වීශුද්ධි දීපිකා - මාකුරේ ගුණරතන හිමි 1931.pdf

කතෘ :
මාකුරේ ගුණරතන හිමි
ප්‍රකාශිත වර්ෂය :
1931
මුද්‍රිත වර්ෂය :
1931
පිටු ගණන :
178
බාගත කිරීම් ගණන :
442
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-22
ගොනුවේ ප්‍රමාණය :
55 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 90

විශුද්ධි දීපිකා යනු සත්ත්වයාගේ පවිත්‍රතාවය හෙවත් නිර්වාණ මාර්ගය පිළිබඳ මූලික බුදුදහම සංක්ෂේපයෙන් විස්තර කරමින් සැකසුණු ධර්ම ග්‍රන්ථයකි. මෙය සම්පාදනය කරන ලද්දේ සනෙත්නෝදය පිරිවෙණේ උපාචාර්ය සහ දැදිගම රාජමහා විහාරාධිපතිව වැඩවිසූ මාකුරේ ගුණරතන ස්වාමිපාදයන් වහන්සේ විසිනි.

ත්‍රිපිටක ධර්මයේ සාරය ගැබ්වූ ‘සබ්බපාපස්ස අකරණං...’ ගාථාව පදනම් කරගනිමින් පරිච්ඡේද නවයකින් (උපද්‍රැත පරිකථා, ශීලවිශුද්ධි, චිත්තවිශුද්ධි, දෘෂ්ටිවිශුද්ධ්‍යාදී විශුද්ධි පස සහ පරිශිෂ්ඨාධිකාරය) යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මීට අමතරව බෙලිගල් කෝරළේ රටේ මහත්මයා වූ පී. සී. දැදිගම මහතාගේ ඉල්ලීම පරිදි සකස් කරන ලද ‘දැදිගම පිළිබඳ ඓතිහාසික ප්‍රස්තාවනාව’ක් ද මෙහි ඇතුළත් වේ.

කෑගල්ලේ ආර්. වී. දැදිගම නීතිඥතුමාගේ සමාරාධනයෙන් සම්පාදිත මෙම කෘතිය, එච්. ඇම්. ඇම්. ධර්මදාස වෙදමහතා විසින් කොළඹ ඩබ්ලිව්. ඒ. බැස්ටියන් සහ සමාගමේ මුද්‍රණාලයේදී 1931 (බු.ව. 2474) වර්ෂයේදී මුද්‍රණය කරවා ඇත.

PREFACE.

This book, entitled ‘Visuddhidipika,’ as its name implies, is an introduction to the teachings of the Buddha, in as truth as the mode and practice of self-purification, the fundamental doctrine of Buddhism is here discussed in detail.

The fruit, the practice of self-purification brings forth, is the perfect emancipation, the bliss of Nirvana, to seek which goal the Buddhist devotees are ever so zealous and keen. The Blessed One, having himself first attained enlightenment by virtue of his superhuman insight has preached to the world the practical methods of self-purification, the sum and substance which is embodied in the following stanza.

“Sabba pāpassa akaranam Kusalassa upasampadā Sacitta pariodapanam Etan Buddhānasāsanam”

whose meaning is

“Refrain from all evil Accomplish all virtue Purify your soul This is the message of the Buddha’s.”

The teachings of the Buddha, accordingly, are classified into three “Pitakas” or baskets in each of which is described in detail one or other of the three broad divisions of doctrine as mentioned in this stanza, viz :, abstention from all evil is dealt with in the Vinaya, accomplishment of all virtue in the Sutra and purification of mind in the Abhidharma Pitaka, and as a book of this nature, by which even a bird’s-eye view of the world of Buddhism can be had been a long-felt want. We have carefully compiled this Visuddhi deepika, with the kind invitation of R. V. Dedigama Esquire, Proctor, S. C., Kegalle.

The book is made up of nine chapters. The first of these is devoted to an account of the virtue of Buddha. The second entitled Seela-Visuddhi or purification by morality is a treatise on the sensation of evil.

In the third chapter is discussed in detail the accomplishment of all virtue. The next five chapters are devoted to the principles and methods of purifying the mind. The ninth and last is a chapter on the importance of self-purification.

As a general knowledge of Buddhism can easily be acquired by reading over these chapters, written in mother language, we invite all those virtuous gentlemen, who desire to be free from the bonds of existence to make use of this little book on doctrine.

We have also added here a historical scenery of Dedigama, which we have compiled with the kind invitation of P. C. Dedigama Esquire, R. M. of Beligal Korale.

Our thanks are due to Rev. Vimalaratana Thero and Mr. Satyanatha Weerasingha for aiding in the compilation and to Mr. E. P. Atapattu of Dedigama A. V. B. School, for writing a preface in English.

Author:-
M. Gunaratana Thero
Dedigama Rajamaha-Viharaya,
Nelundeniya, P. O.
Dedigama,
31 st Jany., 1931.

සංඥාපනය.

