බෝධි පූජාව
(එකොළොස් වන මුද්‍රණය)
මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍රවර්ති, පණ්ඩිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී) මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිතයි.
2549/2006
ලේකම්ගේ සටහන්....
ලෝකයේ විශේෂ සිදුවීම් මෙන්ම, විශේෂ පුද්ගලයන් බිහිවීම ද ඉතිහාසය පදනම් කරගත් ඉතිහාසයේ ම අවශ්‍යතා සම්පූර්ණ කිරීම් වශයෙන් ඉටු විය. නොහොත් ඒ සියල්ල මානව ශිෂ්ඨාචාරයේ විකාශනයන් ය. බුදුන් වහන්සේ ලොව පහළ වීම මෙන් ම බෞද්ධ ඉගැන්වීම් වශයෙන් බිහි වූ දර්ශනය ද ඒ සත්‍යයෙන් බැහැර නොයයි.
භාරතයේ බ්‍රාහ්මණ ක්‍ෂත්‍රිය කුල අතර තිබූ නිබඳ තරගයෙන් ක්ෂත්‍රියයන් ජයගත් අවස්ථාවක් ලෙස නිඝණ්ඪනාථ පුත්‍රයන්ගේ හා බුදුන් වහන්සේගේ පහළ වීම සැළකේ. උන් වහන්සේලා විසින් දේශිත ධර්‍මය ද කලින් වේද ග්‍රන්ථවලින් ප්‍රභවය ලැබ විකාශයට පත්ව ඉන් ඔබ්බට ගිය අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. “ඉදමෙව සච්චං, මොඝමඤ්ඤං” යි තමන්ගේ දර්ශනය පමණක් ඇත්තය යි උපාදාන කරගෙන සිටි ඇදුරන් වෙතින් ඈත්ව පරම සත්‍යය අවබෝධ කරන්නට බුදුන් වහන්සේට හැකි වූයේ අන් ඇදුරන් එතෙක් අවබෝධ කරගත් ධර්‍මය උගෙනීමේ ප්‍රතිඵල වශයෙනි.
“බුද්ධ” සංකල්පය මෙන් ම “බෝධි” සංකල්පය ද බුදුන් වහන්සේට කලින් නිපද වූ අදහස් ය. බුදුන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ ඇති බව කියවුණේ වේද සාහිත්‍යයේ ය. අස්වත්‍ථය හෙවත් ඇසතු බෝ රුක සියලු පව් දුරු කරන පූජනීය වස්තුවක් බවට පිළිගෙන තිබුණේ මොහෙන්දජාරෝ - හරප්පා ශිෂ්ඨාචාරයේ පටන්ය. බ්‍රාහ්මණ - උපනිශද් ග්‍රන්‍ථවලින් එහි පූජනීයත්‍වය වඩාත් වර්‍ධනය විය.
සියල්ලන්ගේ සැළකීමට පත් රුක් මුලක හිඳ බුදුවීමෙන් එතෙක් විකාශය වූ බුද්ධ සංකල්පයට හා බෝධි සංකල්පයට නිශ්චිත බෞද්ධ අරුතක් දීමට බුදුන් වහන්සේ සමත් වූහ.
පළමුව තමන් වහන්සේ විසින් ම නේත්‍ර පූජාවෙන් පූජා කිරීමෙන් ද, පසුව තමන් වහන්සේ වෙනුවෙන් පූජා සත්කාර පිළිගැනීමට සුදුසු පූජනීය චෛත්‍යයක් වශයෙන් නම් කිරීමෙන් ද තම අනුගාමිකයන්ගේ බෝධිය පිළිබඳ අදහස වෙනසට පත් කිරීමට බුදුන් වහන්සේට හැකි විය. සාංචි ස්ථූපයේ කැටයම් අනුව බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුරුව සංකේතවත් කිරීම සඳහා බෝරුව යොදා ගත් සැටි ද පෙනේ.
එම ඇසතු බෝධීන් වහන්සේ ලක්දිව පිහිටියේ නව සිංහල බෞද්ධ සංස්කෘතියක් ද පිහිටුවා ව්‍යාප්ත කරමිනි. ඒ වන විට තිබූ විවිධ ඇදහිලි යටපත් කිරීමට තරම් බෝධි සංස්කෘතිය බලවත් විය. ධර්‍මාශෝක අධිරාජයන්ගේ ධර්‍ම විජය පිළිවෙත අනුව දේවානම්පියතිස්ස රජු රාජ්‍යත්‍වයේ පිහිටුවා ගෙන මුළු පාලන තන්ත්‍රය ම වෙනසට පත් කිරීමට සමත් කාර්‍ය්‍ය මණ්ඩලයක් ලක්දිව තහවුරු වූයේ බෝධි ආරක්‍ෂක නිලධාරීන් වශයෙනි. ලක්දිව පරිසරය අධ්‍යයනය කිරීමෙන් පසු සැලසුම් සහගතව චින්තන විප්ලවයකට මග පෑදූ මහින්‍දාගමනය, දුමින්දාගමනයෙන් එහි ඵල නෙලා ගත්තේ ය. ලක්දිව ආර්ථික සංවර්‍ධනය සඳහා අවශ්‍ය කර්‍මාන්ත ව්‍යාප්ත කිරීමට සමත් කුල ශ්‍රේණි රාශියක් ද බෝධියේ පරිවාර වශයෙන් ලක්දිවට ලැබිණ. ඒ අයුරින් පාලන තන්ත්‍රයත්, ආර්ථික වර්‍ධනයත් එක විට ලබා දුන් බෝධි සංස්කෘතිය ලංකා සංස්කෘතිය කෙරේ පෑවේ අනුල්ලංගනීය බලයකි. අෂ්ඨ ඵල රුහ බෝධි හා දෙතිස් ඵල රුහ බෝධි එදා ලක්දිව දියුණුව පැවති සෑම ප්‍රාදේශීය පාලන ඒකකයන්හි ව්‍යාප්ත වී මේ බලය තහවුරු කළේ ය.
බුද්ධ පූජාව සඳහා අනුමත චෛත්‍යය තුන් කොටසකි. බෝධිය එහි පාරිභෝගික චෛත්‍යයයි. බෝධියට කරන පූජාව හුදෙක් බෝධි පූජාවක් නොව බුද්ධ පූජාවකි. කුශලාකුශල විභාගයේදී චේතනාව වැදගත් තැනක් ගනී. බුදුගුණ පිළිබඳ සිත මෙහෙයා කරන බෝධිපූජාව බුද්ධ පූජා චේතනාමය උසස් ත්‍රිහේතුක කුශලයෙකි. බෝධි පූජාව සාම්ප්‍රදායික වෘක්ෂ වන්‍දනාවෙන් වෙන් වූයේ ද එහි ඇති බුද්ධ පූජාව නිසා ය.
එහෙත් පසු කාලයේ ඇති වූ බෝධිපූජා විකාශය බුද්ධ පූජා චේතනාවෙන් බැහැර වූ ලෞකික සැප පතා කරන ශාන්ති කර්‍ම ස්වරූපයක් ගැනීමත්, බෝසෙහි කිරි, එහි පත්‍රවල ස්වරූපය ආදී උද්භිද විද්‍යාත්මක ලක්‍ෂණ සූර්‍ය්‍ය රශ්මිය හා ප්‍රතික්‍රියා කර ඇසුරු කරන්නන්ට බලපාන අන්‍දම ආදි බාහිර දේ විශ්ලේෂණය කිරීමත් නිසා එහි ආගමික අරුත හීන වී ගොස් ඇති බව පෙනේ. අන්‍යාගමිකයන් පවා බෝධිපූජාව ශාන්ති කර්‍මයක් වශයෙන් සලකා ඊට නැඹුරු වී ඇත්තේ එහි මූලි අරුත වෙනස් වීමෙනි.
අද චෛත්‍යයට, විහාරයට නොගොස් බෝධිපූජාවට පමණක් සම්බන්ධ වන බෞද්ධයන් බොහෝ වන බව සවසක පන්සලට යන විට පෙනේ. ග්‍රහ අපල සඳහා බෝධි පූජා නියම කිරීමත්, යුද්ධය - විදේශාගමනය ආදි හේතු නිසා ඇති වන සංකාව දුරු කර ගෙන සෙත් පැතීමත් වැනි කරුණු ද, පානදුරේ අරියධම්ම හිමියන්ගෙන් පසු ව්‍යාප්තව ගිය බෝධිපූජා වැඩ සටහන් ද නියම මගින් ඈත් වන්නට හේතු වූ කරුණු බව පෙනේ.
බෞද්ධයන්ගේ මේ බෝධි පූජා ක්‍රමයට නැඹුරු වීම තුළ විහාරස්ථානවල ද නව බෝධි පූජා - බුද්ධ පූජා පිළිවෙතක් ව්‍යාප්ත වනු දක්නා ලැබේ. අටවිසි බෝධිය හා අටවිසි බුදුවරුන් සංකේතවත් නො කළ හොත් අද පන්සලකට අඩුවක් බව සිතන තරමට ගිහිපැවිදි දෙපිරිස ම සකස් වී සිටිති. විවිධ කාලවල විවිධ බුදුවරුන් විසින් දේශිත එකම සත්‍ය දර්ශනයෙන් ඈත් ව එම දේශකයන්ගේ රූ සටහන් හා භාවිත භාණ්ඩ ඇති කෞතුකාගාරයනට වැඳීමට පමණක් ආගම සීමා කිරීම සුදුසු ද?
මේ අනුව ක්‍රි.පූ. 6 වන සියවසේදී බුදුන් වහන්සේ හඳුන්වා දුන් බෞද්ධ බෝධි පූජාව වෙනුවට බ්‍රාහ්මණ - උපනිශද් ග්‍රන්ථයන්හි වර්ණිත අස්වත්‍ථ පූජා ශාන්ති කර්‍මයන් නැවත ක්‍රියාත්මක වන බව තේරුම් ගැනීම අපහසු නොවේ.
කුමක් වුව ද සාම්ප්‍රදායික ලක්‍ෂණයන් නැවත වෙනස් කිරීම පහසු නොවේ. ඒ නිසා බෝධි පූජාවේ මේ ශාන්ති කර්‍ම ලක්‍ෂණ දුටු රේරුකානේ මහ නාහිමියෝ යටත් පිරිසෙයින් ඒ ස්වරූපයෙන්වත් මේ පූජාව ඤාණ සම්ප්‍රයුක්තව කිරීමට උපදෙස් දීම සඳහා මේ “බෝධි පූජාව” ලියූහ. “මේ පොත ලියා ඇත්තේ මෙකල බෝධි පූජා කරන්නවුන්ගේ අදහස් අනුව ඔවුනට සුදුසු පරිද්දෙනි” යි උන් වහන්සේ පවසන්නේ ඒ නිසා ය.
බුද්ධාගම ඇසුරෙන් මිථ්‍යාව පැතිරීම අපරාධයකි. බුද්ධාම තම අනුගාමිකයන් යොමු කරන්නේ විදර්ශනා ඤාණයටය. බුද්ධ දේශනාවේ එන පිරිත් සූත්‍ර එහි ගුණ වැඩීමට අප යොමු කළත් ඒවා ආවැඩීමට යොදා ගැනීම බහුල වී ඇත. එවැනි මෙහෙයක් ලබාගත හැකි චිත්ත ශක්තිය වර්‍ධනය කළ හැක්කේ එහි යථා ස්වරූපය තේරුම් ගෙන කටයුතු කිරීමෙනි. ඒවා නිරුත්සාහයෙන් එන ආනිශංසයන්ය.
1.බෝධි පූජාව ශාන්ති කර්‍මයක ස්වරූපයට පත්වීම ගැනත්, පිරිත් නූල් - පිරිත් පැන් ගැන අද තිබෙන අදහස් මිථ්‍යාවෙන් නිදහස් කිරීම කෙරෙහිත් අපේ සංඝරත්නයේ අවධානය යොමු විය යුතු ය.
මේ සටහන ලිවීමේ අදහස වූයේ ශාසන ඉතිහාසය ගැන නොදැනීම බුද්ධාම පවතින ස්වරූපයට බලපාන බව බෞද්ධයන්ට අවබෝධ කිරීම සඳහා ය. රේරුකානේ නාහිමියන්ගේ පොත් වලින් ධර්‍මය හරිහැටි තේරුම් ගත හැක්කේ, ඉන් ඵල ලැබිය හැක්කේ හරි දැක්මක් තිබුණොත් පමණ ය.
බෝධි පූජාව දශවන මුද්‍රණය සඳහා වියදම් දැරීමෙන් ස්වීඩනයේ මාධ්‍යවේදී ශ්‍රීමතී විජේකෝන්, ජයරත්න බණ්ඩා විජේකෝන් යුවල මේ පොත් නැවත නැවත මුද්‍රණය කරවීමේ පදනම ශක්තිමත් කරයි. ඒ උතුම් මිනිස් ගුණය මේ පොත නැවත මුද්‍රණය කිරීමේදී සටහන් කළ යුතුමය. මෙවර මුද්‍රණයේදී දායක වූ සැදැහැවතුන්ගේ නොමසුරු ඉදිරිපත්වීම තවදුරටත් මේ සද්කාර්‍ය්‍යය පවත්වන්නට අප දිරිමත් කරයි.
මේ සටහන ලිවීමේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ 1992 “දහම් අමා” සඟරාවේ පළවූ මහාචාර්‍ය්‍ය මැන්දිස් රෝහණදීරයන්ගේ “මහින්දාගමනය පිටුපස සැඟවුණු තොරතුරු” ලිපිය ද, පූජ්‍ය වැලමිටියාවේ ධම්මරක්ඛිත නාහිමියන්ගේ “ශ්‍රී මහා බෝධීන් වහන්සේ එහි ඉතිහාසය හා තදනුබද්ධ සංස්කෘතිය” (1994 බුද්ධ ශාසන අමාත්‍යාංශ ප්‍රකාශනය) හා පූජ්‍ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ “ශ්‍රී ලංකාවේ බෝධි සංස්කෘතිය” (1994 මුද්‍රණය) යන ග්‍රන්‍ථයන් ද උපකාරී විය. මෙවැනි සටහනක් ලිවීමට මා පෙළඹ වූ සිකුරු ප්‍රකාශක අභාවප්‍රාප්ත කේ.ටී.ඒ. ජයවර්ධන මහතා කෘතවේදීව සිහිපත් කරමි. ඔහු පුත් ගිහාන් අනුරංග ජයවර්ධන මහතා ප්‍රමුඛ කාර්‍ය්‍ය මණ්ඩලය මේ මුද්‍රණය මනා නිමාවකින් එලිදැක්වීමට උපකාරී වූහ. මෙවර මුද්‍රණයේදී සංශෝධිත පරිඝනක මුද්‍රණ සටහන් සාලිය ජයකොඩි මහතා අතින් නිමවිය. සෝදුපත් සැසඳීමේදී මාලනී ගේ සහාය ලැබිණ. මණ්ඩලයේ සභාපති පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද සමිඳුන් සමග මේ කාර්‍ය්‍යයේ මා මෙහෙයවන සෙසු සාමාජික භවතුන්ට ද මාගේ කෘතඥතාව පිරිනැමේ.
තිසරණ සරණයි!
සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක
සංරක්ෂණ මණ්ඩලය
2006 මාර්තු මස 06 වන දින,
පොකුණුවිටදී ය.
මේ බෝධි පූජා යුගයෙකි. පෙර කැරුණු බණ පින්කම් පිරිත් පින්කම් දැන් අඩු ය. දේව පූජාත් අඩු ය. දැන් බෙහෙවින් කෙරෙන්නේ බෝධි පූජා ය. සාස්තරකාරයා කේන්දර බලන්නා අපලයට දැන් නියම කරන්නේ බෝධි පූජාව ය. මන්ත්‍රීකම ලැබීමට, රැකියාව ලැබීමට, රෝග සුව කර ගැනීමට, ගොවිතැන හරියාමට, නඩුවෙන් බේරීමට, වෙළඳාම දියුණු වීමට, තවත් නොයෙක් දෙයට මෙකල කරන්නේ බෝධි පූජාව ය.
බෝධි පූජා කරතත් එය කරවන කරන බොහෝ දෙනකුන්ට ඒ ගැන සෑහෙන දැනුමක් නැත. ඇතැම්හු බුදුන්ට වඳින ගාථාව හෝ පාඨය හෝ කියා බෝධියට වඳිති. බුදුනට මල් පුදන ගාථාව කියා බෝධියට මල් පුදති. බුදුනට පහන් පුදන ගාථාව කියා බෝධියට පහන් පුදති. බෝධි පූජාව බොහෝ ඵලදායක පින්කමක් වුව ද දැනුමක් නැතිව කරන්නවුන්ට එයින් නියම ඵලයක් නො ලැබේ. එහි නියම ඵලය ලැබීමට නම් බෝධි යන වචනයේ තේරුම දත යුතු ය. ගසකට ඒ නම ආරූඪ වූයේ කෙසේ ද? ඒ ගසෙහි ඇති පූජනීය භාවය කුමක් ද? ඒ ගසෙහි ඇති බලය කුමක් ද? ඒ ගසට වැඳුම් පිදුම් කිරීමෙන් ලැබෙන අනුසස කුමක්ද? වැඳීම කුමක්ද? කුමට කරන්නක් ද? එය කරන්නේ කෙසේ ද? පිදීම යනු කුමක් ද? පිදිය යුත්තේ කුමක් ද? පිදිය යුත්තේ කෙසේ ද? යන මේ කරුණු ගැන දැනුමක් ඇති ව බෝධි පූජාව කළ යුතු ය.
බෞද්ධයන් විසින් දත යුතු නොයෙක් කරුණු ගැන අප විසින් පොත් ලියා ඇති මුත් බෝධි පූජාව ගැන පොතක් ලියා නැත. අප වෙත පැමිණියා වූ ද නොයෙක් තැන්වල දී අපට මුණ ගැසුණා වූ ද අපගේ පොත් කියවූ බොහෝ දෙනෙක් බෝධි පූජාව ගැන ග්‍රන්ථයක් පිළියෙළ කරන ලෙස අපට ආරාධනා කළහ.
දැනට අප සිටින්නේ අසූ එක් අවුරුදු වයසේ ය. පොත් ලිවීමට වුවමනා සිහිය, ඇස, අත යන මේවා දැන් ඉතා දුබල ය. එබැවින් අපි කලක් ම ලිවීම නවත්වා සිටියෙමු. බොහෝ දෙනකුන්ගේ ඉල්ලීම නිසා හැකි වුවහොත් අවසානය තෙක් ලිවීමේත් අපහසු වෙතහොත් නවත්වා දැමීමේත් අදහසින් මේ පොත ලිවීම ආරම්භ කෙළෙමු. කෙසේ හෝ මෙයත් ලියවිණ. මේ පොත ලියා ඇත්තේ මෙකල බෝධි පූජා කරන්නවුන් අදහස් අනුව ඔවුනට සුදුසු පරිද්දෙනි. ඔවුන්ගේ අදහස් මුදුන් පත් කර ගැනීමේ මඟ දැක්වීම් වශයෙනි. මේ පොත කියවීමෙන් බොහෝ දෙනකුන්ට කලින් නො දැන සිටි බොහෝ දේ දැන ගන්නට ලැබෙනු ඇත. බෝධි පූජාව පිළිබඳ නොයෙක් ශාන්ති කර්ම කරන සැටි මෙහි දක්වා ඇත. ඒවා බලා තමන්ට රුචි ශාන්ති කර්ම තෝරාගෙන ඒවායින් ජනයාට ශාන්තිය සලසා දිය හැකි වනු ඇත.
බෝධි පූජාව උසස් කුශලයකි. එයින් ලැබෙන විපාක මේ ග්‍රන්ථයෙහි දක්වා ඇත. බෝධි පූජාව කුශලයක් වුව ද එය කරන බොහෝ දෙනකුන් ඉන් බලාපොරොත්තු වන්නේ අනාගත භවයන්හි ලැබෙන විපාකයක් නොව වර්තමාන භවයේ ම යම් කිසිවක් සිදුකර ගැනීම ය. බෝධි පූජාවෙන් වර්තමාන භවයේදී බලාපොරොත්තු වන දෙය ඉටු වන්නට ද පිළිවන. සමහර විට ඉටු නොවන්නටත් පුළුවන. සංසාරය අතිදීර්ඝ බැවින් බෝධි පූජාවෙන් ලැබෙන ඵලය බලාපොරොත්තු වුවත් නොවූවත් කවදා හෝ ලැබෙන්නට පිළිවන. එය ලැබීමට හෝ නොලැබීමට බලාපොරොත්තු වීම හෝ නො වීම කරුණක් නොවේ. පව් කරන්නවුන් ඒවා කරන්නේ අපායට යෑමේ බලාපොරොත්තුවකින් නොවේ. එහෙත් ඔවුනට එයින් අපායට යෑමට සිදු වේ. බලාපොරොත්තු නුවූව ද, කුශලයෙන් සුගතියට යෑමට සිදු වන බව ඒ න්‍යාය අනුව කිය යුතු ය. කිසි පිනක් නො කොට මේ අගනා මනුෂ්‍යාත්මය නිෂ්ඵල කර ගන්නා අයට බෝධි පූජාවක් වුව ද කිරීම ඉමහත් යහපතකි.
කුශලය වනාහි ඥාන සම්ප්‍රයුක්ත කුශලය, ඥාන විප්‍රයුක්ත කුශලය යි දෙ පරිදි වේ. ඉහත කී කරුණු ගැන දැනුමක් ඇති ව බෝධි පූජාව කිරීමේදී ඇති වන්නේ ඥාන සම්ප්‍රයුක්ත කුශලයෙකි. දැනුමක් නැති ව අනුන් කරන සැටි බලා කරන්නවුන්ට ඇති වන්නේ ඥාන විප්‍රයුක්ත කුශලයෙකි. එය දුබල කුශලයෙකි. අනාගත භවයේ දී එයින් ඇති වන්නේ ද ඥාන විප්‍රයුක්ත ද්විහේතුක හෝ අහේතුක ප්‍රතිසන්ධියෙකි. ද්විහේතුක ප්‍රතිසන්ධියෙන් උපන්නෝ ද්විහේතුක පුද්ගලයෝ නම් වෙති. අහේතුක ප්‍රතිසන්ධියෙන් උපන්නෝ අහේතුක පුද්ගලයෝ නම් වෙති. අහේතුක ප්‍රතිසන්ධිය ඇති වන්නේ වඩාත් දුබල ඥාන විප්‍රයුක්ත කුශලයෙනි. මිනිස් ලොව ඉපද සිටින උත්පත්තියෙන් ම අඞ්ග විකල පුද්ගලයෝ අහේතුක ප්‍රතිසන්ධිකයෝ ය. ඥාන විප්‍රයුක්ත දුබල කුශලයට අඞ්ග සම්පූර්ණ උත්පත්තියක් ලබා දීමට ශක්තියක් නැත. බලවත් ඥාන විප්‍රයුක්ත කුශලය අඞ්ග සම්පූර්ණ උත්පත්තියක් ලබා දීමට සමත් වේ. එහෙත් ඔවුහු ඥානය හීනපුද්ගලයෝ ය. ද්විහේතුක අහේතුක පුද්ගලයෝ භාවනා කළ ද බුදුවරයකු හමු වී දහම් ඇසුව ද මඟපල ලැබීමට ධ්‍යාන ලැබීමට සමත් නො වෙති. භාවනා කොට දහම් අසා සෝවාන් ආදි මඟපල ලැබීමට සමත් වන්නෝ ඥාන සම්ප්‍රයුක්ත කුශලයාගේ විපාක වශයෙන් ලබන ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ලැබූ පුද්ගලයෝ ය. ද්විහේතුක ත්‍රිහේතුක පුද්ගලයන් වෙන් කොට හැඳින ගැනීමට විශේෂ ලකුණක් නම් නැත.
කරන කුසල්වල සම්පූර්ණ ඵලය ලැබෙන්නේ අනාගත භවවල දී ය. වර්තමාන භවයේ ලැබෙන්නේ විපාකවලින් ඉතා සුළු කොටසක් පමණෙකි. කරන කුශලය ඥාන විප්‍රයුක්ත දුබල ශක්තියක් වුවහොත් එයින් වර්තමාන භවයේ දී කිසි ම ඵලයක් නොලැබී යන්නට ද පිළිවන. බෝධි පූජාව ඥාන විප්‍රයුක්ත ව කරන්නවුන්ට එයින් ඔවුන් බලාපොරොත්තු වන වර්තමාන ඵලය නො ලැබී යා හැකි ය.
මේ පොත හොඳින් කියවා මෙහි ඇති කරුණු හොඳින් තේරුම් ගෙන බෝධි පූජාව කරත හොත් එයින් මෙලොවදී ම බලාපොරොත්තු වන දේ ද ඉටු කර ගත හැකි වනු ඇත.
බෝධි පූජාව පමණක් නොව වෙනත් කුශලයන් ද ඥාන සම්ප්‍රයුක්ත ව කළ හැකි වීමට මේ පොත ඔබට පිහිට වනු ඇත. මේ පොත මුද්‍රණයේ දී ද අපගේ ශිෂ්‍ය ශාස්ත්‍රාචාර්‍ය්‍ය හේන්ගොඩ කල්‍යාණධම්ම ස්ථවිරයන් සෝදුපත් බැලීම් ආදී සියලු කටයුතු කළ බව සඳහන් කරමු.
සැම දෙනාගේ ම යහපත් කල්පනා මුදුන් පත් වේවා!
මීට: ලෝවැඩ කැමති,
රේරුකානේ චන්දවිමල
මහා නායක ස්ථවිරයෝ ය.
ශ්‍රී විනයාලංකාරාරාමය,
පොකුණුවිට.
26.01.78
නමත්ථු බුද්ධානං
නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං
නමෝ විමුත්තියා
බෝධි යන වචනයෙන් ලෝකෝත්තර මාර්ග ඥානය, සර්‍වඥතාඥානය, මහබෝසතුන්ට ලොවුතුරු බුදුබව ලැබීමට උපකාර වන ගස යන මේවා කියැ වේ.
බෝධි යන වචනයේ නියම තේරුම නම් නිවැරදි වූ ද පැහැදිලි වූ ද සම්පූර්ණ වූ ද දැනීම ය. අවබෝධය ය. දැකීම ය.
“ඇසින් දැකීම ය, නුවණින් දැකීම ය” යි දැකීම් දෙකකි. ඇසින් දැකීම් අතර වැරදි දැකීම් ද ඇත. අපැහැදිලි දැකීම් ද ඇත. පැහැදිලි වුව ද අසම්පූර්ණ දැකීම් ද ඇත. පැහැදිලි වූ සම්පූර්ණ දැකීම් ද ඇත. කුඩා ගිනි පුපුරු සේ අහසේ පෙනෙන තරු කුඩා ගිනි පුපුරු නොව විශාල වස්තූහු ය. ඒවායින් සමහරක් අප වාසය කරන පොළොවට ද වඩා විශාල වස්තූහු ය. ඒ විශාල වස්තූන් ගිනි පුපුරු සේ දැකීම වැරදි දැකීමෙකි. දුර සිටින මිනිසකු මිනිසකු සේ පෙනේ. එහෙත් හැඳින ගත නො හැකි ය. ඒ අපැහැදිලි දැකීම ය. ආලෝකය ඇති තැන්වල සමීපයේ සිටින මිනිසාට සමීපයේ ඇති වස්තුව හැඳින ගත හැකි සේ පෙනේ. ඒ පැහැදිලි දැකීම ය. සමීපයේ සිටින මිනිසාගේ ශරීරයෙන් ඇසට පෙනෙන්නේ ඇස පැත්තට හැරී තුබූ කොටස පමණකි. පිටිපස නොපෙනේ. මිනිස් සිරුරේ පිට පැත්ත මිස ඇතුළු පැත්ත ද නො පෙනේ. එය පැහැදිලි වූ අසම්පූර්‍ණ දැකීම ය. ආලෝකය ඇති තැනෙක ඇති වතුර පිටවූ සුදු බෝතල දෙස බලන කල්හි එහි සෑම පැත්ත ම පෙනේ. ඇතුළේ ඇති වතුර ද පෙනේ. වතුරෙහි යමක් ඇති නම් ඒවා ද පෙනේ. ඒ පිරිසිදු වූ ද සම්පූර්ණ වූ ද දැකීම ය.
ඇසට යම් යම් දේ පෙනෙන්නාක් මෙන් නුවණට සියල්ල ම පෙනේ. ඒ බැවින් නුවණට ඥානදර්ශනය යි ද නුවණැස ය යි ද කියනු ලැබේ. ඇසට පෙනීමේ වෙනස්කම් ඇති වාක් මෙන් නුවණට පෙනීමේ ද වෙනස්කම් ඇත්තේ ය. ඒ වෙනස්කම් ඇති ව්නනේ නුවණේ තත්ත්වය අනුව ය. නුවණ අතර දුබල ඒවා ද ඇත. බලවත් ඒවා ද ඇත. තියුණු ඒවා ද ඇත. නො තියුණු ඒවා ද ඇත. දුබල වූ ද නො තියුණු වූ ද නුවණට පෙනෙන දෙය පැහැදිලි ලෙස ප්‍රකට ලෙස නො පෙනේ. පැහැදිලි ලෙස ප්‍රකට ලෙස කාරණය පෙනෙන්නේ බලවත් වූ තියුණු වූ නුවණට ය. බෝධි යන වචනයෙන් අදහස් කරන්නේ දක්නා දෙය හරියට ම පෙනෙන, පැහැදිලි ලෙස ප්‍රකෘතිය සම්පූර්ණයෙන් පෙනෙන, බලවත් වූ තියුණු වූ නුවණ ය. එනම් ලෝකෝත්තර මාර්ගඥානය හා සර්වඥතාඥානය ය. මාර්ගඥානයට පෙනෙන්නේ නිවන පමණෙකි. සර්වඥතාඥානයට අතීතානාගත වර්තමාන යන කාලත්‍රයට අයත් සියල්ල ම පෙනෙන්නේ ය.
