පද්‍යමධුව - බුද්ධප්‍රිය හිමි 1887.pdf

කතෘ :
බුද්ධප්‍රිය හිමි
ප්‍රකාශිත වර්ෂය :
1887
මුද්‍රිත වර්ෂය :
1887
පිටු ගණන :
53
බාගත කිරීම් ගණන :
421
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-22
ගොනුවේ ප්‍රමාණය :
12 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 27

සන්න සහිත පද්‍යමධුව යනු ක්‍රි.ව. 13 වන සියවසේ (බුද්ධ වර්ෂ 1703 දී පමණ) දඹදෙණි යුගයේ වැඩවිසූ ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය බුද්ධප්‍රිය හිමියන් විසින් රචිත සුප්‍රකට පාලි කාව්‍ය ග්‍රන්ථයකි. මෙහි පාලි ගාථාවලට අමතරව කතුවර බුද්ධප්‍රිය හිමියන් විසින්ම සකස් කරන ලදැයි සැලකෙන පැරණි සිංහල පදගත සන්නය ද ඇතුළත් වේ.

මෙම කෘතිය මඟින් බුදුරදුන්ගේ රූපකාය, ධර්මකාය, චරිතානුභාවය, පරිනිර්වාණය, ශ්‍රී සද්ධර්මය, මහා සංඝරත්නය හා නිවන පිළිබඳව ගාථා 104කින් විස්තර කරමින් රත්නත්‍රය ගුණ අනුස්මරණය සහ මෛත්‍රී භාවනාව සිදු කෙරේ. මෙහි වසන්තතිලකා සහ ශාර්දූලවික්‍රීඩිත වෘත්තයන්ගෙන් පබැඳි පාලි පද්‍ය සංග්‍රහ වී ඇත.

කොළඹ විද්‍යෝදය පිරිවෙන්හි වැඩවිසූ හෙයියන්තුඩුවේ දේවමිත්ත හිමියන් විසින් හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි සහ බටුවන්තුඩාවේ පඬිතුමන්ගේ උපදෙස් ඇතිව මෙම කෘතිය ශෝධනය කර සකස් කරන ලදි. මෙය ඇන්. ඇම්. පෙරේරා මහතා විසින් බුද්ධ වර්ෂ 2431 (ක්‍රි.ව. 1887) දී කොළඹ ලංකාභිනව විශ්‍රුත මුද්‍රණාලයේදී මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.

