පොහොය දිනය
රේරුකානේ චන්දවිමල හිමි
පටුන
පටුන

පොහොය දිනය

(දස වන මුද්‍ර‍ණය)

මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍ර‍වර්ති, පණ්ඩිත, ප්‍ර‍වචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී) මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිතයි.

2549/2005

මහා සංඝ රත්නය වෙත කරන නිවේදනය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

පොහොය දිනයන්හි සිල් සමාදන් වන සැදැහැවතුන්ට ඔවුන් ඒ දිනයේ දී කළයුතු කටයුතුවල සුදුසු පරිදි යොදවා ශීලසමාදානය සාර්ථක කර දෙන කෙනකු සිටිය යුතු ය. එබඳු කෙනකුගේ සහාය නො ලද හොත් බොහෝ දෙනෙක් ම සිල් සමාදන්වීම සාර්ථක කර ගැනීමට අපොහොසත් වෙති. ගිහියන් සිල් සමාදන් වීම සඳහා පන්සල්වලට පැමිණෙන්නේ තමන්ගේ ශීල සමාදානය භික්ෂූන් වහන්සේලාගේ සහයෝගයෙන් සාර්ථක කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. එසේ පැමිණෙන සැදැහැවතුනට සහයෝගය දීම භික්ෂූන් වහන්සේගේ යුතුකමෙකි. සමහරවිට භික්ෂූන් වහන්සේලා අතින් ඒ යුතුකම හරියට ඉටු නො වීම නිසා ගිහියන් ඇතැම් භික්ෂූන් වහන්සේලා ගැන අප්‍ර‍සාදය පළකරනවා ද අසන්නට ලැබේ. මෙකල භික්ෂූන් වහන්සේලාට ද නොයෙක් කටයුතු ඇත්තේ ය. උපාසකෝපාසිකාවන් බලාපොරොත්තු වන තරමට ඔවුන්ගේ වැඩවල දවස මුළුල්ලේ යෙදීමට භික්ෂූන් වහන්සේට ද ඉඩක් නැත. එබැවින් මෙය දුෂ්කර ප්‍ර‍ශ්නයක් වී තිබේ.

පොහොය දිනය නමැති මේ ග්‍ර‍න්ථයෙන් ඒ ප්‍ර‍ශ්නය බොහෝ දුරට විසඳා ගත හැකි ය. පොහෝ දිනයෙහි උපාසකෝපාසිකාවන් කළයුතු වැඩ සියල්ල මෙහි කාලසටහනක් අනුව විස්තර කර ඇත. විහාරස්ථානවලට සියල්ල සමාදන් වන්නට පැමිණෙන්නවුන් මේ පොතේ සැටියට ක්‍රියා කරන ලෙස යෙදවුව හොත් ඒ ප්‍ර‍ශ්නය ලෙහෙසියෙන් විසඳෙන්නේ ය. පැමිණෙන පිරිස උදේ සිල් සමාදන් කරවා ඉන්පසු කළ යුතු වැඳුම් පිදුම් හා ශීලය ආවර්ජනා කිරීම මේ පොත අනුව කුඩා නමක් ලවා හෝ උපාසක පිරිසේ ම කෙනකු ලවා හෝ කරවිය හැකි ය. අකුරු කියවිය හැකි කවරෙකුට වුව ද මේ පොතෙන් ඒ වැඩ කළ හැකි ය. මේ පොතේ ඇති භාවනාවල් සිල් පිරිසට කියවා භාවනා කරවීම ද සිල් පිරිසේ කෙනකු හෝ කුඩා නමක් හෝ යොදවා කරවිය හැකි ය. බණ කිය යුතු වේලාවේ දී බණක් වශයෙන් ද මේ පොතේ ඇතැම් කොටස් කියවීම සුදුසු ය. රාත්‍රී කාලයේ කරන ධර්ම සජ්ඣායනා උපාසකවරුන්ට මේ පොත බලා කළ හැකි ය. මේ පොත අනුව වැඩ කිරීම පුරුදු කරගත හොත් උපාසකෝපාසිකාවන්ගේ දියුණුවත් භික්ෂූන් වහන්සේට පහසුවත් ඇතිවන බව මහාසංඝයා වහන්සේට සැලකරමු.

රේරුකානේ චන්දවිමල ස්ථවිර.

සිල් සමාදන් වන පින්වතුන්ට කරන නිවේදනය

ග්‍ර‍න්ථය හැඳින්වීම

මසකට පොහොය දින සතරක් ඇතත් මෙ කල බොහෝ දෙන සිල් සමාදන් වන්නේ පුර පසළොස්වක පොහොය දිනයන්හි පමණකි. සිල් සමාදන් වී හැසිරිය යුතු ආකාර නො දත් බැවින් බොහෝ දෙනා සිල් සමාදන් වන එක දිනයෙන් ද ලැබිය හැකි නියම ප්‍රයෝජන නො ලබති. සිල් සමාදන් වී දෙතුන් දෙනා එකතුව නිෂ්ඵල කථාවල යෙදීම් ආදියෙන් පොහොය යදිනයේ කාලය අපතේ යවති. ඒ බව දුටු සැදැහැවත් බෞද්ධ මහතකු වන මරදානේ ඉන්දික මුද්‍ර‍ණාලයේ ඩබ්ලිව්.ජේ.රත්නායක අප්පුහාමි මහතා අප වෙත පැමිණ සිල් සමාදන් වන පින්වතුන්ට දවසේ වැඩ සුදුසු පරිදි කාලසටහනක් අනුව කළ හැකිවන පරිදි ග්‍ර‍න්ථයක් සම්පාදනය කරන ලෙස ඉමහත් ඕනෑකමින් ආරාධනා කෙළේ ය. ඔහු ගේ ආරාධනාව පිළිගත් අප විසින් මේ කුඩා ග්‍ර‍න්ථය ඉතා ටික දිනකින් සම්පාදනය කරන ලදි.

හොඳින් අකුරු කියවිය හැකි පිනවතකුට අනිකකුගේ උපදෙස් නැතිව ද පොහෝ දිනයේ වැඩ නිසි ලෙස මෙයින් කරගත හැකි වනු ඇත. එබැවින් මේ පොත භික්ෂූන් වහන්සේ ගේ සම්බන්ධයක් නැතිව අනුරාධපුරාදි පෙදෙස්වලට ගොස් සිල් සමාදන් වන පින්වතුන්ට විශේෂයෙන් ම ප්‍රයෝජන‍ වනු ඇත. මේ පොත අනුව වැඩ කිරීමෙන් උපාසකවරුන්ට දවසේ සම්පූර්ණ කාලයෙන් ම ප්‍රයෝජන ගත හැකි වනු ඇත. වන්දනා පූජා පාඨ හා ගාථා පාඩම් කරගත නොහෙන පින්වතුන් විසින් පොත බලාගෙන ඒවා කියා වැඳුම් පිදුම් කළ යුතු ය. සීලය ආවර්ජනා කිරීම හා භාවනා ද පොත බලාගෙන කළ හැකි ය. පොත බලා කරන කල්හි කල්යාමෙන් ඒවා ප්‍රගුණ වී පොත නො බලා ම කළ හැකි තත්ත්වයට ද පැමිණිය හැකි වනු ඇත.

උපාසක පිරිසක් ඇති තැන්වල දී වන්දනා පාඨාදිය පැවිදි නමක් ලවා කියවාගෙන වන්දනා කිරීම සුදුසු ය. එහෙත් නිතරම භික්ෂූන් වහන්සේලාට ඒවා කරදීමට අනවකාශ විය හැකිය. එබැවින් උපාසක පිරිසේම කෙනකු ලවා ඒවා කියවා ගෙන වැඳුම් පිදුම් කිරීමට ද උපාසකෝපාසිකාවන් පුරුදු විය යුතු ය. කියවීමෙහි සමත් උපාසකෝපාසිකාවන් ඒවා ස්වකීය පිරිසේ අයට කියවා වන්දනා පූජා කරන්නට ද පුරුදු කර ගත යුතු ය. සෙස්සන්ට ඒවා කියවා වන්දනා කරවන පින්වතුන්ට එයින් ධර්මදානමය කුශලයක් ද අතිරේක වශයෙන් ලැබේ.

මෙකල බෞද්ධයන් පින් වශයෙන් බොහෝ සෙයින් කරන්නේ වන්දනා පූජා දෙක ය. ඔවුන් වන්දනා පූජා ද ගතානුගතිකව කරනවා මිස ඒවා ගැන නියම දැනීමක් ඇතිව කරනවා නොවේ. නියම දැනීමක් නැතිව පින් කරන්නවුන්ට බෙහෙවින් ඇති වන්නේ මහත්ඵල මහානිසංස නො වන දුබල වූ ඥානවිප්‍ර‍යුක්ත කුසල් ය. ඥානසම්ප්‍රයුක්ත වන බලවත් කුසල් ඇති කර ගත හැකි වීමට නම් ඒවා ගැන හොඳ දැනුමක් ඇති කර ගත යුතු ය. සිල්සමාදන් වන පින්වතුන් විශේෂයෙන් ම ඒ දැනුම ඇති කර ගත යුතු ය.

එබැවින් වන්දනා පූජා සම්බන්ධ විස්තරයක් පොහොය දිනය නමැති මේ ග්‍ර‍න්ථයට ඇතුළු කළ යුතු ය. එහෙත් ඒවා අප විසින් සම්පාදිත පුණ්‍යෝපදේශය නමැති ග්‍ර‍න්ථයෙහි විස්තර කර ඇති බැවින් මේ ග්‍ර‍න්ථයට ඒවා ඇතුළු නො කරන ලදි. සිල් සමාදන් වන දිනවල දී බණපොතක් වශයෙන් ඒ පොත කියවුවහොත් මේ පොත භාවිත කරන පින්වතුන්ට ඒ අඩුව පිරෙනු ඇත.

රාත්‍රියේ කරන සජ්ඣායනාවල් පොත බලාගෙන කළ යුතු ය. උපාසක පිරිස් ඇති තැන්වල කියවීමට සමත් එක් කෙනකු විසින් හෝ දෙදෙනකු විසින් සජ්ඣායනා කළ යුතු ය. සෙස්සන් අසා සිටිය යුතු ය. එක් අයකුට මුළුකාලයේ ම සජ්ඣායනා කිරීම අපහසු නම් මාරුවෙන් මාරුවට සජ්ඣායනා කළ යුතු ය.

පන්සිල් රැකීම ගැන මේ පොතේ දක්වා ඇති ක්‍ර‍මය අනුගමනය කිරීම ඉතා යහපත් බව විශේෂයෙන් මතක් කරමු.

මීට - ලෝවැඩ කැමති

රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිර

15 - 9 – 1966

ශ්‍රී විනයාලංකාරාරාමය

පොකුණුවිට.

සිල් සමාදන් වන පින්වතුන්ට මේ පොත් කියවීම ප්‍රයෝජනය

පුණ්‍යෝපදේශය

පින් කිරීම ගැන නියම දැනුමක් නැතිව අනුන් කරන සැටි බලා පින් කරන්නවුනට උසස්ඵල ලැබෙන ලෙස පින් නො කළ හැකි ය. වන්දනා, මල්පූජා, පහන් පූජා ආදි සාමාන්‍ය ජනයා විසින් කරන පින්කම් ගැන හොඳ දැනුමක් ඇති කර ගැනීමට නම් මේ පොත කියවිය යුතු ය.

සූවිසි මහ ගුණය

බුද්ධරත්නයේ ගුණ නවයක් ද, ධර්මරත්නයේ ගුණ සයක් ද සංඝරත්නයේ ගුණ නවයක් ද ඇත්තේ ය. ඒවා එකතු කළ කල්හි සූවිස්සක් වේ. ඔබ තෙරුවන් සරණ ගිය ද සමහරවිට තෙරුවන හරියට නො හඳුනනවා ඇත. තෙරුවන නො හඳුනන්නහුගේ බෞද්ධකම දුබලය. තෙරුවන් හැඳින ගැනීමට මේ පොත කියවන්න.

පාරමිතා ප්‍ර‍කරණය

තුන්තරා බෝධියෙන් කිනම් බෝධියකින් වුව ද නිවන් දැකීමට, ඒ ඒ බෝධියට සෑහෙන පාරමිතාවක් තිබිය යුතු ය. ඔබද පාරමිතා පිරිය යුතු ය. ඒවා ගැන දැනීම ලබා ගන්නට මේ පොත කියවන්න.

බෞද්ධයාගේ අත්පොත

බෞද්ධයකු විසින් දැන සිටිය යුතු කරුණු සංග්‍ර‍හ කර ඇති ග්‍ර‍න්ථයෙකි. නිතර භාවිතයට යෝග්‍යය.

මංගල ධර්ම විස්තරය

මනුෂ්‍යයාගේ දෙලොවම යහපතට හේතු වන මංගල කරුණු අටතිස විස්තර කර ඇති බණ පොතකි.

පෝය දවසේ කාලසටහන

උදේ 6 පටන් 7 දක්වා: සිල් සමාදන්වීම හා වැඳුම් පිදුම් කිරීම.

7 පටන් 8 දක්වා: ආහාර වැළඳීම. ශීලය ආවර්ජනා කිරීම. විවේක ගැනීම.

8 පටන් 8.45 දක්වා: භාවනා කිරීම.

9 පටන් 10 දක්වා: දහම් ඇසීම හෝ පොත් කියවීම, ධර්ම සාකච්ඡා කිරීම.

10 පටන් 12 දක්වා: නෑම, බුද්ධ පූජාව පිළියෙල කිරීම, පූජා පැවැත්වීම, ආහාර වැළඳීම.

12 තෙරුවන් වැඳීම

2 දක්වා විවේක ගැනීම

2 පටන් 2.45 දක්වා: පෙහෙවස් සමාදන් වූවන්ගේ සමිතිවල රැස්වීම් පැවැත්වීම හෝ දහම් පොත් කියවීම. ඉක්බිති ගිලන්පස ගැනීම.

3 පටන් 3.45 දක්වා: භාවනා කිරීම.

4 පටන් 5 දක්වා: දහම් ඇසීම හෝ පොතක් කියවීම.

5 පටන් 6 දක්වා: වත් පිළිවෙත් කිරීම, පූජාව සඳහා මල් පහන් ගිලන්පස පිළියෙල කිරීම.

රාත්‍රී කාලය

6 පටන් 7 දක්වා: සිල් සමාදන්වීම, වැඳුම් පිදුම් කිරීම.

7 පටන් 8 දක්වා: ශීලය ආවර්ජනා කිරීම, මල් පහන් ගිලන් පස බුද්ධ පූජා පැවැත්වීම, ගිලන්පස ගැනීම.

8 පටන් 10 දක්වා: භාවනා දහම් ඇසීම, දහම් පොත් කියවීම.

10 පටන් 12 දක්වා: ධර්ම සජ්ඣායනා කිරීම, භාවනා කිරීම.

පාන්දර 4 පටන්: ධර්ම සජ්ඣායනා කිරීම, භාවනා කිරීම.

5 පටන් 6 දක්වා: වත් පිළිවෙත් කිරීම, තෙරුවන් වැඳීම.

උදේ 6 ට: සිල් පවාරණය

මේ කාලසටහන පිළියෙල කර ඇත්තේ පැය දෙකතුනක් භාවනාවේ යෙදිය හැකිවන පරිදි භාවනාවක් පුරුදු කර නැති සාමාන්‍ය ජනයා සඳහා ය. යම්කිසි භාවනාවක් දියුණු කර ගෙන ඇති පින්වත්හු ඒ භාවනාවම වැඩි කාලයක් කෙරෙත්වා.

දුල්ලභෝ මනුස්සත්තභාවෝ

මිනිසත් බව දුලබ ය. එයින් ලැබිය හැකි බොහෝ උසස් ප්‍රයෝජන ඇත්තේ ය. ලොව්තුරා බුදු බව පසේබුදුබව රහත් බව යන ලෝකෝත්තර සම්පත්තීන් හා සකල ලෞකික සම්පත්තීන් ද ලැබීමේ මග සාදා ගැනීමට මිනිසත්බව ඉවහල් වන්නේ ය. බොහෝ ධනය සපයා නෑ මිතුරන් පිරිවරාගෙන අඹුදරුවන් හා පස්කම් සැප විඳීම මේ මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්‍රයෝජනයකැයි නොසැලකිය යුතු ය. පස්කම් සැප විඳීම මිනිසත් බවින් ලබන්නට ඇති ඉතා සුළු ප්‍රයෝජනයකි. මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්‍රයෝජනය නම්, අනාගත සංසාරයෙහිදී පිහිටවීමට ශීලසමාදානාදි කුශල ක්‍රියාවන් කර ගැනීම ය. පස්කම් සැපය සිහිනයක් බඳු ය. කොතරමි උසස් ලෙස පස්කම් සැප ලැබුයේ ද ඒවායින් අනාගත සංසාරයට නපුරක් මිස යහපතක් නැත. තුනුරුවන් සේවනය නො කරන ශීලසමාදානාදි පින්කම්හි නො යෙදෙන, පස්කම් සැපයෙහි ම ඇලී සිටින, ඒවා නිසා නොයෙක් පව්කම් කරන මිනිසා මරණින් මතු ඔසවාගෙන ගොස් අතහරින ලද්දක් මෙන් අපායට වැටෙන්නේ ය. අපායෙහි උපන් ඔහුගේ මළසිරුර නෑමිතුරන් විසින් සැරසූ මගින් පාවාඩපිටින් මහ පෙරහරින් චිතකය කර ගෙන ගොස් බොහෝ භික්ෂූන් වහන්සේ වැඩම කරවා උසස් කථිකයන් ගෙන්වා නන් අයුරින් ගුණ කියවා ආදාහන කෙළේ ද, ඒවා අපායෙහි සිටින තැනැත්තා නො දැන ගන්නේ ය. එතැනට වැඩම කරන භික්ෂූන් වහන්සේ ඔහු ගොඩ ගැනීමට නොසමත් වන්නාහ. මියගිය ඔහුගේ ගුණ වර්ණනා කරන කථිකයෝ ද, එසේ කරවන නෑ මිතුරෝ ද ඔහු අපායෙන් ගොඩ ගැනීමට නො සමත් වන්නාහ. ඔහු ඉතා දීර්ඝකාලයක් කළ පව්කම්වල විපාක විඳින්නේ ය. වර්ෂ කෝටි ගණනකිදු ඔහුට නැවත මිනිසත් බවක් නො ලැබිය හැකි වන්නේ ය.

රිසි සේ ආහාරපාන නො ලබන, ඇඳුම් පැළඳුම් නො ලබන, අමාරුවෙන් අඹුදරුවන් පෝෂණය කරන, බර වැඩ කොට ජීවත්වන දුගියකු වුවද, තෙරුවන් සේවනය කරන්නේ නම්, පව්කමින් වළකින්නේ නම්, පොහොය සිල් සමාදන් වන්නේ නම්, ඔහු මරණින් මතු නින්දෙන් අවදි වූවකු මෙන් දෙව් ලොව දෙවියන් අතර පෙනී සිටින්නේ ය. ඔහුගේ මළ සිරුර පැදුරු කබලක ඔතා ගෙන ගොස් වළ දැමූයේ ද එයින් දෙව්ලොව දෙව් සැපතින් කල් යවන ඔහුට වන හානියක් නැත. ඔහු තමා ලැබූ මිනිසත් බව සඵලකර ගත්තේ ය.

අඹුදරුවන් පෝෂණය කරමින් ජීවත්වන මිනිසාට සැමදාම පින් කිරීමෙහි යෙදෙන්නට ඉඩක් නැත. එබැවින් පැරණියෝ මසකට දින සතරක් පින් කිරීම සඳහා වෙන්කර ගත්හ. පෝය දවස් ය කියනුයේ ඒ දිනවලට ය. පොහෝ දිනයන් නියම කරගෙන තිබුණේ බුදුරදුන් ලොව පහළ වීමට පෙර සිට ය. උන්වහන්සේ ද ඒ පෝය දින එසේම පිළිගෙන ඒ දිනවලදී පෙහෙවස් විසීම අනුදැන වදාළ සේක. එබැවින් බෞද්ධයෝ ඒ දින වලදී සිල් සමාදන්වීම පුරුදු කර ගත්හ.

සැදැහැති නුවණැති බෞද්ධයෝ අන් කටයුතුවල නොයෙදී පොහෝ දිනයෙහි සිල් සමාදන් වෙති. සිල් සමාදන් නො විය හැක්කෝ ද ඒ දිනයෙහි විහාරස්ථානවලට ගොස් දහම් ඇසීම් මල්පහන් පිදීම් ආදි පින්කම් කරති. විශේෂයෙන් පව්කම්වලින් වැළකෙති. රක්ෂාව පිණිස සතුන් මරන්නෝ එදින සතුන් නො මරති. සතුන්ගෙන් වැඩගන්නෝ එදින වැඩ නො ගනිති. ගොවීහු පොළොව කෙටීමෙන් හා හේන් ගිනි තැබීමෙන් වළකිති. පොහෝ දිනය දෙව්ලොව දෙවියන්ගේ ද සැලකිල්ලට භාජන වී ඇති දිනයකි. පොහෝ දිනයන්හි දෙවියන් මිනිස්ලොව ඇවිද පින් කරන මිනිසුන් ගණන් ගන්නා බව ලෝකානුවිවරණ සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය.

පොහොය දිනය සොයන ක්‍ර‍මය

බෞද්ධයන් විසින් පොහෝ දිනයන් සොයා ගන්නා ක්‍ර‍මය දත යුතු ය. ඒ මෙසේය: පොහෝ දිනයන් නියම කර ගෙන ඇත්තේ චන්ද්‍ර‍යාගේ පැවැත්ම අනුව ය. මසකට සම්පූර්ණයෙන් සඳ නොපෙනෙන එක් රාත්‍රියක් ඇත්තේ ය. එයට පසු දින පටන් මඳින් මඳ වැඩි වැඩී සඳ පෙනෙන්නට වන්නේ ය. සඳ පෙනෙන්නට පටන් ගන්නා පළමුවන දිනය පෑළවිය නම් වේ. දෙවන දිනය දියවක නම් වේ. තුන්වන දිනය තියවක නම් වේ. සතරවන දිනය ජලවක නම් වේ. පස්වන දිනය විසේනිය නම් වේ. සවන දිනය සැටවක නම් වේ. සත්වන දිනය සතවක නම් වේ. අටවන දිනය “අටවක” නම් වේ. ඒ දිනයේ චන්ද්‍ර‍යාගෙන් බාගයක් පෙනෙන්නේ ය. ඒ දිනය එක් පොහෝ දිනයකි.

අටවක පොහෝ දිනයෙන් පසු දිනවල ද පිළිවෙළින් නවවක, දසවක, එකොළොස්වක, දොළොස්වක, තෙළෙස්වක, තුදුස්වක, ‘පසළොස්වක’ යන නම් ව්‍යවහාර කරනු ලැබේ. ක්‍ර‍මයෙන් වැඩෙන සඳ පසළොස්වක දිනයේ සම්පූර්ණ වී පවතී. පූර්ණ චන්ද්‍ර‍යා දක්නා ලැබෙන ඒ දිනය එක් පොහෝ දිනයෙකි.

පසළොස්වක පොහෝ දිනට පසු දින පටන් ක්‍ර‍මයෙන් චන්ද්‍ර‍යා පිරිහෙන්නට පටන් ගනී. චන්ද්‍ර‍යා සම්පූර්ණයෙන් පිරිහී යාමට ද දින පසළොසක් ගත වේ. ඒ දිනවලට ද සිංහල ව්‍යවහාරයෙන් පෑළවිය දියවකාදි ඉහත කී නාමයන් ම පිළිවෙළින් ව්‍යවහාර කරනු ලැබේ. පිරිහෙන පක්‍ෂයේ පසළොස්වන දිනට ‘අමාවක’ ය යි කියනු ලැබේ. පිරිහෙන පක්‍ෂයේ අටවක දිනය එක් පොහෝ දිනයෙකි. එදින දක්නා ලැබෙන්නේ සඳෙන් බාගයකි. ඒ අඩසඳ මධ්‍යම රාත්‍රියේ නැගෙනහිර දිගින් උදාවන්නේ ය. වැඩෙන පක්‍ෂයේ අටවක දිනයේ අඩසඳ සවස් කාලයේ අහස මුදුනේ දැකිය හැකිය. පසළොස්වක් පොහෝ දිනයේ පුන්සඳ රාත්‍රිය මුළුල්ලේ පවත්නේය. පිරිහෙන පක්‍ෂයේ පසළොස්වක දිනයේ සඳ සම්පූර්ණයෙන් ම නො පෙනෙන්නේ ය. පිරිහෙන පක්‍ෂයේ පසළොස්වන දිනය වූ අමාවක පොහෝ දිනයට “මාසේපෝය” යි ද කියනු ලැබේ.

චන්ද්‍ර‍යා වැඩෙන්නට පටන් ගත් දිනයේ පටන් සම්පූර්ණයෙන් පිරිහී යන දින දක්වා දින තිසක් ඇත්තේ ය. ඒ තිස් දිනය එක් චන්ද්‍ර‍ මාසයකි. බක්, වෙසක්, පොසොන් ආදි නම් ව්‍යවහාර කරන්නේ ඒ චන්ද්‍ර‍ මාස වලට ය. චන්ද්‍ර‍ මාසයේ සඳ වැඩෙන පසළොස් දිනයට ‘පුරපක්ෂය’ යි ද, පිරිහෙන පසළොස් දිනයට “අව පක්‍ෂය” යි ද කියනු ලැබේ. සඳ වැඩෙන පක්‍ෂයේ අටවක දිනයට “පුර අටවක් පෝය” යයිද, පිරිහෙන පක්‍ෂයේ අටවක පොහෝ දිනයට “අව අටවක පෝය” යයිද කියනු ලැබේ. දින තිසක් නො ලැබෙන විසිනවයක් පමණක් ඇති චන්ද්‍ර‍ මාස ද ඇත්තේ ය. ඒ මාසවල අවපක්‍ෂයට දින තුදුසකි. ඒ මාසවල අවපක්‍ෂයේ තුදුස්වක දින මාසේපෝය ලෙස ගණන් ගනු ලැබේ.

ඇතැම් සැදැහැවත්හ පෙරගමන් කිරීම් වශයෙන් පෝයට පෙර දිනයේ ද, පසුගමන් කිරීම් වශයෙන් පෝයට පසු දිනයේ ද සිල් සමාදන් වෙති. එසේ කරන්නවුන්ට මසකට සිල් සමාදන් වන දින දොළොසක් ඇත්තේ ය. “ප්‍රාතිහාර්‍ය්‍යපක්‍ෂය” කියා තවත් පොහොයක් ඇත්තේ ය. ඇතැම්හු භික්ෂූන් වහන්සේ වස් එළඹ සිටින තෙමස ප්‍රාතිහාර්‍ය්‍යපක්‍ෂය වශයෙන් ගෙන සිල් සමාදන්ව වෙසෙති. ඇතැම්හු වස්කාලයෙන් පසු ලබන පළමුවන මාසය ප්‍රාතිහාර්‍ය්‍යපක්‍ෂය වශයෙන් ගෙන ඒ මාසයේ සිල් සමාදන්ව වෙසෙති.

සිල් සමාදන් වීමට සූදානම් වීම

සිල් සමාදන් වන පින්වතුන් පෝයට පෙර දිනයේ ම ඒ සඳහා සූදානම් විය යුතු ය. පොහෝ දිනයේ කරන්නට ඇති යමක් ඇති නම්, ඒ සියල්ල කලින් කිරීමෙන් හෝ අනිකකුට පැවරීමෙන් හෝ කල් තැබීමෙන් හෝ පොහෝ දිනය සම්පූර්ණයෙන් අවකාශ ඇති දිනයක් කර ගත යුතු ය. හැඳීමට සුදු වතක් සුදු බැනියමක් ද ඒකාංස කොට පෙරවීමට සතර රියනක් හෝ පස් රියනක් ඇති සුදුවතක් ද පිළියෙළ කර ගත යුතු ය. තමන් වෙත ඇති වස්ත්‍ර‍ කිලිටි වී ඇති නම් ඒවා පිරිසිදු කර තබා ගත යුතු ය. සුදු රෙදි නැති නම් තමන්ට ඇති වස්ත්‍ර‍යක් හැඳ සිල් ගැනීම ද වරද නැත. සුදුවත් හැඳ පෙරවීම චාරිත්‍ර‍යක් මිස ශීලයේ අංගයක් නොවේ. සිල් සමාදන් වීමෙන් පසු දානය, ගිලන්පස ලැබෙන ක්‍ර‍මයක් සලසා ගත යුතු ය. ඒවා තමා විසින් ම පිළියෙළ කර ගැනීමෙන් ද වරදක් නැත. තමා ම ඒවා පිළියෙළ කර ගන්නවා නම් වුවමනා උපකරණ කලින් සූදානම් කර තබා කාලය පැමිණි කල්හි ආහාර පිස ගත යුතු ය. ගිලන්පස පිළියෙළ කර ගත යුතු ය.

ගෙදර තමන් විසින් සත්කාර කළයුතු දුබලයකු හෝ රෝගියකු හෝ ඇති නම් සිල් සමාදන් වී සිට ඔවුන්ට සත්කාර කිරීම ද වරද නැත. සිල්සමාදන් වූ දිනයේ සිකපද නොබිඳෙන පව් නොවන කිනම් දෙයක් වුව ද කිරීමෙන් වරදක් නොවේ.

පොහෝ දිනයට එළිවෙන්නට කලින් අලුයම සතරට පහට පමණ නැගිට මුහුණ සේදීම් ආදියෙන් ශරීරය පිරිසිදු කරගෙන, මල් නෙලා ගන්නට ඇති නම් නෙලා ගෙන, උදයට අනුභව කිරීමට ආහාරයක් ඇති නම් එය ද වළඳා කනේ, කරේ හිසේ හා අත්වල පැළඳි අබරණ ඇති නම් ඒවා ශරීරයෙන් මුදා පරෙස්සම් වන සේ තබා, සුදුවත් හැඳ පෙරවා මල් ආදී පූජා භාණ්ඩ ගෙන උදේ හයට කලින් සිල් සමාදන් වන ස්ථානයට යා යුතු ය.

සිල් සමාදන් වීමට කලින් ආහාර ගැනීම නුසුදුසු යයි ඇතැම්හු සිතති. ඒ වැරදි හැඟීමකි. වඩා හොඳ ක්‍ර‍මය උදයට ගන්නා ආහාරය සිල් සමාදන්වන්නට කලින් වැළඳීම ය. එසේ නො කළහොත් සිල්සමාදන් වූ සැටියේ ම ආහාර සොයා යන්නට සිදුවේ. එය සිල් සමාදන් වී කරන භාවනාදි කටයුතුවලට බාධාවකි. කලින් ම ආහාර ගෙන සිල් සමාදන් වූ කල්හි එතැන් පටන් දවල් දාන වේලාව පැමිණෙන තුරු භාවනාදි කටයුතුවල බාධාවක් නැතිව යෙදිය හැකි ය.

සිල් සමාදන් වී වැඳුම් පිදුම් ආදිය කොට දවල් වී අටට නවයට පමණ උදයට ගන්නා ආහාර ගැනීම නුසුදුසු ය. සිල් සමාදන් වූවන් විසින් දවල් දොළහට කලින් ආහාර ගත යුතු ය. වරක් ගත් ආහාරය දිරවීමට අඩු ගණනින් සතර පැයක් ගත වන්නේ ය. අට නවය වී ගන්නා ආහාරය දවල් දානය වේලාවට නො දිර වන්නේ ය. වරක් ගත් ආහාය දිරවන්නට කලින් තවත් ආහාර ගැනීම ශරීරයට අහිත ය. එයින් රෝග හට ගන්නට ඉඩ ඇත. උදේ ගත් ආහාරය දිරවන්නට පෙර දවල් ආහාර ගන්නහුට දවසට සෑහෙන ආහාර ගන්නට නො පිළිවන් විය හැකි ය. එයින් රාත්‍රි කාලයේ නිරාහාරව සිටීමේ දී අපහසුකම් ද ඇතිවිය හැකි ය. එබැවින් සිල් සමාදන් වීමට කලින් ඉතා උදෑසනින් ම ආහාර වළඳා සිල් සමාදන් වීම ඉතා හොඳ බව සැලකිය යුතු ය.

සිල් සමාදන්වීම

තමන්ගේ සිත පහදින සිල්වත් ගුණවත් සම්භාවනීය මහතෙර නමක් ලවා සිකපද කියවා ගෙන සිල් සමාදන් වීම ඉතා හොඳ ය. එබඳු කෙනකුන් නොලබන කල්හි කුඩා සාමණේර නමකගෙන් වුව ද සිල් සමාදන් විය යුතු ය. ශීලය සිල් සමාදන් කරවන භික්ෂූන් වහන්සේ වෙත තිබී ගිහියා වෙතට එන දෙයක් නොවේ. භික්ෂූන් වහන්සේ කරනුයේ ගුරුවරයකු වශයෙන් සිකපද කියවීම ය. ඒවා කියා ගැනීමෙන් ගිහියාට ශීලය ඇති වේ. ගිහියාට සිල් පිහිටීමට සිල් දෙන භික්ෂූන් වහන්සේ සිල්වත් වීම හෝ නොවීම කරුණක් නො වේ. එබැවින් සිල් දෙන භික්ෂුවට සිල් ඇති නැති බව සොයන්න නො යා යුතු ය. භික්ෂුවක් නැති කල්හි උපාසක කෙනකු ලවා සිකපද කියවා ගැනීමට ද සුදුසු ය. සිකපද කියවා සිල් සමාදන් කරවන කෙනකු නැති කල්හි තමා සිකපද දන්නේ නම් විහාරයකට හෝ චෛත්‍යයක් බෝධියක් සමීපයකට හෝ ගොස් තමා විසින් ම සිකපද කියා සමාදන් වීම ද සුදුසු ය. විහාරාදියක් නැති තැනක් වී නම් කොතැනක හෝ හිඳ තුනුරුවන් ගුණ සිහි කොට වැඳ තමා විසින් ම සිකපද කියා සමාදන් වීම ද සුදුසු ය.

උදේ හයට සිල් සමාදන් වීම අපහසු නම් හතට අටට වුවද සිල් සමාදන්වීම සුදුසු ය. සිල් සමාදන් වීමට නියමිත නැකැත් වේලාවක් නැත. උදේ හයට ම සමාදන්වීම වඩා හොඳ බව පමණක් කිය යුතු ය. ශීලය කිනම් වේලාවක සමාදන් වුවත් සිංහල පැයින් සැට පැයක් ව්‍යවහාර පැයින් සූවිසි පැයක් ශීලයෙහි පිහිටා සිටිය යුතු ය. පොහෝ දින උදයේ හයට සිල් සමාදන් වන තැනැත්තා පසුදින උදයේ හය වනතුරු ද, හතට සිල් සමාදන් වූ තැනැත්තා පසුදින උදයේ හත වන තුරු ද, අටට සිල් සමාදන් වූ තැනැත්තා පසු දින උදයේ අට වන තුරු ද, ශීලයෙහි පිහිටා දවස සම්පූර්ණ කළ යුතු ය.

අර්ධ උපෝසථය

සිල් සමාදන් වීමට අයත් විශේෂ ගුණාංගය විකාල භෝජනයෙන් වැළකීම ය. සතියකට එක් දිනක් විකාල භෝජයෙන් වැළකීම ශරීරයට ද හිත ය. ආහාර දිරවීම හා මුවින් කයට ඇතුළු කළ ආහාරයන් ක්‍ර‍මයෙන් පොඩි කර ඒවායේ ඕජස නික්මවා දී අධෝ මාර්ගය දක්වා ඒවා ගෙනයාම සඳහා දවස මුළුල්ලේ ම බඩවැල්වලට ක්‍රියා කරන්නට සිදු වී තිබේ. නොදැනෙන නමුත් මිනිසා අවදිව සිටින්නා වූ ද නිදා සිටින්නා වූ ද නොයෙක් වැඩවල යෙදී සිටින්නා වූ ද සෑම අවස්ථාවේ ම නැවතීමක් නැතිව ම බඩවැල වැඩ කරයි. නැවතීමක් නැතුව බඩවැලෙන් වැඩ ගැනීම නුසුදුසු ය. එයට විශ්‍රාමයක් දිය යුතු ය. එසේ විශ්‍රාම දීම නිරෝගී බවට හා දීර්ඝායුෂ්ක වීමටත් හේතු වේ. පොහෝ දින රක්නා සිල්වල සිකපද වලින් අමාරුවෙන් රැකිය යුතු සිකපදය විකල් බොජුන් සිකපදය ය.

එය රකින තැනැත්තාට බඩගිනි ඉවසන්නට සිදු වේ. එයින් ඔහුට ඉවසීම නමැති මහඟු ගුණය පුරුදු වේ. සත්ත්වයනට ඇතිවන තණ්හාවන් අතුරෙන් ආහාර තණ්හාව ඉතා බලවත් එකකි. ලෝකයේ කෙරෙන පව්කම් වලින් බොහෝවක් කෙරෙන්නේ ආහාර තණ්හාව නිසා ය. සිල් සමාදන් වී එක් රැයක් වුව ද ආහාර තණ්හාව දුරුකරගෙන විසීමෙන් තණ්හාව දුරුකිරීම පුරුදු වේ. එයින් මහත් චිත්ත ශක්තියක් ලැබේ. එය අනික් කෙලෙසුන් දුරුකිරීමට ද මහෝපකාරී වේ. එබැවින් දවසෙන් අඩක් සිල් රැකීමෙන් ම සෑහීමකට පත් නොවී සම්පූර්ණ දවස ම ශීලයෙන් විසීමට උත්සාහ කළ යුතු ය. ඇතැම්හු “අපි දුබලයෝ ය. රාත්‍රී භෝජනයෙන් වැළකීමට අපට අපහසු ය, ඒ නිසා අපි දවාලෙහි පමණක් සිල් සමාදන්ව වෙසෙමුය”යි කියති. රාත්‍රී භෝජනය නොගැනීමෙන් බොහෝ අපහසු ඇතිවන බව සැබෑ ය. සිල් සමාදන් වීමේ තේරුම ඒ අමාරු ඉවසීම හා ආහාර තෘෂ්ණාව මැඩ පවත්වා ගැනීමය. එසේ නො කරන්නවුන්ගේ අර්ථ උපෝසථයෙහි වටිනාකමක් නැත. අර්ථ උපෝසථය වශයෙන් දවල් කාලයට පමණක් සිල් සමාදන්විය යුත්තේ විකල් බෝජුනෙන් වැළකුණ හොත් මැරෙන තරමේ බලවත් කරුණක් ඇති විටෙක පමණ ය. අර්ථ උපෝසථය සම්පූර්ණ වීමට ද දොළොස් පැයක් ශීලයෙන් යුක්තව විසිය යුතු ය. ඇතැම්හු උදයේ හයට හතට සිල් සමාදන්වී සවස හතරට පහට පවාරණය කරති. එය නො මැනවි. එසේ කරන්නවුන්ට අර්ධ උපෝසථය ද නො ලැබේ.

කාල සටහන

සිල් සමාදන් වූ සැදැහැවතා විසින් කාලය අපතේ යන්නට නොදී පෝය දවසේ මුළු කාලයෙන් ම ප්‍රයෝජන ලබාගැනීමට උත්සාහ කළ යුතු ය. ඇතැම්හු සිල් සමාදන් වී අනතුරුව සුදුසු වැඩවල නොයෙදී කාලය අපතේ හරිති. එසේ නොවීමට කාලසටහනක් අනුව පොහෝ දිනයේ වැඩ කළ යුතු ය. සැම තැන ම සිල් සමාදන් වන සැමදෙනාට ම එක් කාලසටහනක් අනුව වැඩ කළ නො හැකිය. කාලසටහන ඒ ඒ තැන්වලට ගැලපෙන පරිදි පිළියෙළ කරගත යුතු ය. මෙහි අන තැනක කාලසටහනක් ඇත. ඒ සාමාන්‍ය කාලසටහනකි. එය අනුව වැඩ කළ හැකි නම්, එසේ කරනු. නොහැකිනම් තම තමන්ට ගැලපෙන පරිදි කාල සටහන සකස් කරගෙන කාලය අපතේ නො යන පරිදි පොහෝ දින වැඩ කළ යුතු ය.

අටසිල් සමාදන්වන ආකාරය

ඉහත කී පරිදි මල් ආදිය ගෙන උදෑසනින් ම විහාරස්ථානයට ගොස් සිල් සමාදන් වී පූජා කරනු සඳහා ගෙන ආ මල් ආදිය පසෙක තබා සිල් දෙන භික්ෂූන් වහන්සේ වෙත එළඹ, පසඟ පිහිටුවා වැඳ උක්කුටියෙන් හෝ දන බිම ගසා හෝ හිඳ දොහොත් මුදුනේ තබා වැඳගෙන මේ වාක්‍යය කියා භික්ෂූන් වහන්සේගෙන් සිල් ඉල්ලනු.

සිල් ඉල්ලීමේ වාක්‍යය

ඕකාස! අහං භන්තේ, තිසරණේන සද්ධිං අට්ඨංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ: අනුකම්පං උපාදාය. දුතියම්පි ඕකාස! අහං භන්තේ. තිසරණේන සද්ධිං අට්ඨංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මෙ භන්තේ අනුකම්පං උපාදාය. තතියම්පි ඕකාස! අහං භන්තේ. තිසරණේන සද්ධිං අට්ඨංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ. අනුකම්පං උපාදාය.

සිල්දෙන භික්ෂූන් වහන්සේ විසින් “යමං වදාමි තං වදේථ” ය යි කී කල්හි “ආම භන්තේ” යි කියා, නමස්කාරය ද කියනු. ඉක්බිති භික්ෂූන් වහන්සේ කියවන පරිදි මතු දැක්වෙන සිකපද කියනු.

බුද්ධං සරණං ගච්ඡාමි

ධම්මං සරණං ගච්ඡාමි

සංඝං සරණං ගච්ඡාමි

.

දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි

දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි

දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි

.

තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි

තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි

තතියම්පි සංඝං සරණං ගච්ඡාමි

සිල් දෙන භික්ෂූන් වහන්සේ “තිසරණ ගමනං සම්පුණ්ණං” යි කී කල්හි “ආම භන්තේ” යි කියා උන් වහන්සේ කියවන පරිදි මේ සිකපද කියනු.

  1. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
  2. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
  3. අබ්‍ර‍හ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි
  4. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
  5. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
  6. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි
  7. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධවිලේපන ධාරණමණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
  8. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි

මේ සිකපද අට කියවා නිම වූ පසු සිල් දෙන භික්ෂූන්වහන්සේ විසින් “තිසරණෙන සද්ධිං අට්ඨංගුපෝසථ සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කත්වා අප්පමාදෙන සම්පාදේථ” යි කී කල්හි “ආම භන්තේ” යි කියනු.

සිල් දෙන කෙනෙකු නැතිව තමා ම සිල් සමාදන්වන කල්හි සිල් ඉල්ලීමේ වාක්‍යය නො කියා නමස්කාරය හා “බුද්ධං සරණං ගච්ඡාමි” යනාදි පද නවය හා “පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යනාදි සිකපද අට ද කියා සිල් සමාදන් වනු. සිල් සමාදන් කරවීමේදී “අජ්ජ ඉමං ච දිවසං ඉමං ච රත්තිං අට්ඨංග සමන්නාගතං උපෝසථං උපවසාමි” යන වැකිය ද ඇතැම් හිමිවරු කියවති. සිල් දෙන භික්ෂූන් වහන්සේ කියවුව හොත් එය ද කියනු.

නවාංගුපෝසථ සීලය.

සිල් ඉල්ලන වාක්‍යය

ඕකාස! අහං භන්තේ, තිසරණේන සද්ධිං නවාංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ, අනුකම්පං උපාදාය.

දුතියම්පි ..........................

තතියම්පි .........................

අෂ්ටාංග, නවාංග ශීල දෙක්හි ඇති වෙනස නවාංග ශීලයට වැඩිපුර සිකපදයක් ඇතිවීම පමණෙකි. ඒ මෙසේ ය.

සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි.

මේ ශීලය සමාදන් වන පින්වතා විසින් ද අෂ්ටාංග ශීලය සමාදන් වන්නවුන් විසින් පිළිපැදිය යුතු පරිදි සියල්ල කළ යුතු ය. වෙනස නම් නව වන සිකපදය සම්පූර්ණ වීම පිණිස දවසට කීප විටක් මෛත්‍රී භාවනාව කිරීම ය. මෛත්‍රී භාවනාව නොකළ හොත් නවාංග ශීලය නො පිරේ.

නව වන සිකපදයේ තේරුම සකල සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී සහගත සිතින් විසීම සමාදන් වෙමිය යනුයි. මෛත්‍රී භාවනාව ශීලයේ අංගයක් වශයෙන් ගෙන නවාංග උපෝසථ ශීලය විශේෂ සීලයක් වශයෙන් වදාරා ඇත්තේ ය.

සීල විස්තරය

සිල් ඉල්ලන වාක්‍යයේ තේරුම:

අවසර ස්වාමීනි: මම තිසරණය සහිත අෂ්ටාංග ශීලය ඉල්ලමි. මා හට අනුග්‍ර‍හ කොට අනුකම්පාවෙන් සිල් දුන මැනවි. “දුතියම්පි, තතියම්පි” යි දෙවනුව තුන්වෙනුව කියන්නේ ද එයමය.

නමස්කාර පාඨයේ තේරුම:-

ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේට නමස්කාර කරමි.

සරණගමන පදවල තේරුම:-

බුද්ධං සරණං ගච්ඡාමි:- සියල්ල දැන වදාළා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සසර දුකින් මිදීම පිණිස නිවන් සුවය ලබනු පිණිස උතුම් පිහිටක් කොට සේවනය කරමි. උතුම් පිහිටකැයි පිළිගනිමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.

ධම්මං සරණං ගච්ඡාමි:- සතරමාර්ග සතරඵල නිර්‍වාණ යන නවලොව්තුරා දහම හා භාග්‍යවතුන් වහන්සේගේ දේශනා ධර්මය සසර දුකින් මිදීම පිණිස නිවන් සුවය ලබනු පිණිස උතුම් පිහිටක් කොට සේවනය කරමි. උතුම් පිහිටකැයි පිළිගනිමි. මම ඒ ධර්මය අනුව හැසිරෙන්නෙක් වෙමි.

සංඝං සරණං ගච්ඡාමි :- තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සසර දුකින් මිදෙනු පිණිස නිවන් සුවය ලබනු පිණිස උතුම් පිහිටක් කොට සේවනය කරමි. උතුම් පිහිටකැයි පිළිගනිමි. මම ඒ සංඝරත්නයේ ශ්‍රාවකයෙක් වෙමි.

“දුතියම්පි, තතියම්පි” යන වචනවල තේරුම දෙවනුව ද තුන්වනුව ද යනුයි.

බුද්ධං සරණං ගච්ඡාමි යනාදිය කිය යුත්තේ ශරණ ශීලය සමාදන් වනු පිණිස ය. සමාදන් වන තැනැත්තා හට ශරණශීලය පිහිටන්නේ ශරණය කිලිටි වන සැටි බිඳෙන සැටි දැන ගෙන සමාදන් වුවහොත් ය. ඒ කිසිවක් නොදැන නිකම්ම සුදුරෙදි හැඳ පෙරවා සිකපද කී පමණින් ශරණශීලය පිහිටන්න් නොවේ. එබැවින් සිල් සමාදන් වන්නවුන් විසින් කෙසේ හෝ ඒ කරුණු ටික උගත යුතු ය. තේරුම් ගෙන සිටිය යුතු ය. ඒවා දැනගැනීම සඳහා මතු දැක්වෙන කරුණු නැවත නැවත කියවනු.

ශරණ නම් කුමක් ද?

සසර සැරිසරණ සත්ත්වයනට පැමිණිය හැකි අපාය දුක්ඛයෙන් හා ජාති ජරා ව්‍යාධි මරණ අප්‍රිය සම්ප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්‍ය උපායාශ යන සංසාර දුක් වලින් ද මිදීම පිණිස සත්ත්වයනට උපකාර වන බැවින් බුද්ධ ධර්‍ම සංඝ යන මේ අත්‍යුත්තම වස්තු තුන ශරණ නම් වේ.

බුද්ධ නම් කවරේ ද?

සසර සැරිසරන අසරණ සත්ත්වයන් ගැන ඇති වූ මහා කරුණාව නිසා බොහෝ දුක්ගෙන අති දීර්ඝ කාලයක් දානශීලාදි පාරමිතාවන් සම්පූර්ණ කොට ඒ මහා පුණ්‍යස්කන්ධයාගේ බලයෙන් සියලු කෙලෙසුන් නසා සියල්ල දැන වදාළා වූ මහාකාරුණිකයන් වහන්සේ බුද්ධ නම් වන සේක.

බුදුන් වහන්සේ සත්ත්වයනට පිහිට වන්නේ කෙසේ ද?

මේ කුශලය, මේ අකුශලය ය, මේ කළ යුත්ත ය, මේ නොකළ යුත්ත ය, මෙසේ කිරීමෙන් මෙබඳු විපාක ඇතිවන්නේ ය” යි දුකින් මිදීමේ ද, ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබීමේ ද මඟ දක්වා අනුශාසනා කිරීමෙන් බුදුන් වහන්සේ සත්ත්වයනට පිහිට වන සේක.

