සද්ධම්මොපායනය - අභයගිරි ආනන්ද හිමි 1911.pdf
- කතෘ :
- අභයගිරි ආනන්ද හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1911
- මුද්රිත වර්ෂය :
- 1911
- පිටු ගණන :
- 131
- බාගත කිරීම් ගණන :
- 541
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-22
- ගොනුවේ ප්රමාණය :
- 27 MB
වෙනත් සංස්කරණ
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සද්ධම්මොපායනය යනු අභයගිරි කවිචක්රවර්තී ආනන්ද මහා තෙරුන් වහන්සේ විසින් පාලි පද්යයෙන් රචිත ප්රකට ධර්ම ග්රන්ථයකි. උන්වහන්සේ විසින් සබ්රහ්මචාරී බුද්ධසෝම නම් හිමිනමට ධර්මාවබෝධය පිණිස මෙය රචනා කර ඇති අතර, මෙහි ඇතුළත් පුරාණ සිංහල සන්නය ආනන්ද නම් අන්ය මහාස්ථවිර කෙනෙකු විසින් සම්පාදනය කරන ලද්දකි.
මෙම කෘතිය පළමුවරට ක්රි.ව. 1874 දී ආචාර්ය බටුවන්තුඩාවේ පණ්ඩිතයන් ලවා ශෝධනය කර මුද්රණය කරවා ඇති අතර, එම මුද්රණය දුර්ලභ වූ හෙයින් දෙවන වරට විද්යෝදය පිරිවෙනේ උපාචාර්ය කහවේ රතනසාර හිමියන්ගේ ශුද්ධිපත්ර පරිශීලනයෙන් යුතුව 1911 දී කොළඹ සරස්වතී මුද්රණාලයේදී සී. බොතේජු (C. Boteju) මහතා විසින් මුද්රණය කර ප්රකාශයට පත් කර ඇත.
අෂ්ටදුෂ්කරක්ෂණ විනිර්මුක්තාක්ෂණ සම්පත්තිය විස්තර කරන අකඛණදීපනයෙන් ආරම්භ වී අප්රමාදානිසංසයෙන් අවසන් වන පරිච්ඡේද 19ක් පුරා විහිදුණු ගාථා 588කින් සහ සිංහල සන්නයෙන් යුක්තව ග්රන්ථය සකස් වී ඇත.
- අකඛණදීපනගාථා
- දයඅකුසල් හා එහි ආදීනවගාථා
- ප්රෙතදුක්ඛවණ්ණනාගාථා
- තිරච්ඡානදුක්ඛවණ්ණනාගාථා
- පාපාදීනවගාථා
- පුණ්යඵලුද්දෙසගාථා
- දානානිසංසගාථා ආදී අනුසස් විවරණ
සංඥාපනය.
මේ “සද්ධම්මොපායන” නම් ග්රන්ථය වනාහි සෙඛශීලාදි ගුණගණාභරණවිභූෂිත සුවිශුද්ධාශයෙක් හා ත්රිභුවනතිලක කෙතුභූත සමන්තභද්රායමාණ අශරණ ශරණ ශරණාගත වජ්රපඤ්ජර කරුණානිධාන දශබලධාරී තථාගතයන් වහන්සේගේ පිටකත්රය ධර්මවිෂයෙහි අප්රතිහතඥානමහිමයෙන් යුක්තවූ හඳනන ආනන්ද මහාස්වාමිපාදයන් විසින් සබ්රහ්මචාරීවූ බුද්ධසෝම නම් භික්ෂූන්ට ධර්මප්රසාද වශයෙන් සැපැයීම පිණිස ධර්මකථානය ඥානවිරහිත ග්රන්ථිරූ මන්දබුද්ධිකයන්ට පවා සුවසේ දතහැකි පරිද්දෙන් අතිගම්භීරාමල විපුලාර්ත්ථාන්විත සූත්රයුක්ති නොයික්මවා අනතිවිස්තීර්ණවශයෙන් කරණලද්දෙකි.
මෙය දුර්ලභවූ මනුෂ්යාත්මභාවය ලැබූ ශාසනප්රව්රජිත සකල බෞද්ධයන් විසින් ලබාගතයුතුවූ අෂ්ටදුෂ්ක්ෂණවිනිර්මුක්තාක්ෂණ සම්පත්ති විභාගය පටන් අප්රමාදානිශංසය අවසන් කොට ඇති නානානයාන්විත විශිෂ්ටධර්මවිභාග වර්ණනා එකුන්විස්සකින් සමලඞ්කෘතවේ. මෙහි ඒ ඒ ධර්මයන් පිළිබඳව වර්ණනාව මධුරමනෝහර පද්යවලින් විරචිත බැවින් මෙය ධර්මකථිකයන්ටද මහෝපකාරී වේමය. සාමාන්යයෙන් දුෂ්ප්රතිපත්ති මේ මේවා යයි දැන සුප්රතිපත්තිපූරණයෙහි තත්පරවූ සකල බෞද්ධයන් විසින්ම මෙය පාඩම්කොට සිත්හි ලා දැරියයුත්තේවේ, අනතිවිස්තීර්ණවශයෙන් සංග්රහකරණලද්දක් බැවින් එසේ පාඩම් කොට දරාගතහැක්කේද වේ.
තවද මෙහි අර්ත්ථාවබොධයට අසමර්ථවූවන්ගේ පහසුවපිණිස පසුව ආනන්ද නම් මහාස්ථවිරකෙනෙකුන් විසින් ලියනලද විස්තාරාර්ථ ව්යාඛ්යානයද ඇති බැවින් පාලිභාෂාව නොදත්තන්ටද අත්යන්තොපකාරී වේ, මෙකී මහෝපකාරීත්වය සලකා ක්රිස්තු වර්ෂයෙන් 1874 අවුරුද්දේදී ශ්රී දෙවරක්ෂිතාචාර්ය්ය බටුවන්තුඩාවේ රාජකීය පණ්ඩිතතුමන් ලවා පාඨශොධනාදිය කරවා මුද්රණය කොට තිබුන පොත් දැනට ලබාගැන්මට නොමැතිබැවින් දෙවෙනි වරට මෙසේ මුද්රණය කරවා ලෝකයා අතර ප්රකටකරවාලීමට අදහස්කළෙමු. මේවරට මුද්රණයකරවීමේදී විද්යොදයපිරිවෙණේ උපාචාර්ය්ය කහවේ රතනසාර ස්ථවිරයන් වහන්සේ මෙහි ශුද්ධිපත්රාදිය බලාදෙන්ට යෙදුනා ඇත.
ඇන්. ජේ. කුරේ.
ඩබ්ලිව්. කොරනේලිස් පෙරේරා.