ලෝකෝත්තර මාර්ගය යනු සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යන ධර්ම අට ය. සංස්කාර ධර්මයන් අනිත්‍යාදි වශයෙන් විදර්ශනා කර ගෙන යන්නා වූ යෝගාවචරයන්ට විදර්ශනාඥානය දියුණු වීමෙන් මේ මාර්ගාංග ධර්ම අට ලෝකෝත්තර භාවයෙන් එක්වර එකට බැඳී පහළවන අවස්ථාවක් ඇතිවේ. ඒ අවස්ථාවේ දී ඇති වන මාර්ගාංග අටට ලෝකෝත්තර මාර්ගය යි කියනු ලැබේ. එහි සම්මා දිට්ඨි යන වචනයෙන් කියැවෙන්නේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නා වූ ඉතා බලවත් වූ ඉතා තියුණු වූ ඥානය ය. ලෝකෝත්තර මාර්ගඥානය යි කියනුයේ ඒ සම්මා දිට්ඨියට ය. එහි බලයෙන් සන්තානයෙහි පවත්නා ක්ලේශයෝ ද එහි ශක්ති ප්‍රමාණය අනුව දුරු වෙති. ප්‍රහීණ වෙති. ලෝකෝත්තර මාර්ගඥානය එක් පුද්ගලයකුට සතර වරක දී ඇති වේ. පළමුවර ඇති වන ඒ ලෝකෝත්තර ඥානය සෝතාපත්ති මග්ගඤාණය නම් වේ. දෙවන වර ඇති වන ඥානය සකදාගාමි මග්ගඤාණ නම් වේ. තුන්වන වර ඇති වන ඥානය අනාගාමි මග්ගඤාණ නම් වේ. සිවුවන වාරයෙහි ඇති වන ඥානය අරහත්ත මග්ගඤාණ නම් වේ. ඒ ඥාන එකින් එකට වඩ වඩා බලවත් ය. බෝධි නම් වූ අරහත්ත මග්ග ඤාණය සියල්ලට ම වඩා බලවත් බැවින් යට මග්ගඤාණවලට ප්‍රහාණය නො කළ හැකි ව ඉතිරි වී තුබූ සකල ක්ලේශයෝ ඒ ඥානයෙන් ප්‍රහාණය වෙති. එයින් එය ලත් පුද්ගලයා පරම විශුද්ධියට පැමිණේ. ඒ උත්තම පුද්ගලයාට කරන ඉතා සුළු වූ ද පූජාව, සත්කාරය ඉතා මහත්ඵල වන්නේ ය. එබැවින් ඒ පුද්ගලයා අරහත් නම් වේ. ආහුණෙය්‍ය පාහුණෙය්‍ය දක්ඛිණෙය්‍ය අඤ්ජලිකරණීය අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත නම් වේ. ඒ බෝධියේ අනුහස ය.
අර්හන් මාර්ගඥාන සඞ්ඛ්‍යාත බෝධිය ද ශ්‍රාවක බෝධිය ප්‍රත්‍යේක සම්බෝධිය මහාබෝධිය යි තුන් ආකාර වේ. ඒ තුන් බෝධිවලට තුන්තරා බෝධි ය යි ද කියනු ලැබේ. ශාරිපුත්‍ර මෞද්ගල්‍යාන ආනන්ද මහා කාශ්‍යපාදි බුද්ධ ශ්‍රාවකයන්ගේ අර්හන් මාර්ගඥානය ශ්‍රාවක බෝධි නම් වේ. පසේ බුදුවරුන්ගේ අර්හන් මාර්ගඥානය ප්‍රත්‍යේක සම්බෝධි නම් වේ. ලොවුතුරා බුදුවරුන්ගේ අර්හන් මාර්ගඥානය මහා බෝධි නම් වේ. සම්‍යක් සම්බෝධි නම් ද වේ. මේ ඥානයන් ද එකිනෙකට වඩ වඩා බලවත් ය. ලොවුතුරා බුදුවරුන්ගේ අර්හන් මාර්ගඥානය ඉතා බලවත් ය. එබැවින් ඒ සන්තානයෙහි තුබූ බවට ලකුණකුදු ඉතිරි නොවන පරිදි ක්ලේශයෝ ප්‍රහීණ වෙති. එයට සවාසනා ක්ලේශ ප්‍රහාණය යි කියනු ලැබේ. ඒ අර්හන් මාර්ගය ලැබෙනු සමග ම එහි අනුහසින් ලොවුතුරා බුදුවරුන්ට සියල්ල දැකීමට සමර්ථ සර්වඥතා ඥානය පහළ වේ. ඒ ඥානයට කොතරම් සියුම් දෙයක් වුව ද ඉතා පැහැදිලි ලෙස පෙනේ. කොතරම් දුර පිහිටි දෙයක් වුව ද අත පිට ඇති දෙයක් සේ පෙනේ. ඒ උසස් ඥානයට ද බෝධිය යි කියනු ලැබේ. අර්හන් මාර්ග ඥානය සමග ම ලොවුතුරා බුදුවරුන්ට දශබලඥාන චතුර්වෛශාරද්‍යඥානාදි[1] සෙසු බුද්ධ ගුණයෝ ද පහළ වෙති.
ශ්‍රාවක බෝධිසත්ත්වයන්ට හා ප්‍රත්‍යෙක බෝධිසත්ත්වයන්ට කොතැනකදී වුව ද ඒ තත්වයට පැමිණිය හැකි ය. රහත් වීමට පසේ බුදු වීමට නියම තැනක් නැත්තේ ය. මහා බෝධි සත්ත්වයනට එසේ කොතැනක දී හෝ බුද්ධත්වයට නො පැමිණිය හැකි ය. මිනිස් ලොවෙහි ම මිස දිව්‍යලෝක බ්‍රහ්මලෝක නාගලෝකාදියෙහි ලොවුතුරා බුදුබව නො ලැබිය හැකි ය. එය ලැබිය හැක්කේ මිනිස් ලොවෙහි ම ය. එහි ද සෑම තැනකදී ම බුද්ධත්වයට නො පැමිණිය හැකි ය. සියලු මහා බෝධි සත්ත්වයන් බුදුබව ලබන විශේෂ ස්ථානයක් මේ පොළොවෙහි ඇත්තේ ය. ඒ විශේෂ භූමි භාගයට බෝධි මණ්ඩලය යි කියනු ලැබේ. එය එක් තණපතකුදු නැති රිදී පැහැති වැලියෙන් වැසුණු සම භූමියකැ යි ද ඒ බිමට කිසිවකුට ඇතුළු විය නො හෙන පරිදි එය වටා ප්‍රාකාරයක් මෙන් ගස් වැල් වැඩී ඇති තැනකැයි ද දෙවියකුට බ්‍රහ්මයකුට වුව ද එයට උඩින් යා නොහෙන අනුහසක් ඇති තැනකැයි ද කාලිංග බෝධි ජාතකයේ කියා ඇත. එය අචල භූමියකැ යි ද එහි කියා තිබේ. එය දඹදිව මධ්‍යදේශයේ නේරඤ්ජරා නම් ගඟට නුදුරු තැනකි.
සියලු ම බෝධි සත්ත්වයන් වහන්සේලා ලොවුතුරා බුදුබව ලබන්නේ යම්කිසි ගසක් මුලදී ය. සිද්ධාර්ථ කුමාරයන් මවුකුසින් බිහි වූ දිනයේ ම ඉහත කී ජය භූමියෙහි ඇසටු ගසක් පැන නැඟිණ. එය පැන නැඟුණේ උන්වහන්සේට ලොවුතුරා බුදුවීමට ආධාර වීම සඳහා ය. ඒ අනුව සියලු ම මහා බෝධිසත්ත්වයන්ට උපදින දිනයේ ම බෝධිය පැන නඟින බව සිතිය යුතු ය. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බෝධිය ඇසටු ගස ය. ඇසටු ගස මුල බුදු වූ අන් බුදුවරයකු ගැන සඳහන් වී නැත. ඒ ඒ බුදුවරුන්ට බෝධි වනු පිණිස නොයෙක් වර්ගවල ගස් පැන නඟී.
දීපංකර බුදුරදුන් බුදු වූයේ පුලිල ගසක් මුල ය. කොණ්ඩඤ්ඤ බුදුරදුන් බුදු වූයේ ශාල කල්‍යාණි නම් ගසක් මුල ය. මංගල බුදුරදුන් බුදු වූයේ නා ගසක් මුල ය. සුමන, රේවත, සෝභිත බුදුවරුන් බුදු වූයේ ද නාගස මුල ය. අනෝමදස්සී බුදුරදුන් බුදුවූයේ කුඹුක් ගස මුල ය පදුම, නාරද යන බුදුවරුන් බුදු වූයේ මහාසෝණ නම් ගසමුල ය. පදුමුත්තර බුදුරදුන් බුදු වූයේ සල් ගසක් මුල ය. සුමේධ බුදුරදුන් බුදු වූයේ බක් මී ගසක් මුල ය. සුජාත බුදුරදුන් බුදු වූයේ හුණ ගසක් මුල ය. පියදස්සී බුදුරදුන් බුදු වූයේ කුඹුක් ගසක් මුල ය. අත්ථදස්සී බුදුරදුන් බුදු වූයේ සපු ගසක් මුල ය. ධම්මදස්සී බුදුරදුන් බුදු වූයේ රත්කරව් ගසක් මුල ය. සිද්ධත්ථ බුදුරදුන් බුදු වූයේ කිණිහිරිය ගසක් මුලය. තිස්ස බුදුරදුන් බුදු වූයේ පියාගසක් මුල ය. ඵුස්ස බුදුරදුන් බුදු වූයේ නෙල්ලි ගසක් මුල ය. විපස්සී බුදුරදුන් බුදු වූයේ පළොල් ගසක් මුල ය. සිඛී බුදුරදුන් බුදු වූයේ ඇටඹ ගසක් මුල ය. වෙස්සභු බුදුරදුන් බුදු වූයේ සල් ගසක් මුල ය. කකුසඳ බුදුරදුන් බුදු වූයේ මහරි ගසක් මුල ය. කෝණාගමන බුදුරදුන් බුදු වූයේ දිවුල් ගසක් මුල ය. කස්සප බුදුරදුන් බුදු වූයේ නුග ගසක් මුල ය.
සවසක් දුෂ්කර තපසක් කළා වූ අප මහ බෝසතාණන් වහන්සේ එක් වෙසක් මස පුණු පොහෝ දිනයක අජපාල නම් නුග රුකක් මුල වැඩහිඳ සුජාතා නම් සිටුදුව විසින් පිළිගන්වන ලද කිරි බතක් වළඳා සමීපයෙහි වූ සල් වනයෙහි නොයෙක් සමවත්වලට සමවදිමින් සමවත් සුවයෙන් කල් ගෙවා සවස් කාලයේ දෙවියන් විසින් පිළියෙළ කරන ලද මඟින් බෝධිය කරා වැඩම කළහ. පෙරමඟ ආවා වූ තණ ගෙන යන සොත්ථිය නමැත්තෙක් උන් වහන්සේට කුඩා තණ මිටි අටක් පිළිගැන්වීය. ඒවා ගවයන්ට කැවීමට ගෙන යන තණ නොව මෙට්ටයක් වශයෙන් ගුදිරියක් වශයේ බිම අතුරා හිඳීමට හා සැතපීමට පාවිච්චි කරන වියළි තණ ය. සොත්ථිය බමුණා බෝසතාණන් වහන්සේට ඒවා පිළිගැන්වූයේ ද බිම අතුරා ඒවා මත වැඩ සිටීම සඳහා ය. දඹදිව තවුසන් බොහෝ සෙයින් පාවිච්චි කරන්නේ තණ ඇතිරි ය. බෝසතාණන් වහන්සේ ඒ තණ ගෙන ගොස් බෝධීන් වහන්සේ ගේ නැගෙනහිර පැත්තේ බිම සැලූහ. ඒවායින් තුදුස් රියන් අසුනක් සැදිණ. උන් වහන්සේ බෝධියට පිට දී නැගෙනහිර දිසාවට මුහුණ ලා වැඩ සිටියහ. උන් වහන්සේට බාධා කිරීමට පැමිණි වසවත් මරු හිර බැසීමට කලින් ම පැරදී පලා ගියේ ය.
ඉක්බිති මහ බෝසතාණන් වහන්සේ එහි ම වැඩ සිට භාවනා කොට රාත්‍රියේ පළමුවන කොටසෙහි තමන් වහන්සේගේ අතීත ජාති පිළිවෙළ දැකීමට සමත් පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය උපදවාගත් සේක. රාත්‍රියේ මැද කොටසෙහි ලෝකයෙහි ඒ ඒ තැන මැරෙන උපදින සත්ත්වයන් දක්නට සමත් දිව්‍යචක්ෂුඥානය උපදවා ගත් සේක. දොළොස් පදයක් ඇති ප්‍රතීත්‍ය සමුත්පාදයට ඥානය මෙහෙයා එය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කොට ඉක්බිති සංස්කාරයන් විදර්ශනා කොට ඇරුණෝද්ගමනයේ දී මාර්ග ඵල පිළිබඳ සකල ක්ලේශයන් ප්‍රහාණය කිරීමට සමත් අර්හත් මාර්ගඥානය උපදවා ගත්හ. එය සමග ම සියල්ල දැන ගැනීමට සමත් සර්‍වඥතාඥානය හා දශබල ඥානාදි සකල බුද්ධ ගුණයන් උපදවා ගත්හ. ඒ මහ බෝසතාණන් වහන්සේගේ බුදුවීම ය. ලෝකෝත්තර මාර්ගඥාන සතර හා සර්‍වඥතාඥානය ඥානයන් අතුරෙන් සියල්ලට උසස් ඥානයෝ ය. එබැවින් ඒවා බෝධි නම් වෙයි. ඒවා ලබා ගත්, ඇති කර ගත් උත්තම පුද්ගලයා ද ඥානයන් නිසා ලෝකයෙහි අග්‍ර පුද්ගලයා වෙයි. දෙවියන් සහිත ලෝකයා විසින් ගරු බුහුමන් වැඳුම් පිදුම් කිරීමට සුදුසු පුද්ගලයෙක් වෙයි. එහෙයින් උන් වහන්සේට දේව බ්‍රහ්මයෝ ද වැඳුම් පිදුම් කරති.
බෝධි වෘක්‍ෂවල සර්‍වඥවරයන්ට ඒ තත්වය ලැබීමට උපකාර වන ශක්තියක් අනුහසක් ඇත. බෝධියේ පිහිට නො ලබා බුදු විය නො හැකි ය. මහ බෝසත්වරුන් බුදු වීම සඳහා බෝධිමූලයන්ට එළඹෙන්නේ ඒ නිසා ය. ඒ අනුහස ඇත්තේ ශ්‍රී මහා බෝධියේ පමණෙකි. එයින් ද ඒ ගස වැඳුම් පිදුම් කිරීමට සුදුසු වේ. බුදුවරුන් පරිභෝග කළ වස්තූහු ද වැඳුම් පිදුම් කිරීමට සුදුසු ය. තථාගතයන් වහන්සේ බුදු වූ විගස ම ඒ අසුනෙන් නො නැඟී බෝධියට පිට දී සතියක් ම එතැන වැඩ සිටියහ. තථාගතයන් වහන්සේ එසේ පරිභෝග කිරීම නිසා ද බෝධි වෘක්ෂය පූජනීය වස්තුවක් විය. මෙකල ඇති වෘක්‍ෂවලින් සියල්ලට උසස් වෘක්‍ෂය වන බැවින් ඒ වෘක්‍ෂය මහා බෝධි නම් විය. මහෝත්තම වූ තථාගතයන් වහන්සේගේ බෝධිය වූ බැවින් ද ශක්‍ර බ්‍රහ්මාදි මහත් වූ පුද්ගලයන්ගෙන් පුද ලබන බැවින් ද මහා බෝධි නම් විය.
පළමුවන බෝධි පූජාව
ශ්‍රී මහා බෝධීන් වහන්සේට පළමු වන පූජාව කෙළේ ද තථාගතයන් වහන්සේ විසිනි. ලොවුතුරා බුදු බව ලැබූ භාග්‍යවතුන් වහන්සේ කෙළ ලක්‍ෂ ගණන් සමාපත්තීන්ට සමවදිමින් බෝධි මූලයේ වජ්‍රාසනයේ ම පළමුවන සතිය ගෙවා ඉන් නැඟිට බෝධීන් වහන්සේට උතුරු දිගින් සිට චතුරසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් දම් පිරූ මාගේ අදහස මේ බෝධිමූලයේ දී මස්තකප්‍රාප්ත වූයේ ය. මෙය නිකම් ම අත් හැර නො යා යුතු ය. මා හට බුදු බව ලැබීමට උපකාර වූ මේ බෝධි වෘක්‍ෂයට හා ආසනයට පූජාවක් කළ යුතුය යි සිතා බෝධිය දෙසත් වජ්‍රාසනය දෙසත් පඤ්ච වර්ණයෙන් බබලන්නා වූ නෙත් දෙකින් ඇසිපිය නො හෙළා ම සතියක් මුළුල්ලෙහි බලා ගෙන සිටි සේක. එය නේත්‍ර පූජාවෙකි. එයට අනිමිසලෝචන පූජාව ය යි කියනු ලැබේ. එය ඉතා දුෂ්කර පූජාවකි. සාමාන්‍ය මිනිසුන්ට විනාඩි ගණනක් ඇසිපිය නො හෙළා විසීම ද දුෂ්කර ය.
තථාගතයන් වහන්සේ ජනානුග්‍රහය පිණිස චාරිකාවෙහි වැඩම කළ කල්හි උන් වහන්සේ දක්නට ජේතවන විහාරයට සුවඳ මල් ආදිය ගෙන පැමිණෙන සැදැහැවත්හු උන් වහන්සේ නැති බැවින් ඒ පූජා ද්‍රව්‍යයන් ගඳකිළිය ඉදිරිපිට දමා කිසි සතුටක් නොලබා පෙරළා යන්නාහ. ඒ බව දත් අනේපිඬු සිටුතුමා බුදුරදුන් දෙව්රම් වෙහෙරට වැඩම කළ කල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ වෙත එළඹ ඒ කරුණ උන්වහන්සේට දන්වා “ස්වාමීනි, තථාගතයන් වහන්සේ මේ වෙහෙරෙහි නැති අවස්ථාවන්හි සුවඳ මල් ආදිය ගෙන පැමිණෙන්නවුන්ට ඒවා පුදා සිත සතුටු කර ගැනීමට තැනක් මේ විහාරයෙහි ඇති කළ හැකි ද? නො හැකිද? යන වග දනු මැනව” යි සැල කෙළේ ය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ වෙත එළඹ, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කොතෙක් චෛත්‍යයෝ ඇත්තා හු දැ” යි විචාළහ. “ආනන්දය, චෛත්‍ය තුනක් ඇත්තේ ය” යි උන් වහන්සේ වදාළහ. “ඒ කවරහුදැ” යි ආනන්ද මහ තෙරණුවෝ ඇසූහ. “ආනන්දය, ශාරීරිකය, පාරිභෝගිකය, උද්දේශිකය යි චෛත්‍යයෝ තිදෙනෙක් වන්නාහු” යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. “ආනන්දය, ශාරීරික චෛත්‍යය දැන්ම නො කළ හැකි ය. එක කළ හැක්කේ බුදුවරුන් පිරිනිවීමෙන් පසුව ය. බුදුවරුන් පරිභෝග කළ මහාබෝධිය වනාහි බුදුවරුන් ඇති කල්හිත් නැති කල්හිත් චෛත්‍යයක් ම වන්නේ ය.” යි බුදුන් වහන්සේ වදාළ සේක. එකල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි, නුඹ වහන්සේ චාරිකාවෙහි වැඩම කළ කල්හි මේ ජේතවන විහාරය මහජනයාට පිහිටක් නැති තැනක් වන්නේ ය. මහජනයාට වැඳුම් පිදුම් කිරීම පිණිස මහා බෝධියෙන් ඵලයක් ගෙන්වා මේ ජේතවන ද්වාරයෙහි රෝපණය කරන්නෙමි” යි සැල කළහ. “ආනන්ද ය, එසේ කරව. එකල්හි මා ජේතවන විහාරයෙහි නිබඳ විසීමක් වැනි වන්නේය” යි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ මුගලන් මහ තෙරුන් වහන්සේ ලවා මහා බෝධි ඵලයක් ගෙන්වා ජේතවන විහාර දොරටුව සමීපයේ අනේපිඬු සිටාණන් ලවා මහත් වූ රන් කටාරමක රෝපණය කර වූහ. එකෙණෙහි ම මහජනයා බලා සිටියදී ම එයින් පනස් රියනක් උස සතර දිශාවට විහිදුණු පනස් රියන් අතු ඇති මහා බෝධි වෘක්‍ෂයක් පැන නැංගේ ය. ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ මෙහෙයීමෙන් රෝපණය කළ බැවින් ඒ බෝධීන් වහන්සේ ආනන්ද බෝධිය නම් වූහ.[2]
තථාගත පරිනිර්‍වාණයෙන් දෙසිය සතිස් වන වසරේ මෙහි සසුන් පිහිට වීම සඳහා මිහිඳු මහ රහතන් වහන්සේ මේ දිවයිනට වැඩම කළ සේක. එකල්හි ලක් රජය කළේ දෙවන පෑතිස් රජතුමා ය. එතුමාගේ කාලයේ මිහිඳු මහ රහතන් වහන්සේගේ නැඟණියන් වන සංඝමිත්තා තෙරණිය විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද්දේ ය. ලක් පොළොවෙහි එය පිහිටි පසු සතියක් ම නො පෙනී තිබිණ. සත්වන දිනයේ බෝධීන් වහන්සේ දෘශ්‍යමාන වූ කල්හි බෝධීන් වහන්සේ දක්නට රජු ඇතුළු බොහෝ ජනයා පැමිණියහ. බෝධීන් වහන්සේගේ මහ අතු පසෙහි ඵල පසක් ද පෙනිණ. ඒවා මහජනයා බලාසිටියදී ම නටුවෙන් ගිලිහී පතිත විය. මිහිඳු මහ රහතන් වහන්සේ ඒවා පොළොවට වැටෙන්නට නොදී සිවුරෙන් පිළිගෙන රෝපණය කිරීම සඳහා රජුට දුන්හ. රජතුමා රෝපණය කළ කල්හි මහජනයා බලා සිටියදී ම එක් එක් ඵලයකින් අට අට බැගින් බෝ පැළ පැන නැංගේ ය. එකක් සතර රියනක් පමණ විය. බෝ පැළ සතළිසක් විය. ඒවා මේ ශ්‍රී ලංකා ද්වීපයේ දඹුළු තොටය, ථූපාරාමය, ප්‍රථමක චෛත්‍යස්ථානය, රුහුණේ කතරගමය, මල්වැස්සා වෙහෙරය, මහාජල්ලික නම් ගමය, පොළොන්නරුවය, රුහුණු රට මාගමය, මහියංගණය, බදුල්ලේ මුතියංගණය, රුහුණු රට සිතුල්පව්වය, වැලිගම් වෙහෙරය, මැද්දේගමය, පුසුල්පිටියය, බෙලිගල්ලය, වට්ටාරමය, රැස්සේරුවය, ගිරිබා වෙහෙරය, කසාගලය, තිවක්ක බ්‍රාහ්මණ ගමය, සඳුන්ගිරි වෙහෙරය, සෑගිරියය, සඳුන්ගමය, තන්ත්‍රිමාලයය, කොට්ටියාරමය, මාතලේ රුසීගමය, විල්වලය, විල්ගම් වෙහෙරය, බුත්තල හත්පෝරු වෙහෙරය, වනවාස වෙහෙරය, පරගොඩය, ගණේගමය, මායාරට වතුරය, පැපිලියානය, බෙල්ලන්විලය, වඳුරවය, සුළුගල්ලය, කටියාවය, යාපහුවය, රහත්ගල් වෙහෙරය යන ස්ථානයන්හි රෝපණය කරන ලද්දේය. මෙසේ සිරි ලක්දිව බෝධීන් වහන්සේලා සතළිස් එක් නමක් වූහ. වර්ෂ දෙදහස් ගණනකට පෙර රෝපණය කළ ඒ බෝධින් අතුරෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ස්වල්පයක් අද දක්වා පවත්නේය. එය පවත්නේ බලවත් ආරක්‍ෂාවක් සත්කාරයත් නිසා ය. අන්‍ය බෝධීන් වහන්සේලා දැනට ඇති නැති බව නොදත හැකි ය. ඉහත කී ස්ථානවල දැනට ඇති බෝධීන් පසු කාලයේ රෝපණය කළ ඒවා ද විය හැකි ය. ශ්‍රී මහා බෝධි පරම්පරාවෙන් පැවත එන සියලු ම බෝධි වෘක්‍ෂ වැඳුම් පිදුම් කිරීමට සුදුසු ය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වීමට කලින් ද මේ රටේ ඇසතු ගස් තිබෙන්නට ඇත. දැනට ඒ සියල්ලට ම කියනුයේ බෝගස් කියා ය. බෝධීන් වහන්සේලාට වැඳුම් පිදුම් කරන සැදැහැවතුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ සලකා ගෙන උන්වහන්සේට කරන වන්දනා පූජාවක් වශයෙන් වැඳුම් පිදුම් කළ කල්හි අඩුවක් නැති ව බෝධි වන්දනා පූජා කුශලය ලැබෙනු ඇත. දැනට බෞද්ධයන් බෝධි වන්දනාව සඳහා භාවිතා කරන,
යස්ස මූලේ නිසින්නෝව
සබ්බාරි විජයං අකා,
පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා
වන්දේ තං බෝධිපාදපං
යන ගාථාව ද බුදුරජාණන් වහන්සේ පිට දී වැඩ සිටි දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේට වැඳීම සඳහා රචිත ගාථාවකි. එය මහා බෝධි වංස නමැති පාලි ග්‍රන්ථය රචනා කළ ස්ථවිර තුමන් විසින් පළමු කොට ශ්‍රී මහා බෝධීන් වහන්සේට නමස්කාර කිරීම සඳහා එහි යොදා ඇති ගාථාව ය.
ඉන්දියාවෙහි ද ඇතැම්හු බෝගස දේවත්වයෙන් සලකති. පැරණි අශ්වත්ථස්තෝත්‍රයක් ද ඇත. ඇසටු ගස දැකීමෙන් රෝගයන්ගෙන් මිදෙන බව ද, ස්පර්ශ කිරීමෙන් පාපයෙන් මිදෙන බව ද, ඇසුරු කිරීමෙන් චිර ජීවනය ලබන බව ද, ආයුෂය දරුවන්ය ධන ධාන්‍ය සෞභාග්‍ය සර්ව සම්පත්තිය බෝගසින් දෙන බව ද එහි සඳහන් වේ. ඒ අනුව ග්‍රහ අපල රෝග සතුරු උවදුරු ආදිය දුරු වීමට කිනම් බෝධියකට වුව ද වැඳුම් පිදුම් කිරීම හොඳ බව කිය යුතු ය. බෝධි ස්තෝත්‍ර කීමෙන් බ්‍රාහ්මණයන් මැරීමේ පාපයෙන් ද ගුරුන් මැරීමේ පාපයෙන් ද දිළිඳු බවින් ද රෝගවලින් ද මිදිය හැකි බව එහි කියා තිබේ. බෝධි මූලයක දී එක් බමුණකුට දන් දීම බමුණන් කෝටියකට දීම වැනි ය යි ද එහි කියා තිබේ.
අප රටේ බෞද්ධයන්ට බෝධි පූජාව පුරුදු වී ඇතත් බෝධි මූලයේ දන් දීමක් පුරුදු වී නැත. ග්‍රහ අපල දුරුවීම් ආදියට එයත් යහපත් විය හැකි ය.
දානය, ශීලය, භාවනාව කියා බුදු දහමෙහි උගන්වන පින් තුන් කොටසක් ඇත්තේ ය. එහි දානය යනු තමා අයත් යම්කිසි දෙයක්, මෙය මාගේ ය කියා අල්ලා ගෙන අයිති කර ගෙන සිටින ලෝභය දුරු කොට අනුග්‍රහයක් වශයෙන් හෝ පූජාවක් වශයෙන් හෝ දීම ය. තමා අයත් වස්තුවක් නැති ව එය නොකළ හැකි ය. බඩු ගත්තාට වෙළඳුන්ට මුදල් දීම, සේවකයන්ට පඩි දීම, බදු ගෙවීම, වැඩක් කරවා ගත්තාට මහන්සිය දීම යනාදිය දීම් වුව ද දානමය කුශලයට අයත් වන දීම් නොවේ. අකුශල වූ දීම් ද ඇත. පහරදීම්, වස විෂ දීම්, බිය ගැන්වීම් ආදිය අකුශල දානයෝ ය.
පූජාව ද දානයට ම අයත් වූවකි. දාන පින්කමේ කොටසකි. තමාට අයිති මල්, පහන්, සුවඳ දුම්, ආහාර පාන, වස්ත්‍රාදි යම්කිසි දෙයක් ප්‍රතිග්‍රාහකයන්ගේ ගුණ සලකා ගෞරවාදරයෙන් දීම පූජා නම් වේ. එය කළ හැක්කේ ද තමා අයත් දෙයක් ඇති කල්හි ය.
වස්තු පූජාව ය, ස්තුති පූජාව යයි පූජාව දෙපරිදි වේ. මල් පහන් ආදී දෙයක් පිදීම වස්තු පූජාව ය. ගුණකීම ස්තුති පූජාව ය. ගුණකීම පූජාවක් වන්නේ එය ලබන්නහුගේ සිතට පැමිණ එයින් ලබන්නහුට සතුටක් ඇති වන බැවිනි. බනින කල්හි එය ලබන්නහුගේ සිතට පැමිණ ඔහුට වේදනාවක් ලජ්ජාවක් ඇති වන්නාක් මෙන් ස්තුතිය ලබන්නහුගේ සිතට පැමිණ ඔහුට සතුටක් සුවයක් ඇති කරයි. එබැවින් ස්තුතිය වස්තුවක් නො වුව ද දිය හැකි දෙයක් වේ. වන්දනා පූජා සඳහා ගාථා කවි වැකි පිළියෙළ කර තිබෙන්නේ ස්තුති පූජාව සඳහා ය. ගාථා ආදියක් නො කියා කයින් පමණක් වැඳීම කළ ද පින් සිදු වේ. ගාථා කියන්නේ ස්තුති පූජාව සඳහා ය. එයින් අතිරේක පිනක් අත්පත් වේ. මල් පහන් ආදිය බෝධිය, චෛත්‍යය, බුදුපිළිමය සමීපයේ ගාථා නො කියා පූජා කිරීමේ අදහසින් තැබුවද පූජා සිද්ධිය වේ. පින් සිදු වේ. ගාථා කීමෙන් ස්තුති පූජාව ද කෙරේ. ස්තුති පූජාව ද බොහෝ අනුසස් ඇති පින් කමෙකි.
