පාලිභාෂාවතරණය

දෙවැනි පොත

PALIBHASHAWATHARANAYA

Book Two

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අග්ගමහා පණ්ඩිත දර්‍ශනවිශාරද සාහිත්‍ය චක්‍ර‍වර්තී

පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත

මහානායක ස්ථවිර


විඥාපනය

 

(1955 දී මුද්‍ර‍ණය කරන ලද පාලිභාෂාවතරණය දෙවැනි පොතේ පළ වී ඇති විඥාපනය පාඨකයාගේ දැනගැනීම සඳහා ඒ අයුරින් ම මෙහි ද පළ කරනු ලැබේ.)

 

පාලිභාෂාවතරණයේ 1 වැනි පොත දැන් දහහත්වැනි වරටත් මුද්‍රිතව තිබෙන බැවින් ඒ පොත කොතරම් ජනප්‍රිය වී තිබේදැයි දත හැක. මේ දෙවැනි පොතේ අටවැනි මුද්‍ර‍ණයයි. දෙවෙනි පොත මුලින් තිබුණාට වඩා පිටු 40 කින් පමණ වැඩි වූ බැවින් එහි කර තිබෙන සංස්කරණ විශාල බව පෙනෙනවා ඇත. දෙවෙනි පොතෙන් එහාට ගොස් වැඩිදුර ඉගනීම කරන්නන් ඉතා අඩු බව තෙවැනි පොතෙන් ඔප්පු වේ. එය පළමු වර පළකරන ලද්දේ 1930 දී ය. ඒ පිටපත් දෙදාහ අවසන් වීමට අවුරුදු 17 ක් පමණ ගතවිය. එය නැවත විශාල සංස්කරණයකට පමුණුවා 1948 දී දෙවෙනිවර මුද්‍රිත විය. ක්‍රියාකාරක සම්බන්ධය ගැනත් වාක්‍ය විච්ඡේදනය ගැනත් අලුත් පරිච්ඡේද දෙකක් එකට එක්කරන ලදි. දැන් පොතේ ප්‍ර‍මාණය පිටු 215 කි.

 

එහි පොත්වලින් ගත් උදාහරණය සහිතකොට අර්ථ පැහැදිලි කර තිබෙන නිපාත සංඛ්‍යාව 213 කි. උපග්‍ර‍න්ථයෙහි පාලියේ ඇති තාක් ගැඹුරු - දුර්ලභ වචන තිබෙන තැන් පෙන්වා අර්ථ පැහැදිලි කර තිබේ. ඉංග්‍රීසියේ දැක්වෙන ‘ඇනලිසිස්’ ක්‍ර‍මයට පාලි වාක්‍යයන් බෙදා කොටුවල යොදා පෙන්වීම මින් පෙර ඇති නොවූවකි. පාලිවාක්‍ය රචනාවට එයින් ලැබෙන රුකුල ඉතා මහති. එබැවින් උසස් විභාගවලට පෙනී සිටින්නන් ඒ (තෙවැනි) පොතෙන් ප්‍රයෝජන ගන්නවා ඇතැයි බලාපොරොත්තු වෙමු.

 

පාඨ පරීක්‍ෂණවලට පෙනී සිටින්නන්ගේ වාක්‍ය රචනාව දුර්වල යයි නොයෙක් විට අසන්ට ලැබුණ බැවින් ඒ සඳහා ‘පාලි වාක්‍ය රචනාව හා පරිවර්තන පරිචය’ නමැති පොතක් 1947 දී පළ කරවන ලදි. එහි අන්‍යොන්‍ය විරුද්ධාර්ථ ඇති ආමක-පක්ක ආදි වචනයන්ගේ සූචියක් ද නිතර එක්ව යෙදෙන හට්ඨ - පහට්ඨ ආදි වචනයන්ගේ සූචියක් ද වෙති. වර්‍තමාන ක්‍රියාපදය, ඒකේ අතීත පදය හා පූර්‍ව ක්‍රියා පද දක්වන අකාරාදී පිළිවෙළින් යෙදූ ක්‍රියා මාලාව පිටු 12 ක් පැතිර පවතී. සිංහල පාලියට පෙරළන සැටි උගන්වන පිටු 30 ක් ද පාලියේ භාෂාරීති දක්වන පිටු 9 ක් ද එහි වෙති. එබැවින් වැඩිදුර ඉගෙන ගනු කැමැත්තන් විසින් ඒ පොත ද ලබාගත යුතු ය.

 

මා විසින් සම්පාදිත වූ පාලි - සිංහල ශබ්දකෝෂය හා පාලි - ඉංග්‍රීසි ශබ්දකෝෂය දැන් ලබා ගත හැක. “පඨම පාඨාවලී” – “පාලිපාඨාවලී” යන පාලි පාඩම් පොත්වල වචන මාලාවලට ඉංග්‍රීසි තේරුම් යොදා තිබෙන බව ද සැලකිය යුතු.

 

1-2 වැනි පොත් දෙකේ අභ්‍යාසයන් සිංහලටත් පාලියටත් පෙරළා දෙන “පාලිභාෂාවතරණ යතුර” ක් ද මුද්‍රිතව තිබෙන බව දැනුම් දෙමි. එය ගුරුවරුන්ගේ හා තනිව ඉගෙන ගන්නන්ගේ ප්‍රයෝජනය සඳහා ය.

 

 

 

පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවිර

20-5-1959

 

අග්ගාරාමය,

අම්බලම්ගොඩ.

 


පටුන

 

සංඥා... 6

සන්‍ධි.... 7

1. සර සන්‍ධි.... 8

2. ව්‍යඤ්ජන සන්‍ධි.... 20

3. නිග්ගහීත සන්‍ධි.... 26

4. මිශ්‍ර‍සන්‍ධි.... 31

 

අත්ත-රාජ ශබ්දයෝ...... 32

මනොගණය.. 36

ගො-ශබ්දය.. 36

සමාස නාම.. 41

1. කම්මධාරය සමාසය.. 42

2. දිගු සමාසය.. 46

3. තප්පුරිස සමාසය.. 51

4. ද්වන්‍ද සමාසය.. 53

5. බහුබ්බීහි සමාසය.. 59

6. අව්‍යයීභාව සමාසය.. 62

7. මිශ්‍ර‍ සමාස පද. 66

තද්‍ධිත පද. 71

සාමඤ්ඤතද්‍ධිතයෙහි අපච්චත්‍ථ... 72

සාමඤ්ඤතද්‍ධිතයෙහි අනෙකත්‍ථ... 72

සාමඤ්ඤතද්‍ධිතයෙහි අත්‍ථ්‍යත්‍ථ... 81

සාමඤ්ඤතද්‍ධිතයෙහි සංඛ්‍යාතද්‍ධිත.. 72

භාව තද්‍ධිතය.. 94

අව්‍යය තද්ධිතය.. 99

ආඛ්‍යාත හෙවත් ක්‍රියාපද. 104

අවශේෂ ධාතු ගණයෝ...... 122

උපසර්‍ගයෝ...... 127

කර්‍මකාරක ක්‍රියා... 135

හෙත්‍වර්‍ථ පද. 139

කිතක පද. 144

කිච්චප්‍ර‍ත්‍යයෝ...... 145

කිත් ප්‍ර‍ත්‍යයෝ (වර්තමානයෙහි) 159

අතීත කිත්ප්‍ර‍ත්‍යයෝ...... 159

කාලත්‍රයෙහි කිත්ප්‍ර‍ත්‍යයෝ...... 161

නිපාත මෙන් ගණිනු ලබන (පූර්‍ව ක්‍රියා) කිතක පද. 166

පාලි - සිංහල වචන මාලාව. 175

සිංහල පාලි වචන මාලාව. 176

 


පාලිභාෂාවතරණය

දෙවැනි පොත

 

නමත්‍ථු සත්‍ථුනො

 

සංඥා

1.     පළමු පොතෙහි දැක්වූ අකුරු 41 අතරෙන්

A.    අ ආ ඉ ඊ උ ඌ එ ඔ

 

යන අටදෙන සර (ස්වර) නම් වෙති. ඉතිරි තෙතිස් (33) දෙන ව්‍යඤ්ජන නම් වෙති.

 

B. ස්වරයන් අතුරෙන් අ-ඉ-උ යන තිදෙන රස්ස (හ්‍ර‍ස්ව) නම් වෙති. ආ, ඊ, ඌ, එ, ඔ යන පස් දෙන දීඝ (දීර්‍ඝ) නම් වෙති.

 

C. ක ඛ ග ඝ ඞ යන අකුරු පස ක යන්න මුල්කොට ඇති හෙයින් ක-වග්ග (කවර්ග) යයි කියනු ලැබේ. එසේ ම:

 

ච ඡ ජ ඣ ඤ යන පස ච - වග්ග නම් වේ.

ට ඨ ඩ ඪ ණ යන පස ට - වග්ග නම් වේ.

ත ථ ද ධ න යන පස ත - වග්ග නම් වේ.

ප ඵ බ භ ම යන පස ප - වග්ග නම් වේ.

 

ක - යන්න පටන් ම - යන්න අවසන් කොට ඇති මේ විසිපස් දෙන වග්ග හෙවත් වර්ගාක්‍ෂර නම් වෙති.

D. ඞ - ඤ - ණ - න - ම යන අකුරු පස වර්ගයන්ගේ කෙළවර සිටි බැවින් වග්ගන්ත (වර්ගාන්ත) නම් වෙති.

E. ය - ර - ල - ව - ස - හ - ළ - අං යන මොහු වර්ගයන්ට අයත් නැති බැවින් අවග්ග (අවර්ග) නම් වෙති.

F. මෙයින් අං යන්න බින්දු යයි ද නිග්ගහීත යයි ද කියනු ලැබේ. මෙහි අ - යන්න කියවීමේ පහසුව සඳහා යොදනු ලැබේ.


බින්‍දුව නම් ‘’ යන්න පමණයි. (මෙය පාලියෙහි දීර්‍ඝ ස්වරයකින් පරව නොයෙදේ.)

 

G. අතරෙහි ස්වරයක් නැති ව බැඳුණු ‘ක්ක’ ‘ත්‍ථ’ ආදි ව්‍යඤ්ජන ද්වයකට සංයෝග යයි කියනු ලැබේ.

 

H. අකුරක් මකාදැමීම ලෝප නම් වේ (සුවසේ කීම පිණිස සන්‍ධි කිරීම ආදි ප්‍රයෝජනයක් සලකා ලෝපය කරනු ලැබේ.)

 

I. තිබෙන අකුරක් මකා අන්‍ය අකුරක් කිරීම ආදේශ නම් වේ.

 

J. තිබෙන අකුරු දෙකක් මැද (ඒ අකුරු නොමකා) අන් අකුරක් කිරීම ආගම නම් වේ.

 

K. එකිනෙකට සමාන වූ ස්වරයෝ සවණ්ණ හෝ සරූප නම් වෙති.

 

අ-යන්නට අ-ආ දෙදෙන ද ආ-යන්නට ආ-අ දෙදෙන ද සරූප හෝ සවණ්ණ වෙති. එසේ ම ඉ-කාරයට ඉ-ඊ දෙදෙන ද උ-කාරයට උ-ඌ දෙදෙන ද සරූප-සවණ්ණයෝ වෙති. එ-ඔ දෙදෙනට සමාන රූප ඇති අන්‍ය ස්වරයන් නැති බැවින් ඒ දෙදෙන අසවණ්ණ නම් වෙති.

 

සන්‍ධි

 

2. ළංව සිටි අකුරු දෙකක් එක් කොට ගැළපීම සන්‍ධි නම් වේ.

 

ඒ ගැළපීම අකුරු ලොප් කිරීමෙන් හෝ ආදේශ කිරීමෙන් හෝ ආගම කිරීමෙන් හෝ දීර්‍ඝ කිරීමෙන් හෝ අන්‍යවිධියකින් හෝ කරනු ලැබේ. ගැළපීමක් කටයුතු වන්නේ වෙන්වීමක් ඇති තැනක ය. එබැවින් බොහෝ සේ ම වෙන්වූ පස දෙකක අකුරු එක්කොට සන්‍ධිය කරනු ලැබේ. ස්වර දෙකක් එක තැන සිටි විට කියවීම අපහසු බැවින් එක් පදයක් තුළ වුවත් (එක් තැන සිටි) ස්වරයක් අතර සන්‍ධිකාර්‍ය්‍යය කොට සුඛොච්චාරණය (සුවසේ කිය හැකි බව) ට පමුණුවනු ලැබේ.

 


පාළියෙහි සන්‍ධිය

 

1.     සරසන්‍ධි

2.    ව්‍යඤ්ජන සන්‍ධි

3.     නිග්ගහීත සන්‍ධි යයි තුන් කොටසකට බෙදේ.

 

1. සර සන්‍ධිය

 

        3. ළංව සිටි (පද දෙක) ස්වර දෙකෙන් එකක් මැකීමෙන් හෝ ආදේශ කිරීමාදී අන්‍ය ක්‍ර‍මයකින් හෝ ගැළපීම සර සන්‍ධි නමි.

 

        “පුත්තා මෙ අත්‍ථී” යන තැන “මෙ + අත්‍ථි” යන වචන දෙක අතරේ සන්‍ධියක් කටයුතුව තිබේ යයි සලකමු. මෙය වනාහි ස්වර දෙකක් ගළපා කටයුතු සන්‍ධියකි. එයින් ‘අත්‍ථි’ යන තැන අකාරය වෙන්ව තිබෙන නමුත් ‘මෙ’ යන්නෙහි ස්වරය ව්‍යඤ්ජනයක් හා බැඳී තිබේ. එසේ තිබියදී සන්‍ධි කිරීම අපහසු බැවින් පළමු කොට ඒ ස්වරය ව්‍යඤ්ජනයෙන් වෙන් කළ යුතුයි. එසේ වෙන් කළ විට:-

 

        “ම් - එ + අත්‍ථි”

 

        කියා සිටී. මෙහි එ - යන්න සන්‍ධි කටයුතු අකුරු දෙකෙන් මුල් අකුර බැවින් ඊට පූර්‍වස්වර යයි ද ‘අත්‍ථි’ යන තැන අ-යන්න පසුව සිටි අකුර බැවින් පරස්වර යයි ද කියනු ලැබේ.

 

        4. ස්වරයෙන් පරව සිටි කල්හි පූර්‍ව (මුලින් සිටි) ස්වරයන්ට ලොප් වේ.[1]* යන ව්‍යාකරණ නියමයෙන් ‘ම්-එ අත්‍ථි’ යන තැන මුලින් සිටි එ - යන්න මකා දැමියයුතු. ඉන් පසු ම් - යන්න පස්සෙන් සිටි අ - යන්න හා ගැළපූ කල ‘මත්‍ථි’ කියා සිද්ධ වේ. එවිට ‘පුත්තා මත්‍ථි’ කියා සිටී.

 

 


සංලක්‍ෂ්‍යය :-

 

        මේ ව්‍යාකරණ නියමයට අනුව අ - යන්න මුලින් සිට අ-ආ-ඉ-ඊ-උ-ඌ-එ-ඔ යන අකුරු අටෙන් එකක් පරව සිටි කල්හි මුලින් සිටි අ-යන්න මැකිය හැකි. ආ-ඉ-ඊ-උ-ඌ-එ-ඔ යන අකුරු හතෙන් එකක් මුලින් සිට ස්වර අටෙන් එකක් පසු වී සිටි කල්හි ද මුලින් සිටි ස්වර මැකිය හැක. උදාහරණ ස්වල්පයක් මෙසේයි:-

 

මුලදී තිබුණ සැටි                       ස්වර වෙන් කළ විට

1. අභිවන්‍දිය + අග්ගං                   - අභිවන්‍දියේ - අ = අග්ගං

2. පඤ්ඤත්තානෙව+ආසනානි          - පඤ්ඤත්තානෙව් -

                                                        අ + ආසනානි

3. පඤ්ඤා + ඉන්‍ද්‍රියං                    - පඤ්ඤ් - ආ + ඉන්‍ද්‍රියං

4. තීණි + ඉමානි                       - තීණ් - ඉ + ඉමානි

5. නොහි + එතං                       - නොහ් - ඉ + එතං

6. භික්ඛුනී + ඔවාදො                    - භික්ඛුන් - ඊ + ඔවාදො

7. මාතු + උපට්ඨානං                   - මාත් - උ + උපට්ඨානං

8. සමෙතු + ආයස්මා සංඝෙන          - සමෙත්-උ+ආයස්මා සංඝෙන

9. ධනම්මෙ + අත්‍ථි                     - ධනම් - ම් - එ + අත්‍ථි

10. සබ්බෙ + එව                       - සබ්බ් - එ + එව

11. අමනුස්ස + උපද්දවො              - අමනුස්ස් - අ + උපද්දවො

12. අසන්තො + එත්‍ථ                   - අසන්ත් - ඔ + එත්‍ථ

13. තයො + අස්සු ධම්මා               - තය් - ඕ + අස්සු ධම්මා

14. සබ්බම්පි + ඉදං                     - සබ්බම්ප් - ඉ + ඉදං

 

පූර්‍වස්වර මකා ගැළපූ විට

 

1. අභිවන්‍දිය’ග්ගං (=අග්‍ර‍යන් වහන්සේ වැඳ)

2. පඤ්ඤත්තානෙවාසනානි (=පණවන ලද්දා වූ ම ආසනයෝ.)

3. පඤ්ඤි’න්‍ද්‍රියං (=ප්‍ර‍ඥා නමැති ඉන්‍ද්‍රිය)

4. තීණිමානි - (=මේවා තුනකි.)

5. නො හෙ’තං (=මෙය නො වේ.)

6. භික්ඛුනො’වාදො (=භික්‍ෂුණීන්ට අවවාදය)

7. මාතු’පට්ඨානං (=මවට උපස්ථානය)

8. සමෙතායස්මා සංඝෙන = ආයුෂ්මත් තෙමේ සංඝයා හා එකඟ වේවා.)

9. ධනම්ම’ත්‍ථි (=මට ධනය තිබේ.)

10. සබ්බෙ’ව (=සියල්ලෝ ම)

11. අමනුස්සු’පද්දවො (අමනුෂ්‍යොපද්‍ර‍වය.)

12. අසන්තෙ’ත්‍ථ (=මෙහි අසත්පුරුෂයෝ)

13. තය’ස්සු ධම්මා (=ධර්‍මයෝ තිදෙනෙක් වන්නාහ.)

14. සබ්බම්පි’දං (=මේ සියල්ලම)

        5. අසමානස්වරයා කෙරෙන් පරවූ ස්වරය ඇතැම් විට ලොප් කරනු ලැබේ.[2]

        අ- ආ දෙදෙනාට ඉ-ඊ ආදී අන්‍ය ස්වරයෝ සියලු දෙන අසමානයහ. ඉ-ඊ දෙදෙනට අ-ආ-උ-ඌ ආදී අන්‍ය ස්වරයෝ අසමානයහ. මේ ක්‍ර‍මයෙන් ඉතිරි ස්වරයන්ගේ ද අසමානත්‍වය සලකාගත යුතුයි.

 

මුලදී සිටි ආකාරය          පරස්වරය මකා සන්‍ධි කළ පසු

යස්ස + ඉදානි               = යස්සදානි (= යමකට දැන්)

සඤ්ඤා + ඉති              = සඤ්ඤාති (=සංඥාවයැයි)

ඡායා + ඉව                 = ඡායාව (=සෙවණැල්ල මෙන්)

ඉති + අපි                  = ඉතිපි (=මෙසේ ද)

චක්ඛු + ඉන්‍ද්‍රියං             = චක්ඛුන්‍ද්‍රියං (=ඇස නමැති ඉන්‍ද්‍රිය)

අකතඤ්ඤු + අසි          = අකතඤ්ඤු’සි (=අකෘතඥ වෙහි.)

තෙ + අපි                  = තෙ’පි (=ඔවුහු ද)

වන්‍දෙ + අහං               = වන්‍දො’හං (= මම වඳිම්.)

සො + අහං                = සො’හං (= ඒ මම)

අනාථපිණ්ඩිකො+අපි       = අනාථපිණ්ඩිකො’පි (= අනේපිඬු

                                                        සිටුතෙමේ ද)

මොග්ගල්ලානො+ආසි      = මොග්ගල්ලානො’සි

                              (= මෞද්ගල්‍යාන ස්ථවිර තෙම විය.)

කථා + එව කා             = කථාවකා (= කුමන කතාවක් ද?)

පාතො + එව               = පාතො’ව (= උදෑසන ම)

ආබාධිකො + අහං          = ආබාධිකො’හං (= රෝගී වූ මම)

දෙවතා නු + අසි           = දෙවතා නු’සි?(=දේවතාවක් හෝ වෙහි ද?)

 

සංලක්‍ෂ්‍යය :-

 

        යස්සදානි යන තැන පූර්‍ව ස්වරය ලොප් කොට යස්සිදානි කියා ද සන්‍ධි  කළ හැක. එහෙත් ‘තෙ අපි’ යන තැන පූර්‍ව ස්වරය ලොප් කොට ‘තපි’ කියා සන්‍ධි කළහොත් සන්‍ධි කොට තිබෙන්නේ අසවල් පද දෙකයයි තේරුම් ගැනීම අපහසු වේ. එබැවින් එවැනි තැන්වලදී පූර්‍ව ස්වර ලෝප සන්‍ධිය නොකොට පරස්වර ලෝප සන්‍ධිය කටයුතු.

 

        6. අසමාන වූ පූර්‍වස්වරයා ලොප් කළ කල්හි පසුව සිටි ඉ-ඊ දෙදෙන එ-කාර බවට ද උ-ඌ දෙදෙන ඔ - කාර බවට ද පැමිණෙත්.[3]

 

        “බන්‍ධුස්ස + ඉව” යන තැන සකාරයේ අකාරය ලොප් කළ විට පරස්වරය වූ ඉ - යන්නට එ - යන්නක් වේ. එවිට ‘බන්‍ධුස්ස් + එව කියා සිටී. එක් කළ කල්හි බන්‍ධුස්සෙව කියා වේ.

       

        “ජින + ඊරිතං” යන තැන න-යන්නේ අ-යන්න ලොප් කොට පසුව සිටි ඊ - කාරයට එ - කාරයක් කළ කල්හි ජිනෙරිතං කියා සිටී.

 

        “යථා + උදකෙ” යන තැන ථා - යන්නේ ආ - යන්න ලොප් කොට පසුව සිටි උ-යන්නට ඔ-යන්නක් කළ කල්හි යථොදකෙ කියා සිටී. මෙසේ ම:-

        උප + ඉක්ඛති       =   උපෙක්ඛති (=මධ්‍යස්ථ වේ.)

        උප + ඉතො        =   උපෙතො (=යුක්ත වූයේ)

        න + උපෙති         =   නොපෙති (= නො එළඹේ)

        චන්‍ද + උදයො       =   චන්‍දොදයො (සඳුගේ උදාවීම)

 

        යන සන්‍ධි ද වෙති.

 

අභ්‍යාසය 1

සිංහලට නැගිය යුතු

 

        1. තෙසං ද්වින්නං නිවෙසනෙසු බහුන්නං භික්ඛූනං පඤ්ඤත්තානෙ‘වා’සනානි හොන්ති. 2. ‘පුත්තා ම’ත්‍ථි ධනම්ම’ත්‍ථි ඉති බාලො විහඤ්ඤති. (ධම්මපද) 3. පුරා වෙසාලිවාසීනං මහන්තො රොගුපද්දවො අහොසි. 4. සබ්බෙ’ව මයං ධම්මං සුත්‍වා තං සාධුකං මනසිකරිස්සාම. 5. සබ්බම්පි’දං අම්හාකං දෙහනිස්සිතං විනස්සති. 6. ‘නො හෙ’තං භන්තෙ’ති භික්ඛූ භගවතො වදිංසු. 7. දාසෙනාහටානි දාරූනි ගහෙත්‍වා දාසී යාගුං පචි. 8. යදා’හං නගරමගමාසිං තදෙ’කො පුරිසො මම ඡත්තං ගණ්හි. 9. දාරකා පුප්ඵානො‘චිනිතුං වනං ගන්ත්‍වා සෙතානි’පි නීලානි’පි පුප්ඵානා’හරිංසු. 10. තෙන හා’වුසො ගණ්හථ මෙ පත්තචීවරන්ති ථෙරො ආහ. 11. ථෙරො නාසාය තෙලං අසිඤ්චන්තො නිසින්නකො’ව ආසිඤ්චිත්‍වා අන්තොගාමං පාවිසි. (ධ. අ.) 12. අනාථපිණ්ඩිකො’පි විසාඛා’පි මහාඋපාසිකා නිබද්‍ධං දිවසස්ස ද්වෙ වාරෙ තථාගතස්සුපට්ඨානං ගච්ඡන්ති. 13. උග්ගණ්භිතුකාමා දාරකා පාතො’වුට්ඨාය කිඤ්චි භුඤ්ජිත්‍වා සත්‍ථසාලං ගච්ඡන්ති. 14. කුම්භඝොසකො කාලස්සෙ’ව වුට්ඨාය රාජගහනගරෙ කම්මකාරෙ පබොධෙසි. 15. මහාමහින්‍දථෙරො අඤ්ඤෙහි වතුහි පබ්බජිතෙහි සද්‍ධිං ලඞ්කාදීපමාගන්ත්‍වා ජිනෙරිතං ධම්මං ලඞ්කිකානං දෙසෙසි.

 


පළමු පොතෙහි නොදැක්වූ මේ අභ්‍යාසය සම්බන්‍ධ වචන:-


 

අන්තොගාම = ඇතුල්ගම,      

ගම ඇතුළ. න. 

අහොසි = විය

ආවුසො - ඇවැත්නි. නි.

        (ආලපන)

ආසිඤ්චන්ත = ඉසින; ඉසිමින්,

        වත්කරන. 3.

ආසිඤ්චිත්‍වා = ඉස, වත්කොට

ආහ = කීයේ ය.

ඉති = මෙසේ. නි.

උග්ගණ්හිතුකාම = ඉගෙනගනු

        කැමති. 3.

උපට්ඨාන = එළඹ සිටීම, වතාවත්

        කිරීම. න.

කාලස්සෙව - කලින් ම. නි.

කිඤ්චි = කිසිවක්. නි.

කුම්භඝොසක = නමක්. පු.

තථාගත = සර්‍වඥ, බුදුර. පු.

තෙල = තෙල්. න.

සන්‍ධි සහිත කොට පාලියට නැගිය යුතු

 

        1. මා ගමට ගිය කල්හි මගේ එක් මිත්‍රයෙක් මට පොතක් දුන්නේ ය. 2. සියලු සත්වයෝ ම තමන්ගේ ශරීරයන් හැරදමා පරලොව යති. 3. කුමරියෝ නිල් වූ ද රතු වූ ද මල් නෙලා ගෙනවුත් මවුට ද පියාට ද දුන්හ. 4. පියා ගෙනා ගෙඩි දහයක් මවිසින් පුතුන්ට ද දූන්ට ද බෙදා දෙන ලදහ. 5. සර්‍වඥයන් වහන්සේට වැඩහිඳීමට ජේතවන විහාරයෙහි බොහෝ ආසනයෝ පණවන ලද්දෝ ම වූහ.

 
ථෙර = ස්ථවිර. පු.             

 

 

 

 

 

දෙහනිස්සිත = ශරීරය ආශ්‍රිත. 3.

ද්වෙ වාරෙ = දෙ වරක්

නිබද්‍ධං = නිතර. ක්‍රි. වි.

නිවෙසන = ගෙය. න.

පඤ්ඤත්ත = පිළියෙළකළ,

        පැණවූ. 3.

පත්තචීවර - පාත්‍ර‍ය හා සිවුර. න.

පබොධෙති = පුබුදුවයි.

        නින්දෙන් නැගිටුවයි.

පබ්බජිත = පැවිදි වූ, පැවිද්දා. පු.

බාල = අඥානයා. පු.

භන්තෙ = ස්වාමීනි, (ආලපන)

රොගුපද්දව = රෝගය නිසා

        පැමිණි උවදුර. පු.

ලංකික = ලක්දිව උපන්. පු.

විනස්සති = විනාශ වේ.

විහඤ්ඤති = වෙහෙසේ

වුට්ඨාය = නැගිට. පූ. ක්‍රි.

වෙසාලිවාසී=විශාලනුවරවැසියා. පු.

සත්‍ථසාලා = පාසැල. ඉ.

 

 

 

 


 

 

6. පෙර ලක්වැසියන්ට මහත් වූ අමනුෂ්‍යොපද්‍ර‍වයක් ද රෝගයක් ද ඇතිවිය. 7. ‘ඇවැත්නි, එය (එසේ) නොවේ’ යයි සැරියුත් මහ තෙරුන් වහන්සේ භික්‍ෂූන්ට කීහ. 8. ‘අපි හෙට සැවැත් නුවරට යන්නෙමු’ යි ස්ථවිරතුමා ගම්වැසියන්ට කීහ. 9. භික්‍ෂුතෙම උදෑසන ම නැඟිට මලු හැමදීමාදිය කරයි. 10. සර්‍වඥදේශිත ධර්‍මය වට්ටගාමණී අභය රජුගේ කාලයේදී පොත්වල ලියන ලදි. 11. රෝගී වූ මම විසි දිනක් වෙදකුගෙන් බෙහෙත් අනුභව කොට නිරෝගී වීමි. 12. සර්‍වඥතෙමේ විහාරට පැමිණි සියලු දෙනට ම ධර්‍මය දේශනා කෙළේ ය. 13. අනේපිඬු සිටුතුමාත් විශාඛා උපාසිකාවත් සැවැත් නුවර විහාර දෙකක් සාදවා තථාගතයන් වහන්සේට දුන්හ. 14. උන්වහන්සේත් ඒ කුල දෙක නිසා අවුරුදු 26 ක් සැවැත් නුවර විසූහ. 15. මිගාර සිටුතුමා ද තමාගේ ලේලිය වූ විශාඛාව මවු තනතුරෙහි තැබී ය. එබැවින් ඕතොමෝ ‘මිගාරමාතා’ යි ප්‍ර‍කට විය.

 

මෙහි ආ අමුතු වචන

 

ගම්වැසියා = ගාමවාසී. පු.                  මලු ඇමදීමාදිය = මාලක -  

ගිය කල්හි = ගතෙ                                      සම්මජ්ජනාදි. පු. න.

නිසා = නිස්සාය. පූ. ක්‍රි. නි.                මවුතනතුර = මාතුට්ඨාන. න.

නෙලා = ඔචිනිත්‍වා                         ලියනලද = ලිඛිත. 3.

පරලොව = පරලොක. පු.                  ලේලිය = සුණිසා. ඉ.

පොත = පොත්‍ථක. පු. න.                  වැඩහිඳීමට = නිසීදිතුං. නි.

ප්‍ර‍කට විය = පඤ්ඤායි                      ශරීරය = දෙහ. පු. න.

බෙහෙත = භෙසජ්ජ. න.                   සත්‍වයා = සත්ත, පාණි. පු.

හැරදමා = චජිත්‍වා, පහාය. පූ. ක්‍රි.

 

        7. පූර්‍ව ස්වරය ලොප් කළ විට ඇතැම් තැනක පරස්වරයට දීර්ඝ වේ. (අ, ඉ, උ යන මොවුන්ට පිළිවෙළින් ආ - ඊ - ඌ යන මොහු වෙතියි දත යුතු.)

 

 

 

 

 

 

 

 

        “බුද්‍ධ + අනුස්සති” යන තැන පූර්‍වස්වරය වූ අ-කාරය ලොප් කළ විට “බුද්ධ + අනුස්සති” කියා සිටී. පරස්වරය වූ අ-කාරයට දීර්ඝ කළ විට “බුද්ධ + ආනුස්සති” කියා සිටී. එක්කළ විට බුද්ධානුස්සති කියා වේ.

 

මුලින් සිටි ආකාරය         පූර්‍වස්වරය ලොප් කොට

                            පරස්වරය දීර්ඝ කොට එක් කළ විට

 

1. තත්‍ර‍+ අයං               = තත්ර් + ආයං = තත්‍රායං

2. තදා + අහං               = තද් + ආහං = තදාහං

3. යානි + ඉධ              = යාන් + ඊධ = යානීධ

4. ගච්ඡාමි + ඉති           = ගච්ඡාමි + ඊති = ගච්ඡාමීති

5. කිකී + ඉව               = කික් + ඊව = කිකීව

6. බහු + උපකාර           = බහ් + ඌපකාර = බහූපකාර

7. මධු + උදකං             = මධ් + ඌදකං = මධූදකං

8. සු + උපධාරිතං          = ස් + ඌපධාරිතං = සූපධාරිතං

9. යොපි + අයං            = යොප් + ආයං = යොපායං

10. ඉදානි + අහං            = ඉදාන් + ආහං = ඉදානාහං

11. සචෙ + අයං            = සච් + ආයං = සචායං

12. තථා + උපමං          = තථ් + ඌපමං = තථූපමං

13. අප්පස්සුතො+අයං      = අප්පස්සුත් + ආයං = අප්පස්සුතායං

 

        8. පරස්වරය ලොප් කළ විට ඇතැම් තැනක පූර්වස්වරය දීර්ඝ බවට පැමිණේ. [4]

 

        “පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති” යන තැන ලොකස්ස + ඉති” යි විසන්‍ධි කළ යුතුයි. එහි පරස්වරය වූ ඉ-කාරය ලොප් කළ විට පූර්‍වස්වරය වූ අ - කාරයට දීර්ඝ වේ. හෙවත් ආකාරයක් වේ. එවිට ලොකස්සාති යි සිටී. අන්‍ය උදාහරණ :-

 

        දෙව + ඉති = දෙවාති (දේවයන් වහන්සැයි)

 

 

 

        විජ්ජු + ඉව = විජ්ඣුව (විදුලිය මෙන්)

        වි + අතිනාමෙන්ති = වීතිනාමෙන්ති (කල්යවත්)

        සාධු + ඉති = සාධූති (යහපතැයි)

        කිංසු + ඉධ විත්තං = කිංසූධ විත්තං (මෙහි කිනම් සම්පතක්)

 

        9. ස්වරයක් පර කල්හි ඇතැම් තැනක පූර්‍වව සිටි ඔ - උ දෙදෙනට ව් - කාරයක් වේ.[5]

 

        අනු + අද්ධමාසං = අන්‍වද්ධමාසං (අඩමසක් පාසා)

        සු + ආගතං = ස්වාගතං (යහපත්වීම)

        සු + අක්ඛාතො + ස්වාක්ඛාතො (මනාකොට කියන ලදී)

        සො + අහං = ස්වාහං (ඒ මම)

        යො + අයං = ය්වායං (යම් මේ)

        මේ තුන් තැන පරස්වරයට දීර්ඝ ද වේ.

        අනු + එති = අන්‍වෙති = (අනුව ඒ)

        න තු + එව = නත්‍වෙව = (නැත්තේ ම ය)

        අථඛො + අස්ස = අථඛ්වස්ස (ඉක්බිති ඔහුට)

        යාවතකො + අස්ස කායො = යාවතක්‍වස්ස කායො (ඔහුගේ ශරීරය යම් පමණ වේ ද.)

        10. ස්වරයක් පර කල්හි ඇතැම් තැනක ය-ව-ම-ද-න-ත-ර-ළ යන අකුරු ආගම වෙති.[6] (ආගමය කුමක් දැයි මෙහි 8 පිටේ J අක්‍ෂරයෙන් විස්තර කරන ලදි.)

 

        න + ඉදං               = නයිදං (මෙය නොවේ)

        න + ඉධ               = නයිධ (මෙහි නොවේ)

        ති + අඞ්ගුලං           = තිවඞ්ගුලං (අඟල් තුනක්)

        අත්ත + අත්‍ථො         = අත්තදත්‍ථො (ආත්මාර්‍ථය)

        ඉතො + ආයති         = ඉතොනායති (මින් මත්තෙහි)

        තස්මා + ඉහ           = තස්මාතිහ (එබැවින්)

        නි + අන්තරං           = නිරන්තරං (නිරතුරුව)

        නි + උත්තරො         = නිරුත්තරො (වඩා ශ්‍රෙෂ්ඨයකු නැති)

        ඡ + අභිඤ්ඤා          = ඡළභිඤ්ඤා (අභිඥාවෝ සදෙන)

 

අභ්‍යාසය 2

සිංහලට නැඟිය යුතු

1. “ස්වා’යං කුමාරො අගාරං අජ්ඣාවසති රාජා භවිස්සති චක්කවත්ති.”

 

2. “සම්ම, ඉදානා’හං විහාරං ගන්ත්‍වා ථෙරං තයා කතපණ්ණසාලායං නිසින්නං දිස්වා ආගතො’ම්හි.” (ධ.අ.)

 

3. “ස්වා’හං අබ්බුළ්හසල්ලො’ස්මි,

  සීතිභූතො’ස්මි නිබ්බුතො”

 

4.    “කොපි ත්‍වං භන්තෙ’ති? ථෙරස්ස භාගිනෙය්‍යොම්හීති.

 

5.     “යථා හි මූලෙ අනුපද්දවෙ දළ්හෙ

ඡින්නොපි රුක්ඛො පුනරෙව රූහති

එවම්පි තණ්හානුසයෙ අනූහතෙ

නිබ්බත්තතී දුක්ඛමිදං පුනප්පුනං. (ධම්මපද)

 

6.     “කිංසූ’ධ විත්තං පුරිසස්ස සෙට්ඨං

කිංසූ සුචිණ්ණො සුඛ’මාවහාති?”

“සද්‍ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං

ධම්මො සුචිණ්ණො සුබමාවහාති.” (සංයුත්ත)

 

7. “තස්මාතිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං පඤ්ඤාවුද්‍ධියා වඩ්ඪිස්සාමාති.” (අඞ්ගුත්තර එකක නිපාත) 8. “තයො, මෙ භික්ඛවෙ ගිලානා සංවිජ්ජමානා ලොකස්මිං.... තයො’ මෙ ගිලානූපමා පුග්ගලා.” (අඞ්ගුත්තර) 9. අණ්ඩං රක්ඛන්ති කිකී’ව, වාලධිං රක්ඛන්ති චමරී’ව තුම්හෙ’පි සාධුකං අත්තනොසීලං රක්ඛථ.

10. ‘තතො නං සුඛ’මන්‍වෙති ඡායා’ව අනපායිනී.’ (ධම්මපද)

11. යාවතක්‍වස්ස කායො, තාවතක්‍වස්ස ව්‍යාමො (හොති).

12. ‘නයි’ධ නච්චං වා ගීතං වා තාළං වා සුසමාහිතං.” (ජාතක)

 

මෙහි ආ අමුතු වචන

ආගාර = ගෙය, න.                  තාවතක = එපමණ. 3.

අජ්ඣාවසති = වාසය කෙරේ       තාළ = තූර්‍ය්‍යවාදනය. න.

අනපායිනී = අත්හැර               නච්ච = නැටීම. න.

    නොයන්නී. ඉ.                  දළ්හ = දැඩි, ස්ථිර. 3.

අසි = වෙහි                         නිබ්බුත = නිවුණු, සංසිඳුණු. 3.

අනුපද්දව = උපද්‍ර‍ව නැති. 3         පණ්ණසාලා = පන්සල. ඉ.

අනූහත = නොඉදුරු. 3.             පුග්ගල = පුද්ගලයා. පු.

අබ්බුළ්හසල්ල=ඉදුරූහුල් ඇති. 3.    පුනප්පුනං = නැවත නැවත. නි.

අම්හි = වෙමි                       භාගිනෙය්‍ය = බෑනා. පු.

අස්මි = වෙමි                       යාවතක = යම්පමණ. 2.

ආවහාති = එළවයි, ගෙන දෙයි      රාජ = රජ. පු.

කිකී = කිරල්දෙන. ඉ.               රූහති = නැගේ, වැඩේ

කිංසු=ප්‍ර‍ශ්න විචාරීමෙහි නිපාත      වාලධි = වල්ගය. පු.

    යක්. නි.                        විත්ත = සම්පත. න.

ගිලාන = රෝගියා. පු. රෝගීවූ       ව්‍යාම = බඹය. පු.

ගිලානූපම = රෝගියාට              සද්‍ධා = ශ්‍ර‍ද්‍ධාව. ඉ.

    සමාන වූ. 3.                    සම්ම = මිත්‍ර‍ය.  පු. (ආලපන)

ගීත = ගී කීම. න.                   සංවිජ්ජමාන = විද්‍යමාන වූ.

චක්කවත්ති = සක්විති. පු.                    ඇත්තා වූ. 3.

චමරී = සෙමරා. පු.                 සික්ඛිතබ්බ = හික්මිය යුතු. 3.

තණ්හානුසය = මුල්බැසගත්         සීතිභූත = සිහිල් වූ. 3.

       තෘෂ්ණාව. පු.                සුචිණ්ණ = මනාසේ පුරුදු කළ. 3.

තස්මා = එහෙයින්. නි.              සුසමාහිත = මනාසේ යෙදූ. 3.

තාදිස = එවැනි. 3.                  සෙට්ඨ = ශ්‍රේෂ්ඨ වූ. 3.

 

හැකි තැන්වල සන්‍ධි යොදමින් පාලියට නැඟිය යුතු ය.

 

1. මෙහි රැස්වූ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් නම් ඒ සියලු දෙන ම සතුටු සිතැත්තෝ වෙත්වා. 2. මහණෙනි, මේ අකුශල මූලයෝ තුන්දෙනෙක් වෙති. 3.  යම් සේ කැපූ ගස බිම වැටේ ද, එමෙන් මාරයා විසින් මනුෂ්‍යයෝ මරණයට හෙළනු ලැබෙත්. 4. ඒ මම තාගේ කීම නොකරමි. මාගේ මෑණියන් කී සේ කරමි. 5. ඉදින් මේ කුමරා පැවිදි වන්නේ නම් බුද්ධත්‍වය ලබන්නේ ය. 6. මම දැන් මාගේ දරුවන් සමග විහාරයට ගොස් බණ අසා ආවෙමි. 7. මාණවකය, නොපැතිය යුත්තක් පතන තෝ අඥානයෙක් වෙහි. 8. ‘මේ ගම අසල කිසියම් කැලෑබද විහාරයක් ඇත්තේ දැ’යි ඇසූ විට උපාසකයා ‘ස්වාමීනි ඇතැ’යි කීය. 9. ඇමතියා ‘යහපති, දේවයන් වහන්සැ’යි කියා රජගෙයින් නික්ම ගියේ ය. 10. ආනන්‍ද සිටුතෙමේ අඩමසක් පාසා තමාගේ නෑයන් රැස් කරවා ඔවුන් ඉදිරියෙහි පුත්‍ර‍යාට අවවාද කෙළේ ය. 11. යම් සේ එක් ඇසක් ඇති මිනිසෙක් ඒ ඇස රක්නේ ද, එමෙන් ශීලය මනාව රැක්ක යුතු. 12. දේවතාවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද එතැනට එළඹ උන්වහන්සේට වැඳ ප්‍ර‍ශ්නයක් විචාළේ ය.

 

1. පඤ්චින්‍ද්‍රියානි, සත්තුත්තමො, සුරියොදයො, ධම්මානුස්සති, අත්‍රාහං, යානිමානි, තාවදෙව, ස්වාහං, තාතාති, සද්‍ධීධ, මිගීව,  හන්‍දාහං, තතොහං, හතචක්ඛුස්මි, නෙව තාවාහං, චත්තාරොමෙ, සම්මදක්ඛාතො යන සන්‍ධීන් වෙන් කොට සන්‍ධිවූ ආකාරය දක්වනු.

 

2. තත්‍ථ + අහං, තස්ස + උපරි, අජ්ජ + එව, තදා + අපි, වසලො + ඉති, අවිජ්ජා + ඔඝො, මූළ්හො + අපි, තථා + එව, දු + අංගුලං, අථ ඛො + එතං, න + උදෙති, තානි + අහං යන මේවා සන්‍ධිකොට දැක්විය යුතු.

 


සිංහල කොටසෙහි ආ අමුතු වචන

අකුශලමූලය = අකුසලමූල.න.       ප්‍ර‍ශ්නය = පඤ්හ. 3.

අමනුෂ්‍යයා = භූත. පු. න.           බුදුබව = බුද්‍ධත්ත. න.

අවවාද කෙළේය = ඔවදි            මාණවකයා = මාණව. පු.

ඇමතියා = අමච්ච. පු.              මාරයා = මාර. පු.

උපාසකයා = උපාසක. පු.          රජගෙය = රාජගෙහ,

                                            රාජභවන. න.

කැලෑබද = අරඤ්ඤක. 3.           රැස්කරවා = සන්නිපාතෙත්‍වා. පූ.ක්‍රි.

කීම = වචන, න. කථා. ඉ.           රැස්වූ = සමාගත. 3.

කී සේ = වුත්තනයෙන              විචාළේය = පුච්ඡි

නොපැතිය යුතු = අපත්‍ථිය. 3.       විද්‍යමාන වේ = විජ්ජති

පතන = පත්‍ථෙන්ත. 3.              සතුටු සිතැති = සුමන. 3.

පැවිදි වේ = පබ්බජති               හෙළනු ලබයි = පාතීයති

 

2. ව්‍යඤ්ජන සන්‍ධිය

 

        11. ස්වරයා කෙරෙන් පර වූ ව්‍යඤ්ජනයට යෝග්‍ය ස්ථානයේදී ද්විත්‍ව වේ.[7] (ද්විත්‍වය නම් එක් ව්‍යඤ්ජනය දෙකක් කිරීමයි. ක් යන්න ‘ක්ක්’ යි යෙදීම කකාරය ද්විත්ව කිරීමයි.

 

        අ + පමාදො = අප්පමාදො (අප්‍ර‍මාදය)

        සු + පතිට්ඨිත = සුප්පතිට්ඨිත (මනාව පිහිටි)

        අනු + ගහො = අනුග්ගහො (අනුග්‍ර‍හය)

        වි + ඤාණං = විඤ්ඤාණං (සිත; විඥානය)

        දු + කර = දුක්කර (කිරීමට අපහසු)

        අව + සයො = අවස්සයො (පිහිට)

        අප්ප = සුතො = අප්පස්සුතො (ස්වල්ප ඉගනීම් ඇත්තා.)

        පරි + චජති = පරිච්චජති (පරිත්‍යාග කරයි)

       

උප + දවො = උපද්දවො (උපද්‍ර‍වය)

        උප + කිලිට්ඨ = උපක්කිලිට්ඨ (කිලිටි වූ)

        නි + මල = නිම්මල (මල රහිත වූ)

        පරා + කමො = පරක්කමො (පරාක්‍ර‍මය) (මෙතැන පූර්‍ව ස්වරය හ්‍ර‍ස්ව වේ.)

       

        12. ස්වරයකින් පර වූ වර්‍ගයන්ගේ දෙවෙනි සතරවැනි (මහා ප්‍රාණ අක්‍ෂරයන්ට ද්විත්ව වෙන විට ඒ ඒ වර්ගයන්ගේ පළමු තෙවැනි (අල්පප්‍රාණ) අක්‍ෂරයෝ වෙති.[8]

 

        (ක වර්‍ගයේ දෙවෙනි අකුර ඛ - යන්නයි. එයට ද්විත්ව වෙන විට තවත් ඛ - යන්නක් නොවී ඒ වර්ගයේ මුලකුරවූ ක් - යන්නක් වේ. එවිට ‘ක්ඛ’ යි සිටී, වර්ගයන්ගේ දෙවැනි අක්‍ෂරයන්ට ප්‍ර‍ථම අක්‍ෂරයෝත් සිවුවෙනි අක්‍ෂරයන්ට තෙවැනි අක්‍ෂරයෝත් ද්විත්ව වශයෙන් පැමිණෙතියි දතයුතු.)

 

        දු + භික්ඛං = දුබ්භික්ඛං (දුර්භික්‍ෂය)

        නි + ධනො = නිද්ධනො (ධනය නැත්තා)

        නි + භය = නිබ්භය (භය නැති)

        පඨම + ඣානං = පඨමජ්ඣාන (ප්‍ර‍ථමධ්‍යානය)

        රූප + ඛන්‍ධො = රූපක්ඛන්‍ධො (රූපස්කන්‍ධය)

        ආයු + ඛයො = ආයුක්ඛයො (ආයුෂ ගෙවීම)

        සෙත + ඡත්තං = සෙතච්ඡත්තං (සුදු කුඩය)

        තත්‍ර‍ + ඨිතො = තත්‍ර‍ට්ඨිතො (එහි සිටියේ)

        නි + ඵලං = නිප්ඵලං (ඵල රහිත දෙය)

        උ + ඝොසනං = උග්ඝොඝනං (=උද්ඝෝෂණය කිරීම)

 

        13. ව්‍යඤ්ජනයක් පරකල්හි ඇතැම් විට ස්වරයෝ දීර්ඝ බවට පැමිණෙත්.[9] (මෙය වනාහි බොහෝ සේ ගාථාවල ඡන්‍දස් නොබිඳීම පිණිස කරනු ලැබේ.)

        ඛන්ති + පරමං + ඛන්තී පරමං

        ජායති + සොකො = ජායතී සොකො

        මඤ්ඤති + බාලො = මඤ්ඤතී බාලො

        නිබ්බත්තති + දුක්ඛං = නිබ්බත්තතී දුක්ඛං

        (9 වැනි අඞ්කයෙහි දැක්වූ ‘ස්වාහං, ස්වායං’ යන දෙතැන ඔකාරයට වකාර කළ පසු පරස්වරය දීර්ඝ වන්නේ මේ 13 වැනි රීතියෙනැයි දත යුතු.)

 

        14. සංයුක්ත ව්‍යඤ්ජනයක් (බැඳි අකුරක්) පරවූ කල්හි බොහෝ සේම ස්වරයෝ හ්‍ර‍ස්ව බවට පැමිණෙත්.[10]

 

        පාලියෙහි බැඳි අකුරකට මුලින් දීර්ඝ ස්වරයක් දක්නා ලැබෙන්නේ ස්වල්ප වශයෙනි.

 

        “මහා + ඵලං” යන තැන 12 වැනි රීතියෙන් ද්විත්වය වූ පසු මේ (14 වැනි) රීතියෙන් පූර්ව ස්වරයට හ්‍ර‍ස්ව වේ. එවිට “මහප්ඵලං” යි සිටී.

 

        ආ + ඛාතො = අක්ඛාතො (කියන ලද්දේ)

        තණ්හා + ඛයො = තණ්හක්ඛයො (තෘෂ්ණාව ක්‍ෂය කිරීම)

        ආණා + ඛෙත්තං = ආණක්ඛෙත්තං (අණ පවත්නා තැන)

        යන මේ තැන් ද ‘මහප්ඵල’ යන්න මෙන් සිද්‍ධවෙත්.

        පරා + කමො = පරක්කමො (පරාක්‍ර‍මය) ආ + සාදො = අස්සාදො (ආස්වාදය : රස විඳීම) යන තන්හි 11 වැනි රීතියෙන් ද්විත්වය වූ පසු පූර්ව ස්වරයට හ්‍ර‍ස්ව වේ.

        යිට්ඨං වා + හුතං වා + ලොකෙ = යිට්ඨංව හුතංව ලොකෙ

        යදි වා + සාවකෙ = යදි ව සාවකෙ

        භොවාදී + නාම සො = භොවාදි නාම සො යන තන්හි ඡන්‍දස් නොබිඳීම සඳහා හ්‍ර‍ස්ව වේ.

       

        15. ව්‍යඤ්ජනයක් හෝ ස්වරයක් පර වූ කල්හි එත - ත - යන ශබ්දයන්ගේ පඨමා එකවචනයෙහි වූ ඔකාරයට අකාරයක් වේ.[11]

        එසො + ධම්මො = එසධම්මො = (මේ ධර්‍මතෙම)

        සො + මුනි = සමුනි (හෙතෙම මුනි වේ.)

        සො + සීලවා = සසීලවා (හෙතෙම සිල් ඇත්තේ ය.)

        එසො + පත්තො = එසපත්තො (හෙතෙම පැමිණියේ.)

        එසො + ඉදානි = එසදානි (මේ තෙම දැන්)

 

අභ්‍යාසය 3

සිංහලට නැඟිය යුතු.

        1. මනුස්සා ආයුක්ඛයෙන කම්මක්ඛයෙන පුඤ්ඤක්ඛයෙන මරන්ති. 2. සුමෙධතාපසො පඨමජ්ඣානං දුතියජ්ඣානං ච නිබ්බත්තෙසි. 3. නිම්මලස්ස සීලස්ස පාලනං මහප්ඵලං මහානිසංසං හොති.

        4. ‘පෙමතො ජායතී සොකො - පෙමතො ජායතී භයං

          පෙමතො විප්පමුත්තස්ස - නත්‍ථි සොකො, කුතො භයං?

        5. භගවතා තණ්හක්ඛයාය ධම්මො දෙසිතො හොති.

        6. ‘උපක්කිලිට්ඨස්ස විසාඛෙ කායස්ස උපක්කමෙන පරියොදපනා හොති.’

        7. ‘යො ච තුලං ච පග්ගය්හ වර’මාදාය පණ්ඩිතො

          පපානි පරිවජ්ජෙති ස’මුනි තෙන සො මුනී.’ (ධම්මපද)

        8. ‘නහි වෙරෙන වෙරානී - සම්මන්තී’ධ කුදාචනං,

          අවෙරෙන ච සම්මන්ති - එස ධම්මො සනන්තනො’

(ධම්ම පදය)

 


        9. ධම්මාසොකො දෙවානම්පියතිස්සස්ස බහූ පණ්ණාකාරෙ පෙසෙත්‍වා පුනපි රජ්ජාභිසෙකං කාරෙසි.

        10. ‘යම්හි ඣානං ච පඤ්ඤා ච - ස’වෙ නිබ්බානසන්තිකෙ.’

(ධම්ම පද)

        11. ‘සබ්බෙ සංඛාරා අනිච්චාතී යදා පඤ්ඤාය පස්සතී

           අථ නිබ්බින්‍දතී දුක්ඛෙ එසමග්ගො විසුද්‍ධියා. (එම)

 

මෙහි අමුතු වචන

 

අනිච්ච = නිත්‍ය නොවූ. 3               පුඤ්ඤක්ඛය = පින් ගෙවීම. පු.

අවෙර = මෛත්‍රිය. න.                  පෙම = ප්‍රේමය. න.

උපක්කම = උපාය, උපක්‍ර‍මය. පු.        පෙසෙත්‍වා = යවා; එවා. පූ.ක්‍රි.

කම්මක්ඛය = කර්‍මය ගෙවීයාම. පු.       භය = බිය. න.

කුදාචනං = කිසිකලෙකත්. නි.            මහප්ඵල = මහත් ඵල ඇති. 3.

ජායති = උපදී                          මහානිසංස = මහත් අනුසස් ඇති.3.

ඣාන = ධ්‍යානය. න.                   රජ්ජාභිසෙක = රාජ්‍යාභිෂේකය. පු.

තාපස = තාපසයා. පු.                  වර = උතුම්. 3.

නිබ්බත්තෙති = උපදවයි                විප්පමුත්ත = මිදුණු. 3

නිබ්බින්‍දති = කලකිරේ                  විසුද්‍ධි = විසුද්‍ධිය, නිවණ. ඉ.

පග්ගය්හ = ඔසවා ගෙන. පූ.ක්‍රි.          වෙර = වෛරය. න.

පණ්ණාකාර = පඬුර. පු.                සනන්තන = පුරාතනවූ. 3.

පරියොදපනං = පිරිසිදු කිරීම. ඉ.        සම්මති = සංසිඳේ

පරිවජ්ජෙති = දුරුකරයි                 සංඛාරා = සංස්කාරයෝ. පු.

පාලන = රැකීම. න.                     සොක = ශෝකය. පු.

 

සන්‍ධි යොදමින් පාලියට නැඟිය යුතු.

        1. දෙවිවරු පින් ගෙවීමෙන් ද ආයුෂ ගෙවීමෙන් ද දෙව් ලොවින් ච්‍යුත වෙති. 2. තාපසවරු ප්‍ර‍ථමධ්‍යානය ලබා සිත් නිර්‍මල කෙරෙත්. 3. ධනය නැත්තන් විසින් දන්දීම අපහසු ය. 4. යමෙක් අල්පශ්‍රැත වේ නම් හෙතෙම නිවන නොලබයි.

 

5. රූපස්කන්‍ධය පෙණපිඬක් වැනි යයි තථාගතයන් වහන්සේ වදාළහ. 6. සර්වඥයන් වහන්සේ විශාලා නුවරට වඩින කල්හි බිම්බිසාර රජතුමා උන්වහන්සේට ද භික්‍ෂූන්ට ද ශ්වෙතච්ඡත්‍ර‍ දැරෙව්වේ ය. 7. නිර්මල ශීලය රැක දෙව් ලොව ඉපිද දිව්‍ය සම්පත් අනුභව කරන්නාහ. 8. සත්පුරුෂයන් විසින් කුසල් කිරීම පහසු ය. 9. රජවරු තමන්ගේ රටවල දුර්භික්‍ෂය වළක්වන්නට නොහැකි වෙත්. 10. මනුෂ්‍යයෝ මහත්ඵල ලැබීම සඳහා දානාදි පින් කරත්.

 

ප්‍ර‍ශ්න

1. බහු + සුතො, සො + යාති, පුග්ගලා + ධම්මදසා, සම්මා + පධානං, මහා + ධනො, පඤ්ච + ඛන්‍ධා, දු + කරං යන තන්හි කෙසේ සන්‍ධි කළ යුතු ද?

2. පග්ඝරති, මහබ්භයං, සප්පුරිසො, මහබ්බලො, වෙදනාක්ඛන්‍ධො, අප්පටිපුග්ගලො, අස්සාසො යන තැන්හි කෙසේ සන්‍ධි වෙන් කළ යුතු ද?

 

මෙහි අමුතු වචන :

අනුභව කරයි (දුක් - සැප)              පහසු = සුකර. 3.

= අනුභවති, වින්‍දති                      පෙණපිඬ = ඵෙණපිණ්ඩ. පු.

කිරීම = කරණ. න.                      බිම්බිසාර රජ = බිම්බිසාර රාජ. පු.

ච්‍යුතවේ = චවති                        ලැබීම සඳහා = ලභිතුං. නි.

දැරෙව්වේය = ධාරාපෙසි                 වළක්වන්නට = වාරෙතුං,

දිව්‍ය සම්පත = දිබ්බසම්පත්ති. ඉ.                        නිවාරෙතුං. නි.

දෙව්ලොව = දෙවලොක. පු.             නිර්මල = නිම්මල. 3.


 

3. නිග්ගහීත සන්‍ධිය

 

        16. වර්‍ගයකට අයත් ව්‍යඤ්ජනයක් පර කල්හි මුලින් සිටි බින්දුවට ඒ ඒ වර්‍ගයේ කෙළවරෙහි වූ (පස්වැනි) අකුර ආදේශ වේ.[12]

 

        ක වර්ගයේ අකුරකට මුලින් සිටි බින්දුවට ඒ වර්ගයේ අන්තාක්‍ෂරය වූ ඞ යන්න ආදේශ වේ. මෙපරිද්දෙන් අන්‍ය වර්ගයකට අයත් අකුරකට මුලින් සිටි බින්දුවට ඒ ඒ වර්ගයේ පස්වැනි අකුර ආදේශ වේ. වර්ගාන්තයෝ නම් ඞ - ඤ - ණ - න - ම යන මොහුයි.

 

        කිං + කරො = කිඞ්කරො (මෙහෙකරුවා)

        ධම්මං + චරෙ = ධම්මඤ්චරෙ (ධර්‍මයෙහි හැසිරෙන්නේ ය)

        තං + ඨානං = තණ්ඨානං (ඒ ස්ථානය)

        ජුතිං + ධරො = ජුතින්‍ධරො (ආලෝකය දරන්නා)

        තං + ඵලං = තම්ඵලං (ඒ ගෙඩිය)

        දීපං + කරො = දීපඞ්කරො (එනම් සර්‍වඥතෙමේ)

        සං + ඨිතො = සණ්ඨිතො (මනාව පිහිටියේ)

        සං + චරති = සඤ්චරති (හැසිරේ)

        සං + මතො = සම්මතො (සම්මත වූයේ)

        එවං + මෙ සුතං = එවම්මෙ සුතං (මෙසේ මා විසින් අසන ලදි.)

 

සංලක්‍ෂ්‍යය :-

 

        වර්ගයේ පස්වැනි අකුර පරව සිටි විට බින්දුවට එයම ආදේශ වන බව සම්මතො, එවම්මෙ යන උදාහරණ දෙකේ පැහැදිලි වේ.


        පුං + ලිඞ්ගං = පුල්ලිඞ්ගං ආදි තන්හි ලකාරය පර වූ විට බින්දුවට ලකාර වේ යයි දතයුතු.

 

        17. එකාරය ද හකාරය ද පර කල්හි බින්දුවට ඤකාරාදේශ වේ.[13] එකාරය පර කල්හි ඤකාරයට ද්විත්‍ව ද වේ.

 

        තං + එව = තඤ්ඤෙව (එයම)

        පච්චත්තං+එව =  පච්චත්තඤ්ඤෙව (තම තමා කෙරෙහි ම)

        තං + හි = තඤ්හි (එය වනාහි)

        එවං + හි = එවඤ්හි (මෙසේ වනාහි)

       

        18. යකාරය පර කල්හි පූර්‍වව සිටි බින්දුව ඒ යකාරය සමග ඤකාර බවට පැමිණේ.[14] ඤකාරය ද්විත්ව වේ.

 

        සං + යොගො = සඤ්ඤොගො (යෙදීම)

        සං + යතො = සඤ්ඤතො (හික්මුණේ)

        යං + යදෙව = යඤ්ඤදෙව (යමක් යමක් ම)

        ආනන්තරිකං + යමාහු = ආනන්තරිකඤ්ඤමාහු (යමක් ආනන්තරිකයයි කීවාහු ද)

 

        19. ස්වරයක් පර කල්හි බින්දුවට ඇතැම් තැනකදී දකාරය ද ඇතැම් තැනකදී මකාරය ද ආදේශ වෙති.[15]

 

        (දකාරාදේශය ය-ත එත ශබ්දයන් කෙරෙන් පර වූ බින්දුවට පමණෙකි.)

        එතං + එව = එතදෙව (මෙය ම)

        තං + අනත්තා = තදනත්තා (එය අනාත්මයයි.)

        තං + අහං = තමහං (මම ඔහු)

        තං + එව = තමෙව හෝ තදෙව (එයම)

        එවං + එව = එවමෙව (මෙසේ ම)


       

කිං + එතං = කිමෙතං (මෙය කුමක් ද?)

        එතං + ආවොච = එතදවොච (මෙය කීය)

 

        20. ස්වරයක් හෝ ව්‍යඤ්ජනයක් පර කල්හි ඇතැම් තැනක බින්දුවට ලොප් වේ. ඉන්පසු ඇතැම් විට පූර්‍වස්වරයට ලෝපය ද පරස්වරයට දීර්‍ඝ ද වේ.

 

        තාසං + අහං = තාසාහං (මම ඈලාට)

        අදාසිං + ආහං = අදාසාහං (මම දුනිමි)

        එවං + අහං = එවාහං (මෙසේ මම)

        සච්චානං + දස්සනං = සච්චානදස්සනං (සත්‍යයන් දැකීම)

        බුද්‍ධානං + සාසනං = බුද්‍ධානසාසනං (බුදුවරුන්ගේ අනුශාසනය)

        ගන්තුං + කාමො = ගන්තුකාමො (යනු කැමැත්තේ.)

 

        21. ඇතැම් තැනක බින්දුවෙන් පරවූ ස්වරයට ලොප් වේ. ඉන්පසු බින්දුවට මුල කී වර්ගාන්තාදේශය ද වේ.

 

        කතං + ඉති = කතන්නි (කරන ලදැයි)

        චක්කං + ඉව = චක්කංව (චක්‍ර‍ය මෙන්)

        ත්‍වං + අසි = ත්‍වංසි (තෝ වෙහි)

        අභිනන්‍දුං + ඉති = අභිනන්‍දුන්ති (සතුටු වූහයි.)

        ඉදං + අපි = ඉදම්පි (මෙයද)

        උත්තරිං + අපි = උත්තරිම්පි (මත්තෙහිත්)

        කිං + ඉදානි = කින්‍දානි (දැන් කුමක්)

        හලං + ඉදානි = හලන්‍දානි (දැන් පමණය)

 

        22. ඇතැම් තැනක ස්වරයක් හෝ ව්‍යඤ්ජනයක් පර කල්හි බින්දුවක් ආගම වේ.

 

        චක්ඛු + උදපාදි = චක්ඛුං උදපාදි (ඇස හටගත්තේය.)

        අණු + ථූලානි = අණුං ථූලානි (කුඩා මහත් දේවල්)

 

        අව + සිරො = අවංසිරො (යටිකුරු හිස් ඇත්තේ)

        යාව + ච + ඉධ = යාචිඤ්චිධ (මෙහි යම් පමණ)

 

අභ්‍යාසය 4

සිංහලට නඟා සන්‍ධි විසන්‍ධි කළ යුතු.

 

        1. තස්ස අත්තනො ච තාසඤ්ච දෙවතානං සද්‍ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරතො චිත්තං පසීදති.

(අඞ්ගුත්තර)

        2. “තස්මා සඤ්ඤමයත්තානං අස්සං භද්‍රං’ච වාණිජො.”

(ධම්මපද)

        3. “කරොමි තෙ තං වචනං ත්‍වං’සි ආචරියො මම”              (ධ.අ)

        4. අනුස්සරෙථ සම්බුද්‍ධං භයං තුම්හාකං නො සියා. (සංයු)

        5. එවා’හං වින්තයිත්‍වාන නෙකකොටිසතං ධනං නාථානාථානං දත්‍වාන හිමවන්තමුපාගමිං” (බුද්‍ධවංස)

        6. “දායකො දානපති යඤ්ඤදෙ’ව පරිසං උපසඞ්කමති....... විසාරදො’ව උපසඞ්කමති.” (අඞ්ගුත්තර) 7. “අඤ්ඤාය ච පනා’හං සමණානං සක්‍යපුත්තියානං ධම්මං එවා’හං තස්මා ධම්මවිනයා අපක්කන්තො.” (තිකඞ්ගුත්තර) 8. තෙන’හි ගහපති තඤ්ඤෙ’වෙ’ත්‍ථ පටිපුච්ඡිස්සාමි.

        9. තඤ්හි තස්ස සකං හොති තඤ්ච ආදාය ගච්ඡති. (සං.නි.)

        10. ඉමානි චත්තාරි අරියසච්චානීති භික්ඛවෙ........ යන්තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.” (තිකඞ්ගුත්තර) 11. තණ්හඞ්කරො මෙධඞ්කරො සරණඞ්කරො දීපඞ්කරොති චත්තාරො බුද්‍ධා එකස්මිඤ්ඤෙව කප්පෙ උප්පජ්ජිංසු, 12. ‘ඉදමවොච භගවා, අන්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන්ති.’ (බොහෝ සූත්‍ර‍වල.)

        13. ‘කාමං පතාමි නිරයං උද්‍ධපාදො අවංසිරො.’ (ඛදිරඞ්ගාර ජාතක)

 


 

මෙහි අමුතු වචන

 

අඤ්ඤාය = දැනගෙන. පූ. ක්‍රි.            නාථ = පිහිට ඇති. 3.

අනාථ = අසරණ වූ, පිහිට නැති. 3.     නිරය = නරකය. පු.

අනුස්සරති = සිහි කරයි                 සමණ = ශ්‍ර‍මණයා. පු.

අනුස්සරන්ත = සිහි කරන. 3.           නෙකකොටිසත = නොයෙක්

අපක්කන්ත = ඉවත්ව ගිය. 3.            කෝටි සිය ගණන් ඇති. 3.

අභිනන්‍දති = සතුටු වේ                  පටිච්ච = නිසා. නි.පූ. ක්‍රි.

අරියසච්ච = ආර්‍ය්‍ය සත්‍යය. න.          පටිපුච්ඡති = නැවත විචාරයි.

ආචරිය = ආචාර්‍ය්‍යයා. පු.                පසීදති = පහදියි

උද්‍ධපාද = උඩිකුරු පා ඇති. 3.          භද්‍ර‍ = යහපත්. 3.

උපාගමි = එළඹියේ ය.                  භාසිත = කීම. න.

කප්ප = කල්පය. පු.                     විසාරද = (සැක නැතිව)

කාමං = එකාන්තයෙන්. නි.                     නිර්භය වූ. 3.

චාග = පරිත්‍යාගය. පු.                  සක = තමාසතු. 3.

චින්තයිත්‍වාන = සිතා. පූ. ක්‍රි.            සක්‍යපුත්තිය=ශාක්‍ය පුත්‍ර‍යන්ට

දානපති = දීමෙහි ස්වාමියා. පු.                   අයත්. 3.

දායක = දෙන්නා. පු.                    සඤ්ඤාමයති = හික්මවයි

ධම්මවිනය = ධර්‍මය හා විනය. පු.        සියා = වන්නේ ය.

 

සන්‍ධි යොදා පාලියට නැගිය යුතු.

 

        1. සිල්වතා යම් යම් පිරිසක් කරා පැමිණේ නම් නිර්භයව ම පැමිණෙයි. මෙය ද ශීලයාගේ එක් ඵලයකි. 2. මම මෙසේ සිතා දෙසියයක් යාචකයන්ට දන් දුනිමි. 3. ඒ කාරණය ම මම ඔහුගෙන් නැවත විචාළෙමි. 4. ධර්‍මදේශනාවන්ගේ අවසානයේ දී භික්‍ෂූහු සැරියුත් මහ තෙරුන් වහන්සේගේ කීමට සතුටු වූහ. 5. ඉදින් තෙපි නිතර බුදුන් සිහිකරව් නම් තොපට භයක් නූපදින්නේ ය. 6. මනුෂ්‍යයා යම් පිනක් හෝ පවක් කෙරේ නම් එය ම ඔහු අනුව යයි. 7. අපි අද ම බුදුන් ද ධර්‍මය ද සංඝයා ද සරණ යමු. 8. ගොනාගේ පය අනුව යන රෝදය මෙන් දුක පව් කරන්නා අනුව යයි. 9. ‘තමාගේ සිත සියලු පව්වලින් පිරිසිදු කළ යුතු ය’ යන මෙය බුදුවරුන්ගේ අනුශාසනයයි. 10. භාග්‍යවත් තෙම මෙය වදාරා මත්තෙහිත් ඔවුන්ට ධර්‍ම දේශනා කෙළේ ය. 11. මා විසින් යමක් කියන ලද්දේ නම් එය මේ සඳහා කියන ලදි. 12. මිනිසා උඩිකුරු පා ඇතිව යටිකුරු හිස් ඇතිව ගසෙන් බිමට වැටුණේ ය.

 

මෙහි අමුතු වචන

අනුව යන = අනුගච්ඡන්ත. 3.           දන් = දාන. න.

අවසානය = ඔසාන. න.                 නිර්භය = නිබ්භය, විසාරද. 3.

කාරණය = කාරණ. න.                 පිරිසිදු කළයුතු = සොධෙතබ්බ.3.

කියන ලද = වුත්ත, කථිත. 3.            වදාරා = වත්‍වා. පූ.ක්‍රි.

                         සරණ යයි = සරණං ගච්ඡති

 

මිශ්‍ර‍සන්‍ධි

 

        23. අසමාන ස්වරයා කෙරෙන් පූර්‍ව වූ ඉ-ඊ-එ යන මොවුහු ඇතැම් විට ය් - බවට පැමිණෙත්. එම ය් - කාරය පූර්‍ව ව්‍යඤ්ජනය සමග නොයෙක් ආකාරයට පෙරළේ.

 

        සොත්‍ථි + අත්‍ථු = සොත්ථ්යි + අත්‍ථු = සොත්‍ථ්‍යත්‍ථු

        තෙ + අහං = ත්ය් + අහං = ත්‍යහං = ත්‍යාහං

        සත්තමී = අත්‍ථෙ = සත්තම්ය් + අත්‍ථෙ = සත්තම්‍යත්‍ථෙ

 

        යන මේවා ය් - කාරාදේශයට උදාහරණයි. මේ තැන්හි ය් - කාරය විකාරයට නොපැමිණෙතත් අන්‍ය බොහෝ තැන්හි එය විකාරයට පැමිණේ.

 

i ත්ය් යන්න ච්ච් බවට පැමිණේ :-

 

        ඉති + එවං = ඉත්ය් + එවං = ඉච්චෙවං

        අති + අන්තං = අත්ය් + අන්තං = අච්චන්තං

        ඉති + ආදි = ඉත්ය් + ආදි = ඉච්චාදි

        ජාති + අන්‍ධො + ජාත්ය් + අන්‍ධො = ජච්චන්‍ධො


 

ii ද්ය් - යන්න ජ්ජ් බවට පැමිණේ :-

        යදි + එවං = යජ්ජෙවං

        නදී + ආ = නද්ය් + ආ = නජ්ජා

 

iii. ධ්‍ය - යන්න ජ්ඣ - බවට පැමිණේ :-

        බොධි + අඞ්ගා + බොධ්‍ය + අඞ්ගා = බොජ්ඣඞ්ගා

        අධි + අගමා + අධ්‍ය + අගමා = අජ්ඣගමා

 

iv. භ්ය් - යන්න බ්භ් බවට පැමිණේ :-

        අභි + උග්ගච්ඡති = අභ්ය් + උග්ගච්ඡති = අබ්භුග්ගච්ඡති

        අභි + ඔකාසො = අභ්ය් + ඔකාසො = අබ්භොකාසො

 

v. ප්ය් - යන්න ප්ප් - බවට පැමිණේ :-

        අපි + එකච්චෙ = අප්ය් + එකච්චෙ = අප්පෙකච්චෙ

        අපි + එකදා = අප්ය් + එකදා = අප්පෙකදා

       

පළමු පොතේ නොදැක්වූ නිතර ව්‍යවහාරයට පැමිණෙන ශබ්ද කීපයක්:-

 

24. අකාරාන්ත පුල්ලිංග අත්ත ශබ්දය

 

එකවචන                       බහුවචන

ප. අත්තා (තෙමේ)                  අත්තානො (=තුමූ)

දු. අත්තානං; අත්තං (=තමා)        අත්තානො (=තමන්)

ත.ක අත්තෙන; අත්තනා            අත්තනෙභි; අත්තනෙහි

    (=තමා විසින්)                          (=තමන් විසින්)

ච. අත්තනො (=තමාට)              අත්තානං (=තමන්ට)

ප. අත්තනා (=තමා කෙරෙන්)       අත්තනෙහි; අත්තනෙහි

                                    (= තමන් කෙරෙන්)

ඡ. අත්තනො (=තමාගේ)            අත්තානං (=තමන්ගේ)

ප. අත්තනි (=තමා කෙරෙහි)        අත්තනෙසු (තමන් කෙරෙහි)

ආ. (හෙ) අත්ත; අත්තා             (හෙ) අත්තානො (=එම්බා

        (= එම්බා ආත්මය)                     ආත්මයෙනි)


අත්තා = ආත්මතෙම ආදී වශයෙන් ද අර්‍ථ කිය හැක.

 

25. අකාරාන්ත - පුල්ලිඞ්ගික රාජ ශබ්දය

 

        එක වචන                              බහු වචන

ප. රාජා (= රජතෙම)                    රාජානො (=රජවරු)

දු. රාජානං; රාජං (=රජ)                         රාජානො (=රජවරු)

ත. රඤ්ඤා; රාජෙන                    රාජූභි; රාජූහි; රාජෙභි

       (= රජු විසින්)                    රාජෙභි (= රජුන් විසින්)

ච. ඡ. රඤ්ඤො; රාජිනො               රඤ්ඤං; රාජූනං; රාජානං

ප. රඤ්ඤා; රාජම්හා; රාජස්මා          රාජූභි; රාජූහි; රාජෙභි, රාජෙහි

ස. රඤ්ඤෙ; රාජිනි                     රාජුසු; රාජෙසු

   රාජම්හි; රාජස්මිං                   

ක. රඤ්ඤා; රාජෙන                    රාජූභි; රාජූහි; රාජෙභි; රාජෙහි

ආ. (හෙ) රාජ, රාජා                    (හෙ) රාජානො

 

අභ්‍යාසය 5

සිංහලට නැඟිය යුතු

 

        1. රාජා නගරෙ චරන්තො ධම්මං දෙසෙන්තමෙකං තාපසං පස්සි. 2. ධම්මං සුණන්තා බහූ මනුස්සා රාජිනි ආගච්ඡන්තෙ තමෙව ඔලොකෙසුං. 3. රාජුසු අන්තනො අත්තනො රට්ඨෙසු චරන්තෙසු බහූ සෙවකා සෙතච්ඡත්තානි ගහෙත්‍වා තෙ අනුගච්ඡන්ති. 4. රාජානො අත්තානං කුමාරෙ සකෙ සකෙ රජ්ජෙ පතිද‍්ධාපෙතුමිච්ඡන්තා තෙසං නානාසිප්පානි සික්ඛාපෙන්ති. 5 දුට්ඨගාමිණීරඤ්ඤො සාලිකුමාරො නාම එකොව පුත්තො අහොසි. සො අත්තනො පිතුසන්තකං රජ්ජං ලභිතුං න ඉච්ඡි. 6. සො රාජා එළාරං දමිළරාජානං මාරෙත්‍වා බුද්‍ධසාසනං සංගණ්හන්තො මහන්තානි චෙතියානි බහූ විහාරෙ ච කාරෙසි.


        7. “ඉච්චෙව’ මච්චන්තනමස්සනීයං

          නමස්සමානො රතනත්තයං යං

          පුඤ්ඤාභිසන්‍දං විපුලං අලත්‍ථං

          තස්සානුභාවෙන හතන්තරායො” (විනය අටුවා)

 

        8. “අථ’ස්ස උපපරික්ඛතො එතද’හොසි පච්චන්තිමෙසු ඛො ජනපදෙසු සාසනං සුප්පතිට්ඨිතං භවිස්සතීති” (විනය අටුවා)

 

        9. “සෙට්ඨි කම්පමානො ධනසොකෙන සතිං පච්චුපට්ඨාපෙතුං අසක්කොන්තො තත්‍ථෙ’ව පති.’ (ඉල්ලීස ජාතක)

 

        10. එකච්චො පුග්ගලො නීචෙ කුලෙ පච්චාජාතො හොති..... සොච හොති...... බව්හාබාධො කාණො වා කුණී වා.

(අඞ්ගුත්තර)

 

මෙහි ආ අමුතු වචන

අච්චන්තනමස්සනීය =                  දමිළරාජ = දෙමළ රජ. පු.

   අතිශයෙන් පිදිය යුතු. 3.             දෙසෙන්ත = දේශනා කරන. 2.

අලත්‍ථං = ලැබීමි.                       නමස්සමාන = වඳින. 3.

අසක්කොන්ත = නොහැකි. 3.           නානාසිප්ප = නොයෙක් ශිල්ප.

ආදි = පටන් ගැන්ම; ආදිය. පු.                          න.

ආනුභාව = බලය. පු.                    පච්චන්තිම = දුර පිහිටි. 3.

උපපරික්ඛන්ත = පරීක්‍ෂාකරන. 3.       පච්චාජාත = උපන්. 3.

එකච්ච = ඇතැම්. 3.                    පච්චුපට්ඨාපෙතුං (= සිහිය)

                                                එළවාගන්ට. නි.

කම්පමාන = වෙව්ලන. 3.               පිතුසන්තක = පියාසතු. 3.

කාණ = එකැස් කණා. පු.               පතිට්ඨාපෙති = පිහිටුවයි

කුණී= කොරවූ අත් ඇත්තා. පු.          බව්හාබාධ = බොහෝ රෝග

ජනපද = රට, පිටිසර. පු.                        ඇති. 3.

බුද්‍ධසාසන = බෞද්‍ධාගම. න.            සුප්පතිට්ඨිත = මනාසේ පිහිටි. 3.

රතනත්තය = බුද්‍ධාදිරත්න               සික්ඛාපෙති = උගන්වයි

        තුන. න.                        සෙවක = මෙහෙකරුවා. පු.


විපුල = ඉතා මහත්. 3.                  සොක = සෝකය. පු.

සංගණ්හන්ත = සංග්‍ර‍හ කරමින්. 3.       හතන්තරාය = නැසූ

                                        අනතුරු ඇති. 3

 

හැකි තැන්හි සන්‍ධි යොදමින් පාලියට නැඟිය යුතු ය.

 

        1. දුටුගැමුණු මහ රජු විසින් අනුරාධපුරයෙහි රුවන්මැලි මහසෑය කරවන ලදි. 2. පස්වැනි ජෝර්ජ් මහරජ තෙමේ තමාගේ පුත්‍ර‍ වූ ඇඩ්වඩ් කුමරා ලක්දිවට එවීය. 3. දේවානම්පියතිස්ස රජු ලක්දිව රාජ්‍යය කරන කල්හි අශෝකාධිරාජයාගේ පුත්‍ර‍ වූ මහින්‍ද ස්ථවිරතුමා ලක්දිවට අවුත් බුද්‍ධ ශාසනය පිහිටුවිය. 4. රජුන්ගේ අණින් කරවූ බොහෝ විහාරයෝ ද චෛත්‍යයෝ ද මෙහි ඇත්තාහ. 5. බුදුරද කපිලවස්තුවෙහි සිය නෑයන් කරවූ විහාරයෙහි මාස කීපයක් පමණක් විසී. 6. ධර්‍මාශෝක රජ තෙමේ අනාගතයෙහි ප්‍ර‍ත්‍යන්ත දේශයන්හි බෞද්‍ධාගම මනාසේ පිහිටන්නේයයි දැන ගත්තේ ය. 7. තමන්ගේ ස්වාමි වූ අධිරාජයාගේ ඔටුනු පැළඳීම දැකීමට බොහෝ රජවරු රැස්වෙති. 8. සියලු රජවරු තමන්ගේ ඇවෑමෙන් ස්වකීය පුත්‍ර‍යන් තම තමාගේ සිංහාසනයන්හි තැබීමට කැමති වෙත්. 9. රජකු තමාගේ රටෙහි ගම් හා නගරයන් පරීක්‍ෂාකරමින් හැසිරෙන කල්හි බොහෝ සේවකයෝ ඔහු අනුව යති. 10. බණ අසමින් හුන් මිනිස්සු රජු පැමිණි කල්හි ගෞරව දැක්වීම පිණිස නැගිට්ටාහ.

 

අමුතු වචන

අණ = ආණා. ඉ                        පැමිණි = පත්ත; සම්පත්ත. 3.

අධිරාජයා = අධිරාජ. පු.                පිහිටන්නේ යයි = පතිට්ඨහිස්සතීති

අනාගතය = අනාගත. පු.               පිහිටුවිය = පතිට්ඨාපෙසි.

ඇවෑමෙන් = අච්චයෙන                 මහරජ = මහාරාජ. පු.

ඔටුනුපැළඳීම = කිරීටධාරණ. න.         රාජ්‍ය කරන = රජ්ජං

කපිලවාස්තු = කපිලවත්‍ථු. න.                    කරොන්ත. 3.

කීපයක් = කතිපය. 3.                   රුවන්මැලිසෑය = රතනමාලිචෙතිය

ගෞරවය = ගාරව. පු.                                   න.

 


 

තබන්ට = ඨපෙතුං. නි.                  රැස්කරවයි = සන්නිපාතෙති

තමතමාගේ = අත්තනො අත්තනො             රැස්වේ = සන්නිපතති

දක්වන්ට = දස්සෙතුං. නි.               සිංහාසන = සීහාසන. න.

දැනගත්තේ ය = ජානී, අඤ්ඤාසි         ස්ථවිරතුමා = ථෙරවර. පු.

 

26. මනොගණය

අකාරන්ත  - පුල්ලිඞ්ගික මන ශබ්දය

 

        එකවචනය;                             බහුවචනය;

ප. මනො (= සිතතෙම)                    මනා (= සිත්තුමූ)

දු. මනං (සිත)                             මනෙ (= සිත්)

ත.ක. මනසා, මනෙන                      මනෙභි; මනෙහි

ච.ඡ. මනසො; මනස්ස                     මනානං

ප. මනසා, මනම්හා, මනස්මා              මනෙභි; මනෙහි

ස. මනසි; මනෙ; මනම්හි; මනස්මිං         මනෙසු

ආ. (හෙ) මන; මනා                        (හෙ) මනා

 

        මේ මන ශබ්දය ද මතු දක්වනු ලබන මනොගණයට අයත් අන්‍ය ශබ්දයෝ ද පුල්ලිඟුවෙහි මෙන් නපුංසක ලිඞ්ගයෙහි ද වැටෙත්.

 

නපුංසක ලිඞ්ගයෙහි මන ශබ්දය :

 

        ප. මනං                        මනා; මනානි

        ආ. (හෙ) මන; මනා             (හෙ) මනානි

        දු. මනං                        මනෙ; මනානි

 

        මේ තුන් තැන චිත්ත ශබ්දය මෙන් ද ඉතිරි විභක්තිවල දී පුල්ලිඟුවෙහි දැක්වූ ලෙස ද වරනැගේ. මීට සමානව ලිඟුදෙකෙහි වර නැගෙන ශබ්දයෝ නම් :-

 


තම = අන්‍ධකාරය           උර = ළය          පය = කිරි හෝ ජලය

තප = තපස                සිර = හිස          චෙත = සිතිවිල්ල

තෙජ = තේජස             රජ = ධූලි           වය = වයස

වච = වචනය               යස = යශස්        අය = යකඩ

ඔජ = ඕජාව                වාස = වස්ත්‍ර‍ය      සර = විල

 

        යන මොහුයි. මොවුන්ගේ සමූහයට මනෝගණ යයි කියනු ලැබේ. මනෝගණයට අයත් ශබ්දයන්ගේ විශේෂ ලක්‍ෂණ නම් (1) තතියා එකවචනය සා-යන්නෙන් ද, චතුත්‍ථි-ඡට්ඨි එක වචන සො-යන්නෙන් ද, සත්තමී එක වචනය සි-යන්නෙන් ද කෙළවර වීම, (2) තවත් පදයක් හා සමාස වෙන විට මනො සෙට්ඨා, තමොනද්ධෙ යනාදි වශයෙන් ඔකාරයකින් යුක්තව සිටීම (3) තද්‍ධිත ප්‍ර‍ත්‍යයක් යෙදුණු විට මනොමයං ආදි වශයෙන් ඔකාරයකින් යුක්ත වීම ද වෙත්.

