නිකාය සංග්රහය ශාශනාවතාරය - ධර්මකීර්ති හිමි 1922.pdf
- කතෘ :
- ධර්මකීර්ති හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1922
- මුද්රිත වර්ෂය :
- 1922
- පිටු ගණන :
- 32
- බාගත කිරීම් ගණන :
- 923
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-22
- ගොනුවේ ප්රමාණය :
- 6.8 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
නිකාය සංග්රහය හෙවත් ශාසනාවතාරය යනු ගම්පොළ යුගයේ විසූ දෙවරක්ෂිත ජයබාහු ධර්මකීර්ති සංඝරාජයන් වහන්සේ විසින් බුද්ධ වර්ෂ 1934 දී (වීරබාහු රජුගේ කාලයේ) සම්පාදනය කරන ලද ඓතිහාසික ශාසන ඉතිහාස ග්රන්ථයකි.
බුදුරජාණන් වහන්සේගේ පහළවීමේ සිට ලක්දිව බුදුසසුන පිහිටුවීම, ධර්ම සංගායනා, විවිධ නිකාය භේදයන්ගේ සම්භවය, ලක්දිව ශාසනික විපර්යාසයන් සහ ථෙරවාද ශාසනයේ ආරක්ෂාව උදෙසා රජවරුන් හා මහාමාත්යාදීන් කළ ශාසනික සේවාවන් මෙහි සවිස්තරව විස්තර කර ඇත.
මෙම සංස්කරණය ක්රි.ව. 1890 දී දොන් මතීස් ද සිල්වා වික්රමසිංහ මහතා විසින් ප්රථම වරට මුද්රණය කළ පිටපත ඇසුරින් සයිමන් ද සිල්වා, ඒ. මෙන්දිස් ගුණසේකර සහ ඩබ්ලිව්. එෆ්. ගුණවර්ධන යන විද්වතුන් විසින් සංස්කරණය කර කොළඹ ආණ්ඩුවේ මුද්රණාලයේ (Government Press) 1922 දී තෘතීය වාරයට මුද්රණය කරන ලද්දකි.
PREFACE.—සංඥාපනය.
නිකාය සංග්රහය නම්වූ මෙ ප්රකරණය රාජරාජමහාමාත්යාදීන් නිසා මෙ ලංකාද්වීපයෙහි බුද්ධශාසනය පවත්නා බව හඟවනු පිණිස ශාසනාවතාර චරිතයක් වශයෙන් බුද්ධ වර්ෂ 1934 වන්නෙහි ලංකා රාජ්යශ්රීයට පැමිණි වීරබාහු මහරජාණන් දවස දෙව රක්ෂිත යන සුප්රීනාමයක් ඇති ජයබාහු මහා ස්ථවිරයන් විසින් කරනලද්දකි. මුන්වහන්සේ ස්වකීයාචාර්ය්ය සංඝරාජයාණන්ගේ ඇවෑමෙන් ඒ නමින්ම ධර්මකීර්ත්ති සංඝරාජයයි ප්රසිද්ධව විසූබැව් ග්රන්ථාවසානයෙහි පෙනේ.
ලංකා ඉතිහාසය සම්බන්ධ බොහෝ වැදගත් කරුණු මෙ ග්රන්ථයෙහි නිර්මලලෙස ප්රකාශිත බැවින් මෙය සාමාන්ය ලෝකයාට ඉතා ප්රයෝජනවත් වේමය. ක්රිස්තු වර්ෂ 1890දී මේ පොත ආණ්ඩුවේ මුද්රණාලයෙහි පළමුවෙනි වරට දොන් මතීස් ද සිල්වා වික්රමසිංහ මහත්මාණන්ගේ ශුද්ධියෙන් යුක්තව අච්චුගස්වන ලදී. මේ ග්රන්ථය ආණ්ඩුවේ නියමයට අප විසින් වැඩිදුරටත් ශුද්ධකොට දැනට තෘතීය වාරයට සංස්කරණය කරනලදී.
SIMON DE SILVA, A. MENDIS GUNASEKARA, W. F. GUNAWARDHANA. වර්ෂ 1922ක්වූ මාර්තු මස 16වෙනි දින කොළඹදීය.