බෝධියට, චෛත්‍යයට, විහාරයට මල් පහන්වලින් ප්‍රයෝජනයක් නැත. ඒවා පිදීමෙන් සිදු වන්නේ ඒ ස්ථාන අපිරිසිදුවීම පමණකි. එසේ තිබියදී මල් පහන් පුදන්නේ කුමට ද? එයින් පිනක් සිදු වෙනවා ද? යන මෙය ද දැන ගත යුතු කරුණෙකි. ආලෝකය ඇති කල්හි ඇස ඉදිරියට පැමිණි වස්තූන්ගේ ඡායා ඇසෙහි පහළ වේ. ඒවායින් සමහරක් ඇසට හිත ය. ලස්සනය කියනුයේ ඒ ඇසට හිත වස්තූන් ය. ඇතැම් වස්තූහු ඇසට අහිත ය. කැතය කියනුයේ ඒ වස්තූන් ය. ඇසට හිත වස්තුවේ ඡායාව ඇසට පැමිණි කල්හි එයට නැවත නැවතත් ඇස යොමු කරයි. ඇසට අහිත දෙය එයට පැමිණි කල්හි ඇස එයින් ඉවත් කරයි. අහිත දෙය යොමු කර ගෙන සිටීම ඇසට පීඩාවෙකි. ඇසට හිතකර ඇස පිනවන වස්තූන් උතුම් කොට සලකයි. ‘මල්’ මිනිස් ඇස පිනවන වස්තුවෙකි. එබැවින් එය උතුම් දෙයක් කොට සලකති. පුරාණයෙහි පටන් දඹදිව වැසියෝ උසස් කෙනකු දක්නට යන කල්හි ලස්සන මල් පොකුරක් ගෙන යති. ඒ චාරිත්‍රය අනුව බුදුරදුන් දක්නට එන්නෝ ද මල් පොකුරක් ගෙන ආහ. මල් පොකුර පිළිගැන්වීම උසස් ගෞරවයක් ලෙස සැලකූහ. ඒ සිරිත අනුව බෝධි වලට චෛත්‍යවලට බුදු පිළිමවලට මල් පිදීම ආරම්භ විය. මල්වලින් දාගැබ් ආදියට යහපතක් නැතත් උසස් අයට කරන ගෞරවයක් වශයෙන් කරන නිසා එය යහපතක්, පිනක් වේ. අන්ධකාරය මිනිසුන්ට අප්‍රිය දෙයකි. ආලෝකය ඉතා ප්‍රිය දෙයකි. එබැවින් ආලෝකය දෙන පහනත් උතුම් වස්තුවක් ලෙස සලකති. මහබෝ දාගැබ් ආදියට ආලෝකයේ වුවමනාවක් නැතත් ඒවාට තමන්ගේ ගෞරවය දැක්වීම් වශයෙන් පහන් පූජාව කරති. ගෞරව දැක්වීම් වශයෙන් කරන බැවින් පහන් පූජාව ද පිනක් වේ. ඉතා ළං කොට පහන් දැල්වීමත් බොහෝ පහන් දැල්වීමත් බෝධිවලට අගුණ විය හැකි ය. පමණට වඩා පහන් දැල්වීම විහාරවලට ද අහිත ය.
වන්දනාව වනාහි වයසින් හා ගුණයෙන් වැඩි පුද්ගලයන්ට තමාගේ ආදරය ගෞරවය යටත් බව අවනත බව දැක්වීම සඳහා කරන ක්‍රියාවකි. එය කය වචන සිත යන තුනෙන් ම කළ හැකි ය. චාරිත්‍ර ශීලයක් වන බැවින් එය දාන ශීල භාවනා යන තුනෙන් ශීලයට අයත් ය. දශ පුණ්‍ය ක්‍රියා වස්තුවලින් අපචායන කුශලයට අයත් ය. වන්දනාව ලබන්නහුට යම්කිසි ප්‍රයෝජනයක් ඇති නොවේ. එය අහංකාරයට ආහාරයකි. අහංකාර පුද්ගලයා තමාට අන්‍යයන් වැන්ද හොත් එයින් ප්‍රීතියක් ලබයි. නිරහංකාර උත්තම පුද්ගයන්ට වැඳුම් ලැබීමෙන් එබඳු සතුටක් නො ලැබේ.
නොයෙක් අදහස්වලින් වැඳීම කෙරෙති. නො වැන්දහොත් නපුරක් කරදරයක් ඇති විය හැකි බැවින් ආත්මාරක්‍ෂාව පිණිස රාජාදීන්ට වඳිති. දුකට පත්වූවෝ කරුණාව ලබා ගැනීම පිණිස ගරු බුුමන් දක්වා අනුන් සතුටු කොට ඔවුන්ගෙන් යම් කිසිවක් ලබා ගනු පිණිස වැඩක් කරවා ගනු පිණිස වඳිති. ඒ ඒ කුලවල වැඩිමහල්ලන්ට කුල සිරිත් වශයෙන් වඳිති. ඒ වන්දනා වලින් අන්‍යයන් රැවටීමට කරන වන්දනා අකුශල පක්‍ෂයට මිස කුශල පක්‍ෂයට අයත් නොවේ. කුශල පක්‍ෂයට අයත් වන්නේ ගුණ සලකා උත්තම පුද්ගලයන්ට කරන වන්දනාව ය.
නොයෙක් වන්දනා ක්‍රම ඇත්තේ ය. සිට ගෙන දෙ අත් එක් කොට වැඳීම, දෙ දණ බිම ගසා දෙ අත් එක් කොට වැඳීම, එක් දණක් බිම ගසා දෙ අත් එක් කොට උක්කුටිකව හිඳ වැඳීම, පසඟ බිම පිහිටුවා වැඳීම යන මේවා වන්දනා ක්‍රමයෝ ය. මේවායින් වඩා හොඳ වන්දනාව පසඟ පිහිටුවා කරන වැඳීම ය. එනම් දණ දෙක වැලමිටි දෙක නළල යන මේ අංග පස බිම පිහිටුවා දෙ අත් එක් කොට වැඳීම ය. බුදුනට වඳිමිය දහමට වඳිමිය සඟනට වඳිමිය යනාදීන් මුවින් කීම වචනයෙන් වැඳීම ය. එසේ සිතීම සිතින් වැඳීම ය. වචනයෙන් හා සිතින් වැඳීම කොතනත් කළ හැකි ය. සතර ඉරියව්වෙහි ම කළ හැකි ය.
වන්දනා ගාථා කවි වාක්‍ය පිළියෙළ කොට ඇත්තේ වචනයෙන් කරන වන්දනාව සඳහා ය. ඒවා සිතීමෙන් සිතින් වන්දනා කිරීම සිදු වේ.
මේ ගාථා පාඩම් කර ගෙන ඒවායේ තේරුම ද සලකා වන්දනා කරන්න. මේ ගාථාවලින් වන්දනා කිරීම රෝග ග්‍රහ අපල හා වෙනත් උවදුරු දුරුවීමට ද දියුණුවට ද යස ඉසුරු ලැබීමට ද යහපති.
1. යස්ස මූලේ මහා සත්තෝ
ජෙත්වා මාරං මහබ්බලං
පත්තෝ සබ්බඤ්ඤුතං සෙට්ඨං
වන්දේ තං බෝධිමුත්තමං
තේරුම :-
යම් බෝධි මූලයකදී මහා බෝධිසත්වයන් වහන්සේ මහත් බල ඇති මාරයා පරදවා සියල්ල දත් බුදුබවට පැමිණි සේක් ද උත්තම වූ ඒ බෝධීන් වහන්සේට වඳිමි.
2. යස්ස මූලේ නිසීදිත්වා
සත්තාහං ලෝකනායකෝ
විමුත්තිසුඛ සංවේදී
වන්දේ තං බෝධිමුත්තමං
තේරුම :-
ලෝකනායක වූ තථාගතයන් වහන්සේ යම් බෝධියක මුල වැඩ සිට සතියක් මුළුල්ලෙහි විමුත්ති සුවය වින්දේ ද ඒ උත්තම බෝධීන් වහන්සේට වඳිමි.
විමුක්ති සුවය යනු කෙලෙසුන් කෙරෙන් මිදීමේ සංසාර දුඃඛයෙන් මිදීමේ සුවය ය. උන්වහන්සේ කෙළ ලක්‍ෂ ගණනක් සමාපත්තීන්ට සමවදිමින් ඒ සුවය වින්ද සේක.
3. යස්ස පූජේසි සම්බුද්ධෝ
සත්තාහං සකලෝචනේ
පූජිතං නරදේවේහි
වන්දේ තං බෝධිමුත්තමං
තේරුම :-
බුදුරජාණන් වහන්සේ සතියක් මුළුල්ලෙහි යම් බෝරුකකට තමන් වහන්සේගේ නේත්‍රයන් පූජා කළ සේක් ද ඒ උත්තම බෝධීන් වහන්සේට වඳිමි.
4. ආයුං ආරෝගතං වණ්ණං
යසං කිත්තිං ධනං බලං
වඩ්ඪෙන්තං පූජයන්තානං
වන්දේ තං බෝධිමුත්තමං.
තේරුම :-
පුදන්නවුන්ට ආයුෂ නිරෝග බව ශරීර වර්ණය යශස කීර්තිය ධනය බලය යන මේවා වර්ධනය කරන්නා වූ උත්තම බෝධීන් වහන්සේට වඳිමි.
5. දුක්ඛං රෝගං භයං වේරං
සෝකං ජානිං උපද්දවං
හරන්තං පූජයන්තානං
වන්දේ තං බෝධිමුත්තමං.
තේරුම :-
පූජා කරන්නන්හට දුකය රෝගය ය බිය ය වෛරය ය ශෝකය ය පිරිහීම ය උපද්‍රවය ය යන මේවා දුරු කරන්නා වූ උත්තම වූ බෝධීන් වහන්සේට වඳිමි.
6. පුඤ්ඤකාමීහි විඤ්ඤූහි
නරදේවේහි සාදරං
වන්දිතං පූජිතං සෙට්ඨං
වන්දේ තං බෝධිපාදපං.
තේරුම :-
පින් කැමති නුවණැති දෙවි මිනිසුන් විසින් වඳින්නා වූ පුදන්නා වූ උත්තම බෝධින් වහන්සේට වඳිමි.
7. සබ්බකාම දදෝ බෝධී
සබ්බදුක්ඛ විනාසකෝ
වන්දතෝ දේතු මේ සන්තිං
බෝධිරාජ නමත්ථු තෙ.
තේරුම :-
සියලු කැමති දෑ දෙන්නා වූ සියලු දුක් නසන්නා වූ බෝධීන් වහන්සේ වඳින්නා වූ මා හට ශාන්තිය ගෙන දේවා! බෝධිරාජයන් වහන්ස, නුඹ වහන්සේට නමස්කාර වේවා.!
යස්ස මූලේ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා
වන්දේ තං බෝධිපාදපං.
තේරුම :-
යම් බෝධි මූලයක වැඩ හුන්නා වූ ශාස්තෘන් වහන්සේ සියලු සතුරන් දිනූ සේක් ද උතුම් වූ සියල්ල දන්නා පුද්ගලයා බවට පැමිණි සේක් ද ඒ බෝධීන් වහන්සේ වඳිමි.
ඉන්දනීල වණ්ණ පත්ත සේත ඛන්ධ භාසුරං
සත්ථු නෙත්ත පංකජාහි පූජිතග්ග සාතදං
අග්ග බෝධි නාම වාම දේවරුක්ඛ වණ්ණිතං
තං විසාල බෝධීපාදපං නමාමි සබ්බදා.
තේරුම :-
ඉඳුනිල් මිණි වැනි පත්වලින් ද, සුදු පැහැති කඳින් ද බබලන්නා වූ ශාස්තෘන් වහන්සේ විසින් නෙත් පියුම්වලින් පුදන ලද්දා වූ ද අග්‍ර මිහිර ගෙන දෙන්නා වූ ද අග්‍රබෝධි නම් වූ සුන්දර වූ දෙව් රුකක් වශයෙන් වර්ණිත වූ විශාල වූ ඒ බෝධි වෘක්‍ෂයන් වහන්සේට සෑම කල්හි වඳිමි.
බෝධීන් වහන්සේට මල් පිදීම
සේවිතං ධම්මරාජේන
පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධිරාජානං
පුප්ඵෙනේතේන සාදරං.
තේරුම :-
ධර්මරාජයන් වහන්සේ විසින් උත්තම සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වූ බෝධිරාජයන් වහන්සේට මේ මලින් සාදරයෙන් පුදමි.
බෝධීන් වහන්සේට පහන් පිදීම
සේවිතං ධම්මරාජේන - පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධිරාජානං - දීපේනේතේන සාදරං.
තේරුම :-
ධර්මරාජයන් වහන්සේ විසින් සම්‍යක් සම්බෝධියට පැමිණෙනු පිණිස සේවනය කළා වූ බෝධිරාජයන් වහන්සේට මේ පහනින් සාදරයෙන් පුදමි.
බෝධීන් වහන්සේට සුවඳ දුම් පිදීම
සේවිතං ධම්මරාජේන පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධිරාජානං ධූපේනේතේන සාදරං.
තේරුම :-
ධර්ම රාජයන් වහන්සේ විසින් සම්‍යක් සම්බෝධියට පැමිණීම සඳහා සෙවුනා ලද බෝධිරාජයන් වහන්සේට මේ ධූපය සාදරයෙන් පුදමි.
බෝධීන් වහන්සේට පැන් පිදීම
සේවිතං ධම්මරාජේන පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධිරාජානං උදකේනේතේන සාදරං.
තේරුම :-
ධර්ම රාජයන් වහන්සේ විසින් සම්‍යක් සම්බෝධියට පැමිණීම සඳහා සේවනය කළ බෝධි රාජයන් වහන්සේට මේ පැන් සාදරයෙන් පුදමි.
බෝධීන් වහන්සේට වන්දනා පූජා කොට තමාට සෙත් පිණිස බෝධි මූලයේ දී මේ ගාථා කියනු. මේ ගාථා සජ්ඣායනා කිරීම අපල දුරුවීමට රෝග සුව වීමට හා තමාට ඇති වෙනත් බාහිර කරදර දුරුවීමට හා දියුණුවටත් හොඳ ය.
1. මහාදයෝ මහාසත්තෝ - බෝධිමූලේ නිසීදිය
පඤ්ච මාරේ පරාජෙත්වා - පත්තෝ සම්බෝධි මුත්තමං
එතේන සච්චවජ්ජේන - සොත්ථි මේ හෝතු සබ්බදා.
.
2. ජයෝ හි බුද්ධස්ස සිරිමතෝ අයං
මාරස්ස ච පාපිමතෝ පරාජයෝ
උග්ඝෝසයුං බෝධිමණ්ඩේ පමෝදිතා
ජයං තදා නාග ගණා මහේසිනෝ
එතේන සච්චේන සුවත්ථි හෝතු.
.
3. ජයෝ හි බුද්ධස්ස සුබෝධිමූලේ
මාරස්ස ච පාපිමතෝ පරාජයෝ
උග්ඝෝසයුං බෝධිමණ්ඩේ පමෝදිතා
සුපණ්ණ සංඝාපි ජයං මහේසිනෝ
ඒතේන සච්චේන සුවත්ථි හෝතු.
.
4. ජයෝ හි බුද්ධස්ස සිරීමතෝ අයං
මාරස්ස ච පාපිමතෝ පරාජයෝ
උග්ඝෝසයුං දේවගණා පමෝදිතා
ජයං තදා දේවගණා මහේසිනෝ
ඒතේන සච්චේන සුවත්ථි හෝතු.
.
5. ජයෝ හි බුද්ධස්ස සිරීමතෝ අයං
මාරස්ස ච පාපිමතෝ පරාජයෝ
උග්ඝෝසයුං බෝධිමණ්ඩේ පමෝදිතා
ජයං තදා බ්‍රහ්ම ගණාපි තාදිනෝ
ඒතේන සච්චේන සුවත්ථි හෝතු.
මේ ගාථාවලින් ශාන්තියක් ලැබිය හැකි වන්නේ ඒවායේ තේරුමත් දැන කියන අයට ය. එබැවින් ගාථාවල තේරුමත් තරමකටවත් දත යුතු ය. ගාථාවල තේරුම පිළිවෙළින් මෙසේ ය.
1. මහත් වූ දයාව ඇත්තා වූ මහා සත්ත්වයන් වහන්සේ බෝධි මූලයේ වැඩ හිඳ පස් මරුන් පරදවා උතුම් සම්බෝධියට, බුද්ධත්වයට පැමිණි සේක. ඒ සත්‍ය වචනයේ ආනුභාවයෙන් මා හට සැප වේවා!
2. ශ්‍රීමත් වූ මේ බුදුරජාණන් වහන්සේට ජය වූයේ ය. පාපී වූ මාරයාහට පරාජය අත් වූයේ ය. මේ බෝ මැඩ රැස් වූ නාග සමූහයෝ සතුටු වූවාහු බුදුරජාණන් වහන්සේගේ ජය ඝෝෂාව කළෝ ය. ඒ සත්‍යානුභාවයෙන් සුවයක් වේවා!
3. ශ්‍රීමත් වූ මේ බුදුන් වහන්සේට ජය වූයේ ය. පවිටු මාරයා පැරදුණේ ය. මෙසේ සතුටට පත් දේව සමූහයෝ ද එදා භාග්‍යවතුන් වහන්සේගේ ජය ඝෝෂාව කළෝ ය. ඒ සත්‍යානුභාවයෙන් සුවයක් වේවා!
4. ශ්‍රීමත් වූ බුදුන් වහන්සේට ජය වූයේ ය. පවිටු මාරයා පැරදුණේ ය. මෙසේ සතුටට පත් දේව සමූහයෝ ද එදා භාග්‍යවතුන් වහන්සේගේ ජය ඝෝෂාව කළෝ ය. ඒ සත්‍යානුභාවයෙන් සුවයක් වේවා.
5. ශ්‍රීමත් වූ බුදුන් වහන්සේට ජය වූයේ ය. පාපී මාරයාට පරාජය වූයේය. මෙසේ එදා බෝමැඩ දී සතුටු වූ බ්‍රහ්ම සමූහයෝ භාග්‍යවතුන් වහන්සේගේ ජය ඝෝෂාව කළෝ ය. ඒ සත්‍යයාගේ ආනුභාවයෙන් සැපයක් වේවා!
මේ ගාථා පස බෝධිමූලයේ දී කියා අන්‍යයන්ට සෙත් කිරීමට ද යෝග්‍ය ය. ආතුරයා ලවා බෝධීන් වහන්සේ වඳවා මල් පහන් ආදිය පූජා කරවා බෝධිය සමීපයේ හිඳවා මේ ගාථා තුන් වරක් හෝ සත් වරක් හෝ කියා සෙත් කරනු. අනුන්ට සෙත් කිරීමේ දී පළමුවන ගාථාවේ අන්තිම පදය “සොත්ථි තේ හෝතු සබ්බදා” යි කියනු. අපල ලෙඩ හා වෙනත් කරදර ඇතියන්ට මෙයින් බොහෝ ගුණ ලැබෙනු ඇත. රෝගියා බෝධිය වෙත පැමිණීමට නොහැකි තත්ත්වයක සිටී නම් ඔහු වෙනුවට බෝධියට මල් පහන් පුදා සිටිනා තැනට ගොස් ගාථා කියා සෙත් කරනු.
දේව පුත්‍ර මාර ය, ක්ලේශ මාර ය, අභිසංස්කාර මාරය, ස්කන්ධ මාරය, මෘත්‍යු මාර ය යන මේ පස් දෙන මාරයෝ ය.
දේවපුත්‍ර මාරයා ය කියනුයේ දිව්‍ය ලෝකවලින් උසස් දිව්‍ය ලෝකය වන පරනිර්මිත වශවර්තී නම් දෙව්ලොව එක් පෙදෙසක අධිපතිකම් කරන දෙවියෙකි. ඔහුගේ විෂය ඉක්මවන්නට තැත් කරන බෝසතුන්ට ඔහු විරුද්ධ ය. මහ බෝසතුන් මරන්නට තැත් කරයි. එබැවින් ඔහුට මාරය යි කියනු ලැබේ. එදා මහා බෝධි සත්ත්වයන් වහන්සේ බෝධි මූලයේ අපරාජිත පර්‍ය්‍යඞ්කයේ වැඩ සිට පළමුවෙන් ම උන් වහන්සේ හා යුදයට පැමිණි ඒ වසවත් මරු පරාජය කළහ. ක්ලේශ මාර යනු එක් දහස් පන්සියයක් ක්ලේශයෝ ය. සත්ත්වයනට නැවත නැවත මැරෙන්නට සිදු වන්නේ ඒ ක්ලේශයන් නිසා ය. එබැවින් ක්ලේශයෝ මාර නම් වෙති. අභිසංස්කාර මාර යනු කුශලාකුශල කර්මයෝ ය. ඉපදීමක් නැතහොත් මරණයක් නැත. මරණය ඇත්තේ ඉපදීම නිසා ය. ඉපදීම ඇති කරන කර්මය මරණය ද ඇති කරන්නක් වශයෙන් සලකා එය මාරයා ය යි කියනු ලැබේ. ස්කන්ධ මාර යනු පඤ්චස්කන්ධය ය. පඤ්චස්කන්ධයක් නැතහොත් මරණයක් නැත. මරණය ඇත්තේ පඤ්චස්කන්ධය නිසා ය. එබැවින් පඤ්චස්කන්ධයට ද මාර යන නම දී ඇත්තේ ය. මෘත්‍යු මාර යනු ස්වභාවික මරණය ය. මහා බෝධිසත්වයන් වහන්සේ ඒ වෙසක් මස පුණු පොහෝ දින රාත්‍රියේ පශ්චිම යාමයේ දී අර්හත් මාර්ග ඥානය උපදවා ගැනීමෙන් ක්ලේශ මාරාදි මාරයන් සතර දෙන පරාජය කොට බුද්ධත්වයට පැමිණි සේක.
අප ගෞතම බුදුරජාණන් වහන්සේට නියත විවරණය දුන් දීපංකරාදි සූවිසි බුදුවරයන් වහන්සේලාට හා උන් වහන්සේලාගේ බෝධිවලට ද ගෞතම බුදුරජාණන් වහන්සේට හා උන් වහන්සේගේ බෝධියට ද වැඳීම මෙසේ කළ යුතු.
1. වන්දේ දීපංකරං බුද්ධං
වන්දේ බෝධිං ච පිප්ඵලිං
සාලකල්‍යණ බෝධිං ච
වන්දේ කොණ්ඩඤ්ඤ නායකං.
.
2. වන්දේ මංගල සම්බුද්ධං
නාග බෝධිං ච සාතදං
වන්දේ සුමන සම්බුද්ධං
නාග බෝධිං ච උත්තමං.
.
3. වන්දේ රේවත සම්බුද්ධං
නාග බෝධිං ච භද්දකං
වන්දේ සෝභිත සම්බුද්ධං
නාග බෝධිං ච සාදරං.
.
4. අනෝමදස්සී නාථං ච
නමේ බෝධිං ච අජ්ජුනං
වන්දේ පදුම සම්බුද්ධං
සෝණ බෝධිං ච සෝභනං.
.
5. වන්දේ නාරද සම්බුද්ධං
සෝණ බෝධිං ච සාදරං
පදුමුත්තරං ජිනං වන්දේ
සාල බෝධිං ච සාතදං.
.
6. වන්දේ සුමේධ සම්බුද්ධං
නීප බෝධිං ච භාසුරං
වන්දේ සුජාත සම්බුද්ධං
වේළු බෝධිං ච සාදරං
.
7. පියදස්සී ජිනං වන්දේ
කකුධ බෝධිං ච සාතදං
අත්ථදස්සී මුනිං වන්දේ
බෝධිං ච චම්පකං වරං.
.
8. ධම්මදස්සී මුනිං වන්දේ
බෝධිං කුරවකං වරං
වන්දේ සිද්ධත්ථ සත්ථාරං
කණිකාර බෝධිං වරං.
.
9. වන්දේ තිස්ස සුගතං ච
අසන බෝධිං ච සාතදං
වන්දේ ඵුස්සං ච සුගතං
බෝධිං චාමලකං සුභං.
.
10. වන්දේ විපස්සි සුගතං
බෝධිං ච පාටලිං වරං
වන්දේ සිඛිං ච සත්ථාරං
බෝධිං පුණ්ඩරීකං සුභං.
.
11. වන්දේ වෙස්සභූ සම්බුද්ධං
සාලබෝධිං ච සාතදං
කකුසන්ධං ච සම්බුද්ධං
බෝධිං ච සිරීසං වර.
.
12. කෝණාගමන නාථං ච
නමේ බෝධං උදුම්බරං
වන්දේ කස්සප නාථං ච
බෝධිං නිග්‍රෝධ පාදපං
වන්දේ ගෝතම සම්බුද්ධං
අස්සත්ථ බෝධිමුත්තමං.
.
13. පඤ්චවීසති බුද්ධානං
බෝධීනං ච සාරවං
නමාමි සිරසා නිච්චං
තේ මං රක්ඛන්තු සබ්බදා.
ගාථාවල තේරුම
මෙය කියා සිංහල බසින් ම වන්දනා කිරීම යෙහෙකි.
1. මෙයින් සාරා සඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර එක් කපෙක ලෝ පහළ වී වදාළා වූ දීපංකර නම් බුදුරජාණන් වහන්සේට ද උන් වහන්සේට සෙවන දුන් පුලිල බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
2. දීපඞ්කර බුදුරජාණන් වහන්සේනේ කල්ප අසංඛ්‍යයකින් පසු ලෝ පහළ වී වදාළා වූ කොණ්ඩඤ්ඤ නම් සර්වඥයන් වහන්සේට ද උන් වහන්සේට සෙවන දුන් ශාලකල්‍යාණි බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
3. කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගෙන් පසු කල්ප අසංඛ්‍යයකින් ලෝ පහළ වී වදාළා වූ මංගල නම් බුදුරජාණන් වහන්සේට ද උන්වහන්සේට සෙවන දුන් නාග බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
4. එ කපෙහි ම ලෝ පහළ වී වදාළා වූ සුමන නම් බුදුරජාණන් වහන්සේට හා උන් වහන්සේට සේවන දුන් නාග බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
5. එ කපෙහි ම ලෝ පහළ වී වදාළා වූ රේවත නම් බුදුරජාණන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් නාග බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
6. ඒ කල්පයේ දී ම ලෝ පහළ වී වදාළා වූ සෝභිත නම් බුදුරජාණන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් නාග බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
7. සෝභිත බුදුරජාණන් වහන්සේගෙන් කල්ප අසංඛ්‍යයකට පසු ලෝ පහළ වී වදාළා වූ අනෝමදස්සී නම් බුදුරජාණන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් කුඹුක් බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
8. එ කපෙහි දී ම ලෝ පහළ වී වදාළා වූ පදුම නම් ලෝකනාථයන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් මහාසෝණ නම් බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
9. එකප ම ලෝ පහළ වී වදාළා වූ නාරද නම් සර්වඥයන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් මහාසෝණ නම් බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
10. මෙයින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ලෝ පහළ වී වදාළා වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේට හා උන් වහන්සේට සේවන දුන් ශාල බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
11. පදුමුත්තර බුදුරදුන්ගෙන් කල්ප තිසකින් පසු ලෝ පහළ වී වදාළා වූ සුමේධ නම් ලෝකනාථයන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් බක්මී බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
12. ඒ කපෙහි ම ලෝ පහළ වී වදාළා වූ සුජාත නම් සර්වඥයන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් හුණ බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
13. මේ මහා භද්‍ර කල්පයෙන් අටළොස් වන කපෙහි ලෝ පහළ වී වදාළා වූ පියදස්සී නම් බුදුරජාණන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් කුඹුක් බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
14. ඒ කපෙහි ම ලෝ පහළ වී වදාළා වූ අත්ථදස්සී නම් ලෝකනායකයන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් සපු බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
15. ඒ කපෙහි ම ලෝ පහළ වී වදාළා වූ ධම්මදස්සී නම් තථාගතයන් වහන්සේට හා උන් වහන්සේට සෙව දුන් රත්කරවු බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
16. මේ මහා භද්‍ර කල්පයෙන් සිවු අනූවන කපෙහි ලෝ පහළ වූ සිද්ධත්ථ නම් මුනීන්ද්‍රයන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් කණිහිරි බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
17. මේ මහා භද්‍ර කල්පයෙන් අනූදෙවන කල්පයෙහි ලෝ පහළ වී වදාළා වූ තිස්ස සම්බුද්ධයන් වහන්සේට හා උන් වහන්සේට සෙව දුන් පියා බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
18. ඒ කපෙහි ම ලෝ පහළ වී වදාළා වූ ඵුස්ස සර්වඥයන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් නෙල්ලි බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
19. මේ මහා භද්‍ර කල්පයෙන් එක් අනූනව කපෙහි ලෝ පහළ වී වදාළා වූ විපස්සී නම් බුදුරජාණන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් පළොල් බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
20. මෙ කපින් එක්තිස් වන කපෙහි ලෝ පහළ වූ ශිඛී නම් සර්වඥයන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් ඇටඹ බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
21. මේ කපින් එක්තිස් වන කපෙහි ලෝ පහළ වී වදාළා වූ වෙස්සභූ නම් සර්වඥයන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් ශාල බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
22. මෙකප පළමු කොට ලෝ පහළ වී වදාළා වූ කකුසන්ධ නම් සර්වඥයන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් මහරි බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
23. මෙ කප දෙ වන වර ලෝ පහළ වී වදාළා වූ කෝණාගමන නම් සර්වඥයන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් දිඹුල් බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
24. මෙ කප තුන් වන වරට ලෝ පහළ වී වදාළා වූ කාශ්‍යප නම් සර්වඥයන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් නුග බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
25. මෙ කප සිවු වන වරට ලෝ පහළ වී වදාළා වූ අප ගෞතම බුදුරජාණන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් ඇසටු බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
පස්විසි බුදුවරයන් වහන්සේලාට හා බෝධීන් වහන්සේලාට අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. ඒ බුදුවරයන් වහන්සේලා, බෝධීන් වහන්සේලා මා ආරක්‍ෂා කරත්වා!
පස්විසි බුද්ධ බෝධි පූජාව
1. දීපංකරං ලෝකනාථං තස්ස බෝධිං ච පිප්ඵලිං
එතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
2. කොණ්ඩඤ්ඤං ලෝකනාථං ච සාල බෝධිං ච සාතදං
එතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමී සගාරවං.
.
3. මංගලව්හය නාථං ච සාල බෝධිං ච සාතදං
ඒතේ පුප්ඵෙ ච දීපෙ ච පූජයාමී සගාරවං.
.
4. සුමනං ලෝකනාථං ච නාග බෝධිං ච තස්සහං
ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
5. රේවතං ලෝකනාථං ච නාග බෝධිං ච සාතදං
ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
6. විනායකං සෝභිතං ච නා බෝධිං ච භාසුරං
ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
7. බුද්ධං අනෝමදස්සිං ච බෝධිං ච අජ්ජුනං වරං
ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
8. පදුමං ලෝකනාථං ච සෝණ බෝධිං ච සාතදං
ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
9. නාරදං සුගතං සෙට්ඨං සෝණ බෝධිං ච සන්තිදං
ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
10. පදුමුත්තර නාථං ච බෝධිං ච සාලං වරං
ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
11. සුමේධං ලෝකනාථං ච නීප බෝධිං ච සන්තිදං
ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
12. ලෝකගරුං සුජාතං ච වේළු බෝධිං ච සන්තිදං
ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
13. පියදස්සිං දේව දේවං කකුධ බෝධිං ච උත්තමං
එතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
14. අත්ථදස්සිං ලෝකගරුං චම්පකං බෝධිමුත්තමං
එතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
15. තථාගතං ධම්මදස්සිං බෝධිං කුරවකං වරං
ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
16. සිද්ධත්ථං ලෝකනාථං ච කණිකාර බෝධිං වරං
එතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
17. තිස්සං ච සුගතං සෙට්ඨං ච අසනං වරං
ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
18. ඵුස්සං දසබලං සෙට්ඨං බෝධිං චාමලකද්දුමං
එතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
19. විපස්සිං ලෝකනාථං ච බෝධිං ච පාටලිං වරං
ඒතේ පුප්ඵෙ ච දීපෙ ච පූජයාමි සගාරවං.
