පංචමහාවාදය - මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි.pdf
- කතෘ :
- ටී. ඇස්. ධම්බන්ධු
- ප්රකාශිත වර්ෂය :
- 1956
- මුද්රිත වර්ෂය :
- 1956
- පිටු ගණන :
- 316
- බාගත කිරීම් ගණන :
- 2,615
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-10-22
- ගොනුවේ ප්රමාණය :
- 80 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පංච මහා වාදය යනු 19 වන සියවසේ ශ්රී ලංකාවේ බෞද්ධ පුනරුද සමයේ බෞද්ධ සහ ක්රිස්තියානි දෙපක්ෂය අතර සිදුවූ ඓතිහාසික ප්රසිද්ධ ආගමික වාද පහක් එක්කොට සකස් කරන ලද ග්රන්ථයකි. ටී. ඇස්. ධම්බන්ධු මහතා විසින් සම්පාදනය කර ප්රකාශයට පත් කරන ලද මෙම කෘතිය 1956 දී මුද්රණය කර ඇත.
මෙහි අන්තර්ගත වන මහා වාද පස වන්නේ:
- ගම්පල වාදය
- පානදුරේ වාදය
- උදන්විට වාදය
- බද්දේගම වාදය
- ඌරුගොඩවත්තේ වාදය
මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන් ප්රමුඛ මහා සංඝරත්නය විසින් මුල් වාද සතර මෙහෙයවන ලද අතර, උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු පවත්වන ලද ඌරුගොඩවත්තේ වාදයේදී මොහොට්ටිවත්තේ ජනානන්ද හිමිපාණෝ බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ. එකල මෙරට බෞද්ධ අයිතිවාසිකම් රැකගැනීමටත්, කර්නල් ඕල්කට්තුමා ඇතුළු විදේශික විද්වතුන් ලක්දිවට පැමිණ බෞද්ධ අධ්යාපනය නගාසිටුවීමටත් මෙම වාදයන් මහත් පිටුවහලක් විය.
ප්රස්තාවනා
පංච මහා වාදය වූකලී බෞද්ධ–ක්රිස්තියානි දෙපස අතර කලකට පෙර ඇතිවූ වාද පසක් එක් රැස් කොට අප විසින් සම්පාදනය කරන ලද ග්රන්ථයකි. ගම්පල වාදය, පානදුරේ වාදය, උදන්විට වාදය, බද්දේගම වාදය හා ඌරුගොඩ වත්තේ වාදයත් මෙයට ඇතුළත්ය.
බෞද්ධයා බෞද්ධයෙකු හැටියට පෙනී සිටීමට පසුබට වූ අවදියකදී මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් හා ක්රිස්තියානි වියතුන් අතර ඇතිවුණු මෙහි මුලින් දැක්වූ වාද සතර නිසා බෞද්ධයන්ට බෞද්ධයන් හැටියට පෙරමුණට යාමට ඉමහත් රුකුලක් ලැබිණි. ඒ අවදියේදී රජයේ උපකාරය ලැබුනේ ක්රිස්තියානි පක්ෂයටය. එකල ක්රිස්තියානි දේව ගැතිවරයන්ගේ වැටුප් පවා ගෙවන ලද්දේ ලක් රජය මගිනි. රැකී-රක්ෂා හා තාන්න මාන්න බලාපොරොත්තුවෙන් සමහරු ක්රිස්තියානිය වැළඳ ගත්හ.
ගුණානන්ද හිමියන්ගේ අභාවයෙන් නව වසකට පසු ඌරුගොඩ වත්තේ වාදය ඇතිවිණි. එහි බෞද්ධ පක්ෂයේ කථිකයා වූයේ මොහොට්ටි වත්තේ ජනානන්ද හිමිතුමාය.
බෞද්ධ-ක්රිස්තියානි දෙපස අතර ඇතිවූ මේ වාද කථා අතුරින් කීපයක් එකල විසූ පඬුවන් විසින් ඉංග්රීසි භාෂාවට පරිවර්තනය කරන ලද්දව ප්රසිද්ධ කරවූහ. ඒ පොත් වල පිටපත් ඉංග්රීසි, ප්රංස, රුසියන්, අමෙරිකන් ආදී විදේශික පණ්ඩිතයන් අතට පත්වීණි. ඒ පොත් කියවූ කර්නල් ඕල්කොට්, ලෙඩ්බීටර්, බෙනට් ආදී උතුමන් හා බ්ලැවැට්ස්කි මැතිනිය ද බුද්ධ ධර්මය සෙවීම පිණිස සිරිලකට සැපත් වූහ. ඔවුන්ගේ පැමිණීමක් සිදු නොවුනි නම් අද අප රටේ බෞද්ධ අධ්යාපනයෙහි මෙතරම් දියුණුවක් කිසිසේත් ඇති නොවේ.
ටී. ඇස්. ධම්බන්ධු
6. 9. 56
එගොඩඋයන.