රුවන්මල සහ පියුම්මල - පරාක්රමබාහු රජ 1892.pdf
- කතෘ :
- පරාක්රමබාහු රජ
- ප්රකාශිත වර්ෂය :
- 1892
- මුද්රිත වර්ෂය :
- 1892
- පිටු ගණන :
- 113
- බාගත කිරීම් ගණන :
- 555
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-22
- ගොනුවේ ප්රමාණය :
- 14 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
රුවන්මල සහ පියුම්මල සිංහල පද්ය නිඝණ්ඩු (පර්යාය ශබ්දකෝෂ) දෙකක් එක්කොට බටුවන්තුඩාවේ පණ්ඩිතයන් විසින් සකස් කර ඉංග්රීසි පාද සටහන් සහිතව ශ්රී බුද්ධ වර්ෂ 2435 (ක්රි. ව. 1892) දී කොළඹ දී පළ කළ සංස්කරණයකි. මාතෘකා පිටුවට අනුව රුවන්මල ජයවර්ධන කෝට්ටෙයෙහි විසූ ත්රිසිංහලාධීශ්වර සිරි පැරකුම්බා මහරජානන් (සිරිසඟබෝ පරාක්රමබාහු) විසින් රචනා කරන ලද අතර පියුම්මල ඉන් අනතුරුව රචිත, කතුවරයාගේ නම නොදන්නා කෘතියකි.
සංස්කාරක හැඳින්වීමේ නාමාවලිය, රුවන්මල හා පියුම්මල යන නිඝණ්ඩු තුනේ සම්බන්ධය, ඒවා අමරසිංහ (අමරකෝෂ) ක්රමය අනුගමනය කරන අයුරු, නාමාවලිය රචනා කළ නල්ලුරුතුනයා පිළිබඳ මත, බුදුවරුන්ගේ හා ගෞතම බුදුන්ගේ නම් දැක්වෙන පද්යවල ශුද්ධිය ආදිය සාකච්ඡා කෙරේ. ග්රන්ථය ස්වර්ග, රසාතල, භූමි, නගර, ශෛල, වනෞෂධි, සිංහාදි, මනුෂ්ය, බ්රාහ්මණ, ක්ෂත්රිය, වෛශ්ය, ශුද්ර, අනේකාර්ථ හා අව්යය වර්ගවලට බෙදී ඇති බව ද එහි දැක්වේ.
පුස්කොළ පොත් කිහිපයක් (රුවන්මල් පිටපත් දෙකක්, නාමාවලි පිටපත් දෙකක් ඇතුළුව) සසඳා ශුද්ධ කළ මෙම සංස්කරණයේ, එක් එක් කවියට පසු පද විග්රහයක් හා ඉංග්රීසි අර්ථ සහිත පාද සටහන් ඇත. 1891 දෙසැම්බර් 21 දින කොළඹ දී ලියූ ඉංග්රීසි Preface හි, පරාක්රමබාහු රජු තොටගමුවේ ශ්රී රාහුල හිමියන්ට අනුග්රහ කළ බවත්, කොල්බෘක්ගේ අමරකෝෂ සංස්කරණයේ ක්රමය අනුව ඉංග්රීසි පාද සටහන් සැකසූ බවත් සංස්කාරකයා සඳහන් කරයි. රුවන්මල කවි 712 කින් යුක්ත වේ.
රුවන්මල සහ පියුම්මල. (සංස්කාරක හැඳින්වීම - වෙනම මාතෘකාවක් මුද්රිත නැත)
නමො බුද්ධාය.
ජයවර්ධනපුරය මුලරජධානිකොටගෙණ මුළුලක්දිව්හි අගරජ-කල සිරිසඟබෝ පැරකුම්බා මහරජානන්විසින් මේ රුවන්මල් නම් නිඝණ්ටුව කාව්යබන්ධනයව තනා ගලපනලදි-ඊට බොහෝ කාලෑකින් යෙහිද ලක්දිව්වැසි සම්හිසි ප්රාඥ කෙනෙකුන් විසින් පියුම් මල් නම් නිඝණ්ටුව වාසගම් වසයෙන් ලියනලදි. එබව පුරාණනාමාවලියෙහි
ලෝවැඩපිණිස පොරණැදුරන් මෙහිනින් කළ / නම් පාළියෙන් යුත්බැව්නුදු කවිනො කළ / වණපොත් කර වියත්බැව් වනලෙසල කළ / පදබැඳ කියම් නාමාවලිය සිහළ
මේ කවියෙන් පියුම්මල අඟවයි. මෙහි නාමාවලිය සන්නස් ලේකම විසින් තනාතිබෙන්නේ මෙම පරක්රම රජ්ජුරුවන් ඔටුනු පැළඳි දසවන හවුරුදුයෙහි වෙසක්මාසේදීය. එහි වර්ණිත හා කල තැනැත්තාත් මෙම ග්රන්ථ අවසානයෙහි කව්දෙකෙන් පෙණෙයි.
