නෙක්ඛම්මපොණොති නිබ්බානනින්නො. චරිස්සති බ්රහ්මචරියන්ති පබ්බජ්ජං සාසනබ්රහ්මචරියං චරිස්සති.
ලෙසකප්පෙනාති කප්පියලෙසෙන. න ච වොහරෙය්යාති මායාසාඨෙය්යවසෙන වචනං න නිච්ඡාරෙය්ය. ධම්මෙ ඨිතො කින්ති ලභෙථ දුක්ඛන්ති එවං වුත්තනයෙන ධම්මෙ ඨිතො ධම්මචාරී සමචාරී කින්ති කෙන පකාරෙන දුක්ඛං ලභෙථ පාපුණෙය්ය.
තංකාරණාති තන්නිමිත්තං තස්ස උපාසකස්ස හෙතු. පාතුකතොම්හි අත්තනාති සයමෙව තුම්හාකං අහං පාතුරහොසිං. “අත්තාන”න්තිපි පාඨො, මම අත්තානං තුම්හාකං පාත්වාකාසින්ති අත්ථො. තස්මාති යස්මා අහං ධම්මං අපචායමානො තං රක්ඛන්තො තුම්හෙපි රක්ඛාමි, තස්මා ධම්මං පස්සථ ධම්මමෙව චරිතබ්බං කත්වා ඔලොකෙථ. අඤ්ඤත්ර තෙනිහ භස්මී භවෙථාති තෙන උපාසකෙන විනා චෙ ආගතා, ඉමස්මිං මරුකන්තාරෙ අනාථා අප්පටිසරණා භස්මභාවං ගච්ඡෙය්යාථ. ඛිප්පමානෙනාති එවං ඛිප්පන්තෙන වම්භන්තෙන පීළන්තෙන. ලහුන්ති සුකරං. පරෙනාති අධිකං, අඤ්ඤෙන වා. තස්මා සුඛො හවෙ සප්පුරිසෙන සඞ්ගමොති. සො හි ඛන්තිසොරච්චෙ නිවිට්ඨො කෙනචි කිඤ්චි වුත්තොපි න පටිප්ඵරතීති අධිප්පායො.
එවං සාමඤ්ඤතො කිත්තිතං සරූපතො ඤාතුකාමා වාණිජා –
“කිං නාම සො කිඤ්ච කරොති කම්මං,
කිං නාමධෙය්යං කිං පන තස්ස ගොත්තං;
කිං නාමධෙය්යං කිං පන තස්ස ගොත්තං;
මයම්පි නං දට්ඨුකාමම්හ යක්ඛ, යස්සානුකම්පාය ඉධාගතොසි;
ලාභා හි තස්ස යස්ස තුවං පිහෙසී”ති. –
ලාභා හි තස්ස යස්ස තුවං පිහෙසී”ති. –
ගාථමාහංසු. තත්ථ කිං නාම සොති නාමතො සො ජන්තු සත්තො කො නාම. කිඤ්ච කරොති කම්මන්ති කසිවණිජ්ජාදීසු කීදිසං කම්මං කරොති. කිං නාමධෙය්යන්ති මාතාපිතූහි කතං පන “තිස්සො ඵුස්සො”තිආදීසු තස්ස කිං නාමධෙය්යං, “භග්ගවො භාරද්වාජො”තිආදීසු කිං වා තස්ස ගොත්තං. යස්ස තුවං පිහෙසීති යං තුවං පියායසි.
ඉදානි දෙවපුත්තො තං නාමගොත්තාදිවසෙන දස්සෙන්තො –
“යො කප්පකො සම්භවනාමධෙය්යො,
උපාසකො කොච්ඡඵලූපජීවී;
ජානාථ නං තුම්හාකං පෙසියො සො,
මා ඛො නං හීළිත්ථ සුපෙසලො සො”ති. –
උපාසකො කොච්ඡඵලූපජීවී;
ජානාථ නං තුම්හාකං පෙසියො සො,
මා ඛො නං හීළිත්ථ සුපෙසලො සො”ති. –
ආහ. තත්ථ කප්පකොති න්හාපිතො. සම්භවනාමධෙය්යොති සම්භවොති එවංනාමො. කොච්ඡඵලූපජීවීති කොච්ඡඤ්ච ඵලඤ්ච උපනිස්සාය ජීවනකො. තත්ථ කොච්ඡං නාම ආළකාදිසණ්ඨාපනත්ථං කෙසාදීනං උල්ලිඛනසාධනං. පෙසියො පෙසනකාරකො වෙය්යාවච්චකරො.
ඉදානි වාණිජා තං සඤ්ජානිත්වා ආහංසු –
“ජානාමසෙ යං ත්වං පවදෙසි යක්ඛ, න ඛො නං ජානාම ස එදිසොති;
මයම්පි නං පූජයිස්සාම යක්ඛ, සුත්වාන තුය්හං වචනං උළාර”න්ති.
මයම්පි නං පූජයිස්සාම යක්ඛ, සුත්වාන තුය්හං වචනං උළාර”න්ති.