 

        27. සමාස තද්‍ධිතවලදී මනෝගණික ශබ්දයන්ගේ විභක්ති ලොප් කළ විට අන්තයෙහි වූ අකාරයට ඔ-කාරයක් ආදේශ වේ.

 

        මෙය වනාහි ව්‍යඤ්ජන සන්‍ධියෙහි ඇතුළත් වුවත් මනො ගණය ඊට කලින් නොදැක් වූ බැවින් සන්‍ධි කාණ්ඩයේදී මේ කාරණය නොදැක්වීමු. සමාසයේදී විභක්ති ලොප් වන ආකාරය මතු සමාස කාණ්ඩයෙන් බලා ගත යුතුයි. උදාහරණ :-

 

        මන + මය = මනොමය (සිතින් උපන්)

        අය + පත්ත = අයොපත්ත (යකඩ පාත්‍ර‍ය)

        තම + නුද = තමොනුද (= අන්‍ධකාරය දුරු කරන)

        සිර + රුහ = සිරොරුහ (හිසකෙස්)

        පය + නිධි = පයොනිධි (= මුහුද)

        තප + ධන = තපොධන (= පැවිද්දා)

        තෙජ + ධාතු = තෙජොධාතු (උෂ්ණ ගුණය)

 


 

        28. ඔකාරාන්ත පුල්ලිඞ්ගික ගො - ශබ්දය

 

එක වචන                                      බහු වචන

ප. ගො (= ගවතෙම)                            ගාවො (ගවයෝ)

දු. ගාවුං; ගාවං; ගවං (= ගවයා)                  ගාවො; (= ගවයන්)

ත. ගාවෙන; ගවෙන                            ගොභි; ගොහි

(= ගවයා විසින්)                                (= ගවයන් විසින්)

ච. ඡ. ගාවස්ස; ගවස්ස                          ගවං, ගුන්නං; ගොනං

ප.  ගාවා; ගවා

    ගාවම්හා; ගවම්හා;                          ගොභි; ගොහි

    ගාවස්මා, ගවස්මා

ස.  ගාවෙ; ගවෙ;                               ගාවෙසු, ගවෙසු, ගොසු

    ගාවම්හි, ගවම්හි;

    ගාවස්මිං, ගවස්මිං

ක. ගාවෙන; ගවෙන                            ගොහි, ගොහි

ආ. (හෙ) ගො                                  (හෙ) ගාවො

 

අභ්‍යාසය 6

සිංහලට නඟා මනෝගණික ශබ්දය දක්වනු.

 

    1. ද්වීහි වාණිජෙහි යාචිතො භගවා අත්තනො සීසතො මුට්ඨිමත්තෙ සිරොරුහෙ තෙසං අදාසි.

 

    2. තෙ භගවන්තං සිරසා නමස්සිත්‍වා තානි අත්තනො නගරං නෙත්‍වා සරොරුහාදීහි පූජයිංසු.

 

    3. “එකුනතිංසො වයසා බොධිසත්තො’හි නික්ඛමි.

       පඤ්චතිංසො’ථ වයසා බිම්බිසාරමුපාගමි.” (මහා වංස)

 

    4. තමොනුදො භගවා මනොමයෙන කායෙන කම්මට්ඨානානි මනසිකරොන්තානං භික්ඛූනං අභිමුඛෙ පාතුභවති. 5. ඉද්‍ධිමා තපොධනො පයොනිධිම්පි සොසෙතුං.


සමත්‍ථො හොති. 6. මහානිරයො පන අයොපාකාරෙන පරික්ඛිත්තො, අයොපිධානෙන පිහිතො, තස්ස අයොමයා භූමි තෙජසා ජලිතා හොති. 7. සාකටිකා ගුන්නං තිණං දත්‍වා තෙ සකටෙසු යොජෙත්‍වා පාජෙන්තා බාරාණසිං අගමංසු.

 

        8. “මනොපුබ්බඞ්ගමා ධම්මා, මනොසෙට්ඨා මනොමයා”

(ධම්මපද)

 

        9. මනුස්සා ගවා පයං, පයසා දධිං, දධිතො සප්පිඤ්ච ලභන්ති. 10. සො මෙත්තාසහගතෙන චෙතසා එකදිසං එරිත්‍වා විහරති. තථා දුතියං. තථා තතියං. 11. භගවති චෙතො පසාදෙන බහවො ජනා මහන්තං දිබ්බසම්පත්තිං ලභිංසු. 12. භගවා නභසා ලඞ්කාදීපමාගම්ම යක්ඛසමාගමස්ස උපරි නහසි නිසීදිත්‍වා ධම්මදෙසනාය තෙ දමෙසි.

 

        13. අයසා’ච මලං සමුට්ඨිතං

           තදුට්ඨාය තමෙව ඛාදති”             (ධම්මපද)

 

        14. වචසා කතං කම්මං වාචසිකං, මනසා කතං කම්මං මානසිකං නාම හොති.

 

මෙහි අමුතු වචන

අභිනික්ඛමි = ගිහිගෙයින්                චෙතොපසාද = සිතේ පැහැ

        නික්ම ගියේය.                          දීම. පු.

අභිමුඛ = ඉදිරිය. න. ඉදිරි               ජලිත = දැල්වුණු. 3.

        යෙහි වූ. 3.                     දමෙති = දමනය කරයි.

අයොපාකාර=යකඩ ප්‍රාකාරය.පු.         නභ = අහස. පු.න.

අයොමය = යකඩින් කළ. 3.             නමස්සිත්‍වා = වැඳ. පූ. ක්‍රි.

ඉද්ධිමන්තු = සෘද්‍ධි ඇති. 3.                      පරික්ඛිත්ත = වටකළ. 3.

උට්ඨාය = නැගිට. පූ. ක්‍රි.                පාජෙන්ත = පදවන. 3.

උපගාමි = එළඹියේය                    පාතුභවති = පහළ වේ

කම්මට්ඨාන = භාවනාපිළිවෙළ.න.               පිධාන = පියන. න.

පිහිත = පියන ලද. 3.                   යාචිත = ඉල්වන ලද. 3.


 

පුබ්බඞ්ගම = ඉදිරියෙහි යන. 3.          යොජෙත්‍වා = යොදා. පූ. ක්‍රි.

එරිත්‍වා = පතුරුවා. පූ. ක්‍රි.               වාචසික = වචනයෙන් කළ. 3.

බාරාණසී = බරණැස් නුවර.ඉ.           සකට = කරත්තය. පු.න.

භජති = සේවනය කෙරේ                සමත්‍ථ = හැකි, සමර්‍ථ. 3.

භොග = (මිනිසාගේ) ජීවිකාවට          සමුට්ඨිත = හටගත්. 3.

        උවමනා දේ. පු.                සාරොරුහ = පියුම. න.

මනොසෙට්ඨ = සිත ප්‍ර‍ධාන             සහගත = යුක්ත වූ. 3.

        කොට ඇති. 3.                  සාකටික = ගැල්පදවන්නා. පු.

මානසික = සිතෙන් හටගත්. 3.          සීස = හිස. න.

මුට්ඨිමත්ත = මිටක් පමණ. 3.           සොසෙති = වියලවයි

                        යක්ඛසමාගම   = යකුන්ගේ රැස්වීම. පු.

 

මනෝගණික ශබ්දවලින් ද යුක්ත කොට පාලියට නැඟිය යුතුයි.

 

        1. භික්‍ෂුතෙම කරුණාසහගත සිතින් මුළුලොව පතුරුවමින් වාසය කරයි. 2. පක්‍ෂීහු අහසින් ගමන්කොට තමන් කැමැති තැන්වලට යත්. (“අහසින්” යන්නට නභ ශබ්දය යොදනු) 3. අපේ කුඹුරු සීසෑමෙහි සහායවූ අපට කිරි හා ගිතෙල් දෙන ගවයෝ අප විසින් නොමැරිය යුත්තාහ. 4. කයින් ද වචනයෙන් ද සිතින් ද පින් කරත්. ඒ තුන්දොරින් පව් ද කළ හැක. 5. වෙළඳුන් දෙදෙනෙකුන් විසින් තථාගතයන් වහන්සේගේ කේශ ධාතුන් (සිරොරුහ යොදනු) පිහිටුවා මහාචෛත්‍යයක් කරවන ලදි. 6. ඒ චෛත්‍යය වෙතට පයින් ගොස් හිසෙන් නැමද දිව්‍ය සම්පත් ලබන්නෝ බොහෝ වෙති. 7. මෙකල ධනවත්තු පෙර සෘද්‍ධිමතුන් මෙන් අහසින් ගමන්කොට අභිමත තැනට වහා පැමිණෙත්. 8. යකඩින් කළ පාලම් ලක්දිව බොහෝ ගංගාවන් මත්තෙහි දක්නා ලැබේ. 9. සිටුවරු විශාල යකඩ පෙට්ටිවල තමන්ගේ ධනය සුරැකි ලෙස තබත්. 10. හංසයා කිරෙන් ජලය වෙන්කොට බීමට සමර්‍ථ වෙයි. 11. භික්‍ෂුතෙම සිවුරු පොරවා යකඩපාත්‍ර‍යක් අතින් ගෙන ධූලියෙන් ගැවසුණු මාර්ගයෙහි ගියේ ය. 12. හිරුරැසින් (තෙජ යොදනු) පීඩිත වූ මගියා විලෙහි නා නෙළුම්මල් හිස පැළඳගෙන ගමට ඇතුළු විය. 13. වයසින් විසිනව හවුරුදු ඇති බෝධිසත්‍ව තෙමේ ගිහි ගෙයින් (=අගාරා) අභිනිෂ්ක්‍ර‍මණය කළේ ය. 14. දඹදිව වැසියෝ ගවයන්ට බොහෝ සංග්‍ර‍හයන් කරත්. ගවයන්ගේ මස් කෑමෙන් රෝග හටගැනෙත් යයි සලකත්.

 

මෙහි අමුතු වචන

 

අභිමත තැන = අභිමතට්ඨාන. න.       මෙන් = විය. නි.

කැමති තැන = ඉච්ඡිතට්ඨාන. න.        ලබන්නා = ලභන්ත. පු.

කෙළින් = උජුකං. ක්‍රි. වි.                වෙන් කොට = විසුං කත්‍වා;

කේශධාතු = කෙසධාතු. පු.              වියොජෙත්‍වා. පූ. ක්‍රි.

ගැවසුණු = ආකිණ්ණ. 3.                සලකයි = සල්ලක්ඛෙති

තුන්දොරින් = තීහි ද්වාරෙහි              සහාය වූ = සහායක. 3.

පාලම = සෙතු. පු.                      සංග්‍ර‍හ කරයි = සංගණ්හාති.

පොරවා = පාරුපිත්‍වා. පූ. ක්‍රි.            සුරැකි ලෙස =සුරක්ඛිතං.

                                                        ක්‍රි. වි.

මගියා = පදික; පථික. පු.                හටගනී = නිබ්බත්තති.

මස් කෑම = මංසභක්ඛන. න.            හංසයා = හංස. පු.

 

සමාස නාම

 

        29. ‘සමාස’ නම් පද දෙකක් හෝ වැඩි ගණනක් එක්කොට එක් පදයක් වෙන සේ ගැළපීමයි. ඒ සමාසවෙන පදයන්ගේ මුලින් තිබුණු විභක්ති ලොප් කරනු ලැබේ. ඉන්පසු ඒ සියල්ල එක් පදයක් මෙන් සලකා අන්තයෙහි එක් විභක්තියක් පමණක් යොදනු ලැබේ. (පළමු කොට පඨමාවිභක්තිය යෙදිය යුතු.)

 

        “නීලං + උප්පලං” යන විභක්ති සහිත පද දෙක සමාස කළ විට “නීල + උප්පල” කියා සිටී. පූර්‍වස්වර ලෝපසන්‍ධියෙන් ගැළපූ විට ‘නිලුප්පල කියා සිටී. මෙය (සමාස නිසා එක් පදයක් වූ බැවින්) අන්තයෙහි පඨමා එකවචනය යෙදූ විට නීලුප්පලං කියා සිටී. මුල්පදයේ විභක්තිය ලොප් නොවී සමාසවෙන ශබ්ද ස්වල්පයක් ද විද්‍යමාන වේ.

 

 

පාලි භාෂාවෙහි සමාසය

 

        1. කම්මධාරය                  4. ද්වන්‍ද

        2. දිගු                          5. බහුබ්බීහි

        3. තප්පුරිස                     6. අව්‍යයීභාව

            යන සකොටසකට බෙදනු ලැබේ.

 

1. කම්මධාරය සමාසය

 

        30. විශේෂණ විශේෂ්‍ය වශයෙන් එක් අර්‍ථයෙක්හි පවත්නා වූ සමාන විභක්ති ඇති පද දෙකක් එක් කිරීම කම්මධාරය සමාස නම් වේ.

 

        “සෙතං + වත්‍ථං” යන තැන ‘සෙත’ යන්න ‘වත්‍ථං’ යන්නට විශේෂණයි. ‘වත්‍ථං’ යන්න විශේෂ්‍ය (වෙහෙසිය යුතු) පදයයි. සමාසයේදී විභක්ති ලොප්කටයුතු බැවින් පද දෙකේ විභක්ති ලොප් කළ විට “සෙතවත්‍ථ” කියා සමාසනාමය සිද්‍ධ වේ. ඉන්පසු පඨමා එක වචනය යෙදූ විට “සෙතවත්‍ථං” යි සිටී.

 

        විශේෂණ පදය මුලින් සිටීම මේ කම්මධාරය සමාසයේ බහුල වූ පැවැත්මයි. නමුත් ඇතැම් විට විශේෂණපදය පසුවී ද සිටී.

 

        පඨමො + පුරිසො = පඨමපුරිසො = (ප්‍ර‍ථමපුරුෂයා). පු.

        සෙතො + හත්‍ථි = සෙතහත්‍ථි = (සුදු ඇතා). පු.

        රත්තං + උප්පලං = රත්තුප්පලං (= රතු උපුල). න.

        වීරො + පුරිසො = වීරපුරිසො (= වීරපුරුෂයා). පු.

        කණ්හො + සප්පො = කණ්හසප්පො (කළු සර්‍පයා). පු.

        ලොහිතං + චන්‍දනං = ලොහිතචන්‍දනං (රත් සඳුන්). න.

        ඛත්තියා + කඤ්ඤා = ඛත්තියකඤ්ඤා (= රාජකන්‍යාව). ඉ.


        සාරිපුත්තො + ථෙරො = සාරිපුත්තත්‍ථෙරො

                                        (= ශාරීපුත්‍ර‍ස්ථවිරතෙම). පු.

        සුමෙධො + පණ්ඩිතො = සුමෙධපණ්ඩිතො

                                        (සුමේධ පණ්ඩිත තෙම). පු.

        බුද්‍ධඝොසො + ආචරියො = බුද්‍ධඝොසාචරියො

                                        (බුද්‍ධඝෝෂාචාර්‍ය්‍යතෙම) පු.

 

        31. මේ සමාසයේදී මහන්ත ශබ්දය අන්‍ය ශබ්දයකට විශේෂණ වී මුලින් සිටි කල එයට ‘මහා’ ආදේශය වේ.

 

        මහන්තො + පුරිසො = මහාපුරිසො (= මහා පුරුෂයා). පු.

        මහන්තො + විහාරො = මහාවිහාරො (= මහාවිහාරය).  පු.

        මහන්තො + මුනි = මහාමුනි (= සර්‍වඥයන් වහන්සේ). පු.

        මහන්තී + පඨවී = මහාපඨවී (= මහපොළොව). ඉ.

        මහන්තං + බලං = මහාබලං (= මහත් වූ බලය හෝ සේනාව) න.

        මහන්තං + භයං = මහාභයං හෝ මහබ්භයං (= මහත් වූ භය). න.

 

        ‘මහබ්භය’ යන තැන මහ ආදේශයයි දක්වා තිබේ. සන්‍ධි විධියෙන් ආකාරයට හ්‍ර‍ස්ව කරන්නට ද හැකි ය.

 

        32. සමාසයේ දී විභක්තිය ලොප් කළ විට ප්‍ර‍කෘති ශබ්දය ඉතිරි වේ. ආකාරාන්ත ස්ත්‍රීලිංගික ශබ්දයන්ගේ විභක්තිය ලොප් කළ විට ද එය ආකාරාන්තව සිටී. නමුත් යට දැක්වූ ‘කත්තියකඤ්ඤා’ යන පදයෙහි ‘ඛත්තියා’ ශබ්දයේ ආකාරය හ්‍ර‍ස්ව වී තිබේ. ඊට හේතු මෙසේයි:- කම්මධාර සමාසයේදී ස්ත්‍රීලිංගික ශබ්දයක් විශේෂණ වී මුලින් සිටි විට (ඒ ශබ්දය පුල්ලිඟුවෙහි ද වැටෙන ශබ්දයක් වී නම්) එය පුල්ලිඞ්ගික ශබ්දයට සමාන වේ.

 

        ඛත්තියා - ශබ්දය පුල්ලිඞ්ගයෙහි ඛත්තිය කියා සිටී. එබැවින් මෙහි ඛත්තියකඤ්ඤා යයි සමාසය සිද්‍ධ විය. අන්‍ය වූ ආකාරන්ත-ඊකාරාන්ත ස්ත්‍රී ලිංගික ශබ්දයන්ට ද (පුල්ලිඟුවෙහිත් වැටෙන ශබ්ද වී නම්) මෙසේ පුල්ලිඞ්ගික භාවය පැමිණෙන බව සැලකිය යුතු.

 


 

උදාහරණ :-

 

රත්තා + ලතා = රත්තලතා (= රතු වැල). ඉ.

බ්‍රාහ්මණී + දාරිකා = බ්‍රාහ්මණදාරිකා (බැමිණි දැරිය). ඉ.

ඛත්තියා + කුමාරී = ඛත්තියකුමාරී (රාජකුමරිය). ඉ.

නාගී +  මාණවිකා = නාගමානවිකා (නාමෙනෙවිය). ඉ.

තරුණී + බ්‍රාහ්මණී = තරුණබ්‍රාහ්මණී (= තරුණ බැමිණිය). ඉ.

දුතියා + භික්ඛා = දුතියභික්ඛා (= දෙවෙනි භික්‍ෂාව). ඉ.

 

සංලක්‍ෂ්‍යය :-

 

        පූර්‍ව පදය සංඥා නාමයක් වූ විට පුල්ලිඞ්ගභාගය නොවේ. “නන්‍දාපොක්ඛරණී” “නන්‍දාදෙවී” යනු උදාහරණයි.

 

        33. උපමාවක් වූ විශේෂණ පදය සමාස පදයේ අගින් සිටී. සීහො විය සීහො (= සිංහයා වැනිනුයි ‘සීහ නම් වේ.) මුනි ච සො සීහො චාති මුනිසීහො (= මුනි වූයේත් හෙතෙමේය. සිංහ වූයේත් හෙතෙමේනුයි මුනිසීහ නම් වේ.) යන තන්හි සීහ යන විශේෂණය උපමාවකි. තාපසයෙක් හෝ භික්‍ෂු නමක් සිංහයකු විය හැකි නොවේ. එහෙයින් ‘මුනිසීහ’ යන්නේ අර්‍ථය ‘සිංහයාට සමාන වූ මුනිතෙම’ යයි දත යුතු. මෙසේ විශේෂණ පදය උපමාවක් වූ විට එය අගින් යෙදිය යුතුයි. තවත් උදාහරණ :-

 

        නාගො විය බුද්‍ධො = බුද්‍ධනාගො (= බුද්‍ධනාගතෙම, ශ්‍රෙෂ්ඨ වූ සර්‍වඥයන් වහන්සේයි.) මෙහි ‘නාග’ නම් හස්තියායි. මේ සීහ, නාග, උසභ, ආදී ශබ්ද ශ්‍රෙෂ්ඨාර්‍ථයෙහි යයි දතයුතු.

 

        ආදිච්චො විය බුද්‍ධො = බුද්‍ධාදිච්චො = (බුද්‍ධ නමැති සූර්‍ය්‍යතෙම). පු.

 

        චන්‍දො විය මුඛං = මුඛචන්‍දො = චන්‍ද්‍ර‍ා වැනි මුහුණ හෝ මුහුණ නමැති චන්‍ද්‍ර‍යා). පු.

 

        පදුමං විය මුඛං = මුඛපදුමං (= මුවපියුම, පියුම වැනි මුහුණ). න.

 

        පුණ්ඩරීකං විය සමණො = සමණපුණ්ඩරීකො (= හෙළ පියුමකට බඳු ශ්‍ර‍මණතෙම). පු.

 

        34. මේ සමාසයේදී න නිපාතය මුලින් සිටි විට එයට ව්‍යඤ්ජනයක් පර කල්හි අකාරාදේශ ද ස්වරයක් පර කල්හි අන්-ආදේශ ද වෙති.

 

ව්‍යඤ්ජන පර කල්හි :

        න + සුරො = අසුරො (= අසුරයා. පු. දෙවි නුවූයේ යන අර්‍ථ ඇත්තේයි.)

        න + බ්‍රාහ්මණො = අබ්‍රාහ්මණො (බ්‍රාහ්මණ නොවූයේ. පු. බ්‍රාහ්මණයාට සමාන වූයේ යන අර්‍ථ ඇත්තේයි). පු.

        න + සමණො = අස්සමණො (= ශ්‍ර‍මණ නොවූයේ; ශ්‍ර‍මණයාට සමාන වූයේ). පු.

        න + මනුස්සො = අමනුස්සො (= අමනුෂ්‍යයා; මනුෂ්‍යයාට සමාන වූයේ.) පු.

        න + කුසලං = අකුසලං (අකුශලය). න.

        න + කරොන්තො = අකරොන්තො (= නොකරන්නේ). පු.

 

ස්වරය පර කල්හි

 

        න + අස්සො = අනස්සො (= අශ්ව නොවූයේ). පු.

        න + අරියො = අනරියො (= අනාර්‍ය්‍යතෙම). පු.

        න + අස්සවො = අනස්සවො (= නොකීකරු අය). පු.

        න + ඉට්ඨො = අනිට්ඨො = (අනිෂ්ට වූයේ). පු.

 

        35. මේ සමාසයේදී කු-නිපාතයට ස්වරයක් පර කල්හි කද් යනාදේශ වේ. කු - නිපාතය නින්‍දිතාර්ථයෙහි වැටේ.)

 

        කු - අන්නං = කදන්නං (= නින්දිත වූ බත). න.

        කු + අසනං = කදසනං (= නින්දිත වූ ආහාරය). න.

 

        “කුපුත්තො, කුදිට්ඨි” යනාදි තන්හි ස්වරයක් පරව නැති බැවින් කදාදේශය නොවේ.

 

        36. අල්පාර්‍ථයෙහි වැටෙන විට කු - නිපාතයට කා යන ආදේශය වේ.

 

        කු + ලවණං = කාලවණං (= ලුණු ස්වල්පය). න.

        කු + පුප්ඵං = කාපුප්ඵං (= මල් ස්වල්පය). න.

 

        37. පුරිස ශබ්දය පරවූ කල්හි නින්දිතාර්ථයෙහි ද කු - නිපාතයට කා - ආදේශය ඇතැම් විට වේ.

 

        කු + පුරිසො = කාපුරිසො (= නින්දිත පුරුෂයා). පු. කුපුරිසො කියා ද සිටී.

 

2. දිගු සමාසය

 

        38. සංඛ්‍යාවන් පූර්‍ව කොට ඇති කම්මධාරය සමාසය ම ‘දිගුසමාස’ නම් වේ. මේ සමාසයේ විශේෂ ලක්‍ෂණයක් නම් සමාස වූ පදය නපුංසක ලිඟු ඒක වචනයෙන් සිටීමයි. ඇතැම් විටක බහුවචනයෙන් ද සිටී.

 

        ද්වෙ + රත්තියො (රාත්‍රීහු දෙදෙන) යන තැන විභක්ති ලොප් කළ විට ‘ද්විරත්ති’ කියා සිටී. සමාසයේදී පදාන්ත වූ ඉකාරාදීන්ට අකාරාදේශ කළ හැකි බැවින් රත්ති ශබ්දයේ ඉකාරයට අකාරාදේශ කොට නපුංසකලිඟු ඒකවචනය යෙදූවිට ‘ද්විරත්තං’ කියා සිටී. උදාහරණ:-

       

        ද්වෙ + අඞ්ගුලියො = ද්වඞ්ගුලං (අඟල් දෙකක් ‘ද්විරත්තං’ යන්න මෙනි). නි.

 

        තයො + ලොකො = තිලොකං (= තුන්ලොව). න.

 

        තයො + දණ්ඩා = තිදණ්ඩං (= එකට බැඳි දඬු තුන: (ත්‍රිදණ්ඩය). න.

 

        චතස්සො + දිසා = චතුද්දිසං (= සිව්දිග: දිශාහතර). න.

 


        පඤ්ච + සීලානි = පඤ්චසීලං (= පන්සිල්). න.

 

        සත්ත + අහානි = සත්තාහං (= සතියක්: සත්දිනක්). න.

 

        සතං + යොජනානි = සතයොජනං (= සියක් යොදුනක්). න.

 

        “එකපුග්ගලො, චතුද්දිසා, තිභවා” යනාදිය දිගුසමාස වුවත් නපුංසක ඒකවචන බවට නො පැමිණේ.

 

අභ්‍යාසය 7

සිංහලට නඟා සමාස පදයන් සිද්‍ධ වූ සැටි දක්වනු.

 

        1. බුද්‍ධාදිච්චෙ අනුදිතෙ චන්‍දරිසුරිය - සහස්සානිපි මොක්ඛ මග්ගං පාකටං කාතුං න සක්කොන්ති. 2. මහාපුරිසෙ මහාබොධි මුපසඞ්කමන්තෙ මහාපඨවී මහාරවා රවමානා කම්පි. 3. ධම්මාසොකමහාරාජා සට්ඨිසහස්සමත්තෙ සමණපතිරූපකෙ නීහරිත්‍වා බුද්‍ධසාසනං නිම්මලමකාසි. 4. සක්‍යසීහො අනාථපිණ්ඩිකම්හා සෙට්ඨිනා කාරිතෙ ජෙතවනමහාවිහාරෙ එකූනවීසතිවස්සානි වසි. 5. සාරිපුත්තත්‍ථෙරො පිප්ඵලිගුහායං සමාපත්තිසුඛෙන සත්තාහං වීතිනාමෙසි. 6. බුද්‍ධඝොසාචරියො ජම්බුදීපතො සීහලදීපමාගන්ත්‍වා අනුරාධපුරෙ මාගධභාසාය පරිවත්තෙසි. 7. වට්ටගාමණීඅභයමහාරඤ්ඤො කාලෙ බහවො මහාථෙරා මාතුලජනපදෙ ආලොකගුහායං සන්නිපතිත්‍වා පරියත්තිධම්මං තාලපණ්ණෙසු ලිඛිංසු. 8. තිත්‍ථියා රත්තචන්‍දනමණ්ඩපං කාරාපෙත්‍වා තං නීලුප්පලපත්තෙහි ඡාදාපෙත්‍වා මහාජනස්ස පාටිහාරියං දස්සෙස්සාමාති තත්‍ථ අට්ඨංසු. 9. මහාමොග්ගල්ලානථෙරො අත්තනො ඉද්‍ධිබලෙන සක්කස්ස. දෙවරඤ්ඤො වෙජයන්තපාසාදං කම්පෙසි. 10. දෙවදත්තථෙරො රාජගහනගරෙ අජාසත්තුකුමාරං පසාදෙත්‍වා මහාලාභං උප්පාදෙසි. 11. සිද්ධත්‍ථකුමාරො උරුවෙලායං ගයාපදෙසෙ නෙරඤ්ජරානදීතිරෙ අස්සත්‍ථරුක්ඛමූලෙ නිසීදිත්‍වා වෙසාඛ පුණ්ණමියා පච්ඡිමයාමෙ අභිසම්බොධිං පාපුණි. 12. කිසා ගොතමී නාම ඛත්තියකඤ්ඤා නගරං පදක්ඛිණං කරොන්තස්ස බොධිසත්තස්ස රූපසිරිං දිස්වා එකං ගාථමාහ.


 

මෙහි අමුතු වචන

 

අජාතසත්තු = අජාසත්. පු.              තිපිටකපාළි = තුන්පිටක පෙළ.ඉ.

අට්ඨකථා = අටුවාව. ඉ.

අනුදිත = උදානොවූ. 3.                  තිත්‍ථිය=අන්‍යදෘෂ්ටික ශ්‍ර‍මණයා.පු.

අනෙක = නොයෙක්. 3.

අභිසම්බොධි = බුද්‍ධත්‍වය. ඉ.             දෙවරාජ = දෙව්රජ. පු.

අස්සත්‍ථරුක්ඛ = ඇසටු ගස. පු.         නීහරිත්‍වා = නෙරපා, පිටතට ගෙන.

ආලොකගුහා = අලුවිහාර                               පූ. ක්‍රි.

        යෙහි ගුහාව. ඉ.                පකාසෙතුං = ප්‍ර‍කාශ කරන්ට. නි.

ඉද්‍ධිබල = සෘද්‍ධියේ බලය. න.            පච්ඡිමයාම = රාත්‍රියේ අවසාන

උපසඞ්කමන්ත = එළඹෙන. 3.                   කොටස. පු.

උරුවෙලා = එනම් පෙදෙස             පදක්ඛිණා = වටේ යාම,

කම්පි = කම්පාවිය.                              ප්‍ර‍දක්‍ෂිණා කිරීම. ඉ.

ඡාදාපෙත්‍වා = වස්වා, සෙවිලි             පරිවත්තෙති = පෙරළයි,

        කරවා. පූ. ක්‍රි.                           අන්බසකට නගයි

ජම්බුදීප = දඹදිව. පු.                    පරියත්තිධම්ම = පර්යාප්ති

තාලපණ්ණ = පුස්කොළ,                        (ත්‍රිපිටක) ධර්‍මය. පු.

        තල්කොළ. න.

පසාදෙත්‍වා = පහදවා. පූ. ක්‍රි.            රවමාන = ශබ්ද කරමින්. පු.

පාටිහාරිය = ප්‍රාතිහාර්‍ය්‍යය. න.           රාජගහනගර = රජගහනුවර. න.

පිප්ඵලිගුහා = එනම් ඇති               රූපසිරි = රූප සම්පත. ඉ.

        ගුහාව. ඉ.                      වීතිනාමෙති = කල් යවයි

බුද්‍ධවචන = බුද්‍ධධර්‍මය. න.               වෙජයන්තපාසාද =

මණ්ඩප = මණ්ඩපය, මඩුව. පු.          වෛජයන්ත නම් ප්‍රාසාදය. පු.

මහාජන = මහජනයා. පු.                වෙසාඛපුණ්ණමී = වෙසක්

                                                පසළොස්වක. ඉ.

 


මහාරහ = ඉතා වටිනා. 3.               සක්‍යසීහ = ශාක්‍යසිංහ (බුදුරද) පු.

මහාලාභ = මහත් ලාභය. පු.

මාගධභාසා = මගධ (පාලි

        භාෂාව. ඉ.                      සමාපත්තිසුඛ = සමවත් සැපය. න.

මාතලජනපද = මාතලේ

        පෙදෙස. පු.                    සමණපතිරූපක = පැවිද්දකු

මොක්ඛමග්ග = නිවණට මග. පු.                මෙන් වංචාවෙන් පෙනී

රව = ශබ්දය, නාදය. පු.                         සිටින්නා. පු.

 

සමාස යොදමින් පාලියට නැඟිය යුතු :-

 

        1. ක්‍ෂත්‍රිය - බ්‍රාහ්මණ කන්‍යාවෝ රතුවස්ත්‍ර‍ ඇඳ රතුපුල් ගෙන ජේතවන විහාරයට ගොස් ශාක්‍යමුනීද්‍ර‍න් වැන්දාහ. 2. පන්සියයක් මහරහත්හු රජගහනුවර සත්තපණ්ණිගුහාද්වාරයෙහි අජාසත් මහරජු කරවූ මණ්ඩපයෙහි ධර්‍මසංගීතිය කළහ. 3. සිද්‍ධාර්‍ථ කුමාර තෙමේ ඇසළ පුර පසළොස්වක්දා මධ්‍යම යාමයේදී යශෝධරාදේවිය ද රාහුල කුමරු ද සියලු සම්පත් ද හැර දමා පැවිදිවීමට ගියේ ය. 4. මේඝවණ්ණාභය මහ රජතුමා රත්සඳුන් කරඬුවක රන්කරඬුවක් තබා එය තුළ දන්තධාතුව තැන්පත් කොට මහා පූජවක් කරවීය. 5. ‘මෙන්ඩුන්’ නමැති බුරුම අධිරාජතුමා බුද්ධගයාවේ මහාබෝධිය අසල මහා විහාරය මහත් ධනව්‍යයකින් ප්‍ර‍තිසංස්කරණය කරවීය. 6. බුද්ධඝෝෂාචාර්‍ය්‍ය තෙමේ මහා විහාරවාසී සංඝපාල මහ තෙරුන්ගෙන් සිංහල අටුවා ඉගෙන ඒවා පාලි භාෂාවට නැඟී ය.[16] 7. පළමුවැනි පරාක්‍ර‍මබාහු මහ රජ තෙම මුළු ලක්දිව එකච්ඡත්‍ර‍ නංවා නිකායත්‍ර‍ය එකක් කොට ශාසනය ශුද්ධ කෙළේ ය. 8. ශාක්‍යසිංහතෙම තුන්ලොව සියලු දෙවි මිනිසුන්ට දහම් දෙසීය. 9. මහා කාශ්‍යප ස්ථවිරතුමා පන්සියයක් භික්‍ෂූන් සමග කුසිනාරානුවරට ගොස් පිරිනිවි භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වැන්දේ ය. 10. මල්ලරජවරු බුද්ධදේහය රන්දෙනක බහා සුවඳතෙල් වත්කොට සඳුන් දරසෑයක තබා දැවූහ.


 

        11. රජගහසිටුතුමා රත්සඳුන් පාත්‍ර‍යක් සාදවා සෘද්‍ධිමත්හු ඇත්නම්[17] අහසින් අවුත් ගනිත්වායි කියා එය සැටරියන් උස් උණලීයක් මත්තෙහි තැබී ය. 12. පිණ්ඩොලභාරද්වාජ ස්ථවිරතුමා අහසින් ගොස් එය ගත්තේ ය. නමුත් සර්‍වඥයන් වහන්සේ ඒ පාත්‍ර‍ය බින්දෙව් සේක. 13. රතුරෙදි නිල්රෙදි සුදුරෙදි ආදියෙන් සැරසූ මහා මණ්ඩප සුධර්‍මා දේවසභාව මෙන් බබළයි. 14. උපාසක උපාසිකාවෝ සුදුවස්ත්‍ර‍ ඇඳ සුදුනෙළුම් රතුපුල් එළසඳුන් ආදිය ගෙන ගොස් රුවන්වැලි මහසෑය ද මහා බෝධිය ද මිරිසවැටි සෑය ද පුදත්.

 

මෙහි අමුතු වචන

 

ඇසළ පුර පසළොස්වක =              ප්‍ර‍තිසංස්කරණය කරවයි =

        ආසාළ්හපුණ්ණමී. ඉ.                    පටිසංඛාරාපෙති

උණලීය = වෙළු. වෙළුයට්ඨි.ඉ.           බහා = පක්ඛිපිත්‍වා. පූ.ක්‍රි.

කරඬුව = කරණ්ඩක. පු.                බින්දෙව්වේය = භින්‍දාපෙසි.

තර්ජනය කොට = තජ්ජෙත්‍වා.           බුරුම අධිරාජයා = මාරම්මාධි-

        පූ.ක්‍රි.                                   රාජ. පු.

තැන්පත්කොට = නිදහිත්‍වා:             මධ්‍යමයාමය = මජ්ඣිමයාම. පු.

        ඨපෙත්‍වා. පූ. ක්‍රි.                මහරහත් = මහාඛීණාසව. පු.

දරසෑය = චිතක. පු.                     මිරිසවැටි සෑය = මරිචවට්ටි-

ධනව්‍යය = ධනබ්බය. පු.                                චෙතිය. න.

විස්සජ්ජන. න.                         රන්දෙණ = සුවණ්ණදොණී. ඉ.

ධර්‍මසංගීතිය = ධම්මසංගීති. ඉ.           රියන = රතන, න. හත්‍ථ. පු.

නමුත් = තථාපි. නි.                     වත්කොට = ආසිඤ්චිත්‍වා

නංවයි = ආරොපෙති                           පූ. ක්‍රි.

නිකායත්‍ර‍ය = නිකායත්තය. න.          ශුද්ධකෙළේය = සොධෙසි.

පැවිදිවීමට = පබ්බජිතුං. නි.             සඳුන්දර = චන්‍දනදාරු. න.

පිරිනිවි = පරිනිබ්බුත. 3.                 සුවඳතෙල් = ගන්‍ධතෙල. න.


3. තප්පුරිස සමාසය

 

        37. දුතියාව පටන් සත්තමිය දක්වා ඇති විභක්තීන්ගෙන් යුත් පදයන් තමන්ට පරව සිටි පදයන් හා සමාසවීම තප්පුරිස සමාස නමි.

 

        කම්මධාරය-දිගු සමාසයෝ ප්‍ර‍ථමාවෙන් සිටි පදයන් අතර පමණක් සිද්ධවෙති. පූර්වපදය ප්‍ර‍ථමාවෙන් සිටිකල්හි තප්පුරිස සමාසය සිද්ධ නොවේ. නමුත් පසු පදය එහිත් ප්‍ර‍ථමාවෙන් සිටී. (සමාසය සිද්ධ වූ පසු කොයි සමාසයකට අයත් පදයක් වුවත් නාම පදයක් මෙන් සලකා සියලු විභක්තිවල වරනැගිය හැකි බව සැලකිය යුතු.)

 

        38. දුතියාවෙන් යුත් පදයක් මුලට සිට සමාස වූ කල ඊට දුතියා තප්පුරිස සමාස යයි කියනු ලැබේ. තතියාදියෙන් යුත් පද මුලට සිට සමාස වූ විට තතියාතප්පුරිස යනාදි නම් යොදනු ලැබේ.

 

1. දුතියාතප්පුරිසය

 

සරණං + ගතො = සරණගතො (සරණ ගියේ). පු.

ගාමං + ගතො = ගාමගතො (= ගමට ගියේ). පු.

සුඛං + පත්තො = සුඛප්පත්තො (= සැපයට පැමිණියේ). පු.

රථං + ආරූළ්හො = රථාරූළ්හො (= රථයට නැංගේ). පු.

සොතං + ආපන්නො = සොතාපන්නො (= සෝවාන් වූයේ). පු.

(නිවන කරා පැමිණෙන හෙයට පැමිණියේ යන අර්ථයි.

පමාණං + අතික්කන්තො = පමාණාතික්කන්තො. (= ප්‍ර‍මාණය ඉකුත් කළේ). පු.

 

2. තතියාතප්පුරිසය

 

        බුද්ධෙන + දෙසිතො = බුද්‍ධදෙසිතො (= සර්වඥයන් වහන්සේ විසින් දෙසන ලද්ද ධර්මයයි). පු.

 

        අග්ගිනා + දඩ්ඪො = අග්ගිදඩ්ඪො (= ගින්නෙන් දවන ලද්දේ). පු.

 

        සප්පෙන + දට්ඨො = සප්පදට්ඨො (= සර්‍පයා විසින් ඩසින ලද්දේ). පු.

        රඤ්ඤා + හතො = රාජහතො (= රජු විසින් නසන ලද්දේ). පු.

 

කරණාර්‍ථයෙහි තතියා තප්පුරිසය :

 

        අසිනා + කලහො = අසිකලහො (= කඩුවෙන් කරන කලහය). පු.

        වාචාය + නිපුණො = වාචානිපුණො (= වචනයෙන් දක්‍ෂ වූයේ). පු.

 

3. චතුත්‍ථිතප්පුරිසය

 

        චීවරස්ස+දුස්සං = චීවරදුස්සං (= සිවුරට වස්ත්‍ර‍ය හෝ සිවුරුපිළි). න.

        යාගුයා + තණ්ඩුලා = යාගුතණ්ඩුලා (= කැඳට සහල්). පු.

        සංඝස්ස + භත්තං = සංඝභත්තං (= සංඝයාට බත්, සඟබත්). න.

        බුද්ධස්ස + දෙය්‍යං = බුද්‍ධදෙය්‍යං (= බුදුන්ට දිය යුතු දේ). න.

        පාසාදාය + දබ්බං = පාසාදදබ්බං (= ප්‍රාසාදයට දැව). න.

 

4. පඤ්චමීතප්පුරිසය

 

        රුක්ඛා + පතිතො = රුක්ඛපතිතො (= ගසෙන් වැටුණේ). පු.

        රාජතො + භයං = රාජභයං (= රජුගෙන් වූ භය. රාජභය). න.

        බන්‍ධනා + මුත්තො = බන්‍ධනමුත්තො (= බැම්මෙන් මිදුණේ). පු.

        අග්ගිතො + භයං = අග්ගිභයං (= ගිනිභය). න.

        පාපතො + භීතො = පාපභීතො (= පවෙන් භයවූයේ). පු.

        දුච්චරිතො + විරති = දුච්චරිතවිරති (දුෂ්චරිතයෙන් වෙන්වීම). ඉ.

 

5. ඡට්ඨිතප්පුරිසය

 

        ජිනස්ස + වචනං = ජිනවචනං (= බුද්‍ධවචනය). න.

        රඤ්ඤො + පුත්තො = රාජපුත්තො (= රජුගේ පුත්‍ර‍යා, රාජපුත්‍ර‍යා).

        ධඤ්ඤානං + රාසි = ධඤ්ඤාරාසි (= ධාන්‍යරාශිය). පු.

        හත්‍ථිනො + පදං = හත්‍ථිපදං (= හස්තිපාදය). න.

        පුප්ඵස්ස + ගන්‍ධො = පුප්ඵගන්‍ධො (= මලේ සුවඳ). පු.

        බුද්‍ධස්ස + සාවකො = බුද්ධසාවකො (= බුද්ධශ්‍රාවකතෙම). පු.


6. සත්තමීතප්පුරිසය

 

අරඤ්ඤෙ + වාසො = අරඤ්ඤවාසො (= වනයෙහි විසීම, වනවාසය) පු.

ගාමෙ + සූකරො = ගාමසූකරො (ගම්ඌරා). පු.

කූපෙ + මණ්ඩුකො = කූපමණ්ඩුකො (= ළිඳේ මැඩියා). පු.

වනෙ + පුප්ඵං = වනපුප්ඵං (= වනයෙහි මල්, වල් මල්). න.

සමුද්දෙ + කච්ඡපො = සමුද්දකච්ඡපො (= මූදුකැස්බෑවා). පු.

ධම්මෙ + රතො = ධම්මරතො (= ධර්‍මයෙහි ඇලුණේ). පු.

අන්තෙ + වාසිකො = අන්තෙවාසිකො (= අතවැසියා). පු.

මනසි + කාරො = මනසිකාරො (= මෙනෙහි කිරීම, මනස්කාරය). පු.

පඞ්කෙ + රුහං = පඞ්කෙරුහං (= නෙළුම්මල). න.

පුබ්බෙ + නිවාසො = පුබ්බෙනිවාසො (= පෙර විසීම, පූර්‍වෙනිවාසය). පු.

 

        මේ ආදිය තප්පුරිස සමාසය වුවත් මුල් පදවල විභක්ති ලොප් නොවී එසේ ම සිටිත්. ඇතැම් සමාස පදයන්ගේ විභක්ති ලොප් නොවන බව මුලදී දක්වන ලදි.

 

        මේ තප්පුරිස සමාසයෙහි වූ බොහෝ පද තුන්ලිඟුවෙහි වැටෙති. “සරණගතො පුරිසො, සරණගතා ඉත්‍ථි, සරණගතං කුලං” ආදි වශයෙන් තුන් ලිඟුවෙහි සියලු විභක්තිවල වරනැගිය යුතු.

 

4. ද්වන්‍ද සමාසය

 

        39. කම්මධාරය සමාසයෙහි මෙන් විශේෂණ විශේෂ්‍ය භාවයක් නැත්තා වූ ද තප්පුරිසයෙහි මෙන් ද්විතීයාදි පූර්‍වපද නැත්තා වූ ද වෙන් වෙන් අර්ථයන් ප්‍ර‍කාශ කරන ශබ්දයන් සමාස කිරීම ද්වන්‍ද සමාස නම් වේ.

 

        “දෙවා ච මනුස්සා ච = දෙවමනුස්සා” යනාදි වශයෙන් ච - ශබ්දයෙන් සම්බන්‍ධකරන ශබ්දයන් ද්වන්‍ද සමාසයට පැමිණෙන බව සැලකිය යුතු. ච - ශබ්දය සිංහලයෙහි ද - ශබ්දයට සමාන වේ. එහෙයින් සිංහල ව්‍යාකරණයෙහි මේ සමාසය ‘ද - අරුත් සමස්’ යි නම් කරන ලදි.

 

        ච - ශබ්දයෙන් සම්බන්‍ධවෙන ශබ්ද දෙකක් හෝ ඊට වැඩි ගණනක්

 

 

 

හෝ ද්වන්‍ද සමාසයේ දී එක් පදයක් කොට ගැළපිය හැක. පද දෙකකට වැඩි ගණනක් සමාස කිරීමේ බලය අන්‍ය සමාසයන්ට ඇති බවක් නො පෙනේ.

 

        40. ද්වන්‍ද සමාසය සමාහාර ද්වන්දය, ඉතරෙතරද්වන්‍ද යයි දෙකොටසකට බෙදනු ලැබේ. සමාහාර ද්වන්‍දයේදී සමාස පදය නපුංසක ඒක වදනයෙන් සිටී. (පද දසයක් සමාස කළත් ඒක වචන බවට පැමිණේ යයි දත යුතු) ඉතරෙතරද්වන්‍දයේදී ඒ සමාස වූ පදවලට අයත් ලිඟුවල බහුවචන වී සිටිත්.

 

        41. කම්මධාරයෙහි ‘සෙතහත්‍ථි’ යන පදයෙන් ‘හත්‍ථි’ යන පසු පදය ප්‍ර‍ධාන වේ. ‘සෙත = සුදු’ යන්න ප්‍ර‍ධාන විය නොහේ. තප්පුරිසයෙහි ‘ගාමගතො’ යන පදයෙහි ‘ගතො = ගියේ’ යන්න ප්‍ර‍ධාන වේ. මෙසේ ඒ සමාස දෙක්හි පසු පදය ප්‍ර‍ධාන ‘වෙන නමුත් ද්වන්‍දයෙහි එක් පදයක් ප්‍ර‍ධාන නොවන බව සැලකිය යුතු. එසේ පද දෙක සමාන බල ඇති කල්හි මුලින් යෙදිය යුතු කිනම් පදයක් දැයි නිශ්චය කොට ගැන්ම අපහසු වන බැවින් අඩු අකුරු ඇති පදය මුලින් යෙදිය යුතු ය. තත්‍වයෙන් උසස් පදය මුලින් යෙදිය යුතුය. ආදී නියමයෝ පූර්‍වාචාර්‍ය්‍යයන් විසින් දක්වන ලදහ.

 

A සමාහාරද්වන්දය

 

නාමඤ්ච රූපඤ්ච = නාමරූපං (= නාමය ද රූපය ද ‘නාමරූප’ නමි). න.

චක්ඛුඤ්ච සොතඤ්ච = චක්ඛුසොතං (= ඇස හා කන). න.

ගීතඤ්ච වාදිතඤ්ච = ගීතවාදිතං (= ගීකීම් හා වැයීම්). න.

ඡවි ච මංසඤ්ච ලොහිතඤ්ච = ඡවිමංසලොහිතං

හත්‍ථිනො ච අස්සා ච රථා ච පත්තිකා ච = හත්‍ථස්සරථ

        පත්තිකං (= ඇත් = අස් - රිය - පාබලසෙනග). න.

හත්‍ථි ච ගාවො ච අස්සා ච වළවා ච =  හත්‍ථිගවාස්සවළවං (= ඇත් - ගව - අස් - වෙළඹ). න.

 


B. ඉතරෙතරද්වන්දය

 

     චන්‍දො ච සුරියො ච = චන්‍දසුරියා (= චන්‍ද්‍ර‍ සූර්‍ය්‍යයෝ). පු.

     සාරිපුත්තො ච මොග්ගල්ලානො ච = සාරිපුත්තමොග්ගල්ලානා

(= සැරියුත් - මුගලන් මහතෙරහු). පු.

     සමණා ච බ්‍රාහ්මණා ච = සමණබ්‍රාහ්මණා (= මහණ බමුණෝ). පු.

     දෙවා ච මනුස්සා ච = දෙවමනුස්සා (= දෙව්මිනිස්සු). පු.

     මාතා ච පිතා ච = මාතාපිතරො (= මවුපියවරු). පු.

 

     සුරා ච අසුරා ච නරා ච උරගා ච නාගා ච යක්ඛා ච = සුරා’සුරනරොරගනාගයක්ඛා (= දෙවි - අසුර - මනුෂ්‍ය - උරග - නාග - යක්‍ෂයෝ). පු.

 

අභ්‍යාසය 8.

සිංහලට නඟා සමාස පද සිද්ධ වූ සැටි දක්වනු.

 

     “උත්තමඞ්ගරුහා මය්හං ඉමෙ ජාතා වයොහරා,

     පාතුභූතා දෙවදූතා, පබ්බජ්ජාසමයො මම.” (මඛාදෙව ජාතකය.)

 

     2. “මහාසත්තො පන ආගච්ඡන්තො කහාපණසහස්සෙන සද්ධිං එකං සාටකං තාම්බූලපසිබ්බකෙ ඨපෙත්‍වා ආගතො.” (මහොසධ ජාතක)

 

     3. පණ්ඩිතො උප්පාදිතධනං ච ආහටධනං ච සබ්බං තස්සා මාතාපිතුන්නං දත්‍වා තෙ සමස්සාසෙත්‍වා තමාදාය නගරමෙව අගමාසි.

 

     4. “ජරසක්කො අම්හෙ මත්තෙ කත්‍වා මහාසමුද්දපිට්ඨෙ ඛිපිත්‍වා අම්හාකං දෙවනගරං ගණ්හි. මයං තෙන සද්ධිං යුජ්ඣිත්‍වා අම්හාකං දෙවනගරමෙව ගණ්හිස්සාම.” (කුලාවක ජාතක)

 

     5. තස්ස ගමනමග්ගෙ සිම්බලිවනං තාලවනං විය ඡිජ්ජිත්‍වා සමුද්දපිට්ඨෙ පතති. සුපණ්ණපොතකා සමුද්දපිට්ඨෙ පරිවත්තන්තා මහාරවං රවිංසු” (ජාතක නිදාන)

 

     6. “මහාමයාදෙවී ....................ගන්‍ධොදකෙන නහායිත්‍වා චත්තාරි


 

සතසහස්සානි විස්සජ්ජෙත්‍වා මහාදානං දත්‍වා...... අලංකතපටියත්තං සිරිගබ්භං පවිසිත්‍වා සිරිසයනෙ නිපන්නා....... ඉමං සුපිනං අද්දස” (ජාතක නිදාන.)

 

     7. “රාජා........කපිලවත්‍ථුතො යාව දෙවදහනගරමග්ගං සමං කාරාපෙත්‍වා....... දෙවිං සොවණ්ණසිවිකාය නිසීදාපෙත්‍වා මහන්තෙන පරිවාරෙන පෙසෙසි.” (එම)

 

     8. “ද්වින්නං පන නගරානං අන්තරෙ උභයනගරවාසීනම්පි ලුම්බිනීවනං නාම මඞ්ගලසාලවනං අත්‍ථි.” (එම)

 

     9. සකලං ලුම්බිනීවනං චිත්තලතාවනසදිසං මහානුභාවස්ස රඤ්ඤො සුසජ්ජිත - ආපානමණ්ඩලං විය අහොසි.”

 

     10. බොධිසත්තො පන ධම්මාසනතො ඔතරන්තො ධම්මකථිකො විය..... ද්වෙ හත්‍ථෙ ද්වෙ පාදෙ ච පසාරෙත්‍වා කාසිකවත්‍ථෙ නික්ඛිත්ත - මණිරතනං විය ජොතන්තො මාතුකුච්ඡිතො නික්ඛමි.” (එම)

 

     11. “අථෙකදිවසං බොධිසත්තො උය්‍යානභූමිං ගන්තුකාමො සාරථිං අමන්තෙත්‍වා ‘රථං යොජෙහී’ති ආහ.

 

     12. “සො’ ‘සාධූ’ති පටිසුණිත්‍වා මහාරහං උත්තමරථං සබ්බා ලංකාරෙන අලඞ්කරිත්‍වා........ චත්තාරො මඞ්ගලසින්‍ධවෙ යොජෙත්‍වා බොධිසත්තස්ස පටිවෙදෙසි.” (එම)

 

මෙහි අමුතු වචන

 

ආගච්ඡන්ත = එන. 3.                   පටිවෙදෙති = දැනුම් දෙයි.

ආපානමණ්ඩල = මත්පැන් බීමේ        පබ්බජ්ජාසමය=පැවිදිවීමට කාලය.පු.

උත්සවයට සැදූ මණ්ඩපය. න.          පරිවන්තත්ත = පෙරළෙමින්. 3.

ආමන්තෙත්‍වා = කථාකොට. පූ.ක්‍රි        පසාරෙත්‍වා = දිගුකොට. පූ.ක්‍රි.

උත්තමඞ්ගරුහ = හිසකෙස්. පු.          පසිබ්බක = පසුම්බිය. පු.

උප්පාදිත = ඉපදවූ, සැපයූ. 3.           පාතුභූත = පහළ වූ. 3.

උය්‍යානභූමි = උයන්බිම. ඉ.             පොතක = පැටියා. පු.

ඔතරන්ත = බසින. 3.                   මඞ්ගල = ශුභවූ. රාජකීය. 3.

කහාපණ = කහවණුව (කාසිය).පු.       මණිරතන = මාණික්‍ය රත්නය. න.

කාසිකවත්‍ථ = කසීරට වස්ත්‍ර‍. න.         මත්ත = මත්වූ. 3.

ඛිපිත්‍වා = දමා, විසිකොට. පූ. ක්‍රි.        මහානුභාව = මහත් ආනුභාව

ගන්‍ධොදක = සුවඳ කළ පැන්. න.               ඇති. 3.

ගමනමග්ග = යනමාර්‍ගය. පු.             මාතුකුච්ඡි = මවුකුස. පු.ඉ.

චිත්තලතාවන = දෙව්ලොව             යුජ්ඣිත්‍වා = යුද්ධකොට. පූ. ක්‍රි.

     උයනක නමක්. න.                රවි = නාද කෙළේය.

ජරසක්ක = මහලු ශක්‍ර‍යා. පු.            වයොහර = ආයුෂය පැහැර

ජාත = උපන්. 3.                                ගන්නාවූ. 3.

ජොතන්ත = බබළන. න.                විස්සජ්ජෙත්‍වා = වියදම්

තාම්බූල = බුලත්. න.                                    කොට. පූ. ක්‍රි.

තාලවන = තල්වනය. න.                සකල = සියලු. 3.

දෙවදූත = දෙවියන්ගේ                  සදිස = සමාන වූ. 3.

     දූතයා. පු.                          සමස්සාසෙත්‍වා = අස්වසා. පූ.ක්‍රි.

 

ධම්මාසන = ධර්‍මාසනය. න.             සමුද්දපිට්ඨ = මූදමතුපිට. න.

ධම්මකථික = බණ                      සිම්බලි = ඉඹුල් ගස. පු.

     කියන්නා. පු.                      සුපණ්ණ = ගුරුළා. පු.

නගරවාසී = නුවර වැසියා. පු.           සාටක = වස්ත්‍ර‍ය. පු. න.

නික්ඛිත්ත = තැබූ; දැමූ. 3.               සිරිගබ්භ = රාජකීය කාමරය. පු.

නිපන්න = හොත්. 3.                    සිරිසයන = රාජකීය ඇඳ. න.

පටියත්ත = පිළියෙළ කළ. 3.            සුපින = සිහිනය. න.

                                        සුසජ්ජිත = මනාසේ සැරසූ.

 

සමාසයුක්තකොට පාලියට නැඟිය යුතු.

 

     1. සුමේධ පණ්ඩිත තෙමේ අමෘතදායක වූ දීපඞ්කර මහ මුනිහු ඉදිරියෙහි බුදුබව සඳහා ප්‍රාර්‍ථනා කළේ ය. 2. බුදුන් සරණ ගිය දෙව් - මිනිස් - අසුර - නාගයෝ ප්‍ර‍මාණාතික්‍රාන්ත සැපයට පැමිණියහ. 3. සර්‍වාලඞ්කාරයෙන් සැරසුණු මහරජතුමා සැරසූ මඟුලැතු පිට නැගී දෙව්පුරයක් මෙන් අලඞ්කෘත වූ නගරයෙහි හැසුරුණේ ය. 4. කූපමණ්ඩුකයා තමා වසන ළිඳ මහා සාගරය


 

මෙන් සලකයි. එමෙන් අල්පශ්‍රැතයා ද තෙමේ මහා පණ්ඩිතයෙකැයි සිතයි. 5. ධර්‍මාශෝක පුත්‍ර‍ වූ මිහිඳු කුමාර තෙමේ මොග්ගලිපුත්තතිස්ස මහාස්ථවිරයන් වහන්සේ වෙත පැවිදිව පිටකත්‍ර‍ය ඉගෙන ගත්තේ ය. 6. ගමට ගිය පුරුෂයා ධාන්‍ය රාශියක් ගෙනවුත් නුවරවැසි වෙළඳුන් දශ දෙනකුන්ට වික්කේ ය. 7. ගින්නෙන් දෑ වනයෙහි සිංහ - ව්‍යාඝ්‍ර‍- කොටි ද, ඌරු - මුව පක්‍ෂීහු ද නොවසත්. 8. බැමිවලින් මිදුණු ගව මහිෂයෝ ද එළු බැටළුවෝ ද වෘක්‍ෂපත්‍ර‍ - තණ ආදිය කමින් ක්‍රීඩා කරමින් ඇවිද්දාහ. 9. බුදුන් දෙසූ නිවන් දෙන දහම් ඇසූ ස්ත්‍රී පුරුෂයෝ සිවුරුපිළි ගෙනවුත් භික්‍ෂු-භික්‍ෂුණී - සාමණෙර - සාමණෙරින්ට දුන්හ. 10. ලක්දිව ගම්-නියම්ගම් - නුවරවල - තල් - පොල් - කිතුල් - අඹ - කොස් - දෙල් ගස් ඇත්තාහ. 11. ගසෙන් වැටුණු වඳුරා ගම්වැසි බල්ලන් විසින් අල්වන ලදි. 12. චන්ද්‍ර‍- සූර්‍ය්‍ය- තාරකාවෝ අහසෙහි හැසිරෙමින් මුළුලොව අලඞ්කාර කරත්. 13. සර්පයන් විසින් ඩසින ලද බාල - මහලු - දුගී - ධනවත් සියල්ලෝ මහත් දුකට පැමිණෙත්. 14. ක්‍ෂත්‍රිය - බ්‍රාහ්මණ - වෛශ්‍ය - ශුද්‍රයෝ බුද්ධශාසනයෙහි පැවිදිව මහ මුහුදට පැමිණි නොයෙක් ගංගාවන්ගේ ජලය මෙන් සමාන බවට පැමිණෙත්.

 

ප්‍ර‍ශ්න :

 

     1. රුක්ඛං + ආරූළ්හො, බුද්ධෙන + භාසිතො, රත්තං + වත්‍ථං. සෙතො + ගොණො, චොරතො + භයං, තිස්සො + රත්තියො, චත්තාරි + සච්චානි, නරො ච නාරී ච, නච්චං ච ගීතං ච වාදිතං ච, යන තන්හි කෙසේ සමාස කටයුතු ද? සමාසවල නම් ද දක්වනු.

 

     2. ගෙහගතො, මුඛනාසිකං, පත්තචීවරං, ඛත්තියබ්‍රාහ්මණා, මහාමොහො, දසසීලං, ඡළායතනං, අලාභො, කාලවණං, මජ්ඣිමපුරිසො, පුරාණවිහාරො, ගුත්තිලාචාරියො, මහොසධ පණ්ඩිතො යන සමාස පද කිනම් සමාසවලට අයත් වෙත් ද? පද වෙන්කොට සමාස කරන ආකාරය පෙන්විය යුතු.


අලංකාරකරයි = මණ්ඩෙති;             බුදුබව = බුද්ධත්ත. න.

අලංකාරොති                           බැටළුවා = මෙණ්ඩ, මෙණ්ඩක. පු.

අල්පශ්‍රැතයා = අප්පස්සුත. 3.           භික්‍ෂුණිය = භික්ඛුනී. ඉ.

කිතුල් = හින්තාල.  පු.                  මඟුලැතා = මඞ්ගලහත්‍ථි. පු.

කොටියා = දීපි. පු.                      මහීෂ (=මීමා) = මහිස. පු.

තාරකාව = තාරා, තාරකා. ඉ.           ව්‍යාඝ්‍ර‍ = ව්‍යග්ඝ. පු.

දුගී = දුක්ඛිත, දිළිද්ද. 3.                 ශුද්‍ර‍ = සුද්ද

දෙල් = ලබුජ. පු.                        සඳහා = අත්‍ථාය

නියම්ගම = නිගම. පු.                   සමාන බව = සමානත්ත. න.

නිවන්දෙන = අමතන්‍දද. 3.              සර්වාලංකාර = සබ්බාලංකාර. න.

පැමිණේ = පාපුණාති                   සලකයි = සල්ලක්ඛෙති

ප්‍රාර්‍ථනා කෙළේ ය = පත්‍ථයි             සැරසුණු = පතිමණ්ඩිත. 3.

                   සැරසූ = අලඞ්කත; මණ්ඩිත. 3

 

5. බහුබ්බීහි සමාසය

 

     42. සමාස වූ පසු ඒ පදයන්ගේ අර්ථයන් හැර අන්‍යාර්ථයක් ප්‍ර‍කාශ  කරන්නා වූ සමාසය බහුබ්බීහි නම් වේ.

 

        “ඡින්නහත්‍ථ” යන තැන ‘ඡින්න’ ය ‘හත්‍ථ’ යයි පද දෙකකි. ‘කැපූ, අත’ යන අර්ථ දෙකක් ඒ දෙපදයෙන් කියවේ. නමුත් බහුබ්බීහි විධියෙන් සමාස වූ මේ දෙපදයෙන් ඒ පදයන්ට අයත් එක් අර්ථයක් වත් ප්‍ර‍මුඛ වශයෙන් ප්‍ර‍කාශ කරනු නොලැබේ. කැපූ අත් ඇති මිනිසෙක් මෙයින් කියවේ. එබැවින් බහුබ්බීහියෙහි සමාස වීමට පැමිණෙන එක් පදයක් වත් ප්‍ර‍ධානත්‍වය නොපවත්වන්නේ යයි ද අන්‍යාර්ථයක් ප්‍ර‍ධාන වන්නේ යයි ද දත යුතු.

 

        ආගතා සමණා යං, සො - ආගතසමණො (විහාරො)

 

        (= ආවා වූ ශ්‍ර‍මණයෝ යම් තැනකට ද, ඒ තැන ආගතසමණ නම් වේ; විහාරයයි.)

 

        ආරූළ්හා වාණිජා යං, සා = ආරූළ්හවාණිජා. (නාවා)

 

       


        (=නැංගාවූ වෙළෙන්දෝ යමකට ද, එය ආරූළ්හවාණිජා නම් වේ. නැවයි).

 

        ආරූළ්හො වානරො යං, සො = ආරූළ්හවානරො, (රුක්ඛො) (= වඳුරා යමකට නැංගේ ද, එය ආරූළ්හවානර නම් වේ; ගසයි.)

 

        මේ පද තුන ම කර්‍මාර්‍ථයෙහි සිද්ධ වේ. ඒමට කර්‍මය වූ විහාරය ද නැඟීමට කර්‍ම වූ නැව හා ගස ද මේ පදවලින් ප්‍ර‍කාශ කරනු ලබන බැවින් කර්‍මාර්‍ථයෙහි වෙතියි දත යුතු. නැංගා වූ - වෙළෙන්දෝ, වඳුරා යන අර්ථවලින් එකක් වත් සමාස වූ පසු ප්‍ර‍ධාන නොවී අන්‍යාර්ථයක් ප්‍ර‍කාශ වෙන ආකාරය සැලකිය යුතු.

 

        විජිතා මාරා යෙන, සො = විජිතමාරො. (භගවා)

 

        (=මාරයෝ යමකු විසින් පරදවන ලදහු ද, හෙතෙම විජිත මාර නම් වේ. භාග්‍යවතුන් වහන්සේයි.)

 

        දිට්ඨො ධම්මො යෙන, සො = දිට්ඨධම්මො (අරියසාවකො)

 

        (= ධර්‍මය යමකු විසින් දක්නා ලද්දේ ද හෙතෙම දිට්ඨම්ම නම් වේ ආර්‍ය්‍යශ්‍රාවකයායි.)

 

        (= දිනන ලද ඉඳුරෝ යමකු විසින් ද, හෙතෙම ජිතින්‍ද්‍රිය නම් වේ. ශ්‍ර‍මණයායි.)

 

        මේ පද තතියා විභක්ති අර්ථයෙහි වෙති.

 

        දින්නො සුඞ්කො යස්ස, සො = දින්නසුඞ්කො (රාජා)

 

        (= දෙන ලද සුංගම් හෝ අයබදු යමකු ද, හෙතෙම දින්න සුඞ්ක නම් වේ. (රජ තෙමේයි.)

 

        උපනීතං භොජනං යස්ස, සො = උපනීතභොජනො

 

        (= ගෙනෙන ලද ආහාරය යමකුට ද, හෙතෙම උපනීතභොජන නම් වේ.)

        මොවුහු චතුර්ථි අර්ථයෙහි වෙති.

        අපෙතං විඤ්ඤාණං යස්මා, සො = අපෙතවිඤ්ඤාණො. (මතකායො.)

        (= පහ වූ විඥානය යමක් කෙරෙන් ද, එය අපෙතවිඤ්ඤාණ නම් වේ. මෘතශරීරයයි.)

        නිග්ගතා ජනා යස්මා සො = නිග්ගතජනො. (ගාමො)

        (= මනුෂ්‍යයෝ යමකින් නික්මුණාහු ද, එය නිග්ගතජන නම් වේ. ගමයි.)

        නිග්ගතො අයො යස්මා සො = නිරයො, (=සැපය නික්ම ගියේ යමක් කෙරෙන් ද, එය නිරය නම් වේ. නරකයයි.) මොවුහු පඤ්චමී අර්ථයෙහි වෙති.

        ඡින්නා පාදා යස්ස, සො = ඡින්නපාදො. (පුරිසො)

        (= යමකුගේ පාදයෝ සිඳින ලදහු ද හෙතෙම ඡින්නපාද නම් වේ. දඬුවම් ලැබූ පුරුෂයෙකි.)

        ඛීණා ආසවා යස්ස, සො = ඛීණාසවො. (අරහා)

        (= ක්‍ෂීණ වූ ආශ්‍ර‍වයෝ යමකුගේ ද, හෙතෙම ඛීණාසව නම් වේ. රහතන් වහන්සේයි.)

        දුට්ඨං සීලං යස්ස, සො = දුස්සීලො (දුස්සීල පුග්ගලො)

        (= දූෂිත වූ සිල් යමකුගේ ද, හෙතෙම දුස්සීල නම් වේ. සිල් නැති පුද්ගලයෙකි.)

        සුන්‍දරො ගන්‍ධො යස්ස, තං = සුගන්‍ධං, (චන්‍දනාදි)

        (= යහපත් වූ ගන්‍ධය යමකගේ ද, එය සුගන්‍ධ නම් වේ. සඳුන් ආදි දෙයකි.)

        මොවුහු ඡට්ඨි අර්ථයෙහි වෙති.

        ආකිණ්ණා මනුස්සා යස්සා, සා = ආකිණ්ණමනුස්සා (රාජධානි)

        (= ගැවසීගත් මනුෂ්‍යයෝ යම් තැනක ද, එය ආකිණ්ණ මනුස්ස නම් වේ. රාජධානියයි.)


       

        බහවො තාපසා යස්මිං, සො = බහුතාපසො. (අස්සමො)

        (= බොහෝ තාපසයෝ යම් තැනක ද, එය බහුතාපය නම් වේ. ආශ්‍ර‍මයයි.)

        සම්පන්නානි සස්සානි යස්මිං, සො = සම්පන්නසස්සො (ජනපදො)

        (= සමෘද්ධ වූ සස්‍යයෝ යම් තැනක ද, එය සම්පන්නසස්ස නම් වේ. ජනපදයයි.)

 

මොවුහු සත්තමී අර්ථයෙහි වෙති.

 

        43. මේ සමාසයේදී ඇතැම් තැනක මුලින් සිටින සහ ශබ්දයට සකාරාදේශ වේ. සමාසපදයාගේ අන්තයෙහි කකාරයක් ආගම වේ. සහ හෙතුනා යො වත්තතෙ, සො = සහෙතුකො, සහෙතු.

 

        (= හේතුව සමග යමක් පවත්නේ ද, එය සහේතුක හෝ සහේතු නම් වේ. හේතු සහිත සිත් ආදියයි.)

 

        සහ පරිවාරෙන යො වත්තතෙ, සො = සපරිවාරො (= පිරිවර සමග යමෙක් පවත්නේ ද, හෙතෙම සපරිවාර නම් වේ. පිරිවර ඇති රජදරු ආදීහුයි.)

 

        මොවුහු ප්‍ර‍ථමාර්ථයෙහි වෙති.

 

6. අව්‍යයීභාව සමාසය

 

        44. අව්‍යයන් හෙවත් උපසර්ග - නිපාතපදයන් මුලින් සිට පරවූ පදයන් හා සමාසවෙන විට අව්‍යයීභාව සමාස නම් වේ. මේ සමාසයෙහි පූර්‍ව වූ උපසර්‍ග නිපාතයන්ගේ අර්ථය ප්‍ර‍ධාන වේ. අව්‍යයීභාව සමාස පදයෝ නපුංසක ලිංගයෙහි වෙති. අකාරාන්ත වූ අව්‍යයීභාව සමාසය ශබ්දයන් කෙරෙන් පර වූ හැම විභක්තීන්ට ම ඇතැම් විට අං ආදේශ වේ; ඉකාරාන්තාදී ශබ්දයන් කෙරෙන් සියලු විභක්තීන්ට ලොප් වේ.

 

        නගරස්ස + උප = උපනගරං (= නගරයාගේ සමීපය හෙවත් උපනගරය.)

        දරථානං + නි = නිද්දරථං (= දාහයන් නැති බව). න.

        රථස්ස + අනු = අනුරථං (= රථයට පසුව, රථය අනුව). න.

        අද්ධමාසං + අනු = අන්‍වද්ධමාසං (= අඩමසක් පාසා). න.

        පබ්බතස්ස + තිරො = තිරොපබ්බතං (= පර්වතයට එහා). න.

        නගරස්ස + අන්තො = අන්තොනගරං (= නුවර ඇතුළ). න.

        පාසාදස්ස + උපරි = උපරිපාසාදං (= ප්‍ර‍සාදයාගේ මස්තකය). න.

        මඤ්චස්ස = හෙට්ඨා = හෙට්ඨාමඤ්චං (= ඇඳයට). න.

        භත්තස්ස + පච්ඡා = පච්ඡාභත්තං (= පසුබත් කාලය, සවස් වරුව).න.

        ගඞ්ගාය + උප = උපගඞ්ගං (= ගඟට සමීප පෙදෙස). න.

        වුද්ධානං + (පටිපාටි) යථා = යථාවුද්ධං (=වෘද්ධ පිළිවෙළින්). න.

        කමො + යථා = යථාක්කමං (= පිළිවෙළින් හෙවත් ක්‍ර‍මය නොයික්මවා). න.

        ජීවස්ස + (පරිච්ඡෙදො) යාව = යාවජීවං (ජීවිතයාගේ පරිච්ඡේදය යම් පමණ ද එය යාවජීව නම් වේ. ‘ජීවිතාන්තය දක්වා’ යන අර්‍ථයි).

        නගරතො + බහි = බහිනගරං (= නුවරින් පිට හෙවත් පිටිනුවර). න.

        සත්ති + යථා = යථාසත්ති (= ශක්ති පරිද්දෙන්, ශක්තිය නොයික්මවා). න.

        වාතස්ස + පටි = පටිවාතං (= විරුද්ධ වාතය, උඩුසුළඟ). න.

        අත්‍ථො + යාව = යාවදත්‍ථං (= ඕනෑ පමණ). න.

        කුඩ්ඩස්ස + තිරො = තිරොකුඩ්ඩං (= බිත්තියෙන් එහා). න.

        වාතස්ස + අනු = අනුවාතං (= අනුවාතය, යටිසුළඟ). න.

        භත්තස්ස + පුරෙ = පුරෙභත්තං (= පෙරබත, උදය කාලය). න.

        පුබ්බස්ස + අනු = අනුපුබ්බං (= පිළිවෙළ). න.

        වස්සස්ස + අන්තො = අන්තොවස්සං (= ඇතුළු වස, වර්ෂා කාලය තුළ). න.

        (මෙහි ‘යථාසත්ති’ යන්න ඉකාරාන්ත බැවින් විභක්තියට ආදේශ නොවී ලෝපය වූ බව සැලකිය යුතු.

 

අභ්‍යාසය 9

සිංහලට නඟා සමාස පද දැක්විය යුතු:

 

        1. තස්මිං සමයෙ සත්‍ථා අනුපුබ්බෙනාගන්ත්‍වා අනාථපිණ්ඩිකෙන මහාසෙට්ඨිනා කාරිතෙ ජෙතවනමහාවිහාරෙ විහරති මහාජනං සග්ගමග්ගෙ ච මොක්ඛමග්ගෙ ච පතිට්ඨාපයමානො.

(ධම්මපදට්ඨ කථා.)

        2. “තදා සාවත්‍ථියං සත්තමනුස්සකොටියො වසන්ති, තෙසු අරියසාවකානං ද්වෙ යෙව කිච්චානි අහෙසුං පුරෙභත්තං දානං දෙන්ති, පච්ඡාභත්තං ගන්‍ධමාලාදිහත්‍ථා වත්‍ථභෙසජ්ජපානකාදිං ගාහාපෙත්‍වා ධම්මසවණත්‍ථාය ගච්ඡන්ති.” (එම)

       

        3. සුරනරමහිතො සත්‍ථා සහස්සභික්ඛුපරිවාරො ආකිණ්ණ මනුස්සං රාජගහං පාවිසි. 4. ආරූළ්හවාණිජා මහානාවා නිරුපද්ද වෙන මහාසමුද්දං තරිත්‍වා සත්තාහෙන ලඞ්කාදීපං සම්පාපුණී.

       

        4. සපිරිවාරො රාජා අන්‍වද්ධමාසමන්තොපුරා නික්ඛමිත්‍වා නානා තරුසණ්ඩමණ්ඩිතං දිජගණකූජිතං උය්‍යානං ගච්ඡති.

 

        5. “සීලගන්‍ධසමො ගන්‍ධො කුතො නාම භවිස්සති,

        යො සමං අනුවාතෙ ච පටිවාතෙ ච වායති?” (විසුද්ධිමග්ග.)

 

        6. බහවො බ්‍රාහ්මණා බහිනගරතො අන්තොනගරං පවිසිත්‍වා යාවදත්‍ථම්භුඤ්ජිත්‍වා සකසකගෙහානි ආගමංසු. 7. දුස්සීලා යාව ජීවමකුසලානි කත්‍වා පරම්මරණා නිරයෙ උප්පජ්ජිත්‍වා අතිකටුක දුක්ඛං වින්‍දන්ති. 8. ඡළභිඤ්ඤාප්පත්තා පඤ්චසතඛීණාසවා අන්තො වස්සං රාජගහසමීපෙ වසන්තා ධම්මවිනයසඞ්ගීතිං අකංසු. 9. සම්බුද්ධපරිනිබ්බාණතො වස්සසතච්චයෙන වෙසාලිවාසිනො වජ්ජිපුත්තකා භික්ඛූ සාසනෙ අබ්බුදං උප්පාදෙසුං.

මෙහි අමුතු වචන

අතිකටුක = ඉතා දරුණු. 3.             අරියසාවක = ආර්‍ය්‍යශ්‍රාවකයා. පු.

අනුපුබ්බෙන = පිළිවෙළින්. ක්‍රි.වි.        කිච්ච = වැඩේ, කෘත්‍යය. න.

අබ්බුද = අර්බුදය, භේදය. පු.            ගාහාපෙත්‍වා = ගෙන්වා ගෙන.

                                                පූ. ක්‍රි.

ජළභිඤ්ඤාප්පත්ත = අභිඥාසය          මණ්ඩිත = සරසන ලද. 3.

        ලැබූ. 3.                        මහිත = පිදූ; පුදන ලද. 3.

තරුසණ්ඩ = ගස් සමූහය. පු.            වජ්ජිපුත්තක = වජ්ජීන්ගේ

දිජගණකූජිත = පක්ෂි සමූහයා                   පුත්‍ර‍ වූ. 3.

        විසින් නාදිත වූ. 3.              වායති = හමයි.

ධම්මසවණ = බණඇසීම. න.            වින්‍දති = විඳියි.

නිරුපද්දව = උපද්‍ර‍ව නැති. 3.            සග්ගමග්ග = ස්වර්ගයට මග. පු.

පතිට්ඨාපයමාන = පිහිටුවමින්. 3.        සත්තමනුස්සකොටියො = සත්

පරං =  මත්තෙහි; පසුව. ක්‍රි. වි.                 කෝටියක් මිනිස්සු

පරනිබ්බාණ = පිරිනිවීම. න.            සම = සම (මට්ටම්) වූ. 3.

පරිවුත = පිරිවරන ලද. 3.               සමය = කාලය; ආගම. පු.

පානකාදි = බොන දේ ආදිය. පු.        සීලගන්‍ධ = ශීල නමැති සුවඳ. පු.

 

පාලියට නඟා යෝග්‍ය තැන්හි සමාස කටයුතු :

 

        1. පිරිවර සහිත දෙවනපෑතිස් රජතෙම මහාමහින්‍ද තෙරුන් වහන්සේගේ ධර්‍මය අසා බුද්‍ධශ්‍රාවකයෙක් විය. 2. සැමදාම පෙර බත් කාලයෙහි පන්සියයක් භික්‍ෂූහු අනේපිඬු මහසිටුහුගේ ගෙට වැඩියාහ. 3. රතෙම පිරිවර සහිතව උයනින් නික්ම ඇතුළු නුවරට පිවිස බණ ඇසීමට ගියේ ය. 4. වෙළඳුන්නැගි නැව සමුද්‍ර‍ය තරණය කොට තුන් මසකින් චීන රටට පැමිණියේ ය. 5. පිළිවෙළින් වඩින්නා වූ සර්‍වඥයන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයට පැමිණ ක්‍ෂත්‍රිය - බ්‍රාහ්මණාදීන්ට ධර්‍ම දේශනා කළසේක. 6. බිම්බිසාර මහ රජතෙම ඒ ධර්‍මය අසා එක් ලක්‍ෂ විසිදහසක් මිනිසුන් සමග සෝවාන් විය. 7. ආර්‍ය්‍යශ්‍රාවකයෝ පෙරබත් කාලයෙහි දන් දී පසු බත් කාලයෙහි බණ අසත්. 8. මිහිඳු මහ තෙරුන් වහන්සේ ජීවිතාන්තය දක්වා සමෘද්‍ධසස්‍ය ඇති ගැවසීගත් මිනිසුන් ඇති ලඞ්කාද්වීපයෙහි විසූසේක. 9. ඇතුළුවස තුන්මස මුළුල්ලේ සර්‍වඥතෙම දෙව්ලොව වසමින් දෙවියනට දහම් දෙසී ය. 10. මල් සුවඳ යටිසුළඟට මිස උඩුසුළඟට කිසි කලෙකත් නොයයි.

 

මෙහි අමුතු වචන

 

චීනරට = චීනරට්ඨ. න.                  මල් සුවඳ = පුප්ඵගන්‍ධ. පු.

දෙව්ලොව = දෙවලොව. පු.             සෝවාන් = සොතාපන්න. 3.


 

මිශ්‍ර‍ සමාස පද

 

        47. මෙහි දැක්වූ සමාසයන් මිශ්‍ර‍ වීමෙන් ද සමාස පද පෑදෙති. 7 වෙනි අභ්‍යාසයේ 1 වැනි වාක්‍යයෙහි “චන්‍දසුරියසහස්සානි” යන්න මිශ්‍ර‍ සමාස පදයකි. මෙහි “චන්‍දො ච සුරියො ච = චන්‍දසුරියා” යි පළමු කොට ද්වන්‍ද සමාසය වේ. ඉක්බිති ‘චන්‍දසුරියානං සහස්සානි = චන්‍දසුරියසහස්සානි” යි තප්පුරිස සමාසය වේ.

 

        (2) ඒ අභ්‍යාසයෙහි ම 3 වෙනි වාක්‍යයෙහි සට්ඨිසහස්ස මත්තෙ යන්න ද මිශ්‍ර‍ සමාස පදයකි. එහි “සහස්සානං සට්ඨි = සට්ඨිසහස්සං” යි පළමු කොට තප්පුරිස සමාසය වේ. ඉක්බිති “සට්ඨිසහස්සං මත්තා යෙසං තෙ = සට්ඨිපහස්සමත්තා” යි බහුබ්බීහි සමාසය වේ. සැටදහස ප්‍ර‍මාණය වූයේ යම් කෙනකුන්ට ද ඔව්හු “සට්ඨිසහස්සමත්ත” නම් වෙති. (මත්ත = ප්‍ර‍මාණය)

 

        (3) එහි ම 8 වැනි වාක්‍යයෙහි රත්තචන්‍දනමණ්ඩපං යන පදයෙහි ‘රත්තං ච තං චන්‍දනං චාති = රත්තචන්‍දනං” යි පළමු කොට කම්මධාරය සමාසය වේ. ඉන්පසු “රත්තචන්‍දනස්ස මණ්ඩපො = රත්තචන්‍දනමණ්ඩපො” යි තප්පුරිස සමාසය වේ. (රත්සඳුන් පිළිබඳ හෙවත් එයින් කළ මණ්ඩපයයි.) 11 වෙනි වාක්‍යයෙහි අස්සත්‍ථරුක්ඛමූලෙ යන්න ද මීට සමාන පදයකි.

 

        (4) 9 වැනි අභ්‍යාසයේ 2 වැනි වාක්‍යයෙහි ගන්‍ධමාලාදි හත්‍ථා යන්නෙහි පළමු කොට “ගන්‍ධො ච මාලා ච = ගන්‍ධමාලා” යි ද්වන්‍දය වේ. ඉන්පසු “ගන්‍ධමාලා ආදි යෙසං, තෙ = ගන්‍ධමාලාදයො (සුවඳ මල් ආදිය වූයේ යම් ද්‍ර‍ව්‍යයන්ට ද ඒ ද්‍ර‍ව්‍යයෝ ‘ගන්‍ධමාලාදි නම් වෙති) යි බහුබ්බීහි සමාසය වේ. නැවත “ගන්‍ධමාලාදයො හත්‍ථෙසු යෙසං, තෙ = ගන්‍ධමාලාදිහත්‍ථා” (සුවඳ මල් ආදීහු යම් කෙනකුන්ගේ අත්වල තිබෙත් ද) ඔවුහු ‘ගන්‍ධමාලාදිහත්‍ථ’ නම් වෙති’යි බහුබ්බීහි සමාසය වේ.

 

        (5) ඒ වාක්‍යයෙහි ම සත්තමනුස්සකොටියො යන්නෙහි “මනුස්සානං කොටි =  මනුස්සකොටි” යි ඡට්ඨිතප්පුරිස වේ. ඉන්පසු “සත්ත මනුස්සකොටියො = සත්තමනුස්සකොටියො” යි දිගු සමාසය වේ. මෙහි සමාස බලයෙන් සත්ත-ශබ්දය මුලට වැටුණ නමුත් ‘සත්කෙළක් මනුෂ්‍යයෝ’ යි කෝටි - ශබ්දය හා සම්බන්ධ කොට ම අර්‍ථ ගතයුතුයි. තවත් මෙවැනි පද ඇත්තාහ.

 

        (6) ඒ වාක්‍යයෙහි ම වත්‍ථභෙසජ්ජපානකාදිං යන්නෙහි ‘වත්‍ථානි ච භෙසජ්ජානි ච පානකානි ච = වත්‍ථභෙසජ්ජපානකානි’ යි ද්වන්‍දය වේ. ඉන්පසු ‘වත්‍ථභෙසජ්ජපානකානි ආදීනි යස්ස, සො = වත්‍ථභෙසජ්ජපානකාදි” යි බහුබ්බීහිය වේ. වස්ත්‍ර‍ බෙහෙත් - පානයන් ආදි කොට ඇති ද්‍ර‍ව්‍ය සමූහය කියවේ.

 

        (7) 9 වැනි අභ්‍යාසයේ 3 වැනි වාක්‍යයෙහි සුරනරමහිතො “යන්නෙහි සුරා ච නරා ච = සුරනරා” යි ද්වන්දය ද ඉන්පසු ‘සුරනරෙහි මහිතො = සුරනරමහිතො” යි තප්පුරිසය ද වේ.

 

        (8) ඒ වාක්‍යයෙහි ම සහස්සභික්ඛුපරිවාරො යන්නෙහි ‘සහස්සං භික්ඛු = සහස්සභික්ඛු’ යි දිගු සමාසය ද ඉන්පසු ‘සහස්ස භික්ඛු පරිවාරො යස්ස, සො = සහස්සභික්ඛුපරිවාරො’යි බහුබ්බීහිය ද වේ. දහසක් භික්ෂූන් පිරිවර ඇත්තා කියවේ.

