එකක්ඛර කෝසය - ඤාණතිලකතිස්ස හිමි.pdf

කතෘ :
සද්ධම්මකිත්ති හිමි
ප්‍රකාශිත වර්ෂය :
1886
මුද්‍රිත වර්ෂය :
1886
පිටු ගණන :
123
බාගත කිරීම් ගණන :
1,520
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-02-14
ගොනුවේ ප්‍රමාණය :
38 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 62

එකක්ඛර කොසය යනු පුරාතන තම්බදිපරට විසූ ආචාර්ය සද්ධම්මකිත්ති මහා ස්ථවිරයන් වහන්සේ විසින් විරචිත පාලි එකාක්ෂර ශබ්දකෝෂයකි. පාලි භාෂාවේ එක් එක් අක්ෂරයෙන් ප්‍රකාශ වන විවිධ අර්ථ නිරූපණය කරමින් රචිත මෙම මූලික ග්‍රන්ථය සඳහා සිංහල සන්නය සම්පාදනය කර ඇත්තේ රත්ගම ආචාර්ය පදුමාරුචිතිස්ස මහාස්ථවිරයන්ගේ ප්‍රධාන ශිෂ්‍ය වැලිගොට පුෂ්පාරාම විද්‍යොභාෂ ශාස්ත්‍රශාලාධිපති ඤාණතිලකතිස්ස ස්වාමින් වහන්සේ විසිනි.

සංස්කෘත එකාක්ෂර කෝෂවලට අනුරූපව ශුද්ධ මාගධී භාෂාව හදාරන්නන්ගේ පහසුව පිණිස අකාරාදී ක්‍රමයට විවිධ අක්ෂරවල නානාර්ථ මෙහි පැහැදිලි කර දී ඇත. අභිධානප්පදීපිකාව සහ ධාතුමඤ්ජුසාව මෙන්ම පාලි භාෂාව හා ත්‍රිපිටක ධර්මය හදාරන විද්‍යාර්ථීන්ට මෙය අතිශයින් උපකාරී වේ.

මෙම කෘතිය ශ්‍රී බුද්ධ වර්ෂ 2429 (ක්‍රි.ව. 1886) දී කොළඹ ශාස්ත්‍රාලෝක යන්ත්‍රාලයේදී එච්. ඇස්. ඩී. සිල්වා මහතා විසින් මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කරන ලද්දකි.

සංඥාපනය.

එකාක්‍ෂරයන්ගේ අනෙකාර්‍ත්‍ථව්‍යක්තවූ මේ මාගධී එකක්ඛර කොසය—තම්බදිපරටෙහි සද්ධම්මකිත්තිනම් මහා ස්ථවිර කෙනෙකුන් විසින් කරණලදි—ඒ ස්වාමීහු වනාහි ‘‘ලිඛනාර්ත්‍ථවිචාරණ. එකානතධාතුරූපමුඛ. අර්ත්‍ථවිශෙෂ ශුද්ධිකාදි විශිෂ්ට ග්‍රන්ථ කාරකවූ—මාගධී සංස්කෘතාදියෙහි අතිදක්‍ෂවූ මහා ස්ථවිර කෙනෙක්වූහ—ඒ ස්වාමීන් විසින් මේ මාගධී එකක්ඛරකොසය කුමක් පිණිස කවරකලෙක කරණලදදයත්?—සංස්කෘත භාෂාවෙන් කරණලද ස්වල්පමාත්‍රවූ පුරාතන එකාක්‍ෂරකොෂය සර්වඥශාසනයෙහි ශුද්ධ මාගධිකයන්ගේ අර්ත්‍ථාවබොධකභාවයෙන් සාංස්කෘත භාෂාව හැර පාල්‍යනුරූපවූ එකාක්‍ෂරයන්ගෙන් ශුද්ධ මාගධිකයන්ගේ ශ්‍රවණොද්ග්‍රහණාදිය සදහා මාගධී භාෂාවෙන් මෙම කරණලදයී එකක්ඛරකොසාරම්භයෙහි කියනලදි—මෙහි කාලය ඒ ඒ තැන්වල නොයෙක් ලෙස කියා තිබුන නුමුත් බුද්ධවර්‍ෂ දෙදහස් සැටනවය පමණ යයි හැඟේ—මෙහි නාමය ‘කච්චායන වණ්ණනා. සුත්තනිද්දෙස. නිරුක්තිසාර මඤ්ජුසා. කච්චායනභෙදටීකා’දි බොහෝ පොත්වල සදහන්ව තිබෙනහෙයින් ඒ පොත්වලට පුරාණ බැව් පෙනේ—මෙය වනාහි අකාරාදි ඒ ඒ අක්‍ෂරයන්ගේ අර්ත්‍ථාවබොධය ප්‍රධාන ප්‍රයෝජනය කොට ඇත්තේය—යෙකින් මාගධී භාෂා තත්ව විජානනයෙහි හා සර්වඥවචනාවබොධයෙහිද මහොපකාරියී—මෙය නොදත් කෙනෙකුට මාගධී භාෂාවෙහි වචනයක අක්‍ෂරයක් මේ අර්ත්‍ථයයි කියා විනිශ්චයකරන්ට අවශයෙන්ම නොහැකිය—මාගධී භාෂාවෙහි උත්සාහවතුන්ට ‘අභිධානප්පදීපිකා ධාතු මඤ්ජුසාදිය මෙන් ඉතා ප්‍රයෝජන වන්නේය—මීට ටීකාවක්ද තිබේ.—එහෙත් මෙයින් අබුද්ධිකයන්ට සන්නයක් නැතිව ප්‍රයෝජන ගැන්ම අපහසු හෙයින් ඔවුන්ගේ සුඛාවබොධය පිණිස මෙම සන්නය ලියන ලදි—මේ සන්නය බලන කල මෙහි අනර්‍ත්‍ථාර්‍ත්‍ථ වැටහෙන හෙයින් ග්‍රන්ථ ප්‍රකාශනය කුමට වනමුද?—තවද මෙහි අක්‍ෂර යොජකයන්ගෙන් වුද, ප්‍රමාදභ්‍රමාදිය භජනය කළාවූද, යම් යම් දොෂයෝ ඇතිවෙත්ද. ඒ ඒ දොෂයෝ විදග්ධයන් විසින් ශුද්ධකරණු ලැබෙත්වා.—වචන කීපයක් ශුද්ධිපත්‍රයට ඉඩනැතිහෙයින් ඇතුළත් නොකෙළෙමු.—මුද්‍රරය නැති පොතක් යම් විධියකින් අසුලනී නම් නඩුමාර්ගයට පමුණුවන බවද දන්වමු-

මෙහිමෙට, H. S. D. SILVA.