.
20. සෙට්ඨං සිඛිං ච සුගතං බෝධිං පුණ්ඩරීකං වරං
ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
21. විනායකං වෙස්සභුං ච සාල බෝධිං ච සන්තිදං
ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
22. කකුසන්ධං මුනින්දං ච බෝධිං ච සිරීසං වරං
ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
23. කෝණාගමන නාථං ච බෝධිං උදුම්බරං සුභං
ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
24. කස්සපං සුගතං සෙට්ඨං බෝධිං නිග්‍රෝධ පාදපං
ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
25. මුනින්දං ගෝතමං සෙට්ඨං අස්සත්ථ බෝධි මුත්තමං
ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
පස්විසි බුදුවරයන් වහන්සේලා උදෙසා මල් වට්ටි පස් විස්සක් හා පහන් පස් විස්සක් ද බෝධීන් වහන්සේලා උදෙසා පහන් හා මල් වට්ටි පස් විස්ස බැගින් ද තබා මේ පූජා කරන්න.
බුද්ධ, ප්‍රත්‍යේක බුද්ධ, අග්‍රශ්‍රාවක, මහාශ්‍රාවක, චක්‍රවර්තිරාජාදි මහෝත්තමයන් පහළ වන්නා වූ ශ්‍රීමත් ජම්බුද්වීපයේ මධ්‍යදේශයේ මගධ රට උරුවේලා නම් දනව්වෙහි නේරඤ්ජරා නදී තීරයේ සියලු බුදුවරයන් බුදුවන උත්තම භූමි භාගයෙහි සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ මවු කුසයෙන් බිහිවීම සමග ම පැන නැංගා වූ ද මහා බෝධිසත්වයන් වහන්සේට පිට දී වැඩ හිඳ පස් මරුන් පරදවා ලොවුතුරා බුදු බවට පැමිණියා වූ ද ඒ තථාගතයන් වහන්සේ විසින් සතියක් මුළුල්ලෙහි එහි ම වැඩ සිට සේවනය කරන ලද්දා වූ ද සතියක් අනිමිස ලෝචන පූජා නම් වූ නේත්‍ර පූජාව කරන ලද්දා වූ ද පරම පූජනීය ශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේට මාගේ කායාදි ද්වාරත්‍රයෙන් අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
තථාගතයන් වහන්සේ දෙව්රම් වෙහෙර නො වැඩ සිටින අවස්ථාවන්හි පුද පඬුරු ගෙන උන් වහන්සේ දක්නට පැමිණෙන සැදැහැවතුන්ට උන්වහන්සේ වෙනුවට වැඳ පුදා ගැනීම පිණිස ජේතවන මහා විහාරයේ දොරටුව සමීපයේ රෝපණය කර ඇති ආනන්ද බෝධිරාජයන් වහන්සේට මාගේ කායාදි ද්වාරත්‍රයෙන් අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
තථාගතයන් වහන්සේ දෙව්රම් වෙහෙර නො වැඩ සිටින අවස්ථාවන්හි පුද පඬුරු ගෙන උන් වහන්සේ දක්නට පැමිණෙන සැදැහැවතුන්ට උන්වහන්සේ වෙනුවට වැඳ පුදා ගැනීම පිණිස ජේතවන මහා විහාරයේ දොරටුව සමීපයේ රෝපණය කර ඇති ආනන්ද බෝධිරාජයන් වහන්සේට මාගේ කායාදි ද්වාරත්‍රයෙන් අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
මේ ශ්‍රී ලංකා ද්වීපයේ අනුරාධපුරයේ මහා මේඝ වන නම් උයනෙහි කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන තුන් බුදුවරයන් වහන්සේලාගේ බෝධීන් පිහිටියා වූ ද අප බුදුරජාණන් වහන්සේ පන්සියයක් රහතන් වහන්සේ හා නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටියා වූ ද උත්තම භූමි භාගයේ වැඩ සිටින්නා වූ දක්‍ෂිණ ශාඛා බෝධීන් වහන්සේට මාගේ කායාදි ද්වාරත්‍රයෙන් අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.
මහමෙවුනා උයනෙහි වැඩ සිටින්නා වූ දක්‍ෂිණ ශාඛා බෝධීන් වහන්සේගේ පඤ්ච මහා ශාඛාවන්ගෙන් පතිත වූ පස් ඵලවලින් මහජනයා බලා සිටිය දී එකෙණෙහි ම පැන නැංගා වූ ඵලරුහ බෝධීන් වහන්සේලා වන,
යන සතළිස් නමක් වන බෝධීන් වහන්සේලාට හා ඒ බෝධීන් වහන්සේලා ගෙන් පරම්පරා වශයෙන් පවත්නා සියලු බෝධීන් වහන්සේලාට ද මාගේ කායාදි ද්වාරත්‍රයෙන් අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. දෙවනුව ද වඳිමි. තෙවනුව ද වඳිමි.
අපේ ඇස්වලට නො පෙනෙන්නේ වී නමුත් ගස් කඳු ගෙවල් දේවාලය වැව් ගංඟා ආදිය ඇසුරු කොට වෙසෙන නොයෙක් විට මිනිසුන්ට උපකාර කරන දේව කොට්ඨාශයක් ඇති බව බුදු දහම අනුව කිය යුතු ය. ඒ දේවියන් සතුටු කළ පමණට ඔවුන්ගේ කරුණාව වඩ වඩා ලැබිය හැකි ය. කැවුම් කිරිබත් පලතුරු ආදි මිනිස් ආහාර ඔවුන්ගේ ආහාර නොවේ. එබැවින් ඒවා පිදීමෙන් ඔවුනට සතුටක් නො ලැබෙනු ඇත. එහෙත් ඒවා පුදන්නවුන්ට ද තමන්ට ගෞරවයක් කරන නිසා ඒ පුද ලබන දෙවියන් අනුකම්පා කරනු ඇත. දෙවියෝ පිනට කැමැත්තෝ ය. පින් අනුමෝදන් වීමෙන් ඔවුන්ගේ දේව සම්පත්තිය දියුණු වේ. එබැවින් දෙවියෝ පින් දෙන මිනිසුන්ට විශේෂයෙන් අනුකම්පාව දක්වති. කළ හැකි උපකාර කරති.
“තතෝ නං අනුකම්පන්ති මාතා පුත්තංව ඕරසං
දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති.”
ඒ පින්දීම හේතු කොට මවක් සිය කුසයෙන් උපන් දරුවකුට අනුකම්පා කරන්නා සේ පින් දුන්නවුන්ට දෙවියන් අනුකම්පා කරන බවත් දේවතානුකම්පාව ලබන්නහුට සෑම කල්හි යහපත වන බවත් තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය. දෙවියන්ට සැම දෙයක් ම කළ හැකි බලයක් ඇති ය යි නො සිතිය යුතු ය. ඔවුන්ගෙන් උපකාර ලැබෙන්නේ ඔවුනට කළ හැකි පමණට ය. පින් අනුමෝදන් වූ දෙවියන් මිනිසුන්ට කළ උපකාර දැක්වෙන බෞද්ධ කථා ඇත්තේ ය. ජාතක පොතේ එන මච්ඡද්වාර ජාතකය ඉන් එකකි. දම්පියාටුවාවේ එන කුමුදුප්පලානීත දුග්ගතවත්ථු යන කථාව ද ඉන් එකකි. ඒවා වුවමනා නම් ඒ පොත් වලින් බලා ගන්න.
සියලු දෙවියන්ට පින් දීම
කතං අම්හේහිමං පුඤ්ඤං - සබ්බසම්පත්ති සාධකං
සබ්බේ දේවානුමෝදන්තු - අම්හේ රක්ඛන්තු සබ්බදා.
තේරුම :-
අප විසින් කරන ලද සියලු සම්පත් සාදා දෙන මේ පින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. අප ද සැම කල්හි ආරක්‍ෂා කෙරෙත්වා!
විෂ්ණු දෙවියන්ට පින් දීම
නීලවණ්ණෝ මහා තේජො - බලෝ ගුරුළ වාහනෝ
වේණු නාමෝ දේව රාජා - ඉමං පුඤ්ඤානුමෝදතු.
තේරුම :-
නිල් වන් වූ මහා තේජස් ඇත්තා වූ බල ඇත්තා වූ ගුරුළු වාහනය ඇති විෂ්ණු නම් වූ දෙව් රජ තෙමේ මේ පින් අනුමෝදන් වේවා.!
කතරගම දෙවියන්ට පින් දීම
සළානනෝ මහා තේජෝ - බලෝ මයුර වාහනෝ
දේවින්දෝ කාචරගාමේ - ඉමං පුඤ්ඤානුමෝදතු.
තේරුම :-
මුහුණු සයක් ඇත්තා වූ මහත් තේජස් බල ඇත්තා වූ කතරම දේවේන්ද්‍රයෝ මේ පින් අනුමෝදන් වෙත්වා!
සමන් දෙවියන්ට පින් දීම.
වාරණ වාහනෝ සම්මා - සම්බුද්ධ පද පාලකෝ
තේජස්සී සුමනෝ දේවෝ - ඉමං පුඤ්ඤානුමෝදතු
තේරුම :-
ශ්‍රී පාදය ආරක්‍ෂා කරන්නා වූ තේජස් ඇත්තා වූ ඇත් වාහන ඇත්තා වූ සුමන දෙවි තෙමේ මේ පින් අනුමෝදන් වේවා!
විභිෂණ දෙවියන්ට පින් දීම
කල්යාණි පුරේ රම්මේ - තුරඞ්ග වාහනෝ බලී
විභිසනව්හයෝ දේවෝ - ඉමං පුඤ්ඤානුමෝදතු.
තේරුම :-
රම්‍ය වූ කැලණි පුරයෙහි අශ්ව වාහන ඇති බලවත් වූ විභිෂණ දෙවි තෙමේ මේ පින් අනුමෝදන් වේවා!
ගම්භාර සූනියම් දෙවියන්ට පින් දීම
නානා වණ්ණෝ මහා තේජෝ - ඕදාත හය වාහනෝ
ගාමසඤ්චාරකෝ දේවෝ - ඉමං පුඤ්ඤානුමෝදතු.
තේරුම :-
නොයෙක් වර්ණ ඇත්තා වූ මහත් තේජස් ඇත්තා වූ ශ්වේත අශ්ව වාහන ඇත්තා වූ ගම්හි හැසිරෙන්නා වූ ගම්භාර දෙවි තෙමේ මේ පින් අනුමෝදන් වේවා!
මිය ගිය ඥාතීන්ට පින් දීම
කතං අම්හේහිමං පුඤ්ඤං - සබ්බ සම්පත්ති සාධකං
ඤාතයෝ අනුමෝදන්තු - පරලෝක මිතෝ ගතා.
සකල සත්ත්වයන්ට පින් දීම
කතං අම්හේහිමං පුඤ්ඤං - සබ්බ සම්පත්ති සාධකං
සබ්බේ සත්තානුමෝදන්තු - සුඛිතා හොන්තු තේ සදා.
මවට පින් දීම
කතං අම්හේහිමං පුඤ්ඤං - සබ්බ සම්පත්ති සාධකං
මාතා මේ අනුමෝදතු - පරලෝක මිතෝ ගතා.
පියාට පින් දීම
කතං අම්හේහිමං පුඤ්ඤං - සබ්බ සම්පත්ති සාධකං
පිතා මේ අනුමෝදතු - පරලෝක මිතෝ ගතෝ.
බුදුවරයන්ට හා බෝධීන්ට පූජා පවතවා මේ පිරිත රෝගීන්ට හා වෙනත් උවදුරු ඇතියන්ට බෝධි මූලයේදී කියනු. කාටත් සෙත් පිණිස කීමට ද සුදුසු ය.
1. දීපඞ්කරෝ ලෝකවිදූ මූලේ පිප්ඵලි බෝධියා,
පඤ්ච මාරේ පරාජෙත්වා පත්තෝ සම්බෝධි මුත්තමං
ඒතේන සච්ච වජ්ජේන සොත්ථි තේ හොතු සබ්බදා.
.
2. කොණ්ඩඤ්ඤව්හය සම්බුද්ධෝ මූලම්හි සාල බෝධියා
පඤ්චමාරේ පරාජෙත්වා පත්තෝ සම්බෝධි මුත්තමං
ඒතේන සච්ච වජ්ජේන සොත්ථි තේ හෝතු සබ්බදා.
.
3. මඞ්ලව්හය සම්බුද්ධෝ මූලම්හි නාග බෝධියා,
පඤ්චමාරේ පරාජෙත්වා පත්තෝ සම්බෝධි මුත්තමං
එතේන සච්චවජ්ජේන සොත්ථි තේ හෝතු සබ්බදා.
.
4. සුමනව්හය සම්බුද්ධෝ මූලම්හි නාග බෝධියා,
පඤ්චමාරේ පරාජෙත්වා පත්තෝ සම්බෝධි මුත්තමං
ඒතේන සච්චවජ්ජේන සොත්ථි තේ හෝතු සබ්බදා.
.
5. රේවතව්හය සම්බුද්ධෝ මූලම්හි නාග බෝධියා
(සම්පූර්ණ කර කියනු)
.
6. සොභිතව්හය සම්බුද්ධෝ මූලම්හි නා බෝධියා
(සම්පූර්ණ කර කියනු)
.
7. අනෝමදස්සී සුගතෝ මූලේ අජ්ජුන බෝධියා
8. පදුමෝ නාම සම්බුද්ධෝ මූලම්හි සෝණ බෝධියා,
9. නාරදෝ නාම සම්බුද්ධෝ මූලම්හි සෝණ බෝධියා,
10. පදුමුත්තරෝ නාම ජිනෝ මූලම්හි සාල බෝධියා,
11. සුමේධෝ නාම සම්බුද්ධෝ මූලම්හි නීප බෝධියා,
12. සුජාතෝ නාම සම්බුද්ධෝ මූලම්හි වේලු බෝධියා,
13. පියදස්සී නාම බුද්ධෝ මූලේ කකුධ බෝධියා,
14. අත්ථදස්සී නාම ජිනෝ මූලේ චම්පක බෝධියා,
15. ධම්මදස්සී නාම ජිනෝ මූලේ කුරවක බෝධියා,
16. සිද්ධත්ථෝ නාම බුද්ධෝ මූලේ කණිකාර බෝධියා,
17. තිස්ස නාමෝ ලෝකගරු මූලේ අසන බෝධියා,
18. ඵුස්ස නාමෝ ලෝකවිදූ මූලේ ආමලක බෝධියා,
19. විපස්සී නාම සුගතෝ මූලේ පාටලි බෝධියා,
20. සිඛී නාමෝ ලෝකනාථෝ මූලේ සේතම්බ බෝධියා,
21. වෙස්සභූ නාම සුගතෝ මූලම්හි සාල බෝධියා,
22. කකුසන්ධෝ ලෝකවිදූ මූලේ සිරීස බෝධියා,
23. කෝණාගමනෝ සුගතෝ මූලේ උදුම්බර බෝධියා,
24. කස්සපෝ නාම සම්බුද්ධෝ මූලේ නිග්‍රෝධ බෝධියා,
.
25. ගෝතමෝ නාම සබ්බඤ්ඤු මූලේ අස්සත්ථ බෝධියා,
පඤ්ච මාරේ පරාජෙත්වා පත්තෝ සම්බෝධි මුත්තමං,
ඒතේන සච්ච වජ්ජේන සොත්ථි තේ හෝතු සබ්බදා..
මේ පිරිත බෝධි පූජාවට පැමිණි සෑම දෙනාට ම සෙත් පිණිස බෝධි මූලයේදී කීමට ද සුදුසු ය. එසේ කියන කල්හි ගාථාවල අන්තිම පදය සොත්ථි වෝ හෝතු සබ්බදා යි කියනු.
පූජනීය වස්තු තුන් වර්ගයෙකි. ඒවාට චෛත්‍යය යි ද කියනු ලැබේ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් චෛත්‍ය කොතෙක්දැ යි භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළ කල්හි “ආනන්දය, චෛත්‍ය තුනකැ”යි වදාළහ. “ඒ කවරහුදැ”යි විචාළ කල්මි “ශාරීරිකය, පාරිභෝගිකය, උද්දේසිකය යි චෛත්‍යයෝ තිදෙනෙක් වන්නාහ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. “ස්වාමීනි, නුඹ වහන්සේ ජීවමාන කල්හි චෛත්‍ය කළ හැකි දැ”වි විචාළ කල්හි “ආනන්දය, ශාරීරික චෛත්‍ය නොකළ හැකි ය. එය ලැබෙන්නේ බුදුන් පිරිනිවීමෙන් පසුව ය. බුදුන් වහන්සේ විසින් පරිභෝග කළ බෝධිය වනාහි උන්වහන්සේ ජීවමාන කල්හි ද පිරිනිවීමෙන් පසු ද චෛත්‍ය වන්නේ ය. උද්දේශික චෛත්‍යයට වස්තුවක් නැත. එය ආදර ගෞරව පැවැත්වීම් මාත්‍රයෙන් වන්නේ ය” යි වදාළ සේක.
ශාරීරික චෛත්‍යය යනු සර්‍වඥ ධාතූන් වහන්සේලා ය. පිරිනිවියා වූ සර්‍වඥයන් වහන්සේගේ ශරීරය ආදාහන කළ කල්හි එහි සම් මස් නහර ආදියෙන් කිසිවක් ඉතිරි නොවී කපුරු දැවෙන්නාක් මෙන් සම්පූර්ණයෙන් ද ගියේ ය. ලලාට ධාතූන් වහන්සේය, අකු ධාතූන් වහන්සේලා දෙනම ය, දළදා සතර ය යන මේ ධාතූන් වහන්සේලා සත් නම සම්පූර්ණ වශයෙන් ඉතිරි වූහ. ශරීරයේ අන්‍ය අස්ථීහු කුඩා කැබලි වී ඉතිරි වූහ.
“උණ්භීසං චතස්සෝ දාඨා
අක්ඛා ද්වේ ච ධාතුයෝ,
අසම්භින්නා ඉමා සත්ත
සේසා භින්නා ච ධාතුයෝ”
යනුවෙන් ඒ බව බුද්ධ වංසයෙහි දක්වා ඇත්තේ ය.
මහන්තා මුග්ග මත්තා ච
මජ්ඣිමා භින්න තණ්ඩුලා
ඛුද්දකා සාසප මත්තා ච
නානා වණ්ණා ච ධාතුයෝ.
යනුවෙන් මහත් ධාතූහු මුං පියලි පමණ ද, මධ්‍යම ධාතූහු කඩ සහල් පමණ ද, කුඩා ධාතූහු අබ ඇට පමණ ද, නොයෙක් වර්ණ ඇතියෝ ද වන්නාහ යි දක්වා ඇත්තේ ය.
මහන්තා පඤ්ච නාළියෝ නාළියෝ පඤ්ච මජ්ඣිමා
ඛුද්දකා ඡනාළී චේව එතා සබ්බාපි ධාතුයෝ.
යනුවෙන් මහත් ධාතුහු නැළි පසක් ද, මධ්‍යම ධාතුහු පස් නැළියක් ද, කුඩා ධාතුහු නැළි සයක් ද වන්නාහ යි දක්වා ඇත්තේ ය.
මහන්තා සුවණ්ණ වණ්ණා ච මුත්ත වණ්ණා ච මජ්ඣිමා
ඛුද්දකා මකුල වණ්ණා ච සොළස දෝණ මත්තිකා.
යනුවෙන් මහත් ධාතුහු රන් පැහැ ඇත්තාහ. මධ්‍යම ධාතුහු මුතු පැහැ ඇත්තාහ. කුඩා ධාතුහු සමන් කැකුළු පැහැ ඇත්තාහ. සියල්ල ද්‍රෝණ සොළසක් වන්නාහ යි දක්වා ඇත්තේ ය.
උණ්හීසං සීහලේ දීපේ බ්‍රහ්මලෝකේ ච වාමකං,
සීහලේ දක්ඛිණක්ඛං ච සබ්බපේතා පතිට්ඨිතා
යනුවෙන් උණ්හීස ධාතුව (ලලාට ධාතුව) සිංහල ද්වීපයෙහි ද, වම් අකු ධාතුව බ්‍රහ්ම ලෝකයෙහි ද, දකුණු අකුදාව සිංහල ද්වීපයෙහි ද පිහිටියහ යි දක්වා ඇත්තේ ය.
එකා දාඨා තිදසපුරේ ඒකා නාගපුරේ අහු,
ඒකා ගන්ධාර විසයේ ඒකා කාලිඞ්ග රාජිනෝ.
මේ ගාථාවෙන් එක් දළදාවක් දෙව්ලොව ද, එක් දළදාවක් නාගලෝකයෙහි ද, එක් දළදාවක් ගන්ධාර දේශයේ ද, එක් දළදාවක් කාලිංග දේශයේ ද වැඩ සිටින බව දැක්වේ. දැනට මහනුවර දළදා මන්දිරයේ වැඩ සිටින්නේ කාලිංග දේශයේ වැඩ සිටි දළදා වහන්සේ ය. මෙහි දක්වන ලදුයේ බුද්ධ වංස පාලියේ දැක්වෙන ධාතු විස්තරය ය. වෙනත් පොත්වල දැක්වෙන ධාතු විස්තරවල මෙයට මඳ වෙනස්කම් ද ඇත්තේ ය.
චත්තාළීස සමා දන්තා කේසා ලෝමා ච සබ්බසෝ
දේවා හරිංසු ඒකේකං චක්කවාළ පරම්පරා.
මේ ගාථාව බුද්ධවංස පාළියේ හා මහා පරිනිර්වාණ සූත්‍රාවසානයේ ද දක්නා ලැබේ. එයින් කියැවෙන්නේ තථාගතයන් වහන්සේගේ සම වූ දන්තයන් සතළිස ද කෙස් හා ලොම් ද චක්‍රවාළ පරම්පරාවට දෙවියන් ගෙන ගිය බව ය. මෙය ඒ පොත්වල ම මුලින් දැක්වූ කරුණුවලට නො ගැලපේ. විමසිය යුත්තකි.
ධාතු වන්දනා ගාථා
1. ලෝකං මෝහ නමෝ නද්ධං විසුද්ධං ධම්මරංසියා,
ඕභාසෙත්වා නිබ්බුතස්ස ලෝකනාථස්ස ධාතුයෝ,
සාදරං අභිවන්දාමි සම්පත්තුං උත්තමං සිවං,
.
2. තාරයිත්වා බහුජ්ජනේ සංසාරෝඝා මහබ්භයා
සුඛාපෙත්වා නිබ්බුතස්ස ලෝකනාථස්ස ධාතුයෝ
සක්කච්චං අභිවන්දාමි පත්තුං නිබ්බානමුත්තමං,
.
3. දේසෙත්වා පවරං ධම්මං මග්ගං නිබ්බාන පත්තියා
සංදස්සයිත්වා ලෝකස්ස නිබ්බුතස්ස මහේසිනො,
ධාතුයෝ අභිවන්දාමි පත්තුං නිබ්බානමුත්තමං.
තථාගතයන් වහන්සේ පිට දී බුදු වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ආනන්ද බෝධීන් වහන්සේ, අනුරාධපුරයේ දක්‍ෂිණ ශාඛා බෝධීන් වහන්සේ, ඒවායේ ඵලවලින් හටගත් බෝධීන් වහන්සේලා යන මේවා පාරිභෝගික චෛත්‍යයෝ ය. තථාගතයන් වහන්සේ විසින් පරිභෝග කළ පාසිවුරු ආදිය ද පාරිභෝගික චෛත්‍යයෝ ය. තථාගතයන් වහන්සේගේ පාරිභෝගික වස්තූන් බුද්ධවංසයේ මෙසේ දක්වා ඇත්තේ ය.
වජිරායං භගවතො පත්තෝ දණ්ඩං ච චීවරං
නිවාසනං කුලඝරේ පච්චත්ථරණං කපිලව්හයේ.
තේරුම :-
භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය, සැරයටිය, සිවුර යන මේවා වජිරා නම් පෙදෙසෙහි ඇත්තේ ය. අඳනය කුලගෙයි ද පච්චත්ථරණය කපිල නම් පුරයෙහි ද ඇත්තේ ය.
පාටළීපුත්තපුරම්භි කරකං කායබන්ධනං
චම්මායුදකසාටියං උණ්ණලෝමංච කෝසලේ.
තේරුම :-
පාටළී පුත්‍ර නගරයෙහි ඩබරාව හා පටිය ද සම්කඩ, නානකඩය, හා ඌර්ණරෝමය යන මේවා කොසොල් රටෙහි ද ඇත්තේ ය.
කාසාවං බ්‍රහ්ම ලෝකේ ච වේඨනං තිදසේ පුරේ
නිසීදනං අවන්තීසු රට්ඨෙ අත්ථරණං තදා.
තේරුම :-
සිවුර බ්‍රහ්ම ලෝකයෙහි ද, හිස්වෙළුම දෙව් ලොව ද, නිසීදනය අවන්ති ජනපදයෙහි ද, දේව නම් රටෙහි ඇතිරිල්ල ද ඇත්තේ ය.
අරණී ච මිථිලායං විදේහේ පරිස්සාවනං
වාසී සූවිඝරං චාපි ඉන්දපත්තපුරේ තදා.
තේරුම :-
ගිනි ගානා දණ්ඩ මිථිලා නගරයෙහි ද, පෙරහන විදේහ රටෙහි ද, කරකැත්ත හා ඉඳිකටුගුලාව ඉන්දපත්ත පුරයෙහි ද ඇත්තේ ය.
පරික්ඛාරා අවසේසා ජනපදේ අපරන්තකේ
පරිභුත්තානි මුනිනා අකංසු මනුජා තදා.
තේරුම :-
භාග්‍යවතුන් වහන්සේ විසින් පරිභෝග කරන ලද ඉතිරි පිරිකර එකල විසූ මනුෂ්‍යයෝ අපරන්ත ජනපදයෙහි තැන්පත් කළහ.
බුදුරදුන් උදෙසා වැඳුම් පිදුම් කිරීමට පිළියෙළ කරන ලද වස්තූහු උද්දේශික චෛත්‍යය නම් වෙති. බුදුරජාණන් වහන්සේගේ රූප වශයෙන් සලකන චිත්‍ර රූප, ප්‍රතිමා උද්දේශික චෛත්‍යයෝ ය. “බුද්ධ පටිමා උද්දිස්සකං චේතියං” යනුවෙන් ඛුද්දක පාඨ අටුවාවෙහි බුද්ධ ප්‍රතිමාව උද්දේශික චෛත්‍යය යි කියා තිබේ. ජාතක අටුවාවෙහි “උද්දේසිකං අවත්ථුකං මමායන මත්තමෙව හොති” යනුවෙන් උද්දේශික චෛත්‍යය හඳුන්වා ඇත. එයින් දැක්වෙන්නේ ශාරීරික පාරිභෝගික වස්තුවක් නැති ව වැඳුම් පිදුම් කරීමට තනා ගන්නා ලද පිළිම දාගැබ් උද්දේශික චෛත්‍යය බවය. දැනට තනා ඇති ඇතැම් දාගැබ්වල කිසියම් ශාරීරික පාරිභෝගික වස්තුවක් නැතත් ඒවා උද්දේශික චෛත්‍යයෝ වෙති. ඒවාට වැඳුම් පිදුම් කිරීමෙන් ද අඩුවක් නැති ව පින් සිදු වන්නේ ය. අපදාන පාලියෙහි එන පුලින ථුපිය තෙරුන් වහන්සේගේ චරිතය එයට නිදසුනකි.
පුලින ථුපිය තෙරුන් වහන්සේගේ කථාව
අතීතයේ හිමාලය වනයට නුදුරු තැනක පිහිටි රම්මක නම පර්‍වතයෙහි උග්‍ර තපස් ඇති නාරද නම් තවුසෙක් විය. ඔහු තපස් නායකයෙකි. ඔහුට තුදුස් දහසක් අතවැසියෝ වූහ. දිනක් විවේක ස්ථානයක සිටියා වූ ඒ තාපස තුමාට මෙබඳු අදහසක් ඇති විය. බොහෝ ජනයා මට වැඳුම් පිදුම් කරන්නාහ. මම වනාහි කිසිවකුට වැඳුම් පිදුම් නො කරමි. මට අවවාද දෙන කෙනකු ද නැත. හොඳ නො හොඳ කියා දෙන කෙනකු ද නැත. මම මේ වනයෙහි අනාචාර්‍ය්‍ය ව වෙසෙමි. ඇසුරු කිරීමට ගුරුවරයකු නැති මාගේ වනවාසය නිරර්ථක විය හැකි ය. මා හටත් පූජා සත්කාර කරීමට තැනක් සොයා ගත යුතු ය. මා ද පිහිටක් ඇතිව විසිය යුතු ය. එසේ සිතූ තාපස තෙමේ තාපසාශ්‍රමය සමීපයෙහි වූ අමරික නම් ගංගාවට ගොස් වැලි එක් කොට ගං ඉවුරෙහි වැලි දාගැබක් කොට අතීතයේ විසූ සත්ත්වයන් සසරින් එතර කළා වූ බුදුවරයන් වහන්සේලාගේ චෛත්‍යයන් මෙවැනිය. එය නිමිති කොට මම මේ වැලි සෑයට පුදමි යි රන් කිකණි තුන් දහසකින් ඒ චෛත්‍යය පිදුවේ ය. උදය සවස දෙක්හි ඒ චෛත්‍යයට, ඉදිරියේ වැඩ සිටින බුදු කෙනකුන්ට වඳින්නාක් මෙන් ගෞරවයෙන් වැන්ඳේ ය. ඒ තපස් තෙමේ මරණින් මතු බඹලොව උපන්නේ ය. එහි ආයු ඇති තාස් වැස ඉන් චුත ව දෙව් ලොව උපන්නේ ය. වැලි සෑයට පිදීමේ පිනෙන් හෙතෙමේ අසූවරක් දෙව්ලොව රජ කෙළේ ය. තුන්සිය වරක් මිනිස් ලොව සක්විති රජ වූයේ ය. ප්‍රදේශ රජ වූ වාර ගණනක් නැති විය. අන්තිම වාරයේ දී සැවැත් නුවර ධනවත් ගෙයක ඉපද සත් අවුරුදු වයස් කාලයේදී ම දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ වෙත පැවිදිව අර්හත්වයට පැමිණියේ ය. ඒ වැලි සෑයට පිදීමෙන් ලත් ආනිසංසය ය.
