සන්න සහිත ජිනචරිතය - මේධංකර හිමි 1886.pdf
- කතෘ :
- මේධංකර හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1886
- මුද්රිත වර්ෂය :
- 1886
- පිටු ගණන :
- 105
- බාගත කිරීම් ගණන :
- 1,888
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-02-14
- ගොනුවේ ප්රමාණය :
- 73 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ජිනචරිතය යනු බෝධිසම්භාර රැස් කිරීමේ පටන් පිරිනිවන දක්වා බුදුරජාණන් වහන්සේගේ චරිතය පාලි පද්යයෙන් වර්ණනා කරන කාව්යයකි. විඥාපනයට අනුව එහි කතෘ විජයබා පිරිවෙන්වැසි මේධංකර නම් මහාස්ථවිරයන් වහන්සේ ය. පථ්යාවක්ත්ර, ඉන්ද්රවජ්රා, උපෙන්ද්රවජ්රා, උපජාති, වංශස්ථ, වසන්තතිලක ආදී වෘත්තවලින් ගොතන ලද මෙම කාව්යය පාලි භාෂාව හා පද්ය බන්ධනය උගන්නන්ට ද ප්රයෝජනවත් බව එහි සඳහන් වේ.
මේ සංස්කරණයේ එක් එක් ගාථාවට පසුව පද අනුව සිංහල සන්නයක් ද ඇතුළත් කර ඇත. කාලාන්තරයේ දෝෂ ඇතිව ව්යාකූල වූ පාඨය පුස්කොළ පොත් කීපයක් සසඳා, කොළඹ විද්යොදය පිරිවෙනාධිපති හික්කඩුවේ ශ්රී සුමඞ්ගල නායක ස්ථවිරයන් වහන්සේගේ ආධාර ඇතිව, උන්වහන්සේගේ ශිෂ්ය වලානේ ධම්මානන්ද හිමියන් විසින් සංශෝධනය කරන ලදී. ඇතැම් ගාථා (334, 438, 439 ආදිය) අසම්පූර්ණව තිබූ බවත්, තවත් ගාථා නවයක ඌනතාවක් පෙනෙන බවත් විඥාපනයෙහි දැක්වේ.
ග්රන්ථය 1886 (ශ්රී බුද්ධ වර්ෂ 2430) දී වලානේ පදිංචි එච්. ඩී. ජේම්ස් අප්පුහාමි විසින් ශාස්ත්රාධාර යන්ත්රාලයෙහි මුද්රණය කරවා ප්රසිද්ධ කරන ලදී. අගට ගාථා හා සන්නයේ දෝෂ නිවැරදි කරන ශුද්ධිපත්රයක් ද ඇත.
විඥාපනය.
“ජිනචරිතයනම්වූ” මෙමප්රකරණයෙන් බොධිසම්භාරහරණයපටන් පිරිනිව්මදක්වා සර්වඥයන්වහන්සේගේ චරිතය ප්රකාශිතයි-එයයථොක්තඅභිධානයෙන්ම අවගන්තව්යයි-මෙහිකතෘවිජයබා පිරිවෙන්වැසි මෙධඞ්කරනම් මහාස්ථවිරකෙනෙකැයිමෙහිමඅවසානයෙහිනිර්දිෂ්ටයි-මෙම තෙරුන්වහන්සේගැණවැඩිදුරකාරණාකියන්ටපොතකපතකතබා ශ්රැතිමාත්රයකුදුනොමැතිහෙයින් ඊටනොපොහොමි—එසේම කාලයගැණත් නිශ්ශඞ්කිවකියනොහැකියි-ඒ කෙසේවුවත් මුන්වහන්සේමනාලෙස ධර්මශාස්ත්රාදියඋගත්ස්ථවිර කෙනෙක්යැයි සර්වප්රතිපාදිත මෙම ප්රකරණයෙන් පැහැදිලිවප්රකාශ කල හැකියි—ගද්යපද්යාදි ශිෂ්ටොපදිෂ්ට කාව්යයන් අතුරෙන් මේ පද්යකාව්යයි—මෙම පද්යබන්ධනය ලඞ්කාරාදියෙන්ද සවිලඞ්කෘතව පථ්යවක්ත්ර ඉන්ද්රවජ්රා උපෙන්ද්රවජ්රා උපජාති වංශස්ථ වසන්තතිලකාදි මධුර මනොහර වෘත්තවලින් ගොතාතිබේ-මෙහිවාක්යයොජනාදිය ආපත්තවප්රෞඪවාදියෙන් අතිශයින්සමෙතයි-එසේමකාව්යප්රාණ අනුප්රාසලක්ෂණයත්ගෙන්ද රම්යතරයි-දාඨාවංශාදිමනොහර මාගධිකාව්යයන්ටද වඩාප්රශංසනීය තරයයි කියනු කිසිසේත්නොකියහැකියි-ඒ ප්රාඥයන්විසින්ප්රමාණකලයුතුයි-ඇතැම්තැන විභක්තිභෙද ආගමාක්ෂරාදිය ශබ්දශොභොච්චාරණයට යොග්යලෙස යොදාතිබේ—හෙදමාගධව්යාකරණ රීතියෙන් සාධ්යනොවන්නේනොවේ—ඒ වූ කලී යථා ඵාසුවූ පරිදි හෙයිනි.