සකවසිනෙක්දහස් තුන්සිය තෙසාළිස / නෙකසඳකිරණ වන් යස පතළ දසදෙස / සිරිපාපියුම් පිළිමල් රජ නැමූ හිස / පැරකුඹා නිරිඳු දසවනු වෙසක් මස
මෙම නරනිඳුන් සිතුලෙස දවසරණ සඳ / නල්ලුරුතුමන් මිණිසන්නස් මැතිඳු සඳ / පරවුදුලයදි තෙරුවන් මුදුනත පැළඳ / කවියෙන් කෙළේ නාමාවලිය පද බැඳ
මෙහි නල්ලුරුතුමන් මිණිසන්නස් මැතිඳු යන්නෙන් පූර්වොක්ත සන්නස්ලේකම විසින් කරණලද්දයි ප්රකාශයි, මෙම රජතුමන් දියත්වූ කාව්යශෙඛරදීයෙහි ප්රකාශිත උළුඹු දේවියගේ වල්ලභයායි සමහරු කල්පනාකරති, තුමුන් සැලලිහිණි සන්දෙශයෙහි “හරුහර නල්ලුර තුනායා නමැති මැති” යන්නෙන් “මිණිසන්නස්” නොකියන බැවින් එම කුමාරයා නොවේ, දෙන්නෙක් උවත් මෙ රජ්ජුරුවන්ගේ නෑයින්බව සත්තකයී. අමාත්යයින්බවත් තියනයි.
ඉතින් මේ රුවන් වල තැනුගේ නාමාවලිය අසම්පූර්ණ නිසායි, පොත් දෙක ලඟකොට බැලුවැත නාමාවලිය අසම්පූර්ණ පමණක්නොව ශුද්ධ නැතිබවද පැහැදිලිව පෙණෙයි, පොත් තුණම එනම්:-නාමාවලිය,රුවන්මල,පියුම්මල-අමරසිංහක්රමයෙහි එලීගෙණ ගළපා තිබෙනබව පොත් තේරුම්ගතහැකි කාටත් පෙණෙයි. මේ පොත්තුණම බොහෝ කලක් ශබ්දශාස්ත්ර පුහුණුනැති නිතුවකේ ලියන්නන්ගේ අදක්ෂකමින් බොහෝ තැන්ශුද්ධ නැතිව වරදවා වියවුල්කොට පෙණෙනනා, මෙයින් රුවන්මල පොත සෝදිසිකොට බැලීමෙන් මෙපමණ වරදයයි ලියවිල්ලකින් නොදක්වියහැකෙකයි.
සියලුම බුදුවරුන්ගේ සහ ගෞතම බුදුන්ගේත්—
බුදු මුනිඳු සුගත් සුගතිඳු සතර සිදුහත් / නරදම්සැරි දහම්රජ මරරුපු මොකැඳුරු දිනිඳු / දසබල ගොයුම්ගොත් සවැණිය ලොවග සම්බුදු / සැසි ගොයුම් දසබුල් සෑමුනි තිලෝගුරු / සවන් සිදු ලොවිඳු සමන්බහදුරු සමතැස් / පසැස් තිලෝනා මහමායාදෙව්තෙනෙ / විනා සවණ දියබප් දින පසතුරු ත්රිස්නම් / සවැණියන්කෙරෙහි වැටෙයි නොපලත් පබුවෝ
මේ අතිශයින් ව්යාකුලයි
අමරසිංහයෙහි “සර්වඥඃ සුගතො බුද්ධො” යනාදීන් නම් දහඅටක් සියලු බුදුවරුන්ට සාධාරණකොට කියා වෙනම්ම ශාක්යවංශයෙහි උපන් බුදුන්ට “ශාක්යමුනි” ආදී නම් සතක් කියනලදහ.
