රාජෞෂධසාරය - බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි 1975.pdf

කතෘ :
ආත්‍රෙය
ප්‍රකාශිත වර්ෂය :
1975
මුද්‍රිත වර්ෂය :
2007
පිටු ගණන :
121
බාගත කිරීම් ගණන :
884
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-02-08
ගොනුවේ ප්‍රමාණය :
25 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 61

රාජෞෂධසාරය යනු ආත්‍රෙය සෘෂිවරයාගේ නමින් සම්පාදනය වී ඇතැයි සැලකෙන, පැරණි සිංහල වෙද පරම්පරාවල පැවති අගනා අත්දුටු බෙහෙත් වට්ටෝරු ඇතුළත් දේශීය වෛද්‍ය ග්‍රන්ථයකි. අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමිපාණන් වහන්සේ විසින් මෙම වට්ටෝරු එකතුව සංස්කරණය කොට 1975 දී ප්‍රථම වරට මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

මෙහි විවිධ රෝගාබාධ සඳහා අත්දුටු ප්‍රතිකාර, කෂාය, තෙල්, ගුලි හා චූර්ණ වට්ටෝරු සරල සිංහල බසින් විස්තර කර ඇත. ප්‍රධාන මාතෘකා කිහිපයක් පහත දැක්වේ:

  • රසායන ඖෂධ යෝග
  • ප්‍රතිශ්‍යාවට හා උණට
  • කාශශ්වාසාදියට හා පීනසට ඖෂධ විධි
  • මුඛ, අක්ෂි, කර්ණ සහ ශීර්ෂ රෝග
  • උදර රෝග, අර්ශස්, මූත්‍ර රෝග
  • තුවාල හා හන්දි වෙදකම

මෙම කෘතිය නුගේගොඩ මොඩන් පොත් සමාගම මඟින් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කර ඇත.

ප්‍රථම මුද්‍රණයේ පෙරවදන

හෙළදිවිහි පැරණි වෙද්‍ය පරම්පරාවල රැකගෙන ආ මහඟු බෙහෙත් වට්ටෝරු පොත් බොහෝ ඇත. සබරගමුවේ වට්ටෝරු වෙද පොතත්, සිංහලේ අත්වෙද පොතත් මෙයට පළමු පළ කැරැවූමිහ. මේ රාජෞෂධසාරය තෙවැන්නය. නොයෙක් අත්හදා බැලීම් කොට නානාවිධ රෝග සුවකිරීමෙහි ලා ප්‍රත්‍යක්ෂ ගුණ දෙන බේත් සොයාගැනීමෙන් වෛද්‍ය කර්මය අතේ මහත් ම ජයග්‍රහණයක් ලද්දැයි උදම් අනන අපරදිග වට්ටෝරු වෛද්‍යයට තව ම අපේ පැරණි හෙළ වට්ටෝරු වෙදකම අහලට වත් ලංවියැ නොහැකි ව ඇත. අප රටේ ප්‍රභූ පක්ෂය අන්ධනුකරණයෙන් අතිමාත්‍ර විශ්වාසයෙන් අපරදිගට ම දණගසා නමස්කාර කැරැගෙන ඉඳිනු මිස හෙළ වෙදකමට අනුබලයක් නොදීම මේ හෙළ දැයේ ම අභාග්‍යයෙකි. මේ පොතේ එන බෙහෙත් සමර්ථ වෛද්‍යයකුගේ සහායත්වය අනුව සකස් කොටගෙන පාවිච්චි කිරීමෙන් ආශ්චර්ය ගුණ ලැබෙනු නොඅනුමානය. බෙහෙත් කිහිපයක් අත්හදා බැලූ අපට මෙය ප්‍රත්‍යක්ෂ විය. මෙය කවර කලෙක කවරක්හු විසින් සකසන ලද එකෙක් දැයි නො දනිමු.* කිසියම් කෙනකුන් විසින් තමන් අත්හදා බැලීම අනුව එකතු කොට ලියා තබන ලද නොයෙක් පැරණි පොත්වලින් උදුරාගන්නා ලද සංග්‍රහයෙකැයි සිතමු. මෙයින් මහජනයාට වැඩෙක්ම වේ වා.

* මෑතදී අත්හදා බලා ප්‍රත්‍යක්ෂ වූ ඖෂධ යෝග කිහිපයක් ද මීට ඇතුළත් කරන ලදි (ප්‍රකාශක).

බලන්ගොඩ ආනන්දමෛත්‍රෙය ස්ථවිර
1975. 12. 02