 

        (9) 9 වැනි අභ්‍යාසයේ 5 වැනි වාක්‍යයෙහි ‘නානා තරු සණ්ඩමණ්ඩිතං යන්නෙහි ‘නානා ච තෙ තරවො චාති = නානාතරවො’ යි කම්මධාරය ද, නානාතරූනං සණ්ඩො = නානා තරුසණ්ඩො’ යි තප්පුරිසය ද, නැවත නානාතරූනං සණ්ඩෙහි මණ්ඩිතං = නානාතරුසණ්ඩමණ්ඩිතං’ යි තප්පුරිසය ද වෙති.

 

සංලක්‍ෂ්‍යය :

        මෙසේ නානා සමාසයන් මිශ්‍ර‍ වී සෑදී තිබෙන සමාස පදයන් ඇඳින ඒවා ඒ ඒ සමාසයනට ගැළපෙන සේ සාදාගත යුතුයි. එවැනි පදවලදී අවසානයෙහි කෙරෙන සමාසය ප්‍ර‍ධාන කොට සැලකිය යුතු, ඇතුළතෙහි ඇති සමාසයන් අවසාන සමාසයෙහි ගර්භවෙති. මෙහි (9) වැනි අඞ්කයෙහි දැක්වූ සමාස පදයට කම්මධාරය ගර්භකොට ඇති තප්පුරිස සමාසයයි කියනු ලැබේ.

අභ්‍යාසය 10

මිශ්‍ර‍ සමාසයන්ට උදාහරණ

 

        1. සාඛන්තරෙහි චෙව පුප්ඵන්තරෙහි ච පඤ්චවණ්ණභමරගණා නානාප්පකාරා ච සකුණසංඝා මධුරස්සරෙන විකූජන්තා විචරන්ති.” (ජාතකනිදාන).


 

        2. “රාහුලමාතා සුමනමල්ලිකාදීනං පුප්ඵානං අම්මණමත්තෙන අභිප්පකිණ්ණසයනෙ පුත්තස්ස මත්‍ථකෙ හත්‍ථං ඨපෙත්‍වා නිද්දායති.” (එම)

 

        3. “සො ‘සාධු දෙවා’ති අස්සභණ්ඩකං ගහෙත්‍වා අස්සසාලං ගන්ත්‍වා ගන්‍ධතෙලප්පදීපෙසු ජලන්තෙසු සුමනපට්ටවිතානස්ස හෙට්ඨා රමනීයෙ භූමිභාගෙ ඨිතං කන්‍ථකං අස්සරාජානං...... කප්පෙසි.” (එම)

 

        4. “තතො පට්ඨාය මාලා - ගන්‍ධ - විලෙපන - කප්පූර - කටු කප්ඵලාදීනි ගහෙත්‍වා මහාජනස්ස සත්‍ථුධම්මදෙසනං සුත්‍වා නගරං පවිසනකාලෙ ජෙතවනාභිමුඛී ගච්ඡති” (සුන්‍දරීවත්‍ථු ධ.අ.)

 

        5. භගවතො කිර භික්ඛුසඞ්ඝස්ස ච පඤ්චන්නං මහානදීනං මහොඝසදිසෙ ලාභසක්කාරෙ උප්පන්නෙ හතලාභසක්කාරා අඤ්ඤතිත්‍ථියා සුරියුග්ගමනකාලෙ ඛජ්ජොපනකසදිසා හුත්‍වා................. මන්තයිංසු.” (එම)

 

        6. “අහං හි තෙන සද්ධිං එකගන්‍ධකුටියං වසාමීති වත්‍වා අඤ්ඤතරස්මිං තිත්‍ථියාරාමෙ වසිත්‍වා පාතොව ජෙතවනමග්ගං ඔතරිත්‍වා නගරාභිමුඛී ගච්ඡති.” (එම)

 

        7. “රාජා යොජනන්තරෙ ජණ්ණුමත්තෙන ඔධිනා පඤ්චවණ්ණානි පුප්ඵානි ඔකිරාපෙත්‍වා ධජපතාකකදලිආදීනි උස්සාපෙත්‍වා.................පූජං කරොන්තො.............ගංගාතීරං පාපෙත්‍වා.............. වෙසාලිකානං සාසනං පහිණි.” (ගඞ්ගාරොහණ වත්‍ථු ධ.අ.)

 

        8. “මහාජනො නගරමජ්ඣෙ සත්‍ථාගාරං සබ්බගන්‍ධෙහි උපලිම්පෙත්‍වා උපරි සුවණ්ණතාරකාදිවිචිත්තං විතානං බන්‍ධිත්‍වා බුද්‍ධාසනං පඤ්ඤාපෙත්‍වා සත්‍ථාරං ආරොචෙසි.” (එම)

 

        9. “තෙ සුවණ්ණ-රජත-මණිමයා නාවායො මාපෙත්‍වා සුවණ්ණ-රජත-මණිමයෙ පල්ලඞ්කෙ පඤ්ඤාපෙත්‍වා පඤ්චවණ්ණ - පදුමසඤ්ඡන්නං උදකං කරිත්‍වා........ අත්තනො අත්තනො නාවාභිරූහනත්‍ථාය සත්‍ථාරං යාචිංසු.” (එම)

 

        10. “අථාස්ස පරිවාරකපුරිසා නානාවණ්ණානි දුස්සානි නානාප්පකාරා


ආභරණවිකතියො මාලාගන්‍ධවිලෙපනානි ච ආදාය සමන්තා පරිවාරෙත්‍වා අට්ඨංසු” (ජාතක නිදාන)

 

මෙහි අමුතු වචන :-

 

අඤ්ඤතිත්‍ථිය = අන්‍යදෘෂ්ටික           තතො පට්ඨාය = එතැන්

        (ශ්‍ර‍මණයා.) පු.                          පටන්. නි.

අභිප්පකිණ්ණ = විසුරුවන ලද. 3.       තිත්‍ථියාරාම = තිර්‍ථකාරාමය.

අභිමුඛී = අභිමුඛවූවා. ඉ.                        පු.

අභිරූහනත්‍ථාය = නැගීම පිණිස.        නානාවණ්ණ = නොයෙක්

අම්මණමත්ත = අමුණක් පමණ. 3.              පැහැති. 3.

අස්සභණ්ඩක = අශ්වයාගේ පැළඳුම්.    නානාප්පකාර = නොයෙක්

        න. අස්ගොව්වා. පු.                     ආකාර ඇති. 3.

අස්සසාලා = අස්හල. ඉ.                පඤ්චවණ්ණ = වර්‍ණ පසක්

ආභරණවිකති = ආභරණ විශේෂය               ඇති. 3.

        ඉ.                              පතාකා = කොඩිය. ඉ.

ආරොචෙති = දන්වයි; සැල කරයි       පරිවාරකපුරිසං = සේවකයා. පු.

උපලිම්පෙත්‍වා = තවරා. පූ. ක්‍රි.          පල්ලඞ්ක = පලඟ; ඇඳිනැති

උස්සාපෙත්‍වා = ඔසවා. පූ. ක්‍රි.                   ආසනය. පු.

ඔකිරාපෙත්‍වා = විසුරුවා. පූ. ක්‍රි.         පවිසනකාල = ඇතුළු වන

ඔධි = සීමාව; ප්‍ර‍මාණය. පු.                      කාලය. පු.

කටුකප්ඵල = එන්සාල් - සාදික්කා       පුප්ඵන්තර = මල් අතර. න.

        ආදිය; කුළුබඩු. න.              භමරගණ = බමර සමූහයා.  පු.

කප්පූර = කපුරු. පු. න.                 මත්‍ථක = මුදුන. පු.

කප්පෙති = අන්දවයි; සරසයි            මත්‍ථකෙ = මත්තෙහි

ඛජ්ජොපනක = කණාමැදිරියා. පු.       මධුරසර = මිහිරි හඬ. පු.

ගන්‍ධකුටි = ගඳකිළිය; බුදුන් විසූ ගෙය    මන්තයති = සාකච්ඡා කරයි.

        ඉ.                              මල්ලිකා = සීනිද්ද. ඉ.

ඡණ්ණුමත්ත = දණක් පමණ. 3.         මහොඝසදිස = සැඩ පහරක්

ජලන්ත = දැල්වෙන. 3.                          බඳු. 3.

                                        මාපෙත්‍වා = මවා. පූ. ක්‍රි.


 

යොජනන්තර = යොදුනක් අතර        සකුණසංඝ = පක්ෂි සමූහය. පු.

              න.                       සඤ්ඡන්න = වැසුණු. 3.

රමනීය = සිත් අලවන; රම්‍ය. 3.         සන්‍ථාගාර = නගර ශාලාව. ඉ.

ලාභසක්කාර = ලාභය හා               සාඛන්තර = අතු අතර. න.

        ගෞරවය. පු.                   සුමනපට්ටවිතාන = සමන් මල්

විකූජන්ත = නොයෙක් නාද             පටින් කළ වියන. න.

        කරන. ඉ.                       සුරියුග්ගමන = හිරුනැගීම. න.

විලෙපන = ඇඟ ගල්වන සුවඳ          සුවණ්ණතාරකාදිවිචිත්ත = රන්

        විලවුන්. න.                     තරු ආදියෙන් විසිතුරු වූ. 3.

වෙසාලික = විසාලා නුවර වැසි.         හත = නසන ලද. 3.

               3.

 

සමාස යොදමින් පාලියට නැඟිය යුතු.

 

        1. බෝසත්තෙම අතට පත් සක්විතිරජ සැප කෙළ පිඬක් ‍නේ ඉවතලා සිය නුවරින් නික්ම ගියේ ය. 2. මහා බලැති හෙතෙමේ අටළොස්රියන් උසැති නගරප්‍රාකාරයට* උඩින් පැන යන්ට සිතුවේ ය. 3. හෙතෙම සුදු වූ අධික ජවසම්පන්නවූ කන්ථක අසුපිට නැගී එක් රැයකින් තිස්යොදුන් මග ගෙවා අනෝමා ගංතෙරට පැමිණියේ ය. 4. කාශ්‍යප බුද්‍ධ කාලයේදී ජෝතිපාලමාණවක නමින් සිටි බෝසතුගේ මිත්‍ර‍යා වූ ඝටීකාර බමුණා බඹලොව ඉපද සිටියේ එතුමාට තුන් සිවුරු ගෙනවුත් දුන්නේ ය. 5. සත් දිනක් අනුපිය අඹ වනයෙහි විසූ එතුමා පයින් තිස්යොදුනක් ගොස් රජගහනුවරට ඇතුළු විය. 6. එහි හැසිරෙන ඒ පැවිද්දා දැක නගරවැසියෝ කලබලව තමන්ගේ රජුට ඒ පුවත දැන්වූහ. 7. මගධාධිපති බිම්බිසාර මහරජතුමා එතුමන් වෙත පැමිණ තමා හා රාජ්‍ය සම්පත් අනුභව කෙරේවායි ඉල්විය. 8. එතුමා නේරඤ්ජරා නදී තීරයෙහි රිදීතහඩුවක් වැනි වැලිතලාවක් ඇති උරුවේලා පෙදෙසෙහි සිත්කලු වනරොදක සය වසක් විසී ය. 9. පෙර කල අනුරාධපුරය ධ්වජ - පතාකවලින් ද නානාවර්‍ණ වස්ත්‍රයෙන් ද සරසා වීථීන්හි පඤ්චවර්ණ පුෂ්පයන් විසුරුවා අවුරුදු පතා දළදා පූජාව පවත්වන ලදි. 10. ඒ උත්සවයේ දී නානාලඞ්කාරයෙන් සැරසූ ඇත්රජකු විසින් සත්රුවන් කරඬුවක තැබූ දළදාව උසුළාගෙන යන ලදි.

 

        11. ඒ උත්සවය බැලීම සඳහා නානාභරණවිභූෂිත වූ නානාවර්‍ණ වස්ත්‍ර‍ ඇඳගත්  බාල - මහලු - තරුණ ස්ත්‍රී පුරුෂයෝ ගම් නියම්ගම් නුවරවලින් පැමිණියහ.

 

        12. ඒ දන්තධාතුව ඇතුළුනුවර පිහිටි දළදා මන්‍දිරයෙන් අභයගිරි මහා විහාරයට ගෙන ගොස් එහි මහාමන්‍දිරයක තබා අනූදිනක් මුළුල්ලේ සුවඳ දුම් - මල් - පහන් ආදියෙන් පිදූහ.

 

මෙහි අමුතු වචන :-

අතට පත් = හත්‍ථප්පත්ත. 3.             තුන්සිවුරු = තිචීවර. න.

අනුභව කෙරේවා = අනුභවතු;           දළදාව = දාඨාධාතු. ඉ.

        වින්‍දතු.                          දැන්විය = ආරොචෙසි.

ඇඳගත් = නිවත්‍ථ. 3.                    ධ්වජය = ධජ. පු.

ඉවත ලා. ඡඩ්ඩෙත්‍වා. පූ. ක්‍රි.            පෙදෙස = පදෙස. පු.

උඩින් පැන = උල්ලඞ්ඝෙත්‍වා. පූ. ක්‍රි.    බඹලොව = බ්‍ර‍හ්මලොක. පු.

උත්සවය = උස්සව; ඡණ. පු.            රජසැප = රජ්ජසුඛ. න.

උසැති = උබ්බෙධ. 3.                   රාජ්‍ය සම්පත් = රජ්ජසුඛ. න.

කරඬුව = කරණ්ඩ. පු.                  රිදී තහඩුව = රජතපට්ට. න. පු.

කලබලව = සංඛුභිත්‍වා. පූ.ක්‍රි.            වනරොද = වනරාජි. ඉ.

කෙළපිඬ = ඛෙලපිණ්ඩ. පු.             සත්රුවන් = සත්රතනමය. 3.

ගෙවා (ඉකුත් කොට) = අතික්ක         සිත්කලු = රමණීය. 3.

        මිත්‍වා. පූ. ක්‍රි.                   සුවඳදුම් = ගන්‍ධධූප. පු.

 

තද්‍ධිත පද

 

        48. නාමයකින් පරව යම්කිසි අර්ථ විශේෂයක් ප්‍ර‍කාශ කිරීම පිණිස ප්‍ර‍ත්‍යයක් යොදා සාදන පදය තද්‍ධිත නම් වේ.

 

       

        ප්‍ර‍ත්‍යය නම් යම්කිසි විශේෂාර්‍ථයක් ප්‍ර‍කාශ කිරීම සඳහා නාමයකින් හෝ ධාතුවකින් පසුව යොදනු ලබන කොටසකි.

 

        1. සාමඤ්ඤ තද්‍ධිත

        2. භාව තද්‍ධිත

        3. අව්‍ය තද්‍ධිත

        යයි තද්‍ධිතය තුන් කොටසකට බෙදන ලදි. එයින්

 

1. සාමඤ්ඤ තද්‍ධිතය

        1. අපච්චත්‍ථ

        2. අනෙකත්‍ථ

        3. අත්‍ථ්‍යත්‍ථ

        4. සංඛ්‍යා - යන සිවු කොටසකට බෙදන ලදි.

 

        49. ණ - ණි - ණෙය්‍ය ආදී ණ් - කාරයක් සහිත ප්‍ර‍ත්‍යයක් කළ කල්හි මුලින් සිටි නාම පදයාගේ මුල් ස්වරයට වාද්‍ධි වේ. වෘද්‍ධිය නම් අ-කාරයට ආ- කාරයත්, ඉ-ඊ-දෙදෙනට එ-කාරයත්, උ ඌ- දෙදෙනට ඔ - කාරයත් වීමයි. මුල් ස්වරයට වෘද්‍ධි වූ පසු ප්‍ර‍ත්‍යයෙහි වූ ණ්-කාරය ද ලොප් කරනු ලැබේ. බැඳි අකුරු පරව සිටි කල්හි මුල් වෘද්ධි නොවේ.

        1. සාමඤ්ඤ තද්‍ධිතයෙහි

        (1) අපච්චත්‍ථ හෙවත් පරමපරාර්‍ථය

 

        50. ඔහුගේ පරම්පරාවෙහි වූ යන අර්ථයෙහි ඇතැම් තැනක නාමයෙන් පරව ණ - ප්‍ර‍ත්‍යය වේ.

 

        වසිට්ඨ (සෘෂි) ගේ පරම්පරාවෙහි වූ පුරුෂයකු කියනු කැමති කල්හි වසිට්ඨ - ශබ්දයෙන් පරව ණ - ප්‍ර‍ත්‍යය වේ. “වසිට්ඨ + ණ” යි සිටි විට ණ - සහිත ප්‍ර‍ත්‍යයක් පර බැවින් වසිට්ඨ - ශබ්දයේ මුල් ස්වරය වූ අ- කාරයට වෘද්ධිය වූ ආකාරය වේ. ණ් - කාරය ලොප් කළ විට “වාසිට්ඨ + අ” යි සිටී. පූර්‍ව ස්වරලෝපසන්‍ධිය කළ විට වාසිට්ඨ යි සිටී. පුල්ලිඞ්ගයෙහි පාඨමා එක වචනය යෙදූ විට වාසිට්ඨො වේ. “වශිෂ්ටගේ පරම්පරාවෙහි උපන් (පුරුෂයා)” යන අර්ථ ඇත්තේයි.

 

        ඒ පරම්පරාවෙහි ස්ත්‍රියක් කිය යුතු වී නම් ස්ත්‍රීලිඞ්ගික ඊ - ප්‍ර‍ත්‍යය යොදා වාසිට්ඨාවී යැයි සෑදිය යුතු. ඒ පරම්පරාවෙහි වූ නපුංසකයකු හෝ

පවුලක් කිය යුතු වී නම් “වාසිට්ඨ” ශබ්දයට නපුංසක ලිඞ්ගික විභක්ති රූප යෙදිය යුතු. වාසෙට්ඨ යි එකාරයෙන් යුක්තව ද මෙය දක්නා ලැබේ.

 

        භාරද්වාජ + ණ = භාරද්වාජ (= භාරද්වාජගේ පරම්පරාවෙහි වූ.)

        ගොතම + ණ = ගොතම (ගෝතමගේ පරම්පරාවෙහි වූ.)

        වාසුදෙව + ණ = වාසුදෙව (= වාසුදේවගේ පරම්පරාවෙහි වූ.)

        බලදෙව + ණ = බාලදෙව (බලදේවගේ පරම්පරාවෙහි වූ.)

 

        මේ ශබ්දයෝ වාසිට්ඨ - ශබ්දය හා සමාන වෙති. මුල් පද දෙකෙහි ස්වරයන් දීර්‍ඝ බැවින් වෘද්‍ධියක් ඕනෑ නොවේ.

 

        51. වච්ඡ - කච්ච - ආදි ශබ්දයන් කෙරෙන් පුත්‍රාර්ථයෙහි ණායන - ණාන - යන ප්‍ර‍ත්‍යයෝ වෙත්. (ණ්-කාරය මුල් ස්වරයට වෘද්‍ධිකිරීම සඳහා යයි ද, වච්ඡ - කච්ච යන දෙතැන්හි ම බැඳි අකුරු පරව තිබෙන බැවින් වෘද්‍ධි නොවේ යයි ද දතයුතු.)

 

        වච්ඡ + ණායන = වච්ඡායන (වච්ඡගේ පුත්‍ර‍යා)

        වච්ඡ + ණාන = වච්ඡාන   ”            ”

        කච්ච + ණායන = කච්චායන (කච්චගේ පුත්‍ර‍යා)

        කච්ච + ණාන = කච්චාන (කච්චගේ පුත්‍ර‍යා)

        මොග්ගල්ල + ණායන = මොග්ගල්ලායන (=මොග්ගල්ලගේ පුත්‍ර‍යා.)

        මොග්ගල්ල + ණාන = මොග්ගල්ලාන (= මොග්ගල්ලගේ පුත්‍ර‍යා.)

 

        52. කත්තික - විනතා - ආදි ස්ත්‍රී ලිඞ්ගික ශබ්දයන් කෙරෙන් පුත්‍රාර්ථයෙහි ණෙය්‍ය ප්‍ර‍ත්‍යය වේ.

 

        කත්තිකා + ණෙය්‍ය = කත්තිකෙය්‍ය (= කත්තිකාවගේ පුත්‍ර‍යා)

        විනතා + ණෙය්‍ය = වෙනතෙය්‍ය (=විනතාවගේ පුත්‍ර‍යා, ගුරුළා.)

        භගිනී + ණෙය්‍ය = භාගිනෙය්‍ය (= සොහොයුරියගේ පුත්‍ර‍යා, බෑනා.)

        රොහිනී + ණෙය්‍ය = රොහිණෙය්‍ය (= රොහිණියගේ පුත්‍ර‍යා)

 

        අන්තිම දෙපදයෙහි ඉතිරි වී තිබෙන න - ණ දෙදෙන ණෙය්‍ය ප්‍ර‍ත්‍යයේ ණ කාරය නොවන බව සැලකිය යුතු.

 

       


 

        53. උපගු - මනු ආදි උකාරාන්ත ශබ්දයන් කෙරෙන් පුත්‍රාර්ථයෙහි ණව-ප්‍ර‍ත්‍යය වේ.

 

        උපගු + ණව = ඔපගව (= උපගුගේ පුත්‍ර‍යා)

        මනු + ණව = මාණව (= මනුගේ පුත්‍ර‍යා = මනුෂ්‍යයායි.)

        පණ්ඩු + ණව = පණ්ඩව (= පණ්ඩු රජුගේ පුත්‍ර‍යා.)

 

        54. විධවා ආදි ශබ්දයන් කෙරෙන් පුත්‍රාර්‍ථයෙහි ණෙර ප්‍ර‍ත්‍යය වේ.

 

        විධවා + ණෙර = වෙධවෙර (= වැන්දඹුවගේ පුත්‍ර‍යා)

        සමණ + ණෙර = සාමණෙර (= ශ්‍ර‍මණයාගේ පුත්‍ර‍ස්ථානයෙහි සිටි

                                                සාමණෙර තෙමේ.)

        (1) සාමඤ්ඤ                   (2) අනෙකත්‍ථ තද්ධිතය.

 

        55. එයින් මිශ්‍ර‍ වූයේ ය, එහි යෙදුනේ ය, එයින් ජීවත් වන්නේ ය, එයින් යන්නේ ය, එයින් උසුළන්නේ ය, එය ඔහුගේ ශිල්ප ය, එය හා සම්බන්ධ ය. එයින් ගනුදෙනු කරන්නේ ය, එය උගනී, එහි උපනේ ය, එතැනට අයිතිය යනාදි අර්‍ථයන්හි ණික - ප්‍ර‍ත්‍යය වේ.

 

A. එයින් මිශ්‍ර‍ වූයේ :-

 

        ඝත + ණික = ඝාතික (= ගිතෙලින් මිශ්‍ර‍ වූ හෙවත් ගිතෙලින් හැනූ බත් ආදිය.)

        ලොණ + ණික = ලොණික = (ලුණින් මිශ්‍ර‍ වූ)

        ණ් - කාරලෝපය හා වෘද්‍ධිය පෙර මෙනි.

 

B. එහි යෙදුණේ :-

 

        ද්වාර+ණික=දොවාරික (=දොරටුවෙහි යෙදුණේ; දොරටුපාලයායි.)

 

        මෙහි ද්වා - යන්නේ  වකාරයට මුලින් ඔකාරයක් ආගම වේ. එවිට දො - කියා සිටී.

 

        භාණ්ඩාගාර+ණික=භාණ්ඩාගාරික(=භාණ්ඩාගාරයෙහි නියුක්ත වූ.)

        සකට + ණික = සාකටික (= ගැලෙහි නියුක්ත වූයේ.)

        නාවා + ණික = නාවික (= නැවෙහි නියුක්ත වූයේ.)

 

C. එයින් ජීවත් වෙයි.

 

        බලිස + ණික = බාලිසික (= බිලිබාන්නා)

        වෙතන + ණික = වෙතනික (= වැටුප් ලබා ජීවත් වන්නා.)

        ජාල + ණික = ජාලික (= දැලින් සතුන් මරන්නා)

 

D. එයින් යයි :-

 

        පද + ණික = පදික (= පයින් යන්නා)

        රථ + ණික = රථික (= රථයෙන් හැසිරෙන්නා.)

 

E. එයින් උසුලයි :-

        සීස + ණික = සීසික (= හිසින් බරගෙන යන)

        හත්‍ථ + ණික = හත්‍ථික (= අතින් උසුලන)

 

F. එය ඔහුගේ ශිල්පය :-

        වීණා + ණික = වෙණික (= වීණා වාදනය කරන්නා.)

        වංස + ණික = වංසික (= නළා පිඹින්නා.)

 

G. එය හා සම්බන්ධය :-

 

        සංඝ + ණික = සංඝික (= සංඝයාට අයත්)

        ලොක + ණික = ලොකික (= ලෝකයට අයත්)

        අපාය + ණික = ආපායික (= නිරයට අයත්)

        සමුද්ද + ණික = සාමුද්දික (= මුහුදට අයත්)

 

H. එයින් ගනුදෙනු කරයි.

 

        තණ්ඩුල + ණික = තණ්ඩුලික (= සහල් වෙළෙන්දා)

        තෙල + ණික = තෙලික (= තෙල් වෙළෙන්දා)

        සූකර + ණික = සූකරික (= ඌරන් විකුණන්නා)

 

I. එය උගනී

 

        විනය + ණික = වෙනයික (= විනය ඉගෙන ගන්නා හෙවත් හදාරන්නා)

        අභිධම්ම + ණික = ආභිධම්මික (= අභිධර්‍මය හදාරන්නා.)

 

J. එහි උපන්නේ හෝ එතනට අයත් වූයේ :-

 

        මගධ + ණික = මාගධික (= මගධරට උපන් හෝ එරටට අයත්.)

        සරීර + ණික = සාරීරික (= ශරීරයෙහි උපන් හෝ එයට අයත්.)

        වන + ණික = මානසික (= සිතෙහි උපන් හෝ එයට අයත්)

        අරඤ්ඤ + ණික = ආරඤ්ඤික (= වනයෙහි උපන් හෝ එයට අයත්.)

 

K. ආදි ශබ්දයන්

 

        සන්‍දිට්ඨ + නික = සන්‍දිට්ඨික (= තමා විසින් දැක්ක යුතු:

                                                මෙලොව පිළිබඳ)

        මාතු + ණික = මාතික (= මවගෙන් ආ.)

 

අභ්‍යාසය 11

සිංහලට නගා තද්‍ධිත පද දැක්විය යුතු

 

        1. “අයං මාණවො මයි මනං පසාදෙත්‍වා කාලඞ්කත්‍වා තාවතිංසදෙවලොකෙ තිංසයොජනිකෙ කනකවිමානෙ නිබ්බත්තිස්සති” (මට්ටකුණ්ඩලී වත්‍ථු ධ. අ.)

 

        2. සූකරිකා සාකුණිකා ජාලිකා ච සංඝිකං බලක්කාරෙන ගහෙත්‍වා ඛාදන්තා ච ඉතො චුතා ආපායිකා භවිස්සන්ති.

 

        3. එකූනතිංසවස්සො බොධිසත්තො අත්තනො එකමෙව පුත්තං සබ්බසමපත්තිං ච පහාය ගන්ත්‍වා කාසාවනිවත්‍ථො මත්ති - කාපත්තමාදාය අඤ්ඤෙහි දින්නා’හාරෙන ජීවිකං කප්පෙසි.

 


        4. භාණ්ඩාගාරිකො රඤ්ඤා ධනං ලභිත්‍වා මහන්තං පාසාදං කාරෙත්‍වා ද්වාරෙ දොවාරිකං ඨපෙත්‍වා උපරිපාසාදගතො කායික මානසිකං සුඛං වින්‍දති.

 

        5. මහාකච්චායනත්‍ථෙරෙ කුරරඝරනගරං උපනිස්සාය විහරන්තෙ සොණො නාම සෙට්ඨිපුත්තො තස්ස සන්තිකෙ පබ්බජිත්‍වා “සොණො කුටිකණ්ණො”ති පාකටො අහොසි.

 

        6. “අථ ඛො ආයස්මා ආනන්‍දො කොසිනාරකානං මල්ලානං ආරොචෙසි:- අජ්ජ ඛො, වාසෙට්ඨා, රත්තියා පච්ඡිමෙ යාමෙ තථාගතස්ස පරිනිබ්බාණං භවිස්සතීති.”

 

        7. සුත්තන්තිකා වෙනයිකා ආරඤ්ඤිකා ච බහවො භික්ඛූ ලංකායං මහාදුබ්භික්ඛභයෙ වත්තමානෙ සමුද්දපාරං ගන්ත්‍වා අත්තනො ජීවිතං ධම්මවිනයං ච රක්ඛිංසු.

 

        8. ඉද්‍ධිමන්තානමග්ගො මහාමොග්ගල්ලානත්‍ථෙරො භගවතො පරිනිබ්බානතො පුරෙතරමෙව පරිනිබ්බායි.

 

        9. “අථ ඛො තෙසං ද්වාදසනහුතානං මාගධිකානං බ්‍රාහ්මණ - ගහපතිකානං එතදහොසි :- උරුවෙලකස්සපො මහාසමණෙ බ්‍ර‍හ්මචරියං චරතීති.” (විනයමහාවග්ග)

 

        10. “අස්සොසි ඛො රාජා මාගධො සෙණියො බිම්බිසාරො සමණො ඛලු භො ගොතමො සක්‍යපුත්තො, සක්‍යකුලා පබ්බජිතො, රාජගහං අනුප්පත්තොති.” (එම)

 

මෙහි අමුතු වචන

අග්ග = ශ්‍රෙෂ්ඨ වූ. 2.                    එතදහොසි = මේ සිත

අනුප්පත්ත = පැමිණි. 3.                උපන්නේය. (එතං + අහොසි)

අස්සොසි = ඇසුවේ ය.                 කනකවිමාන = රන්විමන. න.

ආයස්මන්තු = ආයුෂ්මත්. 3.             කසාවනිවත්‍ථ = කසාවත් හැඳි. 3.

        (භික්‍ෂූන් අතරෙහි ගෞරව       කොසිනාරක = කුසිනාරාවෙහි

        පිණිස යොදන්නකි.)                    උපන්. 3.

උපනිස්සාය = ආශ්‍ර‍යකොට. පූ.ක්‍රි.       ඛලු = ඒකාන්තයෙන්. (පද

                                                පූරණයෙහිත් වේ.) නි.

 

චුත = (මෙලොවින්) පහවගිය. 3.        මල්ල = මල්ල රාජ වංශිකයෝ.

(ජීවිකං) කප්පෙති = (ජීවිකාව)                   පු.

        කරයි.                          මහාසමණ = ශ්‍රේෂ්ඨ ශ්‍ර‍මණයා.

නහුත = දසදහස. න.                           පු.

පරිනිබ්බාති = පිරිනිවේ.                 යාම = රාත්‍රියේ තුනෙන්

පාකට = ප්‍ර‍කට වූ. 3.                            කොටස. පු.

පුරෙතරං = (ඊට) ප්‍ර‍ථමයෙන්. ක්‍රි.වි.      යොජනික = යොදුනක් පමණ

සෙණිය = සේනා (පිරිස්) ඇති 3.                        ඇති. 3

බලක්කාර = බලාත්කාරය. පු.           වත්තමානෙ = පවත්නා කල්හි.

බොධිසත්ත = බෝසත්. පු.              සක්‍යකුලං = ශාක්‍යවංශය. න.

බ්‍ර‍හ්මචරියා = බඹසර, ශ්‍රෙෂ්ඨ            සමුද්දපාර = මූදෙන් එතර. න.

        හැසිරීම. ඉ.                     සාකුණික = පක්‍ෂීන් විකුණන්නා.

භො = පින්වත. නි.                                     පු.

මත්තිකාපත්ත = මැටිපාත්‍ර‍ය. පු.         සුත්තන්තික = සූත්‍ර‍ උගත්. 3.

 

හැකි තන්හි තද්‍ධිත පද යොදමින් පාලියට නැඟිය යුතු :-

 

        1. පාටලිගමෙහි උපාසකවරු එතුමාගේ එහි පැමිණීම අසා එතුමන් වසන තැනට ගොස් තමන්ගේ සන්ථාගාරයට පැමිණෙන්ට ආරාධනා කළහ. 2. එහි පැමිණි ඔවුහු ශාලාවෙහි වැලි විසුරුවා ආසන පණවා දොරටුව සමීපයෙහි දිය හැළියක් තබා පහන් දැල්වූහ. 3. බුදුරද සිවුරු පොරවා පාත්‍ර‍ය ගෙන භික්‍ෂූන් සමග සන්ථාගාරයට ගොස් පා සෝදා ඇතුළු වී මධ්‍යයෙහි පිහිටි කුලුන මුල නැගෙන හිරට මූණලා වැඩහුන්නේ ය.

 

        4. ආනන්‍දය, තෝ දැන් කුසිනාරාවට ගොස් එහි වැසි මල්ලයන්ට මෙසේ දැනුම් දෙව. ‘වාසෙට්ඨයිනි, අද රෑ පශ්චිමයාමයෙහි බුදුන්ගේ පිරිනිවීම වන්නේය’ යි.

 

        5. එකල්හි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරතෙම මහත් භික්ෂු පිරිසක් සමග පාවානුවරින් කුසිනාරාවට එන්නේ මාර්ගයෙන් ඉවත්ව එක්තරා ගසක් මුල වැඩහුන්නේ ය.


        6. මහා පජාපතී ගෝතමිය හිසකෙස් කපා කසාවත් හැඳ ශාක්‍යවංශික ස්ත්‍රීන් බොහෝ දෙනකුන් සමග වෛශාලියට ගොස් බුදුරදුන්ගෙන් පැවිද්ද ඉල්වී ය.

 

        7. මගධරජ වූ බිම්බිසාර තෙමේ දියෙන් පිරූ රන්කෙණ්ඩියක් ගෙන බුදුරදුන්ගේ අතෙහි පැන් වත්කොට වෙළුවන උයන බුදුන් ප්‍ර‍මුඛ සංඝයාට පිදී.

 

        8. ආනන්‍දය, යම් ශාසනයක (= ආගමක) ස්ත්‍රීන්ට පැවිද්ද දෙනු ලැබේ නම්, බොහෝ ස්ත්‍රීන් ඇති ගෙයක් සොරුන් විසින් පහසුවෙන් විනාශ කළ හැකි වන්නා සේ ඒ ආගම වැඩිකල් නො පවත්නේ ය.

 

        9. ඒ මහෝත්සවය බැලීමට ගැල් පදවන්නෝ ද නාවිකයෝ ද රථවලින් හැසිරෙන්නෝ ද පයින් යන්නෝ ද කුලී වැඩ කරන්නෝ ද රැස්වූහ.

 

        10. භාරද්වාජ ගෝත්‍රයෙහි වූ සාමණේර තෙමේ කෘත්‍යායන මහතෙරුන්ගේ බෑනා විය. හෙතෙම ලෞකික සැපය නො කැමැත්තේ ලෝකෝත්තර සැපය සෙවී ය.

 

මෙහි අමුතු වචන :-

 

ආරාධනා කළේය = නිමන්තයි.          පැමිණීම = පාපුණන, ආගමන. න.

ඉවත්ව = අපක්කම්ම. පූ.ක්‍රි.              පැමිණෙන්ට = පාපුණිතුං. නි.

කුලුන = ථම්භ. පු.                      පැවිද්ද = පබ්බජ්ජා. ඉ.

කෙණ්ඩිය = භිංකාර. පු.                 පොරවා = පාරුපිත්‍වා. පූ. ක්‍රි.

දියසැළිය = උදකචාටි. ඉ.               බුදුන් ප්‍ර‍මුඛ = බුද්ධප්පමුඛ. 3.

දෙනු ලැබේ = දීයති                    මධ්‍යයෙහි පිහිටි = මජ්ඣිම. 3.

දොරටුව = ද්වාරකොට්ඨක. පු.           රැස්විය = සන්නිපති

නැගෙනහිරට මූණ ලා =                ලෝකෝත්තර = ලොකුත්ත. 3.

        පුරත්‍ථාභිමුඛ. 3.                 වසන තැන = වාසට්ඨාන. න.

පහසුවෙන් විනාශ කළ හැකි            ශාක්‍යවංශික ස්ත්‍රී = සාකියානී. ඉ.

        = සුප්පධංසිය. 3.                සෙවීය = පරියෙසයි.

 


 

        56. ඒ වර්‍ණයෙන් පොවන ලද්දේ ය, ඔහුට අයත් ය, එය දන්නේ ය, එහි හටගත්තේ හෝ උපන්නේ ය, ඔහුගේ මාංශය, එය ඔහුට ඇත්තේ ය යනාදී අර්‍ථයන්හි “ණ” ප්‍ර‍ත්‍යය වේ.

 

A. එයින් පොවන ලද්දේ

        කසාව + ණ = කාසාව (= කසාවන් පැහැයෙන් රැඳි: වස්ත්‍රාදියයි.)

        හලිද්දි + ණ = හාලිද්ද (= කහපෙවූ වස්ත්‍රාදියයි)

        නීල + ණ = නීල (නිල් පැහැයෙන් රැඳි)

        පත්තඞ්ග + ණ = පත්තඞ්ග (= පතඟි පෙවූ.)

 

B. ඔහුට අයත් :-

        සුගත + ණ = සොගත (= බුදුන්ට අයත් = ධර්‍මාදිය.)

        පුරිස + ණ = පොරිස (= පුරුෂයාට අයත් + බලාදිය)

        මගධ + ණ = මාගධ (= මගධ රටට අයත්)

 

C. එය දන්නේ ය :-

        ව්‍යාකරණ + ණ = වෙය්‍යාකරණ (= ව්‍යාකරණ දන්නා.)

        (ව්‍යා - යන්නට වෙය්‍ය - ආදේශය වේ.)

 

D. එහි හට ගත්තේ හෝ උපන්නේ :-

        මන + ණ = මානස (= සිතෙහි හටගත්)

        සර + ණ = සාරස (= විලෙහි හටගත්; පියුම් ආදියයි.)

        උර + ණ = ඔරස (= ළයෙහි වැඩුණේ; ඖරස) පුත්‍ර‍යායි.

        (මේ තුන්තැන ප්‍ර‍ත්‍යයටත් ශබ්දයටත් මැද සකාරාගම වේ.)

        නගර + ණ = නාගර (= නුවර උපන් හෝ වසන)

        මගධ + ණ = මාගධ (= මගධ දේශයෙහි උපන්)

        කුසිනාරා + ණ = කොසිනාර, (= කුසිනාරාවැසි)

 

E. එය ඔහුගේ මාංශය :-

        සූකර + ණ = සොකර (= ඌරුමස්). න.

        මහිස + ණ = මාහිස (= මීමාගේ මස්). න.

        සකුණ + ණ = සාකුණ (= පක්‍ෂිමස්). න.


F. එය ඔහුට ඇත්තේය :-

        සද්‍ධා + ණ = සද්‍ධ (= ශ්‍ර‍ද්‍ධා ඇති.)

        පඤ්ඤා + ණ = පඤ්ඤා (= ප්‍ර‍ඥා ඇති.)

 

        57. එහි වූයේ, එය ඔහුට ඇත්තේ ය යනාදී අර්‍ථයන්හි ඉම-ඉය යන ප්‍ර‍ත්‍යයෝ වෙත්.

 

A. එහි වූයේ :-

        පච්ඡා + ඉම = පච්ඡිම (= පසුව උපන් හෝ වූ.)

        අන්ත + ඉම = අන්තිම (= කෙළවරෙහි හෝ අන්තයෙහි වූ.)

        මජ්ඣිම + ඉම (මජ්ඣිම (= මධ්‍යයෙහි වූ.)

        උපරි + ඉම = උපරිම (උඩින් වූ: මත්තෙහි වූ:)

        හෙට්ඨා + ඉම = හෙට්ඨිම (= යටින් වූ.)

        මනුස්සජාති + ඉය = මනුස්සජාතිය (= මිනිස් ජාතියෙහි වූ.)

        ලොක + ඉය = ලොකිය (= ලෝකයෙහි වූ.)

        බොධිපක්ඛ + ඉය = බොධිපක්ඛිය (= බෝධියගේ පක්‍ෂයෙහි වූ.)

        පඤ්චවග්ග + ඉය = පඤ්චවග්ගිය (= පස්වගෙහි වූ.)

        උදර + ඉය = උදරිය (= උදරයෙහි වූ: නොපැසුණු ආහාරයයි.)

 

B. එය ඔහුට ඇත්තේ :-

        පුත්ත + ඉම = පුත්තිම = පුත්‍ර‍යන් ඇති.

        පුත්ත + ඉය = පුත්තිය = පුත්‍ර‍යන් ඇති.

        ජටා + ඉය = ජටිය (= ජටා ඇති.)

 

        58. සමූහාර්‍ථයෙහි තා - ප්‍ර‍ත්‍යය වේ. එය ස්ත්‍රී ලිංගයෙහියි.

        ගාම + තා = ගාමතා (= ග්‍රාමයන්ගේ සමූහය, ගම් සමූහය.)

        ජන + තා = ජනතා (= ජන සමූහය.)

        ස්වාර්‍ථයෙහි ද තා - ප්‍ර‍ත්‍යය වේ.

 

        දෙව + තා = දෙවතා (= දේවතාවා) යනු උදාහරණයි. දෙවි තෙමේම ‘දෙවතා’ නම් වේ. නමුත් තා ප්‍ර‍ත්‍යයාන්ත වූ මේ ශබ්දය ස්ත්‍රී ලිඞ්ගයෙහි වේයයි දතයුතු.

 


 

        59. සමූහාර්‍ථයෙහි ණ - ප්‍ර‍ත්‍යය ද වේ.

        ද්වි + ණ = ද්වය (= දෙදෙනාගේ සමූහය)

        ති + ණ = තය (= තිදෙනාගේ සමූහය.)

 

        මේ දෙතැන්හි ද්වි-ති- ශබ්දයන්ගේ ඉකාරයන්ට අය - ආදේශ වේ.

 

        60. එය එයට හේතුව වේ යන අර්‍ථයෙහි ඊය - ප්‍ර‍ත්‍යය වේ.

        බන්‍ධන + ඊය =  බන්‍ධනීය (= බැඳීමට කාරණය:  බැන්ද යුතු)

        මුච්ඡන + ඊය = මුච්ඡනීය (= මූර්ජාවීමට කාරණය)

        ඛමන + ඊය = ඛමනීය (= ඉවසීමට හේතු වූ, ඉවසිය යුතු.)

        රජන + ඊය = රජනීය (= ඇලීමට හේතු වූ, ඇලිය යුතු)

        (මේවා අනීය ප්‍ර‍ත්‍යයෙන් ද සිද්‍ධ කළ හැක.)

 

        61. එය බහුල කොට ඇත්තේ යන අර්‍ථයෙහි ආලු - ප්‍ර‍ත්‍යය වේ.

        අභිජ්ඣ + ආලු = අභිජ්ඣාලු (= දැඩි ලෝභය බහුල කොට ඇත්තේ.)

        ධජ + ආලු = ධජාලු (= ධ්වජ බහුල වූ)

        දයා + ආලු = දයාලු (= කරුණා බහුල කොට ඇත්තේ.)

 

        62. ඇතැම් විට ආලු ප්‍ර‍ත්‍යයෙන් පසුව කකාරගමයක් වේ. අන්‍යශබ්දයන් කෙරෙන් ද නොයෙක් අර්‍ථයන්හි කකාරාගමය වේ.

 

        අභිජ්ඣාලුකො, දයාලුකො යනු උදාහරණයි. පෙර දැක්වූ අර්‍ථම ඇත්තාහ.

 

        A මේ ස්වාර්‍ථයෙහි ක - ප්‍ර‍ත්‍යයයි. මෙයින් කිසි අමුතු අර්ථයක් ප්‍ර‍කාශ නොවේ.

 

        කුමාරයාම කුමාරක නම් වේ.

        මාණවයා හෙවත් තරුණයාම මාණවක නම් වේ.

        මුදු හෙවත් මෘදුවූයේම මුදුක නම් වේ.

 

B. කුඩා අර්ථයෙහි

        පුත්තක + ක = පුත්තක (= කුඩා පුත්‍ර‍යා.)


        පීඨ + ක = පීඨක (= කුඩා පුටුව)

        මඤ්ච + ක = මඤ්චක (= කුඩා ඇඳ)

 

C. නින්දාර්ථයෙහි :

        පණ්ඩිත + ක = පණ්ඩිතක (= නින්දා ලැබිය යුතු උගතා)

        ලුද්ද + ක = ලුද්දක (= නින්දා ලැබිය යුතු වැද්දා)

 

        මේ ක - ප්‍ර‍ත්‍යය ‘එහි උපන්නේ හෝ වසන්නේ’ යන අර්ථයෙහි ණ - ප්‍ර‍ත්‍යයෙන් සිද්‍ධවූ පදයන් කෙරෙන් ද සම්බන්ධාර්ථයෙහි වූ බහුබ්බීසි සමාස පදයන් කෙරෙන් ද විශේෂාර්ථයක් නැතිව යොදනු ලැබේ.

 

        කුසිනාරා + ණ = කොසිනාර = කොසිනාරක (= කුසිනාරාවෙහි

                                                උපන් හෝ වසන.)

        රාජගහ + ණ = රාජගහ = රාජගහක (= රාජගහවෙහි උපන්

                                                        හෝ වසන)

        බහු + නදී + ණ = බහුනදික (= බොහෝ ගංගා ඇති)

 

        63. එයින් කරණ ලද දෙය හෝ එයින් උපන් දෙය යන අර්ථයෙහි මය - ප්‍ර‍ත්‍යය වේ.

 

        සුවණ්ණ + මය = සුවණ්ණමය හෝ සොවණ්ණමය (= රනින් කරන ලද හෝ සෑදූ)

 

        රජත + මය = රජතමය (= රිදියෙන් කළ)

        දාරු + මය = දාරුමය (= ලීයෙන් කළ)

        ඉද්ධි + මය = ඉද්‍ධිමය (= සෘද්ධියෙන් උපන්)

        මන + මය = මනොමය (= සිතින් උපන්)

 

        අන්තිම පදයෙහි මන - ශබ්දය මනෝගණයට අයත් බැවින් මධ්‍යයෙහි ඔකාරාගම කරනු ලැබේ. ‘සොවණ්ණමය’ යන තැන උකාරයට ඔකාරාදේශ වේ.

 

        ගො + මය = ගොමය (= ගවයාගෙන් උපන් මල: ගොම)

 


 

අභ්‍යාසය 12

 

සිංහලට නැඟිය යුතු.

 

        1. “යථා පන දාරුආදීහි නිප්ඵන්නාති තානි තානි භණ්ඩානි දාරුමයාදීනි නාම හොන්ති. තථා එතෙ’පි මනතො නිප්ඵන්නත්තා මනොමයා නාම” (ධ. අ.) 2. “මාණව, අහං තෙ සුවණ්ණමයං වා මණිමයං වා රජතමයං වා ලොහමයං වා චක්කයුගං දස්සාමී” ති බ්‍රාහ්මණො වදි. 3. මාගධො බිම්බිසාරො රාජා අන්තනො පාසාදස්ස උපරිමතලෙ ඨිතො පිණ්ඩාය චරන්තං බොධිසත්තමනුගච්ඡන්තෙ නාගරෙ දිස්වා “කිමෙත”න්ති පුච්ඡි. 4. දයාලු භගවා මහාජනතං අනුකම්පන්තො සබ්බදා එකත්‍ථ අවසිත්‍වා තත්‍ථ තත්‍ථ විචරන්තො සන්‍දිට්ඨිකං ධම්මං දෙසෙසි.

 

        5. පාටලීගාමිකාපි ඛො උපාසකා පාදෙ පක්ඛාලෙත්‍වා ආවසථාගාරං පවිසිත්‍වා පුරත්‍ථිමං භිත්තිං නිස්සාය පච්ඡිමාභිමුඛා නිසීදිංසු.” (විනය මහාවග්ග)

 

        6. “අස්සොසුං ඛො වෙසාලිකා ලිච්ඡවී භගවා කිර කොටිගාමං අනුප්පත්තොති. අථ ඛො වෙසාලිකා ලිච්ඡවී භද්‍රානි යානානි යොජාපෙත්‍වා...... වෙසාලියා නීයිංසු භගවන්තං දස්සනාය.” (විනය මහාවග්ග)

 

        7. “තෙන ඛො පන සමයෙන රාජගහිකස්ස සෙට්ඨිස්ස සත්ත වස්සිකො සීසාබාධො අහොසි. බහූ මහන්තා මහන්තා දිසාපාමොක්ඛා වෙජ්ජා ආගන්ත්‍වා නා’සක්ඛිංසු ආරොගං කාතුං” (එම)

 

        8. “අථ ඛො ජීවකො කොමාරභච්චො සෙට්ඨිං ගහපතිං මඤ්චකෙ නිපජ්ජාපෙත්‍වා මඤ්චකෙන සම්බන්‍ධිත්‍වා සීසච්ඡවිං ඵාලෙත්‍වා........ ද්වෙ පාණකෙ නීහරිත්‍වා ජනස්ස දස්සෙසි.” (එම)

 

        9. “සෙට්ඨිපුත්තො ‘නිය්‍යානිකං වත බුද්‍ධසාසනං’ති පසීදිත්‍වා යොජනිකං සුවණ්ණචෙතිං කම්බල - කඤ්චුකෙන පරික්ඛිපිත්‍වා තත්‍ථ තත්‍ථ රථචක්කප්පමාණෙහි සුවණ්ණපදුමෙහි අලංකරි.” (අඞ්ගුත්තරට්ඨකථා)

 


        10. “තස්මිං සමයෙ චතුසත්තති - සහස්සජටිලා පණීත පණීතානි ඔජවන්තානි ඵලාඵලානි ගහෙත්‍වා ආචරියස්ස සන්තිකං සම්පත්තා.’ (එම)

 

මෙහි අමුතු වචන

අරොග = රොගනැති, නීරෝගී. 3.       පක්ඛාලෙත්‍වා = සෝදා. පූ. ක්‍රි.

අසක්ඛි = හැකිවිය                      පච්ඡිමාභිමුඛ = බටහිරට අභිමුඛවූ.

ආබාධ = රෝගය. පු.                            3.

ආවසථාගාර = තානායම. පු.            පණීත = ඉතා රසවත්. 3.

ඔජවන්ත = ඕජස් ඇති. 3.               පසීදිත්‍වා = පැහැද. පූ. ක්‍රි.

කඤ්චුක = සැට්ටය, වැස්ම. පු.          පාණක = සත්වයා. පු.

කම්බල = ලොම්පිළි, කම්බිලි. පු.න.      පාටලීගාමික = පාටලී ගමෙහි

චක්කයුග = රෝද දෙක. න.                     උපන් හෝ වසන. 3.

කොමාරභච්ච = ළදරුවන්ට             පුරත්‍ථිම = නැගෙනහිර. 3.

        බෙහෙත් කිරීම දත්:             ඵලාඵල = කුඩා මහත්ගෙඩි. න.

        කුමරකු විසින් පෝෂිත වූ. 3.    ඵාලෙත්‍වා = පළා. පූ. ක්‍රි.

ජන = මිනිහා: මිනිසුන් සමූහය.         භද්‍ර‍ = යහපත්. 3.

තෙන ඛො පන සමයෙන =             යාන = (රථාදී) යානය. න.

        එකල්හි                         යොජාපෙත්‍වා = යොදවා:

දස්සනාය = දැකීමට (චතුර්ත්‍ථි.එ.)                පිළියෙළ කරවා. පූ. ක්‍රි.

දිසාපාමොක්ඛ = ප්‍රදේශයකට           රථචක්ක = කරත්ත රෝදය. න.

        අධිපති වූ. 3.                   වෙසාලික = විශාලා නුවර වැසි.

නිපජ්ජාපෙත්‍වා = හොවින්ට                     3.

        සලස්වා                        සත්තවස්සික = සත් අවුරුද්දක්

නිප්ඵන්න = නිපන්, සාදන ලද.                 පැවැති. 3.

        3.

නිස්සාය = ආශ්‍ර‍ය කොට. පූ. ක්‍රි.         සම්බන්‍ධිත්‍වා = සම්බන්ධ කොට,

නිය්‍යානික = දුකින් නිදහස් වීමට        මනාසේ බැඳ. පූ. ක්‍රි.

        පමුණුවන. 3.                   සම්පත්ත = පැමිණි. 3.

නීයි = ගෙනයන ලදී.                    සීසච්ඡවි = හිසේ සම. ඉ.


 

තද්‍ධිත පදවලින් යුක්ත කොට පාලියට නැඟිය යුතු.

 

        1. තෙල් වෙළෙන්දා යකඩින් කළ ආයුධයක් ගෙන දොරටු පාලයාට  පහර දුන්නේ ය. 2. මට්ටකුණ්ඩලී තෙම සර්‍වඥයන් වහන්සේ කෙරෙහි සිත  පහදවා කලුරිය කොට තව්තිසා දෙව් ලොව රන්විමනක උපන්නේ ය. 3. පස්වග මහණහු ඒහිපස්සික වූ ධර්‍මය අසා රහත් ඵලය ලැබූහ. 4. බ්‍රාහ්මණ තෙම මාණවකයාට රනින් කළා වූ හෝ රිදියෙන් කළා වූ මැණික්වලින් කළා වූ හෝ චක්‍ර‍ දෙකක් දෙන්නෙමියි කීය. 5. ආභිධර්මික තෙම මහාජන සමූහයාට තමන් විසින් දැක්ක යුතු (හෙවත් අවබෝධ කටයුතු) ධර්‍මය දේශනා කළේ ය. 6. මුගලන් තෙරුන් වහන්සේ මනෝමය ශරීරයක් මවා ගෙන තව්තිසා දෙව්ලොවට වැඩි සේක. 7. බෝධිසත්ව තෙම වෙසක් මස පසළොස්වක්දා උදය කිරිබත් වළඳා (අනුභව කොට) සවස් කාලයෙහි බෝ මැඩට පැමිණියේ ය. 8. සංඝරක්ඛිත ස්ථවිරයන් වහන්සේගේ බෑනා වූ සාමණේර නමක් පැවිද්ද හැර ගිහියෙක් විය. 9. නාවිකයෝ යකඩින් කළා වූ ද ලීයෙන් කළා වූ ද රිදියෙන් කළා වූ ද බඩු නැවෙහි පටවාගෙන චීන රටට ගියහ. 10. පුත්‍ර‍යන් ඇති මගියා සහල් වෙළෙන්දාගෙන් සහල් ඉල්වීය.

 

සංලක්‍ෂ්‍යය :-

 

        මෙහි 1 වැනි වාක්‍යයෙහි ‘තෙල් වෙළෙන්දා’ යන්න ‘තෙල වාණිජො’ යි පාලියට නොනැගිය යුතු. එය සමාස පදයකි. අර්ථ වශයෙන් එහි වරදක් නැතත් මෙය තද්ධිත පරිච්ඡේදය බැවින් තෙලික යන තද්ධිත පදය යෙදිය යුතු. ‘යකඩින්’ කළ යන්න ‘අයසා කතං’ යි නොනැගිය යුතු: අයොමය යනු මීට යෝග්‍ය තද්ධිත පදයයි.

 

මෙහි අමුතු වචන :-

 

කිරිබත = ඛීරපායාස. පු.                පසළොස්වක = පුණ්ණමී. ඉ.

ගිහියා = ගිහී. පු.                        බෝමැඩ = බොධිමණ්ඩ. පු.

තව්තිසා = තාවතිංස. පු.                මගියා = පථික. පු.

පටවාගෙන = ආරොපෙත්‍වා. පු. ක්‍රි.      වෙසක් මස = වෙසාඛ. පු.

                        හැර = චජිත්‍වා, පහාය. පූ. ක්‍රි.

 


        (1) සාමඤ්ඤ                   (3) අත්‍ථ්‍යත්‍ථ තද්ධිතය.

 

        64. එය ඔහුට ඇත්තේ ය යන අර්ථයෙහි අව - අල - ඉල - ඉක - ඊ - වී - ස්සී යන ප්‍ර‍ත්‍යයෝ වෙති.

 

        අව : කෙස + අව = කෙසව (= හිසකෙස් ඇති)

        අල : වාචා + අල = වාචාල (= වැඩි කථා ඇති)

        ඉල : ජටා + ඉල = ජටිල (= ජටා ගෙතුණු හිසකෙස් ඇත්තේ.)

        තුණ්ඩ + ඉල = තුණ්ඩිල (= හොට ඇත්තේ: පක්‍ෂිවර්‍ගයක්.)

        ඵෙණ + ඉල = ඵෙණිල (= බොහෝ පෙණ ඇති: පෙණෙල ගස)

 

        ඉක :   දණ්ඩ + ඉක = දණ්ඩික (= අතේ සැරයටියක් ඇති)

                මාලා + ඉක = මාලික (= මල්දමක් ඇති)

                ගණ + ඉක = ගණික (= සමූහ = පරිවර ඇති.)

 

        ඊ       මාලා + ඊ = මාලී  (= මාලා ඇත්තා)

                කුට්ඨ + ඊ = කුට්ඨී (= කුෂ්ට ඇත්තා.)

                දන්ත + ඊ = දන්තී (= දත් ඇත්තා: ඇතා.)

                වම්ම + ඊ = වම්මී (= යුද්‍ධ ඇඳුම් ඇත්තා.)

 

        වී:      මෙධා + වී = මෙධාවී (= නුවණැති.)

                මායා + වී = මායාවී (= මායා ඇත්තා: ඉන්ද්‍ර‍ජාල දන්නා.)

 

        ස්සී:    තප + ස්සී = තපස්සී (= තපස් ඇත්තා: තාපසයා)

                යස + ස්සී = යසස්සී (= කීර්තිය හෝ පිරිවර ඇත්තා.)

                තෙජ + ස්සී = තෙජස්සී (= තේජස් ඇත්තා.)

 

සංලක්‍ෂ්‍යය :-

 

        ස්සී - ප්‍ර‍ත්‍යය වන්නේ මනෝ ගණයෙහි වූ ශබ්දයන් කෙරෙන් යයි පෙනේ. මනෝගණික ශබ්දයෝ සංස්කෘතයෙහි ‘මනස් තපස්’ ආදී වශයෙන් ද සිටිත්. ඒ ‘තපස්වී’ යනාදිය ම පාලියට තපස්සී ආදී වශයෙන් පෙරළුණේ යයි සිතිය හැක.

 


 

        65. ඊ - වී - ස්සී - ප්‍ර‍ත්‍යයන්ගෙන් සැදුණු පදයන් ස්ත්‍රී ලිංගයෙහි යෙදෙන විට අන්තයෙහි ඉනී = ප්‍ර‍ත්‍යයන් යෙදේ.

 

        මාලී + ඉනී = මාලිනී (= මාලා ඇත්තී.)

        මන්තී + ඉනී = මන්තිනී (= මැතිනිය)

        මෙධාවී + ඉනී = මෙධාවිනී (= නුවණැත්තී.)

        තපස්සී + ඉනී = තපස්සිනී (= තපස් ඇත්තී.)

        66. මෙයින් යුක්තය යනාර්ථය ප්‍ර‍කාශ කිරීම පිණිස ඇතැම් අකාරාන්ත ශබ්දයන් කෙරෙන් වන්තු - ප්‍ර‍ත්‍යය ද ඉ - කාරාන්ත උ - කාරාන්ත ශබ්දයන් කෙරෙන් මන්තු - ප්‍ර‍ත්‍යය ද යෙදේ.

 

        ගුණ + වන්තු = ගුණවන්තු (= ගුණ ඇති)

        ධන + වන්තු = ධනවන්තු (= ධනවත්)

        බුද්‍ධි + මන්තු = බුද්ධිමන්තු (= නුවණැති)

        භානු + මන්තු = භානුමන්තු (= රශ්මි ඇති, සූර්යයා)

        ආයු + මන්තු යන තැන උකාරයට අස් - ආදේශ වී = ආයස්මන්තු යි සිද්‍ධ වේ.

 

        67. මේ ශබ්දයන් ස්ත්‍රී ලිංගයෙහි යෙදෙන විට ඊ - ප්‍ර‍ත්‍යයක් වී පූර්‍වස්වරය ලොප් වේ. ඇතැම් විට වන්තු - මන්තුන්ගේ න් - කාරය ද ලොප් වේ.

 

        ගුණවන්තු + ඊ = ගුණවන්තී, ගුණවතී (= ගුණ ඇත්තී.)

        සතිමන්තු + ඊ = සතිමන්තී, සතිමතී (= සිහි ඇත්තී.)

 

        68. ණව = ණික - ණෙය්‍ය - ණ - යන ප්‍ර‍ත්‍යයන්ගෙන් සිද්‍ධ වූ තද්ධිත පදයන් ස්ත්‍රීලිංගයෙහි වැටෙන විට ඊ - ප්‍ර‍ත්‍යයක් කළ යුතු යි.

 

        ණව: මාණව + ඊ = මාණවී (= මෙනවිය: තරුණිය.)

        ණික: නාවික + ඊ = නාවිකී (= නැවෙහි නියුක්ත ස්ත්‍රිය.)

        ණෙය: භාගිනෙය්‍ය + ඊ = භාගිනෙය්‍යී (= ලේලි: සොහොයුරියගේ දූ.)

        ණ : ගොතම + ඊ = ගොතමී (= ගෞතම ගොත්‍රයෙහි වූ ස්ත්‍රිය.)


        69. අධිකාර්ථයක් ප්‍ර‍කාශ කරනු කැමති විට තර - තම - යන ප්‍ර‍ත්‍යයන් යෙදිය යුතු. දෙදෙනකුගෙන් අධික ගුණැත්තා ප්‍ර‍කාශ කිරීමට තර - ප්‍ර‍ත්‍යය ද බොහෝ දෙනකුගෙන් අධික තැනැත්තා ප්‍ර‍කාශ කිරීමට තම - ප්‍ර‍ත්‍යය ද යෙදිය යුතු.

 

        පාප (= පාපියා: පවිටු.)

        පාපතර (= වඩා පවිටු)

        පාපතම (= අතිශයෙන් පවිටු)

        හීන (= ලාමක වූ)

        හීනතර (= වඩා ලාමක වූ)

        හීනතම (= අතිශයෙන් ලාමක වූ.)

        පණීතතර - පණීතතම ආදි නොයෙක් විශේෂණ පදයන් මෙසේ යොදාගත යුතු.

 

අභ්‍යාසය 13

 

සිංහලට නඟා තද්‍ධිත පද පෙන්විය යුතු :

 

1.     “උච්ඡින්‍ද සිනෙහමත්තනො

කුමුදං සාරදිකංව පාණිනා      (ධම්මපද 235 ගා.)

 

        2. “නෙව ඛො අසක්ඛි වාසෙට්ඨො මාණවො භාරද්වාජං මාණවං සඤ්ඤාපෙතුං, න පන අසක්ඛි භාරද්වාජො මාණවොපි වාසෙට්ඨං මානවං සඤ්ඤාපෙතුං. (දීඝ.)

        3. “කුසාවතියා ආනන්‍ද රාජධානියා....... එකං ද්වාරං සොවණ්ණමයං, එකං රූපියමමයයං, එකං වෙළුරියමයං, එකං ඵලික මයං.” (දීඝ. මහාසුදස්සන)

        4. මය්හං භාගිණෙය්‍යො ඉමස්ස රජ්ජස්ස සාමිකොව, ධීතරං එතස්සෙ’ව දත්‍වා අභිසෙකමස්ස කරිස්සාමීති.” (අසිලක්ඛණ ජාතක) 5. “අතීතෙ ඛාරාණසියං බ්‍ර‍හ්මදත්ත රජ්ජං කාරෙන්තෙ බොධි සත්තො භාතිකසතස්ස කණිට්ඨො අහොසි.” (පඤ්චගරු ජාතක) 6. “ඉදං ඛො මහාරාජ, සන්‍දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්‍දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරං ච පණිතතරං ච.’ (දීඝ සාමඤ්ඤඵල)


       

        7. “රඤ්ඤා මහාසුදස්සනස්ස උපරිපාසාදවරගතස්ස දිබ්බං චක්කරතනං පාතුරහොසි සහස්සාරං සනෙමිකං සනාභිකං සබ්බා කාරපරිපූරං.” (දීඝ)

 

        8. බාරාණසියං යසො නාම කුලපුත්තො සෙට්ඨිපුත්තො සුඛුමාලො හොති: තස්ස තයො පාසාදා හොන්ති:- එකො හෙමන්තිකො එකො ගිම්හිකො, එකො වස්සිකො” (විනය මහාවග්ග)

 

        9. “මහාකස්සපථෙරො ච අනුරුද්ධො මහාගණී

          උපාලිත්‍ථෙරො සතිමා ආනන්‍දො ච බහුස්සුතො

          අඤ්ඤෙ බහූ අභිඤ්ඤාතා සාවකා සත්‍ථුවණ්ණිතා

          සබ්බෙ පඤ්චසතා ථෙරා නවඞ්ගං ජිනසාසනං

          උග්ගහෙත්‍වාන ධාරෙසුං බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ.”

(දීපවංස)

        10. “තස්සා ච සාමිනී තත්‍ථ කුවෙණි නාම යක්ඛිණී

            නිසීදි රුක්ඛමූලම්භි කන්තන්තී තාපසී විය.” (මහාවංස)

 

මෙහි අමුතු වචන

 

අභිඤ්ඤාත = ප්‍ර‍කට වූ. 3.               නවඞ්ග = කොටස් නවයක්

අභික්කන්තතර = වඩා                          ඇති. 3.

        ප්‍ර‍භාවත් වූ; වඩා සිත්කලු.ඉ.     පණීතතර = වඩා උස් වූ හෝ

අභිසෙක = රාජ්‍යාභිෂේකය. පු.                  මිහිරි වූ. 3.

උච්ඡින්‍දති = සිඳියි, කඩයි                පාතුරහොසි = පහළ විය

කණිට්ඨ = ඉතා බාලයා.පු.              පුරිම = පළමු; ප්‍ර‍ථම. 3.

කන්තන්තී = (නූල්) කටින්නී. ඉ.         එලිකමය = පළිඟුවෙන් කළ. 3.

කුලපුත්ත = වැදගත් පවුලක             බහුස්සුත = බොහෝ දේ

        පුත්‍රයෙක්. පු.                           උගත්. 3.

ගිම්හික = උෂ්ණ කාලයට               භාතික = සොහොයුරා. පු.

        යෝග්‍ය වූ. 3.                   මහාගණී = මහත් පිරිස් ඇති. 3.

චක්කරතන = චක්‍ර‍රත්නය. න.           යක්ඛිණී = යකින්න. ඉ.

දිබ්බ = දෙවියන් හෝ දෙව් ලොව       රාජධානි = රජු වසන නුවර. ඉ.

        සම්බන්ධ; දිව්‍ය. 3.              රූපියමය = රිදියෙන් කළ. 3.


වණ්ණිත = පසස්නා ලද. ඉ.             සහස්සාර = දහසක් දැති ඇති. 3.

වස්සික = වර්‍ෂා කාලයට                 සාමික = අයිතිකාරයා. පු.

        යෝග්‍ය. 3.                      සාමිනී = ස්වාමිදුව. ඉ.

වෙළුරියමය = වෙරළුමිණියෙන්          සාරදික = සරත් කාලයට

        තැනූ. 3.                                අයත්. 3.

සඤ්ඤාපෙතුං = අවබෝධ               සාමඤ්ඤඵල = මහණ කමේ

        කරවන්ට. නි.                           ළුලය. න.

සනාභික = නැබ (බොස් ගෙඩිය)        සිනෙහ = ප්‍රේමය. පු.

        සහිත වූ. 3.                     සුඛුමාල = සියුමැලි. සුවසේ

සනෙමික = නිම් වළලු (පට්ටම්)                 වැඩුණු. 3.     

        සහිත වූ. 3.                     හෙමන්තික = ශීත කාලයට

සබ්බාකාරපරිපූර = සියලු                       යෝග්‍ය වූ. 3.

ආකාරයෙන් සම්පූර්ණ වූ. 3.

 

තද්ධිත පද සහිත කොට පාලියට නැඟිය යුතු.

 

        1. කුසාවතී නුවර සත්රුවනින් කළ ප්‍රාකාරයෝ සත් දෙනෙක් ද දොරටු සතක් ද වූහ. 2. බරණැස් රජ තමාගේ බෑනාට ස්වකීය දූ කුමරිය දී රාජ්‍යයෙහි අභිෂේක කරවිය. 3. මහාමන්‍ධාතු රජතුමා චක්‍ර‍රත්නයේ ආනුභාවයෙන් පොළොව මුළුල්ලේ ඇවිද දෙව්ලොවට ද ගියේ ය. 4. මහා සුදස්සන රජුට සත්රුවන් පොකුණු අසූහාර දහසක් ද හස්ති රත්නය ප්‍ර‍මුඛ අසූහාර දහසක් ඇත්තු ද සියලු ආකාරයෙන් සැරසූ අසූහාර දහසක් රථයෝ ද වූහ. 5. බහුශ්‍රැතයන්ට අග්‍ර‍ වූ ගෞතම ගෝත්‍ර‍ ඇති ආනන්‍ද මහා ස්ථවිරතුමා සර්‍වඥයන් වහන්සේගේ ධර්‍මභාණ්ඩාගාරිකයා විය. 6. මගධාධිපති අජාසත් මහ රජතුමා පිරිවර සහිතව ජීවකයාගේ අඹ උයනට ගොස් සාන්‍දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය ගැන සර්‍වඥයන් වහන්සේගෙන් විචාළේ ය. 7. ගෞතම ගෝත්‍ර‍ ඇති මහා ප්‍ර‍ජාපතී දේවිය පන්සියයක් ශාක්‍ය කුමරියන් සමග පැවිදිව භික්‍ෂුණී සංඝයා ඇති කෙළේ ය. 8. මහ පිරිස් ඇති අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ ද තථාගතයන් වහන්සේ පිරිනිවි තැනට පැමිණ සිටියහ. 9. විජය කුමරු ලක්දිවට පැමිණි කල්හි ඔහුගේ එක් සේවකයෙක් ගසක් මුල නූල් කටිමින් හුන් ස්ත්‍රියක් දුටුවේය. 10. යසකුල පුත්‍ර‍ තෙමේ සරත් කාලයෙහි හටගත් පියුමක් කඩන්නා සේ තමාගේ ප්‍රාසාදයන්හි ද ස්ත්‍රීන් කෙරෙහි ද ස්නේහය සින්දේය. 11. දශශීලය පඤ්චශීලයට වඩා ප්‍ර‍ණීතතරය: ප්‍රාතිමෝක්‍ෂ සංවරය සියලු ශීලයන්ට ශ්‍රේෂ්ඨතම ය.


 

මෙහි අමුතු වචන :-

 

අභිෂේක කරවිය =                      පොළොව මුළුල්ලේ = සබ්බ -

        අභිසිඤ්චාපෙසි                         පඨවියා.

අඹ උයන = අම්බවන. න.              ප්‍ර‍ණීතතර = පණීතතර. 3

කටිමින් = කන්තන්ත. 3.                ප්‍රාතිමෝක්‍ෂසංවරය = පාති

කඩන්නාසේ = ඡින්‍දෙන්තො විය.                මොක්ඛසංවර. පු.

ගැන = අරබ්භ. පූ. ක්‍රි.                   බරණැස් රජ = බාරාණසීරාජ. පු.

දශශීලය = දසසීල. න.                  බහුශ්‍රැත = බහුස්සුත. 3.

ධර්‍මභාණ්ඩාගාරිකයා = ධම්ම            ශ්‍රාමණ්‍යඵලය = සාමඤ්ඤ ඵල

        භාණ්ඩාගාරික. පු.                      න.

නූල් - සුත්ත. න.                       ශ්‍රෙෂ්ඨතම = සෙට්ඨතම. 3.

පංචශීලය = පංචසීල. න.               සරත් කාලයෙහි හටගත් =

පිරිනිවි තැන = පරනිබ්බු-                       සාරදික. 3.

        තට්ඨාන. න.                    සාන්දෘෂ්ටික - සන්‍දිට්ඨික

 

        1. සාමඤ්ඤ                    (4) සංඛ්‍යා තද්ධිතය

 

        70 දෙවැනි තෙවැනි ආදී සංඛ්‍යාපූරණාර්ථයෙහි සංඛ්‍යා ශබ්දයන් කෙරෙන් ම - ප්‍ර‍ත්‍යය වේ.

 

        පඤ්ච + ම + පඤ්චම (= පස්වැනි: පස්දෙනකුගේ පිරීමයි.)

        සත්තම (= සත්වැනි)            නවම (= නවවැනි)

        අට්ඨම (= අටවැනි)              දශම (= දසවැනි)

 

        ඉත්‍ථිලිඞ්ගයෙහි ආ - ප්‍ර‍ත්‍යය වී ‘පංචමා, සත්තමා’ යනාදීහු ද ඊ-ප්‍ර‍ත්‍යය වී ‘පංචමී, සත්තමී’ ආදිහු ද වෙති.

 

        71. ඒ අර්ථයෙහි ම චතු ශබ්දය කෙරෙන් ථ - ප්‍ර‍ත්‍යය ද ඡ ශබ්දය කෙරෙන් ඨ ප්‍ර‍ත්‍යය ද වේ.

 

        චතු + ථ = චතුත්‍ථ (= සතර වැනි) ඡ + ඨ = ඡට්ඨ (=සවැනි)


        ව්‍යඤ්ජනසන්‍ධියෙහි කී ලෙස ථ - ඨ දෙදෙනට ද්විත්වය වේ. ඉත්‍ථිලිඞ්ගයෙහි “චතුත්‍ථි, ඡට්ඨි, චතුත්‍ථො, ඡට්ඨා” යි වෙති.

        72. ද්වි - ති - ශබ්දයන් කෙරෙන් තිය - ප්‍ර‍ත්‍යය ද ඉන්පසු ද්වි ති ශබ්දයන්ට දු - ත යනාදේශ ද වෙති.

 

        ද්වි + තිය = දුතිය (= දෙවැනි) ති + තිය = තතිය (= තුන් වැනි) ඉත්‍ථිලිඞ්ගයෙහි ‘දුතියා, තතියා’ වෙති.

 

        මේ රීතියෙන් ම “දුවිධ - දුවඞ්ග - දිරත්ත - දිගුණ - දිගු” ආදි තැන්හි ද්වි - ශබ්දයට දු - දි ආදේශ වෙති.

 

        73. එක - ද්වි - ආදි ශබ්දයන් කෙරෙන් වූ පර දස - ශබ්දයේ අන්තයෙහි (සංඛ්‍යාපූරණාර්ථයෙහි) ඊ - ප්‍ර‍ත්‍යයක් ඇතැම් තැනක වේ. මේ ඊ - ප්‍ර‍ත්‍යයාන්ත ශබ්දය ඉත්‍ථිලිඞ්ගයෙහියි.

       

        එක + දස + ඊ = එකාදසී (එකොළොස්වක් තිථිය)

 

        එකාදස යන්න සමාස පදයකි. ‘එකො ච දස ච = එකාදස’ යි ද්වන්‍ද සමාසයෙන් හෝ ‘එකකින් අධික වූ දසය’ යන අර්ථයෙහි තතියා තප්පුරිස සමාසයෙන් හෝ සිද්‍ධ කළ හැකි වේ.

 

        සමාසයේදී ද්වි - එක - අට්ඨ යන ශබ්දයන්ගේ අන්තයට ආකාරාදේශ වේ. (මෙයින් එක ශබ්දයේ අකාරයට ආකාරාදේශ වී යයි දත යුතු.) පුල්ලිඞ්ගයෙහි ‘එකාදසම’ කියා වේ.

        ද්වි + දස + ඊ = ද්වාදසී (= දොළොස්වක් තිථිය). ඉ.

        පංච + දස + ඊ = පංචදසී (= පසළොස්වක් තිථිය). ඉ.

        74. අනේකාර්ථයෙහි ද්වි-ශබ්දාදිය කෙරේ ක - ප්‍ර‍ත්‍යය වේ. (දෙකක් පමණක් නොව දෙකේ කොටස් රාශියක් විද්‍යමානවීම අනේකාර්ථයයි.) අන්‍ය සංඛ්‍යාවන් ගැන ද මෙසේ දතයුතු.

        ද්වි + ක = ද්වික (= දෙකේ සමූහය). පු. න.

        තික (= තුනේ සමූහය). පු. න.

        චතුක්ක (= හතරේ සමූහ). පු. න.

        පංචක (= පහේ සමූහය). පු. න.

        සතක (= සීයේ සමූහය). පු. න.

        සහස්සක (= දහසේ සමූහය). පු. න.

 

2. භාව තද්‍ධිතය

 

        75. එය ඔහුගේ ස්වභාවය යන අර්ථයෙහි තා - ත්ත - ත්තන - ණ්‍ය - ණෙය්‍ය යන ප්‍ර‍ත්‍යයෝ වෙති.

 

        තා :    ලහු + තා = ලහුතා (= සැහැල්ලු  බව)

                කතඤ්ඤු + තා = කතඤ්ඤුතා (= කෘතඥ බව.)

                සූර + තා = සූරතා (= ශූර බව)

                මුදු + තා = මුදුතා (= මෘදු බව)

 

        ත්ත :   මනුස්ස + ත්ත = මනුස්සත්ත (= මනුෂ්‍ය බව මිනිසත් බව)

                යාචක + ත්ත = යාචකත්ත (= යාචක බව)

                ගත + ත්ත = ගතත්ත (= ගිය බව)

       

        ත්තන:  පුථුජ්ජන + ත්නන = පුථුජ්ජනත්නන (= නූගත්

                මිනිසාගේ ස්වභාව.)

                ජායා + ත්තන = ජායාත්තන (= භාර්‍ය්‍යා බව.)

                ජාර + ත්තන = ජාරත්තන (= සොරසැමි බව)

 

        ණ්‍ය:   ආරොග + ණ්‍ය = ආරොග්‍ය (= නිරෝගි බව)

                දුබ්බල + ණ්‍ය = දුබ්බල්‍ය (= දුර්‍වල බව)

                (ණ් - කාරය වෘද්‍ධිය පිණිසයයි දත යුතු.)

 

        76. ණ්‍ය - ප්‍ර‍ත්‍යය යෙදුණු විට එයින් පූර්‍වයෙහි සිටි ව්‍යඤ්ජනයෝ ප්‍ර‍ත්‍යයෙහි යකාරය සමග නොයෙක් වෙනස්කම්වලට පැමිණෙති.

 

        ත් + ණ්‍ය = ත්‍ය යන්න ච්ච බවට පැමිණේ.

        ල් + ණ්‍ය = ල්‍ය යන්න ල්ල බවට පැමිණේ.

        ද් + ණ්‍ය = ද්‍ය යන්න ජ්ජ බවට පැමිණේ.

        ණ් + ණ්‍ය = ණ්‍ය යන්න ඤ්ඤ බවට පැමිණේ.

        ජ් + ණ්‍ය = ජ්‍ය යන්න ජ්ජ බවට පැමිණේ.

        ස් + ණ්‍ය = ස්‍ය යන්න ස්ස බවට පැමිණේ.

 


උදාහරණ :-

 

        පණ්ඩිත + ණ්‍ය = පණ්ඩිත්‍ය = පණ්ඩිච්ච (= පණ්ඩිත බව.) න.

        අධිපති + ණ්‍ය = ආධිපත්‍ය = ආධිපච්ච (= අධිපති බව). න.

        බහුසුත + ණ්‍ය =  බාහුසත්‍ය = බාහුසච්ච (= බොහෝ ඇසූ දේ

                                                ඇති බව, බහුශ්‍රැත බව.). න.

        මෙහි සුකාරයේ උකාරයට අකාරාදේශ වේ.

        කුසල + ණ්‍ය = කොසල්‍ය = කොසල්ල (= දක්‍ෂ බව) න.

        විපුල+ණ්‍ය=වෙපුල්‍ය = වෙපුල්ල (= මහත් බව, විපුලත්‍වය). න.

        සුහද + ණ්‍ය = සොහද්‍ය = සොහජ්ජ (මිත්‍ර‍ බව). න.

        සුමන+ණ්‍ය=සොමනස්ස (=යහපත් සිතේ ස්වභාව, සතුට) න.

        දුමන + ණ්‍ය = දොමනස්ස (= අයහපත් සිතේ ස්වභාව, දොම්නස). න.

 

        මේ අන්තිම දෙතැන්හි ශබ්දයන්ටත් ප්‍ර‍ත්‍යයන්ටත් මධ්‍යයෙහි මනෝ ගණයෙහි කී සකාරය ආගම වේ යයි දත යුතු.

 

        සමණ + ණ්‍ය = සාමණ්‍ය = සාමඤ්ඤ (= ශ්‍ර‍මණ බව). න.       

        ගිලාන +ණ්‍ය = ගෙලන්‍ය = ගෙලඤ්ඤ (= ගිලන් බව, රෝගය). න.

        මෙහි ලා - යන්නේ ආකාරයට හ්‍ර‍ස්ව වේ.

        රාජ + ණ්‍ය = රාජ්‍ය = රජ්ජ (= රාජ්‍යය හෝ රජ බව). න. මෙහි

                                                                ද හ්‍ර‍ස්ව වේ.

        නිපුණ + ණ්‍ය = නෙපුණ්‍ය = නෙපුඤ්ඤ (= නිපුණ බව) න.

       

        එය ඔහුගේ කර්‍මය යනාර්ථයෙහි ද ණ්‍ය - ප්‍ර‍ත්‍යය වේ.

 

        භිසජ + ණ්‍ය = භෙසද්‍ය = භෙසජ්ජ (= බෙහෙත, වෙදාගේ ක්‍රියාව යන

                                                අර්ථයි). න.

 

ණෙය්‍ය ප්‍ර‍ත්‍යය

 

        සුචි + ණෙය්‍ය = සොචෙය්‍ය (= පිරිසිදු බව). න.

        අධිපති + ණෙය්‍ය = ආධිපතෙය්‍ය (= අධිපති බව). න.

        සඨ + ණෙය්‍ය = සාඨෙය්‍ය (= කපටි බව). න.


 

        77. පටු ගරු ආදි ශබ්දයන් කෙරෙන් ඔහුගේ බව යන අර්ථයෙහි ණ - ප්‍ර‍ත්‍යය වේ.

 


        පටු + ණ = පාටව (= දක්‍ෂ බව). න. පු.

        ගරු+ණ = ගාරව (= ගරු බව, ගෞරවය). පු.

 

        “පටුතා, ගරුතා” යි තා - ප්‍ර‍ත්‍යයෙන් ද පටුත්තං, ගරුත්තං” යි ත්ත - ප්‍ර‍ත්‍යයෙන් ද පද සිද්‍ධවෙති.

 

අභ්‍යාසය 14

සිංහලට නඟා තද්‍ධිත පද දැක්විය යුතු.

 

        1. මාගධො බිම්බිසාරො මහාරාජා ද්විසු අඞ්ග - මගධ රට්ඨෙසු ආධිපච්චං රජ්ජං කාරෙසි. 2. එකං සමයං ආයස්මා මහාකස්ස පත්‍ථෙරො ගෙලඤ්ඤෙන පීළිතො රාජගහතො අවිදූරෙ පිප්ඵලි ගුහායං විහාසි. 3. ආනන්‍දථෙරො භගවතො සාවකෙසු බාහුසච්චෙන ච පණ්ඩිච්චෙන ච මහනීයතරො අහොසි. 4. මෙධාවිනී මාණවී දුල්ලභං මනුස්සත්තං ලභිත්‍වා බහුං පුඤ්ඤං කාතු’මුස්සහති. 5. ගුණවතී නාමිකී සීලවන්තිං භික්ඛුනිං නිමන්තෙත්‍වා දානම’දාසි. 6. භගවති ධරමානෙ යෙව භික්ඛුසංඝො වෙපුල්ලං පාපුණි. 7. මෙධාවිනො ගරූනං ගාරවං කත්‍වා නානාසත්‍ථෙසු පාටවං ලභන්ති. 8. සච්චවාදී තපස්සිනො කදාචිපි, වාචාලා න හොන්ති. 9. තෙමිය කුමාරො අත්තනො පණ්ඩිච්චං පකාසෙතුං න ඉච්ඡි. 10. ධම්මාසොකමහාරාජා මොග්ගලිපුත්තතිස්සත්‍ථෙරං නිමන්තෙත්‍වා සහස්සකං නාමතතියං සංගීතිං කාරාපෙසි. 11. බුද්ධා නාම සාඨෙය්‍යෙන ආරාධෙතුං න සක්කා. 12. කතඤ්ඤුනො කදාචිපි සොහජ්ජං න නාසෙන්ති. 13. පාරිලෙය්‍යහත්‍ථිරාජා අන්තොවස්සෙ මාසත්තයං භගවතො වෙය්‍යාවච්චමකාසි. 14. සද්ධා කුලපුත්තා පණීතතරානි වත්‍ථභෙසජ්ජාදීනි භික්ඛුසංඝස්ස දෙන්ති. 15. රොගී වෙජ්ජෙන දින්නං භෙසජ්ජමුපසෙවිත්‍වා ආරොග්‍යං ලභිත්‍වා අත්තනො සොමනස්සං වෙජ්ජස්ස පකාසෙසි.

 

මෙහි අමුතු වචන

 

අවිදූරං = නුදුරු තැන. න.              ආරාධෙතුං = සිත්ගන්ට. නි.

        නුදුරු වූ. 3.

උපසෙවිත්‍වා = සේවනය                පකාසෙයි = ප්‍ර‍කාශ කළේ ය.

        කොට, අනුභව කොට. පූ.ක්‍රි.    පාරිලෙය්‍යහත්‍ථිරාජ =

උස්සහති = උත්සාහ කෙරේ.                    පාරිලෙය්‍ය වනයෙහි ඇත්

එකං සමයං = එක් කලෙක                     රජ. පු.

දුල්ලභ = ලැබීමට අපහසු. 3.            පීළිත = පෙළුණු. 3.

ධරමාන = ජීවත් වෙන. 3.               මහනීයතර = වඩා පිදිය යුතු. 3.