බුදුන් වහන්සේගේ පිහිට ලබන්නේ කෙසේ ද?

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීමෙන් ද උන්වහන්සේට වැඳුම් පිදුම් කිරීමෙන් ද උන්වහන්සේ වදාළ ධර්මය අනුව පිළිපැදීමෙන් ද පිහිට ලැබිය යුතු ය.

ධර්‍මරත්නය සත්ත්වයනට පිහිට වන්නේ කෙසේ ද?

සත්ත්වයනට ඒකාන්තයෙන් පිහිට වන්නේ ධර්‍මරත්නය ය. එහි පිිහට ලැබීමට සතරමාර්ග සතරඵල ධර්‍ම තමා තුළ ඇති කර ගත යුතු ය. නිවන් ප්‍ර‍ත්‍යක්ෂ කර ගත යුතු ය. මාර්ග ඵල ධර්ම නිසා තමා කෙරෙන් නොයෙක් දුක්වලට හේතුවන රාගාදි ක්ලේශයෝ මතු නොහට ගන්නා පරිද්දෙන් දුරුවෙති. එය මාර්ගඵලවලින් ලැබෙන පිහිට ය. නිවන ප්‍ර‍ත්‍යක්ෂ කර ගත් කල්හි එහි බලයෙන් මතු කිසි කලෙක දුක් ඇති නොවේ. බුදු රදුන් දෙසූ දහම සත්ත්වයනට දුකින් මිදීමට හා සැපයට පැමිණීමට මඟ දැක්වීම වශයෙන් පිහිට වේ.

ධර්මරත්නයේ පිහිට ලබන්නේ කෙසේ ද?

ශීලයෙහි පිහිටා ශමථ විදර්ශනා භාවනාවන්හි යෙදී මඟඵල ලබා නිවන ප්‍ර‍ත්‍යක්ෂ කර ගැනීමෙන් ලෝකෝත්තර ධර්මයන්ගේ පිහිට ලැබිය යුතු ය. තථාගතයන් වහ්නසේ දේශනා කර ඇති ධර්මය උගෙන තේරුම් ගෙන ඒ ධර්මය අනුව වැඩ කිරීමෙන් දේශනා ධර්මයේ පිහිට ලැබිය යුතු ය.

සංඝරත්නය පිහිට වන්නේ කෙසේ ද?

ගොවියකුට කුඹුරක් පිහිට වන්නාක් මෙන් ද, අනුශාසනා කිරීමෙන් ද සංඝරත්නය ජනයාට පිහිට වේ. අපමණ සීලාදි ගුණවලින් යුක්ත බැවින් සංඝරත්නය උතුම් පින් කෙතකි. සරු කුඹුරෙහි වපුරා ගොවියන් බොහෝ ඵල ලබන්නාක් මෙන් සංඝරත්නයට පූජා සත්කාර කොට බොහෝ මනුෂ්‍යයෝ ද දෙවිමිනිස් සැප ලබති. සංඝරත්නයක් නැති නම් ජනයාට ඒ පින් නොලැබිය හැකි ය. පින් ලැබීමට උපකාරවීම සංඝරත්නයෙන් ලැබෙන පිහිට ය. බොහෝ භික්ෂූහු මහජනයාට දෙලොව වැඩ පිණිස අනුශාසනය කෙරෙති. එද සංඝයා ජනයාට පිහිටවන එක් ක්‍ර‍මයෙකි.

සංඝරත්නයේ පිහිට ලැබෙන්නේ කෙසේ ද?

පින් කෙතක් වන මහා සංඝරත්නයට සිවුපසය පිරිනැමීමෙන් හා වත් පිළිවෙත් කිරීමෙන් පින් සිදුකර ගැනීමෙන් ද, සංඝයා ඇසුරු කොට පින්පව් - කළ යුක්ත නො කළයුත්ත දැන ඒ අනුව පිළිපැදීමෙන් ද සංඝරත්නයේ පිහිට ලබා ගත යුතු ය. නිකම්ම “මට රත්නත්‍ර‍ය පිහිට වේවා, මාගේ පිහිට රත්නත්‍ර‍ය”යි කීවාට හෝ සිතුවාට රත්නත්‍රයේ පිහිට නො ලැබෙන බව ද සැලකිය යුතු ය.

ශරණ ශීලය කිලිටිවීම

ද්වත්‍රිංශත් මහා පුරුෂ ලක්ෂණ, අසීත්‍යනුව්‍යඤ්ජන ලක්ෂණ, ව්‍යාමප්‍ර‍භා කේතුමාලා ෂට්වර්ණ රශ්මි ඇති නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය ඇති සියලු කෙලෙසුන් දුරු කළ සියල්ල දත් පුද්ගලයෙක් ඇතිවී ද? බුදුන් ය කියන තැනැත්තා නිකම්ම සිතින් මවා ගෙන කියන පුද්ගලයෙක් ද? කියා සැක කිරීම: ඇතය කියන නවලෝකෝත්තර ධර්මය සැබෑවට ම ඇතියක් ද? ඒවාට පැමිණීමට ගන්නා මහන්සියෙන් පලක් ඇත ද? නැත ද? ත්‍රිපිටක ධර්මය සත්‍ය ද? අසත්‍ය ද? යනාදීන් සැක කිරීම, සුප්‍ර‍තිපන්නාදි ගුණවලින් යුක්ත සංඝරත්නයක් ඇත ද? නැත ද? රහත්හු ඇත ද? නැත ද? යනාදීන් සැක කිරීම යන මේ කරුණුවලින් ශරණ ශීලය කිලිටි වේ. සැබෑ වන්නේ බුද්ධාගම ද? කතෝලික ආගම ද? යනාදීන් සැකකිරීමෙන් ද ශරණ ශිලය කිලිටි වේ.

ශරණ ශීලය බිඳීම

“මේ බුදුන්ගෙන් ඔවුන්ගේ ධර්මයෙන් සංඝයාගෙන් අපට ඇති පලක් නැත” කියා රත්නත්‍ර‍ය ප්‍ර‍තික්ෂේප කිරීමෙන් ද, “අන් ශාස්තෘවරයකු හෝ දෙවියකු හෝ ලෝකයෙහි ශ්‍රේෂ්ඨය” යි සිතා අනික් ආගමක් පිළිගැනීමෙන් ද ශරණ ශීලය බිඳේ. බෞද්ධයකු වන්නේ ශරණ ශීලයෙනි. එය සැමට ම තිබිය යුතු ය. එය නැත්තේ බෞද්ධයෙක් නොවේ.

සික පදවල තේරුම් හා විස්තර

“පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි”

තේරුම:-

ප්‍රාණඝාතයෙන් වැළකීම නමැති සිකපදය සමාදන් වෙමි.

විස්තරය:-

ප්‍රාණය යනු ජීවිතය ය. මනුෂ්‍යයකුගේ හෝ තිරිසන් සතකුගේ හෝ ඇසට නොපෙනෙන භූතයකුගේ හෝ අන්තිම වශයෙන් උකුණකු මකුණකු මදුරුවකුගේ ද, මව් කුස සිටින සත්ත්වයකුගේ ද, බිත්තරයක පිළිසිඳ සිටින සත්ත්වයකුගේ ද ජීවිතය ස්වභාව ධර්මය අනුව පවත්නා තාක් පවතින්නට නොදී වෙඩි තැබීම, බෝම්බ ගැසීම, ඇසිඩ් ගැසීම, දියේ ගිල්වීම, විෂදුම් ගැස්වීම, හුස්ම හිර කිරීම, අතින් පයින් පොලුවලින් ගැසීම, උගුල්වට අසු කිරීම, රථවාහනවලට යට කිරීම, ගින්නෙන් දැවීම, වස කැවීම, බිය ගැන්වීම, වරදවා බෙහෙත් දීම, ගප්සා බෙහෙත් දීම යනාදි යම් කිසි උපක්‍ර‍මයකින් තමා විසින් හෝ අනුන් ලවා හෝ නැති කිරීම හෙවත් සතකු මැරවීම යන මෙයින් මේ සිකපදය බිඳේ.

ප්‍රාණඝාතයට අංග පසක් ඇත්තේ ය. එනම් :- පණ ඇති සතකු වීම ය, පණ ඇති සතකු යන හැඟීම තිබීම ය, මරමිය යන සිත ඇතිවීම ය, මරන්නට යම්කිසි උපක්‍ර‍මයක් කිරීම ය, ඒ උපක්‍ර‍මයෙන් සත්ත්වයා ගේ මරණය වීම ය යනු ප්‍රාණඝාතයේ අංග පස ය.

සිකපදය කැඩෙන්නේ පඤ්චාංගය සම්පූර්ණ වූ ප්‍රාණඝාතයෙනි. යන එන විට කුඩා සතුන් පෑගී මළ ද මරණ සිත නැති බැවින් සික පදය නො කැඩේ. එහෙත් සිල් සමාදන් වන උපාසකවරුන් විසින් තමන් නිසා කුඩා සතකුදු නො මැරෙන ලෙස පරෙස්සම් විය යුතු ය. සමහරවිට ජලයෙහි කුඩා සතුන් සිටිය හැකිය. වතුර බිව් කල්හි හුණු කළ කල්හි එහි සතුන් සිටිය හොත් උන් නැසෙන්නාහ. එසේ නොවීම පිණිස සිල්වත්හු පැන් පෙරා පරිභෝග කරති.

ප්‍රාණඝාතය පිළිබඳ තවත් දත යුතු බොහෝ කරුණු ඇත්තේ ය. ඒවා ද දනු කැමති අය “බෞද්ධයාගේ අත්පොත” කියවත්වා.

“අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.”

තේරුම :-

හිමියන් විසින් කැමැත්තෙන් නුදුන් දෙයක් සොර සිතින් ගැනීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.

විස්තරය :-

තණපතක් නූල්පටක් පමණ වූ ද, අන්සතු වස්තුවක් සොර සිතින් තුබූ තැනින් කෙස් ගසක් පමණ වුව ද එසවුව හොත් සික පදය බිඳේ. යම් කිසි අන්සතු දෙයක් සොර සිතින් අතට ගෙන, ගෙන යාමට බියෙන් හෝ සිල් සමාදන්ව ඉන්නා මා හට මෙවැනි නීච වැඩ නුසුදුසු යයි සිතා හෝ අතට ගත් බඩුව තුබූ තැන නැවත තැබූයේ ද සිකපදය නො රැකේ. බඩුව එසවූ කෙණෙහි ම සිකපදය බිඳුණේ ය.

“අයිතිකරුට නො පෙනෙන සේ නො දැනෙන සේ යමක් ගැනීම ම අදත්තාදාන ය” යි බොහෝ දෙනා සිතති. අදත්තාදනය සිදුවන ක්‍ර‍ම බොහෝ ගණනක් ඇත්තේ ය. හිමියාගෙන් උදුරා ගැනීම, හිමියා බිය ගන්වා ගැනීම, ‘මේ බඩුව නුඹේ නොවේය මගේය’ කියා රවටා ගැනීම, ‘මේ ඉඩම නුඹට අයිති නැත. මෙය අයිති මට ය’ කියා රවටා ගැනීම, බොරු අයිතිකම් ඉදිරිපත් කොට නඩු කියා ඉඩම් අයිතිකර ගැනීම, හොර ඔප්පු හොර නෝට්ටු ලියා ඉඩම් ආදිය අයිතිකර ගැනීම, කිරීම් මැණීම් වලදී අඩු වැඩි කොට ගැනීම, නරක බඩු හොඳ බඩුය යි දී මුදල් ගැනීම, රන් රිදී මුතු මැණික් ය කියා වෙන දේවල් දී මුදල් ගැනීම, පරණ බඩු අලුත් බඩු ය කියා විකිණීම, කිරිවලට වතුර මිශ්‍ර‍ කොට විකිණීම, ගිතෙල් ආදියට වෙනත් දේ මිශ්‍ර‍ කොට විකිණීම, බොරු බෙහෙත් විකිණීම, බොරු යන්ත්‍ර‍ මන්ත්‍ර‍ කොට මුදල් ගැනීම, බොරු ශාස්ත්‍ර‍ කියා මුදල් ගැනීම, සම්මාදන් කර ගැනීම, ණයට ය කියා ගැනීම යනාදී නොයෙක් ක්‍ර‍මවලින් අදත්තාදාන සිකපදය කැඩේ.

අදත්තාදානයේ අංග පස

අන්සතු වස්තුවක් වීම ය, අන්සතු වස්තුවක් බව දැනීමය, සොර සිත ය, ගැනීමට යම්කිසි උපක්‍ර‍මයක් කිරීම ය, ඒ උපක්‍ර‍මයෙන් අන්සතු වස්තුව තුබූ තැනින් ඉවත් කිරීම ය යන මේ අංග පස සම්පූර්ණ වීමෙන් ම අදත්තාදන සිකපදය බිඳේ.

අන්සතු වස්තුවක් තමාගේ යයි සිතා වැරදීමකින් ගැනීමෙන් සිකපදය නො බිඳේ. සොර සිතෙන් තොරව පසුව තුබූ තැන තබමිය යන අදහසින් අන් සතු වස්තුවක් ගැනීමෙන් ද සිකපදය නො බිඳේ. වස්තු හිමියාගේ මිත්‍ර‍ත්වය සලකාගෙන ගැනීමෙන් ද සිකපදය නො බිඳේ.

අදත්තාදානය ඉතා සියුම් ය. එහි බොහෝ ක්‍ර‍ම ඇත්තේ ය. එය පිළිබඳව දතයුතු කරුණු බොහෝ ඇත්තේ ය. බෞද්ධයාගේ අත්පොත බලන්න.

“අබ්‍ර‍හ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.”

තේරුම :-

ගිහියාගේ සිරිත වන මෛථුන සේවනයෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.

මේ සිකපදය සම්බන්ධයෙන් දතයුතු කරුණු බොහෝ ඇත්තේ ය. ඒවා ග්‍රාම්‍ය ය, දරු දැරියන් විසින් ද කියවන මෙබඳු පොතකට ඒවා ඇතුළු කිරීම නුසුදුසු බැවින් මෙයට ඒවා ඇතුළු නො කරන ලදි. මේ සිකපදය ගැන දතයුතු විස්තර ඇත්තේ විනය පිටකයට අයත් පොත්වල ය. පාරාජිකාපාලිය, සමන්තපාසාදිකාව යන පොත්වල එහි විස්තර ඇත.

සප්ත මෛථුනය

බ්‍ර‍හ්මචර්‍ය්‍යශීලය කිලිටි කරන සප්ත මෛථුනයක් ඇත්තේ ය. ඒ මෙසේ ය.

  1. ස්ත්‍රීන් විසින් කරන නෑවීම ඇඟ ඉලීම අත් පා පිරිමැදීම යනාදිය පිළිගැනීම හා ඒවායේ මිහිර විඳීම ඒවාට කැමති වීම,
  2. ස්ත්‍රීන් හා කවටකම් කිරීම ක්‍රීඩා කිරීම ඔවුන්ගේ ඇඟේ හැපීම ඔවුන්ගේ ශරීරය පිරිමැදීම ඔවුන් හා සිනාසීම යන මේවායේ රස විඳීම, සතුටු වීම.
  3. ස්ත්‍රීන්ගේ රූපශෝභාව බලමින් මේ මේ තැන මෙසේ මෙසේ ලස්සනය හොඳය යි සිතමින් රස විඳීම.
  4. ස්ත්‍රීන්ගේ හඬ අසමින් රස විඳීම,
  5. පෙර ස්ත්‍රීන් හා කළ කෙළි සිනා ආදිය සිහි කරමින් ඒවායේ රස විඳීම.
  6. පස්කම් සැප විඳින අන්‍යයන්ගේ සම්පත් බලා සතුටු වීම.
  7. රක්නා වූ මේ ශීලයේ බලයෙන් දෙවියෙක් වේම්වායි අනාගතයෙහි ලබන්නට ඇති ඒ දිව්‍ය සම්පත්තිය සිතින් විඳීම, ඒ ගැන සතුටු වීම.

නියම ලෙස මෛථුන සේවනය නො කළ ද දහම් හල්වල සිල් සමාදන්ව සිටින ස්ත්‍රීපුරුෂයන් අතර මේ සප්ත මෛථුනයට අයත් කරුණු සිදු වී ඔවුන්ගේ බ්‍ර‍හ්මචර්‍ය්‍ය ශීලය කිලිටි වන්නට ඉඩ ඇත. එසේ නොවන ලෙස පරෙස්සම් විය යුතු ය.

“මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.”

තේරුම :-

බොරු කීමෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.

විස්තරය :-

මුසාවාදයේ අංග සතර

කියන කරුණ අසත්‍යයක් වීම ය, අනුන් රවටන අදහස ය. අනුන් රැවටීමේ උත්සාහ ය, අනෙකා කී දේ තේරුම් ගැනීම ය යන මේ අංග සතර සම්පූර්ණ වන බොරුවෙන් මුසාවාද සික පදය බිඳේ.

රැවටීමේ අදහසින් තොරව අනිකකුට යමක් දෙමිය කියා එය දෙන්නට නුපුළුවන් වුවහොත්, කීම බොරු වුවද රැවටීමේ අදහසින් තොරව කී බැවින් සිකපදය නො බිඳේ. රැවටීමේ අදහසින් අනිකකුට යමක් දෙමිය කියා පසුව මා වැන්නකුට අනුන් රැවටීම නුසුදුසු යයි සිතා කී පරිදි ම දුන ද කියන අවස්ථාවේදී රැවටීමේ අදහසින් කී නිසා සිකපදය බිඳේ. බොරුවක් කියන කල්හි අසන්නාට නොතේරුණේ නම් සිකපදය නො බිඳේ. කටින් කීමෙන් පමණක් නොව බොරුවක් හිසින් හෝ අත්වලින් හෝ ඇඟවීමෙන් ද සික පදය බිඳේ. බොරු ලියා තැබීම්, ලියා යැවීම් වලින් ද සිකපදය බිඳේ.

හොඳ මිනිස්සුය ශීලාචාර මිනිස්සුය උසස් මිනිස්සුය උගත්තු ය කියන මිනිසුන් අතර ද බොරු කියන්නෝ බොහෝ සිටිති. සාමාන්‍ය ජනයා අතර බොරු කීමේ පුරුද්ද ඇතියෝ බොහෝ ය. ඔවුහු කිසි ප්‍රයෝජනයක් නැතිව විනෝදය පිණිස ද බොරු කියති. සිල් සමාදන් වන්නවුන් අතර ද ඒ පුරුද්ද ඇත්තෝ ඇත. බොහෝ දෙනා සිල් බිඳ ගන්නේ බොරු කීමෙනි. සිල් සමාදන් වූ තැනැත්තා විසින් කවටකමටවත් බොරුවක් නො කිය යුතු. එදින කතා අඩු කරගෙන සිටීම යහපති. කතා කළ ද සිහියෙන් කතා කළ යුතු ය. මුසාවාදය පිළිබඳ තවත් දත යුතු කරුණු බොහෝ ඇත. ඒවා දැනගැනීමට බෞද්ධයාගේ අත්පොත කියවන්න.

“සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි”

තේරුම:-

මදයට හා ප්‍ර‍මාදයට හේතුවන සුරාමේරය පානයෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.

විස්තරය :-

මෙහි මදය යි කියනුයේ ක්ලාන්තය නොව සිතේ ප්‍ර‍කෘතිය වෙනස්වීම ය. දුම්කොළ, පුවක් ආදිය නිසා වන මතක් ද ඇත. එය ශරීරය දුබල වීමකි. එයින් සිතෙහි විපර්‍ය්‍යාශයක් නොවේ. ඒ දුබලකම ඇතිකරන දුම්කොළ පුවක් ආදිය පාවිච්චි කිරීමෙන් මේ සිකපදය නො බිඳේ. මෙය බිඳෙන්නේ මිනිසාගේ සිතේ ප්‍ර‍කෘතිය වෙනස් කරන රා අරක්කු කසිප්පු අබිං කංසා ආදිය පාවිච්චි කිරීමෙනි. ඇතැම් බෙහෙත්වලට මද්‍යවර්ග ගන්නේ ය. ඒ බෙහෙත් පමණට වඩා ගත හොත් මත් වේ. මද්‍ය රසය මද්‍යගන්ධය නැති එබඳු බෙහෙත් පමණට ගැනීමෙන් සිකපදය නො බිඳේ.

සුරාපානයේ අංග සතර

මත්වන දෙයක් වීම, පානය කිරීමට කැමැත්ත, බීමට උත්සාහ කිරීම, මත්ද්‍ර‍ව්‍යය උගුරෙන් ඔබ්බට ඇතුළුවීම යන මේ අංග සතරින් සුරාපාන සිකපදය බිඳේ.

“විකාලභෝජනා වෙරමණී සික්ඛාපදං සමාදියාමි”

තේරුම:-

විකාලයෙහි (නො කල්හි) ආහාර වැළඳීමෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.

විස්තරය:-

අරුණෝදයේ පටන් ඉර මුදුනට පැමිණීම දක්වා කාලය බුද්ධාදීන් විසින් අහර වළඳන කාලය ය. ඉර මුදුනට පැමිණීම පටන් පසුදින අරුණෝදය තෙක් කාලය බුද්ධාදීන් විසින් අහර නො වළඳනා කාලය ය. එය විකාල නම් වේ. විකාල යන වචනයේ තේරුම නුසුදුසු කාලය යනු යි. ඉර මුදුන්වන වේලාව සාමාන්‍යයෙන් දවල් 12 ලෙස සලකනු ලැබේ. එබැවින් සිල් සමාදන් වූවන් විසින් දවල් 12 ට කලින් ආහාර ගැනීම අවසන් කළ යුතු ය.

ගිලන්පස

විකාලයෙහි පිපාසය හෝ උගුර කට වියළීම හෝ බඩේ පපුවේ දැවිල්ලක් හෝ ඇඟ පණ නැති කමක් හෝ යම්කිසි අන් රෝගයක් හෝ ඇතිවී නම් ඒවා දුරු කර ගැනීම සඳහා සිල් රක්නා අයට ගිලන්පස වැළඳීම සුදුසු ය. පෙර පටන් පවත්නා රෝගයක් වේ නම් ඒ සඳහා ගන්නා බෙහෙත් වැළඳීම ද සුදුසු ය. ඇල්දිය හා උණුදිය කැමැති වේලාවක ගැනීම වරද නැත.

අෂ්ටපානය

“අම්බපානය, ජම්බුපානය, චෝචපානය, මෝචපානය, මධුපානය, මුද්දිකපානය, සාලුකපානය, ඵාරුසකපානය” යි බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන්ට විකාලයෙහි වැළඳීමට අනුදැන වදාළ පාන අටක් ඇත්තේ ය. ඒවාට ගිලන්පස යයි කියති. සිල් සමාදන් වූ අයට ද ඒවා විකාලයේ වැළඳීම කැප ය.

  1. අම්බපානය, අඹවලින් සාදන පානය.
  2. ජම්බුපානය, ජම්බුගෙඩිවලින් සාදන පානය.
  3. චෝචපානය, ඉදුණු ඇටි කෙසෙල් ගෙඩිවලින් සාදන පානය.
  4. මෝචපානය, අන් කෙසෙල් ගෙඩිවලින් සාදන පානය.
  5. මධුපානය, අමු මුද්‍ර‍ප්පලම්වලින් සාදන පානය.
  6. මුද්දිකපානය, වියළි මුද්‍ර‍ප්පලම්වලින් සාදන පානය.
  7. සාලුකපානය, ඕලු ගෙඩිවලින් සාදන පානය.
  8. ඵාරුසකපානය, කටු (උගුරැස්ස) ගෙඩිවලින් සාදන පානය.

දෙහි, දොඩම්, නාරන්, බෙලි ආදි කුඩා පලතුරුවලින් සාදන ගිලන්පස ද කැපය. පැපොල් කොස් ආදි මහ පලතුරුවලින් සෑදූ පානය ගිලන්පස වශයෙන් අකැප ය.

ගිලන්පස සෑදීම

ඉදුණු අඹ පොතු හැර භාජනයකට කපා දමා හොඳින් පොඩි කර උවමනා පමණට ඇල්වතුර දමා නැවත ද පොඩිකර පෙරහනකින් හොඳින් පෙරා සීනි හෝ පැණි සකුරු හෝ දමා දිය කර ලුණු ද ස්වල්පයක් මිශ්‍ර‍කර අම්බපානය සාදා ගත යුතුය. කෙසෙල් ගෙඩි ආදියෙන් ගිලන්පස සාදන්නේ ද එසේම ය.

වියළි මුද්‍ර‍ප්පලම් තද බැවින් පොඩි කිරීම අපහසුය. ඒවායින් ගිලන්පස සාදනවා නම් :- උදයේ ම සෝදා දියේ ලා තැබිය යුතුය. සවස් කාලයේ දියෙන් ගෙන සීනි සමඟ පොඩි කරනු. හොඳින් පොඩි වේ. අනතුරුව වුවමනා පමණට ඇල්දිය ලා තවත් පොඩිකර පෙරා ගත යුතු ය. පලතුරු ගිලන්පස කෝවාටත් ලුණු ස්වල්පයක් මිශ්‍ර‍ කිරීම හොඳ ය.

දෙහි ගිලන්පස සෑදීමේදී වතුර කෝප්පයකට දෙහි බෑයක ඇඹුල් ගැනීම ප්‍ර‍මාණවත් ය. ඇඹුල් වැඩි වුවහොත් ම අපහසු වේ. දොඩම් ගිලන්පසට නම් ඇඹුල් වැඩියෙන් ගැනීම හොඳ ය. එහෙත් ඇල්දිය නොමුසු දොඩම් යුෂ ගිලන්පසට නොගත යුතු ය.

අමු නෙල්ලි යුෂ ඇල්දිය හා මිශ්‍රකොට හොඳ ගිලන්පසක් සාදාගත හැකි ය. එක් ගිලන්පස කෝප්පයකට නෙල්ලි ගෙඩි දෙක තුනක යුෂ ඇත. නෙල්ලි වැඩිවුවහොත් බීමට අප්‍රිය වේ. වියළි නෙල්ලි දියේ ලා පොඟවා යුෂ ගෙන ද ගිලන්පස සෑදිය හැකි ය. නෙල්ලි වැඩි වුවහොත් අප්‍රිය වේ. එක් ගිලන්පස කෝප්පයකට නෙල්ලි කලඳක් ප්‍රමාණවත් ය. වියළි නෙල්ලි තැම්බූ දිය ද රසවත් ගිලන්පසකි. නෙල්ලි ස්වල්පයක් දමා රන්වන් පාට වනතුරු තම්බා ගිලන්පස සාදාගත යුතු ය. නෙල්ලි වැඩි වුවහොත් බීමට අපහසු වේ.

ඉඟුරු කොත්තමල්ලි සුදුලූනු රණවරා පොල්පලා ඉරමුසු ආදි බෙහෙත් වර්ග තම්බා ගත් දිය ගිලන්පස වශයෙන් විකාලයෙහි වැළඳිය හැකි ය. ඉඟුරු කොත්තමල්ලි සුදුලූනු යන මේවා තම්බා සෑදූ ගිලන්පස රාත්‍රී කාලයට ඉතා හොඳ ය. සුදුලූනු පමණක් තම්බා සාදන ගිලන්පස ද රාත්‍රියට හොඳ ය. තේ කෝපි ද ගිලන්පසට ගැනීම වරද නැත. එහෙත් පිටි මිශ්‍ර‍ තේ කෝපි විකාලයෙහි අකැප ය.

රෝගයක් ඇතහොත් කසාය ගුලි කල්ක අරිෂ්ට ආශව සෘත ලේහ චූර්ණ තෙල් යන මේ බෙහෙත් විකාලයෙහි ගත හැකිය. සීනි හා සකුරු ද පැණි ද පිටි මිශ්‍ර‍ නැති ලොසින්ජර ද කරුණක් ඇතිනම් විකාලයෙහි ගැනීම සුදුසු ය.

චතුමධුර දුබලකම දුරුකර ගැනීමට හොඳ බෙහෙතකි. ගිතෙල් වෙඬරු සකුරු මීපැණි යන මේ සතර වර්ගය මිශ්‍රකොට සාදන ලේහය චතුමධුර නම් වේ. එය හොඳ ගිලන්පසකි. සකුරු වෙනුවට සීනි හෝ පැණි යෙදීම ද සුදුසු ය. චතුමධුර බොහෝ වැළඳීම අගුණ ය, සැන්දක් දෙකක් වළඳා උණු ගිලන් පසක් වළඳනු. බල වැඩේ. වරක් සාදාගත් චතුමධුර බොහෝ කල් තබාගත හැකි ය. නියම ගිතෙල් හා මී පැණි නොගතහොත් වැඩිකල් තැබීමට නො හැකි විය හැකි ය. ගුණ ද අඩුවිය හැකි ය. සමහර විට අගුණ ද විය හැකි ය. මෙහි නොදැක් වූ ගිලන්පසට සුදුසු තවත් ජාති ද ඇත්තේ ය. ඒවා ද දැන වැළඳීම සුදුසු ය.

“නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.”

තේරුම:-

නැටීම ගී කීම බෙර ආදිය වැයීම හා විසුළු දැකීමෙන් ද මල් සුවඳ ද්‍ර‍ව්‍ය විලවුන් දැරීමෙන් ද ඒවායින් සිරුරේ අඩුතැන් (කැලල්) පිරවීමෙන් ද සම පැහැපත් කිරීමෙන් ද වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.

විස්තරය:-

මේ සිකපදය ඇත්තේ ඉතා කොටිනි. එයට අයත් කරුණු බොහෝ ය. සිල් සමාදන් වූවහු විසින් නැටීම ගී කීම බෙර ආදිය වැයීම නො කළ යුතු ය. අනුන් ලවා නොකර විය යුතු ය. අනුන් කරන කල්හි නොබැලිය යුතු ය. නො ඇසිය යුතු ය. “විසූක” යන වචනය ඉහත තේරුම් කර ඇත්තේ “විසුළු” කියා ය. ඒ වචනයෙන් අදහස් කරන්නේ කෙලෙස් ඉපදීමට හේතුවන්නා වූ කුශලයට බාධක වූ නොයෙක් කරුණ ය. කුකුල් පොර, ගව පොර, ඇත් පොර, මිනිසුන්ගේ තරඟ දිවුම්, සතුන්ගේ තරඟ දිවුම්, වාහනවල තරඟ ගමන්, විජ්ජා, සරඹ, යුද පෙලපාලි, මල්ලව පොර, පන්දු ක්‍රීඩා යනාදිය විසූක නම් වේ. ඒවා බැලීමෙන් වැළකිය යුතු ය. ගස් වැල්වල හටගන්නා වූ ද රන් රිදී ආදි ද්‍ර‍ව්‍යයකින් කරන ලද්දා වූ ද මල් පැළඳීම නො කළ යුතු ය සැන්ට්, සඳුන් ආදි සුවඳ වර්ග ශරීරයේ හෝ හඳනා පොරෝනා වස්ත්‍ර‍වල හෝ නොගැල්විය යුතුය. ලස්සන කිරීම සඳහා කිසිවක් ශරීරයෙහි නො ගැල්විය යුතුය.

බොහෝ උපාසකෝපාසිකාවන් පොහෝ දිනවල පවත්වන පෙරහැරවල නැටුම් බලා ගැයුම් වැයුම් අසා සිල් බිඳ ගනිති. තමා යන කල්හි පෙරමඟට එන පෙරහැරක නැටුම් දුටුව ද ගැයුම් වැයුම් ඇසුණ ද සිකපදය නො බිඳේ. තමා සිටින තැනට පෙනෙන හරියේ පවත්වන නැටුම් ගැයුම් වැයුම් දැකීමෙන් ඇසීමෙන් සිල් නො බිඳේ. එක පියවරකුදු ගොස් ඇසීම බැලීම කළහොත් සිල් බිඳේ. බොහෝ උපාසකෝපාසිකාවෝ පෙරහැරක් එතොත් දුවගොස් බලති. එසින් ඔවුන්ගේ සිල් පලුදු වේ.

කනේ කරේ හිසේ අතේ අබරණ ඉවත් කොට සිල් සමාදන් විය යුත්තේ ද මේ සිකපදය නිසා ය. සුදුරෙදි හැඳ පොරවා සිල්සමාදන් විය යුත්තේ ද මේ සිකපදය නිසා ය. සාමාන්‍ය ජනයා වස්ත්‍ර‍ හඳින්නේ ශරීරය සැරසීමක් ද වශයෙනි. වස්ත්‍ර‍වල නොයෙක් සිත්තම් කර තිබෙන්නේ නොයෙක් පාට ඉරි කොටු පිහිටවා තිබෙන්නේ ඒ වස්ත්‍ර‍වලින් ශරීරය සැරසීම පිණිස ය. මේ සිකපදය රක්නහුට ශරීරය සැරසීම නුසුදුසු ය. සුදු රෙද්දෙහි කිසි සැරසිල්ලක් නැත. එහි ඇත්තේ නූල්වල ප්‍ර‍කෘති වර්ණය ම ය. එබැවින් ඒවා ඇඳීම කය සැරසිල්ලක් නොවේ. සුදුරෙද්ද ශීලයට යෝග්‍ය වන්නේ ඒ නිසා ය. හැඳීමට පෙරවීමට සුදුරෙදි නැති විටෙක සැරසීමේ අදහසින් තොරව “විලි වසා ගැනීම සඳහා මෙය හඳිමි” යි සිතා ගෙන තමාට ඇති වස්ත්‍ර‍යක් හැඳ සිල් සමාදන්වීම වරද නැත.

“උච්චාසයන මහාසයනා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.”

තේරුම:-

උසසුන් මහසුන් පරිභෝගයෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.

විස්තරය:-

මධ්‍යම පුරුෂයකුගේ රියනට වඩා උස් පා ඇති ඇඳ පුටු උච්චාසයන නම් වේ. පමණට වඩා උස් පා ඇති අසුන් අතීතයේ තුබූ නමුත් දැන් දක්නට නැත. මේ කාලයේ පාවිච්චි කරන ඇඳ පුටු උච්චාසයනයට අයත් නැත. අධික සැපය සඳහාත් අලංකාරය සඳහාත් තනා ඇති විශේෂ ආසන මහාසයන නම් වේ. මහා සයන බොහෝ ගණනක් විනයෙහි හා සූත්‍ර‍වල සඳහන් වී ඇතත් අද ඒවායින් බොහෝවක් අභාවයට ගොස් ය. පුළුන් ගුදිරි පුළුන් පුරවා කුෂන් කළ ඇඳ පුටු සතරඟුල් ලොම් ඇති පලස් මහාසයනවලට අයත් ය. අතීතයෙහි නො තිබූ නිසා පොත්වල කියා නැත ද අධික සැපය පිණිස මෙකල තනා ඇති රබර් කුෂන් හා ස්ප්‍රීන් යොදා ඇති අසුන් මහාසයනවලට අයත් ලෙස සැලකිය යුතු ය. පුළුන් කොට්ටය හිස තැබීමට සුදුසු ය. වාඩිවීමට නුසුදුසු ය. කොහු ගුදිරි මෙට්ට පරිභෝගයට සුදුසු ය.

දස සීලය

සිල් ඉල්ලන වාක්‍යය:-

ඕකාස අහං භන්තේ තිසරණේන සද්ධි ගහට්ඨ දස සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ, අනුකම්පං උපාදාය.

දුතියම්පි ඕකාස....................

තතියම්පි ඕකාස....................

සිල් පද :-

  1. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  2. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  3. අබ්‍ර‍හ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  4. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  5. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  6. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  7. නච්ච ගීත වාදිත විසූකදස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  8. මාලා ගන්ධවිලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  9. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  10. ජාතරූප රජත පටිග්ගහණා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

මෙයට අයත් මුල් සිකපද නවය අටශීලයට අයත් සිකපද ම ය. විශේෂයෙන් ඇත්තේ අන්තිම සිකපදය ය. එහෙත් මේ ශීලය උසස් ශීලයෙකි. මෙය උත්කෘෂ්ට ලෙස සමාදන් වෙනවා න් තමාට අයත් රන් රිදී හා මුදල් කිසිවක් තබා නො ගෙන සමාදන් විය යුතුය. සාමාන්‍යයෙන් එක් දිනකට පමණක් සමාදන් වන්නහු විසින් තමා අයත් රන්රිදී හා මුදල් තිබෙන තැන්වල තිබෙන්නට හැර අලුතෙන් කිසිවක් නො පිළිගත යුතු ය. තිබෙන මුදල් පිළිබඳ සංවිධානයක් ද නො කළ යුතු ය.

ධූතාංග සමාදානය

සීල කොට්ඨාසයට අයත් ධුතාංග නම් වූ ප්‍ර‍තිපත්ති කොටසක් ඇත්තේ ය. උත්සාහවත් උපාසකෝපාසිකාවන්ට සිල් සමාදන් වන දිනවල දී අතිරේක ප්‍ර‍තිපත්තිය වශයෙන් ධූතාංග ද සමාදන් වී රැකිය හැකි ය. ධූතාංග තෙළෙසක් ඇත්තේ ය. ඒ සියල්ල සමාදන් විය හැක්කේ උපසම්පදා භික්ෂූන්ට පමණෙකි. එකක් හැර දොළොසක් සාමණේරයන්ට රැකිය හැකි ය. ගෘහස්ථ උපාසක උපාසිකාවන්ට රැකීමට සුදුසු ධූතාංග දෙකක් ඇත්තේ ය. ඒකාසනිකාංගය, පත්තපිණ්ඩිකාංගය යන ධූතංග දෙක උපාසකෝපාසිකාවන්ට සුදුසු ධූතාංගයෝ ය.

ඒකාසනිකාංගය

ඒකාසනිකාංගය යනු දිනකට එක්වරක් පමණක් ආහාර වැළඳීමේ ප්‍ර‍තිපත්තියය. එය සමාදන් විය යුත්තේ “නානාසන භෝජනං පටික්ඛිපාමි, ඒකාසනිකංගං සමාදියාමි” යන වැකිය තුන්වරක් කීමෙනි. එහි තේරුම: නොයෙක් වර හිඳ ආහාර වැළඳීම අත් හරිමි, එක් වරක් හිඳ වැළඳීම නමැති ධූත ගුණය සමාදන් වෙමි” යි යනුයි. මෙය සමාදන් වූවහු විසින් ආහාර ගැනීමට හිඳගත් කල්හි දවසට ම සෑහෙන්න ආහාර වැළඳිය යුතු ය. වළඳා හෝ වළඳන අතර අසුනෙන් නැගිට්ට හොත් නැවත ආහාර නො වැළඳිය යුතු ය. එදින නැවත ආහාරයක් වැළඳුව හොත් ධූතාංගය බිඳේ. ගිලන් පස වැළඳීමෙන් වරදක් නැත.

පත්තපිණ්ඩිකාංගය

පත්තපිණ්ඩිකාංගය යනු නොයෙක් භාජනවල නො වළඳා එකම භාජනයක වැළඳීම වූ ධූතගුණය ය. එය “දුතියක භාජනං පටික්ඛිපාමි, පත්ත පිණ්ඩිකංගං සමාදියාමි” යන වැකිය තුන්වරක් කියා සමාදන් විය යුතු ය. එය සමාදන් වූවහු විසින් ආහාර සියල්ල එක භාජනයකට ගෙන වැළඳිය යුතු ය. මිශ්‍ර‍ වූ කල්හි වැළඳීම දුෂ්කර වන කිරි කැවිලි පලතුරු සුප් කැඳ යන මේවා ඒ භාජනයට ම වරින් වර ගෙන වැළඳිය යුතු ය. අන් බඳුනක වැළඳුව හොත් ධූතංගය බිඳේ. වතුර හා ගිලන්පස අන් භාජනවල වැළඳිය හැකි ය.

ඒකාසනිකාංගය - පත්තපිණ්ඩිකාංගය යන මේ ධූතාංග දෙක එක විට සමාදන්ව එක විට ම රැකිය හැකිය. දවසට ම සෑහෙන ආහාර එක් භාජනයකට ගෙන එක් තැනක හිඳ එක් වතාවක දී ම වළඳා අවසන් කිරීමෙන් ධූතාංග දෙකම රැකේ. ධුතාංග සමාදන් විය යුත්තේ උදයේ කිසි ආහාරයක් නො ගෙන ය. ධුතාංග සමාදන් වූවන්ට පෙරවරු කාලයේදී ද ඇල්වතුර උණු වතුර හා ගිලන්පස ගැනීම වරද නැත. 11 ට පමණ දවල් දානය ගැනීම හොඳ ය.

තමා උපාසකවරුන් අතර විශේෂ පුද්ගලයකු වීමේ අදහසින් ධූතාංග සමාදන් නොවිය යුතු ය. තමා ධූතාංග සමාදන් වී සිටින බව ද සෙස්සන්ට නො කිය යුතු ය. උදයේ ආහාර වැළඳීමට අනිකකු ආරාධනා කළහොත් ධූතාංග සමාදන් වී සිටිනා බව නො කියා ප්‍ර‍තික්ෂේප කළ යුතු ය.

උදේ සිල් සමාදන් වීමෙන් පසු 6.30 සිට 7 දක්වා වැඳුම් පිදුම් කළ යුතු ය.

තමන්ට නො තේරෙන පාළි භාෂාවෙන් ගොතා ඇති පාඨ කියා වන්දනා පූජා කිරීමේ දී ඇති වන්නේ මඳ විපාකයක් ගෙන දෙන දුබල ඥානවිප්‍ර‍යුක්ත කුසල් ය. ඥානසම්ප්‍ර‍යුක්ත බලවත් කුසල් ඇතිවීමට තමාට තේරෙන භාෂාවකින් තෙරුවන් ගුණ කියා වැඳුම් පිදුම් කළ යුතු ය. ගාථා තේරුමත් සමඟ කීම සුදුසු ය.

සිල් සමාදන් වීමෙන් පසු සෑම දෙනා ම මල් ද ගෙන විහාරයකට හෝ චෛත්‍යයක් වෙතට හෝ ගොස් පූජාසනයෙහි මල් තබා මතු දැක්වෙන ගාථා තේරුම් සහිතව කියා මල් පිදිය යුතු ය. සිල් සමාදන් වූ දිනයේ මේ පොත ළඟ තබා ගත යුතු ය. වැඳුම් පිදුම් කිරීමේ දී කියන පාඨ පාඩම් නැති නම්, පොත බලාගෙන කියා වැඳුම් පිදුම් කිරීම ද සුදුසු ය. අනිකකු ලවා කියවා ගෙන වැඳුම් පිදුම් කිරීම ද යහපති. භික්ෂූන්වහන්සේ නමක් ලවා කියවා ගෙන වැඳුම් පිදුම් කිරීම හොඳ ය. භික්ෂූන් වහන්සේ නමක් ලවා එය කරවා ගත නොහැකි නම්, උපාසක පිරිසේ සිටින ශබ්ද නඟා කිය හැකි කෙනකු ලවා වන්දනා පූජා පාඨ කියවා ගත යුතු ය. කියවන තැනැත්තාට පාඩම් නැති නම් පොත බලා කියවිය යුතු ය. සෙස්සන් ඔහු කියන පරිදි කියා වැඳුම් පිදුම් කළ යුතු ය. මල් පූජා කිරීම සඳහා භාවිත කරන නොයෙක් ගාථා ඇත්තේ ය. එක් වරක් මල් පිදීමේ දී ඇති තරම් දන්නා තරම් ගාථා කීම නුසුදුසු ය. මක් නිසා ද? එක් ගාථාවකින් මල් පිදූ කල්හි ඒ මල් පූජා වී ඉවර ය. පූජාකළ මල් අයිති බුදුන් වහන්සේට ය. බුදුරදුන්ට අයිති මල් නැවත ගාථා කියා නැවත පිදීම විහිළුවකි. පූජා කළ මල් පූජා කරුට අයිති නැත. අයිති නැති මල් පූජා නො කළ හැකි ය. වරක් ගාථාවක් කියා මල් පිදූ තැනැත්තාට තවත් ගාථාවක් කියා මල් පුදන්නට වුවමනා නම් නැවත අලුත් මල් සපයා ඒ ගාථාව කියා පිදිය යුතු ය. ඇතැම්හු මල් අසුනෙහි මල් ටිකක් තබා “පූජෙමි බුද්ධං කුසුමෙන නෙන” යනාදි ගාථාව කියා ඒ මල් බුදුන්ට පුදති. නැවත “පූජෙමි ධම්මං කුසුමෙන නෙන: පූජෙමි සංඝං කුසුමෙන නෙන” යනාදි ගාථා කියා ඒ මල්ම ධර්මයට ද සංඝයාට ද පුදති. එසේ කිරීම නො මැනවි. වරක් බුදු රදුන්ට පූජා කළ මල් නැවත ධර්මයට සංඝයාට පිදීමට පූජාකළ තැනැත්තාට අයිතියක් නැත. බුද්ධ ධර්ම සංඝ යන තෙරුවනට මල් පුදන්නට උවමනා නම් මලසුනෙහි තෙරුවන් සඳහා තුන් පලක වෙන වෙනම මල් තැබිය යුතු ය. ඉක්බිති එක එක ගාථාව කියා ඒ මල් වෙන වෙන ම බුදුනට ද දහමට ද සඟනට ද පිදිය යුතු ය. එක ම මල් පොකුරක් හෝ මල් වට්ටියක් තෙරුවනට ම පුදනු කැමති නම් මේ මල් බුද්ධ ධර්ම සංඝ යන ත්‍රිරත්නයට පුදමි යි කියා එක් වරකින් ම පූජා කළ යුතු ය. එසේ කළ කල්හි ඒ මල් එකවර ම තෙරුවනට පූජා වේ. හිමි වේ.

විහාරයට ගොස් මල් පහන් පිදීමේ දී වැඳීමේ දී බුදුපිළිමයට වඳිමිය පුදමිය යි සිතා වැඳුම් පිදුම් නොකළ යුතු ය. බුදුපිළිමය ඉදිරියේ දී සියල්ල දත් බුදුරජාණන් වහන්සේට පුදමිය වඳිමිය යන අදහසින් වැඳුම් පිදුම් කළ යුතු ය. එසේ කිරීමේ දී ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන ගෞරවය බුදුපිළිමයට කළ යුතු ය. වැඳ පුදා ආපසු යන කල්හි පිටිපා නො යා යුතු ය.

මල් පූජාව

අනන්තගුණ වණ්ණස්ස - සුද්ධ සීල සුගන්ධිනො

පූජේමි ලෝකනාථස්ස - පුප්ඵමේතං මනෝරමං

.

ඉමිනා පුඤ්ඤ කම්මේන - භවිත්වා සීලවා සදා,

පප්පෝමි පරමං සන්තිං - නිබ්බානං බුද්ධ වණ්ණිතං

“අනන්ත ගුණ වර්ණ ඇත්තා වූ පවිත්‍ර‍ වූ සිල් සුවඳ ඇත්තා වූ ලෝකනාථයන් වහන්සේට මේ මනරම් මල් පූජා කරමි. පූජා වේවා. මේ පින් බලයෙන් මම සැම කල්හි සිල් ඇත්තේ වී බුදුරදුන් විසින් වර්ණනා කරන ලද පරම ශාන්තිය වූ නිවනට පැමිණෙම්වා.”

තෙරුවන් වැඳීම

සසර සැරිසරණ අසරණ සත්ත්ව සමූහයට පිහිට වන මහා කාරුණික වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස!

චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ අතිදීර්ඝ කාලය මුළුල්ලෙහි දානපාරමිතාය, ශීලපාරමිතාය, නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාය, ප්‍ර‍ඥාපාරමිතාය, වීර්යපාරමිතාය, ක්ෂාන්ති පාරමිතාය, සත්‍යපාරමිතාය, අධිෂ්ඨාන-පාරමිතාය, මෛත්‍රී පාරමිතාය, උපේක්ෂා පාරමිතාය යන දශ පාරමී ධර්‍මයන් සපුරා චතුස්සත්‍යාවබෝධ කොට පස්මරුන් පරදවා සර්වඥ පද ප්‍රාප්ත වූ නුඹ වහන්සේ ශීලයෙන් ද සමාධියෙන් ද ප්‍ර‍ඥාවෙන් ද සෘද්ධියෙන් ද යසසින් ද ලෝකයෙහි අග්‍ර‍වන සේක. නුඹවහන්සේ වැඩ සිටි තැනට පා තැබූ තැනට පවා රජහු ද දෙව් බඹහු ද නමස්කාර කරන්නාහ.

මහාකාරුණිකයන් වහන්ස! නුඹ වහන්සේගේ කරුණාගුණය ඉතා ආශ්චර්‍ය්‍යය. ලොවුතුරා බුදුව අසරණ සත්ත්වයනට පිහිට වනු සඳහා දානපාරමිතාව පිරූ නුඹ වහන්සේ චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ ඒ අතිදීර්ඝ කාලයෙහි නුදුන් දනක් නැත. නුඹ වහන්සේ දුන් දාන වස්තු සම්භාරයට උපමා කිරීමට මහමෙර මිටිය. මහ පොළොව කුඩාය. පොළොවේ වැලිකැට මඳය. සාගර ජලය මඳය. නුඹ වහන්සේ දුන් වස්තු සම්භාරයට උපමා නැත. නුඹ වහන්සේ අනේක වාරයන්හි සකල සම්පත්තියෙන් පරිපූර්ණ මහාරාජ්‍යයන් දුන් සේක. ප්‍රාණය සේ ප්‍රිය අඹුදරුවන් දුන් සේක. සිය සිරුරෙන් ලේ වගුරුවා දුන් සේක. හදවත උපුටා දුන් සේක. නෙත් උපුටා දුන් සේක. හිස කපා දුන් සේක. නුඹ වහන්සේ ගේ කරුණාවට උපමා නැත. කෝටියක් මවුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණාව එක් පිණ්ඩයක් කළ ද නුඹවහන්සේගේ කරුණාවට උපමා නො කළ හැකි ය.

