ආර්යවංශ ධර්ම පුස්තක මාලා 1-4.pdf

කතෘ :
මොරටුවේ සාසනවංස හිමි
ප්‍රකාශිත වර්ෂය :
2013
මුද්‍රිත වර්ෂය :
2013
පිටු ගණන :
698
බාගත කිරීම් ගණන :
1,725
වෙබ් අඩවියට එක් කළ දිනය :
2016-01-22
ගොනුවේ ප්‍රමාණය :
39 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 349

ආර්‍යවංශ ධර්ම පුස්තක මාලා (අඞ්ක 1 - 4) සිරි අරියවංස මහා ස්ථවිරපාදයන් වහන්සේ (1881 - 1946) සිහිකිරීම සඳහා සිරි අරියවංස ගුණානුස්මරණ සභාව විසින් වාර්ෂිකව පළ කළ ධර්මදේශනා පොත් පෙළකි. මොරටුමුල්ලේ සිරිසුධර්මාරාමාධිපති මොරටුවේ සිරි සාසනවංස ස්ථවිරපාදයන් වහන්සේ විසින් සම්පාදිත මෙම පොත් ධර්මකථික මහා ස්ථවිරයන් වහන්සේලා පැවැත්වූ දේශනා, දේශනා විලාශයෙන්ම පොත්වලට නැගීමෙන් සැකසුණු ඒවාය.

මෙම එකතුවට සප්තබොධ්‍යඞ්ගය, බාරස ධර්මය, ඉන්ද්‍රිය බල ධර්ම හා අෂ්ටාර්‍ය මාර්ගය යන පොත් හතර ඇතුළත්ය. පළමු අඞ්කය වන සප්තබොධ්‍යඞ්ගය සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා යන බොජ්ඣඞ්ග සත විස්තර කරන අතර ඒ ඒ අඞ්ගයේ හේතු, ප්‍රභේද හා ආනිසංස මෙන්ම නිදසුන් කථා පුවත් ද ඉදිරිපත් කරයි. එහි පළමු දේශනාව මාපලාණේ [?] ශ්‍රී පඤ්ඤාලඞ්කාර නායක මහාස්ථවිරයන් වහන්සේ විසින් පවත්වන ලද්දකි.

සංඥාපනයට අනුව ගැඹුරු ධර්මය අභාවයට යා නොදී රැකගැනීම හා සමිතියේ වාර්ෂික පුණ්‍යොත්සවයට සාරවත් ක්‍රියාවක් එක් කිරීම මෙහි අරමුණය. මුල් මුද්‍රණය බු. ව. 2492 (ක්‍රි. ව. 1948) හොරණ විද්‍යාශේඛර යන්ත්‍රාලයේ මුද්‍රණය විය.

මෙම පිටපත 2013 අප්‍රේල් මාසයේ තායිවානයේ The Corporate Body of the Buddha Educational Foundation විසින් නොමිලයේ බෙදාදීම සඳහා පිටපත් 4,000ක් ලෙස නැවත මුද්‍රණය කළ එකකි.

  • සතිසම්බොජ්ඣඞ්ගය
  • ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය
  • විරිය සම්බොජ්ඣඞ්ගය
  • පීති සම්බොජ්ඣඞ්ගය
  • පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය
  • සමාධි සම්බොජ්ඣඞ්ගය
  • උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය

සංඥාපනය.

සප්තබොධ්‍යඞ්ගය නමින් හඳුන්වන මෙම ධර්ම පුස්තකය දෙශනා විලාශයෙන්ම පුස්තකාරූඪ කිරීමට අදහස්කළේ කරුණු දෙකක් උඩය. සමිතිය මගින් කැරෙන වාර්ෂික පුණ්‍යොත්සව වලදී සාරවත් ක්‍රියාවක් විද්‍යමාන කරලීම පිණිසත්, බෞද්ධ ධර්මගත සාර ගැබී ධර්ම අභාවයට යා නොදී ව්‍යාප්ත කරලීමෙන් රැකගැණීම පිණිසත්ය.

නවකථා ආදී නිෂ්ඵල පතපොත බැලීමෙන් පිරිහෙන්වගිය ධර්මඥාණය නඟාලීමට සම්බුද්ධ ධර්මයේ වටිනා කොටස් ලිහිල් අයුරින් සකස්කර පැතිරවීම වර්තමාන කාලයට අනුරූප ක්‍රියාවක් වනුයේ ධර්මගෞරවය ඇතැම් දෙශකයන් වහන්සේලාම සිඳබිඳලන නිසයි. භාෂාරසයෙන් හා මුඛාරූඪවීත්ම අවිචාර අවබොධයෙන් යුතුව පොත් සකස්විය යුතුය යන ග්‍රාම්‍ය හැඟීම ගැඹුරු ධර්මයට මෙන්ම පැරණි අධ්‍යාපනයටද මහත් සාපයකි. ස්වල්ප දැනුමකින් නමුදු පැරණි පැල්පත්වල කියවෙන වටිනා දේ අද ඉසුරෙන් දිසි රමණීය ගෘහයන්ගෙන් පිට නොවේ.