“තදල්පමපි නොපෙක්ෂ්යං කාව්යෙ දුෂ්ටං කථඤ්චන ස්යාද්වපුඃ සුන්දරමපිශ්චිත්රෙණෛකෙන දුර්භගම්.” යි ශ්රීදණ්ඩ්යාචාර්ය්යමතවූනමුත් “එකොහි දොෂො ගුණසන්නිපාතෙ නිමජ්ජතීන්දොඃ කිරණෙෂ්විවාඞ්කඃ” යි ශ්රීකාලිදාස මතහෙයින් මෙහිඅපභ්රංශාදියට ඒ බාධානොවේ මෙහිප්රස්තුතකාව්යයගැණවැඩිදුරකරුණුකීමඅවශ්යනොනුමුත්අතිප්රපඤ්චහෙයින්මේපමණි-සොබොධිසම්බුද්ධචරිතයපහසුවෙන්දනගැණිමෙහිඅභිලාෂීන්විසින් මෙයඅවශ්යයෙන්ම භාවිතාකටයුතුයි-මෙයග්රන්ථනයකළඅදහසත් ඒ ම වියයුතුයි—පිණ්ඩීකෘතව දක්වාතිබෙනහෙයිනි “ඇඩ් වින් අර්ණෝල්ඩ්” මහතාවිසින්ඉංග්රීසිකාව්යයෙන් ගොතනලද සම්බුද්ධචරිතයත්සාමාන්යලොකයාට මහත්අර්ථදායක වූයේනම් යථාතථවශයෙන්උගත්තෙරකෙනෙකුන්විසින්රචනාකරණලද්දගැණකියනුකිම—තදුච්චතරබවසැලකියයුතුයි-ඇරත්මාගධීභාෂාතත්ත්වඥානයෙහිහාපද්යබන්ධනකරණයෙහිත් නියැලියන් විසින්ගතයුතුඋපදේශ බොහෝකොටතිබෙනහෙයින් ඔවුන්විසින් ද අවශ්යභාව්යයි-මෙයකාලාන්තරසජාත දොෂයන්ගෙන්ඉතා ඝන ව ශුද්ධනොකට හෙනතරමට ව්යාකුලව තිබුනුහෙයින් වින්පොත්ගතක්—පමණසපයාබැලුනුමුත් ඉතා පරිශ්රමදායකවිය- -334, 438, 439,-වෙනිගාථාසහඅන්තිමපිටේඅන්තිමගාථාගතරත්නැතිවසත්තපමණක්වතිබුනුහෙයින් හෙදගාථාබන්ධනයටයොදාකොළඹ විද්යොදයපරිවෙණාධිපතිහික්කඩුවේශ්රීසුමඞ්ගලාභිධාන නායක ස්ථවිර පාදයන්වහන්සේගේ ශිෂ්යවූ වලානේ ධම්මානන්ද නමැති මාවිසින් යථොක්තආචාර්ය්යයන් වහන්සේගෙන් ලබනලද ආධාරත් ඇතුව යථාශක්තියෙන්ශුද්ධකරණලදී.
තවත්ගාථා සන්නවයක ඌනතාවක්පෙණේ-තවදමෙයපරිශුද්ධිකරණයෙහි ප්රමාදභ්රමාදියක්ඇතද ධර්මශාස්ත්රඥයන්විසින් සමාධිකටයුතුවාපමණක්නොව ලොකාර්ථසංසිද්ධියපිණිස ශුද්ධකටයුතුයි.
සම්බුද්ධ බිම්බං සුවිබුද්ධ ධම්මකං නිරුද්ධයානං සඞ්ඝණීනං ගණන්තගං සදත්ථදන්තං සිරිසන්නිකෙතනං නමාමි සන්තං මුනිකොමුදීසකං. (සිලෙසො)
චිරපරිගතතොයං ව්යාකුලත්තං ගතං හි බලිතතරමනප්පං තස්ස සුද්ධිප්පකප්පං මුනිවරසුත “ධම්මා නන්ද”නාමො සධම්මා ඉධධිගතුපදෙසො සො කිරාහං කරොමි.
වලානේ ධම්මානන්ද (හික්කඩුවේ ශ්රී සුමඞ්ගල නායක ස්ථවිරයන්ගේ ශිෂ්ය, විද්යොදය පිරිවෙන)