සංඥාපනය

පද්‍ය මධු. ත්‍රෛලෝක්‍ය නැමැති මධුව පද්‍යමධු නම් වේ. * මේ කාව්‍යය කවර කලෙක කවර වරක විසින් කරන ලද්දේද? ශ්‍රී බුද්ධ වර්‍ෂයෙන් 1703 ලක්දිව රජ පැමිණි නාරෙන්ද්‍රයන් යටත් කොට සකල නගරයන් විද්‍යාප්‍රභාන්තර්ව ලෝකප්‍රසිද්ධ කොට රජ කළ ශ්‍රී සංඝබෝධි පරාක්‍රමබාහු නම් මහාරාජෝත්තමයාණන් විසින් මහ ඇමති කොට කරවනලද දඹදෙණි නම් විහාරාධිපති වැ වැඩවුසු බුද්ධප්‍රිය ස්වාමිපාදයන් විසින් කරණලදි. මේ බුද්ධප්‍රිය ස්වාමිපාදයන් වහන්සේ නම් අනඳ නම් වනරතන මහාස්ථවිරපාදයන් වහන්සේගේ ශිෂ්‍යයෙකැයි කියනලදි. එබව මේ ප්‍රකරණයෙන් හා මාගධිකාභාෂී පදසිද්ධි අවබෝධය පිණිස මුන්වහන්සේ විසින් කාතන්ත්‍ර සූත්‍රාන්ත අනුසාර කොට කරණලද මහාරූපසිද්ධි ප්‍රකරණව්‍යාඛ්‍යානයෙහි ‘’’’විබභතානඤ්චෙවං වනසටහරණං කත්‍ථචි කතං තං, දීපො ආනන්දනාමො දමිළවසූමති දීපපස්සාධිකාරො, බාලාදිච්චාදිවාසීභවතපතිවසො සාසනං ජෝතයි සො, සොයං බුද්ධප්පියොහං යති ඉමමියුනා රූපසිද්ධිං අකාසි’’’’ යන මේ ගාථායෙන්ද ප්‍රකාශිතයි, මුන්වහන්සේට දීපංකර බුද්ධප්‍රිය යන නාමයද දක්ෂිණ ලංකා සොළී රට බාලාදිත්‍යාවාසී වූ වටිනීකම්විහාරය යන විහාරයෙහි වැඩවසමින් එහි බුද්ධසසුන් බැබලවූ බැවින් චෝලිය බුද්ධප්‍රිය යන නාමයද කියනලදි; † මුන්වහන්සේ ගුණාධිකානෙක ගුණසමුද්‍රයෙක් වී සවිපුලවිමල බුද්ධි ඇති ත්‍රිපිටකධාරී මහාස්ථවිර කෙනෙක්ව ක්‍රීඩාකඩමාදි ශාස්ත්‍රයන් මනා කොට උගත් බොහෝ පණ්ඩිතයන් දැක්වි බුද්ධසසුන් බැබලවූ උතුමෙකි. එබව තමන් සන්නිශ්‍රය වූ ධර්‍මකීර්ති නම් පණ්ඩිතස්ථවිරයන් වහන්සේ විසින් විරචිත සාරසංග්‍රහ නම් වූ විචිත්‍රධර්‍මප්‍රකරණව්‍යාඛ්‍යානයෙහි “’’දක්ඛිණාපථභූතෙන පිටකත්තයධාරිනා බුද්ධප්පියභදන්තෙන සොත්තානංහිතවාසිනා; තෙන සද්ධම්මනාමෙන ධිමතා මුචිතුත්‍ථිනා ථෙරෙන ධම්මකිත්තිනා එකො විචිත්තො සාරසංගහො’’” යනාදියෙන් හැඟේ. මේ යතිපුඞ්ගවයන් වහන්සේ වාස්තුකාන්තශාස්ත්‍රානාදී නොයෙක් ශාස්ත්‍රයන්ද තර්කනෛයායික ද පිටකත්‍රයධර්‍මය ද මනාකොට ඉගෙනීමෙන් ධර්‍මධර්‍මයෙහිද නානා ශාස්ත්‍රයෙහි ද නානාසමයෙහි ද විශාරද ප්‍රඥාවක් ඇතිව මාහැඟි ප්‍රකරණයන් කළ * 103 වෙනි ගාථාව බලනු. † සොලී රට උපන්නෙකැයි ඇතැම් පණ්ඩිතයෝ කියත්.