අසරණ සරණ වූ භාග්‍යවතුන් වහන්ස! නුඹ වහන්සේ බොහෝ සත්ත්වයනට පිහිටවන සේක. නුඹ වහන්සේ බොහෝ සත්ත්වයන් අපායෙන් මුදවන සේක. සසර දුකින් මුදවන සේක. බොහෝ සත්ත්වයනට දෙවි මිනිස් සැප ලබා දෙන සේක. නිවන් සැප ලබා දෙන සේක. නුඹ වහන්සේ බරණැස ඉසිපතනයේ දී දම්සක් පැවැත්වීමෙන් අටළොස් කෙළක් දෙවිබඹුන් නිවන් දැක්වූ සේක. තිරෝකුඩ්ඩ සූත්‍ර‍ දේශනාවෙන් සුවාසූ දහසක් සත්ත්වයන් නිවන් දැක් වූ සේක. සුමන මාලාකාර සමාගමයේදී සුවාසූ දහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. ධනපා සමාගමයේ දී දසදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. ඛදිරංගාර ජාතක සමාගමයේ දී සුවාසූ දහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. ජම්බුකා ජීවක සමාගමයේ දී සුවාසූ දහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. ආනන්දසෙට්ඨි සමාගමයේ දී සුවාසූ දහසක් සත්ත්වයන් නිවන් දැක් වූ සේක. පාරායන සූත්‍ර‍ දේශනයේ දී තුදුස් කෝටියක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. යමකප්‍රාතිහාර්‍ය්‍යයේ දී විසිකෝටියක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. දේවෝරෝහණයේ දී තිස්කෝටියක් සත්ත්වයන් නිවන් දැක් වූ සේක. අභිධර්ම දේශනයේදී අසූකෝටියක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. සක්කපඤ්හ සූත්‍ර‍ දේශනයේ දී අසූදහසක් සත්ත්වයන් නිවන් දැක් වූ සේක. මහාසමය සූත්‍ර‍ මංගල සූත්‍ර‍ චූළරාහුලෝවාද සූත්‍ර‍ දේශනාවල දී අප්‍ර‍මාණ සත්ත්වයන් නිවන් දැක්වූ සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස! දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් අසූ අනුව්‍යඤ්ජන ලක්ෂණයෙන් කේතුමාලාවෙන් ව්‍යාමප්‍ර‍භාවෙන් ෂට්වර්ණ රශ්මි මාලාවෙන් බබලන්නා වූ නුඹ වහන්සේ රූප සෞන්දර්යයෙන් ද ලෝකයෙහි අග්‍ර‍ වූ සේක.

අෂ්ටාංග සමන්වාගත බ්‍ර‍හ්මස්වරයෙන් දහම් දෙසන්නා වූ නුඹ වහන්සේ වචන විලාසයෙන් ද ලෝකයෙහි අග්‍ර‍ වූ සේක.

සර්වඥතාඥාන දශබලනඥාන චතුර්වෛශාරද්‍යඥාන ෂට් අසාධාරනඥාන චතුර් යෝනි පරිච්ඡේදඥාන පඤ්චගති පරිචිඡේදඥාන චතුර්දශ බුද්ධඥාන ප්‍ර‍තිසම්භිදා ඥානාදි අනේක ඥානයන්ගෙන් ආඪ්‍ය වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස! මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම යන ලෝකත්‍රයෙහි සියල්ලන් විසින් දත් සියල්ල නුඹ වහන්සේ දත් සේක. ඔවුන්ගේ සිත් ඔවුන්ගේ අදහස් ඔවුන්ගේ චරිත නුඹ වහන්සේ මැනවින් දන්නා සේක. නුඹවහන්සේ විසින් නො දත හැකි ධර්‍මයක් නැත.

දෝත නඟා වඳින්නහුට පවා නොයෙක් දෙව් මිනිස් සැප ලබා දීමට සමත් අචින්තනීය අප්‍රමේය ගුණස්කන්ධයක් ඇති මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස! නුඹ වහන්සේ පිළිසරණ කරගන්නට ලැබූ මම ද පිනා ගියෙමි.

අසරණ සරණ වූ භාග්‍යවතුන් වහන්ස! මම දිවි හිමි කොට නුඹ වහන්සේ සරණයෙමි. මම නුඹ වහන්සේගේ ශ්‍රාවක වෙමි. නුඹ වහන්සේ වදාළ ධර්ම රත්නනය ද සරණයෙමි. නුඹ වහන්සේගේ ඖරස පුත්‍ර‍ ආර්‍ය්‍ය සංඝරත්නය ද සරණ යෙමි.

දෙවි බඹුන් විසිනුදු බැතියෙන් නමදින නුඹ වහන්සේගේ පාද පද්මය බැතියෙන් වඳිමි. දෙවනුව ද වඳිමි. තෙවනුව ද වඳිමි. නුඹ වහන්සේ වදාළ ධර්ම රත්නයට ද වඳිමි. දෙවනුව ද වඳිමි. තෙවනුව ද වඳිමි. නුඹ වහන්සේගේ ඖරසපුත්‍ර‍ මහා සංඝ රත්නයට ද වඳිමි. දෙවනුව ද වඳිමි. තෙවනුව ද වඳිමි.

මෙසේ තෙරුවන් වැඳ චෛත්‍යයක් ඇතිනම් එහි යන්න.

චෛත්‍ය වන්දනාව

චෛත්‍ය වන්දනාවට යන පින්වතා විසින් මළුවට පිවිසෙන තැනදී සිටගෙන දොහොත් නඟා වැඳ චෛත්‍ය සමීපයට ගොස් පසඟ පිහිටුවා තුන්වරක් වැඳ නැඟිට චෛත්‍ය දෙසට දොහොත් නඟා වැඳගෙන පිදීමට මල් ඇති නම් මල් අතට ගෙන කුඩා චෛත්‍යයක නම් තුන් වටයක් ද මහා චෛත්‍යයක නම් එක් වටයක් ද ගොස් මලසුනෙහි මල් තබා නැවත ද පසඟ පිහිටුවා වැඳ මේ ගාථාව කියා මල් පුදන්න.

චෛත්‍යයට මල් පිදීම

අනන්තගුණ වණ්ණස්ස - සුද්ධසීලසුගන්ධිනෝ,

චේතියං ලෝකනාථස්ස - පුප්ඵෙනේතෙන පූජයේ

අනන්ත ගුණ නමැති වර්ණ ඇත්තා වූ ශුද්‍ධ වූ ශීල සුගන්ධය ඇත්තා වූ ලෝකනාථයන් වහන්සේගේ චෛත්‍යයට මේ මල් පූජා වේවා.

චෛත්‍ය වන්දනාව

සබ්බ පාප විසුද්ධස්ස - අනන්ත ගුණ ධාරිනෝ,

නමාමි ලෝකනාථස්ස - සාදරං ධාතුචේතියං.

සකල පාපමලයෙන් පවිත්‍ර‍ වූ අනන්ත ගුණ දරන්නා වූ ලෝකනාථයන් වහන්සේගේ ධාතු චෛත්‍යය ආදරයෙන් වඳිමි.

බෝධි වන්දනාව

චෛත්‍යය වැඳ බෝධීන් වහන්සේ වෙත යා යුතු ය. එහි ගොස් පසඟ පිහිටුවා වැඳ ප්‍ර‍දක්ෂිණා කොට අසුනෙහි මල් තබා මේ ගාථාව කියා පූජා කරන්න.

බෝධීන්වහන්සේට මල් පිදීම

සේවිතං ධම්මරාජෙන - පත්තුං සම්බෝධි මුත්තමං

පූජේමි බෝධිරාජානං - පුප්ඵෙනෙතෙන සාදරං.

ධර්මරාජයන් වූ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ විසින් සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වූ බෝධිරාජයන් වහන්සේට මේ මල් ආදරයෙන් පූජා කරමි. පූජා වේවා.

බෝධි වන්දනාව

සේවිතං ධම්මරාජේන - නර දේවේහි පූජිතං,

වන්දාමි බෝධිරාජානං - නිබ්බාන සුඛ දායකං.

ධර්මරාජයන් වහන්සේ විසින් සේවනය කරන ලද්දා වූ බොහෝ දෙවි මිනිසුන් විසින් පුදනු ලබන්නා වූ වඳින පුදන ජනයාට නිවන් සුවය ගෙන දෙන්නා වූ බෝධිරාජයන් වහන්සේ වඳිමි.

පැරණි බෝධි වන්දනා ගාථා

යස්ස මූලේ නිසින්නෝව - සබ්බාරිවිජයං අකා,

පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා - වන්දේ තං බෝධිපාදපං.

.

ඉන්දනීල වණ්ණ පත්ත සේත ඛන්ධ භාසුරං,

සත්ථු නෙත්ත පංකජාහි පූජිතග්ග සාදතං,

අග්ග බෝධි නාම වාම දේවරුක්ඛ වණ්ණිතං,

තං විසාල බෝධිපාදපං නමාමි සබ්බදා.

මෙසේ බෝධි වන්දනා කොට මෙතෙක් රැස් කළ සියළු පින් ලෝසසුන් රක්නා දෙවියන්ට හා මියගිය ඥාතීන්ට ද සකල සත්ත්වයන්ට ද අනුමෝදන් කරවනු.

පින් දීම

දෙවියන්ට පින් දීම

කතං අම්හේහිමං පුඤ්ඤං - සබ්බසම්පත්ති සාධකං

සබ්බේ දේවාඅනුමෝදන්තු - අම්හේ රක්ඛන්තු සබ්බදා.

තේරුම :-

අප විසින් කරන ලද්දා වූ සකල සම්පත්තීන් සිදු කර දෙන්නා වූ මේ පින් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සැම කල්හි අප ආරක්ෂා කරත්වා.

මියගිය නෑයන්ට පින් දීම

කතං අම්හේහිමං පුඤ්ඤං - සබ්බසම්පත්ති සාධකං

ඤාතයෝ අනුමෝදන්තු - පරලෝක මිතො ගතා.

තේරුම:-

අප විසින් කරන ලද්දා වූ සියලු සම්පත් ලබා දෙන්නා වූ මේ පින් මෙලොවින් පරලොවට ගියා වූ අපගේ නෑයෝ අනුමෝදන් වෙත්වා.

සියළු සත්ත්වයන්ට පින් දීම

කතං අම්හේහිමං පුඤ්ඤං - සබ්බසම්පත්ති සාධකං

සබ්බේ සත්තා අනුමෝදන්තු - සුඛිතා හොන්තු තෙ සදා.

තේරුම :-

අප විසින් කරන ලද සියලු සම්පත් ලබා දෙන මේ පින් සකල සත්ත්වයෝ අනුමෝදන් වෙත්වා. ඒ සියල්ලෝ සැම කල්හි සුවපත් වෙත්වා.

ප්‍රාර්ථනා ගාථා

ඉමිනා පුඤ්ඤ කම්මේන - සුඛාය පටිපත්තියා

පාපුණෙය්‍යාමි නිබ්බානං - අජරං අමරං වරං.

තේරුම:-

මම මේ පිනෙන් පහසු වූ ප්‍ර‍තිපත්තියෙන් ජරා මරණ නැති උතුම් නිවනට පැමිණෙම්වා.

1. ඉමිනා පුඤ්ඤ කම්මේන - යාව පප්පෝමි නිබ්බුතිං

තාව සබ්බ භවේස්වාහං - පඤ්ඤවා සීලවා භවේ.

.

2. මහද්ධනෝ මහායසෝ - අප්පලොභෝ අමච්ඡරී

සදා දානේ රතෝ සද්ධෝ - සණ්හවාවෝ භවාමහං

.

3. මෙත්ත චිත්තෝ කාරුණිකෝ - සදා පරහිතේ රතෝ

ගුණඤ්ඤු ගුණවන්තානං - තේසං සක්කාරකෝ භවේ.

.

4. මහබ්බලෝ නිරාතංකෝ - දක්ඛෝ සබ්බත්ථ සාධනේ,

සුමිත්තෝ චිරජීවී ච - භවෙය්‍යං ධම්මිකෝ සදා

තේරුම:-

1. මම යම්තාක් මේ පිනෙන් නිවනට පැමිණෙම් ද එතෙක් සකල භවයන්හි නුවණැත්තේ ද සිල් ඇත්තේ වෙම්වා.

2. බොහෝ ධන ඇත්තේ ද ලෝභ නැත්තේ ද මසුරුකම් නැත්තේ ද සැම කල්හි දීමෙහි කැමැත්ත ඇත්තේ ද ශ්‍රද්‍ධාව ඇත්තේ ද මෘදු කථා ඇත්තේ ද වෙම්වා.

3. මෙත් සිත් ඇත්තේ ද කරුණාව ඇත්තේ ද සැම කල්හි අනුන්ගේ යහපතෙහි යෙදෙන්නේ ද ගුණවතුන්ගේ ගුණ දන්නේ ද ඔවුනට සත්කාර කරන්නේ ද වෙම්වා.

4. බොහෝ කාය බල ඇත්තේ ද රෝග නැත්තේ ද සියල්ල සිදු කිරීමෙහි දක්ෂ වූයේ ද යහපත් මිතුරන් ඇත්තේ ද බෝකල් ජීවත්වන්නේ ද ධර්මයෙන් ජීවත් වන්නේ ද වෙම්වා.

විශේෂ පුණ්‍යානුමෝදනා

ඇතැමුන්ට විශේෂයෙන් පින් දීමට බලාපොරොත්තු වන මාපියාදි නෑයෝ ඇතහ. එසේ පින් දීමට බලාපොරොත්තු වන පින්වත්හු මේ ගාථා පාඩම් කරගෙන ඒ අයට පින් අනුමෝදන් කරත්වා.

මිය ගිය මෑණියන්ට පින්දීම

කතං අම්හේහිමං පුඤ්ඤං - සබ්බසම්පත්ති සාධකං

මාතා මේ අනුමෝදතු - පරලෝක මිතෝ ගතා.

මියගිය පියාණන්ට පින් දීම

කතං අම්හේහිමං පුඤ්ඤං - සබ්බසම්පත්ති සාධකං

පිතා මේ අනුමෝදතු - පරලෝක මිතෝ ගතෝ.

සහෝදරයාට

කතං අම්හේහිමං පුඤ්ඤං - සබ්බසම්පත්ති සාධකං

භාතා මේ අනුමෝදතු - පරලෝක මිතෝ ගතෝ.

සහෝදරියට

කතං අම්හේහිමං පුඤ්ඤං - සබ්බසම්පත්ති සාධකං

භගිණි මේ අනුමෝදතු - පරලෝකමිතෝ ගතා.

පුත්‍ර‍යාට

කතං අම්හේහිමං පුඤ්ඤං - සබ්බසම්පත්ති සාධකං

පුත්තෝ මේ අනුමෝදතු - පරලෝක මිතෝ ගතෝ.

දුවට

කතං අම්හේහිමං පුඤ්ඤං - සබ්බසම්පත්ති සාධකං

ධීතා මේ අනුමෝදතු - පරලෝක මිතෝ ගතා.

සැමියාට

කතං අම්හේහිමං පුඤ්ඤං - සබ්බසම්පත්ති සාධකං

භත්තා මේ අනුමෝදතු - පරලෝකමිතෝ ගතෝ.

භාර්යාවට

කතං අම්හේහිමං පුඤ්ඤං - සබ්බසම්පත්ති සාධකං,

ඡායා මේ අනුමෝදතු - පරලෝක මිතෝ ගතා.

ගුරුවරයාට

කතං අම්හේහිමං පුඤ්ඤං - සබ්බසම්පත්ති සාධකං,

ගරු මේ අනුමෝදතු - පරලෝක මිතො ගතො.

උදයේ 7 ට

වන්දනා පූජා අවසන් කොට උදේ 7ට පමණ ආහාර ගත යුතුය. දවල් වී 7 ට පමණ සිල් සමාදන් වන්නවුන් විසින් ආහාර වළඳා පසුව වන්දනා පූජා කළ යුතු ය. දවල් වී ආහාර ගැන්ම ශරීරයට අහිත ය. ආහාරය නිසා බොහෝ කෙලෙස් ඇති වේ. සිල් ගත් දිනයේ දී ආහාරය සම්බන්ධයෙන් ඇති විය හැකි තෘෂ්ණා මානාදි ක්ලේශයන් ඇති නොවන සැටියට ආහාර වැළඳීම කරන්නට පුරුදු කරගත යුතු ය.

ආහාර වැළඳිය යුතු ආකාරය

ඔබට සිල් ගත් දිනයේ දී සමහරවිට සැදැහැවතුන්ගෙන් දානය ලැබෙන්නට පිළිවන. ඒ දානය සමහර විට ප්‍ර‍ණීත එකක් වන්නට පිළිවන. ප්‍ර‍ණීත භෝජනයක් ලද හොත් ලෝභය ඇති විය හැකිය. කටුක නීරස භෝජනයක් ලද කල්හි කෝපය ඇති විය හැකි ය. ඔබ මේ පොහොය දිනයේ දී ලද ප්‍ර‍ණීත භෝජනය ගැන ලෝභය නූපදවා නොමනා බොජුන් ගැන කෝප නොවී මැදහත්ව නුවණින් ඒ ආහාරය වැළඳිය යුතු ය.

ඔබට පිළිගන්වන දානය අතට ගෙන “දානය දුන් පින්වතා නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, මේ ආහාරගෙන් මාගේ සාගින්න නිවෙන්නාක් මෙන් මේ දානය දුන් පින්වතාගේ සියලු දුක්ගිනි නිවේවා” යි මෙත් වඩා: “මා මේ ආහාරය වළඳන්නේ රස විඳීමට හෝ ඇඟ තර කර ගැනීමට හෝ ඇඟ පැහැපත් කර ගැනීමට හෝ නොවේ ය. මා මෙය වළඳන්නේ සාගින්න නිවා ගැනීම පිණිස ය. ශරීරය හා ජීවිතය පවත්වා ගැනීම පිණිස ය, ප්‍ර‍තිපත්ති පිරිය හැකිවීම පිණිස ය”යි ද සිතා ආහාරය වළඳන්න.

ආහාර ප්‍ර‍තික්කූල සංඥා භාවනාව

ශමථ කර්මස්ථාන සතළිසක් ඇත්තේ ය. ඉන් එකක් ආහාරය පිළිබඳ කමටහනෙකි. ඒ කමටහන සිහි කරමින් ආහාර ගැනීම පුරුදු කරගත හොත් ඉතා හොඳ ය. එය කාමරාග සංයෝජනය සිඳ අනාගාමි ඵලයට පැමිණ බ්‍ර‍හ්ම ලෝකයට යාමට උපකාර වන කර්මස්ථානයකි. ඒ භාවනාව නම් ආහාරයෙහි ඇති පිළිකුල් බව නැවත නැවත සිහි කිරීම ය. ප්‍ර‍තික්කූල සංඥාවෙන් ආහාර වළඳන්නේ මෙසේය.

ආහාර බඳුන ගෙන මෙසේ සිතනු:- ඉතා ශුද්ධ වස්තුවක් ලෙස මනා වර්ණයෙන් හා සුවඳින් යුක්ත වන දුටුවන්ට අනුභව කරන්නට සිතෙන මේ ආහාරය මා විසින් අත දමා ඇනූ කල්හි කලින් පැවති ලස්සන නැති වී කැත වන්නේ ය. බල්ලකුට කපුටකුට මිස අනිකකුට නොදිය හැකි තත්ත්වයට පැමිණෙන්නේ ය. හැනීමෙන් පිළිකුල් බවට පත් වූ ඒ ආහාරය කටට ගෙන දිවෙන් පෙරළ පෙරළා සැපූ කල්හි සුණු වී කෙළ සෙම් හා මිශ්‍ර‍වී බලු වමනයක් සේ පිළිකුල් බවට පැමිණෙන්නේ ය. එය කටින් පිටතට දැමුව හොත් පිළිකුල නිසා සමීපයේ සිටියෝ පලා යන්නාහ. මුව තුළ දී අධික අපවිත්‍ර‍ භාවයකට පැමිණි ඒ ආහාරය ගලනාළය දිගේ ගොස් ආමාශයට පත් කල්හි කිසි කලෙක පිරිසිදු නොකළ වැසිකිළි වළක් බඳු වූ ආමාශයේ සෙම් පිත් හා මිශ්‍රවෙමින් පෙණ දම දමා පැසී වඩාත් පිළිකුල් බවට පැමිණෙන්නේ ය. එහි දී ආහාරයේ පැහැය වෙනස් වී දුර්ගන්ධ භාවයට පැමිණෙන්නේ ය. වඩාත් පිළිකුල් බවට පැමිණියා වූ ඒ ආහාරය ක්‍ර‍මයෙන් වඩ වඩාත් පිළිකුල් බවට පැමිණෙමින් පණුවන් ද සමග අධෝ මාර්ගය කරා ගමන් කරන්නේ ය. පරම අපවිත්‍ර‍ භාවයට ප්‍ර‍තික්කූල භාවයට පැමිණියා වූ ඒ ආහාර ජනයාට පෙනෙන තැනක බැහැර කළ නො හැකි වන්නේ ය. බැහැර කිරීමට ජන ශූන්‍යස්ථානයකට යන්නට සිදු වන්නේ ය. මේ ආහාරයේ ස්වභාවය ය.

මේ ගාථා ද භාවනා වශයෙන් සිහි කිරීම, සජ්ඣායනා කිරීම මැනවි.

1. අන්නං පානං ඛාදනීයං - භෝජනං ච මහාරහං,

ඒකද්වාරේන පවිසිත්වා - නවද්වාරේහි සන්දති.

.

2. අන්නං පානං ඛාදනීයං - භෝජනං ච මහාරහං,

භුඤ්ජති සපරිවාරො - නික්ඛාමෙන්තෝ නිලීයති.

.

3. අන්නං පානං ඛාදනීයං - භෝජනං ච මහාරහං,

භුඤ්ජති අභිනන්දන්තෝ - නික්ඛාමෙන්තෝ ජිගුච්ඡති.

.

4. අන්නං පානං ඛාදනීයං - භෝජනං ච මහාරහං,

ඒකරත්ති පරිවාසා - සබ්බං භවති පූතිකං.

තේරුම:-

1. බත් ද පැන් ද කැවිලි ද වටිනා බොජුන් ද යන මේවා එක් දොරකින් ශරීරයට ඇතුළුව නව දොරකින් වැගිරෙන්නේ ය.

2. බත් ද පැන් ද කැවිලි ද වටිනා බොජුන් පිරිවර ද සහිතව හිඳ අනුභව කරන්නේ ය. පිටකරන කල්හි සැඟවෙන්නේ ය.

3. බත් ද පැන් ද කැවිලි ද වටිනා බොජුන් ද ප්‍රීතියෙන් අනුභව කරන්නේ ය. කයින් බැහැර කරන කල්හි පිළිකුල් කරන්නේ ය.

4. බත් ද පැන් ද කැවිලි ද වටිනා බොජුන් ද එක් රාත්‍රියකින් සම්පූර්ණයෙන් කුණු වන්නේ ය.

ආහාරයේ තතු සලකා බැලීම සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේ ය.

කබලිංකාරේ භික්ඛවේ, ආහාරේ පරිඤ්ඤතේ පඤ්චකාම ගුණිකෝ රාගෝ පරිඤ්ඤාතෝ හෝති. පඤ්ඤකාම ගුණිකේ රාගේ පරිඤ්ඤාතේ නත්ථි තං සංයෝජනං. යෙන සංයෝජනෙන සංයුත්තෝ අරියසාවකෝ පන ඉමං ලෝකං ආගච්ඡෙය්‍ය.

තේරුම:-

“මහණෙනි, කබලිංකාර ආහාරය පිරිසිඳ දැනගත් කල්හි පඤ්චකාමයන් පිළිබඳ වූ රාගය ද පිරිසිඳ දැන ගත්තේ වන්නේ ය. පඤ්චකාමය පිළිබඳ රාගය පිරිසිද දැනගත් කල්හි යම් සංයෝජනයක් නිසා ආර්යශ්‍රාවකයා කාමලෝකයේ උපදී ද ඒ සංයෝජනය ඔහුට නැත්තේ ය. ඔහු නැවත කාමලෝකයේ නූපදින්නේ ය.

ශීලය ආවර්ජනා කිරීම

උදයේ ආහාර වැළඳීමෙන් පසු තමා සමාදන් වී සිටින ශීලයේ සිකපද එකින් එකට සිහි කොට ප්‍රීතිය ඇති කර ගත යුතු ය. එය කිරීමට අසමත් අය පොත බලා ගෙන කරනු. සිල් සමාදන් වූ පිරිසක් ඇති නම් ශබ්ද නඟා පොත කියවිය හැකි කෙනකු ලවා කියවා ගත යුතු ය. සිකපද ආවර්ජනය කරන්නේ මෙසේ ය.

1. රහතන් වහන්සේලා දිවිහිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකී සකල සත්ත්වයන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් වාසය කරන්නා හ. මම ද අද ප්‍රාණඝාතයෙන් වැළකී, සකල සත්ත්වයන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

2. රහතන් වහන්සේලා දිවිහිමියෙන් සොරකමින් වැළකී ඇද නැති පිරිසිදු සිතින් වාසය කරන්නාහ. මම ද අද සොරකමින් වැළකී ඇද නැති පිරිසිදු සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

3. රහතන් වහන්සේලා දිවිහිමියෙන් ස්ත්‍රී පුරුෂයන් ගේ ලාමක හැසිරීමෙන් වැළකී පිරිසිදුව වාසය කරන්නාහ. මම ද අද ස්ත්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වැළකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

4. රහතන් වහන්සේලා බොරු කීමෙන් වැළකී සෑම තැනදීම සත්‍ය ම පාවිච්චි කරමින් අවංකව වාසය කරන්නාහ. මම ද අද බොරු කීමෙන් වැළකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

5. රහතන් වහන්සේලා දිවිහිමියෙන් සුරා පානයෙන් වැළකී වාසය කරන්නාහ. මම ද අද මදයට හා ප්‍ර‍මාදයට හේතු වන සුරාමේරය පානයෙන් වැළකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

6. රහතන් වහන්සේලා දිවිහිමියෙන් නොකල්හි ආහාර වැළඳීමෙන් වැළකී වාසය කරන්නාහ. මම ද අද නොකල්හි ආහාර වැළඳීමෙන් වැළකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

7. රහතන් වහන්සේලා දිවි හිමියෙන් නැටුම් ගැයුම් වැයුම් කිරීමෙන් හා කරවීමෙන් ද බැලීමෙන් හා ඇසීමෙන් ද, කෙලෙස් වැඩීමට හේතු වන විසුළු බැලීමෙන් ද, මල් පැළඳීමෙන් ද සුවඳ වර්ගවලින් හා විලවුන් වලින් ශරීරය සුවඳ කිරීමෙන් හා පැහැපත් කිරීමෙන් ද, අඩුතැන් පුරවා ඔප මට්ටම් කිරීමෙන් ද වැළකී වාසය කරන්නාහ. මම ද අද නැටුම් ගැයුම් වැයුම් කිරීමෙන් හා කරවීමෙන් ද බැලීමෙන් හා ඇසීමෙන් ද කෙලෙස් වැඩීමට හේතු වන විසුළු බැලීමෙන් ද, මල් පැළඳීමෙන් ද, සුවඳ වර්ගවලින් හා විලවුන් වලින් ශරීරය සුවඳ කිරීමෙන් හා පැහැපත් කිරීමෙන් ද, අඩු තැන් පුරවා ඔපමට්ටම් කිරීමෙන් ද වැළකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

8. රහතන් වහන්සේලා දිවිහිමියෙන් කාමභෝගීන් පරිභෝග කරන උසසුන් මහසුන්, පරිභෝගයෙන් වැළකී වාසය කරන්නාහා. මම ද අද කාමභෝගීන් පරිභෝග කරන උසසුන් මහසුන් පරිභෝගයෙන් වැළකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

නවාංගශීලය ආවර්ජනය කිරීම

නවාංග ශීලය සමාදන් වූවන් විසින් ඉහත දැක්වූ පරිදි සිකපද අට ආවර්ජනය කොට නවවන සිකපදය මෙසේ ආවර්ජනය කළ යුතු ය.

9. රහතන් වහන්සේලා දිවි හිමියෙන් ඊර්ෂ්‍යා ක්‍රෝධවලින් තොරව සකල සත්ත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් වාසය කරන්නාහ. මම ද අද ඊර්ෂ්‍යා ක්‍රෝධවලින් තොරව සකල සත්ත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

දශ ශීලය ආවර්ජනය කිරීම

දස සිල් සමාදන් වන්නවුන් විසින් අෂ්ටාංග ශීලයට කී පරිදි සිකපද ආවර්ජනය කොට දසවන සිකපදය මෙසේ ආවර්ජනය කළ යුතු ය.

10. රහතන් වහන්සේලා දිවි හිමියෙන් රන්රිදී මිල මුදල් පිළිගැනීමෙන් වැළකී වාසය කරන්නාහ. මම ද අද රන් රිදී මිල මුදල් පිළිගැනීමෙන් වැළකී රහතන් වහන්සේලා අනුව වාසය කරමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

උදය කාලයේ 8 සිට 10.30 දක්වා

භාවනා කිරීම, බණ ඇසීම, බණ පොත් කියවීම, ධර්ම සාකච්ඡා කිරීම යන මේ කටයුතුවල අවකාශ ඇති පරිදි යෙදෙනු. 9 ටත් 10 ටත් අතර බීමට දෙයක් ලද හොත් වළඳනු.

බුද්ධානුස්මෘති භාවනාව

උපාසක පිරිසට භාවනාවට සූදානම් වීම පිණිස සීනුවක් නාද කරවත හොත් යහපති. භාවනා කිරීමේ කාලය පැමිණි කල්හි සැමදෙනම පෙළ සෑදී එක්කෙනකු අනිකකු ගේ ඇඟේ නො හැපෙන ලෙස සතරඟුලක් පමණවත් ඉඩ තබා: උපාසකවරුන් විසින් බද්ධ පර්යංකයෙන් ද, උපාසිකාවන් විසින් අර්ධ පර්යංකයෙන් ද වාඩිවිය යුතු ය. උපාසිකාවන් බද්ධ පර්යංකයෙන් වාඩි වීම අශෝභන ය.

භාවනාවේ පූර්වකෘත්‍ය

වාඩිවීමෙන් පසු දෙ අත එක් කොට හිස මත හෝ නලළෙහි හෝ තබාගෙන තෙරුවන් වැඳීම් ආදිය සඳහා සැම දෙනාම එකට මෙසේ කියනු. සැම දෙනාම කීමට අසමත් නම් කෙනකු ලවා කියවා ගත යුතු ය.

ඉතිපි සෝ භගවා අරහං, සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදු, අනුත්තරො පුරිසධම්ම සාරථි, සත්ථා දේවමනුස්සානං, බුද්ධෝ, භගවාති. ඉමේහි නවහි ගුණේහි සමන්නාගතං සම්මා සම්බුද්ධං සරණං ගච්ඡාමි. සම්මාසම්බුද්ධං සිරසා නමාමි.

ස්වාක්ඛාතෝ භගවතා ධම්මො, සන්දිට්ඨිකෝ, අකාලිකෝ එහිපස්සිකෝ, ඕපනයිකෝ, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති. ඉමේහි ඡහිගුණේහි සමන්නාගතං ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සිරසා නමාමි.

සුපටිපන්නො භගවතෝ සාවකසංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, ඤායපටිපන්නෝ භගවතො සාවකසංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතො සාවකසංඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිස පුග්ගලා ඒස භගවතො සාවකසංඝෝ, ආහුණෙය්යෝ පාහුණෙය්යෝ දක්ඛිණෙය්යෝ, අඤ්ජලිකරණීයෝ, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. ඉමේහි නවහි ගුණේහි සමන්නාගතං සංඝං සරණං ගච්ඡාමි. සංඝං සිරසා නමාමි.

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස! මාගේ අනුවණකමින් මාගේ දුබලකමින් මාගේ කායදිද්වාරත්‍රයෙන් නුඹ වහන්සේට සිදුවී ඇති වරදක් වේ නම් අසරණ වූ මා හට සමාවන සේක්වා.

මාගේ අනුවණ කමින් මාගේ දුබලකමින් ධර්මරත්නයට හා සංඝරත්නයට වරද සිදුවී ඇති නම් ධර්මරත්නය හා සංඝරත්නය ද මා හට සමාවන සේක්වා.

මාගේ අනුවණකමින් මාගේ දුබලකමින් ආර්‍ය්‍යයන් වහන්සේලාට වරදක් සිදුවී ඇති නම් සියලු ආර්‍ය්‍යයන් වහන්සේලා මා ට සමාවන සේක්වා.

මහාකාරුණික වූ භාග්‍යවතුන් වහන්ස, මාගේ හෘදය නුඹ වහන්සේට ගඳකිලියක් කොට පූජා කරමි. එහි වැඩවෙසෙමින් මා හට නිවන්මඟ දක්වන සේක්වා.

බුද්ධානුභාවයෙන් ධර්‍මානුභාවයෙන් සංඝානුභාවයෙන් මා විසින් කර ඇති කුශලානුභාවයෙන් මාගේ සිත සමාධි වේවා. මා කෙරෙන් නීවරණයෝ දුරුවෙත්වා!

මාගේ ආරක්ෂක දේවතාවෝ ද ලෝකපාලක දේවතාවෝ ද වෛර නැත්තෝ වෙත්වා. නිදුක් වෙත්වා. සුවපත් වෙත්වා!

මාගේ මාපිය ගුරුවරයෝ ද උපකාරකයෝ ද වෛර නැත්තෝ වෙත්වා. නිදුක් වෙත්වා. සුවපත් වෙත්වා.

සකල සත්ත්වයෝ ම වෛර නැත්තෝ වෙත්වා. නිදුක් වෙත්වා. සුවපත් වෙත්වා.

මෙසේ භාවනාවේ පූර්වකෘත්‍යය කොට නිමවා දෙ අත් පහත දමා උකුල මත තබා “මම බුද්ධාදි මහෝත්තමයන් ගිය මඟ යෙමිය නිවන් මඟ යෙමිය” යි සිත්හි ප්‍රීතිය ඇති කර ගෙන ඇස් වසාගෙන බුදුරජාණන් වහන්සේ තමා ඉදිරියේ අහසේ හෝ අසුනක හේ වැඩ සිටින ආකාරයෙන් සිතා බුදුරුව හොඳින් සිතට ගෙන මෙසේ භාවනා කරන්න.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අර්හත් මාර්ග ඥානයෙන් සකල ක්ලේශයන් නසා කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් ද, කෙලෙස් සතුරන් නැසූ හෙයින් ද අර්හත් මාර්ගඥානයෙන් සංසාරචක්‍රයාගේ අර සිඳ ලූ හෙයින් ද දෙවියන් සහිත ලෝකයා විසින් පිරිනමන ප්‍ර‍ත්‍යයන් පිළිගැනීමට සුදුසු හෙයින් ද අරහං නම් වූ සේක.”

මේ වාක්‍යයෙන් දැක්වෙන්නේ බුද්ධ ගුණ නවයෙන් පළමුවැන්න වූ “අරහං” ගුණය ය. මෙය විස්තර වශයෙන් තේරුම් ගැනීමට ද උත්සාහ කරන්න. භාවනා කිරීමේදී ප්‍ර‍සාදය වැඩෙන්නේ බුද්ධ ගුණාරම්මණයෙහි සිත සමාධි වන්නේ තමා සිහි කරන ගුණය ගැන තේරුම් තුබූ තරමට ය. බුදුගුණ විස්තර වශයෙන් තේරුම් ගැනීමට “සූවිසි මහගුණය” නමැති පොත කියැවීම ප්‍රයෝජන ය. බුද්ධ ගුණ නවයම භාවනා කිරීම හොඳ ය. එහෙත් එය අපහසු බැවින් මෙහි අරහං ගුණ භාවනාව පමණක් දක්වන ලදි. මේ භාවනාව පාලි වචනවලින් කරතහොත් “ඉතිපිසෝ භගවා අරහං” කියා භාවනා කරනු. එසේ කිරීම එතරම් සාර්ථක නොවිය හැකි ය. භාවනාව පටන් ගැනීමේ දී “ම මෙපමණ වේලාවක් භාවනා කරමි” යි කාලය නියම කරගෙන භාවනා කරනු. එක් වරකට අඩු ගණනේ පැය භාගයක්වත් භාවනා කළ යුතු ය. දවසේ භාවනා කරන සැම වාරයේ දී පූර්වකෘත්‍යය නො කළාට වරද නැත. පළමු වාරයේ දී පූර්වකෘත්‍යය කොට පසුව භාවනාව පමණක් කරනු. යන එනවිට ද මේ භාවනාව කළ හැකි ය.

බුද්ධානුස්මෘති භාවනාවේ අනුසස්

බුද්ධානුස්මෘති භාවනාවේ අනුසස් බොහෝ ය. කලක් කළ හොත් එහි අනුසස් තමාට ම දැකිය හැකි වනු ඇත. බුදුගුණ නිතර මෙනෙහි කිරීම බුදු රදුන් හා වාසය කිරීමක් වැනිය. බුදු ගුණ සිහි කරන කල්හි සිතෙහි රාගය නැගී නොසිටී. ද්වේෂය නැගී නොසිටී. මෝහය නැගී නොසිටී. ඒ නිසා බුදුරදුන් අරභයා ඔහුගේ සිත සෘජුව පවතී. නීවරණයෝ යටපත් වෙති. මේ භාවනාව කරන සමහරුන්ට බුදුරජාණන් වන්සේ පියවි ඇසින් පෙනෙන්නාක් මෙන් පෙනෙන්නට වෙයි. එයින් ඔහුට ඉමහත් ප්‍රීතියක් ලැබේ. නිතර බුදු ගුණ සිහි කරන්නා වූ පින්වතාගේ ශරීරය සර්‍වඥධාතූන් වහන්සේලා වැඩ සිටින චෛත්‍යයක් කරඬුවක් බඳු වේ. එබැවින් ඒ භාවනාව කරන සත්පුරුෂයා ගරු බුහුමන් කිරීමට සුදුසු පුද්ගලයෙක් වේ. පූජා සත්කාර ලැබෙන පුද්ගලයෙක් වේ. මේ භාවනාවෙන් ඒ ඒ පුද්ගලයන්ට උත්පත්තියෙන් හිමිවී ඇති අවාසනාවන්ත ගති ක්‍ර‍මයෙන් දුරුවේ. ග්‍ර‍හ අපල දුරු වේ. රස්සාවක් කරන්නකුට නම් එය දියුණු වේ. ඔහුගේ අදහස් ඉටු වේ.

“ඒකෝ ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ ඒකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. කතමෝ ඒකෝ ධම්මෝ? බුද්ධානුස්සති. අයං ඛො භික්ඛවේ ඒකෝධම්මෝ භාවිතො බහුලීකතෝ ඒකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති.”

මේ තථාගතයන් වහන්සේ විසින් බුද්ධානුස්මෘති භාවනාවෙහි අනුසස් දක්වා වදාළ පාඨයෙකි. එහි තේරුම මෙසේ ය:-

“මහණෙනි, එක් ධර්මයක් භාවනා කරන ලද්දේ නැවත නැවත භාවනා කරන ලද්දේ ඒකාන්තයෙන් සසරට කලකිරීම පිණිස සසරට ඇති ඇලීම නැතිවීම පිණිස දුක් නිවීම පිණිස කෙලෙස් ගිනි නිවීම පිණිස විශිෂ්ට ඥානයෙන් ලෝ තතු දැන ගැනීම පිණිස චතුස්සත්‍ය අවබෝධවීම පිණිස නිර්වාණය පිණිස පවතී. කිනම් එක් ධර්‍මයක් ද යත්? බුද්‍ධානුස්මෘතිය ය. මහණෙනි, මේ එක ධර්මය භාවනා කරන ලද්දේ නැවත නැවත භාවනා කරන ලද්දේ ඒකාන්තයෙන් සසරට කල කිරීම පිණිස සසරට ඇති ඇලීම නැති වීම පිණිස දුක්ගිනි නිවීම පිණිස කෙලෙස් ගිනි නිවීම පිණිස විශිෂ්ට ඥානයෙන් ලෝ තතු දැන ගැනීම පිණිස චතුස්සත්‍යය අවබෝධවීම පිණිස නිවන පිණිස පවතී.”

භාවෙහිබුද්ධානුස්සතිං - භාවනානමනුත්තරං

ඉමං සතිං භාවයිත්වා - පූරයිස්සසි මානසං”

(සුභූතිථෙරාපදාන)

තේරුම:-

“භාවනාවන් අතුරෙන් සියල්ලට උතුම් බුද්ධානුස් සමෘතිය භාවනා කරව. මේ භාවනාව කොට අදහස් සම්පූර්ණ කර ගනුව. මුදුන්පත් කර ගනුව.”

බුදු ගුණ නවය ම එකවර භාවනා කරනු කැමතියන් විසින් මේ වාක්‍ය නවය පාඩම් කරගෙන භාවනා කළ යුතු ය.

නවගුණ භාවනා වාක්‍යය.

1. අරහං ගුණය

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අර්හත් මාර්ග ඥානයෙන් සවාසනාසකලක්ලේශ ප්‍ර‍හාණයෙන් පරිශුද්ධ වන සේක. මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම යන ලෝකත්‍ර‍ය වාසීන් විසින් කරන පූජාසත්කාරයන් පිළිගැනීමට සුදුසු වන සේක.

2. සම්මා සම්බුද්ධ ගුණය

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීතානාගත වර්තමාන යන කාලත්‍ර‍යට අයත් වූ ද කාලයට අයත් නොවූ ද සියල්ල අනිකකුගේ උපදෙස් නැතිව තමන් වහන්සේ විසින් මැනවින් දැන සිටිය සේක.

3. විජ්ජාචරණ සම්පන්න ගුණය

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විදර්ශනාඥානාදි අෂ්ට විද්‍යාවන් ගෙන් හා ශීලාදි පඤ්චදශ චරණයන්ගෙන් ද යුක්ත වන සේක.

4. සුගත ගුණය

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අන්‍යශෘස්තෘවරයන් සේ නොමග ගමන් නො කොට ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති නියම මාර්ගයෙන් පරම සුන්දර නිර්වාණයට ගිය සේක.

5. ලෝකවිදු ගුණය

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාම-රූප-අරූප සංඛ්‍යාත ලෝකත්‍රයෙහි කිසිවක් ඉතිරි නොකර සියල්ල දැන වදාළ සේක.

6. අනුත්තර පුරිසදම්ම සාරථි ගුණය

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාතිමාන බලමාන ධනමානාදියෙන් මත්ව මුළාව නොමග යන ජනයා දමනය කිරීමට අන් සැමටම වඩා සමත් වන සේක.

7. සත්ථා දේවමනුස්සානං

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවිමිනිසුන් ගේ ශ්‍රේෂ්ඨ අනුශාසකයන් වහන්සේ වන සේක.

8. බුද්ධ ගුණය

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම ගම්භීර චතුස්සත්‍ය ධර්මය ලෝකයාහට අවබෝධ කරවන සේක.

9. භගවා

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්තඥාන අනන්තසෘද්ධි අනන්ත බලයෙන් යුක්ත වන බැවින් සකල ලෝකවාසීන් විසින් ගරු කළයුතු වන සේක.

අනුලෝම ප්‍ර‍තිලෝම භාවනාව

බුදුගුණ පාඨය අනුලෝම ප්‍ර‍තිලෝම වශයෙන් ද සජ්ඣායනා කරති. එයින් මෙලොවට බොහෝ ගුණ ඇති බව කියති. ඒ මෙසේ ය.

ඉතිපි සෝ භගවා අරහං, සම්මා සම්බුද්ධො, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතො, ලෝකවිදු, අනුත්තරෝ පුරිසධම්මසාරථි, සත්ථා දෙවමනුස්සානං, බුද්ධෝ, භගවාති.

භගවා, බුද්ධෝ, සත්ථා දේවමනුස්සානං, අනුත්තරෝ පුරිසධම්මසාරථි, ලෝකවිදූ, සුගතෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සම්මා සම්බුද්ධෝ, අරහං, සෝ භගවා ඉතිපි.

මෛත්‍රී භාවනාව

මෛත්‍රී භාවනාව ද සැමදෙනා විසින් ම කළ යුතු භාවනාවෙකි. නවාංගුපෝසථ සීලය සමාදන් වූවන් විසින් එය විශේෂයෙන් කළ යුතුය. නො කළහොත් නවාංග ශීලය සම්පූර්ණ නොවේ. මෛත්‍රිය සැමට ම තිබිය යුතු ය. මෙත් සිත් ඇත්තෝ ම මෙත් අදහස් ඇත්තෝ ම සත්පුරුෂයෝ ය. ඒවා නැත්තෝ අසත්පුරුෂයෝ ය. මෛත්‍රී භාවනාව කරන කල්හි පළමු කොට තමාට ම මෙත් වඩා ගෙන තමා ගැන ම මෙත් සිත උපදවාගෙන පසුව සෙස්සන් ගැන මෛත්‍රිය කළ යුතුය. තමාට මෛත්‍රිය කර ගැනීම භාවනාව පටන් ගැනීමේදී පමණක් කිරීම ප්‍ර‍මාණවත් ය. දිගට භාවනාව අන්‍ය සත්ත්වයන් අන්‍ය පුද්ගලයන් ගැන ම කළයුතු ය. මෛත්‍රී භාවනාව ගැන වැඩි දුරට කරුණු දැනගැනීමට බෞද්ධයාගේ අත්පොත 170 වෙනි පිටුවේ පටන් ද ශාසනාවතරණය 385 වෙනි පිටුවේ පටන් ද කියවීම ප්‍රයෝජනය. මතු දැක්වෙන වාක්‍ය පාඩම් කරගෙන මෛත්‍රී භාවනාව කරත්වා.

මෛත්‍රී භාවනා වාක්‍යය.

මම වෛර නැත්තේ වෙම්වා, අනුන්ගේ යහපත කැමැත්තේ වෙම්වා, අනුන් පහත් කොට නො සිතන්නෙක් වෙම්වා, දුක් නැතියෙක් වෙම්වා, සුවපත් වෙම්වා.

මාගේ හිතවත්හු වෛර නැත්තෝ වෙත්වා. අනුන් ගේ යහපත කැමැත්තෝ වෙත්වා, අනුන් පහත්කොට නො සිතන්නෝ වෙත්වා, දුක් නැත්තෝ වෙත්වා. සුවපත් වෙත්වා.

මාගේ සතුරෝ වෛර නැත්තෝ වෙත්වා. අනුන් ගේ යහපත කැමැත්තෝ වෙත්වා, අනුන් පහත් කොට නො සිතන්නෝ වෙත්වා, දුක් නැ්තතෝ වෙත්වා, සුවපත් වෙත්වා.

මා හා මධ්‍යස්ථයෝ වෛර නැත්තෝ වෙත්වා, අනුන්ගේ යහපත කැමැත්තෝ වෙත්වා, අනුන් පහත් කොට නො සිතන්නෝ වෙත්වා, දුක් නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා.

ප්‍රදේශ වශයෙන් මෙත් වැඩීම.

(මතු දැක්වෙන වචනවලට වෛර නැත්තෝ වෙත්වා යනාදි වාක්‍ය පස යොදා භාවනා කරත්වා)

මේ ආරාමයේ සකල සත්ත්වයෝ ................

මේ ගමේ සකල සත්ත්වයෝ .................

මේ රටේ සකල සත්ත්වයෝ ............

මේ දිවයිනේ ඔබ වෙසෙන සකල සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, අනුන්ගේ යහපත කැමැත්තෝ වෙත්වා.

දිශා වශයෙන් භාවනා කිරීම.

නැගෙනහිර දිග සකල සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, අනුන්ගේ යහපත කැමැත්තෝ වෙත්වා, අනුන් පහත් කොට නො සිතන්නෝ වෙත්වා, දුක් නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා.

දකුණු දිග සකල සත්ත්වයෝ ...................

බටහිර දිග සකල සත්ත්වයෝ ...................

උතුරු දිග සකල සත්ත්වයෝ ..................

යට සිටිනා සකල සත්ත්වයෝ .................

උඩ සිටිනා සකල සත්ත්වයෝ ................

සදිසාවේ සකල සත්ත්වයෝ ....................

මෛත්‍රී භාවනාව ගැන දත යුතු කරුණු.

