කල්‍යාණි ශිලා ලිපි - පොල්වත්තේ බුද්ධදත්ත හිමි.pdf

කතෘ :
පොල්වත්තේ බුද්ධදත්ත හිමි
ප්‍රකාශිත වර්ෂය :
1924
මුද්‍රිත වර්ෂය :
1924
පිටු ගණන :
55
බාගත කිරීම් ගණන :
2,962
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-03-29
ගොනුවේ ප්‍රමාණය :
14 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 28

කල්‍යාණී ශිලාලිපි (Kalyānī Inscriptions) යනු ක්‍රි.ව. 1478 දී බුරුමයේ (රාමඤ්ඤ දේශයේ) රජ පැමිණි ධම්මචේතිය මහරජතුමන් විසින් හංසවතී නුවර පිහිටි කල්‍යාණී සීමා භූමියෙහි පිහිටුවන ලද ඓතිහාසික ශිලාලිපි ඇසුරින් සකස් කළ ග්‍රන්ථයකි. මෙය අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් සිංහලානුවාදය හා උපග්‍රන්ථයක් සහිතව සංස්කරණය කරන ලද්දකි.

ධර්මාශෝක රජුගේ කාලයේ පටන් රාමඤ්ඤ දේශයේ ශාසන ඉතිහාසය, නිකාය භේදය සහ සීමා විපත්ති දුරු කිරීම පිණිස ලක්දිව කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු/භුවනෙකබාහු රජුන්ගේ සමයේ කැලණි නදියේ උදකුක්ඛේප සීමාවේදී ලක්දිව මහා සංඝයා වෙතින් උපසම්පදාව ලබාගෙන ගොස් බුරුමයේ ශාසනය ප්‍රතිෂ්ඨාපනය කළ ආකාරය මෙහි විස්තර වේ. විශේෂයෙන් භික්ෂු විනයෙහි දැක්වෙන සීමා විනිශ්චයන් හා ලංකා ඉතිහාසය හැදෑරීමට මෙම මූලාශ්‍රය ඉතා වැදගත් වේ.

මෙම කෘතිය 1924 දී කොළඹ පිටකොටුවේ ශ්‍රී භාරතී මුද්‍රණාලයේදී ඇන්. ආර්තර් ප්‍රනාන්දු මහතා විසින් මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කරන ලදී.

ප්‍රකාශක සටහන

ලෝක ලේඛන වංසකතාවෙහි සිරිලක ලේඛන ඉතිහාසයට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. සෙල්ලිපි, පුස්කොළ පොත් ආදියෙන් පෝෂිත ඉපැරණි, වටිනා ලේඛන සාහිත්‍යයක් අප සතු ව තිබිණි. විදේශීය ආක්‍රමණිකයන්ගේ විනාශකාරී ක්‍රියා ඇතුළු විවිධ හේතු නිසා, ඒ අමිල ලේඛන අතරින් සැලකිය යුතු සංඛ්‍යාවක් විනාශයට පත් වී ඇත්තේ ය. ලේඛන සාහිත්‍යයේ පුළුල් වපසරියක් ආවරණය කරමින් විවිධ විෂය ක්ෂේත්‍රයන් යටතේ සම්පාදිත මහාර්ඝ පුස්කොළ පොත් විශාල සංඛ්‍යාවක් එලෙස අපට අහිමි වී ඇති අතර, තවත් විශාල සංඛ්‍යාවක් විදේශිකයන් විසින් අත්පත් කරගනු ලැබ ඇත්තේ ය. ඉතිරි ව ඇති පුස්කොළ පොත් අතරින් යම් ප්‍රමාණයක් පසුගිය කාලය තුළ දී විවිධ උගතුන්ගේ හා සංවිධානවල මැදිහත් වීම නිසා මුද්‍රණද්වාරයෙන් පළ වී තිබීම සතුටට කරුණකි. නොයෙකුත් ස්ථානයන්හි අමුද්‍රිත ව පවත්නා, පළ කළ යුතු වැදගත් පුස්කොළ පොත් සොයා පළ කිරීම පිණිස කිසියම් විධිමත් ක්‍රියාමාර්ගයක් ගත හැකි නම් එය ජාතික මෙහෙවරක් වන්නේ ය.