පියුම්මලෙහිත් බුදු මුනිඳු ආදීන් පටන්ගෙණ පසතුරු යනු අවසන් කොට මේ ශබ්ද තිහ බුදුන්ට නම් අවසන්කරලා සිදුහත්යි පටන්ගෙණ මහමායාදේවිතෙනෙ යනු අවසන් කොට මේ ශබ්ද සය ගෞතම බුදුන්ට නමැයි කියනලදි, පොත්වල මෙආකාර පවතිද්දී මේ දෙවර්ගය මිශ්රකොට පැරකුම්රජතුමා විසින් ගලපනලදැයි නොසිතිය යුතුමැයි. එහෙයින් අපේ ශුද්ධියෙහි
බුදු සම්බුදු මුනිඳු සුගතිඳු සුගත් දම්රද / දිනිඳු මොකැඳුරු සිදු ලොවිඳු සවණ සවැණිය / නරදම්සැරි සතර තිලෝගුරු මුනි දසබල / දසබුල් ලොවග දින මරරුපු සමන්බහදුරු / දියබප් තිලෝනා විනා සමතැස් සතසෙත් / පසැස් සවන් පසතුරු සැම සුගතනට සම්අත්
මෙසේ සාධාරණ නම් දක්වා ගෞතම බුදුන්ට පමණක්
සිදුහත් ගොයුම්ගොත් ගොයුම් සැසි සෑමුනි / මහමායාදේවිතෙනෙ නම්වේය දත් අපමුනි
තවද මේශාස්ත්රයෙහි ස්වර්ගමර්ත්යපාතාල යන තුන්ලෝ කියනුලැබෙයි. එයින් ප්රධානබැවින් පළමුකොට දෙව්ලෝ කියයුතුයි. තද්ග්රාහ්යවූ දෙවියෝ අනතුරුව කියයුතුවෙති. තදනන්තරව එහි නානා භෙද දක්වියයුතුවේ. අසුරයෝද දෙවියන් සදෘශබැවින් හා ඖපපාතික යෝනිසාදෘශ්යයෙන් ඒ සමනම කියයුතුවෙති.
තදනන්තරව ප්රධානදෙවියෝ කියයුතුයහ. ඒ සියල්ලන්ට වඩා බුදුහු ප්රධාන බැවින් පළමුකොට කියනලදහ, ඉක්බිත්තෙන් බ්රහ්ම විෂ්ණු මහෙශ්වරාදීහු කියනලදහ, මේ ආදි විභාග අමරසිංහ වර්ණිතයෙන් දතමනායි
පියුම්මල අභිධානප්පදීපිකා බුද්ධාගමේ අධිකභක්තියෙන් හැමතැනම මේ පිළිවෙළ නොවෙයි, නාමාවලියෙහි මේවා ඉතාම අඩුයි, ඉතිරිවා නාම්ප්රකාශක අමරසිංහ තෑයි, පියුම්මලහි නානාර්ථවර්ග පිණිස දක්වන්නේ දෙඅරුත් පමණයි, නාමාවලියෙහි නන්අරුත්යයි වර්ගයක් දක්වූනමුත් ඉතා ටිකයි.
රුවන්මල එසේ නොවෙයි. දෙසරුත් තුණරුත් සතරරුත් පසරුත් සාරුත්කිනා වර්ගී පසක්නා අව්යසද වර්ගදෙකකුත් දක්වාතිබේ,එකකට බොහෝ තේරුම්ඇති නිපාතහා එක්අභිප්රායක කීපයක් නිපාත වැටෙන එවා වර්ගයක කියාය.
මේ රුවන්මල නාමාවලියට පසුව ගැලපුබව “ලෝවැඩපිණිස පොර ණැදුරන් මෙහිනින්කල” යන කවෙහි කවිනොකල පාළියෙන් යුත්බැවින් කිවාසින් හැගේ. මේ රුවන්මල තිබුනාතම් එසේ කිය නොහැක්කේයි. තවත් මෙබඳු සම්පූර්ණ යහපත් ග්රන්ථරචනාවක් තිබුනාතම් මේ අසම්පූර්ණ ග්රන්ථය කුමට කෙරෙද්ද?