උන්නද්‍රිගුන් එක්කෙනෙකි, එබව රූපසිද්ධ්‍යාදියෙන් සුප්‍රකාශිතයි. රූපසිද්ධි නම් පාලි ව්‍යාකරණයට මහා සිද්ධාන්තකෞමුදිය මෙන් කවර යන්කාරණය ඉගෙන ගන්ට ඉතා උපකාරයි, රූපසිද්ධියෙන් මෙන් කසරයින් විරිතෙන් ඒ සූත්‍රයන්ගේ අදහස් සුඛෝධ නොවේ, රූපසිද්ධිකාරයන් මුන්වහන්සේ විසින්ම කළබව එහි සඳහන් කරණලදි. පද්‍යමධු නම් මේ ග්‍රන්ථය කුමක් නිසා කවර පරිද්දෙකින් කරණලද්දේද? රතනත්‍රයගුණානුස්මරණය හා සියලු සතුන් කෙරෙහි මෙත් කිරීම සියලු ගුණප්‍රතිලාභයට මූලකාරණ වන බැවින් ඒ රතනත්‍රයගුණානුස්මරණ මුඛයෙන් සහනධිහාශාංසනයද ඒ සහනධිහාශාංසනානුබලයෙන් රතනත්‍රයගුණානුස්මරණයද ඒකවාක්‍යප්‍රයෝගයෙන් නිපදවා ඒ අනුස්මරණානුශංසය සහෘදයන්ට පිරිනමා එයින් හිතාශංසන වශයෙන් මෙත් කරණු නිසා පද්‍යරචනාවශයෙන් කරණලදි. මේ කාව්‍යය නම් මධුරව නොයෙක් කාව්‍යාලක්‍ෂණයෙන් සමන්විතව ගරු කවිසුදු උත්තමග්‍රන්ථයන්ගේ වංසයට ඇතුළත් වූ බුද්ධවචනානුගත මාහැඟි ධර්‍මයන්ගෙන්ද ජලෙලඞ්කාරයෙනුත් ප්‍රතිමණ්ඩිත වූ බුද්ධධර්‍මය ප්‍රකාශකරන්නන්ට එක් වාක්‍ය සන්ධිබන්ධයෙන් ත්‍රිවිධරතනත්‍රයගුණානුස්මරණය හා මෛත්‍රීභාවනා කරණු කැමති සඤ්ඤාඇති සජ්ජනයන්ට මාධ්‍යාප්‍රවීනාතිලංසින්වත් ජලෙලඞ්කාරෝපදේශයන් දැනගනු කැමැත්තන්ට ප්‍රබන්ධෙපායපාටව උපදවන සුගුණවන්ත වූ සඤ්ඤිභගුණය ඇති මාහැඟි ග්‍රන්ථයෙකි, මෙහි ‘උණ්ණාපුරක්ඛ’ යනාදි පළමුවෙනි ගාථාව පටන් හැටනවවැන්න අවසන් කොට සර්වඥයන් වහන්සේගේ රූපකාය අනුස්මරණය කොට යටකී ලෙස මෙත් කරණලදි-එතැන් පටන් ගාථා එකුන්විස්සකින් සර්වඥයන් වහන්සේගේ ධර්‍මකායවර්ණනාවක්ද, * එතැන් පටන් ගාථා තුනකින් සර්වඥයන් වහන්සේගේ ගෙහෙද්‍රාවස්ථා ලක්‍ෂණ දෙක්හි පැවති චරිතානුභූතවර්‍ණනාවක්ද, එතැන් පටන් ගාථා පසකින් සර්වඥයන් වහන්සේගේ පරිනිර්‍වාණයෙන් මෑත සර්‍වඥධාතුප්‍රාතිහාර්‍ය්‍යවත්ව පැවැති චරිතානුකූල වූ තත්පදගතු ප්‍රවර්‍තනයන් හා එක්කොට වර්‍ණනාවක්ද, අනූහත්වැන්නෙන් බුද්ධගුණනිගමනයෙන් ආශංසනයක් ද, අනූඅටවැන්නෙන් පඤ්චාර්‍ධධර්‍මයෙහි වර්‍ණනාවක්ද, අනූනවවැන්නෙන් ප්‍රතිපත්තිධර්‍මවර්‍ණනාවක්ද, එක්සියවැන්නෙන් ශාසනමුඛයෙන් සංඝවර්‍ණනාවක්ද, එක්සියඑක් වැන්නෙන් නිර්වාණවර්‍ණනාවක්ද, එක්සිය දෙවැන්නෙන් අෂ්ටාර්‍ය්‍යපුද්ගලවර්‍ණනාවක්ද කරණලදි; එක්සියතුන්වැන්නෙන් ග්‍රන්ථකර්‍තෲන්ගේ බුද්ධින් කෙරෙහිද සඳහන් කෙරෙයිද භක්තිමත් සර්‍වාභරණසපූර්ණී භාවද ආත්ම සංස්කෘත සංස්කරණානුබලයෙන් තදභිවාරණයක් යන මේ සියල්ල එක්කොට රචනා කරණලදි, එක්සියහතරවැන්නෙන් ප්‍රක * මේ හැමතන්හිම ඒ ඒ ගුණවර්‍ණනාකාරමින් යට කී ලෙස මෙත් කළබව දතයුතු.