මෛත්‍රී භාවනාව කිරීම සඳහා යොදා ගත හැකි වචන බොහෝ ඇත්තේ ය. නොයෙක් පොත්වල නොයෙක් ආකාරයට භාවනා වාක්‍ය ඇත්තේ ඒ නිසාය. කවර වචනයකින් කවර ආකාරයකින් මෛත්‍රී භාවනාව කළ ද වරදක් නැත. ඒ නිසා පොත්වල වෙනස් වෙනස් ආකාර වලට භාවනා වාක්‍ය තිබීම ගැන විමතියක් ඇති කර නො ගත යුතු ය. මෙහි මෛත්‍රී භාවනා වාක්‍ය යොදා ඇත්තේ ඉතා හොඳ ක්‍ර‍මයකට ය.

මේ භාවනාව කරන තැනැත්තා විසින් අවංකව අනුන්ට යහපතක් කිරීමේ අදහසින් ම භාවනා කළ යුතු ය. එබඳු අදහසක් නැතිව භාවනා වාක්‍යය කීවාට ඉන් එතරම් ප්‍රයෝජනයක් නොවේ. අවංකව තමාගේ සිත අන්‍ය පුද්ගලයන්ට යොමු කර ගෙන ඒ ඒ වාක්‍යයෙන් කියවෙන දෙය අන්‍යයාට සිදු කර දීමේ බලාපොරොත්තු-වෙන් ම භාවනා කරනු. “වෛර නැත්තෝ වෙත්වා” යන වැකියෙන් කියැවෙන කරුණු දෙකක් ඇත්තේ ය. භාවනාවට ලක්වන භාවනාවට හසුකර ගන්නා සත්ත්වයන් කෙරෙහි අන්‍යයන් ගැන වෛර ඇති නොවීම එක් කරුණෙකි. භාවනාවට හසුවන පුද්ගලයන්ට අන්‍යයන් වෛර නො කිරීම එක් කරුණෙකි. ඒ දෙකරුණ ම සලකා ගෙන ඒ දෙක ම නොවීම පිණිස භාවනා කරන්න. මෛත්‍රී භාවනාව භාවනා කරන තැනැත්තාගේ යහපත පමණක් නොව එයට හසුවන අන්‍ය සත්ත්වයන් ගේ යහපත ද සිදුවන භාවනාවෙකි. එය උසස් භාවනාවක් වන්නේ ඒ නිසා ය. භාවනා කරන කල්හි තමා කියන දෙය එයට අසුවන සත්ත්වයනටන සිදුවන පරිදිම භාවනාව කළ යුතුය. මෙහි භාවනා වාක්‍යය යොදා ඇත්තේ අනුන්ගේ යහපත ද සිදුවන්නා වූ ආකාරයට ය. එය ගැඹුරු කරුණෙකි. ඒ ගැන විස්තරය් කළහොත් මෙය කියවන බොහෝ දෙනකුන්ට තේරුම් ගත නොහී කියවීමට අප්‍රිය විය හැකි බැවින් ඒ ගැන විස්තරයක් නො කරනු ලැබේ. “ශාසනාවතරණය” නමැති පොතේ සඳහන් මෛත්‍රී භාවනා විස්තරය කියවුව හොත් ඒ ගැන දැනුමක් ලැබිය හැකිවනු ඇත.

මෙහි දක්වා ඇති මෛත්‍රී භාවනාවේ කොටස් තුනක් ඇත්තේ ය. හිතාහිත මධ්‍යස්ථ සත්ත්වයනට මෙත් වැඩීම පළමුවන කොටස ය. තමා සිටින තැන සිට ප්‍රදේශ වශයෙන් මෙත් වැඩීම දෙවන කොටස ය. දිශා වශයෙන් මෙත් වැඩීම තුන් වන කොටස ය. කොටස් තුන ම පාඩම් කරගෙන තුන් ආකාරයෙන් ම භාවනාව කළ හැකි ය. එක් කොටසක් හෝ දෙකක් පාඩම් කරගෙන භාවනා කිරීම ද සුදුසු ය.

දිශා වශයෙන් කරන භාවනාව වඩාත් හොඳය. එය සදිසාව ගැනම පිළිවෙළින් ද භාවනාව කිරීම සුදුසු ය. එක් දිශාවක සත්ත්වයනට ම බොහෝ වේලාවක් මෙත් කිරීම වඩාත් හොඳ ය. එසේ කරන තැනැත්තා භාවනාවට ලක් කර ගන්නා දිශාවට හැරී වාඩි වී සිත ඒ දිශාවට යොමු කොට ඒ දිශාවේ සත්ත්වයනට ම බොහෝ වේලාවක් මෙත් වැඩිය යුතු ය. එයින් ඒ දිශාවේ සත්ත්වයනට ගුණ ලැබේ. මෛත්‍රී භාවනාවේ ගුණය වඩා ලැබෙන්නේ ඒ දිශාවේ භාවනාව කරන්නා සමීපයේ සිටින සත්ත්වයනට ය. දුර යත් යත් ගුණය මඳ වේ.

මෛත්‍රී භාවනාවේ අනුසස්.

අංගුත්තරනිකායේ ඒකාදසක නිපාතයේ අනුස්සති වග්ගයේ සූත්‍ර‍යක මෙත්තා චේතෝ විමුත්තියේ අනුසස් එකොළොසක් වදාරා ඇත්තේ ය. ඒ අනුසස් එකොළොස මෙසේ ය.

  1. ගෙරවීම් දත් සැපීම් කෙඳිරීම් නන් දෙඩීම් ඒ මේ අත පෙරළීම්වලින් තොරව සුවසේ නින්දයාම
  2. කෙඳිරීම් ඈනුම් ඇරීම් ඇඟමැලි කැඩීම් ආදියෙන් තොරව පද්මයක් පුබුදුවන්නාක් මෙන් සැපසේ නින්දෙන් අවදිවීම.
  3. සර්පයන්ට සොරුන්ට ඇතුන්ට සතුරන්ට හසුවීම් ආදී භයානක සිහින නො පෙනීම.
  4. දකින දකින සැමට ම ප්‍රියවීම,
  5. මිනිසුන්ට පමණක් නොව දෙවියන්ට ද ප්‍රියවීම,
  6. දෙවියන් විසින් ආදරයෙන් ආරක්ෂා කරනු ලැබීම,
  7. ගින්නෙන් විෂෙන් හා ආයුධවලින් ද අනතුරු නො වීම,
  8. වහා සිත සමාධි වීම,
  9. මුහුණ පැහැපත් වී බැබලීම,
  10. නොමුළාව කාලක්‍රියා කරන්නට ලැබීම,
  11. ඒ ජාතියේ ම රහත් නූවහොත් බ්‍ර‍හ්මලෝකයේ ඉපදීම.

මෙත්තා චේතෝ විමුක්තිය යනු මෛත්‍රීධ්‍යානය ය. ඉහත කී අනුසස් ලැබෙන්නේ මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන ලබා ගත් අයට ය. සාමාන්‍ය මෛත්‍රියෙන් ඒ අනුසස් ලැබෙන්නේ ස්වල්ප වශයෙනි. මඳ වේලාවක් මෛත්‍රී භාවනාව කොට ඉහත කී අනුසස් නොලැබෙන කල්හි කියන අනුසස් මෛත්‍රියෙන් නො ලැබේ යයි වරදවා නොසිතා ගත යුතු ය.

“ඒකම්පි චේ පාණමදුට්ඨ චිත්තෝ

මෙත්තායති කුසලෝ තේන හෝති,

සබ්බේව පාණේ මනසානුකම්පං

පහූතමරියෝ පකරෝති පුඤ්ඤං”

(ඉතිවුත්තක)

තේරුම:-

ඉදින් අදුෂ්ට වූ සිතින් එක් සත්ත්වයකුට වුව ද මෙත් වඩා ද එයින් බොහෝ කුසල් ඇත්තේ වේ. සකල සත්ත්වයින්ට ම මෛත්‍රිය වඩන්නා වූ ආර්‍ය්‍ය පුද්ගල තෙමේ ඉතා මහත් පිනක් කරයි.

මෙත් වැඩිය යුතු ආකාරය

“මාතා යථා නියං පුත්තං

ආයුසා ඒක පුත්ත මනුරක්ඛෙ

ඒවම්පි සබ්බ භූතේසු

මානසං භාවයේ අපරිමාණං”

මෙත් වැඩිය යුතු ආකාරය දක්වා තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇති මේ ගාථාව සිහි කරනු. “එක් දරුවකු ඇති මව ඒ දරුවා තමාගේ ජීවිතයට දෙවෙනි නොකොට රකින්නී ද, ඒ මව තමාට ඇති එකම දරුවා කෙරෙහි යම් බඳු මෛත්‍රියක් පවත්වන්නී ද මෙත් වඩන සත් පුරුෂයා විසින් සියලු සත්ත්වයන් කෙරෙහි එබඳු මෛත්‍රියක් පැවැත්විය යුතු ය.” යනු එහි අදහස ය.

සිල් සමාදන් වූවන් විසින් නොකළ යුතු කතා

සිල් සමාදන් වූ සත්පුරුෂයන් විසින් ඒ දිනය තමා අතින් කිසිම පාපයක් සිදු නොවන ලෙස ගත කිරීමට උත්සාහ කළ යුතු ය. සිහියෙන් යුක්තවිය යුතු ය. ඇතැම්හු සිල් සමාදන් වී රාජකථාදි තිරශ්චීන කථාවල යෙදී ශීලය කිලිටි කර ගනිති. සිල්ගත් දිනයේ දී දේශපාලන කතා, මැති ඇමතිවරුන් පිළිබඳ කතා, ආවාහ විවාහ පිළිබඳ කතා, නැන්දලා ලේලිලා පිළිබඳ කතා, රැකීරක්ෂා පිළිබඳ කතා, ඉඩකඩම්වල අයිතිවාසිකම් පිළිබඳ කතා, බූදල් බෙදීම් පිළිබඳ කතා, වතු කුඹුරු පිළිබඳ කතා, රටේ සරුබව නිසරුව බව පිළිබඳ කතා, දූදරුවන් දියුණුකර ගැනීම පිළිබඳ කතා, වීරයන් පිළිබඳ කතා, නළුවන් පිළිබඳ කතා, නැටුම් ගැයුම් වැයුම් පිළිබඳ කතා, ආහාර පාන පිළිබඳ කතා, ඇඳුම් පැළඳුම් පිළිබඳ කතා, ගෙවල් පිළිබඳ කතා, යානවාහන පිළිබඳ කතා, අනුන්ගේ අඩුපාඩුකම් පිළිබඳ කතා, අනුන්ගේ වැරදි පිළිබඳ කතා යනාදි කෙලෙස් වැඩීමට හේතුවන කතාවලින් වැළකී විසිය යුතු ය.

ධර්ම සාකච්ඡාව

“කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගලමුත්තමං” යනුවෙන් සුදුසු කාලයෙහි ධර්‍ම සාකච්ඡා පැවැත්වීම උතුම් මංගලයකැයි භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇත්තේ ය. උපාසකෝපාසිකාවන් එක්රැස්වන පොහෝ දිනය ධර්ම සාකච්ඡාවට සුදුසු දිනයකි. එබැවින් ඒ දිනයෙහි සුදුසු කල් බලා ධර්ම සාකච්ඡාව පවත්වන්න. එසේ කිරීමෙන් ධර්ම දේශනාමය කුශලය සිදුකර ගත හැකිය. ධර්ම සාකච්ඡාව කළ යුත්තේ මෙසේය. ධර්මය පිළිබඳ වූ යම් කිසි කරුණක් උපාසක පිරිසෙන් අහන්න. එයට ලැබෙන පිළිතුරු හරි පිළිතුරක් නම් එය එසේ ම පිළිගන්න. ලැබෙන පිළිතුර වැරදි නම් එය වැරදිය කියා පිළිතුරු දුන් තැනැත්තාගේ සිත රිදෙන පරිදි කථා නො කරන්න. එය එසේ ම ද කියා සෙස්සන්ගෙන් අහන්න. කාහටත් ප්‍ර‍ශ්නයට නිසි පිළිතුරු දිය හැකි නොවී නම් ඒ කාරණය තමා සෙස්සන්ට කියා දෙන්න. කියා දී ඔවුන්ගේ සිත්හි ඒ කරුණ හොඳට පිහිට වන්නට නැවත නැවතත් ප්‍ර‍ශ්න කරන්න. ඔවුන්ගේ දැනුමේ වරදක් හෝ අඩුවක් ඇති නම් එය නැවත නැවතත් කියා දෙන්න. තමා නොදත් කරුණු දැන ගැනීම සඳහා ද ප්‍ර‍ශ්න කරන්න. සැක දුරුකර ගැනීම සඳහා සැක ඇති කරුණු ගැන ප්‍ර‍ශ්න කරන්න.

පොහෝ දින කාලසටහන් සියල්ලෙහි ම ධර්ම සාකච්ඡාවට කාලයක් වෙන් කර තිබෙනු දක්නා ලැබේ. එහෙත් උපාසකෝපාසිකාවෝ ධර්ම සාකච්ඡා නොකරති. එයට හේතුව බොහෝ දෙනාට සාකච්ඡාවට ඉදිරිපත් කිරීමට කරුණු නැතිකමය. සාකච්ඡාවට සුදුසු කරුණු මෙහි දක්වනු ලැබේ. ඒ කරුණු ගැන සාකච්ඡා කෙරෙත්වා. මෙහි වරහන් තුළ ඇත්තේ ඒ කරුණු බලාගත හැකි තැන් ය.

සාකච්ඡාවට ගතයුතු කරුණු.

  1. සරණශීලය යනු කුමක් ද? තෙරුවන ලෝකයාට පිහිටවන්නේ කෙසේ ද? තෙරුවන පිහිට ලබන්නේ කෙසේ ද? සරණය පිහිටන්නේ කෙසේද? එය කිලිටි වන්නේ කෙසේ ද? බිඳෙන්නේ කෙසේද?
  2. පෝය යනු කුමක්ද? මසකට පෝයදවස් කොතෙකේ ද? ඒවා ගණන් ගන්නේ කෙසේ ද? පෝය දැන ගැනීමේ ලකුණු මොනවා ද? පෝය නොවන දිනයක සිල් ගැනීම ගැන කිය යුත්තේ කුමක් ද?
  3. සර්‍වඥයන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ඉතිරි වූ ධාතූන් වහන්සේලා ගැන සාකච්ඡා කරනු. අසම්භින්න ධාතූන් වහන්සේලා කවරහු ද? කුඩා ධාතූන් වහන්සේලා කොපමණ ද? ඒවායේ ප්‍ර‍මාණ වර්ණ කෙසේද? යන කරුණු ගැන සාකච්ඡා කරනු. (පුණ්‍යෝපදේශය 92/75 පි.)
  4. ලක්දිව ඇති සර්වඥ ධාතූන් වහන්සේ ගැන හා පාරිභෝගික වස්තූන් ගැන සාකච්ඡා කරන්න. (බෞද්ධයාගේ අත්පොත 47/40)
  5. චෛත්‍ය වර්ග කොතෙක් ද? කවරහු ද? (පුණ්‍යෝපදේශය 66/57)
  6. ශ්‍රී පාද (බුදුරදුන්ගේ පියසටහන්) පිහිටවා ඇති තැන් (පුණ්‍යෝපදේශය 101/82)
  7. වැඳීමේ අනුසස් කවරේ ද? (පුණ්‍යෝපදේශය 106/85)
  8. පූජාව හා දානය ගැන සාකච්ඡා කරනු. (පු. 127/101)
  9. දේවපූජා බලිතොවිල් කිරීමෙන් කරවීමෙන් බෞද්ධයන්ගේ සරණශීලයට කුමක් වේ ද? (බෞ.අ. 35/31)
  10. බුද්ධ පූජාවට කුමක් කළ යුතුද? එය යමකු තමාගේ ප්‍රයෝජනයට ගතහොත් කුමක් වේ ද? (පු. 133/105)
  11. සඟසතු ඉඩම්වල පලතුරු කඩා ගන්නා ගිහියන්ට කුමක් වේ ද?
  12. තුන්තරා බෝධිය කවරේ ද? එක් එක් බෝධියකට පැමිණීමට පෙරුම්දම් පිරිය යුතු කාලය කොතෙක් ද? (පාරමිතා ප්‍ර‍කරණය 45/39)
  13. පාරමිතා නම් කවරේද? අප කරන සෑම පිනක්ම පාරමිතාවට අයත් වේද? (පාරමිතා ප්‍ර‍කරණය 27/25)
  14. දශපාරමිතා ගැන සාකච්ඡා කරන්න.
  15. පිනක් කළ විට ප්‍රාර්ථනාවක් කළ යුතු ද? (පුණ්‍යෝපදේශය 185/143)[1]
  16. උපාසක ප්‍රභේද ගැන සාකච්ඡා කරන්න. (බෞ.අ. 49/42)
  17. උපාසක ගුණ දශය (බෞ.අ. 52/44)
  18. භික්ෂූන් වහන්සේලා විසින් නොයා යුතු ගෙය (බෞ. අ. 46)
  19. පත්තනික්කුජ්ජන කර්මය (බෞ.අ. 56/47)
  20. මධ්‍යම ප්‍ර‍තිපදාව යනු කුමක් ද?
  21. චතුරාර්‍ය්‍ය සත්‍යය ගැන, සාකච්ඡා කරන්න.
  22. පඤ්චස්කන්ධය (චතුරාර්‍ය්‍ය සත්‍යය)
  23. ද්වාදසායතනය (අභිධර්ම මාර්ගය 305/240)
  24. නීවරණ පස (අ. මා. 277/218)
  25. සප්තාර්‍ය්‍ය ධනය (බෞ.අ. 261/205)
  26. පින් කිරීමට අනවකාශ කල් අට (බෞ. අ. 270/211)
  27. අෂ්ටලෝක ධර්මය (බෞ.අ. 271/212)
  28. ඇමදීමේ අනුසස් (පු. 171/133)
  29. කැඳ පිදීමේ අනුසස් (පු. 163/127)
  30. මෙලොව විපාක දෙන දානය (බෞ.අ. 148/117)
  31. ප්‍රාණඝාතාදියෙන් වැළකීමේ බලාපොරොත්තුව නැතිව පන්සිල් දෙන තැන්වල දී නිකම් සිකපද කීම සිල් සමාදන්වීමක් ද? සිල්වත් ගුණවත් තෙර නමක් ඉදිරියේ බොරුවට සිකපද කීමෙන් වන්නේ පිනක් ද? පවක් ද?
  32. සර්වඥ ධාතූන් හැඳින ගන්නේ කෙසේ ද?
  33. සර්වඥ ධාතුය කියා තිබෙන ධාතු නොවන දේවලට වැඳුම් පිදුම් කිරීමෙන් පිනක් වේ ද?

මේ කරුණු ගැන ද සාකච්ඡා කරන්න. (සූවිසි මහ ගුණය)

  1. චතුර් වෛශාරද්‍ය ඥානය
  2. දශබල ඥානය
  3. බුදුරජාණන් වහන්සේගේ කායබලය
  4. බුද්ධඥාන තුදුස
  5. ත්‍රිවිද්‍යාව
  6. අෂ්ටවිද්‍යාව
  7. පසළොස්චරණ ධර්ම
  8. සිවු පිළිසිඹියා හෙවත් පටිසම්භිදාඥාන
  9. ප්‍රාණඝාතයේ අංග
  10. ප්‍රාණඝාතයේ ප්‍රයෝග සය
  11. අදත්තාදානයේ අංග
  12. දුකින් මිදවීමට සතුන් මැරීම
  13. සියදිවි නසා ගැනීම
  14. පස්විසි අවහාරය
  15. විකාල භෝජනය හා ගිලන්පස
  16. නච්චගීත සිකපදය
  17. උච්චාසයන මහාසයන

ධර්ම විනිශ්චය නමැති ග්‍ර‍න්ථයෙහි ප්‍ර‍ශ්න සියයක් හා ඒවාට පිළිතුරු ද ඇත. ඒවා ද සාකච්ඡාවට සුදුසු ය.

සිල් සමාදන් වන්නට එන පින්වතුන් විසින් සාකච්ඡාවට කරුණක් දෙකක් ද සූදානම් කරගෙන ඒමට උත්සාහ කළ යුතු ය.

දවල් 10.30 සිට 11 දක්වා ආහාර පූජා පැවැත්වීම

උදය සිල් සමාදන් වීමෙන් පසු ශීලය මෙනෙහි කිරීම, භාවනා කිරීම, දහම් ඇසීම, බණපොත් කියවීම, ධර්මසාකච්ඡාව යන මේවායින් කල් ගෙවා 10-30 ට බුද්ධ පූජාව පිළියෙල කළ යුතු ය. බුද්ධ පූජාව ඉතා පිරිසිදු ලෙස පිළියෙල කළ යුතු ය. කථා කරමින් පූජාව පිළියෙළ කළ හොත් අපවිත්‍ර‍ විය හැකිය. එබැවින් කිසි කථාවක් නො කරමින් පූජාව පිළියෙල කළ යුතුය. කතා කිරීමට වුවමනා වුවහොත් ආහාර භාජනවලින් ඈත් වී කතා කළ යුතු ය. බුද්ධ පූජාව විහාරයට ගෙන යාමේ දී ද එසේ ම පිළිපැදිය යුතු ය. බුද්ධපූජාව සමහටවිට උපාසක පිරිස අතින් අතට ගෙන යති. එසේ කිරීමේ දී ආහාර භාජන හොඳින් වසා නැති නම් සාධුකාර දීම් ගාථා කීම් නො කළ යුතු ය.

“එවං අචින්තියා බුද්ධා

බුද්ධා ගුණා අචින්තියා

අචින්තියේසු පසන්නානං

විපාකෝ හෝති අචින්තියෝ.”

බුද්ධපූජා පිළියෙල කිරීමේ දී ද ගෙන යාමේදී ද පූජා කිරීමට සැරසෙන අවස්ථාවේදී ද පූජා කිරීමෙන් පසු ද මේ ගාථාව සිහි කරනු. එහි තේරුම:- “බුදුවරයෝ මෙසේ ය කියා සිතා ගත නො හැක්කෝය. බුදුවරයන්ගේ ස්වභාවය මෙසේ ය කියා සිතාගත නො හැක්කේ ය. අචින්ත්‍ය වූ බුදුවරයන් වහන්සේලා කෙරෙහි ප්‍ර‍සන්න වූ පින්වතුන්ට අචින්ත්‍ය විපාක ලැබෙන්නේය.”

වැඳීමෙහිදී ද මල් පහන්පූජා කිරීමෙහිදී ද විහාර චෛත්‍ය බෝධීන්හි වත් පිළිවෙත් කිරීමෙහි දී ද මේ ගාථාව සිහිකරන්න. ගාථාව කියමින් හෝ ඒවා කරන්න. මේ මහානුභාව සම්පන්න ගාථාවකි. සකලාර්ථ සිද්ධියට ම උපයෝගී කර ගත හැකි ගාථාවෙකි. බුරුමයේ විශාල වැඩ කරන උසස් තනතුරු දරන ඇතැම්හු තම තමන්ගේ අභිමතාර්ථ සිද්ධිය සඳහා නොයෙක් ක්‍ර‍මවලින් මේ ගාථාව භාවිතා කරති.

ආහාර බුද්ධපූජා කිරීමේදී බත් ව්‍යඤ්ජන කැවිලි පලතුරු කිරි තැඹිලි යන ද්‍ර‍ව්‍ය රාශියම ගනිති. ඒ ඒ දේවල් වෙන වෙන ම ගාථා කියා පූජා කරන්නට යතහොත් බොහෝ කාලයක් ගතවන දීර්ඝ වැඩක් වේ. එබැවින් ආහාරවලට අයිති වන සියල්ල ආහාර වශයෙන් එක් ගාථාවකින් එකවර පූජා කිරීම පහසු ය. සුදුසු ය. පැන් හා දැහැත් ආහාරවලට අයිති නැත. පළමු කොට පැන් පූජාව කරන්න. ඉන්පසු ආහාර පූජාව කරන්න. ඉන්පසු දැහැත් පූජාව කරන්න.

පූජාව කිරීමේදී පූජා කරන්නට සූදානම් කර ඇති සියල්ල පූජාසනයේ තබා පසඟ පිහිටුවා වැඳ ඉක්බිති දණින් හිඳ දොහොත් එක්කොට වැඳ ගෙන මේ වාක්‍ය කියන්න.

ආහාර පූජාවේදී කියන වන්දනා වාක්‍යය

(ගිලන්පස පූජාවෙහිදී ද මෙය කියනු)

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පිරූ සමතිස් පාරමිතා කුසල බලයෙන් අධිගමනය කරන අර්හත්මාර්ග ඥානයෙන් සව් කෙලෙසුන් නසා සියලු පව් සෝදා හැර පවිත්‍ර‍ වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආකාශය සේ අනන්ත ගුණ ඇති සේක. මහමෙර සේ උස් වූ ගුණ ඇති සේක. මහා සාගරය සේ ගැඹුරු වූ ගුණ ඇති සේක. මහපොළොව සේ මහත් වූ ගුණ ඇති සේක. පූජා සත්කාර කරන්නා වූ සැදැහැවතුන්ගේ ප්‍රාර්ථනා මුදුන්පත් කරදීමට සමත් මහාගුණස්කන්ධයක් ඇති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ කායාදි ද්වාරත්‍රයෙන් වඳිමි.

මේ වාක්‍ය කියා පසඟ පිහිටුවා තුන්වරක් වඳිනු. ඉක්බිති පැන් පූජාවට මේ ගාථාව කියන්න.

පැන් පූජාව

“ධම්මෝදකේන සත්තානං, පාපමල විසෝධකං,

පානීයේනාහි පූජේමි, ලෝකනාථං දයාලයං.

ධර්ම නමැති ජලයෙන් සත්ත්වයන්ගේ පව් සෝදා හරින්නා වූ කරුණාවට වාසස්ථාන වූ ලෝකනාථයන් වහන්සේට මේ පැන් පූජා කරමි. පූජා වේවා.

ආහාර පූජාව

සද්ධම්මාමත දානේන, සුඛාපෙන්තං බහුජ්ජනං

මහාකාරුණිකං බුද්ධං, පූජේමි ආහාරෙනහං.

ශ්‍රී සද්ධර්මය නමැති අමෘතය ප්‍ර‍දානය කිරීමෙන් බොහෝ ජනයා සැපතට පමුණුවන්නා වූ මහාකාරුණික වූ භාග්‍යවත් බුදුරජාණන් වහ්නසේට පවිත්‍ර‍ වූ ද, ප්‍ර‍ණීත වූ ද මේ ආහාරය පූජා කරමි. පූජා වේවා.

දැහැත් පූජාව

යථාවාදී තථාකාරී, ධම්මවාදී මහායසෝ,

තාම්බූලං පතිගණ්හාතු, සත්ථා ලෝකේ අනුත්තරෝ

වෙනසක් නො කොට කියන පරිදිම කරන්නා වූ පරමගම්භීර චතුස්සත්‍ය ධර්මය ප්‍ර‍කාශ කරන්නා වූ මහත් යසස් ඇත්තා වූ ලෝකයෙහි සැමට ම උතුම් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ තාම්බූලය පිළිගෙන වදාරන සේක්වා.

දෙවියන්ට පින්දීම

කතං අම්හේහි මං පුඤ්ඤං, සබ්බසම්පත්ති සාධකං

සබ්බේ දේවා අනුමෝදන්තු අම්හෙ රක්ඛන්තු සබ්බදා

මියගිය නෑයන්ට පින්දීම

කතං අම්හේහි මං පුඤ්ඤං, සබ්බසම්පත්ති සාධකං

ඤාතයෝ අනුමෝදන්තු, පරලොකමිතො ගතා.

සියලු සත්ත්වයන්ට පින්දීම

කතං අම්හේහි මං පුඤ්ඤං, සබ්බ සම්පත්ති සාධකං

සබ්බේ සත්තා අනුමෝදන්තු, සුඛිතා හොන්තු තේ සදා.

ප්‍රාර්ථනා

ඉමිනා පුඤ්ඤ කම්මේන - සුඛාය පටිපත්තියා

පාපුණෙය්‍යාමි නිබ්බානං - අජරං අමරංවරං.

-

ඉමිනා පුඤ්ඤ කම්මේන - යාව පප්පෝමි නිබ්බුතිං,

තාව සබ්බ භවේ ස්වාහං - පඤ්ඤවා සීලවා භවේ.

-

මහද්ධනෝ මහායසෝ - අප්පලෝහෝ අමච්ඡරී

සදා දානේ රතෝ සද්ධෝ - සණ්හවාවෝ භවාමිහං

-

මෙත්ත චිත්තෝ කාරුණිකෝ-සදා පරහිතේ රතෝ

ගුණඤ්ඤු ගුණවන්තානං - තේසං සක්කාරකෝ භවේ

-

මහබ්බලෝ නිරාතංකෝ - දක්කෝ සබ්බත්ථ සාධනේ,

සුමිත්තෝ චිරජීවී ච - භවෙය්‍යං ධම්මිකෝ සදා.

දවල් දානය ගැනීම

දොළහට කලින් දවල් දානය වළඳා අවසන් කළ යුතු ය. දහම්හල්වල පිරිස් මැද හිඳ දානය ගන්නා කල්හි සෙස්සන්ට කරදර නොවන පරිදි පරෙස්සමෙන් ආහාර වැළඳීම කළ යුතු ය. සෙස්සන්ට පිළිකුල් වන පරිදි කෑරීම සොටු සීරීම නො කළ යුතු ය. තලු ගැසීම සුරු සුරු ගා ඉරීම් නො කළ යුතු ය. කලබල නැතිව බත්හුළු වළඳන තැන නො වැටෙන පරිදි පරෙස්සමෙන් වැළඳිය යුතු ය. කරපිඤ්චා කොළ මුරුන්ගා පොතු ආදි ඉවත ලන ද්‍ර‍ව්‍ය වළඳන තැන බිම දමා ස්ථානය අපවිත්‍ර‍ නො කළ යුතු ය. ඒවා වළඳන පිඟානේ කොනක හෝ එකතු කොට ඉවතලන වතුර පරෙස්සමෙන් පාවිච්චි කළ යුතු ය. ශාලාව ඇතුළ හෝ දොරකඩවල් හෝ දොරකඩවල් සමීපය හෝ වතුරෙන් අපවිත්‍ර‍ නො කරනු. ආහාර වැළඳීම කළ යුතු අයුරු මෙහි 63 වෙනි පිටුවේ කියා ඇත.

දවල් වන්දනාව

සිල් සමාදන් වූ දිනයේ තෙවරක් වන්දනා කළ යුතු ය. දවල් දානය ගැනීමෙන් පසු බුලත් සැපීම කරනවා නම් එය ද අවසන් කොට මුව සෝදා පිරිසිදු කර ගෙන විහාරයට ගොස් ආහාර පූජාව ඉවත් කර විහාරය පිරිසිදු කොට වන්දනා කළ යුතු ය. දවාලෙහි උෂ්ණය අධික බැවින් චෛත්‍යාදිය වන්දනා කිරීම අපහසු ය. එබැවින් විහාරයෙහි පමණක් වන්දනා කළ යුතු ය. දවල් වන්දනාවේදී මතු දැක්වෙන ගාථා භාවිතා කරනු.

බුදුන් වැඳීම

ඉතිපි සෝ භගවා අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදු, අනුත්තරෝ පුරිසදම්මසාරථි, සත්ථා දේවමනුස්සානං, බුද්ධෝ, භගවාති.

බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි.

යේ ද බුද්ධා අතීතා ච, යේ ච බුද්ධා අනාගතා,

පච්චුප්පන්නා ච යේ බුද්ධා, අහං වන්දාමි සබ්බදා,

නත්ථි මේ සරණං අඤ්ඤං, බුද්ධෝ මේ සරණං වරං

ඒතේන සච්චවජ්ජේන හොතු මේ ජයමංගලං,

උත්තමංගේන වන්දේහං පාදපංසු වරුත්තමං

බුද්ධේ යෝ ඛලි තෝ දෝසෝ, බුද්ධෝ ඛමතු තං මමං

ධර්මය වැඳීම

ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ, ඒහිපස්සිකෝ, ඕපනයිකෝ, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති.

ධම්මං ජීවිතපරියන්තං සරණං ගච්ඡාමි

යේ ච ධම්මා අතීතා ච, යේ ච ධම්මා අනාගතා

පච්චුප්පන්නා ච යේ ඡම්මා, අහං වන්දාමි සබ්බදා

නත්ථි මේ සරණං අඤ්ඤං, ධම්මෝ මේ සරණං වරං,

ඒතේන සච්ච වජ්ජේන, හෝතු මේ ජයමංගලං

උත්තමංගේන වන්දේහං, ධම්මං ච තිවිධං වරං

ධම්මේ යෝ ඛලිතෝ දොසෝ ධම්මෝ ඛමතු තං මමං.

සංඝයා වැඳීම

සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිස පුග්ගලා ඒස භගවතෝ සාවකසංඝො, ආහුණෙය්යෝ, පාහුණෙය්යෝ, දක්ඛිණෙය්යෝ, අඤ්ජලිකරණීයෝ, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති.

සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි.

යේ ච සංඝා අතීතා ච, යේ ච සංඝා අනාගතා

පච්චුප්පන්නා ච යේ සංඝා, අහං වන්දාමි සබ්බදා

නත්ථි මේ සරණං අඤ්ඤං, සංඝෝ මේ සරණං වරං

ඒතේන සච්ච වජ්ජේන, හෝතු මේ ජය මංගලං

උත්තමංගේන වන්දේහං සංඝඤ්ච තිවිධෝත්තමං

සංඝෙ යෝ ඛලිතෝ දොසෝ සංඝෝ ඛමතු තං මමං.

තෙරුවන් ගුණ හා පසේ බුදුවරයන් වහන්සේලාගේ ගුණ හිස පිහිටුවා ගැනීම

බුද්ධ ධම්මා ච පච්චේක, බුද්ධ සංඝා ච සාමිකා

දාසෝ හමස්මි මේතේසං ගුණං ඨාතු සිරේ සදා

තිසරණං තිලක්ඛණුපෙක්ඛං නිබ්බානමන්තිමං සුඛං

සුවන්දේ සිරසා නිච්චං ලභාමි තිවිධා මහං

තිසරණං ච සිරේ ඨාතු, සිරේ ඨාතු තිලක්ඛණං,

උපෙක්ඛා ච සිරේ ඨාතු, නිබ්බානං ඨාතු මේ සිරේ

බුද්ධේ සකරුණේ වන්දේ, ධම්මේ පච්චේක සම්බුද්ධේ

සංඝෙ ච සිරසා යේ ච, තිධා නිච්චානමාමහං.

බුදුරජාණන් වහන්සේ දවල් දානය වළඳා මඳ වේලාවක් විවේක ගැනීම සඳහා ගඳ කිළියට පිවිසෙන්නට සූදානම් වන වේලෙහි උන්වහන්සේ වඳින්නට බොහෝ ශ්‍රාවකයෝ එතැනට පැමිණෙන්නාහ. තථාගතයන් වහන්සේ ගඳකිළියේ පඩිය මත සිටගෙන ඔවුන්ගේ වන්දනාව පිළිගෙන ඔවුනට ඒ අවස්ථාවෙහිදී දිනපතා ම කරන අවවාදයක් ඇත්තේ ය. දිවා වන්දනාව කළ ඔබට ඒ අවවාදය කිරීමට තථාගතයන් වහන්සේ ජීවමානව නැති බැවින් මේ අවස්ථාවෙහි දී ඔබ විසින් ඒ අවවාදය සිහි කළ යුතු ය. එය සිහි කිරීමක් වශයෙන් ඉහත දැක්වූ ගාථා කියා අවසානයෙහි මේ බුද්ධාවවාදයත් බුදුරුවට වැඳගෙන ම සජ්ඣායනා කරන්න.

බුදුන් වහන්සේ දිනපතා දවාලෙහි කරන අවවාදය.

අප්පමාදේන භික්ඛවේ සම්පාදේථ, දුල්ලභෝ බුද්ධුප්පාදෝ ලෝකස්මිං, දුල්ලභෝ මනුස්සත්තපටිලාභෝ, දුල්ලභා ඛණ සම්පත්ති, දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභං සද්ධම්මසවණං.

ඉක්බිති මේ ගාථා ද කියා වඳින්න.

සොළොස්මස්ථානය වැඳීම

මහියංගණං නාගදීපං, කළ්‍යාණං පදලාඤ්ඡනං

දිවාගුහං දීඝවාපි චෙතියං මුතියංගණං

තිස්සමහාවිහාරඤ්ච බෝධිං මරිචවට්ටියං,

සොණ්ණමාලි මහාචේතිං ථූපාරාම භයාගිරිං

ජේතවනං සේලචේතිං, තථා කාචරගාමකං,

ඒතේ සෝළස ඨානානි අහං වන්දාමි සබ්බදා.

සියල්ල එකවර වැඳීම

වන්දාමි චේතියං සබ්බං, සබ්බඨානේසු පතිට්ඨිතං,

සාරීරික ධාතු මහාබෝධිං, බුද්ධරූපං සකලං සදා.

පින්දීම

සබ්බේ සත්තා ච භූතා ච - හිතා ච අහිතා ච මේ

අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං, පාපුණන්තු සිවං පදං,

.

භවග්ගුපාදාය අවීචි හෙට්ඨතො

එත්ථන්තරේ සත්තකායූපපන්නා

රූපී ඈරපී ච අසඤ්ඤි සඤ්ඤිනො

දුක්ඛා පමුඤ්චන්තු ඵුසන්තු නිබ්බුතිං.

.

අස්මිං විහාරඝරපබ්බත රුක්ඛ ගාමේ

සබ්බේසු දීපනගරේසු ච චක්කවාළෙ

දේවාසුරා ගරුඩ රක්ඛස නාග යක්ඛා

රක්ඛන්තු මං සකනුභාව බලේන නිච්චං

ප්‍රාර්ථනා

ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාලසමාගමෝ

සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා.

ඉමිනා පුඤ්ඤ කම්මේන, සුඛාය පටිපත්තියා

පාපුණෙය්‍යාමි නිබ්බානං අජරං අමරං වරං.

දවල් 2 සිට සවස 6 දක්වා

විවේක කාලය

දවල් වැඳීමෙන් පසු 2 දක්වා හෝ 2-30 දක්වා හෝ විවේක ගන්න. මුළු දවස ම වාඩිවීමෙන් හා සිටගෙන සිටීමෙන් ගත කිරීම අපහසු බැවින් විවේක කාලයේ හාන්සි වී හෝ වැතිරගෙන හෝ සිටින්න. එසේ සිටින කාලයේ කාමවිතර්කාදියෙන් තොරව යම්කිසි කමටහනක් මෙනෙහි කරන්න. සමහර විට එසේ සිටින ඔබට නින්ද යන්නට ද පිළිවන. නින්ද යාමෙන් ඔබේ ශීලයට හානියක් නොවනු ඇත. නින්ද ගියහොත් වේලාවට නැඟිට මුහුණ සෝදා ගෙන වැඩ පටන් ගන්න.

දවල් 2 සිට 5 දක්වා

විවේක කාලයෙන් පසු ගිලන්පස ඇති නම් වළඳා 5 වන තුරු දහම් පොත් කියවීම, දහම් ඇසීම, භාවනා කිරීම, ධර්ම සාකච්ඡා කිරීම යන මේ කටයුතුවල සුදුසු පරිදි යෙදෙන්න. දහම් පොත් කියවීම ධර්ම සාකච්ඡා කිරීම යන වැඩ දෙක එකවර ද කළ හැකිය. කියවීමට සමත් කෙනකු විසින් උපාසක පිරිසට අසා ගෙන සිටීම සඳහා දහම් පොතක් කියවන්න. ඒ අතර ඒ පොතේ කරුණු ගැන සාකච්ඡා කරන්න. සාකච්ඡා කරමින් ම දහම් පොත් කියවීම වඩා ප්‍රයෝජන ය.

5 සිට 6 දක්වා

මේ වත් පිළිවෙත් කරන කාලය ය. මේ කාලයේ දී මලසුන්වල ඇති උදේ පූජාකළ මල් ඉවත් කොට ඒවා පිරිසිදු කරන්න. විහාර ගෙය, චෛත්‍ය මළුව, බෝමළුව හැමද පිරිසිදු කරන්න. විහාරස්ථානයේ අපවිත්‍ර‍ව ඇති අනෙක් තැන් ද හැමද කසළ ඉවත් කොට පිරිසිදු කරන්න. මිදුල්වල තණ පැළවී ඇති නම් ඒවා උදුරා ඉවත් කරන්න. මේ දවසේ දී උදලු පාවිච්චි නොකිරීම වඩා හොඳ ය.

තව ද මේ කාලයේ දී සවස පූජාව සඳහා මල් පහන් සුවඳ දැහැත් ගිලන්පස පිළියෙල කරන්න. ඒවා පිළියෙල කර තබා සවස 6 ට නැවත ද සිල් සමාදන් වන්න. උදේ සමාදන් වූ ශීලය නොබිඳී නිර්මල ව ඇති නම් සවස සිල් සමාදන් නුවූව ද වරද නැත. වත් පිළිවෙත් කිරීමේ දී මේ ගාථාව සිහි කරමින් ඒවා කිරීම යහපති.

“බුද්ධෝති කිත්තයන්තස්ස

යස්ස කායේ භවති යා පීති

වරවෙ හි සා පීති

කසිනේනපි ජම්බුදීපස්ස”

“බුද්ධ යන වචනය කියන්නා වූ යමකුගේ කයෙහි යම් බුද්ධාලම්භන ප්‍රීතියක් ඇති වේ ද, ඒ ප්‍රීතිය අපමණ දෙවිමිනිස් සැප සම්පත් ලැබීමට හේතු වන ප්‍රීතියක් වන බැවින් මුළු දඹදිවට ද වඩා උතුම්ය” යනු එහි තේරුම ය.

සවස පූජාව සහ වන්දනාව

සවස සිල් සමාදන් වීමෙන් පසු සිල් දුන් ස්වාමීන් වහන්සේගෙන් යම්කිසි ධර්මාවවාදයක් ලැබෙත හොත් එය ද අසා සවස පූජාවට සූදානම් විය යුතු ය. පූජාව සඳහා පහන් සුදුසු තැන්වල කලින් දැල්විය යුතු ය. පොල්තෙල් පහන්, ඉටිපන්දම්, සුවඳ කූරු යන මේවා දැල්වීම පූජනීය ස්ථානවලට හානියක් නොවන පරිදි නුවණින් කළ යුතු ය. විහාර ගෙවල බොහෝ පහන් දැල්වීමෙන් ගෙය රත්වී ඒවායේ සායම්වලට හානි වේ. දුම් වැදීමෙන් ඒ ස්ථාන කළු වේ. මේවා ගැන සැලකිල්ලක් නොකොට පමණ ඉක්මවා පහන්, සුවඳ කූරු, කපුරු දල්වා ඇතැම්හු සිද්ධස්ථාන විනාශ කෙරෙති. සිද්ධස්ථාන විනාශ කිරීමේ පාපයට අසු නො වන පරිදි පැවැත්විය යුතු බව විශේෂයෙන් සිත තබා ගත යුතු ය.

සිල් සමාදන් වීමෙන් පසු ගිලන්පස හා මල් හිස තබා ගෙන හෝ දොහොතින් ඔසවා ගෙන හෝ ඉතා ගෞරවයෙන් විහාරයට ගෙන ගොස් පූජාසනයෙහි තබා සැම දෙනා එකතු ව පසඟ පිහිටුවා වැඳ මේ ගාථා කියා පූජා කරන්න. පොත බලගෙන හෝ පූජා කරන්න. නැතහොත් භික්ෂූන් වහන්සේ නමක් ලවා හෝ උපාසක පිරිසෙන් ම කෙනකු ලවා හෝ කියවා ගෙන පූජාව හා වන්දනාව කරන්න.

පළමුවෙන් මෙසේ පහන් පූජාව කරන්න.

“වේනෙය්‍ය හදයේ මොහං, තමොක්ඛන්ධ විනෝදකං,

දීපේනේතේන පූජේමි, පඤ්ඤා දීපධරං ජිනං.

ඉමිනා පුඤ්ඤකම්මේන, පඤ්ඤවා සීලවා සදා,

භවිත්වාන ලහේ සීඝං. ධම්මචක්ඛුං අනුත්තරං.”

වේනෙය්‍ය ජනයන්ගේ හෘදයෙහි හටගත් මෝහාන්ධකාරස්-කන්ධය දුරු කරන්නා වූ ප්‍ර‍ඥා නමැති ප්‍ර‍දීපය දරන්නා වූ පස් මරුන් දිනූ හෙයින් ජින නම් වූ භාග්‍යවතුන් වහන්සේට මේ ප්‍ර‍දීපය පූජා කරමි. පූජා වේවා.

මේ පින් කමින් සැමකල්හි නුවණැත්තේ ද සිල් ඇත්තේ ද වී අනුත්තර ධර්ම චක්ෂුස වූ අර්හත් මාර්ග ඥානය වහා ලබන්නෙම්වා.

මල් පූජාව

අනන්ත ගුණවණ්ණස්ස, සුද්ධසීල සුගන්ධිනෝ,

ලෝකනාථස්ස පූජේමි, පුප්ඵමේතං මනෝරමං,

ඉමිනා පුඤ්ඤකම්මේන, භවිත්වා සීලවා සදා,

පප්පෝමි පරමං සන්තිං, නිබ්බානං බුද්ධවණ්ණිතං

අනන්ත ගුණ නමැති වර්ණයන් ඇත්තා වූ ශුද්ධ වූ ශීල සුගන්ධය ඇත්තා වූ ලෝකනාථයන් වහන්සේට මේ මනරම් මල් පූජා කරමි. පූජා වේවා.

මේ පින්කමින් සැම කල්හි සිල් ඇත්තේ වී බුදු රජාණන් වහන්සේ විසින් වර්ණනා කළ පරම ශාන්තිය වූ නිවනට වහා පැමිණෙම්වා.

පැන් පූජාව

ධම්මෝදකේන සත්තානං, පාපමල විසෝධකං.

පානීයේනාහි පූජේමි, ලෝකනාථං දයාලයං.

ධර්ම නමැති පවිත්‍ර‍ ජලයෙන් සත්ත්වයන් ගේ පව් සෝදා හරින්නා වූ කරුණාවට වාසස්ථාන වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ පැන් පූජා කරමි. පූජා වේවා.

ගිලන්පස පූජාව

තිදෝස සමනං දේහ, බලදං ආයුවඩ්ඪනං,

ගිලානපච්චයං ඒතං පණීතං මධුරං සුචිං

මහාදයස්ස පූජේමි කිලේසාමයහාරිනෝ,

පුඤ්ඤේනේතේන පප්පෝමි, සබ්බ සඤ්ඤෝජනක්ඛයං

තුන්දොස් සමනය කරන්නා වූ කායබලය ඇති කරන්නා වූ ආයු වඩන්නා වූ ප්‍ර‍ණීත වූ මිහිරි වූ පවිත්‍ර‍ වූ මේ ගිලන්පස කෙලෙස් රෝග දුරු කරන්නා වූ මහා කාරුණිකයන් වහන්සේට පූජා කරමි. පූජා වේවා. මේ පිනෙන් සකල සංයෝජනයන් ක්ෂය කොට ලබන්නා වූ නිර්වාණයට වහා පැමිණෙම්වා.

දැහැත් පූජාව‍

යථාවාදී තථා කාරී, ධම්මවාදී මහායසෝ

තාම්බූලං පතිගණ්හාතු, සත්ථා ලෝකේ අනුත්තරෝ

වෙනසක් නො කොට කියන පරිදි ම කරන්නා වූ ලෝකයාට ධර්මය පවසන්නා වූ මහත් යසස් ඇත්තා වූ තමන් වහන්සේට වඩා උතුම් පුද්ගලයකු නැත්තා වූ භාග්‍යවතුන් වහන්සේට මේ තාම්බූලය පිළිගෙන වදාරන සේක්වා.

සුවඳ දුම් පූජාව

දේසෙත්වා පවරං ධම්මං පාපාමගන්ධනාසකං,

සුගන්ධිනාහං ධූපේන පූජේමි ලෝකනායකං,

උතුම් වූ ධර්මය දේශනා කොට සත්ත්වයන් ගේ පව් නමැති කුණුගඳ දුරු කරන්නා වූ ලෝකනාථයන් වහන්සේට මේ සුවඳ දුමින් පුදමි.

මෙසේ පූජා පවත්වා අනතුරුව ස්තුති පූජා වශයෙන් තෙරුවන් ගුණ කියා වන්දනා කළ යුතු ය. මෙහි උදේ වන්දනාව සඳහා එක් වන්දනා ක්‍ර‍මයක් ද, දවල් වන්දනාව සඳහා එක් වන්දනා ක්‍ර‍මයක් ද දක්වා ඇත. ඒවායින් ම සවස වන්දනාව කිරීමත් සුදුසු ය. කැමති අයට භාවිත කිරීම සඳහා සවස වන්දනාවට විශේෂ වන්දනා ක්‍ර‍මයක් මෙහි දක්වනු ලැබේ.

සවස තෙරුවන් වැඳීම

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

(තුන් වරක් කියනු)

(බුද්ධ වන්දනාව)

තං ඛෝ පන භගවන්තං ගෝතමං ඒවං කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භූග්ගතෝ, ඉතිපි සෝ භගවා අරහං, සම්මාසම්බුද්ධෝ, විජ්ජාචරණසම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසධම්මසාරථී, සත්ථා දේවමනුස්සානං, බුද්ධෝ භගවාති. සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍ර‍හ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදේව මනුස්ස සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදේති. සෝ ධම්මං දේසේති ආදිකල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියෝසාන කල්‍යාණං සාත්ථං සව්‍යඤ්ජනං කේවල පරිපුණ්ණං පරිසුද්ධං බ්‍ර‍හ්මචරියං පකාසේති. තං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං සරණං ගච්ඡාමි. සම්මාසම්බුද්ධං සිරසා නමාමි.