මුද්‍රණ ශිල්පය ව්‍යාප්ත වීමත් සමඟ පොත් පළ වීම වේගවත් විය. අපේ පැරණි පැවිදි-ගිහි පඬිවරුන් විසින් සම්පාදනය කරන ලද වටිනා ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කෙරිණි. 19 වැනි සියවසේ අග භාගයේ දී හා 20 වැනි සියවසේ මුල් දශක කිහිපය තුළ දී ප්‍රකාශයට පත් කෙරුණු වටිනා පොත්පත් අතරින් බොහොමයක් සොයාගත නොහැකි තත්ත්වයක් මේ වන විට උදා වී තිබීම කණගාටුවට කරුණකි. කෞතුකාගාරය, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, පෞද්ගලික පුස්තකාල ආදියට සීමා වූ වටිනා පොත් විශාල සංඛ්‍යාවක් තිබේ. ලාබ ලැබිය හැකි කටයුත්තක් නොවන නිසා දෝ මෙබඳු පොත් පළ කිරීමට කිසිවකුත් ඉදිරිපත් වන බවක් නොපෙනේ. ශාස්ත්‍රවන්තයන්ගේත්, එවැනි පොත් කෙරෙහි ආසක්ත පාඨකයන්ගේත් පරිශීලනය පිණිස පැරණි

සංඥාපනය.

කල්‍යාණීප්‍රකරණ යන නාමයෙන් ලක්දිවද ප්‍රකටවූ මේ කල්‍යාණීශිලාලිපි වනාහි මින් අවුරුදු 464 කට පමණ උඩදී රාමඤ්ඤදේශයෙහි අධිරාජ්‍යයට පැමිණි ශාසනශොධක ධම්මචෙතියමහරජතුමන් විසින් ක්‍රි: ව: 1478 දී (හෙවත් බු:ව: 2021 දී) ස්වකීය රාජධානියවූ හංසවතීනගරය අසල කල්‍යාණීසීමාභූමියෙහි පිහිටුවනලදහ. මේ ලිපිවල වනාහි ධර්මාශොකකාලයේ පටන් ශාසනය පැවත ආ සැටිත්, රාමඤ්ඤදේශයෙහි නිකායභෙදවූ සැටිත්, දක්වා අනතුරුව රාමඤ්ඤදේශයෙහි සීමාවිපත්ති ආදියෙන් භික්ෂූන්ගේ උපසම්පදාව ශඞ්කනීයභාවයට පැමිණ තිබුණ හෙයින් තමා විසින් ස්ථවිරදෙවිසිනමක් හා භික්ෂූන්දෙවිසි නමක් සහිත නැව් දෙකක් රාමදූත-චිත්‍රදූත යන ඇමතියන් දෙදෙනෙකු භාරයේ ලක්දිවට එවා එවකට කෝට්ටේ විසූ සවෙනි භුවනෙකබාහුරජතුමාගේ අනුග්‍රහයෙන් ලක්වැසි පිරිසිදු මහාසංඝයා වහන්සේ රැස්කරවා කැලණිගඟේ උදකුක්ඛෙපසීමාවෙහිදී ඒ මහාසංඝයාවහන්සේගෙන් ලැබූ උපසම්පදා ඇති රාමඤ්ඤභික්ෂූන් සියරටට පැමිණිපසු උන්වහන්සේ ලවා ස්වල්පමාත්‍රවූ ද සැකයක් නැතිවන ලෙස පරිශුද්ධමහාසීමාවක් බන්දවා ඊට කල්‍යාණීසීමා යන නාමය තැබූ ආකාරය ද, ඉන්පසු එරට මුළුල්ලේ සිටි 15666 නමක් පමණවූ භික්ෂූන්වහන්සේට උපසම්පදාව ලබාදී කතිකාවක් කරවා ශාසනය බැබලවූ ආකාරය ද සඳහන්වෙති.