සේලා තෙරණි තොමෝ පෙර බුදුවරුන්ගේ සසුන්වල ද නිවන් පිණිස නොයෙක් පින්කම් කොට සසර සැරි සරන්නී හංසවතී නගරයේ කුලගෙයක ඉපද සුදුසු සැමියකු හා දිගු කලක් වැස සැමියාගේ අභාවයෙන් පසු මහලු වයසේ දී කුසල් කිරීමේ නිරත වූවා. ආරාමයෙන් ආරාමය විහාරයෙන් විහාරය හැසිරෙන්නී එක් දවසක් බුදුන් වහන්සේගේ බෝධිය වෙත පැමිණ ඉදින් තථාගතයන් වහන්සේ අසමසම අප්‍රතිහත පුද්ගලයකු වෙත් නම් මේ බෝධීන් වහන්සේ මා හට ප්‍රාතිහාර්‍ය්‍යයක් දක්වත්වායි ඉටා එහි හිඳ ගත්තී ය. ඇය එසේ සිතූ කෙණෙහි ම බෝධීන් වහන්සේ දිලිසුණහ. ස්වර්ණමය ශාඛාවෝ බෝධීන් වහන්සේගෙන් පැන නැංගාහ. දිශාවෝ ආලෝකවත් වූහ. ඕ තොමෝ ඒ ආශ්චර්‍ය්‍යය දැක පහන් සිත් ඇත්තී දෝත් මුදුන් දී වඳිමින් සතියක් ම එහි විසුවා ය. සත්වන දින රාත්‍රියේ බෝධීන් වහන්සේට පහන් පසක් දැල්වූවා ය. පසු දින පහන් වනතුරු ඒ පහන් සර්ව රාත්‍රියේ ම දැල්විණ. ඒ පිනෙන් ඕ මරණින් මතු තව්තිසා දෙව්ලොව සැට යොදුනක් උස්, තිස් යොදුනක් පුළුල් රන් විමනක උපන්නා ය. ඒ විමන පහන් පසක් පිදීමේ පිනෙන් පහළ වූ බැවින් පඤ්චදීපි නම් විය. ඒ විමනෙහි අප්‍රමාණ පහන් දැල්විණ. විමන පහන් ආලෝකයෙන් බැබලිණ. ඒ පිනෙන් ඇයට උඩ යට සරස සැම තැන ම ආවරණයක් නැතිව පෙනෙන දිවැස පහළ විණ. ජාතියෙන් ජාතිය සසර සැරිසරන්නා වූ ඕ දෙව් රජුන් අසූ දෙනකුගේ මෙහෙසිය වූවා ය. මිනිස් ලොව සක්විති රජුන් සත් දෙනකුන්ගේ මෙහෙසිය වූවා ය. මෙසේ මහත් සම්පත්තියෙන් දෙව් මිනිස් දෙලොව හැසිරුණු ඕ අප බුදුන් කාලයේ අලව් නුවර අලව් රජුට දාව උපන්නී ය. ඒ කුමරිය සේලා නම් වූවා ය. අලව් රජු ගේ දූ වන බැවින් ඇයට ආලවිකා යන නම ද වූයේ ය. ඇය සත් අවුරුදු වියෙහි සිටින කාලයේ තථාගතයන් වහන්සේ අලව් යකු දමනය කොට ඔහු ලවා තමන් වහන්සේලාගේ පා සිවුරු ගන්වා ඔහු ද සමග අලව් නුවරට වැඩම කළ සේක. එකල්හි ඕ රජු හා බුදුන් වහන්සේ වෙත ගොස් බණ අසා පැහැදී උපාසිකාවක් වූවා ය. පසු කාලයේ දී ඕ භික්‍ෂුණීන් වෙත පැවිදි ව නොබෝ කලකින් ම සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියා ය. පහන් පසක් පූජා කිරීම නිසා ඒ මෙහෙණි පඤ්චදීපා නම් ද වූවා ය. අර්හත්වයට පැමිණීමෙන් පසු ඇය තමාගේ චරිතය පැවසූ ගාථාවලින් කීපයක් මෙසේ ය.
ජාතියා සත්තවස්සාව අරහත්තමපාපුණිං
උපසම්පාදයි බුද්ධෝ ගුණමඤ්ඤාය ගෝතමෝ.
තේරුම :-
මම ඉපදීමෙන් සත් අවුරුදු වයස ඇත්තී ම අර්හත්වයට පැමිණියෙමි. මාගේ ගුණ දැන ගෞතම බුදුන් වහන්සේ සත් අවුරුදු වයසේ දී ම මා උපසම්පදා කළ සේක.
මණ්ඩපේ රුක්ඛමූලේ වා - සුඤ්ඤාගාරේ වසන්තියා
සදා පජ්ජලතේ දීපා - පඤ්චදීපානිදං ඵලං.
තේරුම :-
මණ්ඩපයක හෝ රුක් මුලක හෝ ශුන්‍යාාරයක හෝ වාසය කරන්නා වූ මා හට සැම කල්හි පහන් දැල්වෙන්නේ ය. මේ පහන් පස පිදීමේ ඵලය ය.
දිබ්බං චක්ඛුං විසුද්ධං මේ සමාධි කුසලා අහං
අභිඤ්ඤා පාරමීපත්තා පඤ්චදීපානිදං ඵලං.
තේරුම :-
මා හට පිරිසිදු දිවැස් ඇත්තේ ය. මම සමාධීන්හි දක්‍ෂ වෙමි. අභිඥාවන්ගේ කෙළවරට පැමිණියෙමි. මේ පහන් පස පූජා කිරීමේ ඵලය ය.
සබ්වෝසිත වෝසනා කතකිච්චා අනාසවා
පඤ්චදීපා මහාවීර පාදේ වන්දාමි චක්ඛුම
තේරුම :-
පසැස් ඇත්තා වූ මහා වීරයන් වහන්ස, බඹසර වැසීම අවසන් කළා වූ කළ යුතු සියල්ල නිම කළා වූ අනාශ්‍රව වූ පඤ්චදීපා නම් වූ මම නුඹ වහන්සේගේ පා වඳිමි.
සතසහස්සෝ ඉතෝ කප්පෙ යං දීපෙහි පූජයිං
දුග්ගතිං නාභිජානාමි පඤ්ච දීපානිදං ඵලං.
තේරුම :-
මෙයින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි යම් පහන් පූජාවක් කෙළෙම් ද ඉන් පසු දුගතියක උපන් බවක් නො දනිමි. මේ පහන් පස පිදීමේ ඵලය ය.
බෝධි ප්‍රාතිහාර්‍ය්‍යය
ඉහත දැක් වූ කථාවෙහි පෙර ජාතියක සේලා මෙහෙණට ප්‍රාතිහාර්‍ය්‍ය පෑවේ ය යි දක්වන ලදුයේ මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර ලෝ පහළ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සලල බෝධිය ය. සිතක් නැති බෝධියක් ඒ කාන්තාවගේ අධිෂ්ඨානය පරිදි ප්‍රාතිහාර්‍ය්‍ය පෑවේ කෙසේ ද යන ප්‍රශ්නය ඒ කථාව කියවූ අයට ඇති විය හැකි ය. එය සිදු වූ අයුරු මෙසේ සැලකිය යුතු ය.
ප්‍රාතිහාර්‍ය්‍ය කළ හැකි ශක්තියක් ගසකට නො තිබිය හැකි ය. සිතක් නැති දැනුමක් නැති බෝධියට ඒ කාන්තාවගේ අධිෂ්ඨානය දැනෙන්නේ ද නැත. ප්‍රාතිහාර්‍ය්‍ය කිරීමේ වුවමනාවක් ඒ ගසට ඇති වන්නේ ද නැත. ගස් ප්‍රාතිහාර්‍ය්‍ය කරන්නේ ද නැත. ඒ කාන්තාවට එදා බෝධියේ ප්‍රාතිහාර්‍ය්‍ය පෙනෙන්නට ඇත්තේ ඇගේ අදහස අනුව ය. දැන් ද ඇතැම් සැදැහැවත් කාන්තාවෝ බුදු පිළිමවලින් චෛත්‍යවලින් බුදු රැස් විහිදෙනු දුටු බව කියති. ඔවුන් එසේ කියන්නේ බොරුවට නොවේ. බලවත් ඕනෑකමින් බුදු රැස් විහිදෙනු ඇතය සිතා බුදු රුවක් චෛත්‍යයක් දෙස ඇසිපිය නොහෙළා බලා සිටින්නන්ට රැස් විහිදෙන සේ පෙනෙන්නට ව්නනෙ ්ය. එය ඇසේ විකාරයකි. එයට ඔවුහු රැවටී බුදු රැස් දුටු බව කියති. එදා බෝධිය දෙස බලා සිටි ඒ කාන්තාවට සිදු වන්න ඇත්තේ ද එය ය. බලාපොරොත්තු පරිදි ආලෝකය පෙනුණු කල්හි ශ්‍රද්ධාවත් ප්‍රීතියත් වඩ වඩා ඇති වේ. එයින් වඩ වඩා ප්‍රාතිහාර්‍ය්‍ය පෙනෙන්නට වන්නේ ය. ඒ කාන්තාවට බෝධිය හැර යන්නට නො සිතුණේ එහි ම සතියක් ගත වන තුරු සිටින්නට සිත් වූයේ ඒ ශ්‍රද්ධාවත් ප්‍රීතියත් නිසා ය. ප්‍රීතිය නිසා ම ඇයට එහි සිටීමේ අපහසුවක් ද නො දැනෙන්නට ඇත. බෝධි ප්‍රාතිහාර්‍ය්‍ය දැකීම මනෝ විකාරයක් නේත්‍ර විකාරයක් වුව ද ඇයට එයින් සිදු වුයේ යහපතකි. ඇයට ඒ නිසා බෝධි පූජා කොට පින් සිදු කර ගෙන අන්තිමට රහත් වී සසරින් එතර වන්නට ලැබිණ.
මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බෝධියට පහන් පුදා සසර බොහෝ කලක් දේවමානුෂික සම්පත් ලබා අප බුදු සස්නෙහි පැවිදි ව රහත් ව නිවන් දුටු පඤ්ච දීපක නම් රහතන් වහන්සේගේ චරිතය අපදාන පාලියේ මෙසේ දැක් වේ.
1. පදුමුත්තර බුද්ධස්ස සබ්බභූතානු කම්පිනෝ
සුසණ්ඨහිත්වා සද්ධම්මේ උජුදිට්ඨි අහෝසහං.
.
2. පදීපදානං පාදාසිං පරිවාරෙත්වාන බෝධියං
සද්දහන්තෝ පදීපානි අකරිං තාවදේ අහං.
.
3. යං යං සො නූපපජ්ජාමි දේවත්තං අථ මානුසං
ආකාසේ උක්කං ධාරෙන්ති දීපදානස්සිදං ඵලං.
.
4. තිරෝකුඩ්ඩං තිරෝ සේලං සමතිග්ගය්හ පබ්බතං
සමන්තා යෝජනසතං දස්සනං අනුභෝමහං.
.
5. තේන කම්මාවසේසෙන පත්තෝම්හි ආසවක්ඛයං
ධාරෙමි අන්තිමං දේහං දීපදින්නස්ස සාසනේ.
.
6. චතුත්තිංසේ කප්පසතේ සතචක්ඛු සනාමකා
රාජා අහේසුං මහා තේජා චක්කවත්ති මහබ්බලා.
.
7. පටිසම්භිදා චතස්සෝ විමොක්ඛාචාපි අට්ඨිමේ
ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා පඤ්චදීපිකෝ ථෙරෝ ඉමා ගාථායෝ අභාසිත්ථ.
තේරුම:-
මේ ගාථා පඤ්චදීපක තෙරුන් වහන්සේ ප්‍රකාශ කළහ.
පහන් පූජාව
බෝධි වලට පහන් පූජා කිරීමේ දී ඒවාට අනතුරක් නොවන පරිදි නුවණින් කළ යුතු ය. තෙල් බෝ මල්වලට අගුණ ය. එබැවින් බෝධි සමීපයේ තෙල් නො ඉසිරෙන සේ පරෙස්සමින් වැඩ කළ යුතු ය. බෝධි වටා බොහෝ පහන් දැල්වීම ද, බෝධියට ඉතා ළං කොට පහන් දැල්වීම ද නුසුදුසු ය. එසේ කිරීමෙන් බෝධියට හානි විය හැකි ය. අපල දුරු කර ගැනීම සඳහා බෝධි පූජා කරන්නවුන් විසින් නො සැලකිල්ලෙන් බෝධියට අපල වන සැටියට පහන් පූජාව කළ හොත් එයින් අපල නැති වීම වෙනුවට අපල වැඩි වන්නට බැරි නැත.
විපස්සී බුදු රජාණන් වහන්සේගේ පාටළී බෝධීන් වහන්සේට පැන් වත් කොට සසර බෝ කල් දෙව් මිනිස් සැප විඳ අප ගෞතම බුද්ධ ශාසනයේ දී රහත් ව නිවන් දුටු බෝධි සිඤ්චක රහතන් වහන්සේගේ චරිතය අපදාන පාලියේ මෙසේ දැක් වේ.
1. විපස්සිස්ස භගවතෝ මහා බෝධි මහෝ අහු
පබ්බජ්ජුපගතෝ සන්තෝ උපගච්ඡිමහං තදා.
.
2. කුසුමෝදකමාදාය බෝධියා ඕකිරිං අහං
මෝචයිස්සති නෝ මුත්තෝ නිබ්බාපෙස්සති නිබ්බුතෝ.
.
3. ඒකනවුතේ ඉතෝ කප්පේ යං බෝධි මභිසිඤ්චයිං
දුග්ගතිං නාභිජානාමි බෝධිසිඤ්චායිදං ඵලං.
.
4. තෙත්තිංසේ වත්තමානම්හි කප්පේ ආසුං ජනාධිපා
උදකා සේචනා නාම අට්ඨෙතේ චක්කවත්තිනෝ.
.
5. පටිසම්භිදා චතුස්සෝ විමොක්ඛාචාපි අට්ඨිමෙ
ජලභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා බෝධි සිඤ්චකෝ ථෙරෝ ඉමා. ගාථා අභාසිත්ථ.
තේරුම :-
මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර ලෝ පහළ වී වදාළා වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ගේ ශාල බෝධීන් වහන්සේට කොඩි පූජාවක් කළා වූ ධජදායක නම් රහතන් වහන්සේගේ චරිතය අපදාන පාලියේ මෙසේ දක්වා ඇත්තේ ය.
1. පදුමුත්තර බුද්ධස්ස බෝධියා පාදමුත්තමේ,
හට්ඨෝ හට්ඨෙන චිත්තේන ධජමාරෝපයිං අහං.
.
2. පතිත පත්තානි ගණ්හිත්වා බහිද්ධා ඡඩ්ඩයිං අහං
අන්තෝ සුද්ධං බහි සුද්ධං අධිමුත්තමනාසවං
සම්මුඛා විය සම්බුද්ධං අවන්දිං බෝධි මුත්තමං.
.
3. පදුමුත්තරෝ ලෝකවිදූ ආහුතීනං පටිග්ගහෝ,
භික්ඛු සංඝෙ ඨිතෝ සත්ථා ඉමා ගාථා අභාසථ.
.
4. ඉමිනා ධජදානේන උපට්ඨානේනචූභයං,
කප්පානං සතසහස්සං දුග්ගතිං සො න ගච්ඡති.
.
5. දේවේසු දේව සෝභග්ගං අනුභොස්සති නප්පකං,
අනේක සතක්ඛත්තුං ච රාජා රට්ඨෙ භවිස්සති.
උග්ගතෝ නාම නාමේන චක්කවත්ති භවිස්සති.
.
6. සම්පත්තං අනුභොත්වාන සුක්ක මූලේන වෝදිතො,
ගෝතමස්ස භගවතෝ සාසනේභිරමිස්සති.
.
7. පධාන පහිතත්තෝස්මි උපසන්තෝ නිරූපධි,
ධාරේමි අන්තිමං දේහං සම්මා සම්බුද්ධ සාසනේ.
.
8. ඒකපඤ්ඤාස සහස්සේ කප්පේ උග්ගත සව්හයෝ,
පඤ්ඤාස තිසහස්සේ ඛත්තියෝ මේඝ සව්හයෝ.
.
9. පටිසම්භිදා චතස්සෝ විමොක්ඛාචාපි අට්ඨිමෙ,
ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා ධජදායකෝ ථෙරෝ ඉමා ගාථායෝ අභාසිත්ථ.
තේරුම :-
1. පාටළිං හරිතං දිස්වා පාදපං ධරණී රුහං,
ඒකංසං අඤ්ජලිං කත්වා අවන්දිං පාටළිං අහං.
.
2. අඤ්ජලිං පග්ගහෙත්වාන ගරුං කත්වාන මානසං
අන්තෝ සුද්ධං බහි සුද්ධං සුවිමුත්තමනාසවං.
.
3. විපස්සිං ලෝකමහිතං කරුණා ඤාණසාගර,
සම්මුඛා විය සම්බුද්ධං අවන්දිං පාටළිං අහං.
.
4. ඒකනවුතේ ඉතෝ කප්පේ යං බෝධිමභිවන්දහං,
දුග්ගතිං නාභිජානාමි වන්දනාය ඉදං ඵලං.
.
5. පටිසම්භිදා චතස්සෝ විමොක්ඛා චාපි අට්ඨිමෙ,
ඡළභීඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා බෝධිවන්දකො ථෙරෝ ඉමා ගාථා අභාසිත්ථ.
තේරුම :-
1. පළොල් බෝධිය නිල් වන් ව තිබෙනු දැක ඒකාංශ කොට පෙරවා මම ඒ පළොල් බෝධියට දොහොත් මුදුන් දී වැන්දෙමි.
2-3. ඇඳිලි බැඳ සිතින් ගරු කොට ඇතුළ පිරිසිදු වූ පිටත පිරිසිදු වූ කෙලෙසුන් කෙරෙන් මිදුණා වූ ආශ්‍රව රහිත වූ කරුණා ඥාන සාර වූ විපස්සී බුදුන් වහන්සේට සම්මුඛයෙහි වඳින්නාක් මෙන් ගරු කොට මම පාටළී බෝධියට වැන්දෙමි.
4. මෙයින් එක් අනූ වන කපෙහි මම යම් බෝධි වන්දනාවක් කෙළෙම් ද එතැන් පටන් දුගතියකට නො ගියෙමි. මේ වන්දනාවේ ඵලය ය.
1. මිගලුද්දෝ පුරේ ආසිං අරඤ්ඤෙ කනනෙ අහං
පාටළිං හරිතං දිස්වා තීණි පුප්ඵානි ඕකිරිං.
.
2. සත්ත පත්තානි ගණ්හිත්වා බහි ජඩ්ඪෙසහං තදා
අන්තෝ සුද්ධං බහි සුද්ධං සුවිමුත්තං අනාසවං.
.
3. සම්මුඛා විය සම්බුද්ධං විපස්සිං ලෝකනායකං
පාටළිං අභිවාදෙත්වා තත්ථ කාලකතෝ අහං.
.
4. ඒකනවුතේ ඉතෝ කප්පේ යං බෝධිමභිපූජයිං
දුග්ගතිං නාභිජානාමි බෝධිපූජායිදං ඵලං.
.
5. සමන්තපාසාදිකා නාම තේරසාසිංසු රාජිනෝ
ඉතෝ තෙත්තිංස කප්පම්හි චක්කවත්ති මහබ්බලෝ.
.
6. පටිසම්භිදා -පෙ-
ඉත්ථං සුදං ආයස්මා තිපුප්ඵියො ථෙරෝ ඉමා ගාථා අභාසිත්ථ.
තේරුම :-
1. මම පෙර මහ වනයෙහි මුව වැද්දෙක් වීමි. නිල්වන් වූ පළොල් බෝධිය දැක මල් තුනක් පිදුවෙමි.
2-3. එකල්හි මම වැටී තුබූ බෝපත් සතක් ගෙන ඉවත ලීමි. ඇතුළ ශුද්ධ වූ පිටත ශුද්ධ වූ කෙලෙසුන් ගෙන් මැනවින් මිදුණා වූ ආශ්‍රව රහිත වූ සම්‍යක් සම්බුද්ධ වූ විපස්සි නම් ලෝකනායකයන් වහන්සේට ඉදිරියේ වඳින්නාක් මෙන් පළොල් බෝ රුකට වැඳ මම එහි ම කලුරිය කෙළෙමි.
4. මෙයින් එක් අනූවන කපෙහි මම යම් බෝධි පූජාවක් කෙළෙම් ද ඉන් පසු දුර්ගතියකට නො ගියෙමි. මේ බෝධි පූජාවේ ඵලය ය.
5. සමන්ත පාසාදික යන නමින් තෙළෙස් වරක් රජ වීමි. මෙයින් තෙතිස් වන කපෙහි මහ බලැති සක්විති රජෙක් වීමි.
6. තේරුම පෙර සේ ය.
කර්ම විස්තරයක්
මුළු ජීවිත කාලයේ ම මුව වැදිකම ම කළ කෙනකුට බෝධියකට මල් පිදීමෙන් කල්ප අනූ එකක් දෙව් මිනිස් සැප විඳ අන්තිමට රහත් ව නිවන් දැකිය හැකි වූයේ කෙසේ ද යන ප්‍රශ්නය මෙහි දී ඇති වන්නේ ය. එය අභිධර්ම පිටකයේ ධම්මසඞ්ගණීපකරණයේ එන මිච්ඡත්ත ත්‍රිකය අනුව විසඳා ගත යුත ය.
කුශලා‘කුශල කර්ම සියල්ල ඒකාන්තයෙන් ම විපාක දෙන්නෝ නො වෙති. ඒවා අතර විපාක දීම නියත කර්මයෝ ද ඇත. අනියත කර්මයෝ ද ඇත.
කතමේ ධම්මා මිච්ඡත්ත නියතා? පඤ්ච කම්මානි ආනන්තරියානි යා ච මිච්ඡාදිට්ඨි නියතා. ඉමේ ධම්මා මිච්ඡත්තනියතා.
කතමෙ ධම්මා සම්මත්තනියතා? චත්තාරෝ මග්ගා අපරියාපන්නා. ඉමෙ ධම්මා සම්මත්තනියතා.
කතමේ ධම්මා අනියතා? තේ ධම්මේ ඨපෙත්වා අවසේසා කුසලාකුසලාව්‍යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා වේදනාක්ඛන්ධෝ සඤ්ඤාක්ඛන්ධෝ සංඛාරක්ඛන්ධෝ විඤ්ඤාණක්ඛන්ධෝ සබ්බං ච රූපං අසංඛතා ච ධාතු, ඉමෙ ධම්මා අනියතා.
මේ මිච්ඡත්ත ත්‍රිකය ය.
එහි දැක්වෙන සැටියට ආනන්තර්‍ය්‍ය කර්ම පස හා නියත මිථ්‍යාදෘෂ්ටිය විපාකදීම නියත අකුශලකර්‍මයෝ ය. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන ලෝකෝත්තර මාර්ග සතර කුශල පක්‍ෂයේ විපාක දීම නියත කර්මයෝ ය. සෙසු කුශලා‘කුශල කර්ම සියල්ල ම අනියත කර්මයෝ ය. මුවන් මැරීමේ කර්මය අනියත කර්මයකි. එක් පුද්ගලයකුට දෙවන ජාතියේ විපාක දීමට සමත් බොහෝ කුශලා‘කුශල කර්මයන් ඇත්තේ ය. දෙවන ජාතියේ ප්‍රතිසන්ධිය ඇති වන්නේ ඒවායින් යම් කිසි එක් කර්මයකිනි. එක කර්මයකින් එක ප්‍රතිසන්ධියක් ඇති කරයි. කර්ම හත, අට, සියය, දෙසියය එකතු වී ප්‍රතිසන්ධි ඇති කිරීමක් නැත. දෙවන ජාතියේ ප්‍රතිසන්ධිය දිය හැකි කෝටි ගණන් කුශලා‘කුශල කර්ම ඇතියකුට ඒවායින් එක් කර්මයකින් ප්‍රතිසන්ධිය ඇති කෙරේ. ඉතිරි සියල්ල විපාක දීමට අවකාශයක් නැති කමින් යටපත් වේ. ඉඩක් නැති කමින් යටපත් වී යන ඒ කර්ම අහෝසි කර්ම නම් වේ. දෙවන ජාතියේ විපාක දීමට සමත් බොහෝ කුශලා‘කුශල කර්ම ඇති සත්ත්වයාට ඒවායින් වඩා බලවත් කර්මයෙන් හෝ මරණාසන්න කාලයේ කළ කර්මයෙන් හෝ ඒ වේලාවේ සිහි වූ කර්මයෙන් හෝ ප්‍රතිසන්ධිය ඇති වේ. එය කුශල කර්මයක් වී නම් සුගතියෙහි ද අකුශල කර්මයක් වී නම් දුර්ගතියේ ද උපදී.
මේ කථාවෙහි කියැවුණ මුව වැද්දාට බෝධි පූජාව ආසන්න කර්මය වන්නට ඇත. ඔහු එයින් දෙව්ලොව උපදින්නට ඇත. වනයේ මුවෝ අනුන්ගෙන් මැරුම් කෑමට නිසි අකුශල කර්මවලින් වනයෙහි උපදින අපායට අයත් සත්ත්වයෝ ය. ඔවුනට කෙසේ හෝ අනුන් අතින් මැරුම් කෑමට සිදු වන්නේ ය. එබැවින් ඔවුන් මැරීමේ පාපය කුශලයෙන් යට කළ නො හෙන තරමේ බලවත් කර්මයක් නො විය හැකි ය. අත්‍යුත්තම පූජනීය වස්තුවක් වන බෝධියට මල් පිදීමේ කුශලය බලවත් කුශලයකි. එබැවින් එයට මුවන් මැරීමේ පාපයට විපාක දීමට ඉඩ නො දී එය යට කොට දීර්ඝ කාලයක් සුගති සම්පත් ලබා දීමට හා අර්හත්වයට පැමිණවීමට ශක්තිය තුබූ බව කිය යුත ය. නොයෙක් පව් කම් කරමින් සිට පසු කාලයේ ඒවා හැර පින් කිරීමට පටන් ගෙන නිවන් දක්නා පුද්ගලයෝ බොහෝ ය. බොහෝ පව් කම් කළා වූ ඇතම්හු ඒවා අත්හැර පින් කරන ලෙස සත්පුරුෂයන්ගේ අනුශාසනා ලද කල්හි ද මෙතෙක් පව් කම් කළා වූ මට දැන් පින් කිරීමෙන් වැඩක් නැතිය යි පව් කම් අත් නො හරිති. පින් නො කරති. එය අනුවණ කමෙකි.
සෑ මළු, බෝ මළු, විහාර මළු ඇමදීම බොහෝ අනුසස් ඇති පින්කමෙකි. එය විශේෂයෙන් නුවණ ලැබෙන පින්කමෙකි. අතීතයේ දඹදිව විසූ සියලු පණ්ඩිතයන් වාද කොට පරදවා කොඩි ඔසවා ගෙන සිටි මිලිඳු රජු පැරදවීමට සමත් මහ නුවණක් නාගසේන තෙරුන් වහන්සේට ලැබුණේ ඇමදීමේ කුශලයෙනි.
බෝධිය සමීපය එක් වරක් ඇමදීමෙන් ම බොහෝ සම්පත් ලද සකිං සම්මජ්ජක රහතන් වහන්සේ.
1. විපස්සිනෝ භගවතෝ පාටළිං බෝධි මුත්තමං,
දිස්වා තං පාදපග්ගං තත්ථ චිත්තං පසාදයිං.
.
2. සම්මුඤ්ජනිං ගහෙත්වාන බෝධිං සම්මජ්ජි තාවදෙ,
සම්මජ්ජිත්වාන තං බෝධිං අවන්දිං පාටළිං අහං.
.
3. තත්ථ චිත්තං පසාදෙත්වා සිරේ කත්වාන අඤ්ජලිං,
නමස්සමනෝ තං බෝධිං ගච්ඡිං පටිකුටී අහං.
.
4. වාරිමග්ගේන ගච්ඡාමි සරන්තෝ බෝධි මුත්තමං,
අජගරෝ මං පීළේසි ඝෝරරූපෝ මහාබලෝ.
.
5. ආසන්නේ මේ කතං කම්මං ඵලේන තෝසයිං මම,
සෝකසල්ලං න ජානාමි චිත්ත සන්තාපනං මම.
.
6. කුට්ඨං ගණ්ඩෝ කිලාසෝ ච අපමාරෝ විතච්ඡිකා,
දද්දු කණ්ඩු ච මේ නතථි ඵලං සම්මජ්ජනේ ඉදං.
.
7. සෝකෝ ච පරිදේවෝ ච හදයේ මේ න විජ්ජති,
අභින්නං උජුකං චිත්තං ඵලං සම්මජ්ජනේ ඉදං.
.
8. සමාධීසු න සජ්ජාමි විසදං හොති මානසං,
යං යං සමාධිමිච්ඡාමි සෝ සෝ සම්මජ්ජතේ මම.
.
9. රජනීයේ න රජ්ජාමි අථෝ දෝසනියේසු ච,
මෝහනීයේ න මුය්හාමි ඵලං සම්මජ්ජනේ ඉදං.
.
10. ඒකනවුතේ ඉතෝ කප්පේ යං කම්මමකරිං තදා,
දුග්ගතිං නාභිජානාමි ඵලං සම්මජ්ජනේ ඉදං.
.
11. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බේ සමූහතා,
නාගෝව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවෝ.
.
12. ස්වාගතං වත මේ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකේ,
තිස්සෝ විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
.
13. පටිසම්භිදා චතස්සෝ විමොක්ඛා චාපි අට්ඨිමෙ,
ජලභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
තේරුම :-
1. අහං පුරේ බෝධි පත්තං උජ්ඣිතං චේතියඞ්ගණේ,
තං ගහෙත්වාන ඡඩ්ඪෙසිං අලභිං වීසති ගුණේ.
.
2. තස්ස කම්මස්ස තේජේන සංසරන්තෝ භවා භවේ,
දුවේ භවේ සංසරාමී දේවත්තේ චාපි මානුසේ.
.
3. දේවලෝකා චවිත්වාන ආගන්ත්වා මානුසං භවං,
දුවේ කුලේ පජායාමි ඛත්තියෙ චාපි බ්‍රාහ්මණෙ.
.
4. අංග පච්චංග සම්පන්නෝ ආරෝහ පරිණාහවා,
අභිරූපෝ සුචී හෝමි සම්පුණ්ණ ඔඝෝ අනූනකෝ.
.
5. දේවලෝකේ මනුස්සේ වා ජාතෝ වා යත්ථ කත්ථචි,
භවේ සුවණ්ණ වණ්ණෝ ච උත්තත්ත කනකූපමෝ.