ඒ භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ යහපත් වූ කීර්ති ඝෝෂය ලෝකයෙහි මෙසේ පැන නැංගේය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි රැස් කළ පාරමිතා කුශල බලයෙන් ලත් අර්හත් මාර්ග ඥානයෙන් සවාසනා සකල ක්ලේශ ප්‍ර‍හාණයෙන් පරිශුද්ධ ව සර්වඥත්වාදි අපරිමිත ගුණයෙන් යුක්ත ව මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම යන ලෝකත්‍ර‍යවාසීන් විසින් කරන පූජා පිළිගැනීමට සුදුසු ව සිටින හෙයින් අරහං නම් වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍ර‍ඥප්ති සංඛ්‍යාත පඤ්චවිධ ඥෙය ධර්මය පරෝපදේශ රහිත ව තමන් වහන්සේගේ ඥානයෙන් නිරවශේෂයෙන් මැනවින් දැන වදළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් සමන්වාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ශාස්වතෝච්ඡේද දෘෂ්ටි සංඛ්‍යාත ලාමක අන්තද්වයට නො බැස මධ්‍යම ප්‍ර‍තිපදාව වූ අෂ්ටාංගික මාර්ගයෙන් පරමසුන්දර නිර්වාණයට පැමිණ වදාළ බැවින් සුගත නම් වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාම රූප අරූප සංඛ්‍යාත ලෝකත්‍ර‍ය නිරවශේෂයෙන් දැන වදාළ හෙයින් ලෝකවිදූ නම් වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාතිමාන පුණ්‍යමාන බලමාන ප්‍ර‍ඥාමාන ගුණමාන සෘද්‍ධිමානාදි අනේක මානයෙන් උඩඟු වූ නන්දෝපනන්ද අංගුලිමාල සච්චක බකබ්‍ර‍හ්මාදි එඩිතර පුද්ගලයන් පවා දමනය කොට හික්මවීමෙහි සමත් බැවින් අනුත්තර පුරිසධම්ම සාරථි නම් වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම යන ලෝකත්‍ර‍ය වාසීන්ට තිවග සම්පත් පිණිස අනුශාසනා කරන හෙයින් දේවමනුෂ්‍යයන්ට ශාස්තෘ නම් වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරමගම්භීර චතුස්සත්‍ය ධර්මය ජනයාට අවබෝධ කරවන හෙයින් බුද්ධ නම් වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සකල ලෝක වාසීන් විසින් ගරු කළයුතු හෙයින් ද ඓශ්චර්ය ධර්ම යශස් ශ්‍රී කාමප්‍ර‍යත්න සංඛ්‍යාත ෂට් භාග්‍යයෙන් යුක්ත වන හෙයින් ද භගවා නම් වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බ්‍ර‍හ්මයන් සහිත වූ ශ්‍ර‍මණබ්‍රාහ්මණයන් සහිත වූ මේ ලෝකය දෙවි මිනිසුන් සහිත වූ සත්ත්ව සමූහය අනිකකුගේ උපදෙස්වලින් තොරව තමන් වහන්සේ විසින් ම ඇති කර ගත් නුවණින් ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දැන ප්‍ර‍කාශ කරන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ මුල යහපත් වූ ද මැද යහපත් වූ ද අග යහපත් වූ ද අර්ථ සහිත වූ ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත වූ අඩු වැඩි නැති ව සියල්ල සම්පූර්ණ වූ ධර්මය දේශනා කරන සේක. ඒකාන්තයෙන් නිවනට පමුණුවන්නා වූ පරිශුද්ධ වූ ප්‍ර‍තිපදාවක් ප්‍ර‍කාශ කරන සේක.

ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ මම දිවි හිමියෙන් සරණ යෙමි.

ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ මාගේ ශීර්ෂයෙන් අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

(ධර්‍ම වන්දනාව)

ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ, සන්දිට්ඨිකෝ, අකාලිකෝ, ඒහිපස්සිකෝ, ඕපනයිකෝ, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති. ඉමේහි ඡහි ගුණේහි සමන්නාගතං ධම්මරතනං සරණං ගච්ඡාමි. ධම්මරතනං සිරසා නමාමි.

භාග්‍යවතුන් වහන්සේ විසින් සපර්‍ය්‍යාප්තික නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය අඩුවැඩි නැති ව මුල මැද අග යන සැම තැන ම යහපත් කොට දේශනය කරන ලද්දේ ය.

ඒ නවලෝකෝත්තර ධර්මය තමා විසින් ම දැක ප්‍ර‍ත්‍යක්ෂ කර ගත හැකි ධර්මයක් වන්නේ ය.

ඒ ලෝකෝත්තර මාර්ග ධර්මය දින මාස වර්ෂ ගත නොවී ස්වසන්තානයෙහි උපදවා ගත් කෙණෙහි ම පල දෙන ධර්මයක් වන්නේ ය.

ඒ ධර්මය, එන්නය, මේ ධර්මය අසන්න ය, එයට අනුව පිළිපදින්නය යි අන්‍යයන්ට බල කිරීමට වුව ද සුදුසු වන්නේ ය.

ඒ නවලෝකෝත්තර ධර්මය අන් සියලු වැඩ නවතා ලබා ගැනීමට උත්සාහ කළයුතු ධර්මයක් වන්නේ ය.

ඒ නවලෝකෝත්තර ධර්මය විඥයන්ට ස්වසන්තානයෙන් ම ප්‍ර‍ත්‍යක්ෂ කර ගත හැකි ධර්මයක් වන්නේ ය.

මේ සවැදෑරුම් ගුණයෙන් යුක්ත වූ ධර්මරත්නය මම දිවිහිමියෙන් සරණ යෙමි. ඒ ධර්මරත්නයට මාගේ ශීර්ෂයෙන් අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

(සඞ්ඝ වන්දනාව)

සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, ඥායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවකසංඝෝ ආයුනෙය්යෝ, පාහුනෙය්යේ, දක්ඛිණෙය්යෝ, අඤ්ජලිකරණීයෝ, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. ඉමෙහි නවහි ගුණේහි සමන්නාගතං සංඝරතනං සරණං ගච්ඡාමි. සංඝ රතනං සිරසා නමාමි.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ ඒකාන්තයෙන් නිවනට පමුණුව යහපත් ප්‍ර‍තිපත්තියක් පුරන සේක. ආර්ය අෂ්ටාංගික මාර්ග සංඛ්‍යාත සෘජු ප්‍ර‍තිපත්තිය පුරන සේක. ඒකාන්තයෙන් නිවනට පමුණුවන අධිශීල අධිචිත්ත අධිප්‍ර‍ඥා සංඛ්‍යාත ප්‍ර‍තිපත්තිය පුරන සේක. දුටු විට හුනස්සෙන් නැඟී සිටිමි ආදි සාමීචි කර්මයට සුදුසු වන සේ පිළිපන් සේක. යම් ඒ පුරුෂ යුග්මයෝ සතර දෙනෙක් වෙත් ද පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක් වෙත් ද ඒ පුද්ගල සමූහය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ ය. ඒ ශ්‍රාවක සංඝයා වහන්සේ ප්‍ර‍ත්‍යය බොහෝ දුර ගෙන ගොස් වුව ද පිදීමට සුදුසු වන සේක. ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය වුව ද පිදීමට සුදුසු වන සේක. අනාගතයෙහි ලැබෙන පින්පල සඳහා දෙන දෙය පිරිනැමීමට සුදුසු වන සේක. දෙ අත් නඟා වැඳීමට සුදුසු වන සේක. මේ නව ගුණයෙන් සමන්විත වූ සංඝරත්නය මම දිවිහිමියෙන් සරණ යෙමි. ඒ සංඝරත්නයට මාගේ ශීර්ෂයෙන් අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

සාධු. සාධු. සාධු.

චෛත්‍ය වන්දනාවට හා බෝධි වන්දනාවට නො යන්නේ නම් විහාරයේ වැඳුම් පිදුම් අවසානයේ දී දෙවියන්ට, මිය ගිය ඥාතීන්ට හා සකල සත්ත්වයන්ට පින් දී ප්‍රාර්ථනා කොට රාත්‍රී වන්දනාව අවසන් කරනු. චෛත්‍ය බෝධි වන්දනාවලට යනවා නම් වන්දනාව අන්තිම කරන තැන දී පින්දීම් ආදිය කරනු.

රාත්‍රී වන්දනාවෙන් පසු

ශීලය ආවර්ජනා කොට රාත්‍රි 10 දක්වා භාවනා, දහම් ඇසීම්, දහම් පොත් කියවීම්, ධර්ම සාකච්ඡා පැවැත්වීම් සුදුසු පරිදි කරනු.

තවත් වන්දනා ක්‍ර‍ම

මතු දැක්වෙන වන්දනා ක්‍ර‍ම ද කැමති නම් භාවිතා කරන්න.

ධර්මකාය වන්දනා ක්‍ර‍මය

ධර්මවලින් ම බුදුරුව තමාගේ සිතින් නිර්මාණය කර ගෙන වන්දනා කරන මේ ක්‍ර‍මය පැරණි පුස්කොළ පොතක තුබූ දුර්ලභ වන්දනා ක්‍ර‍මයකි. මේ වන්දනා ක්‍ර‍මය ඉංගිරියේ මඩකඩ අරණ්‍ය සේනාසනයෙහි වැඩවෙසෙන මාබෝපිටියේ පඤ්ඤාරතන ආයුෂ්මතුන් වහන්සේ නිතර භාවිත කරති. අපට මෙය ලැබුණේ ඒ ආයුෂ්මතුන්ගෙනි.

වන්දනා වාක්‍යය:-

සබ්බඤ්ඤුත ඥාණපවර සීසං, නිබ්බාණාරම්මණ විලසිත කේසං, චතුත්ථජ්ඣාන පවර ලළාටං, වජිරඥාණ සමාපත්ති පවර උණ්ණාහාසං, නීළකසිණ සෝභාතික්කන්ත පවර භමුයුගලං, දිබ්බචක්ඛු පඤ්ඤා චක්ඛු සමන්තචක්ඛු බුද්ධචක්ඛු ධම්මචක්ඛු පවරචක්ඛු ද්වයං, දිබ්බසෝතඥාණ පවර සෝතද්වයං, ගෝත්‍ර‍භූ ඤාණ පවර උත්තුංග ඝාණං, මග්ගඵල විමුත්තිඵල ඤාණ පවර ගණ්ඩද්වයං, සත්තිංස බෝධිපක්ඛිය ඤාණපවර සුභ දන්තං, ලෝකිය ලෝකුත්තර ඤාණ පවර ඔට්ඨද්වයං, චතුමග්ග ඤාණ පවර චතුදාඨං, චතුසච්ච ඤාණපවර ජිව්හං, අප්පටිහ ඤාණ පවර හණුකං, අනුත්තර විමොක්ඛාධිගම ඤාණ පවර කණ්ඨං, තිලක්ෂණ ඤාණ පවර ගීවවිරාජිතං, චතුසච්ච ඤාණ පවර බාහුද්වයං, දසානුස්සති ඤාණ පවර වට්ටංගුලි සේභං. සත්තසම්බොජ්ඣංග පවර උරතලං, ආසයානුසය ඤාණ පවර ථන යුගලං, දසබල ඤාණ පවර මජ්ඣිමංගං, පටිච්චසමුප්පාද ඤාණ පවර නාභිං, පඤ්චින්ද්‍රිය පඤ්චබල පවර ජඝනං, චතුසච්චඤාණ පවර ඌරුද්වයං, දසකුසල කම්මපථ පවර ජංඝාද්වයං, චතුරිද්ධිපාද පවර පාදද්වයං, සීල සමාධි පඤ්ඤා පවර සංඝාටිං, හිරොත්තප්ප පවර පංසුකූල චීවරං, අට්ඨංගික මග්ග ඤාණ පවර අන්තරවාසකං, චතුසතිපට්ඨාන පවර කායබන්ධනං, අඤ්ඤෙසං දේව මනුස්සානං යස්ස තමග්ගාදි ඤාණං සබ්බඤ්ඤුත ඤාණාදි ධම්මකාය මනං, තං බුද්ධං නමේහං ලෝකනායකං.

තේරුම

සියල්ල දත් නුවණ නමැති උතුම් හිස ඇත්තා වූ නිවන් අරමුණ නමැති ලෙල දෙන කේශයන් ඇත්තා වූ, සිවුදහන් නමැති උතුම් නළල ඇත්තා වූ, වජිරඥාණ සමාපත්ති නමැති උතුම් ඌර්ණරෝම ශෝභා ඇත්තා වූ, නීල කසිනයාගේ අලංකාරය ඉක්මවා සිටින උතුම් බැම යුවල ඇත්තා වූ, දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු සමන්ත චක්ඛු බුද්ධචක්ඛු ධම්මචක්ඛු යන පඤ්ච ඤාණ නමැති උතුම් නෙත් යුවළ ඇත්තා වූ, දිව්‍යංශ්‍රෝත්‍ර‍ඥාන නමැති උතුම් කන් යුවල ඇත්තා වූ ගෝත්‍ර‍ඥ ඤාණ නමැති උතුම් උස් නාසය ඇත්තා වූ, මාර්ගඵල විමුක්ති ඵලඥාන නමැති උතුම් දෙකන්මුල් ඇත්තා වූ, සත්තිස්බෝධිපාක්ෂික ධර්ම නමැති උතුම් දන්තයන් ඇත්තා වූ, ලෞකික ලෝකෝත්තරඥාන නමැති උතුම් තොල් සඟල ඇත්තා වූ, සතර මාර්‍ග ඤාණ නමැති උතුම් දාඨා ඇත්තා වූ, චතුස්සත්‍යඥාන නමැති උතුම් දිව ඇත්තා වූ, අප්‍ර‍තිහත ඥාන නමැති උතුම් හනු ඇත්තා වූ, අනුත්තර විමෝක්ෂාධිගමඥන නමැති උතුම් කණ්ඨය ඇත්තා වූ, ත්‍රිලක්ෂණඥාන නමැති උතුම් ග්‍රීවය ඇත්තා වූ, චතුස්සත්‍ය ඥාන නමැති උත්තම බාහු ඇත්තා වූ දශානුස්මෘතිඥාන නමැති උතුම් වට ඇඟිලි ශෝභාව ඇත්තා වූ, සප්ත බෝධ්‍යංග නමැති උතුම් ළය ඇත්තා වූ, ආශයානුශයඥාන නමැති උතුම් තන යුවළ ඇත්තා වූ, දශබලඥාන නමැති උතුම් මධ්‍ය ශරීරය ඇත්තා වූ, ප්‍ර‍තීත්‍යසමුපත්පාදඥාන නමැති උතුම් නැබ ඇත්තා වූ, පඤ්චේන්ද්‍රිය පඤ්චබල නමැති උතුම් උකුල ඇත්තා වූ, චතුස්සත්‍යඥාන නමැති කලවා යුවළ ඇත්තා වූ, දශකුශලකර්මපථ නමැති උතුම් කෙණ්ඩා ඇත්තා වූ, සතර සෘද්ධිපාද නමැති උතුම් පා යුවල ඇත්තා වූ, ශීල සමාධි ප්‍ර‍ඥා නමැති උතුම් සඟල සිවුර ඇත්තා වූ, හිරිඔතප් නමැති පාංශුකූල චීවරය ඇත්තා වූ, අෂ්ඨාංගික මාර්ගඥාන නමැති උතුම් අඳන සිවුර ඇත්තා වූ, සතරසතිපට්ඨාන නමැති පටිය ඇත්තා වූ අන් දෙවිමිනිසුන්ට වඩා අතිශයින් බබලන්නා වූ, සර්‍වඥතාඥානාදි ධර්‍මකායචිත්තයන් ඇත්තා වූ, ලෝකනායක වූ ඒ බුදුරජාණන් වහන්සේ මම වඳිමි.

බුරුම වන්දනා ගාථා

මේ වන්දනා ගාථා පෙළ බුරුමයේ බාලයන්ට අකුරු ඉගැන්වීමේදී ම උගන්වති. එබැවින් බුරුම ජාතිකයන් වැඩි දෙනකුන්ට මෙයින් ගාථා කීපයක්වත් සන්න සහිතව පාඩම් තිබේ. බුදුන් වඳින්නේ මේ ගාථා කීමෙනි. මේ ගාථා සියල්ල ම වෙන් වෙන් වූ වන්දනා ගාථා බැවින් කැමති පමණක් ගාථා පාඩම් කරගෙන වන්දනා කළ හැකි ය. තමාට කැමති ගාථා තැනින් තැනින් තෝරා පාඩම් කරගෙන වුව ද වන්දනා කළ හැකි ය. මේ ඒ ගාථා පෙළ ය.

1. සුගතං සුගතං සෙට්ඨං, කුසලාකුසලං ජහං,

අමතං අමතං සන්තං, අසමං අසමං දදං,

.

2. සරණං සරණං ලෝකං, අරණං අරණං කරං,

අභයං අභයං ඨානං, නායකං නායකං නමේ.

තේරුම:-

සුන්දර කථා ඇත්තා වූ සුන්දර නිර්වාණයට යන්නා වූ ශ්‍රේෂ්ඨ වූ කුශලාකුශලයන් ප්‍ර‍හාණය කළා වූ මරණයක් නැත්තා වූ අමෘතයක් වූ ශාන්ත වූ අසදෘශ වූ අසදෘශ මාර්ගඵල නිර්වාණයන් දෙන්නා වූ ලෝකත්‍ර‍යට පිළිසරණ වූ ලෝකය දන්නා වූ රාගාදි කෙලෙස් සහිත වූ විනේය ජන සන්තානයෙහි රාගාදි කෙලෙසුන් නැති කරන්නා වූ ජාතිභයාදිය ඉක්මවා සිටින බැවින් නිර්භය වූ ජාති භයාදිය නැති හෙයින් අභය ස්ථානය වූ නිවනට විනේය ජනයන් පමුණුවන්නා වූ ලෝකයට නායක වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වඳිමි.

3. නයන සුභග කායංගං,

මධුර වර සරෝපේතං,

අමිත ගුණ ගුණාධාරං,

දසබල මතුලං වන්දේ.

තේරුම:-

සකල සත්ත්වයන් ගේ ම නේත්‍ර‍යන්ට ශෝභන වූ කායාංග ඇත්තා වූ මිහිරි වූ උත්තම ස්වරය ඇත්තා වූ, ප්‍ර‍මාණ කළ නො හෙන ගුණ සමූහයට ස්ථාන වූ අතුල්‍ය වූ දශබලධාරීන් වහන්සේ වඳිමි.

4. යෝ බුද්ධෝ ධිතිමාඤ්ඤධාරකෝ,

සංසාරේ අනුභෝසි කායිකං,

දුක්ඛං චේතසිකං ච ලෝකතෝ

තං වන්දේ නරදේව මංගලං,

තේරුම:-

ස්ථිර ව පිහිටි සමාධි ඇත්තා වූ අර්හත්ඵල නමැති ඡත්‍ර‍ය දරන්නා වූ යම් බුදු කෙනෙකුන් වහන්සේ ලෝක සත්ත්වයන් නිසා සංසාරයේ කායික වූ ද මානසික වූ ද බොහෝ දුක් අනුභව කළ සේක් ද දෙවි මිනිසුන්ට මංගල වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි.

5. බත්තිංසති ලක්ෂණ චිත්‍රදේහං,

දේහජ්ජුති නිග්ගත පජ්ජලන්තං,

පඤ්ඤා ධිති සීල ගුණෝඝවින්දං,

වන්දේ මුනිමන්තිම ජාති යුත්තං.

තේරුම:-

දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් විචිත්‍ර‍ වූ ශ්‍රී දේහය ඇත්තා වූ ශ්‍රී දේහයෙන් නික්මෙන ෂඩ්වර්ණ රශ්මියෙන් දිලිසෙන්නා වූ, ප්‍ර‍ඥා සමාධි ශීල ගුණ සමූහය ලබා ඇත්තා වූ අන්තිම ජාතියෙන් යුක්ත වූ භාග්‍යවතුන් වහන්සේ වඳිමි.

6. පාතෝදයං බාල දිවාකරං ව,

මජ්ඣෙ යතීනං ලසිතං සිරීහි,

පුණ්ණින්දු සංකාස මුඛං අනේජං,

වන්දාමි සබ්බඤ්ඤු මහං මුනින්දං.

තේරුම:-

උදයකාලයේ උදාවන බාලසූර්යයා මෙන් භික්ෂු සමූහය මැද ශ්‍රීයෙන් ලීලෝපේත වන්නා වූ පූර්ණ චන්ද්‍ර‍යා බඳු මුව ඇත්තා වූ තෘෂ්ණා විරහිත වූ සියල්ල දන්නා වූ මුනීන්ද්‍ර‍යන් වහන්සේ මම වඳිමි.

7. උපේත පුඤ්ඤෝ වර බෝධිමූලේ,

සසේන මාරං සුගතෝ ජිනිත්වා,

අබුජ්ඣි බෝධිං අරුණෝදයම්හි,

නමාමි තං මාරජිනං අභංගං.

තේරුම:-

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයෙහි රැස් කළ පාරමිතා කුසලස්කන්ධයෙන් යුක්ත වූ සුගතයන් වහන්සේ උත්තම වූ බෝධි මූලයේ දී සේනා සහිත වශවර්ති මාරයා පරදවා වෛශාඛ පෞර්ණමී දිනයේ අරුණෝදයේදී සම්‍යක් සම්බෝධිය අධිගමනය කළ සේක. පස්මරුන් දිනූ මාරයන් විසින් පැරදවිය නොහැකි වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි.

8. රාගාදිජේදා මල ඤාණ ඛග්ගං

සතී සමඤ්ඤා ඵලකාභිගාහං,

සීලෝඝ ලංකාර විභූසිතං තං,

නමාමි භිඤ්ඤා වරමිද්ධුපෙතං.

තේරුම:-

රාගාදි කෙලෙසුන් සිඳින නිර්මල වූ අර්හත් මාර්ග ඥාන සංඛ්‍යාත කඩුව ඇත්තා වූ සම්මාසති නම් වූ පලිහ ගෙන සිටින්නා වූ ශීල රාශිය නමැති අලංකාරයෙන් සැරසී සිටින්නා වූ අභිඥා නම් වූ උත්තම සෘධි ඇත්තා වූ භාග්‍යවතුන් වහන්සේ වඳිමි.

9. දයාලයං සබ්බධි දුක්කරං කරං,

භවණ්ණවාතික්කම මග්ගතං ගතං

තිලෝකනාථං සුසමාහිතං හිතං,

සමන්තචක්ඛුං පණමාමි තං මිතං.

තේරුම:-

කරුණා මෛත්‍රී ගුණයන්ට වාසස්ථාන වූ සියලු භවයන්හි සම්බෝධිය පිණිස නොයෙක් දුෂ්කර ක්‍රියා කළා වූ කාම රූප අරූප සංඛ්‍යාත භවත්‍ර‍ය නමැති සාගරය ඉක්මවා ලෝකයෙහි අග්‍ර‍ භාවයට පැමිණ වදාළා වූ තුන්ලොවට පිහිට වූ ලාභාලාභාදි ලෝක ධර්‍මයන් නිසා නොසැලෙන සමාධිය ඇත්තා වූ ලෝකවාසීන්ට හිත වූ සියල්ල දන්නා නුවණැස ඇත්තා වූ ප්‍ර‍මාණ කළ නො හෙන්නා වූ ඒ භාග්‍යවතුන්වහන්සේ වඳිමි.

10. තහිං තහිං පාරමි සඤ්චයං චයං,

ගතං ගතං සබ්භි සුඛප්පදං පදං,

නරා නරානං සුඛ සම්භවං භවං

නමා නමානං ජින පුංගවං ගවං.

තේරුම:-

ඒ ඒ ආත්මභාවයෙහි දානාදි පාරමී ධර්ම සමූහය රැස් කළා වූ සත්පුරුෂයන් විසින් සෙවුනා ලද්දා වූ සුඛයට හේතු වූ නිර්වාණයට පැමිණ වදාළා වූ දෙවිමිනිසුන්ට සැප ඇති කර දෙන්නා වූ ගරු කළ යුත්තන්ට ධර්මයට නො නැමෙන්නා වූ ගවයන් වැනි අඥ ජනයා දිනූ පුරුෂෝත්තමයන් වහන්සේට වඳිමි.

11. මග්ගංග නාවං මුනි දක්ඛ නාවිකො,

ඊහා පියං ඤාණකරෙන ගාහකො,

ආරුය්හ යෝ තාය බහූ භවණ්ණවා,

තාරේසි තං බුද්ධ මඝප්පහං නමේ.

තේරුම:-

වීර්‍ය්‍ය නමැති හබල, නුවණ නමැති අතින් ගත්තා වූ දක්ෂ නාවික වූ යම් මුනීන්ද්‍ර‍යන් වහන්සේ කෙනෙක් මාර්ගාංග නමැති නැවට නැග බොහෝ සත්ත්වයන් සංසාර සාගරයෙන් එතර කළ සේක් ද සත්ත්වයන් ගේ දුක් දුරු කරන්නා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි.

12. සමතිංසති පාරමිතම්භරණං,

වර බෝධිමූලේ චතු සච්චදසං,

පරමිද්ධිගතං නර දේව හිතං,

තිභවූපසමං පණමාමි ජිනං.

තේරුම:-

සමත්‍රිංශත් පාරමිතාවන් රැස් කළා වූ උත්තම වූ බෝධි මූලයේ දී සිවුසස් දැක වදාළා වූ පරම සෘද්‍ධියට පැමිණ ඇත්තා වූ දෙවිමිනිසුන්ට හිත වූ භවත්‍රයෙන් මිදුණා වූ ජිනයන් වහන්සේ වඳිමි.

13. සතපුඤ්ඤජ ලක්ඛණිකං විරජං,

ගගනූඵමධිං ධිති මේරුසමං,

ජලපූපම සීතල සීල යුතං,

පඨවි සහනං පණමාමි ජිනං.

තේරුම:-

බොහෝ කුශලයන්ගෙන් හටගන්නා වූ දෙතිස් මහාපුරුෂලක්ෂණ ඇත්තා වූ රාගාදි කෙලෙස් රජස් නැත්තා වූ ආකාශය බඳු නුවණ ඇත්තා වූ මහමේරු පර්වතය සේ අකම්ප්‍ය සමාධි ඇත්තා වූ පියුම් සේ සිසිල් වූ ශීලයෙන් යුක්ත වූ පෘථිවිය බඳු ඉවසීම් ඇත්තා වූ ජිනයන් වහ්නසේ වඳිමි.

14. යෝ බුද්ධෝ සුමති දිවේ දිවාකරෝ’ව,

සෝභන්තේ රතිජනනේ සිලාසනම්හි,

ආසින්නෝ සිවසුඛදං අදේසි ධම්මං,

දේවානං තමසදිසං නමාමි නිච්චං.

තේරුම:-

සුන්දර ප්‍ර‍ඥාව ඇත්තා වූ යම් බුදුවරයන් වහන්සේ කෙනෙක් දිවාකාලයේ දිවාකරයා මෙන් බැබලෙමින් රතිජනක වූ පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වැඩහුන් සේක් නිවන් සුව ගෙන දෙන්නා වූ අභිධර්මය දෙවියනට දේශනය කළ සේක් ද අසදෘශ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ නිත්‍යයෙන් වඳිමි.

15. යෝ පාදපංකජ මුදුත්තල රාජිකේහි,

ලෝකෙහි තීහිවිකලෙහි නිරාකුලේහි,

සම්පාපුණේ නිරුපමෙය්‍ය තමේව නාථෝ,

තං සබ්බලෝකමහිතං අසමං නමාමි.

තේරුම:-

යම් බුදුවරයන් වහන්සේ කෙනෙක් අවිකල වූ ද නිරාකුල වූ ද පාදපත්ම නමැති මෘදු තලයෙහි හටගත්තා වූ එකසිය අටක් චක්‍ර‍ ලක්ෂණයන් කරණ කොට තුන්ලෝ වැසියන් හා උපමා නො කළ යුතු බවට පැමිණි සේක් ම ය. සකල ලෝකවාසීන් විසින් පුදන ලද්දා වූ අසම වූ ඒ ලෝකනාථයන් වහන්සේ වඳිමි.

16. බුද්ධං නරානර සමෝසරණාධිචිත්තං,

පඤ්ඤා පදීප ජුතියා විහතන්ධකාරං,

අත්ථාභිකාම නර දේව හිතාවහන්තං,

වන්දාමි කාරුණික මග්ග මනන්ත ඤාණං.

තේරුම:-

දෙවි මිනිසුන් එක්රැස් වන ස්ථානය වූ ස්ථිර සිත් ඇත්තා වූ ප්‍ර‍ඥා නමැති ප්‍ර‍දීපාලෝකයෙන් නැසූ මෝහාන්ධකාර ඇත්තා වූ දෙවිමිනිසුන්ගේ යහපත අතිශයින් කැමති වන්නා වූ දෙවිමිනිසුන්ට යහපත සිදුකරන්නා වූ කාරුණික වූ උත්තම වූ අනන්තඥාන ඇත්තා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි.

17. අඛිල ගුණනිධානෝ යෝ මුනින්දෝ පගත්න්වා,

වන මිසි පතනව්හං සඤ්ඤාතානං නිකේතං,

තහිමකුසල ඡෙදං ධම්මචක්කං පවත්තෝ,

තමතුල මහිකන්තං වන්දනෙය්යං නමාමි.

තේරුම:-

සකල ලෞකික ලෝකෝත්තර ගුණයන්ගේ පිහිටි ස්ථානය වූ යම් මුනීන්ද්‍ර‍යන් වහන්සේ කෙනෙක් කාය චිත්තයන් හික්මවා සිටිනා යතීන්ගේ වාසස්ථානය වූ ඉසිපතන නම් වූ වනයට එළඹ එහි අකුසල් නසන්නා වූ ධර්ම චක්‍ර‍ය පැවැත්වූ සේක් ද ඉතා යහපත් වූ අසම වූ වැඳීමට සුදුසු ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි.

18. සුචිපරිවාරිතං සුරුචිරප්පභාගි රත්තං,

සිරිවිසයාලයං ගුපිත මින්ද්‍රියේහුපේතං,

රවිසසි මණ්ඩලප්පභූති ලක්ඛණෝපචිත්තං,

සුරනර පූජිතං සුගත මාදරං නමාමි.

තේරුම:-

රාගාදි කෙලෙස් මල නැති හෙයින් ශුද්‍ධ වූ ආර්‍ය්‍යයන් විසින් පිරිවරන ලද්දා වූ අතිශයින් ශෝභාවත් වූ ශරීර කාන්තියෙන් රඤ්ජිත වූ ප්‍ර‍ඥා පුණ්‍ය සංඛ්‍යාත ශ්‍රී සමූහයාට වාසස්ථාන වූ ආරක්ෂා කරන ලද චක්ෂුරාදි ඉන්ද්‍රියයන් ගෙන් යුක්ත වූ සූර්‍ය්‍යමණ්ඩල චන්ද්‍ර‍ මණ්ඩලාදි ලක්ෂණ වලින් විචිත්‍ර‍ වූ පතුල් ඇත්තා වූ දෙවිමිනිසුන් විසින් පුදන ලද්දා වූ සුගතයන් වහන්සේ ආදරයෙන් වඳිමි.

19. මග්ගෝළුම්පේන මුහපටිඝාසාදි උල්ලෝල වීවිං

සංසාරෝඝංතරිත මභයං පාරපත්තං පජානං,

තාණං ලේණං අසම සරණං ඒකතිත්ථං පතිට්ඨං

පුඤ්ඤක්ඛෙත්තං පරමසුඛදං ධම්මරාජ නමාමි.

තේරුම:-

ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගය නමැති පසුරෙන් ලෝභ ද්වේෂ මෝහාදි මහරළ කුඩාරළ ඇත්තා වූ සංසාර සාගරය එතර කළාවූ ජාත්‍යදි භය රහිත වූ සංසාර සාගරයාගේ පරතෙරට පැමිණ වදාළා වූ සත්ත්වයනට ආරක්ෂාවක් වූ ද භයට පත් වූවන් සැඟවීමට ස්ථානයක් වූ ද අසහාය පිළිසරණයක් වූ ද නිවන නමැති පරතෙරට යාමට එකම තීර්ථය වූ ද සත්ත්වයනට පිහිට වූ ද පුණ්‍යක්ෂේත්‍ර‍ වූ ද පරම සුඛය දෙන්නා වූ ද ධර්මරාජයන් වහන්සේ වඳිමි.

20. කණ්ඩම්බ මූලේ පරහිතකරෝ යෝ මුනින්දො නිසින්නෝ,

අච්ඡෙරං සීසං නයන සුභගං ආකුලන්නග්ගි ජාලං

දුජ්ජාලද්ධංසං මුනහි ජහිතං පාටිහේරං අකාසි,

වන්දේ තං සෙට්ඨං පරම රතිජං ඉද්ධි ධම්මේහුපේතං.

තේරුම:-

පරහිතකර වූ යම් මුනීන්ද්‍ර‍යන් වහන්සේ කෙනෙක් කණ්ඩ නම් වූ අඹරුක මුල වැඩහිඳ ජනයන් විශ්මයට පත්කරන්නා වූ දෙවිමිනිසුන්ගේ නේත්‍ර‍යන්ට යහපත් වූ ජලයෙන් ආකුල ගිනිදැලින් යුක්ත වූ දෘෂ්ටි ජාලයන් විධ්වංසනය කරන්නා වූ සකල සර්‍වඥවරයන් වහන්සේලා විසින් නො හරන ලද්දා වූ ප්‍රාතිහාර්යය ශීඝ්‍රයෙන් කළ සේක් ද ශ්‍රේෂ්ඨ වූ පරම රතිජනක වූ සෘද්ධිධර්මයන්ගෙන් යුක්ත වූ ඒ මුනීන්ද්‍ර‍යන් වහන්සේ වඳිමි.

21. මුනින්දක්කෝ යවේකොදයුදයරුණෝ ඤාණවිත්තිණ්ණ බිම්බෝ

විනෙය්‍යප්පාණෝඝං කමල කථිකං ධම්මරංසී වරේහි

සුබෝධෙසි සුද්ධේ තිහවකුහරේ බ්‍යාපිතක්කිත්තිනඤ්ච

තිලෝකේකචක්ඛුං දුඛමසහනං තං මහේසිංනමාමි.

තේරුම:-

මහා කරුණා සංඛ්‍යාත අරුණාලෝකය ඇත්තා වූ ඥාන සංඛ්‍යාත පුළුල් මඩුලු ඇත්තා වූ අසහාය වූ යම් මුනීන්ද්‍ර‍ නමැති සූර්‍ය්‍යමණ්ඩලයක් භවත්‍ර‍ය නමැති විලෙහි ශුද්ධ වූ පද්මනමැති විනේයජන සමූහය උත්තම වූ ශ්‍රී සද්ධර්ම රශ්මියෙන් ප්‍රබෝධ කළ සේක් ද පතළා වූ කීර්ති ඇති තුන්ලොවට අසහාය නේත්‍ර‍යක් වූ සෙස්සන්ට ඉවසිය නොහෙන කරුණු ඉවසීමට සමත් වූ මහේර්ෂීන් වහන්සේ වඳිමි.

22. යෝ ජිනෝඅනේක ජාතියං සපුත්තදාරමංගජීවිතම්පි

බෝධිපේමතෝ අලග්ගමානසෝ අදාසියෙව අත්ථිකස්ස,

දානපාරමිං තතෝ පරං අපූරි සීලපාරමාදිකම්පි

තාසමිද්ධියො පයාත මග්ගතං තමේක දීපකං නමාමි.

තේරුම:-

පස්මරුන් දිනූ හෙයින් ජින නම් වූ යම් බුදුවරයන් වහන්සේ කෙනෙක් සම්බෝධිය කෙරෙහි ප්‍රේමයෙන් අඹුදරුවන් සහිත වූ ශරීරාවයවයන් ද ජීවිතය ද ඒවා කෙරෙහි ඇල්මක් නැතිව ඒවායින් වුවමනා තැනැත්තාට දුන් සේක් ද දාන පාරමිතාව ද නැවත ශීල පාරමිතාදිය ද පිරූ සේක් ද ඒ පාරමීන්ගේ සමෘද්ධියෙන් ලෝකයෙහි අග්‍ර‍ බවට පැමිණිසේක් ද ලෝකයාට අසහාය පිළිසරණක් වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි.

23. දේවාදේවාති දේවං නිධන වපුධරං මාරභංගං අභංගං

දීපං දීපං පජානං ජයවරසයනේ බෝධිපත්තං ධිපත්තං

බ්‍ර‍හ්මා බ්‍ර‍හ්මාගතානං වරගිරකථිතං පාපහීනං පහීනං

ලෝකා ලෝකාභිරාමං සතත මහිනමේ තං මුනින්දං මුනින්දං

තේරුම:-

සම්මුතිදේව උප්පත්ති දේවයන්ට උත්තම හෙයින් අතිදේව වූ අන්තිම දේහය ධරන්නා වූ මාරයන් භංග කරන්නා වූ මාරයන්ට හිංසා කළ නොහෙන්නා වූ සත්ත්වයන්ට ප්‍ර‍ඥා නමැති පහන දල්වන්නා වූ උත්තම වූ බෝධි පර්ය්‍යංකයෙහි සම්බෝධියට පැමිණ වදාළා වූ ද නිවනට පැමිණ වදාළා වූ ද තමන් වහන්සේ වෙත පැමිණෙන මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්මයන්ට උත්තම වූ ධර්මය වදාරන්නා වූ හීන වූ පාපයන් අර්හත් මාර්ගයෙන් දුරු කළා වූ මනුෂ්‍ය දේවබ්‍ර‍හ්මය් ඇලුම් කරන්නා වූ පඤ්චවිධ මුනීන්ට ඊශ්වර වූ මුනීන්ද්‍ර‍යන් වහන්සේ සැමකල්හි වඳිමි.

24. බුද්ධෝ නිග්‍රෝධබිම්බෝ මුදුකරචරණෝ බ්‍ර‍හ්ම ඝෝසේණිජංඝෝ

කෝසච්ඡාදංගජාතෝ පුනරපි සුගතෝ සුප්පතිට්ඨිත පාදෝ,

මූදෝ දාතුණ්ණලෝමෝ අථමපි සුගතෝ බ්‍ර‍හ්මුජ්ජුගත්තභාවෝ

නීලක්ඛි දීඝපණ්හි සුඛුම මලඡවි ථෝම්‍යරසග්ග සග්ගී

තේරුම:-

බුදුරජාණන් වහන්සේ උසින් හා මණ්ඩලයේ සම වන නුග රුක සේ උසට සමාන වූ බඹයෙන් යුක්ත වන සේක. ළදරුවකුගේ අතුල් පතුල් සේ මොළොක් අතුල් පතුල් ඇති සේක. බ්‍ර‍හ්මයන්ගේ හඬ බඳු අෂ්ටාංග සමන්වාගත ස්වරයෙන් යුක්ත වන සේක. ඒණිමෘගයන්ගේ ජංඝා සෙයින් මසින් හාත්පසින් පිරුණු වට වූ ජංඝා ඇති සේක. වෘෂභාදීන්ගේ මෙන් කෝෂයෙන් වැසුණු පුරුෂව්‍යඤ්ජනය ඇති සේක. නැවත ද සුගතයන් වහන්සේ සැමතැනක්ම භූමියෙහි ස්පර්ශවන සම වූ පතුල් ඇති සේක. දෙබැම අතරෙහි පිහිටි මෘදු වූ සුදු වූ ඌර්ණරෝමය ඇති සේක. නැවත සුගතයන් වහන්සේ බ්‍ර‍හ්මයාගේ මෙන් සෘජුව පිහිටි ශ්‍රී දේහය ඇති සේක. නේත්‍ර‍යන්හි නිල් පැහැය ඇතිවිය යුතු තන්හි දියබෙරලිය මලට බඳු මනා නිල් පැහැයෙන් යුත් නේත්‍ර‍ ඇති සේක. සුදුසු සේ දික් වූ විළුම් ඇති සේක. ධූලි හෝ වැලි හෝ නො ඇලෙන සියුම් සිවිය ඇති සේක. වර්ණනා කළ යුතු අක් උඩුකුරුව පිහිටි රස නහර ඇති සේක.

25. චත්තාළීසග්ගදන්තෝ සමක ලපනජෝ අන්තරං සප්පපීනෝ

චක්කේනංකිත පාදෝ අචිරළ දසනෝ මාරපූසංඛපාදෝ

තිට්ඨන්තෝ නෝනමන්තෝභයකරමුදුනා ජණ්ණුකා නාමසන්තෝ

වට්ටක්ඛන්ධෝ ජිනෝ ගෝ තරුණපඛුමකෝ සීහ පුබ්බද්ධකායෝ.

තේරුම:-

උත්තම වූ සතළිසක් දත් ඇති සේක. කපා මට්ටම් කළාක් මෙන් සම ව පිහිටි දත් ඇති සේක. පරිපූර්ණ වූ පිට ඇති සේක. චක්‍ර‍ ලක්ෂණයන්ගෙන් යුත් පා ඇති සේක. අතර සිදුරු නැතිව මැනවින් පිහිටි දත් ඇති සේක. පස්මරුන් දිනූ තථාතයන් වහන්සේ උස්ව පිහිටි ගුල්ඵයෙන් යුත් පා ඇති සේක. මොළොක් වූ අත් යුවලින් සිට ගෙන නො නැමී දෙදණ පිරිමදිනා සේක. මනා කොට වට කළ කළයක කර සේ වට වූ ගෙල ඇති සේක. එකෙණෙහි උපන් රතුවස්සකුගේ ඇස් මෙන් විප්‍ර‍සන්න ඇස් ඇති සේක. සිංහයාගේ පූර්ව කය සෙයින් සැම තැනම පිරුණු කය ඇති සේක.

26. සත්තප්පීණෝ ච දීඝංගුලිමථසුගතෝ ලෝමකූපේකලෝමෝ

සම්පන්නෝදාත දාඨෝ කනක සම තචෝ නීල මුඬග්ගලෝමෝ

සම්බු‍‍ද්‍ධෝ ථූල ජිව්හෝ අථ සිහහනුකෝ ජාලිකප්පාදහත්ථෝ

නාථෝ උණ්හීස සීසෝ ඉති ගුණ සහිතං තං මහේසිං නමාමි.

තේරුම:-

තථාගතයන් වහන්සේ දෙඅත් පිටය දෙපා පිටය අංශකූට දෙකය පිටය යන සත් තැන්හි ඇට නහර නොපෙනෙන සේ පිරුණු මස් ඇති සේක. දිගින් සම වූ අත් පා ඇඟිලි ඇති සේ. එක් එක් රෝමකූපයක් එක් එක් ලෝමය බැගින් ඇති සේක. මැනවින් සුදුස වූ දාඨා ඇති සේක. ඔප දැමූ රන් පිළිමයක් සේ රන්වන් වූ සිවි පැහැ ඇති සේක. දක්ෂිණාවෘත්තව අග උඩ බලා සිටින අඤ්ජන වර්ණ රෝමයෙන් යුක්ත වන සේක. සම්බුද්ධයන් වහන්සේ වර්ණ සම්පන්න වූ දිග පුළුලැති ජිහ්වායෙන් යුක්ත වන සේක. සිංහයන්ගේ හනු සෙයින් ස්ථුල හනු ඇති සේක. දක්ෂ වඩුවකු විසින් නිමවන ලද දැල් කවුළුවක් බඳු අත් පා ඇති සේක. ලෝකනාථයන් වහන්සේ නළල්පටක් සේ පිහිටි මාංශපටලයකින් යුක්ත හිස ඇති සේක. ද්වත්‍රිංශත්වර මහා පුරුෂ ලක්ෂණ සංඛ්‍යාත මේ ගුණයෙන් යුක්ත වූ ඒ මහේර්ෂීන් වහන්සේ වඳිමි.

27. බුද්‍ධෝ බුද්‍ධෝති ඝෝසේ අති දුල්ලභතරෝ කා කථා බුද්‍ධභාවෝ

ලොකේ තස්මා විභාවී විවිධ හිතසුඛං සාධවෝ පත්ථයන්තා

ඉට්ඨං අත්ථං වහන්තං සුරනර මහිතං නිබ්භයං දක්ඛිණෙය්‍යං

ලෝකානං නන්දිවඩ්ඪනං දසබලමසමං තං නමස්සන්තු නිච්චං.

තේරුම:-

බුද්‍ධ බුද්‍ධ යන ඝෝෂය ද අතිදුර්ලභ ය. බුදුබව ගැන කියනුම කිම? එබැවින් ලෝකයෙහි නුවණැත්තා වූ සත්පුරුෂයෝ නානාප්‍ර‍කාර හිතසුඛයන් ප්‍රාර්ථනා කරමින් ඉෂ්ටාර්ථය සිදුකර දෙන්නා වූ දෙවි මිනිසුන් විසින් පුදනු ලබන්නා වූ නිර්භය වූ දක්ෂිණේය වූ ලෝකයාගේ සතුට වර්ධනය කරන්නා වූ අසම වූ ඒ දශබලයන් වහන්සේට නිරන්තරයෙන් නමස්කාර කෙරෙත්වා.

ප්‍රාර්ථනා ගාථා

පුඤ්ඤේනේතේන සෝහං නිපුණමති සතෝ සම්පරායේච තිත්තෝ

දක්ඛෝ දිට්ඨිජ්ජුපඤ්ඤෝ අවිකලවිරියෝ භෝගවා සංවිභාගී,

තික්ඛෝ සූරෝධිතත්තෝ සපරහිතචරෝ දීඝජීවි අරෝගෝ

ධඤ්ඤෝ වණ්ණෝ යසස්සී අතිබලවධරෝ කිත්තිමා ඛන්ත්‍යුපේතෝ

සද්ධෝ දාතංගුපේතෝ පරමසිරිධරෝ දිට්ඨධම්මේ විරත්තෝ

ලජ්ජි කල්‍යාණමිත්තෝ අභිරත කුසලෝ පඤ්චසීලාදිරක්ඛෝ,

අප්පිච්ඡෝ අප්පකෝධෝ අතිවුජුහදයෝ ඉද්ධිමා අප්පමෙය්‍යෝ

පාසංසෝ පේමවාචෝ සුජනගුණවිදූ මාමකෝ සෝ භවෙය්‍යං.

මේ පිනෙන් ඒ මම මතු අත් බැව්හි සියුම් නුවණ ඇත්තේ ද සිහි ඇත්තේ ද ලද දෙයින් තෘප්ති ඇත්තේ ද ක්‍රියාවන්හි දක්ෂයෙක් ද සෘජු දෘෂ්ටි සංඛ්‍යාත ප්‍ර‍ඥාව ඇත්තේ ද අනූන වූ වීර්ය ඇත්තේ ද භෝග ඇත්තේ ද දිය යුත්තන්ට දෙන ස්වභාවය ඇත්තේ ද තියුණු නුවණැත්තේ ද ජනයා අතර සූර වූයේ ද නො වෙනස්වන සිත් ඇත්තේ ද ආත්මාර්ථ පරාර්ථයන් සිදු කරන්නේ ද දීර්ඝායු ඇත්තේ ද රෝග නැත්තේ ද ශ්‍රීමත් වූයේ ද මනා ගුණවර්ණ ශරීරවර්ණ ඇත්තේ ද පියවර ඇත්තේ ද අධික කායබල ඥානබල ඇත්තේ ද කීර්ති ඇත්තේ ද ඉවසීම් ඇත්තේ ද

ශ්‍ර‍ද්‍ධා ඇත්තේ ද දානවස්තු ඇත්තේ ද පරමශ්‍රී ඇත්තේ ද වර්තමාන භවයෙහි කාමයන් කෙරෙහි නො ඇලෙන්නේ ද පව් කිරීමට ලජ්ජා ඇත්තේ ද කළ්‍යාණ මිත්‍ර‍යන් ඇත්තේ ද කුසලයෙහි ඇලුනේ ද පඤ්චශීලාදිය රක්ෂා කරන්නේ ද ලෝභ නැත්තේ ද ක්‍රෝධ නැත්තේ ද ඉතා අවංක සිත් ඇත්තේ ද සෘද්ධි ඇත්තේ ද ගුණයෙන් හා ධනයෙන් ප්‍ර‍මාණ නො කළ හැක්කේ ද ශීලාදි ගුණයන් නිසා ප්‍ර‍ශංසාවට සුදුසු වූයේ ද ප්‍රේමනීය කථා ඇත්තේ ද සත්පුරුෂ ගුණ දන්නේ ද බුද්‍ධාදීන්ට ආදර ඇත්තේ ද වෙම්වා.

