ජාතිභේද ලක්ෂණය ජනවංශය - බුද්ධරක්ෂිත හිමි 1957.pdf
- කතෘ :
- බුද්ධරක්ෂිත හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1957
- මුද්රිත වර්ෂය :
- 1957
- පිටු ගණන :
- 87
- බාගත කිරීම් ගණන :
- 530
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-02-01
- ගොනුවේ ප්රමාණය :
- 23 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ජාතිභේද ලක්ෂණය හෙවත් ජනවංශය යනු ලෝක නීති, රාජ නීති, ධර්ම නීති ආදියෙහි පාරප්රාප්ත මහා විහාර වංශික ශ්රී බුද්ධරක්ෂිත මහා ස්ථවිරයන් වහන්සේ විසින් විරචිත පැරණි සිංහල සාහිත්ය කෘතියකි. මෙහි අන්තර්ගතය වන්නේ බෞද්ධ දෘෂ්ටිකෝණයෙන් (විශේෂයෙන් වසල සූත්රය ආශ්රයෙන්) ලෝකෝත්පත්තිය, මහා සම්මත රජුගේ පත්වීම සහ අනතුරුව සමාජයේ විවිධ වෘත්තීන් හා කර්මාන්ත අනුව කුල සහ ජන වර්ග බෙදී වෙන්වූ ආකාරය විග්රහ කිරීමයි.
සමාජයේ පවත්නා විවිධ කුලභේද, ජාතිභේද හෝ උස්-පහත් භේද මිනිසාගේ උපතින් නොව ක්රියාවෙන්ම සිදුවන බවත්, සැබෑ උසස් භාවය රඳා පවතින්නේ ගුණධර්ම මත බවත් මෙම කෘතියෙන් මනාව පෙන්වා දෙයි. මෙය පණ්ඩිත වෙන්නරුවේ විජයසිරි ස්වාමීන් වහන්සේ විසින් මුද්රණයට සකස් කොට, කොළඹ මරදානේ විජේසේන සහ සහෝදරයන් විසින් බුද්ධ වර්ෂ 2501 (ක්රි.ව. 1957) දී ප්රකාශයට පත් කර ඇත.
හැඳින්වීම
මෙම ජාතිභේද ලක්ෂණය හෙවත් ජනවංශය මහා විහාර[වංශික] ශ්රී බුද්ධරක්ෂිත මහා ස්ථවිරපාදයන් වහන්සේ විසින් [කරන ලද] ග්රන්ථයකි. ඒ බව ග්රන්ථයෙහිම සඳහන් වෙයි. මෙහි මුල් [සිට] අග තෙක් ඇත්තේ එකම අනුශාසනාවකි. එද වසල සූත්රය [සාක්ෂි] වශයෙන් තබාගත්, සමාජයේ ඉදිරි ගමනට සෑම අන්ද[මි]න්ම අනුබල ලැබෙන, ජාතිභේද කුලභේද පළාත් භේද රට ද දුප්පත් පොහොසත් භේද උස් මිටි භේද කළු රතු භේද [උගත්] නූගත් භේද ආදි සෑම භෙදයක්ම දුරලා, සමගියත් [සමා]දානයත් ළඟාකොට මිනිසා ශීල වන්ත ගුණවන්ත ප්රඥාවන්ත [බවට] පත්කෙරෙන ධර්මානුශාසනාවකි.
මෙලොව දියුණුවත් පරලොව සුගතිය හා විමුක්තියත් බලා[පොරොත්තු] වන සෑම කෙනෙකුටම ප්රයෝජනවත් වන පරිදි [තිලෝගුරු බුදුරජාණන්] වහන්සේ වසල සූත්රය දේශනා කළ සේක. එය පිළි[ගෙ]න ඒ අනුව ජීවත් වෙන කිසිම සමාජයක කවර අන්දමක[ත්] භේදයක් නොපවතී. අඬ දබර කලකෝලාහලයක්ද ඇති [නො]වේ. මෙලොව හා පරලොව දියුණුව සෑම ආකාරයකින්ම [ලැ]බෙයි. බුද්ධරක්ෂිත ස්ථවිරයන් වහන්සේ විසින් කරන ලද්දේ [මෙම] දියුණුව සෑම කෙනෙකුටම ඇතිකර ගත හැකි වන පරිදි [විස්]තර අනුශාසනාවක් කිරීමය. එහිදී උන්වහන්සේ සමාජයේ [ජන]තාව අනුව එක එක කර්මාන්ත කරන්නවුන් වෙන වෙනම [ජීවත්වූ] අයුරු ක්රමයෙන් පෙන්වූහ. මුලින් එකම සමාජයක්වූ [ජන]තාව එම කර්මාන්ත අනුව වෙන් වෙන්ව ජීවත්වූ අයුරු [පෙන්]නුවද අවිවාදයෙන් පිළිගත හැකිය.
නැවත කෙනෙකුට උස් පහත් භේදයක් ගැන දැනගැනීමට [අවශ්ය නම්], ඒ භේදය ඇත්තේ උසස් ගුණධර්ම ඇති-නැති අය [අතර බව] මුළු වසල සූත්රයම ගෙන හැර පා විස්තර කරති. මෙය [මෙසේ හෙයින්] මෙම ජනවංශය කියවන පාඨකයාද තම [තමාගේ නොදැනුවත්කමින් හෝ නරක ආශ්රයෙන් හෝ ඇතිකර]ගත් කවර අන්දමේ හෝ භේදයක් වෙයි නම් එය දුරලා බුද්ධ[රක්ෂිත] ස්ථවිරයන් වහන්සේම කියන පරිදි “ප්රිය පුත්රයකු [මෙන් සත්ත්ව]යනට මවක මෙන් දයාවෙන් සියල්ලන්ම ඒක ගති හෙයින් [ඔවු]නුන් දෙවියන්ගේ නෑයෝය, දෙවියෝත් තමන්ගේ [නෑ]යෝය. ඒ බව දැන සියල්ලන් කෙරෙහි මෛත්වඩා...... සකල ක්ලේශ දුරැව ස්වර්ග මෝක්ෂ සම්පත් විඳ කෙළවර නිවන් පැමිණෙන්ට උත්සාහ කටයුතුයි.
මෙයට - හිතකාමී, වෙන්නරුවේ විජයසිරි ස්ථවිර.