නානාසත්‍ථං = නොයෙක්                මාසත්තයං = තුන් මසක්

        ශාස්ත්‍ර‍. න.                              මුළුල්ලේ.

නාසෙති = නසයි                       විහාසි = විසී ය

නිමන්තෙත්‍වා = ආරාධනා               වෙය්‍යාවච්ච = වතාවත. න.

        කොට. පූ. ක්‍රි.                   සක්කා = හැකි ය. නි.

පකාසෙතු = ප්‍ර‍කාශ කරන්ට. නි.         සාවක = ශ්‍රාවකයා; කීම් පිළිගෙන

                                                අදහන්නා. පු.

 

තද්‍ධිත සමාස පද යොදමින් පාලියට නැඟිය යුතු.

 

        1. නුවණැත්තන් අතරෙන් අතිශයෙන් පිදිය යුතු සැරියුත් මහ තෙරුන් වහන්සේ රජගහ නුවරින් නුදුරු උපතිස්ස ගමෙහි විසූ සාරි බ්‍රාහ්මණියගේ පුත්‍ර‍යා වී ය. 2. දුර්ලභ වූ මනුෂ්‍යාත්මය ලැබූ නුවණැත්තන් විසින් බොහෝ පින් කටයුත්තාහ. 3. ශ්‍ර‍ද්ධාවත් නාවික ස්ත්‍රිය සිල්වත් තාපසයන් දැක වැන්දා ය. 4. චක්ඛුපාල ස්ථවිරයන් වහන්සේ පූර්‍වයේදී වෙදෙකුව ඉපිද එක් ස්ත්‍රියකගේ ඇස්වල ගෑමට බෙහෙතක් දුන්නේ ය. 5. ඇතැම් ගුණවත් කුලපුත්‍රයෝ තමන්ගේ දරුවන් ද භාර්‍ය්‍යාවන් ද මවුපියන් ද ධනය ද හැර කසාවත් හැඳ පැවිදි වෙති. 6. සිද්ධාර්ථ කුමාර තෙම තම නෑයන්ට තමාගේ දක්‍ෂභාවය පෙන්වා රාජ්‍යය ලැබුවේ ය. 7. සිල්වත් ගුණවත් කුලවත් යසෝධරා කුමරිය ඒ කුමාරයාගේ භාර්‍ය්‍යා බවට පැමිණියා ය. 8. සර්‍වඥයන් වහන්සේ ඇතුල් වස තුන්මසක් මුළුල්ලේ තව්තිසා දෙව්ලොවදී දෙවියන්ට ධර්‍ම දේශනා කළ සේක.

 

        9. ගිලන් බවට පත් බිම්බිසාර රජතෙම ජීවක වෙදා විසින් දෙන ලද බෙහෙත් සේවනය කොට ආරෝග්‍ය ලැබ තමාගේ සොම්නස ප්‍ර‍කාශ කෙළේ ය.

 


 

        10. නුවණැත්තෝ නොයෙක් ශාස්ත්‍ර‍යන් ඉගෙන නිපුණත්‍වය ලබත්. 11. මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ රජගහනුවර සත්තපණ්ණි ගුහාවේදී පන්සීයේ සමූහය නම් වූ පළමුවැනි සඞ්ගායනාව කරවූ සේක. 12. අලසයා තමාගේ අලසබව නිසා කායික වූ ද මානසික වූ ද දුක් ලබයි. 13. දුටුගැමුණු මහරජ සියලු ලඞ්කාදීපයෙහි අධිපතිබව ලැබ යශස් - තේජස් ඇත්තෙක් ව සූවිසි වසක් රාජ්‍යය කරවීය. 14. මාලා ඇති මාණවිකාවෝ වාචාල වූ අලසයන් සමීපයට නොගියහ. 15. පාපතර මනුෂ්‍යයෝ දුර්ලභ වූ මනුෂ්‍යයාත්මය ලැබ කායික වූ ද වාචසිකවූ ද අකුසල් කොට අපායයන්හි ඉපිද අතිශයෙන් භයානක වූ දුක් විඳින්නාහ.

 

මෙහි අමුතු වචන

 

අතිශයෙන් භයානක වූ = භයා          ඉපිද = උප්පජ්ජිත්‍වා

        නකතම. 3.                     ගිලන්බවට පත් = ගෙලඤ්ඤ

අලසයා = අලස. පු.                            ප්පත්ත. 3.

ඇතැම් = එකච්ච. 3.                    යශස් ඇති = යසස්සී. 3.

ඇස්වල ගෑමට = අක්ඛිනි               සොම්නස = සොමනස්ස. න.

        අඤ්ජිතුං

 

ප්‍ර‍ශ්න :-

 

        1. ඡට්ඨි, සත්තමී, සතිමා, ධිතිමා, මහනීයතර, සත්තසතික, ගාරව, වෙපුල්ල, ජනතා, රාජත්තං, ආණන්‍යා යන පද කිනම් තද්ධිතවලට අයත් වෙත් ද?

 

        2. “ආයු + මන්තු, බහුසුත + ණ්‍ය, කුසල + ණ්‍ය, සුමන + ණ්‍ය, ද්වි + තිය, පටු + ණ, ගිලාන + ණ්‍ය, අධිපති + ණෙය්‍ය, අධිපති + ණ්‍ය, රාජ + ණ්‍ය” යන තැන්හි කෙසේ පද සිද්ධ වෙත් ද?

 

        3. ධනය ඇති, පිරිසිදු බව, සවැනි, අතිශයෙන් ගුණවත්, මහත් බව, ණයනැති බව, කපටි බව, මායා ඇති ස්ත්‍රී, සිල්වත් ස්ත්‍රී, සතරේ සමූහය, බොහෝ ඇසූ දේ ඇති බව, මිත්‍ර‍ බව, කුඩ ඇත්තා යන අර්ථයන් ප්‍ර‍කාශ කරන පාලි තද්‍ධිත පද දැක්විය යුතු.


        4. භික්ඛු, රාජ, මාණව, ගච්ඡන්ත, තපස්සී, අට්ඨම, මාලී යන පුල්ලිංගික ශබ්දයෝ ඉත්‍ථිලිඞ්ගයේදී කෙසේ සිටිත් ද?

 

3. අව්‍යය තද්ධිතය

 

        78. එක, ද්වි - ආදි සංඛ්‍යා ශබ්දයන් කෙරෙන් වරක් යන අර්ථයෙහි ‘ක්ඛත්තුං, ප්‍ර‍ත්‍යය වේ. (වරක් යන අර්ථය නම් එක් වරක්, දෙවරක්, යනාදියෙහි පෙනෙන අර්ථ යයි.)

 

එක + ක්ඛත්තුං = එකක්ඛත්තුං (= එක්වරක්). නි.

ද්වික්ඛත්තුං (= දෙවරක්)                 තික්ඛත්තුං (= තුන්වරක්)

දසක්ඛත්තුං = (= දසවරක්)              සතක්ඛත්තුං (= සියක් වරක්)

සහස්සක්ඛත්තුං (= දහස් වරක්)         බහුක්ඛත්තුං (= බොහෝ වරක්)

 

        79. විභාගාර්ථයෙහි හෙවත් ආකාරයකින් යන අර්ථයෙහි එකාදිසංඛ්‍යා ශබ්දයන් කෙරෙහි ධා - ප්‍ර‍ත්‍යය වේ. එම අර්ථයෙහි අන්‍ය ශබ්දයන් කෙරෙන් සො - ප්‍ර‍ත්‍යයක් ද වේ.

 

        එක + ධා = එකධා (= එක් ආකාරයකින්). නි.

        ද්විධා (= දෙයාකාරයකින්) තිධා (= තුන් ආකාරයකින්.)

        ඡධා, ඡද්ධා (= සයාකාරයකින්)

        සහස්සධා (= දහස් ආකාරයකින්)

        කතිධා (= කී ආකාරයකින් ?)

        බහුධා (= බොහෝ ආකාරයෙන්)

        පද + සො = පදසො (= පද වශයෙන්)

        අත්‍ථසො (= අර්ථ වශයෙන්)

        සබ්බසො (= සියලු ආකාරයෙන්)

        හෙතුසො (= හේතු වශයෙන්)

        ඨානසො (= කාරණා වශයෙන්)

        බහුසො (= බොහෝ සෙයින්)

        උපායසො (= උපාය වශයෙන්)


 

        80. A. සර්‍ව නාමයන් කෙරෙන් ‘ආකාරයෙන්’ යන අර්ථයෙහි ථා - ප්‍ර‍ත්‍යය වේ.

 

        ත + ථා = තථා (= එසේ ඒ ආකාරයෙන්)

        යථා (= යම් සේ). සබ්බථා (= සියලු ආකාරයෙන්)

        අඤ්ඤථා (= අන් ආකාරයකින්.) උභයථා (= දෙයාකාරයකින්)

 

        B. කිං - ඉම - ශබ්දයන් කෙරෙන් ආකාරාර්ථයෙහි ථං - ප්‍ර‍ත්‍යය වේ.

        කිං + ථං = කථං (= කෙසේ) කි - ශබ්දයට කකාරාදේශ වේ.

        ඉම + ථං = ඉත්‍ථං (= මෙසේ) ඉමශබ්දයට ඉකාරාදේශ වේ.

 

        81. ඇතැම් නිපාතයන් කෙරෙන් වීම් අර්‍ථයෙහි තන ප්‍ර‍ත්‍යය වේ.

 

        අජ්ජ + තන = අජ්ජතන (= අද; අද වූ)

        පුරා + තන = පුරාතන (= පෙර වූ)

        ස්වෙ + තන = ස්වාතන (= හෙට හෙට වන්නා වූ)

        හීයො + තන = හීයතන (= ඊයේ වූ)

 

        ‘ස්වාතන’ යන තැන එකාරයට ආකාරාදේශ වේ. හීයත්තන යන තැන ඔකාරයට ආකාරාදේශ හා තකාරයට ද්විත්ව වේ. මේ ශබ්දයෝ තුන් ලිඟුවෙහි වරනැගිය හැකි වෙති.

 

        82. ස්ථානාර්‍ථය ප්‍ර‍කාශ කිරීම පිණිස සර්‍වනාමයන් කෙරෙන් ත්‍ර‍ - ත්‍ථ - හිං - හං යන ප්‍ර‍ත්‍යයෝ වෙති.

 

        ත + ත්‍ර‍ = තත්‍ර‍ (= එහි). ත + හිං = තහිං (= එහි)

        ත + ත්‍ථ = තත්‍ථ (= එහි). ත + හං = තහං (= එහි)

        ය ශබ්දය කෙරෙන් ද මේ ප්‍ර‍ත්‍යය සතර ම යෙදේ.

        කිං + ත්‍ර‍ = කුත්‍ර‍ (=කොහි). කිං + ත්‍ථ = කුත්‍ථ (= කොහි)

        කිං + හිං = කුහිං (= කොහි). කිං + හං (කහං) (= කොහි)

 

        තුන් තැනක කිං ශබ්දයට කු - ආදේශය ද එක් තැනක ක - ආදේශද වේ. අන්‍ය සර්‍වනාමයන් කෙරෙන් ත්‍ර‍ - ත්‍ථ දෙදෙන පමණක් යෙදෙති.


        සබ්බ + ත්‍ර‍ = සබ්බත්‍ර‍ (= සැම තැන)

        සබ්බ + ත්‍ථ = සබ්බත්‍ථ

        අඤ්ඤත්‍ර‍, අඤ්ඤත්‍ථ (= අන් තැනක)

        ඉම + ත්‍ර‍ = අත්‍ර‍ (= මෙහි) ඉම + ත්‍ථ = අත්‍ථ (= මෙහි)

        ඉම + ත්‍ථ = එත්‍ථ (= මෙහි)

        ඉම + ශබ්දයට දෙතැනක අ - ආදේශ ද එක්තැනක එ - ආදේශ ද වේ.

 

        83. කාලාර්‍ථය ප්‍ර‍කාශ කිරීම පිණිස සර්‍වනාමයන් කෙරෙන් දා - දානි - දාචනං ප්‍ර‍ත්‍යයෝ වෙති.

 

        ය + දා = යදා (= යම් කලෙක); ත + දා = තදා (= එකල)

        එක + දා = එකදා (= එක් කලෙක)

        සබ්බ + දා = සබ්බදා (= හැම කල්හි)

        කිං + දා = කදා (= කවදා)

        ඉම + දානි = ඉදානි (= දැන්). ම - කාරය ලොප් වේ.

        කිං + දාචනං = කුදාචනං (= කිසි කලෙක)

 

        84. ස්ථානාර්‍ථයෙහි ඉම - ශබ්දය කෙරෙන් හ - ධ යන ප්‍ර‍ත්‍යයෝ වෙති. එවිට ඉම - ශබ්දයේ ඔකාරය ලොප් වේ.

 

        ඉම + හ = ඉහ (මෙහි). ඉම + ධ = ඉධ (= මෙහි)

 

අභ්‍යාසය 15

සිංහලට නඟා තද්‍ධිත පද දැක්විය යුතු :

 

        1. “තස්ස ඛිපන්තස්ස නාසිකා අසිධාරාය පටිහතාද්විධා ඡිජ්ජි.”

(අසිලක්ඛණ ජාතක)

        2. “සහස්සක්ඛත්තුං ආත්තානං නිම්මිණිත්‍වාන පන්‍ථකො නිසීද’ම්බවනෙ රම්මෙ යාව කාලප්පවෙදනා.” (චුල්ලපන්‍ථක ධම්මපදට්ඨ කථා)

 

        3. අහං ඛො පුබ්බෙ ආබාධිකො අහොසිං දුක්ඛිතො බාළ්හ ගිලානො ........ සොම්හි එතරහි තම්හා ආබාධා මුත්තො.” (දීඝ).


 

        4. “මෙත්තා සහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථං” (දීඝ) 5. “අධනානං ධනෙ අනනුප්පදීයමානෙ දාළිද්දියං වෙපුල්ලමගමාසි: දාළිද්දියෙ වෙපුල්ලං ගතෙ අදින්නාදානං වෙපුල්ලමගමාසි. දාළිද්දියෙ වෙපුල්ලං ගතෙ අදින්නාදානං වෙපුල්ලමගමාසි.” (දීඝ) 6. යථා තස්මිං ගෙහෙ ඨපෙත්‍වා මාණවකස්ස පල්ලඞ්කං අඤ්ඤං කිඤ්චි ආසනං න දිස්සති, තථා අධිට්ඨාසි. (විනයට්ඨකථා.)

 

        7. “දෙවතා තස්ස නෙපුඤ්ඤං පකාසෙතුං මහාජනෙ

           ඡාදෙසුං පොත්‍ථකං සොපි ද්වත්තික්ඛත්තුම්පි තං අකා.”

(මහාවංස)

        8. “යො ච සමෙති පාපානි අණුං ථූලානි සබ්බසො

          සමිතත්තා හි පාපානං සමණොති පවුච්චති.”

(ධම්මපද 265 ගා.)

 

        9. “තතො පට්ඨාය යත්‍ථ යත්‍ථ පණ්ඩිත - සමණබ්‍රාහ්මණා අත්‍ථිති වදන්ති, තත්‍ථ තත්‍ථ ගන්ත්වා සාකච්ඡං කරොන්ති. 10. භො ගොතම අධිවාසෙසි මෙ අජ්ජතනාය භත්තං සද්‍ධිං භික්ඛුසංඝෙනාති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.” (දීඝ)

 

        12. (අ) “මලං වණ්ණස්ස කොසජ්ජං පමාදො රක්ඛතො මලං”

            (ආ) “එකස්ස චරිතං සෙය්‍යො නත්‍ථි බාලෙ සහයතා.”

 

        13. “කුසො යථා දුග්ගතහිතො හත්‍ථමෙවානුකන්තති

           සාමඤ්ඤං දුප්පරාමට්ඨං නිරයායු’පකඩ්ඪති” (ධම්මපද)

 

මෙහි අමුතු වචන :-

අකා = කෙළේ ය                       අනනුප්පදීයමාන = නොදෙනු

අදින්නාදාන = නුදුන් දෙය                       ලබන. 3.

        ගැනීම; සොරකම. න.           අසිධාරා = කඩුමුවහත. ඉ.

අධන = ධනය නැති. 3.                 උපකඩ්ඪති = ළඟට අදී.

අධිට්ඨාසි = අධිෂ්ඨාන කෙළේය.        එතරහි = දැන්. නි.

අධිවාසෙති = ඉවසයි; පිළිගනී.          කාලප්පවෙදන = කාලය දැන්වීම.

අනුකන්තති = සාරයි; කපා                      න.

        තුවාල කරයි.

 

කුස = කුසතණ. පු.                     පන්‍ථක = එනම් ඇත්තා. පු.

කොසජ්ජ = කම්මැලිකම. න.            පවුච්චති = කියනු ලැබේ.

ඛිපන්ත = කිඹිසින. 3.                   පහීන = දුරු වූ; දුරු කළ. 3.

චරිත = හැසිරීම. න.                    බාළ්හගිලාන = දැඩි ගිලන් බවට

ඡාදෙති = වසයි; සඟවයි                        පත්. 3.

ඡිජ්ජති = සිඳේ; කැපේ.                 මරු = දෙවියා. පු.

ඨපෙත්‍වා = හැර; (තබා). පූ. ක්‍රි.          මල = කිලුට; මලකඩ. න.

තුණ්හීභාව = නිශ්ශබ්දව. පු.             මෙත්තාසහගත = මෛත්‍රියෙන්

දාළිද්දිය = දිළිඳු බව. න.                         යුක්ත වූ. 3.

දුක්ඛිත = දුකට පත්. 3.                  රම්ම = සිත්කලු. 3.

දුග්ගහිත = වැරදි ලෙස ගත්. 2.          වණ්ණ = (= ශරීර) වර්‍ණය. පු.

දුප්පරාමට්ඨ = වැරදි සේ පිළිපදින      සමිතත්තා = සංසිඳ වූ බැවින්. නි.

        ලද. 3.                          සමෙති = සංසිඳවයි

ද්වත්තික්ඛත්තුං = දෙතුන්වරක්. නි.      සහායතා = මිත්‍ර‍ බව. ඉ.

නිම්මිණිත්‍වා = මවා. පූ. ක්‍රි.              සාකච්ඡා = සාකච්ඡාව. ඉ.

පටිහත = හැපුණු. 3.                    සෙය්‍යො = ශ්‍රෙෂ්ඨය. නි.

 

තද්ධිත පද ඇතිව පාලියට නැගිය යුතු.

 

        1. ණය නැති බව ජනපද වැසියන්ට මහත් සැනසීම පිණිස පවතී. 2. නිරෝගිබව උතුම් සැපයකැයි තථාගතයන් විසින් දේශනා කරන ලදි. 3. “ඉර උදා වන කල්හි තාගේ හිස සත්කඩක්ව පැළේවා” යි දේවල තාපස තෙම කීයේ ය. 4. අඥානයා තමාගේ අඥාන බව නොදනී; ඔහු හා මිත්‍ර‍ බව අන්‍යයන්ට අහිත පිණිස පවතී. 5. මුගලන් මහ තෙරුන් වහන්සේ සෘද්ධිමය ශරීරයක් මවාගෙන නාගයකු දමනය කළහ.

 

        6. එක් කලක ගිලන් බැවින් මැඩුණු තථාගත තෙමේ චුන්‍දස්ථවිරතුමන් ලවා බොජ්ඣඞ්ග සූත්‍ර‍ය කියෙව්වේ ය. 7. දිළිඳු බව පැතිරගිය කල්හි අදින්නාදානය බහුල වෙයි. සොරකම බහුල වූ කල්හි අපරාධයෝ වැඩි වෙති. 8. චුල්ලපන්‍ථක ස්ථවිරතුමා ජීවක වෛද්‍යයාගේ අඹවනයේදී රහත් ව තමා හා සමාන රූප දහසක් මැවී ය. 9. දවසට තුන්වරක් තථාගතයන්ගේ


උපස්ථානයට පැමිණි භික්‍ෂූන්ට නවාකාරයෙන් බෙදූ ධර්‍මය දෙසූහ. 10. පුරාතන සැවැත්නුවර වැසියෝ බොහෝ සේ ම තමන්ගේ මිත්‍ර‍යන් සමග සිත්කලු වූ ජේතවනාරාමයට ගොස් ධර්‍ම ශ්‍ර‍වණය කළහ. 11. බුද්‍ධඝෝෂාචාර්‍ය්‍යයන් පළමු කොට ‘විශුද්‍ධි මාර්ගය’ දෙවියන් විසින් සඟවන ලද බැවින් උන්වහන්සේ දෙවැනි වරක් එය ලියූහ. 12 දෙවැනි වරත් එය සැඟවූහ. මෙසේ කරන ලද්දේ උන්වහන්සේ ගේ දක්‍ෂභාවය මහා සංඝයාට ප්‍ර‍කාශ කිරීම සඳහා ය.

 

මෙහි අමුතු වචන

 

අඥාන බව = බාල්‍ය. න.                 පැතිරගිය = පත්‍ථට. 3.

අපරාධය = අපරාධ. පු.                 පැළේ = ඵලති

අහිත පිණිස = අහිතාය                 බෙදූ = විභත්ත. 3.

උතුම් = උත්තම; පවර. 3.               මැඩුණු = පීළිත. 3.

උදාවන = උදයන්ත. 3.                  රහත්ව = අරහා හුත්‍වා

ජනපදවැසියා = ජානපදික. පු.          ලියූ = ලිඛිත. 3.

ණයනැති බව = ආණන්‍ය. න.           සඟවන ලද = ඡාදිත. 3.

දමනය කෙළේ ය = දමෙසි              සූත්‍ර‍ය = සුත්ත. න.

 

ආඛ්‍යාත හෙවත් ක්‍රියාපද

 

        85. ක්‍රියාවක් සෑදීමට ධාතුවක් තිබිය යුතුයි. ධාතූහු නම් යම්කිසි අර්ථයක් ප්‍ර‍කාශ කරන, විභක්ති - ප්‍ර‍ත්‍යයාදියෙන් යුක්ත නොවූ, පුරාණ භාෂාවට අයත් ශබ්ද කොටස් වෙති.

 

        ඒ ධාතූහු :-  (A)  සකර්‍මක ධාතු

                     (B) අකර්‍මක ධාතු වශයෙන් දෙකොටසකට බෙදෙත්.

                         නැවත ගණ වශයෙන්

 

1.     භුවාදිගණය (+ භූ ආදි කොටස)

2.    රුධාදිගණය (+ රුධ ආදි කොටස)

3.     දිවාදිගණය (= දිවු ආදි කොටස)


 

4.    ස්වාදිගණය (+ සු ආදි කොටස)

5.     කියාදිගණය (+ කී ආදි කොටස)

6.     තනාදිගණය (+ තනු ආදි කොටස)

7.     චුරාදිගණය (+ චුර ආදි කොටස)

යි සත් කොටසකට බෙදෙත්.

 

        A සකර්‍මකධාතු නම් කර්‍මයක් ගන්නා වූ ධාතුයි. ‘පචති + පිසයි’ කීවිට පිසනු ලබන දෙයක් ඇතිවිය යුතු වේ. බත් හෝ අන් කිසිවක් පිසිය යුතු ය. ‘කරොති + කරයි’ කී විට ‘කර්‍මාන්තයක් කරයි’ නැතහොත් ‘ගෙයක් කෙරේ’ යි කර්‍මයක් ගැනීමෙන් අදහස පැහැදිලි වේ.

 

        B අකර්‍මකධාතු නම් කර්‍මයක් නොගන්නා වූ ධාතුයි. ‘සයති + නිදයි’ කී විට කර්‍මයක් ඕනෑ නොවේ. තිට්ඨති + සිටී, නිසීදති + හිඳී යනාදිය ද මෙසේයි. කවරෙක් නිදන්නේ ද? සිටී ද? හිඳී දැයි මේ ක්‍රියාවන්ගේ කර්‍තෘ පමණක් සෙවිය යුතු වේ. ඒ නිදීම් - සිටීම් - හිඳීම් ක්‍රියා කර්‍තෘගෙන් ඉවත අන් දෙයක් හෝ සත්‍වයකු කරා නොයත්, කර්‍තෘ කෙරෙහි රඳා සිටිත්, එහෙයින් අකර්‍මක නම් වෙති.

 

        පිසීම ක්‍රියාව කර්‍තෘ කෙරෙහි පමණක් නොපිහිටා අන්‍ය ද්‍ර‍ව්‍යයක් කරා ගමන් කරයි. එහෙයින් එවැනි ක්‍රියා සකර්‍මක නම් වෙති.

 

        86. ධාතු ගණයන්ගේ වෙනස ඇති වන්නේ ධාතුවටත් (ක්‍රියා පදයක් සැදීම පිණිස) එය කෙරෙන් යොදන විභක්ති ප්‍ර‍ත්‍යයටත් අතරෙහි යෙදෙන තවත් ප්‍ර‍ත්‍යයකගේ වෙනස මුල් කොට ගෙන ය. ඒ අතරෙහි යෙදෙන ප්‍ර‍ත්‍යයන්ට විකරණ යයි නමක් වේ.

 

        1. භුවාදිගණයෙහි අ - විකරණය යෙදේ.

        2. රුධාදිගණයෙහි අ-ප්‍ර‍ත්‍යය හා ධාතුවගේ මුල් ස්වරයෙන් පසුව බින්දුවක් වේ.

        3. දිවාදිගණයෙහි ය - ප්‍ර‍ත්‍යය වේ.

        4. ස්වාදිගණයෙහි ණා - උණා - ණො තිදෙන වෙති.

        5. කියාදිය කෙරෙන් ණා - ප්‍ර‍ත්‍යය වේ.


        6. තනාදිය කෙරෙන් ඔ - යිර දෙදෙන වෙති.

        7. චුරාදිය කෙරෙන් එ - අය - දෙදෙන වෙති.

 

        මේවාට උදාහරණ 91 වැනි අඞ්කයේ පටන් දැක්වෙති.

 

        එක් ස්වරයකට වඩා ඇති ධාතූන්ගේ අන්තස්වරය නිතර ම මකා දමනු ලැබේ.

 

        87. ක්‍රියාපදයන් වරනැගීමේදී (1) අතීත, (2) අනාගත (3) වර්‍තමාන යන කාල තුනකට බෙදෙන බව පළමු පොතෙහි කියන ලදි. ඒ කාලත්‍ර‍ය හා ඊට සමීප වූ ද මිශ්‍ර‍ වූ ද කාලයන් ප්‍ර‍කාශ කිරීමට යෙදූ විභක්ති ප්‍ර‍ත්‍යයන්ගේ කොටස් අටක් වෙති. ඒවා නම් :-

 

        1. වත්තමානා                   5. පරොක්ඛා

        2. පඤ්චමී                     6. අජ්ජතනී

        3. සත්තමී                      7. භවිස්සන්තී

        4. හීයත්තනී                    8. කාලාතිපත්තී යනු මොහුයි.

 

        මේ අට අතරෙන් අමිශ්‍ර‍ වර්‍තමාන කාලය ප්‍ර‍කාශ කිරීම සඳහා වත්තමානා විභක්තිය ද, අමිශ්‍ර‍ අතීත කාලය ප්‍ර‍කාශ කිරීම සඳහා හීයත්තනී, අජ්ජතනී දෙක ද අමිශ්‍ර‍ අනාගතය ප්‍ර‍කාශ කිරීම සඳහා භවිස්සන්තී විභක්තිය ද යොදනු ලැබේ.

 

        පඤ්චමී විභක්තිය :- අණ කිරීමෙහි ද ප්‍රාර්‍ථනය කිරීමෙහි ද කාලනියමයක් නැතිව වේ. (මෙය ඉංග්‍රීසියේ Imparative mood subjunctive mood දෙකින් මිශ්‍ර‍ව පවතී.) අණකිරීමෙහි හෙවත් විධානයෙහි පවතින විට Imparative යයි ද ප්‍රාර්‍ථනයෙහි වැටෙන විට subjunctive යයි ද දත යුතු.

 

        සත්තමී විභක්තිය :- අනුමත කිරීෟමෙහි ද කල්පනය කිරීමෙහි ද කාලනියමයක් නැතිව වේ.

 

        තමාගේ ඇස් හමුවෙහි ‘සිදුනොවූ අතීතයෙහි සිද්‍ධ වූ ක්‍රියාවක් ප්‍ර‍කාශ කිරීම සඳහා පරොක්ඛා විභක්තිය යොදනු ලැබේ. ‘පපච = පිසුවේලු: ජගාම = ගියේලු’ යනාදියයි.

       

        යම්කිසි ක්‍රියාවකගේ සිද්ධියට බාධාවක් ඇති වූ කල්හි අතීතයෙහි හෝ අනාගතයෙහි කාලාතිපත්තී විභක්තිය වේ. ‘අරක්කැමියා කල් නොයවා බත පිසුවේ නම් මම ගියෙමි = සචෙ සූදො කාලක්ඛෙපමකත්‍වා ඔදනං අපචිස්සා අහං අගමිස්සං’ යන තැන ‘අපචිස්සා, අගමිස්සං’ යන දෙක කාලාතිපත්තියට උදාහරණයි. (මෙහි සිංහල භාෂාරීතියට අනුව ‘මම ගියෙමි’ යන්නට ‘මට යන්ට හැකිව තිබුණේය’ යි යෙදීම වඩා ගැළපේ.)

 

        88. සියලු ක්‍රියාපද කර්‍තෘකාරක - කර්‍මකාරක යන දෙ කොටසකට බෙදෙත්.

 

        නාරී භත්තං පචති (= ස්ත්‍රිය බත පිසයි.)

 

        යන තැන ‘නාරී’ යන කර්‍තෘපදය ප්‍ර‍ධාන වේ; එය බලාගෙන ක්‍රියාව එකවචනයෙන් සිටී. එය කර්‍තෘකාරකයෙහියි.

 

        නාරියා ඔදනා පච්චන්ති (ස්ත්‍රිය විසින් බත් තුමූ පිසනු ලැබෙත්.) යන තැන ඔදනා යන කර්‍මපදය ප්‍ර‍ධාන වන බැවින් ක්‍රියාව එයට අයත් සංඛ්‍යාව ගනී. එය කර්‍මකාරකයෙහියි.

 

        89. වත්තමානාදි ආඛ්‍යාත විභක්ති කොටස් අට මෙසේයි :-

 

1. වත්තමානා

        ති - අන්ති - සි - ථ - මි - ම, තෙ - අන්තෙ - සෙ - ව්හෙ - එ - ම්හ.

 

2. පඤ්චමී

        තු - අන්තු - හි - ථ - මි - ම, තං - අන්තං - ස්සු - ව්හෙ - එ - ආමසෙ.

 

3. සත්තමී

        එය්‍ය - එය්‍යුං - එය්‍යාසි - එය්‍යාථ - එය්‍යාමි - එය්‍යාම,

        එත - එරං - එථො - එය්‍යව්හො - එය්‍යං - එය්‍යාම්හෙ

 

4. හීයත්තනී

        ආ - ඌ - ඔ - ත්‍ථ - අ - ම්හා, ත්‍ථ - ත්‍ථුං - සෙ - වහං - ඉං - ම්හසෙ

 

5. පරොක්ඛා

        අ - උ - එ - ත්‍ථ - අ - ම්හ, - ත්‍ථ - රෙ - ත්‍ථො - ව්හො - ඉ - ම්හෙ.

 

6. අජ්ජතනී

        ඊ - උං - ඔ - ත්‍ථ - ඉං - ම්හා, ආ - ඌ - සෙ - ව්හං - අ - ම්හෙ

 

7. භවිස්සන්තී

        ස්සති - ස්සන්ති - ස්සසි - ස්සථ - ස්සාමි - ස්සාම,

        ස්සතෙ - ස්සන්තෙ - ස්සසෙ - ස්සව්හෙ - ස්සං - ස්සාම්හෙ

 

8. කාලාතිපත්තී

        ස්සා - ස්සංසු - ස්සෙ - ස්සථ - ස්සං - ස්සම්හා,

        ස්සථ - ස්සිංසු - ස්සසෙ - ස්සව්හෙ - ස්සං - ස්සාම්හසෙ

 

        මේ කොටස් අටෙහි ම මුලින් තිබෙන විභක්ති සයට පරස්සපද නාමයද පසුව තිබෙන සයට අත්තනොපද නාමය ද දී තිබේ.

 

        90. ඒ පරස්සපද - අන්තනොපදයන්හි ද විභක්ති දෙක දෙක බැගින් පඨම - මජ්ඣිම - උත්තම යන පුරුෂවලට බෙදනු ලැබේ. හේ මෙසේයි:-

 

වත්තමානා

පරස්සපද

අත්තනොපද

එකවචන

බහුවචන

එකවචන

බහුවචන

පඨම පුරිස: ති

අන්ති

තෙ

අන්තෙ

මජ්ඣිමපුරිස: සි

සෙ

ව්හෙ

උත්තමපුරිස: මි

ම්හෙ

 

        මේ පිළිවෙළින් අන්‍ය කොටස්වල බෙදීම ද තේරුම් ගත යුතුයි.


සංලක්‍ෂ්‍යය :-

 

        පළමුවෙන් පරස්සපදයන් කර්‍තෘකාරකය ප්‍ර‍කාශ කිරීම සඳහා ද අත්තනොපදයන් කර්‍මකාරකය ප්‍ර‍කාශ කිරීම සඳහා ද අදහස් කරන ලද නමුත් පසුව දෙකොටස ම අවිශේෂයෙන් යොදන ලදැයි සිතිය හැක.

 

        භූවාදිගණයට අයත් භූ - ධාතුව වත්තමානාදි ඒ ඒ කොටසෙහි වරනැගෙන ආකාරය මෙසේ දතයුතු :-

 

91. වත්තමානා

 

(I) කර්‍තෘකාරක

A. පරස්ස පද

 

        එකවචන                               බහු වචන

පඨම පුරිස භවති (= වේ)               භවන්ති (= වෙත්)

මජ්ඣිම පුරිස භවසි (= වෙහි)           භවථ (= වව්)

උත්තම පුරිස භවාමි (= වෙමි)           භවාම (= වෙමු.)

 

B. අත්තනො පද

පඨම : භවති (= වේ)                    භවන්තෙ (= වෙත්)

මජ්ඣිම: භවසෙ (වෙමි)                 භවව්හෙ (= වව්)

උත්තම: භවෙ (වෙමි)                   භවාම්හෙ (= වෙමු)

 

        ‘භවති’ යන තැන භූ ධාතුව කෙරෙන් ‘ති’ විභක්තිය කොට භූවාදිගණයට නියම වූ අ - විකරණය මධ්‍යයෙහි කළ විට,

 

‘භූ - අ - ති’ යි සිටී.

 

        “කාරිතප්‍ර‍ත්‍යයන් හා විකරණාදි අන්‍ය ප්‍ර‍ත්‍යයන් පර කල්හි අසංයෝගාන්තයට ඇතැම් විට වෘද්‍ධිවේ” යන නියමයෙන් භූ ධාතුවගේ ඌකාරයට ඔකාරයක් වේ. ඒ ඔ - කාරයට අව - ආදේශ කොට සන්‍ධි කළ කල්හි ‘භවති’ යි සිද්‍ධ වේ. අන්‍යපද ද ඒ ඒ විභක්ති යොදා සිද්‍ධ කටයුතුයි. හි - මි - විභක්ති පරකල්හි අ - විකරණය දීර්‍ඝ බවට පැමිණේ.


 

        භූ ධාතුව අකර්‍මක හෙයින් කර්‍මකාරකයෙහි යෙදිය හැකි නොවේ. නමුත් අනු - ආදි ඇතැම් උපසර්‍ගයන් හා එක්වීමෙන් ඒ අකර්‍මකධාතුව සකර්‍මක වේ. එවිට කර්‍මකාරකයෙහිත් යෙදිය හැක. (උපසර්ගයන් පිළිබඳ විස්තරයක් මේතාක් නොදක්වන ලද බැවින් උපසර්ගයන් මුල් කොට ඇති භූ ධාතුව පිළිබඳ කර්‍ම කාරක පද පසුව දක්වන්නෙමු.)

 

92. පඤ්චමී (ආශිංසනයෙහි)

(I) කර්‍තෘකාරක

A. පරස්ස පද

 

        එකවචන                       බහුවචන

පඨම : භවතු (=වේවා)                  භවන්තු (= වෙත්වා)

මජ්ඣිම : භව, භවාහි (=වෙහිවා)        භවථ (=වව්වා)

උත්තම : භවාමි (= වෙම්වා)             භවාම (=වෙමුවා)

        (එක් තැනෙක්හි විභක්තියට ලොප් වේ.)

 

B. අත්තනො පද

පඨම + භවතං (= වේවා)                භවන්තං (= වෙත්වා)

මජ්ඣිම : භවස්සු (=වෙහිවා)            භවව්හො (= චව්වා)

උත්තම : භවෙ (= වෙම්වා)              භවාමසෙ (= වෙමුවා)

 

93. සත්තමී (පරිකල්පයෙහි)

කර්‍තෘකාරක

A පරස්ස පද

පඨම : භවෙය්‍ය (=වන්නේ නම්)         භවෙය්‍යුං (=වන්නාහු නම්)

මජ්ඣිම : භවය්‍යාසි (=වන්නෙහි නම්)   භවෙය්‍යාථ

                                        (= වන්නහු නම්)

උත්තම : භවෙය්‍යාමි (=වන්නෙම් නම්)   භවෙය්‍යාම

                                        (= වන්නෙමු නම්)


B අත්තනොපද

 

පඨම: භවෙථ (= වන්නේ නම්)          භවෙරං (= වන්නාහු නම්)

මජ්ඣිම: භවෙථො (= වන්නෙහි නම්)           භවෙය්‍යව්හො

                                        (= වන්නහු නම්)

උත්තම: භවෙය්‍යං (= වන්නෙම් නම්)    භවෙය්‍යාම්හෙ

                                        (= වන්නෙමු නම්)

 

අභ්‍යාසය 16

සිංහලට නැඟිය යුතු

 

        1. “තදා සෙට්ඨිනො භරියා ගරුගබ්භා හොති, තස්මා සො සීඝං ගෙහං පුරිසං පෙසෙසි: ගච්ඡ, භණෙ ජානාහි තං විජාත වා නො වා ති.” (ධ. අ. ඝොසක)

 

        2. “වෙගෙන ගෙහං ගන්ත්‍වා කාළිං නාම දාසිං පක්කොසිත්‍වා සහස්සං දත්‍වා ආහ; ගච්ඡ ඉමස්මිං නගරෙ උපධාරෙත්‍වා අජ්ජ ජාත - දාරකං ගණ්හිත්‍වා එහීති” (එම)

 

        3. “ත්‍වං ඉමං නෙත්‍වා චක්කමග්ගෙ නිපජ්ජාපෙහි: ගොණා වා නං මද්දිස්සන්ති, චක්කා වා නං භින්‍දිස්සන්ති, පවත්තිඤ්චස්ස ඤත්වා ච ආගච්ඡෙය්‍යාසි.” (එම)

 

        4. “අම්හො පුරිස, යස්ස ත්‍වං පාසාදස්ස ආරොහණාය නිස්සෙණිං කරොසි, ජානාසි තං පාසාදං පුරත්‍ථිමාය වා දිසාය, දක්ඛිණාය වා දිසාය, පච්ඡිමාය වා දිසාය, උත්තරාය වා දිසායාති.” (දීඝ නිකාය)

 

        5. සෙය්‍යථාපි මහාරාජ පුරිසො ඉණං ආදාය කම්මන්තෙ පයොජෙය්‍ය, තස්ස තෙ කම්මන්තා සමිජ්ඣෙය්‍යුං: සො තතො නිදානං ලභෙථ පාමොජ්ජං අධිගච්ඡෙය්‍ය සොමනස්සං.” (එම)

 

        6. “සෙය්‍යථාපි නාම සුද්‍ධං වත්‍ථං අපගතකාළකං සම්ම’දෙව රජනං පටිග්ගණ්හෙය්‍ය, එවමෙව යසස්ස කුලපුත්තස්ස තස්මිං යෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි.” (විනය මහාවග්ග)


       

        7. “සො චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්‍ය: අහං හි ගිලානො ආගච්ඡන්තු භික්ඛූ ඉච්ඡාමි භික්ඛූනං ආගත’න්ති, ගන්තබ්බං භික්ඛවෙ සත්තාහකරණීයෙන” (එම)

 

        8. “ඉමානි භන්තෙ අසීති - ගාමික - සහස්සානි ඉධූ’පසං කන්තානි භගවන්තං දස්සනාය සාධුමයං භන්තෙ ලභෙය්‍යාම භගවන්තං දස්සනායාති.” (එම)

 

        9. “සාධු දෙවො වාහනාගාරෙසු ද්වාරෙසු ච ආණාපෙතු:- යෙන වාහනෙන ජීවකො ඉච්ඡති, තෙන වාහනෙන ගච්ඡතු: යෙන ද්වාරෙන ඉච්ඡති තෙන ද්වාරෙන ගච්ඡතූති.” (එම)

 

        10. “පටිගණ්හාතු මෙ දෙවො* පොසාවනිකන්ති. අලං භණෙ, ජීවක තුය්හෙ’ව හොතු: අම්හාකඤ්ඤෙ’ව අන්තෙපුරෙ නිවෙසනං මාපෙහී”ති. (එම)

 

මෙහි අමුතු වචන

 

අධිගච්ඡෙය්‍ය = ලබන්නේ ය.            ගරුගබ්භා = දරුගැබ් ඇත්තී. ඉ.

අපගතකාළක = පහව ගිය කළු          ගාමික = ගම්වැසියා. පු.

        ලප ඇති. 3.                    ඤත්වා = දැනගෙන. පූ. ක්‍රි.

අම්හො = සමානයන්ට ආමන්ත්‍ර‍         තතො නිදානං = එය හේතු

        නයට යොදන නිපාතයක්.              කොට. ක්‍රි. වි.

ආගත = ඒම. න.                        දස්සන = දැකීම. න.

ආරොහන = නැඟීම. න. (චතුත්‍ථි        ධම්මචක්ඛු = දහම් ඇස: සත්‍යාව-

        යෙන් ‘පිණිස’ අථීය ලැබේ.)            බෝධය. න.

ඉණ = ණය. න.                        නිස්සෙණි = හිණිමග. ඉ.

උදපාදි = උපන්නේ ය, පහළ විය.       පක්කොසිත්‍වා = කැඳවා. පූ. ක්‍රි.

උපධාරෙත්‍වා = සොයාබලා. පූ. ක්‍රි.      පටිගණ්හාතු = පිළිගනීවා.

උපසඞ්කන්ත = එළඹුණු. 3.             පයොජෙය්‍ය = යොදවන්නේ ය.

එති = එයි.                              පවත්ති = ප්‍ර‍වෘත්තිය; තොරතුර. ඉ.

කම්මන්ත = කර්‍මාන්තය. පු.              පහිණෙය්‍ය = යවන්නේ නම්


පාමොජ්ජ = ප්‍රීතිය. න.                  විරජ = කෙලෙස් (රජස්) නැති. 3.

පොසාවනික = පෝෂණය කිරීම         වීතමල = පහවූ කිලුටු ඇති. 3.

        ගැන දිය යුතු මුදල. න.         වෙගෙන = වේගයෙන් ක්‍රි. වි.

මදදිස්සති = මඩින්නේය;                සත්තාහකරණීය = සත්දිනකින්

        පාගන්නේ ය.                           නිමවිය යුතු වැඩය. න.

රජන = (රෙදි පොවන) සායම. න.      සමිජ්ඣෙය්‍ය = සමෘද්‍ධවන්නේය

ලභෙථ = ලබන්නේ ය.                  සම්මදෙව (= සම්මා + එව) මනා

වාහන =  නැගීයන රථාදිය. න.                 ලෙස ම. නි.

වාහනාගාර = වාහන තබන ගෙය.      සාධු = යෙහෙකි. නි.

        පු. න.                          සෙය්‍යථාපි නාම = යම්සේ. නි.

විජාතා = වැදූ (ස්ත්‍රිය) වැදුවා. ඉ.        සුද්‍ධ = පිරිසිදු වූ. 3.

 

පාලියට නැඟිය යුතු.

 

        1. මවක් ස්වකීය දරුවා යම් සේ රකී ද එමෙන් සියලු සත්‍වයන් කෙරෙහි මෛත්‍රිය පැතිරවිය යුතුයි. 2. නිරෝගී මිනිසකුට බෙහෙතින් ප්‍රයෝජන නැත්තාසේ බුදුරදුන්ට ගුරුවරයකුගෙන් ප්‍රයෝජනයක් නැත. 3. ඉදින් මව ළදරුවා හැර බණ අසන්ට විහාරයට යන්නී නම් ළදරුවා රැකීමට කිසිවෙක් ගෙහි නො වන්නේ ය. 4. පර්‍වතයක් උඩ සිට මිනිසකු බිම සිටි මිනිසුන් දක්නා සේ* රහත්ඵලය ලැබූ භික්‍ෂුනම ලෝකය දෙස බල්නේ ය.

 

        5. තරුණියන් සදෙන උදෑසන ගඟෙහි නා රජමෙහෙසිය වෙත මල් ගෙන ගිය හොත් එකිඑකියට රන්කාසිය බැගින් ලැබෙන්නේ ය.

 

        6. ඉදින් වස්කාලය තුළදී දායකයෙක් ගිලන්ව භික්‍ෂුවක් දකිනු කැමැත්තේ දූතයකු යවන්නේ නම් ඒ භික්‍ෂුව ඔහු වෙත ආ යුතු ය. 7. “අපට බුදුන් දකින්ට ලැබේ නම් යෙහෙකැ” යි අසූදහසක් ගම්වැසියෝ ආනන්ද ස්ථවිරතුමාට කීහ. 8. ණය ගෙන වෙළඳාම් කරන පුරුෂයාගේ වෙළඳාම සමෘද්‍ධවන්නේ නම් හෙතෙම ඒ නිසා ප්‍රීතිය ලබන්නේ ය. 9. පිරිවර සහිතව


 

යන රජු දැක රටවැසියෝ “අපගේ රජ බොහෝ කලක් ජීවත් වේවා” යි ඝෝෂණය කළහ. 10. මේ දරුවා ගෙන ගොස් ගවයන් ගාලෙන් නික්මෙන කල්හි ගාල ඉදිරියෙහි හොවව; ගවයෝ ඔහු පාගා මරන්නාහ”යි සිටුතෙමේ දාසියට කී ය.

 

මෙහි අමුතු වචන :-

 

ආයුතු = ආගන්තබ්බ. 3. (කර්‍තෘ          පැතිරවිය යුතු = එරිතබ්බ. 3.

        පදය තතියාවෙන් යෙදිය        ප්‍රයෝජනය = පයොජන. න.

        යුතු.)                           බිම සිටි = භුම්මට්ඨ. 3.

ඉදිරියෙහි = පුරතො. නි.                මෛත්‍රිය = මෙත්තා. ඉ.

ගාල = වජ. පු.                          රටවැසියා = රට්ඨවාසී. පු.

ඝෝෂණය කරයි = ඝොසෙති            රන්කාසිය = ජාතරූප. න.

දකිනු කැමති = පස්සිතුකාම. 3.         වෙළඳාම = වණිජ්ජා. ඉ.

පර්‍වතය උඩ සිටි = පබ්බතට්ඨ. 3.        හොවව = නිපජ්ජාපෙහි.

 

94. හීයත්තනී

 

I කර්‍තෘකාරක

A පරස්ස පද

 

        හීයත්තනී - අජ්ජතනී - කාලාතිපත්තී විභක්තීන්හි ඇතැම් විට ධාතුවට මුලින් අකාරයක් ආගම වේ.

 

        එකවචන                       බහුවචන

පඨම : අභවා (= විය)                   අභවූ           (= වූහ)

මජ්ඣිම: අභවො (= වූයෙහි)            අභවත්‍ථ        (= වූහු)

උත්තම: අභව (= වීමි)                   අභවම්හා       (= වීමු)

 

B අත්තනො පද

       

පඨම : අභවත්‍ථ (= විය)                 අභවත්‍ථුං       (= වූහ)

මජ්ඣිම: අභවසෙ (= වූයෙහි)            අභවව්හං       (= වූහු)

උත්තම: අභවිං (= වීමි)                  අභවම්හසෙ    (= වීමු)


95. පරොක්ඛා

 

කර්‍තෘකාරක

පරස්ස පද

 

        පරොක්ඛාවේදී භූ - ධාතුවට භූව යනාදේශ වේ. ඒ භූ -  කාරයට ද්විත්ව වේ. මුලින් සිටි භූ යන්නේ ඌ කාරයට අකාරය ද ශකාරයට බ කාරය ද වේ.

 

        එකවචන                       බහුවචන

පඨම:     බභූව  (=වීලු)                බභූවු        (= වූවාහුලු)

මජ්ඣිම:   බභූවෙ (=වූවෙහිලු)           බභුවිත්‍ථ     (= වූවහුලු)

උත්තම:   බභූව  (= වූවෙම්ලු)           බභූවිම්හ     (= වූවෙමුලු)

 

B අත්තනො පද

පඨම:     බභුවිත්‍ථ     (=වීලු)          බභූවිරෙ     (= වූවාහුලු)

මජ්ඣිම:   බභූවිත්‍ථො   (=වූවෙහිලු)     බභූවිව්හො  (= වූවහුලු)

උත්තම:   බභූවි        (=වූවෙම්ලු)      බභූවිම්හෙ   (= වූවෙමුලු)

 

        (පරොක්ඛාව අසබ්බධාතුක හෙයින් ඇතැම් තැනක ඉකාරාගමයත් වී තිබෙන බව සැලකිය යුතු.)

 

96. අජ්ජතනී

 

I කර්‍තෘකාරක

A පරස්ස පද

 

        එකවචන                       බහුවචන

පඨම:  අභවි, භවි,                      අභවිංසු, භවිංසු,

        අභවී, භවී (= විය)               අභවුං, භවුං (= වූහ)    

මජ්ඣිම: අභවො, භවො (= වූයෙහි)     අභවිත්‍ථ, භවිත්‍ථ (= වූවහු)

උත්තම: අභවිං, භවිං, (= වීමි.)           අභවිම්හ, භවිම්හ,

                                        අභවිම්හා, භවිම්හා (= වීමු)


 

B අත්තනො පද

 

        එකවචන                           බහුවචන

පඨම: අභවා, භවා, අභවිත්‍ථ, භවිත්‍ථ (=විය)   අභවූ (=වූහ)

මජ්ඣිම: අභවිසෙ (=වූවෙහි.)                අභවිව්හං (=වූවහු)

උත්තම: අභවං, අභව (=වීමි)                අභවිම්හෙ (=වීමු.)

 

        මෙහි ඇතැම් තැනක ධාතුවට මුලින් අකාරාගමය වේ. ඇතැම් තැනක නොවේ. පරස්ස පදයෙහි ඇතැම් තැනක ඊ - විභත්තියට ද ම්හා විභත්තියට ද හ්‍ර‍ස්ව වේ; ඔ - විභත්තියට ඉ කාරාදේශ වේ; උං විභත්තියට ඉංසු - යනාදේශ වේ. අත්තනොපදයෙහි ඇතැම් තැනක ආ - විභත්තියට ත්‍ථ - යනාදේශ ද අ - විභත්තියට අං යනාදේශ ද වෙති. ඇතැම් තැනක අසබ්බධාතුකයන්හි කී ඉකාරාගමය වේ.

 

97. භවිස්සන්තී

I කර්‍තෘ කාරක

A පරස්ස පද

 

        එකවචන                       බහුවචන

පඨම: භවිස්සති   (= වන්නේය)        භවිස්සන්ති (= වන්නාහ)

මජ්ඣිම: භවිස්සසි  (= වන්නෙහි)        භවිස්සථ    (= වන්නහු)

උත්තම: භවිස්සාමි  (= වන්නෙමි)        භවිස්සාම    (= වන්නෙමු)

 

B අත්තනො පද

 

පඨම:  භවිස්සතෙ  (= වන්නේය)        භවිස්සන්තෙ (= වන්නාහ)

මජ්ඣිම:භවිස්සසෙ (= වන්නෙහි)        භවිස්සව්හෙ (= වන්නාහු)

උත්තම: භවිස්සං    (= වන්නෙමි)        භවිස්සාම්හෙ (= වන්නෙමු)


98. කාලාතිපත්තී

I කර්‍තෘකාරක

A පරස්ස පද

 

        එකවචන                       බහුවචන

පඨම :  අභවිස්ස, අභවිස්සා,           අභවිස්සංසු, භවිස්සංසු, (= වූහ)

         භවිස්ස (= විය)                

මජ්ඣිම: අභවිස්සෙ, භවිස්සෙ,          අභවිස්සථ, භවිස්සථ, (= වූවහු)

         (= වූයෙහි)

උත්තම: අභවිස්සං, භවිස්සං,             අභවිස්සම්හ, භවිස්සම්හ,

        (= වීමි)                             අභවිස්සම්හා (= වීමු)

 

        (හෙතෙම කණෙක් නොවූයේ නම් රජවිය යනාදි වශයෙන් ක්‍රියාවගේ සිද්‍ධනොවීමක් ඇති කල්හි කාලාතිපත්තිය යෙදෙන බව දත යුතු)

 

B අත්තනො පද

 

        එකවචන                       බහුවචන

පඨම:    අභවිස්සථ (= වීය)            අභවිස්සිංසු  (= වූහ)

මජ්ඣිම:  අභවිස්සසෙ (= වූයෙහි)       අභවිස්සව්හෙ (= වූවහු)

උත්තම:  අභවිස්සං (= වීමි)             අභවිස්සාම්හසෙ (= වීමු)

 

          මෙහි පරස්ස පදයෙහි ඇතැම් තැනක ස්සා - විභක්තියට හ්‍ර‍ස්ව වේ. ස්සෙ - විභත්තියට ස්ස = යනාදේශ වේ; ස්සම්හා = විභත්තියට ද හ්‍ර‍ස්ව වේ. ඇතැම් තැනක ධාතුවට මුලින් අකාරාගමය නොවේ. භවිස්සන්තී කාලාතිපත්තී දෙක්හි සැම තැන ම ඉ - කාරාගමය පෙනේ.

 

          කාලාතිපත්තිය බොහෝ සේ අතීතයෙහි යෙදෙතත් ඇතැම් විට අනාගතාර්‍ථයෙහි ද යෙදේ. “සචෙ ආනන්‍ද, නාලභිස්ස මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජං චිරට්ඨිතිකං ආනන්‍ද, බ්‍ර‍හ්මචරියං අභවිස්ස” (= ආනන්‍දය, ඉදින් ස්ත්‍රිය, තථාගතයන් වහන්සේ දෙසූ ධර්‍මවිනයෙහි ගිහිගෙන් නික්ම යෑම වූ ප්‍ර‍ව්‍ර‍ජ්‍යාව නොලැබුවා නම්, ආනන්‍දය, මේ බ්‍ර‍හ්මචර්‍ය්‍යාව බොහෝ කලක් පවතින්නේ ය.) යන්න උදාහරණයි.


         

          මෙහි අලභිස්ස, අභවිස්ස යන ක්‍රියා දෙක කාලාති පතිත්තියෙහි’යි. පළමු ක්‍රියාව අතීතාර්‍ථයෙහි වැටේ. දෙවැනි ක්‍රියාව අනාගතාර්‍ථයෙහි යි. ස්ත්‍රීපක්‍ෂය ශාසනයෙහි ප්‍ර‍ව්‍ර‍ජ්‍යාව නොලැබුවේ නම් ශාසන බ්‍ර‍හ්මචර්‍ය්‍යාව (දැන් පවතිනවාට) වැඩිකලක් පවතින්නේ යයි සර්‍වඥයන් වහන්සේ වදාළහ. මෙය කියන විට ප්‍ර‍ව්‍ර‍ජ්‍යාව ලබා තිබුණ බැවින් අලභිස්ස යන්න අතීතයෙහියි; බ්‍ර‍හ්මචර්‍ය්‍යාවගේ විනාශය ඒතාක් සිදු නොවූ බැවින් අනාගතයෙහි සිදුවන කාරණයක් අභවිස්ස යන්නෙන් ප්‍ර‍කාශ කරන ලදි.

 

අභ්‍යාසය 17

සිංහලට නැඟිය යුතු

 

          1. කොසම්බකසෙට්ඨි රාජකුලං ගච්ඡන්තො රාජනිවෙසනතො ආගච්ඡන්තං පුරොහිතං දිස්වා: ‘කිං ආචරිය, අජ්ජ තෙ නක්ඛත්ත යොගො ඔලොකිතො’ ති පුච්ඡි. (ධ. අ. ඝෝසකවත්‍ථු)

 

          2. “ආම, මහාසෙට්ඨි, ඉමස්මිං නගරෙ අජ්ජ ජාතදාරකො ජෙට්ඨකසෙට්ඨි භවිස්සතී”ති පුරොහිතො ආහ. 3. “සෙට්ඨි, සචෙ මෙ ධීතා ජායිස්සති, තාය නං සද්‍ධිං නිවාසෙත්‍වා සෙට්ඨිට්ඨානස්ස සාමිකං කරිස්සාමි: සචෙ මෙ පුත්තො ජායිස්සති, මාරෙස්සාමි න’න්ති චින්තෙත්‍වා ගෙහෙකාරෙසි.” (එම)

 

          4. “ඉමස්මිං අසති මම පුත්තො’ව සෙට්ඨිට්ඨානං ලභිස්සති, ඉදානෙ’වෙ’තං මාරෙතුං වට්ටතීති වින්තෙත්‍වා කාළිං ආමන්තෙත්‍වා ගච්ඡ, ජෙ, වජතො ගුන්නං නික්ඛමණවෙලාය ඉමං තිරියං නිපජ්ජාපෙහි..... මද්දිතාමද්දිතභාවං පන’ස්ස ඤත්‍වා එහී’ති ආහ” (එම)

 

          5. “සචායං භික්ඛවෙ රාජා පිතරං ධම්මිකං ධම්මරාජානං ජීවිතා න වොරොපෙස්සථ, ඉමස්මිං යෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උප්පජ්ජිස්සථ” (සාමඤ්ඤඵලසුත්ත)

 

          6. “සචෙ හි අයං පඨමවයෙ භොගෙ අඛෙපෙත්‍වා කම්මන්තෙ පයොජයිස්සා, ඉමස්මිං යෙව නගරෙ අග්ගසෙට්ඨි අභවිස්සා: සචෙ පන නික්ඛමිත්‍වා සබ්බජිස්ස, අරහත්තං පාපුණිස්ස.” (මහාධන සෙට්ඨිපුත්ත. ධ. අ.) 7. “සචෙ පච්ඡිමවයෙ භොගෙ අඛෙපෙත්‍වා කම්මන්තෙ පයොජයිස්ස. තතියකසෙට්ඨි අභවිස්ස: භරියාපි’ස්ස සොතාපත්තිඵලෙ පතිට්ඨහිස්ස.” (එම)

 

          7. අයමඞ්ගුලිමාලස්ස මාතා අඞ්ගුලිමාලං ආනෙස්සාමීති ගච්ඡති, සචෙ සමාගමිස්සති අඞ්ගුලිමාලො අඞ්ගුලිසහස්සං පූරෙස්සාමීති මාතරං මාරෙස්සති, සචා’හං න ගමිස්සාමි මහාජානිකො අභවිස්ස.”

 

8.   සත්තවස්සානි භගවන්තං අනුබන්‍ධිං පදා පදං

ඔතාරං නාධිගච්ඡිස්සං සම්බුද්‍ධස්ස සතීමතො.”

(සංයුත්තනිකාය)

 

       10. “සො සංඛපාලභුජගො විසවෙගවා’පි

          සීලස්ස හෙදනභයෙන අකුප්පමානො

          ඉච්ඡං සදෙහ - භරවාහිජනෙ දයාය

          ගන්තුං සයං අපදතාය සුසොච නූනං.”

(හත්‍ථවනගල්ල විහාරවංස)

 

මෙහි අමුතු වචන

 

අකුප්පමාන = නොකිපෙමින්            ජෙට්ඨකසෙට්ඨි = ප්‍ර‍ධාන

අඛෙපෙත්‍වා = ක්‍ෂය නොකොට             සිටාණෝ, පු.      

          අවසන් නොකොට පූ. ක්‍රි.     දයා = කරුණාව. ඉ.

අග්ගසෙට්ඨි = ප්‍ර‍ධාන සිටාණෝ. පු.     ධම්මරාජ = ධාර්මික රජ. පු.

අනුබන්‍ධති = ලුහුබඳී                    ධම්මික = ධර්‍මයෙහි පිහිටි. 3.

අධිගච්ඡිස්සං = ලැබුවෙමි.               නක්ඛත්තයොග = නැකත්

අපදතා = පා නැති බව. ඉ.                 යෙදීම. පු.

අරහත්ත = රහත්පලය. න.              නික්ඛමනවෙලා = නික්මෙන

අසති = නැති කල්හි. (අසන්ත               වෙලාව. ඉ.

          ශබ්දයයි) 2.                   නිවාසෙත්‍වා = වාසය කරවා

ඔතාර = සිදුර, දෝෂය. පු.               පතිට්ඨහිස්ස = පිහිටන්නට

ඔලොකිත = බලන ලද. 3.                  තිබුණි.

ජීවිත = ප්‍රාණය. න.                     පබ්බජන්ත = පැවිදිවෙන. 3.


 

පබ්බජිස්ස = පැවිදි වී නම්.              වට්ටති = වටී

පයොජයිස්ස = යෙදවී නම්              විසවෙගවන්තු = විෂවේග ඇති.

පාපුණිස්ස = පැමිණෙන්ට                   3.

          තිබුණි                        වොරොපෙස්සථ = තොර කෙළේ

පුරොහිත = රජුට අනුශාසනා               නම්

          කරන බමුණා. පු.             සකදාගාමී = සකෘදාගාමී ඵලය

පූරෙස්සාමි = පුරවන්නෙමි                  ලැබූ අය. පු.

භරවාහී = බර උසුළන. 3.               සදෙහ = ස්වකීය ශරීරය. පු. න.

භෙදන = බිඳීම. න.                     සමාගමිස්සති = හමුවන්නේ ය.

මද්දිත = මඩින (පාගන) ලද. 3.          සයං = තෙමේ. නි.

මහාජානික = මහත් හානි ඇති.         සුසොව = ශෝක කෙළේලු.

          3.                            සෙට්ඨිට්ඨාන = සිටු තනතුර. න.

රාජනිවෙසන = රජගෙය. න.            සොතාපත්තිඵල = සෝවාන්

වජ = ගාල. පු.                              ඵලය. න.

 

පාලියට නැඟිය යුතු :

 

          1. රජගහනුවර ප්‍ර‍ධාන සිටාණන්ගේ පුත්‍ර‍යා මත්පැන් බී අසූකෙළක් ධනය වියදම්කොට මහලු කාලයේදී යාචකයෙක් වී අනුන් දුන් ආහාරයෙන් ජීවිකාව කොට මියගියේ ය.

 

          2. ඉදින් ඔහු මධ්‍යම වයසේදී පැවිදි වී නම් අනාගාමියෙක් වෙන්ට තිබුණි. ඒ වයසේදී කර්‍මාන්තයන් යෙදෙව්වේ නම් ඒ නුවර දෙවෙනි සිටුතනතුර ලබන්ට තිබුණි.

 

          3. අඞ්ගුලිමාල නම් සොරා බොහෝ මිනිසුන් මරා ඇඟිලි කපා තබා සර්‍වඥයන් වහන්සේගේ ද ඇඟිලි කපනු කැමතිව උන්වහන්සේ ලුහුබැඳ ගියේ ය.

 

          4. පසුව හෙතෙම බුදුන්ගේ බණ අසා පැවිදිව රහත්ඵලය ලැබුවේය. ඔහුට තථාගතයන් වහන්සේ හමුනොවී නම් මරණින් මත්තෙහි අපායෙහි උපදින්ට තිබුණේ ය.

 


          5. අජාතසත්තු රජ තම පියා නොමැරුවේ නම් සර්‍වඥයන් වහන්සේගෙන් බණ ඇසූ දවසෙහි සෝවාන් ඵලය ලබන්ට තිබුණි.

 

          6. ජෝර්ජ් මහ රජුගේ වැඩිමහලු පුත්‍ර‍යා ලක්දිවට පැමිණි කල්හි ලක්වැසියෝ ‘කුමාරයා බොහෝ කලක් ජීවත් වේවා’යි ආශිර්වාද කළහ.

 

          7. සිටුතෙම තමාගේ මිත්‍ර‍ වූ කුම්භකාරයා වෙතට ගොස් “මේ දහස ගෙන මගේ එක් වැඩක් කරව” යි කීය.

 

          8. පසුදා හෙතෙම ඝෝෂකයා කැඳවා, “දරුව, ඊයේ මා විසින් කුඹලාට එක් වැඩක් අණ කරන ලදි. තෝ ඔහු සමීපයට ගොස් “මාගේ පියා අණකළ වැඩය කරව” යි කියව” යි ඔහු කුඹල් ගෙට යැවී ය.

 

          9. සිටාණන්ගේ අනික් පුත්‍ර‍යා එහි යන ඝෝෂකයා දැක ‘සොහොයුර, කොහේ යෙහි දැ” යි අසා “මේ ළමයි බෝල සෙල්ලම් කොට මා පැරදවූහ. උඹ ඔවුන් පරදවාපන්නැ” යි කී ය.

 

          10. ඝෝෂකයා දවල් ක්‍රීඩා කොට හවස ගෙට ගිය කල්හි ‘කිමෙක් ද? නොගියෙහි දැ” යි සිටාණන් විසින් විචාරන ලද්දේ බාල සොහොයුරා එහි ගිය බව කීවේ ය.

 

මෙහි අමුතු වචන

 

අණකරන ලද = ආණත්ත. 3.            බෝල සෙල්ලම =  ගුළකීළා. ඉ.

ආශිර්වාද කළේ ය = ආසිංසන-         මැරුවේ නම් = මාරයිස්සා

          මකාසි                        ලුහුබැඳ = අනුබන්‍ධිත්‍වා. පූ. ක්‍රි.

කපනුකැමති = ඡින්‍දිතුකාම. 3.           වැඩිමහලු = ජෙට්ඨ. 3.

කුඹලා = කුම්භකාර. පු.                 විචාරන ලද = පුච්ඡිත. 3.

පරදවයි = පරාජෙති


 

අවශේෂ ධාතුගණයෝ

 

          මේ පරිච්ඡේදයෙහි මෙතෙක් වරනගා දක්වන ලද්දාහු භුවාදි ගණික ධාතුහු ය. අන්‍යගණයන්ගේ වෙනස ඇතිවන්නේ ක්‍රියාවන්ගේ අන්තයෙහි නොව මධ්‍යයෙහියි. ධාතුන්ගෙන් ඉතා වැඩි කොටසක් භුවාදි ගණයට හා චුරාදි ගණයට ඇතුළත් වේ. අන්‍ය ගණයන්ට අයත් සංඛ්‍යාව අල්ප ය.

 

          99. රුධාදි ගණයට අයත් විකරණය ‘o - අ’ (නිග්ගහීත පූර්‍ව අකාරය) යි දක්වන ලදි. වත්තමානාදි විභක්ති ප්‍ර‍ත්‍යයන් හැම ගණයට ම සාධාරණ බැවින් මෙහි ඒ ඒ ගණයන්ට අයත් ධාතූන් හා විකරණයන් යෙදීමෙන් සිද්‍ධ වන පද කීපය බැගින් දක්වනු ලැබේ.

 

          රුධි (අවහිර කිරීමෙහි) o - අ = රුන්‍ධ + ති = රුන්‍ධති

          (අවහිර = කරයි. බින්දුව ධාතුවේ මුල් ස්වරය සමීපයට යේ.)

          බධ (බැඳීමෙහි) + o - අ = බන්‍ධ + ති = බන්‍ධති (බඳී)

          විද (විඳීමෙහි) + o - අ = වින්‍ද + ති = වින්‍දති (විඳී)

          යුජ (යෙදීමෙහි) + o - අ = යුඤ්ජ + ති = යුඤ්ජති (යෙදේ)

          භුජ (අනුභව කිරීමෙහි) + o - අ = භුඤ්ජති + ති = භුඤ්ජති (අනුභව කරයි)

         

          100. දිවාදි ගණයෙහි ය - විකරණය යෙදේ. ඒ ය - ප්‍ර‍ත්‍යය ධාත්‍වන්තය සමග නොයෙක් විට විකාරයට පැමිණේ. දීර්ඝ ස්වරාන්ත ධාතුවකින් පසුව යෙදුණු විට පමණක් වෙනස් නොවී සිටී.

 

          ධ් + ය = ජ්ඣ = බවට ද

          ස් + ය = ස්ස = බවට ද

          ව් + ය = බ්බ = බවට ද පැමිණෙති.

 

දිවු (ක්‍රීඩා කිරීමෙහි) + ය = දිබ්බ + ති = දිබ්බති (ක්‍රීඩා කෙරේ.)

යුධ (යුද්ධ කිරීමෙහි) + ය = යුජ්ඣ + ති = යුජ්ඣති (යුද්ධ කෙරේ)

බුධ (අවබෝධයෙහි) + ය = බුජ්ඣ + ති = බුජ්ඣති (අවබෝධ කෙරේ.)

දුස (කිපීමෙහි) + ය = දුස්ස + ති = දුස්සති (කෝප වේ)


ගා (ගී කීමෙහි) + ය + ති = ගායති (ගායනා කෙරේ.)

ඣා (කල්පනයෙහි) + ය + ති = ඣායති (කල්පනා කරයි)

 

101. ස්වාදි ගණයෙහි ණා - උණා - ණො විකරණයෝ වෙති.

          සු (ඇසීමෙහි) + ණා + ති = සුණාති (අසයි)

          ප + අප (පැමිණීමෙහි) + උණා + ති = පාපුණාති (පැමිණේ)

          ප = උපසර්ගය මුලින් සිටී.

          ආ + චු (ඇමිණීමෙහි) + ණා + ති = ආවුණාති (අමුණයි)

          සක්ක (හැකි) + උණා + ති = සක්කුණාති (හැකි වේ)

          සු + ණො + ති = සුණොති (අසයි)

 

102. කියාදි ගණයෙහි ණා = විකරණය වේ.

          කි (ගනුදෙනු කිරීමෙහි) + ණා + ති = කිණාති (මිලට ගනී)

          ජි (ජය ගැන්මෙහි) + ණා + ති = ජිනාති (දිනයි)

          ධු (කම්පා කිරීමෙහි) + ණා + ති = ධුනාති (කම්පා කෙරේ)

          ඤා (දැනීමෙහි) + ණා + ති = ජානාති (දනී : දැනගනී)

          ඤා - හට ජා ආදේශ වේ.

          අස (කෑමෙහි) + ණා + ති = අස්නාති (අනුභව කරයි)

          මි (මැණීමෙහි) + ණා + ති = මිණාති (මණියි)

          ගහ (ගැන්මෙහි) + ණා + ති = ගණ්හාති (ගණියි.)

          මෙහි හ - කාර ණ - කාරයෝ මාරුවෙති.

 

          103. තනාදිය කෙරෙන් ඔ - යිර දෙදෙන වෙති. යිර - ප්‍ර‍ත්‍යය කලාතුරකින් ඇතැම් ධාතුවකින් පමණක් යෙදේ.

 

          තනු (පැතිරවීමෙහි) + ඔ + ති = තනොති (පතුරුවයි)

          කර (කිරීමෙහි) + ඔ + ති = කරොති (කරයි)

          මන (සිතීමෙහි) + ඔ + ති = මනොති (සිතයි)

          ප + අප (පැමිණීමෙහි) + ඔ + ති = පප්පොති (පැමිණේ)

          කර + යිර + ති = කයිරති (කරයි). ධාතුවේ රකාරය ලොප් වේ.


 

          104. චුරාදිය කෙරෙන් එ - අය දෙදෙන වෙති. ඒ දෙදෙන නිසා ධාතුවේ මුල් ස්වරයට වෘද්ධි ද වේ. මුල් ස්වරයෙන් පසුව බැඳි අකුරක් වේනම් වෘද්ධි නොවේ.

 

           චුර (සොරකමෙහි) + එ + ති = චොරෙති

          චුර + අය + ති = චොරයති (සොරකම් කරයි)

          ගුප (රැකීමෙහි) + එ + ති = ගොපෙති (රකියි)

          ඡඩ්ඩ (ඉවත දැමීමෙහි) + එ + ති = ඡඩ්ඩෙති (ඉවත දමයි)

          කථ (කීමෙහි) + එ + ති = කථෙති (කියයි)

          දිස (දැක්වීමෙහි) + එ + ති = දෙසෙති (දේශනා කරයි)

 

අභ්‍යාසය 18

සිංහලට නැඟිය යුතු

 

          1. “සුරාමෙරයපානඤ්ච යො නරො අනුයුඤ්ජති,

            ඉධෙ’වමෙ’සො ලොකස්මිං මූලං ඛණති අත්තනො

(ධම්මපද)

 

          2. ‘භන්තෙ, ඉමං උදකං දාරකස්ස සීසෙ ආසිඤ්චාමී”ති පුච්ඡිත්‍වා තෙන ‘සිඤ්චථා’ති වුත්තෙ තථා කරිංසු. දෙවතා තාව දෙවතං මුඤ්චිත්‍වා ලෙණද්වාරෙ අට්ඨාසි.” (ධම්මපදට්ඨ කථා)

 

          3. “මුහුත්තම්පි චෙ විඤ්ඤූ පණ්ඩිතං පයිරුපාසති

            ඛිප්පං ධම්මං විජානාති ජිව්හා සූපරසං යථා” (ධම්මපද)

         

          4. “අථ පාපානි කම්මානි, කරං බාලො න බුජ්ඣති.” (එම)

         

          5. “න කහාපණවස්සෙන තිත්ති කාමෙසු විජ්ජති.” (එම)

 

          6. “ධුනාති පාපකෙ ධම්මෙ දුමපත්තං ව මාලුතො.”

(ථෙරගාථා එකක.නි.)

 

          7. “පූතිමච්ඡං කුසග්ගෙන යො නරො උපනය්හති,

             කුසා’පි පූතිං වායන්ති, එවං බාලුපසෙවනා”

(සත්තිගුම්බ ජාතක)

          8.  “යො ච පුබ්බෙ පමජ්ජිත්‍වා පච්ඡා සො නප්පමජ්ජති,

              සො ඉමං ලොකං පභාසෙති අබ්භා මුත්තොව චන්‍දිමා”

(ධම්මපද)

 

          9. “කො සුජ්ඣති, මුච්චති, බජ්ඣති ච ?

             කෙන’තත්නා ගච්ඡති බ්‍ර‍හ්මලොකං ?”

(සුත්ත නිපාත)

 

          10. “එකො’ව ඉන්‍දො අසුරෙ ජිනාති,

              එකො’ව සෙනො හන්ති දිජෙ පසය්හ” (තච්ඡසූකර ජා.)

 

          11. අරඤ්ඤෙ කොට්ඨකෙ  බන්‍ධිත්‍වා මිගෙ රුන්‍ධිත්‍වා මාරෙත්‍වා මංසං වික්කිණිත්‍වා ජීවන්තා ලුද්දකා අනාගතෙ සුඛං න වින්‍දන්ති.

 

          12. “සචෙ භවං සොණදණ්ජො සමණං ගොතමං දස්සනාය උපසංකමිස්සති, භොතො සොණදණ්ඩස්ස යසො හායිස්සති.”

 

මෙහි අමුතු වචන

 

අනුයුඤ්ජති = යෙදේ.                   තිත්ති = තෘප්තිය. ඉ.

අබ්භ = වලාකුළ. න.                    දුම = ගස. පු.

ඉන්‍ද = ශක්‍ර‍යා. පු.                       පත්ත = කොළය. න.

උපනය්හති = වෙළයි: ඔතයි             පභාසෙති = බබුළුවයි

උපසංකමති = එළඹේ                   පමජ්ජති = ප්‍ර‍මාද වේ.

උපසෙවනා = ආශ්‍ර‍ය කිරීෟම. ඉ.         පයිරුපාසති = ආශ්‍ර‍ය කරයි.

කරං = කරොන්ත ශබ්දයේ              පසය්හ = බලාත්කාර කොට.

          ප්‍ර‍ථමා එකවචනයි                 පූ. ක්‍රි.

කහාපණවස්ස = කහවණු               පූති = කුණු වූ. 3. කුණුගඳ. පු.

          වර්‍ෂාව. න.                    බජ්ඣති = බැඳේ

කාම = ඉඳුරන් පිණවීම. පු.              භොතො = යන්න භවන්ත -

කොට්ඨක = කොටුව. පු.                    ශබ්දයේ ඡට්ඨි එකවචනයි.

චන්‍දිමා = චන්ද්‍ර‍යා.  පු.                      භවං - යන්න ඒ ශබ්දයේ

තාවදෙව = එකෙණෙහි ම. නි.              ප්‍ර‍ථමා එකවචනයි. පින්වතා

                                            - යන අර්‍ථ ඇත්තේ යි.


 

මච්ඡ = මත්ස්‍යයා. පු.                   රුන්‍ධිත්‍වා = හිරකොට. පූ. ක්‍රි.

මාලුත = වාතය. පු.                     විජානාති = දනී. දැනගනී

මුඤ්චිත්‍වා = මුදා: අතහැර. පූ.ක්‍රි.         සුජ්ඣති = පිරිසිදු වේ.

මුච්චති = මිදේ, නිදහස් වේ.             සූප = ව්‍යඤ්ජනය. පු.

මුත්ත = මිදුණු. 3.                       සෙන = උකුස්සා. පු.

මුහුත්ත = මොහොත. පු.                හන්ති = නසයි (හනති කියාත්වේ)

රස = රසය. පු.                         හායිස්සති = පිරිහෙන්නේය.

 

පාලියට නැඟිය යුතු :-

 

          1. යමෙක් සිල් රැකීමෙහි යෙදේ නම් හෙමෙ මරණින් මත්තෙහි දෙව්ලොව ඉපිද දිව්‍ය සම්පත් ලැබ නන්‍දනවනාදියෙහි ක්‍රීඩා කරන්නේ ය. 2. සසර දුකින් මිදෙනු කැමැත්තෝ කෙලෙසුන් හා යුද්‍ධ කොට ජයගෙන ආර්‍ය්‍ය සත්‍යයන් අවබෝධ කරත්. 3. යම් කෙනෙක් බුදුන් සමීපයට පැමිණෙත් නම් ඔවුහු එතුමන්ගෙන් බණ අසා කෙලෙසුන් කම්පාකොට මාර්‍ගඵලයන් ලබන්ට සමර්‍ථ වෙති. 4. සත්වයන් කෙරෙහි නිතර මෛත්‍රිය පතුර වන්නේ නම් හෙතෙම සැම කල්හි සැමතන්හි සැපයට පැමිණේ. 5. අඥානයා බොහෝ කලක් පණ්ඩිතයන් ආශ්‍ර‍ය කරන්නේ ද ධර්‍මය ඉගෙන ගන්ට අසමර්‍ථ වේ. සැන්ද ව්‍යඤ්ජන රසය දැනගන්ට අසමර්‍ථ වන්නාක් මෙනි. 6. අනාගතයෙහි සැප විඳිනු කැමැත්තෝ කොටු බැඳ සතුන් හිර කොට උන් මරා මස්, විකුණා ජීවත් වීමට කැමැති නො වෙත්. 7. වාතය ගස්වල අතු හා කොළ කම්පාකරන්නා සේ යෝගී තෙමේ තමාගේ සිතෙහි උපන් ක්ලේශයන් කම්පාකරයි. 8. නගර සෝභිනිය තමා වැදූ පුතා කුල්ලක දමා ගෙනගොස් කසළ ගොඩක දමවයි දාසියට අණකළා ය.

 

          9. සීවලී තෙරණුවෝ පෙර භවයකදී නුවරක් වටලා සත් අවුරුදු සත් වසක් මුළුල්ලේ එහි මිනිසුන් හිර කළ බැවින් මවුකුසින් බිහිවන්ට නොහැකිව බොහෝ දුක් වින්දාහ.

 

          10. සංඛපාල නාරජ වැද්දන් විසින් අල්වා බැඳ ගෙනයනු ලබන්නේ උන් කෙරෙහි අනුකම්පාව නිසා තමාට පයින් යන්ට නොහැකිවීම ගැන ශෝකකෙළේලු.


          11. මත්පැන් බීමෙහි යෙදෙන්නා මෙලොවදී ම ධනහානියට ද දුකට ද පැමිණේ. 12. යමෙක් කුසල් කිරීමෙහි ප්‍ර‍මාද වන්නේ නම් හෙතෙම අපායෙහි ඉපිද අතිකටුක දුක් විඳින්නේ ය.

 

මෙහි අමුතු වචන :-

 

අනුකම්පාව = අනුකම්පා. ඉ.            නොහැකි වීම = අසමත්‍ථතා. 3.

ආශ්‍ර‍ය කරන්නේ = සෙවමාන. පු.        පතුරුවන = එරන්ත. 3.

කසළගොඩ = සංකාරකූට. පු. න.        පෙරභවය = පුබ්බජාති. ඉ.

කුල්ල = සුප්ප. පු.                       බිහිවන්ට = (බහි) නික්ඛමිතුං. නි.

කෙලෙස් = කිලෙස. පු.                 මිදෙනු කැමති = මුඤ්චිතුකාම. 3.

ක්ලේශ = කිලෙස. පු.                   යෝගියා = යොගී. පු.

ජයගෙන = ජිනිත්‍වා. පූ. ක්‍රි.              වටලා = පරික්ඛිපිත්‍වා. පූ. ක්‍රි.

නගරසෝභිනිය = නගර                 වැද්දා = ව්‍යාධ. ලුද්දක. පු.

          සොභිනී. ඉ.                  සැන්ද = දබ්බී. ඉ.

නිසා = පටිච්ච. පූ. ක්‍රි. නි.               හිර කළ බැවින් = රුන්‍ධිතත්තා

 

උපසර්‍ගයෝ

 

          105. අති, අධි, අනු, අභි, අප, අපි, අව, ආ, උ, උප, දු, නී, නි, ප, පරා, පරි, පති, වි, සං, සු යන මොවුහු උපසර්‍ග නම් වෙති.

 

          මොවුහු ක්‍රියාවන්ගේ හා නාමයන්ගේ මුල යෙදී ඇතැම් විට ඒ පදයන්ගේ අර්‍ථය වෙනස් කෙරෙත්, ඇතැම් විට විරුද්‍ධාර්‍ථයක් ගෙන දෙත්. ඇතැම් විට සම්බන්‍ධවූ පදයාගේ අර්‍ථයම ස්ථිර කරත්.

 

          106. එක් ධාතුවක් නානා උපසර්‍ගයන් හා එක්වීමෙන් නොයෙක් අර්‍ථයන් ප්‍ර‍කාශ කරන සැටි මෙසේයි :-

 

උපසර්‍ගය         ධාතුව           පද           අර්‍ථ

අභි       +       කමු      =      අභික්කමති   (ඉදිරියට යේ.)

අති       +       කමු      =      අතික්කමති   (ඉකුත් කෙරේ.)

අප       +       කමු      =      අපක්කමති   (ඉවත්ව යේ.)

ආ        +       කමු      =      අක්කමති     (පාගයි)


 

උප       +       කමු      =      උපක්කමති   (උපක්‍ර‍ම යොදයි:

                                                 උත්සාහ කරයි.)

නි        +       කමු      =      නික්ඛමති     (නික්ම යේ)

ප        +       කමු      =      පක්කමති     (යේ)

 

සං       +       කමු      =      සඞ්කමති     (තැනින් තැනට යේ)

පරා      +       කමු      =      පරක්කමති   (උත්සාහ හෝ වීර්‍ය්‍ය

                                                 කෙරේ.)

අනු      +       කමු      =      අනුක්කමති   (අනුව යේ)

 

          107. එක් එක් උපසර්‍ගය වෙනස් වෙනස් අර්ථයන් ද ගෙන දේ. පහත උදාහරණවලින් ඔවුන් ප්‍ර‍කා කරන අර්‍ථ සමහරක් තේරුම් ගත හැකිය.

 

ආකඩ්ඪති (= සමීපයට අදී)         ආකිරති (= විසුරුවයි)

ආසන්න (= ළංවූ)                  ආගච්ඡති (= එයි)

 

අති

අතික්කමති (= ඉක්මවා යයි.) අතිවුට්ඨි (=අධික වර්‍ෂාව). ඉ.

අතිරොචති (= අතිශයෙන් බබළයි)  අතිඡත්ත (=විශේෂ පත්‍ර‍ය)

                  අතිභාරිය (= ඉතා බැරෑරුම්). 3.

 

අධි

අධිපති (=ස්වාමියා, ප්‍ර‍ධානියා)      අධිගච්ඡති (= අවබෝධ කරයි.)

අධිට්ඨාන (= ස්ථිර සිත, ස්ථිර සිටීම)

 

          අධිවසති (= වාසය කරයි) මෙය හා සත්තමිය නොව කර්‍ම විභත්තිය යෙදේ.

 

අනු

          අනුගච්ඡති (= අනුව හෝ පසුපස්සේ යයි.)

          අනුඝරං (= ගෙයක් පාසා, ගෙපිළිවෙළින්)

          අනුක්කම (පිළිවෙළ). පු.


          අනුවස්සං (= අවුරුද්දක් පාසා). ක්‍රි. වි.

          අනුවිතක්කෙති (= අනුව කල්පනා කරයි.)

 

අභි

අභිමුඛ (= ඉදිරියෙහි වූ: හමු වූ)     අභිධම්ම (= විශිෂ්ට ධර්‍මය). පු.

අභිරූප (= මනා රූ ඇති.) 3.        අභිවාදෙති (= වඳියි.)

                  අභිරති (= ඇලීම). ඉ.

 

අප

අපගච්ඡති (= ඉවතට යේ)          අපචිති (= ගෞරවය). ඉ.

අපරාධ (= අපරාධය). පු.           අපචිනාති (= බිඳහෙළයි)

                  අපකාර (= විරුද්‍ධ ක්‍රියාව.) පු.

 

අව

          අවජානාති (= අවමන් කෙරේ)

          අවහරති (= ඉවත ගෙනයයි: සොරකම් කරයි.)

          අවසිට්ඨ (= ඉතිරි වූ). 3.