තවද මේ ග්රන්ථය ශුද්ධකරණ අපවිසින් බොහෝපොත් එකතුකරලා සමකොට බලා සකස්කරණලදි. පොත මුලින් ශුද්ධකරද්දී අපට ලැබුනේ පොත්තකරයි, පස්යේ තුණයි, රුවන්මල් දෙකයි, නාමාවලි දෙකයි හැමපොත්වලම ව්යාකූල තැන් බොහෝ බැවින් මේ ශුද්ධිය සම්පූර්ණයයි නොකියමු. මනුමත්තෙහි අශුද්ධ තිබුනිනම් තැවතත් ශුද්ධකරණ අභිප්රායයි, එහෙයින් උගත් පඩිතවරුණ් අනුපමතුන් විසින් මෙහි ඌන සඞ්ඛ්යාදී යම් වරදක් දුටහොත් අපවෙත ලියාඑවනු මැනවි. අපකෙරෙහි අසන්තොෂ තිබෙතත් ලෝවැඩපිණිස එසේ ලියාඑවනමෙන් ආරාධනා කරමු. මේ ශුද්ධියෙහිදී උපකාර ලැබුනේ අමරසිංහ එනිවර්ණිතාදියෙනි.
සඟ රසහල් බිම් පුර සෙල්ද වනබසුවග / සිහැ නර බඹ රදවෙස්සුදු නොයෙකත් අව්යපෙලමේ.
සඟ, ස්වර්ගවර්ගය; රසහල්, රසාතලවර්ගය; බිම්, භූමිවර්ගය; පුර, නගරවර්ගය; සෙල්ද, ශෛලවර්ගය; වනබසුවග, වනෞෂධිවර්ගය; සිහැ, සිංහාදිවර්ගය; නර, මනුෂ්යවර්ගය; බඹ, බ්රාහ්මණවර්ගය; රද, ක්ෂත්රියවර්ගය; වෙස්, වෛශ්යවර්ගය; සුදු, ශුද්රවර්ගය; නොයෙකත්, අනේකාර්ථවර්ගය; අව්යපෙලමේ, අව්යයෝයයි මෙසේ දතමනායි.
මෙහි අනෙකාර්ථයනු, විශෙෂ්යාධීන වර්ගය, සඞ්කීර්ණවර්ගය, දෙඅරුත්ය, තුණරුත්ය, සතර රුත්ය, පසරුත්ය, සරුත්ය, අව්යසද්වර්ග දෙකෙකැයි; මෙසේ නව වැදෑරුම්.
PREFACE. THE RUVANMAL NIGANDUVA.
This work was composed by King Prákrama Bahu Siri Sangabo who reigned over this Island in the year A. B. 1953 in the Capital Jayawardana Pura (Cotta). With the cares of government, it is indeed strange to find a king attempting to follow the arduous duties of an author. The world famed Priest Totagamuve Sri Rahula, whose name stands first in the rôle of Sinhalese scholars, owes much of his greatness to the patronage of this liberal Monarch. We find the names of Nallurutunaya mentioned in Selalihinisandesa and Nâmàvaliya, and also in other works of the period, the authorship of some of which is attributed to Nallurutunaya, but we cannot with accuracy say whether there were two ministers of the same name in the Court of this King. It is however certain, that, they were men of literary attainments, and it is equally certain that they were related to the King.
The correctness of the date assigned in the Mahawanso to this King is rendered certain by the fact that other contemporary works to a great extent agree with it. I cannot therefore support with good reason the simple statement found at the end of a M.S. at the expense of such a reliable authority as the Mahavanso. The author himself gives the date, when he completed the work, which perfectly agrees, with the date assigned to him by his contemporaries. The bad condition of the M.S.S. copied by the ignorant transcribers presents so many errors, that a large allowance will be made for the difficulties I had to cope with.
I cannot but conclude this without offering my sincere thanks to those friends who were instrumental in procuring various M.S.S. for reference.
I have strictly followed the plan in Mr. Colebrooke’s Amarakosha in making English footnotes to this work, but I am not sure that they are totally free from errors. I have omitted many words for want of correct equivalents in English. Errors, when pointed out will be acknowledged with thanks by the Editor.
Colombo, 21st Dec. 1891.