.
6. මුදුකා මද්දවා සිනිද්ධා සුඛුමා සුකුමාරිකා,
ඡවි මේ සබ්බදා හෝති බෝධිපත්තේ සුඡඩ්ඪිතේ.
.
7. යතෝ කුතෝචි ගතීසු සරීරේ සමුදාගතේ,
න ලිම්පති රජෝ ජල්ලං විපාකෝ පත්තඡඩ්ඪිතෙ.
.
8. උණ්හේ වාතාතපේ තස්ස අග්ගි තාපේන වා පන,
ගත්තේ සේදා න මුච්චන්ති විපාකෝ පත්තඡඩ්ඪිතෙ.
.
9. කුට්ඨං ගණ්ඩෝ කිලාසෝ ච තිලකා පිළකා තථා,
න හොන්ති කායේ ලද්දූච විපාකෝ පත්තඡඩ්ඪිතෙ.
.
10. අපරම්පි ගුණං තස්ස නිබ්බත්තති භවාභවේ,
රෝගා න හොන්ති කායස්මිං විපාකො පත්ත ඡඩ්ඪිතෙ.
.
11. අපරම්පි ගුණං තස්ස නිබ්බත්තති භවා භවේ,
න හොන්ති චිත්තජා පීළා විපාකෝ පත්ත ඡඩ්ඪිතෙ.
.
12. අපරම්පි ගුණං තස්ස නිබ්බත්තති භවා භවේ,
අමිත්තා න භවන්තස්ස විපාකෝ පත්තඡඩ්ඪිතෙ.
.
13. අපරම්පි ගුණං තස්ස නිබ්බත්තති භවා භවේ,
අනූන භෝගෝ භවති විපාකෝ පත්ත ඡඩ්ඪිතෙ.
.
14. අපරම්පි ගුණං තස්ස නිබ්බත්තති භවා භවේ,
අග්ගි රාජූහි චෝරේහි න හෝති උදකේ භයං.
.
15. අපරම්පි ගුණං තස්ස නිබ්බත්තති භවා භවේ,
දාසිදාසා අනුචරා හොන්ති චිත්තානුවත්තකා.
.
16. යම්හි ආයුප්පමාණම්හි ජායතේ මානුසේ භවේ,
තතෝ න හායතේ ආයු තිට්ඨතේ යාවතායුකං.
.
17. අබ්භන්තරා ච බාහිරා නේගමා ච සරට්ඨකා,
අනුයුත්තා හොන්ති සබ්බේපි වුද්ධිකාමා සුඛිච්ඡකා.
.
18. භෝගවා යසවා හෝමි සිරිමා ඤාති පක්ඛවා,
අපේත භය සන්තාසෝ භවේහං සබ්බතෝ භවේ.
.
19. දේවා මනුස්සා අසුරා ගන්ධබ්බා යක්ඛ රක්ඛසා,
සබ්බේ තේ පරිරක්ඛන්ති භවේ සංසරතෝ සදා.
.
20. දේව ලෝකේ මනුස්සේ ච අනුභොත්වා උභෝ යසේ,
අවසානේ ච නිබ්බානං සිවං පත්තෝ අනුත්තරං.
.
21. සම්බුද්ධ මුද්දිසිත්වාන බෝධිං වා තස්ස සත්ථුනෝ,
යෝ පුඤ්ඤං පසවේ පෝසෝ තස්ස කිං නාම දුල්ලභං.
.
22. මග්ගේ ඵලේ ආගමේ ච ඣානාභිඤ්ඤාගුණේසු ච,
අඤ්ඤෙසං අධිකෝ හුත්වා නිබ්බායාමි අනාසවෝ.
.
23. පුරේහං බෝධියා පත්තං ඡඩ්ඪෙත්වා හට්ඨ මානසෝ,
ඉමේහි වීසතඞ්ගේහි සමඞ් ගී හෝමි සබ්බදා.
.
24. කිලේසා ඣාපිතා මය්හං භවා සබ්බේ සමූහතා,
නාගෝව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවෝ.
.
25. ස්වාගතං වත මේ ආසි බුද්ධ සෙට්ඨස්ස සන්තිකේ,
තිස්සෝ විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
.
26. පටිසම්භිදා චතස්සෝ විමොක්ඛා චාපි අට්ඨිමා,
ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා බෝධි සම්මජ්ජකෝ ථෙරෝ ඉමා ගාථායෝ අභාසිත්ථාති.
තේරුම :-
ආයුෂ්මත් බෝධි සම්මජ්ජක රහතන් වහන්සේ විසින් මේ ගාථා මෙසේ ප්‍රකාශ කරන ලදි.
මේ ගාථාවලින් දැක්වෙන ඇමදීමේ අනුසස් විස්ස මෙසේ ය.
පඤ්චානිසංසා සම්මජ්ජනියා, සකචිත්තං පසීදති, පරචිත්තං පසීදති, දේවතා අත්මනා හොන්ති. පාසාදිකා සංවත්තනියං කම්මං උපචිනාති, කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති.
තේරුම :-
ඇමදීමේ අනුසස් පසෙකි. තමාගේ සිත පහදී, අනුන්ගේ සිත පහදී, දේවතාවෝ සතුටු වෙති. රූප ශෝභාව ඇති කරන පිනක් කරයි, මරණින් මතු ස්වර්ගයෙහි උපදී.
ඇමදීමෙන් එය කරන තැනැත්තාගේ සිත පැහැදීම සම්බන්ධයෙන් විනය අටුවාවේ දක්වා ඇති කථා දෙකක් මෙසේ ය.
කටකන්දර වාසී ඵුස්සදේව තෙරුන් වහන්සේ එක් දවසක් චෛත්‍ය මලුව ඇමද නික මල් අතුළාක් මෙන් සමතලා වූ වැලි ඇති සෑ මලුව දෙස බලමින් බුද්ධාලම්භන ප්‍රීතිය උපදවා ගෙන සිටියහ. එකෙණෙහි මාරයා පර්වත පාදයේ උපන් කළු වඳුරකු මෙන් වී සෑ මළුවෙහි ගොම විසුරුවමින් ගියේ ය. ඒ කරදරය නිසා තෙරුන් වහන්සේට එදින රහත් නොවිය හැකි විය. උන් වහන්සේ නැවත සෑමලුව ඇමද පිරිසිදු කොට වැඩම කළහ. පසු දින තෙරුන් වහන්සේ සෑ මලුව ඇමද බුද්ධාලම්භන ප්‍රීතිය උපදවා බලා සිටින කල්හි මාරයා මහලු ගවයකුගේ වෙසින් අවුත් පෙර සේ ම විකාර කොට ගියේය. තෙරුන් වහන්සේට රහත් නොවිය හැකි විය. තුන් වන දිනයේ තෙරුන් වහන්සේ මලුව ඇමද බලා සිටි කල්හි මාරයා කොරකුගේ වේශයෙන් අවුත් බිම පා ඇද ඇවිද තෙරුන් වහන්සේගේ සිත අවුල් කෙළේ ය. තෙරුන් වහන්සේ ඔහු දෙස බලා මෙවැනි භයානක පුද්ගලයෙක් මේ අවට යොදුනක් පමණ පෙදෙසේ නම් නැත. මොහු මාරයා වත්දෝයි සිතා “නුඹ මරයා දැ” යි ඇසූහ. “එසේය, අද ඔබ රවටන්නට නුපුළුවන් වීය” යි කීය. තෙරුන් වහන්සේ “නුඹ බුදුරජාණන් වහන්සේ දැක ඇත්තේ දැ”යි විචාළහ. “එසේය”යි මාරයා පිළිතුර දින. “මාරයා නම් මහානුභාව සම්පන්න පුද්ගලයෙකි. ඔබට හැකි නම් භාග්‍යවතුන් වහන්සේගේ රූපය වැනි රූපයක් මවා පෙන්වන්න” ය යි තෙරණුවෝ කීහ. මාර තෙමේ “හිමියනි, සර්වාකාරයෙන් බුදුන් වහන්සේට සමාන රුවක් අපට මැවිය නො හැකි ය. එහෙත් තරමකට සමාන රුවක් මවා පෙන්වමි” යි තථාගත වේශයෙන් ඔහු පෙනී සිටියේ ය. තෙරුන් වහන්සේ ඒ බුදුරුව බලා කෙලෙස් සහිත වූ මේ මාරයා මෙපමණ හොබනේ නම් නික්ලේශී වූ තථාගතයන් වහන්සේ කෙසේ වන්නට ඇති දැ යි බුද්ධාලම්භන ප්‍රීතිය ලබා විදසුන් වඩා එතැන දී ම අර්හත්වයට පැමිණි සේක. මාර තෙමේ “ඔබ මා රැවටුවෙහි” ය යි කීය. “මාරය, කුමට නුඹ රවටන්නෙම්දැ” යි තෙරුන් වහන්සේ කීහ.
ලෝකන්තර විහාරවාසී දත්ත නම් භික්‍ෂුවක් ද සෑමළුව ඇමද එය බලමින් ඕදාත කසිණය වඩා අෂ්ට සමාපත්ති උපදවා විදසුන් වඩා අර්හත්වයට පැමිණියේ ය.
තිස්ස නම් නවක භික්‍ෂවක් දඹකොළ සෑමළුව ඇමද කූඩයක් අතින් ගෙන සිටියේ ය. එකෙණෙහි තිස්ස දත්ත නම් තෙර නමක් නැවකින් බැස අවුත් සෑමළුව බලනුයේ මෙය සිත දියුණු කළ කෙනකු විසින් අමදින ලද තැනකැ යි සතුටු ව ඒ භික්‍ෂුවකගෙන් ප්‍රශ්න දහසක් ඇසී ය. ඒ භික්‍ෂු තෙමේ සියල්ල නො පැකිළ විසඳුයේ ය.
එක්තරා විහාරයක තෙර නමක් සෑමළුව ශෝභන ලෙස ඇමද තැබුයේ ය. චෛත්‍ය වන්දනාව පිණිස තෙරුන් වහන්සේලා සතර නමක් එහි පැමිණියහ. ඉතා හොඳින් ඇමද තුබූ සෑමළුව දැක ඒ තෙරුන් වහන්සේලා මළුව නො පාගා දොරටුවෙහි නැවතී ප්‍රීතියෙන් කමටහන් මෙනෙහි කළෝ ය. එයින් එක් නමකට අට කපක් අතීතය සිහි කළ හැකි විය. එක නමකට සොළොස් කපක් අතීතය සිහි කළ හැකි විය. එක්නමකට විසි කපක් අතීතය සිහි කළ හැකි විය. එක් නමකට තිස් කපක් අතීතය සිහි කළ හැකි විය.
එක් විහාරයක විසූ තෙර නමක් සෑමළුව හා බෝමළුව ඇමද නෑමට ගියේ ය. දෙවියෝ මේ විහාරය ඇති වූවාට පසු මෙසේ ඇමදීම කළ භික්‍ෂුවක් නො වීය යි සතුටු ව මල් ගෙන ඒ භික්‍ෂුව පැමිණෙන තුරු එහි විසූ හ. තෙරුන් වහන්සේ පැමිණ ඔවුන් දැක ඔබ කිනම් ගමක අය දැ යි ඇසූ හ. “ස්වාමීනි, අපි මෙහි ම වසන අය ය” “මේ විහාරය ඇති වූ තැන් පටන් මෙසේ වත් සම්පූර්ණ කොට ඇමදූ භික්‍ෂුවක් නුදුටු බැවින් ඔබ වහන්සේගේ වත ගැන පැහැදී මල් ගෙන ආවෙමු” යි දෙවියෝ කීහ.
අභය නමැති තෙර නමක් හා අමාත්‍ය පුත්‍රයෙක් රටේ ලස්සන අය ලෙස ප්‍රසිද්ධ ව සිටියහ. ඒ දෙදෙනාගේ නෑයෝ ඔවුන් දෙදෙනාගෙන් වඩා ලස්සන කවරේ දැ යි එක් තැනකදී බලන්නට සිතා එක් දවසක් අමාත්‍ය පුත්‍රයාගේ නෑයෝ ඔහු සරසා රුවන්වැලි මහා සෑය වෙත යැවූහ. අභය තෙරුන් වහන්සේගේ මෑණියෝ ද ලස්සන සිවුරක් පිළියෙළ කරවා හිසකේ බා මේ සිවුර පොරවා මහසෑය වඳින්නට යි කියා උන් වහන්සේව යැව්වා ය. අමාත්‍ය පුත්‍රයා නැගෙනහිර දොරටුවේන චෛත්‍ය මලුවට ඇතුළු විය. අභය තෙරුන් වහන්සේ දකුණු දොරටුවේන සෑ මලුවට ඇතුළු වූහ. එහිදී තෙරුන් වහන්සේ අමාත්‍ය පුත්‍රයා දැක “ඇවැත්නි, ඔබ මහලු තෙරුන් විසින් ඇමදූ තැන කසළ ඉවත් කර දැන් මා හා තරඟ කරන්නට එන්නෙහි දැ” යි වදාළහ. අතීත භවයකදී අභය තෙරුන් වහන්සේ මහලු තෙර නමක් ව සිට කතරගම සෑමළුව ඇමදූහ. අමාත්‍ය පුත්‍රයා උපාසකයකුව සිට උන්වහන්සේ ඇමදි කසළ බැහැර කෙළේ ය. මේ ඒ දෙදෙනා කළ පින්කම ය.
1. ජාතියා සත්තවස්සෝහං අද්දසං ලෝකනායකං,
පසන්න චිත්තෝ සුමනෝ උපගඤ්ඡිං නරුත්තමං.
.
2. තිස්සස්සාහං භගවතෝ ලෝකජෙට්ඨස්ස තාදිනො,
හට්ඨෝ හට්ඨෙන චිත්තේන රෝපයිං බෝධිමුත්තමං.
.
3. අසනෝ නාමධෙය්‍යෙන ධරණීරුහ පාදපෝ,
පඤ්ච වස්සේ පරිචරං අසනං බෝධි මුත්තමං.
.
4. පුප්ඵිතං පාදපං දිස්වා අබ්භුතං ලෝමහංසනං,
සකං කම්මං පකිත්තෙන්තො බුද්ධසෙට්ඨං උපාගමිං.
.
5. තිස්සෝ තදා සෝ සම්බුද්ධෝ සයම්භූ අග්ග පුග්ගලෝ,
භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ.
.
6. යේනායං රෝපිතා බෝධි බුද්ධ පූජා ච සක්කතා,
තමහං කිත්තයිස්සාමි සුණෝථ මම භාසතෝ.
.
7. තිංසකප්පානි දේවේසු දේවරජ්ජං කරිස්සති,
චතුසට්ඨිඛත්තුං ච සෝ චක්කවත්තී භවිස්සති.
.
8. තුසිතා හි චවිත්වාන සුක්කමූලේන චෝදිතෝ,
ද්වේ සම්පත්ති අනුභොත්වා මනුස්සත්තේ රමිස්සති.
.
9. පධාන පහිතත්තෝ සෝ උපසන්තෝ නිරූපධි,
සබ්බාසවේ පරිඤ්ඤාය නිබ්බායිස්සති නාසවෝ.
.
10. විවේක මනුයුත්තෝභං උපසන්නෝ නිරූපධි,
නාගෝව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවෝ.
.
11. ද්වේ නවුතේ ඉතෝ කප්පේ බෝධිං රෝපෙමහං තදා,
දුග්ගතිං නාභිජානාමි බෝධි රෝපස්සිදං ඵලං.
.
12. චතුසත්තතිතෝ කප්පේ දණ්ඩ සේනෝති විස්සුතෝ,
සත්තරතන සම්පන්නෝ චක්කවත්තී තදා අහුං.
.
13. තේසත්තිම්හිතෝ කප්පේ සත්තාහේසුං මහීපති,
සමන්ත නේමි නාමේන රාජාණෝ චක්කවත්තිනෝ.
.
14. පණ්ණ වීසතිතෝ කප්පේ පුණ්ණකෝ නාම ඛත්තියෝ,
සත්තරතන සම්පන්නෝ චක්කවත්ති මහබ්බලෝ.
.
15. පටිසම්භිදා චතස්සෝ -පෙ- කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා අසන බෝධියෝ ථෙරෝ ඉමා ගාථායෝ අභාසිත්ථාති.
තේරුම :-
1. විපස්සිස්ස භගවතෝ බෝධියා පාදමුත්තමේ,
පුරාණ පුලිනං හිත්වා සුද්ධ පුලිනමාකිරිං.
.
2. ඒකනවුතියෝ කප්පේ යං පුලිනමදාසහං,
දුග්ගතිං නාභිජානාමි පුලින දානස්සිදං ඵලං.
.
3. තිංසතිමේ ඉතෝ කප්පේ රාජා ආසිං ජනාධිභුං,
මහා පුලින නාමෙන චක්කවත්ති මහබ්බලො.
.
4. පටිසම්භිදා චතස්සෝ විමොක්ඛා චාපි අට්ඨිමෙ,
ඡලභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා පුලින පූජකෝ ථෙරෝ ඉමා ගාථායෝ අභාසිත්ථාති.
තේරුම :-
1. විපස්සිනෝ භගවතෝ මහාබෝධි මහෝ අහු,
මහාජානෝ සමාගම්ම පූජෙන්ති බෝධි මුත්තමං.
.
2. න හි තං ඔරකං මඤ්ඤේ බුද්ධ සෙට්ඨෝ භවිස්සති,
යස්සායං ඊදිසෝ බෝධි පූජනීයා ච සත්ථුනෝ.
.
3. තතෝ සඞ්ඛං ගහෙත්වාන බෝධි රුක්ඛමුපාගමිං,
ධමන්තෝ සබ්බ දිවසං අවන්දිං බෝධි මුත්තමං.
.
4. ආසන්නකේ කතං කම්මං දේවලෝකං අපාපයී,
කළේබරං මේ පතිතං දේව ලෝකේ රමාමහං.
.
5. සට්ඨිතුරිය සහස්සානි තුට්ඨහට්ඨා පමෝදිතා,
තදා මය්හං උපට්ඨන්ති බුද්ධ පූජායිදං ඵලං.
.
6. ඒකසත්තතිමේ කප්පේ රාජා ආසිං සුදස්සනෝ,
චාතුරන්තෝ විජිතාවී ජම්බුමණ්ඩස්ස ඉස්සරෝ.
.
7. තතෝ අඞ්ග සතා තුරියා පරිවාරෙන්ති මං සදා,
අනුභොමි සකං කම්මං උපට්ඨානස්සිදං ඵලං.
.
8. යං යං යෝනුපපජ්ජාමි දේවත්තං අථ මානුසේ,
මාතුකුච්ඡිගතස්සාපි වජ්ජරේ භෙරියෝ සදා.
.
9. උපට්ඨිත්වාන සම්බුද්ධං අනුභුත්වාන සම්පදා,
සිවං සුකෙ මං අමතං පත්තෝම්හි අචලං පදං.
.
10. ඒකනවුතිතෝ කප්පේ යං කම්මමකරිං තදා,
දුග්ගතිං නාභිජානාමි බුද්ධ පූජායිදං ඵලං.
.
11. කිලේසා ඣාපිතා මය්හං -පෙ- විහරාමි අනාසවෝ.
තේරුම :-
1. වරුණෝ නාම නාමේන දේවරාජා අහං තදා,
උපට්ඨහේසිං සම්බුද්ධං සයොග්ග බලවාහනෝ.
.
2. නිබ්බුතෝ ලෝකනාථම්හි අත්ථදස්සී නරුත්තමේ,
තුරියං සබ්බසමාදාය අගමං බෝධි මුත්තමං.
.
3. වාදිතේන ච නච්චේන සම්මතාල සමාහිතෝ,
සම්මුඛා විය සම්බුද්ධං උපට්ඨං බෝධිමුත්තමං.
.
4. උපට්ඨහිත්වා තං බෝධිං ධරණීරුහපාදපං,
පල්ලඞ්කං ආභුජිත්වාන තත්ත කාලකතෝ අහං.
.
5. සකකම්මාභිරද්ධෝහං පසන්නෝ බොධි මුත්තමේ,
තේන චිත්තප්පසාදේන නිම්මාණං උපපජ්ජහං.
.
6. සට්ඨිතුරිය සහස්සානි පරිවාරෙන්ති මං සදා,
මනුස්සේසු ච දේවේසු වත්තමානං භවාභවේ.
.
7. තිවිධග්ගි නිබ්බුතා මය්හං භවා සබ්බේ සමූහතා,
ධාරේමි අන්තිමං දේහං සම්මා සම්බුද්ධ සාසනේ.
.
8. සුබාහු නාම නාමේන චතුත්තිංසාසු ඛත්තියා,
සත්තරතන සම්පන්නා පඤ්චකප්පසතේ ඉතො.
.
9. පටිසම්භිදා චතස්සෝ -පෙ- කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා ඒකාසනියෝ ථෙරෝ ඉමා ගාථායෝ අභාසිත්ථාති.
තේරුම :-
මල් පහන් සුවඳ දුම් කොඩි ආහාර පාන වස්ත්‍රාදිය මෙන් ම ස්තුතිය ද පූජා කළ යුතු දෙයකි. ගරු කළ යුත්තන්ට උත්තමයන්ට පූජා කරනුයේ ජනයා කැමති වන උසස් කොට සලකන වස්තූන් ය. ස්තුතිය ජනයා බෙහෙවින් කැමති වන උසස් කොට සලකන දෙයකි. සැලකිය යුතු උසස් පුද්ගලයන්ට, හිතවතුන්ට යම් යම් අවස්ථාවලදී තුතිපත් පිරිනමන්නේ එහෙයිනි. අන්‍යයන්ගෙන් ස්තුති ප්‍රශංසා ලැබීම අඩු ඇතැම්හු තමන් ගුණ වර්ණනාව කරවා ගැනීමට වන්දිභට්ට නමින් සේවකයන් කොටසක් තබා ගෙන සිටියහ. ඔවුහු සුදුසු අවස්ථාවල රජුන්ට ස්තුති ගී කියති. රජුන් ගමන් කිරීමේදී ඉදිරියෙන් පිටිපසින් තුති ගී කියමින් ගමන් කරති. මල් පහන් ආදියට වඩා ජනයා කැමති වන ස්තුති පූජාව බොහෝ අනුසස් ඇති පිනෙකි. වන්දනා ගාථා වන්දනා වාක්‍ය පිළියෙළ කර ඇත්තේ ගාථා නැති ව නො වැඳිය හැකිවාට පූජා නො කළ හැකිවාට නොව ස්තුති පූජාව සඳහා ය. රත්නත්‍රයට ස්තුති වශයෙන් ගුණ කථනය කරන්නහුට එයින් වචනයක් පාසා පින් සිදු වේ. බොහෝ වචන ඇති වන්දනාවක් කියුව හොත් බොහෝ පින් සිදු වේ. ම් කාහට වුවත් වියදමක් නැති ව කළ හැකි උතුම් පින් කමෙකි. මෙයින් කල්ප අනූ සතරකට පෙර ලෝ පහළ වූ සිද්ධත්ථ සර්‍වඥයන් වහන්සේට සේන නම් බ්‍රාහ්මණයෙක් ගාථා සතරකින් ස්තුති කෙළේ ය. ඒ ගාථා මෙසේ ය.
1. උසභං පවරං වීරං මහේසිං විජිතාවිනං,
සුවණ්ණ වණ්ණං සම්බුද්ධං කෝ දිස්වා නප්පසීදති.
.
2. හිමවා පරිමෙය්‍යොව සාගරොව දුරුත්තරෝ,
තථෙව ඣානං බුද්ධස්ස කෝ දිස්වා නප්පසීදති.
.
3. වසුධා යථා අප්පමෙය්‍යෝ චිත්තා වන වටංසකා,
තථෙව සීලං බුද්ධස්ස කෝ දිස්වා නප්පසීදති.
.
4. අනිලජෝව සඞ්ඛෝභෝ යථාකාසෝ අසඞ්ඛියෝ,
තථෙව ඤාණං බුද්ධස්ස කෝ දිස්වා නප්පසීදති.
සර්‍වඥයන් වහන්සේට එසේ ස්තුති කිරීමේ පිනෙන් ඒ බ්‍රාහ්මණ තෙමේ අනූ සතර කපක් ම දෙවි මිනිස් දෙගතියේ සම්පත් විඳ අප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පැවිදිව සව්කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියේ ය. මේ අපදාන පාලියේ එන කථාවෙකි. එහි මෙය පරප්පසාදකථෙර අපදාන යන නමින් දැක් වේ.
මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර සෝභිත නම් බ්‍රාහ්මණයෙක් පදුමුත්තර සර්‍වඥයන් වහන්සේට ස්තුති කළා වූ පිනෙන් කල්ප ලක්‍ෂයක් දෙව් මිනිස් දෙගතියේ අනේකප්‍රකාර සම්පත ලබා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සාගත යන නමින් පැවිදිව සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණ සසර දුක් කෙළවර කළ බව ද අපදාන පාලියේ දැක් වේ. ඒ බ්‍රාහ්මණයාගේ ගාථා සතර මෙසේ ය.
1. යේ කේචි පාදපා සබ්බේ මහියා තේ විරූහරේ,
බුද්ධිමන්තෝ තථා සත්තා රූහන්ති ජින සාසනේ.
.
2. සත්ථාවාහෝසි සප්පඤ්ඤෝ මහේසි බහුකේ ජනේ,
විපථා උද්ධරිත්වාන පථං ආචික්ඛසේ තුවං.
.
3. දන්තෝ දන්ත පරිකිණ්ණෝ ඣායී ඣානරතේහි ච,
ආතාපී පහිතත්තේහි අපසන්තේහි තාදිහි.
.
4. අලංකතෝ පරිසාහි පුඤ්ඤ ඤාණේහි සෝභසි,
පභා නිද්ධාවතේ තුය්හං සූරියෝදයනේ ගාථා.
රෝගාදි විපත්තිවලින් මිදෙනු සඳහා පස්විසි බුදුවරුන්ට බෝධිවලට පූජා පැවැත්වීම අපහසු ය. බරපතල ය. සත් බුදුවරයන්ට හා බෝධීන්ට පූජා පැවැත්වීම පහසු ය. සත් බුදුවරයෝ නම් විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසන්ධ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන බුදුවරයෝ ය. අප ගෞතම බුදුරජාණන් වහන්සේ දැක උන් වහන්සේගෙන් දහ් අසා සෝවාන් ආදි මඟපලවලට පැමිණි දේව බ්‍රහ්මයෝ බොහෝ ය. ඔවුනට බොහෝ ආයු ඇති බැවින් අදත් ඔවුහු ජීවත්ව ඇත්තා හ. විපස්සී සිඛී වෙස්සභූ කකුසන්ධ කෝණාගමන කාශ්‍යප යන බුදුවරුන් දැක උන් වහන්සේලාගෙන් දහම් අසා ම පල ලැබූ බොහෝ බ්‍රහ්මයෝ ද දැනුදු බ්‍රහ්ම ලෝකවල ඇත්තා හ. එබැවින් සත් බුදුවරයෝ ලෝකයෙහි ප්‍රසිද්ධ ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් විනය පිටකයේ සඳහන් කර ඇත්තේ ද මහාපදාන සූත්‍රයෙහි හා ආටානාටිය සූත්‍රයේ සඳහන් වන්නේ ද විපස්සී ආදි බුදුවරුන් පමණෙකි. ශාන්තිය ලැබීම සඳහා ඒ සත් බුදුවරුන්ට හා බෝධිවලට පූජා පැවැත්වීම යහපති.
විපස්සී බුදුන් වහන්සේගේ බෝධිය පළොල් ගස ය, සිඛී බුදුන් වහන්සේගේ බෝධිය ඇටඹ ගස ය. වෙස්සභූ බුදුන් වහන්සේගේ බෝධිය සල් ගස ය. කකුසන්ධ බුදුන් වහන්සේගේ බෝධිය මහරි ගස ය. කෝණාගමන බුදුන් වහන්සේගේ බෝධිය දිඹුල් ගස ය. කාශ්‍යප බුදුන් වහන්සේගේ බෝධිය නුග ගසය. ගෞතම බුදුන් වහන්සේ ගේ බෝධිය ඇසටු ගස ය.
මේ පූජාව කිරීමේ දී සත් බුදුවරයන් වහන්සේලා සඳහා මල් වට්ටි සතක් හා පහන් සතක් ද සත් බෝධීන් වහන්සේලා සඳහා මල් වට්ටි සතක් හා පහන් සතක් ද පිළියෙළ කරගත යුතුය. ඒවා ශාන්තිය කරවා ගන්නා ආතුරයා ලවා බෝධි මූලයක මලසුනේ තැබිය යුතු ය. ආතුරයාට නො හැකි නම් ඔහුට අත ගස්වා අනිකකු විසින් තැබිය යුතු ය. ඉක්බිති මේ ගාථා කියා සැමදෙනා විසින් ම වැඳිය යුතු ය.
වන්දනා ගාථා
1. විපස්සිං ලෝකනාථං ච තස්ස බෝධිං ච පාටලිං,
විපත්ති පටිබාහාය නමාමි සිරසාදරං.
.
2. සිඛිංච සම්මා සම්බුද්ධං සේතම්බ බෝධිං වරං,
සම්පත්ති පටිලාභාය නමාමි සිරසාදරං.
.
3. වෙස්සභුං සුගතං සෙට්ඨං සාල බෝධිංච සාතදං,
සබ්බදුක්ඛ විනාසාය නමාමි සිරසාදරං.
.
4. කකුසන්ධංච සම්බුද්ධං බෝධිං සිරිසමුත්තමං,
සබ්බ භය විනාසාය නමාමි සිරසාදරං.
.
5. කෝණාගමන බුද්ධංච බෝධිං සිරීසං වරං,
සබ්බරෝග විනාසාය නමාමි සිරසාදරං.
.
6. ලෝකනාථං කස්සපංච නිග්‍රෝධ බෝධිමුත්තමං,
සබ්බානත්ථ විනාසාය නමාමි සිරසාදරං.
.
7. ගෝතමං සම්මා සම්බුද්ධං අස්සත්ථ බෝධිපාදපං,
සබ්බවේර විනාසාය නමාමි සිරසාදරං.
.
8. සත්ත එතේ ලෝකනාථෙ තේසංච සත්තබෝධියෝ,
කායේන වාචා චිත්තේන අභිවන්දාමි සාදරං.
මේ ගාථා කියා බුදුවරුන් හා බෝධීන් වැඳ මතු දැක්වෙන ගාථා කියා පූජාව පවත්වන්න.
පූජා ගාථා
1. විපස්සිං ලෝකනාථංච තස්ස බෝධිං ච පාටලිං,
ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
2. සිඛිං ච සුගතං සෙට්ඨං බෝධිං පුණ්ඩරීකං වරං,
එතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
3. විනායකං වෙස්සභුංච සාලබෝධිං ච සාතදං,
ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
4. කකුසන්ධං මුනින්දං ච බෝධිං ච සිරීසං වරං,
ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
5. කෝණාගමන නාථං ච තස්ස බෝධිං උදුම්බරං,
ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
6. කස්සපං දේවදේවං ච බෝධිං නිග්‍රෝධපාදපං,
ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
.