ධර්මයෙන් තුරන්වූ පත පොත කියවීමෙන් වර්තමාන ලොකය මැද ඇත්තේ නිඃශාරබුද්ධියකි. එබැවින් අර්ථ ගම්භීරත්වයෙන් සමන්විත ධර්මරසය විඳීමට සැසඳෙන නුවණ කොයින්ද, මෙලෙස තේරුන්ගත් නුවණැ’ති සාධුජනතාව ධර්මපුස්තක බැලීමේ ලීනත්වය දුරලා දුරවබොධස්ථානවලදීද නැගීසිටි වීර්යයෙන් කීප විටක් නමුදු කියවා අවබොධ කරගැණීමෙන් හිතවැඩ සලසා ගතයුතුයි. නිර්වාණ ලාභයටද ලක්වනුයේ එම වීර්යමැයි.

සක්විති රජකුගේ සප්තරත්නයට උපමා කළහැකි සප්ත බොධ්‍යඞ්ගධර්මය භාවිතා කිරීම ගම්භීර ධර්ම භාවිතාකිරීමෙහිලා උසස්ම තැනක් ගණී. නිරාමිෂ සැපය කුළුගන්වන බොධි නම් ලත් චතුරාර්‍යසත්‍යය නැතිනම් බුද්ධාදී ආර්‍යයන්ටම විෂයවූ සතර ආර්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ කිරීමේ උසස්තම සප්තාඞ්ගයට සප්තබොධ්‍යඞ්ගයයි කියනු ලැබේ. එසේනම් සෑම බෞද්ධ සන්තානයකම ඉමහත් අයුරින් මෙම ධර්මසමුදාය නිධන් වී තිබිය යුතුයි.

නිර්වාණ රසාස්වාදනයෙහි යුහුසුලුවූ යොගාවචරයෙකුට යායුතු, පිළිපැදියයුතු, සිහිකටයුතු, ප්‍රත්‍යක්ෂ කටයුතු සපිරිතම මාවත මෙය බැව් දැන දෙශකයින් වහන්සේලාගේ අනුසස් අඩුවැඩිවීම නිසා’යි මේ ඇයින් සුගම දුර්ගමස්ථාන විවේචනය සිය තැන තුලාවෙන් නොමැන ගැඹුරු බණදහම් නැඹුරු වන වන අතට සරසා ලිහිල්කරන්ට යෑමේදී සාවද්‍යයට ලක්වන බැව්ද සලකා පහසුකම් නොපතා අපේ මේ ව්‍යාපාරයෙන් හැකිතාක් ධර්මරසය විඳ සුඛිතව මුදිතව නැණ වඩා ගත යුතුයි.

මෙහි මතකතබාගතයුතු වටිනා ධර්මපාඨයන්ට කළු අකුරු යෙදීමෙන් හා සංඛ්‍යා යොදා වෙන්කොට දැක්වීමෙන්ද හඳුන්වා දුන්නේ පොත බලා නුවණ දියුණු කරගැණීමේ ආසා ඇතියනට අනුකම්පාවෙනි. වැඩිපරිශ්‍රමයකින් සිදුකරණලද වැඩෙක්ම වෙත්වා.

මෙහිලා වෙසෙසින් පැසසිය යුත්තේ මේ සප්ත ධර්මයන් ලියාදීමෙන් හා දෙශනා කිරීමෙන් සානුකම්පිතවූ සම්භාවනීය ගරු මහා ස්ථවිර ධර්මකථිකධර සබ්‍රහ්මචාරීන් වහන්සේලා වෙතයි. පරිවෙණාධිපතිත්ව හා පණ්ඩිත උපාධි හා නායක පදවි ආදියට පාත්‍රවූ පින්වතුන් වහන්සේලා වෙත අපේ පැසසීම වැඩෙක්ද, නැත, මින් ඇතිවනුයේ තත් තත් උතුමන්ගේ සිත්ගත් බෝසත් සිරි උදාවීමෙකි.

පරිසුද්ධ ශීලාදිගුණ සමුදායකින් හෙබි අසමත් ගුරුදෙවයන් වහන්සේට වර්ෂයක් පාසා සිහිකරණ සිරි අරියවංස ගුණානුස්මරණ සමිතියෙන් කැරෙන වාර්ෂික සත්ක්‍රියාවලින් මූලස්ථාන යට ගැණෙන, ආර්‍යවංශ ධර්මපුස්තක මාලාවේ 1. අඞ්කය. “සප්තබොධ්‍යඞ්ගය” නමැති මෙම පොතට ලැබේ.

මෙය ඉතා හොඳින් සකස් කිරීමට කාරුණාවෙන් ඉඩ සලසා දුන් හොරණ විද්‍යාශෙඛර යන්ත්‍රාලය අයිතිකාර එහි ආධිපත්‍යය උසුලන ඒ. ඩී. බර්නාඩ් අප්පුහාමිද, පැරණි වර්ණයොජකයෙකු වන මහයාලේ ඇම්. සයිමන් ප්‍රනාන්දු මහතාද අපේ කාරුණ්‍යයට පාත්‍රවිය.

මෙම සප්තබොධ්‍යඞ්ග ධර්මය භාවිතා කිරීමෙන් ශ්‍රී සද්ධර්මාලය වඩාගෙන පිරිසිදු බෞද්ධයන්ගේ චතුසත්‍යාවබොධයෙන් නිවන් පසක් කරගැණීමට උත්සාහවත් වියයුතු.

මොරටුවේ සාසනවංස ස්ථවිර, සිරිසුධර්මාරාමය, මොරටුමුල්ල, මොරටුව. 2492 පොසොන් මස පුණුපොහෝ දිනදීය. 1948 ජූනි 20 රිවිදින.