පඤ්චමසත්තකෙ අනිච්චසඤ්ඤාති අනිච්චානුපස්සනාය සද්ධිං උප්පන්නසඤ්ඤා. අනත්තසඤ්ඤාදීසුපි එසෙව නයො. ඉමා සත්ත ලොකියවිපස්සනාපි හොන්ති. “එතං සන්තං, එතං පණීතං, යදිදං සබ්බසඞ්ඛාරසමථො විරාගො නිරොධො”ති (අ· නි· 9.36) ආගතවසෙනෙත්ථ ද්වෙ ලොකුත්තරාපි හොන්තීති වෙදිතබ්බා.
ඡක්කෙ මෙත්තං කායකම්මන්ති මෙත්තචිත්තෙන කත්තබ්බං කායකම්මං. වචීකම්මමනොකම්මෙසුපි එසෙව නයො. ඉමානි පන භික්ඛූනං වසෙන ආගතානි ගිහීසුපි ලබ්භන්ති. භික්ඛූනඤ්හි මෙත්තචිත්තෙන ආභිසමාචාරිකධම්මපූරණං මෙත්තං කායකම්මං නාම. ගිහීනං චෙතියවන්දනත්ථාය බොධිවන්දනත්ථාය සඞ්ඝනිමන්තනත්ථාය ගමනං, ගාමං පිණ්ඩාය පවිට්ඨං භික්ඛුං දිස්වා පච්චුග්ගමනං, පත්තප්පටිග්ගහණං, ආසනපඤ්ඤාපනං, අනුගමනන්ති එවමාදිකං මෙත්තං කායකම්මං නාම.
භික්ඛූනං මෙත්තචිත්තෙන ආචාරපඤ්ඤත්තිසික්ඛාපදපඤ්ඤාපනං, කම්මට්ඨානකථනං, ධම්මදෙසනා, තෙපිටකම්පි බුද්ධවචනං මෙත්තං වචීකම්මං නාම. ගිහීනං චෙතියවන්දනත්ථාය ගච්ඡාම, බොධිවන්දනත්ථාය ගච්ඡාම, ධම්මස්සවනං කරිස්සාම, දීපමාලපුප්ඵපූජං කරිස්සාම, තීණි සුචරිතානි සමාදාය වත්තිස්සාම, සලාකභත්තාදීනි දස්සාම, වස්සවාසිකං දස්සාම, අජ්ජ සඞ්ඝස්ස චත්තාරො පච්චයෙ දස්සාම, සඞ්ඝං නිමන්තෙත්වා ඛාදනීයාදීනි සංවිදහථ, ආසනානි පඤ්ඤාපෙථ, පානීයං උපට්ඨපෙථ, සඞ්ඝං පච්චුග්ගන්ත්වා ආනෙථ, පඤ්ඤත්තාසනෙ නිසීදාපෙථ, ඡන්දජාතා උස්සාහජාතා වෙය්යාවච්චං කරොථාතිආදිකථනකාලෙ මෙත්තං වචීකම්මං නාම.
භික්ඛූනං පාතොව උට්ඨාය සරීරප්පටිජග්ගනං, චෙතියඞ්ගණවත්තාදීනි ච කත්වා විවිත්තාසනෙ නිසීදිත්වා ඉමස්මිං විහාරෙ භික්ඛූ සුඛී හොන්තු අවෙරා අබ්යාපජ්ජාති චින්තනං මෙත්තං මනොකම්මං නාම. ගිහීනං ‘අය්යා සුඛී හොන්තු, අවෙරා අබ්යාපජ්ජා’ති චින්තනං මෙත්තං මනොකම්මං නාම.
ආවි චෙව රහො චාති සම්මුඛා ච පරම්මුඛා ච. තත්ථ නවකානං චීවරකම්මාදීසු සහායභාවගමනං සම්මුඛා මෙත්තං කායකම්මං නාම. ථෙරානං පන පාදධොවනවන්දනබීජනදානාදිභෙදං සබ්බං සාමීචිකම්මං සම්මුඛා මෙත්තං කායකම්මං නාම. උභයෙහිපි දුන්නික්ඛිත්තානං දාරුභණ්ඩාදීනං තෙසු අවමඤ්ඤං අකත්වා අත්තනා දුන්නික්ඛිත්තානං විය පටිසාමනං පරම්මුඛා මෙත්තං කායකම්මං නාම.
දෙවත්ථෙරො තිස්සත්ථෙරොති එවං පග්ගය්හ වචනං සම්මුඛා මෙත්තං වචීකම්මං නාම. විහාරෙ අසන්තං පන පටිපුච්ඡන්තස්ස කුහිං අම්හාකං දෙවත්ථෙරො, කුහිං අම්හාකං තිස්සත්ථෙරො, කදා නු ඛො ආගමිස්සතීති එවං මමායනවචනං පරම්මුඛා මෙත්තං වචීකම්මං නාම.
මෙත්තාසිනෙහසිනිද්ධානි පන නයනානි උම්මීලෙත්වා පසන්නෙන මුඛෙන ඔලොකනං සම්මුඛා මෙත්තං මනොකම්මං නාම. දෙවත්ථෙරො තිස්සත්ථෙරො අරොගො හොතු, අප්පාබාධොති සමන්නාහරණං පරම්මුඛා මෙත්තං මනොකම්මං නාම.
ලාභාති චීවරාදයො ලද්ධපච්චයා. ධම්මිකාති කුහනාදිභෙදං මිච්ඡාජීවං වජ්ජෙත්වා ධම්මෙන සමෙන භික්ඛාචාරවත්තෙන උප්පන්නා. අන්තමසො පත්තපරියාපන්නමත්තම්පීති පච්ඡිමකොටියා පත්තෙ පරියාපන්නං පත්තස්ස අන්තොගතං ද්විතිකටච්ඡුභික්ඛාමත්තම්පි. අප්පටිවිභත්තභොගීති එත්ථ ද්වෙ පටිවිභත්තා නාම – ආමිසප්පටිවිභත්තඤ්ච, පුග්ගලප්පටිවිභත්තඤ්ච. තත්ථ – “එත්තකං දස්සාමි, එත්තකං න දස්සාමී”ති එවං චිත්තෙන විභජනං ආමිසප්පටිවිභත්තං නාම. “අසුකස්ස දස්සාමි, අසුකස්ස න දස්සාමී”ති එවං චිත්තෙන විභජනං පන පුග්ගලප්පටිවිභත්තං නාම. තදුභයම්පි අකත්වා යො අප්පටිවිභත්තං භුඤ්ජති, අයං අප්පටිවිභත්තභොගී නාම.
සීලවන්තෙහි සබ්රහ්මචාරීහි සාධාරණභොගීති එත්ථ සාධාරණභොගිනො ඉදං ලක්ඛණං, යං යං පණීතං ලබ්භති, තං තං නෙව ලාභෙන ලාභං නිජිගීසනතාමුඛෙන ගිහීනං දෙති, න අත්තනා භුඤ්ජති, පටිග්ගණ්හන්තො ච – “සඞ්ඝෙන සාධාරණං හොතූ”ති ගහෙත්වා ඝණ්ටිං පහරිත්වා පරිභුඤ්ජිතබ්බං සඞ්ඝසන්තකං විය පස්සති.