          අවසිත්ත (= ඉසින ලද: වත්කළ)

 

          මෙය බොහෝ විට ඔ - බවට පැමිණේ.

 

          ඔනමති (= නෑමේ)

          ඔමුඤ්චති (= වහන් ආදියක් ඉවත් කරයි.)

          ඔක්කමති (= බසී)

          ඔනීත (= ඉවත් කළ). 3.

 

උක්ඛිපති (= ඔසවයි)               උත්තම (= උතුම්: ශ්‍රේෂ්ඨ). 3.

උච්ඡින්‍දති (= කඩයි: උපුටා දමයි)   උදය (= අභිවෘද්‍ධිය, පහළවීම)

උප්පන්න (= උපන්). 3.             උස්සහති (උත්සාහ කෙරේ.)

උම්මග්ග (= උමග). පු.             උස්සාරණා (= පස්සට තල්ලු

                                                 කිරීම). ඉ.


 

උප

උපක්කම (= උපාය: හිංසාව). පු.   උපමාන (= සමාන කිරීම). න.

උපකාර (= උපකාරය). පු.          උපවාද (= දෝෂාරෝපණය). පු.

උපනිසීදති (= සමීපයෙහි හිඳියි)    උපනය්හති (= ඔතයි: වෙළයි)

 

දු

දුග්ගන්‍ධ (= අප්‍රිය ගඳ). පු.          දුබ්භික්ඛ (= ආහාර දුර්ලභත්‍වය)

දුක්කර (= කිරීමට අපහසු). 3.      දුක්ඛ (= දුක). න.

 

නී

නිය්‍යාති (= ඉවත්ව යේ.)           නිම්මිත (= මවනලද). 3.

නීහරති (= නෙරපයි)               නීවරණ (= සිතේ දියුණුවට

                                                 බාධක දෙය). න.

 

නි

නිචය (= රැස් කිරීම.) පු.            නිඛාත (= සාරන ලද). 3.

නිගච්ඡති (= විඳියි; ලබයි)          නිඛිල (= සියලු). 3.  

 

පභවති (= පටන්ගනී: ගලාබසී)     පසන්න (= පැහැදුණු). 3.

පක්ඛිපති (= දමයි: බහාතබයි)      පණිදහති (= ප්‍රාර්‍ථනා කරයි)

පධාන (= ප්‍ර‍ධාන වූ). 3.            පජානාති (= මනාසේ දැනගනී)

 

පරා

පරාජෙති (= පරදවයි)              පරාමසති (= ස්පර්‍ශ කරයි: අතගායි)

පරාභව (= පිරිහීම, අපකීර්තිය)     පරක්කම (= මහත් උත්සාහය.) පු.

 

පරි

          පරිචරති (= සේවය කරයි)

          පරිච්ඡින්‍දති (= පිරිසිඳියි: සීමාකරයි)

          පරිධාවන (= ඔබිනොබ දිවීම). න.

          පරිවිසති (= අනුභව කරවයි: අනුභව කරන විට සේවය කරයි.)


          පරිභාසති (= ආක්‍රෝශ කෙරේ: බණී)

          පරිහරති (= පාවිච්චි කරයි.)

          පරිපුණ්ණ (= මනාසේ පිරුණු). 3.

 

පති - පටි

පටික්ඛිපති (= ප්‍ර‍තික්‍ෂෙප කරයි: ආපසු විසි කරයි.)

පතිරූප (= සුදුසු: සමානව පෙනෙන: බොරුවට පෙනී සිටින). 3.

පටිරාජ (= විරුද්ධරජ). පු.          පටිනිස්සජති (= අත්හරී)

පටිභාති (= වැටහේ)                පටිගණ්හාති (= පිළිගනී)

          පටිවෙධ (= අවබෝධය). පු.

 

වි

          විගච්ඡති (= වෙන්ව යේ: ඉවත යේ)

          විකිරති (= විසුරුවයි)

          විජානන (= විශේෂ දැනීම). න.

          විවිධ (= නානාකාර වූ). 3.

          විධූම (= පහවූ දුම් ඇති). 3.

          විඝාටන (= විවෘත කිරීම: ගලවා දැමීම). න.

 

සං

          සංවසති (= සමග හෝ එක්ව වසයි)

          සම්බොධි (= සම්පූර්ණ අවබෝධය). ඉ.

          සංකිණ්ණ (= මිශ්‍ර‍ වූ, අවුල් වූ). 3.

          සංසරණ (= එහා මෙහා යාම, සැරිසැරීම). න.

          සම්මුඛා (= ඉදිරියෙහි වූ). 3.

          සම්මුති (= එකඟබව: සම්මතය). ඉ.

 

සු

සුගන්‍ධ (= සුවඳ: මනාගඳ). පු.      සුගති (= සැප ඇති භවය). ඉ.

සුකර (= පහසුවෙන් කළ හැකි). 3. සුචිණ්ණ (= මනාසේ පුරුදුකළ). 3.

සුභික්ඛ (= සුලභ ආහාර ඇති.) 3.  සුදුක්කර (= ඉතා අපහසු). 3.

 


 

අභ්‍යාසය 19

සිංහලට නැඟිය යුතු

          1. “සචෙ භවං සොණදෙණ්ඩා සමණං ගොතමං දස්සනාය උපසංකමිස්සති, භොතො සොණදණ්ඩස්ස යසො පරිහායිස්සති; සමණස්ස ගොතමස්ස යසො අභිවඩ්ඪිස්සති.” (දීඝනිකාය)

 

          2. “සො ගන්ත්‍වා තං භත්තං පඤ්චහි පච්චෙක බුද්‍ධ-සතෙහි සද්ධිං සංවිභජි....... තෙපි ඔලොකෙන්තා එව අට්ඨංසු. (ධම්මපදට්ඨ කථා)

 

          3. “සො තතො චුතො දෙවලොකෙ නිබ්බත්තිත්‍වා දෙව මනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්‍ධුප්පාදෙ භද්දියනගරෙ සෙට්ඨිකුලෙ නිබ්බත්ති.” (එම)

 

          4. “සො........ නික්ඛිත්තධඤ්ඤෙ පරික්ඛීණෙ පරිජනං පක්කොසාපෙත්‍වා ආහ: ගච්ඡථ, තාතා, පබ්බතං පවිසිත්‍වා ජීවන්තා සුභික්ඛකාලෙ මම සන්තිකං ආගන්තුකාමා ආගච්ඡථ, අනාගන්තුකාමා තත්‍ථෙව ජීවථාති.” (එම)

         

          5. “පුන කච්ඡුං පූරෙත්‍වා ආචාව ආගච්ඡන්තිං උත්තරාය දාසියො දිස්වා: ‘අපෙහි දුබ්බිනීතෙ, න ත්‍වං අම්හාකං අය්‍යාය උපරි පක්කසප්පිං ආසිඤ්චිතුං අනුච්ඡවිකා’ති සන්තජ්ජෙන්තියො..... පොථෙත්‍වා භුමියං පාතෙසුං.” (එම)

 

          6. ‘සෙය්‍යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය...... එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො.” (නොයෙක් සූත්‍ර‍යන්හි.)

 

          7. “අථ ඛො අම්බට්ඨො මාණවො යෙන සො විහාරො සංවුතද්වාරො තෙන අප්පසද්දො උපසංකමිත්‍වා අතරමානො ආලින්‍දං පවිසිත්‍වා උක්කාසිත්‍වා අග්ගලං ආකොටෙසි. විවරි භගවා ද්වාරං.” (දීඝ අම්බට්ඨසුත්ත)

 

          8. “අථ ඛො අම්බපාලී ගණිකා භගවතො අධිවාසනං විදිත්‍වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්‍වා පදක්ඛිණං කත්‍වා පක්කාමි.” (දීඝ මහාපරිනිබ්බාණ)


          9. “අත්තනො වාමපාදෙ ද්වීහි අඞ්ගුලීහි තස්ස පාදෙ ගහෙත්‍වා විහාරඞ්ගණෙ පොථෙන්තො තතො තතො ආකඩ්ඪි. සො පරිවත්තන්තො ථාමසා විස්සජ්ජෙතුං උස්සහන්තොපි විස්සජ්ජෙතුං නා’සක්ඛි” (රසවාහිනී)

 

          10. “යක්ඛො ගජ්ජන්තො භුජෙ අප්පොඨෙන්තො අභිධාවි. යොධොපි තත්‍ථ ඨිතො වෙගෙන ආකාසම්බභූග්ගන්ත්‍වා වාමපාදඞ්ගුලීහි තස්ස හනුකට්ඨිං පහරි.” (එම)

 

මෙහි අමුතු වචන

අග්ගල = අගුල. න.                උස්සහන්ත = උත්සාහ කරන. 3.

අධිවාසනා = ඉවසීම:              ගජ්ජන්ත = ගර්ජනා කරමින්. 3.

     (ආරාධනාවක්) බාරගැනීම. ඉ. ගණිකා - වෙශ්‍යා ස්ත්‍රිය. ඉ.

අතරමාන = ඉක්මන්               තාත = දරුවා, පියා. පු.

     නොවෙමින්. 3.               ථාම = ශක්තිය. පු.

අනුච්ඡවික = සුදුසු වූ. 3.           දුබ්බිනීත = නොහික්මුණු. 3.

අපෙති = ඉවත් වෙයි.              නික්කුජ්ජිත = යටිකුරු කළ. 3.

අප්පොඨෙන්ත = අප්පුඩි           පක්කාමි = ගියේය

අභිධාවති = විරුද්‍ධව දුවයි          පටිච්ඡන්න = පෙරළෙමින්. 3.

අභිවඩ්ඪති = වැඩේ                පරිහායති = පිරිහේ

අබ්භුග්ගන්ත්‍වා = උඩපැන. පූ.ක්‍රි.   පරියාය = ආකාරය, සමානාර්‍ථ

අසක්ඛි = හැකි විය:                       ඇති ශබ්දය. පු.

ආකොටෙති = තට්ටු කරයි.         පරික්ඛීණ = ගෙවීගිය: අවසන්වූ.

ආගන්තුකාම = එනුකැමති. 3.             3.

ආචික්ඛෙය්‍ය = කියන්නේය: දැනුම්  පොථෙන්ත = තළමින්. 3.

     දෙන්නේය                    බුද්‍ධුප්පාද = බුදුන් උපදනා කාලය

ආලින්‍ද = පිටබරාඳය. පු.                  පු.

උක්කාසිත්‍වා = කාරා. පූ. ක්‍රි.       භුජ = අත. පු.

උක්කුජ්ජෙය්‍ය = උඩිකුරු           මූළ්හ = මුළා වූ: මංමුළා වූ. 3.

     කරන්නේය                   වාම = වම් (පැත්ත). 3.


 

විදිත්‍වා = දැන. පූ. ක්‍රි.               සංවුත = ආවරණය කළ. 3.

විස්සජ්ජෙතුං = අත්හරවන්ට,       සංවිභජති = බෙදයි

     නි.                           සංසරන්ත = ඇවිදිමින්: ඔබි

සන්තජ්ජෙන්ති = තර්ජනය                නොබ යමින්. 3.

     කරන්නී. ඉ.

 

පාලියට නැගිය යුතු :-

     1. තරුණ දුටුගැමුණු කුමාරතෙමේ විශාල සේනාවක් රැස් කොටගෙන එළාර නම් දෙමළ රජුට විරුද්‍ධව ඉදිරියට ගියේ ය. වෙසක් මස ශුක්ල පක්‍ෂයේ සිවුවැනිදා ඔබ ගිහිගෙන් නික්ම පැවිදි විය යුතු ය. 3. මේ ප්‍රදේශයෙහි ගංගාවෝ සමන්තකූට පර්‍වතය හාත්පස පිහිටි කඳු වැටියෙන් ගලා බසිත්. 4.  යක්‍ෂාධිපති වෛශ්‍ර‍වණ තෙමේ ධනයෙන් ලොව සියල්ලන් ඉක්මවයි. 5. රජතෙමේ රාජ කුමාර වූ තෙරුන් වහන්සේගේ ධාතූන් චෛත්‍යයෙහි නිදන් කොට අවුරුදු පතා ඒ ධාතූන්ට ගෞරව කිරීම පිණිස එහි ගියේ ය. 6. රාත්‍රිය බොහෝ සේ ඉක්මගියකල්හි බුදුරදුන්ගේ ධර්‍මය ඇසීමට පැමිණි දේවතාවෝ උන්වහන්සේට වැඳ ඉවත්ව ගියහ. 7. රජ බිසව මේ කාරණය අනුව බොහෝ වේලාවක් කල්පනාකොට ආගන්තුකයා තමා ඉදිරියට ගෙනෙන්ට සේවිකාවන්ට අණ කළේ ය. 8. මහලු ස්ත්‍රිය විසින් තඹ භාජනයක රැස්කොට තබනලද සියලු රන්කාසි සොරුන් විසින් ඉවත ගෙනයනලදි. 9. මහාධන සිටුතෙමේ තමාගේ හා භාර්‍ය්‍යාවගේ ධනය අවසන් වූ කල්හි ඇඳ - පුටු - භාජන ආදි ගෙයි බඩු විකුණා මත්පැන් පීම් ආදියෙහි යෙදුණේය. 10. ඉක්බිති අම්බලට්ඨ මාණවක තෙමේ සිය පිරිස සමග බුදුන් වෙත එළඹ උන්වහන්සේට නොවැඳ උන්වහන්සේගෙන් නොයෙක් ප්‍ර‍ශ්නයන් විචාළේ ය.

 

මෙහි අමුතු වචන

 

අනුව කල්පනාකොට =            ගෞරව කිරීම පිණිස = සම්මා-

     අනුචිතක්කෙත්‍වා. පූ.ක්‍රි.              නෙතුං. නි.

කඳුවැටිය = පබ්බතමාලා. ඉ.       තඹ භාජනය = තම්බභාජන. න.

ගිහිගෙයි = අගාර: ගහ. න.         නිදන් කොට = නිදහිත්‍වා. පූ. ක්‍රි.

ගෙයිබඩු = ගෙහභාණ්ඩ. න.       ප්‍ර‍ශ්නය = පඤ්හ. 3.


රැස් කොට ගෙන = සන්නි-        බොහෝ සේ ඉක්මගිය = අභික්ක-

     පාතෙත්‍වා. පූ. ක්‍රි.                    න්ත: අතික්කන්ත. 3.

රැස් කොට තැබූ = සඤ්චිත. 3.     ශුක්ල පක්‍ෂය = සුක්කපක්ඛ. පු.

 

කර්‍මකාරක ක්‍රියා

 

     108. කර්‍මකාරක ක්‍රියාවන් සිද්‍ධ කිරීම පිණිස ධාතුවටත් විභත්ති - ප්‍ර‍ත්‍යයටත් අතරෙහි ය - ප්‍ර‍ත්‍යය යොදනු ලැබේ. ඒ ය ප්‍ර‍ත්‍යය ආකාර කීපයකින් ධාතුව හා ගැළපේ.

 

     A. ආකාරාන්ත - ධාතූන් කෙරෙන් එය යෙදෙන විට ආ - කාරය ඊ - කාර බවට පැමිණේ. ඉ - කාර - උ - කාරාන්ත - ධාතූන් කෙරෙන් යෙදෙන විට ඉ - කාර - උකාරයෝ දීර්‍ඝ බවට පැමිණෙත්.

 

     B. අනුබන්‍ධස්වරය[18] ඉවත් කළ විට ව්‍යඤ්ජනාන්තව සිටින ධාතූන්ට පසුව ය - ප්‍ර‍ත්‍යය යෙදූ විට ධාත්‍වන්තයට ඉ කාරයක් හෝ ඊකාරයක් එක්වේ.

 

     C. බොහෝ විට එසේ ව්‍යඤ්ජනාන්තව සිටින ධාතූන් කෙරෙන් වූ ය - ප්‍ර‍ත්‍යයේ ය් - කාරය ධාත්‍වන්ත ව්‍යඤ්ජනය සමග අන්‍ය අකුරකට පෙරළේ.

 

පිළිවෙළින් උදාහරණ :-

    

     A.    දා  +  ය  +  ති      =     දීයති (දෙනු ලැබේ.)

          පා +  ය  +  ති     =     පීයති (බොනු ලැබේ)

          චී  +  ව  +  ති     =     චීයති (රැස්කරනු ලැබේ.)

          සූ  +  ය  +  ති     =     සූයති (ඇසේ: අසනු ලැබේ.)

          නී  +  ය  +  ති     =     නීයති (ගෙනයනු ලැබේ.)

          භූ  +  ය  +  ති     =     භූයති (සිදුවේ: වෙයි.)

 

     ඇතැම් විට මෙහි ය් - කාරයට ද්විත්‍ව වී ධත්‍වන්තස්වරය හ්‍ර‍ස්ව වේ :-


 

          නී  +  ය  +  ති     =     නිය්‍යති (ගෙනයනු ලැබේ.)

          දා   +  ය  +  ති     =     දිය්‍යති (දෙනු ලැබේ.)

 

    

     B.   කර + ඊ + ය + ති   =     කරීයති (කරනු ලැබේ.)

          හස + ඊ + ය + ති   =     හසීයති (සිනාසෙනු ලැබේ.)

 

     (මූලය) භුඤ්ජ+ඊ+ය+ති = භුඤ්ජීයති (අනුභව කරනු ලැබේ.)

     (මූලය) ඉච්ඡ + ඊ + ය + ති = ඉච්ඡීයති (කැමතිවනු ලැබේ.)

 

     C.   පච් + ය + ති        =     පච්චති (පැසේ; පිසනු ලැබේ.)

          හන් + ය + ති       =     හඤ්ඤති (නැසේ; නසනු ලැබේ.)

          ඛාද් + ය + ති       =     ඛජ්ජති (කනු ලැබේ.)

          බධ් + ය + ති        =     බජ්ඣති (බැඳේ; බැඳෙනු ලැබේ.)

          ලභ් + ය + ති       =     ලබ්භති (ලැබේ.)

 

     109. අන්ත ව්‍යඤ්ජනය සමග ය - ප්‍ර‍ත්‍යයාගේ මේ විපර්යාසයන් පහත දැක්වෙන ආකාරයෙන් සිදුවන බව පෙනේ.

 

     ච් + ය හෝ ක් + ය      =     ච්ච බවට පැමිණේ

     ජ් + ය හෝ ඛ් + ය       =     ච්ඡ බවට පැමිණේ.

     ජ් + ය හෝ ද් + ය       =     ජ්ජ බවට පැමිණේ.

     ඣි + ය හෝ ධ් + ය      =     ජ්ඣ බවට පැමිණේ.

     ඤ් + ය හෝ න් + ය     =     ඤ්ඤ බවට පැමිණේ.

     ව් + ය                    =     බ්බ බවට පැමිණේ.

     ස් + ය                   =     ස්ස බවට පැමිණේ.

 

     දිවාදි ගණයේ විකරණය වූ ය - ප්‍ර‍ත්‍යය ද මෙසේ විපර්යාසයට පැමිණේ.

 

අභ්‍යාසය 20

සිංහලට නැඟිය යුතු

 

     1. “සමිතත්තා හි පාපානං සමණොති පවුච්චති.” (ධම්මපද)


     2.   “සො බජ්ඣතං පාසසතෙහි ඡබ්භි;

          රම්මා වනා නිය්‍යතු රාජධානිං

          තුත්තෙහි සො හඤ්ඤතු පාජනෙහි

          භිසානි තෙ බ්‍රාහ්මණ යො අහාසි” (භිස ජාතක)

 

     3.  “සො......... භන්තෙ, ‘අජ්ජ ආදිං කත්‍වා අග්ගිනාපි මම සන්තකං මා ඩය්හතු, උදකෙනාපි මා වුය්හතූ’ති පත්‍ථනං අකාසි.” (ධම්මපදට්ඨ කථා.)

 

     4. “අද්දසා ඛො අඤ්ඤතරො උපාසකො තං භික්ඛුං කීටාගිරිස්මිං පිණ්ඩාය චරන්තං දිස්වාන........ තං භික්ඛුං අභිවාදෙත්‍වා එතදවොච අපි භන්තෙ පිණ්ඩො ලබ්භතීති.” (චුල්ලවග්ගපාළි)

 

     5. කච්ඡපො හංසෙහි නීයමානො දට්ඨට්ඨානතො දණ්ඩකං විස්සජ්ජෙත්‍වා ආකාසඞ්ගණෙ පතිත්‍වා ද්වෙධා භිජ්ජි.

 

     6. “අථෙ’කො මක්කටො තත්‍ථ තත්‍ථ ගොචරං පරියෙසමානො ඵලවන්තං තං රුක්ඛං ආරුය්හ ඵලානි ඛාදන්තො තස්මිං පාසෙ පාදෙන බජ්ඣි” (රසවාහිනී.)

 

     7. “එවජ කිර’ස්ස අහොසි සද්‍ධා තාව ධම්මං සොතුකාමා ගමිස්සන්ති යෙව: අස්සද්ධාපි පන ධනලොභෙන ගන්ත්‍වා ධම්මං සුත්‍වා දුක්ඛා මුච්චිස්සන්තී”ති. (ධම්මපදට්ඨකථා)

 

     8. “එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපති භගවා එතදවොච: අපි නු තෙ ගහපතිකුලෙ දානං දීයතීති.” (අඞ්ගුත්තර)

 

     9. “දීඝස්ස අද්‍ධුනො අච්චයෙන තස්ස මහානිරයස්ස පුරත්‍ථිමං ද්වාරං අවාපූරීයති; සො තත්‍ථ සීඝෙන ජවෙන ධාවති: තස්ස සීඝෙන ජවෙන ධාවතො ඡවිපි ඩය්හති, චම්මම්පි ඩය්හති, මංසම්පි ඩය්හති” (මජ්ඣිම නිකාය)

 

     10. මධුවා මඤ්ඤතී බාලො යාව පාපං න පච්චති:

         යදා ච පච්චති පාපං අථ බාලො දුක්ඛං නිගච්ඡති. (ධම්මපද)

 


 

මෙහි අමුතු වචන

 

අද්ධා = දීර්ඝකාලය. පු. (අද්ධුනො   පාචන = (පාජන) = කෙවිට. න.

     චතුත්‍ථි එකවචනයි.)             පාස = පුඩුව: මළපුඩුව. ප.

අවාපූරීයති = විවෘතවේ              බජ්ඣතං = බැඳේවා

අහාසි = බලාත්කාරයෙන් හෝ       භිජ්ජි = බිඳුණේය, කැඩී ගියේ

     සොරකමින්) ගෙන ගියේ ය.          ය.

කීටාගිරි = ගමක නමක්. පු.           මක්කට = වඳුරා. පු.

ගොචර = ආහාරය, ගොදුර. පු.       විස්සජ්ජෙත්‍වා = අතහැර.

ජව = වේගය. පු.                           පූ. ක්‍රි.

ඩය්හති = දැවේ                       වුය්හති = පාවේ; දරනු ලැබේ

තුත්ත = ඇතාගේ කන්මුලට          සන්තක = අයිති දෙය. න.

     විදින කටුව. න.                 සමිතත්ත = සංසිඳුණු බව. න.

නිගච්ඡති = පැමිණේ: ලබයි.          හඤ්ඤති = නසනු ලැබේ:

පරියෙසමාන = සොයන,                   වෙහෙසේ

     සොයමින්. 3.

 

පාලියට නැඟිය යුතු :

 

     1. කපටියෝ කිසිවකු විසින් ප්‍රිය කරනු නොලැබෙත්. ඔවුහු සියල්ලන් විසින් දුරු කරනු ලැබෙත්. 2. මහානරකයේ දොර ඇරුණු විට නිරයවාසීහු එතැනට ඉක්මනින් දුවත්; එසේ දුවන විට ඔවුන්ගේ සම් ද මස් ද දැවෙති.

 

     3. “ගෘහපතිය, දැනුත් ඔබගේ ගෙයි දන් දෙනු ලැබේ දැ” යි බුදුරට සිටාණන්ගෙන් විචාළේ ය. 4. සිටුහු විසින් “ශ්‍ර‍ද්ධා නැත්තෝත් ධන ලෝභයෙන් අවුත් බණ අසා දුකින් මිදෙන්නාහ” යි සිතා බුදුරදුන් වසන ගෙයි සත්රුවන් විසුරුවන ලදි. 5. අපගේ අසල්වැසියා ඔහුගේ දුෂ්ට ක්‍රියාවන් නිසා සියලු මිතුරන් විසින් වර්ජනය කරන ලදැයි අසන්ට ලැබේ. 6. කුමාරතෙමේ ඔහුගේ සියලු ගමන්වලදී ආචාර්‍ය්‍යවරුන් විසින් ද ඇමතියන් විසින් ද ආරක්‍ෂකයන් විසින් ද පිරිවරනු ලැබේ. 7. මගියා තනි වූ බැවිනුත් ඔහු අතේ ආයුධ නොතිබුණු බැවිනුත් සොරුන් විසින් පහර දෙන ලද්දේ ද පැහැර ගන්නා ලද්දේ ද විය.


     8. යුද්ධ භූමියෙහිදී බොහෝ අශ්වයෝ ද භටයෝ ද මරණ ලදහ. සේනාපතියා විසින් අණකරන ලද මිනිසුන් විසින් එම මළ සිරුරු වළලන ලදහ.

 

     9. බෝසත් කුමරා ඇතැම් කිරිමවුන් විසින් කිරි පොවනු ලැබේ: ඇතැමුන් විසින් නාවනු ලැබේ. ඇතැමුන් විසින් නිදිකරවනු ලැබේ. සියල්ලන් විසින් රකිනු ලැබේ.

 

     10. රජු විසින් රටවැසියෝ පාලනය කරනු ලැබෙත්: රටවැසියන් විසින් ධාන්‍ය උපදවනු ලැබේ. ඒ ධාන්‍ය වෙළඳුන් විසින් විකුණනු ලැබේ. සියල්ලන් විසින් එය අනුභව කරනු ලැබේ.

 

මෙහි අමුතු වචන

 

අසල්වැසියා = පටිවිස්සක. පු.              නොතිබුණු බැවින් = අවිජ්ජමා-

ඇරුණු = විවට. 3.                               නත්තා

උපදවනු ලැබේ = උප්පාදීයති.             පහරදෙන ලද = පහට. 3.

කපටියා = සඨ, වඤ්චක. පු.               පිරිවරනු ලැ බේ = පරිවාරීයති.

කිරීමව = ධාති. ඉ.                         පැහැරගන්නා ලද = අච්ඡින්න. 3.

තනි වූ = එකකි. 3.                         ප්‍රියකරනු ලැබේ = පියායීයති

දුරු කරනු ලැබේ = වජ්ජීයිත               මළසිරුර = මතකලෙබර. න.

දුෂ්ට ක්‍රියාව = දුච්චරිත. න.                වර්ජනය කරන ලද = වජ්ජිත. 3.

නාවනුලැබේ = නහාපීයති                 වළලන ලදි = නිඛණියි

                                           විසුරුවන ලදි = විප්පකිරීයි

 

හෙත්‍වර්‍ථ පද

 

     110. පළමු පොතෙහි දැක්වූ හෙත්‍වර්‍ථ ප්‍ර‍ත්‍යයන් අතුරෙන් එ, අය දෙක පමණක් උ - ඌ කාරාන්ත ධාතූන් කෙරෙන් යොදනු ලැබේ. අ - කාරාන්ත ධාතූන් කෙරෙන් ආපෙ, ආපය දෙදෙන පමණක් යොදනු ලැබේ. අන්‍ය ධාතූන් කෙරෙන් සතර ම යෙදිය හැක.

 

     111. කර්‍මකාරකයෙහි මේ ප්‍ර‍ත්‍යයන් යෙදෙන විට ඊට මුලින් ඊ - කාරයක් සහිත ය -  ප්‍ර‍ත්‍යය යෙදිය යුතුයි. උදාහරණ :-


    

     හෙත්‍වර්ථ-කර්‍තෘකාරක - හාරාපෙති (=ගෙනයන්ට සලස්වයි.)

     හෙත්‍වර්ථ-කර්‍මකාරක - හාරාපීයති (=ගෙනයන්ට සලස්වනු ලැබේ.)

 

     112. මේ හෙත්‍වර්ථ ප්‍ර‍ත්‍යයෝ ක්‍රියාපදයන්හි පමණක් යෙදෙන්නාහු නොවෙත්: පූර්‍වක්‍රියා, කිතක පද, තු - ප්‍ර‍ත්‍යායාන්ත ශබ්ද යන මොවුන් කෙරෙහි ද යෙදෙත්.

 

     කර + ආපෙ + ත්‍වා = කාරාපෙත්‍වා (= කරවා)

     භුජ + ආපෙ + ත්‍වා = භොජාපෙත්‍වා (= අනුභව කරවා)

 

කිතක පද

     පච + එ + න්ත = පාචෙන්ත (= පිසවන)

     කර + එ + න්ත = කාරෙන්ත (= කරවන)

     දා + ආපෙ + තු = දාපෙතු (= දෙවන්නා)

     ගහ + ආපෙ + තු = ගාහාපෙතු (= ගන්වන්නා.)

 

තුං - ප්‍ර‍ත්‍යයාන්තයෝ

     මර + ආපෙ + තුං = මාරාපෙතුං (= මරවන්ට)

     ගහ + ආපෙ + තුං = ගාහාපෙතුං (= ගන්වන්ට)

 

     113. සකර්‍මක ධාතුවකින් හෙත්‍වර්ථ පදයක් සැදුණු විට ඒ පදය කර්‍ම එකකට වඩා ගනී. එසේ කර්‍ම දෙකක් ගත්විට ඉන් එකක් ප්‍ර‍ධාන කර්‍ම යයි ද අනික අප්‍ර‍ධාන කර්‍ම යයි ද කියනු ලැබේ.

 

     “පුරිසො කම්මකාරං රුක්ඛං ඡින්‍දාපෙති.”

 

     යන තැන ‘කම්මකාරං, රුක්ඛං’ යි කර්‍ම දෙකකි. මෙහි ගස කපාගැනීම ඕනෑකම බැවින් ‘රුක්ඛං’ ප්‍ර‍ධාන කර්‍මයයි; අනික අප්‍ර‍ධාන කර්‍මයයි.

 

     114. මේ අප්‍ර‍ධාන කර්‍මය නොයෙක් විට කරණ විභක්තියෙන් සිටී. “ගහපතානී දාසියා ඔදනං පාචාපෙති”

 

     යන තන්හි ‘දාසියා’ යන්න කරණ විභක්තියෙන් සිටී. මෙම ‘දාසි’ යි කර්‍මවිභක්තියෙන් යෙදුවත් ඒ අර්ථයම ලැබේ.


     115. ශුද්ධ ක්‍රියා පදයකින් යුත් වාක්‍යයක කර්‍තෘව සිටි පදය හෙත්‍වර්ථ පදයකින් යුක්ත වූ වාක්‍යයකදී අප්‍ර‍ධාන කර්‍මය විය හැක. “සූදො ඔදනං පචති.” යන තන්හි ‘සූදො’ කර්‍තෘ පදයයි. ඒ වාක්‍යය ‘සූදජෙට්ඨො සූදං ඔදනං පාචෙති’ යි හෙත්‍වර්ථයෙහි යෙදූ විට (පළමු වාක්‍යයෙහි) කර්‍තෘව සිටි පදය අප්‍ර‍ධාන කර්‍මය බවට පැමිණේ. මෙය ‘සූදජෙට්ඨො සූදෙන ඔදනං පාචෙති” යි ද යෙදිය හැක.

 

අභ්‍යාසය 21

සිංහලට නැඟිය යුතු

 

     1. “රාජා පසන්නො අපරාතිපි පඤ්ච - වත්‍ථසතානි ආහරාපෙත්‍වා පාදමූලෙ ඨපාපෙසි” (ධම්මපදට්ඨ කථා) 2. රාජා තෙ සබ්බෙ ගාහාපෙත්‍වා..... ආවාටෙ ඛණාපෙත්‍වා තෙ තත්‍ථ නිසීදාපෙත්‍වා උපරිපලාලං විකිරාපෙත්‍වා අග්ගිං දාපෙසි.” (උදෙනවත්‍ථු)

 

     3. “පඤ්චසත - තාපසෙ හිමවන්තතො ආගන්ත්‍වා නගරෙ භික්ඛාය චරන්තෙ දිස්වා පසීදිත්‍වා නිසීදාපෙත්‍වා භොජෙත්‍වා පටිඤ්ඤං ගහෙත්‍වා චත්තාරො මාසෙ අත්තනො සන්තිකෙ වසාපෙත්‍වා.......උය්‍යොජෙසුං.” (එම)

 

     4. “දහරකාලතො පට්ඨාය හි තං මාරාපෙතුං වායමන්තොව සෙට්ඨි මාරාපෙතුං නාසක්ඛි: කිං අක්ඛරසමයං සික්ඛාපෙස්සති?” (එම)

 

     5. “ගාමමජ්ඣෙ වුත්තප්පකාරං ගෙහං කාරෙත්‍වා ගාමසතකො පණ්ණාකාරං ආහරාපෙත්‍වා ජනපදසෙට්ඨිනො ධීතරං ආහරිත්‍වා මඞ්ගලං කත්‍වා සෙට්ඨිස්ස සාසනං පහිණි.” (එම)

 

     6. “තස්ස හෙට්ඨාභාගං සොධාපෙත්‍වා පාකාරපරික්ඛෙපං කාරාපෙත්‍වා වාලිකං ඔකිරාපෙත්‍වා ධජ - පතාකං උස්සාපෙත්‍වා වනප්පතිං අලංකරිත්‍වා...... පත්‍ථනං කත්‍වා පක්කාමි.” (චක්ඛුපාල වත්‍ථු)

 

     7. “තෙන ඛො පන සමයෙන ආයස්මතො සාරිපුත්තස්ස උපට්ඨාකකුලං ආයස්මතො සාරිපුත්තස්ස සන්තිකෙ දාරකං පාහෙසි. “ඉමං දාරකං ථෙරො පබ්බාජෙතූ”ති (විනය මහාවග්ග)

 


 

     8. “සචෙ වො ධනෙන අත්‍ථො ඛිප්පං මං බන්‍ධනා මොචෙත්‍වා සීසං නහාපෙත්‍වා අහත - වත්‍ථානි අච්ඡාදෙත්‍වා ගන්‍ධෙහි විලිම්පා පෙත්‍වා පුප්ඵානින පිලන්‍ධාපෙත්‍වා ඨපෙථාති.” (වෙදබ්භ ජාතක)

 

     9. “සක්කො දෙවරාජා ‘කිං නො සාධාරණෙන රජ්ජෙනා’ති අසුරෙ දිබ්බපානං පායෙත්‍වා මත්තෙ සමානෙ පාදෙසු ගහෙත්‍වා සිනෙරුපපාතෙ ඛිපාපෙසි.” (කුලාවක ජාතකය)

 

     10. ‘රාජා පඤ්චසතෙ නග්ගසමණකෙ ගාහාපෙත්‍වා......ආවාටෙසු නිඛණාපෙත්‍වා පලාලෙහි පටිච්ඡාදෙත්‍වා අග්ගිං දාපෙසි.” (ධම්මපදට්ඨකථා)

 

මෙහි අමුතු වචන

 

අක්ඛරසමය = අකුරු ශාස්ත්‍ර‍ය,             පලාල = පිදුරු. න. පු.

කියවීමේ හා ලිවීමේ                       පායෙත්‍වා = පොවා. පූ. ක්‍රි.

අභ්‍යාසය. පු.                              බන්‍ධන = බැම්ම. න.

අහත = අලුත්, පොඩිනොවූ. 3.             මඞ්ගල = (විවාහාදි) මඟුල. න.

ආහරපෙත්‍වා = ගෙන්වා. පූ. ක්‍රි.             මොචෙත්‍වා = මුදා: නිදහස්

උය්‍යොජෙසි = පිටත්කෙළේය.              කොට. පූ. ක්‍රි.

ඔකිරාපෙත්‍වා = විසිරුවවා, පූ. ක්‍රි.          වනප්පති = මල්නැතිව ගෙඩි හට

දහර = තරුණ, බාල. 3.                          ගන්වන ගස. පු.

නග්ග = නිර්‍වස්ත්‍ර‍. 3.                        වායමන්ත = උත්සාහ කරන. 3.

නිඛණාපෙත්‍වා = වලවල පිහිටු             විලිම්පාපෙත්‍වා = ආලේප

     වන්ට සලස්වා. පූ. ක්‍රි.                       කරවා. පූ. ක්‍රි.

පටිඤ්ඤා = පොරොන්දුව. ඉ.               විකිරාපෙත්‍වා = විසුරුවන්ට

පණ්ණාකාර = පඬුර, තෑග්ග. පු.                 සලස්වා. පූ. ක්‍රි.

පත්‍ථනා = ප්‍රාර්‍ථනාව. ඉ.                    වුත්තප්පකාර = කී ආකාර ඇති. 3.

පබ්බාජෙති = පැවිදි කරවයි.                සාධාරණ = විශේෂනොවූ. 3.

පරික්ඛෙප = වටකිරීම. පු.                  සොධාපෙත්‍වා = ශුද්‍ධ කරවා. පූ.ක්‍රි.

 


පාලියට නැඟිය යුතු.

     1. එරට රජතෙමේ තෙරුන් පිරිනිවි තැන ශුද්‍ධ කරවා උළු වඩුවන්[19] ගෙන්වා මහා චෛත්‍යයක් බැන්දවිය.

 

     2. හෙතෙමේ රන්මිල දශලක්‍ෂයක වියදමෙන් බොහෝ කම්කරුවන් ලවා මහා ප්‍රාසාදයක් ගොඩනංවා එහි භික්‍ෂූන් වාසය කරවිය.

 

     3. කොසඹෑ සිටුතෙම ඝෝෂක කුමරු මරවන්ට කීපවරක් උත්සාහ කළ නමුත් මරවන්ට නොහැකි විය. ඝෝෂකගේ භාර්‍ය්‍යාව නුවණින් පිළිපැද ඔහු සිටුතනතුරට පැමිණවිය.

 

     4. “ඉඳින් රාජ්‍යය ලබනු කැමති නම් දෙමළුන් හා යුද කොට ඔවුන් පලවා හරිනු මැනවැ”යි රජතෙමේ කැරලිකාර බමුණාට කියෙව්වේ ය.

 

     5. දේවදත්ත ස්ථවිරතෙමේ අජාසත් කුමරු තමා කෙරෙහි පහදවා බුදුන් මැරීමට මිනිසුන් යෙදෙව්වේ ය: කුමරු ලවා ඔහුගේ පියා හිංසාකරවා මැරෙව්වේ ය.

 

     6. ගෘහපතියා කම්කරුවන් විසි දෙනකුන් ලවා ගොනුන් දශදෙනකුන් ගෙන්වා කුඹුරු සතරක් සීසාවා වපුරවා වැටවල් බැන්දෙව්වේ ය.

 

     7. දාසයන් ලවා වැඩ කරවීමට ගිය මිනිසා වනයෙහි වැවක් සාරවා එය අවට කුඹුරු ශුද්ධ කරවා ඔවුන් ලවා ගස් කප්පවා ඒවා මාර්ගය සමීපයට ඇද්දෙව්වේ ය.

 

     8. බිම්බිසාර රජ පස්යොදුන් පමණ මග සමකරවා වැලි අතුරුවා මල් විසුරුවා ධ්වජයන් නංවා අලංකාර කරවිය.

 

     9. උදේන රජ මාගන්දියගේ නෑයන් රැස් කරවා ඔවුන්ගේ හිස් සින්දවා මරවා උඩින් පිදුරු දමා දවන්ට සැලැස්වීය.

 

     10. ධර්‍මාශෝක මහරජ බෞද්‍ධ භික්‍ෂු පිරිසක් මෙරටට එවා මෙරට

 

වැසියන් බෞද්‍ධයන් කරවිය. ඒ රජ දේවානම්පිය තිස්සරජු දෙවැනි වරටත් අභිෂේක කරවිය.

 

මෙහි අමුතු වචන :-

 

අද්දවයි = ආකඩ්ඪාපෙති.                  පිරිනිවිතැන = පරිනිබ්බුතට්ඨාන.

අතුරුවවා = සන්‍ථරාපෙත්‍වා. පූ. ක්‍රි.               න.

ඇතුළු කරවයි = පවෙසෙති                පිළිපැද = පටිපජ්ජිත්‍වා. පූ. ක්‍රි.

උළුවඩුවා = ඉට්ඨකවඩ්ඪකී. පු.             බන්දවයි (චෛත්‍යය) = චිණා

එවා = පෙසෙත්‍වා. පූ. ක්‍රි.                         පෙති: (වැට) බන්‍ධාපෙති.

කියෙව්වේ ය = කථාපෙසි.                 යෙදෙව්වේය = යොජාපෙසි.

කැරලිකාර = දාමරික. 3.                    ලබනු කැමති = ලභිතුකාම. 3.

දවන්ට සලස්වයි = දහාපෙති.              වපුරවා = වපාපෙත්‍වා. පූ.ක්‍රි.

නංවා = උස්සාපෙත්‍වා. පූ.ක්‍රි.               වාසය කරවිය = වසාපෙසි.

පමණ = මත්ත. 3.                         වැට = වති. ඉ.

පලවාහරියි = පලාපෙති.                   සමකරවා = සමං කාරෙත්‍වා

පැමිණවිය = පාපෙසි.                      සාරවා = ඛණාපෙත්‍වා. පූ. ක්‍රි.

                                           හිංසාකරවා = හිංසාපෙත්‍වා. පූ.ක්‍රි.

 

කිතක පද

 

     116. ධාතුවකින් (යම්කිසි අර්‍ථයක) ප්‍ර‍ත්‍යයක් කොට සෑදූ නාමය කිතක නම් වේ.

 

     තද්‍ධිත - කිතක දෙදෙනාගේ වෙනස නම් : තද්‍ධිතය නාමයකින් ප්‍ර‍ත්‍යයක් වී සැදුණු අන්‍ය නාමයකි. කිතකය ධාතුවකින් ප්‍ර‍ත්‍යයක් වී සැදුණු නාමයකි. කිතක නාමයකින් තද්‍ධිත ප්‍ර‍ත්‍යයක් කොට එය තද්‍ධිත නාමයක් කළ හැක. දායක-යන කිතක පදයෙන් භාවාර්ථයෙහි ත්ත-ප්‍ර‍ත්‍යය කොට ‘දායකත්ත’ (= දායක බව) යි සැදූ විට එය තද්‍ධිත නාමයක් වේ. තද්‍ධිත නාමයක් කිතක නාමයක් කරන්ට නොහැකි බව සැලකිය යුතු.

 

     117. කිතක ප්‍ර‍ත්‍යයෝ (1) කිච්ච, (2) කින් යන දෙකොටසකට බෙදන ලදහ. (කිච්චප්‍ර‍ත්‍යයෝ ස්වල්ප දෙනෙකි. කිත් ප්‍ර‍ත්‍යයෝ බොහෝ දෙනෙකි.)


     (1) කිච්චප්‍ර‍ත්‍යයෝ නම් තබ්බ, අනීය, ණ්‍ය, ණිය, තය්‍ය, ඉච්ච යන මොහුයි. මොවුහු භාව - කර්‍මදෙක්හි පමණක් වෙති. අකර්‍මධාතූණ් කෙරෙන් භාවාර්ථයෙහි පමණක් ද සකර්‍මකධාතූන් කෙරෙන් ඒ අර්ථ දෙකෙහි ම ද වෙති. මොවුන්ට කාලවිශේෂයක් නැත.

 

කිච්චප්‍ර‍ත්‍යයෝ

 

     118. සියලු ධාතූන් කෙරෙන් භාවාර්ථ - කර්‍මාර්ථ දෙක්හි තබ්බ, අනීය - ප්‍ර‍ත්‍යයෝ වෙති. මොවුහු යුතු = යෝග්‍ය යන අර්ථය ප්‍ර‍කාශ කරත්.

 

          A. කර (කිරීමෙහි) + තබ්බ = කාතබ්බ හෝ කත්තබ්බ

                                           (= කළයුතු හෝ කළයුත්ත)

          කර + අනීය = කරණීය (= කළයුතු හෝ කළයුත්ත.)

          සු (ශ්‍ර‍වණයෙහි) + තබ්බ = සොතබ්බ (= ඇසිය යුතු)

          සු + අනීය = සවණීය (= ඇසිය යුතු)

 

          පළමු උදාහරණයෙහි තබ්බ - පරකල්හි කර - ධාතුවට කා - ආදේශ වේ. දෙවෙනි තැන්හි ධාත්‍වන්ත අ - කාරය ලොප් වූ පසු ර් - කාරයට ත් - ආදේශ වේ.

 

          සොතබ්බ - යන තැන සු - ධාතුවේ උ - කාරයට වෘද්‍ධි වේ. සිවුවැන්නෙහි වෘද්‍ධිය වූ පසු ඔ - කාරයට අව - ආදේශ වේ.

 

          කරණීය - සවණීය - යන දෙතැන්හි ප්‍ර‍ත්‍යය අනීය වුවත් ධාතුව හා එක්වූ පසු “රකාර - හකාරාදින් කෙරෙන් පරවූ න - කාරයට ණ - කාර වේ.” යන නියමයෙන් ණ - කාරාදේශ වේ.

 

          B. ගමු (යාමෙහි) + තබ්බ = ගන්තබ්බ හෝ ගමිතබ්බ = යායුතු

          ගහ (ගැනීමෙහි) + තබ්බ + ගහෙතබ්බ හෝ ගණ්හිතබ්බ (= ගතයුතු)

 

          මෙහි පළමු උදාහරණයෙහි ධාත්‍වන්තය ලොප් කළ පසු ම් - කාරයට න් - කාරයක් වේ. දෙවෙනි තැන ධාතුවටත් ප්‍ර‍ත්‍යයටත් අතරෙහි ඉ - කාරාගමයක් වේ. මේ ඉකාරාගමය පචිතබ්බ, හරිතබ්බ ආදි අන්‍ය බොහෝ තැන්වල ද යෙදේ.


 

          ගහෙතබ්බ යන තැන ධාතු - ප්‍ර‍ත්‍යයන් අතරෙහි වූ ඉකාරාගමයට එකාරාදේශ වේ. ගණ්හිතබ්බ යන්න ආඛ්‍යාතයෙහි කී සේ විකරණය වූ ණා ප්‍ර‍ත්‍යය යෙදූ පසු (ගහ් + ණා + තබ්බ යින සිටි තැන) හ - කාර ණ - කාර පෙරැළිය වී ‘ගණ්හාතබ්බ’ යි සිටි විට ඉකාරාගමය වී ආකාරය ලොප්වීමෙන් සිද්ධයි.

 

          කත්තබ්බො කම්මන්තො (= කළ යුතු කර්‍මාන්තය)

          කත්තබ්බා පූජා (= කළ යුතු පූජාව)

          රක්ඛිතබ්බං සීලං (= රැක්ක යුතු ශීලය)

 

          ආදි වශයෙන් මේ පදයන් තුන් ලිඟුවෙහිත් අතීතාදි කාල තුනෙහිත් යෙදෙන බව සැලකිය යුතු.

 

          119. ඇතැම් ධාතූන් කෙරෙන් භාවාර්‍ථ - කර්‍මාර්‍ථයන්හි ණ්‍ය - ණිය යන ප්‍ර‍ත්‍යයෝ වෙති. මෙහි ණ් - කාරය වෘද්‍ධිය පිණිසයි.

 

          ධාතුවකින් ණ්‍ය - ප්‍ර‍ත්‍යය යෙදුණු විට ධාත්‍වන්තස්වරය හා ණ් - කාරය ලොප් වී ය - කාරය ධාත්‍වන්ත ව්‍යඤ්ජනය සමග බැඳුණු විට ඒ ය - කාර සහිත ව්‍යඤ්ජනය විකාරයට (වෙනස් ආකාරයකට) පැමිණේ.

 

          වෙනස් වන සැටි මෙසේයි.

 

          ද්‍ය     සංයෝගය          ජ්ජ - බවට පැමිණේ

          ම්‍ය     සංයෝගය          ම්ම - බවට පැමිණේ

          ජ්‍ය     සංයෝගය          ජ්ජ - බවට පැමිණේ

          ග්‍ය     සංයෝගය          ග්ග - බවට පැමිණේ

          ච්‍ය (හෝ ක්‍ය   ”           ච්ච - බවට පැමිණේ

 

          වද (කීමෙහි) + ණ්‍ය = වද්‍ය - වජ්ජ (= කියයුතු දෙය: දෝෂය) ගමු(අවබෝධයෙහි) + ණ්‍ය = ගම්‍ය - ගම්ම (= අවබෝධ කටයුතු)

 

          යුජ (යෙදීමෙහි) + ණ්‍ය = යොග්‍යං = යොග්ග (= යෙදිය යුතු)

          භුජ (අනුභවයෙහි) + ණ්‍ය = භොජ - භොජ්ජ හෝ භොග්ග

                                                 (= අනුභව කටයුතු)


          චච (කීමෙහි) + ණ්‍ය = වාච්‍ය - වාක්‍ය (= කියයුතු දෙය, වාක්‍යය)

 

          ඛාද (කෑමෙහි) + ණ්‍ය = ඛාද්‍ය - ඛජ්ජ (= කැවිලි, කෑයුතු දෙය)

 

          B. හකාරාන්ත ධාතූන් කෙරෙන් ණ්‍ය - ප්‍ර‍ත්‍යය වූ විට ප්‍ර‍ත්‍යයේ ය - කාරයත් ධාතුවේ හ - කාරයත් මාරුවෙති.

 

          ගහ + ණ්‍ය = ගහ්‍ය - ගය්හ (= ගතයුතු)

          ගරහ (ගර්හාවෙහි) + ණ්‍ය = ගාරහය = ගාරය්හ (= ගර්හා කටයුතු)

 

          ආ - ඉ - ඊ අන්ත වූ ධාතූන් කෙරෙන් පර වූ ණ්‍ය - ප්‍ර‍ත්‍යයට එය්‍ය - ආදේශ වේ.

 

          දා + එය්‍ය = දෙය්‍ය (= දිය යුතු)

          පා + එය්‍ය = පෙය්‍ය (= බිය යුතු)

          ජි + එය්‍ය = ජෙය්‍ය (= දිනිය යුතු)

          නී + එය්‍ය = නෙය්‍ය (=ගෙනයා යුතු හෝ අවබෝධ කළ යුතු)

          ඤා + එය්‍ය = ඤෙය්‍ය (= දත යුතු)

          කර + ණිය = කාරිය (= කළ යුතු, කෘත්‍යය)

          හර + ණිය = හාරිය (= ගෙන යා යුතු)

          මර + ණිය = මාරිය (= මැරිය යුතු.)

 

          120. ඉච්ච, තය්‍ය යන ප්‍ර‍ත්‍යයෝ ධාතූන් කීපදෙනෙකුන් කෙරෙන් පමණක් වෙති.

 

          කර + ඉච්ච - කිච්ච (= කටයුත්ත)

          මෙහි ධාත්‍වන්ත ර - කාරය ලොප් වේ.

          ඤා + තය්‍ය = ඤාතය්‍ය (= දත යුතු)

          පද (යාමෙහි) + තය්‍ය =පත්තය්‍ය (= පැමිණිය යුතු)

          ධාත්‍වන්තයට ත් - කාරාදේශ වේ.

          දිස + තය්‍ය = දට්ඨය්‍ය (= දැක්ක යුතු) ප්‍ර‍ත්‍යයේ තකාරය සමග දිස - හට දට්ඨාදේශ වේ.)


 

          121. මෙහි දැක්වූ කිච්ච ප්‍ර‍ත්‍යයන් කර්‍ම - භාවකාරකයන්හි පමණක් වන බැවින් ඒවායින් සිද්ධ වූ පදයන් සමග උක්ත කර්‍තෘ නොයෙදේ. ඒවා හා යෙදෙන කර්‍තෘපදය තතියාවෙන් සිටිය යුතුයි.

 

          “අම්හෙහි පුඤ්ඤං කාතබ්බං” (= අප විසින් පින කළ යුතු ය.) යි මිස “අම්හෙ පුඤ්ඤං කාතබ්බං” (අපි පින කළ යුතු ය) යි නොයෙදිය හැක. මතු අභ්‍යාසයෙහි පෙනෙන නිදර්ශනවලින් මෙය ප්‍ර‍කටව පෙනෙනවා ඇත.

 

          122. කිතක පදයන්ගේ විශේෂ පැවැත්මක් නම් ‘අම්හෙහි ඛෙත්තං කසිතබ්බං, සො ගාමං ගතො’ ආදී වශයෙන් අවසාන ක්‍රියාවක් නොගෙන සිටීමයි. වාක්‍යයක් සම්පූර්ණ වීමට ක්‍රියාවක් තිබිය යුතුම ය. කිතකය නාමයක් බැවින් මේ දැක්වූ වාක්‍ය දෙකෙහි ම ක්‍රියාවක් නැති හෙයන් වාක්‍යයෝ පරිපූර්ණ නො වෙති. එබැවින් මේවා සම්පූර්ණ කිරීම පිණිස ‘හොති’ යන ක්‍රියාපදය යෙදිය යුතුයි. එවිට

 

          අම්හෙහි ඛෙත්තං කසිතබ්බං හොති (= අප විසින් කෙත සී සෑ යුතු වේ.)

 

          සො ගාමං ගතො හොති (හෙතෙම ගමට ගියේ වේ.) යි සම්පූර්ණ වාක්‍ය ලැබෙත්. නමුත් අවසාන ක්‍රියාව නොයොදා කිතක පදයෙන් පමණක් යුක්තකළ වාක්‍ය පාලියේ නොයෙක් තැන දක්නා ලැබෙන බැවින් එසේ තැබීම භාෂා රීතියට විරුද්ධ නොවේ. එසේ සිටි විට ‘අප විසින් කෙත සී සෑ යුතු ය, හෙතෙම ගමට ගියේය, යි සිංහලෙන් ද අවසාන ක්‍රියාව නැතිව අර්‍ථ දිය හැක.)

 

          කත්තබ්බා පූජා (= කළ යුතු වූ පූජාව)

          පූජා කත්තබ්බා (= පූජාව කළ යුතු ය)

 

          යන දෙයාකාර පැවැත්මක් ද කිතක පදයන්ට ඇති බව සැලකිය යුතු.

 


අභ්‍යාසය 22

සිංහලට නඟා කිතක පද පෙන්විය යුතු.

 

          1. ඛජ්ජ - භොජ්ජ - ලෙය්‍ය - පෙය්‍ය වසෙන චතුබ්බිධා හොන්ති මනුස්සානං ආහාරා. 2. “සචෙ මෙ ගතට්ඨානෙ ධීතු දොසො උප්පජ්ජති, තුම්හෙහි සොධෙතබ්බො” (ධ. අ. විසාඛාවත්‍ථු.)

 

          3. “පතිකුලෙ වසන්තියා නාම අන්තො අග්ගි බහි න නීහරි තබ්බො, බහි අග්ගි අන්තො න පවෙසෙතබ්බො, දදන්තස්සෙ’ව දාතබ්බං, අදදන්තස්ස න දාතබ්බං, සුඛං භුඤ්ජිතබ්බං, සුඛං නිපජ්ජිතබ්බං” (එම)

 

          4. සුදස්සං වජ්ජං අඤ්ඤෙසං

             අත්තනො පන දුද්දසං” (ධම්මපද)

 

          5. “කාලස්සෙ’ව උට්ඨාය උපාහනා ඔමුඤ්චිත්‍වා..... දන්තකට්ඨං දාතබ්බං, මුඛොදකං දාතබ්බං, ආසනං පඤ්ඤාපෙතබ්බං” (විනය මහාවග්ග) 6. “සචෙ යාගු හොති, භාජනං ධොවිත්‍වා යාගු උපනෙතබ්බා, යාගුං පීතස්ස උදකං දත්‍වා භාජනං පටිග්ගහෙත්‍වා....... ධොවිත්‍වා පවිසාමෙතබ්බං.” (එම) 7. “උපජ්ඣායස්ස පච්ඡාසමණෙන හොතබ්බං, නාතිදූරෙ ගන්තබ්බං, පත්තපරියාපන්නං පටිග්ගහෙතබ්බං.” (එම) 8. “සචෙ උපජ්ඣායො ජන්තාඝරං පවිසිතුකාමො හොති, චුණ්ණං සන්නෙතබ්බං, මත්තිකා තෙමෙතබ්බා, චීවරං පටිග්ගහෙත්‍වා එකමන්තං නික්ඛිපිතබ්බං. (එම) 9. “නාහං තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතය්‍යං දට්ඨය්‍යං පත්තය්‍යන්ති වදාමි” (චතුක්කඞ්ගුත්තර)

 

          10. “පුඤ්ඤමාකඞ්ඛමානෙන

               දෙය්‍යං හොති විජානතා” (දෙවතාසංයුත්ත)

 

          11. තං සුත්‍වා ඉතරො “භාරියං වත මෙ සාහසිකං අනනුච්ඡවිකං කම්මං කත”න්ති බාහා පග්ගය්හ කන්‍දන්තො...... අහොසි. (ධම්මපදට්ඨ කථා) 12. මහාසමුද්දෙ අසංඛෙය්‍යා මච්ඡකච්ඡපා, අප්පමෙය්‍යො උදකරාසි, අගය්හානි බහූනි රතනානි ච සන්ති.


 

මෙහි අමුතු වචන

 

අගය්හ = නොගත හැකි. 3.           නීහරිතබ්බ = පිටත ගෙනයා යුතු.

අන්ත = කෙළවර. පු.                            3.

අනනුච්ඡවික = නුසුදුසු. 3.            පච්ඡාසමණ = පස්සෙන් යන

අප්පමෙය්‍ය = මැණිය නොහැකි. 3.               ශ්‍ර‍මණයා. පු.

අපෙය්‍ය = නොබිය හැකි              පඤ්ඤාපෙතබ්බ = පිළියෙළ

අසංඛෙය්‍ය = ගණන්ගත                         කළ යුතු. 3.

          නොහැකි. 3.                පටිසාමෙතබ්බ = තැන්පත්

ආකඞ්ඛමාන = කැමති වන,                      කළ යුතු. 3.

          බලාපොරොත්තු වන.3.     පතිකුල = ස්වාමිපුරුෂයාගේ

උපජ්ඣාය = අවවාද දෙන                       ගෙය. න.

ගුරුවරයා. පු.                         පත්තපරියාපන්න = පාත්‍රයෙහි වූ

උපනෙතබ්බ = ළඟට පැමිණ විය                දෙය. න.

          යුතු. 3.                     පවිසිතුකාම = ඇතුළුවෙනු

උපාහන = වහන්: සෙරෙප්පුව. පු.                කැමති. 3.

ගමන = යාම. න.                     පවෙසෙතබ්බ = ඇතුල්කට යුතු. 3.

චතුබ්බිධ = සතරාකාර, සිවු           පීත = බොන ලද. 3.

          වැදෑරුම්. 3.                භාරිය = බැරෑරුම. 3.

චුණ්ණ = (නෑමට ඕනෑ) කුඩු          භුඤ්ජිතබ්බා = අනුභව කළ යුතු. 3.

ජන්තාඝර = ගිනිහල් ගෙය. න.        මුඛොදක = මූණ සේදීමට දිය.

තෙමෙතබ්බ = තෙමිය යුතු. 3.                    න.

දන්තකට්ඨ = දැහැටි. න.               විජානන්ත = දන්නා වූ. 3.

දුද්දස = දැකීමට අපහසු. 3.            සනෙනබ්බ = අනා මිශ්‍ර‍කළ යුතු. 3.

දොස = වරද. පු.                      සාහසික = දරුණු, ඉක්මන් ගති

නාච්චාසන්න = ඉතා ළං නොවූ. 3.              ඇති. 3.

නික්ඛිපිතබ්බ = තැබිය යුතු. දැමිය      සුදස්ස = පහසුවෙන් දැක්ක හැකි.

          යුතු. 3.                                3.

නිපජ්ජිතබ්බ = නිදිය යුතු. 3.          සොධෙතබ්බ = ශුද්‍ධ කටයුතු,

නිසීදිතබ්බ = හින්ද යුතු. 3.                       පරීක්‍ෂා කළ යුතු. 3

                                      හොතබ්බ = විය යුතු. 3.


කිතක පද යුක්ත කොට පාලියට නැඟිය යුතු.

 

          1. අප විසින් දන් දිය යුතුයි, අකුසල් නොකටයුතුයි. මෛත්‍රිය වැඩිය යුතුයි. 2. දූ පුතුන් විසින් මවුපියෝ වැන්ද යුත්තාහු ද පෝෂණ කළ යුත්තෝ ද වෙති. 3. සර්‍වඥතෙමේ දෙව් මිනිස් ආදීන් විසින් සත්කාර කටයුත්තේ ගරු කටයුත්තේ බුහුමන් කළ යුත්තේ වෙයි. 4. දශ දිනකින් කළ යුතු වැඩය ඔහු විසින් සය දිනකින් කරන ලදි.

 

          5. ගර්හාකටයුතු වචන නොකිය යුතුයයි ගුරුවරුන් විසින් ශිෂ්‍යයන්ට අවවාද දිය යුතු ය. 6. ශිෂ්‍යයා විසින් ගුරුවරයාට සිහිල් පැන් උණු පැන් දිය යුතුය. ආසනය පැනවිය යුතු ය, පවන් සැලිය යුතු ය. 7. ඔහු වසන ගෙය ඇමදිය යුතු ය, කසළ ඉවත් කළ යුතු ය, ඇඳපුටු ශුද්ධ කළ යුත්තාහ. 8. දරුවන් විසින් මවුපියවරු ද සැමියන් විසින් අඹුදරුවෝ ද පෝෂණය කළ යුත්තාහ. 9. ගෘහපතියා විසින් දාසයන් ලවා ඔවුන්ගේ ශක්තියට අනුරූප ලෙස කර්‍මාන්ත කරවිය යුත්තාහ.

 

          10. ගොවියා විසින් පළමු කොට කුඹුර සී සෑ යුතු ය. ඉන්පසු වැපිරිය යුතු ය, ජලය පැමිණවිය යුතු ය. වැට බැන්ද යුතු ය, ගොයම් රැක්ක යුතුයි.

 

          11. ශ්‍ර‍ද්‍ධාවෙන් පැවිදිවූවන් විසින් ධර්‍මය ඉගෙනිය යුතු ය. වැඩි මහල්ලන්ට ගෞරව කළ යුතු ය. ධර්‍මය දේශනා කළ යුතු ය. ධර්‍මයට අනුව පිළිපැද්ද යුතු ය.

 

          12. විශාඛාවගේ පියා ඈ ස්වාමිකුලයට යවද්දී දෝෂයක් උපනහොත් එය ශුද්‍ධ කටයුතු යයි කියා කෙළෙඹියන් දස දෙනෙකුන් යැවී ය.

 

මෙහි අමුතු වචන :-

 

ඇමදිය යුතු = සම්මජ්ජිතබ්බ. 3.       ගරුකටයුතු = ගරුකාතබ්බ. 3.

ඉවත් කළ යුතු = නීහරිතබ්බ. 3.       ගොයම් = සස්ස. න.

කරවිය යුතු = කාරෙතබ්බ. 3.         දේශනා කළ යුතු = දෙසෙතබ්බ. 3.

කසළ = කචවර. පු.                   ධර්‍මයට අනුව = යථාධම්මං. ක්‍රි. වි.

කෙළෙඹියා = කුටුම්බික. පු.           පවන්සැලිය යුතු = වීජෙතබ්බ. 3.


 

පැමිණවිය යුතු = පාපෙතබ්බ. 3.      වැඩිය යුතු = වඩ්ඪෙතබ්බ. 3.

පිදිය යුතු = පූජෙතබ්බ. 3.             වැපිරිය යුතු = වපිතබ්බ. 3.

පිළිපැද්ද යුතු = පටිපජ්ජිතබ්බ. 3.      ශක්තියට අනුරූප ලෙස = යථා

පෝෂණය කළ යුතු = පොසෙ                    සත්ති. ක්‍රි. වි.

          තබ්බ. 3.                    සත්කාර කටයුතු = සක්කාරෙ

බැන්ද යුතු = බන්‍ධිතබ්බ. 3.                       තබ්බ. 3.

යවද්දී = පෙසෙන්තෙ.                 සිහිල් = සීතල. 3.

වැඩිමහලු = වුද්ධ. 3.                  හොත් = සචෙ. නි.

 

          123. මිශ්‍ර‍ ක්‍රියාපදයන් සෑදීම පිණිස සියලු ධාතූන් කෙරෙන් න්ත - මාන යන ප්‍ර‍ත්‍යයෝ යොදනු ලැබෙත්.

 

          ඒ ප්‍ර‍ත්‍යයන් පර වූ කල්හි ඇතැම් ධාතූහු ස්වරූපය වෙනස් කරති: හේ මෙසේ යි:-

 

          ගමු (යාමෙහි) ධාතුව        ගච්ඡ - බවට පැමිණේ

          ඉසු (කැමැත්තෙහි)          ඉච්ඡ - බවට පැමිණේ

          දිස (දැක්මෙහි)              පස්ස, දක්ඛ - බවට පැමිණේ

          පා (බීමෙහි)                පීබ, පිව - බවට පැමිණේ

          ඨා (සිටීමෙහි)               තිට්ඨ - බවට පැමිණේ

          දා (දීමෙහි                   දද - බවට පැමිණේ

          ඤා (දැනීමෙහි)               ජාන - බවට පැමිණේ

          කර (කිරීමෙහි)              කුරු, කුබ්බ - බවට පැමිණේ

 

ගච්ඡ + න්ත = ගච්ඡන්ත (යන, යමින්)

ඉච්ඡ + න්ත = ඉච්ඡන්ත (කැමැතිවෙන)

පස්ස + න්ත = පස්සන්ත (දකින: දකිමින්)       

දිස්ස + මාන = දිස්සමාන (දක්නා ලැබෙන: පෙනෙමින්)

තිට්ඨ + මාන = තිට්ඨමාන (සිටින: සිටිමින්)

දද + මාන = දදමාන (දෙන, දෙමින්)

ජාන + න්ත = ජානන්ත (දන්නා වූ.)


කුරු + මාන = කුරුමාන (කරන, කරමින්)

 

          (න්ත - ප්‍ර‍ත්‍යය පර කල්හි කර - ධාතුව තම රූපය වෙනස් නොකරයි, නමුත් තමාගේ ගණයට අයත් ඔ - විකරණය ගනියි.)

          කර + ඔ + න්ත + කරොන්ත (කරන; කරමින්)

          භූ - ධාතුව න්ත - මාන දෙක ම පර කල්හි අ - විකරණය ගෙන භව - යන රූපයෙන් සිටියි.

 


          භු + අ + මාන = භවමාන

          භු + අ + න්ත = භවන්ත

 

          උඩින් දැක් වූ සියලු උදාහරණයන්ට මාන - න්ත දෙකින් ම යුත් පද ඇති බව සැලකිය යුතු. මෙකී ප්‍ර‍ත්‍යය දෙක වර්‍තමාන කාලයෙහි වෙති. ඉංග්‍රීසියෙහි Present Participle මේවා නමින් හැඳින්වෙති.

 

          124. අතීතයෙහි සිදුවූවක් ප්‍ර‍කාශ කිරීම පිණිස ධාතූන් කෙරෙන් ත, තවන්තු, තාවී යන ප්‍ර‍ත්‍යයෝ වෙති.

 

          A. බොහෝ තැන්වලදී මේ ප්‍ර‍ත්‍යයන් ඉදිරියෙන් වූ ධාතූන්ගේ අන්ත ව්‍යඤ්ජනය ලොප් වේ. ප්‍ර‍ත්‍යයන්හි ත් - කාරය ද්විත්‍ව බවට පැමිණේ.

 

          භුජ (අනුභවයෙහි) + ත = භුත්ත

          භුජ + තාවී = භුත්තාවී

          භුජ + තවන්තු = භුත්තවන්තු

 

          තවන්තු - තාවී - ප්‍ර‍ත්‍යයන් බහුලව නොයෙදෙන බැවින් ත - ප්‍ර‍ත්‍යය පමණක් යොදා මින් මත්තෙහි උදාහරණ දක්වනු ලැබේ.

 

          මුච (මිදීමෙහි) + ත = මුත්ත (මිදුණු: නිදහස් වූ)

          තප (රත්වීමෙහි) + ත = තත්ත (රත්වූ: උණුසුම් වූ)

          පද (යාමෙහි) + ත = පත්ත (පැමිණි)

          මද (මත්වීමෙහි) + ත = මත්ත (මත්වූ: උඩඟු වූ)

          යුජ (යෙදීමෙහි) + ත = යුත්ත (යෙදුණු, යෝග්‍ය, යොදන ලද)

          සුප (නිදීමෙහි) + ත = සුත්ත (නිදාගත්)


         

          B. ඇතැම් තැනක ප්‍ර‍ත්‍යයන්හි ත් - කාරය ද්විත්‍ව නොවේ. ධාත්‍වන්ත ව්‍යඤ්ජනය පමණක් ලොප් වේ.

 

          කර + ත = කත (කළ: කරන ලද)

          මර (මැරීමෙහි) + ත = මත (මළා වූ)

          හන (නැසීමෙහි) + ත = හත (නසන ලද)

          ගමු (යාමෙහි) + ත = ගත (ගිය)

          රමු (සිත් ඇලවීමෙහි) + ත = රත (ඇලුණු)

 

          C. ඇතැම් විට ත - ප්‍ර‍ත්‍යය ධාත්‍වන්ත - ව්‍යඤ්ජනය සමග විකාරයට (වෙනස් අකුරක් බවට) පැමිණේ. (ධාත්‍වන්ත ස්වරය සුඛොච්චාරණය පිණිසයි.)

 

          1. ස් + ත = ට්ඨ  බවට පැමිණේ :-

 

          දස (ඩැසීමෙහි) + ත = දට්ඨ (ඩසින ලද)

          කස (සෑමෙහි) + ත = කට්ඨ (සීසාන ලද)

          හස (සිනාවෙහි) + ත = හට්ඨ (ප්‍රීතිමත් වූ)

          රුස (කෝප වීමෙහි) + ත = රුට්ඨ (කෝප වූ)

          ඝුස (ශබ්ද නැගීමෙහි) + ත = ඝුට්ඨ (ඝෝෂණය කළ)

          ආ + කුස (අක්‍රෝශයෙහි) + ත = අක්කුට්ඨ (ආක්‍රෝශ ලැබූ.)

 

          2. ම් + ත = න්ත බවට පැමිණේ :-

 

          ඛමු (ඉවසීමෙහි) = ඛන්ත (ඉවසූ)

          සමු (සංසිඳවීමෙහි) + ත = සන්ත (සංසිඳුණු)

          භමු (කැරකීමෙහි) + ත = භන්ත (භ්‍ර‍මණය වූ)

          දමු (දමනයෙහි) + ත = දන්ත (දැමුණු, දමනය කළ)

          ප + කමු (යාමෙහි) + ක = පක්කන්ත (ගිය)

 

          3. ධ් + ත = ද්ධ බවට පැමිණේ :-

 

          බුධ (අවබෝධ කිරීමෙහි) + ත = බුද්ධ (අවබෝධ කළ: දන්නා අය)

          රුධ (අවහිර කිරීමෙහි) + ත = රුද්ධ (අවහිර කරනු ලැබූ.)


          4. භ් + ත = ද්ධ බවට පැමිණේ :-

 

          ලභ (ලැබීමෙහි) + ත = ලද්‍ධ (ලැබූ: ලැබුණු)

          ලුභ (මසුරුවීමෙහි) + ත = ලුද්‍ධ (ලොහොබි වූ)

 

          5. ජ් + ත = ග්ග බවට පැමිණේ :-

 

          භුජ (බිඳීමෙහි) + ත = භග්ග (බිඳුණු: බිඳින ලද)

          සං + විජ (කලකිරීමෙහි) + ත = සංවිග්ග (සංවේගයට පත්                                                       කලකිරීමට පත්.)

 

7. අන්‍යාකාර වූ ඇතැම් පෙරැළි ද වෙති :-

 

          දුභ (දොවීමෙහි) + ත = දුද්ධ (දොවින ලද)

          රුහ (නැගීමෙහි) + ත = රූළ්හ (නැගි, නැංගාවූ, වැඩුණු)

          මජ්ජ (මැදීමෙහි) + ත = මට්ඨ (මට්ටම් වූ)

          පච (පිසීමෙහි) + ත = පක්ක (පැසුණු: පිසූ)

          වස (විසීමෙහි) + ත = වුත්‍ථ (විසූ: වාසය කළ)

 

          D. ඇතැම් විට ත - ප්‍ර‍ත්‍යය වෙනස් නොවී සිට ධාතුව අන්‍යාකාරයකට පමුණුවයි.

 

          ජන (ඉපදවීමෙහි) + ත = ජාත (උපන්, හටගත්)

          පා (බීමෙහි) + ත = පීත (පානය කළ)

          ඨා (සිටීමෙහි) + ත = ඨිත (සිටි, නැවතුණු)

          මා (මැණීමෙහි) + ත = මිත (මණිනලද)

 

          E. එක් ස්වරයක් හෝ ධාතූන් කෙරෙන් ත - ප්‍ර‍ත්‍යය වූ විට එය හෝ ධාතුව හෝ වෙනසට නො පැමිණේ.

          භූ (වීමෙහි) + ත = භූත (වූ: සිදු වූ)

          නී (පැමිණවීමෙහි) + ත = නීත (ගෙනගිය)

          භී (භය වීමෙහි) + ත = භීත (බියපත්)

          ඤා (දැනීමෙිහ) + ත = ඤාත (දත්, දන්නා ලද)

          යා (ගමනෙහි) + ත = යාත (ගිය)


 

          ජි (ජය ගැන්මෙහි) + ත = ජිත (දිනූ)

          චි (රැස් කිරීමෙහි) + ත = චිත (රැස් කළ)

          න්හා (නෑමෙහි) + ත = න්හාත (නෑ, ස්නානය කළ)

          නහා + න්හා දෙකම පාළියෙහි තිබේ.

 

          F. ධාතුවටත් ත - ප්‍ර‍ත්‍යයටත් අතරෙහි ඉ - කාරයක් යෙදීමෙන් සිදුවන අතීත  කිතක පද සුලභ වෙත්.

 

          පච + ඉ + ත = පචිත (පිසූ)

          ගහ + ඉ + ත = ගහිත (ගත්, ගන්නා ලද)

          ඛාද + ඉ + ඛාදිත (කෑ, අනුභව කළ)

          මණ්ඩ + ඉ + ත = මණ්ඩිත (සැරසූ)

          කථ + ඉ + ත = කථිත (කී, කියන ලද)

          ලිඛ + ඉ + ත = ලිඛිත (ලියූ)

 

          125. අතීතාර්‍ථයෙහි ඇතැම් ධාතූන් කෙරෙන් න ප්‍ර‍ත්‍යය වේ. ඇතැම් තැනකදී ඒ ප්‍ර‍ත්‍යයේ න් - කාරයට ද්විත්ව වී ධාත්‍වන්ත ව්‍යඤ්ජනය ලොප් වේ. ඇතැම් තැනකදී ධාතුවටත් ප්‍ර‍ත්‍යයටත් අතරෙහි ඉ - කාරයක් හෝ ඊ - කාරයක් ආගම වේ. ධාන්‍වන්ත ව්‍යඤ්ජනය ර යන්න වී නම් ප්‍ර‍ත්‍යයේ න් - කාරය ණ් වේ.

 

          ඡිද (කැපීමෙහි) + න = ඡින්න (කැපූ: කැපුණු)

          ඡද (වැසීමෙහි) + න = ඡන්න (වැසූ, වැසුණු)

          භිද (බිඳීමෙහි) + න = භින්න (බිඳුණු, බිඳින ලද)

          නි + සද (හිඳීමෙහි) + ඉ + න = නිසින්න (හුන්)

          තර (එතර කිරීමෙහි) + ඉ + න = තිණ්ණ (එතර වූ)

          පුර (පිරීමෙහි) + න = පුණ්ණ (පිරුණු)

          ජර (දිරීමෙහි) + ඉ + න = ජිණ්ණ (දිරුණු, දිරාගිය)

          දා (දීමෙහි) + ඉ + න = දින්න (දන් දෙන ලද)

          ඛී (ගෙවීයාමෙහි) + ඊ + න = ඛීණ (ගෙවුණු‍් ක්‍ෂය වූ)

          දී (බැගෑබවෙහි) + න = දීන (බැගෑපත්)

          ලූ (සිඳීමෙහි) + න = ලූන (කැපූ)

          පන + හා (දුරුකිරීමෙහි) + ඊ + න = පහීන (දුරු වූ, දුරු කළ)

          ආස (හිඳීමෙහි) + ඊ + න = ආසීන (හුන්)


          126. ඇතැම් ධාතූන්ගෙන් දෙවිධියක අතීත කිතක පද සෑදෙති.

 

          ධාතුව

          පච -  පචිත, පක්ක (පිසූ, පැසුණු)

          හර - හරිත, හට (ගෙනගිය)

          වස - වුසිත, වුත්‍ථ (විසූ)

          ඤා - ජානීත, ඤාත (දන්නා ලද)

          ලග - ලගිත, ලග්ග (ඇලුණු)

          කස - කසිත, කට්ඨ (හාන ලද)

          තප - තාපිත, තත්ත (රත් වූ, රත් කළ)

          පුස - පොසිත, පුට්ඨ (පෝෂණය කරන ලද)

          ඡිද - ඡින්‍දිත, ඡින්න (කැපූ, කැපුණු)

          දුස - දූසිත, දුට්ඨ (දූෂිත වූ, නරක් වූ)

          රුස - රොසිත, රුට්ඨ (කෝප වූ)

          ගුප - ගොපිත, ගුත්ත (රක්නා ලද)

 

අභ්‍යාසය 23

සිංහලට නැඟිය යුතු.

 

          1. “සුමෙධතාපසො ඉද්ධිමාති ජානන්තා උදකභින්නොකාසං සල්ලක්ඛෙත්‍වා ‘ත්‍වං ඉමං ඨානං අලංකරොහී’ති වත්‍වා අදංසු” (ජාතක නිදාන) 2. ‘එවං නිසින්නෙ බොධිසත්තෙ සකල - දස සහස්ස - චක්කවාළෙ දෙවතා සන්නිපතිත්‍වා..... බොධිසත්තං නානාප්පකාරාහි ථුතීහි අභිත්‍ථුතිංසු.” (එම) 3. යථා පන අඤ්ඤෙ සත්තා මාතුකුච්ඡිතො නික්ඛඹන්තා පටික්කූලෙන අසුචිනා මක්ඛිතා නික්ඛමන්ති, න එවං බොධි සත්තො” (එම) 4. “අපරම්පන එකදිවසං උය්‍යානං ගච්ඡන්තො තථෙ’ව දෙවතාහි නිම්මිතං සුනිවත්‍ථං සුපාරුතං පබ්බජිතං දිස්වා ‘කො නාමෙ’සො සම්මා’ති සාරථිං පුච්ඡි.” (එම) 5. “අයං බුද්‍ධත්තාය අභිනීහාරං කත්‍වා නිපන්නො. සමිජ්ඣිස්සති ඉමස්ස පත්‍ථනා ඉතො කප්ප - සතසහස්සාධිකානං චතුන්නං අසංඛෙය්‍යානං මත්‍ථකෙ.” (එම)


 

          6.  “කිමේම එකෙන තිණ්ණෙන

              පුරිසෙන ථාමදස්සිනා?” (බුද්‍ධවංස)

 

          7.  “දස්සනං මෙ අතික්කන්තෙ සසංඝෙ ලොකනායකෙ

              හට්ඨො හට්ඨෙන චිත්තෙන ආසනා වුට්ඨහිං තදා” (එම)

 

          8.  “උබ්බිග්ගා තසිතා භීතා භන්තා ව්‍යථිත - මානසා

              මහාජනා සමාගම්ම දීපංකරමුපාගමුං.” (එම)

 

          9. “තත්‍ථ දෙවමනුස්සා ගන්‍ධමාලාදීහි පූජයමානා මහාපුරිස, ඉධ තුම්හෙහි සදිසො නත්‍ථි. කුතෙ’ත්‍ථ උත්තරිතරො? ති ආහංසු.” (ජාතක නිදාන)

 

          10. “ආදිත්තස්මිං අගාරස්මිං යං නීහරති භාජනං

              තං තස්ස හොති අත්‍ථාය නොව යං තත්‍ථ ඩය්හති.”

(දෙවතාසංයුත්ත)

 

මෙහි අමුතු වචන

 

අත්‍ථාය = ප්‍රයෝජය පිණිස            මක්ඛිත = ගෑවුණු, තැවරුණු. 3.

          (අත්‍ථ-ශබ්ද)                 මත්‍ථකෙ = මත්තෙහි (මත්‍ථක

අභිත්‍ථුති = ස්තුති කෙළේ ය.                      ශබ්ද). පු.

අභිනීහාර = ප්‍රාර්ථනාව. පු.           ලොකනායක = ලෝකාධිපති

අසුචි = අපිරිසිදුදෙය. පු. අපවිත්‍ර‍                 (බුදුරද). පු.

          වූ. 3                        ව්‍යථිත = කම්පිත. වූ,

ආදිත්ත = දැල්වුණු, ගිනිගත්. 3.                    ව්‍යසනයට පත්. 3.

උත්තරීතර = වඩා ශ්‍රේෂ්ඨ. 3.          සදිස = සමාන වූ. 3.

උබ්බිග්ග = කලබලයට පත්. 3.        සමාගම්ම = එකතුව.  පූ. ක්‍රි.

ඔකාස = අවකාශය, ස්ථානය. පු.      සසඞ්ඝ = සංඝයා සහිත. 3.

තසිත = තැතිගත්. 3.                  සමිජ්ඣති = සමෘද්‍ධ වේ.

ථාමදස්සී = ශක්තියදකින්නා. පු.       සල්ලක්ඛෙත්‍වා = සලකා. පූ. ක්‍රි.

ථුති = ස්තුතිය. ඉ.                     සුනිවත්‍ථ = මනා සේ හැඳි. 3.

නිපන්න = හොත්, ලැගසිටි. 3.        සුපාරුත = මනාසේ

පටික්කුල = පිළිකුල් කටයුතු. 3.                   පොරවාගත්. 3.


කිතක පද සහිත කොට පාලියට නැඟිය යුතු:-

 

          1. කුඹලා විසින් සාදන ලද මැටිබඳුන් දුවන ගොනකු විසින් බිඳින ලදහ. 2. සංසිඳුණු සිතැති ක්‍ෂීණාශ්‍ර‍වයන්ට දුන් දානය මහත් ඵල ඇත්තේ වේ. 3. සංසාර සාගරයෙන් ගොඩ නැඟුණු තථාගතයන් වහන්සේ අන්‍යයන්ට ද එයින් ගොඩ නැගීම සඳහා ධර්ම දේශනා කළහ. 4. ගිනිගත් ගේකින් පිටතට ගත් දෙය පසුව මනුෂ්‍යයන්ට ප්‍රයෝජනය පිණිස පවතී. 5. යස කුල පුත්‍ර‍යාගේ මව ඔහුගේ මන්දිරයට ගියා ඔහු නොදක්නී පියා වෙත ගොස් “ඔබගේ පුතා නොදක්නා ලැබේ” යයි කී ය. 6. විශාඛාව කථාකරන කල්හි බමුණෝ ඇගේ දන්ත කල්‍යාණය බලමින් සිට කථාව නිමවූ කල්හි ඔවුන් ගෙනා රන්දම ඇයට පැළැන්දූහ. 7. භූමිකම්පාවෙන් පීඩිත වූ ප්‍රදේශය වැටුණු ගස්වලින් ද බිඳුණු ගෙවලින් ද මැරුණු මිනිසුන්ගෙන් ද යුක්ත විය. 8. “මෙතැන හිඳිමින් මෙතැන ම හුන් මාගේ පුත්‍ර‍යා දැක්ක හැක” යි සිතමින් සතුටු වූ සිටුතෙමේ බුදුන් සමීපයෙහි වාඩි විය. 9. විහාරදොරටුවෙන් නික්මුණු බුදුරද පුර වැසියන් විසින් වඳින ලද්දේ පුදන ලද්දේ බුහුමන් කරන ලද්දේ සැරසූ නුවරට ශාන්ත ගමනින් ඇතුළුවිය. 10. එදා එනුවර එසවූ ධ්වජවලින් ද රැස් වූ මනාසේ හැඳි මිනිසුන්ගෙන් ද යුක්ත විය.

 

එල්ලූ = ඔලිම්බිත. 3.                  දන්තකල්‍යාණය = දන්ත

එසවූ = උස්සාපිත. 3.                            කල්‍යාණ. න.

කථාකරන = කථෙන්ත. 3.            පිටතට ගත් - නීහට. 3

ගෙනා = ආනීත, ආහට. 3             භූමිකම්පාව = භූමිචාල. පු.

ගොඩනැගුණු = උත්තිණ්ණ. 3.        මණ්ඩපය = මණ්ඩප. පු.

ගොඩනැගීම පිණිස =                 මන්දිරය = පාසාද. පු.

උත්තාරණය                          මැටිබඳුන = මත්තිකාභාජන. න.

 

කාල තුනෙහි ම යෙදෙන කර්‍තෘ කාරකයෙහි

සිදුවන කිත් ප්‍ර‍ත්‍යයෝ

 

          127. කර්‍මපදයක් මුලින් ඇති කල්හි සකර්‍මක ධාතූන් කෙරෙන් ණ - ප්‍ර‍ත්‍යය වේ. (ණ් - කාරය වෘද්ධි පිණිසයි.)


 

          කුම්භං + කර + ණ = කුම්භකාර (වළන් සාදන්නා.)

          රථං + කර + ණ = රථකාර (වඩුවා, රථ සාදන්නා)

          පත්තං + ගහ + ණ = පත්තගාහ (පාත්‍ර‍ය ගන්නා)

          සුඛං + කමු + ණ = සුඛකාම (සැප කැමති.)

          තන්තං + වෙ + ණ + තන්තවාය (රෙදි වියන්නා)

 

          A.ආකාරාන්ත ධාතුවක් කෙරෙන් ණ - ප්‍ර‍ත්‍යය වූ විට මධ්‍යයෙහි ය් - කාරාගමයක් වේ.

