සිංහල දේව පුරාණය - කේ. එන්. ඕ. ධර්මදාස, එච්. එම්. එස්. තුන්දෙණිය 1994.pdf

කතෘ :
කේ. එන්. ඕ. ධර්මදාස, එච්. එම්. එස්. තුන්දෙණිය
ප්‍රකාශිත වර්ෂය :
1994
මුද්‍රිත වර්ෂය :
1994
පිටු ගණන :
495
බාගත කිරීම් ගණන :
9
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-14
ගොනුවේ ප්‍රමාණය :
44 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 248

සිංහල දේව පුරාණය යනු මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස සහ එච්. එම්. එස්. තුන්දෙණිය යන විද්වතුන් විසින් සම්පාදනය කරන ලද, සිංහල ජන ඇදහිලි සහ දෙවි දේවතාවුන් පිළිබඳ විස්තීර්ණ ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථයකි. 1994 වසරේ දී රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම කෘතිය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. පළමු කොටසින් සිංහල දේව විශ්වාස පිළිබඳ ඓතිහාසික සහ සමාජ විද්‍යාත්මක නිරීක්ෂණ හා විමර්ශන ඉදිරිපත් කෙරෙන අතර, දෙවන කොටසින් සිංහල ගැමි වහරේ හා සාහිත්‍යයේ එන දෙවි දේවතාවුන්, බණ්ඩාර දෙවිවරුන් සහ යකුන් පිළිබඳ අකාරාදි පිළිවෙළට සකස් කළ විස්තරාත්මක ‘දේව නාමාවලියක්’ අන්තර්ගත වේ. ඒ සඳහා හියු නෙවිල්ගේ කාව්‍ය එකතුව, පුස්කොළ පිටපත්, පාරම්පරික යාතිකා හා ජනප්‍රවාද මෙන්ම ද්විතීයික ශාස්ත්‍රීය ලේඛන රාශියක් මූලාශ්‍ර කරගෙන තිබේ.

  • පළමුවන කොටස: සිංහල දේව විශ්වාස පිළිබඳ නිරීක්ෂණ
  • දෙවන කොටස: දේව නාමාවලිය

ප්‍රස්තාවනාව

සිංහල ජනතාව අතර පුද පූජාවට ලක් වූ දෙවි දේවතාවුන් පිළිබඳ නාමාවලියක් සකස් කිරීමේ අරමුණින් මෙම අධ්‍යයනය ආරම්භ කරන ලදී. යාතිකාගතව මෙන් ම මුඛ පරම්පරාගතව ද එන දෙවි දේවතා විත්ති අකාරාදි පිළිවෙළට මෙහි සංහිතා ගත කර ඇත. අපේ දෙවි දේවතාවුන් ගැන මෙ බඳු පුළුල් අධ්‍යයනයක් සිදුවන පළමු අවස්ථාව මෙය යි. මේ අධ්‍යයනය සර්ව සම්පූර්ණ යැයි නො කියමු. එහෙත් මෙහි ඇතුළත් අන්දමට අති විශාල දෙවි දේවතා සමූහයක් පිළිබඳ තොරතුරු එක්තැන් කිරීමට ලැබීම ශාස්ත්‍රීය වශයෙන් වටිනා කාර්යයකැයි සිතන්නෙමු.

මෙම ග්‍රන්ථයේ ආමුඛයෙහි මූලාශ්‍ර පිළිබඳ හැඳින්වීමක් ඇත. එම මූලාශ්‍ර අංක අනුව දක්වා ග්‍රන්ථයේ පසුපස එම අංකයෙන් මූලාශ්‍රය කවරේද යන්න සඳහන් කරනු ලැබේ. අනතුරුව පිටු අංකය ද දක්වා ඇත.

ග්‍රන්ථයේ පළමු කොටසෙහි දී හැඳින්වීමක් වශයෙන් සිංහල දේව විශ්වාස පිළිබඳ ඓතිහාසික මෙන් ම සමාජ විද්‍යාත්මක විමර්ශනයක් ඉදිරිපත් කොට තිබේ. දෙවන කොටස දේව නාමාවලිය සඳහා ඇරුණේය.

මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් දෙවි දේවතාවුන්ට අමතර ව වෙනත් කිසියම් දෙවි දේවතාවුන් පිළිබඳ තොරතුරු හෝ මෙහි ඇතුළත් තොරතුරුවලට නැතහොත් වෙනස් තොරතුරු හෝ කිසියම් පාඨකයකු සතුව ඇත් නම් එය දන්වන ලෙස කරුණාධ්‍යාශයෙන් ඉල්ලා සිටිමු.

මෙම ග්‍රන්ථය සකස් කිරීමේ දී ඊට නොමසුරුව ආධාර කළ සුධීන් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු ය. මූලාශ්‍ර සටහනේ ඔවුන්ගේ නම් සඳහන් වේ. ඒ අතුරෙන් විශේෂයෙන් සඳහන් කළ යුත්තෙක් නම් බොහෝ තොරතුරු සපයා දී මෙහි නම ද යෝජනා කළ පියසේන කහඳගමගේ මහතායි. ඒ මහතා ඇතුළු සුධීන්ට අපගේ හෘදයංගම ස්තූතිය පුද කරමු.

ග්‍රන්ථය මුද්‍රණය කිරීමේ කටයුත්ත භාරගෙන එය මනාව ඉටු කළ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිහාල් අතුකෝරල මහතා සහ ප්‍රකාශන අංශයේ නිලධාරී මහතුන් ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ විශේෂ ස්තූතිය හිමි වේ.

අත්පිටපත සකස් කිරීමේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අරමුදලින් ලැබුණු අනුග්‍රහය කෘතවේදී ව සිහිපත් කරමු.

කේ. එන්. ඕ. ධර්මදාස
එච්. එම්. එස්. තුන්දෙනිය
1993.06.29
සිංහල අංශය,
පේරාදෙණිය විශ්ව විද්‍යාලය.

මූලාශ්‍ර පිළිබඳ හැඳින්වීම

මෙම අධ්‍යයනයේ දී පුද්ගලයන් ගෙන් ලබා ගන්නා ලද තොරතුරු මෙන් ම සම්භාව්‍ය සාහිත්‍ය කෘති, දෙවියන් ගේ කෝල්මුර කවි හා යාතිකා යන ප්‍රාථමික මූලාශ්‍ර මෙන් ම විවිධ කතුවරුන් විසින් සිංහලයෙන් හා ඉංග්‍රීසියෙන් ලියන ලද පොත් සහ ලිපි යන ද්විතීයික මූලාශ්‍ර ද භාවිත කර ගැනිණි.

ප්‍රාථමික මූලාශ්‍ර අතර දෙවිවරුන් ගේ විත්ති සඳහන් කවි රාශියක් හියු නෙවිල් (1848-1897) නමැති බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරියා විසින් ලක්දිව විවිධ පළාත්වලින් එකතු කරනු ලද කාව්‍ය සමුච්චයට අයත් ය. මෙම කාව්‍ය සමුච්චයට අයත් කවි බොහොමයක් පී. ඊ. පී. දැරණියගල විසින් ද (අප මූලාශ්‍ර නාමාවලියේ අංක 161) තිස්ස කාරියවසම් විසින් ද (අප මූලාශ්‍ර නාමාවලියේ අංක 37 සහ අංක 38) මුද්‍රණය කරවා තිබේ. මේ කෘති අපට මහෝපකාරී විය. හියු නෙවිල් ලබා ගත් මේ පුස්කොළ පිටපත් ව්‍ය. ව. 16, 17, 18 සහ 19 සියවස්වලට අයත් ඒවා බව ඔහු පවසා තිබේ.

අප භාවිත කළ ද්විතීයික මූලාශ්‍ර අතර එල්. ඩී. බානට් වර්ෂ 1917 ඉන්දියන් ඇන්ටික්වරි සඟරාවට ලියූ ලිපිය ද (අප මූලාශ්‍ර අතර අංක 141) හෙන්රි පාකර් ලියූ ඒන්ෂන්ට් සිලෝන් පොතේ (අප මූලාශ්‍ර අතර අංක 174) එන ජන ප්‍රවාද ද ඒ. සී. ලෝරි සකස් කළ මධ්‍යම පළාතේ ගැසටියර් පොතේ (අප මූලාශ්‍ර අතර අංක 158 ද) විශේෂයෙන් වැදගත් වේ.