කැලණිගඟේදී උපසම්පදාව ලැබූ රාමඤ්ඤභික්ෂූන්වහන්සේ විසින් සම්මතකරනලද හෙයින් මේ සීමාවට කල්‍යාණීසීමා යන නාමය තබනලදී. ඒ කල්‍යාණීසීමාව පිළිබඳ ප්‍රවෘත්ති ඇතුළත් ශිලාලිපිහු “කල්‍යාණීශිලාලිපි” යන නාමයෙන් ප්‍රකටවූහ. මේ ලිපි වනාහි අඩි 7 ක් පමණ උස ඇත්තාවූ ද අඩි 4 කුත් අඟල් 2 ක් පළල ඇත්තාවූ ද ඝනකමුත් අඟල් 3 ක් ඝනවූ ද කිරිගරුඬ ගල්පැලී 10 යක කොටනලදහ. මේ ගල් දශයෙන් තුනක පාලිභාෂාවෙන් වූ (මෙහි මුද්‍රණයට පමුණුවනලද කොටස ඇතුළත්වේ. ඉතිරි ගල්සතෙහි “තලෙයිං” හෙවත් රාමඤ්ඤභාෂාවෙන් ලියූ ප්‍රවෘත්ති ඇතුළත්වෙති. එක් ගලක එක් පැත්තක පේළි 70 ක් ද අඟලක් පමණ තන්හි අකුරු තුනක් පමණ ද වෙති.

හීන කිරීම නොහැකිය. මින් අවුරුදු සතළිසකට පමණ උඩදී බුරුමේ ආණ්ඩුවේ ශිලාලිපිපරීක්‍ෂකධුරය දැරූ “තෝජිංබෝ” නම් (චීනජාතික) මහතා විසින් මේ කල්‍යාණීලිපිවල භාවය ඉංග්‍රීසියට නඟා පාලියත් සමග මුද්‍රණය කරවනලද්දේය. ඒ පොතෙහි පාලිලිපි ඇතුළත් ගල්වල ඡායාරූප ද විද්‍යමාන වෙති.

අප විසින් “තෝජිංබෝ” මහතාගේ පොත ද මෙහි විද්‍යමානවූ තවත් පිටපත් ද ආශ්‍රය කොට මේ පාලි ලිපිය සකසා පිටපත් කොට සිංහලට ද නඟනලදී.

ධම්මචෙතිය මහරජතුමා වනාහි රාජ්‍යය ලබන්ට පෙර මහණව සිටි කෙනෙකි. එහෙයින් එතුමා ත්‍රිපිටකධර්මය හා ජ්‍යොතිර්විද්‍යා, වෛද්‍යශාස්ත්‍රාදිය උගත් පණ්ඩිතයෙක් විය. එතුමා විසින් සීමාවිනිශ්චය පිළිබඳ පෙළ-අටුවා-ටීකා-සංග්‍රහාදිය නොහැරම බලා කරන ලද (මේ ශිලාලිපිවල පෙනෙන) සීමා විනිශ්චය සීමා පිළිබඳ සැකඋපදවමින් විවාදකරන්නන්ගේ සැක පසිඳලීමට අතිශයෙන්ම උපකාරවේ.

මේ ශිලාලිපි පිහිටවූ කාලය අපේ ඉතිහාසපොත්වල අඳුරු කාලපරිච්ඡෙදයක් ව තිබෙනහෙයින් ලංකාඉතිහාසය පිළිබඳ කරුණු දැනගනු කැමැත්තන්ට ද මේ ලිපි බොහෝසේ උපකාරවෙති. ඒ පිළිබඳ විස්තර ස්වල්පයක් ද රාමඤ්ඤරට පිළිබඳ දැනගතයුතුවූ අතිශයෙන් වැදගත් කරුණු රාශියක් ද අප විසින් මෙහි අග තිබෙන උපග්‍රන්ථයෙහි යොදනලදහ.

පාලිකොටසේ අඩොලිපිවල B අක්‍ෂරයෙන් “තෝජිංබෝ” මහතාගේ පොත ද A අක්‍ෂරයෙන් සිංහලපිටපතක් ද හඟවනු ලැබේ. පාලියේ ඇතැම් තැන්වල ව්‍යාකරණදොෂාදිය පෙනෙතත් ශිලාලිපිය ඇතිසැටියෙන්ම යෙදියයුතු හෙයින් ඒවා ශුද්ධ නොකෙළෙමු.

මීට, අම්බලම්ගොඩ පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවිර. 3-3-1924.

අම්බලම්ගොඩ පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවිර.
3-3-1924.