 

          දානං + දා + ණ = දානදාය (දන් දෙන්නා)

          ධඤ්ඤං + මා + ණ = ධඤ්ඤමාන (ධාන්‍ය මනින්නා)

 

          B. ඇතැම් භාවාර්ථවාචී ශබ්ද ද මේ ණ - ප්‍ර‍ත්‍යයෙන් සිද්‍ධ වෙති.

 

          පච + ණ = පාක (පිසීම)

          ගහ + ණ = ගාහ (ගැනීම)

          චජ + ණ = චාග (පරිත්‍යාගය, අත්හැරීම)

          හර + ණ = හාර (ගෙනයාම)

 

          128. කර්‍මපදයක් මුලින් ඇති විට ඇතැම් ධාතූන් කෙරෙන් අ - අක - අන - ආවි - තු යන ප්‍ර‍ත්‍යයෝ වෙති.

 

(1) අ ප්‍ර‍ත්‍යය

 

          ධම්මං + ධර + අ = ධම්මධර (ධර්‍මය දරන)

          හිතං + කර + අ = හිතකර (හිතවත් දේ කරන)

          දිනං + කර + අ = දිනකර (හිරු, දවස කරන)

          ධනුං + ගහ + අ = ධනුග්ගහ (දුනුවායා.)

          සබ්බං + දා + අ = සබ්බද, සබ්බද්ද (සියල්ල දෙන)

          මජ්ජං + පා + අ = මජ්ජප්ප (මත්පැන් බොන)

 

          කර්‍මපදයක් නොව සත්තමියෙන් යුත් පදයක් මුලින් සිටි විට ද අ - ප්‍ර‍ත්‍යය වන බව පෙනේ :-


          වනෙ + චර + අ = වනචර (වනයෙහි හැසිරෙන)

          ථලෙ + ඨා + අ = ථලට්ඨ (ගොඩසිටි හෝ පිහිටි)

          ජලෙ + ඨා + අ = ජලට්ඨ (දියෙහි වූ)

          සිරස්මිං + රුහ + අ = සිරොරුහ (හිසකෙස්)

         

          (2) අක - ප්‍ර‍ත්‍යය පර විට ඇතැම් තැන වෘද්‍ධිය වේ :-

          දා + අක = දායක (දෙන්නා, දෙන)

          නී + අක = නායක (නායකයා, ප්‍ර‍ධානියා)

          කර + අක = කාරක (කරන්නා)

          සු + අක = සාවක (අසන්නා, ශ්‍රාවකයා)

          පු + අක = පාවක (ශුද්‍ධ කරන්නා, ගින්න)

          ගහ + අක = ගාහක (ගන්නා.)

          පාල + අක = පාලක (රකින්නා)

          යාච + අක = යාචක (සිඟන්නා)

 

          (3) අන - ප්‍ර‍ත්‍යයෙන් භාවාර්‍ථ පද පමණක් සෑදෙති.

          ගහ + අන = ගහන (ගැනීම, ගැන්ම)

          භුජ + අන = භොජන (අහාරය, අනුභව කිරීෟම)

          සු + අන = සවණ (ඇසීම)

          භු + අන = භවන (වීම)

          පච + අන = පවන (පිසීම

 

          (4) ආවී - ප්‍ර‍ත්‍යයෙන් සිදුවන පද බොහෝ නොවෙති.

          භයං + දිස + ආවී = භයදස්සාවී (භය දකින්නා)

 

(5) තු - ප්‍ර‍ත්‍යය

 

          A. මෙය පර වූ විට ධාත්‍වන්ත ව්‍යඤ්ජනය ඇතැම් විට ත් - බවට පැමිණේ.

 

          කර + තු = කත්තු (කරන්නා, කර්‍තෘ)

          හර + තු = හත්තු (ගෙන යන්නා)

          භර + තු = භත්තු (පෝෂකයා, ස්වාමියා)


 

          ගමු + තු = ගන්තු (යන්නා)

          වද + තු = වන්තු (කියන්නා)

          මන + තු = මන්තු (හඟින්නා)

          දා + තු = දාතු (දෙන්නා)

          ඤා + තු = ඤාතු (දන්නා)

 

          (ඇතැම් විට යයි කී බැවින් ගන්තු මන්තු දෙතැන්හි ධාත්‍වන්තයට ත් - නොවේ.)

 

          B. ඇතැම් විට ධාතුවේ මුල් ස්වරයට වෘද්‍ධි වේ :-

 

          ඡිද + තු = ඡෙත්තු (කපන්නා)

          ජි + තු = ජෙතු (දිනන්නා)

          සු + තු = සොතු (අසන්නා)

 

          ක්‍රියාමූලයන් *කෙරෙන් ද තු ප්‍රත්‍යය යෙදේ.

 

          පාලෙ + තු = පාලෙතු (රකින්නා)

          පාලය + ඉ + තු = පාලයිතු (රකින්නා)

          කාරෙ + තු = කාරෙතු (කරවන්නා)

          හාරෙ + තු = හාරෙතු (ගෙනයන්ට සලස්වන්නා)

          මාරෙ + තු = මාරෙතු (මරන්නා)

         

          129. ඇතැම් ධාතූන් කෙරෙන් කර්‍තෘ අර්ථයෙහි ණි-ප්‍ර‍ත්‍යය වේ.

 

          ඡත්තං + ගහ + ණී = ඡත්තගාහී (කුඩය අල්වන්නා)

          පාපං + කර + ණී = පාපකාරී (පව් කරන්නා)

          ඛීරං + පා + ණී = ඛීරපායී (කිරි බොන්නා)

          ධම්ම + වද + ණී = ධම්මවාදී (ධර්‍මය කියන්නා)

          සීඝං + යා + නී = සීඝයායී (ඉක්මනින් යන්නා.)

          අන්නං + දා + ණී + අන්නදායී (ආහාර දෙන්නා)


          130. අන්‍ය නාමයකින් පර වූ ඇතැම් ධාතූන් කෙරෙන් ර - ප්‍ර‍ත්‍යය වේ. එහි ර් - කාරය ධාත්‍වන්ත ව්‍යඤ්ජනය සමග විනාශයට පැමිණේ.

          භුජ + ගමු + ර = භුජග (සර්පයා) “භුජෙන ගච්ඡති” = කඳෙන් යයි යන අර්ථයෙහියි.

 

          කුඤ්ජ + රමු + ර = කුඤ්ජර (ඇතා) “කුඤ්ජෙ රමති” = පඳුරෙහි ඇලේ යන අර්ථයෙහියි.

 

          කම්ම + ජන + ර = කම්මජ (කර්‍මයෙන් හටගත්) “කම්මෙන ජාතො” යන අර්ථයෙහියි.

 

          පඞ්ක + ජන + ර = පඞ්කජ (පියුම) පඞ්කෙ ජාතො” මඩෙහි උපන්නේ යන අර්ථයෙහියි.

 

          ථල + ජන + ර = ථලජ (ගොඩ හටගත්) “ථලෙ ජාතො” යන අර්ථයෙහියි.

 

          අණ්ඩ + ජන + ර = අණ්ඩජ (පක්‍ෂියා හෝ සර්පයා) “අණ්ඩතො ජාතො” බිජුවටින් හටගත්තේ යන අර්ථයෙහියි.

 

අභ්‍යාසය 24

සිංහලට නඟා කිතක පද පෙන්විය යුතුයි.

 

          දිනකරෙ අත්‍ථං ගච්ඡන්තෙ නිසාකරෙ ච උදෙන්තෙ රට්ඨස්ස පාලකො, බුද්ධස්ස සාවකො, මහාරාජා, යාචකානං මහාදානං අදාසි.

 

          2. “ගොපුරට්ඨා තු දමිළා ඛිපිංසු විවිධායුධෙ

              පක්කං අයොගුළං චෙව, කඨිතං ච සිලෙසිකං” (මහාවංස)

 

          3. “මිගෙ අන්තො පවිට්ඨෙ ච ද්වාරං පිදහිංසු: මිගො මනුස්සෙ දිස්වා කම්පමානො මරණභයභීතො අන්තො - නිවෙසනඞ්ගණෙ ආධාවති, පරිධාවති. (වාතමිග ජාතක 14)

 

          4. “තෙ ජලට්ඨෙ ථලට්ඨෙ ච භුජගෙ’සීති කොටියො

              සරණෙසු ච සීලෙසු පතිට්ඨාපෙසි නායකො.” (මහාවංස)

 

          5. “යාදිසං වපතෙ බීජං, තාදිසං හරතෙ ඵලං

              කල්‍යාණකාරී කල්‍යාණං, පාපකාරී ච පාපකං”

 

          6. “අන්නදො බලදො හොති වත්‍ථදො හොති වණ්ණදො

              යානදො සුඛදො හොති, දීපදො හොති චක්ඛුදො

              සො ච සබ්බදදො හොති යො දදාති උපස්සයං.”

 

          7. “ආරාමරොපා වනරොපා යෙ ජනා සෙතුකාරකා

              ධම්මට්ඨා සීලසම්පන්නා තෙ ජනා සග්ගගාමිනො.”

(දෙවතා සංයුත්ත)

 

          8. “සඞ්ගාමමජ්ඣෙ ආකාසෙ නිසින්නො තත්‍ථ නායකො

              තමං තමොනුදො තෙසං නාගානං භිංසනං අකා.”

(මහාවංස)

          9. A.“උය්‍යානපාලො තස්ස මධුමක්ඛිත - තිණෙසු පලුද්ධ භාවං ඤත්‍වා අනුක්කමෙන අත්තානං දස්සෙසි.” (වාතමිග ජාතක)

 

          B. වනචාරී පුරෙ ආසිං, සත්තං වනකම්මිකො.” (419 වෙනි අපදානය)

 

          10. “අතීතෙ ඛාරාණසියං බ්‍ර‍හ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො කාසිගාමකෙ කුම්භකාරකුලෙ නිබ්බත්තිත්‍වා කුම්භ කාරකම්මං කත්‍වා පුත්තදාරං පොසෙසි.” (178 වෙනි ජාතකය)

 

මෙහි අමුතු වචන

අත්‍ථ = විනාසය, බැසීම. පු.           කඨිත = ඉතා රත් වූ. 3.

අන්තො නිවෙසනඞ්ගණ = ගෙය      කල්‍යාණකාරී = යහපත කරන්නා.

          ඇතුළේ මිදුල. න.                      පු.

අයොගුළ = යකඩගුළිය. පු.            ගොපුරට්ඨ = දොර කොටුවෙහි

ආධාවති = එහා මෙහා දුවයි.                     සිටි. 3.

ආරාම = (මල් හෝ පලතුරු) වත්ත    දාර = භාර්‍ය්‍යාව. පු.

          පු.                          දිපද = පහන් දෙන. 3.

ආසිං = වීමි.                          ධම්මට්ඨ = ධර්‍මයෙහි පිහිටි. 3.

උපස්සය = ගෙය. පු.                  නිසාකාර = චන්ද්‍ර‍යා. පු.


 

පක්ක = රත්කළ. 3.                   වණ්ණද = ශරීර වර්‍ණය දෙන. 3.

පතිට්ඨාපෙති = පිහිටුවයි.             වනකම්මික = වනයෙහි වැඩ

පරිධාවති = හාත්පස දුවයි                       කරන්නා. පු.

පලුද්ධභාව = ඉතා ඇලුණුබව.         වපතෙ = වපුරයි.

          පු.                          සඞ්ගාම = යුද්ධය. පු.

පවිට්ඨ = ඇතුළු වූ. 3.                 සග්ගගාමී = ස්වර්‍ගයට යන්නා. පු.

බලද = බලය දෙන. 3.                සිලෙසිකා = ලාටු. ඉ.

භිංසන = බය උපදවන. 3             සම්පන්න = යුත්. 3.

යානද = වාහන දෙන. 3.              සෙතුකාරක = පාලම් සාදවන්නා. පු.

රොප = වවන්නා. පු.                 හරතෙ = ගෙනයයි.

 

 

කිතකපද යුක්ත කොට පාලියට නැඟිය යුතු.

 

          1. මණිඅක්ඛික නාරජුගේ අයැදීම නිසා කැලණියට පැමිණි තථාගතයන් වහන්සේ නාගයයන් දුන් මිණි පලඟෙහි වැඩ හුන්හ. 2. එහිදී නාගයෝ දිව්‍යමය ආහාර පානයෙන් පිරිස් සහිත සම්බුද්ධයන් වහන්සේ වැළඳවූහ. 3. ආහාර දෙන්නා ආයුෂ දෙන්නෙක් ද වර්ණය දෙන්නෙක් ද සැපය දෙන්නෙක් ද වේ. 4. ගොවියා යම් බීජ වර්‍ගයක් වපුරා නම් ඊට සමාන ඵල වර්ගයක්ම ලබයි. එමෙන් කුසල් කරන්නා යහපත් විපාක ද අකුසල් කරන්නා අයහපත් විපාකද ලබයි.

 

          5. “දුටුගැමුණු රජතුමා එක්සිය විසිරියන් උසැති මහ දාගැබක් කරවන්නේය”යි දෙවානම්පියතිස්ස රජතුමා විසින් ශිලා ලිපියක් පිහිටුවන ලදි.

 

          6. දෙවනපෑතිස් මහරජු විසින් මිහින්තලයෙහි ගල්ලෙන් සැටක් කරවන ලදහ. ඒවා අද දක්වාත් විද්‍යමාන වෙති. 7. ධර්‍මධරයා මත්පැන් බොන්නන්ට අවවාද කොට ඔවුන් අමද්‍යපයන් කෙළේ ය. 8. යාදකයන්ට ධනය දෙන්නා ද වස්ත්‍ර‍ දෙන්නා ද වාසස්ථාන දෙන්නා ද ලෝවැස්සන් විසින් පසස්නා ලද්දෝ වෙති. 9. රජතුමා රටවැසියන් පාලනය කරන්නා ද ඔවුන්ගේ නායකයා ද ස්වාමියා ද වේ. 10. ගොඩවැසි වූ ද දියවැසි වූ ද සියලු සත්වයෝ


 

ආහාරය නොමැතිව ජීවත් වීමට අසමර්ථ වෙත්. 11. සිතියම් කරන්නා පිළිම ගෙය තුළ ලෝක නායක වූ දීපඞ්කරාදි තථාගතයන් වහන්සේගේ පිළිරූ අඳියි. 12. මාලාකාරයා රෙදි වියන්නා ලවා වස්ත්‍ර‍යක් වියවා රන්කරුවාට දුන්නේ ය. 13. පින් කැමති ධාන්‍ය මනින්නා බුද්ධ ශ්‍රාවකයන්ට දන් දෙන්නෙක් විය. 14. වනයෙහි හැසිරෙන දුනුවායා බොහෝ ඌරු මුව ආදීන් මරා ඔවුන්ගේ මස් විකුණා ජිවිකාව කෙළේ ය.

 

මෙහි අමුතු වචන

 

අද දක්වා = යාව අජ්ජතනා           පිළිරුව = පටිමා. ඉ.

අඳියි (රූප) = ආලිඛති                ඵල වර්ගය = ඵලජාති. ඉ.

අයැදීම = ආයාචනා. ඉ.               බීජවර්ගය = බීජ ජාති. ඉ.

අසමර්ථ = අසමත්‍ථ. 3.                මිහින්තලය = චෙතියපබ්බත. පු.

ආයුෂ දෙන්නා = ආයුද. පු.            මිණිපලඟ = මණිපල්ලංක. පු.

ගල්ලෙණ = ලෙණ. න. ගුහා. ඉ.       යහපත් විපාක = කල්‍යාණ ඵල. න.

පසස්නාලද = පසත්‍ථ. 3.              වැළඳවිය = භොජාපෙසි

පිහිටුවන ලද = පතිට්ඨාපිත. 3.        වියවා = වායාපෙත්‍වා. පූ. ක්‍රි.

පිළිම ගෙය = පටිමාඝර. න.           ශිලා ලිපිය = සිලාලෙඛන. න.

 

නිපාත මෙන් ගණිනු ලබන කිතක පද

 

          131. යන්ට, කරන්ට ආදියෙහි පෙනෙන අර්ථය ප්‍ර‍කාශ කිරීම සඳහා ධාතූන් කෙරෙන් තුං - තවෙ යන ප්‍ර‍ත්‍යයෝ වෙති.

 

          A. අකාර - උකාරාන්ත ධාතූන් කෙරෙන් පරවූ ඒ ප්‍ර‍ත්‍යයන්ටත් ධාතූන්ටත් අතරෙහි ඉ - ආගමයක් වේ.

 

          B. ආකාරාන්ත ධාතූන්ට කිසි ආගම විපර්යාසයක් නැතිව ඒවා එක්කරනු ලැබේ.

 

          C. ඇතැම් ධාතූන්ගේ අන්තව්‍යඤ්ජනය ප්‍ර‍ත්‍යයේ ත් - කාරය හා සමාන බවට පමුණුවනු ලැබේ.

 

          D. ඇතැම් තැනක ධාතුවේ ස්වරයට වෘද්ධි වේ.

          A. ඉකාරාගමය වූ තැන් :-

          පච + ඉ + තුං = පචිතුං (පිසන්ට)

          ඛාද + ඉ + තුං = ඛාදිතුං (කන්ට)

          හර + ඉ + තුං = හරිතුං (ගෙන යන්ට)

          ධාවු + ඉ + තුං = ධාවිතුං (දුවන්ට)

 

          ක්‍රියා මූලයන්ට එක් වූ තැන් :-

          සුණ + ඉ + තුං = සුණිතුං (අසන්ට)

          බුජ්ඣ + ඉ + තුං = බුජ්ඣිතුං (අවබෝධ කරන්ට)

          ජාන + ඉ + තුං = ජානිතුං (දැන ගන්ට)

          ඡින්‍ද + ඉ + තුං = ඡින්‍දතුං (කපන්ට)

 

          B. ආකාරාන්ත ධාතූන් කෙරෙන් :-

          දා + තුං = දාතුං (දෙන්ට)     යා + තුං = යාතුං (යන්ට)

          පා + තු = පාතුං (බොන්ට)  ඤා + තු = ඤාතුං (දැනගන්ට)

          ඨා + තු = ඨාතුං (සිටින්ට)   කා + තුං = කාතුං (කරන්ට)

          ‘කාතුං’ යන තැන කර - ධාතුවට කා = ආදේශ වූ විට එය ආකාරාන්ත - ධාතුවක් මෙන් ගන්නා ලදි.

 

          C. අන්තව්‍යඤ්ජනය ත් - බවට පැමිණි තැන් :-

          කර + තුං = කත්තං (කරන්ට)

          ඡිද + තුං = ඡෙත්තුං (කපන්ට, සිඳින්ට)

          භුං + තුං = භොත්තුං (අනුභව කරන්ට, බුදින්ට)

          පද + තුං = පත්තුං (පැමිණෙන්ට, ලබන්ට)

          හර + තුං = හත්තුං (ගෙනයන්ට)

          වද + තුං = වත්තුං (කියන්ට)

          ගමු + තුං = ගන්තුං (යන්ට)

          ලභ + තුං = ලද්‍ධුං (ලබන්ට)

          බුද්‍ධ + තුං = බොද්ධුං (අවබෝධ කරන්ට)

          ‘ගන්තුං’ යන තැන ධාත්‍වන්තයට ත් වේ. ඉන්පසු දෙතැන්හි භ් + ත්, ධ් + ත් - දෙදෙන ද්ධ බවට පැමිණේ.

          D. ධාතුවට වෘද්‍ධිය පමණක් වූ තැන් :-

          නී + තුං = නෙතුං (ගෙනයන්ට, පමුණුවන්ට)

          ජි + තුං = ජෙතුං (දිනන්ට)


         

          සු + තුං = සොතුං (අසන්ට)

          හු + තුං = හොතුං (වෙන්ට)

 

          132. චුරාදිගණිකවූ ද හෙත්වර්ථයෙහි වූ ද අකාරාන්ත ක්‍රියා මූලයන් කෙරෙන් මේ ප්‍ර‍ත්‍යයන් වූවිට මධ්‍යයෙහි ඉකාරාගමයක් වේ.

 

          චුරාදිගණික ක්‍රියා මූලයෝ :-

          චොරෙ + තුං = චොරෙතුං (සොරකම් කරන්ට)

          චොරය + ඉ + තුං = චොරයිතුං (සොරකම් කරන්ට)

          පාලෙ + තුං = පාලෙතුං (රකින්ට)

          පාලය + ඉ + තුං = පාලයිතුං (රකින්ට)

          දෙසෙ + තුං = දෙසෙතුං (දේශනා කරන්ට)

          දෙසය + ඉ + තුං = දෙසයිතුං (දෙසන්ට)

 

කාරිත ක්‍රියාමූලයෝ

          කාරෙ + තුං = කාරෙතුං (කරවන්ට)

          කාරය + ඉ + තුං = කාරයිතුං (කරවන්ට)

          මාරාපෙ + තුං = මාරාපෙතුං (මරවන්ට)

          මාරාපය + ඉ + තුං = මාරාපයිතුං (මරවන්ට)

          ගාහෙ + තුං = ගාහෙතුං (ගන්වන්ට)

          ගාහාපය + ඉ + තුං = ගාහාපයිතුං (ගන්වන්ට)

 

          133. පූර්‍වක්‍රියා පදයන් සම්පාදනය සඳහා ධාතූන් කෙරෙන් ත්‍වා - ත්‍වාන - තූන - ය - ත්‍ය යන ප්‍ර‍ත්‍යයෝ වෙති.

 

          A. ඇතැම් විට මේ ප්‍ර‍ත්‍යයන් හා ධාතූන්ගේ අතරෙහි මකාරාගමයක් වේ.

          B. ඇතැම් විට මේ ප්‍ර‍ත්‍යයන් පර කල්හි ධාත්‍වන්ත ව්‍යඤ්ජනය ලොප් වේ.

          C. ඇතැම් ධාතූන්ගේ දීර්ඝ වූ අන්තස්වරය හ්‍ර‍ස්ව වේ. ඇතැම් තැනක ස්වරයට වෘද්‍ධි වේ.

 

          D. ස්වල්ප තැනක ධාත්‍වන්ත ව්‍යඤ්ජනය සමග ප්‍ර‍ත්‍යයන්ගේ ත් කාරය විකාරයට පැමිණේ. ඇතැම් විට ත් - කාරය ලොප් වේ.

          ඉකාරාගමය සිදු වූ තැන් :-

          පච + ඉ + ත්‍වා = පචිත්‍වා (පිස)

          කර + ඉ + ත්‍වාන = කරිත්‍වාන (කොට)

          වන්‍ද + ඉ + තූන = වන්‍දිතූන (වැඳ)

          වන්‍ද + ඉ + ය = වන්‍දිය (වැඳ)

 

          ක්‍රියා මූලයන් හා එක් වූ තැන්

          භුඤ්ජ + ඉ + ත්‍වා = භුඤ්ජිත්‍වා (අනුභව කොට)

          සය + ඉ + ත්‍වාන = සයිත්‍වාන (නිදා)

          සුණ + ඉ = තූන = සුණිතූන (අසා)

          ජහ + ඉ + ත්‍වා = ජහිත්‍වා (දුරුකොට, අත්හැර)

 

          ධාත්‍වන්ත ව්‍යඤ්ජනය ලොප් වූ තැන් :-

          කර + ත්‍වා = කත්‍වා (කොට)

          හන + ත්‍වා = හත්‍වා (නසා) හන්ත්‍වා කියාත් සිටී.

          භුජ + ත්‍වා = භුත්‍වා (අනුභව කොට)

          පද + ත්‍වා = පත්‍වා (පැමිණ, ලබා)

          චජ + ත්‍වා = චත්‍වා (හැරදමා)

          ඡිද + ත්‍වා = ඡෙත්‍වා (කපා, සිඳ දමා)

          භිද + ත්‍වා = භෙත්‍වා (බිඳ)

 

          D.අන්තස්වරය හ්‍ර‍ස්ව වූ හෝ වෘද්‍ධියට පැමිණි තැන් :-

          දා + ත්‍වා = දත්‍වා (දී) හූ + ත්‍වා = හුත්‍වා (වී)

          ඤා + ත්‍වා = ඤත්‍වා (දැන) ඨා + ත්‍වා = ඨත්‍වා (සිට)

          නී + ත්‍වා = නෙත්‍වා (ගෙන ගොස්: පමුණුවා)

          E.  (1) ත් - කාරය ලොප් වූ තැන :-

                  දිස + ත්‍වා = දිස්වා (දැක)

          F. (2) ධාත්‍වන්තය සමග ත් - කාරය වෙනස් වූ තැන :-

ලභ + ත්‍වා = ලද්‍ධා (ලැබ)

          G.  ධාත්‍වන්ත ස්වරය පමණක් ලොප් වූ තැන :-

          හන + ත්‍වා = හන්ත්‍වා (නසා)

          මන + ත්‍වා = මන්ත්‍වා (සිතා කල්පනා කොට)

          ගමු + ත්‍වා = ගන්ත්‍වා (ගොස්)

          මේ අන්තිම තැන ම් - හට න් වේ.


 

          H. කිසි ආගමාදියක් නොවී ධාතුවට එක් වූ තැන් :-

              යා + ත්‍වා = යාත්‍වා (ගොස්)

              නී + ත්‍වා = නීත්‍වා (ගෙන ගොස්)

              පා + ත්‍වා = පාත්‍වා (පානය කොට)

 

          134. ය - ප්‍ර‍ත්‍යය නොයෙක් විට ධාත්‍වන්ත ව්‍යඤ්ජනයාගේ රූපය ගනී. දීර්ඝ ස්වරාන්ත ධාතූන් හා යෙදුණු විට ඔහුගේ රූපය වෙනස් නොවේ.

 

1.     වෙනස් නොවී සිටින තැන් :-

ආ + දා + ය = ආදාය (ගෙන)

ප + හා + ය = පහාය (අත්හැර, දුරුකොට)

ආ + නී + ය = ආනීය (ගෙනවුත්)

අ + ඤා + ය = අඤ්ඤාය (දැනගෙන)

 

2.    පූර්‍ව ව්‍යඤ්ජනයාගේ රූපය ගත් තැන් :-

ආ + ගමු + ය = ආගම්‍ය = ආගම්ම (අවුත්)

නි + සද + ය = නිසද්‍ය = නිසජ්ජ (හිඳ)

ආ + කමු + ය = අක්කම්‍ය = අක්කම්ම (පාගා)

උ + පද + ය = උප්පද්‍ය = උප්පජ්ජ (ඉපද)

උප + ලභ + ය = උපලභ්‍ය = උපලබ්භ (ලබා)

ප + මද + ය = පමද්‍ය = පමජ්ජ (ප්‍ර‍මාදවී)

ආ+රභ+ය = ආරභ්‍ය = ආරබ්භ (පටන් ගෙන, නිමිති කොට)

ප + විස + ය = පවිස්‍ය = පවිස්ස (ඇතුළුවී)

වි + භජ + ය = විභජ්‍ය = විභජ්ජ (බෙදා)

 

          (ද්‍ය - ජ්‍ය - දෙකට ජ්ජ - වන සැටිත් භ්‍ය - හට බ්භ වන සැටිත් මින් පෙර පරිච්ඡේදයන්හි දක්වන ලදි.)

 

3.     ධාත්‍වන්ත ව්‍යඤ්ජනය හ් = කාරය වීනම් ය - ප්‍ර‍ත්‍යය එය හා ස්ථාන මාරුකර ගනී.

              ආ + රුහ + ය = ආරුහ්ය = ආරුය්හ (නැගී)

              ගහ + ය + ගහ්ය = ගය්හ (ගෙන)

              ප + ගහ + ය = පග්ගහ්ය = පග්ගය්හ (ඔසවාගෙන)

              සං + මුහ + ය = සම්මුහය = සම්මුය්හ (මුළා වී)


          (1)  ඇතැම් විට ය - ප්‍ර‍ත්‍යයේ ය් - කාරයට ද්විත්‍ව වේ.

              වි + නී + ය = විනෙය්‍ය (දුරුකොට)

              වි + චී + ය = විචෙය්‍ය (තෝරා)

 

          135. ත්‍ය - ප්‍ර‍ත්‍යය ධාත්‍වන්ත - ව්‍යඤ්ජනය සමග හෝ එය නැතිව හෝ නිතරම ච්ච - බවට පැමිණේ.

          උප + හන + ත්‍ය = උපහච්ච (හපා, කෝප කොට)

          ආ + හන + ත්‍ය = ආහච්ච (හපා, ඇනලා)

          පටි + ඉ + ත්‍ය = පටිච්ච (නිසා, හේතුකොට)

          අනු + විද + ත්‍ය = අනුවිච්ච (දැන, සලකාබලා)

          අව + ඉ + ත්‍ය = අවෙච්ච (තේරුම් ගෙන)

          උප + ඉ + ත්‍ය = උපෙච්ච (සමීපයට පැමිණ, ළංවී)

          නි + පද + ත්‍ය = නිපච්ච (බිමවැටී, වැඳ)

          නි + හන + ත්‍ය = නිහච්ච (මැඩපවත්වා)

          සං + කර + ත්‍ය = සක්කච්ච (මනාසේ කොට, සකසා)

          වි + විච + ත්‍ය = විචිච්ච (වෙන්වී, වෙන්කොට)

 

අභ්‍යාසය 25

සිංහලට නඟා කිතක පද දැක්විය යුතු.

 

          1. “සො කිර පඤ්චපණ්ණාසවස්සානි සූකරෙ වධිත්‍වා ඛාදන්තො ච වික්කිණන්තො ච ජීවිකං කප්පෙසි.” (චුන්‍දසූකරික)

 

          2. “භික්ඛූ තස්ස ඝරද්වාරෙන ගච්ඡන්තා තං සද්දං සුත්‍වා විහාරං ගන්ත්‍වා සත්‍ථුසන්තිකෙ නිසින්නා එවමාහංසු :- “භන්තෙ චුන්‍දසූකරිකස්ස ගෙහද්වාරං පිදහිත්‍වා සූකරානං මාරීයමානානං අජ්ජ සත්තමො දිවසො.” (ධ. අටුවා)

 

          3. “අන්‍ධබාලපිතරං නිස්සාය එවරූපං බුද්ධං උපසංකමිත්‍වා කායවෙය්‍යාවතිකං වා කාතුං දානං වා දාතුං ධම්මං වා සොතුං නාලත්‍ථං. අඤ්ඤං කත්තබ්බං නත්‍ථීති මනමෙව පසාදෙසි.” (මට්ටකුණ්ඩලී වත්‍ථු)

 

  4. “තතො සො තතියෙ වස්සෙ නාගින්‍දො මණ්අක්ඛිකො

      උපසංකම්ම සම්බුද්‍ධං සහසඞ්ඝං නිමන්තයි” (මහාවංස)


 

5. “අත්තනො පටියාදෙන ඛජ්ජභොජ්ජෙන තප්පිය

  සම්බුද්‍ධභාසිතං ධම්මං සාමණෙරමපුච්ඡි තං.” (එම)

 

6. “භුසාපෙත්‍වාන නගරං ගන්ත්‍වා සංඝං නිමන්තිය

  ඝරං නෙත්‍වාන භොජෙත්‍වා දත්‍වා සාමණකං බහුං

  සත්‍ථරා දෙසිතො ධම්මො කිත්තකොති අපුච්ඡථ.” (එම)

 

7. “නිපච්ච සිරසා තස්ස අනන්තගුණ සාගරෙ

  නිමුග්ගො පීතිසම්පුණ්ණො ඉදං වචනමබ්‍රවී.”

(වක්කලිත්‍ථෙරාපදාන)

 

8.   “භවනා අභිනික්ඛම්ම අද්දසං ලොක නායකං

ඉන්‍දීවරංව ජලිතං ආදිත්තංව හුතාසනං.” (මණිපූජකාපදාන)

 

          9. “රඤ්ඤා පන වන්‍දිතෙ භගවන්තං අවන්‍දිත්‍වා ඨාතුං සමත්‍ථො නාම එකොපි සාකියො නාහොසි, සබ්බෙ වන්‍දිංසු යෙව.” (ජාතක නිදාන)

 

          10. “රාජා සංවිග්ගහදයො හත්‍ථෙන සාටකං සණ්ඨපෙන්තො තුරිතතුරිතං නික්ඛමිත්‍වා වෙගෙන ගන්ත්‍වා භගවතො පුරතො ඨත්‍වා ආහ....කිං එත්තකානං භික්ඛූනං න සක්කා භත්තං ලද්‍ධුන්ති සඤ්ඤං කරිත්‍ථාති.” (එම)

 

          11. “කනත්‍ථකො ඡන්නෙන සද්‍ධිං මන්තයමානස්ස බොධි සත්තස්ස වචනං සුණන්තො ඨත්‍වා....... සොකං අධිවාසෙතුං අසක්කොන්තො හදයෙන එලිතෙන කාලංකත්‍වා තාවතිංස භවනෙ.......නිබ්බත්ති.” (ජාතක නිදාන)

 

          12. “පරූළ්හ - කච්ඡ - නඛ - ලොමො

              අහං කම්මෙසු ව්‍යාවටො

              චිරස්සං නහාපිතං ලද්‍ධා

              ලොමං තම්පහාරයිං.”              (391 කාකජාතක)

 

මෙහි අමුතු වචන

අධිවාසෙතුං - ඉවසන්ට. නි.            අබ්‍ර‍වි = කීයේ ය.

අනන්ත = කෙළවරක් නැති. 3           අභිනික්ඛම්ම = නික්මී. පූ. ක්‍රි.

අන්‍ධබාල = ඉතා අඥාන වූ. 3.           අසක්කොන්ත = නොහැකි වූ. 3

අපහාරයි = ඉවත් කරවිය.               ඉන්‍දීවර = නිලුපුල්. න.

උපසංකම්ම = එළඹ. පූ. ක්‍රි.             පිදහිත්‍වා = පියා, වසා. පූ. ක්‍රි.

එත්තකං = මෙපමණ. 3.                පීතිසම්පුණ්ණ = ප්‍රීතියෙන්

කච්ඡ = කිසිල්ල. පු.                             පිරුණු. 3.

කායවෙය්‍යාවතික = කයින් කරන ඵලිත = පැළුණු. 3.

          වතාවත. න.                  භවන = වාසස්ථානය. න.

කිත්තක = කොපමණ. 3.                භුසාපෙත්‍වා = සරසවා. පූ.ක්‍රි.

ගුණසාගර = ගුණ මුහුද. පු.             මණිඅක්ඛික = නමක් (මිණිඅක්)

ඝරද්වාර = ගෙදොර. න.                 මන්තයමාන = කථා කරන. 3.

චිරස්සං = බොහේ කලකින්. නි.         මාරියමාන = මරනු ලබන. 3.

ජලිත = දිලියෙන, දැල්වුණු. 3.            වධිත්‍වා = මරා, තළා. පූ. ක්‍රි.

තප්පිය = සන්තර්පණය කොට.         ව්‍යාවට = යෙදුණු. 3.

          පූ. ක්‍රි.                        සඤ්ඤා = හැඟීම, ඇඳිනීම. ඉ.

තුරිතතුරිතං = වහවහා. නි.              සණ්ඨපෙන්ත = මනාසේ තබමින්. 3.

නහාපිත=හිස රැවුල් කපන්නා. පු.       සංවිග්ග = කලකිරුණු. 3.

නාගින්‍ද = නාරජ. පු.                    සාකිය = ශාක්‍යවංශිකයා. පු. ඒ

නාලත්‍ථං = නොලදිමි                           වංශයට අයත්. 3.

නිමන්තිය = ආරාධනා කොට. පූ. ක්‍රි     සාමණක = ශ්‍ර‍මණයන්ට යෝග්‍යවූ. 3.

නිමුග්ග = ගිලුණු. 3.                     හුතාසන = ගින්න. පු.

පරූළ්හ = ඉතා වැඩුණු. 3.

 

කිතක පද යුක්ත කොට පාලියට නැඟිය යුතු.

          1. සර්‍වඥයන් වහන්සේ සැවැත් නුවර වසනසේක් මට්ටකුණ්ඩලියා අරබයා මේ ගාථාව දේශනා කළ සේක.

 

          2. චුන්දසූකරිකයා පනස්පස් අවුරුද්දක් ඌරන් මරමින් ජීවිකාව කොට මැරී ගොස් - නරකයෙහි උපන්නේ ය.

 

          3. බ්‍රාහ්මණයා වෙදුන්ට ධනය දෙන්ට නොකැමැති වූයේ වෙදුන් සමීපයට ගොස් “තොපි අසවල් රෝගයට කිනම් බෙහෙතක් කරව්දැ” යි අසයි.

 

          4. පිරුණු ගඟෙන් එතෙර වූ සොරා තමාගේ මිත්‍ර‍යන් විසින් රක්නා ලද වන රොදට ඇතුළුව හුන්නේ ඔවුන් දුන් ආහාරය අනුභව කෙළේ ය.

 

          5. දේවල තාපස තෙමේ හිමාලයෙන් අවුත් නුවර දොර සමීපයෙහි සිටි ළමයින් දැක “මේ නුවරට පැමිණි තාපසවරු කොතැන්හි වාසය කරත්දැ”යි ඇසීය.

          6. වෙදුන් කී පොතු ආදිය ගෙනවුත් බෙහෙත් කරනු ලබන කල්හිම මට්ටකුණ්ඩලීගේ රෝගය බලවත් විය.

          7. පෙර එක් වෙළෙන්දෙක් තමාගේ වෙළඳ සැල සමීපයට පැමිණි පසේ බුදුවරයකුගේ පාත්‍ර‍ය පුරවා මී පැණි දුන්නේ ය.

          8. සුද්ධොදන රජු භාග්‍යවතුන් වහන්සේට වැන්ද කල්හි ඉතිරි ශාක්‍ය රජවරුත් ශාක්‍ය කුමාරවරුත් උන්වහන්සේට නොවැඳ සිටින්ට අසමර්ථ වූහ.

          9. තථාගතයන් වහන්සේ කපිලවාස්තු නගරයෙහි පිඬු පිණිස හැසිරෙන කල්හි පියරජතුමා ඒ ප්‍ර‍වෘත්තිය දැන වහා අවුත් “ස්වාමීනි, අපගේ කුලයට නින්‍දා නොකරවුව මැනැවැ” යි කී ය.

          10. යකින්නිය මිනිස් වෙසින් අවුත් “ඕතොමෝ පුතකු වැදුවා ද නැතහොත් දුවක දැයි බලන්නෙමි”යි කියමින් ගෙට ඇතුළු ව දරුවා ගෙන ඇය බලා සිටිය දී කා ගියා ය.

          11. ඉක්බිති ස්ථවිරතුමා ‘තා වැනි පාපියකු විසින් මාගේ සැර යටිය නොගත යුතු ය’ යි කියා ඔහු පලවා හැරියේ ය.

          12. හෙතෙම ‘මා විසින් බැරෑරුම් වූ නොකටයුත්තක් කරන ලදැ’යි හිසැ අත්බැඳ හඬමින් වනයට ඇතුළුව නැවත හැරී නායේය.

          13. “අද පටන් අසවලා විසින් මට තෙලක් පිසන ලදැයි අන්‍යයන්ට නොකීව මැනවි. මම ද මා විසින් ඔබ වහන්සේට තෙලක් පිසන ලදැයි නොකියන්නෙමි.” යි වෙදා කී ය.

          14. තමාගේ සම්පත ඝෝෂකයාට නොදෙනු කැමැති සිටුතුමා ඔහු කැඳවා තමාගේ පාමුල සිටි ඔහු දෙස බලමින් ‘මේ සම්පත මාගේ පුත්‍ර‍යාට නොදෙමි” යි කී ය.

 

මෙහි අමුතු වචන

 

අසවල් = අසුක. 3.                      ප්‍ර‍වෘත්තිය = පවත්ති. ඉ.

පසේබුදු = පච්චෙකබුද්‍ධ. පු.             බලාසිටියදී = පස්සන්තියා.

පාපියා = පාපී, පාප. පු.                මිනිස්වෙස = මනුස්සවෙස. පු.

පාමුල = පාදමූල. න.                    වනරොද - වනරාජි. ඉ.

පිඬුපිණිස = පිණ්ඩාය                   වැන්ද = වන්‍දිත. ඉ.

පොත්ත = තච. පු.                      හිසැ අත්බැඳ = බාහා පග්ගය්හ.


වචන මාලා

පාලි සිංහල

 

සඞ්කේතයෝ

 

පු. පුල්ලිඞ්ග                    ක්‍රි. වි. - ක්‍රියා විශේෂණ

ඉ. ඉත්‍ථිලිඞ්ග                   පූ. ක්‍රි. - පූර්‍වක්‍රියා (ත්‍වා-යන්නෙන් අන්තිම

න. නපුංසකලිඞ්ග               වන පූර්‍වක්‍රියා හැඳිනීම පහසු බැවින් ඒ

නි. නිපාත                      තැන්හි මේ අකුරු නොයොදන ලදි.)

3. තුන්ලිඟු

(ක්‍රියා පද හැඳින්වීමට ලකුණක් නොයොදන ලදි.)

 

අකතඤ්ඤු = කෙළෙහිගුණ             අඞ්ග = අවයවය, කොටස. න.

      නොදත්. 3.                       අඞ්ගාර = අඟුරු. පු.

අකරණ = නොකිරීම. න.                අච්චන්තං = අතිශයෙන්. ක්‍රි. වි.

අකරොන්ත = නොකරන. 3.            අච්චය = ඉකුත්වීම, වරද. පු.

අකා = කෙළේය                        අච්චයෙන = ඇවෑමෙන්. ක්‍රි.වි.

අකුප්පමානා = නොකිපෙමින්.3         අච්ඡාදෙත්‍වා = අන්දවා

අකුසල = පව. න.                      අච්ඡින්න = පැහැරගත්. 3.

අකුසලමූල = අකුසලට හේතුව.         අජාතසත්තු = අජාසත්. පු.

      න.                               අජ්ජතන = අද වූ. 3. අද දවස. පු.

අක්කමති = පාගයි                      අජ්ඣගමා = අවබෝධ කෙළේ

අක්කම්ම = පාගා. පූ. ක්‍රි.                        ය.

අක්කුට්ඨ = ආක්‍රෝශ ලැබූ. 3.           අජ්ඣාවසති = වාසය කරයි.

අක්ඛරසමය = අකුරු ශාස්ත්‍ර‍ය. පු.       අඤ්ඤතිත්‍ථිය = අන්‍යදෘෂ්ටිකයා.

අක්ඛාත = කියන ලද. 3.                        පු.

අඛෙපෙත්‍වා = ක්‍ෂය නොකොට         අඤ්ඤත්‍ථ = අන් තැනක. නි.

අගය්හ = නොගත හැකි. 3              අඤ්ඤථා = අන් ආකාරයකින්.

අගාර = ගෙය. න.                              නි.

අග්ග = අග්‍ර‍ වූ. ශ්‍රෙෂ්ඨ. 3.               අඤ්ඤාය = දැනගෙන. පූ.ක්‍රි.

අග්ගල = අගුල. න.                     අඤ්ඤාසි = දැන ගත්තේ ය.

අග්ගිසිඛා = ගිනිසිළ. ඉ.                 අට්ඨකථා = අටුවාව. ඉ.

අඞ්කිත = ලකුණු කළ. 3.                අඩ්ඪතෙය්‍ය = දෙකහමාර. පු.


 


අණ්ඩජ = බිජුවෙන් හටගත්. 3

අණු=සියුම් වූ. 3. ඉතා කුඩා දෙය.

      න.

අතරමාන = ඉක්මන් නො වෙමින්.

      3.

අතිකටුක = ඉතා දරුණු. 3.

අතික්කන්ත = ඉක්මුණු. 3.

අතික්කමති = ඉකුත් කෙරේ.

අතික්කමිත්‍වා = ඉක්මවා. පසු

      කොට.

අතිවිසිට්ඨ = ඉතා යහපත්. 3.

අතිසුන්‍දර = ඉතා විසිතුරු. 3.

අත්තදත්‍ථ = ආත්මාර්ථය. පු.

අත්තමන = සතුටු සිතැති. 3.

අත්‍ථ = ප්‍රයෝජනය, යහපත,

      විනාශය. පු.

අත්තකාම = වැඩ කැමති. 3.

අත්‍ථගම = විනාශයට යාම, (හිරු)

      බැසීම. පු.

අත්‍ථත = අතුරන ලද. 3.

අත්‍ථාය = පිණිස. (චතුත්‍ථි)

අත්‍ර‍ = මෙහි. නි.

අදා = දුන්නේ ය.

අදින්න = නොදුන්. 3.

අදින්නාදාන = නුදුන්දෙය ගැනීම,

      හොරකම. න.

අද්දස = දුටුවේය

අද්ධමාස = අඩමස. පු. න.

අද්ධා = දීර්ඝකාලය. පු.

අධන = ධනය නැති. 3.

අධිගච්ඡති = ලබයි, අවබෝධ කරයි

අධිට්ඨාති = අධිෂ්ඨාන කරයි.

අධිට්ඨාන =ස්ථිරසිටීම, ස්ථිර සිත.

      න.

 

අධිරාජ = අධිරාජයා. පු.

අධිවසති = වාසය කරයි.

අධිවාසනා = ඉවසීම. ඉ.

අධිවාසෙති = ඉවසයි, පිළිගනියි.

අනගාරිය = ගෙයක් නැති  බව.න

අනත්ත = ආත්මයක් නැති. 2.

අනනුච්ඡවික = නුසුදුසු. 3.

අනන්ත = කෙළවරක් නැති. 3.

අනපායිනී = අත්නොහැර යන්නී.

      ඉ.

අනරිය = අනාර්ය, පහත්. 3.

අනාගත = මතුකාලය.  පු.

අනාථ = අසරණව. 3.

අනිච්ච = අස්ථිර වූ. 3.

අනිට්ඨ = ප්‍රිය නොවූ. 3.

අනුකන්තති = හාරයි, කපා

      තුවාලකරයි.

අනුකම්පා = කරුණාව. ඉ.

අනුකම්ම = පිළිවෙළ. පු.

අනුක්කමති = අනුව යේ.

අනුගත = අනුවගිය. 3.

අනුගච්ඡන්ත = අනුව යන. 3.

අනුග්ගහ = උපකාරය. පු.

අනුච්ඡවික = සුදුසු. 3.

අනුදිත = උදා නොවූ. 3.

අනුපද්දව = උවදුරු නැති. 3.

අනුපුබ්බ = පිළිවෙළින්. ක්‍රි. වි.

අනුප්පත්ත = පැමිණි. 3.

අනුප්පදීයමාන = දෙනු ලබන. 3.

අනුබන්‍ධති = ලුහුබඳී

අනුභවති = විඳී. අනුභව කරයි

අනුයුඤ්ජති = යෙදේ

අනුවාත = යටි සුළඟ, න.

අනුවිච්ච = සලකා බලා. පූ. ක්‍රි.


අනුවිතක්කෙති = අනුව සිතා

      බලයි

අනුසාසන = අනුශසනා කිරීම.

      න.

අනුස්සරති = සිහි කෙරේ.

අනුස්සරන්ත = සිහි කරන. 3.

අනූහත = නොනැසූ, නොඉදුරූ. 3.

අනෙක = නොයෙක්. 3.

අන්ත = කෙළවර. පු.

අන්තරධායති = නොපෙනී යයි.

අන්තරන්තරා = අතරතුරෙහි. නි.

අන්තරාය = අනතුර. පු.

අන්තෙවාසික = අතවැසියා. පු.

අන්තොගාම = ඇතුළුගම. පු.

අන්තොනගර = නුවර ඇතුළ. න.

අන්තොවස්ස = ඇතුළුවස. න.

අන්‍ධබාල = ඉතා අඥාන වූ. 3.

අන්නද = ආහාර දෙන. 3.

අන්නදායී = ආහාර දෙන්නා. පු.

අන්‍වද්‍ධමාස = අඩමසක් පාසා.

      ක්‍රි. වි.

අන්‍වෙති = අනුව ඒ.

අපකාර = විරුද්ධ ක්‍රියාව. පු.

අපක්කන්ත = ඉවත්ව ගිය. 3.

අපක්කම්ම = ඉවත්ව පූ. ක්‍රි.

අපක්කමති = ඉවත්ව යේ

අපගච්ඡති = ඉවත්ව යේ

අපගත = පහ වූ. 3.

අපචිති = ගෞරවය. ඉ.

අපචිනාති = බිඳහෙළයි

අපදතා = පා නැති බව. ඉ.

අපනීත = ඉවත් කළ. 3.

අපරාධ = අපරාධය. පු.

අපහාරයති = ඉවත්කරවයි.

 

 

අපාය = සැප නැති තැන. පු.

අපෙත = පහ වූ. 3.

අපෙති = ඉවත් වේ, පහ වේ

අපෙය්‍ය = නොබිය හැකි. 3.

අප්පමත්ත = ප්‍ර‍මාද නොවූ. 3.

අප්පමාද = ප්‍ර‍මාද නොවීම. පු.

අප්පමෙය්‍ය = මැනිය නොහැකි.

අප්පස්සුත = නූගත්. 3.

අප්පොඨෙන්ත = අප්පුඩි ගසමින්,

      3.

අබ්බුද = කිලුට, භේදය. පු.

අබ්බුළ්හ = ඉදුරූ. 2.

අබ්භ = වළාකුළ. න.

අබ්භන්තර = ඇතුළත. න.

අබ්භුග්ගච්ඡති = උඩ නැගේ

අබ්භුග්ගන්ත්‍වා = උඩ පැන, උඩ

      නැගී

අබ්භොකාස = එළිමහන. පු.

අබ්‍ර‍වි = කීයේ ය.

අභවි = විය

අභික්කන්තතර = වඩා සිත්කලු. 3.

අභිජාඣාලු = ලෝභ බහුල වූ. 3.

අභිඤ්ඤාත = ප්‍ර‍කට වූ. 3.

අභිණ්හ = නිතර. නි.

අභිත්‍ථවති = ස්තූති කෙරේ

අභිත්‍ථුත = පසස්නා ලද. 3.

අභිත්‍ථුනාති = ස්තුති කරයි

අභිධාවති = විරුද්ධව දුවයි

අභිනන්‍දති = සතුටු වේ.

අභිනික්කමති = ගිහිගෙයින්

      නික්මයයි.

අභිනික්ඛම්ම = නික්මී. පූ. ක්‍රි.

අභිනීහාර = ප්‍රාර්ථනාව. පු.

අභිපීළිත = පෙළන ලද: පෙළුණු.

      3.


 

අභිප්පකිණ්න = විසුරුවන ලද.

      3.

අභිමත = අදහස් කළ. 3.

අභිමුඛ = ඉදිරිය, න. ඉදිරියෙහි

      වූ. 3.

අභිමුඛී = අභිමුඛ වූවා. ඉ.

අභිරති = ඇලීම. ඉ.

අභිරූහන = නැගීම. න.

අභිරූප = විශිෂ්ට රූ ඇති. 3.

අභිවඩ්ඪති = වැඩේ

අභිවන්‍දිය = වැඳ. පූ. ක්‍රි.

අභිවාදෙති = වඳියි

අභිවුද්ධි = අභිවෘද්ධිය. ඉ.

අභිසම්බොධි = බුද්ධත්‍වය. ඉ.

අභිසෙක = ඉසීම,

      රාජ්‍යාභිෂේකය. පු.

අභිසිඤ්චාපෙති = අභිෂේක

      කරවයි.

අමච්ච = ඇමතියා. පු.

අමතන්‍දද = නිවන් දෙන. 3.

අමනුස්ස = මනුෂ්‍ය නොවූ, 3.

අම්බවන = අඹ උයන. න.

අම්මණමත්ත = අමුණක් පමණ. 3.

අම්හො = එම්බා. නි.

අම්හි = වෙමි

අය = යකඩ. පු. න.

අයොපත්ත = යකඩ පාත්‍ර‍ය. පු.

අයොමය = යකඩින් කළ. 3.

අර = රෝදදැත්ත. න.

අරහත්ත = රහත්බව: රහත් ඵලය.

      න.

අරියසච්ච = ආර්ය සත්‍යය. න.

අරියසාවක = ආර්‍ය්‍ය ශ්‍රාවකයා.

      පු.

 

 

අරොග = රොග නැති. 3.

අලත්‍ථ = ලැබුවේය

අලස = අලසයා. පු. අලසවූ. 3.

අලංකත = සැරසූ. 3.

අලංකරිත්‍වා = සරසා

අලංකරොති = සරසයි, අලංකාර

      කරයි.

අලංකාර = පළඳනාව, සැරසීම.

      පු.

අවජානාති = අවමන් කෙරේ.

අවසිට්ඨ = ඉතිරි වූ. 3.

අවසිත්ත = ඉසින ලද. 3.

අවස්සය = පිහිට. පු.

අවහරති = සොරකම් කරයි.

අවංසිර = යටිකුරු හිසැති. 3.

අවාපූරීයති = විවෘත වේ

අවිදූර = නුදුරු. 3.

අචෙච්ච = තේරුම්ගෙන. පූ.ක්‍රි.

අවෙර = මෛත්‍රිය. න.

අවොච = කීයේ ය.

අසක්කොන්ත = නොහැකි

      වෙමින්. 3.

අසක්ඛි = හැකි විය

අසඤ්ඤත = නොහික්මුණු

අසති = නැති කල්හි (අසන්ත

ශබ්දය)

අසන්ත = අසත්පුරුෂයා. පු.

විද්‍යමාන නොවූ. 3.

අසමත්‍ථතා = අසමර්‍ථ බව. ඉ.

අසංඛෙය්‍ය = ගණන් කළ නො හැකි. 3. එනම් ගණන. න.

අසි = වෙහි

අසිධාරා = කඩුමුවහත. ඉ.

අසුක = අසවල්. 3.


අසුර = අසුරයා. පු.

අසුචි = අපිරිසිදු දේ. න. අපිරිසිදු

      3.

අස්නාති = අනුභව කරයි

අස්මි = වෙමි

අස්සත්‍ථ = ඇසටු ගස. පු.

අස්සම = තවුසන්ගේ

      වාසස්ථානය

අස්සසාලා = අස්හල. ඉ.

අස්සභණ්ඩක = අසුසරසන බඩු.

      න. අස්ගොව්වා. පු.

අස්සාද = රසවිඳීම. පු.

අස්සොසි = ඇසුවේය

අහත (වත්‍ථ) = අලුත් (වස්ත්‍ර‍ය)

      න.

අහාසි = බලෙන් ගෙන ගියේය.

අහිතාය = අවැඩ පිණිස

අහොසි = විය

ආකඩ්ඪාපෙති = අද්දවයි

ආකංඛමාන = කැමති වන. 3.

ආකිණ්ණ = ගැවසුණු. 3.

ආකිරති = විසුරුවයි

ආකොටෙති = තට්ටු කරයි

ආගච්ඡන්ත = එන, එමින්. 3.

ආගන්තුක = අමුත්තා. පු.

ආගන්තුකාම = එනුකැමති. 3.

ආගමෙති = බලාපොරොත්තු වේ.

ආගම්ම = අවුත්. පූ. ක්‍රි.

ආචරිය = ආචාර්‍ය්‍යයා. පු.

ආචික්ඛති = කියය, දැනුම් දේ.

ආණත්ත = අණ කරන ලද. 3.

ආණා = අණ. ඉ.

ආණාපෙති = අණකරයි

ආතප = හිරුරැස, අව්ව. පු.

 

 

ආදාන = ගැනීම. න.

ආදි = පටන් ගැන්ම, මු. පු.

ආදිත්ත = දැල්වුණු, ඇවිලගත්. 3.

ආධාවති = එහාමෙහා දුවයි

ආධිපච්ච = අධිපති බව. න.

ආණන්‍ය = ණයනැති බව. න.

ආනන්තරික = ඉතා සමීපයෙහි

      වූ. 3.

ආනිසංස = අනුසස්. පු.

ආනීත = ගෙනෙන ලද. 3.

ආනීය = ගෙනවුත්. පූ. ක්‍රි.

ආනුභාව = බලය. පු.

ආනෙති = ගෙනෙයි

ආපානමණ්ඩල = මත්පැන් බීමට

      සැදු මණ්ඩපය. න.

ආපායික = අපායෙහි උපන්. 3.

ආබාධ = රෝගය. පු.

ආබාධික = රෝගී වූ. 3.

ආභරණවිකති = ආභරණ වර්‍ගය

      ඉ.

ආමන්තෙත්‍වා = අමතා, කථා

      කොට.

ආයස්මන්තු = ආයුෂ ඇති,

      ආයුෂ්මත්. 3.

ආයුක්ඛය = ආයුෂ ගෙවීම. පු.

ආයුද = ආයුෂ දෙන. 3.

ආරඤ්ඤක = කැලෑබද. 3.

ආරඤ්ඤිත = වනයෙහි වසන.

      3.

ආරද්‍ධ = පටන්ගත්. 3.

ආරම්භ = අරභයා, ගැන, ආරම්භ

      කොට. පූ. ක්‍රි.

ආරාධෙතුං = සිත් ගන්ට. නි.

ආරාම = උයන, වත්ත. පු.


 

ආරොග්‍ය = නිරෝගිබව. න.

අරොචෙති = දන්වයි, සැලකරයි.

ආරොපෙති = නංවයි

ආරොපෙත්‍වා = නංවා, පටවා

ආරොහන = නැගීම. න.

ආලිඛති = (රූප) අඳියි

ආලින්‍ද = පිටබරාඳය. පු.

ආවසථාගාර = තානායම. පු.

ආවහාති = එළවයි: ගෙනදෙයි

ආවාප = පෝරණය. පු.

ආවුණාති = අමුණයි

ආවුසො = ඇවැත්නි. නි.

ආසන = ආසනය. න.

ආසන්න = ළං වූ. 3.

ආසාළ්හ = ඇසළ මස. පු.

ආසි = විය

ආසිංසති = ආශිර්වාද කරයි

ආසිඤ්චන්ත = ඉසින, වත්කරමින්

      3.

ආසිඤ්චිත්‍වා = ඉස, වත්කොට

ආසීන = හුන්. 3.

ආහ = කීයේ ලු, කීවේ ය

ආහච්ච = හපා, ඇනලා. පූ. ක්‍රි.

ආහට = ගෙනෙන ලද. 3.

ආහරාපෙත්‍වා = ගෙන්වා

ආහංසු = කීහ

ඉච්ඡති = කැමති වේ

ඉච්ඡන්ත = කැමතිවෙන, කැමති

      වෙමින්. 3.

ඉච්ඡිත = කැමති වූ. 3. කැමති

      දෙය. න.

ඉට්ඨකවඩ්ඪකී = උළුවඩුවා,

      පෙදරේරුවා. පු.

ඉණ = ණය. න.

 

 

ඉති = මෙසේ. නි.

ඉත්‍ථං = මෙසේ. නි.

ඉද්‍ධිබල = සෘද්‍ධියේ බලය. න.

ඉද්‍ධිමන්තු = සෘද්ධි ඇති. 3.

ඉද්‍ධිමය = සෘද්‍ධියෙන් උපන්. 3.

ඉන්‍ද = ශක්‍ර‍යා. පු.

ඉන්‍ද්‍රිය = ඇසීම් දැකීම් ආදියේ

      ශක්තිය. න. Senses

ඉන්‍දීවර = නිලුපුල්. න.

ඉව = මෙන්. නි.

ඉහ = මෙහි. නි.

ඊදිස = මෙවැනි. 3.

ඊරිත = කියන ලද. 3.

උක්කා = ගිනිහුළ, පන්දම. ඉ.

උක්කාසිත්‍වා = කාරා

උක්කුජ්ජෙති = උඩිකුරු කරයි

උක්ඛිපති = ඔසවයි

උග්ගණ්හිතුකාම = ඉගෙනගනු

      කැමති. 3.

උග්ඝොසන = කෑගැසීම. න.

උග්ඝොසෙති = මහත් සේ ශබ්ද

      කරයි, කෑගසයි

උච්ඡින්‍දති = කඩයි, සිඳියි

උච්ඡින්න = ඉදුරූ, මුල්සිඳි. 3.

උජු = සෘජු වූ: ඇදනොවූ. 3.

උජුකං = කෙළින්. ක්‍රි. වි.

උට්ඨාය = නැගිට. පූ. ක්‍රි.

උත්තම = ශ්‍රේෂ්ඨ වූ. 3.

උත්තමඞ්ග =  හිස. න.

උත්තමඞ්ගරුහ = හිසකෙස්. පු.

උත්තරීතර = වඩාශ්‍රේෂ්ඨ. 3.

උත්තරිං = මත්තෙහි. නි.

උත්තිණ්ණ = ගොඩට නැඟුණු.

      3.

උදපාදි = උපන්නේය. පහළවිය

උදය = උදාවීම, හටගැන්ම,

      අභිවෘද්‍ධිය. පු.

උදයන්ත = උදා වන. 3.

උදිත = උදා වූ. 3.

උද්‍ධපාද = උඩිකුරු පා ඇති. 3.

උද්‍ධං = උඩ. නි.

උපකඩ්ඪති = සමීපයට අදී

උපකාර = උපකාරය. පු.

උපක්කම = උපාය. පු.

උපක්කමති = උපාය යොදයි

උපක්කිලිට්ඨ = කිලිටිවූ. 3.

උපගච්ඡති = එළඹේ

උපවිනාති = රැස්කරයි

උපජ්ඣාය = අවවාද දෙන

      ගුරුවරයා. පු.

උපට්ඨහති = උපස්ථාන කෙරේ

උපට්ඨාක = සේවකයා. පු.

උපට්ඨාන = සේවය, එළඹසිටීම.

      න.

උපට්ඨිත = ළඟට පැමිණි. 3.

උපද්දව - උවදුර. පු.

උපධාරිත = සොයාබැලූ. 3.

උපධාරෙත්‍වා = සොයා බලා

උපනගර = නුවරට සමීප තැන.

      න.

උපනය්හති = වෙළයි, ඔතයි

උපනිසීදති = සමීපයෙහි හිඳියි

උපනිස්සාය = ආශ්‍ර‍ය කොට.

      පූ. ක්‍රි.

උපනීත = එළවූ, ගෙනදෙන ලද

      3.

උපනෙතබ්බ = ළඟට පැමිණ විය

      යුතු. 3.

 

 

උපපරික්ඛන්ත = පරීක්‍ෂා කරන.

      3.

උපමාන = සමාන කිරීම. න.

උපමා = උපමාව. ඉ.

උපලබ්භ = ලැබ. පූ. ක්‍රි.

උපලිමෙපත්‍වා = තවරා

උපවන = සමීපවනය. න.

උපවාද = දෝෂාරෝපණය. පු.

උපසංකන්ත = එළඹුණු. 3.

උපසංකමන්ත = එළඹෙන. 3.

උපසංකම්ම = එළඹ, සමීපයට

      අවුත්. පූ. ක්‍රි.

උපසම්පදා = පැමිණීම, යුක්ත

      වීම. ඉ.

උපසෙවනා = ආශ්‍ර‍ය කිරීම. ඉ.

උපසෙවිත්‍වා = සේවනය කොට

උපස්සය = වාසස්ථානය. පු.

උපහච්ච = හපා, කෝපකොට.

      පූ. ක්‍රි.

උපාගමි = එළඹියේ ය.

උපාසක = එළඹෙන්නා,

      උපාසකයා. පු.

උපාහන = සෙරෙප්පුව. න.

උපෙක්ඛති = මධ්‍යස්ථ වේ

උපෙච්ච = එළඹ. පූ. ක්‍රි.

උපෙත = යුක්ත වූ. 3.

උපෙති = එළඹේ. පැමිණේ

උපපජ්ජ = ඉපද. පූ. ක්‍රි.

උප්පන්න = උපන්. 3.

උප්පබ්බාජෙති = සිවුරු හරවයි

උප්පාදිත = ඉපදවූ. 3.

උබ්බිග්ග = සංවේගයට පැමිණි. 3.

උබ්බෙධ = උසැති. 3.

උභයථා = දෙයාකාරයෙන්. නි.

 

 

උම්මග්ග = උමග, වැරදිමග. පු.

උය්‍යාන = උයන. න.

උය්‍යානභූමි = උයන්බිම. ඉ.

උය්‍යොජෙසි = පිටත්කෙළේය.

උර = ළය, හෘදය. පු. න.

උරග = සර්‍පයා. පු.

උල්ලංඝෙත්‍වා = උඩින් පැන

උස්සව = උත්සවය. පු.

උස්සහති = උත්සාහ කෙරේ.

උස්සහන්ත = උත්සාහ කරන. 3.

උස්සාපිත = ඔසවන ලද. 3.

උස්සාපෙත්‍වා = ඔසවා

උස්සාරණා = පස්සට තල්ලු

      කිරීම. ඉ.

උළාර = මහත්, උදාර වූ. 3.

උළුඞ්ක = මහසැන්ද, කිණිස්ස

      පු.

එකක = තනි වූ. 3.

එකක්ඛත්තුං = එක්වරක්. නි.

එකච්ච = ඇතැම්. 3.

එකධා = එක් ආකාරයකින්. නි.

එකාදසී = එකොළොස්වක. ඉ.

එකෙක = එකිනෙක. 3.

එතරහි = දැන්. නි.

එති = එයි

එත්තක = මෙපමණ. 3.

එදිස = මෙබඳු. 3.

එවරූප = මෙබඳු. 3.

එළාර රජ = එළාර රාජ. පු.

ඔකාස = අවකාශය. පු.

ඔකිරාපෙත්‍වා = විසුරුවවා

ඔක්කමති = බසියි

ඔඝ = සැඩපහර. පු.

ඔජ = ඕජස, පෝෂ්‍යගුණය. පු. න.

 

 

ඔජවන්තු = ඕජස් ඇති. 3.

ඔතරන්ත = බසින, බසිමින්. 3.

ඔතාර = සිදුර. වරද. පු.

ඔධි = සීමාව, ප්‍ර‍මාණය. පු.

ඔනමති = නැමේ

ඔනද්‍ධ = ගැවසිගත්, වසාගත්. 3.

ඔනීත = ඉවතට ගත්. 3.

ඔභාස = ආලෝකය. පු.

ඔමුඤ්චිතවා = (පාවහන් -

      ආභරණ ආදිය) ගලවා

ඔරස = ළයෙහි වැඩුණු. 3.

ඔරිමතීර = මෙතෙර. න.

ඔලම්බිත = එල්ලූ. 3.

ඔලොකිත = බැලූ, බලන ලද. 3.

ඔවදති = අවවාද කරයි.

ඔසාන = අවසානය. න.

කඞ්ඛා = සැකය. ඉ.

කචවර = කසළ. පු.

කච්චායන = කාත්‍යායන ගෝත්‍ර‍

      ඇති.

කච්ඡ = කිසිල්ල. පු.

කච්ඡප = කැස්බා. පු.

කඤ්චුක = සැට්ටය, වැස්ම. පු.

කටුක = නපුරු, කුළුරසැති. 3.

කටුකප්ඵල = (එනසාල් දුරු ආදි)

      කුළුබඩු. න.

කට්ඨ = හානලද. 3. ලීය. න.

කඨිත = කැකෑරුණු. ඉතාරත් වූ.

      3.

කණිට්ඨ = (ඉතා) බාල වූ. 3.

කණ්හ = කළු. 3.

කණ්භසප්ප = කළුසර්‍ප වර්‍ගයක්.

      පු.

කතඤ්ඤුතා = කෘතඥ බව. ඉ.


කතිධා = කී ආකාරයකින්. නි.

කතිපය = කිහිප, කීප. 3.

කත්තබ්බ = කටයුතු. 3.

කථං = කෙසේ. නි.

කථාපෙසි = කියෙව්වේ ය.

කථික = කථාකාරයා, කියන්නා

කථිත = කියන ලද. 3.

කථෙන්ත = කියන, කථා කරන.3

කදන්න = නින්දිතබත. න.

කදාචි = කිසිකලක. නි.

කනකවිමාන = රන්විමන. න.

කන්‍දන්ත =  හඬමින්. 3.

කන්තන්තී = (නූල්) කටින්නී. ඉ.

කප්ප = කල්පය. පු.

කප්පූර = කපුරු. න. පු.

කප්පෙති = සරසයි, අන්‍දවයි,

      (ජීවිකාව) කරයි.

කම = පිළිවෙළ, ආකාරය. පු.

කමනීය = සිත්කලු. 3.

කම්පමාන = වෙවුලන. 3.

කම්පි = කම්පාවිය

කම්බල = කම්බිලිය, ලොම්පිළිය.

      න.

කම්මක්ඛය = කර්‍මය ගෙවීයාම.

      පු.

කම්මට්ඨාන = භාවනාපිළිවෙළ

      න.

කම්මජ = කර්‍මයෙන් හටගත්. 3.

කම්මන්ත = කර්‍මාන්තය. පු.

කය = මිලදීගැන්ම. පු.

කයිරා = කරන්නේ නම්

කරණ = කිරීම. න.

කරණීය = කටයුත්ත. න. කටයුතු.

      3.

 

 

කරණ්ඩ (ක) = කරඬුව. පු.

කරි = කළේ ය

කරිත්‍වා = කොට

කලහ = කෝලාහලය. පු.

කල්‍යාණ = යහපත් වූ. යහපත

කසාපෙත්‍වා = සීසාවා.

කසිත = හාන ලද. 3.

කස්මා = කවරහෙයකින්. නි.

කහං = කොහි. නි.

කහාපණ = කහවණුව. පු. න.

කාණ = (එකැස්) කණා. පු.

කාතවෙ = කරන්ට. නි.

කාපුප්ඵ = මල්ස්වල්පය. න.

කාපුරිස = නින්‍දිත පුරුෂයා. පු.

කාම = කාමය, ඉඳුරන් පිණවීම

කාමං = එකාන්තයෙන්. නි.

කාය = ශරීරය. පු.

කායික = ශරීර සම්බන්ධ. 3.

කාරක = කරන්නා. පු. කාරකය.

      න.

කාරණ = කාරණය. න.

කාරාපිත = කරවන ලද. 3.

කාරිය = කටයුත්ත. න. කටයුතු

      3.

කාරෙත්‍වා = කරවා

කාරෙතබ්බ = කරවිය යුතු. 3.

කාරෙතු = කරවන්නා. පු.

කාරෙන්ත = කරවන. 3.

කාලඞ්කත්‍වා = කලුරිය කොට

කාලප්පවෙදන = කල්දැන්වීම. න.

කාලවණ = ලුණුස්වල්පය. න.

කාලස්සවෙ = කලින්ම. නි.

කාසාව = කසටපෙවූ. 3. කසට

      පෙවූ වස්ත්‍ර‍ය. න.


 

කාසික = කසීරට සෑදූ හෝ උපන්

      3.

කිච්ච = කෘත්‍යය, වැඩය. න.

කිඤ්චි = කිසිවක්. නි.

කිත්තක = කොපමණ. 3.

කිරීටධාරණ = ඔටුණු දැරීම හෝ

      පැළඳීම. න.

කිලඤ්ජ = පැදුර. පු.

කිලන්ත = වෙහෙසුණු. 3.

කිලෙස = කිලුට, ක්ලේශය. පු.

කිංසු = කුමක්. නි.

කුඤ්ජර = ඇතා. පු.

කුටුම්බික = පවුල්කාරයා,

      කෙළඹියා. පු.

කුණී = කොර අත් ඇත්තා. පු.

කුණ්ඩල = කඩුක්කම. න.

කුත්‍ථ = කොහි. නි.

කුත්‍ර‍ = කොහි, කොහේ. නි.

කුදාචන = කිසිකලක. නි.

කුපුරිස = නින්‍දිතපුරුෂයා. පු.

කුමාරක = කුඩාළමයා. පු.

කුමුද = හෙළඋපුල්. න.

කුම්භකාර = වලන් සාදන්නා.

      පු.

කුලපුත්ත = වැදගත් පවුලක

      පුත්‍ර‍යා. පු.

කුස = කුසතණ. පු.

කුසල = දක්‍ෂ වූ, 3. පින. පු.

කුජන්ත = නාද කරන. 3.

කූට = කඳු මුදුන, කුළුගෙඩිය. න.

කූප = ළිඳ. පු.

කූපමණ්ඩුක = ළිඳේ මැඩියා. පු.

කෙසධාතු = කේශධාතු. පු.

කෙසව = හිසකෙස් ඇත්තා,

      ශක්‍ර‍යා. පු.

 

කොට්ඨක = කොරටුව, කොටුව.

      පු.

කොසල්ල = දක්ෂ බව. න.

කොසිනාරක = කුසිනාරාවෙහි වූ.

      3.

ඛජ්ජ = කැවිලි. න. නෑ යුතු. 3.

ඛජ්ජති = කනු ලැබේ.

ඛජ්ජොපනක = කණමැදිරියා. පු.

ඛණ = ක්‍ෂණය, මොහොත. පු.

ඛණාපෙත්‍වා = සාරවා

ඛණ්ඩ = කොටස, කෑල්ල. පු.

ඛත = සෑරූ, තුවාළ කළ. 3.

ඛත්තියකඤ්ඤා = ක්‍ෂත්‍රිය වංශික

      කුමරිය. ඉ.

ඛන්ත = ඉවසූ. 3.

ඛන්‍ධ = සමූහය, රාශිය, කඳ, පු.

ඛමනීය = ඉවසිය හැකි. 3.

ඛය = ගෙවීයාම. පු.

ඛලු = එකාන්තයෙන්. නි.

ඛාණු = කණුව (ලී උල). පු.

ඛාදිත = කෑ, කන ලද. 3.

ඛින්න = බේදයට පැමිණි. 3.

ඛිපති = දමයි, විසිකරයි, කිඹිසියි

ඛිපන්න = දමන, කිඹිසින. 3.

ඛිපිත්‍වා = දමා, විසිකොට, කිඹිස

ඛීණ = ගෙවීගිය. 3.

ඛීණාසව = රහතන් වහන්සේ. පු.

ඛීරපායාස = කිරිබත. පු.

ඛීරපායි = කිරිබොන්නා. පු.

ඛෙපෙත්‍වා = අවසන් කොට

ඛෙලපිණ්ඩ = කෙළපිඩ. පු.

ගච්ඡ = කුඩා ගස. පු.

ගජ්ජන්ත = ගර්ජනා කරමින්. 3.

ගණික = පිරිස් ඇති. 3.

 

ගණිකා = වේසිය. ඉ.

ගණ්හාති = ගනී

ගතට්ඨාන = ගිය තැන. න.

ගතත්ත = ගිය බව. න.

ගන්තබ්බ = යා යුතු. 3.

ගන්තුකාම = යනු කැමති. 3.

ගන්‍ථකාර = ග්‍ර‍න්ථ සම්පාදකයා.

      පු.

ගන්‍ධකුටි = බුදුන් විසූ ගෙය. ඉ.

ගන්‍ධතෙල = සුවඳතෙල්. න.

ගන්‍ධධූප = සුවඳදුම. පු.

ගන්‍ධොදක = සුවඳපැන්. න.

ගබ්භ = කාමරය, දරුගැබ. පු.

ගමනමග්ග = යන මග. පු.

ගම්ම = යා යුතු. අවබෝධ කළ

      යුතු. 3.

ගය්හ = ගතයුතු 3. ගෙන. පූ. ක්‍රි.

ගරුකාතබ්බ = ගෞරව කළ යුතු

      3.

ගරුගබ්භා = දරුගැබ් ඇත්තී. ඉ.

ගහන = ගැනීම. න.

ගහපතානී = ගැහැණී, ගෘහිණී

ගහිත = ගත්, ගන්නා ලද. 3.

ගහෙතබ්බ = ගත යුතු. 3.

ගාමතා = ගම් සමූහය. ඉ.

ගාමවාසී = ගම්වැසියා. පු.

ගාමික = ගම්වැසියා. පු.

ගායති = ගායනා කෙරේ

ගාරය්හ = ගර්හා කටයුතු. 3.

ගාරව = ගෞරවය. පු.

ගාහ = ගැනීම. ඇල්ලීම. පු.

ගාහක = ගන්නා, දරන්නා. පු.

ගාහාපෙත්‍වා = ගෙන්වාගෙන.

ගාහෙති = ගන්වයි

 

 

ගිම්හික = ග්‍රීෂ්ම සෘතුවට යෝග්‍ය

      3.

ගිලාන = රෝගියා. පු. ගිලන් වූ.

      3.

ගිලානූපම = ගිලනාට සමාන. 3.

ගිහී = ගිහියා. පු.

ගීත = ගී කීම, සින්දුව. න.

ගුත්ත = රකින ලද. 3.

ගුළ = බෝලය, ගුළිය. පු.

ගෙලඤ්ඤ = ගිලන්බව, රෝගය.

      න.

ගොචර = ගොදුර, ආහාරය. පු.

ගොතමී = ගෞතමගෝත්‍ර‍ ඇත්තී

      ඉ.

ගොපිත = රක්නා ලද. 3.

ගොපුරට්ඨ = දොරකොටුවෙහි

      සිටී. 3.

ගොපෙති = රකී

ගොමය = ගොම. පු. න.

ඝටක = කුඩා කළය. පු. න.

ඝරද්වාර = ගෙදොර. න.

ඝාතික = ගිතෙලින් මිශ්‍ර‍ වූ. 3.

ඝුට්ඨ = ඝෝෂණය කළ, දැනුම්

      දුන්. 3.

ඝොර = භයානක වූ. 3.

ඝොසෙති = කෑගසයි

චක්කමග්ග = රෝදය යන මග. පු.

චක්කයුග = රෝද දෙක. න.

චක්කරතන = සක්රුවන. න.

චක්කවත්ති = සක්විති (රජ). පු.

චක්කවාල = සක්වළ. පු. න.

චක්ඛුද = ඇස්දෙන. 3.

චජිත්‍වා = හැරදමා

චතුක්ක = සතරේ සමූහය, සතර-


 

 - මංසන්ධිය. න.

චතුබ්බිධ = සතරාකාර වූ. 3.

චත්‍වා = හැරදමා

චන්‍ද = චන්‍ද්‍ර‍යා. පු.

චන්‍දන = සඳුන්. න.

චමරී = සෙමෙරා. පු.

චරන්ත = හැසිරෙන, හැසිරෙමින්

      3.

චරිත = හැසිරීම. න.

චලති = සෙලවේ

චවති = ච්‍යුත වේ, පහව යේ

චාග = පරිත්‍යාගය, අත්හැරීම. පු.

චාටි = සැළිය. ඉ.

චාරිකා = තැනින් තැන යාම. ඉ.

චිත = රැස්කළ. 3.

චිතක = දරසෑය. පු.

චිනාපෙති = (බිත්ති ආදිය)

      බන්දවයි

චින්තයිත්‍වාන = සිතා. පූ. ක්‍රි.

චින්තා = සිතිවිල්ල. ඉ.

චිරස්සං = බොහෝකලකින්. නි.

චීයති = රැස්කරනු ලැබේ.

චුණ්ණ = සුණු, කුඩු. න.

චුත = පහවගිය, මළා වූ, 3.

චෙත = සිතිවිල්ල. පු. න.

චෙතසික = සිත සම්බන්‍ධ. 3.

චෙතියඞ්ගණ = චෛත්‍යමළුව.

      පු.

චෙතියපබ්බත = මිහින්තලය,

      සෑගිරිය. පු.

චෙතොපසාද = සිතේ පැහැදීම.

      පු.

ඡඩ්ඪෙති = ඉවත දමයි.

ඡඩ්ඪෙත්‍වා = ඉවත ලා

 

 

ඡණ = උත්සවය. පු.

ඡත්තගාහී = කුඩය අල්වන්නා. පු.

ඡධා = සයාකාරයකින්. නි.

ඡන්න = වැසුණු. වසන ලද. 3.

ඡළභිඤ්ඤා = අභිඥා සය. ඉ.

ඡාදාපෙත්‍වා = වස්වා

ඡාදිත = වැසූ, සැඟවූ. 3.

ඡාදෙති = වසයි, සඟවයි

ඡිජ්ජති = සිඳේ, කැපේ

ඡෙත්‍වා = සිඳ, කපා

ඡෙත්ත = සිඳින්නා. පු.

ජගාම = ගියේලු

ජච්චන්‍ධ = ඉපදීම්දී අන්‍ධ වූ අය.

      පු.

ජඤ්ඤා = දැනගන්නේ ය.

ජටිය = ගෙතුණු හිසකෙස් ඇති.

      3.

ජටිල = එකාබද්‍ධ හිසකෙස් ඇති.

      3.

ජණ්ණුමත්ත = දණක්පමණ. 3.

ජන = මිනිසා, මිනිස් සමූහය.

      පු.

ජනක = උපදවන්නා, පියා. පු.

ජනතා = ජනසමූහය. ඉ.

ජනපද = විශාල පෙදෙස. පු.

ජන්තාඝර = ගිනිහල්ගෙය. න.

ජය = දිනීම, ජයගැන්ම. පු.

ජම්බුදීප = දඹදිව. පු.

ජරස්සක = මහලු ශක්‍ර‍යා. පු.

ජලජ = දියෙහි හටගත්. 3.

ජලට්ඨ = දියේ පිහිටි. 3.

ජලිත = දැල්වුණු, දිලිසෙන. 3.

ජව = වේගය. පු.

ජහාර = අත්හැරියේලු


ජහිත = හාරන ලද. 3.

ජහිත්‍වා = හැරදමා

ජාත = උපන්, වූ, හටගත්. 3.

ජාතරූප = රන්කාසි. න.

ජාති = ඉපදීම, වර්‍ගය. ඉ.

ජානන්ත = දන්නා වූ. 3.

ජානපදික = ජනපද වැසියා. පු.

ජානාති = දනී

ජානිත = දන්නා ලද. 3.

ජානිතුං = දැනගන්ට. නි.

ජායති = උපදී

ජායත්තන = භාර්‍ය්‍යාබව. න.

ජාරන්තන = සොරසැමි බව. න.

ජාලික = දැලින් සතුන් මරන්නා.

      පු.

ජිණ්ණ = දිරුණු, දිරාගිය. 3.

ජිත = දිනූ

ජිතින්‍ද්‍රිය = දිනූ ඉඳුරන් ඇති. 3.

ජින = බුදුරද. පු.

ජීවිකා = ජීවිකාව. ඉ.

ජීවිත = ප්‍රාණය. න.

ජෙට්ඨ = දෙටු, වැඩිමහලු. 3.

ජෙට්ඨක = ප්‍ර‍ධාන වූ. 3.

ජෙය්‍ය = දිනිය යුතු. 3.

ජොතන්ත = බබළන. 3.

ඣාන = ධ්‍යානය. න.

ඣාපිත = දවන ලද. 3.

ඣාම = දැවුණු, පිලිස්සුණු. 3.

ඣායති = කල්පනා කරයි

ඤත්වා = දැන. පූ. ක්‍රි.

ඤාතය්‍ය = දතයුතු. 3.

ඤාති = නෑයා. පු.

ඤාතු = දන්නා. පු.

ඤෙය්‍ය = දතයුතු. 3.

 

 

ඨපිත = තබන ලද. 3.

ඨපෙත්‍වා = තැබිය යුතු. 3.

ඨපෙතබ්බ = තැබිය යුතු. 3

ඨපෙතුං = තබන්ට. නි.

ඨාතුං = සිටින්ට. නි.

ඨාන = සිටීම‍, තැන. න.

ඨානසො = කාරණ වශයෙන්.

      නි.

ඩය්හති = දැවේ

තච = පොත්ත, සම. පු.

තජ්ජෙත්‍වා = තර්ජනය කොට

තණ්ඩුලික = සහල් වෙළෙන්දා.

      පු.

තණ්හක්ඛය = තෘෂ්ණාව ක්‍ෂය

      කිරීම. පු.

තණ්හානුසය = මුල් බැසගත්

      තෘෂ්ණාව. 3.

තත්ත = රත් වූ. 3.

තථාගත = බුදුරද. පු.

තථාපි = එසේ ද වුවත්, නමුත්.

      නි.

තනොති = පතුරුවයි

තන්තවාය = රෙදි වියන්නා. පු.

තප = තපස, ශීලය. පු. න.

තපස්සී = තාපසයා. පු.

තපස්සිනී = තාපසිය. ඉ.

තපොධන = පැවිද්දා, ශීලය

      ධනය කොට ඇත්තා. පු.

තප්පිය = සන්තර්‍පණය කොට

      පූ. ක්‍රි.

තම = අන්‍ධකාරය. පු. න.

තමොනුද = අන්‍ධකාරය දුරු

      කරන. 3.

තම්බභාජන = තඹ භාජනය. න.


 

තම්බූල = බුලත්. න.

තය = තිදෙනගේ සමූහය. න.

තරමාන = එතරවෙන. 3.

තරිතුකාම = එතර වෙනු කැමති.

      3.

තරුසණ්ඩ = ගස් සමූහය. පු.

තසිත = තැතිගත්. 3.

තස්මා = එහෙයින්. නි.

තහිං = එහි. නි.

තාත = පියා, දරුවා. පු.

තාදිස = එවැනි. 3.

තාපස = තාපසයා. පු.

තාපසී = තාපසිය. ඉ.

තාපිත = රත්කළ. 3.

තාරකා = තරුව. ඉ.

තාල = තල්ගස. පු.

තාලපණ්ණ = පුස්කොළ. න.

තාවතක = එපමණ. 3.

තාවතිංස (දෙවලොක) =

      තව්තිසා (දෙව්ලොව). පු.

තාළ = තූර්‍ය්‍යවාදනය. පු. න.

තික = තුනේ සමූහය. න.

තිචීවර = තුන්සිවුර. න.

තිට්ඨමාන = සිටින, සිටිමින්. 3.

තිණ්ණ = එතර වූ. 3.

තිත්ති = තෘප්තිය, සෑහීම. ඉ.

තිත්‍ථිය = තීර්‍ථකයා, අන්‍ය               

      දෘෂ්ටිකයා. පු.

තිත්‍ථියාරාම = තීර්‍ථකාරාමය. පු.

තිදණ්ඩ = එකට බැඳි දඬු තුන.

      න.

තිධා = තුන් ආකාරයකින්. නි.

තිපිටක = තුන්පිටකය. න.

තිරො = සරස, හරස්ව. නි.

 

 

තිරොකුඩ්ඩං = බිත්තියෙන් එහා.

      ක්‍රි. වි.

තිලොක = තුන්ලොව. න.