ආනාපානස්මෘති භාවනාව

ආශ්වාස ප්‍ර‍ශ්වාස දෙක්හි සිහිය පිහිටවීම් වශයෙන් කරන භාවනාව ආනාපානස්මෘති භාවනා නම් වේ. එය කාටත් ගැලපෙන කා විසිනුත් කළයුතු භාවනාවෙකි. ලොවුතුරා බුදු වන සියලුම මහාබෝධි සත්ත්වයන් වහන්සේලා ලොවුතුරා බුදුබවට පැමිණෙන්නේ ආනාපාන භාවනාවෙන් උපදවා ගන්නා චතුර්ථධ්‍යානයෙන් නැඟී ප්‍ර‍තීත්‍යසමුත්පාදය අනුලෝම ප්‍ර‍තිලෝම වශයෙන් භාවනා කිරීමෙනි. මෙය බුදුරජාණන් වහන්සේ විසින් නොයෙක් සූත්‍ර‍වල වර්ණනා කර ඇති භාවනාවෙකි. එය කළ යුත්තේ මෙසේ ය.

පළමුවෙන් ම විවේකස්ථානයකට යා යුතු ය. විවේක ස්ථානය යි කියනුයේ භාවනාවට බාධා කරන ජනයා නැති ශබ්ද අඩු තැන ය. තවත් තමා මෙන් ම භාවනා කරන අය සිටීම විවේකයට බාධාවක් නො වේ. බොහෝ දෙනකුන් එකතු වී එකවර එක ම භාවනාවක් කරනවා නම් වඩාත් හොඳ ය. පොහෝ දිනවල සිල්ගත් උපාසකවරු දහම්හල්වලට හෝ අන් තැන්වලට හෝ එකතුව පෙළට හෝ වටව හෝ හිඳ සැමදෙනා එක ම භාවනාවක් කරනවා නම් එය භාවනාවේ දියුණුවට ඉතා හොඳ ය.

පිරිසක් එකතුව භාවනා කරනවා නම් සැමදෙන එකතුව පෙළට හෝ වටේට හෝ පුරුෂයන් විසින් බද්ධපර්යංකයෙන් ද, ස්ත්‍රීන් විසින් අර්ධ පර්යංකයෙන් ද හිඳගත යුතු ය. ඉක්බිති දෝත් නඟා වැඳගෙන බුද්‍ධානුස්මෘති භාවනාවෙහිදී කියා ඇති පරිදි ගාථා පාඨ එකවර ම කියමින් භාවනා පූර්ව කෘත්‍යය කළ යුතු ය. ඉක්බිති අත් පහත් කොට වම් අල්ල උඩ දකුණු අත සිටින පරිදි උකුල උඩ අත් තබාගෙන මෙසේ සිතනු. “මම ජාති ජරා මරණවලින් නො මිදුණු කෙනෙක් වෙමි. සතර අපායෙන් නො මිදුණු කෙනෙක් වෙමි. ඒවායින් මිදීමට නම් මා විසින් මේ භාවනාවෙහි යෙදීමෙන් බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ගියමඟ යා යුතු ය. මහත් වූ දුඃඛස්කන්ධයෙන් මිදී පරම සැපය ලැබීමට නම් භාවනාවේදී වන සුළු දුක් ඉවසිය යුතු ය.”

එසේ සිතා කය ඉදිරියට හෝ පස්සට බර නො වන පරිදි කෙළින් තබා ගත යුතු ය. ඇස් පියා ගැනීම හෝ නාසයේ අග පෙනෙන පමණට මඳක් ඇර හෝ තබා ගත යුතු ය. ඉක්බිති සිත අන් කිසිවකට යොමු නො කොට ආශ්වාස ප්‍ර‍ශ්වාසයට යොමු කළ යුතු ය.

ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව වනාහි කෝටුවක් වැලක් සේ අතට අසුවන ඇසට පෙනෙන දෙයක් නොවේ. එය සියුම් දෙයකි. එය දත යුත්තේ සිතින්ම ය. සිතට දත හැකි වන්නේ ද සැපීම අනුව ය. ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව ගමන් කරන්නේ නාසයේ අග යම්කිසි තැනක හෝ උඩු තොලේ යම්කිසි තැනක හෝ සැපීගෙන ය. සැපෙන තැන සිත තබාගෙන සිට එහි සැපීගෙන යන වායුව තේරුම් ගත යුතු ය. සිතට ගත යුතු ය. වායුව සිතට ගත හැකි වීම පිණිස තදින් හුස්ම ගැනීම හෙළීම ද නොකළ යුතු ය. එසේ කළ හොත් හති වැටී සිත එකඟ කරන්නට නො පුළුවන්විය හැකිය. ඒ නිසා නිතර ම ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව ප්‍ර‍කෘති පරිදිම තබාගත යුතු ය.

වෙලාවක් නියම කරගෙන භාවනා කළ යුතු ය. වරකට පැය බාගයකට නො අඩු කාලයක් භාවනාවෙහි යෙදිය යුතු ය. පුරුදු වූ පසු වරකට පැයක් දෙකක් භාවනාවෙහි යෙදිය යුතු ය. මේ භාවනාව කිරීමෙහි දී කිසිම ශරීරාවයවයක් නො සොල්වා ශරීරය නිශ්චලව තබා ගත යුතු ය. භාවනාවෙන් දියුණුවේගෙන එන සමාධිය ශරීරය සෙලවීමෙන් බිඳේ. නැවත නැවත ශරීරය සෙලවීමෙන් භාවනා කරන්නා නැවත නැවතත් මුලට ම පැමිණේ. ඔහුට සමාධිය දියුණු නොවේ. නිශ්චලව භාවනාවෙහි යෙදෙන්නාහට ශරීරයේ තැන තැන නොයෙක් වේදනා ඇති වේ. භාවනා දියුණු කර ගන්නට නම් ඒවා විඳ දරා ගත යුතු ය. භාවනා කිරීමේ දී ශරීරයේ යම්කිසි තැනක වේදනාවක් ඇතිවුව හොත් ඒ වේදනාවත් “වේදනාවක් වේදනාවක්” කියා මෙනෙහි කරන්න. එය කරන්නේ ද ආශ්වාස ප්‍ර‍ශ්වාස සිහි කිරීමත් සමඟ ය. ආශ්වාස ප්‍ර‍ශ්වාස සිහි කිරීම සම්පූර්ණයෙන් ම නො නවත්වනු. වේදනාව මඳ වේලාවක් සිහි කරන කල්හි ක්‍ර‍මයෙන් අඩු වී ගොස් අන්තිමට නැතිවෙනු ඇත. පැය බාගයක් හෝ පැයක් භාවනා කරන්නට ඉටා පටන් ගත් තැනැත්තා විසින් කොතරම් අමාරුවක් ඇතිවුව ද නියමිත කාලයට කලින් භාවනාව නො නැවැත්විය යුතු ය. නියමිත කාලයට කලින් නවත්වන්නහුට ද සමාධියක් නො ලැබේ.

වායුව සැපීගෙන යන තැනට සිත යොමු කර එහි සිත පිහිටවා ගෙන වායුව ඇතුළුවන කල්හි ආශ්වාස යයි ද පිටවන කල්හි ප්‍ර‍ශ්වාසය යි ද සිතනු. එසේ සිතීම භාවනාව ය. පිට වී ගිය වාතය ගැන හෝ ඇතුළේ ඇති වාතය ගැන හෝ නො සිතනු.

පටන් ගැනීමේදී ආශ්වාස ප්‍ර‍ශ්වාස ගණන් කරමින් භාවනා කිරීම හොඳ ය. හුස්ම ඇතුළු වන කල්හි එකය කියා ගණන් ගත යුතු ය. නැවත හුස්ම පිටවන කල්හි දෙකය කියා ගණන් ගතයුතු ය. නැවත ඇතුළුවන කල්හි තුනය කියා ද පිටවන කල්හි සතරය කියා ද ගණන් කරනු. දහයක් වූ කල්හි නැවත එකේ පටන් ගණන් කරනු. දසයෙන් එහාට ගණන් නො කළ යුතු ය. පහෙන් අඩුව ද ගණන් කිරීම නොනැවැත්විය යුතු ය. ගණන් කිරීමේ දී හොඳට වැටෙන ආශ්වාස ප්‍ර‍ශ්වාස පමණක් ගණන් ගත යුතු ය. නො වැටෙන වාර ගණන් නොගත යුතු ය. එකේ පටන් පහ දක්වා ගැන පහෙන් නවත්වා නැවත එකේ පටන් සය දක්වා ද නැවත එකේ පටන් සත දක්වා ද නැවත එකේ පටන් අට දක්වා ද නැවත එකේ පටන් නවය දක්වා ද නැවත දසය දක්වා ද ගණන් කිරීම ද එක් ගැනීම් ක්‍ර‍මයකි. කවර ආකාරයකින් හෝ ගැනීම කරනු. එක් ආශ්වාස ප්‍ර‍ශ්වාසයකුදු නො හැරෙන ලෙස ගැණිය හැකි තත්ත්වයට පැමිණි කල්හි සිත ද බැහැර නො ගොස් ආශ්වාස ප්‍ර‍ශ්වාස ගැනීමෙහි ම එකඟව පවත්නා තත්ත්වය ඇති වූ පසු ගණන් කිරීෟම නවත්වා ආශ්වාස ප්‍ර‍ශ්වාස දෙක අනුව සිත පවත්වමින් භාවනා කළ යුතු ය. ඔරලෝසුවක එහා මෙහා යන බට්ටා දෙස බලා සිටින කල්හි එය පෙනෙන්නාක් මෙන් ආශ්වාස ප්‍ර‍ශ්වාස දෙක සිතට හොඳට පෙනෙන පරිදි එහි සිත පිහිටුවා භාවනා කළ යුතු ය.

එසේ භාව්නා කරන කල්හි සිත බැහැර නො ගොස් එහිම පිහිටන්නේ ය. එය සිත සමාධි වීම ය. සිත සමාධි වන කල්හි කය ද සන්සුන් වන්නේ ය. කයට කිසි අපහසුවක් නො දැනෙන්නේ ය. සිරුරෙහි පැතිර යන සුවයක් ද මේ අවස්ථාවෙහිදී ඇති විය හැකි ය. කය සන්සුන් වීමෙන් ආශ්වාස ප්‍ර‍ශ්වාස වේගය අඩුවේ. සෙමින් සෙමින් නාස්පුඩුවලින් වායුව ඇතුළුවීමට ද සෙමින් පිටවීමට ද වන්නේ ය. වායුව සෙමින් පිටවන කල්හි පිටවී අවසන්වීමට වැඩි කාලයක් ගත වේ. වායුව සෙමින් ඇතුළුවන කල්හි පෙනහලු පිරෙන්නට වාතය ඇතුල්වීමට ද වැඩි වේලාවක් ගතවන්නේ ය. ඇතුළු වී අවසන් වීමට වැඩි වේලාවාක් ගත වන ආශ්වාසයට දීර්ඝ ආශ්වාසය ය යි ද පිටවීමට වැඩි වේලාවක් ගත වන ප්‍ර‍ශ්වාසයට දීර්ඝ ප්‍ර‍ශ්වාසය යි ද කියනු ලැබේ. දීර්ඝ ආශ්වාස ප්‍ර‍ශ්වාසය ම නිරතුරුව පවත්නේ නොවේ. විටින් විට ආශ්වාස ප්‍ර‍ශ්වාස කෙටි වන්නට ද පටන් ගනී. කෙටි ආශ්වාස ප්‍ර‍ශ්වාසය යි කියනුයේ ඉක්මණින් කෙළවර වන ආශ්වාස ප්‍ර‍ශ්වාසය ය. ආශ්වාස ප්‍ර‍ශ්වාස අනුව සිත පිහිටවා භාවනා කරන තැනැත්තා විසින් ආශ්වාස ප්‍ර‍ශ්වාසයන්ගේ දික් බව කෙටි බව දැනෙන ලෙස ද භාවනා කළ යුතු ය. ආශ්වාස ප්‍ර‍ශ්වාසයන්ගේ මුල මැද අග යන සියල්ල ම දැනෙන ලෙස එහි හොඳින් සිත පිහිටවා භාවනා කළ යුතු ය. ආශ්වාස ප්‍ර‍ශ්වාසයන්ගේ මුලය කියනුයේ සැපෙන ස්ථානයේ පළමුවෙන්ම සැපෙන වායුව ය. අගය කියනුයේ අන්තිමට සැපෙන වායුව ය. ඒ දෙක ඉතා සියුම් ය. භාවනා කරන අයට සාමාන්‍යයෙන් දැනෙන්නේ ආශ්වාස ප්‍ර‍ශ්වාසයන්ගේ මැද කොටස ය. සමාධිය දියුණු වන කල්හි එය අනුව නුවණ ද දියුණුවීමෙන් පටන් ගැනීමේ දී සැපෙන ඉතා සියුම් වායුව හා අන්තිමට ගැටෙන ඉතා සියුම් වායුවත් සමඟ සම්පූර්ණ ආශ්වාස ප්‍ර‍ශ්වාසය දත හැකි වන්නේ ය. ඒ තත්ත්වයට පැමිණෙන පරිදි භාවනා කරනු. එසේ භාවනා කරන කල්හි සමාධිය වැඩෙත් වැඩෙත් ම ක්‍ර‍මයෙන් ආශ්වාස ප්‍ර‍ශ්වාසය ද වඩ වඩා සන්සිඳෙන්නට වන්නේ ය. සමහර විට යෝගාවචරයා හට දැන් ආශ්වාස ප්‍ර‍ශ්වාස නැතය කියා සිතෙන්නට පුළුවන. එබඳු තත්ත්වයක් පැමිණි කල්හි ආශ්වාස ප්‍ර‍ශ්වාස දැනගැනීම සඳහා තදින් හුස්ම ගැනීම හෙළීම නො කළ යුතු ය. ආශ්වාස ප්‍ර‍ශ්වාස නො දැනී යන්නේ සියුම් ආශ්වාස ප්‍ර‍ශ්වාස දැනෙන තරමට නුවණ වැඩී නැති නිසා ය. වායුව සියුම් වන අවස්ථාවල දී වේගය වැඩි කරමින් භාවනා කළ හොත් සියුම් වායුව දැනෙන තරමට සමාධි ප්‍ර‍ඥා නො වැඩෙන්නේ ය. වායුව සියුම් වී නොදැනී යන අවස්ථාවලදී බාහිර අරමුණුවලට සිත නොයවා කලින් වායුව සැපෙනවා දැනුණු තැන සිත පිහිටවා ගෙන සිටිය යුතු ය. එසේ සිටින කල්හි එය දැනෙන්නට වෙනවා ඇත. සියුම් ආශ්වාස ප්‍ර‍ශ්වාසය ද දැනෙන තැනට භාවනාව දියුණු කර ගත් යෝගාවචරයාට වැඩිකල් නො ගොස් ආශ්වාස ප්‍ර‍ශ්වාස ප්‍ර‍තිභාග නිමිත්ත පහළ වන්නේ ය. එයින් ආනාපානධ්‍යානය ලැබිය හැකි වනු ඇත.

පිළිකුල් භාවනාව

පිළිකුල් භාවනාව යනු කේශාදි ශරීර කොට්ඨාසයන් පිළිබඳ භාවනාව ය. එයට කොට්ඨාස භාවනා යන නම හා කායගතාසති භාවනා යන නම ද කියනු ලැබේ. මේ භාවනාව ආනාපාන කර්මස්ථානාදිය සේ බුදුසස්නෙන් පිටත තීර්ථක ශාසනවල ඇතියක් නොවේ. මෙය ඇත්තේ බුදුසස්නෙහි පමණකි. බුදු සස්නෙහි බොහෝ දෙනකුන් අර්හත්වයට පැමිණ ඇත්තේ මේ භාවනාවෙන්ම ය යි කිය යුතු ය. පැවිදි වන්නවුන්ට හිසකේ බෑමේ දී ම මේ කමටහන කියා දිය යුතු බව විනයෙහි දක්වා තිබේ. එයින් පෙනෙන්නේ බුදුසස්නෙහි බොහෝ දෙනකු මේ භාවනාව කළ බව ය. මෙය දීර්ඝ භාවනාවෙකි. දිනපතා භාවනා කරන්නකුට නියම ක්‍ර‍මයට මේ භාවනාව වරක් කර අවසන් කිරීමට පස්මස් පසළොස් දිනක් ගත වේ. මසකට දිනක් දෙකක් සිල්සමාදන් වී භාවනා කරන්නවුන්ට එසේ නො කළ හැකි බැවින් මෙහි ඔවුනට සුදුසු පරිදි භාවනා ක්‍ර‍මයක් දක්වනු ලැබේ. විස්තර භාවනාව බෞද්ධයාගේ අත්පොත නමැති ග්‍ර‍න්ථයෙන් බලාගත හැකි ය.

පිළිකුල් භාවනා පාඨය.

අත්ථි ඉමස්මිං කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ, මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං, හදයං යකනං කිලෝමකං පිහකං පප්ඵාසං, අන්තං අන්ත ගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා ඛේලෝ සිංඝාණිකා ලසිකා මුත්තං මත්ථකෙ මත්ථලුංගංති.

තේරුම:-

කෙස්ය ලොම්ය නියය දත්ය සමය, මස්ය නහරටය ඇටය ඇටමිදුලුය වකුගඩුය, හෘදයමාංසය අක්මාවය දළබුවය බඩදිවය පෙණහල්ලය, අතුණුය අතුණු බහනය නො පැහුණු අහරය මොළය පිතය සෙමය සැරවය ලේය ඩහදිය ය මේද තෙලය, කඳුළුය වුරුණු තෙලය කෙළය සොටුය සඳමිදුලුය මුත්‍ර‍ය හිස මුදුනෙහි හිස් මොළය, යන මේ කුණප කොට්ඨාසයෝ මේ ශරීරයේ ඇත්තාහ.

භාවනාවක් වශයෙන් මෙය සජ්ඣායනා කරනු. අන් භාවනා මෙන් සිතින් පමණක් භාවනා කිරීම මේ භාවනාවට ප්‍ර‍මාණ නොවේ. මතු දක්වන වගන්ති පාඩම් කර ගෙන භාවනා කරනු. පාඩම් වන තුරු පොත බලා ගෙන සජ්ඣායනා කරනු.

තචපඤ්චක භාවනාව

(1) මේ ශරීරයේ කේසයෝ කළු වූ වට වූ දික් වූ ශරීරයේ උඩ කොටසෙහි ඇත්තා වූ හිස් කබල වසා සිටින සමෙහි පිහිටියා වූ යටින් වියැට අගක් පමණ සම තුළට වැද සිටින මුල්වලින් හා උඩින් අහසින් ද සරසින් ඔවුනොවුන්ගෙන් ද වෙන් ව පවත්නා කුණප කොට්ඨාසයෙකි.

ඒ කේසයෝ පැහැයෙන් ද සටහනින් ද ගඳින් ද ආශ්‍රයෙන් ද පිහිටි ස්ථානයෙන් ද පිළිකුල් ය. (මේ පස් ආකාර පිළිකුල සියලු කොටසුන්ට යොදා කියනු.)

(2) මේ ශරීරයේ ලෝමයෝ මඳක් කළු වූ කුඩා මුල්වැනි වූ ශරීරයේ උඩ යට දෙක්හි ම හටගත්තා වූ ශරීරය වසා සිටින සමෙහි පිහිටියා වූ යටින් සමට වැදී ඇති මුල්වලින් හා උඩින් අහසින් ද වෙන් වී ඇති කුණප කොට්ඨාසයෙහි.

(3) මේ ශරීරයේ නිය සුදු පැහැ ඇත්තා වූ ලොකු මසුන්ගේ කොර බඳු සටහන් ඇත්තා වූ ශරීරයේ උඩ යට දෙකෙහි ම හටගත්තා වූ ඇඟිලි අග මසින් ද උඩින් අහසින් ද වෙන් වූ කුණප කොට්ඨාසයකි.

(4) මේ ශරීරයේ දත් පැහැයෙන් සුදු වූ කළගෙඩි ගැටියක සිට වූ ලබු ඇට පෙළක් බඳු වූ උඩ කොටසෙහි හටගත්තා වූ හකු ඇට දෙක්හි පිහිටියා වූ යටින් හකු ඇටයෙහි කාවැදී ඇති මුල්වලින් හා උඩින් අහසින් ද සරසින් ඔවුනොවුන්ගෙන් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

(5) මේ ශරීරයේ සම නොයෙක් පැහැ ඇත්තා වූ රූපයකට හඳවන ලද සැට්ටයක් බඳු වූ ශරීරයේ උඩ යට දෙක්හි ම හට ගත්තා වූ ශරීරය වසා පිහිටියා වූ වටින් ශරීරයෙන් හා උඩින් ආකාශයෙන් ද වෙන් වූ කුණප කොට්ඨාසයකි.

පස් ආකාර පිළිකුල් බව කේශයන්ට කීවාක් මෙන් ම සියලු කොටස්වලට ම යොදා සජ්ඣායනා කරන ඇතැමුන් මේ තචපඤ්චක භාවනාවෙන් ම ද අර්හත්වය ලබා ඇත්තේ ය.

විදර්ශනා භාවනාව

විදර්ශනා භාවනාව යනු සංස්කාරයන්ගේ අනිත්‍ය දුඃඛ අනාත්ම යන ලක්ෂණ තුන මෙනෙහි කිරීම ය. නුවණින් බැලීම ය. විදර්ශනා භාවනාව ගැන විස්තර දැන ගැනීමට කැමති නම් විදර්ශනා භාවනා ක්‍ර‍මය නමැති පොත කියවන්න. කේසාදි කොටස් දෙතිස විදර්ශනා කරන්නේ මෙසේ ය:

විදර්ශනා භාවනා වාක්‍යය

මේ ශරීරයේ කේසයෝ විකාරයට පැමිණෙන බැවින් ද නැසෙන බැවින් ද අනිත්‍යයෝ ය. කෙස් හිමියාට කෙස්වලට ඇලුම් කරන්නාහට අනේකාකාරයෙන් පීඩා කරන බැවින් දුඃඛයෝ ය. කිසිවකුගේ කැමැත්තේ සැටියට නො පවත්නා බැවින් අනාත්මයෝ ය.

මේ ශරීරයේ ලෝමයෝ විකාරයට පැමිණෙන බැවින් නැසෙන බැවින් අනිත්‍යයෝ ය. හිමියාට අනේකාකාරයෙන් පීඩා කරන බැවින් දුඃඛයෝ ය. කිසිවකුගේ කැමැත්ත පරිදි නොපවත්නා බැවින් අනාත්මයෝය.

මෙසේ කොටස් දෙතිස ගැන ම භාවනා කරනු.

මරණානුස්මෘති භාවනාව

භාවනා වාක්‍යය

(මෙය පාඩම් කර ගෙන භාවනා කරනු.)

ජීවිතය අනියතය. මරණය නියත ය. සත්ත්වයාගේ ජීවිතය මරණින් කෙළවර වන්නේ ය. මම ද මැරෙන්නෙමි. මාගේ ජීවිතය ද මරණින් කෙළවර වන්නේ ය. සත්ත්වයා මරණය අරගෙන ම උපදින්නාහ. මරණය ගෙන උපන් සත්ත්වයෝ උදා වූ තැන පටන් මොහොතකුදු නොනැවතී අස්තය කරා ගමන් කරන හිරු මෙන් උපන් තැන් පටන් මොහොතකුදු නො නැවතී මරණය කරා ගමන් කරන්නාහ. මම ද මරණය ගෙන උපනිමි. ඒ මම දිවා රාත්‍රි දෙක්හි නො නැවතී මරණය කරා ගමන් කරමි. මහා සම්මතාදි මහසම්පත් ඇතිව සිටි රජදරුවෝ ද ජෝතිය ජටිල මෙණ්ඩකාදි මහපිනැති සිටුවරුද වාසුදේව බලදේවාදි මහ බලැතියෝ ද මහා සෘද්ධිමත්හු ද මහනුවණැතියෝ ද මරණයට පැමිණියෝ ය. මා වැනියකුට ඉන් කෙසේ ගැලවිය හැකි ද? නොහැකිම ය. මම ඒකාන්තයෙන් මරණට පැමිණෙන්නෙමි.

මරණානුස්මෘති ගාථා

මහායසා රාජවරා, මහාසම්මත ආදයෝ,

තේපි මච්චුවසං පත්තා, මාදියේසු කථාව කා.

මහ පිරිවර ඇත්තා වූ මහාසම්මතාදි රජවරු ද මරු වසඟයට පැමිණියහ. මා වැනියවුන් ගැන කවර කථා ද?

ජෝතියෝ ජටිලෝ උග්ගෝ,

මෙණ්ඩකෝ අථ පුණ්ණකෝ,

ඒතේ චඤ්ඤෝ ච යේ ලෝකේ,

මහා පුඤ්ඤාති විස්සුතා,

සබ්බේ මරණමාපන්නා,

මාදිසේසු කථාව කා.

ජෝතියය ජටිලය උග්ගය මෙණ්ඩකය පුණ්ණකය යන මහපිනැති මහසිටුවරුද ලෝකයෙහි විසූ අන්‍ය සුප්‍ර‍සිද්ධ මහ පිනැතියෝ ද යන සැම දෙනා ම මරණයට පැමිණියාහු ය. මා වැනියවුන් ගැන කවර කථා ද?

වාසුදේවෝ බලදේවෝ, භීමසේනෝ යුධිට්ඨිලො,

චානුරෝ පියදාමල්ලෝ අන්තකස්ස වසං ගතා,

ඒවං ථාමබලූපේතා, ඉති ලෝකම්හිවිස්සුතා,

ඒතේපි මරණං යාතා මාදිසේසු කථාව කා.

ලෝකයෙහි මහාබලැතියන් වශයෙන් ප්‍ර‍සිද්ධ ව විසූ වාසුදේව බලදේව භීමසේන යුධිෂ්වර චානුර පියදාමල්ල යන අය ද මරණප්‍රාප්ත වූහ. මා වැනියවුන් ගැන කවර කථා ද?

පාදංගුට්ඨකමත්තේන, වේජයන්තමකම්පයී,

යෝනමිද්ධිමතං සෙට්ඨො දුතියෝ අග්ගසාවකෝ,

සෝ පි මච්චුමුඛං ඝොරං මිගෝ සීහමුඛං විය,

පවිට්ඨෝ සහ ඉද්ධීහි, මාදියේසු කථාව කා.

සෘද්ධිමතුන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ යම් ද්විතීය අග්‍ර‍ශ්‍රාවක කෙනෙක් පයේ සුළඟිල්ලෙන් ම සක්දෙව් රජහු ගේ වේජයන්ත ප්‍රාසාදය කම්පා කළෝ ද ඒ ශ්‍රාවකයන් වහන්සේ ද මුවකු සිංහ කටකට හසුවන්නාක් මෙන් සෘද්ධීන් සමඟ ම මාර මුඛයට පිවිසියහ. මා වැනියවුන් ගැන කවර කථා ද?

රාත්‍රියේ 10 පටන් 12 දක්වා

භාවනා කරන්නට ගියත් නිදිමත වන මේ මධ්‍යම රාත්‍රිය තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මයන් සජ්ඣායනා කිරීමට සුදුසු කාලය ය. ධර්ම සජ්ඣායනය භාවනාමය කුශලයට ද අයත් ය. තේරුමක් නො දැන නිකම් ම සූත්‍ර‍ ධර්ම සජ්ඣායනයෙන් කිනම් ප්‍රයෝජනයක් දැයි ප්‍ර‍ශ්නයක් ඇති විය හැකි ය. තේරුම නොදැන වුව ද තථාගත වචන ගෞරවයෙන් සජ්ඣායනා කරන සත්පුරුෂයාට එයින් මහ පිනක් අත් වේ. එය එක් ප්‍රයෝජනයකි. සූත්‍ර‍ ධර්ම සජ්ඣායනයෙන් ඒවායේ වචන හුරු පුරුදු වේ. වචන පුරුදු වීම ද ඒවායේ අර්ථය තේරුම් ගැනීමට උපකාර වේ. සූත්‍ර‍වල වචන පුරුදු වී ඇති තැනැත්තාට යම් කිසි විටෙක ඒ ධර්ම තේරුම් කර දෙනවා ඇසුන හොත් ධර්මය පහසුවෙන් තේරුම් ගත හැකිවේ. එද ධර්‍ම සජ්ඣායනයෙන් ලැබෙන වටිනා ප්‍රයෝජනයෙකි.

දම්සක් පැවතුම් සූත්‍ර‍ය

අප බුදුරජාණන් වහන්සේ වෙසක් මස පුර පසළොස්වක් පොහෝ දිනයේදී පස්මරුන් පරදවා සියල්ල දැන ලොවුතුරා බුදු බවට පැමිණීමෙන් පසු සත්සතියක් ගත කොට අටවන සතියේ මහා බ්‍ර‍හ්මයාගේ ආරාධනාව පිළිගෙන වදාරා බරණැස ඉසිපතනයට වැඩම කොට දස දහසක් සක්වලින් පැමිණි දේව බ්‍ර‍හ්ම ගණයා පිරිවරා සිටියදී අඤ්ඤාකොණ්ඩඤ්ඤාදි තවුසන් පස්දෙනා අමතා දම්සක් පැවතුම් සූත්‍ර‍ය වදාළ සේක. එය තථාගතයන් වහන්සේගේ ප්‍ර‍ථම ධර්ම දේශනාව ය. ඒ සූත්‍ර‍ ධර්මය ශ්‍ර‍වණය කිරීමෙන් අඤ්ඤාකොණ්ඩඤ්ඤා තවුසාණෝ සෝවාන් ඵලයට පැමිණියහ. අටළොස් කෝටියක් දේව බ්‍ර‍හ්මයෝ ද ධර්මය අවබෝධ කර ගත්හ. තථාගතයන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව වන ඒ සූත්‍ර‍ය රාත්‍රි කාලයේ සජ්ඣායනයට ඉතා යෝග්‍ය ධර්මයෙකි. මෙය ඉතා ගෞරවයෙන් සජ්ඣායනා කළ යුතු ය. ආරම්භයේ දී මුව පිරිසිදු කරගෙන සුදුසු තැනක වාඩි වී පොත ද සුදුසු තැනක තබා ගෙන සජ්ඣායනාව පටන් ගත යුතු ය. සූත්‍ර‍ය සජ්ඣායනා කරන අතර අන් කථා නො කළ යුතු ය. සූත්‍ර‍ය කියා අවසන් නො කොට සජ්ඣායනාව නො නැවැත්විය යුතු ය. මෙය දෙවියන්ට ප්‍රිය දෙවියන් ගරුකරන, අසනු කැමති සූත්‍රයෙකි. එබැවින් දේවතාරාධනාව ද කොට සූත්‍ර‍ය සජ්ඣායනා කළ යුතු ය.

දේවතාරාධනාව මෙසේ කරනු.

යේ සන්තා සන්තචිත්තා, තිසරණ සරණා එත්ථ ලෝකන්තරේ වා,

භූම්මා භූම්මා ච දේවා, ගුණ ගණගහනා, බ්‍යාවටා සබ්බකාලං,

ඒතේ ආයන්තු දේවා, වරකනකමයේ, මේරුරාජේ වසන්තෝ,

සන්තෝ සන්තෝ සහේතුං, මුනිවරවචනං, සාධවෝ මේ සුණන්තු.

මෙය ලකුණු යොදා ඇති තැන්වල නවත්වමින් තුන් වරක් කියා අනතුරු ව නමස්කාර පාඨය ද තුන් වරක් කියා සූත්‍ර‍ය සජ්ඣායනා කරන්න. උපාසක පිරිසේ ඉන්නා කාටත් සජ්ඣායනා කළ හැකි නම් සෑම දෙනා ම සජ්ඣායනා කරනු. එසේ කරන කල්හි ද එක් එක්කෙනා තම තමන්ට ඕනෑ සැටියකට නො කියා වගන්තියක් පාසා ම එක වර කියන්නට පටන් ගනිමින් ද එක වර අවසන් කිරීමෙන් ද සජ්ඣායනා කරනු. සෑමදෙනාම සජ්ඣායනාවට අසමත් නම් සෙස්සන්ට අසා ගෙන සිටීමට කෙනකු දෙදෙනකු විසින් සජ්ඣායනා කළ යුතු ය. සෙස්සන් සාධුකාර දෙමින් ශ්‍ර‍වණය කළ යුතු ය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ඒවං මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේ, තත්‍ර‍ ඛෝ භගවා පඤ්චවග්ගියේ භික්ඛු ආමන්තේසි.

ද්වේ මේ භික්ඛවෙ, අන්තා පබ්බජිතේන න සේවිතබ්බා සෝචායං කාමේසු කාමසුඛල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝථුජ්ජනිකෝ අනරියෝ අනත්ථසංහිතෝ, යෝචායං අත්තකිලමථානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථසංහිතෝ.

ඒතේ තේ භික්ඛවේ, උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමාපටිපදා තථාගතේන අභිසම්බුද්ධා, චක්ඛුකරණි ඤාණකරණි, උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති.

කතමා ච සා භික්ඛවේ, මජ්ඣිමා පටිපදා තථා ගතේන අභිසම්බුද්ධා, චක්ඛුකරණී ඤාණකරණී, උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. සෙය්‍යථීදං? සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ, සම්මා වාචා සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මාසති, සම්මාසමාධි.

අයං ඛෝ සා භික්ඛවේ, මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති.

ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛං අරියසච්චං, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලහති තම්පි දුක්ඛං, සංඛිත්තේන පඤ්චුපාදනක්ඛන්ධා දුක්ඛා,

ඉදං ඛො පන භික්ඛවේ, දුක්ඛසමුදයං අරියසච්චං, යායංතණ්හා පෝනෝභවිකා නන්දිරාග සහගතා තත්‍ර‍ තත්‍රාභිනන්දිනී. සෙය්‍යථීදං? කාමතණ්හා භවතණ්හා, විභවතණ්හා.

ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛනිරෝධං අරියසච්චං, යෝ තස්සා යේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගො, පටිනිස්සග්ගෝ, මුත්ති, අනාලයෝ.

ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛ නිරොධගාමිනී පටිපදා අරියසච්චං:- අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ, සෙය්‍යථීදං? සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මාසති සම්මාසමාධි.

ඉදං දුක්ඛ අරියසච්චන්ති’ මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු, චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි.

තං ඛෝ පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤෙය්යන්ති’ මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි.

තං ඛෝ පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤාතන්ති’ මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි.

ඉදං දුක්ඛ සමුදයං අරියසච්චන්ති’ මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි.

තං ඛෝ පනිදං දුක්ඛසමුදයං අරියසච්චං පහාතබ්බන්ති’ මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි.

තං ඛෝ පනිදං දුක්ඛසමුදයං අරියසච්චං පහීනන්ති’ මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි.

ඉදං දුක්ඛනිරෝධං අරියසච්චන්ති’ මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජ උදපාදි, ආලෝකෝ උදපාදි.

තං ඛෝ පනිදං දුක්ඛනිරෝධං අරියසච්චං සච්ඡිකාතබ්බන්ති’ මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි.

තං ඛෝ පනිදං දුක්ඛනිරෝධං අරියසච්චං සච්ඡිකතන්ති’ මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි.

ඉදං දුක්ඛනිරෝධ ගාමිනී පටිපදා අරියසච්චන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි.

තං ඛෝ පනිදං දුක්ඛනිරෝධගාමිනී පටිපදා අරියසච්චං භාවේතබ්බන්ති’ මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි.

තං ඛෝ පනිදං දුක්ඛනිරෝධ ගාමිනී පටිපදා අරියසච්චං භාවිතන්ති’ මේ භික්ඛවෙ පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි.

යාව කීවඤ්ච මේ භික්ඛවේ, ඉමේසු චතුසු අරියසච්චේසු, ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං න සුවිසුද්ධං අහෝසි, නේවතාවාහං භික්ඛවේ, සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍ර‍හ්මකේ සස්සමණ බ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසිං.

යතො ච ඛෝ මේ භික්ඛවේ, ඉමේසු චතුසු අරියසච්චේසු ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං සුවිසුද්ධං අහෝසි. අථා’හං භික්ඛවේ, සදේවකේ ලේකේ සමාරකේ සබ්‍ර‍හ්මකේ සස්සමණ බ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසිං.

ඤාණඤ්ච පන මේ දස්සනං උදපාදි, අකුප්පා මේ චේතෝ විමුත්ති, අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවෝති.

ඉදමවෝච භගවා අත්තමනා පඤ්චවග්ගියා භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති. ඉමස්මිඤ්ච පන මේ වෙය්යාකරණස්මිං භඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි, යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරෝධධම්මන්ති.

පවත්තිතේ ච පන භගවතා ධම්මචක්කේ භුම්මා දේවා සද්දමනුස්සාවේසුං, එතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණෙන වා බ්‍රාහ්මණෙනවා දේවේන වා මාරේන වා බ්‍ර‍හ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති.

භුම්මානං දේවානං සද්දං සුත්වා චාතුම්මහාරාජිකා දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරාණසියං .............ලෝකස්මින්ති.

චාතුම්මහාරාජිකානං දේවානං සද්දං සුත්වා තාවතිංසා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ............ලෝකස්මින්ති.

තාවතිංසානං දේවානං සද්දං සුත්වා යාමා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ..............ලෝකස්මින්ති.

යාමානං දේවානං සද්දං සුත්වා තුසිතා දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරාණසියං ...........ලෝකස්මින්ති.

තුසිතානං දේවානං සද්දං සුත්වා නිම්මාණරතී දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ...............ලෝකස්මින්ති.

නිම්මාණරතීනං දේවානං සද්දං සුත්වා පරනිම්මිත වසවත්තිනෝ දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරාණසියං........ලෝකස්මින්ති.

පරනිම්මිත වසවත්තීනං දේවානං සද්දං සුත්වා බ්‍ර‍හ්මපාරිසජ්ජා දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරාණසියං........ලෝකස්මින්ති.

බ්‍ර‍හ්මපාරිසජ්ජානං දේවානං සද්දං සුත්වා බ්‍ර‍හ්ම පුරෝහිතා දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරාණසියං........ලෝකස්මින්ති.

බ්‍ර‍හ්මපුරෝහිතානං දේවානං සද්දං සුත්වා මහා බ්‍ර‍හ්මා දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරාණසියං........ලෝකස්මින්ති.

මහා බ්‍ර‍හ්මානං දේවානං සද්දං සුත්වා පරිත්තාභා දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරාණසියං........ලෝකස්මින්ති.

පරිත්තාභානං දේවානං සද්දං සුත්වා අප්පමාණාභා දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරාණසියං........ලෝකස්මින්ති.

අප්පමාණාභානං දේවානං සද්දං සුත්වා ආභස්සරා දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරාණසියං........ලෝකස්මින්ති.

ආභස්සරානං දේවානං සද්දං සුත්වා පරිත්තසුභා දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරාණසියං........ලෝකස්මින්ති.

පරිත්තසුභානං දේවානං සද්දං සුත්වා අප්පමාණසුභා දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරාණසියං........ලෝකස්මින්ති.

අප්පමාණසුභානං දේවානං සද්දං සුත්වා සුභකිණ්ණකා දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරාණසියං........ලෝකස්මින්ති.

සුභකිණ්ණකානං දේවානං සද්දං සුත්වා වේහප්ඵලා දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරාණසියං........ලෝකස්මින්ති.

වේහප්ඵලානං දේවානං සද්දං සුත්වා අවිහා දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරාණසියං........ලෝකස්මින්ති.

අවිහානං දේවානං සද්දං සුත්වා අතප්පා දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරාණසියං........ලෝකස්මින්ති.

අතප්පානං දේවානං සද්දං සුත්වා සුදස්සා දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරාණසියං........ලෝකස්මින්ති.

සුදස්සානං දේවානං සද්දං සුත්වා සුදස්සී දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරාණසියං........ලෝකස්මින්ති.

සුදස්සීනං දේවානං සද්දං සුත්වා අකණිට්ඨකා දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරාණසියං........ලෝකස්මින්ති.

ඉති’හ තේන ඛණෙන තේන මුහුත්තේන යාව බ්‍ර‍හ්මලෝකා සද්දෝ අබ්භුග්ගඤ්ඡි.

අයඤ්ච දසසහස්සි ලෝකධාතු සංකම්පි, සම්පකම්පි, සම්පවේධි අප්පමාණොච උළාරෝ ඕභාසෝ ලෝකේ පාතුරහෝසි, අතික්කම්ම දේවානං දේවානුභාවන්ති.

අථ ඛෝ භගවා උදානං උදානේසි. “අඤ්ඤාසි වත හෝ කොණ්ඩඤ්ඤෝ: අඤ්ඤාසි වත හෝ කොණ්ඩඤ්ඤෝති. ඉතිහිදං ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤාකොණ්ඩඤ්ඤෝ” ත්වේව නාමං අහෝසීති.

ඡඡක්ක සූත්‍ර‍ය

තථාගතයන් වහන්සේ විසින් දේශිත සූත්‍ර‍ ධර්මයන් අතරින් මේ ජජක්ක සූත්‍ර‍ය ඉතා උසස් තැනක් ගන්නා සූත්‍රයෙකි. තථාගතයන් වහන්සේ පළමුවෙන් මේ සූත්‍ර‍ය දෙව්රම් වෙහෙරෙහි දේශනය කළ අවස්ථාවෙහි එය අසා සැටනමක් භික්ෂූන් වහන්සේලා සව් කෙලෙසුන් නසා අර්හත්වයට පත් වූහ. බුදුරදුන්ගෙන් දහම් අසා අර්හත්වයට පත්වීම එපමණ අරුමයක් නොවේ.

බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු මලියදේව නම් තෙරුන් වහන්සේ මේ සූත්‍ර‍ය අනුරාධපුරයේදී ලෝවාමහාපායේ යට මාලයේ දී දේශනය කළහ. එදා ද ඒ සූත්‍ර‍ ධර්මය අසා සැට නමක් භික්ෂූන් වහන්සේලා අර්හත්වයට පැමිණියහ. තෙරුන්වහන්සේ ලෝවාමහා-පායෙන් නික්ම ඒ ප්‍රාසාදය ඉදිරිපිට මහාමණ්ඩලයෙහි ඒ සූත්‍ර‍ය දේශනය කළහ. එතැනදී ද සැටනමක් භික්ෂූන් වහන්සේ රහත් වූහ. තෙරුන් වහන්සේ මහා විහාරයෙන් නික්ම සෑගිරියට වැඩම කොට එහි දී ද මේ සූත්‍රය දේශනය කළහ. ඉන්පු ශාක්‍යවංශ විහාරය, කුටාලි විහාරය, අන්තරසොබ්බය, මුතියංගණය, වාතකපබ්බතය, පාචීන ඝරකය, දීඝවාපිය, ලෝකන්දරය, ගාමෙණ්ඩලවාලය යන ස්ථානවල ද මේ සූත්‍ර‍ය දේශනය කළහ. ඒ සෑම තැනකදී ම ඒ සූත්‍ර‍ය අසා සැටනම බැගින් භික්ෂූන් වහන්සේලා රහත්වූහ. තෙරුන් වහන්සේ සිතුල්පව්වට වැඩම කළ කල්හි සැටවස් ඉක්මවා සිටි මහතෙර නමකගේ ආරාධනාවෙන් එක් ස්ථානයක දී මේ සූත්‍ර‍ය දේශනය කළ කල්හි එය අසා සැටවස් පිරුණු මහ තෙරුන් වහන්සේලා ම සැටනමක් අර්හත්වයට පත්වූහ. ඉක්බිති මලියදේව තෙරුන් වහන්සේ තිස්ස මහා විහාරයට වැඩම කොට ඒ ධර්මය දේශනා කළ කල්හි සැට නමක් භික්ෂූහු රහත් වූහ. ඉක්බිති තෙරුන් වහන්සේ කැළණියට වැඩම කොට නාගමහා විහාරයෙහි ද කාලක්ඡනම් ගමෙහි ද මේ සූත්‍ර‍ය දේශනය කළහ. සැටනම බැගින් භික්ෂූහු රහත් වූහ. ඉක්බිති තෙරුන් වහන්සේ තුදුස්වක් දිනයේ එහිම ප්‍රාසාදයක යට මාලයේ මේ සූත්‍ර‍ය දේශනය කළහ. පොහෝ දිනයේ දී පහය මත මේ සූත්‍ර‍ය දේශනය කළහ. දෙ වාරයේදී ම සැට නම බැගින් රහත් වූහ. මෙසේ මලියදේව තෙරුන් වහන්සේ විසින් මේ සූත්‍ර‍ ධර්මය දේශනය කළ සැට තැනක දීම සැට නම බැගින් භික්ෂූහු රහත් වූහ. එක්වරෙක ත්‍රිපිටක චූළනාග තෙරුන් වහන්සේ විසින් මේ සූත්‍ර‍ය දේශනය කරනු අසා දහසක් භික්ෂූහු අර්හත්වයට පැමිණියහ.

ඡඡක්ක සූත්‍ර‍ය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනෝ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර‍ ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි, භික්ඛවෝති. හදන්තේති, තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝව. ධම්මං හි වෝ භික්ඛවේ. දේසිස්සාමි ආදි කල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සව්‍යඤ්ජනං කේවල පරිපුණ්ණං පරිසුද්ධං බ්‍ර‍හ්මචරියං පකාසෙස්සාමි: යදිදං ඡ ඡක්කානි. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති ඒවං භන්තේති ඛෝ තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝව. ඡ අජ්ඣත්තිකානි ආයතනානි වේදිතබ්බානි, ඡ බහිරානි ආයතනානි වේදිතබ්බානි, ඡ විඤ්ඤාණ කායා වෙදිතබ්බා, ඡ ඵස්ස කායා වෙදිතබ්බා, ඡ වේදනා කායා වේදිතබ්බා, ඡ තණ්හාකායා වේදිතබ්බා.

ඡ අජ්ඣත්තිකානි ආයතනානි වේදිතබ්බානීති ඉති ඛෝ පනෙතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං? චක්ඛායතනං සෝතායතනං ඝාණායතනං ජිව්හායතනං කායායතනං මනායතනං. ඡ අජ්ඣත්තිකානි ආයතනානි වේදිතබ්බානීති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං, ඉදං පඨමං ඡක්කං.

ඡ බාහිරානි ආයතනානි වේදිතබ්බානි ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං? රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං ධම්මායතනං, ඡ බාහිරානි ආයතනානි වේදිතබ්බානීති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං, ඉදං දුතියං ඡක්කං.

ඡ විඤ්ඤාණකායා වේදිතබ්බානීති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්ත? චක්ඛුඤ්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං: සෝතඤ්ච පටිච්ච සද්දේ ච උප්පජ්ජති සෝතවිඤ්ඤාණං, ඝාණඤ්ච පටිච්ච ගන්ධේ ච උප්පජ්ජති ඝාණවිඤ්ඤාණං. ජිව්හඤ්ච පටිච්ච රසේ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං: කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බේ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං, මනඤ්ච පටිච්ච ධම්මේ ච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං, ඡ විඤ්ඤාණකායා වේදිතබ්බාති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං, ඉදං තතියං ඡක්කං.

ඡ ඵස්සකායා වේදිතබ්බාති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං? චක්ඛුඤ්ච පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ: සෝතඤ්ච පටිච්ච සද්දේ ච උප්පජ්ජති සෝතවිඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ: ඝාණඤ්ච පටිච්ච ගන්ධේ ච උප්පජ්ජති ඝාණවිඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ, ජිව්හඤ්ච පටිච්ච රසේ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං තිණ්ණං සංගති ඵස්සේ: කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බේ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං, තිණ්ණසංගති ඵස්සෝ: මනඤ්ච පටිච්ච ධම්මේ ච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං තිණ්ණං සංගති ඵස්සෝ, ඡ ඵස්සකාය වේදිතබ්බාති ඉතියං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං ඉදං චතුත්ථං ඡක්කං.

ඡ වේදනාකායා වේදිතබ්බාති ඉති ඛෝ පනේතං වුත්තං කිඤ්චේතං පටිච්ච වුත්තං? චක්ඛුඤ්ච පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා, සෝතඤ්ච පටිච්ච සද්දේ ච උප්පජ්ජති සෝත විඤ්ඤාණං, ඝාණඤ්ච පටිච්ච ගන්ධේ ච උප්පජ්ජති ඝාණවිඤ්ඤාණං-ජිව්හඤ්ච පටිච්ච රසේ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං-කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බේ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං-මනඤ්ච පටිච්ච ධම්මේ ච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං තිණ්ණං සංගති ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, ඡ වේදනා කායා වේදිතබ්බාති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්චවුත්තං, ඉදං පඤ්චමං ඡක්කං.

ඡ තණ්හාකායා වේදිතබ්බාති ඉති ඛෝ පනේතං වුත්තං. කිඤ්චේතංපටිච්ච වුත්තං? චක්ඛුඤ්ච පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ: ඵස්ස පච්චයා වේදනා. වේදනා පච්චයා තණ්හා. සෝතඤ්ච පටිච්ච සද්දේ ච උප්පජ්ජති සෝත විඤ්ඤාණං-: ඝාණඤ්ච පටිච්ච ගන්ධේ ච උප්පජ්ජති ඝාණවිඤ්ඤාණං-: ජිව්හඤ්ච පටිච්ච රසේ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණ -: කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බේ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං-: මනඤ්ච පටිච්ච ධම්මේ ච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං තිණ්ණං සංගති ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා: වේදනා පච්චයා තණ්හා. ඡ තණ්හාකායා වේදිතබ්බාති. ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං ඉදං ඡට්ඨං ඡක්කං.