7. මුනින්දං ගෝතමං සෙට්ඨං අස්සත්ථ බෝධි මුත්තමං,
ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.
මෙසේ පූජාව කොට මතු දැක්වෙන ගාථා කියා දෙවියන්ට පින් දෙනු.
සියලු දෙවියන්ට පින්දීම
කතං අම්හේහිමං පුඤ්ඤං සබ්බසම්පත්ති සාධකං,
සබ්බේ දේවා අනුමෝදන්තු අම්හේ රක්ඛන්තු සබ්බදා.
විෂ්ණු දෙවියන්ට පින්දීම
නීල වණ්ණෝ මහා තේජෝ බලී ගරුළ වාහනෝ,
වෙණ්හු නාමෝ දේවරාජා ඉමං පුඤ්ඤානුමෝදතු.
කතරගම දෙවියන්ට පින්දීම
සළානනෝ මහා තේජෝ බලෝ මයුර වාහනෝ,
දේවින්දෝ කාචරාමේ ඉමං පුඤ්ඤානුමෝදතු.
සමන් දෙවියන්ට පින්දීම
වාරණ වාහනෝ දේවෝ සම්බුද්ධ පද පූජකෝ,
තේජස්සී සුමනො දේවෝ ඉමජ පුඤ්ඤානුමෝදතු.
විභීෂණ දෙවියන්ට පින් දීම
කල්යාණි පුරේ රම්මේ තුරඞ්ග වාහනෝ බලී,
විභීෂණව්හයෝ දේවෝ ඉමං පුඤ්ඤානුමෝදතු.
ගම්භාර (සූනියම්) දෙවියන්ට පින්දීම
නානා වණ්ණෝ මහා තේජෝ ඕදාත හය වාහනෝ,
ගාම සඤ්චාරකෝ දේවෝ ඉමං පුඤ්ඤානුමෝදතු.
මියගිය ඤාතීන්ට පින්දීම
කතං අම්හේහිමං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං,
ඤාතයෝ අනුමෝදන්තු පරලෝක මිතෝ ගතා.
පූජාව අවසානයේදී ආතුරයා බෝමලුවේ හිඳවා ගෙන මතු දැක්වෙන වගන්ති සත කියමින් පුවක් මල් කිනිත්තකින් හෝ අන් සුදුසු දෙයකින් හෝ කිසිවක් නැතිනම් අතින් ම හෝ සෙත් වඩනු. සෙත් කිරීමේදී ආතුරයාට හොඳින් ඇසෙන සේ ආතුරයාට අසාගෙන සිටීමට ප්‍රියවන සේ කියනු. ආතුරයාට ශාන්තිය ප්‍රිය නැති වුවහොත් ගුණ අඩු වේ. ආතුරයාට ප්‍රිය වූ තරමට වඩ වඩා ගුණ ලැබේ. සෙත් කරන්නා විසිනුදු මෙය ගැන විශ්වාසය තබා ආතුරයාට යහපතක් කිරීමේ අදහසින් අවංක කරුණාවෙන් ම එය කළ යුතු ය.
ශාන්ති වාක්‍යය
1. මේ මහා භද්‍ර කල්පයෙන් අනූ එක් වන කපෙහි ලෝ පහළ වී වදාළා වූ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් අසූ අනුව්‍යඤ්ජන ලක්ෂණයෙන් කේතු මාලාවේන ව්‍යාමප්‍රභාවෙන් ෂට්වර්ණ රශ්මි මාලාවේන බබලන්නා වූ අසූරියන් ශ්‍රී දේහය ඇත්තා වූ දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම වූ වන්දනෙය්‍යාති වන්දනීය වූ පූජනීයාති පූජනීය වූ විපස්සී නම් සර්වඥරාජයන් වහන්සේ අනන්ත කරුණා ඇති සේක. අනන්ත ඥාන ඇති සේක. අනන්ත සෘද්ධි ඇති සේක. අනන්ත බල ඇති සේක. අනන්ත යසස් ඇති සේක. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණානුභාවයෙන් ද උන් වහන්සේ විසින් සේවනය කරන ලද පාටලී බෝධිරාජයන් වහන්සේගේ ගුණානුභාවයෙන් ද,
මේ ආතුර හට රවි චන්ද්‍ර කුජ බුද ගුරු ශුක්‍ර ශනි රාහු කේතු යන නව ග්‍රහයන් නීච වීමෙන් අස්ත වීමෙන් වක්‍ර වීමෙන් අනු වක්‍ර වීමෙන් දුෂ්ටස්ථානයන්ට පැමිණීමෙන් වූ මාරක බාධක රෝග කාරක තත්වනාසක ධනනාසක අපකීර්ති දායක අපලයක් ඇත්තේ නම් ඒ අපල සියල්ල හිර උදාවන කල්හි අඳුරු දුරු වන්නාක් මෙන් වහා දූරිභූත වේවා!
මොහුගේ ශරීරයෙහි වා පිත් සෙම් යන තුන්දොස් කිපීමෙන් හෝ සප්ත ධාතූන් අඩු වැඩිවීමකින් හෝ සෘතු විපර්යාසයකින් හෝ වස විසකින් හෝ අපථ්‍යාහාරයකින් හෝ අවලාද ඇස්වහ කටවහ හෝවහ හදි හූනියම් දෝෂයකින් හෝ යක්ෂ ප්‍රේතාදි භූත දෝෂයකින් හෝ හටගත්තා වූ යම්කිසි රෝගයක් ඇත්තේ වී නම් ඒ සියලු රෝගයෝ වහා දුරු වෙත්වා. වහා සුවය ලැබේවා!
මොහුට ආයු වර්ධනය වේවා. ශත වර්ෂාධික කාලයක් ජීවත් වේවා. ධන වර්ධනය, බල වර්ධනය, සුඛ වර්ධනය වේවා. මොහුගේ සියලු යහපත් අදහස් බුද්ධානුභාවයෙන් බෝධ්‍යානුභාවයෙන් වහා මුදුන් පත් වේවා!
2. මේ මහා භද්‍ර කල්පයෙන් එක් තිස් වන කපෙහි ලෝ පහළ වී වදාළා වූ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් අසූ අනු ව්‍යඤ්ජන ලක්‍ෂණයෙන් කේතුමාලාවෙන් ව්‍යාමප්‍රභාවෙන් ෂට්වර්ණ රශ්මි මාලාවෙන් බබලන්නා වූ සැත්තෑ රියන් ශ්‍රී දේහය ඇත්තා වූ, දේවාති දේව වූ, බ්‍රහ්මාති බ්‍රහ්ම වූ, වන්දනීයාති වන්දනීය වූ, පූජනීයාති පූජනීය වූ ශිඛී නම් සර්වඥරාජයන් වහන්සේ අනන්ත කරුණා ඇති සේක. අනන්ත බල ඇති සේක. අනන්ත සෘද්ධි ඇති සේක. අනන්ත යසස් ඇති සේක. ඒ ශිඛී බුදුරජාණන් වහන්සේ ගේ අපරිමිත ගුණානුභාවයෙන් උන් වහන්සේ විසින් සේවනය කරන ලද පුණ්ඩරීක බෝධි රාජයන් වහන්සේගේ ගුණානුභාවයෙන්,
මේ ආතුරහට රවි චන්ද්‍ර කුජ ගුරු බුද ශුක්‍ර ශනි රාහු කේතු යන නව ග්‍රහයන් නීච වීමෙන්, අස්ථ වීමෙන්, වක්‍ර වීමෙන්, අනුවක්‍ර වීමෙන්, දුෂ්ට ස්ථානයන්ට පැමිණීමෙන් වූ මාරක, බාධක, රෝග කාරක, තත්ව නාසක, ධන නාසක, අපකීර්තිදායක අපලයක් ඇත්තේ නම් ඒ අපල සියල්ල හිරු උදාවන කල්හි අඳුර දුරු වන්නාක් මෙන් වහා දූරි භූත වේවා!
මොහුගේ ශරීරයෙහි වා, පිත්, සෙම් යන තුන් දොස් කිපීමෙන් හෝ සප්ත ධාතූන් අඩු වැඩි වීමෙන් හෝ සෘතු විපර්‍ය්‍යාසයකින් හෝ වස විසකින් හෝ අපථ්‍යාහාරයකින් හෝ අවලාද, ඇස්වහ, කටවහ, හෝවහ, හදි හූනියම් දෝෂයකින් හෝ යක්ෂ ප්‍රේතාදි භූත දෝෂයකින් හෝ හට ගත්තා වූ යම්කිසි රෝගයක් ඇත්තේ නම් ඒ සියලු රෝගයෝ වහා දුරු වෙත්වා!
මොහුට ආයු වර්ධනය වේවා. ශත වර්ෂාධික කාලයක් ජීවත් වේවා. ධන වර්ධනය, බල වර්ධනය, සුඛ වර්ධනය වේවා. මොහුගේ සියලු යහපත් අදහස් බුද්ධානුභාවයෙන් බෝධ්‍යානුභාවයෙන් වහා මුදුන් පත් වේවා!
3. මේ මහා භද්‍ර කල්පයෙන් එක් තිස් වන කපෙහි ම ලෝ පහළවී වදාළා වූ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් අසූ අනුව්‍යඤ්ජන ලක්‍ෂණයෙන් කේතුමාලාවෙන් ව්‍යාමප්‍රභාවෙන් ෂට්වර්ණ රශ්මි මාලාවෙන් බබලන්නා වූ සැට රියන් ශ්‍රී දේහය ඇත්තා වූ, දේවාති දේව වූ, බ්‍රහ්මාති බ්‍රහ්ම වූ, වන්දනීයාති වන්දනීය වූ, පූජනීයාති පූජනීය වූ වෙස්සභූ නම් සර්වඥරාජයන් වහන්සේ අනන්ත කරුණා ඇති සේක. අනන්ත ඥාන ඇති සේක. අනන්ත සෘද්ධි ඇති සේක. අනන්ත බල ඇති සේක. අනන්ත යසස් ඇති සේක. ඒ වෙස්සභූ බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණානුභාවයෙන් උන් වහන්සේ විසින් සේවනය කරන ලද සාල බෝධිරාජයන් වහන්සේගේ ගුණානුභාවයෙන්,
මේ ආතුරහට - (සම්පූර්ණ කර කියනු)
4. ලොවුතුරා බුදුවරයන් වහන්සේලා පස් නමක් පහළ වන බැවින් මහා භද්‍ර නම් වූ මේ කල්පයේ පළමුවන අන්තඃකල්පයේ ලෝ පහළ වී වදාළා වූ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් අසූ අනුව්‍යඤ්ජන ලක්‍ෂණයෙන් කේතුමාලාවෙන් ව්‍යාමප්‍රභාවෙන් ෂට් වර්ණ රශ්මි මාලාවෙන් බබලන්නා වූ සතළිස් රියන් ශ්‍රී දේහය ඇත්තා වූ, දේවාති දේව වූ, බ්‍රහ්මාති බ්‍රහ්ම වූ, වන්දනීයාති වන්දනීය වූ, පූජනීයාති පූජනීය වූ කකුසන්ධ නම් සර්‍වඥයන් වහන්සේ අනන්ත කරුණා ඇති සේක. අනන්ත ඥාන ඇති සේක. අනන්ත සෘද්ධි ඇති සේක. අනන්ත බල ඇති සේක. අනන්ත යසස් ඇති සේක. ඒ කකුසන්ධ බුදුරජාණන් වහන්සේගේ ගුණානුභාවයෙන් උන් වහන්සේ විසින් සේවනය කරන ලද සිරීස බෝධි රාජයන් වහන්සේගේ ගුණානුභාවයෙන්,
මේ ආතුරහට - (සම්පූර්ණ කර කියනු.)
5. මේ මහා භද්‍ර කල්පයේ දෙවන අන්තඃකල්පයේ ලෝ පහළ වී වදාළා වූ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් අසූ අනුව්‍යඤ්ජන ලක්‍ෂණයෙන් කේතුමාලාවෙන් ව්‍යාමප්‍රභාවෙන් ෂට් වර්ණ රශ්මි මාලාවෙන් බබලන්නා වූ තිස් රියන් ශ්‍රී දේහය ඇත්තා වූ, දේවාති දේව වූ, බ්‍රහ්මාති බ්‍රහ්ම වූ, වන්දනීයති වන්දනීය වූ, පූජනීයාති පූජනීය වූ කෝණාගමන නම් වූ සර්‍වඥරාජයන් වහන්සේ අනන්ත කරුණා ඇති සේක. අනන්ත ඥාන ඇති සේක. අනන්ත සෘද්ධි ඇති සේක. අනන්ත බල ඇති සේක. අනන්ත යසස් ඇති සේක. ඒ කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ ගුණානුභාවයෙන් උන් වහන්සේ විසින් සේවනය කරන ලද උදුම්බර බෝධි රාජයන් වහන්සේගේ ගුණානුභාවයෙන්,
(මේ ආතුරහට - (සම්පූර්ණ කර කියනු.)
6. මේ මහා භද්‍ර කල්පයේ තුන්වන අන්තඃකල්පයේ ලෝ පහළ වී වදාළා වූ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් අසූ අනුව්‍යඤ්ජන ලක්‍ෂණයෙන් කේතුමාලාවෙන් ව්‍යාමප්‍රභාවෙන් ෂට් වර්ණ රශ්මි මාලාවෙන් බබලන්නා වූ විසි රියන් ශ්‍රී දේහය ඇත්තා වූ, දේවාති දේව වූ, බ්‍රහ්මාති බ්‍රහ්ම වූ, වන්දනීයති වන්දනීය වූ, පූජනීයාති පූජනීය වූ කාශ්‍යප නම් සර්වඥරාජයන් වහන්සේ අනන්ත කරුණා ඇති සේක. අනන්ත ඥාන ඇති සේක. අනන්ත සෘද්ධි ඇති සේක. අනන්ත බල ඇති සේක. අනන්ත යසස් ඇති සේක. ඒ කාශ්‍යප සර්‍වඥයන් වහන්සේගේ ගුණානුභාවයෙන් උන් වහන්සේ විසින් සේවනය කරන ලද නිග්‍රෝධ බෝධිරාජයන් වහන්සේගේ ගුණානුභාවයෙන්,
මේ ආතුරහට - (සම්පූර්ණ කර කියනු.)
7. මේ මහා භද්‍ර කල්පයේ සතරවන අන්තඃකල්පයේ අශ්වත්ථ බෝධි මූලයේ පස්මරුන් පරදවා ලොවුතුරා බුදු බවට පැමිණ වදාළා වූ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් අසූ අනුව්‍යඤ්ජන ලක්‍ෂණයෙන් කේතුමාලාවෙන් ව්‍යාමප්‍රභාවෙන් ෂට් වර්ණ රශ්මි මාලාවෙන් බබලන්නා වූ අටලොස් රියන් ශ්‍රී දේහය ඇත්තා වූ, වන්දනීයාති වන්දනීය වූ, පූජනීයාති පූජනීය වූ අප ගෞතම සර්‍වඥරාජයන් වහන්සේ අනන්ත කරුණා ඇති සේක. අනන්ත ඥාන ඇති සේක. අනන්ත සෘද්ධි ඇති සේක. අනන්ත බල ඇති සේක. අනන්ත යසස් ඇති සේක. ඒ ගෞතම සර්‍වඥයන් වහන්සේගේ ගුණානුභාවයෙන් උන් වහන්සේ විසින් සේවනය කරන ලද අශ්වත්ථ බෝධිරාජයන් වහන්සේගේ ගුණානුභාවයෙන්, නව ලෝකෝත්තර ධර්මානුභාවයෙන් අෂ්ටාර්‍ය්‍ය පුග්ගල මහා සංඝ රත්නයේ ආනුභාවයෙන් බුද්ධ පූජා, බෝධි පූජා පැවැත්වීමේ කුශලානුභාවයෙන් ඒ පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේවානුභාවයෙන්,
මේ ආතුරහට රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන නව ග්‍රහයන් නීච වීමෙන්, අස්ත වීමෙන්, වක්‍ර වීමෙන්, අනුවක්‍ර වීමෙන්, දුෂ්ටස්ථානයන්ට පැමිණීමෙන් වූ මාරක, බාධක, රෝග කාරක, තත්වනාසක, ධන නාශක, අපකීර්තිදායක අපලයක් ඇත්තේ නම් ඒ අපල සියල්ල හිර උදාවන කල්හි අඳුර දුරු වන්නාක් මෙන් වහා දූරීභුත වේවා!
මොහුගේ ශරීරයෙහි වා, පිත්, සෙම් යන තුන් දොස් කිපීමෙන් හෝ සප්ත ධාතූන් අඩු වැඩි වීමෙන් හෝ සෘතු විපර්යාසයකින් හෝ වස විසකින් හෝ අපථ්‍යාහාරයකින් හෝ අවලාද, ඇස්වහ, කටවහ හෝවහ, හදි හූනියම් දෝෂයකින් හෝ යක්ෂ ප්‍රේතාදි භූත දෝෂයකින් හෝ හට ගත්තා වූ යම්කිසි රෝගයක් ඇත්තේ නම් ඒ සියලු රෝගයෝ මොහුගේ ශරීරයෙන් වහා දුරු වෙත්වා. මොහුට වහා සුවය ලැබේවා!
මොහුට ආයු වර්ධනය වේවා. ශත වර්ෂාධික කාලයක් ජීවත් වේවා. ධන වර්ධනය, බල වර්ධනය, සුඛ වර්ධනය වේවා. මොහුගේ සියලු යහපත් අදහස් මුදුන් පත් වේවා!
මේ ශාන්ති වාක්‍යයෙහි ආතුර යන වචනය යොදා ඇත්තේ එය සාමාන්‍යයෙන් කාහටත් ගැළපෙන වචනයක් බැවිනි. ශාන්තිය කරන තැනැත්තා විසින් ඒ ඒ තැනැත්තාට සුදුසු වචන එතැනට යොදා ශාන්තිය කළ යුතු ය. කුඩා දරුවකුට ශාන්තිය කරනවා නම් දරුවාට යන වචනය යොදා කියනු. ඒ ඒ අයට සුදුසු වන පරිදි මහත්මයාට, රාලහාමිට, මැතිතුමාට, උපාසක මහතාට, නෝනට, මහත්මියට, හාමිනේට, මැතිනියට යනාදි වචන යොදා ශාන්තිය කරනු.
මෙහි ඉහත දැක් වූ කරුණු ගැන අවබෝධයක් ඇති වීම පිණිස අසඞ්ඛ්‍යය යන ගණන ගැනත් කල්ප විභාගත් බුදුරැස් ආදිය ගැනත් දත යුතුය.
(අසඞ්ඛ්‍යයට බින්දු 140 වන බව කියනු ලැබේ.)
කල්ප යනු කාලපරිච්ඡේදයන්ට නමෙකි. එහි විභාග දක්වා ඇත්තේ මෙසේ ය. අන්තඃකල්පය, අසඞ්ඛ්‍ය කල්පය, මහා කල්පය යි කල්පය තුන් ආකාර වේ.
මේ මිනිස් ලොව මිනිසුන්ගේ ආයුෂය සෑම කල්හි එක ම ප්‍රමාණයකට නො නවතී. කලින් කල අඩු වැඩි වේ. මේ මිනිසුන් අතර පාප ධර්මයන් වැඩි වීමෙන් ආයුෂ පිරිහී දස අවුරුද්ද පරමායුෂය වන කාලයක් පැමිණේ. ඒ පිරිහීම නිසා සංවේගයට පත් මනුෂ්‍යයෝ පව්කම් අත්හැර කුශල ක්‍රියාවන්හි යෙදෙන්නට පටන් ගනිති. එයින් ඔවුන්ගේ ආයුෂය පරම්පරාවෙන් පරම්පරාවට ක්‍රමයෙන් වැඩේ. අන්තිමට වයස වර්ෂ අසඞ්ඛ්‍යය දක්වා වැඩී අසඞ්ඛ්‍ය වර්ෂායුෂ ඇති මනුෂ්‍යයන් සිටින කාලයක් ඇති වේ. ඒ කාලයේ දී මනුෂ්‍යයෝ නැවත පව්කමට බසිති. එයින් ඔවුන්ගේ ආයුෂය නැවත පරම්පරාවෙන් පරම්පරාවට මඳින් මඳ පිරිහී දශ වර්ෂය පරමායුෂය වන කාලය පැමිණේ. මෙසේ මිනිසාගේ වයස දස අවුරුද්දේ පටන් අසඞ්ඛ්‍යය දක්වා වැඩී නැවත පිරිහී දස අවුරුදු වයසට පැමිණීමට ගත වන අති දීර්ඝ කාලය අන්තඃකල්ප නම් වේ. එය මේ මහා පොළව එක් යොදුන් තුන් ගව්වක් වැඩීමට ගත වන කාලය ය යි කියනු ලැබේ.
සංවර්තය, සංවර්තස්ථායීය, විවර්තය, විවර්තස්ථායීය ය යි අසඞ්ඛ්‍ය කල්ප සතරකි. සාගර ගඞ්ගා පර්වත සහිත වූ මේ ලෝකය සදාකාලිකව පවත්නක් නොව කලින් කල විනාශ වන්නකි. ලෝක විනාශය, ගින්න, දිය, සුළඟ යන තුනෙන් සිදු වේ. මේ මහා ලෝකයේ විනාශය ද සුළු කලකින් සිදුවන්නක් නොවේ. එයට අති දීර්ඝ කාලයක් ගත වේ. වරක් ලෝකය විනාශ වීමට ගත වන අති දීර්ඝ කාලය සංවර්ත කල්ප නම් වේ.
ලෝකය විනාශ වීමෙන් පසු ලෝකයක් නැති ආකාශය පමණක් ඇති හිස් කාලය සංවර්තස්ථායී කල්ප නම් වේ. එය ද විනාශ වීමට ගත වූ කාලය පමණ දිග ය.
දීර්ඝ කාලයකින් පසු නැවත ලෝකය සෑදීම ආරම්භ වේ. ලෝකය සෑදීම අවසන් වීමට ගත වන කාලය විවර්ත කල්ප නම් වේ. එය ද හිස්ව පැවති කාලය පමණ දිගු කාලයකි.
සෑදුණා වූ ලෝකය එසේ පවත්නා කාලය විවර්තස්ථායී කල්ප නම් වේ. එය ද හිස් ව පැවති කාලයට සමාන කාලයකි. මේ එක් එක් අසඞ්ඛ්‍ය කල්පයක ප්‍රමාණය අන්තඃකල්ප විස්සක් පමණ ය යි ද සිවු සැටක් පමණ ය යි ද කියා තිබේ.
අසඞ්ඛ්‍ය කල්ප සතරක් මහා කල්ප නම් වේ. බුදුවරුන් ලොව පහළ වීම දක්වා ඇත්තේ මහා කල්ප ගණනිනි.
ශුන්‍ය කල්පය, සාර කල්පය, මණ්ඩ කල්පය, වර කල්පය, සාරමණ්ඩ කල්පය, භද්‍ර කල්පය යි කල්පය සවැදෑරුම් වේ. බුදුවරුන් පහළ නොවන කල්පය ශූන්‍ය කල්ප නම් වේ. එක් බුදුවරයකු පහළ වන කල්පය සාර කල්ප නම් වේ. බුදුවරුන් දෙනමක් පහළ වන කල්පය මණ්ඩ කල්ප නම් වේ. බුදුවරුන් තෙනමක් පහළ වන කල්පය වර කල්ප නම් වේ. බුදුවරුන් සතර නමක් පහළ වන කල්පය සාරමණ්ඩ කල්ප නම් වේ. බුදුවරුන් පස් නමක් පහළ වන කල්පය භද්‍ර කල්ප නම් වේ. මේ කල්පයෙහි කකුසන්ධ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන බුදුවරයන් වහන්සේලා සතර නම පහළ වූහ. මතු ද මේ කප මෛත්‍රිය නමින් බුදු කෙනකු පහළ වන්නාහ. එබැවින් මේ කපට භද්‍ර කල්ප ය යි කියනු ලැබේ.
උත්තම පුද්ගලයෝ මහා පුරුෂයෝ නම් වෙති. ඔවුන්ගේ ශරීරවල පිහිටි විශේෂ ලක්‍ෂණ මහා පුරුෂ ලක්‍ෂණ නම් වේ. මහා පුරුෂ ලක්‍ෂණ දෙතිසකි. ඒවා පිහිටුවන්නේ සක්විති රජුන්ගේ බුදුවරුන්ගේ ශරීරවල ය. අන්‍ය උසස් පුද්ගලයින්ගේ ශරීරවල ද ඒවායින් සමහර ලකුණු පිහිටන්නේ ය. පෙර සොළොස් දහසක් පිරිවර ශිෂ්‍යයන් ඇති ව විසූ බාවාරි නම් මහ තාපස තුමාගේ ශරීරයෙහි මහා පුරුෂ ලක්‍ෂණ තුනක් තුබූ බව සූත්‍රනිපාත පාලියෙහි දක්වා තිබේ. මහා පුරුෂ ලක්‍ෂණ, අනුව්‍යඤ්ජන ලක්‍ෂණ සියල්ල විස්තර කරන්නට ගියොත් ග්‍රන්ථය මහත් වන බැවින් ඒවායින් ස්වල්පයක් පමණක් මෙහි දක්වන්නෙමු.
අන්‍යයන්ගේ පතුල් මෙන් මැදින් වළ නොගැසී යටි පතුල යතු ගෑ ලෑල්ලක් මෙන් මට්ටමට පිහිටීම එක් මහා පුරුෂ ලක්‍ෂණයෙකි. සාමාන්‍ය ජනයා පා බිම තබන කල්හි පාදයේ අග හෝ විලුඹ හෝ පළමුවේන පොළොව ස්පර්ශ කරයි. තථාගතයන් වහන්සේගේ පතුල සෑම තැනින් ම එකවර පොළොවෙහි පිහිටයි.
නින්නං ඨානං උන්නමති ගච්ඡන්තේ ලොක නායකේ
උන්නතං ච සමං හෝති පඨවී ච අචේතනා
යනුවෙන් දැක්වෙන පරිදි තථාගතයන් වහන්සේ පතුල බිම තබන කල්හි පොළොවේ පහත් තැන් උස් වී උස් තැන් පහත් ව පොළොවේ මට්ටම වේ.
පාසාණා සක්ඛරා චෙව කඨලා ඛාණු කණ්ඨකා
සබ්බේ මග්ගා විවජ්ජෙන්ති ගච්ඡන්තේ ලෝකනායකේ
යනුවෙන් දැක්වෙන පරිදි තථාගතයන් වහන්සේ ගමන් කරන කල්හි පොළොවෙහි ගල් කැට මැටි කැට කැබිලිති හුල් කටු සියල්ල ඉවත් වී පොළොව මට්ටම් වේ.
කන් දෙක දක්වා නළල වසා පිහිටි අන්‍යයන්ට නැති විශේෂ මාංශ පටලයක් මහා බෝධි සත්ත්වයන්ගේ නළලෙහි ඇත්තේ ය. එය රජුන් පළඳනා නළල්පටක ශෝභාව ඇත්තේ ය. එය එක් මහා පුරුෂ ලක්‍ෂණයෙකි. එයට උණ්හීසසීසය යි කියනු ලැබේ.
ඌර්ණ රෝමය එක් මහා පුරුෂ ලක්‍ෂණයෙකි. එය නාසයට කෙළින් නළල මැද ඔරලෝසුවල කෙස් දුන්න මෙන් දකුණතට කැරකී පිහිටා ඇත්තේ ය. එය ඉතා සුදු ය. රන්තැටියක් මැද තුබූ රිදී බුබුලක් සේ බබළන්නේ ය. අගින් අල්ලා ඇද්ද හොත් බාහුවේ මැදට පමණ දිග ය.
දස සතළිසක් වීම එක් මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒවා සම ව තිබීම එක් මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒවා අතර සිදුරු නැති බව එක් මහා පුරුෂ ලක්‍ෂණයෙකි. නළල හා දෙක් සිළු ස්පර්ශ කළ හැකි පමණට දිව දික්වීම එක් මහා පුරුෂ ලක්‍ෂණයෙකි. මෙසේ සාමාන්‍ය ජනයාගේ ශරීරවල නැති ලක්‍ෂණ මහා පුරුෂ ශරීරයේ පිහිටන්නේ ය. (විස්තර සඳහා “සූවිසි මහා ගුණය” බලන්න.)
දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ ප්‍රකට කරන ශරීර ශෝභාව ඇති කරන කුඩා ලක්‍ෂණ අසූවක් ඇත්තේ ය. අනුව්‍යඤ්ජන යි කියනුයේ ඒවාට ය.
මහා බෝධි සත්ත්වයන් වහන්සේ එදා ඒ වෙසක් මස පුණු පොහෝ දිනයේ පස් මරුන් පරයා සව් කෙලෙසුන් නසා ලොවුතුරා බුදු වී තමන් වහන්සේ වැඩහුන් බෝධි පර්‍ය්‍යඞ්කයෙහි අනේක සමවත්වලට සම වදිමින් සමවත් සුවයෙන් සතියක් ම විසූ සේක. සති අන්තයේ ඒ පලඟින් නැඟී සාරාසඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි මා විසින් සෙවූ ධර්මය මේ පර්යංකයෙහිදී අවබෝධ කර ගතිමි යි දෙවන සතියේ ඒ පර්‍ය්‍යඞ්කයටත් බෝධීන් වහන්සේටත් පූජාවක් වශයෙන් දෙවන සතිය මුළුල්ලෙහි පර්‍ය්‍යඞ්කය දෙස බලාගෙන නිශ්චල ව විසූ සේක. එසේ සිටින කල්හි මේ පර්‍ය්‍යඞ්කය අත් නොහැර තවමත් මෙතැන මුන් වහන්සේ සිටින්නේ බුදු වීම පිළිබඳ මුන් වහන්සේගේ කටයුතු තවමත් අවසන් වී නැත ය යන කල්පනාවක් දෙවියන්ට ඇති විය. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ අදහස් දැක ඔවුන්ගේ ඒ අදහස් දුරු කිරීම පිණිස අහසට පැන නැඟී යමක ප්‍රාතිහාර්‍ය්‍යය දැක් වූ සේක. ඉක්බිති උන් වහන්සේ ආකාශයෙන් බැස පර්‍ය්‍යඞ්කයටත් සිටි තැනටත් අතර සතියක් සක්මන් කළ සේක. ඒ එක්විසි දිනයේ ම තථාගත ශරීරයෙන් රැස් විහිදීමක් සිදු නොවී ය.