තිට්ඨ = සතුටු වූ. 3.

තුණ්ඩිල = හොට ඇති. 3. පක්‍ෂි

      වර්‍ගයක්. පු.

තුණ්හී = නිශ්ශබ්ද. නි.

තුත්ත = ඇතාගේ කනට විදින

      කටුව. න.

තුරග = අශ්වයා. පු.

තුරිත තුරිතං = වහවහා. නි.

තෙජ = තේජස. පු. න.

තෙජස්සී = තේජස් ඇත්තා. පු.

තෙජොධාතු = උෂ්ණගුණය. ඉ.

තෙමෙතබ්බ = තෙමිය යුතු. 3.

තෙල = තෙල්. න.

තෙලික = තෙල් වෙළෙන්දා. පු.

ථම්භ = කුලුන, කණුව. පු.

ථලට්ඨ = ගොඩසිටි. 3.

ථලජ = ගොඩ හටගත්. 3.

ථාමදස්සී = බලය දකින්නා. 3.

ථුති = ස්තුතිය. ඉ.

ථූල = දළ වූ. තරවූ. 3.

ථෙර = ස්ථවිර, මහල්ලා. පු.

ථොක = ටික, න. ස්වල්ප වූ. 3.

දට්ඨය්‍ය = දැක්ක යුතු. 3.

දට්ඨුකාම = දකිනු කැමති. 3.

දඩ්ඪ = දැවුණු. 3.

දණ්ඩ = ලීය. පු.

දණ්ඩික = දඬු (අතේ) ඇති. 3.

දදමාන = දෙන, දෙමින්. 3.

දන්ත = දැමුණු, හික්මුණු. 3.

දන්තකට්ඨ = දැහැටි. න.

දබ්බ = ද්‍ර‍ව්‍යය. න.


දබ්බී = සැන්ද. ඉ.

දමිළ = දෙමළා. පු. දෙමළ රටෙහි

      වූ. 3.

දමෙති = හික්මවයි: මැඩපවත්වයි

දයා = කරුණාව. ඉ.

දයාලු = කරුණාධික වූ. 3.

දස්සන = දැකීම. න. (දස්සනාය =

      දැකීමට)

දස්සෙති = දක්වයි, පෙන්වයි

දස්සෙන්ත = දක්වමින්. 3.

දහාපෙති = දවන්ට සලස්වයි

දළ්හ = දැඩි, ස්ථිර. 3.

දළ්හං = දැඩිකොට. ක්‍රි. වි.

දළිද්ද = දිළින්දා. පු. දිළිඳු. 3.

දඨාධාතු = දළදාව. ඉ.

දාතබ්බ = දිය යුතු. 3.

දාතුකාම = දෙනු කැමති. 3.

දානපති = දීමෙහි ස්වාමියා. පු.

දාපෙතු = දෙවන්නා. පු.

දාමරික = කැරලිකාරයා. පු.

දායක = දෙන්නා. පු.

දාර = භාර්‍ය්‍යාව. පු.

දාරක = දරුවා. පු.

දාරිකා = දැරිය, ගෑණු ළමයා. ඉ.

දාරුමය = ලීයෙන් සෑදූ. 3.

දාළිද්දිය = දිළිඳු බව. න.

දිගුණ = ද්විගුණ වූ. 3.

දිජ = පක්ෂියා, බ්‍රාහ්මණයා. පු.

දිට්ඨ = දුටු. 3.

දිත්ත = ඇවුලුණු, ඇවිලගත්. 3.

දිනකර = සූර්‍ය්‍යයා. පු.

දිබ්බ = දිව්‍ය, දෙවියන් පිළිබඳ. 3.

දිබ්බති = ක්‍රීඩා කරයි

දිබ්බසම්පත්ති = දිව්‍ය සම්පත. ඉ.

 

 

දියඩ්ඪ = එකහමාර. පු.

දිසාපාමොක්ඛ = ප්‍රදේශයකට

      අධිපති වූ. 3.

දිස්සති = පෙනේ, දක්නා ලැබේ

දිස්සමාන = පෙනෙන,

      පෙනෙමින්. 3.

දීඝරත්තං = දීර්‍ඝකාලයක්. ක්‍රි. වි.

දීන = බැගෑපත්, දිළිඳු. 3.

දීපද = පහන් දෙන. 3.

දීයති = දෙනු ලැබේ

දුක්කර = (කරන්ට) අපහසු. වූ. 3.

දුක්ඛිත = දුකටපත්, දුප්පත්. 3.

දුග්ගහිත = වරදවාගත්. 3.

දුච්චරිත = නරක හැසිරීම. න.

දුට්ඨ = නපුරු, දූෂිත වූ. 3.

දුද්දස = දැකීමට අපහසු. 3.

දුද්‍ධ = දොවින ලද. 3.

දුප්පරාමට්ඨ = වරදවා පිළිපැදි. 3.

දුබ්බල්‍ය = දුර්‍වල බව. න.

දුබ්බිනීත = නොහික්මුණු

දුබ්බික්ඛ = ආහාර දුර්ලභත්‍වය. න.

දුම = ගස. පු.

දුල්ලභ = ලැබීමට අපහසු. 3.

දුවිධ = දෙයාකාර වූ. 3.

දුස්ස = වස්ත්‍ර‍ය. න.

දුස්සති = දූෂ්‍ය වේ. කෝප වේ.

දුස්සීල = සිල් නැති. 2.

දූත = දූතයා. පු.

දූරතො = දුරින්. නි.

දූසිත = දූෂණය කරන ලද. 3.

දෙය්‍ය = දිය යුතු. 3.

දෙවදූත = දෙවියන්ගේ දූතයා. පු.

දෙවරාජ = දෙවියන්ගේ රජ. පු.

දෙවලොක = දෙව්ලොව. පු.


 

දෙවසිකං = දවස්පතා. ක්‍රි. වි.

දෙසෙන්ත = දේශනා කරන. 3.

දෙහ = ශරීරය. පු. න.

දෙහනිස්සිත = ශරීරය ආශ්‍රිත වූ.

      3.

දොමනස්ස = නොසතුට. න.

දොවාරික = දොරටුපාලයා. පු.

දොස = දෝෂය, වරද. පු.

ධජ = ධ්වජය. පු.

ධජාලු = ධ්වජබහුල වූ. 3.

ධඤ්ඤ = ධාන්‍ය. න.

ධඤ්ඤමාය = ධාන්‍ය මනින්නා

      පු.

ධනබ්බය = ධන වියදම. පු.

ධනුග්ගහ = දුනුවායා. පු.

ධම්මකථික = බණ කියන්නා. පු.

ධම්මචක්ඛු = දහම් ඇස,

      ධර්‍මාවබෝධය. න.

ධම්මට්ඨ = ධර්‍මයෙහි පිහිටි. 3.

ධම්මධර = ධර්‍මය දරන. 3.

ධම්මරාජ = ධාර්මික රජ. පු.

ධම්මවිනය = ධර්‍මය හා විනය.

      පු.

ධම්මසංගීති = ධර්‍මසංගායනාව

      ඉ.

ධම්මාසන = ධර්‍මාසනය. න.

ධම්මික = ධර්‍මයෙහි පිහිටි. 3.

ධරමාන = ජීවත් වෙන. 3.

ධංසති = විනාශ වේ

ධාති = කිරිමව. ඉ.

ධාරාපෙති = දරන්ට සලස්වයි

ධාරෙති = දරයි, උසුලයි

ධිතිමන්තු = ධෛර්‍ය්‍ය ඇති. 3.

ධුත්ත = (සුරාදියෙහි) ලොල් අය.

 

 

      .පු

ධුනාති = කම්පා කෙරේ

ධොවන = සේදීම. න.

නක්ඛත්ත = නැකත. න.

නක්ඛත්තයොග = නැකත් යෙදීම

      පු.

නගරවාසී = නුවරවැසියා. පු.

නග්ගසමණ = නිගණ්ඨයා. පු.

නඞ්ගුල = නඟුල. න.

නඞ්ගුට්ඨ = නඟුට, වලිගය. න.

නච්ච = නැටීම. න.

නච්චති = නටයි.

නට්ඨ = විනාශ වූ. 3.

නභස = අහස. පු. න.

නමස්සති = වඳී.

නමස්සනීය = වැන්ද යුතු. 3.

නමස්සමාන = වඳින. වඳිමින්. 3.

නමස්සිත්‍වා = වැඳ

නර = මනුෂ්‍යයා. පු.

නව = අලුත්. 3.

නවඞ්ග = කොටස් නවයක් ඇති.

      3.

නහාත = නෑවා වූ. 3.

නහාපිත = ඇම්බැට්ටයා,

      කරනවෑමියා. පු. නාවනලද.3

නහුත = දසදහස. න.

නාගමාණවිකා = නාග කන්‍යාව

      ඉ.

නාගර = නුවර උපන්, නුවර වැසි

      3.

නාගරික = නගරයෙහි වූ. 3.

නාගින්‍ද = නාරජ. පු.

නාටිකා = නටන ස්ත්‍රිය. ඉ.

නාච්චාසන්න = ඉතා ළං නොවූ.


නාථ = පිහිට ඇති. 3. ස්වාමියා

      පු.

නානප්පකාර = නොයෙක්

      ආකාර ඇති. 3.

නානා = නොයෙක්. නි.

නානාවණ්ණ = නොයෙක්

      පැහැති. 3.

නානාසත්‍ථ = නොයෙක් ශාස්ත්‍ර‍.

      න.

නාභි = නැබ, පෙකණිය, බොස්

      ගෙඩිය. ඉ.

නාභිප්පමාණ = පෙකණිය පමණ

      උසැති. ඉ.

නාම = නම, අරූපධර්‍මය. න.

නායක = ප්‍ර‍ධානියා, බුදුරද. පු.

නාවික = නැවියා. පු.

නාවිකී = නාවික ස්ත්‍රී. ඉ.

නාසක්ඛි = නොහැකි විය

නාසෙති = නසයි, විනාශ කරයි

නිකායත්තය = නිකාය තුන. න.

නික්කුජ්ජිත = උඩුකුරු කළ. න.

නික්ඛමති = නික්මේ, පිටවේ

නික්ඛමන = නික්මීම. න.

නික්ඛිත්ත = තැබූ, දැමූ. 3.

නික්ඛිපිතබ්බ = දැමිය යුතු, තැබිය‍        යුතු. 3.

      යුතු. 3.

නිඛණාපෙත්‍වා = වළලවා

නිඛණියි = වළලන ලදි.

නිඛාත = හෑරූ, වැළලූ. 3.

නිඛිල = සියලු. 3.

නිඛිලවිජ්ජාලය = විශ්වවිද්‍යාලය

      පු.

නිගච්ඡති = විඳියි, ලබයි

නිගම = නියම්ගම. පු.

 

 

නිග්ගත = නික්මුණු. පු.

නිග්‍රොධ = නුග ගස. පු.

නිචය = රැස්කිරීම, රැස. පු.

නිදහිත්‍වා = නිදන්කොට

නිද්දරථ = දාහනැති. 3.

නිධන = ධනය නැති. 3.

නිධීයති = නිදන් කරනු ලැබේ

නින්‍දති = නින්දා කෙරේ

නිපච්ච = බිම වැටී. පූ. ක්‍රි.

නිපජ්ජති = හොවී, ලගී

නිපජ්ජිතබ්බ = නිදාගත යුතු. 3.

නිපන්න = වැදහොත්. ලැග සිටි

      3.

නිපුණ = දක්ෂ වූ. 3.

නිප්ඵන්න = සැදූ, නිපදුණු. 3.

නිප්ඵල = ඵලරහිත වූ. 3.

නිබද්‍ධං = නිතර. ක්‍රි. වි.

නිබ්බත්ත = උපන්. 3.

නිබ්බත්තති = උපදී, හටගනී

නිබ්බත්තෙති = උපදවයි

නිබ්බාණ = නිවන. න.

නිබ්බින්‍දති = කලකිරේ

නිබ්බුත = නිවුණු, සන්හුන්. 3.

නිබ්භය = භය නැති. 3.

නිමන්තයි = ආරාධනා කෙළේ ය

නිමන්තිය = ආරාධනා කොට

නිමන්තෙත්‍වා = ආරාධනා කොට

නිමුග්ග = ගිලුණු. 3.

නිම්මල = මලනැති, පිරිසිදු. 3.

නිම්මිත = මැවූ. 3.

නිම්මිණිත්‍වා = මවා. පූ. ක්‍රි.

නියොජෙති = යොදවයි

නිය්‍යාති = නික්මයේ

නිය්‍යානික = නිදහසට පමුණු


 

      වන

නිරන්තර = නිරතුරුව, අතර

      නැතිසේ. ක්‍රි. වි.

නිරය = නරකය. පු.

නිරුත්තර = ශ්‍රේෂ්ඨයකු නැති. 3.

නිරුපද්දව = උපද්‍ර‍ව නැති. 3.

නිරොග = රෝග නැති. 3.

නිවත්‍ථ = ඇඳගත්. 3.

නිවාරෙති = වළක්වයි

නිවාස = විසීම. පු.

නිවාසන = අඳින වස්ත්‍ර‍ය හෝ

      සිවුර. න.

නිවාසෙත්‍වා = ඇඳලා, වාසය

      කරවා. පූ. ක්‍රි.

නිවෙදෙති = දැනුම් දෙයි

නිවෙසන = ගෙය. න.

නිසජ්ජ = හිඳ. පූ. ක්‍රි.

නිසාකර = චන්‍ද්‍ර‍යා. පු.

නිසීදිතබ්බ = හිඳිය යුතු. 3.

නිස්සාය = නිසා ආශ්‍ර‍ය කොට

      පූ. ක්‍රි.

නිස්සිත = ආශ්‍රිත වූ. 3.

නිස්සෙණි =  හිණිමග, තරප්පය.

      ඉ.

නිහච්ච = හපා, ඔබා, මැඩ. පූ. ක්‍රි.

නීත්‍වා = ගෙනගොස්

නීයති = ගෙනයනු ලැබේ

නීවරණ = සිතේ දියුණුවට

      බාධක ක්ලේශය. න.

නීහට = නෙරපූ, පිටතට ගත්. 3.

නීහරති = නෙරපයි, ඉවත් කරයි

නීහරිතබ්බ = ඉවත් කළ  යුතු,

      පිටතට ගෙන යා යුතු. 3.

නීහරිත්‍වා = නෙරපා

 

 

නෙපුඤ්ඤ = දක්ෂ බව. න

නෙමි = රෝදපට්ටම. ඉ.

නෙය්‍ය = ගෙන යා යුතු.

      අවබෝධ කළ යුතු. 3.

නෙරයික = නරකයට අයත්. 3.

නො = නෑ, නොවේ. නි.

පකාසෙති = ප්‍ර‍කාශ කරයි.

පකාසෙතුං = ප්‍ර‍කාශ කරන්ට. නි.

පක්ක = පැසුණු, ඉදුණු,

      කැකෑරුණු, පිසන ලද. 3.

පක්කන්ත = ගිය. 3.

පක්කමති = යයි

පක්කමි = ගියේය

පක්කොසිත්‍වා = කැඳවා.

පක්ඛන්‍දිත්‍වා = පැන, වැදී

පක්ඛාලෙත්‍වා = සෝදා

පක්ඛිත්ත = දමන ලද. 3.

පග්ගය්හ = ඔසවාගෙන. පූ. ක්‍රි.

පඞ්ක = මඩ. පු.

පඞ්කජ = පියුම. න.

පඞ්කෙරුහ = නෙළුම් මල. න.

පචන = පිසීම. න.

පචිත = පිසූ. 3.

පච්චත්තං = තමතමා විසින්.

      ක්‍රි. වි.

පච්චන්තිම = දුර පිහිටි. 3.

පච්චාගච්ඡති = හැරී එයි

පච්චාජාත = උපන්. 3.

පච්චුපට්ඨාපෙතුං = (සිහිය)

      එළවාගන්නට. නි.

පච්චුග්ගමන = පෙරගමන. න.

පච්චෙකබුද්‍ධ = පසේබුදුවරයා.

      පු.

පච්චාභත්ත = හවස්වරුව. න.

පච්ඡාසමණ = පස්සෙන් යන

      පැවිද්දා. පු.

පච්ඡිම = පසු වූ, බටහිර. 3.

පච්ඡිමයාම = රාත්‍රියේ අවසාන

      කොටස. පු.

පජානාති = මනාසේ දනී

පඤ්චදසී = පසළොස්වක. ඉ.

පඤ්චවග්ගිය = පස්දෙනාගේ

      සමූහයට අයත්

පඤ්චවණ්ණ = වර්‍ණපසක් ඇති

      3.

පඤ්ඤත්ත = පැණවූ, පිළියෙළ

      කළ. 3.

පඤ්ඤාපෙතබ්බ = පිළියෙළ කළ

      යුතු. 3.

පඤ්ඤායි = ප්‍ර‍කට විය

පඤ්ඤාවුද්‍ධි = නුවණ වැඩීම. ඉ.

පඤ්හ = ප්‍ර‍ශ්නය 3.

පක්කමති = පස්සට යේ

පටික්කූල = පිළිකුල් වූ. 3.

පටික්ඛිපති = නැත හෝ එපාය

      කියයි, ප්‍ර‍තික්‍ෂෙප කරයි

පටිග්ගණ්හාති = පිළිගනී

පටිග්ගහෙතබ්බ = පිළිගත යුතු. 3.

පටිච්ච = නිසා. පූ. ක්‍රි.

පටිච්ඡන්න = වැසුණු. 3.

පටිපජ්ජිතබ්බ = පිළිපැදිය යුතු. 3.

පටිජානාති = පොරොන්දුවේ

පටිඤ්ඤා = පොරොන්දුව. ඉ.

පටිනිස්සජ්ජති = අත්හරී,

පටිපජ්ජති = පිළිපදී

පටිපුච්ඡති = නැවත විචාරයි

පටිභාති = වැටහේ

පටිමාඝර = පිළිමගෙය. න.

 

 

 

පටියත්ත = පිළියෙළ කළ. 3.

පටිරාජ = විරුද්‍ධ රජ. පු.

පටිලභති = නැවත ලබයි

පටිවචන = උත්තරය. න.

පටිවාත = උඩුසුළඟ. න.

පටිවිස්සක = අසල්වැසි. 3.

පටිවෙදෙති = දැනුම් දෙයි.

පටිවෙධ = අවබෝධය. පු.

පටිසංඛරොති = ප්‍ර‍තිසංස්කරණය

      කරයි.

පටිසාමෙතබ්බ = තැන්පත් කළ

      යුතු. 3.

පටිස්සුණිත්‍වා = පොරොන්දු වී,

      උත්තර දී

පටිහත = හැපුණු. 3.

පට්ඨාය = (එතැන්) පටන්. පූ. ක්‍රි.

පඨමජ්ඣාන = ප්‍ර‍ථමධ්‍යානය. න.

පඨවී = පොළොව. ඉ.

පණිදහති = ප්‍රාර්‍ථනාකරයි

පණීත = රසවත්, උසස්. 3.

පණීතතර = වඩා උසස් හෝ

      රසවත්. 3.

පණ්ඩව = පණ්ඩුවංශයෙහි වූ. 3.

පණ්ඩිච්ච = පණ්ඩිතබව. න.

පණ්ඩිතක = නින්දා ලැබිය යුතු

      පණ්ඩිතයා. පු.

පණ්ඩිතමානී = පණ්ඩිතයයි සිතා

      ගත් අය. පු.

පණ්ණරසී = පසළොස්වක. ඉ.

පණ්ණසාලා = පන්සල. ඉ.

පණ්ණාකාර = පඬුර, තෑග්ග. පු.

පතාකා = කොඩිය. ඉ.

පතිකුල = සැමියාගේ පවුල හෝ

      ගෙය. න.

පතිට්ඨහති = පිහිටයි.


 

පතිට්ඨහිස්ස = පිහිටන්ට තිබුණි.

පතිට්ඨාපයමාන = පිහිටුවන,

      පිහිටුවමින්. 3.

පතිට්ඨාපිත = පිහිටුවන ලද. 3.

පතිට්ඨාපෙති - පිහිටුවයි.

පතිත = වැටුණු. 3.

පතිමණ්ඩිත = යුක්ත වූ. 3.

පතිරූප = සුදුසු, සමානව

      පෙනෙන. 3.

පත්ත = පාත්‍ර‍ය. පු. කොළය. න.

      පැමිණි 3.

පත්තගාහ = පාත්‍ර‍ය ගන්නා. පු.

පත්තපරියාපන්න = රාත්‍රියෙහි වූ

      දෙය. න.

පත්තය්‍ය = පැමිණිය යුතු. 3.

පත්ති = පාබළ සෙනග. ඉ.

පත්තුං = පැමිණෙන්ට. නි.

පත්‍ථනා = පැතීම. ඉ.

පත්‍ථට = පැතුරුණු. 3.

පත්‍ථරති = පැතිරේ

පත්‍ථෙති = පතයි

පත්‍ථිය = පැතිය යුතු

පත්‍ථෙන්ත = පතන, ප තමින්. 3.

පත්‍ථොදන = දෝතක බත්. න.

      පු.

පථික = මගියා. පු.

පදක්ඛිණා = වටේ යාම. ඉ.

පදසො = පද වශයෙන්. නි.

පදික = පයින් යන. 3.

පදෙස = ප්‍රදේශය. පු.

පධංසිය = විනාශ කළ හැකි. 3.

පන්‍ථක = නමක්, මගියා. පු.

පපාත = ප්‍ර‍පාතය. පු.

පප්පොති = පැමිණේ

 

 

පබොධෙති = පුබුදුවයි, නින්දෙන්

      නැගිටුවයි.

පබ්බජති = පැවිදි වේ.

පබ්බජන්ත = පැවිදිවෙන. 3.

පබ්බජිත = පැවිදි වූ. 3. පැවිද්දා

      පු.

පබ්බජිතුං = පැවිදිවෙන්ට. නි.

පබ්බජිස්ස = පැවැදි වී නම්

පබ්බජ්ජ = පැවිදිවී. පූ. ක්‍රි.

පබ්බජ්ජා = පැවිදිවීම. ඉ.

පභවති = ගලාබසී, පටන්ගනී

පභාසෙති = බබුළුවයි

පමජ්ජ = ප්‍ර‍මාදව. පූ. ක්‍රි.

පමජ්ජති = ප්‍ර‍මාද වේ

පමත්ත = ප්‍ර‍මාදයට පැමිණි. 3.

පය = කිරි, ජලය. න.පු.

පයිරුපාසති = ආශ්‍ර‍ය කරයි

පයොජන = යෙදවීම,

      ප්‍රයෝජනය. න.

පයොජයිස්සා = යෙදවී නම්

පයොනිධි = සාගරය. පු.

පරක්කම = බලවත් වීර්‍ය්‍යය. පු.

පරක්කමති = මහත් වීර්‍ය්‍ය කරයි

පරලොක = පරලොව. පු.

පරං = පසුව, මත්තෙහි. ක්‍රි. වි.

පරාජෙති = පරදවයි

පරාභව = පිරිහීම. පු.

පරාමසති = අතගායි, ස්පර්‍ශ කරයි.

පරික්ඛිත්ත = වටකළ. 3.

පරික්ඛිපිත්‍වා = වටකොට

පරික්ඛීණ = ගෙවීගිය. 3.

පරික්ඛෙප = වටකිරීම. පු.

පරිචරති = සේවය කරයි

පරිචරිතබ්බ = සේවය කටයුතු. 3.


පරිචාරක = (පුරිස) = සේවක

      (පුරුෂයා). පු.

පරිච්චජති = හැරදමයි, පරිත්‍යාග

      කරයි.

පරිච්ඡින්‍දති = සීමා කරයි.

පරිදහිත්‍වා = ඇඳගෙන

පරිදෙවමාන = වැළපෙන,

      වැලපෙමින්. 3.

පරිධාවති = හාත්පස දුවයි.

පරිධාවන = ඔබනොබ දිවීම. න.

පරිනිබ්බාණ = පිරිනිවීම. න.

පරිනිබ්බාති = පිරිනිවේ, සන්සිඳේ

පරිනිබ්බුත = පිරිනිවුණු. 3.

පරිපුණ්ණ = පිරුණු. 3.

පරිබ්බාජක = ඇවිදින පැවිද්දා.

      පු.

පරිභාසති = ආක්‍රෝශ කරයි.

පරිමජ්ජති = අතගායි, පිරිමදී

පරියත්තිධම්ම = පර්‍ය්‍යාප්ති ධර්‍මය

      පු.

පරියාය = ආකාරය. පු.

පරියෙසමාන = යොයන,

      සොයමින්. 3.

පරියෙසි = සෙවීය

පරියොදපනා = පිරිසිදු කිරීම. 3.

පරිවජ්ජෙති = දුරු කරයි

පරිවත්තන්ත = පෙරළෙමින්. 3.

පරිවත්තිත්‍වා = පෙරළී

පරිවත්තෙති = පෙරළයි, එක්

      බසකින් අන් බසකට නගයි

පරිවිසති = වළඳවයි

පරිවාරීයති = පිරිවරනු ලැබේ.

පරිවුත = පිරිවැරූ. 3.

පරිහරති = පාවිච්චි කරයි

 

 

පරිහායති = පිරිහේ

පරූළ්හ = ඉතා වැඩුණු. 3.

පලාපෙති = පලවා හරියි

පලාල = පිදුරු. පු. න.

පලුද්ධභාව = ඉතා ලොල් බව

      පු.

පල්ලඞ්ක = ඇඳි නැති ආසනය

      පු.

පරිවත්තති = පවතී

පවත්ති = ප්‍ර‍වෘත්තිය, පැවැත්ම. ඉ.

පවර = උතුම්. 3.

පවාසී = සියදෙසින් පිට

      වසන්නා. පු.

පවිට්ඨ = ඇතුළු වූ. 3.

පවිසනකාල = ඇතුළු වන

      කාලය. පු.

පවිසිතබ්බ = ඇතුළු විය යුතු.

පවිස්ස = ඇතුළුවී. පූ. ක්‍රි.

පවුච්චති = කියනු ලැබේ

පවෙදන = දැන්වීම. න.

පවෙධමාන = වෙවුලන. 3.

පවෙසති = ඇතුළු කරවයි

පසත්‍ථ = පසස්නා ලද. 3.

පසන්න = පැහැදුණු, සතුටු වූ. 3.

පසය්හ = බලාත්කාර කොට

පසාදෙත්‍වා = පහදවා. පූ. ක්‍රි.

පසාදෙති = පහදවයි

පසාරෙත්‍වා = දිගහැර, දිගුකොට.

පසිබ්බක = පසුම්බිය. පු.

පසීදති = පහදී

පසීදිත්‍වා = පැහැද

පස්සන්ත = බලන, බලමින්. 3.

පස්සිතුකාම = දකිනු කැමති. 3.

පහට = පහර ලැබූ. 3.


 

පහාය = හැරදමා, දුරුකොට.

      පූ. ක්‍රි.

පහිණාති = යවයි, එවයි.

පහිණි = යැව්වේය.

පහීන = දුරුකළ, දුරුවූ. 3.

පාක = පිසීම. පු.

පාකට = ප්‍ර‍කට වූ. 3.

පාකාර = ප්‍රාකාරය. පු.

පාචෙන්ත = පිසවන, පිසවමින්.

      3.

පාචන = කෙවිට. න.

පාජෙන්ත = පදවන. 3.

පාටව = දක්ෂබව. පු.

පාටිහාරිය = ප්‍රාතිහාර්‍ය්‍යය. න.

පාණක = සත්‍වයා, කුඩා සතා.

      පු.

පාණී = පණැති සතා. පු.

පාතීයති = හෙළනු ලබයි

පාතුකාම = බොනු කැමති. 3.

පාතුභවති = පහළ වේ.

පාතුභූත = පහළ වූ. 3.

පාතුරහොසි = පහළ විය.

පාත්‍වා = බී. පූ. ක්‍රි.

පාථෙය්‍ය = මාර්‍ගෝපකරණ. න.

පාදප = ගස. පු.

පාදමූල = පාමුල. න.

පානක = බොන දේ. න.

පාප = පව් ඇති. 3.

පාපතර = වඩා පව් ඇති. 3.

පාපතම = ඉතා පව් ඇති. 3.

පාපී = පව්කාරයා

පාපුණන = පැමිණීම. න.

පාපුණාති = පැමිණේ

පාපුණිතුං = පැමිණෙන්ට. නි.

 

 

පාපුණිස්ස = පැමිණෙන්ට

      තිබුණි.

පාපෙතබ්බ = පැමිණවිය යුතු. 3.

පාපෙති = පමුණුවයි

පාමොජ්ජ = ප්‍රීතිය. න.

පායාස = කිරිබත. පු.

පායෙති = පොවයි

පාරුත = පොරවාගත්. 3.

පාරුපිත්‍වා = පොරවා

පාලක = රකින්නා. පු.

පාලන = රැකීම. න.

පාලෙතු = රකින්නා. පු.

පාවක = ගින්න. පු.

පාස = පුඩුව. පු.

පාහෙසි = යැවීය

පීඨ = පිට, මතුපිට. න.

පිණ්ඩාය = පිඬු (ආහාර) පිණිස

පිතුසන්තක = පියා සතු. 3.

පිදහිත්‍වා = වසා

පිධාන = පියන. න.

පිපාසිත = පිපාසා ඇති. 3.

පියායීයති = ප්‍රිය කරනු ලැබේ.

පිවන්ත = බොන, බොමින්. 3.

පිහිත = වසන ලද. 3.

පීඨක = කුඩා පුටුව. න.

පීත = බොන ලද, කසාවන්. 3.

පීයති = බොනු ලැබේ

පීළිත = පෙළුණු, මැඩුණු. 3.

පුග්ගල = පුද්ගලයා. පු.

පුච්ඡි = විචාළේ ය

පුච්ඡිත = විචාරන ලද. 3.

පුට්ඨ = විචාරන ලද. 3.

පුණ්ඩරීක = හෙළපියුම. න.

පුණ්ණ = පිරුණු. 3.


පුණ්ණමී = පසළොස්වක. ඉ.

පුත්තක = කුඩා පුත්‍ර‍යා. පු.

පුත්තිම = පුතුන් ඇති. 3.

පුථුජ්ජන = ධර්‍මාවබෝධය

      නොකළ අය. පු.

පුනප්පුන = නැවත නැවත. නි.

පුනබ්භව = නැවත ඉපදීම. පු.

පුප්ඵන්තර = මල් අතර, මල් වර්‍ග

      න.

පුබ්බඞ්ගම = ඉදිරියෙහි යන. 3.

පුබ්බජාති = පෙරභවය. ඉ.

පුරක්ඛත්‍වා = ඉදිරියෙහි කොට

පුරත්‍ථා = නැගෙනහිර. නි.

පුරත්‍ථිම = නැගෙනහිර වූ. 3.

පුරාතන = පෙරකලැ වූ. 3.

පුරිම = පූර්‍ව වූ. 3.

පුරෙතරං = පළමුවෙන් ම. නි.

පුරෙභත්ත = උදයකාලය. පු.

පුරොහිත = රජුගේ ප්‍ර‍ධාන අනු

      ශාසකයා. පු.

පූජයිත්‍වා = පුදා

පූජෙතබ්බ = පිදිය යුතු. 3.

පූති = කුණු වූ. 3.

පෙම = ප්‍රේමය. න.

පෙය්‍ය = බිය යුතු, බිය හැකි. 3.

පෙසෙති = යවයි, එවයි

පෙසෙත්‍වා = යවා, එවා

පෙසෙන්ත = යවන, එවන. 3.

පොතක = පැටියා. පු.

පොත්‍ථක = පොත. පු. න.

පොථෙන්ත = තළමින්, හපමින්

      3.

පොසාවනික = පෝෂණයට දිය

      යුතු ධනය. න.

 

 

පොසිත = පෝෂණය කළ. 3.

පොසෙතබ්බ = පෝෂණය කළ

      යුතු. 3.

පොසෙති = පෝෂණය කරයි

ඵරන්ත = පතුරුවන. 3.

ඵරිතබ්බ = පැතිරවිය යුතු. 3.

ඵරිත්‍වා = පතුරුවා

ඵලජාති = ගෙඩි වර්‍ගය. ඉ.

ඵලති = පැළේ

ඵලිකමය = පළිඟුවෙන් කළ. 3.

ඵලිත = පැළුණු. 3.

ඵාලෙත්‍වා = පළා

ඵෙණපිණ්ඩ = පෙණපිඬ. පු.

ඵෙණිල = පෙණෙල ගස. පු.

      පෙණබහුල වූ. 3.

බජ්ඣති = බැඳේ

බද්‍ධ = බඳින ලද. 3.

බන්‍ධන = බැම්ම. න.

බන්‍ධනීය = බැන්ද යුතු, බැඳීමට

      හේතු වූ. 3.

බන්‍ධිතබ්බ = බැන්ද යුතු. 3.

බභූව = වීලු (පරොක්ඛා)

බලක්කාර = බලාත්කාරය. පු.

බලද = බලය දෙන. 3.

බලිවද්ද = ගොනා. පු.

බව්හාබාධ = බොහෝ රෝග ඇති

      3.

බහිනගර = පිටිනුවර. න.

බහුක්ඛත්තුං = බොහෝ වරක්. නි.

බහුධා = බොහෝ ආකාරවලින්.

      නි.

බහුසො = බොහෝ සේ. නි.

බහුස්සුත = බොහෝ දේ උගත්

      3.


 

බාරාණසී = බරණැස් නුවර. ඉ.

බාලිසික = බිලිබාන්නා. පු.

බාල්‍ය = අඥාන බව. න.

බාහුසච්ච = බොහෝ උගත්බව.

      න.

බාළ්හ = දැඩි වූ. 3.

බීජ = ඇටය. න.

බුද්ධ = අවබෝධ කළ. 3. බුදුරද

      පු.

බුද්‍ධත්ත = බුදුබව. න.

බුද්‍ධසාසන = බුදුසස්න. න.

බුද්ධාදිච්ච = බුද්‍ධ නමැති සූර්‍ය්‍යයා

      පු.

බුද්‍ධුප්පාද = බුදුන් උපදනා කාලය

      පු.

බොජ්ඣඞ්ග = සත්‍යාවබෝධයේ ‍

      කොටස්. පු.

බොද්‍ධුං = අවබෝධ කරන්ට. නි.

බොධිපක්ඛිය = සත්‍යාවබෝධ

      පක්‍ෂයෙහි වූ. 3.

බොධිමණ්ඩ = බෝමැඩ, මහා

      බෝධිය පිහිටි තැන. පු.

බොධිසත්ත = බෝසත්. පු.

බ්‍ර‍හ්මචරියා = ශ්‍රේෂ්ඨ හැසිරීම. ඉ.

බ්‍ර‍හ්මලොක = බඹලොව. පු.

බ්‍රාහ්මණ = බමුණා. පු.

බ්‍රෑති = කියයි

භක්ඛණ = කෑම. න.

භග්ග = බිඳුණු. 3.

භට = යුද්‍ධභටයා. 3.

භජති = සේවනය කෙරේ

භාණ්ඩාගාරික = භාණ්ඩාගාරිකයා.

      පු.

භද්‍ර‍ = යහපත්. 3.

භන්ත = භ්‍රාන්ත වූ. කරකැවුණු.

 

      3.

භන්තෙ = ස්වාමීනි, (ආලපන)

භය = බිය, භයවීම. න.

භයදස්සාවී = භය දකින්නා. පු.

භයානක = භය උපදවන. 3.

භරති = පෝෂණය කරයි.

භරියා = භාර්‍ය්‍යාව. ඉ.

භවන = වීම, වාසස්ථානය. න.

භවන්ත = වෙන, වෙමින්. 3.

භවිතබ්බ = වියයුතු

භාගිනෙය්‍ය = බෑනා. පු.

භාගිනෙය්‍යී = ලේලී. ඉ.

භාජන = භාජනය. න.

භාජිත = බෙදූ, බෙදන ලද. 3

භාජෙති = බෙදයි

භාතික = සොහොයුරා. පු.

භාරවාගී = බර උසුලන්නා. පු.

භාරිය = බැරෑරුම්, පෝෂණය

      කළ යුතු. 3.

භාවෙති = වඩයි

භාසිත = කීම. න.

භික්ඛා = ආහාරය, සිඟීම. ඉ.

භික්ඛුනී = භික්‍ෂුණිය. ඉ.

භික්ඛුසංඝ = භික්‍ෂුසමූහය. පු.

භිජ්ජති = බිඳේ

භිස = නෙළුම් අල. න.

භිංකාර = කෙණ්ඩිය. පු.

භිංසන = භය උපදවන. 3.

භීත = බියපත් වූ. 3.

භුජ = අත. පු.

භුජග = සර්පයා. පු.

භුඤ්ජිතබ්බ = අනුභව කළ යුතු.

භුම්මට්ඨ = බිම පිහිටි. 3.

භූත = අමනුෂ්‍යයා, න. සිදුවූ. 3.


භූමික = මහල් ඇති. 3. (සමාස

      යෙහි පමණයි)

භූමිභාග = බිම්කොටස. පු.

භූමිචාල = භූමි කම්පාව. පු.

භූසාපෙත්‍වා = සරසවා

භෙත්‍වා = බිඳ. පූ. ක්‍රි.

භෙදන = බිඳීම. න.

භෙසජ්ජ = බෙහෙත. න.

භො = පින්වත. මිත්‍ර‍ය. නි.

භොග = මිනිසුන් ප්‍රයෝජනයට

      ගන්නා දේ. පු.

භොජන = ආහාරය. න.

භොජ්ජ = අනුභව කටයුතු දේ

      න.

භොජෙත්‍වා = වළඳවා

භොවාදී = බ්‍රාහ්මණයා. පු.

මකුට = ඔටුන්න. පු. න.

මක්කට = වඳුරා. පු.

මක්ඛිත = තැවරුණු, ගෑවුණු. 3.

මග්ගපෙදෙස = මංකොටස. පු.

මඞ්ගුල = මඟුල, උත්සවය. න.

      ශුභ වූ, රාජකීය. 3.

මඞ්ගලහත්‍ථි = රාජකීය ඇතා. පු.

මච්ඡ = මත්ස්‍යයා. පු.

මජ්ජප = මත්පැන් බොන. 3.

මජ්ඣිම = මධ්‍යයෙහි වූ. 3.

මඤ්චක = කුඩා ඇඳ. පු.

මඤ්ඤාති = හඟී, සිතයි

මට්ඨ = මට්ටම් කළ, මදින ලද.

      3.

මණ්ඩප = මඩුව, මණ්ඩපය. පු.

මණ්ඩි. = සැරසූ. 3.

මණ්ඩුක = මැඩියා. පු.

මණ්ඩෙසි = සරසයි

 

 

මත = දන්නා ලද. මළ. 3.

මත්කලෙබර = මළසිරුර. න.

මත්ත = මත් වූ. පමණැති. 3.

මත්තිකා = මැටි. ඉ.

මත්තිකාමය = මැටියෙන් කළ. 3.

මත්‍ථක = මුදුන = පු. මත්‍ථකෙ

      = මත්තෙහි

මද්දති = මඩියි, පාගයි,

මද්දිත = මඩින ලද, පාගන ලද. 3.

මධුර = මිහිරි. 3.

මනසිකාර = මෙනෙහි කිරීම. පු.

මනුස්සත්ත = මිනිස් බව. න.

මනොති = සිතයි.

මනොමය = සිතින් හටගත්. 3.

මනොසෙට්ඨ = සිත ප්‍ර‍ධාන

      කොට ඇති. 3.

මන්තයති = කථාකරයි

මන්තයමාන = කථාකරන. 3.

මන්ත = හඟින්නා. පු.

මන්ත්‍වා = සිතා. පූ. ක්‍රි.

මරම්ම = බුරුම රටට අයත්. 3.

මරිචවට්ටිචෙතිය = මිරිසවැටි

      සෑය.

මරු = දෙවියා. පු.

මල = මලකඩ. කිලුට. න.

මල්ල = මල්ලවංශිකයා. පොර          

      බදන්නා.

මල්ලිකා = සීනිද්ද. ඉ.

මහන්ත = පුදන, පුදමින්, මහත් 3.

මහප්ඵල = මහත්ඵලැති. 3.

මහල්ලක = මහලු. 3.

මහාජන = මහාජනයා. පු.

මහාජානික = මහත් විපතටපත්

      3.


 

මහානිසංස = මහත් අනුසස් ඇති

      3.

මහාපඨවී = මහපොළොව. ඉ.

මහාපුරිස = බෝසතාණෝ. පු.

මහාමුනි = බුදුරද. පු.

මහාරහ = ඉතා වටිනා. 3.

මහාලාභ = මහත් ලාභය. පු.

මහාසමණ = බුදුරද. පු.

මහිත = පුදන ලද. 3.

මහිස = මීමා. පු.

මහෙසි = රාජදේවිය. ඉ.

මහොඝ = මහසැඬපහර. පු.

මංස = මස්. න.

මාගධ = මගධරට උපන් හෝ

      එයට අයත්. 3.

මාගධික = මගධ රටට අයත්. 3.

මාණව = තරුණයා, මිනිසා. පු.

මාණවක = තරුණයා. පු.

මාණවී = තරුණිය. ඉ.

මාතික = මවගෙන් ආ. 3.

මාතුකුච්ඡි = මවුකුස. පු. ඉ.

මාතුට්ඨාන = මවුතනතුර. න.

මාතුලජනපද = මාතලේ පෙදෙස

මානස = සිත, න. සිත පිළිබඳ. 3.

මානසික = සිතෙහි හටගත්. 3.

මානෙතබ්බ = බුහුමන් කළයුතු. 3.

මාපෙත්‍වා = මවා

මායාවී = මායාදන්නා. පු.

මාර = මාරයා. පු.

මාරයිස්සා = මැරුවේ නම්.

මාරාපෙතුං = මරවන්ට. නි.

මාරිත = මරන ලද. 3.

මාරිස = මාවැනි. 3.

මාරෙතු = මරවන්නා. පු.

 

 

මාරෙතුං = මරන්ට. නි.

මාලක = මළුව. පු.

මාලික = මාලා ඇති. 3.

මාලිනී = මාලා ඇත්තී. ඉ.

මාලුත = වාතය. පු.

මාහිස = මීහරක් මස්. න.

මිත = මණින ලද. 3.

මුඛ = මූණ, කට. න.

මුඛොදක = මූණ සේදීමට දිය

      න.

මුඛපදුම = මූණ නමැති පියුම.

      න.

මුච්චති = මිදේ, නිදහස් වේ.

මුච්ඡනීය = මූර්ජා වියයුතු. 3.

මුඤ්චති = මුදයි, මිදේ

මුඤ්චිතුකාම = මිදෙනු කැමති.

      3.

මුඤ්චිත්‍වා = මුදා, අත්හැර

මුට්ඨිමත්ත = මිටක් පමණ. 3.

මුත්ත = මිදුණු, ගැලවුණු. 3.

මුද්‍ධා = හිස. පු. (මුද්‍ධ - ශබ්දය)

මුදුක = මෘදුවූ. 3.

මුදුතා = මෘදුබව. ඉ.

මුසා = බොරුව. නි.

මුහුත්ත = මොහොත. පු.

මූල = මුල, මිල. න.

මූළ්හ = මුළා වූ. 3.

මෙණ්ඩ = බැටළුවා. පු.

මෙත්තා = මෛත්‍රිය. ඉ.

මෙත්තචිත්ත = මෛත්‍රී සිත. න.

මෙධාවී = නුවණැත්තා. පු.

මෙධාවිනී = නුවණැත්තී. ඉ.

මෙය්‍ය = මැනිය යුතු. 3.

මොක්ඛ = මිදීම, නිවන. පු.


යක්ඛ = යක්‍ෂයා. පු.

යක්ඛිනී = යකින්න. ඉ.

යථාකම්මං = පිළිවෙළින්. ක්‍රි. වි.

යථාධම්මං = ධර්‍මයට එකඟ වන

      සේ. ක්‍රි. වි.

යථාභිරන්තං, යථාභිරත්ත = රුචිය

      ඇතිතාක්. ක්‍රි. වි.

යථාසත්තිං = ශක්ති පරිදි. ක්‍රි. වි.

යස = සම්පත, පිරිවර, කීර්තිය.

      පු. න.

යසස්සී = කීර්තිමත්. පු.

යාචිත = ඉල්ලූ, ඉල්වන ලද. 3.

යාත = ගිය. 3.

යාති = යයි

යාත්‍වා = ගොස්. පූ. ක්‍රි.

යාන = රථාදිය. න.

යානද = යානයන් දෙන. 3.

යාම = රාත්‍රියේ තුනෙන් කොටස.

      පු.

යාවජීවං = ජීවිතය ඇතිතාක්.

      ක්‍රි. වි.

යාවතක = යම් පමණ. 3.

යාවදත්‍ථ = ඕනෑ පමණ. 3.

යිට්ඨ = යාග කරන ලද. 3.

යුජ්ඣති = යුද්‍ධ කෙර්

යුජ්ඣිත්‍වා = යුද්‍ධ කොට

යුඤ්ජති = යෙදේ

යුත්ත = යෙදුණු, යොදන ලද. 3.

යුද්‍ධ = යුද්‍ධය. න.

යොග්ග = යෙදිය යුතු. 3. වාහනය

      න.

යොගී = භාවනාවෙහි යෙදුණු

      අය. පු.

යොජන = යොදුන. න.

 

 

යොජනික = යොදුනක්

      පමණැති. 3.

යොජාපෙත්‍වා = යොදවා

යොජෙත්‍වා = යොදා

යොධ = යුද්‍ධ භටයා. පු.

යොනිසො = නුවණින්. නි.

රක්ඛන්ත = රකින, රකිමින්. 3.

රජ = ධූලි, කිලුට. පු. න.

රජත = රිදී. න.

රජතපට්ට = රිදීතහඩුව. පු.

රජතමය = රිදියෙන් සෑදූ. 3.

රජන = සායම්වතුර. න.

රජනීය = ඇලිය යුතු.

රජ්ජසුඛ = රාජ්‍ය සැපය. න.

රජ්ජාභිසෙක = රාජ්‍යාභිෂේකය

රට්ඨවාසී = රටවැසියා. පු.

රත = ඇලුණු. 3.

රතන = රියන‍, වටිනාදෙය,

      රත්නය. න.

රත්තචන්‍දන = රත් සඳුන්. න.

රථකාර = වඩුවා. පු.

රථික = රථයෙන් හැසිරෙන. 3.

රමනීය = සිත් අලවන. 3.

රම්ම = රම්‍ය වූ. සිත්කලු. 3.

රව = ශබ්දය. පු.

රවමාන = නාදකරන, නාද

      කරමින්. 3.

රස = රසය. පු.

රාජ = රජ. පු.

රාජගෙහ = රජගෙය. න.

රාජධානි = රජු වසන නුවර. ඉ.

රාජනිවෙසන = රජගෙය. න.

රාජභවන = රජගෙය. න.

රුජති = රිදේ


 

රුට්ඨ = කෝප වූ. 3.

රුද්ධ = අවහිර කරන ලද. 3.

රුද්ධති = වළක්වයි, අවහිර කරයි

රූපක්ඛන්‍ධ = රූපසම්පත්. ඉ.

රූපසිරි = රූප සම්පත්. ඉ.

රූපියමය = රිදියෙන් කළ. 3.

රූහති = නැගේ, වැඩේ

රූළ්හ = නැංගා වූ. 3.

රොග = රෝගය. පු.

රොගී = රෝගියා. පු.

රොප = වවන්නා. පු.

රොපිත = වවන ලද. 3.

රොසිත = කෝප කරවන ලද. 3.

ලක්ඛ = ඉලක්කය. න.

ලග්ගික = එල්ලූ. 3.

ලඞ්කික = ලක්දිව උපන්. 3.

ලබුජ = දෙල්ගස. පු. දෙල්. න.

ලබ්භති = ලැබේ

ලභන්ත = ලබන, ලබමින්. 3.

ලභෙථ = ලබන්නේ ය

ලහුතා = සැහැල්ලු බව. ඉ.

ලාභ = ලාභය, ලැබීම. පු.

ලිඛිත = ලියන ලද. 3.

ලුද්දක = වැද්දා. පු.

ලුද්‍ධ = ලෝභී වූ. පු.

ලූණ = කැපූ, සිඳින ලද. 3.

ලෙණ = ගල්ලෙන. න.

ලෙය්‍ය = ලෙවකෑ යුතු දේ. න.

ලොකනායක = බුදුරද.  පු.

ලොකික = ලෝකයට අයත්. 3.

ලොකිය = ලෝකයෙහි වූ. 3.

ලොකුන්තර = ලෝකය ඉක්ම වූ.

      3.

ලොණික = ලුණු වෙළෙන්දා. පු.

 

 

      ලුණෙන් මිශ්‍ර‍ වූ. 3.

ලොහපාසාද = ලෝමහපාය. පු.

ලොහමය = ලෝහයෙන් කළ. 3.

ලොහිත = ලේ, න. රතුපැහැති. 3.

ලොහිතචන්‍දන = රත්සඳුන්. න.

වච = වචනය, කීම. පු. න.

වජ = ගාල. පු.

වජ්ජ = දෝෂය, න. කියයුතු. 3.

වජ්ජිත = හැරදැමූ. 3.

වජ්ජීයති = දුරුකරනු ලැබේ

වඤ්චක = කපටියා. පු.

වට්ටගාමිණී අභය = වළගම්බා

      රජ. න.

වඩ්ඪෙතබ්බ = වැඩිය යුතු. 3.

වණිජ්ජා = වෙළඳාම. ඉ.

වණ්ණ = පාට, කීර්තිය. පු.

වණ්ණද = වර්‍ණය දෙන. 3.

වණ්ණිත = පසස්නා ලද. 3.

වති = වැට. ඉ.

වත්තමාන = පවත්නා. 3.

වත්තුං = කියන්ට. නි.

වත්‍ථද = වස්ත්‍රදෙන. 3.

වදන්ත = කියන, කියමින්. 3.

වධිත්‍වා = තළා, මරා

වනචර = වනයෙහි හැසිරෙන. 3.

වනප්පති = මල්නැති විශාල ගස.

      පු.

වනරාජි = වනරොද, කැලෑ පෙළ.

      ඉ.

වන්‍දති = වඳී

වන්‍දිය = වැඳ. පූ. ක්‍රි.

වපති (වපතෙ) = වපුරයි

වපාපෙත්‍වා = වපුරවා

වපිතබ්බ = වැපිරිය යුතු. 3.


වම්මි = යුද්‍ධ ඇඳුම් ඇත්තා. පු.

වය = වයස, පු. න. වියදම. පු.

වයප්පත්ත = වැඩිවිය පැමිණි. 3.

වයොහර = ආයුෂය පැහැර

      ගන්නා. 3.

වර = උතුම්. 3.

වසාපෙති = වාසය කරවයි

වසිත = විසූ. 3.

වස්සාන = වර්ෂා කාලය. න.

වස්සිත = වර්ෂා කාලයට යෝග්‍ය

      හෝ එයට අයත්. 3.

වහන්ත = උසුළන, උසුළමින්

වළවා = අශ්වදෙන, වෙළඹ. ඉ.

වංසික = නළාපිඹින්නා. පු.

වාක්‍ය = කියයුතු දේ. වාක්‍යය

      න.

වාචසික = වචනය සම්බන්‍ධ. 3.

වාචාල = දොඩමලු වූ. 3.

වාදිත = තූර්යය, තූර්යවාදනය.

      න.

වාදෙති = තූර්යවාදනය කරයි.

වාම = වම් (පැත්ත). 3.

වායති = හමයි

වායමන්ත = උත්සාහ කරමින්.

      3.

වාර = වාරය. පු. (ද්වෙ වාරෙ =

      දෙවරක්)

වාරිය = වැළැක්විය යුතු. 3.

වාරෙතුං = වළක්වන්ට. නි.

වාලධි = වලිගය. පු.

වාස = වස්ත්‍ර‍ය. පු. න. විසීම. පු.

වාසට්ඨාන = වසන තැන. න.

වාසිත = සුවඳකැවූ. 3.

වාසී = වැසියා. පු.

 

 

වාසෙට්ඨ = වශිෂ්ටගේ පරම්

      පරාවෙහි වූ. 2.

වාසෙති = වාසය කරවයි, සුවඳ

      කවයි

වාහන = උසුළා ගෙන යන

      දෝලාදිය. න.

වාහනාගාර = වාහන තබන ගෙය

      න.

විකති = වර්ගය. ඉ.

විකිරති = විසුරුවයි

විකිරාපෙත්‍වා = විසුරුවවා

විකූජන්ත = නොයෙක් නාද

      කරන. 3.

විගච්ඡති = වෙන්ව යේ.

විඝාටන = ගලවාදැමීම න.

විචිත්ත = විසිතුරු වූ. 3.

විචෙය්‍ය = තෝරා. පූ. ක්‍රි.

විජහිත්‍වා = දුරුකොට

විජාත = වැදූ. 3.

විජානන = මනාදැන ගැන්ම. න.

විජානාති = මනාසේ දනී

විජිත = දිනූ. 3.

විජ්ජති = විද්‍යමාන වේ, තිබේ

විජ්ඣිත්‍වා = විදලා

විඤ්ඤාණ = විඥානය, සිත. න.

විතාන = වියන. න.

විත්ත = සම්පත. න.

විදිත්‍වා = දැන

විදූ = පණ්ඩිතයා, දන්නා. පු.

විධූම = පහවූ දුම් ඇති. 3.

විනය = හික්මීම. පු.

විනස්සති = විනාශ වේ

විනාසිත = විනාශ කළ. 3.

විනාසෙති = විනාශ කරයි


 

විනෙය්‍ය = දුරුකොට. පූ. ක්‍රි.

වින්‍දති = විඳියි, ලබයි

විපුල = ඉතා මහත්. 3.

විප්පමුත්ත = මනාසේ මිදුණු. 3.

විභජිය (=විභජ්ජ) = බෙදා. පූ. ක්‍රි.

විභත්ත = බෙදන ලද. 3.

විභව = සම්පත. පු.

විමාන = මන්‍දිරය. න.

විය = මෙන්. න.

වියොජෙත්‍වා = වෙන් කොට

විරජ = පහ වූ කෙලෙස් හෝ

      කිලුටු ඇති. 3.

විරොචෙති = බබළයි

විරති = වෙන්වීම. ඉ.

විලෙපන = සුවඳ විලවුන්. න.

විවට = විවෘත වූ, හරින ලද. 3.

විවිච්ච = වෙන් කොට. පූ. ක්‍රි.

විවිධ = නානාකාර වූ. 3.

විසවෙග = විෂවදින වේගය. පු.

විසාරද = සැක නැති, නිර්භය.

      3.

විසිට්ඨ = විශිෂ්ට, විසිතුරු වූ. 3.

විසුද්ධි = විශේෂ ශුද්‍ධිය, නිවන.

      ඉ.

විසුං කත්‍වා = වෙන් කොට

විස්සජ්ජෙති = විසඳයි, වියදම්

      කරයි, අත්හරියි, කල්යවයි.

විස්සජ්ජෙතුං = අත්හරින්ට,            

      වියදම් කරන්ට. නි.

විහඤ්ඤති = වෙහෙසේ

විහරති = වාසය කරයි.

විහාසි = විසුවේ ය.

විහෙසෙති = වෙහෙසෙයි

වීජෙතබ්බ = පවන් සැලිය යුතු

 

 

වීතමල = පහ වූ කිලුටු ඇත. 3.

වීතිනාමෙති = කල්යවයි

වීමංසන්ත = විමසන. 3.

වීර (පුරිස) = වීර (පුරුෂ) යා. පු.

වුච්චති = කියනු ලැබේ

වුට්ඨාය = නැගිට. පූ. ක්‍රි.

වුත්තප්පකාර = කී ආකාර ඇති. 3.

වුද්‍ධ = වැඩිමහලු. 3.

වුය්හති = පාවේ

වුසිත = විසූ. 3.

වෙග = වේගය. පු.

වෙණික = වීණාශිල්පියා. පු.

වෙතන = වැටුප්, කුලී. න.

වෙතනික = කුලීකාරයා. පු.

වෙදනා = විඳීම. ඉ.

වෙපුල්ල = මහත්බව. න.

වෙය්‍යාවච්ච = වතාවත. න.

වෙයාවතික = වතාවත. න.

වෙර = වෛරය. න.

වෙසාඛ = වෙසක්මස. පු.

වෙසාලික = විශාලා නුවරවැසි

      3.

වෙස්ස = වෛශ්‍යකුලැත්තා. පු.

වෙළුරිය = වෛරෝඩිය. න.

වෙළුයට්ඨි = උණලීය. පු. ඉ.

වොරොපෙස්සථ = තොර කෙළේ

      නම්.

ව්‍යථිත = ව්‍යසනයටපත්, කම්පිත

      3.

ව්‍යාම = බඹය. පු.

ව්‍යාවට = යෙදුණු. 3.

සක = තමා සතු. 3.

සකට = කරත්තය. පු.

සකදාගාමී = සකෘදාගාමී ඵලය


      ලැබූ අය. පු.

සකල = සියලු. 3.

සකුණසංඝ = පක්‍ෂි සමූහය. පු.

සක්ක = හැකි වූ. 3. ශක්‍ර‍යා. පු.

සක්කච්ච = සකසා, සත්කාර

      කොට. පූ. ක්‍රි.

සක්කරොති = සත්කාර කෙරේ

සක්කා = හැකිය. නි.

සක්කාතබ්බ = සත්කාර කළ යුතු.

      3.

සක්කාර = සංග්‍ර‍හය. පු.

සක්කුණාති = හැකි වේ.

සක්‍යකුල = ශක්‍යවංශය. න.

සක්‍යපුත්තිය = ශාක්‍යවංශිකයන්ට

      අයත්. 3.

සක්‍යසීහ = ශාක්‍යසිංහ, බුදුරද. පු.

සක්ඛි = හැකි විය

සඞ්කමති = එහා මෙහා යේ

සඞ්ඛ = හක්ගෙඩිය. පු.

සඞ්ගණ්හාති = සංග්‍ර‍හ කෙරේ

සඞ්ගම්ම = එකතුව. පූ. ක්‍රි.

සඞ්ගාම = යුද්‍ධය. පු.

සචිත්ත = තමාගේ සිත. න.

සච්ච = සත්‍යය, සැබෑව. න.

සජ්ජිත = සැරසූ, පිළියෙළ කළ

සඤ්චිත = රැස්කළ. 3.

සඤ්ඡන්න = වැසුණු. 3.

සඤ්ඤත = හික්මුණු. 3.

සඤ්ඤමයති = හික්මවයි

සඤ්ඤා = හැඟීම, හැඳිනීම. ඉ.

සඤ්ඤාපෙතුං = අවබෝධ

      කරවන්ට. නි.

සඤ්ඤොග = යෙදීම, බැඳීම. පු.

සඤ්ඤොජන = එකට යෙදීම. පු.

 

 

සඨ = කපටියා, පු. කපටි වූ. 3.

සණ්ඨපෙන්ත = මනාසේ

      තබමින්. 3.

සණ්ඩ = රොද, සමූහය. පු.

සත්තං = නිරන්තරයෙන්. ක්‍රි.වි.

සතක = සීයේ සමූහය. න.

සත්ත = සත්වයා. පු.

සත්තවස්සික = සත් අවුරුද්දක්

      පැවති. 3.

සත්තාහ = සතිය, සුමානය. න.

සත්‍ථවාහ = තවලම් නායකයා.

      පු.

සත්‍ථසාලා = ශාස්ත්‍ර‍ ශාලාව. ඉ.

සදිස = සමාන වූ. 3.

සදෙහ = තමාගේ ශරීරය. පු.

සද්‍ධ = ශ්‍ර‍ද්‍ධා ඇති. 3.

සද්‍ධා = ශ්‍ර‍ද්‍ධාව. ඉ.

සනන්තන = පුරාණ වූ. 3.

සන්ත = සංසිඳුණු. 3.

සන්තක = අයිති දෙය, න. අයිති

      වූ. 3.

සන්තජ්ජෙන්තී = තර්ජනය

      කරන්නී. ඉ.

සන්තප්පෙති = සෑහීමට පත්කරයි.

සන්‍ථාගාර = නගර ශාලාව. න.

සන්‍දිට්ඨික = තමා විසින් දැක්ක

      යුතු, මෙලොව පිළිබඳ. 3.

සන්නිපති = රැස්විය

සන්නිපාතෙති = රැස්කරවයි

සන්නිපතිත = රැස්වූ. 3.

සන්නෙතබ්බ = ඇනිය යුතු. 3.

සබ්බඤ්ඤුතා = සර්‍වඥබව. ඉ.

සබ්බත්‍ථ = සැමතැන. නි.

සබ්බද්ද = සියල්ල දෙන. 3.


 

සබ්බථා = සියලු ආකාරයෙන්. නි.

සබ්බාලංකාර = සියලු සැරසීම.

      න.

සම = සමවූ. 3.

සමණ = ශ්‍ර‍මණයා. පු.

සමත්‍ථ = සමර්‍ථ වූ. හැකි වූ. 3.

සමය = කාලය, ආගම. පු.

සමස්සාසෙත්‍වා = අස්වසා

සමාගත = රැස්වූ. 3.

සමාගම = එකතු වීම, සභාව. පු.

සමාගමිස්සති = සම්මුඛ වන්නේය

සමාගම්ම = එකතුව, එක්රැස්ව.

      පූ. ක්‍රි.

සමානත්ත = සමාන බව. න.

සමාපත්තිසුඛ = සමවත් සැපය

      න.

සමිජ්ඣති = සමෘද්ධ වේ

සමිජ්ඣෙය්‍ය = සමෘද්ධ

      වන්නේය.

සමිතත්ත = සංසිඳවූ බව. න.

සමුට්ඨිත = හටගත්. 3.

සමුද්දපාර = මූදෙන් එතර. න.

සමූහ = සමූහය. පු.

සමෙති = සංසිඳුවයි, ගැළපේ,

      සමකරයි.

සමෙතු = එකඟවේවා

සම්පත්ත = පැමිණි. 3.

සම්පත්ති = සම්පත. ඉ.

සම්පන්න = යුක්ත වූ, සමෘද්ධ වූ.

      3.

සම්පුණ්ණ = පිරුණු. 3.

සම්බන්‍ධිත්‍වා = මනාසේ බැඳ,

      සම්බන්ධ කොට

සම්බොධි = සම්පූර්‍ණ අවබෝධය

 

 

සම්ම = මිත්‍ර‍ය (ආලපන). නි.

සම්මජ්ජිතබ්බ = හැමදිය යුතු. 3.

සම්මට්ඨ = අමදින ලද. 3.

සම්මති = සංසිඳේ.

සම්මදෙව = මනා සේ ම. නි.

සම්මුඛ = දිරිය, ඉදිරියෙහි වූ. 3.

සම්මුති = සම්මතය, පිළිගැන්ම

      ඉ.

සම්මුය්හ = මුළා වී, සිහි නැතිවී.

      පූ. ක්‍රි.

සයං = තෙමේ, තමා විසින්. නි.

සයංජාත = ඉබේ හටගත්. 3.

සර = විල. පු. න.

සරණ = පිහිට. න.

සරණගත = සරණ ගිය. 3.

සරති = සිහිකරයි

සරොරුහ = පියුම. න.

සල්ල = හුල. න.

සල්ලක්ඛෙති = සලකයි

සල්ලහුක = සැහැල්ලු. 3.

සවන = ඇසීම. න.

සහගත = යුක්ත වූ. නි.

සහති = ඉවසයි.

සහස්සක = දහසේ සමූහය. න.

සහායක = මිත්‍ර‍යා, පු. සහායවූ. 3.

සහායතා = මිත්‍ර‍ බව. ඉ.

සංකිණ්ණ = මිශ්‍ර‍ වූ. 3.

සංකාරකූට = කසළගොඩ. පු.

සංඛාර = සංස්කාරය. පු.

සංඛුභිත්‍වා = කැළඹී

සංගණ්හාති = සංග්‍ර‍හ කරයි.

සංගණ්හන්ත = සංග්‍ර‍හ කරමින්.

      3.

සංඝ = සමූහය. පු.


සංඝික = සංඝයාට අයත්. 3.

සංවසති = සමග වසයි

සංවිග්ග = කලකිරුණු. 3.

සංවිජ්ජමාන = විද්‍යමාන වූ. 3.

සංවිභජති = බෙදයි

සංවුත = ආවරණය කළ. 3.

සංසරණ = ඇවිදීම. න.

සංසරන්ත = ඇවිදින. ඇවිදිමින්

සාකච්ඡා = සාකච්ඡා කිරීම. ඉ.

සාකටික = ගැල්පදවන්නා. පු.

සාකිය = ශාක්‍යවංශික. 3.

සාකුණික = පක්‍ෂිවැද්දා. පු.

සාඛන්තර = අතු අතර. න.

සාටක = වස්ත්‍ර‍ය. පු.

සාඨෙය්‍ය = කපටිබව. න.

සාධාරණ = පොදු වූ. 3.

සාධු = යහපති, නි. සත්පුරුෂයා.

      පු.

සාමඤ්ඤ = මහණකම. න.

සාමඤ්ඤඵල = පැවිදිවීමේ ඵලය

      න.

සාමණක = පැවිද්දන්ට යෝග්‍ය

      වූ. 3.

සාමණෙර = හෙරණ. පු.

සාමික = ස්වාමියා, අයිතිකාරයා.

      පු.

සාමිනී = අයිතිකාරිය, ස්වාමිදුව.

      ඉ.

සාමුද්දික = මූදට අයත්. 3.

සාරදික = සරත් කාලයෙහි

      හටගත්. 3.

සාරස = පියුම, න. විල්ලිහිණියා.

      පු.

සාරීරික = ශරීරයෙහි හටගත්. 3.

 

 

සාවක = අසන්නා, ශ්‍රාවකයා. පු.

සාසන = ලියුම, පණිවුඩය,

      අවවාදය, හස්න. න.

සාහසික = නොවිමසා කළ,

      දරුණු, ඉක්මන්. 3.

සික්ඛාපෙති = උගන්වයි

සික්ඛිතබ්බ = හික්මිය යුතු, උගත

      යුතු. 3.

සිඞ්ග = අඟ. න.

සිනෙහ = ප්‍රේමය. පු.

සිප්පී = ශිල්පියා. පු.

සිබ්බති = මසයි

සිම්බලී = ඉඹුල්ගස. පු.

සියා = වියහැකි, වන්නේ ය.

සිර = හිස. පු. න.

සිරිගබ්භ = රාජකීය කාමරය. පු.

සිරිසයන = රාජකීය ඇඳ. න.

සිරොරුහ = හිසකෙස්. න.

සිලෙසිකා = ලාටු. ඉ.

සීතල = සිහිල්, සිහිල. න.

සීතිභූත = සිහිල් වූ. 3.

සීලගන්‍ධ = සිල් නමැති සුවඳ. පු.

සීස = හිස. න.

සීහළ = සිංහලද්වීපයෙහි වූ. 3.

සුකර = පහසු. 3.

සුක්ඛ = වියළි, වේළුණු

සුඛුමාල = සියුමැලි, සුවසේ

      වැඩුණු. 3.

සුගති = සැපැතිභවය. ඉ.

සුගන්‍ධ = සුවඳ, පු. සුවඳැති. 3.

සුගන්‍ධතෙල = සුවඳ තෙල්. න.

සුඞ්ක = අයබද්ද. පු.

සුචිණ්ණ = මනාසේ පුරුදු කළ

සුජ්ඣති = පිරිසිදු වේ


 

සුණන්ත = අසන, අසමින්. 3.

සුණිසා = ලේලී. ඉ.

සුණොති = අසයි

සුත්ත = නූල, සූත්‍ර‍ය. න. නිදාගත්.

      3.

සුත්තන්තික = සූත්‍ර‍ උගත්. 3.

සුදස්ස = පහසුවෙන් දැක්ක හැකි.

      3.

සුදුක්කර = ඉතා අපහසු. 3.

සුද්ද = ශුද්‍ර‍කුලික. 3.

සුද්‍ධ = පිරිසිදු

සුන්‍දර = යහපත්. 3.

සුන්‍දරතම = ඉතා යහපත්. 3.

සුන්‍දරතර = වඩා යහපත්. 3.

සුපණ්ණ = ගුරුළා. පු.

සුපාරුත = මනාසේ පොරවා

      ගත්. 3.

සුපින = සිහිනය. න.

සුප්ප = කුල්ල. පු.

සුප්පතිට්ඨිත = මනාසේ පිහිටි.

      3.

සුභික්ඛ = සුලභ ආහාර ඇති. 3.

සුමන = සතුටු සිතැති. 3.

සුමනපට්ට = සමන් මල් පට.

      න.

සුර = දෙවියා. පු.

සුරක්ඛිතං = සුරැකිසේ. ක්‍රි. වි.

සුරියුග්ගමන = හිරු නැගීම. න.

සුවණ්ණමය = රනින් කළ. 3.

සුසජ්ජිත = මනාසේ සැරසූ. 3.

සුසමාහිත = මනාසේ යෙදූ, ඉතා

      සන්සුන්. 3.

සුසික්ඛිත = මනාසේ පුරුදු කළ

      3.

 

 

සුසොච = ශෝක කෙළේලු

සූකර = ඌරා. පු.

සූකරික = ඌරන් විකුණන්නා. පු.

සූප = ව්‍යඤ්ජනය. පු.

සූයති =අ ැසේ

සූරතා = ශූර බව. ඉ.

සෙට්ඨ = ශ්‍රෙෂ්ඨ, උතුම්. 3.

සෙට්ඨිට්ඨාන = සිටුතනතුර. න.

සෙණිය = සේනා ඇති. 3.

සෙතච්ඡත්ත = සුදු කඩය. න.

සෙතුකාරක = පාලම් සාදන්නා

      පු.

සෙය්‍යථාපි = යම්සේ. නි.

සෙය්‍යො = ශ්‍රෙෂ්ඨයි. නි.

සෙවක = සේවකයා,

      මෙහෙකරුවා. පු.

සෙවමාන = ආශ්‍ර‍ය කරන. 3.

සොක = ශෝකය. පු.

සොගත = බෞද්‍ධ, බුදුන් පිළිබඳ.

      3.

සොචිතුං = ශොක කරන්ට. නි.

සොචෙය්‍ය = පිරිසිදු බව. න.

සොත = සැඬපහර, පු. කණ. න.

සොතාපත්තිඵල = සෝවාන්

      ඵලය. න.

සොත්‍ථි = යහපත, සුවය. පු.

සොධාපෙත්‍වා = ශුද්ධ කරවා

සොධෙතබ්බ = ශුද්ධකළ යුතු. 3.

සොධෙති = ශුද්ධ කරයි

සොමනස්ස = සතුට. න.

සොසෙති = වියළවයි

සොහජ්ජ = මිත්‍ර‍බව. න.

ස්වාක්ඛාත = මනාසේ කියනලද

      3.


ස්වාගත = යහපත් ඒම. න.

ස්වාතන = හෙට දවස, පු. හෙට

      පිළිබඳ. 3.

හඤ්ඤති = වෙහෙසේ, නසනු

      ලැබේ.

හට්ඨ = සතුටු වූ. 3.

හත = නැසුණු, නසන ලද. 3.

හත්තු = ගෙන යන්නා. පු.

හත්තුං = ගෙනයන්ට. නි.

හත්‍ථ = රියන, අත. පු.

හත්‍ථප්පත්ත = අතට පැමිණි. 3.

හන්ති = නසයි.

හන්තු = නසන්නා. පු.

හරතෙ = ගෙනයයි

හරිත = ගෙන ගිය. 3. නිල්තණ

      ආදිය. න.

හලං =  පමණයි, ඔය ඇති. නි.

හංස = හංසයා. පු.

හායති = පිරිහේ

හාර = ගෙනයාම, මාලාව. පු.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

හාරිය = ගෙන යා යුතු. 3.

හාරෙතු = ගෙනයන්නා. පු.

හාස = සතුට, සිනාව. පු.

හිතකර = හිතවත් දේ කරන. 3.

හිත්‍වා = හැර

හින්තාල = කිතුල්. පු.

හිංසාපෙත්‍වා = හිංසා කරවා

හීනතර = වඩා පහත් වූ. 3.

හීයත්තන = ඊයේ වූ. 3.

හුත = ගින්නට පුදන ලද්ද. න.

හුතාසන = ගින්න. පු.

හුත්‍වා = වී. පූ. ක්‍රි.

හෙට්ඨාභාග = යට කොටස. පු.

හෙට්ඨිම = යටින් වූ. 3.

හෙමන්තික = ශීත කාලයට

      යෝග්‍ය හෝ එකල හටගත්.

      3.

හොතබ්බ = විය යුතු. 3.

හොතුං = වෙන්ට. නි.


 

 
 

 


අකුරු ශාස්ත්‍ර‍ය = අක්ඛරසමය. පු.

අකුශලය = අකුසල. න.

අකෘතඥයා = අකතඤ්ඤූ. පු.

අගුල = අග්ගල. න.

අග්‍ර‍ වූ = අග්ග. 3.

අජාසත් = අජාතසත්තු. පු.

අඥාන = බාල, අන්‍ධබාල. 3.

අඥාන බව = බාල්‍ය. න.

අටුවාව = අට්ඨකථා. ඉ.

අඩමස = අද්ධමාස. පු.

අණ = ආණා. ඉ.

අණකරන ලද = ආණත්ත. 3.

අත්නොහැර යන්නී = අනපායිනී.

      ඉ.

අත්හරවන්ට = විස්සජ්ජාපෙතුං.

      නි.

අත්හරී = පටිනිස්සජ්ජති, චජති,

      ජහාති.

අත්හැර = ජහිත්‍වා, චත්‍වා, චජිත්‍වා

      පහාය, මුඤ්චිත්‍වා. පූ.ක්‍රි.

අත්හැරීම = වාග, පු. විස්සජ්ජන.

      න.

අත = භුජ. පු.

අතගායි = පරාමසති, පරිමජ්ජති.

      න.

අතටපත් = හත්‍ථප්පත්ත. 3.

අතරතුරෙහි = අන්තරන්තරා. නි.

අතවැසියා = අන්තෙවාසික. පු.

අතිශයෙන් = අච්චන්තං. ක්‍රි. වි.

අතිශයෙන් පාපී වූ = පාපතම.

      3.

 

 

 

 

 

අතුඅතර = සාඛන්තර. න.

අද්දවයි = ආකඩ්ඪාපෙති

අද දක්වා = යාවජ්ජත්නා. නි.

අදවූ = අජ්ජතන. 3.

අදී (ළඟට) = උපකඩ්ඪති

අධිපතියා = නායක. පු.

අධිපති බව = ආධිපච්ච. ආධි

      පතෙය්‍ය. න.

අධිරාජයා = අධිරාජ. පු.

අධිෂ්ඨාන කෙළේ ය = අධිට්ඨාසි

අන්ආකාරයකින් = අඤ්ඤථා. නි.

අන්තයෙහි වූ = අන්තිම. 3.

අන්තැනක = අඤ්ඤත්‍ථ. නි.

අන්දවයි = කප්පෙති, අච්ඡාදෙති

අන්දවා = අච්ඡාදෙත්‍වා

අන්‍ධකාරය = තම. පු. න.

අන්‍ධකාරය දුරුකරන =

      තමොනුද. 3.

අන්බසකට නඟයි = අනුවාදෙති,

      පරිවත්තෙති

අනාගාමීඵලය ලැබූ අය =

      අනාගාමී. පු.

අනාත්මවූ = අනත්ත. 3.

අනා මිශ්‍ර‍ කළයුතු = සන්නෙ

      තබ්බ. 3.

අනාර්‍ය්‍ය = අනරිය. 3.

අනිෂ්ට = අනිට්ඨ. 3.

අනුකම්පාව = අනුකම්පා. ඉ.

අනුග්‍ර‍හය = අනුග්ගහ. පු.

අනුභව කළ යුතු දේ = භොජ්ජ.

      න.

 


අනුභව කරයි = අනුභවති,

      අසනාති

අනුභව කළ = භුත්ත, භුඤ්ජිත. 3.

අනුව ඒ = අන්‍වෙති

අනුවකල්පනා කරයි =

      අනුවිතක්කෙති

අනුවයන = අනුගච්ඡන්ත. 3.

අනුශාසනාව = ශාසන,

      අනුසාසන. න.

අනුසස් = ආනිසංස. පු.

අන්‍යදෘෂ්ටික ශ්‍ර‍මණයා =

      අඤ්ඤතිත්‍ථිය. පු.

අප්පුඩිගසන = අප්පොඨෙන්ත. 3.

අපරාධය = අපරාධ. පු.

අපායෙහි උපන් = ආපායික. 3.

අපිරිසිදු = අසුචි. 3. අපිරිසිදු දෙය

      න.

අප්‍ර‍මාදය = අප්පමාද. පු.

අප්‍රිය = අනිට්ඨ. 3.

අභිඥාසය = ඡළභිඤ්ඤා. ඉ.

අභිමුඛය = අභිමුඛ. න.

අභිමුඛවූවා = අභිමුඛී. ඉ.

අභිවෘද්‍ධිය = අභිවුද්‍ධි, ඉ. උදය. පු.

අභිෂේක කරවිය =

      අභිසිඤ්චාපෙසි

අඹ උයන = අම්බවන. න.

අමනුෂ්‍යයා = අමනුස්ස. භූත. න.

අමුණක් පමණ = අම්මණමත්ත.

      3.

අමුණයි = ආවුණාති

අයබද්ද = සුඞ්ක. පු.

අයිතිකාරයා = සාමික, සාමී. පු.

අයිතිදෙය = සන්තක. න.

අරබයා = ආරබ්භ. පු. ක්‍රි.

 

 

අල්පශ්‍රැතයා = අප්පස්සුත. පු.

අලසබව = ආලස්‍ය. න.

අලසයා = අලස. පු.

අලංකාරය = අලංකාර, පු.

      මණ්ඩන. න.

අලංකාරකරයි = අලංකාරොති,

      මණ්ඩෙති

අලුත් = අහත, නව, අභිනව. 3.

අවකාශය = ඔකාස,  පු.

අවබෝධය = පටිවෙධ. පු.

අවබෝධ කටයුතු = ගම්ම

      නෙය්‍ය. 3.

අවබෝධ කරයි = අධිගච්ඡති,

      බුජ්ඣති

අවබෝධ කරවන්ට = සඤ්ඤා

      පෙතුං. නි.

අවබෝධ කරන්ට = බොද්ධුං. නි.

අවබෝධ කළ = බුද්‍ධ. 3.

අවබෝධ කෙළේ ය = අජ්ඣගමා

අවබෝධ   කොට  =  අභිස

      ම්බුජ්ඣිත්‍වා

අවමන් කෙරේ = අවජානාති

අවවාද කරයි = ඔවදති

අවවාදදෙන ගුරුවරයා =

      උපජ්ඣාය. පු.

අවසන් කොට = ඛෙපෙත්‍වා

අවසන් වූ = ඛීණ. 3.

අවසානය = ඔසාන. න.

අවහිර කරනු ලැබූ = රුද්‍ධ. 3.

අවුත් = ආගම්ම. පූ. ක්‍රි.

අශ්වයාගේ ඇඳුම = අස්ස

      භණ්ඩක. න.

අශ්වධේනුව = වළවා. ඉ.

අස්ගොව්වා = අස්සගොපක. පු.


 

අස්වයි = සාවෙති

අස්වසා = සමස්සාසෙත්‍වා

අස්හල = අස්සසාලා. ඉ.

අසත්පුරුෂයා = අසන්ත. 3.

අසන්නා = සාවක, සොතු. පු.

අසන = සුණන්ත. 3.

අසනු ලැබේ = සූයති

අසයි = සුණොති, සුණාති

අසරණ වූ = අනාථ. 3.

අසල්වැසි = පටිවිස්සක

අසවල් = අසුක. 3.

අසුරයා = අසුර. පු.

අහස = ආකාස. පු. නභ, පු. න.

      අන්තලික්ඛ. න.

අහිත පිණිස = අහිතාය (චතුත්‍ථි)

ආකාරය = ආකාර, පරියාය. පු.

ආක්‍රෝශ ලැබූ = අක්කුට්ඨ. 3.

ආගම = සමය. පු.

ආත්මය = අත්ත. පු.

ආත්මය නැති = අනත්ත. 3.

ආත්මාර්‍ථය = අත්තදත්‍ථ. පු.

ආනුභාවය = අනුභාව. පු.

ආභරණය = ආභරණ, පිළන්‍ධන,

      න. අලංකාර. පු.

ආයුෂ්මත් = ආයස්මන්තු. 3.

ආයුෂගෙවීම = අයුක්ඛය. පු.

ආයුෂදෙන = ආයුද. 3.

ආයුෂ පැහැරගන්නා = වයො

      හර. 3.

ආර්‍ය්‍යශ්‍රාවකයා = ආරියසාවක.

      පු.

ආර්‍ය්‍යසත්‍යය = අරියසච්ච. න.

ආරම්භකොට = ආරබ්භ, ආරද්‍ධා

      ආරභිත්‍වා, පට්ඨපෙත්‍වා. පූ.ක්‍රි.

 

 

ආරාධනා කොට = නිමන්තිය,

      නිමන්තෙත්‍වා. පූ. ක්‍රි.

ආරාධනා කෙළේය = නිමන්තයි,

      නිමන්තෙසි

ආලේපකරවා = විලිම්පාපෙත්‍වා

ආලෝකය = ආලොක, ඔභාස,

      පු. පභා. ඉ.

ආවරණය කළ = සංවුත. 3.

ආශිර්වාද කෙළේ ය = ආසිංසි

ආශ්‍ර‍ය කරන = සෙවමාන. 3.

ආශ්‍ර‍ය කරයි = පයිරුපාසති,

      භජති

ආශ්‍ර‍ය කිරීම = ආසෙවනා. ඉ.

ආශ්‍ර‍ය කොට = නිස්සය, උප

      නිස්සය. පූ. ක්‍රි.

ආශ්‍රිත වූ = නිස්සිත. 3.

ආහාරය = භොජන, න.

      පිණ්ඩපාත, පු. භික්ඛා. ඉ.

ආහාර දෙන = අන්නද. 3.

ඇත්තා වූ = සංවිජ්ජමාන.

      විජ්ජමාන. 3.

ඇතා = කුඤ්ජර. පු.

ඇතාගේ කණට විදින කටුව =

      තුත්ත. න.

ඇතුළු කරවයි = පවෙසෙති

ඇතුළු කළයුතු = පවෙසෙතබ්බ.

      3.

ඇතුළුගම = අන්තොගාම. පු.

ඇතුළුවන කාලය = පවිසන

      කාල. පු.

ඇතුළුවූ = පවිට්ඨ. 3.

ඇතුළු වී = පවිස්ස. පූ. ක්‍රි.

ඇතුළුවෙනු කැමති = පවිසිතු

      කාම. 3.


ඇතුළුනුවර = අන්තො නගර. න.

ඇතැම් = නිවත්‍ථ. 3.

ඇඳගෙන = පරිදහිත්‍වා,

      නිවාසෙත්‍වා.

ඇඳයට = හෙට්ඨාමඤ්ච. න.

ඇඳිනැති ආසනය = පල්ලඞ්ක

      පු.

ඇම්බැට්ටයාා = නහාපිත. පු.

ඇමතියා = අමච්ච, මන්තී. පු.

ඇමදිය යුතු = සම්මජ්ජිතබ්බ. න.

ඇමදීම = සම්මජ්ජන. න.

ඇරුණු = විවට. 3.

ඇලීම කරවන = අභිරමාපෙන්ත.

      3.

ඇලිය යුතු = රජනීය. 3.

ඇලීම = අභිරති. ඉ.

ඇලුණු = ලග්ග, රත, අභිරත. 3.

ඇවිදින පැවිද්දා = පරිබ්බාජක.

      පු.

ඇවිදිමින් = සංසරන්ත. 3.

ඇවුලුණු = දිත්ත, ආදිත්ත. 3.

ඇවැත්නි = ආවුසො. නි.

ඇවෑම = අච්චය. පු.

ඇස්දෙන = චක්ඛුද. 3.

ඇසටුගස = අස්සත්‍ථ. පු.

ඇසුවේය = අස්සොසි, සුණි

ඇසළපසළොස්වකක = ආසාළ්හ

      පුණ්ණමී. ඉ.

ඉක්මනින් කළ = සාහසික. 3.

ඉක්මුණු = අතික්කන්. 3.

ඉකුත් කෙරේ = අතික්කමති.

ඉකුත් කොට = අතික්කමිත්‍වා

      (කාලය) වීතිනාමෙත්‍වා

 

 

 

ඉගෙනිය යුතු = සික්ඛිතබ්බ. 3.

ඉගෙනගනු කැමැති =

      උග්ගණ්හිතුකාම.

ඉතා අඥාන වූ = අන්‍ධබාල. 3.

ඉතා අපහසු = සුදුක්කර. 3.

ඉතා කුඩා = අණුමත්ත. 3.

ඉතා දරුණු = අතිකටුක. 3.

ඉතා දුර නොවූ = නාතිදූර. 3.

ඉතා පැහැදුණු = සුප්පසන්න. 3.

ඉතා රසවත් = පණීතතම. 3.

ඉතාවටිනා = මහාරහ. 3.

ඉතාවැඩුණු = පරූළ්හ. 3.

ඉතිරි වූ = අවසිට්ඨ. 3.

ඉදිරියට යේ = අභික්කමති

ඉදිරියෙහි යන = පුබ්බඞ්ගම. 3.

ඉදිරියෙහි වූ = අභිමුඛ, සම්මුඛ.

      3.

ඉදුණු = පක්ක. 3. (හිසකෙස්)

      පලිත. න.

ඉදුරූ = අබ්බූළ්හ. 3.

ඉපදවූ = උප්පාදිත. 3.

ඉපිද = උප්පජ්ජ, අප්පජ්ජිත්‍වා

      නිබ්බත්තිත්‍වා. පූ. ක්‍රි.

ඉඹුල්ගස = සිම්බලී. පු.

ඉල්වන ලද = යාචිත. 3.

ඉවත ලා = ඡඩ්ඩෙත්‍වා

ඉවත් කරවයි = අපහාරයති

ඉවත් කළ යුතු = නීහරිතබ්බ. 3.