තත්ථ ජානාමසෙති යං ත්වං වදෙසි, තං මයං සරූපතො ජානාම. එදිසොති ගුණතො පන යථා තයා කිත්තිතං, එවං එදිසොති තං න ඛො ජානාම, යථා තං අවිද්දසුනොති අධිප්පායො.
ඉදානි දෙවපුත්තො තෙ අත්තනො විමානං ආරොපෙත්වා අනුසාසනත්ථං –
“යෙ කෙචි ඉමස්මිං සත්ථෙ මනුස්සා, දහරා මහන්තා අථවාපි මජ්ඣිමා;
සබ්බෙව තෙ ආලම්බන්තු විමානං, පස්සන්තු පුඤ්ඤානං ඵලං කදරියා”ති. –
සබ්බෙව තෙ ආලම්බන්තු විමානං, පස්සන්තු පුඤ්ඤානං ඵලං කදරියා”ති. –
ගාථමාහ. තත්ථ මහන්තාති වුඩ්ඪා. ආලම්බන්තූති ආරොහන්තු. කදරියාති මච්ඡරිනො අදානසීලා.
ඉදානි පරියොසානෙ ඡ ගාථා ධම්මසඞ්ගාහකෙහි වුත්තා –
“තෙ තත්ථ සබ්බෙව අහං පුරෙති, තං කප්පකං තත්ථ පුරක්ඛත්වා;
සබ්බෙව තෙ ආලම්බිංසු විමානං, මසක්කසාරං විය වාසවස්ස.
සබ්බෙව තෙ ආලම්බිංසු විමානං, මසක්කසාරං විය වාසවස්ස.
“තෙ තත්ථ සබ්බෙව අහං පුරෙති, උපාසකත්තං පටිවෙදයිංසු;
පාණාතිපාතා විරතා අහෙසුං, ලොකෙ අදින්නං පරිවජ්ජයිංසු;
අමජ්ජපා නො ච මුසා භණිංසු, සකෙන දාරෙන ච අහෙසුං තුට්ඨා.
පාණාතිපාතා විරතා අහෙසුං, ලොකෙ අදින්නං පරිවජ්ජයිංසු;
අමජ්ජපා නො ච මුසා භණිංසු, සකෙන දාරෙන ච අහෙසුං තුට්ඨා.
“තෙ තත්ථ සබ්බෙව අහං පුරෙති, උපාසකත්තං පටිවෙදයිත්වා;
පක්කාමි සත්ථො අනුමොදමානො, යක්ඛිද්ධියා අනුමතො පුනප්පුනං.
පක්කාමි සත්ථො අනුමොදමානො, යක්ඛිද්ධියා අනුමතො පුනප්පුනං.
“ගන්ත්වාන තෙ සින්ධුසොවීරභූමිං, ධනත්ථිකා උද්දයං පත්ථයානා;
යථාපයොගා පරිපුණ්ණලාභා, පච්චාගමුං පාටලිපුත්තමක්ඛතං.
යථාපයොගා පරිපුණ්ණලාභා, පච්චාගමුං පාටලිපුත්තමක්ඛතං.
“ගන්ත්වාන තෙ සඞ්ඝරං සොත්ථිවන්තො, පුත්තෙහි දාරෙහි සමඞ්ගිභූතා;
ආනන්දී විත්තා සුමනා පතීතා, අකංසු සෙරීසමහං උළාරං;
සෙරීසකං තෙ පරිවෙණං මාපයිංසු.
ආනන්දී විත්තා සුමනා පතීතා, අකංසු සෙරීසමහං උළාරං;
සෙරීසකං තෙ පරිවෙණං මාපයිංසු.
“එතාදිසා සප්පුරිසාන සෙවනා, මහත්ථිකා ධම්මගුණාන සෙවනා;
එකස්ස අත්ථාය උපාසකස්ස, සබ්බෙව සත්තා සුඛිතා අහෙසු”න්ති.
එකස්ස අත්ථාය උපාසකස්ස, සබ්බෙව සත්තා සුඛිතා අහෙසු”න්ති.
තත්ථ අහං පුරෙති අහං පුරිමං අහං පුරිමන්ති අහමහංකරාති අත්ථො. “තෙ තත්ථ සබ්බෙවා”ති වත්වා පුන “සබ්බෙව තෙ”ති වචනං “සබ්බෙව තෙ යථා විමානස්ස ආරුහනෙ උස්සුක්කජාතා අහෙසුං, තථා සබ්බෙව තං ආරුහිංසු, න කස්සචි ආරුහනෙ අන්තරායො අහොසී”ති දස්සනත්ථං වුත්තං. මසක්කසාරං විය වාසවස්සාති “මසක්කසාර”න්ති ච තාවතිංසභවනං වුච්චති, සබ්බං වා දෙවභවනං, ඉධ පන සක්කභවනං වෙදිතබ්බං. තෙනාහ “මසක්කසාරං විය වාසවස්සා”ති.