සතර වන සතියේ භාග්‍යවතුන් වහන්සේ බෝධීන් වහන්සේට වයඹ දිග එක් ස්ථානයක වැඩ හිඳ අභිධර්ම පිටකයේ සප්ත ප්‍රකරණය මෙනෙහි කිරීම ආරම්භ කළ හ. ඒ ප්‍රකරණයන්ගෙන් ධම්මසඞ්ගනී, විභඞ්ග, ධාතු කථා, පුග්ගලපඤ්ඤත්ති, කථාවතථු, යමක යන ප්‍රකරණ සයේ ධර්‍ම උන් වහන්සේගේ තියුණු නුවණට ලොකු දෙයක් සේ ගැඹුරු දෙයක් සේ සියුම් දෙයක් සේ නො දැනිණ. එබැවින් ඒ ප්‍රකරණ මෙනෙහි කිරීමෙන් උන් වහන්සේට එතරම් සතුටක් ඇති නොවී ය. අභිධර්ම පිටකයේ සත්වන ප්‍රකරණය වන මහා ප්‍රස්ථාන ප්‍රකරණයට බැස හේතුපච්චයෝ ආරම්මණ පච්චයෝ යනාදීන් ප්‍රත්‍යය ධර්ම මෙනෙහි කරන්නට වන් කල්හි උන් වහන්සේ ගේ අත්‍යන්ත නිර්මල අත්‍යන්ත තීක්ෂණ නුවණට රිසි සේ එහි හැසිරෙන්නට ලැබිණ. ඒ ප්‍රකරණය ම උන්වහන්සේගේ සර්වඥතාඥානයට හැසිරීමට ප්‍රමාණවත් විය. කූඩුවක සිර වී සිටි පක්‍ෂියකුට එළිමහනට පැමිණීමට ලද විට ඉමහත් ප්‍රීතියක් ඇති වන්නාක් මෙන් පට්ඨාන ප්‍රකරණයෙන් තථාගතයන් වහන්සේට ඉමහත් ප්‍රීතියක් ලැබිණ. එයින් උන් වහන්සේගේ ලේ ධාතුව පැහැදිණ. ඒ අනුව සකල ශරීරය ම පැහැදිණ. ගින්න පැහැදිලි දෙයක් වන නිසා එයින් පිටතට ආලෝකයක් නික්මෙන්නාක් මෙන් තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් ආලෝකය නික්මෙන්නට විය. බුදුරැස් ය කියනුයේ ඒ ආලෝකවලට ය. තථාගත ශරීරයේ කෙස් ලොම්වලින් හා නේත්‍රවල නිල් තැන්වලින් නීල රශ්මිය නික්මිණ. සමින් හා නේත්‍රයන්හි කහ පැහැය ඇති තැන්වලින් පීත රශ්මිය නික්මිණ. ලේ මස්වලින් හා නේත්‍රයන්හි රතු තැන්වලින් ලෝහිත රශ්මිය නික්මිණ. ඇටවලින් හා දත්වලින් ද නේත්‍රයන්හි සුදු තැන්වලින් ද ඕදාත රශ්මිය නික්මිණ. මාඤ්ජිෂ්ඨ ප්‍රභාස්වර රශ්මීහු ශරීරයේ ඒ ඒ තැන්වලින් නික්මුණා හ. ඒ රශ්මීහු ලොව පුරා අහසෙහි පැතිර ගියහ.
ප්‍රස්ථාන ප්‍රකරණය සම්මර්ශනයෙන් පසු තථාගත ශරීරයෙන් අසූ රියනක් තැන් පැතිර සිටින නිශ්චල රශ්මියක් ඇති විය. කේතුමාලා ය යි කියනුයේ අසූ රියනක් උසට තථාගත ශීර්ෂයෙන් විහිදී පවත්නා නීල රශ්මිය ය. ව්‍යාමප්‍රභාවය යි කියනුයේ තථාගත දේහය වටා බඹයක් තැන පැතිර නිශ්චල ව පවතින රශ්මිය ය.
අනුරාධපුරයේ මහමෙවුනා උයනෙහි වැඩ සිටින දක්‍ෂිණ ශාඛා ශ්‍රී මහා බෝධීන් වහන්සේට කරන පූජාවක් ලෙස සලකා කොතැනක හෝ බෝධියක් සමීපයේ මල්, පහන්, සුවඳ, සුවඳ දුම්, කොඩි, පැන් ආදි වස්තූන් පුදා වැඳ ආතුරයා ලවා දෙවියන්ට පින් දෙවා ඔහු බෝධිය සමීපයේ හිඳුවා ගෙන මෙසේ සෙත් කරනු.
ශාන්ති වාක්‍යය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
.
යස්ස මූලේ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා
වන්දේ තං බෝධි පාදපං.
.
සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ
සමදිට්ඨිත දක්ඛිණ සාඛභවං,
සුභමේඝවනම්බර මේඝනිභං
ජය බෝධිමහං පණමාමි වරං.
මේ ශ්‍රී ලංකා ද්වීපයේ අනුරාධපුර නගරයේ මහා මේඝ වනෝද්‍යානයේ වැඩ සිටින දක්‍ෂිණ ශාඛා බෝධීන් වහන්සේට අරක් ගෙන සිටින්නා වූ කළු බණ්ඩාර දේවතාවුන් වහන්සේ අපගේ මේ බෝධි පූජාවේ පින් අනුමෝදන් වෙත්වා; මේ පින් (ගැති වූ) අප විසින් පිරිනමන තුටු පඬුරක් වශයෙන් පිළිගන්නා සේක්වා; තෙදැති බලැති කළු බණ්ඩාර දේවෝත්මයාණෙනි, ඔබ වහන්සේට පින් දෙන්නා වූ ඔබගේ පිහිට බලාපොරොත්තු වන්නා වූ ...... නමැති මේ පින්වතාට පැමිණ ඇත්තා වූ සියලු දුක් කරදර නුඹ වහන්සේගේ තේජානුභාවයෙන් දුරු කර මොහුට ශාන්තිය උදා කරන සේක්වා. මොහුගේ ප්‍රාණය ධනය රැකියාව ආරක්‍ෂා කරන සේක්වා. මොහුගේ වැඩි දියුණුව සලසන සේක්වා. මොහුට පිහිට වන සේක්වා. නුඹ වහන්සේගේ කරුණාව මොහු වෙත යොමු කරන සේක්වා.!
එදා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩම කළ අවස්ථවේ එහි පඤ්ච මහා ශාඛාව්නහි තුබූ බෝ පලවලින් පැන නැංගා වූ බෝධීන් වහන්සේලා වන දඹුලු තොට බෝධීන් වහන්සේ ය, ථූපාරාමයේ බෝධීන් වහන්සේ ය, ප්‍රථමක චෛත්‍ය ස්ථානයේ බෝධීන් වහන්ස් ය, රුහුණු රට කතරගම බෝධීන් වහන්සේ ය, මල් වැස්සා වෙහෙර වහන්සේ ය, මහා ජල්ලික නම් ගමෙහි බෝධීන් වහන්සේ ය, පොළොන්නරුවේ බෝධීන් වහන්සේ ය, රුහුණු රට මාගම බෝධීන් වහන්සේ ය, මහියංගණයේ බෝධීන් වහන්සේ ය. බදුල්ලේ මුතියංගණයේ බෝධීන් වහන්සේ ය, රුහුණු රට සිතුල්පවුවේ බෝධීන් වහන්සේ ය, වැලිගම් වෙහෙර බෝධීන් වහන්සේ ය, මැද්දේගම බෝධීන් වහන්සේ ය, පුසුල්පිටියේ බෝධීන් වහන්සේ ය, වට්ටාරම බෝධීන් වහන්සේ ය, රැස්වේරුවේ බෝධීන් වහන්සේ ය. ගිරිබා වෙහෙර බෝධීන් වහන්සේ ය, කසාගල බෝධීන් වහන්සේ ය. තිවක්ක බ්‍රාහ්මණගම බෝධීන් වහන්සේ ය, සඳුන්ගිරි බෝධීන් වහන්සේ ය, තන්ත්‍රිමාලයේ බෝධීන් වහන්සේ ය, කොට්ටියාරම බෝධීන් වහන්සේ ය, මාතලේ රුසීගම බෝධීන් වහන්සේ ය, විල්වල බෝධීන් වහන්සේ ය, විල්ගම් වෙහෙර බෝධීන් වහන්සේ ය, බුත්තල හත්පෝරු වෙහෙර බෝධීන් වහන්සේ ය, වනවාස වෙහෙර බෝධීන් වහන්සේ ය, පරගොඩ බෝධීන් වහන්සේ ය, ගණේගම බෝධීන් වහන්සේ ය, මායාරට වතුර බෝධීන් වහන්සේ ය, පැපිලියානේ බෝධීන් වහන්සේ ය, බෙල්ලන්විල බෝධීන් වහන්සේ ය, වඳුරව බෝධීන් වහන්සේ ය, සුළුගල්ල බෝධීන් වහන්සේ ය, කටියාවේ බෝධීන් වහන්සේ ය, යාපහුවේ බෝධීන් වහන්සේ ය. රහත් ගල්වෙහෙර බෝධීන් වහන්සේ ය යන මේ බෝධීන් වහන්සේලාට අරක් ගෙන සිටින්නා වූ සියලු දෙවියෝ මේ බෝධි පූජාවේ පින් අනුමෝදන් වෙත්වා! මේ පින් අප විසින් පිරිනමන තුටු පඬුරක් මෙන් පිළිගනිත්වා! ඔබ වහන්සේලාට පින් දෙන්නා වූ ඔබ වහන්සේලාගේ පිහිට බලාපොරොත්තු වන්නා වූ...... නමැති මේ පින්වතාට පැමිණ ඇත්තා වූ සියලු දුක් කරදර ඔබ වහන්සේලාගේ තේජානුභාවයෙන් දුරු කර ශාන්තිය උදාකරණ සේක්වා! මොහුගේ ප්‍රාණය, ධනය, රැකියාව ආරක්‍ෂා කර දෙන සේක්වා! මොහුගේ වැඩි දියුණුව සලසන සේක්වා! මොහුට පිහිට වන සේක්වා! නුඹ වහන්සේලාගේ කරුණාව මොහු වෙත යොමු කරන සේක්වා!
මේ ශ්‍රී ලංකාද්වීපයේ සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීමට වරම් ලබාගෙන සිටින්නා වූ ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයන් වහන්සේ ද කතරගම් පුරයට අධිපති ස්කන්ධ කුමාර දිව්‍ය රාජයන් වහන්සේ ද සමන්තකූට පර්වතයේ සුමන දිව්‍යරාජයන් වහන්සේ ද කැලණිපුරයේ විභීෂණ දිව්‍ය රාජයන් වහන්සේ ද මේ පින් අනුමෝදන් වීමෙන් ....... නමැති මේ පින්වතා ආරක්‍ෂා කරන සේක්වා.
බෝධි පූජා සඳහා දෙවියන්ට ආරාධනා කරනු කැමැත්තෝ මේ ගාථාවලින් කැමති ගාථා කියා ආරාධනා කරත්වා.
ආකාසට්ඨා ච භුම්මට්ඨා සබ්බේ දේවා මහිද්ධිකා
බෝධිපූජාය ආයන්තු භවිතුං පුඤ්ඤභාගිනෝ.
.
අස්මිං විහාර ඝර පබ්බත රුක්ඛ ගාමේ
සබ්බේසු දීප නගරේපි ච චක්කවාළේ.
.
දේවා සුරා ගරුඬ රක්ඛස නාග යක්ඛා
ආයන්තු බෝධි තරු පූජයිතුං සමග්ගා.
.
සමන්තා චක්කවාළේසු අත්‍රාගච්ඡන්තු දේවතා
පූජේතුං ධම්මරාජස්ස බෝධිරාජං මනෝරමං
.
පබ්බතේසු ච රුක්ඛෙසු තිදිවේ ච ජලෙසු ච
බෝධිපූජාය ආයන්තු වසන්තා සබ්බදේවතා.
.
විහාරේසු ච සබ්බේසු චේතියේ පටිමාඝරේ,
බෝධිරුක්ඛෙසු සබ්බේසු සේසරුක්ඛෙ වනේසු ච.
.
පබ්බතේසු ච සබ්බේසු වාපි පොක්ඛරණීසු ච,
තළාකේසු ච ගඞ්ගාසු සාගරේසු ච දේවතා,
ඉධාගච්ඡන්තු පූජේතුං බෝධි බුද්ධෙන සෙවිතං.
.
යේ සන්තා සන්තචිත්තා තිසරණ සරණා එත්ථ ලෝකන්තරේවා
භුම්මා භුම්මා ච දේවා ගුණ ගණ ගහනා බ්‍යාවටා සබ්බකාලං
ඒතේ ආයන්තු දේවා වරකනකමයේ මේරුරාජේ වසන්තෝ
සන්තෝ සන්තෝ සහේතුං මුනිවරං භජිතං පූජිතුං බෝධිමග්ගං.
විෂ්ණු දෙවියන්ට ආරාධනාව
වෙණ්හු දේවෝ මහා තේජෝ ජින සාසන රක්ඛකො,
ආගච්ඡතු ඉමං ඨානං පූජේතං බෝධිමුත්තමං
කතරගම දෙවියන්ට ආරාධනාව
රෝහණාධිපති ඛන්ධෝ දේවරාජා මහබ්බලෝ
ආගච්ඡතු ඉමං ඨානං පූජේතුං බෝධිමුත්තමං.
සමන් දෙවියන්ට ආරාධනාව
සුමනව්හය දේවින්දෝ සමන්තකූටවාසිකෝ,
ආගච්ඡතු ඉමං ඨානං පූජේතුං බෝධිමුත්තමං.
විභීෂණ දෙවියන්ට ආරාධනාව
විභීසනව්හයෝ දේවෝ කල්‍යාණිපුර වාසිකො
ආගච්ඡතු ඉමං ඨානං පූජේතුං බෝධිමුත්තමං.
ධර්ම චක්‍රය වනාහි ධර්මය පිළිබඳ උසස් දැනුමක් නැති සාමාන්‍ය ජනයාට තේරුම් ගැනීමට දුෂ්කර ඔවුනට තේරුම් ගත හැකි පරිදි කීමට - ලිවීමට දුෂ්කර ගැඹුරු කරුණෙකි. එය තේරුම් ගත හැකි වීමට නම් ධර්ම යන වචනයෙන් කියැවෙන්නේ කුමක් ද? චක්‍ර යන වචනයෙන් කියැවෙන්නේ කුමක් ද? ධර්මය ම චක්‍රයක් ද? ධර්මයත් චක්‍රයත් දෙකක් ද? ධර්ම යන වචනයට චක්‍ර යන වචනය සම්බන්ධ කර ඇත්තේ කිනම් ප්‍රයෝජනයක් සඳහා ද? යන කරුණු ගැන සලකා බැලිය යුතු ය.
දැනට ලෝකයෙහි අනේකාකාර ධර්ම චක්‍ර සටහන් ඇත්තේ ධර්මය නොදත් ශිල්පීන් විසින් ධර්මචක්‍රය යන නම අසා ඇති පමණින් තමාට සිතෙන සැටියෙන් ධර්ම චක්‍රය කියා නොයෙක් ආකාර චක්‍ර සටහන් ඇඳ තැබීම නිසා ය. මුලින් කෙනකු ඇඳ තැබූ චක්‍ර සටහන් අනුව තවත් අයත් චක්‍ර සටහන් අඳින්නට වීමෙන් ඒවා ව්‍යාප්ත වී ඇත්තේ ය.
ධර්ම චක්‍රය යන මෙහි ධර්මය, චක්‍රය කියා වචන දෙකකි. එහි ධර්ම යන වචනයෙන් චතුස්සත්‍යය ප්‍රතිවේධ කරන ලෝකෝත්තර මාර්ගඥානය, චතුස්සත්‍යය පිළිබඳ දේශනාඥානය, චතුස්සත්‍යය දේශනය වූ වචන මාලාව යන අර්ථ තුන ගනු ලැබේ. චක්‍ර යන වචනයෙන් පුරාණ ලෝකයේ යුද්ධයට පාවිච්චි කළ කඩු කිණිසි ආදියට වඩා නපුරු ආයුධයක් වන රෝදයක් කියැවේ. එය පිට වාටිය හෙවත් පට්ටම දැළි පිහියක් සේ කැපෙන්නා වූ හෝ පට්ටමෙහි දැළිපිහිය සේ කැපන දැති ඇත්තා වූ හෝ රෝදයකි. ඒ චක්‍රය ක්‍රියා කරවා යුදවල දී සැණෙකින් බොහෝ ජනයා කපා සුණු විසුණු කරනු ලැබේ. ඒ චක්‍රය ගැන සාමඤ්ඤඵල සූත්‍රයෙහි මෙසේ දැක්වේ.
“ඛුරපරියන්තේන චේපි චක්කේන යෝ ඉමිස්සා පඨවියා පාණේ ඒකමංසඛලං ඒකමංසපුඤ්ජං කරෙය්‍ය”
මේ පූරණකාශ්‍යප යන ශාස්තෘවරයාගේ ප්‍රකාශනයෙකි. එයින් කියැවෙන්නේ දැළිපිහිය සේ කෙළවර ඇති චක්‍රයෙන් මේ පොළොවෙහි සතුන් එක ම මස් ගොඩක් කළත් යනු යි. චක්‍රයේ දරුණුකම ඒ පාඨයෙන් පෙනේ. බෝධිමූලයේ දී මහ බෝසතාණන් හා යුදයට පැමිණි වසවත් මරු ද චක්‍ර නම් වූ ඒ අවිය පාවිච්චි කළ බව කියා තිබේ.
ධර්ම යන වචනයෙන් කියැවෙන ලෝකෝත්තර මාර්ගඥානය ද අන් කිසි අවියකින් නැසිය නොහෙන කෙලෙස් සතරන් මතු නැගී නො සිටින සේ නැසීමට සමත් අවියකි. ලෝකෝත්තර මාර්ගඥානය හැර අන් කිසිවකින් මතු නැඟී නො එන ලෙස කෙලෙස් සතුරන් නො නැසිය හැකි ය. ලෝකෝත්තර මාර්ගඥානයේ බලය විසුද්ධිමග්ගයේ මෙසේ දැක්වේ.
භීම වේගානුපතිතා අසනීව සිලුච්චයේ,
වායුවේග සමුට්ඨිතො අරඤ්ඤමිව පාවකෝ.
අන්ධකාරං විය රවි සතේජුජ්ජල මණ්ඩලෝ,
දීඝරත්නානුපතිතං සබ්බානත්ථවිධායකං,
කිලේසජාලං පඤ්ඤාහි විද්ධංසේති භාවිතා.
භයානක වේගයෙන් වැටුණා වූ හෙනය පර්වතයෙන් සුණු කරන්නාක් මෙන් වායු වේගයෙන් හටගත් ගින්න මහා වනයන් දවා විනාශ කරන්නාක් මෙන් ස්වකීය තේජසින් දිලිසෙන මණ්ඩලයක් වූ හිරු අඳුර දුරු කරන්නාක් මෙන් සත්ත්ව සන්තානයෙහි දීර්ඝ කාලයක් පැවතියා වූ සකලානර්ථයන් ඇති කරන්නා වූ කෙලෙස් සමූහය වඩන ලද ප්‍රඥාව විනාශ කෙරේය යනු එහි තේරුම ය.
ලෝකෝත්තර මාර්ගඥානය කෙලෙස් නැසීමට සමත් බලවත් ආයුධය ය. චක්‍රය මිනී මැරීමට සතුන් මැරීමට සමත් බලවත් ආයුධය ය. එහෙත් අරූපී ධර්‍මයක් වන ලෝකෝත්තර මාර්ගඥානය ඇසට පෙනෙන දෙයක් නොවන බැවින් අප්‍රකට ය. චක්‍රය ඇසට පෙනෙන දෙයක් බැවින් ප්‍රකට ය. වඩා ශක්තිය ඇති මිනිසාට ඔහුගේ ශක්තිය ප්‍රකට කිරීම සඳහා අලියා ය කියන්නාක් මෙන් ද, වේගයෙන් යා හැකි මිනිසාට ඒ බව ප්‍රකට කිරීම පිණිස අශ්වයා ය කියන්නාක් මෙන් ද, මෝඩ මිනිසාට ඒ බව ප්‍රකට කිරීම පිණිස ගොනා ය කියන්නාක් මෙන් ද ලෝකෝත්තර මාර්ග ඥානය ප්‍රකට කරනු පිණිස එයට ධර්ම චක්‍රය යි කියනු ලැබේ. ශක්තිය නිසා අලියා ය කියන මිනිසා මිනිසකු මිස අලියකු නො වන්නාක් මෙන් ද, අශ්වයා ය කියන මිනිසා අශ්වයකු නො වන්නාක් මෙන් ද, ගොනා ය කියන මිනිසා ගොනකු නො වන්නාක් මෙන් ද ධර්මචක්‍රය යි කියනු ලබන ලෝකෝත්තර මාර්ග ඥානය වූ ධර්මයත් ධර්මයක් මිස සත්‍ය වශයෙන් ඇති චක්‍රයක් නො වන බව දත යුතු ය.
ලෝකෝත්තර මාර්ග ඥානය යනු චතුස්සත්‍යය ප්‍රතිවේධ කරන ඥානය ය. යම් කිසි වස්තුවක් ඇසින් බලා දැන ගන්නා වූ තැනැත්තාට දත හැකි වන්නේ ඒ වස්තුවේ පිට පැත්ත පමණෙකි. පිට පැත්තෙන් ද එක් කොටසක් පමණෙකි. එබැවින් ඒ දැනුම සර්වාකාර පරිපූර්ණ දැනුමක් නොවේ. ප්‍රතිවේධ ය යි කියනුයේ ඒ ඒ දෙයෙහි ඇතුළත පිටත දෙක ම සම්පූර්ණයෙන් පිරිසිදු ලෙස දැනීමට ය. ලෝකෝත්තර මාර්ග ඥානය, චතුස්සත්‍යය එසේ සම්පූර්ණ ලෙස පිරිසිදු ලෙස දකී. ප්‍රතිවේධ ය යි කියනුයේ ඒ දැනුමට ය. කෙලෙස් නැසීමට සමත් ව්නනේ ඒ දැනුම ය.
ඒ ලෝකෝත්තර මාර්ග ඥානය ප්‍රතිවේධ ධර්ම චක්‍රය ය. ඒ ලෝකෝත්තර මාර්ග ඥානය වචන අනුව වචනානුසාරයෙන් ධර්මයන් දැන ගන්නා වූ ඥානයක් නොව වචන නැති ව ධර්ම ශරීරය දක්නා වූ ඥානයෙකි. ප්‍රතිවේධ කරන ලද චතුස්සත්‍ය ධර්මය ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා යනාදීන් වචනවලට නඟා කරන දේශනය වූ වචන මාලාව දේශනා ධර්ම චක්‍රය ය. එයින් කෙරෙන්නේ ශ්‍රාවකයන්ගේ කෙලෙස් නැසීම ය. එයින් කෙළින් ම ශ්‍රාවකයන්ගේ කෙලෙස් නැසීමක් නො කරනු ලැබේ. එය ඇසූ ශ්‍රාවකයන්ගේ සන්තානයෙහි ඒ ධර්මය ඇසීම නිසා චතුස්සත්‍යය ප්‍රතිවේධ කරන ලෝකෝත්තර මාර්ග ඥානය ඇති වේ. එයින් ඔවුන්ගේ සන්තානයන්හි කෙලෙස් දුරු වේ. සත්‍ය දේශනය ශ්‍රාවක සන්තානයෙහි ලෝකෝත්තර මාර්ග ඥාන සංඛ්‍යත ධර්ම චක්‍රය ඇති කරන්නක් බැවින් එයට ද දේශනා ධර්මචක්‍රය යි කියනු ලැබේ. තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිපතනාරාමයේ දී පවත්වන ලද ධම්මචක්කප්පවත්තන සුත්ත නම් වූ චතුස්සත්‍ය දේශනය අසා අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ ඇතුළු අටළොස් කෝටියක් බ්‍රහ්මයෝ සෝවාන් ඵලයට පැමිණියහ. ඒ ඔවුන්ගේ සන්තානවල ලෝකෝත්තර මාර්ග ඥානය පහළ වී බොහෝ කෙලෙස් දුරු වී යෑම ය.
චතුස්සත්‍ය ප්‍රකාශ කරන දේශනය වූ වචන මාලාව ධර්ම චක්‍රයක් බව තථාගතයන් වහන්සේ විසින් සච්චවිභඞ්ග සූත්‍රයෙහි මෙසේ වදාරා ඇත්තේ ය.
“තථාගතේන භික්ඛවේ, අරහතා සම්මා සම්බුද්ධෙන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං, අප්පටිවත්තියං සමණේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචි වා ලෝකස්මිං; යදිදං චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානිකම්මං”
“තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිපතනයේදී සතරක් වූ ආර්‍ය්‍ය සත්‍යයන් ප්‍රකාශ කිරීම් වශයෙන් ශ්‍රමණ බ්‍රාහ්මණාදි කිසිවකුට ආපසු පෙරළිය නොහෙන අනුත්තර ධර්ම චක්‍රය පවත්වන ලද්දේ ය” යනු එහි අදහස ය. එයින් දැක්වෙන්නේ චතුරාර්‍ය්‍ය සත්‍යය දක්වන ප්‍රකාශ කරන වචන මාලාව ධර්ම චක්‍රය කියා ය.
ප්‍රතිවේධ ධර්ම චක්‍රය වන ලෝකෝත්තර මාර්ග ඥානය අරූපී ධර්මයක් බැවින් එහි සටහනක් නැත. වචන මාලාවක් වන දේශනා ධර්ම චක්‍රයේ ද දෑසින් දැකිය හැකි සටහනක් නැත. එබැවින් ධර්ම චක්‍ර සටහනක් පිළියෙළ කිරීමේ දී ධර්ම චක්‍රය ප්‍රකට කිරීමට උපමාවක් වශයෙන් යොදා ගන්නා ලද චක්‍රායුධය අනුව රෝද සටහනක් ගත යුතු ය. එය කරත්ත රෝදයක් සේ මොට්ට රෝද සටහනක් නොවී මෝල්වල ලී ඉරන රෝදය බඳු කැපෙන රෝදයක සටහන විය යුත ය. පිටතට නෙරා ගිය ගැට ඇති සටහනකින් පෙනේනේ එය කැපෙන රෝදයක් නොව මොට්ට රෝදයක් බව ය. මොට්ට රෝදය අවියක් නොවේ. පිටතට නෙරා ගිය ගැටවලින් එහි ආයුධ භාවය අවලංගු වේ. එබැවින් පිටතට නෙරූ ගැට සහිත චක්‍රය ධර්ම චක්‍රය වශයෙන් ගැනීමට නුසුදුසු ය. ධර්ම චක්‍රය චතුස්සත්‍යය පිළිබඳ වූවක් බැවින් ඒ රෝදයෙහි චතුස්සත්‍යය දක්වන ලකුණු පිහිට විය යුතු ය. ගරාදි අට ඇති රෝදයේ ඒ ගරාදිවලින් දක්වන්නේ සම්මා දිට්ඨි ආදි මාර්ග සත්‍යයේ අංග අට ය. ඒ අංග අට ධර්ම චක්‍රයෙන් සතරින් පංගුවකි. සතරින් පංගුව ද ධර්මචක්‍රය නොවේ. වෙන් වෙන් වශයෙන් එක් එක් සත්‍යය දක්නා ඥානයන්ට ක්ලේශප්‍රහාණ ශක්තියක් නැත. ක්ලේශප්‍රහාණ ශක්තිය ඇත්තේ එක්විට ම චතුස්සත්‍යය දක්නා ලෝකෝත්තර මාර්ග ඥානයට පමණෙකි.
ධර්මචක්‍ර සටහනක් පිළියෙළ කිරීමේ දී එය කැපෙන දෙයක් බව දැක්වීමට චක්‍ර පට්ටමේ දැති යෙදිය යුතු ය. ඒ චක්‍රය චතුස්සත්‍යය ප්‍රතිවේධ කරන ලෝකෝත්තර මාර්ග ඥානය බව දැක්වීමට හා චතුස්සත්‍යය දේශනාව බව දැක්වීමටත් චතුස්සත්‍යයේ අංග සූවිස්ස දැක්විය යුතු. චක්‍රයට ගරාදි සූවිස්සක් යොදන්නේ සත්‍ය දේශනයේ එන සත්‍යාංගසූවිස්ස දැක්වීමට ය. සත්‍යාංග සූවිස්ස දක්වන ගරාදි සූවිස්සක් ඇති දැති සහිත චක්‍ර සටහන නියම ධර්මචක්‍ර සටහන බව කිය යුතු ය. චතුස්සත්‍ය දේශනයේ අංග සූවිස්ස විසුද්ධි මාර්ගයේ ආර්‍ය්‍ය සත්‍ය නිර්දේශයේ මෙසේ දැක්වේ.
“ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාපි දුක්ඛා අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යංපිච්ඡං නලභති තම්පි දුක්ඛං සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛාති දුක්ඛ නිද්දේසේ ද්වාදස ධම්මා.”
යායං තණ්හා පොණෝභවිකා නන්දිරාග සහගතා තත්‍රතත්‍රාභිනන්දිනී, සෙය්‍යථිදං? කාමතණ්හා, භව තණ්හා, විභව තණ්හාති. සමුදය නිද්දේසේ තිවිධා තණ්හා.
යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝති, ඒවං නිරෝධ නිද්දේසේ අත්ථතෝ ඒකමේව නිබ්බානං.
කතමං දුක්ඛ නිරොධගාමිනි පටිපදා අරියසච්චං අයමෙව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ, සෙය්‍යථිදං? සම්මාදිට්ඨි -පෙ- සම්මා සමාධීති. ඒවං මග්ග නිද්දේසේ අට්ඨධම්මා.”
මෙහි දැක්වෙන අංග සූවිස්ස මෙසේ ය.
මේ චතුස්සත්‍යයේ අංග සූවිස්සය.
විසුද්ධිමග්ගයේ මේ අංග සූවිස්ස දක්වා ඇත්තේ ධර්මචක්‍ර සූත්‍රය සච්චවිභඞ්ග සූත්‍රය යන දෙක්හි ම එන අංග ගැනීමෙනි. ධර්මචක්‍ර සූත්‍රයෙහි එන ව්‍යාධිපි දුක්ඛෝ යන අංගය මේ සූවිස්සට ඇතුලත් කොට නැත. එය ඇතුලත් කර නැත්තේ ව්‍යාධිය සකල සත්ත්වයන්ට ම සාධාරණාංගයක් නොවන නිසා ය යි විසුද්ධිමග්ග ටීකාවෙහි කියා ඇත්තේ ය.
අපගේ දහම් පොත් සියල්ලෙහි ම ලකුණක් වශයෙන් යොදා ඇති ධර්මචක්‍ර සටහන තේරුම් ගත හැකිවීම සඳහා මේ පොතට අතිරේකයක් වශයෙන් මේ ලිපිය යොදන ලදී.
රේරුකානේ චන්දවිමල මහා නායක ස්ථවිර.