ගෞතම බුද්ධ චරිතය - බළන්ගොඩ ආනන්ද මෛත්රෙය හිමි.pdf
- කතෘ :
- බළන්ගොඩ ආනන්ද මෛත්රෙය හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2000
- මුද්රිත වර්ෂය :
- 2000
- පිටු ගණන :
- 554
- බාගත කිරීම් ගණන :
- 1,759
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-02-08
- ගොනුවේ ප්රමාණය :
- 2.9 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්රෙය මහානාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත ගෞතම බුද්ධ චරිතය (ශාක්යමුනීන්ද්රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය) කෘතිය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳ ලියැවුණු අගනා ග්රන්ථයකි.
මෙහි පුරාතන ජම්බුද්වීපය, ශාක්ය වංශය, බෝසත් උපත, අභිනිෂ්ක්රමණය, බුද්ධත්වය ලැබීම, පස්වග තවුසන් ඇතුළු ශ්රාවකයන්ගේ පැවිද්ද, ලක්දිව වැඩමවීම සහ සතළිස් පස් වසක් මුළුල්ලේ සිදු වූ ප්රධාන ධර්ම ප්රචාරක සිදුවීම් මෙන්ම මහා පරිනිර්වාණය දක්වා වූ සියලුම වැදගත් තොරතුරු අනුපිළිවෙළින් හා විචිත්රව විස්තර කර ඇත. එමෙන්ම බුද්ධ කාලීන භූගෝලීය පසුබිම සහ ප්රකීර්ණක කරුණු රැසක් ද මෙහි අන්තර්ගත වේ.
මෙම සංශෝධිත මුද්රණය (2000) ආනන්ද මෛත්රෙය මහානාහිමිපාණන් අපවත්වීමට පෙර උන්වහන්සේ විසින්ම සංස්කරණය කරන ලද්දකි.
පිරිනැමීමයි
මේ ‘ශාක්යමුනීන්ද්රාවදාන’ ග්රන්ථය මට දම් සතර උගන්වාවදාළ මූර්තිමත් ගුණකදම්බයක් වූ විනයාචාර්ය්ය ආභිධර්මික දෙණිහේනේ ශීලානන්දාභිධාන මගේ ආචාර්යපාදයන් වහන්සේ ගේ ශ්රී නාමයට ආදරභක්තියෙන් පිරිනැමෙන උපහාරයක් වේවා.
බළන්ගොඩ ආනන්දමෛත්රෙය භික්ෂු
මෙම පොත (සංශෝධිත මුද්රණය 2000) අතිගරු බළන්ගොඩ ආනන්දමෛත්රෙය මහා නාහිමිපාණන් වහන්සේ විසින් අපවත්වීමට ප්රථම සංස්කරණය කරන ලදී.
බළන්ගොඩ ආනන්දමෛත්රෙය භික්ෂු
පෙරවදන
බොහෝ පෙර සිට මිනිසාගේ අදහස් උදහස් පැවැසුම් විසින් රැස්වුණු ග්රන්ථ බොහෝයැ. මුල දී කට පාඩමින් ද අකුරු ලිවීම දියුණු වූ පසු පොත් තනා ඒවායේ ලිවීමෙන් ද, මුද්රණ ශිල්පය වැඩුනු පසු මුද්රාපණයෙන් ද ග්රන්ථ පළ කැරිණි. ආගම ධර්ම, ඉතිහාස, දෝ සතර, වෙද සතර ආදී නානාවිධ විෂයයන් පිළිබඳ ග්රන්ථ දියුණු වූ හැම රටෙක ම සිය ගණනින් දහස් ගණනින් නැඟී ආයේය. ඒ රටවලැ පොත්ගුල් පහළ විය. පොත් සිය ගණනින් දහස් ගණනින් ඒ පොත් ගුල් පිරිණ. නොයෙක් අංශයෙන් ලෝකාර්ථ චර්ය්යාවෙහි යෙදුණු වීරයන් ගේ චරිත කථා ඒ ගත් අතුරෙහි පාමොක් තැනැ වැජැඹිණ.
මේ චරිත කථා අතුරෙහි බුදුරජාණන් වහන්සේ ගේ ජීවිත කථාවට ලැබී ඇත්තේ උසස්ම තැනය. බෞද්ධයකුට බුද්ධ චරිතය මහාර්හ වැ පෙනෙනු අරුම නො වේ. තමන් ගත් දෘෂ්ටියෙහි දැඩි ලෙස බැඳීම නිසා බුද්ධ ධර්මය නාස්තිකවාදයෙකැ යි දොස් නැගුවෝ පවා බුදුරජුන් ගේ චරිතය ආදර්ශවත් ශ්රේෂ්ඨ එකෙකැයි කීහ. බුදු රජාණන් වහන්සේගේ ශ්රේෂ්ඨත්වය ප්රතික්ෂේප කළ නො හැකි බ්රහ්මලබ්ධිකයෝ උන් වහන්සේ දෙවියන්ගේ සතුරන් වූ අසුරයන් මුළා කරනු පිණිස, ලොවැ මිනිස් වැ පහළ වූ විෂ්ණු දෙවියෝ (විෂ්ණුහු ගේ නව වන අවතාරය) යැ යි කීහ. බුදු දහමේ ඇතැම් කරුණු නො පිළිගන්නා දැඩි කතෝලික භක්තිමතෙක් වූ බර්තොලමි සේනේට් හිලෙයර්[1] “උන් වහන්සේ ගේ ජීවිතය නො කිලිටි ය. වීරත්වය පරාර්ථය පිණිස ආත්ම පරිත්යාගය (සිය සැප නොතකා හැරීම), මෛත්රිය, සද්ගුණ මාධුර්ය්ය යන ගුණවලට ශ්රේෂ්ඨ ආදර්ශය යැ” යි කී ය. එසේ ම අබෞද්ධ ආචාර්ය්යවරයෙක් වූ බාත් මහතා[2] උන්වහන්සේ “සංසුන් බව, දක්නවුන් තුළ ගෞරවාන්විත භක්තිය පහළ කරවන තේජස, හැම සතුන් කෙරෙහි පැතිරැවූ අපරිමිත දයාව සියලු දුඃඛිත සත්ත්වයන් කෙරෙහි පෑ මහා කරුණාව, පරිපූර්ණ ආධ්යාත්මික නිදහස,