ක්රිස්තියානිය පිළිබද විවෙචනයක් - ඩි සී වික්රමසිංහ.pdf
- කතෘ :
- ඩී. සී. වික්රමසිංහ ජයවර්ධන
- ප්රකාශිත වර්ෂය :
- 1938
- මුද්රිත වර්ෂය :
- 1938
- පිටු ගණන :
- 92
- බාගත කිරීම් ගණන :
- 2,585
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-03-29
- ගොනුවේ ප්රමාණය :
- 6.9 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ක්රිස්තියානිය පිළිබඳ විවේචනයක් වූ සත්යගවේෂණී යනු ඩී. සී. වික්රමසිංහ ජයවර්ධන මහතා විසින් ක්රිස්තියානි ධර්මය හා බයිබලයේ ඉගැන්වීම් පිළිබඳව විචාරාත්මක ඇසකින් ලියන ලද පර්යේෂණාත්මක කෘතියකි. ගතානුගතිකව අන්ධ භක්තියෙන් කරුණු පිළිගැනීමෙන් බැහැරව ස්වාධීන බුද්ධියෙන් යුතුව සත්යය විමසා බැලීමට රුකුලක් වශයෙන් මෙම කෘතිය සම්පාදනය කර ඇත.
මෙහිදී මැවුම්වාදය, යෙහෝවා දෙවියන් පිළිබඳ සංකල්පය, ලෝක නිර්මාණය, යේසුස් ක්රිස්තුස්වහන්සේගේ උත්පත්තිය, ප්රාතිහාර්යයන්, නැවත නැඟිටීම මෙන්ම පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුමේ අන්තර්ගත කරුණු බටහිර විද්වතුන්ගේ විවේචනාත්මක මතයන්ද ඇසුරු කරගනිමින් විමසුමට ලක් කර තිබේ.
මෙම පොත 1938 වර්ෂයේදී කොළඹ මරදානේ විද්යාලංකාර මුද්රණාලයේදී පී. එම්. පෙරේරා මහතා විසින් මුද්රණය කර ප්රකාශයට පත් කරන ලද්දකි.
සංඥාපනය.
මනුෂ්යයා සත්යය කරණකොටගෙන ගැලවීම ලබන්නේය. එහෙයින් විමුක්ති ගවේෂකයාට සත්යය තරම් ප්රයෝජනවත් මහඟු වූවක් ලොවෙහි නැත්තේය. කාලාන්තරයක සිට සිද්ධාන්තව පැවත එන ධර්මයන් ඒකාන්ත සත්යයයි නොවිමසා නොවිමසා පිළිගැනීම අපරීක්ෂාකාරී භක්තිමතුන්ගේ සිරිතකි. සත්යගවේෂකයා වූ කලී අපරීක්ෂාකාරීව ගතානුගතිකවීමේ සිරිත ඉක්මවූවෙකි. හෙතෙම ගතානුගතිකවීම අනුවණ කමේ ලක්ෂණයක් බවත් පාරම්පරික ග්රහණය නිසා යමක් සත්යවිය නොහැකි බවත් සලකා සලකා සත්යය සොයාගැනීමේ මාර්ගයක්වූ ගැඹුර ලෙස කල්පනා කිරීමෙහි සහ ස්වීය විමංසන බුද්ධිය මෙහෙයවීමෙහිත් ප්රෝත්සාහී වන්නේය. “සත්යගවේෂණී” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මේ ප්රකරණය වනාහි හුදෙක් එබඳු විමුක්ත්යභිලාෂී සත්යගවේෂකයන්ට බිහිඳු මාත්ර රුකුලක්වනු පිණිස කළ නිෂ්පාදනයකි. ඒ මුත් යේසුස් ක්රිස්තුස්වහන්සේට හෝ එතුමාණන්ගේ ධර්මයට හෝ එතුමා අදහන්නවුන්ට හෝ අවඥාවක් මේ ග්රන්ථයෙහි ලා අදහස් කරනු නොලැබේ.
යේසුස් ක්රිස්තුස් වහන්සේ වනාහි ලෝකයේ සිටි ශ්රෙෂ්ඨ ලෝකයේ සිටි ශ්රේෂ්ඨ පුද්ගලයන්ගෙන් කෙනෙකි. එතුමා සරණ යන්නවුන්ගේ සංඛ්යාවද අති විශාලය. එහෙයින් ඔවුන්ට ස්වල්ප මාත්ර වූත් අවමානයක් කිරීම අපගේ ප්රයත්නය නොවන බැව් සලකත්වා. කිසිවකුගේ සිත් වේදනාවන එක් වචනයකුදු මෙහි නොමැතිකමින්ම කියවන්නන්ට ඒ බව වැටහී යනවා ඇත.
මෙය ලිවීමේ අදහස කුමක්දැයි කලින් කිවු. එක් සත්යගවේෂකයකුගේ නමුදු විචාරක්ෂිය මෙදෙසට යොමු වූවහොත් එයම අපගේ ශ්රමසාඵල්යයකොට සලකම්හ. තවද මේ ග්රන්ථයෙහි දැක්වෙන ඇතැම් කොටස්—විශේෂයෙන් “අළුත් ගිවිසුම සහ ශුභාරංචි සතර” ශීර්ෂකොට ඇති නවවැනි පරිච්ඡෙදය ආදිය අපගේ පුද්ගලික අදහස් නොවන බවත් නොයෙක් මතාන්තර සංයුක්තකොට විවේචන මුඛයෙන් ශ්රෙෂ්ඨ ආදී අපරදිග උගතුන්කළ රචනයන්ගේ සිංහල අනුවාදයන් බවත් සඳහන් කරමි.
ඩී. සී. ඩබ්ලිව්. ජයවර්ධන.
වර්ෂ 1937 ක්වූ මාර්තු මස 15 වෙනි දින දෙහිවල කළුබෝවිල දීය.