්රමයට අනුකූල ගැඹුරු ධර්ම කරුණුය.
පානදුර ශිල්පාලංකාර මුද්රණාලයේ මුද්රණය කරවා ඇති මෙම කෘතිය සම්පාදනය සඳහා ශ්රී විජය සෛත්යගන විද්යාලයේ ශිෂ්ය මාදුපිටියේ මේධානන්ද හිමියන් ශෝධ්ය පත්ර පරීක්ෂාවෙන් උපකාරී වී ඇත.
නිවේදනය.
කාලය දුර්භාග්යය. ආර්තික තත්වය කිසිසේත් සතුටුදායක නොවේ. එහෙත් ජේ. ජේ. ප්රනාන්දු මහතාගේ විතරණ ගුණය නොසැලින. එබැවින් පටිච්චසමුප්පාදයේ සිංහල භාවය පිළිබඳද පස්වෙනි කාණ්ඩයද බෞද්ධ මහා ජනයා අත තබන්ට ලැබිණ. මෙය ප්රකාශයට පැමිණවිය යුතුව තිබුනේ පසුගිය වර්ෂයේය. අපගේ අනවකාශය ඊට බාධාවිය. ජේ. ජේ. ප්රනාන්දු මහතා ගේ උදාසීනභාවයකින් නොවේ. ඒ මහත්මෝ නම් අපට මේ ගැන නිතර නිතර සිහිකරවති.
මේ වර මේ කාණ්ඩය ලියුවේ යමතම් විද්යාලයේ විවේක කාලය ලැබීමෙන් පසු විය. ඒ සුලු කාලය තුළද තව නොයෙක් කටයුතු වලට මූණ පාන්ට සිදුවිය. එබැවින් අදහස් කරගෙන සිටි පරිදි පෝර්ම අටකින් යුක්තව ප්රසිද්ධ කරවීමට නොහැකි විය.
අපගේ ශිෂ්ය මාදුපිටියේ මේධානන්ද නැන මෙහි ශෝධ්ය පත්ර බලාදීම් ආදියෙන් බොහෝ පිහිටවිය.
සෛත්යාධාර සභාවේ උප සභාපතිවරයෙක් වූ මිල්ලෙනිය වතුයායේ භාරකාර තැන්පත් වලාණේ ජේ. ජේ. ප්රනාන්දු මහතාණෝ ස්වකීය ප්රියාම්බිකාවට පින් අනුමෝදන් කරනු වස් මෙය කරගෙන යති. එය අතිශයින් පැසසිය යුත්තකි. දෙලෝ වැඩ සලසා දෙන්නකි.
මෙහි විස්තර කරන ධර්මඛණ්ඩ කාටත් ප්රයෝජනය. එබැවින් මෙය හොඳින් කියවාබලා තේරුම් ගැනීමෙන් දෙලෝ වැඩ සාදා ගැනීමට සියල්ලන් උත්සාහ දැරිය යුතු.
මීට, ශාසනස්ථිති කාමී
වලානේ ශ්රී විජයනන්ද ස්ථවිර, Walane Wijayananda, විද්යාලයාධිපති.
ශ්රී විජය සෛත්යගන විද්යාලය, වලාණ-පානදුරේ. 2482 13-5-1938
ශාසනස්ථිති කාමී වලානේ ශ්රී විජයනන්ද ස්ථවිර, Walane Wijayananda, විද්යාලයාධිපති, ශ්රී විජය සෛත්යගන විද්යාලය, වලාණ-පානදුරේ. 2482 / 13-5-1938