චක්ඛුං අත්තානි යෝ වදෙය්‍ය, තං නං උප්පජ්ජති. චක්ඛුස්ස උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. යස්ස ඛෝ පන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති, අත්තා මේ උප්පජ්ජති ච චේති චාති ඉච්චස්ස ඒවමාගතං හොති, තස්මා තං න උප්පජ්ජති, චක්ඛුං අත්තාති යෝ වදෙය්‍ය ඉති චක්ඛුං අනත්තා. රූපා අත්තාති යෝ වදෙය්‍ය, තං න උප්පජ්ජති රූපානං උප්පාදෝපි වයෝපි පඤ්ඤායති, යස්ස ඛො පන උප්පාදෝපි වයං පඤ්ඤායති අත්තා මේ උප්පජ්ජති ච චේති චාති ඉච්චස්ස ඒවමාගතං හෝති: තස්මා තං න උප්පජ්ජති. රූපා අත්තාති යො වදෙය්‍ය. ඉති චක්ඛුං අනත්තා: රූපා අනත්තා. චක්ඛු විඤ්ඤාණං අත්තාති යෝ වදෙය්‍ය තං න උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණස්ස උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. යස්ස ඛෝ පන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති, අත්තා මේ උප්පජ්ජති ච චේති චාති ඉච්චස්ස එවමාගතං හෝති, තස්මා තං න උප්පජ්ජති. චක්ඛුවිඤ්ඤාණං අත්තාති යෝ වදෙය්‍ය ඉති චක්ඛුං අනත්තා රූපා අනත්තා චක්ඛු විඤ්ඤාණං අනත්තාති. චක්ඛු සම්ඵස්සෝ අත්තාති යො වදෙය්‍ය තං න උප්පජ්ජති. චක්ඛු සම්ඵස්සස්ස උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. යස්ස ඛෝ පන උප්පාදෝපි. වයෝපි පඤ්ඤායති. අත්තා මේ උප්පජ්ජති ච චේති චාති ඉච්චස්ස ඒවමාගතං හොති. තස්මා තං න උප්පජ්ජති, චක්ඛුසම්ඵස්සෝ අත්තාති යෝ වදෙය්‍ය. ඉති චක්ඛුං අනත්තා: රූපා අනත්තා. චක්ඛුවිඤ්ඤාණං අනත්තා: චක්ඛු සම්ඵස්සෝ අනත්තා. වේදනා අත්තාති යෝ වදෙය්‍ය, තං න උප්පජ්ජති. වේදනාය උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. තං න උප්පජ්ජති. වේදනාය උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. යස්ස ඛෝ පන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති, අත්තා මේ උප්පජ්ජති, වේදනා අත්තාති යෝ වදෙය්‍ය. ඉති චක්ඛුං අනත්තා: රූපං අනත්තා: චක්ඛුවිඤ්ඤාණං අනත්තා: චක්ඛුසම්ඵස්සෝ අනත්තා: වේදනා අනත්තා. තණ්හා අත්තාති යෝ වදෙය්‍ය තං න උප්පජ්ජති තණ්හාය උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. යස්ස ඛෝ පන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති, අත්තා මේ උප්පජ්ජති ච චේති චාති ඉච්චස්ස එවමාගතං හෝති. තස්මා තං න උප්පජ්ජති, තණ්හා අත්තාති යෝ වදෙය්‍ය, ඉති චක්ඛුං අනත්තා රූපං අනත්තා: චක්ඛු විඤ්ඤාණං අනත්තා. චක්ඛු සම්ඵස්සෝ අනත්තා: වේදනා අනත්තා: තණ්හා අනත්තා. සෝතං අත්තාති යෝ වදෙය්‍ය -පෙ-ඝාණං අත්තාති යෝ වදෙය්‍ය -පෙ- ජිව්හා අත්තාති යෝ වදෙය්‍ය -පෙ- කායෝ අත්තාති යෝ වදෙය්‍ය -පෙ- මනෝ අත්තාති යෝ වදෙය්‍ය, තං නං උප්පජ්ජති. මනස්ස උප්පාදෝපි වයෝපි පඤ්ඤායති, යස්ස ඛෝ පන උප්පදෝපි වයෝපි පඤ්ඤායති, අත්තා මේ උප්පජ්ජති ච චේති චාති ඉච්චස්ස ඒවමාගතං හෝති. තස්මා තං න උප්පජ්ජති, මනෝ අත්තාති යෝ වදෙය්‍ය. ඉති මනෝ අනත්තා. ධම්මා අත්තාති යෝ වදෙය්‍ය. තං න උප්පජ්ජති. ධම්මානං උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. යස්ස ඛෝ පන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. අත්තා මේ උප්පජ්ජති ච චේති චාති ඉච්චස්ස එවමාගතං හොති. තස්මා තං න උප්පජ්ජති. ධම්මා අත්තාති යො වදෙය්‍ය. ඉති මනෝ අනත්තා, ධම්මා අනත්තා, මනෝවිඤ්ඤාණං අත්තාති යො වදෙය්‍ය, තං න උප්පජ්ජති. මනෝවිඤ්ඤාණස්ස උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. යස්ස ඛො පන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. අත්තා මේ උප්පජ්ජති ච චේති චාති ඉච්චස්ස ඒවමාගතං හෝති තස්මා තං න උප්පජ්ජති. මනෝවිඤ්ඤාණං අත්තාති යෝ වදෙය්‍ය. ඉති මනෝ අනත්තා: ධම්මා අනත්තා: මනෝ විඤ්ඤාණං අනත්තා. මනෝසම්ඵස්සෝ අත්තාති යො වදෙය්‍ය තං න උප්පජ්ජති. මනෝසම්ඵස්සස්ස උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. තස්ස ඛෝ පන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. අත්තා මේ උප්පජ්ජති ච චේති චාති ඉච්චස්ස ඒවමාගතං හෝති. තස්මා තං න උප්පජ්ජති. මනෝ සම්ඵස්සෝ අත්තාති යෝ වදෙය්‍ය. ඉති මනෝ අනත්තා: ධම්මා අනත්තා, මනෝවිඤ්ඤාණං අනත්තා: මනෝ සම්ඵසසෝ අනත්තා. වේදනා අත්තාති යෝ වදෙය්‍ය, තං න උප්පජ්ජති. වේදනාය උප්පාදෝපි වයෝපි පඤ්ඤායති යස්ස ඛෝ පන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති අත්තා මේ උප්පජ්ජති ච චෙති චාති ඉච්චස්ස ඒවමාගතං හොති. තස්මා තං න උප්පජ්ජති, වේදනා අත්තාති යෝ වදෙය්‍ය. ඉති මනෝ අනත්තා ධම්මා අනත්තා: මනෝ විඤ්ඤාණං අනත්තා, මනෝ සම්ඵස්සෝ අනත්තා: වේදනා අනත්තා, තණ්හා අත්තාති යො වදෙය්‍ය, තං න උප්පජ්ජති තණ්හා උප්පාදෝපි වයෝපි පඤ්ඤායති, යස්ස ඛෝ පන උප්පාදෝපි වයෝපි පඤ්ඤාායති, අත්තා මේ උප්පජ්ජති ච චේති චාති ඉච්චස්ස ඒවමාගතං හෝති තස්මා තං න උප්පජ්ජති තණ්හා අත්තාති යෝ වදෙය්‍ය. ඉතිමානෝ අනත්තා: ධම්මා අනත්තා: මනෝ විඤ්ඤාණං අනත්තා: මනෝ සම්ඵස්සෝ අනත්තා: වේදනා අනත්තා: තණ්හා අනත්තා.

අයං ඛෝ පන භික්ඛවේ, සක්කායසමුදයගාමිනී පටිපදා: චක්ඛුං ඒතං මම ඒසෝහමස්මි, එසෝ මේ අත්තාති සමනුපස්සති. රූපං ඒතං මම ඒසෝහමස්මි. ඒසෝ මේ අත්තාති සමනුපස්සති චක්ඛු විඤ්ඤාණං ඒතං මම, ඒසෝහමස්මි, එසෝ මේ අත්තාති සමනුපස්සති. චක්ඛුසම්ඵස්සං ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තාති සමනුපස්සති, වේදනං ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තාති සමනුපස්සති. තණ්හං ඒතං මම, එසෝහමස්මි, ඒසෝ මේ අත්තාති සමනුපස්සති. සෝතං ඒතං මම, -පෙ- ඝාණං ඒතං මම, -පෙ- ජිව්හං ඒතං මම, -පෙ- කායං ඒතං මම, -පෙ- මනං ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තාති සමනුපස්සති. ධම්මේ ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තාති සමනුපස්සති. මනෝ විඤ්ඤාණං ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තාති සමනුපස්සති. මනෝසම්ඵස්සං ඒතං මම, ඒසෝහමස්මි. ඒසෝ මේ අත්තාති සමනුපස්සති. වේදනං ඒතං මම ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තාති සමනුපස්සති. තණ්හං ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තාති සමනුපස්සති.

අයං ඛෝ පන භික්ඛවේ, සක්කායනිරෝධගාමිනී පටිපදා:- චක්ඛුං නේතං මම, නේසෝහමස්මි. න මේ සෝ අත්තාති සමනුපස්සති: රූපං නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තාති සමනුපස්සති. චක්ඛු විඤ්ඤාණං නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තාති සමනුපස්සති: චක්ඛුසම්ඵස්සං නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තාති සමනුපස්සති: තණ්හං නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තාති සමනුපස්සති, සෝතං නේතං මම, -පෙ- ඝාණං නේතං මම -පෙ- ජිව්හ නේතං මම, -පෙ- කායං නේතං මම, -පෙ- මනං නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තාති සමනුපස්සති. ධම්මං නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තාති සමනුපස්සති. මනෝවිඤ්ඤාණං නේතං මම: නේසෝහමස්මි: න මේසෝ අත්තාති සමනුපස්සති: මනෝසම්ඵස්සං නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තාති සමනුපස්සති: වේදනං නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තාති සමනුපස්සති: තණ්හං නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තාති සමනුපස්සති.

චක්ඛුඤ්ච භික්ඛවේ. පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං තිණ්ණං සංගති ඵස්සෝ. ඵස්ස පච්චයා උප්පජ්ජති වේදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. සෝ සුඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ අභිනන්දති අභිවදති අජ්ඣොසායා තිට්ඨති. තස්ස රාගානුසයො අනුසේති. දුක්ඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ සෝචති, කිලමති, පරිදේවති, උරත්තාළිං කන්දති, සම්මෝහං ආපජ්ජති. තස්ස පටිඝානුසයෝ අනුසේති. අදුක්ඛමසුඛාය වේදනාය ඵුට්ඨෝ සමානො තස්ස වේදනාය සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදිනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. තස්ස අවිජ්ජානුසයෝ අනුසේති. සෝ වත භික්ඛවෙ, සුඛාය වේදනාය රාගානුසයං අප්පහාය දුක්ඛායවේදනාය පටිඝානුසයං අප්පටිවිනෝදෙත්වා අදුක්ඛ මසුඛාය වේදනාය අවිජ්ජානුසයං අසමූහනිත්වා අවිජ්ජං අප්පහාය විජ්ජං නුප්පාදෙත්වා දිට්ඨෙව ධම්මේ දුක්ඛස්ස අන්තකරෝ භවිස්සතීති නේතං ඨානං විජජති. සෝතඤ්ච භික්ඛවෙ. පටිච්ච සද්දේ ච උප්පජ්ජති සෝතවිඤ්ඤාණං ඝාණඤ්ච භික්ඛවේ, පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති ඝාණවිඤ්ඤාණං - ජිව්හඤ්ච භික්ඛවේ, පටිච්ච රසේ ච උප්පජ්ජති ජිව්හා විඤ්ඤාණං - කායඤ්ච භික්ඛවේ, පටිච්ච පොට්ඨබ්බේ ච උප්පජ්ජති කාය විඤ්ඤාණං - මනං ච භික්ඛවේ, පටිච්ච ධම්මේ ච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං - තිණ්ණං සංගති ඵස්සෝ. ඵස්ස පච්චයා උප්පජ්ජති වේදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. සෝ සුඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ අභිනන්දති අභිවදති අජ්ඣෝසාය තිට්ඨති තස්ස රාගානුසයෝ අනුසේති. දුක්ඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ සෝචති, කිලමති, පරිදේවති, උරත්තාළිංකන්දති, සම්මෝහං ආපජ්ජති. තස්ස සටිඝානුසයෝ අනුසේති. අදුක්ඛමසුඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ තස්සා වේදනාය සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති තස්ස අවිජ්ජානුසයෝ අනුසේති. සෝ වත භික්ඛවේ, සුඛාය වේදනාය රාගානුසයං අප්පහාය දුක්ඛාය වේදනාය පටිඝානුසයං අප්පටිවිනෝදෙත්වා අදුක්ඛමසුඛාය වේදනාය අවිජ්ජානුසයං අසමූහනිත්වා අවිජ්ජං අප්පහාය විජ්ජං අනුප්පාදෙත්වා දිට්ඨෙව ධම්මේ දුක්ඛස්සන්තකරෝ භවිස්සතීති නේතං ඨානං විජ්ජති.

චක්ඛුඤ්ච ඛෝ භික්ඛවේ, පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ. ඵස්ස පච්චයා උප්පජ්ජති වේදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. සෝ සුඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ නාභිනන්දති, නාභිවදති, නාජ්ඣෝසාය තිට්ඨති. තස්ස රාගානුසයෝ නානුසේති. දුක්ඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ න සෝචති. න කිලමති. න පරිදේවති. න උරත්තාළිංකන්දති, න සම්මෝහං ආපජ්ජති. නස්ස පටිඝානුසයෝ නානුසේති. අදුක්ඛමසුඛාය වේදනාය පුට්ඨෝ සමානො තස්ස වේදනාය සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. තස්ස අවිජ්ජානුසයෝ නානුසේති. සෝ වත භික්ඛවේ, සුඛාය වේදනාය රාගානුසයං පහාය දුක්ඛාය වේදනාය පටිඝානුසයං පටිවිනොදෙත්වා අදුක්ඛමසුඛාය වේදනාය අවිජ්ජානුසයං සමූහනිත්වා අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා දිට්ඨෙව ධම්මේ දුක්ඛස්සන්තකරෝ භවිස්සතීති ඨානමේතං විජ්ජති. සෝතඤ්ච භික්ඛවේ, පටිච්ච සද්දේ ච උප්පජ්ජති සෝතවිඤ්ඤාණං - ඝාණඤ්ච භික්ඛවේ, පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති ඝාණවිඤ්ඤාණං - ජිව්හඤ්ච භික්ඛවේ, පටිච්ච රසේ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං - කායඤ්ච භික්ඛවේ, පටිච්ච පොට්ඨබ්බේ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං - මනඤ්ච භික්ඛවේ. පටිච්ච ධම්මේ ච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං තිණ්ණං සංගති ඵස්සෝ. ඵස්ස පච්චයා උප්පජ්ජති වේදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. සො සුඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ නාභිනන්දති, නාභිවදති, නාජ්ඣෝසාය තිට්ඨති. තස්ස රාගානුසයෝ නානුසේති. සො දුක්ඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ -පෙ- දුක්ඛස්සන්තකරෝ භවිස්සතීති ඨානමේතං විජ්ජති.

එවං පස්සං භික්ඛවේ, සුත්වා අරියසාවකෝ චක්ඛුස්මං නිබ්බින්දති, රූපේසු නිබ්බින්දති. චක්ඛු විඤ්ඤාණෙ නිබ්බින්දති. තණ්හාය නිබ්බින්දති, සෝතස්මිං නිබ්බින්දති, සද්දේසු නිබ්බින්දති - ඝාණස්මිං නිබ්බින්දති. ගන්ධෙසු නිබ්බින්දති - ජිව්හාය නිබ්බින්දති, රසේසු නිබ්බින්දති - කායස්මිං නිබ්බින්දති. ඵොට්ඨබ්බේසු නිබ්බින්දති - මනස්මිං නිබ්බින්දති. ධම්මේසු නිබ්බින්දති - මනෝ විඤ්ඤාණෙ නිබ්බින්දති. මනො සම්ඵස්සේ නිබ්බින්දති. වේදනාය නිබ්- බින්දති. තණ්හාය නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්චති. විමුත්තස්සමිං විමුත්තමිති ඤාණං හෝති. ඛීණා ජාති වුසිතං බ්‍ර‍හ්මචරියං, කතං කරණීය, නාපරං ඉත්ථත්ථායාති විජානාතීති.

ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති. ඉමස්මිඤ්ච ඛෝ පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානේ සට්ඨිමත්තානං භික්ඛූනං අනුපදාය ආසවේහි චිත්තානි විමුච්චිංසූති.

පාන්දර 4 පටන් 6 දක්වා

මේ ඉතා වැදගත් කාලයකි. මේ වේලාවට බ්‍ර‍හ්ම මුහුර්තය යි ද කියති. මහාබෝධිසත්ත්වයන් වහන්සේලා ලොවුතුරා බුදු බවට පැමිණෙන්නේ ද මහණ දම් පුරන බොහෝ භික්ෂූන් සෝවාන් වන්නේ සකෘදාගාමි අනාගාමි වන්නේ රහත් වන්නේ ද මේ වේලාවෙහි ය. තුන්යම් රාත්‍රියෙහි බණ අසල සැදැහැවතුන් බෙහෙවින් මඟපලවලට පැමිණෙන්නේ ද මේ කාලයෙහි ය. රාත්‍රියේ පශ්චිම යාමයේ අග කොටස වන මේ යහපත් කාලයේ සිල් සමාදන්ව සිටින ඔබ නො නිදා වැඩ කරන්න.

අප බුදුරජාණන් වහන්සේ ඒ වෙසක් පුණු පොහෝදා රාත්‍රියේ ප්‍ර‍ථම යාමයේ පූර්වේනිවාසානුමෘතිඥානය ද, මධ්‍යම යාමයේ ලෝකයෙහි මැරිමැරී කර්මානුකූලව සුගති දුර්ගතිවලට පැමිණෙන සත්ත්වයන් දක්නා දිව්‍ය චක්ෂුරභිඥාව ද උපදවා පශ්චිම යාමයේ සවාසනා සකල ක්ලේශයන් ප්‍ර‍හාණය කොට ලොවුතුරා බුදුබව ලැබීම සඳහා ප්‍ර‍තීත්‍යසමුත්පාද ධර්මය අනුලෝම ප්‍ර‍තිලෝම වශයෙන් මෙනෙහි කළ සේක. සිල් සමාදන් වී සිටින ඔබ මේ වේලාවේ දී ඒ ප්‍ර‍තීත්‍යසමුත්පාද ධර්මය සජ්ඣායනා කරන්න. මෙසේ සජ්ඣායනා කරනු.

පටිච්ච සමුත්පාද සජ්ඣායනාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

(තුන් වරක් කියනු)

අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරාමරණං සෝක පරිදේව දුක්ඛ සෝමනස්සුපායාසා සම්භවන්ති. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති.

අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාරනිරෝධා විඤ්ඤාණ නිරෝධෝ, විඤ්ඤාණ නිරෝධා නාමරූප නිරෝධෝ, නාමරූප නිරෝධා සළායතන නිරෝධෝ, සළායතන නිරෝධා ඵස්ස නිරෝධෝ, ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භවනිරෝධෝ, භවනිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා නිරුජ්ඣන්ති, ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හොති.

අනේක ජාති සංසාරං - සංධාවිස්සං අනිබ්බිසං

ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛා ජාති පුනප්පුනං

ගහකාරක දිට්ඨොසි - පුන ගේහං න කාහසි

සබ්බා තේ ඵාසුකාභග්ගා - ගහකූටං විසංඛිතං

විසංඛාරගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා.

දැන් මේ භාවනා ගාථා සජ්ඣායනා කරන්න.

මෙත්තා භාවනා ගාථා

1. පුඤ්ඤේනානේන මේ යාවජීවං සබ්බත්ථ සබ්බදා,

සුඛීභවෙය්‍යං නිද්දුක්ඛො අඛ්‍යාපජ්ඣෝ භවෙය්‍යහං.

.

2. මය්හං හිතා ච වේරා ච මජ්ඣත්තා සබ්බ පාණිනෝ,

සුඛී අවේරා නිද්දුක්ඛා අඛ්‍යාපජ්ඣා ච හොන්තු තේ.

.

3. තථා අස්මිං ඝරාරාමේ ගාමපබ්බතපාදපේ,

රජ්ජේ “පි” මස්ස දීපස්ස ගාමක්ඛෙත්ත වනාදිසු.

.

4. චක්ඛවාළස්සි “මස්සා” පි මහාදීප චතුස්වපි,

ද්විසහස්ස ඛුද්දදීපේසු තේසුගාමාදිකේසු ච.

.

5. තථා සමන්තානන්තේසු චක්කවාළේසු තේසුපි,

හෙට්ඨා අවීචිතෝ යාවභවග්ගා දසදිසාසුපි.

.

6. ඛත්තියා බ්‍රාහ්මණා වෙස්සා සුද්දා චණ්ඩාල පුක්කුසා,

මනුස්සා අමනුස්සා ච සුපණ්ණා ච අසේසකා.

.

7. සබ්බේ අපාද ද්විපදා චතුප්පාද බහුප්පදා,

තේසු භූතේසු සබ්බේසු පුමා සබ්බාපි ඉත්ථියෝ.

.

8. සබ්බේ දිට්ඨා අදිට්ඨා ච සබ්බේ දිඝා ච රස්සකා,

සබ්බේ සුඛුම ථුලා ච හීන මජ්ඣිම උත්තමා.

.

9. දූරට්ඨා’පි අදූරට්ඨා සන්තිකට්ඨා ච කේවලා,

යේ පඤ්ච ගතිකා සත්තා සබ්බේ තේ චතුයෝනිකා

.

10. යේ සබ්බේ පාණිනෝ ජීවා භූතා සත්තා ච සබ්බදා,

සුඛී අවේරා නිද්දුක්ඛා අඛ්‍යාපජ්ඣා ච හොන්තු තේ.

.

11. නාගා ච සබ්බේ පාතාලේ අසුරාචා’ සුරේ පුරේ,

නරකේ යමරාජානෝ නේරයිකා විඝාතිනෝ.

.

12. තිරච්ඡානගතා සබ්බේ පේතා පේත භවේසු ච,

අසුරකායා ච සබ්බේ ච සබ්බේ ච භූ නිස්සිතාපි ච.

.

13. සුඛිතා හොන්තු නිද්දුක්ඛා අවේරා ච අනාමයා,

දීඝායුකා අඤ්ඤමඤ්ඤං පියා පප්පොන්තු නිබ්බුතිං.

.

14. විහාරේසු ච සබ්බේසු චේතියේ පටිමාඝරේ,

බෝධිරුක්ඛෙසු සබ්බේසු සේසරුක්ඛෙ වනේසු ච.

.

15. පබ්බතේසු ච සබ්බේසු කන්දරේ නිජ්ඣරේ තථා,

නදී ගංගා තටාකේසු වාපි පොක්ඛරණීසු ච.

.

16. ජලාසයේසු සබ්බේසු සමුද්දේසු ච දේවතා,

සබ්බේපි දේවතා නාගා සබ්බේ සත්තා ජලාසයා.

.

17. සුඛිතා හොන්තු නිද්දුක්ඛා අවේරා ච අනාමයා,

දීඝායුකා අඤ්ඤමඤ්ඤං පියා පප්පොන්තු නිබ්බුතිං.

.

18. ථලාසයා ච සබ්බේහි සබ්බේ සත්තා වනාසයා,

රුක්ඛෙසු දේවතා සබ්බා විමාන වන දේවතා.

.

19. සුඛිතා හොන්තු නිද්දුක්ඛා ආවේරාච අනාමයා,

දීඝායුකා අඤ්ඤමඤ්ඤං පියා පප්පොන්තු නිබ්බුතිං.

.

20. භුම්මට්ඨා දේවතා සබ්බා ආකාසට්ඨා ච දේවතා,

චාතුම්මහාරාජිකා ච තාවතිංසා ච දේවතා.

.

21. යාමා ච තුසිතා දේවා නිම්මාණරතිනෝ පි ච,

පරේහි නිම්මිතා සබ්බා දේවා ච වසවත්තිනෝ.

.

22. සබ්බේ බ්‍ර‍හ්මපාරිසජ්ජා තථා බ්‍ර‍හ්මපුරෝහිතා,

මහා බ්‍ර‍හ්මා පරිත්තාභා අප්පමාණාහ නාමකා.

.

23. ආභස්සරා ච බ්‍ර‍හ්මානෝ පරිත්තසුභ නාමකා,

අප්පමාණ සුභාචේව සුභකිණ්ණක නාමකා.

.

24. වේහප්ඵලා සඤ්ඤසත්තා අවිහාතප්පිකාපි ච,

සුදස්සා ච සුදස්සී ච අකනිට්ඨා ච රූපිනෝ.

.

25. අකාසානඤ්චායතන විඤ්ඤාණඤ්චායතනානිච

ආකිඤ්චඤ්ඤායතන නේවසඤ්ඤිනාසඤ්ඤිනෝපිච.

.

26. සබ්බේපි තේ බහූ සත්තා පාණභූතා ච පුග්ගලා,

සුඛිතා හොන්තු නිද්දුක්ඛා අවේරා ච අනාමයා.

.

27. යේහි යා සුඛසම්පත්ති අලද්ධානං ලභන්තු තෙ,

ථිරා ච හොන්තු ලද්ධාය සුඛසම්පත්තියා සදා.

.

28. විජ්ජා සම්පත්ති භෝගෙහි පවඩ්ඪන්තු යසස්සිනෝ,

පරිවාර බලප්පත්තා භයෝ’ පද්දව වජ්ජිතා.

.

29. සුඛිලා සුඛ සම්භාසා අඤ්ඤමඤ්ඤං හිතේසිනෝ,

මෝදන්තු සුඛිතා සබ්බේ මාකඤ්චි පාපමාගමා.

.

30. සද්ධා පාමොජ්ජ බහුලා දානසීල බහුස්සවා,

ගුණභූසිතසන්තානං ආයුං පාලෙන්ත්වනාමයා.

.

31. සම්මාදිට්ඨිං පුරෝධාය සද්ධම්ම පටිපත්තියා,

ආරාධෙන්තු හිතෝපාය මච්චන්ත සුඛ සාධනං.

.

32. ඉති නානප්පකාරේන සත්තේසු හිත මානසං,

මාතා ච පියපුත්තම්හි පවත්තෙය්යං නිරන්තරං.

.

33. භවග්ගුපාදාය අවීචි හෙට්ඨතෝ,

එත්ථන්තරෙ සත්ත කායූපපන්නා,

රූපී අරූපී ච අසඤ්ඤි සඤ්ඤිනො

දුක්ඛාපමුඤ්චන්තු ඵුසන්තු නිබ්බුතිං.

.

34. ඉමම්හි මෙත්තං පටිවාස රඤ්ඤෝ

භාවෙති පාතෝ ච දිවා ච රත්තිං,

සුඛං සුපච්චේ සුඛං පබුජ්ඣතී

සුත්තේසු පාපං සුපිනං න පස්සති.

.

35. පියෝ ච සෝ හොති නරාමරානං

රක්ඛන්ති තං දේවගණාපි නිච්චං,

පරප්පයුත්තා ච විසග්ගිසත්ථං,

න තම්පි ඛාධෙතු මලං සදාපි.

.

36. චිත්තං සමාධිං තුවටඤ්ච ගච්ඡති

වණණෝමුඛෙවස්ස ච විප්පසීදති,

අමූළ්හකො යේව කරොති කාලං

ආයුක්ඛයේ බ්‍ර‍හ්ම නිවාස ගාමිණී,

.

37. අස්මිං විහාර ඝරපබ්බත රුක්ඛගාමේ

සබ්බේසු දීප නගරේසුපි චක්කවාළේ,

දේවාසුරා ගරුඩ රක්ඛස නාග යක්ඛා

රක්ඛන්තු මං සකනුභාව බලේන නිච්චං.

බුද්ධානුස්මෘති භාවනාව

1. “බුද්ධානුස්සති මෙත්තා ච - අසුභං මරණස්සති,

ඉති ඉමා චතුරාරක්ඛා - භික්ඛුභාවෙය්ය සීලවා.

.

2. අනන්ත විත්ථාර ගුණං - ගුණතෝනුස්සරං මුනිං,

භාවෙය්ය බුද්ධිමා භික්ඛු - බුද්ධානුස්සති මාදිතෝ.

.

3. සවාසනේකිලේසේ සෝ - ඒකෝ සබ්බේ නිඝාතිය,

අහු සුසුද්ධසන්තානෝ - පූජානඤ්ච සදාරහෝ.

.

4. සබ්බකාල ගතේ ධම්මේ - සබ්බේ සම්මා සයං මුනි,

සබ්බාකාරේන බුජ්ඣිත්වා - ඒකෝ සබ්බඤ්ඤුතං ගතෝ.

.

5. විපස්සනාදි විජ්ජාහි - සීලාදි චරණෙහි ච,

සුසමිද්ධේහි සම්පන්නෝ - ගගනාභේහි නායකෝ.

.

6. සම්මා ගතෝ සුභං ඨානං - අමෝඝවචනො ච සෝ,

තිවිධස්සාපි ලෝකස්ස - ඤාණා නිරවසේසතෝ.

.

7. අනේකේහි ගුණෝඝෙහි - සබ්බසත්තුත්තමෝ අහු,

අනේකේහි උපායේහි - නරධම්මේ දමේසි ච.

.

8. එකෝසබ්බස්ස ලෝකස්ස - සබ්බ සත්තානුසාසකෝ,

භාග්ය ඉස්සරියාදීනං - ගුණානං පරමෝනිධී.

.

9. පඤ්ඤාස්ස සබ්බධම්මේසු - කරුණාසබ්බජන්තුසු,

අත්තත්ථානං පරත්ථානං - සාධිකා ගුණජෙට්ඨකා.

.

10. දයාය පාරමී චිත්වා - පඤ්ඤායන්තාන මුද්ධරී,

උද්ධරී සබ්බධම්මේ ච - දයායඤ්ඤේ ච උද්ධරි

.

11. දිස්සමානෝපි තාවස්ස - රූපකායෝ අචින්තියෝ

අසාධාරණ ඤාණඩ්ඪෙ - ධම්මකායේ කථාවකා”ති.

මෙත්තා භාවනා

1. “අත්තූපමාය සබ්බේසං - සත්තානං සුඛකාමතං,

පස්සිත්වා කමතො මෙත්තං - සබ්බසත්තේසු භාවයෙ,

.

2. සුඛී භවෙය්යං නිද්දුක්ඛෝ - අහං නිච්චං අහං විය,

හිතා ච මේ සුඛී හොන්තු - මජ්ඣත්තාථ ච වේරිනෝ,

.

3. ඉමම්හි ගාමක්ඛෙත්තම්හි - සත්තා හොන්තු සුඛී සදා,

තතෝ පරඤ්ච රජ්ජේසු - චක්කවාළේසු ජන්තුනෝ.

.

4. සමන්තා චක්කවාළේසු - සත්තානන්තේසු පාණිනෝ,

සුඛිනෝ පුග්ගලා භූතා - අත්තභාව ගතා සියුං.

.

5. තථා ඉත්ථිපුමා චේව - අරියා අනරියා පි ච,

දේවා නරා අපායට්ඨා - තථා දස දිසාසුවා” ති.

අසුභ භාවනා

1. “අවිඤ්ඤාණසුභ නිහං - සවිඤ්ඤාණ සුභං ඉමං

කායං අසුභතෝ පස්සං - අසුභං භාවයේ සති,

.

2. වණ්ණසණ්ඨාන ගන්ධේහි - ආසයෝකාසතෝ තථා,

පටික්කූලානි කායේ මේ - කුණපානි ද්විසෝළස,

.

3. පතිතම්හාපි කුණපා - ජේගුච්ඡං කායනිස්සිතං,

ආධාරෝහි සුචී තස්ස - කායෝතු කුණපේ ඨිතං.

.

4. මීළ්හේ කිමි’ච කායෝ’යං - අසුචිම්හි සමුට්ඨිතෝ,

අන්තෝ අසුචි සම්පුණ්ණෝ - පුණ්ණවච්චකුටී විය.

.

5. අසුචි සන්දතේ නිච්චං - යථා මේදක ථාලිකා,

නානා කිමිකුලාවාසෝ - පක්ක චන්දනිකා විය.

.

6. ගණ්ඩභූතෝ රෝගභූතෝ - වණභූතෝ සමුස්සයෝ,

අතේකිච්ඡෝ’ති ජේගුච්ඡෝ - පහින්න කුණපූපමෝ’ ති.

මරණානුස්සති භාවනාව

1. “පවාතදීප තුල්යාය-සායුසන්තතියාක්ඛයං,

පරූපමාය සම්පස්සං-භාවයේ මරණස්සතිං,

.

2. මහා සම්පත්ති සම්පත්තා-යථාසත්තා මතා ඉධ,

තථා අහං මරිස්සාමි-මරණං මම හෙස්සති.

.

3. උප්පත්තියා සහේවේදං-මරණං ආගතං සදා,

මරණත්ථාය ඕකාසං-වධකෝ විය ඒසති,

.

4. ඊසකං අනිවත්තන්තං-සතතං ගමනුස්සුකං,

ජීවිතං උදයා අත්ථං-සුරියෝ විය ධාවති,

.

5. විජ්ජු බුබ්බුල උස්සාව-ජලරාජි පරික්ඛයං,

ඝාතකෝව රිපූතස්ස-සබ්බත්ථාපි අවාරියෝ,

.

6. සූයසත්ථාම පුඤ්ඤිද්ධි-බුද්ධි වුද්ධි ජිනද්වයං,

ඝාතේසි මරණං ඛිප්පං-කාතුමාදිසකේ කථා.

.

7. පච්චයානඤ්ච වේකල්යා-බාහිරජ්ඣත්තු පද්දවා,

මරාමෝරං නිමේසාපි-මරමානෝ අනුක්ඛණං’ති.

සංවේගවත්ථු අට

“භාවෙත්වා චතුරාරක්ඛා-ආවජ්ජෙය්‍ය අනන්තරං,

මහාසංවේග වත්ථූනි-අට්ඨ අට්ඨිතවීරියෝ.”

.

“ජාති ජරා ව්‍යාධි චුතී අපායා,

අතීත අප්පත්තක වට්ට දුක්ඛං,

ඉදානි ආහාර ගවෙට්ඨි දුක්ඛං,

සංවේග වත්ථූනි ඉමානි අට්ඨ”

.

පාතෝ ච සායම්පි චෙව ඉමං විධිඤ්ඤු

ආසේවතේ සතතමත්ථ හිතාභිලාසී

පප්පෝති සෝති විපුලං හතපාරිපන්ථෝ

මොක්ඛං සුඛං මුනිවිසට්ඨමතං සුඛෙනචා”ති.

කරණීය මෙත්ත සූත්‍ර‍ය

කරණීය මත්ථ කුසලේන

යං තං සන්තං පදං අභිසමෙච්ච,

සක්කෝ උජූච සූජූච

සුවචෝ තස්ස මුදු අනතිමානි.

.

සන්තුස්සකෝ ච සුභරෝ ච

අප්ප කිච්චෝ ච සල්ලහුක වුත්තී,

සන්තින්ද්‍රියෝ ච නිපකෝච

අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ

.

න ද ඛුද්ධ සමාචරේ

කිඤ්චි යේන විඤ්ඤූ පරේ උපවදෙය්යුං,

සුඛිනෝ වා ඛෙමිනෝ හොන්තු

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා.

.

යේ කේචි පාණ භූතත්ථි

තසා වා ථාවරා වා අනවසේසා,

දීඝාවා යේ මහන්තා වා

මජ්ඣිමා රස්ස කානුක ථූලා.

.

දිට්ඨා වා යේව අද්දිට්ඨා

යේ ච දූරේ වසන්ති අවිදූරේ,

භූතා වා සම්භවේසී වා

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා.

.

න පරෝ පරං නිකුබ්බේථ

නාති මඤ්ඤේථ කත්ථ චිනං කඤ්චි,

බ්‍යාරොසනා පටිඝසඤ්ඤා

නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය.

.

මාතා යථා නියං පුත්තං

ආයුසා ඒක පුත්ත මනුරක්ඛෙ,

ඒවම්පි සබ්බ භූතේසු

මානසං භාවයේ අපරිමාණං

.

මෙත්තං ච සබ්බ ලෝකස්මිං

මානසං භාවයේ අපරිමාණං,

උද්ධං අධෝ ච තිරියඤ්ච

අසම්බාධං අවේරං අසපත්තං

.

තිට්ඨං චරං නිසින්නෝ වා

සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ.

ඒතං සතිං අධිට්ඨෙය්‍ය

බ්‍ර‍හ්ම මේතං විහාරං ඉධමාහු.

.

දිට්ඨිඤ්ච අනුපගම්ම සීලවා

දස්සනේන සම්පන්නෝ,

කාමේසු විනෙය්ය ගේධං

නහි ජාති ගබ්භසෙය්යං පුනරේතී”ති.

පින් දීම

එත්තාවතා ච අම්හේහි - සම්භතං පුඤ්ඤ සම්පදං,

සබ්බේ දේවා අනුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා

.

එත්තාවතා ච අම්හේහි - සම්භතං පුඤ්ඤ සම්පදං,

සබ්බේ සත්තා අනුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා.

.

සබ්බේ සත්තා ච භූතා ච හිතා ච අහිතා ච මේ

අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං - පාපුණන්තු සිවං පදං

.

පුරත්ථිමස්මිං දිසාභාගේ - සන්තිභූතා මහිද්ධිකා

තේපි අම්හේනුරක්ඛන්තු - ආරෝග්‍යෙන සුඛෙන ච.

.

දක්ඛිණස්මිං දිසා භාගේ - සන්ති දේවා මහිද්ධිකා,

තේපි අම්හේනුරක්ඛන්තු - ආරොග්‍යෙන සුඛෙන ච.

.

පච්ඡිමස්මිං දිසාභාගේ - සන්ති නාගා මහිද්ධිකා.

තේපි අම්හේනුරක්ඛන්තු - ආරෝග්‍යෙන සුඛෙන ච.

.

උත්තරස්මිං දිසාභාගේ - සන්ති යක්ඛා මහිද්ධිකා.

තේපි අම්හේනුරක්ඛන්තු - ආරෝග්‍යෙන සුඛෙන ච.

.

පුරත්ථිමේන ධතරට්ඨෝ - දක්ඛිණෙන විරූළ්හකෝ,

පච්ඡිමේන විරූපක්ඛෝ - කුවේරෝ උත්තරං දිසං.

.

චත්තාරෝ තේ මහාරාජා - ලෝකපාලා යසස්සිනෝ,

තේපි අම්හේනුරක්ඛන්තු - ආරෝග්‍යෙන සුඛෙන ච.

.

ඉද්ධිමන්තො ච යේ දේවා - වසන්තා ඉධසාසනේ.

තේපි අම්හේනුරක්ඛන්තු - ආරෝග්‍යෙන සුඛෙන ච.

.

වෙණ්හූ ච දේවෝ ඛන්ධෝ - සුමනෝ ච විභීසණෝ,

ගාමාරක්ඛක දේවා ච - අම්හේ රක්ඛන්තු සබ්බදා.

අරුණ නැගීම

උදේ 5 ටත් 5.30 ටත් අතර කාලයේ අරුණ නැඟෙන්නේ ය. එය නැගෙනහිර දිග අහසෙහි දැකිය හැකිය. අරුණ නැගීමෙන් පසු සිල්ගත් අයට ආහාර ගත හැකි ය. රාත්‍රියෙහි නිරාහාරව පිළිවෙත් පිරූ උපාසකෝපාසිකාවන්ට මේ වේලාවේ දී යම් කිසි කැඳ වර්ගයක් පානය කිරීම ඉතා හොඳ ය. මේ වේලාවේ දී උපාසකවරුන්ට කැඳ පිස පිළිගැන්වීම ඉතා හොඳ පින්කමක් බව කිව යුතු ය.

උදේ 5.30 ට පටන්ගෙන විහාරාදියෙහි කළ යුතු වත් පිළිවෙත් කොට තෙරුවන් වැඳ පුදා දෙවියන්ට, මියගිය නෑයන්ට, සියලු සත්ත්වයන්ට පින් අනුමෝදන් කොට ප්‍රාර්ථනා ද කොට හයට සිල් පවාරණය කළ යුතු ය. සිල් පවාරණය කිරීම නම් පොහොය දිනයෙහි සමාදන් වී සිටි සීලය අත්හැරීම ය. පඤ්ච සීලය සමාදන් වීමෙන් පසු සිල් පවාරණය සිදු වේ.

පන්සිල් රැකීම

මෙකල බොහෝ බෞද්ධයන්ට පිරිත් පොළේදීත් බණ පොළේදීත් දානපොළේදීත් මරණ පොළේදීත් විහාරයේදීත් චෛත්‍ය වෙතදීත් තවත් නොයෙක් තැන්වලදීත් රැකීමේ බලාපොරොත්තුවක් නැතිව පන්සිල් සමාදන් වෙමුය කියා නිකම් සිකපද කීමක් පුරුදු වී තිබේ. ඒ සිකපද කීමට පන්සිල් සමාදන්වීම යයි කියතත් එය කීමක් මිස සමාදන්වීමක් නොවේ. එය බෞද්ධයන්ට පන්සිල් රැකීම ගැන සැලකිල්ලක් නැති වී යාමට ද හේතුවක් වී තිබේ. පන්සිල් සමාදන් වීමය කියන්නේ, පස් පවින් වැළකීමේ බලාපොරොත්තුවෙන් පස් පින් වැළකී සිටීමට අධිෂ්ඨානයක් කිරීමක් වශයෙන් හෝ පොරොන්දුවක් වීම් වශයෙන් හෝ සිකපද, කීම ය. සඟනමක් ඉදිරියේ හෝ විහාරයක දී හෝ චෛත්‍යයක් ළඟක දී හෝ රැකීමේ අදහසක් නැතිව බොරුවට සික පද කීම පිනක් ද? පවක් ද? කියා බෞද්ධයන් විසින් සිතා බැලිය යුතු ය. පන්සිල් සමාදන්ව රැකිය යුත්තේ මෙසේ ය.

පස්පව් කිරීමේ ආදීනවය දුටු තැනැත්තා විසින් ඒවායින් වැළකී සිටීමේ අදහසින් යම්කිසි සිල්වත් ගුණවත් මහතෙර නමක් වෙත ගොස් පස් පවින් වැළකීමට අධිෂ්ඨාන කර ගැනීමක් වශයෙන් හෝ පොරොන්දු වීමක් වශයෙන් සිකපද කියවා ගත යුතුය. ගුණවත් මහතෙර නමක් නොලැබිය හැකි කල්හි නවක සඟ නමකගෙන් වුව ද සිල් සමාදන් වීම සුදුසු ය. සිල් සමාදන් වීමට සුදුසු කෙනකු නැති විට විහාරයකට හෝ දාගැබක් බෝධියක් වෙත හෝ ගොස් බුදුරජාණන් වහන්සේගෙන් සිල් ලබා ගැනීමක් වශයෙන් තමා ම සිකපද කියා සිල් සමාදන් විය යුතු ය. සමාදන් වූ ශීලයෙහි පිහිටා සිටීමට තරම් ශක්තිය ඇති නුවණැති පුද්ගලයෝ සිකපද කඩ නො කරති. සිල් කැඩෙන්නේ අනුවණ කමත් දුබල කමත් නිසා ය. තමා සමාදන් වූ ශීලය කඩ වුවහොත් නැවත සිල් සමාදන් වූ මහ තෙරුන් වහන්සේ වෙත ගොස්-

“ස්වාමීනි, මාගේ අනුවණකමත් දුබලකමත් නිසා මා සමාදන් වූ ශීලය බිඳී ගියේ ය. මා අතින් වූ ඒ වරදට නුඹ වහන්සේ සමාවන සේක්වා.”

මෙසේ සමාව ඉල්ලා නැවත ද පන්සිල් ලබාගත යුතු ය. සිල් කඩවන සෑම වාරයක දී ම එසේ කළ යුතු ය. එසේ සිල් රක්නා සත් පුරුෂයාට ක්‍ර‍මයෙන් ශීලය නො කඩවා පවත්වා ගත හැකි ශක්තිය ලැබෙන්නේ ය.

සිල් කැඩුණු විට සිල් සමාදන් වූ තෙරුන් වහන්සේ මුණ නො ගැසුණ හොත් අන් සඟ නමක් වෙත හෝ ගොස් “ස්වාමීනි, මාගේ අනුවණ කමත් දුබල කමත් නිසා මා සමාදන් වූ ශීලය බිඳී ගියේ ය. මා අතින් සිදු වූ වරදට නුඹවහන්සේ සමා වන සේක්වා” යි කියා සමාව ගෙන සිල් ලබාගත යුතු ය. සඟ නමක් නො ලැබෙන කල්හි විහාරයකට හෝ දාගැබක් බෝධියක් වෙත හෝ ගොස් තෙරුවන් සමා කරවා ගෙන නැවත සිල්සමාදන් විය යුතු ය. මේ පන්සිල් රැකීමේ නියම ක්‍ර‍මය ය.

පසළොස්වක් පොහෝ දිනට පසු ඔබ සමාදන් වන පඤ්ච ශීලය ඊළඟ පසළොස්වක පොහොය දිනය පැමිණෙන තුරු රක සික පදයකුදු නො කඩවා ආරක්ෂා කළ හොත් එය පොහෝ දිනයක සිල් රැකීමට වඩා බොහෝ උසස් කරුණක් බව සැලකිය යුතු ය.

සිල් සමාදන්වීමෙන් දසපාරමිතාව ම පිරේ.

මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම සංඛ්‍යාත ලෞකික සම්පත් පිණිස කරන කුසල් ය. රහත් බව පසේ බුදුබව ලොවුතුරා බුදු බව යන තුන්තරා බෝධිය පිණිස කරන කුසල් ය කියා කුසල් දෙවර්ගයකි. එයින් ලෞකික සම්පත් පිණිස කරන කුසල්වලින් සසර දික්වේ. බෝධිත්‍ර‍ය පිණිස කරන කුසල්වලින් නිවනට පමුණුවනු ලැබේ. බෝධිත්‍ර‍ය සඳහා කරන කුසල් පාරමිතා නම් වේ. පාරමිතා දසයෙකි. සිල් සමාදන් වන දිනයේ නුවණින් ක්‍රියා කළ හොත් ඔබට පාරමිතා දසයම ලැබිය හැකි ය.

මල් පූජා, පහන් පූජා, ගිලන් පස පූජා, ආහාර පූජා කිරීමෙන් ඔබට දානපාරමිතාව පිරේ. අනිකකුට දානයක් දුන හොත් දානයකට සහභාගී වුවහොත් එයින් ද දාන පාරමිතාව ම පිරේ. ධර්‍ම කථිකයන් වැඩම කරවා බණ කියවුව හොත් තමා බණකියුව හොත් සෙස්සන්ට අසන්නට බණ පොතක් හෝ කියවුවහොත් එයින් ද දාන පාරමිතාව පිරේ. සිල් සමාදන් වී සිටින ඔබට සීලපාරමිතාව පිරීම ගැන අමුතුවෙන් කියයුත්තක් නැත.

අඹු දරුවන් හැර, සැමියන් හැර, අලංකාර වස්ත්‍රාභරණ හැර, රාත්‍රී භෝජනය හැර, නැටුම් බැලීම් ආදිය හැර, සුව පහසු ඇති සිය නිවස හැර දහම් හලකට වී පැදුරක වාසය කිරීම කාමයන් කෙරෙන් බැහැර වීමය. එය නෛෂ්ක්‍ර‍ම්‍ය ය. එයින් ඔබට නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව පිරේ.

පොහොය දිනයේ දී ප්‍ර‍ඥාව ලබනු පිණිස දහම් ඇසීමෙන්, දහම් පොත් කියවීමෙන්, ධර්ම සාක්ච්ඡා කිරීමෙන්, තමා දත් ධර්මය සෙස්සන්ට කියා දීමෙන්, භාවනා කිරීමෙන් ප්‍ර‍ඥා පාරමිතාව පිරේ.

ඔබ මේ පොහෝ දිනයෙහි සිල් රැකීමට, ධුතංග රැකීමට, භාවනා කිරීමට, දහම් ඇසීමට, වත් පිළිවෙත් කිරීමට කරන වීර්‍ය්‍යය වීර්‍ය්‍ය පාරමිතාවය.

සිල් සමාදන් වී සාගින්න ඉවසීම, පිපාසය ඉවසීම, ශාරීරික වේදනා ඉවසීම, මැසිමදුරු කරදර ඉවසීම, ශීතෝෂ්ණ ඉවසීම, අනුන්ගෙන් අපහාස ලැබේ නම් ඒවා ඉවසීම ක්ෂාන්ති පාරමිතාව ය.

සත්‍යය පාවිච්චි කිරීමෙන් සත්‍යයෙහි පිහිටා සිටීමෙන් සත්‍ය පාරමිතාව පිරේ.