මෙ මැ ධර්‍ම පුස්තකය විශුද්ධිදීපිකා නමි. මෙහි සත්‍වයෙක් පවිත්‍රවීමට ඉවහල් කරුණු සඳහන් වෙත්. බුද්ධාගමෙ පිණ්ඩත්‍ථය ද සත්‍වයාගේ පිරිසුදුභාවය ඉගැන්වීමයි. ඒ මේ පාරිශුද්ධියගේ අනතිම කෙළවර නිර්‍වාණ යයි. එය මැ බුද්ධාගමේ නිෂ්ඨාව’යි දතයුත්තාහ.

තවද මේ පවිත්‍රක්‍රමය උගන්වාවදාළ සම්බුදුන්වහන්සේ පළමුවෙන්ම පවිත්‍රවූ සේක. දෙවනු වැ ඒ පවිත්‍ර ක්‍රමය ලෝකයාටද ප්‍රකාශකළහ. හෙද අතිසංක්‍ෂෙපමුඛයෙන් දක්වන සම්බුදුන් වහන්සේ:– ‘‘සබ්බපාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා; සචිත්තපරියොදපනං – එතං බුද්ධාන’සාසනං.’’ යනු වදාළ සේක. සියලු පව් නොකිරීම, සියලු කුශල් කිරීම, සිය සිත පිරිසිදු කිරීම, යන මේ බුද්ධානුශාසනා නමු. මේ අනුශාසනාත්‍රය විස්තර කිරීම පිණිසැ සූත්‍රා’භිධර්‍ම විනය සංඛ්‍යාත පිටකත්‍රයක් වදාළහ. බුදුහු;

i සියලු පව් නොකටයුතුය යන්තෙහි විස්තරය = විනය පිටකයෙහිද; ii සියලු කුශල් කටයුතුය යන්තෙහි විස්තරය = සූත්‍ර පිටකයෙහිද; iii සියසිත පවිත්‍ර කටයුතුය යන්තෙහි විස්තරය = විදර්‍ම පිටකයෙහිද; වෙති.

මෙහි තාක් විස්තෘතවූ බුද්ධාගම සැකෙවින් දැන ගැනීම පිණිසැ මෙ දක්වා මැ එකම පොතක් සුලභනොවීම රටවැසියන්ට මහත් පාඩුවක්යයි සැලකූ අප හිතවත් (කෑගල්ලේ) ආර්. වී. දැදිගම නීතිඥතුමාණන් විසින් ආරාධිතවූ අපි මේ විශුද්ධිදීපිකා නම් ග්‍රන්ථසම්පාදනයෙහි යථාශක්තීන් ව්‍යාපෘත වීමු.

මෙහි අධ්‍යාය නවයෙකි. සම්බුදුන් වහන්සේගේ පවිත්‍රතාවය හඟවනු වස් උපද්‍රැත පරිකථානම් ප්‍රථම පරිච්ඡේදයද, සියලු පව් නොකටයුතු ක්‍රමය සඳහා ශීලවිශුද්ධි නම් ද්විතීය පරිච්ඡේදයද, සියලු කුශල් කටයුතු ක්‍රමය සඳහා චිත්තවිශුද්ධි නම් තෘතීය පරිච්ඡේදයද, සිත පවිත්‍ර කටයුතු ක්‍රමය සඳහා දෘෂ්ටිවිශුද්ධ්‍යාදි විශුද්ධි පඤ්චකයක් ඇතුළත් පරිච්ඡේද පසක්ද, පවිත්‍රවීමේ ශ්‍රෙෂ්ඨත්‍වය සඳහා පරිශිෂ්ඨාධිකාර නම් පරිච්ඡේදයක්ද’යි මෙසේ පරිච්ඡේද නවයකින් සමපූර්‍ණකර තිබේ.

සිංහල බසින් ලියනලද යථොක්ත පරිච්ඡෙදයන් කියවීමෙන් විශුද්ධබුද්ධාගම පිළිබඳ සාමාන්‍ය දැනීම ඇතිවන හෙයින් සසරබිය දුරුල්නා සාධුජන සත්පුරුෂයෝ මෙයින් ප්‍රයෝජන ගනිත් වා’යි සමාරාධනය කරම්හ.

තවද බෙලිගල්කෝරලේ රට ලැබැ කරවන පී. සී. දැඳිගම දිසාපති මන්ත්‍රීශ්වරයාණන්ගේ අයදුම් පරිදි දැදිගම ගැන ඓතිහාසික ප්‍රස්තාවනාවක්ද මෙහි මුලට යොදාලීමු. ඒ සඳහා බොහෝ වෙහෙසනු නමුත් සම්පූර්‍ණ විස්තරයක් ලිවීම උගහට විය.

අපේ මේ කෘතිය සඳහා සත්‍යනාථ වීරසිංහ මහතාණන් ගෙන්ද, අප සහෝදර පිටිහුම විමලරතන ස්ථවිරයන් වහන්සේ ගෙන්ද, ඉංග්‍රීසි ලියවිලි සම්පාදනය කරදීමෙන් දැදිගම පාඨශාලාවේ ඒ. පී. අතපත්තු මහතාණන්ගෙන්ද විශේෂාධාර ලැබුණු බව ස්තුති පූර්‍වක වැ සඳහන් කරමු.

මෙමෙවට,
මාකුරේ-ගුණරතන ස්ථවිර.