ඉවත්ව = අපක්කම්ම. පූ. ක්‍රි.

ඉවත්ව ගිය = අපක්කන්ත. 3.

ඉවත්ව යේ = අපක්කමති, අපෙති,

      නිය්‍යාති

ඉවත ගෙනයයි = අවහරති

ඉවතට ගත් = ඔනීත. 3.


 

ඉවත දමයි = ඡඩ්ඩෙති

ඉවසන්ට = අධිවාසෙතුං

ඉවසයි = අධිවාසෙති

ඉවසියයුතු = ඛමනීය. 3.

ඉවසීම = අධිවාසනා. ඉ.

ඉවසූ = ඛන්ත. 3.

ඉස = සිඤ්චිත්‍වා, උස්සිඤ්චිත්‍වා

ඉසින = සිඤ්චන්ත, ආසිඤ්චන්ත

ඉසිනලද = ආසිත්ත. 3.

ඉසිමින් = සිඤ්චමාන. 3.

ඊයේ වූ = හීයත්තන. 3.

උගතයුතු = සික්ඛිතබ්බ. 3.

උගන්වයි = සික්ඛාපෙති

උඩපැන = අබ්භුග්ගන්ත්‍වා

උඩිකුරු කරයි = උක්කුජ්ජෙති

උඩිකුරු පා ඇති = උද්‍ධපාද. 3.

උඩින්පැන = උල්ලඞ්ඝෙත්‍වා

උඩුමහල = උපරිතල. න.

උඩුසුළඟ = පටිවාත. පු.

උණලීය = වෙළුයට්ඨී. ඉ.

උණවනය = වෙළුවන. න.

උත්තරය = පටිවචන. න.

උත්සවය = උස්සව, ඡණ. පු.

උත්සවභූමිය = ඡණභූමිං. ඉ.

උත්සාහ කරන = වායමන්ත,

      උස්සහන්ත. 3.

උත්සාහ කෙරේ = උස්සහති,

      වායමති

උතුම් = වර, පවර, සෙට්ඨ. 3.

උදය කාලය = පුරෙභත්ත. න.

උදානොවූ = අනුදිත. 3.

උදාවන = උදෙන්ත, උදයන්ත. 3.

උදා වූ = උදිත. 3.

උදුරන ලද = උච්ඡන්න, උද්ධට.

      3.

 

උපකාරය = උපකාර, අනුග්ගහ.

      පු.

උපදවයි = නිබ්බත්තෙති, ජනෙති

උපදී = ජායති, නිබ්බත්තති

උපද්‍ර‍ව නැති = නිරුපද්දව. 3.

උපද්‍ර‍වය = උපද්දව. පු.

උපන් = ජාත, පච්චාජාත,

      උප්පන්න, නිබ්බත්ත. 3.

උපන්නේය = උදපාදි, නිබ්බත්ති

උපස්ථාන කරයි = උපට්ඨහති, උප

      ට්ඨාති

උපස්ථානය = උපට්ඨාන. න.

උපසම්පන්නවී = උපසම්පජ්ජ. පූ.

      ක්‍රි.

උපාය = උපක්කම. පු.

උපායයොදයි = උපක්කමති.

උපාසකයා = උපාසක. පු.

උමග = උම්මග්ග. පු.

උයන්බිම = උය්‍යානභූමි. ඉ.

උයන = උය්‍යාන. න.

උල = සල්ල. න.

උෂ්ණකාලයට යෝග්‍ය. ගිම්හික.

      3.

උෂ්ණගුණය = තෙජොධාතු. ඉ.

උසුළන = වහන්ත. 3.

උසැති = උබ්බෙධ. 3. (සමාසයෙහි)

උළුවඩුවා = ඉට්ඨකවඩ්ඪකී. පු.

ඌරන් විකුණන්නා හෝ මරන්නා

      = සූකරික. පු.

ඌරුමස් = සොකර. න.

සෘද්‍ධි ඇති = ඉද්‍ධිමන්තු. 3.

සෘද්‍ධිබලය = ඉද්‍ධිබල. න.

සෘද්‍ධියෙන් උපන් = ඉද්‍ධිමය. පු.

එක් ආකාරයකින් = එකධා. නි.


එක්රැස්ව = සමාගම්ම. පූ. ක්‍රි.

එක්වරක් = එකක්ඛත්තුං. නි.

එක්වී = සමාගම්ම. සංගම්ම. පූ,

      ක්‍රි.

එකට බැඳි දඬුතුන = තිදණ්ඩ.

      න.

එකඟබව = සම්මුති. ඉ.

එකඟවේවා = සමෙතු

ඒකාන්තයෙන් = කාමං, ඛලු. නි.

එකොළොස්වක = එකාදසී. ඉ.

එතර කරයි = තාරෙති,

      සන්තාරෙති

එතැන්පටන් = තතො පට්ඨාය

      නි.

එන = ආගච්ඡන්ත. 3.

එනුකැමති = ආගන්තුකාම. 3.

එපමණ = තාවකක. 3.

එබඳු = තාදිස. 3.

එම්බා = අම්භො, භො. නි.

එයි = එති

එල්ලූ = ඔලම්බිත, ලග්ගිත. 3.

එවයි = පෙසෙති

එවා = පෙසෙත්‍වා

එවැනි = තාදිස. 3.

එසවූ = උස්සාපිත. 3.

එසේනම් = තෙනහි. නි.

එහා මෙහා යේ = සංසරති

එහි = තහිං, තහං. නි.

එහෙයින් = තස්මා. නි.

එළඹ = උපසංකම්ම. උපෙච්ච.

      පූ. ක්‍රි.

එළඹ සිටීම = උපට්ඨාන. න.

එළඹියේ ය. = උපාගමි

එළඹුණු = උපසංකන්ත. 3.

 

 

එළඹෙන = උපසංකමන්ත. 3.

එළඹේ = උපෙති, උපසංකමති

එළවන ලද = උපනීත. 3.

එළවයි = ආවහති.

එළවිය යුතු = උපනාමෙතබ්බ. 3.

එළිමහන = අබ්භොකාස. පු.

ඔටුණු පැළඳීම = කිරීටධාරණ. න.

ඔතයි, වෛර බඳී = උපනය්හති,

ඔබිනොබ දිවීම = පරිධාවන. න.

ඔය ඇති = අලං, හලං. නි.

ඔසවනලද = උස්සාපිත. 3.

ඔසවයි = උක්ඛිපති, උස්සාපෙති

ඔසවාගෙන = පග්ගය්හ. පූ. ක්‍රි.

ඔසවා = උක්ඛිපිත්‍වා,

      උස්සාපෙත්‍වා

ඕජස = ඔජ. පු. න.

ඕජස් ඇති = ඔජවන්තු. 3.

ඕනෑපමණ = යාවදත්‍ථ. 3.

කටයුතු = කත්තබ්බ, කරණීය. 3.

කටයුත්ත = කිච්ච, කාරිය. න.

කටින්නී = කන්තන්තී. ඉ.

කඩයි = භඤ්ජති. උච්ඡින්‍දති

කඩුමුවහත = අසිධාරා. ඉ.

කණමැදිරියා = ඛජ්ජොපනක. පු.

කණා = කාණ. පු.

කණියි = ඛණති

කථාකොට = ආමන්තෙත්‍වා

කථාකරන = කථෙන්ත, මන්තය

      මාන. 3.

කනලද = ඛාදිත, භුත්ත. 3.

කනුලැබේ = ඛජ්ජති, ඛාදීයති

කපටියා = සඨ. පු.

කපටිබව = සාඨෙය්‍ය. න.

කපන්ට = ඡෙත්තුං, ඡින්‍දිතුං. නි.


 

කපන්නා = ඡෙත්තු. පු.

කපා = ඡෙත්‍වා, ඡින්‍දිත්‍වා

කපාසාරයි = අනුකන්තති

කපිලවස්තු = කපිලවත්‍ථු. න.

කපුරු = කප්පූර. පු. න.

කම්පා කෙරේ = ධුනාති

කම්පාවිය = සංකම්පි

කම්පිත වූ = ව්‍යථිත, කම්පිත,

      චලිත, වෙධිත. 3.

කම්බිලිය = කම්බල. පු. න.

කමටහන = කම්මට්ඨාන. න.

කර්‍මය = කම්ම. න.

කර්‍මයෙන් උපන් = කම්මජ. න.

කර්‍මාන්තය = කම්මන්ත. පු.

කරඬුව = කරණ්ඩ, චඞ්ගොටක.

      පු.

කරත්තය = සකට. පු.

කරත්ත පදවන්නා = සාකටික.

      පු.

කරන්නා = කාරක, කත්තු. පු.

කරවන්නා = කාරාපෙතු. පු.

කරවන ලද = කාරාපිත. 3.

කරවන = කාරාපෙන්ත. 3.

කරවා = කාරෙත්‍වා

කරවිය යුතු = කාරෙතබ්බ. 3.

කරුණාව = දයා, අනුකම්පා. ඉ.

කරුණාධික වූ = දයාලූ. 3.

කල්දැන්වීම = කාලප්පවෙදන න.

කල්පනාකරයි = ඣායති

කල්පය = කප්ප. පු.

කල්යවයි = වීතිනාමෙති

කලකිරුණු = සංවිග්ග. 3.

කලකිරේ = නිබ්බින්‍දති

කලබලව = සංඛුභිත්‍වා

 

 

කලින්ම = කාලස්සෙව. නි.

කලුරිය කරයි = කාලංකරොති

කසටපෙවූ රෙද්ද = කාසාව. න.

කසළ = කචවර. පු.

කසළගොඩ = සංකාරකූට. පු. න.

කසාපැහැති = කාසාව, පීත. 3.

කසීරට සෑදූ = කාසික. 3.

කහවණුව = කහාපණ. පු. න.

කළයුත්ත = කාරයි, කාතබ්බ

කළු = කණ්හ, කාළ. 3.

කාමය = කාම. පු.

කාරණය = කාරණ. න.

කාරා = උක්කාසිත්‍වා

කාරුණික = දයාලු. 3.

කාලය = කාල, සමය. පු.

කැකෑරුණු = කඨිත. 3.

කැඳවා = පක්කොසිත්‍වා

කැපූ = ඡින්න, ලූණ. 3.

කැපේ = ඡිජ්ජති

කැමති වූ = ඉච්ඡිත. 3.

කැමති වෙන = ඉච්ඡන්ත,

      ආකංඛමාන. 3.

කැරලිකාරයා = දාමරික. පු.

කැලෑබද = ආරඤ්ඤක. 3.

කැවිලි = ඛජ්ජක, ඛාදනීය. න.

කැස්බා = කච්ඡප. පු.

කෑගැසීම = උග්ඝොසන. න.

කෑම = භක්ඛන. භුඤ්ජන. න.

කෑ යුතු = ඛජ්ජ, ඛාදිතබ්බ. 3.

කිතුල් = හින්තාල. පු.

කිඳුරා = කින්නර. පු.

කිනම් = කිංසු. නි.

කිඹිසින = ඛිපන්ත. 3.

කියන්ට = වත්තුං. නි.


කියන්නා = කථික, වත්තු. පු.

කියන ලද = වුත්ත, ඊරිත, අක්ඛාත.

      3.

කියනු ලැබේ = වුච්චති, පවුච්චති

කියයි = බ්‍රෑති, ආචික්ඛති

කියෙව්වේය = කථාපෙසි

කිරල්දෙන = කිකී. ඉ.

කිරි = පය, පු. න. ඛීර. න.

කිරිමව = ධාති. ඉ.

කිරිබත = පායාස. පු.

කිරිබොන්නා = ඛීරපායී. පු.

කිරීම = කරණ. න.

කිලුට = මල. න. කිලෙස. පු.

කිලුටු වූ = කිලිට්ඨ, මලින. 3.

කිසිකලක = කදාචි. නි.

කිසිකලකත් = කුදාචනං. නි.

කිසිවක් = කිඤ්චි. නි.

කිසිල්ල = කච්ඡ. පු.

කී ආකාර ඇති = වුත්තප්පකාර.

      3.

කීප ආකාරයකින් = කතිධා. නි.

කීපයක් = කතිපය. 3.

කීම = කථා, ඉ. භාසිත, වචන.

      න.

කීර්තිය = යස. පු. න.

කීර්ති ඇත්තා = යසස්සී. පු.

කීයේ ය= අවොච, ආහ, අබ්‍ර‍වි,

      කථෙසි, වදි.

කීයේලු = ආහ (පරොක්ඛා)

කීසේ = වුත්තාකාරෙන. ක්‍රි. වි.

කුඩය අල්ලන්නා = ඡග්ගග්‍රාහී.

      පු.

කුඩාගස = ගච්ඡ. පු.

කුඩා පුටුව = පීඨක. න.

 

 

කුඩා පුත්‍ර‍යා = පුත්තක. පු.

කුඩු = චුණ්ණ. න.

කුණු වූ = පූති. 3.

කුඹලා = කුම්භකාර. පු.

කුඹුර = ඛෙත්ත. න.

කුමාරයා = කුමාර. පු.

කුල්ල = සුප්ප. න. පු.

කුලපුත්‍ර‍යා = කුලපුත්ත. පු.

කුලිය = වෙතන, න. භති. ඉ.

කුලීකාරයා = වෙතනික. පු.

කුලුන = ථම්භ. පු.

කුසතණ = කුස. පු.

කුළුබඩු = කටුකභණ්ඩ. න.

කුසිනාරාවෙහි වූ = කොසිනාරක

කෘත්‍යය = කිච්ච. න.

කෘතඥ බව = කතඤ්ඤුතා. ඉ.

කෙණ්ඩිය = භිංකාර. පු.

කෙබඳු = කීදිස. 3.

කෙළපිඩ = ඛෙලපිණ්ඩ. පු.

කෙලෙස් රහිත = විරජ. 3.

කෙවිට = පාජන, පාචන. න.

කෙසේ = කථං. නි.

කෙළවර = අන්ත. පු.

කෙළවර නැති = අනන්ත. 3.

කෙළින් = උජුකං. ක්‍රි. වි.

කෙළෙඹියා = කුටුම්බික. පු.

කෙළේ ය = අකාසි, අකා, කරි,

      කප්පෙසි

කේශධාතු = කෙසධාතු. ඉ.

කොට = කත්‍වාන, කාතූන,

      කරිත්‍වා, කත්‍වා. පූ. ක්‍රි.

කොටස් නවයක් ඇති = නවඞ්ග

      3.

කොටා = කොට්ටෙත්‍වා. පූ. ක්‍රි.


 

කොටියා = දීපි. පු.

කොටුව = කොට්ඨක. පු.

කොඩිය = පතාකා. ඉ.

කොපමණ = කිත්තක. 3.

කොර අත් ඇත්තා = කුණී. පු.

කොහේ = කුත්‍ර‍, කුත්‍ථ, කුහිං,

      කහං, කත්‍ථ. නි.

කොළය = පත්ත, පණ්ණ. න.

කෝප වූ = රුට්ඨ, දුට්ඨ, කුට්ඨ,

      රොසිත. 3.

කෝපවේ = කුජ්ඣති, කුප්පති,

      දුස්සති

කෝලාහලය = කලහ. පු.

ක්‍රීඩා කරයි = දිබ්බති

ක්‍ෂණය = ඛණ. පු.

ක්‍ෂය නොකොට = අඛෙපෙත්‍වා

ක්‍ෂයවීම = ඛය. පු.

ක්‍ෂය වූ = ඛීණ. 3.

ඛේදයට පැමිණි = ඛිණ්ණ.

      සංවිග්ග. 3.

ගණන් කළ නොහැකි =

      අසංඛෙය්‍ය. 3.

ගත් = ගහිත. 3.

ගතයුතු = ගය්හ, ගහෙතබ්බ. 3.

ගන්ට = ගහෙතුං, ගණ්හිතුං. න.

ගන්නා = ගාහක. පු.

ගන්වන්ට = ගාහාපෙතුං. නි.

ගන්වන්නා = ගාහාපෙතු,

      ගාහාපක. පු.

ගඳකිළිය = ගන්‍ධකුටි. ඉ.

ගම්වැසියා = ගාමික, ගාමවාසී.

      පු.

ගම්සමූහය = ගාමතා. ඉ.

ගර්ජනා කරමින් = ගජ්ජන්ත. 3.

 

 

ගර්හාකටයුතු = ගාරය්හ. 3.

ගරුකටයුතු = ගරුකාතබ්බ. 3.

ගල්ලෙණ = ලෙණ. න.

ගලවාදැමීම = විඝාටන. න.

ගලාබසී = පභවති

ගවයා = ගො. පු.

ගස්සමූහය = තරුසණ්ඩ. පු.

ගස = පාදප, දුම. පු.

ගානලද = මක්ඛිත. ලිත්ත. 3.

ගායනා කෙරේ = ගායති

ගාල = වජ. පු.

ගැන = ආරබ්භ. නි. පූ. ක්‍රි.

ගැනීම = ගාහ, පු. ගහණ. න.

ගැලපදින්නා = සාකටික. පු.

ගැල = සකට. පු. න.

ගැවසුණු = ආකිණ්ණ. 3.

ගැහැණි = ගහපතානී. ඉ.

ගැළපේ = සමෙති, ඝටති

ගිතෙලින් මිශ්‍ර‍ = ඝතික. 3.

ගින්න = පාවක, හුතාසන. පු.

ගින්නට පුදන ලද්ද = හුත. න.

ගිනිගත් = ආදිත්ත. 3.

ගිනිසිළ = අග්ගිසිඛා. ඉ.

ගිනිහල්ගෙය = ජන්තාඝර. න.

ගිය = ගත, පක්කන්ත, යාත. 3.

ගියබව = ගතත්ත. න.

ගියේය = පක්කමි, අගා

ගියේලු = ජගාම (පරොක්ඛා)

ගිලන් බව = ගෙලඤ්ඤ. න.

ගිලනාට සමාන වූ = ගිලානූපම.

      3.

ගිලුණු (දියෙහි) = නිමුග්ග. 3.

ගිහිගෙන් නික්ම යේ =

      අභිනික්ඛමති


ගිහියා = ගිහී. පු.

ගී කීම = ගායන, ගීත. න.

ගීය = ගීත, න. ගීතිකා. ඉ.

ගුරුළා = සුපණ්ණ, ගරුළ,

      වෙනතෙය්‍ය. පු.

ගෙදොර = ඝරද්වාර, ගෙහද්වාර

ගෙන්වා = ආහරාපෙත්‍වා

ගෙන්වාගෙන = ගාහාපෙත්‍වා. න.

ගෙන = යය්හ, ගහෙත්‍වා. පූ.ක්‍රි.

ගෙනදේ = ආවහති, උපනෙති

ගෙනගිය = හට, හරිත. 3.

ගෙනයන්ට සලස්වන්නා =

      හාරෙතු. පු.

ගෙනයන්නා = හත්තු. පු.

ගෙනයනුලැබේ = නීයති

ගෙනයායුතු = හාරීය, නෙය්‍ය. 3.

ගෙනවුත් = ආනීය, ආහරිත්‍වා,

      ආනෙත්‍වා

ගෙනයන ලද = ආනීත,

      සමුදාහට, ආහට. 3.

ගෙය = අගාර, ඝර, නිවෙසන.

      න.

ගෙවා (ඉකුත්කොට) =

      අතික්කමිත්‍වා

ගෙවීගිය = පරික්ඛීණ, ඛීණ. 3.

ගෙවීයාම = ඛය, පරික්ඛය. පු.

ගොඩට නැගීම = උත්තරණ. න.

ගොඩට නැඟුණු = උත්තිණ්ණ.

      3.

ගොඩසිටි = ථලට්ඨ. 3.

ගොඩහටගත් = ථලජ. 3.

ගොදුර = ගොචර. පු.

ගොම = ගොමය. පු. න.

ගොයම = සස්ස. න.

 

 

ගෞතමගෝත්‍ර‍ ඇති = ගොතම

      3.

ගෞරවය = ගාරව, පු. අපචිති.

      ඉ.

ග්‍ර‍න්ථ කරන්නා = ගන්‍ථකාර. පු.

ග්‍රීෂ්මසෘතුවට අයත් = ගිම්හික. 3.

චක්‍ර‍රත්නය = චක්කරතන. න.

චන්‍ද්‍ර‍යා = චන්‍ද, නිසාකර. පු.

චීනරට = චීනරට්ඨ. න.

ච්‍යුතවේ = චවති

ජටාඇති = ජටිය, ජටිල. පු.

ජනපදය = ජනපද. පු.

ජනපදවැසියා = ජානපදික. පු.

ජනසමූහය = ජනතා. ඉ.

ජයගන්නා = ජෙතු. පු.

ජයගෙන = ජිනිත්‍වා, ජිත්‍වා

ජලයෙහි පිහිටි = ජලට්ඨ. 3.

ජලයෙහි හටගත් = ජලජ. 3.

ජාත්‍යන්‍ධයා = ජච්චන්‍ධ. පු.

ජීවත් වන = ධරමාන. 3.

ජීවිකාව = ජීවිකා. ඉ.

ජීවිතාන්තය දක්වා = යාවජීවං

      ක්‍රි. වි.

ජෝඩුව = ද්වය, ද්වික, යුග, යුගල.

      න.

ණය = ඉණ. න.

ණය නැති බව = ආනණ්‍ය. න.

තට්ටු කරයි = ආකොටෙති

තථාගතයාණෝ = තථාගත,

      භගවන්තු. පු.

තනි වූ = එකක. 3.

තපස = තප. පු. න.

තබන්ට = ඨපෙතුං. නි.

තඹ භාජනය = තම්බභාජන. න.


 

තමතමාගේ = අත්තනො

      අත්තනො

තමා විසින් = සයං, නි. අත්තනා,

තමා විසින් දැක්ක යුතු =

      සන්‍දිට්ඨික. 3.

තමා සතු = සක. 3.

තර්ජනය කරන්නී = තජ්ජෙන්තී.

      ඉ.

තර්ජනය කොට = තජ්ජෙත්‍වා,

      සන්තජ්ජෙත්‍වා

තර්පණය කොට = තප්පය,

      සන්තප්පෙත්‍වා

තරුණයා = මාණව, මාණවක,

      යුව. පු.

තරුණිය = මාණවී. ඉ.

තල් = තාල. පු.

තල්කොළ = තාලපණ්ණ. න.

තව්තිසා දෙව්ලොව = තාවතිංස

      දෙවලොක. පු.

තවරා = උපලිම්පෙත්‍වා

තළමින් = පොථෙන්ත. 3.

තළා = වධිත්‍වා, පොථෙත්‍වා

තානායම = ආවසථාගාර. පු.

තාපසයා = තාපස, තපොධන,

      තපස්සී. පු.

තාපසිය = තාපසී, තපස්සිනී. ඉ.

තාරකාව = තාරා, තාරකා. ඉ.

තැතිගත් = තසිත. 3.

තැන්පත් කළ  යුතු =

      පටිසාමෙතබ්බ. 3.

තැබ්බවිය = ඨපාපෙසි

තැබිය යුතු = ඨපෙතබ්බ,

      නික්ඛිපිතබ්බ. 3.

තැබූ = නික්ඛිත්ත. 3.

 

 

තැවරුණු = මක්ඛි. 3.

තෑග්ග = පණ්ණාකාර. පු.

තීර්ථකයා = තිත්‍ථිය. පු.

තීර්ථකාරාමය = තිත්‍ථියාරාම. පු.

තුන්ආකාරයකින් = තිධා. නි.

තුන් පිටකය = තිපිටක. න.

තුන්ලොව = තිලෙක. න.

තුන්සිවුර = තිචීවර. න.

තුනේ සමූහය = තික, තය. න.

තුවාල කළ = ඛත. 3.

තූර්‍ය්‍යවාදනය = වාදිත, න. තාල.

      පු.

තෘප්තිය = තිත්ති. ඉ.

තෙමිය යුතු = තෙමෙතබ්බ. 3.

තෙමේ = සයං. නි.

තෙල් = තෙල. න.

තෙල්වෙළෙන්දා = තෙලික. පු.

තේජස් ඇත්තා = තෙජස්සී. පු.

තේජස = තෙජ. පු. න.

තේරුම්ගෙන = අවෙච්ච. පූ. ක්‍රි.

තොරකෙළේ නම් = වොරො-

      පෙස්සථ

දක්නා ලැබේ = දිස්සති

දක්වන්ට = දස්සෙතුං. නි.

දක්වයි = දස්සෙති

දක්‍ෂබව = කොසල්ල, පාටව. න.

දක්‍ෂ වූ = නිපුණ, දක්ඛ. 3.

දකිනු කැමති = දට්ඨුකාම. 3.

දණක් පමණ = ජණ්ණුමත්ත. 3.

දඬු ඇති = දණ්ඩක. 3.

දතයුතු = ඤෙය්‍ය, ඤාතය්‍ය. 3.

දන්නා = විදූ, ඤාතු. පු.

දන්නා වූ = ජානන්ත. 3.

දන්නා ලද = ඤාත, මත, ජානිත

      3.

දන්වයි = ආරොචෙති,

      නිවෙදෙති

දන්වා = ජානාපෙත්‍වා,

      නිවෙදෙත්‍වා

දම්මවයි = ඛිපාපෙති

දමනය කරයි = දමෙති

දමන ලද = පක්ඛිත්ත. 3.

දමයි = ඛිපති, පක්ඛිපති

දමා = ඛිපිත්‍වා, පක්ඛිපිත්‍වා

දරයි = ධාරෙති

දරසෑය = චිතක. පු.

දරුගැබ් ඇත්තී = ගාරුගම්භා. ඉ.

දරුණු = දාරුණ, සාහසික. 3.

දරුවා = දාරක, තාත. පු.

දවන්ට සලස්වයි = දහාපෙති

දවස්පතා = පතිදිනං. ක්‍රි. වි.

දවස්පතා සිදුවන = දෙවසික. 3.

දසදහස = නහුත. න.

දහම් ඇස = ධම්මචක්ඛු. න.

දහස්වරක් = සහස්සක්ඛත්තුං. නි.

දහසේ සමූහය = සහස්සක. න.

දළදාව = දාඨාධාතු. 3.

දළවූ = ථූල, දළ්හ. 3.

දාහනැති = නිද්දරථ. 3.

දැක්කයුතු = දට්ඨය්‍ය. 3.

දැකීම = දස්සන. න.

දැකීමට = දස්සනාය (චතුත්‍ථි)

දැකීමට අපහසු = දුද්දස. 3.

දැඩි = දළ්හ, බාළ්හ. 3.

දැන් = එතරහි. නි.

දැන්වීම = පවෙදන, නිවෙදන.

      න.

දැන = ඤත්‍වා, අඤ්ඤාය, විදිත්‍වා.

      පූ. ක්‍රි.

 

 

දැනගන්ට = ඤාතුං, ජානිතුං. නි.

දැනගන්නා = ඤාතු. පු.

දැනුම්දෙයි = පටිවෙදෙති,

      ආචික්ඛති.

දැමිය යුතු = නික්ඛිපිතබ්බ. 3.

දැමුණු = දන්ත. 3.

දැමූ = නික්ඛිත්ත. 3.

දැරෙව්වේය = ධාරාපෙසි

දැල්වුණු = ආදිත්ත, ජලිත. 3.

දැල්වෙන = ජලන්ත. 3.

දැලින් සතුන් මරන්නා = ජාලික

      පු.

දැවුණු = දඩ්ඪ. 3.

දැවේ = ඩය්හති

දැහැටි = දන්තකට්ඨ. න.

දිගුකොට = පසාරෙත්‍වා

දිණූ = විජිත, ජිත. 3.

දිනන්ට = ජෙතුං, ජිනිතුං. නි.

දිනිය යුතු = ජෙය්‍ය. 3.

දිය යුතු = දෙය්‍ය, දාතබ්බ. 3.

දියේ පිහිටි = ජලට්ඨ. 3.

දිරයි = ජීරති

දිරුණු = ජිණ්ණ. 3.

දිලිසෙන = ජලන්ත. 3.

දිව්‍ය = දිබ්බ. 3.

දිව්‍යසම්පත = දිබ්බසම්පත්ති. ඉ.

දීර්ඝකාලය = අද්‍ධා. පු.

දීර්ඝකාලයකින් = චිරස්සං. නි.

දීමෙහි ස්වාමියා = දානපති. පු.

දුකටපත් = දුක්ඛිත. 3.

දුටු = දිට්ඨ. 3.

දුටුගැමුණු = දුට්ඨගාමිණී. පු.

දුටුවේ ය = අද්දස, අද්දක්ඛි

දුන් = දින්න. 3.


 

දුනුවායා = ධනුග්ගහ. පු.

දුර්භික්‍ෂය = දුබ්භික්ඛ. න.

දුර්ලභ වූ = දුල්ලභ. 3.

දුර්‍වලබව = දුබ්බල්‍ය. න.

දුරපිහිටි = පච්චන්තිම. 3.

දුරුකරයි = පරිවජ්ජෙති

දුරුකරනු ලැබේ = පරිවජ්ජීයති

දුරු කළ = පහීන, චත්ත. 3.

දුරුකොට = විනෙය්‍ය, පහාය,

      චත්‍වා. පූ. ක්‍රි.

දුරු වූ = පහීන, අපගත. 3.

දුශ්චරිතය = දුච්චරිත. න.

දුෂ්කර වූ = දුක්කර. 3.

දුෂ්ට වූ = දුට්ඨ. 3.

දෙකහමාර = අඩ්ඪතෙය්‍ය. 3.

දෙටු = ජෙට්ඨ. 3.

දෙදෙන = උභො. නි.

දෙන්නා = දායක, දාතු. පු.

දෙන = දදන්ත, දදමාන. 3.

දෙනුලබන = දීයමාන,

      අනුප්පදීයමාන. 3.

දෙයාකාර = දුවිධ. 3.

දෙයාකාරයෙන් = ද්විධා, උභයථා

      නි.

දෙල් = ලබුජ. පු. න.

දෙව්රද = දෙවරාජ. පු.

දෙව්ලොව = දෙවලොක. පු.

දෙව්ලොවැ වූ = දිබ්බ. 3.

දෙවන්නා = දාපෙතු. පු.

දෙවියා = දෙව, මරු, සුර. පු.

දොඩමලු වූ = වාචාල. 3.

දොර = ද්වාර. න.

දොරටුව = ගොපුර. න.

      ද්වාරකොට්ඨක. පු.

 

 

දොරටුපාලයා = දොවාරික. පු.

දොරටුවෙහි සිටි = ගොපුරට්ඨ.

      3.

දොවිනලද = දුද්‍ධ. 3.

දොළොස්වක = ද්වාදසී. ඉ.

දෝෂය = දොස, ඔතාර. පු. වජ්ජ.

      න.

දෝෂාරෝපණය = උපවාද. පු.

ධනධාන්‍යාදිය = භොග. පු.

ධනය නැති = නිද්‍ධන. 3.

ධනවියදම = ධනබ්බය. පු.

      ධනවිස්සජ්ජන. න.

ධර්‍මයට අනුව = යථාධම්මං. ක්‍රි.

      වි.

ධර්‍මය දරන = ධම්මධර. පු.

ධර්‍මයෙහි ඇලුණු = ධම්මරත. 3.

ධර්‍මයෙහි පිහිටි = ධම්මට්ඨ,

      ධම්මික. 3.

ධර්‍මසඞ්ගායනාව = ධම්මසංගීති. ඉ.

ධර්‍මාසනය = ධම්මාසන. න.

ධාන්‍ය = ධඤ්ඤ. න.

ධාන්‍යමනින්නා = ධඤ්ඤමාය

ධාර්මික = ධම්මික. 3.

ධූලි = රජ, පු. න. ධූලි. ඉ.

ධ්‍යානය = ඣාන. න.

ධ්වජය = ධජ. පු.

ධ්වජබහුල වූ = ධජාලු. 3.

නගර ශාලාව = සන්‍ථාගාර. පු.

නගරයෙහි විශිෂ්ට රූ ඇත්තී =

      නගරසොභිනී. ඉ.

නපුරු = දුට්ඨ, කටුක. 3.

නමුත් = තථාපි. නි.

නසන්ට = හන්තුං, හනිතුං. නි.

නසන ලද = හත. 3.


නසනු ලැබේ = හඤ්ඤති

නසයි = නාසෙති, හන්ති

නසා = හත්‍වා, හන්ත්‍වා

නළාපිඹින්නා = වංසික. පු.

නංවයි = ආරොපෙති

නංවා = උස්සාපෙත්‍වා

නංවාගෙන = ආරොපෙත්‍වා

නාදකරන = රවමාන, කූජන්ත.

      3.

නාද කෙළේ ය = රවි, නදි

නාරජ = නාගින්‍ද. පු.

නාවික ස්ත්‍රී = නාවිකී. ඉ.

නැකැත්යෝගය = නක්ඛත්ත -

      යොග. පු.

නැගිට = වුට්ඨාය. පූ. ක්‍රි.

නැගීම = ආරොහන, අභිරූහන

      න.

නැගීම පිණිස = අභිරූහනත්‍ථාය

      (චතුත්‍ථි)

නැගුණු = රූළ්හ, ආරූළ්හ. 3.

නැගෙනහිරැ වූ = පුරත්‍ථිම. 3.

නැගේ = රූහති, අභිරූහති

නැගෙනහිරට අභිමුඛ වූ =

      පුරත්‍ථාභිමුඛ. 3.

නැටීම = නච්ච, නච්චන. න.

නැතිකල්හි = අසති (අසන්ත

      ශබ්දය)

නැමේ = ඔනමති

නැවත නැවත = පුනප්පුනං. නි.

නැවතුණු = නිවත්ත, ඨිති. 3.

නැවත විචාරයි = පටිපුච්ඡති

නැවියා = නාවික. පු.

නැසුණු = හත. 3.

නැසේ = හඤ්ඤති

 

 

නැළිය = පත්‍ථ, පු. නාළි. ඉ.

නික්ම = නික්ඛම්ම, නික්ඛමිත්‍වා,

      අභිනික්ඛම්ම. පූ.ක්‍රි.

නික්මීම = නික්ඛමන. න.

නික්මුණු = නිග්ගත, නික්ඛන්ත. 3.

නිකායත්‍ර‍ය = නිකායත්තය. න.

නිතර = නිබද්‍ධං. ක්‍රි. වි.

නිත්‍ය නොවූ = අනිච්ච. න.

නිදහස් වූ = මුත්ත. 3.

නිදහසට පමුණුවන = නිය්‍යානික

      3.

නිදිය යුතු = නිපජ්ජිතබ්බ. 3.

නින්‍දා කටයුතු = ගාරය්හ. 3.

නින්දෙන් නැගිටුවයි =

      පබොධෙති

නින්දිත පුරුෂයා = කාපුරිස,

      කුපුරිස. පු.

නිර්‍මල වූ = නිම්මල. 3.

නිර්භය වූ = විසාරද. 3.

නිර්වස්ත්‍ර‍ = නග්ග. 3.

නිරතුරුව = නිරන්තර. ක්‍රි. වි.

නිරෝගී බව = ආරොග්‍ය. න.

නියම්ගම = නිගම. පු.

නිලුපුල් = ඉන්‍දීවර. න.

නිවන්දෙන = අමතන්‍දද. 3.

නිවනට මග = මොක්ඛමග්ග. පු.

නිවුණු = නිබ්බුත. 3.

නිශ්ශබ්ද බව = තුණ්හීභාව. පු.

නිසා = නිස්සාය, පටිච්ච. පූ. ක්‍රි.

නුගගස = නිග්‍රොධ. පු.

නුදුරු = අවිදූර. 3.

නුවණැත්තා = මෙධාවී. පු.

නුවණැත්තී = මෙධාවිනී. පු.

නුවර සමීප පෙදෙස = උපනගර


 

නුවර උපන් = නාගර. 3.

නුවර වසන = නාගරික. 3.

නුවර වැසියා = නගරවාසී. පු.

නුවර ඇතුළ = අන්තොනගර. න.

නුසුදුසු = අනනුච්ඡවික. 3.

නූගත් = අප්පස්සුත. 3.

නූල = සුත්ත. න.

නෙරපයි = නීහරති

නෙරපා = නීහරිත්‍වා

නෙළුම්මල = සරොරුහ,

      පඞ්කෙරුහ. න.

නොඉදුරූ = අනූහත. 3.

නොකරන = අකරොන්ත. 3.

නොකිරීම = අකරණ. න.

නොකිපෙන = අකුප්පමාන. 3.

නොගත හැකි = අගය්හ. 3.

නොදුන් = අදින්න. 3.

නොපැතිය යුතු = අපත්‍ථිය. 3.

නොබියහැකි = අපෙය්‍ය. 3.

නොයෙක් = අනෙක, විවිධ. 3.

      නානා. නි.

නොයෙක් ආකාර ඇති =

      නානාප්පකාර. 3.

නොයෙක් පැහැති = නානා

      වණ්ණ. 3.

නොයෙක් ශාස්ත්‍ර‍ = නානාසත්‍ථ.

      න.

නොසතුට = දොමනස්ස. න.

නොහික්මුණු = අසඤ්ඤත,

      දුබ්බිනීත. 3.

නොහැකිවීම = අසමත්‍ථතා. ඉ.

නොහැකි වූ = අසක්කොන්ත. 3.

පක්‍ෂිසමූහය = දිජගණ, සකුණ

      සංඝ. පු.

 

 

පක්ෂීන් මරන්නා = සාකුණික. පු.

පටන් ගැන්ම = ආදි, පහව. පු.

පටන් (ගෙන) = ආරබ්භ, පට්ඨාය.

      පූ. ක්‍රි.

පටවාගෙන = ආරොපෙත්‍වා

පණ්ඩිත බව = පණ්ඩිච්ච. න.

පණ්ඩිතයයි සිතාගත් = පණ්ඩිත

      මානී. පු.

පණ්ඩුවංශයෙහි වූ = පණ්ඩව. 3.

පණවන ලද = පඤ්ඤත්ත. 3.

පඬුර = පණ්ණාකාර. පු.

පතන්නා වූ = පත්‍ථන්ත. 3.

පතුරුවන = එරන්ත. 3.

පතුරුවයි = තනොති, පත්‍ථරති

පතුරුවා = ඵරිත්‍වා

පදවන = පාජෙන්ත. 3.

පදවශයෙන් = පදසො. නි.

පන්සල = පණ්ණසාලා. ඉ.

පමණැති = මත්ත. 3.

පමුණුවයි = පාපෙති

පයින් හැසිරෙන = පදික, පත්තික.

      3.

පරතෙර = පාරිමතීර. න.

පරදවයි = පරාජෙති

පරලොව = පරලොක. පු.

පරාක්‍ර‍මය = පරක්කම. පු.

පරිත්‍යාගය = චාග, පරිච්චාග. පු.

පරීක්‍ෂාකළ = උපධාරිත. 3.

පරීක්‍ෂාකරන = උපපරික්ඛන්ත. 3.

පර්‍ය්‍යාප්ති ධර්‍මය = පරියත්ති. ඉ.

පලවාහරියි = පලාපෙති

පවත්නා = වත්තමාන. 3.

පවන් සැලිය යුතු = වීජෙතබ්බ.

      3.


පස්දෙනාගේ සමූහයෙහි වූ =

      පඤ්චවග්ගිය. 3.

පස්සට තල්ලුකිරීම =

      උස්සාරණා. ඉ.

පස්සටයේ = පටික්කමති

පසස්නා ලද = පසත්‍ථ, වණ්ණිත.

      3.

පසළොස්වක = පඤ්චදසී,

      පුණ්ණමී. ඉ.

පසුම්බිය = පසිබ්බක. පු.

පසුවූ = පච්ඡිම. 3.

පසේබුදුවරයා = පච්චෙකබුද්‍ධ. පු.

පහදවා = පසාදෙත්‍වා

පහදී = පසීදති

පහන්දෙන = දීපද. 3.

පහර ලැබූ = පහට. 3.

පහව ගිය = චුත. 3.

පහවූ = අපෙත, අපගත, විගත.

      3.

පහ වූ කෙලෙස් ඇති = විරජ. 3.

පහවූ මල ඇති  = වීතමල. 3.

පහළවීම = උදය. පු.

පහළවිය = පාතුරහොසි, උදපාදි

පහළවූ = පාතුභූත. 3.

පහළවේ = පාතුභවති

පළමු = පුරිම, පඨම. 3.

පළමුවෙන් = පුරෙතරං. ක්‍රි. වි.

පළා = ඵාලෙත්‍වා

පළිඟුවෙන් කළ = එළිකමය. 3.

පාගනලද = මද්දිත, අක්කන්ත. 3.

පාගයි = මද්දති, අක්කමති

පාගා = අක්කම්ම. පූ. ක්‍රි.

පාත්‍ර‍ය = පත්ත. පු.

පානය කළ = පීත. 3.

 

 

පානය කොට = පීත්‍වා, පාත්‍වා

පාබල සෙනග = පත්ති, ඉ.

පාදය = පාද. පු.

පා නැති බව = අපදතා. ඉ.

පාපියා = පාපී. පාප. පු.

පාමුල = පාදමූල. න.

පාලනය කරන්නා = පාල, පාලක.

      පු.

පාලම්සාදවන්නා = සෙතුකාරක.

      පු.

පාවිච්චි කරයි = පරිහරති

පාවේ = වුය්හති

පාසල = සත්‍ථසාලා. ඉ.

පැටියා = පොතක. පු.

පැනවිය යුතු = පඤ්ඤාපෙතබ්බ.

      3.

පැණවූ = පඤ්ඤත්ත. 3.

පැතිරවිය යුතු = ඵරිතබ්බ. 3.

පැතුරුනු =පත්‍ථට. 3.

පැන් = පානීය, උදක. න.

පැන = උල්ලඞ්ඝිත්‍වා, පක්ඛන්‍දිත්‍වා

පැමිණවිය = පාපෙසි

පැමිණවිය යුතු = පාපෙතබ්බ. 3.

පැමිණි = පත්ත, සම්පත්ත,

      අනුප්පත්ත. 3.

පැමිණිය යුතු = පත්තය්‍ය,

      පත්තබ්බ. 3.

පැමිණිය හැකිව තිබුණි =

      පාපුනිස්ස

පැමිණීම = පාපුණන. න.

පැමිණෙන්ට = පත්තං. නි.

පැමිණේ = පාපුණාති

පැවිද්දා = පබ්බජිත. 3.

පැවිදි වී නම් = පබ්බජිස්සා


 

පැවිදිවීම = පබ්බජ්ජා. 3.

පැවිදිවී = පබ්බජ්ජ. පූ. ක්‍රි.

පැවිදි වූ = පබ්බජිත. 3.

පැවිදිවෙන = පබ්බජන්ත. 3.

පැවිදිවේ = පබ්බජති

පැවැත්ම = වුත්ති, පවත්ති. ඉ.

පැහැද = පසීදිත්‍වා

පැහැරගත් = අච්ඡින්න. 3.

පැළුණු = ඵලිත. 3.

පැළේ = ඵලති

පිටත්කරයි = උය්‍යොජෙතබ්බ.

      3.

පිටතටගත් = නීහට. 3.

පිටතටගෙනයායුතු =

      නීහරිතබ්බ. 3.

පිටතට ගෙන = නීහරිත්‍වා

පිටබරාඳය = ආලින්‍ද. පු.

පිටව ගිය = නිග්ගත. 3.

පිටිනුවර = බහිනගර. න.

පිටිසර = ජනපද, පච්චන්ත. පු.

පිඬුපිණිස = පිණ්ඩාය

පිදිය යුතු = පූජනීය, මහනීය,

      පූජෙතබ්බ. 3.

පිදුරු = පලාල. පු. න.

පියන = පිධාන. න.

පියන ලද = පිහිත. 3.

පියයුතු = පෙය්‍ය. 3.

පියා = තාත. පු.

පියාලා = පිදහිත්‍වා

පියාසතු = පිතුසන්තක. 3.

පියුම = ජලජ, පඞ්කජ, සරො

      රුහ, පදුම. න.

පිරිනිවි = පරිනිබ්බුත. 3.

පිරිනිවීම = පරිනිබ්බාණ. න.

 

 

පිරිනිවේ = පරිනිබ්බාති

පිරිවර ඇත්තා = යසස්සී, ගණී,

      ගණික. පු.

පිරිවරන ලද = පරිවුත, පරිවාරිත.

      3.

පිරිවරනු ලැබේ = පරිවාරීයති

පිරිසිදු = සුද්ධ, පරිසුද්ධ. 3.

පිරිසිදු කළ යුතු = සොධෙතබ්බ.

      3.

පිරිසිදු කිරීම = පරියොදපනා. ඉ.

පිරිසිදු වේ = සුජ්ඣති

පිරිසිදු බව = සොචෙය්‍ය. න.

පිරිහීම = පරාභව, පු. පරිහානි. ඉ.

පිරිහේ = හායති, පරිහායති

පිරිහෙළයි = හාපෙති

පිරුණු = පුණ්ණ, පරිපුණ්ණ. 3.

පිසවන = පාචෙන්ත. 3.

පිසීම = පාක, පු. පචන. න.

පිහිට = අවස්සය. පු.

පිහිට ඇති = නාථ. 3.

පිහිටන්ට තිබුණි = පතිට්ඨහිස්ස

පිහිටයි = පතිට්ඨහති

පිහිටුවන ලද = පතිට්ඨාපිත. 3.

පිළිකුල් = පටික්කුල. 3.

පිළිගතයුතු = පටිග්ගහෙතබ්බ. 3.

පිළිගනී = පටිග්ගණ්හාති,

      අධිවාසෙති

පිළිගෙන = පටිග්ගහෙත්‍වා

පිළිපදී = පටිපජ්ජති

පිළිපැද්දයුතු = පටිපජ්ජිතබ්බ. 3.

පිළිපැද = පටිපජ්ජ. පූ. ක්‍රි.

පිළිමගෙය = පටිමාඝර. න.

පිළියෙළකරවා = පරියාදාපෙත්‍වා

පිළියෙළ කළ = පටියත්ත. 3.


පිළිවෙළ = අනුක්කම, පු. පටිපාටි

      ඉ.

පිළිවෙළින් = අනුපුබ්බං,

      යථාකම්මං. ක්‍රි. වි.

පීඩිත වූ = පීළිත. 3.

පුඩුව = පාස. පු.

පුත්‍ර‍යන් ඇති = පුත්තිම, පුත්තිය. 3.

පුද්ගලයා = පුග්ගල. පු.

පුදන ලද = මහිත, පූජිත. 3.

පුදමින් = මහන්ත. පූජෙන්ත. 3.

පුබුදුවයි = පබොධෙති

පුරාණ වූ = පුරාතන, සනන්තන.

      3.

පුරෝහිතයා = පුරොහිත. පු.

පුස්කොළ = තාලපණ්ණ. න.

පෙකණියපමණවූ =

      නාභිප්පමාණ. න.

පෙණපිඩ = ඵෙණපිණ්ඩ. පු.

පෙණෙල ගස = ඵෙණිල. පු.

පෙදෙස = පදෙස. පු.

පෙනෙන = දිස්සන්ත, දිස්සමාන.

      3.

පෙනෙයි = දිස්සති

පෙරබත් කාලය = පුරෙභත්ත. න.

පෙරභවය = පුබ්බජාති. ඉ.

පෙරළයි = පරිවත්තෙති

පොත්ත = තච. පු.

පොත = පොත්‍ථක. පු. න.

පොරවා = පාරුපිත්‍වා

පොරවාගත් = පාරුත. 3.

පොරොන්දුව = පටිඤ්ඤා. ඉ.

පොවා = පායෙත්‍වා

පෝෂණය කළ යුතු = භරිතබ්බ,

      පොසෙතබ්බ. 3.

 

 

පෝෂණය කරයි = පොසෙති,

      භරති

පෝෂණයට දිය යුතු මිල =

      පොසාවනික. න.

පෝෂිත වූ = පුට්ඨ, පොසිත. 3.

පොළොව = පඨවී. ඉ.

ප්‍ර‍කට = පාකට, අභිඤ්ඤාත. 3.

ප්‍ර‍කට වේ = පඤ්ඤායති

ප්‍ර‍කාශ කරයි = පකාසෙති

ප්‍ර‍තික්‍ෂේප කරයි = පටික්ඛිපති

ප්‍ර‍තිසංස්කරණය කරයි = පටි

      සංඛරොති, සංඛරොති.

ප්‍ර‍ථමධ්‍යානය = පඨමජ්ඣාන.

      න.

ප්‍ර‍දක්‍ෂිණාව = පදක්ඛිණා. ඉ.

ප්‍ර‍ධානියා = නායක, පධාන. පු.

ප්‍ර‍මාණය = පමණ, න. ඔධි. පු.

      මත්තා. ඉ.

ප්‍ර‍මාද වූ = පමත්ත. 3.

ප්‍ර‍මාදව = පමජ්ජ. පූ. ක්‍රි.

ප්‍ර‍මාදවේ = පමජ්ජති

ප්‍රයෝජනය = පයොජන. න.

ප්‍ර‍වෘත්තිය = පවත්ති. ඉ.

ප්‍ර‍ශ්නය = පඤ්හ. 3.

ප්‍රාකාරය = පාකාර. පු.

ප්‍රාණය = ජීවිත, පාණ. න.

ප්‍රාතිහාර්යය = පාටිහාරිය. න.

ප්‍රාර්‍ථනාව = පත්‍ථනා. ඉ.

      අභිනීහාර, පු. පණිධාන. න.

ප්‍රිය කරනු ලැබේ = පියායීයති

ප්‍රීතිමත් = හට්ඨ, තුට්ඨ. 3.

      පාමොජ්ජ. න.

ප්‍රීතිය = විත්තී, තුට්ඨි. ඉ.

ප්‍රේමය = පෙම, න. සිනෙහ. පු.


 

ඵලරහිත = නිප්ඵල. 3.

ඵලවර්ගය = ඵලජාති. ඉ.

බටහිරෙහි වූ = පච්ඡිම. 3.

බන්දවයි (බිත්ති ආදිය) =

      චිනාපෙති

බබළයි = විරොචති

බබළන = ජොතන්ත. 3.

බබුළුවයි = පභාසෙති

බඹය = ව්‍යාම. පු.

බඹලොව = බ්‍ර‍හ්මලොක. පු.

බඹරා = භමර. පු.

බමුණා = බ්‍රාහ්මණ, භොවාදී. පු.

බරඋසුලන්නා = භාරවාහී. පු.

බරණැස = බාරාණසී. ඉ.

බලනලද = ඔලොකිත. 3.

බලය දකින්නා = ථාමදස්සී. පු.

බලය දෙන = බලද. 3.

බලාත්කාරකොට = පසය්හ. පූ. ක්‍රි.

බලෙන් ගත්තේය = අහාසි

බසින = ඔතරන්ත. 3.

බසියි = ඔක්කමති, ඔතරති

බහයි = පක්ඛිපති

බහා (දමා) = පක්ඛිපිත්‍වා

බහුශ්‍රැත බව = බාහුසච්ච. න.

බහුශ්‍රැතවූ = බහුස්සුත. 3.

බාලවූ = කණිට්ඨ. 3.

බැගෑපත් = දීණ. 3.

බැටළුවා = මෙණ්ඩ. පු.

බැඳේ = බජ්ඣති

බැන්දයුතු =  බන්‍ධිතබ්බ, බන්‍ධනීය.

      3.

බැරෑරුම් = භාරිය. 3.

බැලූ = ඔලොකිත. 3.

බෑනා = භාගිනෙය්‍ය. පු.

 

 

බිජුවෙන් හටගත් = අණ්ඩජ. 3.

බිඳ = භෙත්‍වා, භින්‍දිත්‍වා

බිඳහෙළයි = අපචිනාති

බිඳින්නා = භෙත්තු. පු.

බිඳීම = භෙදන. න.

බිඳුණු = භග්ග, භින්න. 3.

බිඳේ = භිජ්ජති

බිමපිහිටි = භුම්මට්ඨ. 3.

බිය = භය. න.

බියවූ = භිත. 3.

බිලීබාන්නා = බාලිසික. පු.

බිහිවන්ට = නික්ඛමිතුං. නි.

බුදුන් උපදනා කාලය =

      බුද්‍ධුප්පාද. පු.

බුදුන් විසූ ගෙය = ගන්‍ධකුටි. ඉ.

බුදුන්දෙසූ = ජිනෙරිත. 3.

බුදුබව = බුද්ධත්ත, න. බුද්‍ධභාව.

      පු.

බුදුරද = මහාමුනි, තථාගත,

      සක්‍යසීහ. පු.

බුද්‍ධශ්‍රාවකයා = බුද්ධසාවක. පු.

බුරුම රට පිළිබඳ = මරම්ම. 3.

බුරමින් = භුස්සන්ත. 3.

බුලත් = තම්බූල. න.

බුහුමන් කළ යුතු = මානෙතබ්බ

බෙදන ලද = විභත්ත, විභජිත.

      3.

බෙදයි = සංවිභජති, භාජෙති

බෙදා = විභජ්ජ, විභජිය,

      භාජෙත්‍වා. පූ. ක්‍රි.

බෙහෙත = භෙසජ්ජ. න.

බොන දේ = පානක, පානීය.

      න.

බොන = පිවන්ත, පිවමාන. 3.


බොනලද = පීත, පිවිත. 3.

බොනුලැබේ = පීයති

බොල = භණෙ. නි. (ආලපන)

බොරුවට පෙනී සිටින =

      පතිරූපක. 3.

බොස්ගෙඩිය = නාභී. ඉ.

බොහෝ කලකින් = චිරස්සං. නි.

බොහෝ ආකාරවලින් = බහුධා

      නි.

බොහෝ රෝග ඇති = බව්හා

      බාධ. 3.

බොහෝවරක් = බහුක්ඛත්තුං. නි.

බොහෝසේ = බහුසො. නි.

බෝමැඩ = බොධිමණ්ඩ. පු.

බෝළය = ගුණ. පු.

බෝසත් = බොධිසත්ත. පු.

බ්‍ර‍හ්මචර්‍ය්‍යාව = බ්‍ර‍හ්මචරියා. ඉ.

භයවීම = භය. න.

භයවූ = භීත. 3.

භය උඵදවන = භයානක,

      භිංසන, ඝොර. 3.

භය දකින්නා = භයදස්සාවී. පු.

භයනැති = නිබ්භය. 3.

භාජනය = භාජන. න.

භාණ්ඩාගාරිකයා =

      භාණ්ඩාගාරික. පු.

භාර්‍ය්‍යාව = භරියා, ඉ. දාර. පු.

භාර්‍ය්‍යාබව = ජායත්තන. න.

භාවනාපිළිවෙළ = කම්මට්ඨාන.

      න.

භික්‍ෂුණිය = භික්ඛුනී. ඉ.

භික්‍ෂුසමූහය = භික්ඛුසංඝ. පු.

භූමිකම්පාව = භූමිචාල. පු.

භේදය = අබ්බුද, භෙද. පු.

 

 

ම = එව. නි.

මගධරටට අයත් = මාගධ,

      මාගධික. 3.

මගියා = පථික,  පන්‍ථික, අද්ධික.

      3.

මඟුලැතා = මඞ්ගලහත්‍ථි. පු.

මට්ටම් වූ = මට්ඨ, සිලිට්ට. 3.

මඩිනලද = මද්දිත, පීළිත. 3.

මඩුව = මණ්ඩප. පු.

මත්තෙහි = උත්තරිං. නි. මත්‍ථකෙ.

      (පසුව) පරං. නි.

මත්තෙහි වූ = උපරිම. 3.

මත්පැන් බීමට සෑදූ මණ්ඩපය =

      ආපානමණ්ඩල. න.

මත්පැන්බොන = මජ්ජප. 3.

මත්වූ = මත්ත. 3.

මත්ස්‍යයා = මච්ඡ. පු.

මතුකාලය = අනාගත. පු.

මධ්‍යදේශය = මජ්ඣිමපෙදෙස. පු.

මධ්‍යයෙහි වූ = මජ්ඣිම. 3.

මධ්‍යස්ථවේ = උපෙක්ඛති

මනා රූ ඇති = අභිරූප. 3.

මනාසේ කොට = සක්කච්ච. ක්‍රි.වි.

මනාසේතබමින් = සණ්ඨපෙන්ත.

      3.

මනාසේ දනී = පජානාති

මනාසේ දෙසූ = ස්වාක්ඛාත. 3.

මනාසේ පිහිටි = සුපතිට්ඨිත. 3.

මනාසේම = සම්මදෙව. නි.

මනාසේ සැරසූ = සුසජ්ජිත. 3.

මන්‍දිරය = මන්‍දිර, භවන. න.

මරන්ට = මාරෙතුං. නි.

මරන්නා = මාරෙතු. පු.

මරනුලබන = මාරියමාන. 3.


 

මරවන්ට = මාරාපෙතුං. නි.

මරා = වධිත්‍වා, හන්ත්‍වා

මල් අතර = පුප්ඵන්තර. න.

මල් නැති ගස = වනප්පති. පු.

මල්ලවංශික = මල්ල. 3.

මලරහිත = නිම්මල. 3.

මළුව = මාලක, අඞ්ගණ. පු.

මවගෙන් ආ = මාතික. 3.

මවා = මාපෙත්‍වා, නිම්මිනිත්‍වා

මවුකුස = මාතුකුච්ඡි. පු. ඉ.

මස් = මංස. න.

මහණකම = සාමඤ්ඤ. න.

මහණකමේ ඵලය = සාමඤ්ඤ

      ඵල. න.

මහත් = විපුල, උළාර. 3.

මහත් අනුසස් ඇති =

      මහානිසංස. 3.

මහත්ඵලැති = මහප්ඵල. 3.

මහත්බලැති = මහබ්බල. 3.

මහත්බව = වෙපුල්ල. න.

මහත්ලාභය = මහාලාභ. 3.

මහත්හඬ = මහාරව. පු.

මහත්හානි ඇති = මහාජානික.

      3.

මහපොළොව = මහාපඨවී. ඉ.

මහමෙර = සිනෙරු. පු.

මහරජ = මහාරාජ. පු.

මහාජනයා = මහාජන. පු.

මහාශ්‍ර‍මණයා = මහාසමණ. පු.

මහාවීර්යය = පරක්කම. පු.

 

 

 

 

 

 

මළසිරුර = මතකලෙබර. න.

මාණවකයා = මානව, මාණවක.

      පු.

මාතලේ පෙදෙස = මාතුල-

      ජනපද. පු.

මායා ඇත්තා = මායාවී. පු.

මාරයා = මච්චු, මාර. ප.

මාලා ඇත්තී = මාලිනී. ඉ.

මාලා ඇති = මාලික, මාලී. 3.

මැටි = මත්තිකා. ඉ.

මැටියෙන් කළ = මත්තිකාමය. 3.

මැඩ = මද්දිත්‍වා, පීළෙත්‍වා

මැඩපවත්වා = නිහච්ච. පූ. ක්‍රි.

මැඩියා = මණ්ඩුක. පු.

මැඩුණු = පීළිත. 3.

මැනිය නොහැකි = අප්පමෙය්‍ය. 3.

මැනිය යුතු = මෙය්‍ය. 3.

මැරෙන = මරන්ත, මරමාන. 3.

මැරිය යුතු = මාරෙතබ්බ. 3.

මැරුවේ නම් = මාරයිස්සා

මැවූ = නිම්මිත, මාපිත. 3.

මිටක් පමණ = මුට්ඨිමත්ත. 3.

මිත්‍ර‍බව = සොහජ්ජ, න. සහායතා.

      ඉ.

මිත්‍ර‍යා = සහායක, පු. මිත්ත. පු.

      න.

මිම්ම = ඔධි. පු.

මිදුණ = මුත්ත, විප්පමුත්ත. 3.

මිදෙනුකැමති = මුච්චිතුකාම. 3.

මිදේ = මුච්චති


මිල = මූල. න.

මිශ්‍ර‍ වූ = සංකිණ්ණ. 3.

මිහින්තලය = චෙතියපබ්බත. පු.

මිහිරි = මධුර. 3.

මීමා = මහිස. පු.

මුත්තා = අය්‍යක. පු.

මුදයි = මුඤ්චති, මොචෙති

මුදා = මොචෙත්‍වා

මුදුන = මත්‍ථක. පු.

මුහුද = පයොනිධි, සාගර. පු.

මුහුදට අයත් = සාමුද්දික. 3.

මුළාවට හෙතු වූ = මුච්ඡනීය. 3.

මුළා වී = සම්මුය්හ. පූ. ක්‍රි.

මුළාව = මූළ්හ. 3.

මූණ සේදීමට දිය = මුඛොදක.

      න.

මූදෙන් එතර = සමුද්දපාර. න.

මෘදුබව = මුදුතා. ඉ.

මෙතෙර = ඔරිමතීර. න.

මෙන් = ඉව, විය. නි.

මෙනෙහි කිරීම = මනසිකාර. පු.

මෙපමණ = එත්තක. 3.

මෙලොව පිළිබඳ = සන්‍දිට්ඨික,

      ඉහලොකික. 3.

මෙවැනි = එවරූප, ඊදිස. 3.

මෙසේ = ඉති, ඉත්‍ථං, එවං. නි.

මෙහෙකරුවා = සෙවක. පු.

මෙහි = ඉධ, අත්‍ර‍, අත්‍ථ, එත්‍ථ. න.

මෛත්‍රිය = මෙත්තා. ඉ. අවෙර.

      න.

 

 

 

 

 

 

මෛත්‍රීයුක්ත = මෙත්තාසහගත

මොහොත = මුහුත්ත, ඛණ. පු.

      3.

යක්ෂයා = යක්ඛ. පු.

යකඩ = අය. පු. න.

යකඩ ගුළිය = අයොගුළ. පු.

යකඩ පාත්‍ර‍ය = අයොපත්ත. පු.

යකඩින් කළ = අයොමය. 3.

යකින්න = යක්ඛිනී. ඉ.

යටකොටස =හෙට්ඨාභාග. පු.

යටිකුරුකළ = නික්කුජ්ජිත. 3.

යටිකුරු හිස් ඇති = අවංසිර. 3.

යටින් වූ = හෙට්ඨිම. 3.

යටිසුළඟ = අනුවාත. පු.

යනමග = ගමනමග්ග. පු.

යනුකැමති = ගන්තුකාම. 3.

යම් පමණවූ = යාවතක. 3.

යම්බඳු = යාදිස. 3.

යම්සේ = සෙය්‍යාථාපි. නි.

යයි = යාති, පක්කමති

යවන = පෙසෙන්ත. 3.

යවයි = පෙසෙති: පහිණාති

යවන්නේ නම් = පහිණෙය්‍ය

යවා = පෙසෙත්‍වා

යහපත් = භද්‍ර‍: භද්දක, සුන්‍දර. 3.

යහපත්ඒම = ස්වාගත. න.

යහපත = සොත්‍ථි, හිත, කල්‍යාණ

යහපත කැමති = හිතකාම. 3.

යහපති = සාධු. නි.

යාගකරන ලද්ද = යිට්ඨ. න.


 

යාචකයා = යාචක. පු.

යාචකබව = යාචකත්ත. න.

යානාදෙන = යානද. 3.

යානාව = යාන. න.

යායුතු = ගන්තබ්බ, ගමිතබ්බ. 3.

යැවිය = පෙසෙසි, පහිණි

යුක්තවූ = උපෙත, යුත්ත,

      සම්පන්න,සහගත, සමප්පිත.

      3.

යුද්‍ධ ඇඳුම් ඇත්තා = වම්මී. පු.

යුද්‍ධය = සංගාම, පු.  යුද්ධ. න.

යුද්‍ධකෙරේ = යුජ්ඣති

යුද්‍ධකොට = යුජ්ඣිත්‍වා

යෙදවී නම් = පයොජයිස්සා

යෙදිය යුතු = යොජෙතබ්බ,

      යොග්ග. 3.

යෙදුණු = යුත්ත, ව්‍යාවට. 3.

යෙදෙව්වේය = පයොජෙසි

යෙදේ = යුඤ්ජති

යේ = කමති, සංකමති

යොදවන්නේ නම් =

      පයොජෙය්‍ය

යොදවා = යොජාපෙත්‍වා, පයො

      ජෙත්‍වා

යොදුන = යොජන. න.

යොදුනක් පමණ = යොජනික

යෝගියා = යොගී. පු.

යෝග්‍යවූ = යොග්ග,  පතිරූප. 3.

රක්නාලද = ගොපිත, රක්ඛිත,

      ගුත්ත. 3.

 

 

 

 

 

 

රකින්නා = පාලෙතු. පු.

රකින්නී = රක්ඛන්තී. ඉ.

රකින = රක්ඛන්ත. 3.

රකියි = ගොපෙති, රක්ඛති

රටවැස්සා = රට්ඨවාසී. පු.

රජ = ජනාධිප, රාජ, නරදෙව.

      පු.

රජගහනුවර = රාජගහ. න.

රජගෙය = රාජගෙහ, රාජ-

      නිවෙසන, රාජභවන. න.

රජබව = රජ්ජ, රාජත්ත. න.

රජවසන නුවර = රාජධානි. ඉ.

රත්කළ = තාපිත, තත්ත්. 3.

රත්නය = රතන. න.

රත්සඳුන් = ලොහිතචන්‍දන. න.

රථයෙන් හැසිරෙන = රථික. 3.

රන්කරුවා = සුවණ්ණකාර. පු.

රන්කාසිය = ජාතරූප. න.

රන්දෙන = සුවණණදොණි. ඉ.

රන්විමන = කනකවිමාන. න.

රනින්කළ = සුවණ්ණමය. 3.

රම්‍යවූ = රම්ම, රමණීය. 3.

රසය = රස. පු.

රසවිඳීම = අස්සාද. පු.

රහත්ඵලය = අරහත්ත. න.

රහත්නම = ඛීණාසව, අරහන්ත.

      පු.

රාජ්‍යාභිෂේකය = රජ්ජාභිසෙක,

      අභිසෙක. පු.

රාජකන්‍යාව = ඛත්තියකඤ්ඤා.

      ඉ.


 

රාජකීය = මඞ්ගල, රාජකීය. 3

රාජකීය ඇඳ = සිරිසයන. න.

රාජකීය කාමරය = සිරිගබ්භ. පු.

රාත්‍රියේ අවසන් කොටස =

      පච්ඡිමයාම. පු.

රැක්කයුතු = රක්ඛිතබ්බ

රැකීම = පාලන. න.

රැස්කරනුලැබේ = චීයති

රැස්කරවයි = සන්නිපාතෙති

රැස්කළ = සඤ්චිත, චිත

රැස්විය = සන්නිපති

රැස්වීම = සමාගම, සන්නිපාත.

      පු.

රැස්වූ = සමාගත. 3.

රැස්වේ = සන්නිපතති

රිදියෙන්කළ = රූපියමය. 3.

රිදීතහඩුව = රජතපට්ට. පු.

රියන = රතන, න. හත්‍ථ. පු.

රුවන්මැලිසෑය = රතනමාලී

      චෙතිය. 3.

රූපඅඳියි = ආලිඛති

රූපසම්පත = රූපසිරි. ඉ.

රූපස්කන්‍ධය = රූපක්ඛන්‍ධ. පු.

රෙදිවියන්නා = තන්තවාය. පු.

රෝගනැති = අරොග. 3.

රෝගය = රොග, ආබාධ. පු.

රොගවිපත = රොගුපද්දව. පු.

රෝගියා = ගිලාන. පු.

රෝගීවූ = ආබාධිත. 3.

රෝදදෙක = චක්කයුග. න.

 

 

 

 

 

රෝදයයනමග = චක්කමග්ග. පු.

රෝදදැත්ත = අර. න.

රෝදපට්ටම = නෙමි. ඉ.

ලක්දිව උපන් = ලංකික. 3.

ලකුණු කළ = අඞ්කිත. 3.

ලබන්නේ නම් = ලභෙය්‍ය,

      ලභෙථ, අධිගච්ඡෙය්‍ය

ලබන = ලභන්ත, ලභමාන. 3.

ලබා = උපලබ්භ, ලභිත්‍වා. පූ. ක්‍රි.

ලාටු = සිලෙසිකා. ඉ.

ලැගහොත් = නිපන්න. 3.

ලැබ = උපලද්‍ධා, උපලබ්භ. පූ. ක්‍රි.

ලැබීම = ලාභ. පු.

ලැබීමට = ලභිතුං. නි.

ලැබීමට අපහසු = දුල්ලභ. 3.

ලැබුවේය = අලත්‍ථ. ලභි.

ලැබේ = ලබ්භති

ලියන ලද = ලිඛිත. 3.

ලීය = දාරු, කට්ඨ. න.

ලීයෙන් කළ = කට්ඨ, දාරුමය. 3.

ලුණෙන් මිශ්‍ර‍වූ = ලොණික. 3.

ලුණුවෙළෙන්දා = ලොණික. පු.

ලුණුස්වල්පය = කාලවණ. න.

ලුහුබඳී = අනුබන්‍ධති

ලෙවකෑ යුතු = ලෙය්‍ය. 3.

ලුහුබැඳ = අනුබන්‍ධිත්‍වා

ලේ = ලොහිත. න.

ලේලි = සුණිසා. ඉ.

ලොම්පිළි = කම්බල. න.

ලොහොයෙන් කළ = ලොහමය

      3.


 

ලෝකය ඉක්මවූ = ලොකුත්තර.

      3.

ලෝකයෙහි පවත්නා = ලොකික,

      ලොකිය. 3.

ලෝභිවූ = ලුද්‍ධ. 3.

ලොමහපාය = ලොහපාසාද. පු.

වචනය = වච. පු. න.

වචන පිළිබඳ = වාචසික. 3.

වටකළ = පරික්ඛිත්ත. 3.

වටකිරීම = පරික්ඛෙප. පු.

වටලා = පරික්ඛිපිත්‍වා

වටේයාම = පදක්ඛිණා. ඉ.

වඩයි = භාවෙති, වඩ්ඪෙති

වඩාපවිටු = පාපතර. 3.

වඩාප්‍ර‍භාවත් = අභික්කන්තතර

වඩාමිහිරි = පණීතතර. 3.

වඩාලාමක = හීනතර. 3.

වඩාශ්‍රෙෂ්ඨ = උත්තරීතර. 3.

වඩාසිත්කලු = අභික්කන්තතර. 3.

වත්කරයි = සිඤ්චති, ආසිඤ්චති

වත්කොට = ආසිඤ්චිත්‍වා

වතාවත = වෙය්‍යාවච්ච. න.

වදාරා = වත්‍වා, දෙසෙත්‍වා

වන්නේය = සියා, භවිස්සති

වනයෙහි වූ = ආරඤ්ඤක,

      ආරඤ්ඤික. 3.

වනයෙහි විසීම = ආරඤ්ඤවාස

      පු.

වනයෙහි හැසිරෙන = වනචර

      3.

 

 

 

 

 

 

වනරොද = වනරාජි. ඉ. වන

      සණ්ඩ. පු.

වඳින = නමස්සමාන. 3.

වඳී = වන්‍දති, අභිවාදෙති,

      නමස්සති

වඳුරා = මක්කට. පු.

වපුරයි = වපති, වපතෙ

වපුරවා = වපාපෙත්‍වා

වයස = වය. පු. න.

වම් (පැත්ත) = වාම. 3.

වර්‍ණපසක් ඇති = පඤ්චවණ්ණ

වර්‍ණය දෙන = වණ්ණද. 3

වර්ෂාකාලයට යෝග්‍ය = වස්සික.

      3.

වරද = දොස, පු. වජ්ජ. න.

වරදවාගත් = දුග්ගහිත. 3.

වරදවා පිළිපැදි = දුප්පරාමට්ඨ.

      3.

වල්ගය = වාලධි. පු.

වලඳවා = භොජෙත්‍වා

වවන්නා = රොපක. පු.

වස්කාලය = වස්ස. පු. න.

වස්කාලය තුළ = අන්තොවස්සං

      ක්‍රි. වි.

වස්ත්‍ර‍ = වත්‍ථ, දුස්ස, න.පු.

      සාටක. පු.

වස්වා = ඡාදාපෙත්‍වා

වසනතැන = වාසට්ඨාන. න.

වසයි (වහයි) = ඡාදෙති

වළක්වන්ට = වාරෙතුං. නි.

 


වළක්වයි = නිවාරෙති, රුන්‍ධති

වළගම්බා = වට්ටගාමණී අභය.

      පු.

වළලන ලදි. = නිඛණියි

වළලවා = නිඛණාපෙත්‍වා

වහවහා = තුරිතතුරිතං. ක්‍රි. වි.

වාතය = මාලුත, වාත. පු.

වාතයෙන් කම්පිත = වාතෙරිත.

      3.

වාසය කරවයි = වාසාපෙති

වාසයකෙරේ = වසති, අධිවසති

      අජ්ඣාවසති

වාසස්ථානය = වාසට්ඨාන. න.

      උපස්සය. පු.

වාහනය = වාහන. න.

වැට = වති. ඉ.

වැටහේ = පටිභාති

වැටුණු = පතිත. 3.

වැටුප් = වෙතන. න.

වැඩය = කිච්ච. න. කම්මන්ත. පු.

වැඩිය යුතු = වඩ්ඪෙතබ්බ. 3.

වැඩහිඳීමට = නිසිදිතුං. නි.

වැඩිමහලු = ජෙට්ඨ, වුද්‍ධ. 3.

වැඩුණු = රූළ්හ, වඩ්ඪිත. 3.

වැඩෙයි = රූහති, වඩ්ඪති,             

      අභිවඩ්ඪති

වැද්දා = ව්‍යාධ, ලුද්දක. පු.

වැදහොත් = නිපන්න. 3. වැදී = පක්ඛන්‍දිත්‍වා

වැදූ = විජාත. 3.

 

 

 

 

 

 

වැන්ද = වන්‍දිත. 3.

වැන්දයුතු = නමස්සනීය. 3.

වැඳ = නමස්සිත්‍වා, වන්‍දිය,

      අභිවන්‍දිය. පූ. ක්‍රි.

වැපිරිය යුතු = වපිතබ්බ. 3.

වැරදිමග = උම්මග්ග, කුම්මග්ග,

      කුපථ. පු.

වැසූ = ඡාදිත, ඡන්න, පටිච්ඡන්න.

      3.

වැළැක්විය යුතු = වාරිය, වාරෙ-

      තබ්බ. 3.

විචාරන ලද = පුච්ඡිත

විචාළේය = පුච්ඡි

විඥානය = විඤ්ඤාණ. න.

විද = විජ්ඣිත්‍වා

විද්‍යමාන වේ = විජ්ජති

විනාශ කරයි = නාසෙති,

      විනාසෙති

විනාශ වේ = විනස්සති, නස්සති

විනාශ කළ හැකි = පධංසිය. 3.

විඳී = වින්‍දති

විමසන = වීමංසන්ත. 3.

විය = අභවි, ආසි, අහොසි

වියදම් කොට = විස්සජ්ජෙත්‍වා

වියන = විතාන. න.

විය යුතු = හොතබ්බ, භවිතබ්බ.

      3.

වියලවයි = සොසෙති

විරුද්ධ ක්‍රියාව = අපකාර. පු.


 

විරුද්ධ පුද්ගලයකු නැති =

      අප්පටිපුග්ගල. 3.

විරුද්ධරජ = පටිරාජ. පු.

විරුද්ධව දුවයි = අභිධාවති

විල = සර. පු. න.

විලවුන් = විලෙපන. න.

විවෘතකිරීම = විඝාටන, විවරණ.

      න.

විවෘතවේ = අවාපුරීයති

විවේකයට පැමිණි = විවිත්ත. 3.

විශිෂ්ට රූ ඇති = අභිරූප. 3.

විශේෂ දැනීම = විජානන. න.

විශේෂ නොවූ = සාධාරණ. 3.

විශේෂශුද්ධිය = විසුද්‍ධි. ඉ.

විෂවේගය = විසවෙග. පු.

විසාලානුවරවාසි = වෙසාලික.

      3.

විසිතුරුවූ = විචිත්ත, චිත්ත. 3.

විසීම = වාස, නිවාස. පු.

විසුරුවන ලද = අභිප්පකිණ්ණ.

      3.

විසුරුවයි = ආකිරති, විකිරති

විසුරුවා = ඔකිරාපෙත්‍වා

විසුවේය = විහාසි

වී (වෙලා) = හුත්‍වා, භවිත්‍වා

වීණා ශිල්පියා = වෙණික. පු.

වීම = භවන. න.

වීමි = ආසිං, අහුං, අභවිං

වීරයා = වීර. පු.

වීර්යකෙරේ = පරක්කමති,

      වායමති, උස්සහති

 

 

 

 

 

විසිකරයි = ඛිපති, ඡඩ්ඩෙති

විසිකොට = ඛිපිත්‍වා, ඡඩ්ඩෙත්‍වා

වූ = භූත. 3.

වෙන්කොට = වියොජෙත්‍වා,

      විසුංකත්‍වා

වෙන්ට = හොතුං, භවිතුං. නි

වෙන්වයේ = විගච්ඡති

වෙන්වී = විවිච්ච. පූ. ක්‍රි.

වෙන්වීම = විරති. ඉ.

වෙන්වූ = පුථු, නානා. නි.

වෙන = භවන්ත, භොන්ත. 3.

වෙමි = අම්හි, අසමි, භවාමි

වෙමින් = භවන්ත. 3.

වෙසක්මස = වෙසාඛමාස. පු.

වෙවුලන = කම්පමාන,

      පවෙධමාන. 3

වෙහි = අසි

වෙහෙසේ = විහඤ්ඤති

වෙළඳාම = වණිජ්ජා. ඉ.

වෙළඹ = වළවා. ඉ.

වෙළයි = උපනය්හති

වේගය = වෙග, ජව. පු.

වේලුණු = සුක්ඛ. 3.

වේසිය = ගණිකා. ඉ.

වෛදූර්‍ය්‍යයෙන් කළ = වෙළුරිය

වෛරය = වෙර. න.

වෛශ්‍ය කුලික = වෙස්ස. 3.

ව්‍යඤ්ජනය = සූප, පු. ව්‍යඤ්ජන.

      න.

ව්‍යාපෘතවූ = ව්‍යාවට. 3.


ශක්තිය = ථාම. පු.

ශක්තිය නො ඉක්මවා =

      යථාසත්තිං. ක්‍රි. වි.

ශක්‍ර‍යා = ඉන්‍ද, සක්ක. පු.

ශබ්දය = රව, නාද. පු.

ශබ්ද කරමින් = රවමාන. 3.

ශරත්කාලයට අයත් = සාරදික

ශරීරය = කාය, පු. ගත්ත. සරීර,

      න. දෙහ. පු. න.

ශරීරය ආශ්‍රිත වූ = දෙහනිස්සිත.

      3.

ශරීරය පිළිබඳ = සාරීරික. 3.

ශාක්‍යපුත්‍ර‍යන්ට අයත් = සක්‍ය

      පුත්තිය. 3.

ශාක්‍යවංශය = සක්‍යකුල. න.

ශාක්‍යසිංහතෙමේ = සක්‍යසීහ.

      පු.

ශීතසෘතුවට යෝග්‍ය =

      හෙමන්තික. 3.

ශීලසුගන්ධය = සීලගන්‍ධ. පු.

ශුද්‍ධ කටයුතු = සොධෙතබ්බ. 3.

ශුද්‍ධකරයි = සොධෙති

ශුද්‍ධකරවා = සොධාපෙත්‍වා

ශුභ වූ = මඞ්ගල, සුභ, භද්‍ර‍. 3.

ශුද්‍ර‍කුලික = සුද්ද. 3.

ශූරබව = සූරතා. ඉ.

ශෝකය = සොක. පු.

ශෝකකෙළේලු = සුසොව

ශ්‍ර‍ද්‍ධාව = සද්‍ධා. ඉ.

ශ්‍ර‍ද්‍ධාඇති = සද්ධ. 3.

 

 

 

 

 

 

ශ්‍ර‍මණයා = සමණ. පු.

ශ්‍ර‍මණප්‍ර‍තිරූපකයා = සමණපති

      රූපක. 3.

ශ්‍ර‍මණයන්ට කැපවූ = සාමණක

      3.

ශ්‍රාවකයා = සාවක. පු.

ශ්‍රෙෂ්ඨ = සෙය්‍ය, සෙට්ඨ, අග්ග. 3.

ශ්‍රෙෂ්ඨයි = සෙය්‍යො. නි.

ශ්‍රෙෂ්ඨයකු නැති = නිරුත්තර. 3.

සක් (ගෙඩිය) = සංඛ. පු.

සක්වළ = චක්කවාට. පු. න.

සක්විති = චක්කවත්තා. පු.

සකසා = සක්කච්ච. පූ. ක්‍රි.

සකෘදාගාමී ඵලය = ලැබූ අය =

      සකදාගාමී පු.

සඟවයි = ඡාදෙති

සත්කාරය = සක්කාර. පු.

සත්පුරුෂයා = සන්ත, සාධු,

      සප්පුරිස. පු.

සත්රුවනින්සැදූ =

      සත්තරතනමය. 3.

සතරමංසන්‍ධිය = චතුක්කං. න.

සතරාකාර = චතුබ්බිධ. 3.

සතරේ සමූහය = චතුක්ක. න.

සතිය = සත්තාහ. න.

සතුට = සොමනස්ස, න.

      පමොජ්ජ.පු.තුට්ඨි, සන්තුට්ඨි,

      විත්ති. ඉ.

සතුටුකරවයි = තොසෙති

සතුටුවිය = අභිනන්‍දි


 

සතුටු වූ = හට්ඨ, තුට්ඨ. 3.

සතුටු වේ = නන්‍දති, තුස්සති

සතුටු සිතැති = සුමන, අත්තමන.

      3.

සත්‍යය = සච්ච. න.

සත්‍යවාදී බව = සච්චවාදිතා. ඉ.

සත්‍යාවබෝධපක්‍ෂයෙහි වූ =

      බොධිපක්ඛිය. 3.

සත්‍වයා = පාණී, සත්ත. පු.

සඳහා = අත්‍ථාය (චතුත්‍ථි)

සඳුන් = චන්‍දන. න.

සම්පත = විත්ත, න. විභව, පු.

      සම්පත්ති. ඉ.

සම්මතය = සම්මුති. ඉ.

සම්මුඛ වේ = සමාගච්ඡති,

      සම්මුඛීභවති

සම්පූර්ණ අවබෝධය = අභි

 

 

 

 

gh

 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


      සම්බොධි. ඉ.

සමකරවා = සමං කාරෙත්‍වා

සමග වසයි = සංවසති

සමන්මල = සුමනා. ඉ.

සමන්මල්පට = සුමනපට්ට. න.

සමර්ථ වූ = සක්ක, සමත්‍ථ. 3.

සමවත් සැපය = සමාපත්තිසුඛ.

      න.

සමානකිරීම = උපමාන. න.

සමාන බව = සමානත්ත. න.

සමාන වූ = සදිස. 3.

සමීපයෙහි හිඳියි = උපනිසීදති

සමූහය = සංඝ, ගණ, සණ්ඩ. පු.

සමෘද්ධවූ = සම්පන්න, සමිද්ධ.

      3.

සමෘද්ධවේ = සමිජ්ඣති,

      ඉජ්ඣති

සර්පයා = උරග, භුජග. පු.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



* ‘සරාසරෙ ලොපං’ කෘත්‍යායන සූත්‍ර‍ යි.

[2]* ‘වා පරො අසරූපා

[3] “ක්‍වචාසවණ්ණං ලුත්තෙ”

[4] “පුබ්බොච”

[5] “වමොදුදන්තානං”

[6] “යවමදනතරළා චාග්මා”

[7] “පරද්වෙභාවො ඨානෙ.”

[8] “වග්ගෙ ඝොසාඝොසානං තතියපඨමා”

[9] “දීඝං

[10] ‘රස්සං’

[11] ‘ලොපං ව තත්‍රාකාරො’

[12] ‘වග්ගන්තං වා වග්ගෙ’

[13] ‘එහෙඤ්ඤං’

[14] ‘සයෙ ච’

[15] ‘මදාසරෙ’

[16] මෙය ‘ආරොපෙසි’ යි පාලියට නැඟුවොත් භාෂාව කියවෙන වචනය දුතියාවෙන් තැබිය යුතු. ‘පරිවත්තෙති’ යන්න යෙදුවොත් එය තතියාවෙන් තැබිය යුතු.

[17] *සචෙ - නිපාතය මුලට යෙදීමෙන් ‘නම්’ යන අර්ථය ලැබේ.

* ‘උඩින් පැන’ යන්නට ‘උල්ලඞ්ගෙත්‍වා’යි යොදනවිට පාකාර-ශබ්දයේ කර්‍ම විභක්තිය යෙදිය යුතු.

මේහිත් අස්ස - ශබ්දයේ කර්‍ම විභක්තිය යෙදීම ප්‍ර‍මාණයි.

අමුතු වචනයක් නොයොදා කර්‍ම විභක්තිය යෙදීමෙන් “මුළුල්ලේ” යන අර්ථය ලැබේ. මේ අර්ථය යෙදෙන තැනට “අත්‍යන්තසංයොග” යයි කියත්.

* මෙහි දෙව - ශබ්දය කුමාරයකු උදෙසා යොදා තිබේ. රජුන්ට ද යොදනු ලැබේ. දේවයන්වහන්සේ යි අර්‍ථ කියයුතු.

* ‘යථා’ යන්නෙන් පටන් ගතයුතු.

‘ඉදින්’ යන අර්‍ථය දෙන නිපාතයක් මුලට යෙදීමෙන් ‘හොත්’ යන අර්‍ථය ලැබේ.

ගියබව = ගතභාව. පු. බාලසොහොයුරා = කණිට්ඨ, පාලියෙහිදී කණිට්ඨ ශබ්දයේ ඡට්ඨි එකවචනය හා ‘ගතභාව’ යන්න යෙදිය යුතු. භාවය කියවෙන අන් තැන්හි ද එසේ යෙදිය යුතු.

[18] අනුබන්‍ධස්වරය නම් පච - ධාතුවේ අවසන් අකාරය මෙන් පහසුවෙන් කීම පිණිස යෙදූ ස්වරයකි.

[19] මේසෙන් වැඩ කරන්නායි.

* ඒ ඒ ධාතුගණයට අයත් විකරණ ප්‍ර‍ත්‍යයන් ධාතූන් හා එක්වී සිටින ආකාරය “ක්‍රියා මූල” යයි මෙහි අදහස් කරනු ලැබේ.