මම මෙපමණක් ශීල රකිමිය, මෙතෙක් කල් භාවනා කරමිය යනාදීන් අධිෂ්ඨාන කරගෙන අධිෂ්ඨාන කළ පරිදි ඒවා සම්පූර්ණ කිරීමෙන් අධිෂ්ඨාන පාරමිතාව පිරේ.

අන්‍යයන්ගේ යහපත පිණිස ඇමදීම්, කසළ ඉවත්කිරීම් පැන් සපයා තැබීම්, පහන් දල්වා තැබීම් ආදී මෛත්‍රී සහගත කායික ක්‍රියා කිරීමෙන් ද, අනුන්ගේ සිත් සතුටු වන පරිදි යහපත් වචන කතා කිරෟීමෙන් ද, අනුන්ගේ යහපත පිණිස ධර්මය කියා දීමෙන් ද, මෛත්‍රී භාවනා කිරීමෙන් ද මෛත්‍රී පාරමිතාව පිරේ.

පිරීම හොඳට ම අමාරු පාරමිතාව උපේක්ෂා පාරමිතාව ය. අපවිත්‍ර‍ ශරීරය හා ඇඳුම් ඇති, නොයෙක් ලෙඩ ඇති, බැලීමට කැත, ළංවන කොට දුගඳ, අවලස්සන පුද්ගලයන් පිළිකුල් කරන්නේ ද නැතිව, ලස්සන අයට උසස් අයට ඇලුම් කරන්නේ ද නැතිව සතුරන්ට නපුරුකම් සිතන්නේ නැතිව, හිතවතුන්ට වැඩි ඇල්මක් සැලකිල්ලක් කරන්නේ නැතිව, හොඳය කියන දේවලට ඇලුම් කරන්නේ නැතිව, කැතය නරකය කියන දේ පිළිකුල් කරන්නේ නැතිව මෙදිය සියල්ල කෙරෙහි මධ්‍යස්ථව වාසය කරනවා නම් එයින් උපේක්ෂා පාරමිතාව පිරේ.

මෙසේ නුවණින් ක්‍රියා කිරීමෙන් සිල් ගත් දිනයේ දස පාරමිතාව ම සම්පූර්ණ කළ හැකි බව සැලකිය යුතු ය.

චිරං තිට්ඨතු සද්ධම්මෝ.

නියම සිංහල තේරුම සහිත රතන සූත්‍ර‍ය

(තේරුමත් සමඟ රතන සූත්‍ර‍ය මේ සැටියට ම රෝගියකුට කියුවහොත් ඔහුට එවේලෙහි ම ගුණ ලැබෙනු ඇත. තනියම කියනු. රෝගියාට ඇසෙන ලෙස ශබ්ද නඟා හොඳින් කියන්න. ඇසීමට ප්‍රිය වනසේ මිහිරි ලෙස කියන්න.)

1. යානීධ භූතානි සමාගතානි

භුම්මානි වා යානි ව අන්තිලික්ඛෙ

සබ්බේව භූතා සුමනා භවන්තු

අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං.

.

2. තස්මා හි භූතා නිසාමේථ සබ්බේ

මෙත්තං කරෝථ මානුසියා පජාය

දිවා ච රත්තෝ ච හරන්ති යේ බලිං

තස්මා හි නේ රක්ඛත අප්පමත්තා.

මේ දේවාරාධනාවයි.

3. යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා

සග්ගේසු වා යං රතනං පණීතං

න නෝ සමං අත්ථි තථාගතේන

ඉදම්පි බුද්ධේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු.

මේ මිනිස් ලොව හා නාගලෝකාදියෙහි ද ස්වර්ග ලෝකයන්හි ද ඇත්තා වූ සියලු රත්නයන්ට වඩා බුද්ධරත්නය හෙවත් බුදුරජාණන්වහන්සේ උතුම් වන සේක. එය පරම සත්‍යයෙකි. ඒ සත්‍යයේ හා බුද්ධ රත්නයේ අනුහසින් ඔබට සුවයක් වේවා.

4. ඛයං විරාගං අමතං පණීතං

යදජ්ඣගා සක්‍යමුනී සමාහිතෝ

න තේන ධම්මේන සමත්ථි කිඤ්චි

ඉදම්පි ධම්මේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු.

ලෝකෝත්තර මාර්ග සමාධියෙන් එකඟ සිත් ඇත්තා වූ ශාක්‍ය මුනීන්ද්‍ර‍යන් වහන්සේ විසින් ලබා ගත්තා වූ රාගාදීන්ගෙන් හා දුකින් තොර වූ කිසි කලෙක නොනැසෙන්නා වූ එහෙයින්ම ප්‍ර‍ණීත වූ ලෝකෝත්තර නිර්වාණ ධාතුව හා සම කළ හැක්කා වූ අන් කිසි ධර්මයක් නැත්තේ ය. අන් කිසි රත්නයක් නැත්තේ ය. ඒ නිර්වාණ ධර්මයාගේ රත්නභාවය පරම සත්‍යයෙකි. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා! ඔබගේ රෝගය වහා සුව වේවා.

5. යම්බුද්ධ සෙට්ඨෝ පරිවණ්ණයී සුචිං

සමාධිමානන්තරිකඤ්ඤමාහු.

සමාධිනා තේන සමෝ න විජ්ජති.

ඉදම්පිප ධම්මේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු.

ලෝකෝත්තර වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මතු කිසි කලෙක නූපදනාකාරයෙන් සහමුලින් කෙලෙසුන් නැසීමට සමත් බැවින් අති පරිශුද්ධ වූ තමා ඇති වී නැතිවීමට අනතුරුවම ඵලය ගෙන දෙන උත්තම සමාධියකැයි වර්ණනා කරන ලද්දා වූ අර්හත් මාර්ග සමාධිය හා සම වූ අන් සමාධියක් නැත්තේය. එබැවින් ඒ අර්හත් මාර්‍ග සමාධිය උත්තම රත්නයෙකි. එය පරම සත්‍යයෙකි. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා. ඔබගේ රෝගය වහා සුව වේවා. ඔබට වහා සුවය ලැබේවා.

6. යේ පුග්ගලා අට්ඨ සතං පසත්ථා

චත්තාරි ඒතානි යුගානි හොන්ති

තේ දක්ඛිණෙය්යා සුගතස්ස සාවකා

ඒතේසු දින්නානි මහප්ඵලානි,

ඉදම්පි සංඝෙ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු.

පරම සත්පුරුෂයන් වූ බුද්ධප්‍රත්‍යෙකබුද්ධ බුද්ධශ්‍රාවකයන් වහන්සේලා විසින් හා බොහෝ දෙවි මිනිසුන් විසින් ගුණ වර්ණනා කරනු ලබන්නා වූ සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් යන සතර මාර්ගඵලයන්ට පැමිණියා වූ බුද්ධශ්‍රාවකයන් වහන්සේලා සැදැහැතියන් විසින් කම්පල අදහා දෙන දානය පිළිගැනීමට සුදුස්සෝ ය. උන්වහන්සේලාට දෙන දානය මහත්ඵල වන්නේ ය. ආර්ය්‍ය සංඝයා කෙරෙහි ඇත්තා වූ ඒ දානය මහත්ඵල කිරීමේ ගුණය උත්තම රත්නයක් වන්නේ ය. එය පරම සත්‍යයෙකි. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා. ඔබගේ රෝගය දුරුවේවා. ඔබට වහාම සුවය ලැබේවා.

7. යේ සුප්පයුත්තා මනසා දළ්හේන

නික්කාමිනෝ ගෝතම සාසනම්හි

තේ පත්ති පත්තා අමතං විගය්හ

ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා

ඉදම්පි සංඝෙ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු.

මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි නුසුදුසු අයුරින් ප්‍ර‍ත්‍යය සොයා ජීවත් වීම හැර පිරිසිදු ශීලයෙන් යුක්තව ස්ථිර සමාධියෙන් යුක්ත වී කයෙහි හා ජීවිතයෙහි අපේක්ෂාව හැර මේ ප්‍ර‍තිපත්තිය පිරීමෙන් කුමක් වුවත් කම් නැතය කියා ප්‍ර‍ඥා සම්ප්‍ර‍යුක්ත වීර්යයෙන් කෙලෙසුන් ප්‍ර‍හාණය කොට අර්හත්ඵලය ලබා අරමුණු කිරීම් වශයෙන් අමෘත මහා නිර්වාණයට බැස වියමක් නො කොට ලබාගත්තා වූ අර්හත්ඵල සුවය වළඳන්නා වූ රහතන්වහන්සේලාගේ ඒ ගුණය සංඝ රත්නයේ උසස් ගුණයෙකි. එය පරම සත්‍යයෙකි. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා. ඔබගේ රෝගය සුව වේවා. ඔබගේ රෝගය වහා දුරු වේවා.

දෙවෙනි කොටස

8. යථින්දඛීලෝ පඨවිං සිතෝ සියා

චතුබ්භි වාතේභි අසම්පකම්පියො

තථූපමං සප්පුරිසං වදාමි

යෝ අරිය සච්චානි අවෙච්ච පස්සති

ඉදම්පි සංඝෙ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු.

නගරද්වාරයක රියන් අටක් දහයක් යටට පොළොවෙහි සිටුවා ඇති අරටු ලී කණුව සතර දිගින් එන සුළං වලින් නොසැලෙන්නාක් මෙන් ආර්‍ය්‍යසත්‍යයන් මැනවින් තේරුම් ගෙන සිටින්නා වූ බුද්ධශ්‍රාවක තෙමේ තීර්ථකයන්ගේ මිථ්‍යා ධර්මවලින් නොසැලෙන්නේ ය. එය සංඝයා කෙරෙහි ඇති ගුණ රත්නයෙකි. එය පරම සත්‍යයෙකි. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා. ඔබගේ රෝගය වහා සුවවේවා.

9. යේ අරිය සච්චානි විභාවයන්ති

ගම්භීර පඤ්ඤේන සුදේසිතානි

කිඤ්චාපි තේ හොන්ති භුසප්පමත්තා

න තේ භවං අට්ඨමං ආදියන්ති

ඉදම්පි සංඝෙ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු.

ගැඹුරු ප්‍ර‍ඥාවක් ඇත්තා වූ බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් දේශනය කරන ලද පරම ගම්භීර චතුස්සත්‍ය ධර්මය සත්‍යාවබෝධයට බාධක වූ මෝහාන්ධකාරය දුරු කොට මැනවින් අවබෝධ කර ගත්තා වූ සෝවාන් පුද්ගලයෝ මරණින් මතු බොහෝ සම්පත් ඇති මිනිස් පවුල්වල හා දෙව්ලොව ඉපදීමෙන් රහත්වීමට බොහෝ පමා වුව ද සසර සත් ජාතියක මිස අටවන ජාතියක නූපදනාහ. සත්වන භවයේ දී උත්පත්තිය කෙළවර කොට සසර දුකින් මිදී නිවනට පැමිණෙන්නාහ. සෝවාන් පුද්ගලයාගේ මේ ගුණ විශේෂය සංඝරත්නයේ ඇති උතුම් ගුණ රත්නයකි. එය පරම සත්‍යයෙකි. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා. ඔබගේ සියලු රෝග වහා දුරු වේවා.

10. සහාවස්ස දස්සන සම්පදාය

තයස්සු ධම්මා ජහිතා භවන්ති

සක්කායදිට්ඨි විචිකිච්ඡිතංච

සීලබ්බතං වා පි යදත්ථි කිඤ්චි

චතූහපායේහි ච විප්පමුත්තෝ

ඡචාභිඨානානි අභබ්බෝ කාතුං

ඉදම්පි සංඝෙ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු.

ඒ සත්තක්ඛත්තු පරම සෝතාපන්න පුද්ගලයා හට ඔහු තුළ සෝවාන් මාර්ග චිත්තය ඉපදීම සමඟම එහි බලයෙන් සක්කායදිට්ඨිවිචිකිච්ඡා සීලබ්බතපරාමාස යන සංයෝජන තුන ඔහුගේ සන්තානයෙන් දුරු වේ. තවත් ලෝකයෙහි ඇත්තා වූ සෙලුවෙන් විසීම් හිසකේ ඉදිරීම් ආදි අමරතප නම් වූ තපස් කම් කරන්නා වූ දෘෂ්ටි ඔහුගේ සන්තානයෙන් දුරු වේ. ඔහු මතු කිසි කලෙක සතර අපායෙහි නූපදින්නෙක් වේ. මරණින් මතු ඒකාන්තයෙන් අපායෙහි උපදනා මහ පව් කම් සය නොකරන්නේ වේ. සංඝයා කෙරෙහි ඇත්තා වූ මේ ගුණය ද ගුණ රත්නයෙකි. එය සත්‍යයෙකි. ඒ සත්‍යානු භාවයෙන් ඔබට සුවයක් වේවා. ඔබගේ රෝගය සුවවේවා. රෝගය ඔබගේ ශරීරයෙන් වහා දුරුවේවා. ඔබට වහා සුවය ලැබේවා.

11. කිඤ්චාපි සො කම්මං කරෝති පාපකං

කායේන වාචා උද චේතසා වා

අභබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය

අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා

ඉදම්පි සංඝෙ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු.

ඒ සෝවාන් ඵලයට පැමිණ සිටින භික්ෂු තෙමේ තමාගේ කයින් හෝ වචනයෙන් හෝ සිතින් හෝ ප්‍ර‍මාදයකින් හෝ යම්කිසි වරදක් සිදු වූයේ නම් කුඩා ඇවතකට වුව පැමිණියේ නම් ඒ බව දත් වහා ම අන් භික්ෂුවකට ඒ බව ආරෝචනය කොට ඇවැත් දෙසා ගැනීමෙන් පිරිසිදු වන්නේ ය. එසේ පිළිපැදීම ලබා ඇති සෝවාන් ඵලයේ ස්වභාවය යි. සංඝයා කෙරෙහි ඇති ඒ ගුණරත්නය උතුම් ය. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවවේවා. ඔබගේ රෝගය වහා දුරු වේවා.

12. වනප්ප ගුම්බේ යථා ඵුස්සිතග්ගේ

ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හේ

තථූපමං ධම්මවරං අදේසයි

නිබ්බාන ගාමිං පරමං හිතාය

ඉදම්පි බුද්ධේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු.

ග්‍රීෂ්ම සෘතුවේ පළමුවන මාසය වූ බක්මසෙහි මලින් බරවූ අක් ඇති ගසින් යුක්ත වන ලැහැබක් බඳු වූ ස්කන්ධධාතු ආයතන සතිපට්ඨාන සම්‍යක්ප්‍ර‍ධාන ප්‍ර‍තීත්‍යසමුත්පාද ශීලස්කන්ධ සමාධිස්කන්ධා-දියෙන් යුක්ත වූ නානාවචනවලින් ශෝභිත වූ පරමහිත නිර්වාණයට සත්ත්වයන් පමුණුවන්නා වූ උත්තම ධර්‍මයක් භාග්‍යවතුන් වහන්සේ දේශනය කළ සේක. බුදුන් වහන්සේගේ මේ රත්නභාවය උතුම් ය. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා. ඔබගේ රෝගය වහා දුරු වේවා.

13. වරෝ වරඤ්ඤූ වරදෝ වරාහරෝ

අනුත්තරෝ ධම්මවරං අදේසයි.

ඉදම්පි බුද්ධේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු.

උත්තමයකු වූ උත්තම වූ නිර්වාණය දැන වදාළා වූ දෙවි මිනිසුන්ට උත්තම ධර්මය දෙන්නා වූ උත්තම ධර්ම මාර්ග ගෙන ආවා වූ තමන් වහන්සේට උතුම් කෙනකු නැති හෙයින් ලෝකයෙහි සැමට ම උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයනට උත්තම ධර්මය දේශනය කළ සේක. බුදුන් වහන්සේගේ මේ රත්න භාවය උතුම්ය. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා. ඔබගේ රෝගය වහා දුරුවේවා.

14. ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං

විරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං

තේ ඛීණ බීජා අවිරුළ්හිච්ඡන්දා

නිබ්බන්ති ධීරා යථායම්පදීපො

ඉදම්පි සංඝෙ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු.

අර්හත්වයට පැමිණීමෙන් පුරාණ කුශලාකුශල කර්මය ක්ෂය වූ අලුත් කුශලාකුශල කර්ම රැස්කිරීමක් නැත්තා වූ මතු භවයක ඉපදීමේ කැමැත්තක් නැත්තා වූ ප්‍ර‍තිසන්ධි සංඛ්‍යාත බීජයන් නැත්තා වූ ඒ රහතන් වහන්සේලා මේ පහන නිවී ගියාක් මෙන් නිවී යන්නාහ. මතු කිසි තැනක නූපදනාහ. සංඝයාගේ මේ රත්න භාවය ද උතුම් ය. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා.

සක්දෙවිඳු කී ගාථා තුන

15. යානීධ භූතානි සමාගතානි

භුම්මානි වා යානිව අන්තලික්ඛෙ

තථාගතං දේවමනුස්ස පූජිතං

බුද්ධං නමස්සාම සුවත්ථි හෝතු.

පොළොවෙහි වෙසෙන්නා වූ ද අහසෙහි වෙසෙන්නා වූ ද යම් දෙවි කෙනෙක් මෙහි රැස්වූවාහු ද ඒ අපි සැම දෙනම දෙවි මිනිසුන් විසින් පුදනු ලබන්නා වූ ලෝකයාට යහපත සිදු කිරීම සඳහා උත්සාහ කරන්නවුන් ආ මාර්ගයෙහි ආවා වූ ඒ මගම ගියා වූ ලෝකහිතය පිණිස උත්සාහ කරන්නවුන් විසින් දත යුතු ධර්ම මැනවින් දැනගත්තා වූ නොවරදවා ම සිදුවන දෙයක් ප්‍ර‍කාශ කරන්නා වූ බුදුන් වහන්සේට වඳිමු. ජනයන්ට සුවයක් වේවා. යහපතක් වේවා.

16. යානීධභූතානි සමාගතානි

භුම්මානි වා යානිව අන්තලික්ඛෙ

තථාගතං දේවමනුස්ස පූජිතං

ධම්මං නමස්සාම සුවත්ථි හෝතු.

පොළොවෙහි වෙසෙන්නා වූ ද අහසෙහි වෙසෙන්නා වූ ද යම් දෙවි කෙනෙක් මෙහි රැස්වූවාහු ද ඒ අපි සැම දෙනම දෙවිමිනිසුන් විසින් පුදන ලබන්නාවූ සමථ විපස්සනා බලයෙන් ලබාගත යුතු සියලු කෙලෙසුන් නසන්නා වූ ලෝකෝත්තර මාර්ග ඵල ධර්මයන්ට හා බුද්ධාදීන් විසින් පැමිණ වදාළා වූ නිර්වාණ ධර්මයට වඳිමු. සත්ත්වයනට සුවයක් වේවා.

17. යානීධ භූතානි සමාගතානි

භුම්මානි වා යානිව අන්තලික්ඛෙ

තථාගතං දේව මනුස්ස පූජිතං

සංඝං නමස්සාම සුවත්ථි හෝතු.

පොළොවෙහි වෙසෙන්නා වූ ද අහසෙහි වෙසෙන්නා වූ ද යම් දෙවි කෙනෙක් මෙහි රැස්වූවාහු ද ඒ අපි සැම දෙන ම දෙවිමිනිසුන් විසින් පුදන ලද්දා වූ ආත්මාර්ථය පිණිස පිළිපන්නවුන් විසින් යා යුතු මාර්ගයේ ගමන් කළා වූ සංඝරත්නයට වඳිමු. සත්ත්වයනට සුවයක් වේවා.

කරණීය මෙත්ත සූත්‍රයේ තේරුම

1. කරණීය මත්ථකුසලෙන

යං තං සන්තං පදං අභිසමෙච්ච

සක්කෝ උජූ ච සූජූ ච

සුවචෝ චස්ස මුදු අනතිමානී

අදහස

ශාන්ත වූ නිවන ලබා ගෙන නිවනට පැමිණ දුක් කෙළවර කරනු කැමති සත්පුරුෂයා විසින් ඒ සඳහා කළ යුත්ත කියමි. ඔතෑනි නොවන අලස නොවන ශීලාදි ගුණධර්ම පිරීමට සමතකු විය යුතුය.

නොදත් දෙය දන්නා සේ නො කරන දෙය කරන සේ කරන වරද නො කරන සේ පෙනී සිටින කපටියකු නොවී අවංක පුද්ගලයකු විය යුතු ය. හොඳට ම අවංක පුද්ගලයකු විය යුතු ය. ධර්මය විනය පිළිගන්නා වූ ගුරුන්ගේ අවවාද මුදුනින් පිළිගන්නා කෙනකු විය යුතු ය. ධර්මයට විනයට ගුරුන්ගේ අවවාදයට පටහැණිව කථා කරන නොයෙක් ප්‍ර‍ශ්න ඉදිරිපත් කරන දිරූ දරකඩක් බඳු නොවී මෘදු පුද්ගලයකු විය යුතු ය. ජාති ගෝත්‍රාදිය හිස මුදුනට ගත් තද මානය ඇතියකු නොවී නිහතමානී පුද්ගලයකු විය යුතු ය.

2. සන්තුස්සකෝ ච සුභරෝච

අප්ප කිච්චෝ ච සල්ලහුකවුත්ති

සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච

අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ

අදහස

බොහෝ බඩු නොසොයන තමාට ඇති දෙයකින් පමණක් සතුටු ව සිටින්නකු විය යුතුය. ඇති දෙය නරකය, ලද දෙය නරකය කියා හොඳ හොඳ දේ නො සොයන දායකයන් හට උපස්ථාන කිරීමට පහසු කෙනකු විය යුතුය. කෙළවරක් නැති ව නොයෙක් වැඩ පටලවා නො ගන්නා වූ කෙනකු විය යුතු ය. බොහෝ ප්‍ර‍ත්‍යයන් රැස්කර නො ගන්නා වූ යන විට ගෙන යාමට බරක් නැත්තා වූ පිරිකර ස්වල්පයක් පමණක් පරිහරණය කරන්නකු විය යුතු ය. චක්ෂුරාදි ඉන්ද්‍රියයන්ට හමුවන රූපාදීන් කෙරෙහි නො ඇලෙන ශාන්ත ඉන්ද්‍රියයන් ඇතියකු විය යුතු ය. තියුණු නුවණැතියකු විය යුතු ය. සඟ මැද දී වැඩි මහල්ලන් ගැන නො සලකා ඉදිරියට පැන වැඩ කරන කථා කරන කලබල කාරයකු නොවිය යුතු ය. නෑ පවුල්වලට දායක පවුල්වලට ඇලුම් කරන, සතුටු විය යුතු කරුණේ දී ඔවුන් හා සතුටුවන, කණගාටු විය යුතු කරුණේ දී ඔවුන් හා ශෝකවන පුද්ගලයකු නොවිය යුතු ය.

3. න ච ඛුද්ධං සමාච රේ කිඤ්චි

යේන විඤ්ඤූ පරේ උපවදෙය්යුං

අදහස

නුවණැතියන් විසින් දොස් කියන නින්දා කරන ස්වල්ප වූ ද වරදක් නො කළ යුතු ය.

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙතෙකින් වදාරා ඇත්තේ ශාන්ත පදය යි කියන ලද නිර්වාණය ප්‍ර‍ත්‍යක්ෂ කර වාසය කරනු කැමති වූ ද නිවනට පැමිණීම සඳහා පිළිවෙත් පුරනු කැමති වූ ද විශේෂයෙන් වනගත ව වෙසෙන භික්ෂූන් විසින් ද සාමාන්‍යයේ භාවනාවෙහි යෙදී වාසය කරනු කැමති සෑම දෙනා විසින් ද පිළිපැදිය යුතු ආකාරයය. ඉදිරියට කියවෙන්නේ ඒ භික්ෂූන්ට ඇති වූ දේවතා බිය දුරු කර ගැනීම සඳහා ද විදර්ශනාවට පාදක කර ගැනීම සඳහා කළයුතු භාවනාවක් වශයෙන් ද මෛත්‍රී භාවනාව කළ යුතු ආකාරයය.

සුඛිනෝ වා ඛෙමිනෝ හොන්තු

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා.

අදහස

සියලු සත්ත්වයෝ සැප ඇත්තෝ වෙත්වා. රාජචෝර භයාදියෙන් මිදුණෝ වෙත්වා. සතුටු සිත් ඇත්තෝ වෙත්වා. මේ කොටින් මෛත්‍රී භාවනාව දැක්වීම ය. මතු ගාථාවලින් දැක්වෙන්නේ විස්තර වශයෙන් භාවනා කරන ආකාරය ය.

4. යේ කේචි පාණභූතත්ථි

තසා වා ථාවරා වා අනවසේසා

දීඝා වා යේ මහන්තා වා

මජ්ඣිමා රස්සකාණුක ථූලා

.

5. දිට්ඨා වා යේ ව අද්දිට්ඨා

යේ ච දූරේ වසන්ති අවිදූරේ

භූතා වා සම්භවේසී වා

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා.

අදහස

තෘෂ්ණාව අප්‍ර‍හීණ බැවින් බිය වන සත්ත්වයෝ ද තෘෂ්ණාව හා භය ප්‍ර‍හාණය කළ රහත්හු ද දික් ශරීර ඇති සත්ත්වයෝ ද මහත් ශරීර ඇති සත්ත්වයෝ ද මධ්‍යම ශරීර ඇති සත්ත්වයෝ ද කෙටි ශරීර ඇති සත්ත්වයෝ ද කුඩා ශරීර ඇති සත්ත්වයෝ ද වට ශරීර ඇති සත්ත්වයෝ ද දැක ඇති සත්ත්වයෝ ද නො දුටු සත්ත්වයෝ ද දුර වෙසෙන සත්ත්වයෝ ද ළඟ වෙසෙන සත්ත්වයෝ ද උපන් සත්ත්වයෝ ද මවු කුසවල බිත්තරවල මතු ඉපදීමට සිටින සත්ත්වයෝ ද යන සකල සත්ත්වයෝ ම සුවපත් වෙත්වා. මේ සත්ත්වයන් කොටස්වලට බෙදා මෙත් වඩන ආකාරය ය.

6. න පරෝපරං නිකුබ්බේථ

නාතිමඤ්ඤේථ කත්ථචි නං කඤ්චි

බ්‍යාරෝසනා පටිඝසඤ්ඤා

නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්ය.

අදහස

කෙනෙක් අනිකකු නො රවටත්වා. අනිකකු පහත් කොට නො සලකත්වා. සත්ත්වයෝ අන්‍යයන් දුකට පත් වෙනවාට අන්‍යයන්ට දුක් ලැබෙනවාට කැමති නො වෙත්වා.

මතු දැක්වෙන සත්වන ගාථාවෙන් දක්වන්නේ මෛත්‍රිය පැවැත්විය යුතු ආකාරය ය.

7. මාතා යථා නියං පුත්තං

ආයුයා ඒකපුත්ත මනුරක්ඛෙ

ඒවම්පි සබ්බ භූතේසු

මානසං භාවයේ අපරිමාණං

අදහස

එක් පුතකු ඇති මව යම් සේ පුතා කෙරෙහි තමා ගේ සිත පවත්වන්නී ද එසේ සියලු සත්ත්වයන් කෙරෙහි අප්‍ර‍මාණ සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී චිත්තය වැඩිය යුතු ය. පැවැත්විය යුතු ය.

8. මෙත්තං ච සබ්බලෝකස්මිං

මානසං භාවයේ අපරිමාණං

උද්ධං අධෝ ච තිරියඤ්ච

අසම්බාධං අවේරං අසපත්තං

අදහස

සියලු ලෝකයෙහි උඩ යට සරස වෙසෙන අප්‍ර‍මාණ සත්ත්වයනට යම් කිසිවකු නිසා බාධාවක් ඇති නොවන ලෙස තමා තුළ වෛර චේතනා ඇති නොවන ලෙස තමාට සතුරන් ඇති නොවන ලෙස මෛත්‍රී චිත්තය වැඩිය යුතු ය. පැවැත්විය යුතුය. (මෙහි අදහස ගැඹුරු ය.)

9. තිට්ඨං චරං නිසින්නෝ වා

සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ

ඒතං සතිං අධිට්ඨෙය්‍ය

බ්‍ර‍හ්ම මේතං විහාරං ඉධමාහු.

අදහස

සිටින හැසිරෙන හිඳින නිදන සෑම අවස්ථාවේ මනිදි මතින් තොරව සිටිනා තාක් මේ මෛත්‍රී චිත්තය පැවැත්විය යුතු ය. එසේ වාසය කිරීම මේ ධර්මයෙහි උත්තම වාසයකැයි කියනු ලැබේ.

දසවන ගාථාවෙන් දැක්වෙන්නේ විදර්ශනාව හා ලෝකෝත්තර ධර්‍මයන් ය. එය ගැඹුරුය. පහසුවෙන් තේරුම් කළ නොහැකිය.

10. දිට්ඨිඤ්ච අනුපගම්ම සීලවා

දස්සනේන සම්පන්නෝ

කාමේසු විනෙය්ය ගේධං

නහි ජාතු ගබ්බ සෙය්‍යං පුනරේතී ති.

අදහස

සත්ත්වයෝ සුවපත් වෙත්වා යි සත්ත්වයන් අරමුණු කොට භාවනා කළ නමුත් පරමාර්ථ වශයෙන් සත්ත්වයකු පුද්ගලයකු ඇතය යන දෘෂ්ටියට නොබැස විදර්ශනා කොට ලෝකෝත්තර ශීලයෙන් සිල්වත් ව ලෝකෝත්තර ශීල සම්ප්‍ර‍යුක්ත සෝතාපත්ති දර්ශනය ලබා සකෘදාගාමි අනාගාමි මාර්ග ලබා ඉතිරි ක්ලේශයන් ප්‍ර‍හාණය කොට අර්හත්වයට පැමිණ නැවත නූපදනා කෙනකු විය යුතු ය.

මේ කරණීය මෙත්ත සූත්‍රයේ ගාථාවල සාමාන්‍ය අදහස ය. පාලි වචන ඇති සැටියට පදගතාර්ථ ලියුවහොත් සාමාන්‍ය ජනයාට තේරුම් ගැනීම ඉතා දුෂ්කර වන බැවින් මෙසේ අදහස පමණක් ලියන ලදි.

ගුණ ලැබෙන ලෙස පිරිත් කියයුතු අන්දම

පිරිතෙන් හොඳින් ම ගුණ ලැබෙන්නට නම් නොවරදවා හොඳින් පාඩම් කරගෙන පිරිත්වල අර්ථ (අදහස්) ද දැන ගෙන කිය යුතු ය. දැනට පිරිත් කියන අය අතර ඒවායේ තේරුම් දැන ගෙන කියන අය ගිහියන් අතර තබා පැවිද්දන් අතර ද ඉතා හිඟය. තේරුමක් නැති ව කියන පිරිතේ බලය අඩු ය. එහෙත් ගුණයක් නො ලැබෙන්නේ ද නොවේ. පිරිත නො වරදවා පාඩම් කරගෙන හරියට කියතහොත් එයින් ද තරමකට ගුණ ලැබේ. එසේ ගුණ ලැබෙන්නේ වචනවල හෙවත් ශබ්දවල යම්කිසි බලයක් ඇති නිසාය. වචනවල ඇති බලය එතරම් මහත් එකක් නොව සුළු බලයෙකි. වාර බොහෝ ගණනක් කීමෙන් ඒ බලය වැඩි වේ. පිරිත්, සෙත් කවි, මන්ත්‍ර‍ වාර බොහෝ ගණනක් කිය යුත්තේ ඒ නිසා ය. කියන වාර වැඩි වූ තරමට ගුණය වැඩි වේ. පිරිත් හඬෙහි බිය ගන්වනබලය, බිය දුරු කරන බලය, වශීකරන බලය හෙවත් අන්‍යයන්ගේ සිත් සතුටු කරන සිත් ඇදගන්නා බලය, ශරීරයේ වා පිත් සෙම් යන තුන්දොස් සමනය කිරීමේ බලය, ශරීරයේ සප්ත ධාතූන් වර්ධනය කිරීමේ බලය, නොයෙක් වේදනා නොයෙක් රෝග දුරු කිරීමේ බලය, සැප සම්පත් ලබාදීමේ බලය, අමනුෂ්‍යයන්ගෙන් සොරුන්ගෙන් සතුරන්නේ සර්පයන්ගෙන් ආරක්ෂා කිරීමේ බලය, ග්‍ර‍හ අපල ඇස්වහ කටවහ ආදි දෝෂ දුරු වීමේ බලය යනාදි නොයෙක් බල ඇත්තේ ය.

මන්ත්‍ර‍වලට ගෙන ඇති වචනවලට හොඳ නරක දෙක ම සිදු කිරීමේ බල ඇත්තේ ය. රෝග සුව කිරීමේ බල, රෝග ඇති කිරීමේ බල, සිත් සන්සුන් කිරීමේ බල, සිත් වික්ෂිප්ත කොට උමතු කිරීමේ බල, අමනුෂ්‍යයන් දුරු කිරීමේ බල, ඔවුන් ගෙන්වීමේ බල, සමගි වූවන් භේද කිරීමේ බල, භේද වූවන් සමගි කිරීමේ බල, ඉන්නා තැනින් පන්නා දැමීමේ බල, අන්‍ය්‍යන්ගේ සිත් ඇද ගන්න බල යනාදි අනේක ප්‍ර‍කාර බල මන්ත්‍ර‍වල, කවිවල ඇත්තේ ය.

පිරිත් අතුරෙන් කරණීය මෙත්ත සූත්‍ර‍ය බෙහෙවින් වශීකරණ බලය ඇති සූත්‍රයෙකි. එය බොහෝ කොට භාවිත කිරීමෙන් ජනප්‍රිය පුද්ගලයකු විය හැකි ය.

අන් සෑම පිරිත් සූත්‍ර‍යකට වඩා ලස්සනට මිහිරියට කිය හැකි සූත්‍ර‍ය කරණීය මෙත්ත සූත්‍ර‍ය ය. එහි වඩාත් වශීකරණබලය ඇත්තේ ඒ නිසා ය. දික් අකුරු කෙටි අකුරු අල්ප අකුරු මහප්‍රාණ අකුරු වරදවන්නේ නැතිව වචන මැදින් බිඳින්නේ නැතිව එක් වචනයක් අග හෝ මුල් අකුරක් අන්වචනයකට එකතු නො කර වෘත්තය නොබිඳ නියම තාලයට මේ සූත්‍ර‍ය කියන්නට පුරුදු කරගත යුතු ය. මේ ගාථා, ගාථා තාලයට මිස මන්ත්‍ර‍ කියන තාලයට වේගයෙන් නො කිය යුතු ය. එසේ නියම තාලයට නො වරදවා මේ සූත්‍ර‍ය කියතහොත් එහි අර්ථ නො තේරෙතත් ගුණ ලැබෙනු ඇත. සමහරවිට වරදවා කියන පිරිත්වලින් මන්ත්‍ර‍වලින් දොස් ඇති වන්නට ද බැරි නැත. තේරුම් නො දැන වුවද පිරිත හරියට කියත හොත් ශබ්දයෙන් ලැබෙන ගුණය ලැබෙන්නේ ය.

මහා මංගල සූත්‍ර‍ය

ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ, අථ ඛො අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වණ්ණා කේවලකප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛෝ සා දේවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.

1. බහූදේවාමනුස්සා ච - මංගලානි අචින්තයුං

ආකංඛමානා සොත්ථානං - බ්‍රෑහි මංගල මුත්තමං.

.

2. අසේවනා ච බාලානං - පණ්ඩිතානං ච සේවනා

පූජා ච පූජනීයානං - ඒතං මංගල මුත්තමං.

.

3. පතිරූප දේස වාසෝ ච - පුබ්බේ ච කතපුඤ්ඤාතා

අත්ත සම්මා පණිධි ච - ඒත මංගල මුත්තමං

.

4. බාහු සච්චං ච සිප්පං ච - විනයො ච සුසික්ඛිතො

සුභාසිතා ච යා වාචා - ඒතං මංගල මුත්තමං

.

5. මාතා පිතූ උපට්ඨානං - පුත්ත දාරස්ස සංගහො

අනාකුලා ච කම්මන්තා - ඒතං මංගල මුත්තමං

.

6. දානං ච ධම්ම චරියා ච - ඤාතකානං ච සංගහෝ

අනවජ්ජානි කම්මානි - ඒතං මංගල මුත්තමං

.

7. ආරති විරති පාපා - මජ්ජපානා ච සඤ්ඤමෝ

අප්පමාදො ච ධම්මේසු - ඒත මංගල මුත්තමං

.

8. ගාරවෝ ච නිවාතෝ ච - සන්තුට්ඨී ච කතඤ්ඤුතා

කාලේන ධම්ම සවණං - ඒතං මංගල මුත්තමං

.

9. ඛන්තී ච සෝවචස්සතා - සමණානං ච දස්සනං

කාලේන ධම්මසාකච්ඡා - ඒතං මංගල මුත්තමං

.

10. තපෝ ච බ්‍ර‍හ්මචරියා ච - අරිය සච්චාන දස්සනං

නිබ්බාණ සච්ඡිකිරියා ච - ඒතං මංගල මුත්තමං

.

11. ඵුට්ඨස්ස ලෝක ධම්මේහි - චිත්තං යස්ස න කම්පති

අසෝකං විරජං ඛෙමං - ඒතං මංගල මුත්තමං

.

12. ඒතාදිසානි කත්වාන - සබ්බත්ථ මපරාජිත

සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති - තං තේසං මංගල මුත්තමන්ති.

ජය පිරිත

සිරිධිතිමති තේජෝ ජයසිද්ධි මහිද්ධි මහාගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස-ද්වත්තිංස මහාපුරිස ලක්ඛණානුභාවේන, අසීත්‍යනු ව්‍යඤ්ජන ලක්ඛණානුභාවෙන, අට්ඨුත්තරසත මංගල ලක්ඛණානුභාවෙන, ඡබ්බණ්ණ රංස්‍යානුභාවේන, කේතුමාලානුභාවෙන, දස පාරමිතානුභාවේන, දස උපපාරමිතානුභාවේන, දස පරමත්ථ පාරමිතානුභාවේන, සීලසමාධි පඤ්ඤානුභාවේන, බුද්ධානුභාවේන, ධම්මානුභාවේන, සංඝානුභාවේන, තේජානුභාවේන, ඉද්ධ්‍යානුභාවේන, බලානුභාවේන, ඤෙය්‍යධම්මානුභාවේන, චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානුභාවේන, නවලෝකුත්තර ධම්මානුභාවේන, අට්ඨංගික-මග්ගානුභාවේන, අට්ඨසමා-පත්‍යානුභාවේන. ඡළභිඤ්ඤානු-භාවේන, මෙත්තා-කරුණා-මුදිතා-උපෙක්ඛානුභාවේන, සබ්බපාරමිතා-නුභාවේන රතනත්තය සරණානුභාවේන (මය්හං) තුය්හං සබ්බ රෝග සෝක උපද්දව දුක්ඛ දෝමනස්සුපායාසා විනස්සන්තු, සබ්බ සංකප්පා තුය්හං සමිජ්ඣන්තු, සතවස්සජීවේන සමංගිකො හෝතු සබ්බදා.

ආකාස පබ්බත වන භූමි තටාක ගංගා මහාසමුද්ද ආරක්ඛ දේවතා සදා තුම්හේ අනුරක්ඛන්තු. සබ්බබුද්ධානුභාවේන, සබ්බධම්මානු-භාවේන, සබ්බසංඝානුභාවේන, බුද්ධරතනං, ධම්මරතනං, සංඝරතනං, තින්නං රතනානං ආනුභාවේන, චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානු-භාවේන, පිටකත්තයානුභාවේන, ජිනසාවකානුභාවේන, සබ්බේ තේ රෝගා, සබ්බේ තෙ භයා, සබ්බේ තෙ අන්තරායා, සබ්බේ තේ උපද්දවා සබ්බේ තේ දුන්නිමිත්තා සබ්බේ තේ අවමංගලා විනස්සන්තු:- ආයුවඩ්ඪකෝ, ධනවඩ්ඪකෝ, සිරිවඩ්ඪකෝ, යසවඩ්ඪකෝ, බලවඩ්ඪකෝ, වණ්ණවඩ්ඪකෝ, සුඛවඩ්ඪකෝ හෝතු සබ්බදා,

දුක්ඛ රෝග භයා වේරා - සෝකාසන්තතු පද්දවා

අනේකා අන්තරායා පි - විනස්සන්තු ච තේජසා

ජය සිද්ධි ධනං ලාභං - සොත්ථි භාග්‍යං සුඛං බලං

සිරි ආයු ච වණ්ණෝ ච - භෝගං වුද්ධි ච යසවා

සත්වස්සා ච ආයූ ච - ජීවසිද්ධි භවන්තු තෙ.

දෙවියන්ට පින්දීම

(පැරණි ගාථා)

විෂ්ණු දෙවියන්ට

සම්බුද්ධ සාසනවරං යතිපුංගවේ ච

සම්පාලනාය පටිලද්ධ වරෝමහිද්ධි

පුඤ්ඤානිමානි අනුමෝදිය වාසුදේවෝ

පාලේතු මං සතත සාත හිතාවහන්තෝ

කතරගම දෙවියන්ට

සම්බුද්ධ සාසනවරං ඉධරෝහනස්මිං

සම්පාලනාය ජිනදත්ත වරො යසස්සී

පුඤ්ඤානුමෝදිය සළානන දේවරාජා

පාලේතු මං සතත සාත හිතාවහන්තෝ.

සුමන සමන් දෙවියන්ට

සම්බුද්ධ පාදවර ලඤ්ඡනසෝභිතස්මිං

වාසෝසමන්ත ගිරිමුද්ධනි දේවරාජා

පුඤ්ඤානුමෝදිය ඉදං සුමනාභිධානො

පාලෙතු සන්තත මමං සුඛමාවහන්තෝ.

අයියනායක දෙවියන්ට

සංසුද්ධ තේජ ජලිතිද්ධි මහානුභාවෝ

යෝ අයියනායක ඉතීරිත චාරුදේවෝ

පුඤ්ඤානිමානි අනුමෝදියමෝදමානෝ

පාලේතු සන්තත මමං සුඛමාවහන්තෝ.

විභීෂණ දෙවියන්ට

රාමමාසජ්ජ ලංකාය - ලද්ධරාජත්තනෝ යසෝ

විභීසනව්හ දේවේසෝ - ඉදං පුඤ්ඤානුමොදතු.

බුදුබව පැතීම

1. ඉමිනා පුඤ්ඤකම්මේන - සත්තේ සංසාරසාගරා,

සන්තාරෙත්වාසුඛාපෙතුං - බුද්ධො හොමි අනාගතෙ.

.

2. බුද්ධෝහං බොධයිස්සාමි - මුත්තෝ’ හං මොචයො පරෙ,

තිණ්ණො’ හං තාරයිස්සාමි - සංසාරොඝා මහබ්භයා.

මේ පිනෙන් සත්ත්වයන් සංසාරසාගරයෙන් එතර කොට සුවපත් කරනු සඳහා අනාගතයෙහි බුදු වෙම්වා. චතුස්සත්‍යය අවබෝධ කොට අන්‍යයන්ට අවබෝධ කරන්නෙම්වා. මම සසර දුකින් මිදී අන්‍යයන් ද මුදවන්නෙම්වා. මම සසර සයුරෙන් එතරව අන්‍යයන් ද එතර කරවන්නෙම්වා.

ගුරුළු ගෝමීන් ගේ පැතීම

1. කුදිට්ඨිං පාපමිත්තඤ්ච - න සෙවෙය්‍යං කුදාචනං,

හිතචිත්තේන සත්තානං - භණෙය්‍යං මධුරං ගිරං.

.

2. ඉත්ථිධුත්තෝ සුරාධුත්තෝ - න භවෙය්‍යං කුදාචනං,

කිලෙසවසිකො නෙව - චරෙය්‍යන්තු භවා භවෙ.

.

3. යාවාහං පවරංබෝධි - නාධිගච්ඡාමි සබ්බථා,

සතතං තාව රක්ඛෙය්‍යං - දසකම්මපථං සුභං.

බුදුබව පතනුවන්ට ඉහත දැක්වූ ප්‍රාර්ථනාගාථා දෙකට මේ ගාථා තුන ද එකතු කර පැතීම ඉතා හොඳ ය. ගාථාවල තේරුම මෙසේ ය.

1. මිථ්‍යාදෘෂ්ටිකයන් ද පාපමිත්‍ර‍යන් ද කිසිලෙසක සේවනය කරන්නට සිදු නො වේවා. හිතචිත්තයෙන් සත්ත්වයන් හා මිහිරි කථා කරන්නෙම්වා.

2. කිසිකලෙක ස්ත්‍රීන්ට ලොල් නො වෙම්වා. සුරාවට ලොල් නො වෙම්වා. භවයක් භවයක් පාසා ක්ලේශයන්ට වසඟව හැසිරෙන්නෙක් නො වෙම්වා.

3. යම්තාක් මම උත්තම වූ සම්‍යක් සම්බෝධියට නොපැමිණෙම් ද එතෙක් සැමකල්හි දශකුශලකර්‍මපථය රක්නෙම්වා.

විෂ්ණු දෙවියන්ට පින්දීම

නීලවණ්ණො මහාතෙජො - බලො ගරුළවාහනො,

වෙණ්හුනාමො දෙවරාජා - ඉමං පුඤ්ඤානුමොදතු.

කතරගම දෙවියන්ට පින් දීම

සළානනොන මහාතෙජො - බලො මයුරවාහනො,

දෙවින්දො කාචරගාමෙ - ඉමං පුඤ්ඤානුමොදතු.

සමන් දෙවියන්ට පින් දීම

වාරණවාහනො සම්මා - සම්බුද්ධපද පූජකො,

තෙජස්සී සුමනො දෙවො - ඉමං පුඤ්ඤානුමොදතු.

විභීෂණ දෙවියන්ට පින් දීම

කල්‍යාණිපුරෙ රම්මෙ - තුරඞ් ගවාහනො බලී,

විභීසණව්හයො දෙවො - ඉමං පුඤ්ඤානුමොදතු.

ගම්භාර සූනියම් දෙවියන්ට පින් දීම

නානාවණ්ණො මහාතෙජො - ඔදාතභය වාහනො,

ගාමසඤ්චාරකො දෙවො - ඉමං පුඤ්ඤානුමොදතු.

උත්පලවර්‍ණ දෙවියන්ට පින් දීම

ලඞ්කායං සාසනාරක්ඛෝ - මහෙසක්කො මහිද්ධිකො,

දෙවින්දො උප්පලවණ්ණො - ඉමං පුඤ්ඤානුමොදතු.

සක්දෙවිඳු විසින් ලක්බුදුසසුන භාර කළ දෙවියා පිළිබඳ මත භේදයක් තිබේ. සමහරු ලඞ්කාශසනාරක්ෂක දෙවි විෂ්ණු ලෙස සලකා ඔහුට පින් දෙති. සමහරු උත්පලවර්‍ණ ලෙස සලකා ඔහුට පින් දෙති. කැමැත්තක් කිරීමට විෂ්ණු උත්පලවර්ණ යන දෙදෙනාට ම පින් දීමට ගාථා දෙකක් මෙහි යොදන ලදි.

සීවලී පූජාව

සීවලී මහරහතන් වහන්සේට පුදපූජා පවත්වන පින්වත්හු මේ ගාථා පාඩම් කරගෙන වැඳුම් පිදුම් කරත්වා.

සීවලී තෙරුන් වහන්සේට වැඳීම

පියං දෙවමනුස්සානං - බ්‍ර‍හ්මානඤ්ච පියං තථා,

පියං නාගසුපණ්ණානං - කතකිච්චං අනාසවං.

ලාභං ලභන්තං සබ්බත්ථ - වනෙ ගාමේ ජලෙ ථලෙ,

ලාභීනමග්ගතං පත්තං - කත්වාන කුසලං බහුං.

ඡළභිඤ්ඤං මහාතෙජං - පභින්නපටිසම්භිදං

සුසීලං සීවලීථෙරං - නමාමි සිරසාදරං.

මල් පිදීම

පියං දෙවමනුස්සානං - කුසුමංච මනොහරං,

සුසීලං සීවලීථෙරං - පූජේමි කුසුමෙනහං

පහන්පිදීම

පියං දෙවමනුස්සානං - කුසුමං ච මනොහරං,

සුසීලං සීවලී ථෙරං - දීපෙන පූජයාමිහං.

සුවඳ දුම් පිදීම

පියං දෙවමනුස්සානං - කුසුමං ච මනොහරං,

සුසීලං සීවලීථෙරං - ධූපෙන පූජයාමි හං

ගිලන්පස පිදීම

පූජෙමි අග්ගලාභිස්ස - සම්මාසම්බුද්ධසාසනෙ,

සීවලී ථෙරපාදස්ස - ගිලානපච්චයං ඉමං.

ආහාර පූජාව

සදා දෙවමනුස්සෙහි - උපනෙත්තස්ස පච්චයෙ,

සීවලී ථෙරපාදස්ස - පූජෙමි භොජනං ඉමං.

  1. ඉහත දක්වා ඇති උපකාරක පොත්වල පිටු අංක ඔබ ළඟ ඇති පොතට අනුව බලන්න.