iii. රණකර්‍තෘ විසින් රතනත්‍රයගුණානුස්මරණානුභාවයෙන් උපචිතකුසලය ඥාතිනය කොට තමන්ගේ ප්‍රාර්‍ථනා කියනලදි. මෙසේ මේ ග්‍රන්ථය සිවුනුරූපදියෙන් හොබවා ගොතනලදී, එයින් එක්සියතුනක් වසන්තතිලකා නම් වෘත්තයෙනුත් අවසාන පද්‍යය ශාර්දූලවික්‍රීඩිත නම් වෘත්තයෙනුත් රචනාකරණලදි. මෙහි සන්නයත් බුද්ධප්‍රියස්වාමීන් විසින්ම කළබව මිස අන්පණ්ඩිතයෙකු විසින් කළබවට හේතු නොපෙනේ, මේ සන්නය නම් නොයෙක් නිදසුන් දක්වා නොමඳලාව දොහොත් සුබෝධවන ලෙස මාහැඟි කොට කරණලද්දේය, එය පදසිද්ධි අන්වයවශ මුඛ්‍ය කොට කරණලද්දේ වී නමුත් දුරවබෝධ වූ කිසි තැනෙක මාහැඟිවූ භාවමාත්‍රායෙනුදු දක්වන ලද්දේය, කිසි තැනෙක සමුද්‍රාචාර්‍ය්‍යාදී යන් දක්වන ලද්දේය. බොහෝ දෙනාට මහත් අභිවෘද්ධිජනකවූ මේ ග්‍රන්ථය කාලාන්තරයෙන් ලිපිකරුවන්ගේ ප්‍රමාදයෙන් හටගත් නොයෙක් දෝෂයන්ගෙන් ආකුලව තිබෙන බැවින් මා විසින් ලබනලද දෙපතින් පොත් කීපයක් සපයා මාගේ ආචාර්‍ය්‍ය වූ කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පරිවෙණාධිපති හික්කඩුවේ ගෞරවාර්හ අත්‍යන්ත ශ්‍රීසුමංගලාභිධාන නායක ස්වාමිපාදයන් වහන්සේගේද අස්මදාචාර්‍ය්‍ය ගෞරවාර්හ බටුවන්තුඩාවේ පණ්ඩිත දේව රක්ෂිතාභිධානෝපාධ්‍යායයන්ගේද උපදෙස් ඇතුව අව්‍යක්ත ලෙඛකයන්ගේ ප්‍රමාදයෙන් ජනිත විපර්‍ය්‍යාසයන් පහ කිරීමෙන් ශුද්ධ කොට සකස්කරණලදි. මේ ප්‍රකරණය ශුද්ධ කරන්නාවූ මා විසින් පරිපක්‍ෂක කාලාන්තරයෙන් හටගත් දෝෂයෙන් විප්‍රලූ පද අර්ත්‍ථානුකූල ලෙස යොදනලදහ; ඇතැම් තැනෙක ස්වභාවබෝධය සඳහා ද නානා පාඨයන් දක්වනු සඳහාද අඩෝලිපිටි යොදනලදි, මෙහි මාගධ ව්‍යවහාරයෙන් නිෂ්පන්න වූ ප්‍රාකෘතලෙස ලක්දිව ව්‍යවහාරව එන ‘කුම්භිපක්‍ෂි’ යනාදි ඇතැම් සංස්කෘතනාමයන් ශබ්දශාස්ත්‍රානුගතවත් වැඩිවිරුද්ධ නොවන බැවින් වෙනස් නොකරණලදි, එහි තව විරුද්ධ වූ ‘යථා බෝධනන්’ යනාදිය අව්‍යක්ත ව්‍යවහාරායයි හැඟෙන බැවින් අර්ත්‍ථානුකූලලෙස සත්කාරාධාන නිසා යොදනලදි, සත්කාරාධානයන්දු මීට යෝග්‍යබැවින් කිසි තැනෙක එසේද යොදනලදි. මෙසේ මේ ප්‍රකරණය මට හැකි පමණින් ශුද්ධ කොට සකස්කරණ ලද්දේ වී නමුත් මෙහි තවත් දෝෂ තිබෙන්නට පුළුවනි, එබැවින් මේ ප්‍රකරණය බලන්නාවූ පණ්ඩිතයන් විසින් මෙහි යම් දෝෂයක් දකිනු ලැබේ නම් කරුණාවෙන් ලෝකෝපසිද්ධිය සඳහා ඒ දොස් ශුද්ධ කරණු ලැබේවා. මා විසින් ශුද්ධ කරණලද මේ ග්‍රන්ථය දළඟව පදිංචි ඇන්. ඇම්. පෙරේරා ආදි කීපදෙනෙකුන් විසින් අවුරුදු සතු පිනිස මගෙන් ලබාගන්නා ලදී. මේ සංඥාපනය හෙයියන්තුඩුවේ දෙවමිත්ත ස්ථවිරයන් විසින් ලියනලදී. H. DEVAMITTA.

H. DEVAMITTA., හෙයියන්තුඩුවේ දෙවමිත්ත ස්ථවිරයන් විසිනි