මූල මාධ්‍යමික කාරිකාව - මොරටුවේ සාසනරතන හිමි 1963.pdf

කතෘ :
නාගාර්ජුන හිමි
ප්‍රකාශිත වර්ෂය :
1963
මුද්‍රිත වර්ෂය :
1963
පිටු ගණන :
339
බාගත කිරීම් ගණන :
1,052
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-02-01
ගොනුවේ ප්‍රමාණය :
73 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 170

ආචාර්ය නාගාර්ජුන පාදයන්ගේ ප්‍රකට මහායාන බෞද්ධ දාර්ශනික ග්‍රන්ථයක් වන මූල මාධ්‍යමික කාරිකාව (Mūlamadhyamakarikā) කෘතිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පණ්ඩිත මොරටුවේ සාසනරතන හිමියන් විසින් සිංහලයට පරිවර්තනය කොට සංස්කරණය කරන ලද කෘතියකි. මෙම මුද්‍රණය 1963 වර්ෂයේදී පානදුරේ පී. ජේ. රුද්‍රිගෝ මහතාගේ ප්‍රකාශනයෙන් සහ කොළඹ අනුල මුද්‍රණාලයේ මුද්‍රණයෙන් එළිදක්වා ඇත.

මෙහි නාගාර්ජුන ආචාර්යවරයන්ගේ ජීවිත තොරතුරු, මාධ්‍යමික දාර්ශනිකයන් සහ ඔවුන්ගේ කෘතීන් පිළිබඳ විස්තර මෙන්ම මාධ්‍යමික දර්ශනය හා ශූන්‍යතා සිද්ධාන්ත පිළිබඳ ගැඹුරු හැඳින්වීමක් ඇතුළත් වේ. මූල මාධ්‍යමික කාරිකා පාඨය, එහි සිංහල අනුවාදය, කාරිකා පරිකථා, මූල සූත්‍ර, සූචි සහ සංවර්ණිත පදමාලාවන්ගෙන් සමන්විතව පරිපූර්ණ අධ්‍යයනයක් ලෙස මෙය සකස් කර ඇත.

මෙහි අඩංගු ප්‍රධාන මාතෘකා:

  • නාගාර්ජුන ආචාර්‍ය්‍ය පාදයෝ
  • මාධ්‍යමික දාර්ශනිකයන් සහ කෘතීහු
  • මාධ්‍යමික දර්ශනය සහ සිද්ධාන්ත
  • මූල මාධ්‍යමික කාරිකා හා සිංහල අනුවාදය
  • මූල මාධ්‍යමික කාරිකා පරිකථා
  • සූචි, මූල සූත්‍ර සහ සංවර්ණිත පද

හැඳින්වීම

ආචාර්‍ය්‍ය නාගාර්ජුන පාදයන් ගේ මූල මාධ්‍යමික කාරිකාව සිංහලයට නගා ප්‍රසිද්ධ කරන්නට ලැබීම උගත් ලෝකයාගේ සතුට පිණිස වනු ඇතැයි මම සිතමි. මූල මාධ්‍යමික කාරිකාව ලක්දිව තබා ඉන්දියාවේ ද සොයා ගන්නට අපහසු ය. බෞද්ධ දර්ශනය කෙරෙහි ප්‍රමාණවත් උනන්දුවක් ඇති මෙකල ඒ පිණිස අවශ්‍ය පොත පත නො ලැබීම බෞද්ධ දර්ශනය හැදෑරීමට බලවත් බාධාවකි. එහෙත් මාධ්‍යමික දර්ශනය හැදෑරීමට ඇති බාධා තරමක් දුරටවත් මේ කෘතියෙන් පිරිමැසෙනු ඇත.

මෙය සකස් කිරීමේ දී මුද්‍රිත පිටපත් කිපයක් ඉතා අපහසුවෙන් සොයා ගතිමි. ටිබැට් අකුරෙන් මුද්‍රිත මාධ්‍යමික කාරිකා අනුවාදයත්, මහාචාර්‍ය්‍ය පූෂන් මහතුන් ගේ සංස්කරණයත් ඉතා උපකාර විය. මේ පොත් මට සපයා දුන් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ පුස්තකාලයාධිකාරී කේ. ඩී. සෝමදාස මහතුන් සහ එම විශ්ව විද්‍යාලයේ ආචාර්ය හිරාන් ඩයස් මහතුන් ද කෘත ගුණ පූර්‍වකව සිහිපත් කරමි.

මාධ්‍යමික දර්ශන වාදය උදෙසා මා ලියූ දීර්ඝ නිබන්‍ධනය තරමක් කෙටි කරන්නට සිදු විය. දෙවන මුද්‍රණයක දී ඒ සම්පූර්‍ණ විස්තරය පාඨකයන් ඉදිරියේ තබන්නෙමි. මාධ්‍යමික දර්ශන වාදය විස්තර වන ආර්‍ය්‍යදේවපාදයන් ගේ “චතුශ්ශතකය” ද ඉක්මනින් මුද්‍රණය කරවන්නෙමි. අවසාන වශයෙන් මෙහි සමහර කොටස් සකස් කර දුන් ටර්ලි කුරේ මහත්මිය සහ මෙහි පිට කවරයේ චිත්‍රය සකස් කර දුන් ජයන්ත ප්‍රේමචන්ද්‍ර මහතුන් කෙරෙහි ද මම කෘතඥ වන්නෙමි.

මොරටුවේ සාසනරතන
රන්කොත් විහාරය
පානදුරේ
2506
1963 10. 1

PRAFACE

The opportunity of translating into Sinhala and publishing the Mūlamàdhyamika kárikà of Nàgárjuna is, I think, a cause for delight for the educated public. It is difficult to obtain a copy of Mùlamádhyamika kàriká not only in Ceylon but even in India. At the moment when there is a great deal of interest in Buddhist Philosophy, the non-availability of necessary texts is a great set-back for the study of Buddhist philosophy. In this connection this work will relieve to a certain extent the difficulties encountered in the study of Màdhyamika philosophy.

In compiling this edition, I managed to find some printed copies with great difficulty. The Tibetan version of the Màdhyamika kàriká and Professor Poussin’s edition were very useful, My greatful thanks are due to Mr. K. D. Somadasa, Librarian of the University of Ceylon and Dr. Hiran Dias of the same University for obtaining these books for me.

I had to condense to some extent the lengthy treatise I wrote on Mádhyamïka philosophy. In a second edition I shall place before the reader a full account. I shall also publish very soon Aryadeva’s ‘Catuśsatakaya’ dealing with the Màdhyamika philosophy. In conclusion, I offer my grateful thanks to Miss Terly Cooray for helping me in preparing certain sections of this book and Mr. Jayantha Premachandra for the cover design.

Moratuwe Sasanaratana.
Rankot Vihara,
Panadura.
1. 10. 1963.